- චානුක වත්තේගම -
තව මාස කිහිපයකින් පවත්වන්ට නියමිතය කියන ජනාධිපතිවරණයේදී නායකත්වයේ වෙනසක් සිදු වනු ඇතැයි නොසිතමි. වැඩි සම්භාවිතාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාම පට්ට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගැන්මෙහිය. ඒ මේ ලියන මොහොතහි (ඔක්තෝබර් මුල) පවත්නා සමාජ-ආර්ථික-දේශපාලන වාතාවරණයට අනුව මගේ කියැවීමයි. තදහර එක්සත් ජාතික පාක්ෂිකයින්ට මීට වඩා වෙනස් කියැවීම් තියෙන්ට පිළිවන. මම ඔවුන් හා වාදයට නොයමි. දේශපාලන පොර බිමෙහි ඉන්නා තෙසක්-රිය පක්ෂ නායකයින්ගෙන් ප්‍රශ්න කළද තමන් කවදා හෝ රටේ නායකත්වයට පත්වනු නිසැකය කියනු ඇත්තේය. මහගමසේකරගේ 'නොමියෙමි' කාව්‍ය සංග්‍රහයේ එන චරිතයක් වන අළුත උපන් චන්දන පස්ගම්මන ළදරුවාගේ දෙමාපියන්ද සිතන්නේ ඔහු කවදා හෝ ලංකාවේ අගැමැති වන බවය. (අගැමැති වන්ට සිටි චන්දන පස්ගම්මන දින කිහිපයකින් මියයයි.) මේ සිහිනයන්හි ස්වභාවයයි. ඒ සිහින වලට සාපේක්ෂව, ලංකාවේ දෙවන විශාලතම මොනොලිතික පක්ෂයේ නායකයා වූද, අගැමැතිකම දෙවරක් දරා ඇත්තා වූද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති සිහිනය අනිවා-ඩෙෆා වඩා අර්ථාන්විතය. මගේ පෞද්ගලික කියැවීම් ඒ සිහිනයට බාධාවක් කර ගත යුතු නැතැයි හඟිමි. මට වැරදිය හැකිය. කාලානුරූපව සමහර දේ වෙනස් විය හැකිය.