- චානුක වත්තේගම
මේ
සටහන උපුල් ශාන්ත සන්නස්ගල ගේ කතුවරයා විසින්ම "ප්‍රබන්ධයකැයි සිතාගෙන
කියවන්න" කියන 'අම්මා' නම් කෘතිය ගැන විචාරයකැයි ඔබ සිතන්නේ නම් ඔබ වැරදිය.
ඒ විචාරය කිරීම වත්පොත (ෆේස්බුක්) පිරෙන තරමට ඉන්නා සන්නස්ගලගේ ගෝලයින්ට,
මිතුරන්ට හා පසමිතුරන්ට පවරමි. මම ඔහුගේ ගෝලයෙක්, මිතුරෙක් හෝ පසමිතුරෙක්
නොවෙමි.
හැබැයි
සන්නස්ගල ගේ 'අම්මා' මටද වැදගත්ය. ඒ ඉඳුරා වෙනස් ආකාරයකටය. 'අම්මා' තරම්
නිදහසින් පසු ඉතිහාසයේ ලංකාවේ දුප්පත්කම "මේං බලාපල්ලා" ය සනිදර්ශනය කරන
වෙනත් කෘතියක් නොමැත්තේය. මම එය මගේ සිසුන්ද ඇතුළුව, දකුණු ආසියාවේ
සංවර්ධනය හා දිළිඳුකම පිළිබඳව ගැඹුරින් හදාරණ සියළු අර්ථ ශාස්ත්‍ර
විද්‍යාර්ථින්ට අනිවාර්යයෙන්ම කියැවිය යුතු ආශ්‍රිත ග්‍රන්ථයක් සේ නිර්දේශ
කරමි.
මන්ද
පෝෂණය, ප්‍රජා සෞඛ්‍යය, ළමා ශ්‍රමිකත්වය, ලිංගික අපයෝජනය හා උපයෝජනය,
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නූගත්කම යන සය වැදෑරුම් අංග ඔස්සේ මේ පොත තුළින්
මතුවන දුප්පත්කමේ බහුමාණික වෙස (මල්ටිඩයිමෙන්ෂනල් ඇස්පෙක්ස්ට් ඔෆ් පවර්ටි)
ගැන කතා කිරීම අද මගේ අරමුණයි.
- මන්දපෝෂණය
ගම්බද
දිළිඳු පවුලක, හතළිස් හැවිරිදි කාන්තාවකට දාව, පවුලේ දස වැන්නා සේ මෙලොව
එළිය දකින සන්නස්ගල මන්දපෝෂණයෙන් නොපෙළුනේ නම් එයයි පුදුමය! කුඩා කල ගමේ
වැඩිහිටියන් ඔහු අඳුන්වන්නේ 'ඔළුව ලොකු කොල්ලා' හැටියටයි. ("මුදියන්සෙගෙ
ඔළුව ලොකු එකා නෙස්ටමෝල්ට් එක හොරෙන් අරං ගියා") ඔහුගේ දෙපා කෘශය. ඉණෙන්
පහළ පණ නැති නිසා ඇවිදින්නේ දෙපා අද්දවමිනි. 70-77 අහේනි සමයේදී ඔහු
සොහොයුරු සොහොයුරියන් සමඟ චච් වැල් ලුණු දා ආහරයට ගනියි. බුත්සරණ අල කයි.
රබර් මයියොක්කා කයි. මයියොක්කා කොළ ලුණු හා පොල් දමා කයි. මේ කිසිවක්
කාබොහයිඩ්‍රේට් බහුල ආහාර නොවේ. ප්‍රෝටීන් ගෑවිලා වත් ඇති ආහාර නොවේ. පාසලට
ඇතුළු වූ මුල් දවසේම ඔහු ක්ලාන්ත වෙයි. පාසල් යන්නේ වැඩිපුරම ලැබෙන ඇදිහැස
බිස්කට් තුන නිසාය.
මේ
දශක හතරකට ඉහත අතීතය පමණක්ම නොව එක්තරා දුරකට වර්තමානයද වන්නේය. වියළි
කලාපයේ අහඹු ගමකට ගොස් බලන්න. එහිදී ඔබට හමුවන හමුවන දරුවන් කොළඹදී ඔබ දකින
දරුවන්ට වඩා බෙහෙවින් කෘශය; ශරීර ප්‍රමාණයෙන් කුඩාය; 'බටු ඇට' වැන්න.
යුනිසෙෆ් ආයතනයේ දත්ත වලට අනුව ලංකාවේ අදත් උපදින දරුවන්ගෙන් පහෙන් එකක් අව
බරය. ලංකාවේ දරුවන් සියයට තිහකට කිට්ටු ප්‍රමාණයක් අවශ්‍ය තරමට බර නැත.
සමහර දිස්ත්‍රික්ක වල මෙය 37% පමණ වේ. ලාංකීය දරුවන් 14% ක් දැඩි ලෙස මන්ද
පෝෂණයෙන් පෙළෙති. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ලාංකීය
කාන්තාවන්ගෙන් 22%කට අවශ්‍ය පෝෂණය නොලැබේ. ඔවුන්ගේ දරුවන්ට උපදින්ට වන්නේද
මන්දපෝෂිතවය.
ළමා
මන්දපෝෂණය පෝෂණ හෝ සෞඛ්‍ය ගැටළුවකට එපිට යන්නේ එවන් මන්දපෝෂිත දරුවන්
අධ්‍යාපනය ලැබීමේදී මුහුණ දෙන අනිවාර්ය දුෂ්කරතාවයන් නිසාය. බොහෝ විට
ඔවුන්ගේ ශරීරය සේම මොළයද අවපෝෂිතය. ඔව්හු හැම දෙනාම දුක දිනා ජයගත්
සන්නස්ගලලා නොවෙති. එය ඔවුන්ගේ අනාගත රැකියා අවස්ථා දරුණු ලෙස සීමා කරයි.
ඉන්පසු ඔවුහු ඔවුන්ට පමණක් නොව රටටද බරක් වූ පිරිසක් බවට පත්වෙති. අඩු
අධ්‍යාපනයකින් හා අඩු හැකියාවෙන් යුතු ශ්‍රම බලකායක් ලංකාව වැනි මැදි
ආදායම් කැටගරියේ දියුණු වෙමින් පවතින රටකට අප හිතනවාට වඩා සීරියස් නෙගටිව්
පොයින්ට් එකකි.
මේ
ගැටළුවට මුහුණ දිය හැකි ආකාර තුනකි. රජයේ මැදිහත්වීමෙන් ගැබිණි කාන්තාවන්ට
පෝෂ්‍යදායී ආහාර ලබා දීම, පවුල් සෞඛ්‍ය සේවිකාවන් මඟින් ළදරුවන්ට
පෝෂ්‍යදායී ආහාර සැපැයීම හා පාසල් සිසුන්ට පෝෂ්‍යදායී දිවා ආහාරයක්
සැපැයීමය. එය ප්‍රේමදාස යුගයේ මෙන් එක් දරුවකුට දිනකට රුපියල් තුනක
සොච්චමක් වෙන් කිරීමෙන් බොහෝ ඈතට යායුතුය.
මෙය
නොකළ නොහැක්කක් සේම බොහෝ දෙනා සිතන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක
බැංකුව අනුදත් නවලිබරල්වාදී ප්‍රවේශයට විරුද්ධ වූවක් නොවේ. වොෂින්ටන්
ප්‍රඥප්තියේ දෙවන අංකය පැහැදිළිවම අධ්‍යාපනය හා ප්‍රාථමික සෞඛ්‍ය සඳහා
මුදල් වියදම් කිරීම දිරිමත් කරයි. වියදම් කපන්ට අවශ්‍ය වූ විට පැත්තක ඇති
නවලිබරල්වාදය කඩේ යවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ලෝක බැංකුවටත් වඩා
නවලිබරල්වාදී වන්ට කැමැති දේශීය ප්‍රතිපත්ති සම්පාදකයින්ය. කිසිම
ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් මන්දපෝෂණය නැති කරන්ට එදිරි නොවේ. මන්දපෝෂණය
නැති කිරීම යනු රටක් සංවර්ධනයේදී අනිවාර්යය අංගයකි.
- ප්‍රජා සෞඛ්‍යය
මෙය
මන්දපෝෂණයට සමාන්තර ප්‍රශ්නයකි. අප මේ තරමටවත් අල්ලාගෙන යන්නේ නම් ඒ අපේ
වෛද්‍යවරුන්ගේ සිට හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළුව පහළම මට්ටමේ
සත්කාරකයින් දක්වා සාපේක්ෂව හැකියාවැති හා කැපැවීමකින් යුතු සෞඛ්‍ය ශ්‍රම
බලකායක් නිසා මිස එතැනින් එපිට ගිය දැවැන්ත රාජ්‍ය මැදිහත්වීමක් නිසා නම්
නොවේ. මහ බැංකු වාර්තා දත්ත අනුව 2013 දී සෞඛ්‍යය වෙනුවෙන් රජයේ ආයෝජනය
රුපියල් බිලියන 120 කි. (තමන්ගේ අඩිය ගැළවුණු සපත්තු කුට්ටම වෙනුවෙන්, සති
කිහිපයකට ඉහත, බ්‍රිතාන්‍ය සමාගමක් ඉදිරිපත් කළේය සංස්කෘතික ඇමැතිතුමා කියන
ලංසුව මීට වැඩි මුදලකි.) බිලියන එකසිය විස්ස මිලියන විස්සෙන් බෙදූ විට එක්
පුද්ගලයකුට රුපියල් 6,000 කි. දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් සේ සමස්ත
සෞඛ්‍ය වියදම 1.4 % කි.
නිකමට
මෙන් මේ දත්ත ලංකාවේ සේම සාර්වත්‍ර සෞඛ්‍ය සේවාවක් සැපයෙන කැනඩාවේ එම දත්ත
හා සන්සන්දනය කරමු. 2012 දී සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් කැනඩා රජය වැය කරන්ට
නියමිතව තිබුණු මුදල කැනේඩියානු ඩොලර් බිලියන දෙසියයකි. එක් පුද්ගලයකුට
ඩොලර් 6,000 කට කිට්ටු ප්‍රමාණයකිනි. ලංකාවේ මෙන් සිය ගුණයකිනි. ලංකාවේ ඒක
පුද්ගල දළ ජාතික ආදායමටද වඩා වැඩියෙනි. වැදගත් වන්නේ එය නොවේ. සමස්ත සෞඛ්‍ය
සේවා වියදම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් සේ 12% කි.
ලංකාවට
ඒක පුද්ගල දළ ජාතික ආදායමින් කිට්ටු රටක් වන ඉන්දුනීසියාව සෞඛ්‍ය සේවාවන්
පිණිස දළ ජාතික ආදායමින් 3.7 % ක් වැය කරයි. 'මේ රටේ ජනහගණයෙන් අඩක් පමණ
සෞඛ්‍ය රක්ෂණයන් ඇතිව සිටියදීය. ‘ධනවාදී' ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවාවන් පිණිස
රාජ්‍ය වියදම පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර් 8,000 කි. එය දළ ජාතික
නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් සේ 17 % කි.
ලංකාවේ
සෞඛ්‍ය සේවාවන් පිණිස වෙන් කෙරන සොච්චම පවා ලබා ගන්ට සිදුව ඇත්තේ කඩින් කඩ
හා මහා භාණ්ඩාගාරයට සල්ලි ලැබෙන විදිහටය. මගේ වත්පොත් මිතුරන් පිරිසක් මේ
දවස් වල චැලේන්ජ් එකට අමු මිරිස් කන්නේ පොළොන්නරුව මහ රෝහලට රජරට වකගඩු
රෝගීන්ගේ රුධිරය ඩයලිසිස් කරනු පිණිස අවශ්‍ය යන්ත්‍රයක් පිණිස රුපියල්
ලක්ෂ තිහක් සොයා ගන්ටය. මේ රජය විසින් සැපැයිය යුතු යන්ත්‍රයකි. ඒ වෙනුවෙන්
මුදල් පවා වෙන් කොට ඇතැයි කියැවේ. හැබැයි ඇත්තටම යන්ත්‍රය මිළට ගන්ට සිදුව
ඇත්තේ අමු මිරිස් චැලෙන්ජ් එකෙන් එකතු කරන මුදලිනි. රටක ප්‍රජා සෞඛ්‍යය
යනු මෙසේ චැරිටි මත ගෙන ගිය හැකි එකක් නොවේ. දේශපාලන අරමුණු වලින් කෙරෙන
දැවැන්ත වියදමින් යම් කොටසක් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවාවන් ඉහළ නංවන්ට යොමු
විය යුතුයි. එයද නවලිබරල්වාදී ප්‍රවේශයන්ට එරෙහි නොවේ.
- ළමා ශ්‍රමිකත්වය
කුඩා
සන්නස්ගල සිය සොහොයුරා හා මිතුරන් කැටුව වරකට සත පනහක වැටුපකට තේ දළු කූඩ
කර ගසා ගෙන යයි. මේ දුබලයකු වූ ඔහුට පමණක් නොව කොලු නඩයේ කිසිවකුට දරන්ට
බැරි බරකි. වයස අවුරුදු දහ හතරට අඩු දරුවකු ගෙන් බර වැඩ ගැනීම නීතියට
පටහැනිය. මේ නීති ආවේ හැත්තෑව දශකයට පසුය සිතමි. ලංකාවේ ළමා ශ්‍රමිකයින්
දකුණු ආසියාවේ වෙනත් රටවලට (මාල දිවයිනට පවා) සාපේක්ෂව බෙහෙවින් අඩුය.
නමුත් අප හැම දෙනාම දන්නා පරිදි එය යම් පමණෙකින් හෝ සිදුවේ. පාසලේ
අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ළමයි පවුලේ බර අදිති. බොහෝ කෘෂිකාර්මික
ප්‍රදේශයන්හි දරුවෝ ගොයම් කපන කාලයට පාසල් නො එති. ඔවුන් තම දෙමව්පියන්ට
උදව් දීමේ ලොකු වරදක් දැකිය නොහැකිය. සමහරවිට එය හොඳ දෙයකි. නමුත් එනිසාම
ඔවුන්ගේ ඉගෙනුම කඩා කප්පල් වේ නම්, එනිසාම ඔවුන්ගේ අනාගත රැකියා අවස්ථා
සීමා වන්නේ නම් ඒ අප විසින් අවධානයට බඳුන් කළ යුතු ගැටළුවක් වේ.
- ලිංගික අපයෝජනය හා උපයෝජනය
මේ
පරිපූර්ණ දත්ත නැති, එහෙත් සිදුවෙමින් පවතින බැව් අප දන්නා ගැටළුවකි. අපි
එය පිළි ගන්ට අකැමැත්තෙමු. අපි එය සඟවන්ට උත්සුක වෙමු. සත්‍යය අවශෝක්තියට
නඟන්ට අපි උත්සාහ දරමු. එහෙත් එය සිදුවේ. පොතේ කථකයා ගේ සොහොයුරෙක් තම එක
කුස ඔත් සොහොයුරිය ලිංගික උපයෝජනයට ලක් කරන්ට ගොස් ස්වකීය වැඩිමහළු
සහෝදරයාගෙන් රෝහල් ගත වන තෙක් පහර කයි. ලංකාවේ පියවරු තම බිරින්දන් රැකියාව
පිණිස විදෙස් ගත වූ කල්හි දියණියෝ ගොදුරු කොට ගනිති. ලිංගික අපයෝජනය ආගමික
ආයතනයන්හි සුලබ සංසිද්ධියක්ව ඇත්තේය. දෙමාපියෝ මේ බව දැන දැනම ස්වකීය
දරුවන් එකී ආගමික සංස්ථාවන්ට කුඩා වියේදීම ඇතුළු කරන්ට උත්සාහ ගනිති. මේ
ලංකාවේ දුප්පත්කමේ තවත් පැති කඩෙකි.
මෙය
ආර්ථික මූලයකටත් වඩා සංස්කෘතික මූලයකින් ඇති වන ගැටළුවකි. ලිංගික සුවය යනු
ආහාර හෝ ජලය සේ ශාරීරික අවශ්‍යතාවයකි. හැම මිනිස් සිරුරකම හෝමෝන නිෂ්පාදනය
වන්නේය. මිනිස්සු මේ හෝමෝන වල ක්‍රියාකාරිත්වයට අනුව හැසිරෙති. හැබැයි,
විඩාපත් ආගන්තුකයකුට තැඹිලි ගෙඩියකින් පවස නිවා ගන්ට ඇරැයුම් කරන ලාංකීය
සමාජයම, බඩ සයින් පෙළෙන්නකුට "සබ්බේ සත්ථා ආහාරතිට්ඨිකා" කියා අනුකම්පා කරන
ලාංකීය සමාජයම මානව ලිංගික අවශ්‍යතා ගැන සානුකම්පිත නොවෙයි. වඩා යහපත්
සමාජයක් පිණිස සමාජයේ දළදඬු රීතින් ලිහිල් විය යුතුය නොසිතයි. සම්මත
ආකාරයන්ගෙන් තම ලිංගික අවශ්‍යතා සපුරා ගත නොහැකි වූ මිනිස්සු එක්කෝ
කුටුම්භය තුළ නැතිනම් තම පරිසරය තුළ ලෙහෙසියෙන් එළා ගත හැකි ගොදුරු හඹා
යති. අහිංසකයෝ ඊට බිළිවෙති.
2013
දී 'දි ඉකොනොමිස්ට්' සඟරාව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් හයක
(බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, පැපුවා නිව් ගිනියාව හා ශ්‍රී
ලංකාව) කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ලාංකීය සමාජයේ ස්ත්‍රී දූෂණ අති
බහුතරයක් (80% කට වඩා වැඩි ප්‍රමාණයක්) සිදුව ඇත්තේ තනිකරම ලිංගික අසහනය
නිසා බවයි. හැම තැනම එසේ නොවේ. පළි ගැනීම වැනි වෙනත් හේතූන් නිසා සිදුවන
දූෂණ ප්‍රතිශතයක් සේ වෙනත් සමාජයන්හි බහුලය.එහෙත් ලංකාවෙ එය ලිංගික
දුප්පත්කමේ ප්‍රකාශනයක් වේ.
- ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
මෙය
එක් අතකින් ලිංගික අපයෝජනයේම දිගුවකි. අනෙක් අතින් අනන්‍ය ගැටළුවකි.
සන්නස්ගලගේ 'අම්මා' මුලින් බීමත්ව පැමිණෙන ස්වකීය සැමියාගෙන් පහර කයි.
දරුවන් වැඩුණු පසුව ඇය සමහර දරුවන්ගේ පහර කෑමට ලක් වේ. පවුලේ බාලයා වන
කථකයා එය වළකා ගන්නේ බැහැරක වෙසෙන, යම් වගකීමක් ගන්නා සේ පෙනන ලොකු අයියාට
මෙය ලියා යැවීමෙනි. කථකයා ගමෙන් පිට වන්නේ තවත් අම්මාට පහර දුන්නොත් හතර
හන්දි කඩන බවට සිය පියාට තර්ජනය කොට ඒත් මදිව උණු වතුර කේතලයක් හිසේ වත්
කිරීමෙන් පසුවය.
එක්
අවස්ථාවක කථකයාගේ පියා ඔහුගේ මව මරා වළ දැමීම පිණිස නිවසෙහි වළක් කපයි.
මරණයෙන් ගැළවෙනු පිණිස මව දරුවන් සමඟ වෙනත් නිවෙස් හි සැඟවෙන්නීය. මේ
සිද්ධිය අතිශයෝක්තියක් විය හැකියි. එසේම පියා වළ කපන්නේ අනිවාර්යයෙන්ම මව
මරණ චේතනාවෙන්මය කිව නොහැකිය. ඔහු මධුලෝලියකු වන අතර සමාජය මධුලෝලීන්ගේ
ක්‍රියා කලාපය සීරියස් නොගනියි. එහෙත් සමාජය මේ සිද්ධිය භාර ගන්නා සාමාන්‍ය
ආකාරයෙන්ම කොතැනක හෝ ලොකු ගැටළුවක් ඇතැයි අපට සිතෙයි.මේ වර්තමාන ශ්‍රී
ලාංකීය කාන්තාව ගේ ඛේදවාචකයද? පිරිමි දරුවන්ට පස් දෙනකු බිහිකළ මාතාවක් වුව
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය යුතුද?
ගෘහස්ථ
ප්‍රචණ්ඩත්වයද ලිංගික අපයෝජනය සේම දුප්පත්කමේ සංස්කෘතික ප්‍රකාශනයකි.
මෑතදී වත්පොතේ වෛරල් වූ වාරියපොළ සිද්ධිය සම්බන්ධ වීඩියෝ ක්ලිප් එක ගැන
එක්තරා බෞද්ධ ප්‍රකාශනයක වූ කතුවැකියක් මම කියැවීමි. මේ කතු වැකිය ලියන
යහපත් බෞද්ධයා අදාළ තරුණියගේ හැසිරීම බෞද්ධානුකූලව යහපත් කාන්තාව නියෝජනය
නොකරන බව කියයි. අනෙක් අතට කාන්තාවකට ලිංගික විහිළු කිරීම බෞද්ධ පුරුෂාර්ථ
වලට ගැළපේද? ඔහු ඒ ගැන කිසිවක් නොකියයි. මේ අපේ සංස්කෘතිය විසින් කාන්තාවට
උරුම කරන ඉරණමයි. ඇතුළත ගිනි පිටතට නොදීපන්. හැම දෙයක්ම දරා ගනින්. ගම්බද
දුගී කාන්තාවට මේ සන්දර්භය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉවසා සිටින්ට සිදුව
ඇත්තේය. පොලිසිය කරා එන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා අදාළ සිද්ධීන්ගෙන් ඉතා
සුළු ප්‍රමාණයක්ය මම උපකල්පනය කරමි. අදාළ දත්ත අපට ලැබෙන්නේ ප්‍රමාණාත්මක
සමීක්ෂණයක දත්ත සේ නොව ගුණානාත්මකවය. එසේ වුව එය නොසලකා හැරිය හැකි
ගැටළුවක් නොවේ.
- නූගත්කම
ඉහත
බොහෝ තත්ත්වයන්ට හේතු කාරකයක්ය සිතිය හැකි නූගත්කම ඕනෑ කමින්ම අවසානයට
ගනිමි. මෙහි දර්ශීය උදාහරණය කථකයා ගේ අප්පච්චිය. 'ඌවේ මහා ප්‍රාඥයා' ය
විරුදු ලද කථකයාගේ ලොකු අප්පච්චි ආචාර්ය උපාධි දෙකක් ලද, ලොව වටා රවුම්
ගැසූ, උගතෙකි. එතුමන්ගේ නැඟණිය ඉංගිලිසි ගුරුවරියකි. තවත් ලොකු අප්පච්චි
කෙනෙක් බෞද්ධ භික්ෂුවකව සිට පසුව සිවුරු හැරියෙකි. ඔහුද යමක් කමක් ඇත්තෙකි.
කථකයා ගේ මුත්තාද පොහොසතෙකි. එහෙත් ඔහුගේ පියා නූගතෙක්ද, මධු ලෝලියෙක්ද,
සුළු සොරකම් කරන්නෙක්ද වේ. මේ සියල්ලට හේතුව ඔහුර ස්ථිර රැකියාවක් කරන්ට
ඇති නොහැකියාව හා මුදල් පාලනයේ දක්වන දුබලතාය. එසේම (පොතේ මේ ගැන නිශ්චිතව
කියා නැතද) දුප්පත් පවුලක කාන්තාවක් විවාහ කොට ගැන්ම නිසා දෙමාපියන් ඔහු
නොසළකා හැරියා විය හැකිය. මේ සියල්ල අවසානයේ තනි වචනයකට ගොනු කළ හැකිය.
නූගත්කම. මේ කියන්නේ පත පොතේ දැනුම නැති වීමක් නොවේ. සමාජයේ තමන්ටද අනුන්ටද
බරක් නොවන සේ ජීවත් වන්නේ කෙසේද යන්න ගැන වූ අනවබෝධයයි. කථකයාගේ අප්පච්චි
මේ දැනුම ඇත්තකු වී නම් ඒ කාලයේ වුවද එතරම් දැවැන්ත පවුලක් තනනු ඇතැයි
සිතිය නොහේ. මේ යුගයේ විශාල පවුලක් බිහි කළ පසු ඉතිරි හැම ප්‍රශ්නයක්ම එකක්
පසු පස එකක් එන්නේ ඉබේය.
මේ
නූගත්කම පාසල් අධ්‍යාපනය නොලැබීම නිසාම ඇති වන්නක් නොවන්නාක් සේම හුදෙක්
අධ්‍යාපනයට වැය කරන 2% සොච්චම ඉහළ නැංවීම තුළින්ම විසඳා ගන්ට තරම් සරල
ගැටළුවක්ද නොවේ. එසේම රාජ්‍ය අධිකාරිය මඟින් බලයෙන් මෙන් පුරවැසියන්ට පොවන
යහපත් හැසිරීම පිළිබඳව උපදේශ වලින්, දැනුම්වත් කිරීම් මඟින් සම්පූර්ණයෙන්
විසඳා ගත හැක්කක්ද නොවේ. දිළිඳු සමාජයක් මැදි ආදායම් සමාජයක් බවට පත්
වීමේදී එකී සමාජයේ මිනිස්සු අනිවාර්යයෙන්ම යම් වෙනසකට භාජනය විය යුත්තාහුය.
එය බාහිරව නොව ඔවුන් තුළම සිදුවිය යුතු පරිවර්තනයකි. මේ පරිවර්තනය නිසා
මිනිස්සු දැනුමින් පොහොසත් වෙති. මුදලින් පොහොසත් වෙති. එසේම තමන් පිළිබඳව
තීරණ තමන්ම ගන්ට තරම් දැනුමැත්තෝ වෙති. අපේ සමාජයේ නොවෙමින් හෝ ඉතා සෙමින්
පවතින්නේ මෙයයි.
අපේ
සමාජය කොයි තරම් නූගත්ද කියතොත් වසර කිහිපයකට ඉහත, සිහින රාජ්‍යයක්
වෙනුවෙන් බඩේ බෝම්බ බැඳගෙන මැරෙන්ට සූදානම් තරුණ තරුණියෝ වූහ. අදත්
රැකියාවක් නොකොට ජීවිතය දේශපාලනයට කැප කරන මිනිස්සු වෙති. සුළු ගංවතුරකදී
වුව ආරක්ෂක ස්ථාන කරා යෑම හැර වෙන දෙයක් නොකරන ගැමියෝ ඉන්පසු සියල්ල රජයෙන්
වේය අපේක්ෂා කරති. ස්වාභාවික ව්‍යසන යනු නිතර වන දේ බවද තමුන් ඊට
සූදානමින් සිටිය යුතු බවද ඔවුහු එක්කෝ නොදනිති. නැතිනම් නොසලකා හරිති.
අනිටු විපාක ගැන දැන දැනම ගොවියෝ අවශ්‍ය තරමත් වඩා කෘමි නාශක, වල් නාශක,
පොහොර භාවිතා කරති. මේ මැදි ආදායම් රටක මිනිසුන් හැසිරිය යුතු ආකාරය නොවේ.
සමාප්තිය
තමන්ගේ
දුප්පත්කමේ කථාන්තරය කීමෙන් සන්නස්ගල තමන්ට හා කිට්ටු ඥාතීන්ට කෙසේ වෙතත්
සමාජයට කරන්නේ යහපතකි. එය දානපතියකු වෛද්‍ය විද්‍යාලයකට සිය මෘත ශරීරය
පරිත්‍යාග කිරීමක් බඳුය. වෙද සිසුහු ඒ සිරුර කපා කොටා විශ්ලේෂණයෙන් බොහෝ දේ
උගනිති. අපි සන්නස්ගල ගේ බාලවියේ දුප්පත්කම විශ්ලේෂණයෙන් බොහෝ දේ උගනිමු.
ලංකාවේ
දුප්පත්කමේ ප්‍රශ්නය අය දිළිඳුකම (ඉන්කම් පවර්ටි) පිළිබඳ වූ ප්‍රශ්නයක්ම
නම් ඉතාම ලෙහෙසියෙන් ජනසවිය, සමෘද්ධි වැනි ක්‍රමවේද හෝ මයික්‍රො ෆිනෑන්ස්
ණය මාර්ගයෙන් එය විසඳිය හැකිව තිබුණේය. එසේ නොවීමෙන් පෙනෙන්නේ එය ආදායම අඩු
වීමටම ඌණනය කළ නොහැකි බවයි. අඩු ආදායම එහි කොටසක් පමණය. වෙළඳපළ ගොඩ නැඟීම
මඟින් තරමකට හෝ විසඳෙන්නේ ඒ කොටසයි. ලාංකීය දිළිඳුකමේ අනිවාර්ය මුහුණුවර වන
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික උපයෝජනය වැනි කාරණා දිළින්දන්ගේ ආදායම වැඩි
කිරීමෙන්ම පමණක් විසඳිය නොහැකිය. අනෙක් අතට ආදායම වැඩි වුවද මූල්‍ය පාලනයක්
කර ගැනීමේ ශක්‍යතාවය නැතිනම් දිළින්දෝ මේ සංසාරයේදී පොහොසත් නොවෙති.
යුරෝපයේ කෙසේ වෙතත් ආසියාවේ දුප්පත්කම හැමවිටම මැඬ පවත්වන ලද්දේ ඍජු රාජ්‍ය මැදිහත්වීම් තුළිනි. මඟතොටේ කෙළ ගැසීමේ, මළපහ කොට ෆ්ලෂ් නොකිරීමේ චීන හා ඉන්දියානු කැත සිරිත් ලී ක්වාන් යූ සිංගප්පූරුවේ සිදුවීම වළකා ගන්නේ ඒවා තහනම් කොට නීතිය බිඳින්නන්ට දැඩි දඩ පැණවීමෙනි. නිවාස නැත්තන්ට අවශ්‍ය නම් වෙහෙස වී ඒ වෙනුවන් වැඩ කරන්ට බල කිරීමෙනි. අපේ රටේද සිදුවිය යුත්තේ මෙයයි. එසේ නොවන්නේ නම් රටේ ආර්ථිකය දියුණු වූ පමණින් දිළිඳුකම නැති නොවේ. සන්නස්ගලගේ 'අම්මා' මේ පියවර තබන්ට අපට බල කරන උත්ප්‍රේරකැයකැයි මම දකිමි.
අම්බෝ...දිග......
ReplyDeleteඔව් බන් අපේ වගෙ පුන්චි මොළවලට බරසාර වැඩියි නේද.
Deleteමචං කෙන්ජියො, අන්න පැරාගෙ බොගේ ඇනෝලා සේරම එක්සේසත් වෙලා එකම කමෙන්ටුව 19 පාරක් දාලා. මොකක්ද දන්වද කමෙන්ට් එක?
Delete//This comment has been removed by a blog administrator.//
පෝලිං දාන්න ගිහිං පැරා ඔක්කොගේම මෙව්වාඑක කපලා...!
@ V ....හෙහ්........හෙහ්....... එහෙමද මචෝ..... :)
Delete@ Anonymous ....නැහැ බං ...එල විස්තර කිරීම......
Deleteමගෙ නම් අරූ ගෙ සීයගේ ...ලොකු දෙක .....ඇරෙන්න සියල්ල ලොකුයි....
බොග දාන ....පොඩි තැනත් හැර මච්චෝ......
සන්නස්ගලට අම්මලා දෙන්නෙක් හිටියා වගෙයි!
ReplyDeleteටැපලුනි, වැරදුනෙමි!
Deleteමං හිතුවේ මේ ලිපිය මං ගිය මාසේ විතර කියෙව්වේ මාතලන් ගේ බ්ලොගයෙන් කියායි!
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=%224&newscode=236058602
Deleteහ්ම්ම්
ReplyDeleteකියෙව්වා බොසා..!!
ReplyDeleteඊට වැඩිය දෙයක් කමෙන්ට්කරන්න 375ක්වත් ඕනැනේ?
Deleteml. ද......?
Deleteප්‍රා මචෝ. ආං ඒකනේ. මේව අමුවට කර්න්න ඇහැක ?? චැහ් …
Deleteකෙන්ජි බොස් :D
එහනම් බැන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
විචාරයක් නොවේ කිව්වට පට්ට විචාරයක් මාතේ..
ReplyDeleteබාගයක් කියෙව්වා.. ඉතිරිය තියා ගත්තා.. දිග වැඩී බං :)
යකෝ....සුද්ද දැම්මට ....චානුකගේ ලිපියක් ඩෝ ......
Deleteකියන උත්තක් ඌ ට කියපං බං ....
කමෙන්ට් එක අනුවනං හිතෙන්නෙ සෑමො උඹ මේ ලිපියෙ මාතෘකාවට එහා කියවල නෑ වගෙයි!
Deleteහෙහ්.....හෙහ්......සහතික ඇත්ත මචෝ.........
Deleteමම ඉතිං ඕක කිව්වෙ නැහැ බං .....
බොක්කෙකුට මූනට ගහනව වගේ ....කියන්න බැහැ ඉන්දික ...උඹට වගේ මට.......
ඔය සැමා දාන 100% කමෙන්ට් මේ වගේමයි.....
@Kenji @ මැලේ
Delete//ඔය සැමා දාන 100% කමෙන්ට් මේ වගේමයි.....//
පට්ට ඇත්ත මචං......
ගනං ගන්නෙපා මචංස්ල.. ඉඳ හිටල මාතලනුත් ඔහොම වළිගෙ පාගගෙන කමෙන්ට් කරනව.
Deleteරටේ දුප්පත්කමට අපේ දේශපාලකයෝ පට්ට ආදරේයි.උන් ඔක නැතිකරන්නේ නෑ,දුප්පත්කම නැති කොලොත් මුලින්ම වැලේ වැල් නැති වේන්නේ උන්ට...
ReplyDeleteසම්පූර්ණයෙන් එකඟයි. දුප්පත්කම කෙසේ වෙතත් ආන්තික දුප්පත්කම නැති කරන්න ලොකු බාධාවක් නැහැ. ඒක කවදාවත් නොවෙන්නේ දේශපාලන අවශ්‍යතාවයන් නිසා.
Deleteදුප්පත් කම යනු සන්නස්ගල ගේ අම්මාගෙන් දුප්පත් කම අහගන්න සිද්ධවීමයි.
ReplyDeleteසන්නස්ගලගෙ අම්මගෙන් නැතුව උඹේ අම්මගෙන්ද ඒක අහ ගන්න ඕනැ?
Deleteඅදහසක් ප්‍රකාශ නොකර සිටීම හොඳයි.
ReplyDeleteමේක මාත් ෂෙයා කළා. විමසුමේ ගියපු දාම.. උඹත් කවදා හරි මේක දායි කියලත් දැනගෙන හිටියා.
ReplyDeleteනියමයි. සන්නස්ගල කියවල බලන්න වටින ලිපියකට
ReplyDeletehttp://www.pathula.com/ ඇතුලු අඩවි කීපෙකම සන්නස්ගලගෙ දොරට වැඩුම දේශනය දාලා තිබ්බා. ඒකනං ටිකක් වදින එකක්.
ReplyDeleteමටනම් තියන ප්‍රශ්නෙ මේකයි. ඇයි මේ චානුක වත්තේගමගෙ ලිපි එයාට අයිති අර "ලංකාවේ බිහිවුනු විශිෂ්ඨතම රාජ්‍ය නිලධාරියා" වැනි ලිපි පළවූ සිහි සටහන් කියන බ්ලොගේ නොදමා මේකේ දාන්නෙ. මාාාාතලන් චානුකගෙ මාධ්‍ය ප්‍රකාශක වෙලාද?
ReplyDeleteවැදගත් ස්තුතීයි..!!!
ReplyDeleteපත්තර මල්ලි වගේම මමත් කියෙව්වා..මට නම් බර සාර වැඩි.
ReplyDelete//බර සාර වැඩි.//?
Deleteඅර බ්‍රෑන්ඩඩ් කමෙන්ට් එකවත් කියන්න බැරිද?
ඇයි අර කම්බි දාල හදනවයි කිව්වනේද ඕන බරකට?
එලද බ්‍රා !!!!
Deleteඅන්න ඒ බ්‍රා.......
Deleteඅනිවා අපේ 52 DDD බ්‍රා එකක් හිතාගන්න බැරිතරම් පෙරිය සයිස් හැබැයි අපි ඒවත් චුටි කූක්කූ බෝලයක් කරනවා..
Deleteඑල ද බ්‍රා
පොත අරන් කියවල බලන්නේ නැතුව කොමෙන්ට් එකක් දාන්න අමාරුයි.
ReplyDeleteසෙනසුරාදට පොත ගන්න ඕන.
//සන්නස්ගලට අම්මලා දෙන්නෙක් හිටිය වගෙයි//.. කකා මේ කොමෙන්ටුව මොකක් හිතන් දැම්මද දන්නෙ නැති උනත් මටත් හිතුනෙ ඕකමයි.. පොත ගැනයි, විචාරය ගැනයි අදහස් පැත්තක තිබ්බම සන්නස් පුතා ලඟ අම්ම ගැන තිබ්බ කියන ලෙන්ගතුකං සම්භන්දයෙං නං කුකුසක් මතුවෙනව.. සමහරවිට අපි දන්න සන්නස්පත්‍රයේ හිටපු අම්මයි මේ අම්මයි දෙන්නෙක්ද දන්නෙ නෑනේ.. ඒකයි එහෙම හිතුණේ.. සන්නස් බොස් ගේ නිර්මාණ කුශලතාවය ඉතා ඉහළ නිසා හොඳට 'මාකට්' කරන්න පුළුවන් 'අම්ම' කෙනෙක් එළියට දැම්මද කියන්නත් බෑ.
ReplyDeleteපෝෂණය සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුනු කලහැකි එකම ක්‍රමය නිදහස් වෙළඳපොලක් තැනීමෙන් පමනයි මෙහිදී රජය මේවා කිරීමෙන් වැලකී ඒවෙනුවෙන් අයකරන බදු ඉවත්කල යුතුයි. සන්නස්ගල මහතා කුඩාකල අත්විඳි දුප්පත්කමට හේතුව නිදහස් වෙළඳපොලට බාධා කිිරීම හා ඔහුගේ පියාගේ පුද්ගල දුර්වලතාවය පමණයි
ReplyDeleteමුලින්ම මෙය උපහාසාත්මක ප්‍රකාශයක් නොවේය සිතමි.
Deleteඇඩම් ස්මිත් 'නිදහස් වෙළඳපළ' කියන සංකල්පය බිහි කරන්නේ උපකල්පන රාශියක් මතය. ඒ උපකල්පන එකක් හෝ වැරදි නම් නිදහස් වෙළඳපළක් බිහි නොවේ. නිදහස් වෙළඳපළක් බිහිවන්ට අනිවාර්ය අවශ්‍යතාවයක් නම් සමාජයේ හැමදෙනාම (හෝ වැඩි පිරිසක්) තනිව තාර්තික තීරණ ගන්ට තරම් උගත් හා බුද්ධිමත් වීමයි (intelligent enough to take rational decisions). ඇමෙරිකාව හා යුරෝපය කෙසේ වෙතත් ලංකාව ඉන්දියාව වැනි රටවල තවමත් මිනිසුන් වැඩිහරියක් ඒ මට්ටමට පැමිණ නැත. කොච්චර ලිබරලයිස් කළත් මේ සමාජ අප බලාපොරොත්තුවන මට්ටමින් දියුණු නොවන්නේ එනිසාය. මේ රටව්ල් දියුණු කරන්ට නම් මාකට් එක ලිබරලයිස් කරනවාට වඩා තවත් බොහෝ දේ කිරීම අවශ්‍ය වෙයි. මා ඉහත අංක 6 යටතේ කතා කොට ඇත්තේ ඒ ගැනය.
Mama kiyewwe ne,kiyewwe nethuwath ne.Wagei(Ranjan-D)
ReplyDeleteචානුකත් කඩේ යන්නේ ඔයා වගේම මහරජානන්ටද මාතලන්?
ReplyDeleteමම නම් හිතන්නේ සන්නස්ගලගේ අම්මා ගැන ලියවුන හොඳම විචාටය මේක කියලයි.. අපි ඔක්කෝම සන්නස්ගල අල්ලගෙන සන්නා මරාගෙන කන්න ගියා,, නමුත් සන්නා දීපූ පනිවිඩේ තේරුම් ගත්ත එකම එකා චානුක විතරයි.. චානුක මේ කියපු දේ එදා විනාඩි දහයක අරාධනා දේශනාවකට ආපු ලාල් කාන්ත පැයකට කිට්ටුව කතා කලත් බොහෝම කෙටියෙන් කිව්වා.. ලාල් කාන්ත් කිව්වේ මොකක්ද...?
ReplyDeleteලංකාවේ දුප්පත්කම ගැන දැනගන්න ඕනම නම් සන්නස්ගලගේ අම්මා කියවන්න. ඒ දුප්පත්කමට පිලිතුරු ඕන නම් මැක්සිම් ගෝර්කිගේ අම්මා කියවන්න කියලා.. ඒ කියන්නේ විප්ලවය..
ඇත්තටම ලංකාවේ දුප්පත්කමට උත්තර ඕන නම් විප්ලවෞඅක් ඕන.. ඒත් එක කොමියුනිස්ට් විප්ලවයක් නම් නොවෙයි.. ප්‍රේමදාස මහත්තයා කලා වගේ එකක් වෙන්න ඕන..
මාතලන්, මේක විචාරයක් නෙමෙයි ප්‍රචාරය්ක්. පළවෙනි ඡේදෙ හරියට බලහං.
Deleteකොහොම උනත් පොත නොබලාපු නිසා, යමක් කියන්න අපහසුයි, නමුත් නිදහසින් පස්සෙ ලංකාවෙ දුප්පත්කම නිසා ඇථිවෙන මූල්‍ය නොවන ගැටලෞ කැන පොල්ලෙන් ගහන්න වගේ කිව්ව එකම පොත කියන කතාව ගෝඨාබය උන්නැහෙ ගැන කියපු එක වගේ තමයි.
හැඹයි සමස්ථයක් විදියට 1 සිට 6 දක්වා සාක්ච්ඡාකෙරෙන කරුණු සහ අදහස් එක්ක එකඟ විය හැක.
කරුමෙට මේ වගේ ලිපි වලදි මාතලන්ගෙ බ්ලොග් එකේ වැටෙන කමෙන්ට් 50% විතර අඩුවෙන එක, කණගාටුවට කරුනක් වගේම එදා සහ අද බ්ලොග් ලියන්නන්/කියවන්නගේ "තත්වය" ගැන හොඳින් පැහැදිලි කරයි.
ඉන්දිකට මොකද්ද චානුක එක්ක තියෙන ඔය ඇරියස් එක හැබෑටම? දැන් මං දැක්ක කිහිප පළකම ගේම ඉල්ලලා තියෙනවා.
Delete/කොහොම උනත් පොත නොබලාපු නිසා, යමක් කියන්න අපහසුයි, නමුත් නිදහසින් පස්සෙ ලංකාවෙ දුප්පත්කම නිසා ඇථිවෙන මූල්‍ය නොවන ගැටලෞ කැන පොල්ලෙන් ගහන්න වගේ කිව්ව එකම පොත කියන කතාව ගෝඨාබය උන්නැහෙ ගැන කියපු එක වගේ තමයි./
Delete@ඉන්දික උපශාන්ත,
ඔබ මගේ සරල ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙනු ඇතැයි සිතමි.
1. මේ පොත හැරුණු විට දුප්පත්කම මේය පොල්ලෙන් ගහලා වගේ පෙන්වන පොත් ඇතිනම් ඒ මොනවාද? එකක් දෙකක් කියන්න.
2. තමන්ගේම සොහොයුරකු එක කුස ඔත් සොහොයුරියක ලිංගික අතරවයට ලක් කිරීම ගැන ලියැවුණු වෙනත් එකම හෝ සිංහල පොතක් කියන්න.
3. තමන්ගේම පියා තමන්ගේ මව මරා වැලළීමට ගෙදර වළක් හෑරූ කතාවට සමාන කතාවක් ඇති එකම සිංහල පොතක් හෝ කියන්න.
4. ඔබ සන්නස්ගලගේ පොත නොකියැවූයේ නම් එය වෙනත් පොත් හා සන්සන්දනය කරන්නේ කෙසේද?
AnonymousOctober 3, 2014 at 8:11 PM,
Deleteමුලින් ඔබට පිළිතුරුදී සිටින්නම්.
කෙනෙකු ලියන දෙයක් විවේචනය කිරීම එය ලියන්නාට පුද්ගලිකව විරුද්ධ වීමක්/අදහස ප්‍රකාෂ කිරීමක්යැයි සිතන පටු සිතුවිල්ලෙන් බොහෝ බ්ලොග් කරුවන් පිරිසක් මුලාවී ඇති බව, ඔබේ කමෙන්ටුවෙන් වගේම රන්ජන් අමරරත්නගෙ විචාර ගැන නලින්ගෙ අඩවියෙ පලවෙන කමෙන්ටු වලිනුත් පෙනේ. එනිසා මෙය පැහැදිලි කල යුතුමය.
විදුසර මුල් කලාපයේ සිට එහි රසිකයෙකු ( පාඨකයකු යන වදන නිවැරදි නොවේ ) වූ මට චානුක වත්තේගම යනු බරපතල විද්‍යා කරුණු සරළ සිංහලෙන් ලියූ එකල පාසැල් සිසුන් වූ අපට යෝධයන් සේ පෙනුනු එහි ලේකඛ මඩුල්ලේ ප්‍රියතමයන්ගෙන් කෙනෙකි. ඒ හැර චානුක යනු ඉතාම සිත්ගන්නා සහ සුලභ නොවූ ලේඛන ශෛලියක් හිමි රචකයෙකි. ඒ සියල්ලටමත් වඩා ඔහු සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනයාමට "නිහඬ සේවයක්" කල බ්ලොග් කලාවට සැබෑ හිතැත්තෙකි.
එනිසාම චානුක යනු මගේ ලෝකයේ ඉතා ගරු කරන සහ ප්‍රිය කරන ලේඛකයකු/ බ්ලොග් රචකයකු ලෙස එදත් අදත් සලකමි.
නමුත්, ඔහු කෙරෙහි ඇති පුද්ගලික හැඟීම ඔහුගේ ලියැවිලිවල ඇති කරුණු ගැන ප්‍රශ්ණ කරන්නට හෝ සාකච්ඡා කරනට මම බාධාවක් කර නොගන්නා අතර, මාගේ විවේචන සහ "චානුක නම් මිනිසා" අතර සම්භන්ධයක්ද නැත.
එනිසා චානුකගේ (හෝ වෙනත් යම් කෙනෙකුගේ ) ලියැවීමක් ගැන කෙරෙන කතාබහක් ඔහු හා වන ඇරියස් එකක් හෝ පුද්ගලික තරහක් ලෙස කියැවීම ඔබේ අඩුපාඩුවක් මිස මගේ ගැටළුවක් නොවේ.
සැයු- මෙම පැහැදිලි කිරීම අදාල නොවන්නේ එකම එක බ්ලොග් කරුවෙක් සම්භන්ධයෙන් පමණි.
චානුක,
Delete1. ලාංකීය ජනසමාජයේ දරිද්‍රතාවයේ ඛේදවාචකය ගැන ලියැවුනු නවකතා බොහොමයකි. ඔබ මෙහි සඳහන් කර ඇති, බැද්දේගම, සුද්දිලාගේ කතාව මෙන්ම අයෝමා, උළුගෙදර ආරච්චි වැනි නම් කිහිපයක් මගේ මතකයට නැගේ. නමුත්, මේ ගැන ඔබ මතුකරණ කාරනාව ඉතාම බරපතල නිසා ( අම්මා යනු එකම පොතය යන්න ), ඔබේ මේ ගැටලුව වඩා පෘථුල පොත් කියවන්නන්ගේ වේදිකාවට ( facebook ) ගෙනයාමට අදහස් කරමි.
2. ව්‍යාභිචාරය ගැන සඳහන් වන සිංහල නවකතා බොහොමයකි. උදා, ගුණරත්න ඒකනායකගෙ අපේ අම්මා ( මෙහි පුතා මව දූෂ්ණය කරයි ), කාල නදිය ගලා බසියි ( සිය නැන්දම්මාව දූෂ්ණය කරයි ).
3. සෙංකොට්ටන් හි පොඩිනාව මරාදැමීමට භාවිත කරන සහාසික ක්‍රමය, කාළනදිය ගලා බසියි හි සිය බඩදරු බිරිඳව මරා දැමීම මතකයට එන උදා හරන වේ.
4. මෙය වැරදි කියමනකි. මම සන්නස්ගලගේ පොත සංසන්දනය කර ඇත්තේ කොහේද? මම පවසා ඇත්තේ දුප්පත්කමෙහි අර්බුධ ගැන ප්‍රභල හැඟීමක් දෙන එකම පොත මෙය බව කීමත් "ඔබ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ විශිෂ්ඨතම රාජ්‍ය නිළධාරියා යැයි නම් කිරීම හා සමාන" බවය.
මගේ එම ප්‍රකාෂය, ඔබ ඔබට අවංක වීමේ දිග පළල අනුව තේරුම් ගනු ඇත. ඔබ එකී ලිපියෙන් ගෝඨාභය ගැන කී දේ ඇත්තක්ද, බොරුවක්ද, නැතිනම් අතිශයෝක්තියක්ද? මේ අතරින් ගැලපෙන පිළිතුර මාගේ උක්ත ප්‍රකාෂය හා මුහුකොට සමර්ථ අදහස තේරුම් ගැනීම ඔබේ රාජකාරියකි.
1. 'අම්මා' යනු එකම පොතය කියා නැත. කියා ඇත්තේ 'අම්මා' තරම් පොල්ලෙන් ගහන විදිහට එය කියා ඇති පොත් නැතැයි කියාය ඒ හැරුණු විට වෙනත් පොත් ගන මමද කියා ඇත්තෙමි. අඩුම තරමින් 'අම්මා' නොකියැවූ ඔබ මේ සංසන්සන්දනය කරන්නේ කෙසේද?
Delete2. මා කතා කරන්නේ ව්‍යාභිචාරය සාහිත්‍යමය ලෙස ප්‍රබන්ධමය ලෙස කියැවීමක් ගැන නොවේ. 'අම්මා' නව කතාවක් නොව ස්වයංචරිතාපදානයකි. කෙනෙක් තමන්ගේ පවුල ගැන මෙවැනි ප්‍රකාශයක් කළ වෙනත් පොතක් ඇද්ද? ඇතිනම් කියන්න.
3. සෙංකොට්ටන් හා කාල නදිය යනු නවකථාය.
4. එකම පොත කියා මා කොතැනක හෝ මා කියා නැති හෙයින් වරද්දාගෙන ඇත්තේ ඔබ මිස මා නොවේ. මා කියා ඇත්තේ අනෙක් පොත්ද මේ ගටළු ගැන ඕනෑ තරම් කතා කරන මුත් මේ වගේ පොල්ලෙන් ගැහුවාක් වැනි හැන්නීමක් එන පොත නැති බවයි. එය මා පොත කියැවීමෙන් ලද අත්දැකීමකි. පොත නොකියැවූ ඔබ ඒ අත්දැකීම නොලැබ ඒ ගැන ප්‍රකාශ කරන්නේ කෙසේද?
@ චානුක & ඉන්දික.....මගේ අවුල මම තාම ලියලා ඉවර නැහැ. එතකන් කියවපං. එතන තියෙයි ලොකු කතාවක්. මට උවමනාවක් තියෙනවා ආත්මය වමාරන්න. සමහර තැන් මම අත ගෑවා පමණයි. මට කොහොමත් උවමනාවක් තිබුනා මේ දේවල් විවෘතව කතා කරන්න. මට කවුරු එපා කීවත් මම හීනියට ලිව්වා. ඉතිරිය සන්නාගේ කතාවට වඩා ගොඩාක් වෙනස්. මට අවශ්‍ය පොතක් ලියනවාට වඩා මගේ ජීවිතය වමාරන්න. මම ඒකට කැමතියි. මම සන්නස්ගල වගේ සිවිල් "පොරක්" නෙමේ. මගේ කතාවේ හැම තැනකම කියන්නේ සහ තියෙන්නේ යමක් අවශ්‍යනම් අහුලා ගනින් කියන පඩ ටෝක් එක විතරයි. ඒ නිසාම තමයි මට වයිෆ්ගෙනුයි, දුවගෙනුයි ෆුල් නිදහස තියෙන්නේ. මගේ ලොකු අම්මා නම් මෑතකදි කිව්ව, ඒ ගැන වැඩිය ලියන්න එපා කියලා. ඇය අවුරුදු 80 ඉක්මවු ගැහැණියක්. ඒකට හේතුව, මුණුපුරන්, මිණිබිරියන් තවම පොඩි නිසා, ඔවුන්ගේ ජීවිතවලට බාධාවක් වෙයි කියා. ඒක ඇයගේ පැත්තෙන් හරි. මම ලියපු ලොකු අම්මා කියන එපිසෝඩ් එක කියවපන්. එහෙම තමයි මේ කුණුහරුප ලාංකික විකෘති සමාජය අපව කොටු කරන්නේ. නිදහස් මිනිහෙක් බිහිවෙන්න තියෙන එකම බාධකය තමයි, මේ විහිළු සංස්කෘතික ස්වභාවය. රජවරු වන්දනා කරන අපි, ඒ අන්තපුර කියවන අපි, බඩුවක් ගහපු මිනිහෙක් , වෙන මිනිහෙක් එක්ක නිදගත්ත ගෑණියෙක් දඬුකඳේ ගහනවා. අනුලා දේවිලා ගැන පොත් කියවනවා. මෙන්න මේ ප්‍රෝඩාවෙන් මිදෙන්න ඕන. අපි ඇත්ත ඇති සැටියෙන් ගරු කල යුතුයි.
Delete2 වැනි ප්‍රශ්නයට උත්තරයක් දීපු චානුකට මම කියන්නේ, මේක සන්නස්ගලගේ autobiography නිසා, ඉන්දික කියන පොත්වලට වඩා මේ පොත මට විශේෂිතයි. මාගම් තෙන්නකෝන් ගැන ලියවුනු පොතක් තියෙනවා..ලිව්වේ පුතා. මම ඒ පොතටත් හරිම කැමතියි.
පුළුවන්නම් මම තරුරසී නම්වු අව්‍යාජ බ්ලොග් කාරියගේ ඊයේ පෙරේදා ලියූ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකත් කියවපන්. යෝජනාවක් පමණක් සහ අරූට මූට හිතෙන දේ නෙමේ Aruට හිතෙන දේ පමණක් යැයි සලකපන්!!
Deleteමෙතැන ඉන්දිකට අවුලක් ඇතිවී තියෙන්නේ පොත ස්වයංචරිතපදානයක් බව දැන නොසිටීම නිසාය සිතමි.
Deleteචානුක ඔබ හරි.
Delete// දුප්පත්කමේ මුල්‍යමය නොවන පැතිකඩ විස්තර කරන්ට දරණ උත්සාහයක් මින් පෙර සිංහල සාහිත්‍යයේ දක්නා ලැබෙන්නේ නම් ඒ ලෙනාඩ් වුල්ෆ්ගේ 'විලේජ් ඉන් ද ජංගල්' පරිවර්තනය, කරුණාසේන ජයලත් ගේ 'මව සහ දුව', සයිමන් නවගත්තේගමගේ 'සුද්දිලාගෙ කතාව', ඒ. වී. සුරවීර ගේ 'හෙයියම්මාරුව', මහින්ද ප්‍රසාද මස් ඉඹුලගේ 'සෙංකොට්ටං වැනි ග්‍රන්ථ අතළොස්සකින් පමණක් විය යුතුය. හැබැයි මේ හැමෙකක්ම පිහාටුවෙකින් තැලීම්ය. සන්නස්ගලගේ 'අම්මා' තඩි කුළු ගෙඩියකින් ඔලුවට පහර දීමකි. එනයින් එහි උපයෝගීතාව මක්සිම් ගෝකිගේ 'අම්මාට' වඩා බොහෝ ඈතට යන්නේය.//
ඔබේ එම ප්‍රකාෂය සහ " Art is something which lies in the slender margin between the real and the unreal " යන හැඟීමත්, මේ පොත ගැන දුටු විවෙචනත් සහ ප්‍රථිචාරත් අනුව මා සිතා සිටියේ මෙය සත්‍ය අදැකීම් මුසු ප්‍රභන්ධයක් ලෙසයි.
එහෙත් ඔබ කියන්නේ එය සැබෑ ස්වය්ංලිඛිත ජීවිතාපදානයක් නම්, ඔබ කියූ කරුණු ( විශේෂයෙන්ම 2 සහ 3 ) ඇති "වෙනත් සිංහල පොතක්" ලෙසින් ඔබ අදහස් කරේ "(ස්වයං රචිත හෝ නොවෙන ) සත්‍ය ජීවිත කතාවක්" නම්, වෙනත් "එවන් පොතක්" සිංහලෙන් ලියැවී ඇති බව මා දන්නේද නැත.
( ෆේස්බුක් හි වැස්සන්ට මේ පොත ගැන සාකච්ඡා කිරීම වාරියපොළ සිද්ධියටත් වඩා එපා වී ඇති සෙයකි )
ADA Germanye niwadu dawasak! (Germanya newatha Ekweema nila washayen Samaranna- 1989 november thappe keduwata)COMUNIST samajaya gena dena ganna eratawala minissu(den aduma wasayen Mediwiya gewana)ekka katha karala balanna ona un hondata kiyanawa,East Germanye kattiya unath kamakne,UPULGE NEWEIsamaharu APE ammati,leninge Ammatai Dennatama Bani(Ranjan-D)
ReplyDeleteඅද සිංහල බ්ලොග් අවකාශය සහ බ්ලොග් කියවන්නන්ගේ තත්වය ගැන අවබෝදයක් ගන්න මාතලන් මේ වගේ ලිපිත් දාන එක වටිනව.නැත්නම් හැමදාම හැමතැනම බීපු කතා ,බඩු කතා සහ ආගිය කතා වගේ බොහොම ඒකාකාරී බ්ලොග් ලියවිලි.හැබැයි දුක කියන්නේ මතලන්ගේ ටුවෙන්ටි ත්‍රී ප්ලස් බ්ලොග් පොස්ට් එකකට කමෙන්ට් කරන ප්‍රමාණයයි මේ වගේ ලිපියකට කමෙන්ට් කරන ප්‍රමාණයයි දැක්කම.ඒ කමෙන්ට් කරපු ඇබින්දත් අන්ධය අලිය ගැන කිව්ව වගේ පොස්ට් එකට කමෙන්ට් කරල තියෙන හැටි දැක්කම කඩුල්ල වගේ නාට්ටි ගියපු ටී වී පෙට්ටියේ දැන් මුතු කිරිල්ලී පබා වගේ එව්වා විතරක් යන්නේ ඇයි කියල හිතා ගන්න අමාරු නැහැ
ReplyDeleteඑදා හොඳයි අද නරකයි.ඕකනෙ කියාගන්න ඕන.එහෙනම් තිරික්කලෙන් පලයන් බස් එකේ නොයා.
Deleteකීප දෙනෙක් චානුකගේ ළිපි වල කොමෙන්ට්ස් ප්‍රමාණය ගැන හා වත්මන් බ්ලොග් කලාව ගැන විචිකිච්චාවකින් පසු වන නිසා මේ දේ කිව යුතුමයි.. මේ ළිපිය මේ වන විට 900 කට වැඩි පිරිසක් බලලා තියෙනවා.. (මුළු ළිපියම කියෙව්වද දන්නේ නම් නෑ.) මෙතන වැටෙන කොමෙන්ට්ස් ප්‍රමාණයට වඩා වටින්නේ අන්න ඒ ගාන.
Deleteඅනික ඉස්සරට වඩා සමාජයේ වගකිව යුතු විශාල ප්‍රමාණයක් බ්ලොග් කියවනවා, ඒක ලැබෙන ඊ මේල් වලින් බොහෝම පැහැදිලිව තේරෙනවා. ඒ නිසා කොමෙන්ට්ස් වල එල්ලි පසුතැමෙන් හිත් රිදවා නොගන්නා මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්න් කැමතියි..
සුද්ද.....එක එක....හුත්තල කියන ඒවට උත්තර නොදී....චානුකයගේ ලිපි උඹ දාපං ....
Deleteමට නම් ගත යුතු දේ.... බොහොමයි උගෙ ලිපි....
කලාතුරකින් ....හෙක්...හෙක්.....පොඩි රබර් මයියොක්ක කෑල්ලක්....දෙකක් තිබ්බට....
උඹ කමෙන්ට් හිගන්නෙක් නෙමේනෙ .....මචෝ....
සන්නස්ගලගේ ටැලන්ට් එක කියනවානම් මෙන්න හොඳම උදාහරණය මාකටින් වල
ReplyDeleteදඩින් බිඩින් දොඩන් (වචන තුනයි ලක්ෂ තුනයි)
හරි සන්නස්ගලගේ අම්මා, ඇත්තම කතාව මම ඔය පොත කියවලා නැහැ, ඒ නිසා විචාරයක් කරන්න, පොත හොඳද නරකද දකින විදිය අනුව කියන්න මට අයිතියක් නැහැ,
ලිපියට අනුව රටේ දුපත් කම කොටස් වශයෙන් වෙන් වෙන්ව කැටගරයිස් කරලා උපුටා දක්කවලා තියෙන අයුරු හොඳයි, හොනද්යි කියනවට වඩා අපිට අපි ගැනම දුකයි.
මනුස්සයෙක් තමග්න්ගේ අම්මට තරම් සංවේදී වෙන කාරණයක් තවත් නැහැ, එවන් සංවේදීත්වයක් හමුවේ ලියවුනු පොත තමන්ම විඳි අත්දැකීම් කෙලෙස කවර අයුරකින් විග්‍රහ කරයිද? ඔහු ජනතාව අතරට යන්න ඒ හැකියාවන් උපරිමයෙන් යොදා නොගනීද? හරි එහෙනම් මම පොත ගැන කිසිවක් කියා ගත නොහැක්කේ නොකියූ නොදැකපු දෙයක් ගැන මත පලකිරීම අන්දයා අලියා ගැන කීමක් වෙන බැවිනි, අඳුරේ අතපත ගෑවට ලයිට් ආපු වෙලාවටත් අතපත ගාන්නේ කලින් අතපත ගාපු දේම නොවේද?
ගයාන් චානුක මහත්මයාගේ මේ ලිපිය හරහා මම දකින්නේ ඔහු සන්යා හරඹයක නිරත වෙලා වගේ යන හැඟීමක්, සන්නස්ගලයන් ජනතාව අතරට යන්න අම්ම පොතේ ඉලක්කම් හරඹ කරලා ඇති කියලා මම හිතන්නේ නම් නැහැ, එහෙනම් පොත කියවා ඒ හරහා යම් යම් පොයින්ට් මතුකරමින් රටේ අර්තිකගේ දිශානතියන් සහ පාලකයා හා සැබෑ තතු හෙළි කිරීමට පොතට මුවා වුනු හැටියක් තමා මට නම් පෙනෙන්නේ.
සමහර විට ඒ ඔහුගේ පුරවා දැක්ම විය හැකියි, නමුත් ලිපියේ සමස්තය ගත විට විචාරයයකට වඩා සත්‍ය සන්නස්ගලගේ අම්මා පොතට මුවා වී හෙළි කර ඇති අයුරකි, එය නම් ගැටලුවකි. සමහර විට මම මේ පූත නොකියවා තිබීමත් කියවපු ඔහු ඔහුගේ දැනුම හරහා යම් කාරනා ඉස්මතු කලද එය පොත හරහා මතු වුවාදැයි ගැටලුවකි.
මිනිසුන් ඉලක්කම් හරඹ වලට කිසිසේත්ම සංවේදී නොවෙති, ජන වින්‍යානය හා ජන මතය උගත්කම මතම පදනම් නොවේ, මනුස්සයන් විවිද තල වල සිටින අතර ඔවුන් සියල්ල මුලික අවශ්‍යතා මත පදනම්ව කටයුතු කරති. නැතිනම් පාලකයින්ට මීට වඩා සීමා වැට කදුලු බැඳී අවසානය, ලංකාවතුල මතවාදයන් හීනවාදයන් මිස කිසිම කලෙක බුද්ධිවාදයන් හරහා ආකල්පමය වෙනස් කම් ගොඩ නැගෙන්නේ නැත.
ලිපිය බහුතරයක් නොකියවීමටද එක හේතු සාධකයක් වන්නේ එයමය, සන්ක්යාලේකන හරහා ඉලක්කම් හරම්බයන්ට බහුතරයක් කැමති නැත. අම්මා බලන්නට අපු අයෙකුට අම්ම පෙන්නලා කනේ පහරක් ගැසුවා වැනිය, හැබැයි වේදනාව දැනෙය, ඒ වේදනාව ගැසූ එකාටද ගුටි කා එකාටද දැනෙන අන්දමේ කනේ පහරකි.
සමස්ත ලිපියම මට හැඟෙන අයුරින් නම් මතය දැක්වීමට අම්ම පොතට මුවා වීමක් වැනිය, සමහර විට නොකියවූ පොතක් හෙයින් මමද ඒ මතයම කියවුවහොත් ගනු ඇත, සියල්ලන්ටම එකම කරුණ ගෝචර වන්නේ වෙනස් වෙනස් රසයන්ගෙනි.
කීප දෙනෙක් චානුකගේ ළිපි වල කොමෙන්ට්ස් ප්‍රමාණය ගැන හා වත්මන් බ්ලොග් කලාව ගැන විචිකිච්චාවකින් පසු වන නිසා මේ දේ කිව යුතුමයි.. මේ ළිපිය මේ වන විට 900 කට වැඩි පිරිසක් බලලා තියෙනවා.. (මුළු ළිපියම කියෙව්වද දන්නේ නම් නෑ.) මෙතන වැටෙන කොමෙන්ට්ස් ප්‍රමාණයට වඩා වටින්නේ අන්න ඒ ගාන.
ReplyDeleteඅනික ඉස්සරට වඩා සමාජයේ වගකිව යුතු විශාල ප්‍රමාණයක් බ්ලොග් කියවනවා, ඒක ලැබෙන ඊ මේල් වලින් බොහෝම පැහැදිලිව තේරෙනවා. ඒ නිසා කොමෙන්ට්ස් වල එල්ලි පසුතැමෙන් හිත් රිදවා නොගන්නා මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්න් කැමතියි..
සුද්ද.....එක එක....හුත්තල කියන ඒවට උත්තර නොදී....චානුකයගේ ලිපි උඹ දාපං ....
Deleteමට නම් ගත යුතු දේ.... බොහොමයි උගෙ ලිපි....
කලාතුරකින් ....හෙක්...හෙක්.....පොඩි රබර් මයියොක්ක කෑල්ලක්....දෙකක් තිබ්බට....
උඹ කමෙන්ට් හිගන්නෙක් නෙමේනෙ .....මචෝ....
මාතලන් ප්‍රිය කරන තාලෙ කමෙන්ටුවකින් සාරඝර්භ අදහස් දැක්වීමක් "ගරු" කෙන්ජි මහතා විසින් කර ඇති අවස්ථාවක, අප වැනි දුහුනෝ මේ ගැන කුමක් කියම්ද?
Deleteමේ තමයි, දරිද්‍රතාවය සහ නූගත්කම එකට නොගිය අවස්ථාවකට උදාහරණ.
චානුකගේ ලිපිය කියෙව්වා. සන්නස්ගලගේ පොතත් ලැබුනා. පස්සේ කියවන්නම් කියලා හිතුවත්, මේක කියෙව්වාට පස්සේ දැන් කියවන්න ඕන යැයි හිතුනා.
ReplyDeleteචානුක..වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරන මාතෘකා නිසාම පොත කියවීමේ ආසාව ඇතිවුනා. සන්නස්ගලට මෙවැනි සිද්ධීන් විවෘතව ලියන්නට ශක්තියක් තිබීම අගය කල යුතුයි. විවෘත මනසින් ලෝකය දෙස බලන්නන් සහ ලියන්නන් අඩුවීම නිසාම තමයි...අපේ සමාජය පුරාජේරු කාරයින් සහ විකෘති මානසික බහුභූතයින්ගෙන් පිරිලා තියෙන්නේ. අපි ඇත්ත ඇති සැටියෙන් කතා කල යුතුයි.
@arugeadaviya,
Deleteඔබේ අදහස් දැක්වීම ගෞරවයකි. මම ඔබේ බ්ලොග් එකේ නිත්‍ය පාඨකයෙක්මි. කොටින්ම ඔබේ සටහන් කියවා එහි සඳහන් යම යම් තැන් ඇසින් දැක ගන්ට තරම් වෙහෙසුනෙක්මි.
මවිසින් ප්‍රතිචාර දැක්විය යුතු කරුණු කිහිපයක් ඇතිය හැඟේ.
ReplyDelete1. බලාපොරොත්තු නොවූ මොහොතක, අගෝස්තු මාසයේ මැද, මගේ ස්ථිර රැකියාව අහිමි වීමෙන් ලේඛනයට කැප කරන්ට මට යම් කාලයක් ලැබුණේය. මම ඒ කාලය බොහෝ කාලයක් තිස්සේ රාවය කර්තෘ ජනරංජන විසින් කරමින් සිටි ආරාධනාවක් අනුව රාවයට ලියන්ට යොදා ගතිමි. මා ලියූ සමහර ලිපි මීට බොහෝ කාලයකට පෙර ලියන්ට සිතා සිටි ඒවාය. නමුත් ඒ කාලයේදී මට ඊට කැප කරන්ට කාලයක් නොවීය. එනිසා දැන් ලියමි. මගේ පුද්ගලික කරුණු දක්වන්ට එතරම් කැමත්තක් නැති මුත් මෙය කියන්ට සිදු වන්නේ මේ හිටි හැටියේ මා ලියන්ට පටන් ගත්තේ ඇයිදැයි සමහරුන්ට ප්‍රශ්නයක් මතුව ඇති නිසාය. මා ලියන්නේ මට දැන් ඊට කාලය ඇති නිසාය. වෙන මහා ලොකු හේතුවක් නැත.
2. මා රාවයට ලියන්නේ යාලු ෆිට් එකට මිස මුදලට නොවේ. එනිසා මගේ ලිපි වෙනත් ආකාර වලින්ද පළ කළ යුතුය මට සිතුණේය. මගේ ලිපි පළ කළ හැකිද මම විවෘත ලිපියකින් මා දන්නා හා නොදන්නා බ්ලොග්කරුවන් දහ දෙනකුගෙන් පමණ ඇසීමි. ඔවුන් අතරින් ඊට කැමැති වුයේ මා කිසි දිනෙක හමුව නැති, ඉන් පෙර නොදැන සිටි මාතලන් පමණය. ඒ ගැන මගේ ස්තූතිය හා ගෞරවය ඔහුට හිමිවේ.
3. මා මේ ලිපි සිහි සටහන් වල පළ නොකළේ හෝ අළුතින් බ්ලොග් එකක් නිර්මාණය කොට එහි පළ නොකළේ හේතු කිහිපයක් නිසාය. දැනටමත් ජනප්‍රිය බ්ලොග් එකක යමක් පළ කරවා ගැනීම තුළින් එය වැඩි පිරිසක් අතරට යයි. අනෙක බ්ලොග් එකක් මේන්ටේන් කිරීම යනු සෑහෙන කාලයක් කැප කළ යුතු කාර්යයකි. මට ඒතරමටම කාලයකුත් නැත. අඬුව තියෙද්දී අත පුච්චා ගන්නේ ඇයි?
4. මගේ දේශපාලනයේ සැඟැවිය යුතු දෙයක් ඇතැයි නොපෙණේ. මම ජාතිවාදයට සපුරා විරුද්ධ වෙමි. ජවිපෙ ඊනියා සමාජවාදයටද විරුද්ධ වෙමි. අරුණි ශපීරෝලා ප්‍රමෝට් කරන ජාතියේ ආන්තික ධනවාදයටද විරුද්ධ වෙමි. කොටින්ම ජවිපෙ, හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ සන්ධානය වැනි කුඩා දේශපාලන පක්ෂ විසින් රටේ ජාතික දේශපාලනය හයි ජැක් නොකළ යුතුය සිතමි. ඒ හැරුණු විට මහ පක්ෂ දෙකෙන් කොයික බලයේ හිටියත් ලොකු වෙනසක් ඇති වේය නොසිතමි. මම පසුගිය වසර විස්සක කාලය තුළ ඡන්දය භාවිතා කොට නැත්තෙමි. අවස්ථාව අනුව මට හොඳය හිතෙන පක්ෂයට ඒ ඒ අවස්ථාවේදී හොඳ කියා ඇත්තෙමි. ජීවිතය පුරා ගෝත්‍රිකව පක්ෂ වල එල්ලී ඉන්නා අයට ප්‍රතිපත්ති මත කරන දේශපාලනය තේරුම් ගත නොහැකිය. ඔවුන්ට අනුව කෙනෙක් A නොවේ නම් B පක්ෂයේ විය යුතුය. එවැන්නන්ට මගේ දේශපාලනය පැහැදිළි කළ නොහැකිය.
5. වෙනත් තැන් වලට වඩා මෙතැන මාතලන්ගේ බ්ලොග් එකේ මගේ ලිපි පළවීම මට වැදගත් වන්නේ මට සක්‍රිය ප්‍රතිචාරයක් ලැබෙන්නේ මෙතැන පමණක් නිසාය. ලේඛකයකුට ප්‍රතිචාර අතිශයින් වැදගත්ය. මගේ ලිපි වලට අර්ථවත් ප්‍රතිචාර දැක්වූ සැමට ස්තූතියි.
6. අවසාන වශයෙන් මගේ ප්‍රතිචාර දැක්වීම් අර්ථවත් කමෙන්ට් වලට පමණක් සීමා කරමි. අවසාන වචනය ලබා ගන්ට අවශ්‍යතාවයක් මට නොවේ. එසේම මහ මඟදී බුරන හැම බල්ලකුටම ගල් ගසන්ටද මට කාලයක් හෝ අවශ්‍යතාවයක් නැත්තේය.
චානුකගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්..මම ඇත්තටම හිතා හිටියේ මාතේ රාවයෙන් අරගෙන පත්තරේ නොකියවන අයට කියවීමට මෙහි පලකරනවා යන්නයි. මා කීප විටක් මෙය මාතෙගෙන් විමසීමට සිතා සිටියත් කුහුල නිසා මග ඇරියෙමි. මෙවන් ලිපි පලකිරීමට කැමැත්ත පලකිරීම ගැන මාතේට මගේ අවංක ස්තුතිය. ඔහු කිවා වාගේ, අපි මේවා කියවන එකම ඇති, කමෙන්ට් කල යුතු නැත. නමුත්, චානුකගේ මෙම පැහැදිලි කිරීමෙන් පසු තෙරුමක් ඇති කමෙන්ට්ස් මින් ඉදිරියට ඔබගේ ලිපි වලට ලැබේවි. සංවාදය තුලින් මේ අදහස් තව තවත් ඉදිරියට ගෙනයාමයි කමෙන්ට්ස් වලින් විය යුත්තේ..ලඟදීම නැවත ලියන්න පටන් ගන්න අරූගේ අඩවිය බ්ලොග් එකේ පෝස්ට් එක සම්පූර්න වෙන්නේ සෑම විටම ඉන් පසු ඇරඹෙන සංවාදවලින්..කරුනාකර ඉදිරියේදී මෙම සංවාදවලට හවුල්වෙන්න චානුක...
Deleteස්තූතියි. ප්‍රතිපත්තියක් ලෙස අර්ථවත් හැම කමෙන්ට් එකකටම (වැරදීමකින් මඟ නොහැරුණේ නම්) ප්‍රතිචාර දක්වමි. ජාතිවාදීන් සාමාන්‍යයෙන් නොසළකා හරිමි. මඩ කමෙන්ට්ද නොසලකමි. ඔවුන් හා වාද කිරීම නිෂ්ඵලය.
Deleteමා මෙහිදි අගය කරන්නේ චානුකගේ නොසැලෙන ගුණයයි. ඒවා සෑම බ්ලොග් කරුවකුටම ඉතා අගනා පාඩමක් කියා දෙයි..
Deleteඑයට හේතුව.. කිසිම කොමෙන්ටුවක් වාරණය නොකරන මෙන් කරනා ලද ඉල්ලිමයි..
අපි ඉදිරියටම යමු...
මම ඇත්තටම මාතලං එක්ක තරහින් හිටියේ මොන එහෙකට චානුකගේ ලිපි දානවද මෙතැන කියලා. ඒත් ඔහු නිහඩවම චානුකට දුන් පොරොන්දුවයි ඉටු කලේ. ඒ ගැන මට තියෙන්නේ අප්‍රමාණ සන්තෝසයක්. ජය වේ මාතා..
Deleteචානුකගේ පැහැදිලි කිරීම නොමැති නං මම උඹට තාම බනිනවා බං..
පොත නොකීවත් ඒ පිළිබඳ යූ ටියුබ් එකේ සන්නස්ගලගේ හා ලාල්කාන්තගේ සම්පූර්ණ කතා ඇසුවෙමි. මීට පෙර අසා තියෙන විදියට සන්නස්ගල ධනපතියාට "අනේ මගේ අම්මාට සළකගන්න බැරි උනාය." ලාල් කාන්තට තමන්ගේ නිවසට කි.මී 2ක් විතර දුරින් ඉන්න තම අම්මා බලන්න අවුරුද්දකින් විතර යන්න බැරි වී ඇත. තවත් අම්මා කෙනෙකු වන ඔහුගේ බිරිඳ තම දුවට ටියුශන් දෙන්න මාසෙකට රු 30,000ක් විතර හොයන්න නොවිඳිනා දුක් විඳින්නේ ලාල් කාන්ත මහජනතාව වෙනුවෙන් කැප වී සිටින නිසාය. ඇත්ත කීම අගය කළ යුතු අතර යථාර්තය එයයි.ඔය තරම් සන්වේදී යැයි කියන අයත් ඔහොම නම් ඔය වගේ පොත් දස දහස් ගණනක් ලියුවත් අම්මලාට නම් වන සෙතක් නැත.
ReplyDeleteචමින්දගේ මේ කමෙන්ට් එක නිදා ඉන්න අයව ඇහරවන එකක්. ඔව් චමින්ද...පොත් වලින් නම් අමාරුයි කතා කරන්න. ඇත්තටම ඒක කරවන්න වෙන්නේ පොත් වලින් නෙමේ හිත් වලින්. හැබැයි මේ හිත් , නෙත් නොවෙන තාක් කල් වෙන්නේ පොත් ලියන එක විතරයි. ඇහැකින් දකින දේ, හිතකින් හිතන දේට වඩා වෙනස් තමයි චමින්ද. ඒ එක්කම දෙයක් කියන්නම්....නෙතට, හිතට වඩා වටහා ගන්න පුළුවන් සොඳුරුම අවයව තමයි "විඥ්ඥාණය". ඇහෙන් දැකලා, හිතලා...සවිංචොන් චොන් එකෙන් තමයි උඹලා වගේ මිනිස්සු පොලවේ පස් පාගන්න ඕන. එහෙම නැත්නම් නෙතුයි,පොතුයි,හිතුයි, හුතුයි ඔක්කොම වතුරේ. ඔය සියල්ලටම වඩා වැදගත් තමා තමා කවුද යන්න වටහා ගැනීමෙන් පසු, අනිත් හිත්, අනිත් නෙත් සහ අනිත් පොත් වටහා ගැනීම. මාත් කියන්නේ බයිලා. ගණන් ගන්න එපා, බයිලාත් එක රස වින්දනයක්!
Deleteසන්නස්ගලගේ චරිතාපදානයේද හිස් තැන් පවතී. එය ඔහුගේ දුප්පත්කමයි.. එහෙත් ඔහු පොහොසත් වන්නේ ඒවා පිරියම් කොට ඉදිරිපත් කිරීමෙනි.. (වාද නැත.. මගේ මතය පමණි)
ReplyDelete