වැඩ වර්ජනය කිරීම හා උග්ගෝසනය කිරීම වැඩකරන එකාගේ අයිතියක් බව අලුතෙන් කවුරුත් කියන්නට ඕනා නැතිය. ඒක ගෝනා ඔනෙක් දන්නා දෙයකි.
එහෙත් ලොව පුරා මිනී කඳු ගොඩගැහෙන වසංගතයක් පවතින මේ වෙලාවේ වැඩ වර්ජන හා උග්ගෝසන කරනා උන් මොළය කළඳක් හෝ නොමැති අමු ගොබ්බයින් බවත් නොකියාම බැරිය.
පවතින වාතාවරණය ගැන අවබෝධයක් නැති ගුරුවරුන් යොදාගෙන හූනියන් කාළකනින් ගෙන යන්නේ ඉල්ලීම් දිනාගැනීමක් නොව, අම්බරු රැළ දිනපතා පාරට බසිමින්, ජන ජීවිතය අවුල් කොට, රට අස්තාවර කරමින්, කොරෝනා පතුරවමින් ආන්ඩුව අපහසුතාවයට පත් කිරීම බව දැන් ඉතා පැහැදිලිය.
මන්ද, මුන් මුලින් පාරට බැස්සේ වැඩි පඩි ඉල්ලලාය, ජෝසප්පුවා උස්සාගෙන ගොස් කොරන්ටීන් කලේ ඊට පස්සේය.
ආන්ඩුව හා පැවති සාකච්ඡා සියල්ලේදීම කිව්වේත්, අවසානයේ කැබිනට් තීරණයක් ලෙස පැමිනියේත්, මේ වේලාවේ පඩි වැඩි කිරීමට ආන්ඩුවට මුදල් නැතෙයි කියලාය.
ඊළඟට මුන් සින්දුව වෙනස් කළේය. දැන් කියන්නේ වැටුප් විෂමතාවයක් තියෙනවාය. ඒකට විසඳුම් දියන් කියලාය.
ඒකට විතරක් නොව සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විශමතා ගැන සොයා බලා ඊට විසඳුමක් ඊළඟ අයවැයෙන් දෙන්නම් කියා ආන්ඩුව පාර්ෂවයෙන් කිව්වේය.
දැන් මුන් කියන්නේ ඒ බයිලා වැඩක් නැතෙයිය. දෙන දවසක් හරියට කිව්වොත් රූම් ගානේ යන්නේ නැතිව, ට්‍රිප් යන්නේ නැතිව, කොළඹ එන්නේ නැතිව ඉස්කෝලේ එන්නම් කියලාය.
ඒ කියන්නේ පට්ට පල් කෙප්පය. ඔහොම දිනයක් හා සොලියුසොන් එකක් දුන්නත් ඊ ළඟට ඕකුන් පාරට එන්නේ කොතලාවල කරේ තියා ගෙනය.
ඔය කිව්වාට බජට්ටෙකෙන් ඕවා විසදන්නේ නැති බව මුලු රටම දන්නවාය.
විශේෂයෙන් ඇමතිවරයාත්, ලේකම්වරයාත් මහාචාර්යවරුන් වන අජ්ජාපන අමාත්‍යාංයෙන් ඔය ගැටලුවලට කිසිදිනෙක විසඳුම් නොලැබෙන බවත් හොඳටම විශ්වාසය.
ඒ උන් දෙදෙනාගේ වැරද්දක් නොවේය. ඒ ලංකාවේ මන්ද බුද්ධික උපාධිකාරයන්ට, උපාධියත් සමඟ මාන්නය හා අලි ඔළුවකුත් ලබා දීමේ කරුමයය.
ෆුටා එකේ උන් කොතලාවල පනතට විරුද්ධ වන්නේ පාලනාධිකාරියේ උන්ට "සර්"කියන්නට වෙන නිසාය කීම, මීට හොඳම උදාහරණයයි.
ඇමතිකම් ලැබී වසරක් ගතවන තෙක්, අවුරුදු 24 ක් පැවතෙන ප්‍රශ්ණයක් ගැන නොදැන උන්නානම් හා දැනගෙන ඒ ගැන වෘත්තිය සමිති හා එකඟතාවයකට පැමිණීමට නොහැකි වූවා නම්, එයින් කියන්නේ මහාචාර්යවරුන් දෙදෙනාම පට්ට ෆේල් කියලාය.
ගැටළුව ගැන පුළුල් අවබෝධයක් සුසිල් ප්‍රේමජයන්තට තිබුනාට, කරුමෙට උන්නැහේ රාජ්ජ අමාත්‍යවරයාය.
ඔය ඇමතිකම අපේ මැටි ඇමතිට හෝ සනත් නිසාන්තට දුන්නා නම් මේ ගැටළුව අද ඇත්තේ නැති බව කැට තියා කියන්නට පුලුවනිය. ඒ උන් තමන්ගේ එකා ගැන බොක්කෙන්ම සොයා බලනා මිනිසුන්ගේ දහඩිය ගඳ සුවඳ හඳුනනා උන් හා ගැටෙනා උන් විමය. උන් පච වීමට අකමැති උන්‍ය.
කෙසේ හෝ ආන්ඩුව පත්කල ජනතාවද ඉන්නේ කළකිරීමෙන්‍ය. ඒ මහත් බලාපොරොත්තු තබාගෙන පත්කල ආන්ඩුව කොන්දක් නැති ආන්ඩුවක් කියලාය.
ඒ යහපාලන කාළයේ මෙන්ම දැන් ඇත්තේද අස්ථාවර රජයක් බව මිනිසුන්ට දැනෙනා නිසාය. එදිනෙදා කීයක් හෝ හම්බ කර ගන්නා උන්ට පාරේ නිදහසේ යන්න බැරිය. පාරවල් බ්ලොක්‍ය, පාරවල් වසා දමලාය.
මෙවන් වාතාවරණයක් හමුවේ විදෙස් ආයෝජකයෝ මෙහේ එනවයි කියා ආන්ඩුව හිතනවා නම්, අපිට කියන්න තියෙන්නේ සෝ සොරි ඩොට් කොම් කියලාය. යහපාලනයටත් උනේ මේ සැන්තෑසියමය.
මේ කාළකන්නින්ට වෙඩි තියන්න, කඳුළු ගෑස් ගහන්න හෝ බැටන් චාජ් දෙන්නෙයි කියා අප කියන්නේ නැතිය.
ආන්ඩුව වහාම රටේ හදිසි තත්වයක් ප්‍රකාෂයට පත්කර රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමය.
නමුත් ගගර්භණී මව්වරුන්ටත් සේවයට එන්නෙයි කියා කියන්නේ නම් ඒ යකා මනුස්සයෙක් වෙන්නට බැරිය.
අනික් කාරනය නම්, බජට් එකෙන් හෝ පඩි වැඩි කරනවා වාගේ ගොන් වැඩ නොකර සිටීමය. අත්‍යාවශ්‍ය භාන්ඩවලට බදු පිට බදු ගසා පඩි වැඩිකිරීමෙන් සමස්ත ජනතාවට වන සෙතක් ඇත්තේ නැතිය.
ආන්ඩුව කළ යුත්තේ දැනටමත් රටට බරක් වී ඇති ආන්ඩුවේ සේවකයන්ට පඩි වැඩි කර මුලු රටේම උන් අමාරුවේ දමනවාට වඩා,
අත්‍යාවශ්‍ය භාන්ඩ වලට පනවා ඇති හෙන ගහනා බදු ඉවත්කර සමස්ත ජනතාවට සහනයක් සැලසීමය.
ඒ වගත් මෙසේය......















