ඩයනාගේ නිශාචර සමාජය
Diana Gamage's Nightlife
➖➖➖➖➖➖➖➖➖
ඩයනා ගමගේ මා ඉතා ප්‍රියකරන දේශපාලන චරිතයකි. ඒ ඇය දැක්මක්, දැණුමක්, පරිචයක් ඇති ව්‍යාපාරික කාන්තාවක් වීම හේතුවෙනි. බැසිල් විසින් ඉදිරිපත් කරන ලද අයවැය අලලා පැවති විවාදයේදී ඇය දැක්වූ කරුණු නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම්, මේ රට ගොඩගැන්මට ඒ හොඳටෝම ඇතිය.
එහෙත් තම පිලේ එකෙක් නොවීමේ හේතුවෙන් හෝ කුමන හෝ හේතුවක් මත, රාජපක්ෂ පාලනයෙන් ඇයට ඒවා ක්‍රියාත්මක කිරීමට තබා, ඒ යෝජනා ගැන කතා බහක් හෝ ඇති වූයේ නැත. ඒ මේ රටේ තුච්ඡ දේශපාලන ක්‍රමයේ හැටිය. වැඩ බැරි නායකයෝ වැඩක් කළ හැකි එකා නැත්තටම නැති කරනාතර, වැඩක් කළ හැකි එකා නැති කරලාම දමන්නේය. ප්‍රසන්න රණවීර ඊට දිය හැකි හොඳම උදාහරණයයි.
ඒ දේශපාලන සංස්කෘතිය කඩාගෙන ගිය දෙදෙනෙකු වූයේ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂය. එහෙත් ඔවුන් බලයට පත් වීමෙන් පසු ඔවුන් විසින් අනුගමනය කළේද අර ක්‍රමයමය.
කුමනාකාරයේ විවේචන තිබුනද, මොවුන් දෙදෙනාගෙම පාලන කාළයන් තුල ආර්ථිකයේ පිබිදීමක් ඇති වූ බව නොරහසකි. එය බොරු යැයි කීමට කිසිවකුටත් නොහැකිය.
එහෙත් මේ අවස්ථාවේ රිගේනින් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කිරීමට පැමින සිටින රනිල් වික්‍රමසිංහයන් විසින් ඩයනා ගමගේට සංවාරක රාජ්‍ය අමාත්‍ය ධූරයක් පිරිනැමීම අගය කළ යුතුය.
ප්‍රභූ සමාජයේම නියෝජනයක් වන හරීන් වැන්නකු කැබිනට් අමාත්‍යධූරයේ සිටීම තවත් වාසනාවකි. දැන් ඇත්තේ ඔවුන්ගේ වාරයයි. සාම්ප්‍රදායික මත දරණ, අපේ හිඟන සංස්කෘතිය පමණක් විකුණාගෙන කෑමෙන් සංචාරක ව්‍යාපාරයෙන් ගොඩ එත හැකියයි සිතනා ගොබ්බ අමාත්‍යංශ නිළධාරින් හා සමඟ මේ ව්‍යාපාරය ගොඩගැනීම දැන් ඔවුන් හමුවේ ඇති අභියෝගයයි.
රාත්‍රී 10.00 පසු සල්ලි වියදම් කරන්න නයිට් ලයිෆ් එකක් හෙවත් "නිසාචරයින්ගේ සමාජයක්" නොමැති බවට ඇය කළ ප්‍රකාෂය මේ වන විට සමාජයේ කකතාබහට ලක් වී ඇත.
ඇත්තටම Nightlife කියා නිර්මචනය කරන්නේ කුමක්ද?
සරළවම කිවහොත් ඉන් අදහස් වන්නේ, වැඩිහිටි නිශාචරයින් ඉලක්ක කොටගත් කාමසුඛල්ලිකාණූයෝගී ජීවීන රටාවකට අවශ්‍ය අවස්ථාවන් හා ස්ථානයන්ගෙන් පරිපූර්ණ වූ කල්ට් එකකි. මෙවන් පිරිස් හැදින්වීමට ඉන්ගිරිසියේ භාවිතා වන්නේ Night Owls ලෙස වූවත්, අපිට "නිශාචරයින්" යනුවෙන් එක වචනයක් ඇත
එහෙත් නයිට් ලයිෆ් කිව්වාම අපේ ගොබ්බ සමාජය හිතන්නේ රාත්තිරියේ හැමිනෙන එක විතරෙයි කියලාය. ඇත්තටම නයිට් ලයිෆ් කියන්නේ එය නම්, ලංකාවේ ඕනෑම ප්‍රදේශයක, ඕනෑම තරු පන්තියේ හෝටලයේ සිට සාමාන්‍ය හෝටලය දක්වා ඒවායේ අඩුවක් නැති බව සබ්ජෙක්ට්ටෙකේ ඉන්නා ඕනම කෙනෙක් දන්නවාය.
අනික අපේ රටේ නොව සංචාරක ව්‍යාපාරය පවතින ඕනම රටක, ඕනම වේලාවක, ටැක්සි රියදුරන් හා ඩෝර්මන්ලා මෙන්ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සෑම සේවකයකුම සැදී පැහැදී ඉන්නේ මේ ව්‍යාපාරයේ ඒජන්තලා ලෙස සේවය සැපයීමටය.
එමෙන්ම සංචාරක ව්‍යාපාරය පිළිබඳ බොහෝ අය නොදන්නා කරුණක් වන්නේ, ගණිකාවන් පමණක් නොව, බීච් බෝයිස්ලා මෙන්ම හෝටල් සේවකයින්ද සිටින්නේ කාන්තාවන්ගේ මනදොල සපුරාලීමට බවයි. කාළයක් ලංකාව පිරිමි ළමා ගනිකාවන් සොයා එන ළමා අපචාරකරුවන්ගේ (pedopiles) පාරාදීසයක්ව තිබුනද, සංචාරක සේවයේ නියුතු අයගේ මැදිහත්වීමෙන්ම එය නැතිකර දැමීමට සමත් විය.
එහෙත් නයිට් ලයිෆ් යන්නෙන් අදහස් කෙරෙන්නේ එයම නොවේ. කාමසුඛල්ලිකාණූ ජීවිතයක් යනු හැමිනීමම පමණක් නොවේ. ඊට සංගීතය, මත්පැන්, මත්ද්‍රව්‍ය, ආහාර හා රංගනයන්ද අයත් වේ. ඕමාර් ඛයියාම්ගේ දර්ශණය යනු එයයි. එය පුරුෂ මූලිඛ අරුතෙන් ඉදිරිපත් වී තිබුනද, දැන් එය යුනිසෙක්ස් කර ගත යුතුව ඇත.
ඒ සඳහා රෙස්ටුරන්ට්, ස්ට්‍රීට් ෆුඩ්, නයිට් මාකට්, පබ්, බාර්, නයිට්ක්ලබ් (ඩිස්කෝ), කැබරේ, සංස්කෘතික සංදර්ශණ, සිනමා ශාලා, රංග ශාලා යන සියල්ල අවශ්‍ය වේ.
මේවා සංචාරකයින්ට පමණක් ඉලක්ක කරගෙන ඊට සීමා විය යුතු නැත. එය දේශීය නිශාචරයින් සඳහාද වෙන් විය යුතුය. දැනටත් එවන් ස්ථාන කොළඹ නගරයේ කිහිප තැනක ඇතත් (කොටුව හොස්පිටල් ස්ට්‍රීට්, මැරයින් ඩ්‍රයිව්) ඒවා සමාජයේ එක් ස්ථරයකට පමණක් සීමා වී ඇත. එය පිරිස ඉතා සුළු පිරිසකි.
මෙම පිරිස වැඩි වීමට නම්, රටේ ආර්ථිකය යහපත් තත්වයක පැවතිය යුතුමය, මධ්‍යම පන්තිය ප්‍රසාරණය වන්නේ එවිටය. එහෙත් ඩයනලා රටේ නයිට් ලයිෆ් හදන්න යෝජනා කරද්ද, නන්දලාල් වීරසිංහලා කරන්නේ, ඒවාට යන එන උන් ටිකද රට හැර යාමට සැලැස්වීමේ ක්‍රියාදාමයකි.
රෑට පාරවල්වල ලයිට් නැත. ලයිට් බිල් අහස උසටය. නයිට් ලයිෆ් පිරි ප්‍රදේශ අඳුරේ තිබිලා ඵල නැත, එවා නියොන් ලයිට් වලින් පිරි සුරංගනා ලොවක් මෙන් තිබිය යුතුය. රෑ නමයෙන් පස්සේ මත්පැන් බෝතලයක් ගන්නට නැත. රෑ 12 පස්සේ රෙස්ටුරන්ට් එකකින්වත් බෝතලයක් ගැනීමට නැත. ගණිකා නිවාස පමණක් නොව Spa ද පොලීසියෙන් වටලති. ගංජා සුරුට්ටු සම්පූර්ණයෙන්ම තහනම්‍ය.
ඇත්තටම 1977 පසු ගාලූ පාරේ බම්බලපිටිය කොල්ලුපිටිය අවට මෙවන් ප්‍රදේශයක් ගොඩනැගෙමින් පැවතින. එහෙත් 1983 කළු ජූලියත් සමඟ එය නැත්තටම නැතිවී ගියත්, නැවතත් එය කෙමෙන් කෙමෙන් ගොඩනැගෙමින් පැවතීම සතුටට කරුණකි. එමෙන්ම හික්කඩුව, මීගමුව හා උණවටුන ප්‍රදේශයේ පාරේ වාහනයක් යාමට නොහැකි තරමට නිශාචර සමාජයක් ඒ කාළයේ තිබින.
ඒ කාළයේ ඉතා ජනප්‍රියව පැවති රාත්‍රී 9:30 සිනමා දර්ශණය නැත්තටම නැතිවී සිනමාවට හෙන ගහලාම ගියේ 88/89 භීෂණයත් සමඟිනි. වේදිකා නාට්‍ය ක්ෂේශ්ත්‍රයටද අත් වූයේ එම ඉරණමමය. ඒ තබා නිවසක රාත්‍රී විදුලි පහණක් දැල්වීම, මරණ දඬුවම ලැබෙන වරදක් විය.
එයින් රාත්‍රීයේ පැවති පොදු මගී ප්‍රවාහණ සේවාවාන් නැත්තටම නැති වී ගියේය. මිනිස්සු රූපවාහිනියේ සෝප් ඔපෙරාවලට කොටු විය.
එමෙන්ම පොදු ස්ථානවල මත්පැන් පානය හා දුම්පානය නවතා දැමීමද නිශාචරයන්ගේ සමාජයට විශාල බලපෑමක් කළේය. එමෙන්ම කාර්‍යාල වේලාවන් මෙන්ම සාප්පු හා ෂොපින් කම්ප්ලෙක්ස් විවෘතව තබන වේලාවන්ද මේ සඳහා විශාල බලපෑමක් කරනු ලබන්නේය.
ඇත්තටම නිශාචර සමාජයක් ඇති කිරීම සඳහා රජයට සතයක් වත් වැය වන්නේ නැතිය. කළ යුත්තේ ප්‍රතිපත්ති සකස් කිරීම පමණි. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් අනෙක් සියල්ල පරිපූර්ණ කරණු ඇත.
මේවා මහා විප්ලව නොවේ.
අවශ්‍ය වන්නේ,
කොන්දක් ඇති දේශපාලන නායකත්වයන් පමණි.
එවන් කොන්දක් හරීන්ට මෙන්ම ඩයනාටද ලැබේවා යන්න අපේ අවංක පැතුමය.
.






.jpg)



.jpeg)

