.

.

Jun 24, 2017

ළහිරු පුතා වෙත ආදරෙන් - To Lahiru with Love




ළහිරු පුතේ,

ඇතුලේ ඉඳන් පොතක් ලියන්න...

ඊට පස්සේ කවි ලියන්න...

දැන් ඇප ඉල්ලන්න.

මහින්ද මහත්තයට, දිනේස් මහත්තයට, ඔයා බලන්න එන්න කියන්න..

කැමති නම්, පුබුදුටයි කුමාර්ටයිත් එන්න කියන්න...

පෙරටුගාමි පක්ෂයට ඉට්ටේසම ඉස්සරහා උපවාසයක් පටන් ගන්න කියන්න...

එක පවත්වන දින ගනන එතන ප්‍රදර්ශණය කොරන්න...

අදද රෙණටත් එන්න කියන්න...

ඒ ඇවිත්,

ඔයාගේ පොඩි උනුයි, නෝනයි ගෙනල්ලා, හොටු පෙරාගෙන අඬන්න කියන්න...

ඊට පස්සේ ඇත්තටම කන්නේ නැති උපවාසේ පටන් ගන්න...

මතක ඇතිව රැවුල කොන්ඩේ ට්‍රිම් කර ගන්න....

ගෙවන වාට්ටුවට යන්න ඕන කියන්න...

ඇම්බියුලන්ස් එකේ යන ගමනුත්,


අත වනලා පොර ටෝක් දෙන්න...

අස්ගිරි පන්සලට වෝනින් එකක් දෙන්න කියන්න...

බැරිම උනොත් ,

සිරාටයි, රනිල්ටයි කියන්න...

ආන් ජොස්තරලත් ෂේප් වෙලා...



පුතාට අබ සරණයි

අපිට අස්ගිරි බුදුන්ගේ සරණයි... 

Jun 22, 2017

ගොබ්බ දෙමාපියන්ට නැවත ඇනතුරු ඇඟවීමයි..!!! - Warning for stupid parents





මාතලන් මින් පෙර අවවාද කළේ ආදරෙනි.. එහෙත් දැන් නම් කියන්නට සිඳු වන්නේ කැම්පස් දරුවන් නොව ඔවුන්ගේ දෙමාපියන් අමුම අමු ගොබ්බ මී හරකුන් බව පමණක්මය. මන්ද මේ දරුවන් 88/89 ගැන මෙලෝ හසරක් නොදන්නාතර, 72 පුකේ විප්ලවේ ගැන උන්ගේ දෙමපියන්ද මක්කාවත්ම නොදන්නා මී ගොන් වස්සන් හා වැස්සියන් පිරිසක් බව පමණමය.

Jun 19, 2017

නානසාර බුදු වේවා...!!!



ජනාධිපති තුමා පත්තරේ අතට ගත්ත ගමන් උඩ ගිහිල්ලා ආයෙත් ජනපති පුටුවටම වැටුනාට, පුටුවේ ඉඳන් ජයන්ති නෝනාට කෑ ගැහුවේ, බලනව හාමිනේ මේ යක්කුත් එක්ක බෑ නේ කියාගෙනය. ජයන්ති නෝනා ගත්ත කටටම කිව්වේ මම කිව්වා නේ මහත්තයා, ජනතාවට එපා වෙච්චි උන් මොන කෙහෙල්මලකට අයේ ගෙට වැද්දගන්නවද, අර රනිල් මහත්තයත් එක්ක ෂේප් එකේ ඉඳලා හිටන් ආයේම පොදු අපේක්ෂකයා උනාම කිසිම කරදරයක් නැතිව ආයෙත් මම ජනපති නෝනා වෙනවාය හිටන් කියලාය..

Jun 17, 2017

කිරි කැඹුලා. වඳුරා හා පෙත්තප්පුගේ කතාව (අතිශයින්ම වැඩියන්ටම පමණයි)- C U Later Alligator (13+)




අතිශයින් වැඩිහිටියන්ටම පමණයි. පොඩි උන් මෙතනින් එහාට කියවන්නම එපෝ..

මෙය බුකියේ සැරිසරනා ඉතා ජනප්‍රිය පෝස්ටුවකි. ඕනෑම මළහත්තිලව්වක් දේශපාලන ඇන්ගොල් එකෙන් දකිනා මාතලන්ට නම් මෙය ඉතාමාත් නිර්මාණාත්මක කාලින යාං හෑල්ලකි.

මේ එහි තවත් වර්සොන් එකක්ය. මුලින් උන්නේ වඳුරා හා කිඹුලා පමණි. දැන් ඊට පෙත්තෙක්ද එක්ව ඇත.

කිඹුලා යාපාලනේ ලෙසද, වඳුරා අපි වාගේ යාපාලනේට මනාපේ දුන් අය ලෙසද, පෙත්තා සිවිල් පොරවල් ලෙසද ගෙන කියවන්න..

අනෙක් උන් ඕනෑම විදියකට ආදෙස කොර කියවා සැනසෙන්න.. 



Jun 10, 2017

අනුන්ගේ පුක් සේදීමට පෙර, තමන්ගේ පුක සෝදාගෙන සිටින්න - Wash your back before touching mine




මළ මඟුලක් නිසා අනුර කුමාරයා ආගිය අතක් පේන්න නැති අතර, වෙනදා හැම මළදානෙටම ප්‍රෙස් කොන්පරන්ස් තියනා මහ උන් නැතිව, මේ වර එවලා තියෙන්නේ ජේවීපී වහළුන්ට අමුඩ ගස්සවා නාස් ලනු දමා හෙළුවෙන් මහ පාරේ යැව්වද කිසි දිනක නියරකවත් ගමන් කොට නැති, නාමල් කරුණාරත්නම් මහා ගොයියාය. එයා ඇවිත් ජෝන්ගේ මාජ්ජා කෙරුවාව ප්‍රශ්ණ කරනා කොට කනත්තේ ඉන්නා සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ හා ප්‍රේමකීර්තිලාගේ ඇට කටු විමුක්ති ගී වල තාලයට, වල උඩ ඩාන්ස් දානවාය.

Jun 7, 2017

නානසාර, සුසන්තිකා, තෙරේසා මේ සහ බත් කන හරක් - Theresa May, Gnaanasaara, Susanthikaa & Bufffalos of Siri Lanka



යහපාලනේ කියන්නෙම හීන ගොඩක්.. ඒ හන්දමද මන්දා දැන් මට පෙනෙන්නේ අමුතුමාකාරයේ හීන බොලල්ලා... මේ ඒ වගේ දැක්ක හීන කීපයක් එකතුවක්...


Jun 3, 2017

ස්වාභාවික විපත් ඇනුවල් ඉවෙන්ට කර ගනිමු..ඇනුවල් පිරිත් දෙකකට සෙට් වෙමු.. - Lets celebrate Natural Disaster Annually




සුවභාවික විපත් ලෝකය මැවූවායැයි කියනා දෙවියන් වහන්සේටවත් නවත්තන්න පුළුවන් ඒවා නොවේය. ඒත් දැන් ට්‍රම්පට් අයියා හැර ලෝකයේ එනෙක් බලවතුන් මේ ගැන මක්කා හෝ කරන්න යනවාය. අම්මට සිරි ලංකාවේ උන් ඉන්නේ එසේ වෙනසක් කිරීමට උත්සාහ කරනා උන් එක්ක නෙමේය, නාහෙට නාහන පිස්සු යකෙක් වෙන ට්‍රම්පට් අයියාගේ පැත්තේය. මේ විපත් වලට හැම එකාම මහින්දටයි, සිරිසේනටයි, රනිල්ටයි එද ඉඳන් රට පාලනය කරපු උන්ගේ පලු ඇරියාට උන්ටම ඉතරක් දොස් කියලා හරියන්නේ නැතිය. 

May 29, 2017

ඟං වතුර ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඉන් මාතලන්ස් වේ - Disaster Management in Maathalan's way




වැස්ස වහින එක සිරිසේනටවත්, රනිල්ට තියා මහින්දටවත් නවත්තන්න බැරිය. ඒ වාගේම 2020 ආන්ඩුවක් පිහිටුවන්න සිටිනා රතු තරුව බලකා බලගනයේ නායක අනුර කුමාරයාටත් බැරිය. ඒ තියා නිර්මාල්ට මෙන්ම වෛද්‍ය සංගමයටත් බැරිය. වහින්නේ නැතෙයි කියා හංදියක් ගානේ කන පැලෙන්න පීකර් දාගෙන පිරිත් කියපු නිසා, වැස්ස වලාහක දෙයියන්ට මළ පැනලා, ඉඳා කාලා වරෙන් කියා පුක නැති වෙන්නම දෙන එක දෙනවාය. 

එහෙම පුක නැතිවෙන්න දීලා 100 ක් දෙසීයක් මැරුණායින් පස්සේ සංඛ්‍යා ලේඛන ජනතාවට දීම සඳහා අමාත්තියන්ස හා දෙපාර්තමේන්තු කීපයක්ද පියිටුවලා තියෙනවාය. ඒවා හැඬල් කොරන්න ඩිසාස්ටර් මැනෙජ්මන්ට් සැන්ටර් කියා එකකුත්, මිනිස්ට්‍රියකුත් තියෙනවාය. ඒකේ ඇමතියාත් ඟං වතුරේ ගහගෙන ගොහින්ද කොහේදය. ඉතින් දන්න කියන අය, යා පකෝ යා පකෝ කියා එතුමා සොයනවාය.

May 13, 2017

මෝදිගේ ලංකාගමනය හා ලංකාවේ ආර්ථිකය - Modhi's Visit to Lanka & ETCA






බුදු හාන්දුරුවෝ ලංකාවට කිසි කළෙක වැඩම කර නැතත්, වැඩම කළා යැයි සඳහන් සුරඟන කතා තුල පවා ඇත්තේ, මේ රට කොතරම් ගෝත්‍රික රාජ්‍යයක්ද කියනා කාරනයයි. සුරඟන කතාවල කියනාකාරයට වැඩම කළ අවස්ථා තුනේදීම වැඩම කොට ඇත්තේ, පාලකයන්ගේ කචල් සෙටල් කිරීම සඳහායි. මහියංගනයට වැඩි අවස්ථාවේ, අද යක්කු මෙන්ම එදා යක්කුත් පුළුවන්නම් වැඩම කරපන් ඩෝ කීවාට, වැඩම කලායින් පස්සේ නැට්ට පුකේ ගසාගෙන දිව යන ආකාරය දැක්වෙන බිදු සිතුවමක් කැළණිය විහාරයේ සෝලියස් මැන්දිස් ලොක්කා විසින් අපූරුවට සිත්තම් කොට ඇත්තේය.

May 12, 2017

සිරිසේනගේ අපාය සහායක මිත්‍රයෝ - Friends you should get rid of




එලොවටත් නැති මෙලොවටත් නැති ලෝක මහා බෞද්ධ සම්මේලනයක් කියා එකක් මේ රටේ තිබ්බාම මුළු ලෝකේම ඒ දෙස බලා සිටිනවා කියා කිව්වාට, එහෙම එකක් අපි නම් ඉන්ටර්නැෂනල් වල නිව්ස් වල නම් දැක්කේ නැතිය. කෙසේ වෙතත් විප්ලවයකින් පත්වන ආන්ඩුවකට හැර (ජනවාරි 8 විප්ලව වාගේ ඒවා නම් නොවේ) බුද්ධාගාම හා කහකඩ සිවුරුකාරයින්ගේ සප් එක නැතිව ආන්ඩුවක් ගෙන යන්න බැරි ගානට, දැන් හැම පක්ෂේ එකාම පළතුරු වට්ටියකුත් උස්සගෙන පඩයක් ගියත් දුවන්නේ මහා නායක උන්නාන්සේලා වෙතය. උන් නාන්සේලා ඇවිල්ලා ජනතාවට ආදරේ පිරිසක් නෙමේය. එහෙම උන් නාන්සේලා නම් "සුන්දර නුවර" වායූ දූෂණ නඟරයක් වෙද්දි පාරවල් වසාගෙන ගෙම්බර් දාන්නේ නැතිය.

May 7, 2017

ගාළු මුවදොරින් පුක චූන් වී. වර්ජනයෙන් නා ගැනීම - Join operation was not successful.




පාදෙනිය හා ගොම සංගමය මෙවර හත්පොලේම ගා ගත්තේය. වර්ජනයක් ගැන කිය කියා උන්නද, "දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක්" ගැන පාරම් බාන්නට වූයේ, ගෝල්පේස් ආපූ වහළුන් ටික දැකලාය. ගමේ දේශපාලනය ගැන අබ මල් රේණුවක හැඟීමක් දැනීමක් ඇති උන්, මේ සෙනඟ ආවේ කොහොම්ද කියලා හොඳටම දන්නවාය. ඔය ආවේ ජනාධිපතිවරණයේදී මහින්ද රට පුරා ගෙන ගිය වහළුන් සෙට් එකමය. 

Apr 28, 2017

සුභ ගමන් විචා....!!! - Good bye Vicha...!!!




ලාග්ගත් ගහගෙන
ඔළුව උඩ කප් බැලන්ස්
ඩාන්ස් එකකුත් එක්ක
ආයෙත් දවසක 
හමු වෙමු විචා

උඹට 
සුබ ගමන්...!!!

Apr 24, 2017

සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs




මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.