ඕල්ඩ් කයිය..
පෝලිම් දෙකකි වාහන හා ජහ මනයා
පැයක් පමණ හිරු රැස් නහමින් සිටියා
ලොකු ලොකු එවුන් නම් පෝලිම මග ඇරියා
ටිකැට් ගත්ත පසු අපි ඇතුලට ඇරියා
යකඩ ගොඩක් මැද තඩි ගොඩනැගිල්ලකි
යන්නට බයයි ඒවා දැක්කාම සකී
ඇතුලට ගියෙමි මහ කලු තඩි ඔළු ගොඩකි
පෑලියගොඩත් මෙවැනි පොලක් දැකිය හැකී
තැන තැන ලීෆ්ලට් දෙන සුර අඟනන්ය
ස්ට්‍රේට් කරන් ස්ට්‍රෙච් ඇඳගත් කෙල්ලන්ය
උන් පස්සෙන් ජෙල් ගා ගත් කොල්ලන්ය
බලූ පූට්ටූ ලෙස ඇලවුනු පෙම් වතියන්ය
ෆැමිලි නාඩගම මෙහිදිත් නැගල යතී
කශ්ටිය එක්ක එක්වී හිම කිරම කතී
වට පිට බල බලා ඉඳ හිට ලෙවත් කතී
මේ හැත්ත නම් ගන්නා මළ පොතක් නැතී
කඩ්ඩෙන් ලියූ පොත් කියවන ඇත්තන්ය
හවු මච් කියා කෙල්ලෙක්ගෙන් විමසීය
ටූ මච් කියා නැවතත් පොත තැබුවාය
නෑ සුද්දෝ නෙවෙයි අපගේ පද්දන්ය
හොයමින් ගිය පොතක් යන්තම් හමූ වූවා
මේ පොත කීයදැයි සතුටින් විම සූවා
නොට් එවෙලබල් හෙට නම් යලි එයි ඒවා
එන්නට හෙටත් මුදලක් මම ඉල්ලූවා
එහෙම මුදල් දෙන්නේ නැති බව කීවා
ඊළඟ වසරෙ එන්නම් යැයි මම කීවා
මැරිගෝ රවුම් ඔන්ච්ල්ලා ඉඳිවේවා
පබ් එකකුත් සමග දිගුකල් වැජඹේවා
නව කයිය
නිකං කියවන් නැතුව..
පොතක් ගෙන කියවන්න..
-------
පොත් කාරයෝ එක්වී
පෙරලති අපට පොත්
-------
එති
ගනිති
පෙරලති
දමා යති
--------
සුචරිත ගම්ලත් මහ ඇදුරු
පොත් නැත නගයි චුරු චුරු
ඔහුගෙ පොත එනතුරු
පාලී පොත් ගහපියව් පතුරු
--------
පොකට් එක එම්ටි වෙති
ගන්නාවූ පොතක් නැති
නෙත් පුරා රස විඳිති
රෑට වහලෙන් වඩිති
ඇඟද කිලි පොලා යති
--------
නෙක්ස්ට් ඉයර්
බුක්ස් ගන්න කෙල්ලන්ට
සංගා සමග රැයක්
කොල්ලන්ට
නෙහාරා සමග රැයක්
බුදියන්න නෙමෙයි බන්
බත් කන්න.. බත් කන්න...
--------
නෙතු නොයයි බුක්ස් වලට
යන්නේම පුක්ස් වලට
ඒ නිසා නොයමි මම
පොත් ප්‍රදර්.. ශනවලට
අති විශේෂ...
අපේ ගිම්හානි කෙල්ලත් කවි ලියන්න පටන් අරන්..
මෙතනින් බලන්න කෙල්ලගේ වැඩ
දේවා ත් සින්ඩියක් පටන් අරන්
මෙතනින් බලන්න කොල්ලගේ වැඩ
අම්මා ගහයි . . . පට්ට ම සිරා බන්ස් . .
ReplyDeleteදුකා අයිය කිව්ව වගේ අම්ම ගහයි බැටන් පොල්ලෙන්...
ReplyDeleteමාතලන් අයියෙ මේව එකතු කරල ප්‍රසිද්ධ පත්තරේකට දාපන්, නැත්තන් පොතක් ගහපන් බන්... බ්ලොගේ විතරක් තියෙන්න ඇරියොත් නම් අපරාදෙ...
මාත් හෙමින් රිංගුවා ඕකට අය්යේ..
ReplyDeleteබුකියේ කොල්ලෝ අඩ ගැහුවා මට අය්යේ..
උන් ටික හෙමින් මග ඇරලා මම ජොලියේ...
කොල්ලත් එක්ක සෙට් උනානේ පෙම් කෙලියේ.
එළ එළ මරු ඈ ........:D
ReplyDeleteසිංහයත් ඉතින් කස්ටිය සමග එදා
ReplyDeleteඕකට ගිහින් ඔලුවත් පොඩ්ඩ්ක් දාලා
පොඩි රස්තියාදුවක් එහෙමත් හෙම ගහලා
පොඩි පොත් දෙකක් අරගෙන ආපහු ආවා
අම්මෝ අපි බයයි මෙව්වාට
ReplyDeleteඔය කයි වැඩ හුරු නැති වෙදනාට
නොයමි අපි ඔය මේලාවලට
ගියොත් අම්මේ වෙන වැඩ නොකියමි ඔහෙලාට
පිටකොලේ මනාපයි
ReplyDeleteලැමිනෙට් පිටින්මයි
ගාන නම් ඉහලයි
ඇතුලෙ පිටුනම් පාංකඩ මැයි
මේවාගන්නට
සල්ලි නැත මාහට
කාගෙන් හරි ණයට
ඉල්ලාගෙන කියවමියි සවසට..
@ දුකා
ReplyDeleteඅම්මා ගහයි නෙමෙයි.. පට්ට ගහයො කොරන එව්වා දැක්කනම්..
ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකකට පොඩි උන් ගෙනිච්චා වගේ..
@ සාතන්
ReplyDeleteකීයක් හරි හොයා ගන්නත් පුළුවන් අමාරුවෙන් ඉන්න වෙලාවේ..
උඹෙත් ඇහේ පොට ගියපු කතාවක් ඇහුව මම..
@ ගිම්හානී
ReplyDeleteමන් කීවේ බොරුදැයි මට කියාපියෝ
මඩු වලිගයක් ගෙන මේකිට තලාපියෝ
@ ද ලයන්
ReplyDeleteනරියන් සමග සිංහයෙකුත් එහි සිටියා
පිටු හතලියේ පොත් දෙකකුත් අරන් ගියා
ගියොත් මොකද වෙන්නේ මහා වේදනාට...
ReplyDeleteගැටිස්සියෝ පස්සෙන් එයි හමුවන්ට...
කිරිපනුගාය ඇති නාඹර කෙල්ලන්ට..
දෙනු මැන කසායක් මකබැවිල යන්ට.
@ වෙද මහත්තයා
ReplyDeleteසාතන් කීවේ ඇස් පොට යන කතාවකි
වෙදනා කීවේ ඊටත් සැර කතාවකි
වෙන ඒවලත් පොටවල් ටික යන සෙයකි
පෙනෙන්නෙනම් කයියත් පුළුවන් බවකි
@ ලොකු ජෝන්
ReplyDeleteඉල්ලන් යන එවින් පොත් කියවන්නට ණයට
කනවද මන්දා එන්නෙම නෑ රාක්කෙට
එමනිසා ණයට ඉල්ලා අමනාප නොවන්න.
@ ගිම්හානී
ReplyDeleteදෙන්නට නියම බෙහෙතක් මා ළඟද තියේ
අන්තීමෙටම් කියනා තුරු ඉන්න ප්‍රියේ
සිරාවට....මම ඕවා දැක්කෙ නෑනෙ...අපරාදේ.......හි හී හී....
ReplyDeleteබලන් ගියාම හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට වගෙ...
ගිම්හානි අක්කටත් සිතෙනා මේ දේවල්
ReplyDeleteඅම්බෝ බයයි ඉන්නට මහා දවාලටත්
අපි පොඩ්උන් නිසා නොදනියි ඔය දේවල්
දුන්නොත් කියලා වෙයි පිනක් ඔහෙලාටත්
මට හොඳ සගිස්කුරුත සොලෝකයක් මතක් වුනා.
ReplyDeleteස්ත්‍රි රත්නං පුස්තක රත්නං පර හස්ත ගතං ගතං
ස්ත්‍රිය සහ පොත අතින් අත ගියොත් ගියාමය.
මේ පොත් කතා ඇහෙද්දි ලංකාවේ තරම් පොත් කියවන මිනිස්සු කොහේවත් නෑ කියලා මටත් හිතෙන්නේ?
ReplyDeleteඉතින් දෙයියනේ මේ පොත් කියවන මිනිස්සු මේ තරම් ඉන්න රටක හැටි කියලා දුක් නොවුන අවශ්තාත් නැත්තේම නෑ.
බලාගෙන ගියාම කට්ටිය පොත් කියවන්න බලාගෙන යනවට වඩා වෙන දේවල් වලටනේ යන්නේ නේද මාතලන්...
මචන් ඔය ජෙල් ගාලා හොඳට ඇඳ පැලඳ ගත්ත කොල්ලො විතරමද ඔතන ඉන්නේ...එහෙනම් හොඳ වෙලාවට එන්න නොලැබුනේ... හෙ හෙ
@ දිල්
ReplyDeleteඔහේ ගියේ පොත් බලන්ට වෙන්ටෑ...
@ චම්මා
ReplyDeleteරස කවි ලියයි චම්මා
කෙල්ලන් දේවී උම්මා
දැනගත්තොතින් අම්මා
කාමරේමයී. අගුළු දැම්මා
@ වෙද මහත්තයා
ReplyDeleteකාළේ වෙනසක් නෑ එහෙනම්..
@ ඉල් මොන්දෝ
ReplyDeleteමොන කියවනවද. එහෙමනම් මෙහෙම් බූරූ රැලක් ඉඳියිද. මලවල කනව ඇති මයේ හිතේ. පොඩි උන්නම් ගෙනියන්නේ ඇක්සයිස් පොත්.
අනේද කියන්නේ තොරන් බලනවා වගේ. කවි කියන්නත් ලබන සැරේ පටන් ගනියි.
මල කෙලියය්, දැන් කොමෙන්ට් එකක් දාන්න විධියකුත් නැති වේගන යන්නෙ. හැමෝම එන්නෙ කය් පද කර ගහ ගෙනනෙ ....හෙහ්..හෙහ්...හෙහ්....
ReplyDelete@ ඔබ්සර්වර්
ReplyDeleteලියන්නයි තියෙන්නේ එකක් කෙලවෙලාම යන්න..
මමත් පොත් ප්‍රදර්ශනේ පොත් පෙරලා පුක් ප්‍රදර්ශනේ පුක් බැලුවා..
ReplyDeleteඉතිව් බං කට්ටිය පොත් ප්‍රදර්ශනේට එනවනෙ පුකේ හැඩේ පෙන්නල යන්න.. රු 10 ඒව බලපං... මම බැලුවෙත් නෑ පොත් ප්‍රදර්ශනෙ... :D :D
හතලියෙ නෙමෙයි දෙසීයෙ පොත් මම ගත්තේ
ReplyDeleteකවුදැයි නරිය මම කිකිලියො සමග ගියේ .......
හිතා ගත ඇහැකි.... කොහොමත් ඔය ප්‍රදර්ශන වල මොනා නැතත් එන අයගේ ප්‍රදර්ශනේ ම ඇති...
ReplyDeleteබී එම් අයි සී එච් එකේ එහෙම හවස් වෙන්න තියෙන ප්‍රදර්ශනේකට ගියානම් අයියො සංසාරේ කියල හිතේ....
මාතලන්ගෙ කවි අහලා ආසාවක් ඇති වූවා
ReplyDeleteඊළඟ පාර එකට මාත් යනවා.......
කොහොමද මගේ කවිය?.....
අනිත් උන්ට ඇප නෑ නේද?..........
@ පොඩි මෑන්
ReplyDeleteකවුද බන් පොත් බලන්නේ. මම බලන්නේ වැඩිපුරම උඹ බලන ඒවම තමයි..
@ ද ලයන්
ReplyDeleteඑහෙනම් වෙන එකෙක් මා එහි දැක ඇත්තේ
කිකිලියෝ සමග යන සිංහයෝ දැක නැත්තේ
@ බ්ලොග් ගඩොල්
ReplyDeleteපරාක්‍රම කොඩිතුවක්කු ආයේ කවි ලියන්නේ නෑ කිව්වා..
හැමෝම ලිව්වේ හොඳමයි ඒ ගැන
ReplyDeleteමොකදැයි හරහට ලිව්වේ මේ තැන
ඇඹුලය මේ මිදි කියනව උඩ පැන
කමකට නැහැ සතුටුයි යනු බැරි වුන
@ බින්දි
ReplyDeleteකරුමේ කියන්නේ බින්දියෙ ඕකමය
පොඩි කාළේ ඉඳන් දැක්කේ වැරදිමය
සෝයි කවි ටික මාතලන් ..
ReplyDeleteඅප්පට සිරි!!
සිරාවට ඔය කියාපු එවුවත් තිබුණාද මාතලන් .. අපරාදේ මටත් එන්න තිබුණා ඔය කියන බුක් මෙවුවා එක බලලා යන්න
හික්ස්!ලෙසටම ලියලා තියනවා! බොරු කියන්නේ මොකටද?ඉස්සර අපිත් ගියේ පුක්ස් බලන්න තමා! :)
ReplyDelete@ හිස් අහස
ReplyDeleteපස්ඨම ආතල්. ඊළඟ පාර පලයන්..
@ සබිත්
ReplyDeleteනැත්තන් කොල්ලො රංචූ පිටින් රිංගන්නේ අහවල් කාරනේටෙයි...
පට්ටම සිරා අය්යේ.... කියන්න ඉතින් වදන් නැත.... මුව ඇත ගොලු විලා
ReplyDeleteබුදු මාතලන් අය්යේ පොත් ගණන් බඩු
ReplyDeleteඑනමුත් අය්ය දැකල ඊටත් වටින බඩු
ඇහැ හැරුනනම් එදා හිටි පැත්තක බඩු
මගෙ "චීටි" ගෙන් මගෙ ඔලුවට ෂුවර් බඩු
පොත් මේලාව දෙස
ReplyDeleteඔයතරම් නෙගටිව් ලෙස
බලනට නොහැක මට නම්
දකිමි පොසිටිව් ලෙස මම්
සමාජයේ උඩ ඉඳලා පහලට
ඕන තරාතිරමක අය එනවා
තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
හිතට වැදුණු පොත අරගෙන යනවා
විස්ස විජ්ජාලෙ කොල්ලන්
ගාමන්ට් එකේ කෙල්ලන්
ගුරුනුත් සමග සිසුවන්
පිට රැටියන් ද සඟ සව්වන්
පවුල් පිටින්ම එන්නන්
මා වැනිවූ තනිකඩයන්
මාසික වැටුප් කරුවන්
පොත් සොයා එන මෙහැම "මිනිසුන්"
මිනිසුන් ගෙ ඇද කුද
නොදකින් මලේ මේ ලෙස
නිතර එක් වන එක
මිනිස් ගතියකි පැවති පෙර සිට
එක පොතක් හෝ ගෙන
කියවා බලන රිසියෙන
පැමිණෙති බොහෝ දන
කියවීම සපුරයි මිනිස් කම
බොහෝ හොඳ පොත් විකිණේ
කියවන දන ද බිහිවේ
රටට හොඳ එය වේ
පතමි පොත් මේලාව ජයවේ!
@ දේවා ගේ අඩවිය
ReplyDeleteඅතත් බ්ලොක් උනයි...
මටත් අරව දැක්කම එහෙම වෙනවා..
@ චීටා
ReplyDeleteචීටීත් එක්ක මොකටෙයි ඕවට යන්නේ
දෙන්නම එක්ක පිචර් එකක් බලපන්නේ
ලයිට් නිවාලයි පිච්චර් පෙන්නන්නේ
වට පිට මුකුත් නැහැ නොවැ බන් පෙනෙන්නේ
@ පොත් ගුල්ලා
ReplyDeleteපොත් ගුල්ලාගේ දුක මා හට වැටහෙනවා
නෙගටිව් නොවී කොහෙමෙයි ඇඟ වෙව්ලනවා
සත පහ නොවටිනා එවුනුත් මෙහි එනවා
කියවන එකා කඩල ගොටුත් කියවනවා
ඔබේ කවි පන්තිය
හරි ළස්සනයි එය
මා ඊට මනාපය
අගේ කළ යුතුමැය
ඇත්තටම මම ගොඩක් මහන්සි උනා මගෙ ප්‍රියතම ලේඛකයා වන පවුල් කොයියා ගේ Berri on the cad sheet පොත හොයන්න . . . . . ලැබුනෙ නෑ . . . . ආන්න සාම්භාව්්‍ය පොත් . . . . . .
ReplyDelete@ ඕනයා
ReplyDeleteමමත් දැක්ක ඔය පොත හොයපු බාසා වෙල්ලන් වගයක් උඹත් එතන උන්නද දන්නේ නෑ.. හෙහ්... හෙහ්...