කාගේ රෙද්දක්ද බන්
උඹ හොරා අරගත්තේ
වෛවර්ණ වූ ළොවේ
කිම ධවල වර්ණයම
පින් බිමේ සොරුන් සැම
සැරසී ධවල වර්ණයෙන්
ඒකදැයි කාරණය
උඹ මෙහේ නොම එන්න
උඹ මෙහේ නොආවට
සුදෝ සුදු රෙදි හොරුන්
හැමතැනම වැහිවැහලා
බය නැතුව වරෙන් බන්
කවුරුත් නැ අල්ලන්නේ
ගලක්වත් නොගසන්නේ
ආරක්ෂකයෝ ඕනනම්
කියාපන් සපයන්නේ
මහා ගරු ඇමතිවරු
මහ ඉස්කොලේ පතිවරු
රජයේ නිළධාරින් ගරු
එපමණක් නොවෙයි බන්
කාකි ඇඳුමක් අඳින
පොලොස් හොරු
මහත්වරු
හොරා කන අත් දෙකට
සුදු පාට අන්දලා
හරිම ලස්සනයි බන්
පින් පාට බේරීලා
සටහන :-
ට්‍රැෆික් රාළහාමිලාගේ අත් සුදු පාටයි
දැනුම්දීමයි...
මම මෙක ලිව්වේ පද්‍ය කවි ඒ වගේ ඒවා කියන මගේ බොගට. රසිකයෙක් කෝල් කරල කිව්වා. මාතලන් බොගේ දාන්නෙයි කියලා. ඒ නිසා අරකට අළුත් එකක් දාලා මේක මේකේ දැම්මා...
මට මතක විදියට නම් මේ සුදු රෙදි හොරා හා ගින්දර හොරා කියලා කුරුල්ලෝ දෙන්නෙක් උන්නා. මම මේ කියන්නේ අවුරුදු තිහකට විතර ඉස්සර. කාලයක් තිස්සෙම මම මේ කුරුල්ලන්ව දැක්කේ නෑ.
ReplyDeleteකිව්වත් වගේ ඒ කුරුල්ලෝ නො එන්නේ මාතලන්ගේ තියරි එකට වෙන්න ඕනේ.
ඇයි සිවුරු හොරත් ඉන්නවානේ... ඌට දැං කියන්නේ හොර සිවුරා කියලා...
ReplyDeleteඇත්ත නේන්නම් කාලෙකින් මේ අයව දැක්කෙ නෑ...
ReplyDelete@ ඉල් මොන්දෝ
ReplyDeleteමං කවදැයි බොරු කිව්වේ..
@ ප්‍රසන්න
ReplyDeleteවැහි වැහැල.. වැහි වැහැලා.. එකෙක් මේ ළඟදී සිවුර විසි කොරලම දැම්මා..
@ නිසූපා
ReplyDeleteඋන් දන්නෙ නෑ. කිසි අවුලක් නෑ කියලා. මේ කවිය දැක්කයින් පස්සේ එයි..
සුදු රෙදි හොරා කියන කුරුල්ලව පුංචි කාලෙ දැක්කට පස්සෙ දැකල නැහ... අවුරුදු 20 කින් වත්... ඒ තියා සමනලයෙක් වත් දකින්න නැහ නේ ලේසියකට
ReplyDeleteසුදෝ සුදු රෙදි හොරුන්
ReplyDeleteසමඟ සුදු, සුදු හොරුන්
කළු හොරුන් එකතුවෙන්
උඹව මඟහැරුනිද ඉතින්
අනේ මන්ද අරහෙ මය්ය බොරු කාරයො ගැන ලියනව, මෙහෙ මාතලන් හොරු ගැන කවියෙන් ලියනව. අපි කොහොමද අත පය දිග ඇරල නිදා ගන්නෙ වත්
ReplyDelete@ ඉන්දික උපශාන්ත
ReplyDeleteමග හැරීමක් නොවේ
බය වෙලා නම් වගේ
කවිය දුටු පසුවවත්
ඒවිදෝ සැක සිතේ
@ පිස්සා පළාමල්ල
ReplyDeleteඉඳිය මේ කොරන වන සංහාරෙට..
@ ඔබ්සර්වර්
ReplyDeleteඅවදිවෙලා සිටිය යුතු කාළයක් මේ ලොක්කෝ
ඔන්න මේ අහිංසක සතාට අපහාස කරනව හෙම නෙමෙයි මාතලන් අයියේ
ReplyDelete@ හරී - පිනිපළස
ReplyDeleteඅනේ නෑ.. මම බර්ඩ් වොචින් කොරන කෙනෙක්..
පට්ටම කවි ටික.. හැමෝම දන්න ඇත්තක් ලස්සනට කැටි කරලා තියනවානේ....
ReplyDeleteහැංගිලා ඉන්න හැමෝම දැන් එලියට ඒවි....
@ දේවා ගේ අඩවිය
ReplyDeleteඒවී. ඇවිත් ආයේ යාවී. ලැජ්ජ හිතිලා..
මෙයා සංචාරක පක්ෂියෙක්නේ ?. ඉස්සර කැලණිය පැත්තට හරියට එනවා. දැන් ටුවරිසම් හොඳ හින්දා ආයේ එයි. අපිට නම් කපුටෙක්වත් නැතිය .
ReplyDelete@ බින්දි
ReplyDeleteඔයා ඉන්නේ ලස්සන රටක නේද...?
එන්න බයයි පනේ..
ReplyDeleteමගේ රෙද්දත් ගලවගත්තොත් හෙම උන්?
@ ගිම්හානී.
ReplyDeleteමැරෙන්න හිනා.. දැනට හොඳම කොමෙන්ට් එක..
සුදු කෙසේ වෙතත් හොරු නම් පිරිලා මේ පැත්තෙ
ReplyDelete@ දිල්
ReplyDeleteහොරු ඔක්කොම සුදු ඇඳලා.
මෙතෙන්ට මගෙන් වෙන්ට ඕන ටික කොරන්නම්,
ReplyDeleteබින්දි අක්කෙ ඔයා කීවම තමා ක්ලික් වුනේ අපෙ පුංචි කැලණියෙ එහෙ ඉස්සර පිරිලා ඇත්තට දැන් අඩුද මංදා,
එක්කො මං යන කාලෙ අවුලක්.
ඒත් හිතපුරා නිදහසේ මූව දැක්කා මං.
හරි
මේ පක්ෂීන්ගේ උප විශේෂ දෙකකට අයිති උන් තමා මේ සුදු සහ ගුරු පාට එවුන්.
සුදු එකාට සිවුරු හොරා කියන්වනෙ.
ඒත් සුදු රෙදි හොරාගෙත් ගෑනි ගුරු පාටයි.
ඒත් උගෙ පෙන්ඳය කොටයි.
සුදු පාට එවුන් (සහ උගෙ ගෑනූ
එන්නෙ පිටරටින්, ඉන්දියාව පැත්තෙන්.
ලංකාවෙ නිවැසි එකා ගුරු පාටයි.
උගෙ ගෑනු සතත් ගුරු පාටයි.
පිරිමි සතාගෙ පෙන්ද දිගයි.
පෙන්ද ඩිග ඩෙන්න වෙනස්.
පෙන්ද දිග ගෑනු එක වගේ.
කොහොම වුනත් මුං මේ පැත්තෙ නම් බොහොම අඩුයි.
(නුවර)
ඒත් ම්ම මහියංගනේදි ඕනතරම් දැක්ක (http://myideasgordoniaceylanica.blogspot.com/2011/06/3-weeks-with-nature.html).
කැළණියෙ දකින එවුන් ගුරු පාටයි,
ඒත් කියන්න බෑනෙ ගෑනු එකයිනෙ.
කොහොම වුනත් ,
සත්ව ලෝකෙ ගෑණුන්ට වඩා මිනිහො ලස්සනයි.
ස්තූතියි.
සුදු රෙදි හොරාගෙ අනික් එකා
ReplyDeleteසිවුරු හොරා
පංසල් වලට යෑමට තහනම් කරපු පක්ෂියා.
@ ගොර්ඩෝනියා සෙයිලනිකා
ReplyDeleteපරිසරයට ආදරය කොරන කෙනෙක් වගේ..
@ මාතලන්
ReplyDeleteඉන්නේ ලස්සන රටකය . ඒත් කුරුල්ලන් ඉන්නේ වනාන්තර වල පමණි. නගරයට එන්නේ නැත . අපේ කොට්ටාව හන්දියේ පුංචි ගෙවත්තේ කොපමණ කුරුල්ලන් ලේනුන් සිටීද . මෙහෙ නගරයේ වැව් ..උද්‍යාන ..ගහකොළ ඕනෑතරම් . මලින් පිරුණු ලස්සන නගරක් .ගේ ලගම පුංචි වැව් පොඩ්ඩක් . ඒත් කුරුල්ලෝ නැත. මක් වීදැයි නොදනිමි. උන්ව කෑවාද කියා සැකය .
@ ගොර්ඩෝනියා සෙයිලනිකා,
ස්තුතියි විස්තර ටිකට . කොළඹට සැතපුම් කීපයක් දුරින් පිහිටි කැලණිය අපි පොඩි කාලයේ ඉතාම ලස්සනයි. දැනුත් ටිකක් හොඳයි. හැබැයි කර්මාන්ත පුරවල් කීපයක් අහල පහල ඉදි වෙලා . සපුගස්කන්ද පැත්තේ කාර්මික ජනපදයක් . අනික් අතින් බියගම නිදහස් වෙළඳ කලාපේ . දුකයි තමයි. ඒත් මිනිස්සුන්ට රස්සාත් ඕනනේ . ලෝකේ වෙනස් වෙනවා .
@ බින්දි
ReplyDeleteමමත් කැළණියේ, වරාගොඩ.
අඩේ අප්ප මාතලන් අයියා මාත් වරාගොඩ ගැන තම අකියන්නෙ,
ReplyDeleteඅපෙ පුංචි වරාගොඩ සපරමාදු පෙදෙසෙ ඉන්නෙ,
@ ගොර්ඩෝනීයා සෙයිලනිකා
ReplyDeleteඑහෙනම් මම අයියා නොවෙය අන්කල්ය. ලතා ඇන්ටිලගේ ගෙදර පිටිපස්සේ ගෙදර හිටපු චෙෆ් ජනක මගේ එක කාළයක හොඳම මිතුරාය. සපරමාදුලා සේරමත් මගේ හොඳ මිතුරන්ය. සමහර විට ඔයාගේ තාත්තාත් මගේ මිතුරෙක් විය හැකිය.
මාතලන් මාමා එහෙනම් අපේ බාප්පා අඳුරනවා විය හැක.
ReplyDeleteනීතීඥ ප්‍රේමසුන්දර.
අපේ පුංචි යයි කීවාට ඇය අපේ නැන්දාය.
ලතාගේ ගෙදර ඇය ඉන්න ගෙදරට ඉදිරියේය තියන්නේ.
ඇය කොළඹ ගියේ විවාහ වූ පසුය.
මම නුවරය.