.

.

Sep 25, 2011

පොත් මේලා - Book Carnival



ඕල්ඩ් කයිය..

පෝලිම් දෙකකි වාහන හා ජහ මනයා
පැයක් පමණ හිරු රැස් නහමින් සිටියා
ලොකු ලොකු එවුන් නම් පෝලිම මග ඇරියා
ටිකැට් ගත්ත පසු අපි ඇතුලට ඇරියා

යකඩ ගොඩක් මැද තඩි ගොඩනැගිල්ලකි
යන්නට බයයි ඒවා දැක්කාම සකී
ඇතුලට ගියෙමි මහ කලු තඩි ඔළු ගොඩකි
පෑලියගොඩත් මෙවැනි පොලක් දැකිය හැකී

තැන තැන ලීෆ්ලට් දෙන සුර අඟනන්ය
ස්ට්‍රේට් කරන් ස්ට්‍රෙච් ඇඳගත් කෙල්ලන්ය
උන් පස්සෙන් ජෙල් ගා ගත් කොල්ලන්ය
බලූ පූට්ටූ ලෙස ඇලවුනු පෙම් වතියන්ය

ෆැමිලි නාඩගම මෙහිදිත් නැගල යතී
කශ්ටිය එක්ක එක්වී හිම කිරම කතී
වට පිට බල බලා ඉඳ හිට ලෙවත් කතී
මේ හැත්ත නම් ගන්නා මළ පොතක් නැතී

කඩ්ඩෙන් ලියූ පොත් කියවන ඇත්තන්ය
හවු මච් කියා කෙල්ලෙක්ගෙන් විමසීය
ටූ මච් කියා නැවතත් පොත තැබුවාය
නෑ සුද්දෝ නෙවෙයි අපගේ පද්දන්ය

හොයමින් ගිය පොතක් යන්තම් හමූ වූවා
මේ පොත කීයදැයි සතුටින් විම සූවා
නොට් එවෙලබල් හෙට නම් යලි එයි ඒවා
එන්නට හෙටත් මුදලක් මම ඉල්ලූවා

එහෙම මුදල් දෙන්නේ නැති බව කීවා
ඊළඟ වසරෙ එන්නම් යැයි මම කීවා
මැරිගෝ රවුම් ඔන්ච්ල්ලා ඉඳිවේවා
පබ් එකකුත් සමග දිගුකල් වැජඹේවා

නව කයිය

නිකං කියවන් නැතුව..
පොතක් ගෙන කියවන්න..
-------
පොත් කාරයෝ එක්වී
පෙරලති අපට පොත්
-------
එති
ගනිති
පෙරලති
දමා යති
--------
සුචරිත ගම්ලත් මහ ඇදුරු
පොත් නැත නගයි චුරු චුරු
ඔහුගෙ පොත එනතුරු
පාලී පොත් ගහපියව් පතුරු
--------
පොකට් එක එම්ටි වෙති
ගන්නාවූ පොතක් නැති
නෙත් පුරා රස විඳිති
රෑට වහලෙන් වඩිති
ඇඟද කිලි පොලා යති
--------
නෙක්ස්ට් ඉයර්
බුක්ස් ගන්න කෙල්ලන්ට
සංගා සමග රැයක්
කොල්ලන්ට
නෙහාරා සමග රැයක්
බුදියන්න නෙමෙයි බන්
බත් කන්න.. බත් කන්න...
--------
නෙතු නොයයි බුක්ස් වලට
යන්නේම පුක්ස් වලට
ඒ නිසා නොයමි මම
පොත් ප්‍රදර්.. ශනවලට

අති විශේෂ...

අපේ ගිම්හානි කෙල්ලත් කවි ලියන්න පටන් අරන්..
මෙතනින් බලන්න කෙල්ලගේ වැඩ

දේවා ත් සින්ඩියක් පටන් අරන්
මෙතනින් බලන්න කොල්ලගේ වැඩ

46 comments:

  1. අම්මා ගහයි . . . පට්ට ම සිරා බන්ස් . .

    ReplyDelete
  2. දුකා අයිය කිව්ව වගේ අම්ම ගහයි බැටන් පොල්ලෙන්...

    මාතලන් අයියෙ මේව එකතු කරල ප්‍රසිද්ධ පත්තරේකට දාපන්, නැත්තන් පොතක් ගහපන් බන්... බ්ලොගේ විතරක් තියෙන්න ඇරියොත් නම් අපරාදෙ...

    ReplyDelete
  3. මාත් හෙමින් රිංගුවා ඕකට අය්යේ..
    බුකියේ කොල්ලෝ අඩ ගැහුවා මට අය්යේ..
    උන් ටික හෙමින් මග ඇරලා මම ජොලියේ...
    කොල්ලත් එක්ක සෙට් උනානේ පෙම් කෙලියේ.

    ReplyDelete
  4. එළ එළ මරු ඈ ........:D

    ReplyDelete
  5. සිංහයත් ඉතින් කස්ටිය සමග එදා
    ඕකට ගිහින් ඔලුවත් පොඩ්ඩ්ක් දාලා
    පොඩි රස්තියාදුවක් එහෙමත් හෙම ගහලා
    පොඩි පොත් දෙකක් අරගෙන ආපහු ආවා

    ReplyDelete
  6. අම්මෝ අපි බයයි මෙව්වාට
    ඔය කයි වැඩ හුරු නැති වෙදනාට
    නොයමි අපි ඔය මේලාවලට
    ගියොත් අම්මේ වෙන වැඩ නොකියමි ඔහෙලාට

    ReplyDelete
  7. පිටකොලේ මනාපයි
    ලැමිනෙට් පිටින්මයි
    ගාන නම් ඉහලයි
    ඇතුලෙ පිටුනම් පාංකඩ මැයි

    මේවාගන්නට
    සල්ලි නැත මාහට
    කාගෙන් හරි ණයට
    ඉල්ලාගෙන කියවමියි සවසට..

    ReplyDelete
  8. @ දුකා
    අම්මා ගහයි නෙමෙයි.. පට්ට ගහයො කොරන එව්වා දැක්කනම්..
    ඇඩම්ස් ඔන්ලි ෆිල්ම් එකකට පොඩි උන් ගෙනිච්චා වගේ..

    ReplyDelete
  9. @ සාතන්
    කීයක් හරි හොයා ගන්නත් පුළුවන් අමාරුවෙන් ඉන්න වෙලාවේ..
    උඹෙත් ඇහේ පොට ගියපු කතාවක් ඇහුව මම..

    ReplyDelete
  10. @ ගිම්හානී
    මන් කීවේ බොරුදැයි මට කියාපියෝ
    මඩු වලිගයක් ගෙන මේකිට තලාපියෝ

    ReplyDelete
  11. @ ද ලයන්
    නරියන් සමග සිංහයෙකුත් එහි සිටියා
    පිටු හතලියේ පොත් දෙකකුත් අරන් ගියා

    ReplyDelete
  12. ගියොත් මොකද වෙන්නේ මහා වේදනාට...
    ගැටිස්සියෝ පස්සෙන් එයි හමුවන්ට...
    කිරිපනුගාය ඇති නාඹර කෙල්ලන්ට..
    දෙනු මැන කසායක් මකබැවිල යන්ට.

    ReplyDelete
  13. @ වෙද මහත්තයා
    සාතන් කීවේ ඇස් පොට යන කතාවකි
    වෙදනා කීවේ ඊටත් සැර කතාවකි
    වෙන ඒවලත් පොටවල් ටික යන සෙයකි
    පෙනෙන්නෙනම් කයියත් පුළුවන් බවකි

    ReplyDelete
  14. @ ලොකු ජෝන්
    ඉල්ලන් යන එවින් පොත් කියවන්නට ණයට
    කනවද මන්දා එන්නෙම නෑ රාක්කෙට

    එමනිසා ණයට ඉල්ලා අමනාප නොවන්න.

    ReplyDelete
  15. @ ගිම්හානී
    දෙන්නට නියම බෙහෙතක් මා ළඟද තියේ
    අන්තීමෙටම් කියනා තුරු ඉන්න ප්‍රියේ

    ReplyDelete
  16. සිරාවට....මම ඕවා දැක්කෙ නෑනෙ...අපරාදේ.......හි හී හී....
    බලන් ගියාම හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට වගෙ...

    ReplyDelete
  17. ගිම්හානි අක්කටත් සිතෙනා මේ දේවල්
    අම්බෝ බයයි ඉන්නට මහා දවාලටත්
    අපි පොඩ්උන් නිසා නොදනියි ඔය දේවල්
    දුන්නොත් කියලා වෙයි පිනක් ඔහෙලාටත්

    ReplyDelete
  18. මට හොඳ සගිස්කුරුත සොලෝකයක් මතක් වුනා.
    ස්ත්‍රි රත්නං පුස්තක රත්නං පර හස්ත ගතං ගතං
    ස්ත්‍රිය සහ පොත අතින් අත ගියොත් ගියාමය.

    ReplyDelete
  19. මේ පොත් කතා ඇහෙද්දි ලංකාවේ තරම් පොත් කියවන මිනිස්සු කොහේවත් නෑ කියලා මටත් හිතෙන්නේ?
    ඉතින් දෙයියනේ මේ පොත් කියවන මිනිස්සු මේ තරම් ඉන්න රටක හැටි කියලා දුක් නොවුන අවශ්තාත් නැත්තේම නෑ.

    බලාගෙන ගියාම කට්ටිය පොත් කියවන්න බලාගෙන යනවට වඩා වෙන දේවල් වලටනේ යන්නේ නේද මාතලන්...
    මචන් ඔය ජෙල් ගාලා හොඳට ඇඳ පැලඳ ගත්ත කොල්ලො විතරමද ඔතන ඉන්නේ...එහෙනම් හොඳ වෙලාවට එන්න නොලැබුනේ... හෙ හෙ

    ReplyDelete
  20. @ දිල්
    ඔහේ ගියේ පොත් බලන්ට වෙන්ටෑ...

    ReplyDelete
  21. @ චම්මා
    රස කවි ලියයි චම්මා
    කෙල්ලන් දේවී උම්මා
    දැනගත්තොතින් අම්මා
    කාමරේමයී. අගුළු දැම්මා

    ReplyDelete
  22. @ වෙද මහත්තයා
    කාළේ වෙනසක් නෑ එහෙනම්..

    ReplyDelete
  23. @ ඉල් මොන්දෝ
    මොන කියවනවද. එහෙමනම් මෙහෙම් බූරූ රැලක් ඉඳියිද. මලවල කනව ඇති මයේ හිතේ. පොඩි උන්නම් ගෙනියන්නේ ඇක්සයිස් පොත්.
    අනේද කියන්නේ තොරන් බලනවා වගේ. කවි කියන්නත් ලබන සැරේ පටන් ගනියි.

    ReplyDelete
  24. මල කෙලියය්, දැන් කොමෙන්ට් එකක් දාන්න විධියකුත් නැති වේගන යන්නෙ. හැමෝම එන්නෙ කය් පද කර ගහ ගෙනනෙ ....හෙහ්..හෙහ්...හෙහ්....

    ReplyDelete
  25. @ ඔබ්සර්වර්
    ලියන්නයි තියෙන්නේ එකක් කෙලවෙලාම යන්න..

    ReplyDelete
  26. මමත් පොත් ප්‍රදර්ශනේ පොත් පෙරලා පුක් ප්‍රදර්ශනේ පුක් බැලුවා..

    ඉතිව් බං කට්ටිය පොත් ප්‍රදර්ශනේට එනවනෙ පුකේ හැඩේ පෙන්නල යන්න.. රු 10 ඒව බලපං... මම බැලුවෙත් නෑ පොත් ප්‍රදර්ශනෙ... :D :D

    ReplyDelete
  27. හතලියෙ නෙමෙයි දෙසීයෙ පොත් මම ගත්තේ
    කවුදැයි නරිය මම කිකිලියො සමග ගියේ .......

    ReplyDelete
  28. හිතා ගත ඇහැකි.... කොහොමත් ඔය ප්‍රදර්ශන වල මොනා නැතත් එන අයගේ ප්‍රදර්ශනේ ම ඇති...

    බී එම් අයි සී එච් එකේ එහෙම හවස් වෙන්න තියෙන ප්‍රදර්ශනේකට ගියානම් අයියො සංසාරේ කියල හිතේ....

    ReplyDelete
  29. මාතලන්ගෙ කවි අහලා ආසාවක් ඇති වූවා
    ඊළඟ පාර එකට මාත් යනවා.......
    කොහොමද මගේ කවිය?.....
    අනිත් උන්ට ඇප නෑ නේද?..........

    ReplyDelete
  30. @ පොඩි මෑන්
    කවුද බන් පොත් බලන්නේ. මම බලන්නේ වැඩිපුරම උඹ බලන ඒවම තමයි..

    ReplyDelete
  31. @ ද ලයන්
    එහෙනම් වෙන එකෙක් මා එහි දැක ඇත්තේ
    කිකිලියෝ සමග යන සිංහයෝ දැක නැත්තේ

    ReplyDelete
  32. @ බ්ලොග් ගඩොල්
    පරාක්‍රම කොඩිතුවක්කු ආයේ කවි ලියන්නේ නෑ කිව්වා..

    ReplyDelete
  33. හැමෝම ලිව්වේ හොඳමයි ඒ ගැන

    මොකදැයි හරහට ලිව්වේ මේ තැන

    ඇඹුලය මේ මිදි කියනව උඩ පැන

    කමකට නැහැ සතුටුයි යනු බැරි වුන

    ReplyDelete
  34. @ බින්දි
    කරුමේ කියන්නේ බින්දියෙ ඕකමය
    පොඩි කාළේ ඉඳන් දැක්කේ වැරදිමය

    ReplyDelete
  35. සෝයි කවි ටික මාතලන් ..

    අප්පට සිරි!!

    සිරාවට ඔය කියාපු එවුවත් තිබුණාද මාතලන් .. අපරාදේ මටත් එන්න තිබුණා ඔය කියන බුක් මෙවුවා එක බලලා යන්න

    ReplyDelete
  36. හික්ස්!ලෙසටම ලියලා තියනවා! බොරු කියන්නේ මොකටද?ඉස්සර අපිත් ගියේ පුක්ස් බලන්න තමා! :)

    ReplyDelete
  37. @ හිස් අහස
    පස්ඨම ආතල්. ඊළඟ පාර පලයන්..

    ReplyDelete
  38. @ සබිත්
    නැත්තන් කොල්ලො රංචූ පිටින් රිංගන්නේ අහවල් කාරනේටෙයි...

    ReplyDelete
  39. පට්ටම සිරා අය්යේ.... කියන්න ඉතින් වදන් නැත.... මුව ඇත ගොලු විලා

    ReplyDelete
  40. බුදු මාතලන් අය්යේ පොත් ගණන් බඩු
    එනමුත් අය්ය දැකල ඊටත් වටින බඩු
    ඇහැ හැරුනනම් එදා හිටි පැත්තක බඩු
    මගෙ "චීටි" ගෙන් මගෙ ඔලුවට ෂුවර් බඩු

    ReplyDelete
  41. පොත් මේලාව දෙස
    ඔයතරම් නෙගටිව් ලෙස
    බලනට නොහැක මට නම්
    දකිමි පොසිටිව් ලෙස මම්

    සමාජයේ උඩ ඉඳලා පහලට
    ඕන තරාතිරමක අය එනවා
    තෝර තෝර පොත් එහෙ මෙහෙ යනවා
    හිතට වැදුණු පොත අරගෙන යනවා

    විස්ස විජ්ජාලෙ කොල්ලන්
    ගාමන්ට් එකේ කෙල්ලන්
    ගුරුනුත් සමග සිසුවන්
    පිට රැටියන් ද සඟ සව්වන්

    පවුල් පිටින්ම එන්නන්
    මා වැනිවූ තනිකඩයන්
    මාසික වැටුප් කරුවන්
    පොත් සොයා එන මෙහැම "මිනිසුන්"

    මිනිසුන් ගෙ ඇද කුද
    නොදකින් මලේ මේ ලෙස
    නිතර එක් වන එක
    මිනිස් ගතියකි පැවති පෙර සිට

    එක පොතක් හෝ ගෙන
    කියවා බලන රිසියෙන
    පැමිණෙති බොහෝ දන
    කියවීම සපුරයි මිනිස් කම

    බොහෝ හොඳ පොත් විකිණේ
    කියවන දන ද බිහිවේ
    රටට හොඳ එය වේ
    පතමි පොත් මේලාව ජයවේ!

    ReplyDelete
  42. @ දේවා ගේ අඩවිය
    අතත් බ්ලොක් උනයි...
    මටත් අරව දැක්කම එහෙම වෙනවා..

    ReplyDelete
  43. @ චීටා
    චීටීත් එක්ක මොකටෙයි ඕවට යන්නේ
    දෙන්නම එක්ක පිචර් එකක් බලපන්නේ
    ලයිට් නිවාලයි පිච්චර් පෙන්නන්නේ
    වට පිට මුකුත් නැහැ නොවැ බන් පෙනෙන්නේ

    ReplyDelete
  44. @ පොත් ගුල්ලා
    පොත් ගුල්ලාගේ දුක මා හට වැටහෙනවා
    නෙගටිව් නොවී කොහෙමෙයි ඇඟ වෙව්ලනවා
    සත පහ නොවටිනා එවුනුත් මෙහි එනවා
    කියවන එකා කඩල ගොටුත් කියවනවා

    ඔබේ කවි පන්තිය
    හරි ළස්සනයි එය
    මා ඊට මනාපය
    අගේ කළ යුතුමැය

    ReplyDelete
  45. ඇත්තටම මම ගොඩක් මහන්සි උනා මගෙ ප්‍රියතම ලේඛකයා වන පවුල් කොයියා ගේ Berri on the cad sheet පොත හොයන්න . . . . . ලැබුනෙ නෑ . . . . ආන්න සාම්භාව්්‍ය පොත් . . . . . .

    ReplyDelete
  46. @ ඕනයා
    මමත් දැක්ක ඔය පොත හොයපු බාසා වෙල්ලන් වගයක් උඹත් එතන උන්නද දන්නේ නෑ.. හෙහ්... හෙහ්...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න