කොහිළ කොරටුව - 1
එතැන් සිට....
අපි දෙන්නම වගා කලේ අපෙ ඉඩම් වල නෙමෙයි. අපේ වත්තට දෙපැත්තකින් මායිම් උන වෙලේ. වෙලක් කිව්වට මේක කලින් කුඹුරක්. අපිට මතක ඇති කාළෙත් වැපුරුවා. පස්සෙ නවත්තල දැම්ම. දැන් නම් ඒ පැත්ත පලාතේ කුඹුරක් සොයගන්න නෑ. අපි දෙන්නට අමතරව අර කුඹුරු කරපු "අලි කලිසමයටත්" කොරටුවක් තිබුනා. අලි කලිසමයටත් නෙමේ මේ වෙල අයිති. ධර්මාලෝකේ හිටපු රාජපක්ෂ සර්ට. අපි නම් කියන්නේ අංකල් කියල. එයා වෙල බාරදීල තිබුනේ අලි කලිසමයට. පොර ටිකක් අමුතු මිනිහා. වැඩි කතාබහක් නෑ. ආඩම්බරකාරයා. අලි සලිසමය කියන්නේ ඉස්සර අර කොස්සෝ ඇන්ද වගේ ලොකු කාකී කොට කලසන් අඳින නිසා
මේ කොරටු තුනෙන් ලස්සනම සහ ළොකුම එක මගේ. හේතුව අපේ ඉඩමට අයත් උන ප්‍රමාණය වැඩි නිසා. කොහොමත් පර්චස් 10-12 විතර ඇති. මගේ ඒ පර්චස් 10-12 ප්‍රමාණයේ, බන්ඩක්කා, බතල, මාළු මිරිස්, වම්බටු, මිරිස්, බඩ ඉරිඟු, කෙසෙල් වලට අමතරව ගස්ලබුත් තිබුනා. මේවට අමතරව වෙලේ වතුර තිබුන ප්‍රදේශයේ පර්චස් 10 විතර ළොකු කොහිළ කොරටුවක් තිබුන. කාගෙත් සිත්ගතේ ඒක. කිසිම සාත්තුවක් නැතුව සරු සාරව බොහොම අපූරුවට වැවිල තිබුනා. හැම ඉරිදම උදේ කොහිළ දළු මිටියි. අලයි කඩේට දානව. හැන්දෑවට සල්ලි ගන්නව. මගේ මුහුනේ සිනා රැල්ල වැඩි වෙලා යනවා.
වටේට වැටක් ගහල, වැටට පිටින් මල් වවල, බාබන්ඩේසියා, ඇන්තූරියම් වගේ මල් එක්ක. දම් පාට ඕකිඩ් වැටකුත් තිබුනා. වතුර ගන්න වෙලේ ළිඳක් කපල තිබුනා. ඒ ළිදේ බට්ටෝ එහෙම වියලි කාලේට ඉන්නවා. වතුර දාන්න මල් බාල්දියක් තිබුනා. ඒක කැඩුනයින් පස්සේ බාල්දිවලට වතුර අරන් හිල් කරපු ටින් එකකින් තමයි ජල සැපයුම. ගොම තමයි ප්‍රධාන පොහොර, කෙසෙල් ගස්වලට මමයි ජෝතියි යූරීන් එකතු කරනවා. අද වෙනකම් කොම්ප්ලේන් එකක් නම් ආවේ නෑ. හැබයි ඉතින් වැස්ස කාළේට කොරටු තුනම යට වෙලා ඔක්කෝම වගාව මැරෙණව. කොහිළ ටික ඇර. ඒ හෙසෙල් ගස් කපල තමයි පාරූ හදන්නේ. වතුර බැස්සයින් පස්සේ ආඋඑත් වවනවා.
අපේ තාත්තා හොඳ කළාකාමියා ඒ කාලේ ( 70 දශකයේ ) හැම ඉරිදම උදේම් බව බෝග කඩේට දාල චිත්‍රපටියක් හරි නාට්‍යයක් හරි බලන්න යනවමයි. නැත්නම් සත්තු වත්තේ හරි වික්ටෝරියා පාක් යනවා. මගේ ප්‍රියතම වැඩක් තමයි මුළු ච්ත්‍රපටය ගැනම ජෝතිටයි, දයියටයි දෙන සිනමා විචාරය. ඒ වගේම පිටිපස්සේ වත්තේ කොල්ලො සෙට් එකටත් කතාව කියනව. එයාලට විචාරය දෙන භාෂාව වෙනස්. ඒව එයාලගෙන්ම ඉගෙන ගත්ත වචන, කොල්ලා, කෙල්ල, ෆයිට්, දුෂ්ඨයා, පිචර්, සිංදූ, වලි, කපනවා, කොටනවා, අම්බානක එයාලගෙන ඉගෙන ගත්ත වචන. දයියටයි ජෝතිටයි දෙන්නේ ප්‍රබුද්ධ විචාරයක් ඒ වචන දයියගෙන් ගත්ත ඒවා. සම්භාව්‍ය කියන වචනේ හොඳටම තේරුම් කරළ දුන්න අදත් මතකයි. මේ ගොඩක් පොඩි කාළේ ඕනනම් වයස 10 විතර ඇති.
සුපුරුදු පරිදි පවුලම එලියට ගිහිල්ල ඇවිල්ල තොරණ හන්දියෙන් බැස්ස. හන්දියේ සෙනග පිරිල මොකද බැලුවහම එළවළු කඩේ සෙනග පිරිල ලාබෙට කොහිල විකුනනව. මට පොඩි සැකයුකුත් ආවා. කොහොමත් මම අපේ අනික් අයට ඉස්සේල්ල දුවගෙන ගෙදර ඇවිල්ල මාළු ටැන්කි ටිකයි අනෙක් සුරතුල් කට්ටියයි බලල. කොරටුව බලන්න තමයි දුවන්නේ. එදත් ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම වෙල පැත්තේ හෝ ගාලා සද්දේ. ජෝතිලත් ගෙදර නෑ. වෙලට එබිලා බැලුවා. අලි කලිසමයගේ ප්‍රධානත්වයෙන් වත්තේ කෂ්ටිය මුළු කොහිළ කොටුවම සුද්ද කරල. එක ගහක්වත් නෑ.. ඊට පස්සේ වෙච්ච දේවල් කියන්න ඕන නෑනේ. අර කලින් පෝස්ට් එකේ තියෙන පින්තූරේ බැලුවම හරි. ඔයාල හිතන්නෙ ඒකද උනේ.. බලන්න වෙච්ච දේ කියන්න බලන්න.
ඒක ඊළඟ පොස්ට් එකේ.. වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි කළබලේට ලීවේ. රස නැතිව ඇති....
හයියෝ පොඩි එකා පවු..!
ReplyDeleteරසේ කිසි අඩුවක් නැහැ. ඔය තියෙන්නේ නියමෙට.
කතාවේ ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.
@ මාලන්
ReplyDeleteඋඹ මෙවත් කියවනවයි..
කොහිල කටු ඇනගෙන මැරෙන්න හිතෙන්න ඇති.
ReplyDeleteරසේ අඩුවක් නැත. කොහිල අල හොදින් තලා ගත් පසු හදන මාලුවත්, කොහිල කොළ මාලුවත්, මේ පෝස්ට් එකත් එක වගේමයි. රසයෙන් අඩුවක් නැත.
ReplyDeleteඅර කලින් පෝස්ට් එකේ පින්තූරේ කතාව දැනුයි තේරුනේ . ..
ReplyDeleteදුකේ බෑ බන් . .
මදර් ඉන්ඩියා එකේ නාර්ගීස් අර මඩ ගොඩේ පොලොව බදාගෙන ඉන්නවා වගේ මැවිලා පෙනුනා . . . .
ඔන්න ඔහොමයි බන් ලොකු එකා පොඩි එකාව නැති කිරීම . . ශිශ්
අපේ ගමේ මම දන්න කොහිල ගාල් කීපයක්ම තියනවා...ඉඩම කාගෙ වුනත් ඒවා නිකම් පොදු දේපල වගේ තියෙන්නෙ...සාත්තුවක් නැතිව හැදෙන නිසා වෙන්න ඇති...
ReplyDeleteඇත්තටම ඔය කොහිල ගාල මාතලන් ම හිටවපු එකක් ද ?
අනේ දැන්නේ වැඩේ තේරුනේ .... ඒත් ඇයි ඔහොම කලේ කියලා දැන ගන්න ඊලග එනකන් ඉවසන්න වෙනවානේ නේද???
ReplyDeleteඔය දය්යා කියන කෙනාත් බ්ලොග් ලියනවද??
තක්කාලි ටිකක් යහමින් දාලා හදන කොහිල දළු මාළුවට මම හරි කැමති. මේ පොස්ට් එකක් මට ඒ වගේ .
ReplyDeleteෂුවර් එකට කොහිල කොටුවෙ ඩෙංගු මදුරුවො බෝකලා කියල නඩු දාල දඩේකුත් ගහන්න ඇති...
ReplyDeleteඅන්නාසි, කෙහෙල් වගේ ගස්වල ගොට්ට වගේ තියෙන තැන් වල තියෙන වතුරෙත් ඩෙංගු මදුරුව බෝ වෙනවයි කියල ලෙඩේ දාන එකේ කොහිල කොටුවට නම් අනිව බඩුම තමයි...
හැබැයි අයිය කොහිල දලු හොදි හදල ඉඳිආප්ප එක්ක මරු බන්...
@ Praසන්ன
ReplyDeleteපිස්සුද ටිකක් කළබල උනාට නියම ඔපරේෂන් එකක් දුන්න..
@ වෙද මහත්තයා
ReplyDeleteටැන්කූ වේවා...!!!
@ දුකා
ReplyDeleteළෝක නීතිය තවමත් එහෙමමයි..
@ Luckey
ReplyDeleteනැතුව මේ වෙලට ඉස්සලම ඉන්ට්‍රඩියුස් කොලේ අපේ තාත්තා.. මම ඒක සාර්ථකව ව්‍යාප්ත කලා..
ඒකනේ දුක...
@ දේවා ගේ අඩවිය
ReplyDeleteදයියා ජර්නලිස්ට් වැඩත් කලා කාලයක්. දැන් ඉන්නේ කැන්ගරූ දේශයේ.. බ්ලොග් ලියනවද කියලනම් දන්නේ නෑ.. මොකද මේක මගේ බ්ලොග් එකක් කියල මගේ යාළුවෝ කවුරුවත් දන්නේ නෑ..
@ Gimahani
ReplyDeleteඔහේ කවදැයි කාගෙවත් හිත නරක් කොලේ...
@ සාතන්
ReplyDeleteඒ කාලේ ඩෙංගු තිබුන් නෑ බන්. ගෙදරටම ඇවිල්ල ලේ චෙක් කොලා මාස 2-3 කට සැරයක්
දැනුයි මාතලන් පින්තූරේ අරුත වැටහුනේ .. උඹට එපා වෙන්නැති නේද ? අනික් කොටසත් ලියාපන් මචං
ReplyDeleteමට උඹ ගැන පට්ට දුකයි ..!
@ හිස් අහස
ReplyDeleteබලපන්කො ඊළඟ කොටස
වගා කරන එක නියම වැඩක්. උදේ පාන්දර කොටුවට/කොරටුවට ගියාම දැනෙන සතුට.... කියන්න වචන නෑ. කලබලේ ලිව්වා කියල අඩුවක් නෑ, මට නම් මේ පෝස්ට් එක දැනුනා...!
ReplyDeleteඅන්තිමට දුක් සීන් එකක් නේ වෙලා තියන්නේ.