වාසල පැත්තෙත් කතා කොරන්ට දෙයක් නැති නිසා සෑහෙන කලක් ලියන්න හිතාගෙන උන්නු කවදාවත් අමතක නොවන සිද්දියක් තමයි අද කියන්න යන්නේ..
අද හැමෝම "අපි වවමු රට නගමු" සෙල්ලම කොරාට මාතලන් මේ සෙල්ලම කරන්නේ ගොඩක් පොඩි කාළේ පටන්. අද නම් තැනක් නැති නිසා මේ වැඩේ කෙරෙන්නේ නෑ. ඒත් මගේ ටාර්ගට් එක තියෙන්නේ ෆාම් එකක් දාන්න තමයි තවමත්.
අපේ ගෙවල්වල ඒ දවස්වල හැදෙන බව බෝග වලින් වැඩි ප්‍රමාණය කඩවල් වලට දාලා ආදයමක් ගන්න එක හැමෝගෙම සිරිතක් වෙලා තිබුනා. අපේ හැමෝටම මේක හිතට එන්න ඇත්තේ. වෙළුන් සිංඤෝ නිසා වෙන්න ඇති. වෙළුන් සිංඤෝ ගැන වෙනම පොස්ට් එකක් දාන්නම් වෙන දවසක. අපේ වත්තේ තාත්තා වවපු කෙසෙල්, තැඹිලි, කතුරු මුරුංගා වගේ දේවල් හන්දියේ තිබුනු ආසිරි කඩේට තමයි දැම්මේ. කෙසෙල්, තැඹිලි ගෙනියන්න කවුරු හරි ආවත්, හැම ඉරිදම කතුරු මුරුංගා කඩලා කෙහෙල් පට්ට වලින් මිටි බැඳලා කඩේට ගිහිල්ල දාන්නේ තාත්තතයි මල්ලියි. මුලදි මට ලැජ්ජා හිතුනත් පස්සේ මේ වැඩෙ කළේ මම. කතුරු මුරුංගා කඩේට ගේනකම් කස්ටමර්ස්ලා බලාගෙන ඉන්නවා. පුදුම ආඩම්බරයකින් තමයි කතුරු මුරුංගා මිටි ටිකත් අරන් කඩේට යන්නේ.
මල් තියෙන කාළේට කතුරු මුරුංගා මල් මිටි ගෙනියනවා. ඒකත් හරිම ලස්සන වැඩක්. ඉරටුවල අග ගැටයක් දාලා ඒකට මල් අමුනනවා. හරියට මල් මාලයක් වගේ ලස්සනයි. හරිම රස කෑමක්. ටිකක් හතු වගේ. මටනම් ඊටත් වඩා රසයි. ගුණත් ඒ වගේම ඇති. වෙද මහත්තය තමයි මේව දන්නේ. තව ඉරට්ටේ අමුනල ව්කුනන ඒව තමයි. කිරල සහ වෙල් මාළු. අදටත් සමහර පැතිවල මේව දකින්න තිබුනත්. කතුරු මුරුංගා මල් නම් දැක්කෙම නෑ කාළේකින්...
තාත්තා විනෝදයට කළ මේ වගාවන් තමයි මමත් මේ වැඩේට යොමුවෙන්න හේතුව උනේ. තව හේතුවක් තිබුනා. ඒ තමයි රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ගාවම ඒ කියන්නේ ඔය ඇතුලත්මුදලි මහත්තයගේ පිළිමේ තියෙන තැන තිබුනා පැල විකුනන තැනක්. අනෙක් කාරනේ ජෝති. ජෝති කියන නම හැදුනේ ලොකු උනාම ඒකත් වෙනම කතාවක්. ජෝති මට වඩා වැඩිමල් අවුරුදු 2ක් විතර. පොරත් හොඳ ගොවියා ඒ වගේම වෙළෙන්දා. පොඩි කාළේ ඉඳලම අමුතු වැඩ කරපු පොරක් තමයි. අද ප්‍රකෝටිපති සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඒ වගේම පොඩි කාළේ පටන්ම හොඳ කළාකාමියෙක්. ආතල් පොරක්. සල්ලි වලින් සැප විඳින මහත්තයෙක්.
පෝස්ට් එක දිග වැඩියි වගේ.. ප්‍රධාන කතාව ළබන සතියේ... මේ ටිකේ ජුන්ඩක් ඉතර බිසි.. වෙළාවක් තිබුනොත් ටක් ගාලා දාන්නම්. හක්ක පටස් වගේ..
කාටද ආඩම්බර ඉතින් තමන්ගේ ගෙදරම පුංච් පහේ ෆාම් එකක් කරගත්තම..නැද්ද මං අහන්නේ..ගානකුත් අතට එනවා , අලුත් පිට කන්නත් පුළුවන් නේ
ReplyDeleteකතාවේ ඉතිරි කැලි ගොඩයිනේ.... ඒවා ඔක්කොම ඒකතු කරන් වැඩ ටිකත් ඉක්මනට කරගෙන එන්නකෝ ඉක්මනට...
ReplyDelete@ ChammA
ReplyDeleteකාටද ඉතින්.. ආඩම්බරකාර තාත්තට තමයි... හෙහ් හෙහ්...
@ දේවා ගේ අඩවිය
ReplyDeleteහොඳයි ළොක්කෝ...
මොකද අනේ කෑලි කෑලි කඩන්නේ.. ලියලා ඉවර කරන්නකෝ..
ReplyDeleteඅපි නිතර කොමන්ට් නොකලාට රීඩරේ හරහා නිතර මේවා කියවන හින්දා ඔන්න තරහා යෑමේ සීමාව වැඩියි.
@ Il mondo di una povera pazza
ReplyDeleteමේ පුළුවන් තරම් කෙටි කරල නෝනේ.. කොහොමෙයි අළුත් වැඩේ...???
හපොයි මේ මොකක්ද මේ කර වැඩේ .. රසවත් හරියට එනකොටම
ReplyDeleteඇඩ් එකක් දානවා වැඩක්නේ....
කතුරු මුරුංගා ...ම්ම්...මම ආසම කෑමක්...හදන එක නම් හරි පරිස්සමෙන් කරන්න ඕන..නැත්නම් පණුවන්ගෙනුත් අමතර ප්‍රෝටින් ටිකක් හම්බ වෙනවනෙ :D
ReplyDeleteකෝ ඉතිං කොහිල?
ReplyDeleteවාසල පැත්තටත් කොහිල හොඳයි.
වවන්නෝ දිනන්නෝ තමයි. හැබැයි ලංකාවේ අනේ මන්ද,
ReplyDeleteදැන් වවන්නෝ හැම වෙලේම පරදින්නෝ නොවැ.
ඒ කොහොම වුනත් වවන්නෝ තමයි මහ පොලව රකින්නේ, අපේ ජීවිතත් එක්කම,
කතුරු මුරුංගා කියන්නේ දිව්‍ය කෑමක්නේ, ඔන්න මට දැන් හිතුනා ඒ ගැන දවසක ලියමු. ඒත් බිසී... අප්පා
අර කසින භාවනා ගැනත් තාම බැරි වුනා බලමු....
@ Gimhani
ReplyDeleteපොඩියක් ඉවසහන් කෙල්ලේ.. කොහිළ දෙන්න වෙයි වගේ..
@ Luckey
ReplyDeleteපණුවෝ ඇවිල්ල නියම කෑමක්නේ.. ඔය බැංකොක් වල එහෙම කන්නේ.. තව AXN එකේ යන්නෙ ෆිය ෆැක්ටර් (Fear Factor).. බලන්න එපෑ ඒකේ කන එව්වා..
@ කතන්දර මහතා
ReplyDeleteපොඩියක් ඉවසන්න මහත්තයෝ.. (ඉවසල හිටහන් යකෝ..)
අනිවා.. අනිවා.. අලි අනාථාගරෙට තමයි වැඩියෙන් දෙන්ට ඕනා
@ චෙද මහත්තයා
ReplyDeleteවෙද මහත්තයටත් උනේ පොලිටික්කන්ට් වෙන වැඩේ.. ජනප්‍රිය උනා.. ඉල්ලීම් වැඩි උනා.. වැඩත් වැඩි උනා.. වෙලා මදි උනා.. දැන් හෝ ගාලා ඉල්ලීම්.. හැබැයි ඉතින් ඉටු නොකලොත් අපි වර්ජනය කොරනවා හොඳේ.. ඔව් ඔව් තර්ජනයක් තමයි හොඳේ.. හෙහ් හෙහ්...
කව්ද අර මහපොලව බදාගෙන පස් කන එක්කෙනා???
ReplyDeleteඅනේ බුදු මාතලන් ගොයියෝ කියන තැනකට වදින්නම්. මට නම් බැහැ පොලිටික්කෙක් වෙන්න. බුදු අම්මෝ මට නම් බැරියෝ......
ReplyDelete@ ගිම්හානී
ReplyDeleteමට උනෙත් ඒ වගේ දෙයක් තමයි...
@ වෙද මහත්තයා
ReplyDeleteමම දන්නවා.. විහිළුවටත් වෙන්නත් එපා...
සෑරුත් දැං මෙගා ටෙලි සිස්ටම් එකට වගේ දෙන්නෙ? කමක් නෑ ඉතිං..බජාර් එකේ හරුප මේකෙ ලියන්නත් බැහැ නෙව.
ReplyDelete@ සූස්ති ගුණේ
ReplyDeleteඕකනේ බන් කරුමේ.. නැත්තන් කොච්චර කුණුහබ්බ තියෙයි ලියන්න...
පෝස්ට් එක දිග වැඩියි කීවා ?
ReplyDeleteමචං මතලන් ෆොටෝ එක දැකාම හිනා වෙලා පන ගියා ,,
මම අදත් විශ්වාස කරන දෙයක් තමයි, ලංකාවේ අපි ගොඩ යන්න ඕනේ මේ වගාවෙන් කියලා......! මෝල්ගහක් නිකන් බිම ගැහුවත් පැලවෙන පොලවක් තියෙන අපේ රටේ මොන මගුලකටද කෑම පිට රටින් ගෙන්නන්නේ......?
ReplyDelete@ හිස් අහස
ReplyDeleteඅපොයි ඔව්, දිග වැඩියි...
පොටෝ එකේ තියෙන දේ තමයි මට උනේ...
@ දුමී
ReplyDeleteදැන් ඒක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ.. ඒක් හොඳයි..
ඔය මාළු ටැංකිය වගේම මානසික සුවයක් දෙන වැඩක් තමා මේකත්..
වගා කොරනව කියන එක නම් මාරම ආතල් වැඩක් තමයි අයිය... එතකොට අයියත් ගොවියෙක්... මරු මරු...
ReplyDeleteකතුරුමුරුංග මල් නම් මමත් පොඩිකාලෙ දැක්කට පස්සෙ දැක්කෙ නෑ...
@ සාතන්
ReplyDeleteරෝස පාට මල් ජාතියකුත් තියෙනව මාර ලස්සනයි..
එළවළු මිල වැඩිවෙලා නිසාද කොහෙද දැං ගොඩක් අය ගෙවත්තෙම වගාකරගෙන කන්න පුරුදු වෙලා, කිව්වත් වගේ හොඳම හරියෙදි කතාව නවත්තලා, හරි නෑ හොඳේ :)
ReplyDelete@ හරී පිණිපළස
ReplyDeleteටිකක් ඉවසපං ගොයියෝ....
මේක ඊයේ කියෙව්වා . . . කොමෙන්ට් කොරන්න බැරි උනා . . හිටින් අද එකත් කියෝලම එන්න. . .
ReplyDeleteඅහ් කියන්ට බැරි උනා මගේත් ලොකුම හීනයක් තමා පොඩි හරි එලවළු ෆාම් එකක් දා ගැනීම . . .බලමු බලමු . .
@ දුකා
ReplyDeleteඅපි වවමු.. රට නගමු..
සුබ අනාගතයක්...!!! හෙහ් හෙහ්
විකුණන තරමට නැතත් අපේ ගෙදරත් ඉස්සර ඔය වවන පුරුද්ද තිබුණා. ඒ මතකය අලුත් වුණා.
ReplyDeleteෆාම් එකක් දාන්න ඉක්මණට. :)
@ නලිනි චන්දිමා
ReplyDeleteඅනිවා දොස්තර නෝනේ.. අනික් කොටස් දෙකත් බලන්න. ඔයාගේ කතා වගේ රස නෑ.. හැබයි කොහොඹ වගේ තිත්තමත් නෑ මයේ හිතේ...