.

.

Nov 1, 2011

අලව්වේ ඉලව් වාර්ථාව - Alawwa Commission Report


සටහන - මම මේක ලියල ටිකක් කල්.. මම හිතුවා වගේම මැරුණු උන් දෙන්න වැරදි කාරයෝ කරලා කොමිසමෙන්.. උන් මැරුණ නිසා කොමිසන් වාර්ථාව එලියට ආවා.. මම හිතන්නේ ප්‍රසිද්ධ කල එකම කොමිසන් වාර්ථාව...
------------------------------------
අලව්වේ මල ඉලව්වක් සිඳුවූ බව ඔබට මතක ඇතයි සිතමි. (ඔව් යකෝ. අලව්වේ තමයි. අර S11 එක නැරඹුම් මැදිරිය නරඹන්න ගියේ.) ඒ පිළිබඳව එක එක හාල් පාරුවන් එක එක මත ප්‍රකාශ කරන බැවින්. ඒ සඳහාද කොමිසමක් පත් කරන ලදි. සාමාන්‍යයෙන් කොමිසන් වාර්තා ප්‍රකාශයට පත් කරන්නේ නැත. එයට හේතුව නම්, තවත් විශාල වියදමක් දරා කොමිසම පිළිබඳ කොමිසමක් පත් කරන්නට සිඳුවන බැවිනි. එබැවින් විශය පිළිබඳව විශේෂඥ්ඥයන් සකස් කරන්නාවූ එම වාර්ථා බුද්ධිමතුන් අතට පමනක් පත්කිරීම සම්ප්‍රදායක් කොට ගෙන ඇත. ඉතින් එලෙස් මා වෙත ලද කොමිසන් වාර්තාවෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයක් පමණක් ඔබ වෙත ඉදිරිපත් කරන අතර. මුළු වාර්ථාවම ඉදිරිපත් නොකිරීමට් අප බැඳී සිටිමු.

පිටු 4 කින් සමන්විත එම වාර්ථාව වර්ණවත් ඔප කඩදාසීයේ ඉතාමත් සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයට මුද්‍රණය කර ඇත. ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ඡායාරූප ඉතාමත් ඉහල ගනයේ ඇත. මෙවැනී වාර්ථාවක් ලබා දීමට අවස්ථාව ලබා දීම ගැන කොමිසමේ ස්තූතිය, සැමටම ආදර්ශයට ගත හැකි ලියමනකි. පහත පලවන්නේ. මා සිත් ගත් විවිධ පුද්ගලයන්ගෙන් ගත් සාක්කි සටහන්ය.

S11 නිශ්පාදන සමාගම -
අපි මේවා ෆයිබර් වලින් හදලා තියෙන්නේ. ලංකාවේ යකඩ පවා විඳීන ගුල්ලො ඉන්නවා කියලා අපට වාර්ථා වෙලා තියෙන නිසා. මේවා හදන්න ඔයාලට තේරෙන්නේ නැති නිසා මිකැනික් කෙනෙක් දීලා තිබුනේ. ඒත් එයා ඒ වෙලාවේ ඉඳලා නෑ. ඒ විතරක් නෙමෙයි ඩ්‍රයිවරුයි සහායකයත් නියමු කුටියේ ඉඳලා නෑ. ඒ නිසා රියදුරන් පවා අපෙන් දෙන්න අපි දැන් සාකඡ්චා පවත්වනවා. ඒ වගේම රියදුරන් නොමැතිව දුම්රිය ධාවනය පිළිබඳ ශ්‍රී ලංකාවේ තාක්ෂණය පිළිබඳ හැදෑරීමක්ද කරනවා.

අලව්ව දුම්රිය ස්ථානාධිපති - 
නවත්තන්නේ නැති කොච්ච්ය මොන මළ දානෙට මෙතන නැවැත්තුවද කියලා බදුල්ලේ ට්‍රෙන් එකේ ඩ්‍රයිවර් එක්ක ගේමක් ඉල්ලන කොටම මේක උනේ. මගේ නම් අදහස බදුල්ලේ ඩ්‍රයිවර් හිරේ දාන්න ඕන. නවත්තන්නේ නැති රෙද්ද මෙතන නැවැත්තුවට.

වෝල්ටර් වොන්ඩර් (නැරබුම් මැදිරියෙ උන් විදෙශිකයෙක්) - 
මම කවදාවත් දැකලා තිබුනේ නෑ කෝච්චි දෙකක් හැප්පෙනවා. ඇත්තටම ආශ්චර්යමත් රටක්. මම මගේ යාලුවන්ට කියනවා. ඉකමනටම ලංකාවට එන්න කියලා. අනෙක හිතවත් ජනතාවක් ඉන්නේ. අපි විතරක් නෙමෙයි අපෙ බෑග් පවා පරෙස්සමට අරගත්තා. කලබලේට ගත්ත නිසා මාරු වෙන්න ඇති. අපෙ බෑග් සොයා ගන්න පුලුවන් උනොත් අපිට කියන්න.  පොලිසියේ අය අපේ ඊ මේල් පවා ගත්තා. ජනතාව වගේම හිතවත් පොලීසියක්. නැත්නම් අපි බීපූ සිගරට් එකේ බාගේ බොයිද..

මරදාන සිග්නල් මැදිරියේ මැදිරි ප්‍රධානී -
ඔතන සිග්නල් කණුව තියෙන්නේ වංගුව ගත්තට පස්සේ ඉතින් සිග්නල් එක පේන්නේ නෑ. ඒ නිසා අපි යෝජනා කරනවා වංගුව කෙලින් කරන්න කියලා.

පිටු පස දුම්රියේ ගමන් කල තරුණයෙක් -
මම මගේ පෙම්වතියට ආදරය ප්‍රකාෂ කරන්න හැදුවා විතරයි මේක උනේ. මොකද අපි මුන ගැහුනෙත් දුම්රියේ නිසා. ඉතින් "මම ඔයාට අ........." කියන කොටම ඩෝං ගෑවා. ඊට පස්සේ මට කියවුනේ වෙන එකක්. මේ නිසා මට මගේ පෙම්වතියත් නැති උනා.

අලව්වේ වලව්ව අසල සිරිල් අයියා -
නියම සීන් එක ලොක්කා. බදුල්ලේ එක මේම තිබ්බා. පවර් සෙට් ඔක්කොම ඒන් එනවා. අම්මට හුඩු ඩයිවරුත් නැතුව. ඒයි වරෙල්ලා කීන කොටම XXX ගියා.. අම්...(මාතලන් විසින් කපා හරින ලදි.)


වේදිකාවේ උන් තරුණියක් -
මම කෝල් එකක මෙයා හිටියේ. එක පාට්ටම ඩෝං ගාලා සද්දයක් ආවා. එයා හිතුවේ බෝම්බයක් කියලා අයියෝ.. පස්සෙ මම එයාට කිව්වා. නෑ ඩාලිං මේ පොඩි ඇක්සිඩන්ට් එකක් කියලා. ඒක නෙමෙයි අනේ ඕක මොන පත්තරේද දාන්නේ. පින්තුරෙත් දානව නේද. අනේ කියන්නකෝ අයියේ... අනේ ප්ලීස්... පොඩ්ඩක් ඉන්න මේ සෙන්ට් එක දාගන්නකන් මෙයා...


ප්‍රවාහන ඇමති -
මම පංචිකාවත්තෙ පොර. යකඩ ගැන මට කියන්න එන්න එපා හරිද. අනික මම හැමදාම ආතල් එකට කෝච්චියේ යන පොර. එදත් මේකේ යන්න හිටියේ ඒත් කැමරා කාරයෝ ආවේ නැති නිසා පොස්පෝන් කලා වෙලාවට.

ඊට කලින් ඇමති - පොලොස් තෙවරප්පෙරුම
ඕවා මම ගත්ත ඒවා නෙමෙයි. පැහැදිලිවම මටත් කෝටි පහක් හම්බ උනා. එකෙන් මම "කොළඹ ගෙදර" හදනවයි කිව්වා. ඉතින් ඒක මේ දවස්වල හදාගෙන යනවා. අපිත් ආස නැද්ද ලස්සන ගෙවල් වල ඉන්න. ඇමරිකන් ඉස්ටයිල් එකට හදන්නේ. ගෙවදින කොට ඔයාලටත් කියන්නම්කෝ...

ඊටත් කළින් ඇමති - ෆව් සීන්
මේමයි. යේක යක්කඩද ෆයිබද යපි කාලා පලන්නද. ඒකට යවපු උන් පෙට්ටි විතරයි කෙනාවා. යේක තීන යෙන්ජිමේ පෙට්ටි දාන බේ. පෙට්ටි කෙඩෙයි. යේක තමා යෙන්ජින් ඔක්කොම කෙනාවා. යේම තමා යෙපෙනවා පයිනවා කෙඩෙනවා. මන් මොක්කුද කෙරෙනවා. යෙබයි කොකිස් කන්නේ නේ...
ඇමති තුමා සම හරක් කියනවා ඔබ තුමා මේකෙන් කොමිස් ගත්තා කියලා
යේක තමා යෝයි  කීවේ අපි කොකිස් කන්නේ නේ.. අප්පිලට හරාම්..

කොමිසමේ නිර්දේශ

  • දුම්රිය රියදුරන්ට දූරදර්ශක (බයිනෝකිලර්) ලබා දිය යුතුය.
  • දුම්රිය රියදුරන් සීට් බෙල්ට් පැළදීම අනිවාර්ය කළයුතුය. (පැන යා නොහැක.)
  • සෑම දුම් රිය ස්ථානයකටම ට්‍රැෆික් පොලිස් නිළධාරියකු අනුයුක්ත කළ යුතුය.
  • ක්‍රියා විරහිත වන දුම් රිය නවතා තැබීම සඳහා තවත් දුම් රිය මාරගයක් එකතු කළ යුතුය. 
  • වංගු සියල්ලම කෙලින් කල යුතුය.
  • කොමිස් ප්‍රමණය වැඩියෙන් ඉල්ලා සිටිය යුතුය. (වන්දි ගෙවීම සඳහා අරමුදලක් ඇති කිරීමට.)
  • බඩු බාල උනත් ලොකු අයියා තරහ නොකර ගත යුතුය.

36 comments:

  1. ඔය නිර්දෙශ වලට තිබුනෙ නැද්ද මගීන්ට තමන්ගෙ ආරක්ෂාව තමන් බලාගන්න ඔන කියලා

    පිටු පස දුම්රියේ ගමන් කල තරුණයට වුන දෙ නම් පව් හොඳේ

    ReplyDelete
  2. ඔය නිර්දේශ වලට අලුතෙන් කෝච්චි ඇංජිං කීපයක් ගේන්න යෝජනා උනානං තමයි හරියටම හරි . . .

    ReplyDelete
  3. දෙන දේ කාල වෙන දේ බලා ඉන්න එක ජීවිතේ කරගත්තු අපේ මිනිස්සුන්ට ඕකෙ මොකක් තිබුනත් එකයි බං...

    ReplyDelete
  4. දැන් මොකක්ද ඔතන හරියටම වෙලා තියෙන්නේ?...:D:D:D

    ReplyDelete
  5. ඕකට වග කියන්න ඕනෙ ශාන් වික්‍රමසිංහ මහත්තයා. අර රනිල් මහතයාගේ අයියා. ( පොරගේ කටත් වැඩිනෙ. අනික යූ.ඇන්. පීනෙ )
    මෙහෙමලු උනේ. ඔන්න එක කෝච්චියක ඩැයිවර්ට හාර්ට් ඇටෑක් එකක් එවලේ හැදිලා. හෙතුව බලනකොට මෙයා වැඩියෙන් තෙල් කාල ඒකයි. ඒ සැරේ වැරදිකාරි හාමිනේ. එයාගෙන් ඇහුව්වම තෙල් දාල තියෙන්නේ ටී. වී. එකේ කියන නිසාලු. ඒකත් ඇත්තනේ. ඊට පස්සේ හොයනකොට අහුවෙලා ටී. වී ලංකාවට කලින්ම ගෙනල්ල තියන්නේ ශාන් මහත්තයා. හරිනෙ වැඩේ.

    ReplyDelete
  6. කි0 කෑකිල්ලේ 2011..........
    ඈමති වෙල්ගම.

    ReplyDelete
  7. අඩේ මේ තියෙන්නේ වාර්ථා... හිනත් යනව බන්... මෙහෙව් රටක් නේ... මේකෙයි ඒකෙයි ලොකු වෙනසක් නෑ මයෙ හිතේ...

    ReplyDelete
  8. ලෙසටම ලියල තියෙනව.

    ප.ලි.
    ඇත්තටම අණතුරට හේතුව මොකක් කියලද කියන්නෙ?

    ReplyDelete
  9. ආතල් උපරිමයි.ඒගැන කතාකරල වැඩක් නෑ.
    පිටු පස දුම්රියේ ගමන් කල තරුණයෙක්-.....එයා එහේ මම මෙහේ සිරිපාල දොරේ...:P

    ReplyDelete
  10. ඇත්තටම ඕනෙ මෙන්න මේ වගේ වාර්ථා...සිරාවටම...මම හිනා වෙද්දී මගෙ සහයක ඩැනී අහනවා උදේ පාන්දරම කොමලේ මොකද කියලා...කොහොමද ඉතින් ඒකිට මේවා පෙන්නන්නෙ....

    අර පිටි පස්සෙම ආපු කොල්ලා පව් අප්ප....

    ReplyDelete
  11. මටත් මතක් උනේ සිරිපාල දොරේ කතාව...

    එල පවුසිගේ සීන් එක ආතල්.

    සුද්දෝ අපිට ගේමක් දෙන්න කරපු වැඩක් ඕක. යන්ඩ එක පාරකුයි. එන්ඩ එක පාරකුයි. නවත්තන්නඩ තව තැනකුයි එකපාරම හැදුවේ නැත්තේ ඒකයි.

    ReplyDelete
  12. @මහ වෙදනා:
    අමුනුගම ලොක්ක කමි‍ටුවේ හිටියනං . . . ටක්කෙටම ශාන් තමයි වැරදිකාරය වෙන්නෙ . . .

    ReplyDelete
  13. මරු ඈ... වාර්ථාවනම් සුපිරි...

    ReplyDelete
  14. උඹ ලිව්ව ඒවයින් මම කැමතිම එක මේක. රීඩරේ හරහා උඹව කියව්වට ඔය පොලිටිකල් කතා මට තේරෙන්නේ නෑ මචන්. ඒ වුනාට මේක නම් තරු පහයි.
    ඇත්තටම උඹ ඔය නිව්ස් කොලම් එකකට කියපන්කෝ.

    ReplyDelete
  15. හොදයි දන්න කෙනෙක් කියන්න ඉස්සෙල්ලා අවසන් වෙන්නේ "කොළඹ ගෙදර" සැදීම ද "නිවාස දශ ලක්ශයේ" වාඩසටහනද?

    ReplyDelete
  16. කාලෙකට ඉස්සර ඔය train accident එකක් වෙච්ච කාලෙක රුවන් තරස්වින් කියන comics artist cartoon එකක් දාල තිබුනා පත්තරේක. එකේ තිබුන එක කෝච්චියක් ඩිසයින් කරලා තිබුනේ අනික් පැත්තෙන් එන කෝච්චිය අනිකට උඩින් යන විදියට. rail track එකක් එක කෝච්චියක් උඩ වහලේ තියනවා අනිකට අවුලක් නැතුව උඩින් යන්න පුලුවන් වෙන විධියට. රුවන් තරස්වින්ගෙනුත් කොමිසම අහලා බැලුවානම් කියයි ක්‍රමය!

    ReplyDelete
  17. ලංකාවේ තියන ලොකුම විහිලුව තමයි රෙන්න බර හැදුනත් ඒකට හේතු සොයන්න කොමිසම් පත් කරන එක!මෑත කාලයේ බිහිවුනු හොඳම කොමිසම තමයි දුටුගැමුනු ගස් බැඳ එක හොයන්න පත් කරපු කමිටුව!

    ReplyDelete
  18. @ ලොකු ජෝන්
    ඒක නීතී ගත කරලා ගොඩක් කල්නේ.. ඌ ගැන මටත් හරි දුකයී...

    ReplyDelete
  19. @ ඕනයා
    ඒවා නිර්දේශවලට දාන්න ඕන නෑ මයේ හිතේ... හිහ් හිහ්..

    ReplyDelete
  20. @ සපතේරූ උන්නැහේ
    සහතික කරන ලද ඇත්ත..

    ReplyDelete
  21. @ පොඩි කුමාරීහාමී
    අර සිරිල් අයියා කියපු දේ තමයි..

    ReplyDelete
  22. @ වෙද මහත්තයා
    අනිවාර්යයෙන් ඊළඟ කොමිසමේ සාමජිකත්වයට පත් කොරනවමයි..

    ReplyDelete
  23. @ ඇනෝ
    ඒ මනුස්සයා මක්ක කොරන්නද...?

    ReplyDelete
  24. @ පිස්සා පලාමල්ල
    මේත් ඒකෙම කොටස් තමයි බන්..

    ReplyDelete
  25. @ ඔබා
    බ්‍රේක් වැඩ කොරල නෑ..

    ReplyDelete
  26. @ රාජ්
    මැරුන උන් මලා ඒ වගේද අහිංසක කොල්ලා...

    ReplyDelete
  27. @ දිල්
    ඉතින් මම වගේ පරිවර්ථනය කොරලා දෙන්න එපැයි..

    ReplyDelete
  28. @ තිසර
    ඔය ඩැයිවර්ටයි සහායකටයි ඇන් ජී ඕ වලින් ගෙවීම ලැබුනයි කියලත් වාර්ථාවේ තියෙනවා. සමහර විට චීනෙට සම්බන්ධයකුත් ඇති.

    ReplyDelete
  29. @ ප්‍රසන්න
    ටැන්කූ.. මම කොමිසමට කියන්නම්..

    ReplyDelete
  30. @ ඉල් මොන්දෝ
    තෑන්කස් මචං, උඹ රීඩරෙන් බැලුවට කමක් නෑ කොමෙන්ට් එකක් දාපං. සල්ලිත් හම්බ වෙන්නෙත් නැති එකේ කොමෙන්ට් වලින් තමයි ආතල් එකක් තියෙන්නෙ. මම නම් ලියන්නේ කොමෙන්ට් බලාගෙන.. මක්කටෙයි බන් බොරු කියන්නේ. බොගේ තියෙන ආතල් එකත් ඒකයි..

    ReplyDelete
  31. @ ජය ශ්‍රී
    දෙකම ෂුවර් නෑ. දෙකම භාර හඬ මිස වැඩ බැරි දෙන්නෙකුට නේ..

    ReplyDelete
  32. @ කැන්ඩියන්
    පොරගෙන් එහෙම කාටුන් එකක් ආවයි කිව්වමහත් පුදුමයි..

    ReplyDelete
  33. @ සබිත්
    එහෙමම කියන්න එපා. ඒකෙන් හොයා ගත්ත නේ ඌම බැඳගත්තා කියලා..

    ReplyDelete
  34. හිනා වෙලා බඩත් රිදෙනවා බං ....
    උඹටත් හිතෙන ඒවා ......

    ReplyDelete
  35. මේ අර ලෝකේ ගෝලේ කැරකෙන එක ගලවල දාන්න.
    ඒකෙන් මේක ස්ලෝ වෙනවා!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න