.

.

Nov 23, 2011

මී හරක්.... - Bull Shit



නොමැත හිරිහැර
සිරුරු දියකර
තබති පියවර
කෙතක් සරුකර
ඈත සිට පෙර
නොකර කරදර
බතින් කුස පුර
වමින් සහ කිර
අහිංසක මී හරක්....

රහමෙරින් මත්වෙමින්
ඊර්ශා ක්‍රෝදයෙන්
රාත්‍රිය සොරකමින්
දහවලෙයි ඇවිදිමින්
සුන්දරවූ මල් කැකුළු
පිපෙන්නට පෙර තුටින්
පොඩිකරයි සිඳලමින්
මහ එවුන් පසුපසින්
වැටී ඇත සෙනෙහසින්
ගමම කන මී හරක්....

මේ කයිය මම දැම්මේ මගේ පින්තූරූ කියන බොගේ. කීපදෙනෙක්ම කිව්වා මේකේ දාන්න කියලා.. ඇත්ත කතාව.. මේකේ දැම්මම 400 ක් විතර අඩුම බලනවා.

දැන් මරා ගන්න එන්න එපා ගමට ගරහනවා කියලා. මේ කතාකරලා තියෙන්නේ එක පැත්තක්. එත් මේවත් මට නම් සුන්දරයි. නගරේ වගේ නෙමෙයි වෙනම අනන්‍යතාවයක් තියෙනවා. සඳරූ කියයි ඇත්තද බොරුද කියලා...

48 comments:

  1. දෙවනි සෙට් එකට මීහරක් කියල මීහරකුන්ට අපහාස කලාට මිලියන 500ක් වන්දි ඉල්ලල මම නඩු දානව ඕන්...

    ReplyDelete
  2. @ සාතන්
    මී හරක්ගේ මානුෂික අයිතිවාසීකම් උල්ලංගනය කිරීම වෙනුවෙන්. පොඩි නොගැලපෙන ගතියක් තිබිලා මොඩිෆයි පාරක් දැම්මා ආයෙත් බලපන් තරහ නැතුව.

    ReplyDelete
  3. වසිලිස්සාNovember 23, 2011 at 9:01 PM

    වැදෙන තැන්වලට හොඳට දැනෙන්න ලියල තියනවා

    ReplyDelete
  4. අහිංසක සත්තුන්ට නිගා නොකරන්නැයි මාතලන් ගෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි

    ReplyDelete
  5. මාතලන්, ඔය මල් තලන එකෙක් හිටියා බොහෝම කුප්‍රසිද්ධ අන්න දැන් බොනික්කො නලෝනවා. තව කට්ටිය හිටියා දැන් අඩි 6 පොලොව යට.

    ReplyDelete
  6. .............
    මහ එවුන් පසුපසින්
    වැටී ඇත සෙනෙහසින්..

    එතකොට මහ එවුන්ට කියන නම මොකක්ද?උන්ට මීහරක් කියලවත් කියන්න බෑ.

    ReplyDelete
  7. @ ලොකු ජෝන්
    මේ හරක්, මී හරක් ලෙස නම් කිරිම ගැන එම අහිංසක සතින්ගෙන් සමාව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  8. @ වෙද මහත්තයා
    ඒකට තමයි කියන්නෙ කළ කළ දේ පල පල දේ කියන්නේ...

    ReplyDelete
  9. @ වසිලිස්සා
    ඒ ගතිය දැනෙනවනම් ප්‍රයත්නය සාර්ථකයි.. ස්තූතියි..

    ReplyDelete
  10. @ රාජ්
    උන්ට කියන්නෙ.. පොල් හරක්

    ReplyDelete
  11. උඹ මේ කියන්නේ ගං වල චන්ඩි ගැනද?
    ගමේ නගරේ පාර්ලිමෙන්තුවේ කියලා නෑ දැන් උඩ ඉඳන් පහලටම චන්ඩි . . . !!

    ReplyDelete
  12. @ දුකා
    උඹ හරි ඉස්සර තමයි රස්තියාදූ කාරයෝ උන්නේ. දැන් උන් චන්ඩී. ඇත්ත දැන් හැ එකාම චන්ඩි. බලපන්කෝ අර බබා වගේ ඉන්න සුරේන්ද්‍රයත් රසිකයෙකුට නෙලලලු. ඇත්තද මන්දා. උන කාරයෝ වැහි වැහැලා. 88-89 කාළේවත් මෙහෙම උනක් තිබුනේ නෑ.

    ReplyDelete
  13. අහිංසක මී හරක්ට වඩා ගමම කන මීහරක් බෝවීමේ ප්‍රවනතාවය වැඩි නේද ?

    ReplyDelete
  14. මහ එවුන්ට දැක්ක නොදැක්ක වගේ ඉන්න වෙලා තියෙන්නෙ, මේ මී හරකුනුත් එපායෑ කුඹුර හා ගන්න.
    dayal-bathee

    ReplyDelete
  15. @ ගිම්හානී
    පැහැදිලිවම..

    ReplyDelete
  16. @ දයල් බතී
    ඔය මී හරක් දෙවර්ගයම යන උලෙලක් තියෙනවා. වප් මඟුල කියලා.. මාර ගති.

    ReplyDelete
  17. අහිංසක සතුන්ට බනින්නේ මොකො මචන්... මේ කාලේ කරන වැඩ වලට උන්ට හරක් මී හරක් ඌරෝ කියලා අපි කරන්නේ අපරාධායක්...
    .

    ReplyDelete
  18. ලින්ටන් සේමගේ හදපු මී හරකා බයිස්කෝප් එක මතක් වුනා.
    "අහිංසක මී හරක්" ඇත්තටම සියුම් උපහාසයකුත් එක්කද මේක ලියවෙන්නේ.

    මහ එවුන් පසුපසින්
    වැටී ඇත සෙනෙහසින් - පාතාලය සහ දේශපාලනය අතර සම්බන්ධය පෙන්වන හොද යෙදුමක්.

    එළහරක්, මී හරක් එක්ක සම හරක්..

    "රේඛාව" තුළත් අපි හිතන ගම සහ දකින් ගම අතර වෙනස පෙන්නන්න උත්සාහ ගත්තු අවස්ථාවක්. මාතලන්ගේ කවියත් ඒ වගේ.

    ReplyDelete
  19. අපේ අත්තම්මා කියලා තියනවා ඉස්සර කාලේ මිනිස්සු ටීචර්ස්ලාට කීවේ මීහරක් කියලා. ඇයි දන්නේ නෑ නේද?

    පින්තූරෙයි, කවියි දෙකම ලස්සනයි.

    ReplyDelete
  20. @ ඉල් මොන්දෝ
    ආ කොහෙමෙයි. මටත් හරි දුකයි. උන්ට මී හරක් කියන එකට. ඒත් මං මක් කොරන්නද. මහත් හොරු වගේ නමක් ගැලපෙයිද?

    ReplyDelete
  21. @ තිසර
    අනිවා... උපහාසයක් මිසක්.. අපහාසයක් නොවේ..

    ලින්ටන් සෙමගේ හිටපු මී හරකා ටිකක් අබව්‍ය ෆිල්ම් එකක් ඒකේ අර මඩ වල ඇත්තටම් මීහරක් නගින වලක් ලූ උගේ නියපොතු ඔක්කොම නරක් උනාලූ ඒ ෂොට් එකෙන් පස්සේ. මම අබව්‍යයි කිව්වේ ඒ දර්ශනය. වෙන ඕන් තරම් ක්‍රම තිබුනා ඒ හැඟීම පෙන්වන්න..

    මම ආසම වච්නයක් තමයි සම හරක්
    හරකා සමානයි කියන එකනේ. මගේ හැම ලිපියකම මේ වචනේ තියෙනවා බොහෝ වෙලාවට

    ReplyDelete
  22. @ පොකු
    ඒකනම් ඔබා ගෙන් හරි කතා ගෙන් හරි අහන්න වෙනවා. මම නම් දන්නෙ නෑ ඒ ගැන. මී හරක් බත සපයා දෙන නිසා. ගුරුවරු අධ්‍යාපනය ලබා දෙන නිසා ගෞරවයක් හැටියට කිව්වද දන්නේ නෑ. මේක දැක්කම කවුරු හරි උත්තර් දෙයි..

    ReplyDelete
  23. මී හරක් කියනවාට වැඩිය හොඳයි 'මිනිස් හරක්' කියන එක. 'මහ එවුන්' කියන එක ඩීසන්ට් වැඩියි. ඒකටත් නමක් මතක් උනොත් කියන්නම්.

    ReplyDelete
  24. පවු යකෝ අහිංසක මී හරක්

    ReplyDelete
  25. //ඉස්සර කාලේ මිනිස්සු ටීචර්ස්ලාට කීවේ මීහරක් කියලා. ඇයි දන්නේ නෑ නේද?//
    මේක දැකලා මම අහපු කතාවක් මතක් උනා.
    ඈත පලාතක පැන්ෂන් ගිය ඉස්කෝලේ මහත්තයෙක් දවසක් බස් එකක් එනකම් හෝල්ට් එකක ඉන්නවා. ඔහොම වේලී වේලී ඉන්නකොට නැවැත්තුවා වාහනයක්... ඒකේ හිටියෙ ගමේලොකු පහේ 'පොරක්' ටවුමේ ඉස්කෝලෙක ඉගෙනගත්තු. දැන් මේ පොර ඉස්කෝලේ මහත්තයාත් නග්ගාගෙන යනවා. ඔහොම යන ගමන් මගදි එනවා ඉස්සරහට් කොළුවෙක් මී හරක් රැලක් දක්කාගෙන. එතකොටම මේ පොර කියනවා නක්කලේට වගේ ..
    'ඩ්‍රයිවර් පරිස්සමින්..ඉස්කෝලේ මහත්තුරු වගයක්' කියලා. ඉස්කෝලෙ මහත්තයාට නැග්ගා නහුතෙට. ඒත් ඉතින් ... ඒ බව නොපෙන්වා කියනවා...
    'මහත්තයාගේ ඉස්කෝලේ උගන්නපු අය වෙන්ටෑ. මොකද දන්නෑ මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ' කියලා.

    ReplyDelete
  26. @ කැන්ඩියන්
    මතක් කරලා කියපන්කෝ.
    මමත් එහෙමයි ගමේ ගියාම හාමොනේට විහිළු කරනවා අන්න ඔයාලගේ නෑයෝ කියලා. කොළඹ එන කොට පාරේ ඉන්න බල්ලො පෙන්නලා නෝනා මට කියනවා අන්න ඔයාලගේ නෑයෝ කියලා. ඒ උනාට මී හරක් බල්ලොත් එක්ක කිසි වලියක් නැතුව ඉන්නවා. නෝනා හොඳ නිසා...

    ReplyDelete
  27. @ ඕනයා
    ගම කන මී හරක් ගැන අවුලක් නෑනේ..

    ReplyDelete
  28. සඳරුව අරහෙ වල් ඌරෙක් දඩයන් කොරගෙන...

    ReplyDelete
  29. @ ඔබා
    කියෙව්වා මචං ඌ වල්ම වල් "ගේ" ඌරෙක්. ඌට වෙච්ච දෙයක් මාමට උනා කියලා දැම්මද දන්නේ නෑ.

    ReplyDelete
  30. ඌ මී හරකා උනත් රටට හොද සේවයක් කරන්නේය..

    ReplyDelete
  31. @ මාතලන්,
    මටත් එහෙම සැකයක් ආව, ඕනය ඒ පැත්තෙ ගියාම නියම විශ්ලේෂණයක් දෙයි

    ReplyDelete
  32. @ දිනේශ්
    කොයි එකාද...?

    ReplyDelete
  33. @ ඔබා
    උගේ ටැලන්ට් එක පෝස්ට් වල නෑ. ඒකයි දුක...

    ReplyDelete
  34. අහිංසක මී හරක් හොඳට හික්මවපු, පුහුණු කරපු උං.. අයාලේ ගිය ගම කන මී හරක් නිසා අහිංසක මී හරක් පවා බැට කනවා..මී හරක් උනු නිසාම !

    ReplyDelete
  35. @ වෙනී
    දුප්පත් සතෙක්..

    ReplyDelete
  36. මීහරක් කීවේ මේ මේ අර වල්ගෙ දිග ......පුල්ලි පුල්ලි තියන ..සත්වයා නේ ?

    ReplyDelete
  37. මං කිව්වේ කකුල් හතරේ එකා.. අර කුඹුරු වල බැහැන් ඉන්න එකා..

    ReplyDelete
  38. මේකෙ වැටෙන වෙලාවල් කොයි රටේද?

    ReplyDelete
  39. @ සඳරූ
    ඌට කියන්නේ ගැට කිඹුලා...

    ReplyDelete
  40. @ දිනේශ්
    තේරුනේ දැන් තමයි..

    ReplyDelete
  41. @ ඔබා
    ඔව් බං ඕනයගේ තමයි. මම දන්නෙත් නෑ. මම හිතන්නේ හිරු නොබසින අධිරාජ්ජේ එක කියලයි..

    ReplyDelete
  42. @ පිස්සා පලාමල්ල
    කොයි එවුන්ද...?

    ReplyDelete
  43. දොවයි මී එල දෙනුන්ගේ කිරි මිනිසුන්..
    මෙවන් මී හරක් දොවයි කිරි අහිංසක බිලිදියන්..

    ජය ශ්‍රී..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න