.

.

Nov 26, 2011

සිරස - පිස්සු - කෙලී - m(ad) entertainment


කාළයක් සිරසේ පුංචි පහේ මං කියලා සෝ එකක් පෙන්නුවේය. වැඩේ නැගලාම ගියේය. ඉස්සෙල්ලම පස්ස විපස්ස පොලිටීසියොන්ලා ගෙන්නුවේය. පහේ පන්තියේ ඒවාට වත් උත්තර දීගන්න බැරු,ව කස්ටිය නෑවේය. පස්සේ, ලොක්කා, නාන්න ඕන නම් අරලිය ගහ මන්දිරේට ඇවිත් නාගෙන යන්නයි කීවෙය. ඊට පස්සේ ඒ කස්ටිය එන එක නැවතුනාය. ඒ උනාට ලොකු ලොක්කෝ ඇවිත් නාගෙන ගියේය. දැන් ඒ සෝ එක නැතිය. ඒ උනාට සිරසේ කට්ටිය නානවාය. නිකන් නෙවෙය. එකසිය ගානටය.

හැබැයි "පුංචි පහේ මං" පට්ට කොපියක්ය. කොපි උනත් අපේ ඒවා වගේ කොරනවාය. මෑතක ජනප්‍රිය උනේ. "ඔබද ලක්ෂපති - මමද ලක්ෂපතිය". ලකී ඒක නියමෙට කෙරුවේය. ඊට පස්සේ පොර නැතිවී චන්දන ආවේය. අර තරම් ගතියක් නැතිය. දැන් වැඩේ ඉවරය. "සුපර් ඉස්ටාර්ටත්" ඒකමය. සුපර් ඉස්ටාර් දිව්වේ කමල් නිසාය. ඌ ගියේය. දැන්නම් බල්ලොත් බලන්නේ නැතිය. උන්ටත් වැඩක් නැති නිසා පෙන්නන්නේත් චොර දවස්වලය. දැන් දැන් සිරසේ බලන්න දෙයක් නැත්තේය. මම නම් බලන්නේ. "ස්පෙල් මාස්ටර්ස්" හා "සිහින පුරය" පමණය. අර විවාද වැඩසටහන දරුවන්ට නම් හොඳ ඇතිය. ඒ උනාට මට නම් අපේ මස්සිනාලගේ ගෙදර ගියා වාගේය. මස්සිනා ගාව ඇල්සේසොන් බල්ලෝ පිරිලාය. උන් බුරන්නේත් ඔය වගේමය.

සිරස ප්‍රවෘත්ති ඉස්සර සම බර මට්ටමේ තිබුනේය. ඒ "සත්‍යයේ සටහන - බුද්ධියේ විමසුමට" කියා ඇත්තටම කියපු කාළයේය. ඒ නිසාම කීප සැරයක් ප්‍රහාරවලට ලක් වුනේය. ඒ සැම අවස්ථාවකම ජනතාව සිරස සමඟ සිටියේය. නමුත් ඒ කන්න උනේ ඇයිදැයි කියා සොයා බැලිය යුත්තේය. හේතුව උනේ, පැත්තක් ගැනීමය, අන්ථවාදී වීමය. යුද්ධයෙදී දෙමළ ජනතාවට වන අසාධාරනය වාර්ථා කළද. සමබර නම් දෙන්නෙක් තුන්දෙනෙක් යුද්දේ වාර්ථා කොරන්නත් යවන්න තිබුනේය. එතකොට වැඩේ සම බර වන්නේය. සිරස කන බව එයාලාට නොතේරුනාට. මාධ්‍ය ඔස්තාර්ලා නොවෙන අපට නම් තේරුනේය.

ඒ උනාට ඒවා අනුමත කොරන්නේ නම් නැතිය. තමන් පොර කියා හිතන අයටත් දවසක කන්න වෙන්නේය.  සිරසටත් උනේ ඒ වැඩේය. ජහ මන මතය කොයි පැත්තෙදැයි තේරුම් නොගත්තේය. අපි ප්‍රවෘත්ති බලන්නේ එක එකාගේ ගෙවල් වල වලි බැලීමට නෙමේය. රට තොට තොරතුරු දැනගැනීමටය. ඒ උනාට සිරස නිව්ස් වලින් බාගයක් වෙන් කරන්නේ රනිල්ට ගහන්නය. ඒක ඇත්තටම නම් අපේ අයිතිවාසිකම් අහිමි කිරීමක්ය. නිව්ස් වල පොඩ්ඩක් කියා ඉතිරිය 10 ට බලන්න කියනවාය. 10 වෙනකන් ඉන්න අපට පස්ස පැත්තේ අමාරුවක් නැත්තේය. ඊට ඉස්සෙල්ලා 8 ට සෝමවාහිනියෙත්, දෙරණෙත්, රූපවාහිනියෙත් නිව්ස් යනවාය. එතකොට 10 ට දෙන්නේ පිළුන් වෙච්චාය. 10 ට නිවස් බලන්න ඉන්නවා කියා සිතනවානම් සිරසට පිස්සුය.

තවමත් සිරසට ආදරේ නිසා යෝජනාවක් කොරන්න කැමතිය. හතට නිව්ස් පෙන්නා. 10 ට  යූ ඇන් පී නිව්ස් පෙන්නුවානම් පැය භාගයක්ම පෙන්නන්න පුළුවන්ය. එතකොට ඕප දූප බලන්න ඕන ඒවුන් 10 ට නිදි මරාගෙන බලාගත්තාට අපට අවුලක් නැතිය. අපට පස්සයක් නැත්තේය. ඉන්න එකාට මනාපය. ඒත් වැරදි නම් පෙන්නා දෙනවාය. ඊළඟට රනිල් ආවත් සජිත් ආවත් අපට අවුලක් නැත්තේය. එන එකාට අපි සපෝට්ය. ඒ උනාට රනිල්ට ගහන්නේ නම් මාධ්‍ය සදාචාරයක් කියන එක තඹ දොයිතුවකටවත් මායිම් නොකරය. ඒ පැත්තේ කෙනෙකුට කිසිම අදහසක් කියන්නට නොදෙන්නේය. ආන්ඩුවේ ඒවා මේකට වඩා වැදගත්ය. නයි ටී එන් විමසුමේ මහින්දයා රනිල්ට ගැහැව්වත්, ඒ දවසක්ය. දෙකක්ය. රූපවාහිනියත් දැන් සෑහෙන්න හොඳය. මේ ගැහිල්ල නම් අන්තිම කැතය. තිරිසන්ය. මෙගා නාට්ටියක් වගේය. දිනපතා ගහනවාය.

පෞද්ගලිකත්වයටත් ගහනවාය. ඒවා දෙකයි පනහේ වැඩය. දැන්නම් බල්ලා මාක්ය. කැමරා කුඩු කරපු, හෙඩ් ඔෆීස් එකට ගහපු එකා දැන් හොඳය. ඒ රනිල්ට ගහන්නය. විලි ලැජ්ජාවක් කියා එකක් තියෙනවද කියා සිතෙන්නේය. කොහොමත් මේ වැඩ නිසා දැන් කට්ටිය සිරස නිව්ස් බලන්නේ නැතිය. සිරස බලන්නේත් නැතිය. පෞද්ගලික කෝන්තර අපට වැඩක් නැතිය. අපට අවශ්‍ය රට තොට තොරතුරු දැන ගන්නටය. අර ළමා නිවාස වල දූෂණ එළි කරන වැඩ සටහන් පෙන්නුවානම් සෑහෙන වටිනවාය. ඒව අගය කල යුත්තේමය.(විමර්ශන) නමුත් දැන් ඒව බලන්න 10 වෙනකම් ඉන්න ඕනෑය.

තව කරන්න පුළුවන් පහත්ම වැඩක් කරන්නට දත කෑවේය. ජීවීතේට දැකපු නැති චීවරධාරීන් සෙට් එකක් ගෙනත්, කුරස යුද්ධයක් ඇති කරන්නට මාර ට්‍රයි එකක් දුන්නේය. ජෝන් බාස් දාලා ගියා කියලාය. එකෙක් වත් ගනන් ගත්තේ නැතිය. ලංකාවට තවත් යුද්ධ ඔනෑ නැතිය. අවුරුදු 30 ක් කාපු කට්ට හොඳටම ඇතිය. තමන්ගේම හත් පොලේ ගාගත්තේය. ඊළඟට බැරි තැන හාල්පාරුවෙක් දමා නිල් පාට කමිසයක් ඇඳන් ආවා යැයි කීවෙය. මම හිතන්නේ සිරසටනම් පිස්සුය. කිසිසේත්ම වග කිව යුතු මාධ්‍යයක් නම් නොවේය. "අසත්‍ය සටහන් - මන්ද බුද්ධිකයන්ට" කියා දැම්මානම් හරිය. සිරස අයිති කෙලීලාටය. (ඒ නිසා, පිස්සු "කෙලි"නවාද නොදන්නේය.) සිරස හැදුවේ ලක්ෂපතිය. නිමල් ලක්ෂපති ආරච්චිය. සමබර නිව්ස් නැවත ගෙන් එන්නට පුලුවන් නම්,

සිරස - ඔබද ලක්ෂපතිය. මමද ලක්ෂපතිය.
සත්‍යයේ සටහන් බුද්ධියේ විමසුමටම වන්නේය...
මීට :- සිරසට ආදරය කරන රසිකයෙක් වන මාතලන්ය

ප: ලි: - මේක නම් පුදුම කරුමයක්මය. මෙහි අඩංගු කරුණුම අඩංගූ ළිපියක් ප්‍රසිද්ධ වෙබ් අඩවියක පලවෙලාය. එහෙත් මා මෙය ලියා, පල කිරීම පසු කලේ ඩීප් ගේ "සාරිය" ලිපිය නිසාය. එයත් මා ලියා තිබුන ලිපියක්ය. එබැවින් මේ ලිපියට පෙර ඒ ලිපිය පබ්ලිස් කොලේය. ලිපි දෙකේම කරුණු එක බැවින්, අනිත් අය සිතන්නේත් එසේම නේද කියා සතුටක් සිතෙන්නේය.

විශේෂ :- කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කු වෙයි.. මම රවුමක් යනවා..

62 comments:

  1. සහතික ඇත්තය..නයි ටී එන් එකේ උන් සහ මුන් අපි ගැන කොහොම හිතන් ඉන්නවාදැයි වෙලාවකට අපට සිතේ!උන් හිතන්නේ උන් කියන අතේ කෝට් පච අපිට නොතේරෙනවා යැයි වෙන්න ඇත..අපි මහ ගොන් හරක්/මෝඩ මූසලයෝ කියා විය හැක....සැබැවින්ම අපි ඕවා බලන්නේ බලන්න හොඳ කොමඩියකුත් නැති නිසා බලා ආතල් ගන්නට බව උන් කවදා තේරුම් ගනීද?

    ReplyDelete
  2. රනිල්ට ගහන්න ගිහින් නැවේ සිරම කියලයි මට හිතෙන්නෙ , දැන් ආදායම් එහෙමත් අඩුවෙලාය කියල ආරංචියි .රනිල් වගේ නිදිමත පොරක් නිසා හොඳයි , හරි මිනිහෙකුට ගැහුව නම් ඔය විදිහට නඩුත් දාල මෙලහට ,

    අතිරේක ප්‍රශ්නයක් - මස්සිනාගෙන් ඇල්ෂෙන් පැටියෙක් ගන්න පුලුවන් වෙයිද ?

    ReplyDelete
  3. සහතිකට ඇත්තය..මාත් ඉස්සර පිස්සුවෙන් වගේ බැලුව චැනල් කටුවකි..දැන් නම මෙලෝ රහකට නැහැ..ඊළගට වෙනස් කරගන්න ඕන "පීපල්ස් චැනල්" කියන යෙදුමය..ඉස්සර නම් සිරාවටම පීපල්ස් චැනල් වුවත් දැන් නම් ළගින්වත් තියන්න බැරිය..

    සුපර් ඉස්ටාර් , ඔබද ලක්ෂපති හදපු නිලේන්ද්‍ර දේශප්‍රියත දැන් සිරසේ නැත..ඒකත කෙලවිමට හේතුව වන්නට ඇතැයි මම සිතමි

    ReplyDelete
  4. මම කොයියම්ම වාතවාහිනියක්වත් බලන්නේ නැත. මාතලන් මගේ මිත්‍රයා නිසා කමෙන්ටුවක් දමමි. අපෙ හාමිනේ මම සැලාවාහිණියේ වැඩ සටහනක් කලදාට කොම්පීතර රාලහාමිගෙන් ඔන්ලයි බලයි. නමුත් වාහිණියක් ගැනීමට තවම සිතක් පහල වූයේ නැත. අඩු ගනනේ ගෙදර තිබෙන එකවත් නැවත සාදා ගැනීමට සිතුනේ නැත. ඒ නිසා මේ ලිපියේ කරුනු මට අන්ඩරදෙමලය.

    ReplyDelete
  5. සිරස තියා මොනම එකක්වත් බලන්නේ නැතිය . . . ඒකම නිසා අදහස් දක්වන්නටද බැරිය . . . .

    ReplyDelete
  6. දැන් සිරස කුජීත වීගෙන එන්නේය. කොපි කරලා වුනත් මුලදී සිරස සුපර් ඉස්ටර්, හිනා ඉනා, අපි නොදන්න ලයිව් ආදී සුපිරි වැඩ කලේය. පස්සේ මෙලෝ රහක් නැති වුනේය. හොද හොද වැඩකාරයෝ ටික දැන් වෙන තැන්වලය. සුමනා අක්කාගේ සහ ලිලා අක්කාගේ ළිදගල ඕපාදූප සංගමස ගාණට සිරස වැටිලාය. රනිල් ට අතට අහුවෙන හැම එකකින් නෙළපු සිරස දැන් තුට්ටුවටම වැටිලා ගේ කතාවටද ඇවිත්ය. හතරවිලිලැජ්ජාවයි. බලන්නට ඉතිරිවී ඇත්තේ පහන් කන්දය. නිව්ස් නම් නයි.ටී.එන්. (කොපිරයිට්ස් ඇත්දැයි නොදන්නේය. නම දිගටම කොපි කරන්නට සිදුවන්නේය. සමාවුව මැනව.) වලම බලන එක හොදය. ඇගටද හොද බව දැන් දැන් තේරෙන්නේය.අමතක කරන්නට බැරිය. රේඩියෝ ටී.වී. වෙනස් කළේ සිරසය. දැන් කුජීත කරන්නේද සිරසය. ළගම නෑයා වේයා වීගෙන එන්නේය.

    ReplyDelete
  7. මම නම් ඔය ඒක වාහිනීයක්වත් බලන්නෙ නැතිය...බලන්නට හිතෙන්නේද නැතිය...ඒක නිසා ඕඅවායේ මොනවා ගියත් මට නම් ගානක්වත් නැතිය :P

    ReplyDelete
  8. නිවාඩු ආවෙලාවක වත් වාහිනී බලන්නේ නැති නිසා කියන්න දෙයක් නැත.

    ReplyDelete
  9. මම දන්නා විදිහට යුද්දේ වාර්තා කරන්න ආණ්ඩුව සිරසට එන්න කිව්වේ නෑ.
    බලන් ගියාම ගියාම එකේ එච්චර පුදුමයකුත් නෑ.

    මගේ කතාව

    ReplyDelete
  10. lankawa madya hithanna andu hanna madya ayathana kiyala.. maka loku waradimak... dasapluwo hithnna madya ayathana wala inna magic karayo kiyala anisa... sihiyan baluwoth madya ayatha wala prdanin.. mola amaru karayo nathnam asahana karayo ma ayata desapalana tarkayak na....

    ReplyDelete
  11. මමත් වැඩිය ටීවී බලන කෙනෙක් නෙවෙයි.
    ඒත් මම ඉස්සර හරි ආසයි සිරසේ ගිය කාටුන් බලන්න.

    ReplyDelete
  12. ටීවී නොබලමි, ඒ නිසා කියන්ට දෙයක් නැත.කාලෙකට කලින් සිරස වගේ නමක් තිබුන ටීවී චැනල් එකක තන්ඩර් කැට් ගියා නම් මතකය :D

    ReplyDelete
  13. මාත් ඉස්සර සිරසේ ගිය කාටුන් වලටනම් ගොඩක් ආසයි
    සුර පප්පා, ටින් ටින්.....වගේ

    පස්සෙ පස්සෙ මමත් ටෙලිවිසොන් බලන එකනම් නතර කරලා දැම්මා
    ඒවායේ බලන්න දෙයක් නැහැනේ

    ReplyDelete
  14. මම දැන් ට්වි බලන්නේ නෙති උනත් මට මේ කතාව හිතට ඇල්ලුවේය......

    ReplyDelete
  15. සිරස නිවුස් කුජීතය. මමනං ඒක අල්ලලා දාලා සෑහෙන කාලයකි. ජාතික නිවුස් වල චන්ද කාලේ තිබුනු ෆන් ගතිය නැති හින්දා ඒකත් බලන්නේ නැත. දවසට පැයක් ඉතුරුය.

    ReplyDelete
  16. මේවගේ විකාර නිසා ටීවී ප්‍රවෘත්ති බැලීම අත හැර දමා බොහෝ කල්ය..

    ReplyDelete
  17. මතකැති කාලෙක සිරස බලලා නැත ..අපිට ඒක අහුවෙන්නේ නැත නමුත් සිරසේ හඬ කැවීම පට්ටය .. කාටුන් ටික ගින්දරය ..

    ReplyDelete
  18. අනේ සමාවෙයන් මාතලන්...ලංකාවේ රූපවාහිනිය තරම් අරහං වාහිනියක් මේ පෲතුවි තලයේම නැත. ඒ කෙහෙම්මල බලන්නේත් නැත. ඒ නිසා මේ ගැන කියන්ට දෙයක් නැත. බොට ඔය වාත පෙට්ටිය ගැන ඇරෙන්න වෙන ඕන දෙයක් ලියහං කොමෙන්ටුවක් දාන්න.

    ReplyDelete
  19. ටීවී නම් වහ කදුරුය.. ඊට වඩා සනීපයි කොහෙන් හරි මුවි එකක් ගෙනත් දමාන බලල ලිද ළඟ සංගමෙන් නිවුස් අහනවා.

    ReplyDelete
  20. මට නම් ඔය චැනල් එක එදා ඉඳලම එපාවෙලා තිබුනෙ දෙශපාලන පැත්තෙන් නෙමෙයි . ඕකෙ හැමදාම කලෙ පිටරටින් මොනවහරි කුනුගොඩක් මෙහාට ගෙනත් දාලා එක මෙහෙ උන්ට පුරුදුකරපු එක ඒකෙන් මෙහෙ උන් තමන්ගෙ අම්ම තාත්තාවත් නදුනන තත්වෙට පත් උනා. දැන් හරි කට්ටියට තෙරෙන එක ලොකු දෙයක්

    ReplyDelete
  21. කොයි චැනල් එකත් දකින්නෙ අවුරුද්දකට සැරයක් විතර ලංකාවට ආව වෙලාවට විතරක් නිසා, හරි හමං කොමෙන්ට් එකක් දාන්න බැරිවුනත් දැකපු චැනල් ඔක්කොම අජූත බව නං කියන්නම ඕනෙ. දිරවන්නෙ නැතිම කෑල්ලක් තමා, නිවේදක නිවේදිකාවන් සිංහල බැරි කට්ටිය වගේ ඉංග්‍රීසි කෑලි දාගෙන සිංහල කතා කිරීම. තමං පොෂ් පොරවල්, පොරියන්, කියල පෙන්නන්න නං එක කරන්නෙ, බලන අහන කට්ටියට අධෝ මුඛයෙන් හිනා යන බව දන්නෙ නැතුව ඇති එයාල. ඔතන තියෙන දරුණුම වැඩේ තමා, පැඟිරි වයසෙ එවුන්, ඕව ඒ විදියටම සාමාන්‍ය ජීවිතේදි කොරන්න පුරුදු වෙන එක.

    ReplyDelete
  22. ඇත්ත. සහතික ඇත්ත. සිරස ඉස්සර අපි නිතරම බැලුව චැනල් එකක්.දැන් නම් කිසිම වැඩක් නෑ තමා...

    ReplyDelete
  23. මෙය නම් මාරම වැඩක්ය උඹ නම් කියල ඇත්තේ මගේ හිතේ ඇති දේවල්මය. :D පොඩි වෙනසකට ඇත්තේ මා විශ්වාස කරන්නේ Sirasa Super Star අපිට එපා කලේ ගොන් දෙරණ විසින් කියාය. මන්ද ඔවුන් හා තරඟයට reality show කොරන්නට ගොස් සිරස නා ගත්තේය. දෙරණට නම් නාන්නට දෙයක් නැත. උන්ව කවුරුත් ගණන් ගන්නෙම නැත.
    මට දුක පැත්ත ගියත් ඇත්ත කියන. හොඳ programmes ටිකක් තිබුන සිරසට දැන් අත්වි ඇති අවාසනාවන්ත තත්වය ගැනය.

    කළු පූසා

    ReplyDelete
  24. සිරස කියන්නේ මොකක්ද? :D:D:D

    ReplyDelete
  25. සිරස කියල තිබුන එක තාම තියෙනවද බන් අයියෙ... මතක ඇති කාලෙකින් බලල නෑ...

    ReplyDelete
  26. වචන ටිකනම් අගනේය.කටේ පුඩිමක් දැම්මත් මදිය.සිරස, දැන් සිරසක් නැති බවට පත්වෙලාය.අලුත් වැඩ කිසිත් නැතිය.ගොන් පාට් වැඩිය.අපට වැඩ වැඩිය,එනිසා ගොන් පාට් බැලීමට නොහැකිය.එනිසා සිරසට කෙලවිය....

    ReplyDelete
  27. ඇට්ටි හැලෙනව සට සට ගාලා, මාතලන්ගේ රතු කට්ට් පැනල, මල පැනල,..මගේ අම්මෝ පව් සිරස.

    ReplyDelete
  28. අනේ අම්මපා මේ පත්තර වල ඉන්න ලියනවට පඩියක් ගන්න උන්ට මෙහෙම ලියමනක් ලියන්න බැරි හැටි!
    මරු කෑළි දෙක තුනක් අල්ලා ගත්තා ඒ අතරින් "නයි-ටී-එන්" එලම තමා
    දයාල් කීවා වාගේ ඇට්ටි හැලෙන්නම දීලා ඇත
    මැක්සා

    ReplyDelete
  29. ඔව්වා එකක් වත් දැන් බලන්නෙ නැතිය. සිරස ඉස්සරන එලය... අලුත් දෙයක් කලේ උන්ය. අනික් එව්වො කොපි කලේය. දැන් නම් අනේ මන්දාය.

    මාතලං රවුමක් ගිය එක හොඳය. මම සති 2ක් විතර ගොඩ වැදුනෙ නෑති නිසා හිතුවේ ලිපි 10 ක් වත් ඇත කියාය්. ඌත් ගොඩ වැදී නැත. ලිපි ගොඩ ගැසිත් නැත. එය මට එලය.

    දැන් ලියපන්...

    ReplyDelete
  30. @ සබිත්
    තේරූම් ගැනිම කෙසේ වෙතත් අද දවසම ඒකට. නෑමේ හොඳම එක...

    ReplyDelete
  31. @ බුවා
    උගේ පැටව් සිංහලයෝ වගේ තමා ක්‍රොස්

    ReplyDelete
  32. @ චම්මා
    නිලේන්ද්‍ර තමයි දැන් "රෑ ඉර පාන" කරන්නේ. කොහොමද වැඩ...

    ReplyDelete
  33. @ වෙද මහත්තයා
    සිරසත් දැන් අන්ඩර දෙමළයක් මිස වෙන මක්කත් නෙමේය...

    ReplyDelete
  34. @ ඕනයා
    එම අදහස් දැක්වීමට බොහොම ස්තූතිය,,

    ReplyDelete
  35. @ තිසර
    සිරසයි හොඳම වේයා....

    ReplyDelete
  36. @ දිල්
    නොබලන එක හොඳය. බලන්න දෙයක් නැත්තේමය..

    ReplyDelete
  37. @ දුකා
    ඔහේ ඉඳන් සිරස බලන්නේ අහවල් එකටෙයි...

    ReplyDelete
  38. @ මගේ කතාව
    එන්න කියන්නේ කොහෙමෙයි කොරන වැඩ වලට...

    ReplyDelete
  39. @ ඉන්දික දිසානායක
    රනිල් එලවන්න ඔන්න මෙන්න. බලාගෙන ඉමු....

    ReplyDelete
  40. @ විසිතුරු
    මගෙත් අදටත් ප්‍රියතම. සූර පප්පා,,,,

    ReplyDelete
  41. @ තීර්ථ යාත්‍රිකයා
    තවමත් ඒ සිරස කියන එක තියෙනවාය....

    ReplyDelete
  42. @ ලොකු පුතා
    මමනම් ඒක කවදාවත් නවත්වන එකක් නෑ. ප්ලේබෝයි චැනල් එක තියෙනකම්....

    ReplyDelete
  43. @ කාවින්ද අබේරත්න
    කතාව අල්ලපු එකම ලොකු දෙයක් නොවැ.... වෙල්කම් කිව්වා ලොක්කා....

    ReplyDelete
  44. @ චාමී
    ඒ වෙලාව බනක් භාවනාවක් කරන එක ඇඟටත් හොඳය.....

    ReplyDelete
  45. @ වෙනී
    මම නම් මලක් ගහපු වෙලාවට සෝමවාහීනීයත් බලනවාය පට්ටම ආතල්ය...

    ReplyDelete
  46. @ සඳරූ
    මේ දවස්වල පින්ක් පැන්තර් හඬ කවා යනවාය. පට්ට්ය...

    ReplyDelete
  47. @ කැන්ඩියන්
    ඕන උඹ කියන නිසා වෙන මලදානයක් දැම්මාය ඒකටත් කොමෙන්ටුවක් දැම්මොත් බොහෝ පින්ය....

    ReplyDelete
  48. @ රාජ්
    සිරස<නයි ටී එන්

    ReplyDelete
  49. @ කැසෑන්ඩර්
    අම්මපා සහතික ඇත්තය...

    ReplyDelete
  50. @ ලොකු ජෝන්
    ඇත්තක් නැත්තෙමත් නෑ...

    ReplyDelete
  51. @ ඔබා මාමා
    හරියට මාතලන් කඩුවෙන් කොටනවා වාගේය....

    ReplyDelete
  52. @ හිතුවක්කාරී
    ඔය කියලා තියෙන්නේ කෙල්ලොත්....

    ReplyDelete
  53. @ කළු පූසා
    හැබැයි පූසෝ දෙරණ ඒකෙන් නියමෙට හම්බ කොරනවාය...

    ReplyDelete
  54. @ පොකු
    හොඳම ප්‍රශ්නය ඒකය. මාත් මේ හොයන්නේ ඒකමය....

    ReplyDelete
  55. @ සාතන්
    ඔය තියෙන්නේ බන් ඔන්න ඔහේ පොඩ්ඩක් බලපන් පව්නේ....

    ReplyDelete
  56. @ ජංජාල චාමර
    මම කැමති මාරි පුඩින් වලටය...

    ReplyDelete
  57. @ දයක් බතී
    මල පැනීමට වඩා ඇත්තේ දුකක්ය. කනගාටුවක්ය...

    ReplyDelete
  58. @ තිස්ස දොඩන්ගොඩ
    නයි ටී එන් මගේ නොවේය. මාත් ඇහිඳ ගත් එකක්ය. මෙව්වා බලලවත් හැදෙනවානම අගනේය..

    ReplyDelete
  59. @ පිස්සා පලාමල්ල
    ඔන්න ඉතින් පටන් ගත්තා බයිලා සෙල්ලම...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න