.

.

Apr 16, 2012

බ්ලොග් ළොව මුල්ම "අනංගයා" - First Sinala "Blog Valentine"


මේ වැඩේ පටන් ගන්න උන්නේ වැලන්ටයින් දවසේ. ඒ උනාට මම බිසි නිසාත්, සහයට කෙනෙක් හොයාගන්න නැති නිසාත් වැඩේ කල් දැම්මා. මම පටන් ගන්න යන එකට වඩා, පහසුකම් සියල්ල පිරි, කපු සර්විස් තිබුනත්. මේ සේවයේ එම පහසුකම් ඇත්තෙම නෑ. චැට් රූම්, වල් පල් දෙඩවීම්, දුරකථන අංක ප්‍රචාරය කිරීම් ඇත්තෙම නෑ. ඒ නිසා මේ සේවය, තම දරුවනට මනාල, මනාලියන් සොයන දෙමව්පියන්ට වඩාත් සුදුසුයි, ඒ කියන්නේ රහස්‍ය බව වැඩියි. අනෙක් කපු සර්විස් වල, හොර බොරු කාරයොත් වැහි වැහල. කෙල්ලො කොල්ලෝ යාළුවෙලා විවාහවෙනවා වගේම. එසේ නොවන පිරිස තවමත් වැඩියි. අපේ රටේ විතරක් නෙමෙයි මේ මැච් මේකර් එහෙම නැත්නම් කපු සර්විස් එක ළොකයේ දියුණු රටවල පවා තියෙන දෙයක්.

මේකේ නම "අතිනත සිහිණ සේවය". දැන්වීම් පලකරන්නේ නොමිළේ, නමුත් ලැබෙන ප්‍රතිචාර ලබා ගැනීමට සුළු මුදලක් අය කරනවා. ඇත්තටම මේ මුදල ලැබෙන්නේ රැකියාවක් නැති කෙනෙකුට. ඉතින් ඒ දෙන සුළු මුදල ඇත්තටම පුණ්‍ය කටයුත්තක්. අනික නොමිළේ දෙන දෙයක වටිනාකමකුත් නෑනේ. ඒත් මුලින්ම දැන්වීම පල කරණු ලබන 10 දෙනාගේ ප්‍රතිචාර ඔවුනට නොමිළේ ලබාදෙන්න අප කටයුතු කරනවා.

අපේ බ්ලොග් ලියන අයගෙත්, කසාද බඳින්න කොල්ලෙක්, කෙල්ලෙක් හොයන අය ඕන තරම් ඉන්නවනේ. එයාලටත් මේ සර්විස් එක නොමිළේම ලබා දෙනවා. එයාලගේ අදහසුත් ගොඩක් වටිනවා. ඒවා කොමෙන්ට් කලාම බලාගන්න පුළුවන්නේ.සහෝදර බ්ලොග් මිතුරු මිතුරියන්ගෙන් කරන ඉල්ලීම නම්. මේ සඳහා සහයෝගයක් ලබා දෙන්න කියන එක විතරයි. අනෙක තම දැන්වීම වඩාත් නිර්මාණශීලීව ඉදිරිපත් කරනවා නම් එය නැවුම් අත්දැකීමක් වේවී.කැමති අයට වැඩිපුර විස්තර මෙතනින් ලබා ගන්න පුළුවන්.

"අතිනත සිහිණ සේවය"

 එහෙනම් කාට කාටත් සුබ මංගලම්....!!!

70 comments:

  1. හපොයි දෙය්යනේ...:D:D:D

    ReplyDelete
    Replies
    1. ඔන්න කෙල්ලෙ නොමිලේ සේවය

      Delete
  2. Replies
    1. කෝ බන් දීලා තියෙන ලින්ක් එකේ හෝම් පේජ් එක හිස්නේ

      Delete
    2. ඒකේ මුකුත් වැටෙන්න ඇඩ් එන්න එපාය

      Delete
  3. මගෙ ඇඩ් එක තව අවුරුදු 3,4කින් එවන්නං ඈ... :-)

    ReplyDelete
    Replies
    1. එතකොට වෙන වෙන සෙල්ලන් තියෙයි

      Delete
  4. බිබිලි නඟින බෙලිකටු, කැරකෙන දඟර හුලන් කිවුවලු .....

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද බන් මේ වචන එන්නේ

      Delete
    2. ඇයි ටින් ටින් බැලුවේ නැද්ද..එකේ ඔව ඔන හැටියෙ තියෙනව

      Delete
  5. අඩේ සිරා වැඩක් බන් . . ..
    සිරාවටම සිරා . .
    කෝ දුන්නයි ඊතල ටිකයි ලෑස්තිද?

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි කෙටේරියත් ලෑස්තියි

      Delete
    2. කෙටේරිය මක්කටෙයි? ප්‍රේමදාස මහත්තයට කරන්න බැරි උන වැඩේ කරලත් බන්දල දෙනවැයි ??

      Delete
    3. පේමදාස මාත්තය නෙවී ජේ ආර් ඈ.. පොඩි පිංටිං මිස්ටෙයික් එකක් !

      Delete
  6. හතර කේන්දරේ පාලු වෙච්ච කෙනෙක් නෑ....
    සුබ නැකතක් මිසක් ලෝකේ අසුබ නැකත් නෑ.....
    -- සිකුරු හතේ-- (ගිරිරාජ් කෞශල්‍ය)

    ReplyDelete
  7. අන්න හරි පාර.. යනවනම් .. ජීවිතේ ගිරිදුර්ග තරණයට අත්වැලක් හොයා ගන්න..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට යාළුවෙක් කිව්ව පව් වැඩ කරන්න එපා බන් කියලා

      Delete
  8. රුපියක් පන්සියයක් - මේක හදපන්ද් රුපියල් කියලා....

    ReplyDelete
    Replies
    1. හදපන්ද්......??????

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇයි අයින්කොර ගත්තෙ බයේද?

      Delete
    4. අවුලක් නෑ කස්ටියම මඤ්ඤං නේ

      Delete
  9. මාතලන් ලෙස කිරුලු පලන් කුමරා මෙවර මල්සරා ලෙස නම ගම වෙනස් කරයි...

    අඩේ ගුටි කන කේස් මේවා.. :)

    ReplyDelete
  10. හොඳ වැඩක්! ගුටි කන වැඩක්!

    ReplyDelete
  11. මං මේ බ්ලොග් ලියන පන්ඩිත ගෑනුන්ට ආස නෑ..හොද්දක් බතක් වියාගෙන ගහක් කොලක් හිටෝගෙන කිව් දේට එහෙයි කියාගෙන ඉන්න බඩුවක් මං ගමෙන් සේච් කරල හොයාගන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කැමැත්ත ඒකනං ගටලුවක් නෑ. හැබැයි ගෑනු ඔය කියන විදියම වෙන්න ඕන නෑ!

      Delete
    2. කරුමේ කියන්නේ කෙල්ලො හොයන්නෙත් උඹ හොයන දේවල්මයි

      Delete
  12. අපරාදෙ නොබැඳ උන්නනම් ඇඩ් එකක් දාගන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බං. ඕපනින් එක වෙනුවෙන් අපිත් දාල බලමු!
      -රාජ්ගෙ නවාතැන

      Delete
    2. කරුමේ බන් කරුමේ .... මටත් බෑනේ...

      Delete
  13. මාතලන්ද කපුවා... අපිනං තනියම සෙටල් වෙලා තියෙන්නෙ... පටන් ගත්ත වැඩේට සුභ පතනවා... :)

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මං නොදන්නවැය ඒක

      Delete
  14. Replies
    1. ඉක්මන් කරන්න.. අවුලක් නෑ ඔයාලාට නොමිලේ

      Delete
  15. මේ ලින්ක් එකේ මොන ඉලව්වක් වත් නෑ බං. ඒක හරියට සෙට් කරපං. අනිත් කාරණාව, මේ හරහා සෙට්වෙන දෙන්නට අතිශයින්ම අවශ්ය කරන ජොකෙක්, පෑන්ටියක්, බ්‍රා එකක් වගේ දෙයක් නොමිලේ දීපං. ඕන්නං මේවගේ උපදෙස් ටිකකුත් දෙන්න බැරිය. වැඩේ නැගල යයි.

    -රාජ්ගෙ නවාතැන

    ReplyDelete
    Replies
    1. ඉවසපන් මගෙ අම්මා...

      Delete
    2. @රජාගේ නවාතැන

      අම්මපා කොහෙන් එන අදහස් ද බන්

      Delete
  16. මාතලන් මල්සරා වේ.... ඒකත් මරු..

    ReplyDelete
    Replies
    1. අන්න දිනේෂ් අයියාට මරු මේක..;) අවුරුදු 3 ඉන්න ඕනෙ නෑ වගේ!!!

      Delete
  17. අපිත් ඉල්ලුම් කරොත් ගුටි කන්න වෙයි නේද...

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ දැකුම් කළු එකක් හොයා ගන්න බැරිය

      Delete
  18. මෙකට කපුවෙක් විතරයි අඩුවෙලා තිබුනෙ. දැං ඒකත් හරි

    ReplyDelete
    Replies
    1. කපුවා කපෝති නොවේවා කියා පතමු!

      Delete
    2. ඒ අඩුවත් පිරිමැහුවා

      Delete
  19. අලුත් වැඩේට ජය වේවා ඈ.

    ReplyDelete
  20. කපු උන්නැහේ වැඩ අල්ලලා වගේ.

    ReplyDelete
  21. හික්ස්ස්.. මරු වැඩක්නෙ...:D

    ReplyDelete
  22. ඒකත් ජයසිරි මංගලම්!

    මාතලන් ඕකට හරියන වචනෙ Valentine ද Cupid ද?

    වරදට නැවත නැවත දිගින් දිගටම සමාව දෙනසුලු කෙනෙක් හොයාඅගන්න බැරිවෙයිද ...මේ මගෙ යාලුවෙකුට?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ වචනේ බොක්කට වදින්නේ නෑ...
      මමත් හොයනවා ඒ වගේ එකක්

      Delete
  23. පහු ගිය දවසක මමත් මගේ බ්ලොගේ ඔහොම එකක් දැම්මා. ඒකම මේකට කොපි කරලා මේකට එවන්නද?

    ReplyDelete
    Replies
    1. බඩු ටික එවන්න බලන්න. නැත්නම් ලින්ක් එකක් දාන්න

      Delete
  24. පන්සියක් වැඩිද මන්ද...

    ReplyDelete
    Replies
    1. බන්දුල ගුණවර්ධන තියරියට අනුව නම් හෙන ගහන ගානක් තමයි...

      Delete
  25. අනේ මාතලන් අපේ ගේ පැත්ත පළාතේ එන්න එපා. අම්ම දැක්කොත් මේ තනිකමත් කපෝති

    ReplyDelete
  26. මොකද මාතලන්ට වුනේ? අතුරුදහන් වෙලාද?

    ReplyDelete
  27. ඉන්නවනං හූවක් කියාපංකො ඉන්නව කියල දැනගන්න.

    ReplyDelete
  28. අඩේ මේක දැක්කෙ අදනෙ... රාජ් කිව්වත් වගේ මොකෑ මාතලන් අයිය සද්දයක්වත් නැත්තෙ?....

    ReplyDelete
  29. අම්මපා මාතලන් (අයියව) මැරුවත් වටින්නෙ නැහැ..
    මම මේ බ්ලොග් එකට අලුත්(අලුත් කිව්වට මාස 06-07ක් විතර පරණයි වගේ) රසිකයෙක්
    කොහෙන් එන අදහස් ද?
    මමත් තව අවුරුදු 10කින් විතර ඇඩ් එකක් දාන්නම්කෝ(නැත්තම් දැන්ම දාලා තියනව ද?දැන් කාලේ යන හැටියට කලින් දාන එකත් හොඳයි කියලා හිතෙනවා)

    ලස්සන ඇඩ් එකක් දැක්කා
    රූමත්, උගත්, පරිඝනක ඩිප්ළෝමධාරි, තව දුරටත් උසස් අධ්‍යාපනයේ නියුතු, වයස 29 යි, දැනට පිටරට ජීවත්වන, මව පමණක් සිටින, වැදගත් නෑදෑයින් සිටින මා සොයනුයේ, උගත් වයස 32 ට වැඩි කඩවසම් මනාලයෙකි.
    ඇත්තට හොයලද නැත්තම් බොරුවක්ද?
    මොකක් උනත්
    මාතලන්ගේ වැඩ නම් ආයේ දෙකක් නෑ :D

    ReplyDelete
  30. මචං උබට මොකද වුනේ.. ?

    අලුත් පෝස්ටු නැද්දෝ.. ??

    ReplyDelete
  31. මොකෝ කාලෙකින් මුකුත් ලියල නැත්තෙ, සුදු වෑන් එකක් වත් ගෙවල් පැත්තෙ කරකෙනවද ?

    ReplyDelete
    Replies
    1. අලුත් ජොකෙක් ගන්න මාතලන් නෝනත් එක්ක ගියයි කියන්නේ
      තාම හරි යන එකක් හම්බුනේ නැතිළු
      තාමත් රස්තියාදුවෙලු

      Delete
  32. මාතලන් වාරණය වෙලාද..?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න