අයියෝ ඔයා බය වෙලානේ අනේ...!
හේන කොටයි අප්පච්චි,
අම්මන්ඩිත් පිට වෙච්චි..
ආච්චි නම් සැර කොච්චි,
දෑස ඇගේ නොපෙනෙච්චි..
හේන කොටයි අප්පච්චි,
අම්මන්ඩිත් පිට වෙච්චි..
ආච්චි නම් සැර කොච්චි,
දෑස ඇගේ නොපෙනෙච්චි..
කී දවසක් පහු උනාද,
ඒත් මොකෝ බය වෙච්චි..
ඒත් මොකෝ බය වෙච්චි..
වෙනදටනම් මෙහෙම උනොත්,
බේරිල්ලක් නැති වෙච්චි..
ඉන්න දෙන්නෙ නෑ කෙල්ලට,
ඉන්න දෙන්නෙ නෑ කෙල්ලට,
ගලේ අඹරනව කොච්චී..
සබාපතියෝ අහු උනාට,
සබාපතියෝ අහු උනාට,
තමුසෙ මොකට බය වෙනවද..
මීයෝ පූසෝ ඇල්ලුවාට,
මීයෝ පූසෝ ඇල්ලුවාට,
ඊට එහා අපි යනවද..
ආවේ නැතොත් උඹ දිගටම
ආවේ නැතොත් උඹ දිගටම
හංස පැටව් නොම දකින්න,
මට වෙන්නේ.... වෙන එකෙකුට
මට වෙන්නේ.... වෙන එකෙකුට
උංව දෙන්න කිති කවන්න.
.oOo.
අපිටත් මෙහෙම සුන්දර කාළයක් තිබුනා. අනේ දැන් ඉන්න උන් බයවෙලා. මහ එවුන් කරන කාළකන්නි වැඩ නිසා...
හප්පටසිරි ..... මම බය ....... වුනා.
ReplyDeleteඅර මක්කටෙයි
Deleteහික්ස්.. මරු කවිය අප්පා.. :)
ReplyDeleteනඟා මොකෝ තරහා වෙලා
මොනාද මේ කියන කතා
ඔහොම ඉඳින් ටික දවසක්
මන් එන්නම් උඹ බලන්න.. ;)
ඔහේගේ කයියත් මරු
Deleteදැන් කාලෙ පොඩි උන්ගෙත් මනස් අවුල් වෙලා ඒකට ඒකාලෙ ......නැද්ද මම අහන්නේ ....
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්
අනේද කියන්නේ.. එ දවස් නේ දවස්
Deleteබයේ බෑ..
ReplyDeleteඇයි ඔහෙත් තාම මේ වයසෙද...?
Deletebala aparadayak newe ehenam neh.
ReplyDeleteබාල අපරාදයක් වෙන්නේ මහ එකෙක් සෙට් උනොත් නේ..
Deleteමරු කවි සෙට් එක අයියේ...
ReplyDeleteඅපි ලිව්වොත් ලිව්වා තමයි... නැතෙයි..
Deleteඑයාලට කවි ලියන්ටත් වෙලා තියනවද? :)
ReplyDeleteකාටද... පොඩි කස්ටියටද...?
Deleteමරු කවිටික මේ අදහස පහලවෙන්න නිමිත්ත මොකක්ද?
ReplyDeleteනිමිත්ත උනේ නම් රට ඉඳලා ආපූ පොඩි කාළේ ඉඳන් දන්න මැංගෝ කෙනෙක් සෙට් උනා. ඌ පොඩි කාලේ වීර ක්‍රියා ගැන කතා උනා.. දන්නවනේ ඉතින් එතනින් එහාට.
Deleteකොච්චි ගලේ නෙවේ බං අබරන්නෝනි.. කටේ..
ReplyDeleteමගුලක් කතා කරනවා. කොච්චර වලි දාගෙනද ගලේ අඹරගන්නෙත්..
Deleteකලබල වෙන්ටෙපා නගේ
ReplyDeleteදුක් ගන්නත් එපා නගේ
මේ දිනවල
පත්තරවල
රේඩියෝවෙ
ටීවි එකේ
අහන දකින දේ දැක්කම
කොච්චි උනත් අඹරන්නට
බය හිතෙන්නෙ නැද්ද නගේ?
විස්සාසෙට කලා උනත්
ගැස්සුනාම ලෙඩේ නොවෙද?
දෙන්න එපා
හංස පැටව්
එක එකාට කිතිකවන්න.
ඇන්න පැන්න එවුන් තමයි
දැං වැඩිහරියක් ඉන්නේ!
සහතික ඇත්ත...
Deleteඅපොයි...:))))
ReplyDeleteමොකෝ හෆොයි කිව්වේ. පොඩි කාළේ මතක් උනැයි...
Deleteපිහිය රනින් වුවත් නගේ
ReplyDeleteවැදුනොතින් ලොවේත් නැතේ
පරිස්සමින් හොඳ සිහියෙන්
පාවිච්චිය යසයි නගේ...
- මේ ඔවදන අහවල් රක්ෂණ සමාගමෙන්
තම කෙසේ වෙතත් මේක රක්ෂණය වෙලාද කියල බලන අය තවම ඉන්නවා නෙව..
Deleteහපුච්චේ...
ReplyDelete:) :)
Deleteමීයො පූසො අල්ලනවද?... පොඩි එකී වරද්දලද කොහෙද?... ;)
ReplyDeleteඔඅතන අතගෑවට කියලයි එන්න ඕන. ඒ උනාට එහෙම දාන එක කැතයි වගේ නේ...
Deleteදැන් මීයෝ පූසොන්ට බයයිලු...
ReplyDeleteසැටිපිකට් කරණ ලද ඇත්ත....
Deleteසමහර මීයෝ බූරුවන්වත් අල්ලනව නොවැ
ReplyDeleteඋනුත් ඉන්න එපාය ඉතින්...
Deleteමීයො පූසො අල්ලනව,ගලේ කොච්චි අඹරනව,හංස පැටව් කිති කවනව වගේ ජොලියක් ගන්නෙ නැතුව ,
ReplyDelete…
…දැන් ඉන්න එවුන් අල්ලල නිකන් ඉන්නෙ නෑ ඊට එහා යන්නමයි හදන්නෙ..ඒකයි ප්‍රශ්නෙ ..
එකනේ වැඩේ.. හැබයි ඉතින් පරිණාමය කියන්නේ ඕක තමයි නේ...
Delete//සබාපතියෝ අහු උනාට,//
ReplyDeleteඔය කියල තියෙන්නෙ ලෙසටම :D
ඔක්කටම වඩා ඒක හිතට වැදිලා වගේ....
Deleteකවිය කියවනකොට මාර ආතල් එකක් දැනෙනවා. ඒත් යටින් තියෙන කටුක ඇත්ත.. ඇග හිරිවැටෙනවා...
ReplyDeleteඇඩෙනවා ඕයි.... මේ අපේ රටේ අනාගතයද?
අවුරුදු 18 අඩු කෙල්ලන්ගෙන් /කොල්ලන්ගෙන් සත්‍ය දැන ගන්න මැෂින් එකකට(හදලා) සෙට් කොරලා ඔය කියපු දේවල් නොකරප් එවුන් කවුද ඇහැව්වොතින් 95% ක් ඔය දේවල් රහසෙන් කොරලා ඇති බව වැටහේවිග මේවා හැමදාම තියෙනවා. වෙලා තියෙන්නේ දැන්?????????????????
Deleteඇනෝගේ ප්‍රතිශතය පිළිබඳව නම් ගැටළුවක් තියෙනවා. ඒ උනාට මචෝ.. අපේ පොඩි කාළේ අපචාර සීන් ගැන අපි හාං කවිසියක් වත් දන්නේ නෑනේ. ගමේ මේ වගේ සීන්. කොටු පැනිලි, හොරා කෑම් තිබුනට, ස්ත්‍රී දූෂණ ගැන නම් අහල තිබුනෙම නෑ...
Deleteවිවෘත්ත ආර්ථිකය ද, මේ දේශපාලන ක්‍රමය ද, ආර්ථික පීඩනය ද, අපි අපි මද වරදකරු?
ReplyDeleteඔය එකක්වත් නෙමේ අපේ මනුස්ස ගති ගිහිල්ලා ගෝත්‍රික ගතිය ඉස්මතු වෙලා...
Deleteආවේ නැත්තම් කියන්න හංසයෝ හුරතල් කරන්න මම අනිවා එන්නම් :D
ReplyDeleteවයස 18 ට වඩා වැඩි නම් ලෙඩේ කොල්ලෝ...
Deleteනියම කවිය :)
ReplyDeleteබොහොම ස්තූතියි නිව් බුවා....
Deleteපොඩි උන්ටත් දැන් ලෙඩේ වැලදිලා තියෙන්නෙ... මේ ලගදි අපේ පැත්තෙ 3 වසරෙ කෙල්ලෙක්ට ඉස්කෝලෙ කොල්ලෙක් ලියුමක් දීලා... ඔයා දැක්කම මට මොනවද වෙනවා කියලා...
ReplyDeleteඕකට කියන්නේ ක්‍රෂ් එක කියලා මට ඇතිවුනේ 4 පන්තියේදී. අවුලක් නෑ...
Deleteඋඹලා මේ අපිවත් නරක් කරනවා මාතලං ගොයියො! :)
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පිස්සුද මචං. අපිටත් ඔය ආසාවල් නැතුව නෙමෙයි අවංකවම. නමුත් අපිට පුළුවන් ඒවා පාලනය කරගෙන ඉන්න. ඒකයි අපිට මිනිස්සු කියලා කියන්නේ. නමුත් තිරිසනුන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්න බෑ...
Deleteඉස්සරත් උනාලු දැනුත් වෙනවලු මාද්‍ය තමාලු උලුප්පල දෙන්නේ. ඇමති කෙනෙක් කියල තියෙන්නේ.
ReplyDeleteඒ ඇමතියගේ කතාව ඇත්ත. එක කොටසක් පමණක්. නමුත් දේශපාලඥයා කිව්වේ සමාජයේ වැදගත්ම පුද්ගලයකුට. ඒ මිනිස්සු මේ කජු කිරි කොල්ලෝ කරන වැඩ කරන්න ගියේ නෑ. රටට ගමට වැඩක් කළා
Deleteහි හි.....:)
ReplyDeleteමොකෝ හිනා වෙන්නේ...
Deleteමේකනං මරු :)
ReplyDeleteතෑන්ක්ස් චාමී..
Deleteමසුරං කවි ටික :D
ReplyDeleteමේව සම්භාව්‍ය ගනයට වැටෙනවද දන්නේ නෑ.... :)
Deletemarai marai
Delete:D
ReplyDeleteඉස්සර නම් මේවා මෙහෙම වුනේ නෑ. දැන් 12, 13 පොඩි එවුන්ටත් ඉතින් මේවා තමා ප්‍රධාන අවශ්‍යතාව. හැබැයි ඉතින් උන්ට 17, 18 වෙත්දී අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
ReplyDeleteඉස්සරත් එහෙම තමා බන්. අපේ ආච්චි බැඳලා තියෙන්නේ 13 දී සීයට 25.. අද එහෙම උනා නම් සීයා හිරේ ආච්චි නඩු දාලා. හොඳ වෙලාවට දෙන්නම දිවිය ළෝකේ ගිහින්...
Deleteමදන විසේ ගහල හිසේ
ReplyDeleteපොඩි වුන් දැන් නවතින්නෙම
කෙලවර පොඩි ලෑලි කඩේ
බලාන ගියහම ඒ කාලෙත් එහෙමලු නේ.......
මදන විසේ ගහල හිසේ
ReplyDeleteපොඩි වුන් දැන් නවතින්නෙම
කෙලවර පොඩි ලෑලි කඩේ
බලාන ගියහම ඒ කාලෙත් එහෙමලු නේ.......
හහ් හහ් හා,,, දැන්ද දැක්කේ,,,,,,
Deleteහෙහ් හෙහ්
ReplyDeleteඔන්න ඹහොම ටික දවසක්
හිඳින් නගේ මම එනකන්
ගලවන්නම් පිහාටු මම
හංස පැටවු දෙන්නාගෙම
පස්ට පස්ට
පිච්චු හැදෙන සඳ... දැන් කාලේ පොඩි උන් බබ්බු :D
ReplyDeleteඅපිත් තවම පොඩිනේ බං අයියේ... අපි නේ දන්නේ අපි ගැන ;)