අනුබුදු හිමිට කෙළ වැඩ උන් පෝද්දල
මහනාහිමිට කුණු හබ්බෙන් දම් දෙසලා
කැහැපොට ගහන් සිවුරත්, අඳනේ එළියේ
එළුවගේ බෙල්ල බේරනවා මුන් නේස්වරම්
කොල්ලෝ නිවන් දකිනා කල ටයර් තුල
සිල් ගන්නවා හැම පෝයට රජ්ජුරුවෝ
පිරිත් නූල් ගැට ගහලා මහ රජුට
සෙත් පැතුවේ බෝම්බයෙන් පිදෙන්නද
කැම්පස් ටික වහලා ඒ ලෙවල් කුඩූ
පුංචි පහේ සිස්සත්තෙත් විනාසලූ
මතු පරපුර නැති වූවත් හෙන ගහලා
ඒවට මුකුත් බන නෑ කටවල් වැහිලා
පුංචි පහේ සිස්සත්තෙත් විනාසලූ
මතු පරපුර නැති වූවත් හෙන ගහලා
ඒවට මුකුත් බන නෑ කටවල් වැහිලා
ගොවියෝ අඬනවා මහ වැහි ඉල්ලාලා
ආධාරයක් වත් නෑ බෙදනව සොමි චන්දේ
කොල්ලෝ අඬනවා රස්සාවක් ඉල්ලා
දායකයාද එළුවොද ලොකු ස්වාමිනි
බනට දෙසන්නේ ඔක්කොම එකයි කියා
පැය හතරක් පෝලිමෙ ඉඳ ගෙදර ගියා
වී අයි පීලා, ඕ අයි සී සමග ගියා
ලස්සන කෙල්ලෝ පොඩි සාධුගේ පස්සෙ ගියා
පැය හතරක් පෝලිමෙ ඉඳ ගෙදර ගියා
වී අයි පීලා, ඕ අයි සී සමග ගියා
ලස්සන කෙල්ලෝ පොඩි සාධුගේ පස්සෙ ගියා
අම්මේ තාත්තේ උපදින මතු බවෙක
මෙතේ බුදුන් යලි මතු බුදු වන දිනෙක
වී අයි පී පවුලක ඔබ ඉපදේවා
නිතිනම් ඉතින් නිවනින් සැනසීම බොරූ
************
පොඩි රවුමක් යනවා, කොමෙන්ට්ස් වලට රිප්ලයි පරක්කු වෙයි.. අමනාප වෙන්න එපා..
සාධු ! සාධු ! සාධු !
ReplyDeleteහරෝ හරා
DeleteD++++++++++++++++++++
ReplyDeleteස්තූතියි මල්ලි
Deleteඅම්මියෝ! :P
ReplyDelete෴සිද්ධිය෴
ගහයි බැට් එකෙන්
Deleteඇත්ත කතාව. සාධු සාධු!
ReplyDeleteමුසාවාදා වේරමණී සිඛ්ඛා පදං සමාධියාමී
Deleteකලියුගයනේ මේ ....
ReplyDeleteනෑ නෑ සක්විති සුවය
Deleteහික්ස්... VIP පවුල....
ReplyDeleteමොකෑ හිනාවෙන්නේ
Deleteමුන්නේශ්වරම් පැත්තේ යනවද දන්නේ නෑ. :D
ReplyDeleteමම ඉතින් නොයන තැනක් තියෙයි
Deleteසහතික ඇත්ත කතාව බන් . . රජයේ කාර්‍යාලවල පොලිසියේ හෝ අන්තැන් වල සැමට එකා වගේ සලකන නීතිය සැමට පොදු දෙයක් කියලා සලකන එහෙව් තත්වෙකට රට ගෙන්න පුලුවන් නායකයෙක් එන දවස වෙනකම් වී අයි පී නොවුන පොදු ජනයාට ඉතිං හබක් තමයි.
ReplyDeleteකුනු ගොඩක් වෙලා තිබබ් ආමි එක එහෙව් නීතිගරුක විදිහට හදපු ජෙනරල් සරත් ෆොන්සේකාට රටත් එහෙම හදන්න පුලුවන් කියලා මට නම් තාම විස්වාසයි බන් දේසපාලන දැනීමක් උන්දැට නොතිබ්බත් (දේසපාලන දැනීම තියෙන එකා උගේ බලේ තියාගන්න දතකනව මිසක් රට දියුනු කොරන්න හිතන්නේ වත් නෑ කියලා ඇස් පනාපිට ඔප්පු වෙනවනේ අප්පා)
ඔබ හරි, මගේ විශ්වාසයත් ඒකමයි.
Deleteහමුදාවක් හදනවා වගේ නෙමෙයි රටක් හදන එක. ආර්ථිකය වැඩ කරන හැටි දන්න කෙනෙක් ඕනා ලංකාව ගොඩ ගන්න නම්.
Deleteනීතිගරුක නායකයෙක් හිටියාටත් මදි, මිනිස්සු වෙනස් වෙන්න කැමති නැත්නම්.
මමත් හිතන්නේ විනයගරුක කෙනෙක් හිටියොත් ඇති කියල. සියල්ල දත් වෙන්න ඕනේ නැහැ හරි අය හරි තැනට දාල වැඩේ ගත්තහැකි.
Deleteදැක්ක නේද ඔය හැම දේම දන්නවා කියපු සරම් චන්ඩි ටික කරන වින්නැහිය. ක්‍රිකට් ඉවරයි. හෙජින් කොරල විනාසයි. මැච් නැති පිට්ටනි, නැවු නැති වරාය, හීනමානෙට නම ගහගන්න හදපු ගුවන් සමාගම් ... මේකයි මහදනමුත්තගේ ආර්ථිකය.
රට හදන්න කලින් කට හදාගන්න ඕන. අනික ඉතින් ප්‍රජා අයිතියත් නෑනේ
Deleteමෙන්න පුක දෙනෝ. විනය කෙසේ වෙතත් කාන්තා සෙබළියන්ගෙ විනය නං තැකුවා
Deleteකාලීන කථාබහක්... වගකිවයුත්තන්ගේ ඇස් යොමු වේවා !
ReplyDeleteපිස්සුද මචං, වගකීම් ලැබෙන්න ලැබෙන්න ඉහළට යන්න යන්න එවුන්දලගෙ ඇස් පෙනීම දුර්වල වෙනව.
Deleteවගකිවයුත්තෝ නම් මේවා බලන්නේ නෑ. ඒත් වෙනම කස්ටියක් දාලා ඉන්න බව නම් දන්නවා
Deleteඅම්මප කතා ටික නම් ඇත්ත මෙව්වා දිහා බලන් අපිට හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ :/
ReplyDeleteඑහෙම ඉඳලා හරි යනවැයි
Deleteමොනවා කියන්නද?
ReplyDeleteමාතලන්ට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මගේ ප්‍රාර්ථනාවත් ඒකම තමා
Deletegood one !keep on writing
ReplyDeletethanks..
Deleteeven a one word comment,
give us lot of courage and strength
ඉපදෙන හැම භවයක VIP වේවා !
ReplyDeleteමගේ පරම පැතුම එයයි
Deleteවෙනසක් වෙන්න කරන්න කාලේ හරි..
ReplyDeleteඒත් වෙනසක් නොවෙන එකනේ ප්‍රශ්නේ..
කොහොම උනත් හැමදාම අපි වලේ.....
උන් තමා දිනපු ඈයෝ.. අපි හැමදාම පරාදයි......
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
එහෙම එකක් නෑ. ජනයාගේ මෝඩකමයි මූලීක වැරද්ද
DeleteVIP පවුල.. ඒකත් නරකම නෑ...
ReplyDeleteඒක VIP නෙමෙයි VVVVVIP
Deleteඕවා නම් කතා කර වැඩක් නැත :/
ReplyDeleteඋබට අම්ම කෙනෙක් වෙන්න ඕනි කිව්ව නේද කෙල්ලේ? ඕනි නම් මම ඒකට උදව් කරන්නම්.
Deleteඒකනේ කවියෙන් දැම්මේ ගායනා කොරන්න
Deleteහිත යට දේශපාලන කුහක කමක් තියාගෙන ලිව්වා නේද පද ටික? එත් මොනවා කරන්නද තිත්ත ඇත්ත මේක තමා ..
ReplyDeleteමමත් ඉතින් පෘතග්ජනයෙක්නේ..
Delete