.

.

Sep 27, 2012

පහේ ශිෂ්‍යත්වයේ හෙළුව - Grade 5 Bulling



පහේ සිස්සත්තේ රිසාල්ට් ආවේය. මේකටත් කුණු ජෙප්පො ලෙඩක් ඇද්දේය. අනිතීමෙදි, කටයි පුකයි වහගෙන නිකන් සිටියේය. ගම්වල කෙල්ලෝ කොල්ලෝ ඉහලින්ම පාස් වෙලාය. දැන් ඉතින් මැරතන් දුවපු අම්මලා අඬනවාය. සම හරක් පාස් උන සන්තෝසෙටය, සම හරක් ඉහලින් පාස් උන නිසාය. ළකුණු මදියි කියලාය, සම හරක්, අනිත් උන්ට ලකුනු ගාන කියන්න බැරුවය. පාස් උනත්, ෆේල් උනත්, විභාගෙට ලියපු උන්ට මාර ආතල්ය. ඒ මොකෝ, අවුරුද්දක් දෙකක් රේස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන් නිසාය. එහෙම ඉඳලා හරියන්නේ නැතිය. ඊළඟට සාපෙට ලේස්ති වෙන්න වෙනවාය. මේකනම් මාර කරුමයක්ය කියලා පොඩි උන් හිතනවා ඇතිය. උන්ට ළමා කාළයක් ඇත්තේම් නැතිය. පාස් උන උන් කතාකරන්නේ කිරි දරුවෝ වගේ නෙමේය. මහ උන් වගේය. සමහර විට මුන් පවුල් සැලසුම් ක්‍රම පවා දන්නවා ඇතිය. අපේ නෑවෙන දරුවෙක් විභාගේ ලියලා ගෙදර ආවම, විභාගේ ලෙසිදයි ඇහුවම, අම්මට කියලා තියෙන්නේ. "අනේ මගෙ බුදු අම්මේ", මට දැන්වත් ටිකක් නිදා ගන්න දෙන්න කියාය. මේ දරුවාගේ පීඩනය එතනින්ම පේනවාය. (ඒ දරුවා ඉහලින්ම සමත් වෙලාය)


අපිත් ළොකු ඉස්කෝළවලට ගියේ සිස්සත්තේ පාස් වෙලාය. ඊට පස්සේ ළොකු ඉස්කෝලේ විභාගෙටත් ලියලාය. දැන් ඔය ළොකු ඉස්කෝලෙට යන්න, ඒකෙත් විභාගයක් තියන හේතුව මට නම් තේරෙන්නේ නැතිය. මළ විකාරයක්මය. අපේ කාළේ පටන් විස්ලේසනයක් කලත්, වැඩිම ළකුණු ගන්නේ ගමේ කෙල්ලෝ කොල්ලෝය. ඔය ළොකු ඉස්කෝළ වලින් කවදාවත් වැඩි ළකුණු ගත්ත උන් බිහිවෙලා නැතිය. විශේෂයෙන් කොළඹ කවදත් ඇත්තේම නැති තරම්ය. එතකොට දෙමව්පියෝ හොර ළියකියවිලි හදාගෙන පොඩි උන්ටත් බොරු උගන්වාගෙන, පොලිටික්කෝ පස්සේ ගිහින්, ලක්ෂ ගණන් වියදම් කොරලා, සමහර වෙළාවට, අම්මා බල පුලුවන් අය එක්ක නිදාගෙන, ළමයි මේවාට දාන්නේ, මොන මළදානෙකටද කියා මට තේරෙන්නේ නැත. ඔය බොරුවට විභාගවලට දැඟලුවාට, ඒම් එක අනික් උන්ට සෝ එක පෙන්නන එකය. ළමයත් එක්ක පුවුලම ඉස්කෝලේ එනවාය. කාර් එක පෙන්නගන්න තියෙන උවමනාවය. වෙන ලෙඩවල්ය. අනික මේ මැරෙණ තරම අපේ රටේ බුද්ධිමතුන් බිහි වෙලාත් නැත.

ඔය ඉහලින් පාස් වෙන ළමයි, ඒ ඉස්කෝළවලම තියලා ඉගැන්වුවාම ඉවරය. ඒවාවල පහසුකම් නැතෙයි කියන්නේ පට්ට බොරුය. එහෙම නම් ඒ ළමයි පාස් උනේ කොහොමද කියලා කියන්න ඕනෑය. හොඳටම පාස් දරුවෝ ටියුෂන් ගිහිල්ලාම නැත. බාහිර වැඩත් කරලා එදිනෙදා කියලා දෙන දේ මතක තියාගෙන හිටියාම පාස් වෙන බව ඉහලින්ම පාස් උන අය කියනවාය. අපි පාස් උනෙත් එහෙමය. අපේ කාළේ නම්, අපි ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කැළේ පනිනවාය, ඇලේ දොලේ නානවාය, ක්‍රිකට් ගහනවාය, එල්ලේ ගහනවාය, හේන් වවනවාය, මාළු අල්ලනවාය, කරන්න තියෙන ඔක්කෝම කරනවාය. ඒ කරලත් විභාගෙත් ජය ගන්නවාය. ඒ කාළේ මෙහෙම තරඟයක් තිබුනේත් නැතිය. අපි පාස් උන වෙලාවේ බොහෝම දුප්පත් කෙල්ලෙකුත් ඉහලින්ම පාස් උනේය. ප්‍රින්සිපල් හාමුදුරුවෝ ඒ ගෙදරට පනුවුඩේ යැව්වේ මායි තව එකෙකුයි අතේය. මට ඒ සිද්ධිය තාමත් මතකය.

අපි ගෙදර හොයාගෙන යන කොට වටේ පිටේ උන් නම් කීප දෙනෙක් වික්ශිප්ත බවක් පෙන්නුවත්, ඒ ළමයාවත්, දෙමව්පියන්වත් පුදුම වූයේවත්, දුක් උනේවත් නැත. දැන් පුතේ අපි මොනවද කරන්න ඕනේ කියා ඒ අම්මා ඇහුවා අදටත් මට මතකය. අපි කිව්වේ අන්න හාමුදුරුවෝ එන්න කිව්වා. ගිහින් හම්බවෙන්න කියාය. ඒ ගෑල්ලමයා නියමෙටම ඉගෙන ගත්තේය. අද ප්‍රසිද්ධ චරිතයක්ය. ඉගෙන ගන්න එකා කොයි ළෝකේ හිටියත් ඉගෙන ගන්නවාය. අද ඉහල පුටුවල ඉන්න ගොඩක් කස්ටිය ගමෙන් ආපු ගමේ ඉස්කෝලවලට ගියපු අපි වගේම ගම් කබරයෝය. මේ මළ අජ්ජාපනයක් නිසා, දරුවන්ගේ ළමා කාළය නැති වීම ගැන, මම හිතාගෙන ඉන්නේ අපේ අම්මලා තාත්තලාට විරුද්ධව, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවට යන්නය. මුන් කරන්නේ ඒ තරම් කාළකන්නි වැඩක්ය. සාපෙට ලියන උන් නම් මරාගෙන කෑවත් මට දුක නැත. මට දුක මේ මල් පෙති කඩලා පොඩි කරලා දාන එකය.

හොඳ ඉස්කෝලෙට දාගත්ත උනුත්, දරුවන්ට ඉන්න දෙන්නේ නැතිය. ඒ දන්න කියන අයට ලකුණු ගාන කියා ළකුණු දාගන්නය. කාළකන්නීන්ට ආතල් ගන්න, නැති කරන්නේ සුන්දර දරුවන්ගේ ළමා කාළයය. දරුවා එකේ පන්තියේ ඉඳන් මේකට මරණවාය. පහ වසරේදි නම් ළමයාට හුස්මක් කටක් ගන්න වෙන්නේ නැතිය. ටියුෂන් යවනවාය, ගෙදරට ගෙනත් ටියුෂන් දෙනවාය. නූල් බඳිනවාය, සුර දමනවාය. පාස් පේපර්ස් කරනවාය, ඒ මදිවාට සම්මණ්ත්‍රනත් තියනවාය. අම්මා උනත් විකුනන් කන උන්ට මගුල්ය. මම හිතන්නේ ඩොක්ටර් රේට් එකක් ගන්න එකාවත් මෙච්චර මැරෙන්නේ නැතිය. ඔය විදියට දරුවෝ මරන්නේ නැතුව, බැසිල් මහත්තයාගේ කිරි හරක් පැටියෙක් අරන් හදාගෙන, මරාගෙන කෑවානම් ඉවරය. අපේ 2500 න් කන උන්නැහේ මේක අහෝසි කරන්න යන බවක් ආරන්ච් උනේය. ඒ උනාට ෂෆල් එකෙන් පොර විසිවෙන සයිස් එකක් තියෙනවාය. එහෙම වෙන්න කලින් මේ කාළකන්නි විභාගය අහෝසි කලොත් කරපු සියළු පව් කම් අහෝසි වෙනවාමය. ඒ වගත් මෙසේය.

ප: ලි:

අර පළවෙලියා උන ගෑණු දරුවට නිවසක් හදා දෙන එක ලොකු දෙයක්ය. ඊට වඩා වටින්නේ පියාට "ස්ථිර රැකියාවක් " ලබා දෙන එකය. ආන්ඩුවේ ආතල් එකේ නිකන් ඉන්න ජොබ් එකක් නම් ගොඩක් වටින්නේය. එතකොට එ දරුවාට ආරක්ෂාව දෙන්නත් ඒ තාත්තාට පුළුවන්ය.නැත්නම් ඔය අද සෝ එකට තෑගී බෝග දෙන එකෙක්වත් හෙට ඒ දරුවා උන්නාද මලාද කියා බලන්නේ නැතිය. ඒ දරුවා ගමේම ඉන්න ඕන කියා කීවාට මගේ උපහාරය ඒ දරුවාට පුද කරන්නේය.

102 comments:

  1. සුබ පැතුම් දුවේ....
    හැමදේම මාකට් වෙන කාලයක් මේක...

    මේ ගැන වැඩිය නොහිතා දුට ඇහැක් විදිහට ඉගෙන ගන්න. මොකද කියනව නම් තව සතියක් යද්දි අපි කාටත් " මට මතක නෑ " ලෙඩේ හැදෙන නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කිව්වේ ඔය ගෙවල් දෙනවට වඩා හොඳ ඒ තාත්තට පෙන්ෂන් එකක් තියෙන පඩියක් දෙන එක. ශිෂ්‍යත්ව අරව මේවා බයිලා...

      Delete
  2. ඔබ සමග මමද ඒ දරුවාට උපහාර කරමි.

    ඔබ දන්නවා ඇතැයි සිතමි. කොයිතරම ප්‍රතිඵල අරගෙන තිබ්බත් බොහෝ රැකියාවල් වලදී පාසැල ගැන හොයනවා කියා. අනේ මෙහෙම ලංකාවක්. දොස්තර රැකියාවෙත් එහෙමයි. මගේ කනට ඇහිලා තියනවා "ඕකා මේ ගමෙ මහා විද්‍යාලෙන් ආව බයියෙක්නෙ" කියලා බොහොම ප්‍රසිද්ධ අපේ වෛද්‍යවරු තමන්ගේ එකෙක්ව පාච්චල් කරනවා. එතකොට අර සක්වල තක්සලාව ඒක නෙමෙ වැදගත්. එහෙව් රටක අපි ඉන්නෙ.

    ළමයින් දෙමව්පියන්ගෙන් බේරා ගැනීමේ මහා සටනට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවට යන්න මම ඔබ සමග එනවා. (අපේ මායියත් හැම වෙලේම පොඩි එකීගේ පොත් පාඩම් කරනවා. මට නම් පේන්න බැරි වැඩක්. ඒ නිසා දැන් දැන් බලන්නෙ මට හොරෙන්.)

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්ත. රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙට ගිය වාසිය මට ගොඩාක් තැන්වල ලැබුනා. පොඩ්ඩක් කපාගන්නෙ නැතුව කඩ්ඩ වනන්න පුලුවන්නම් ගොඩේ ගොඩ. ඉස්සරහට සැන් කියලා තියන එව්වල එව්වොන්ටත් උපරිම චාන්ස් එක තියනවා.

      Delete
    2. මමත් මගේ මිතුරනුත්, මා කලක් සේවය කළ ස්ථානයේ සභාපති තුමාත් රජ්ජුරුවන්ගේ පාසලේ වූවාට නිතරම තැන් දුන්නේ උගත් අයටත් දුප්පත් අයටත්. මා දන්නා බොහෝ මිතුරනුත් එහෙමයි. නමුත් කනගාටුවට කරුණ නම් ඔවුන් තැනකට පැමිණි විට ඔවුනට මුල අමතක වීමයි..

      Delete
    3. මාතලන් : සහතික ඇත්ත!- සේවා ස්ථානයන්වල අලුතින් එන ඔය වාගේ ඈයින්ට යමක් කියාදෙන්ට ලැබුණු විට මමද කියන්නේ ඔය කථාවේම දෙවැනි කොටසය - "අද, පෙර දැනුම කලින් අයගෙන් තමුන් හොඳහැටි ලබාගත්තා වාගේම ඊලඟට එන අයටත් නොමසුරුව මේවා කියාදෙන්ට" කියාය - එහෙත් ප්‍රොබේසං එක ඉවර වූ වහාම එව්වා මතක නැත - තමන්ගේ වැඩේ කරගත් පසු ඉනිමගට පයින් ගසා පමණක් ඉන්නේ නැත - ඒකට නිග්‍රහ කොට අපහාස කොට හැකිනම් පලා දරටද ගනී ෴

      Delete
    4. හරියට හරි තිස්ස. මම ඒ පන්තියේ නොවුනත් ප්‍රභූ පන්තිය රට පාළනය කළා නම් රට මෙතරම් අගාදයට යන්නේ නෑ...

      Delete
    5. මෙන්න මේ කතාව නම් සම්පුර්ණ ඇත්ත...ගොඩේ නෙමෙයි නගරේ ඉන්න බයියන් උනත් රට පාලනය කරන කොට රටට වෙන විපත ඔය ප්‍රභූ පැලැන්තියේ උන් රට පාලනය කරද්දී වෙලා නැහැ.උන් හොඳට කාපු බීපු මිනිස්සු බඩ පිරිල තියෙන්නෙ.ඉතින් තමන්ගෙ ප්‍රමානෙට විතරයි කන්නෙ.ඒ කන එකත් ඇඟේ ගාගන් නැතුව පිළිවෙලකට.හැබැයි මේ බයියො එහෙම නෙමෙයි බඩගින්නෙ වේලි වේලි ඉඳල ආපු ගමන් ඇදල අරිනව බොකු බඩවැල් පැලෙන්න.

      Delete
    6. //නගරේ ඉන්න බයියන් උනත් රට පාලනය කරන කොට රටට වෙන විපත ඔය ප්‍රභූ පැලැන්තියේ උන් රට පාලනය කරද්දී වෙලා නැහැ//

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    7. බයියෙකුට රට ගියාම වෙන දේත් බයියෙකුට අධ්‍යාපනේ ගියාම වෙන දේත් දැන් පෙන්නවා !

      Delete
    8. "මමත් මගේ මිතුරනුත්, මා කලක් සේවය කළ ස්ථානයේ සභාපති තුමාත් රජ්ජුරුවන්ගේ පාසලේ වූවාට නිතරම තැන් දුන්නේ උගත් අයටත් දුප්පත් අයටත්. මා දන්නා බොහෝ මිතුරනුත් එහෙමයි. නමුත් කනගාටුවට කරුණ නම් ඔවුන් තැනකට පැමිණි විට ඔවුනට මුල අමතක වීමයි.."

      ඒ කියන්නෙ මුල මතක තියෙන්න, රෝයල්, සැන්ට් XXXX වුන්ට වැදගෙන ඉන්න ඕනේ!

      Delete
    9. @ අන්තිම ඇනෝ
      වැරදි වැටහීමකි. මුල මතක නෑ කිව්වේ රෝයල් උන්ට වඳින එක නෙමෙයි. උන් තැනකට ආවයින් පස්සේ උන් ආපු තැන උන්ට මතක නෑ. අනෙක් කාරණය තව දුරටත් රාජකීය විද්‍යාලය යනු සැන් තෝමස් හා ට්‍රිනිටි සමාන පාසලක් නොවන බව. අද රාජකීය පමණක් නොව ආනන්ද විද්‍යාලයේ තත්වය පවා ඕකයි. ඒක දන්න අය තම දෘවන් ඉන්ටර්නැෂනල් යවන්නේ ඒකයි. ඇත්තටම අධ්‍යාපනයේ විකාර දකින්න ඕන නම්. උදේට රෝයල්, ආනන්ද, නාලන්ද, දේවී බාලිකා, විසාකා, සිරිමාවෝ හා තවත් එවැනි පාසල් කීපයක් ළඟ කාළය ගත කර හැකි නම් බලා ගත හැක.

      Delete
  3. මං අහල තියෙන්නෙ, සිස්සත්තෙ අම්මල තාත්තලාගෙත්, සාපෙල ගුරුවරුන්ගෙත්, උසස්පෙල ලමයින්ගෙත් උවමනාවට කරන විබාග කියලා... ඔය මොකක් කලත්, පොඩි කාලෙ සෙල්ලම් කරන්න එලියටවත් බහින්න දෙන්නෙ නැතිව, ලමයි විබාග වලට හිර කරන එක නම් හරිම අපරාදයක්...
    මං අයිති වෙන්නෙ මාතලන්ගෙයි දැන් ඉගෙන ගන්න පරම්පරාවෙයි අතරමැදට වෙන්න ඕනෙ... මාවත් මගේ අම්ම ටියුෂන් එක්කගෙන ගියා සිස්සත්තෙට... ඒත්,මාතලන්ල වගේම පොඩි කාලෙදි දුවල පැනල සෙල්ලම් කරන්නත් අවස්ථාව මට ලැබුන... :)

    ReplyDelete
    Replies
    1. දැන් ඒ ක්‍රමය නෙමේ තියෙන්නේ පිස්සු විකාරයක්. කැනඩාව වගේ රටක නම් ඔක්කෝම අම්මලා හිරේ...

      Delete
  4. මමද කොලා අප්ප ඔය විබාගෙ . . මහ ඉහලිං පේල්. මගෙ කෙලීත් පුලුවං විදියකට ඕක කරයි. එක්කෝ පාස් වෙයි නැතිනං පේල් වෙයි. මම මායියට ඉතා හොදිං කියල තියෙන්නෙ කෙලීට ඉගෙනගන්න වද දෙන්න එපා කියල

    ReplyDelete
    Replies
    1. මම නම් මගේ එකා දහම් පාසල් යවන්නෙවත් නෑ. හාමුදුරුවෝ මාව මරන් කන්න හදනවා. ඒ උනාට අපේ එකා එවට යන උන්ට වඩා ගුණ යහපත්...

      Delete
  5. අපේ කාළේ නම්, අපි ඉස්කෝලේ ගිහින් ආපු ගමන් කැළේ පනිනවාය කියන එකට ගෙදර එන්නේද හොඳ රෝන්දයක් ගැසීමෙන් පසුවය කියලත් දැම්මනං... :)

    ReplyDelete
    Replies
    1. මගේ ගමත් දැන් නගරයක් උන නිසා පොඩි එකාට හැමදාම ඒවා නැතත් නිවාඩුවක් ලැබුන ගමන් කෙලින්ම ගාල්ලේ. පොඩි එකා උපරිම ආතල් එකක් ගන්නේ ඒ ටිකේ. හැමදාම නිවාඩුව ඉවර වෙලා එනකොට අඬලා එන්නේ.

      Delete
  6. අපිට තිබුනේ සිංහලයි ගණනුයි පාස් වේනන විතරනේ.. දෙමළ ‌පේපර් එකක් තිබ්බා ජොලියට වගේ ලියන්න... අපේ මාම මට ගනං උග්නනන්න ගිහින් ධන රින කතාවක් කිව්වට පස්‌ෙස් ඒ පැත්ත පලාතේ ගියේ නැ විභාගේ ඉවර වෙනකම්.. ( එයා එතකොට ඒලෙවල් කරනවා...)

    ළඟපාත පන්තියකට මාස තුනක් විතර ගියා... විභාගේට කලින් දවසේ උදේ 7 ඉදන් හවස 6 වෙනකම් එහා දෙර අයියලා මල්ලිලා සෙට් එකත් එක්ක ක්‍රිකට් ගැහුවා.. විභාගෙත් ලිව්වා.. ලියලා පාරට එනකොට එතන කඩේ පේපර් එක විකුණන්න කිබුනා.. අනේ මන්දා ඒ ගැන නම්...

    මම පාස් උනා.. කොළඹ ඉස්කෝලෙකට ගියා.. .. ආපේ මල්ලි ෆේල් උනා... ඌ ඒ ඉස්කෝලම හිටියා... මගේ සටිෆිකෙට් ෆයිල් එකේ කොල 25ක් තියෙද්දි ඒයාට තියෙන ඒවා දාන්න ෆයිල් දෙකක් ඕනේ උනා... මට නම් ඒ ගැන ඊරිසියයි.. මට මොකවත් කරන්න වෙලාව ඉතුරු උනේ නෑ... පාරටම වෙලාව ඉවරයි...

    අර මහවෙදනා කියපු කතාවත් හැබෑව... ගමේ ඉස්කෝලෙන් ආපු එකාට කරන කෙනෙහිලි කම් වැඩියි පස්සේ කාලෙක.. ලොකු ඉස්කෝල හොයනවා කියලා අම්මලට බනින්නත් බෑ මම නම් හිතන්නේ... වෙනකක් තියා නේවි යනකොට රෝයල් නම් තැන වැඩියි... ( මට මතක විදියට) ඉස්‌ෙකෝලෙ ලොකු නම් රෑන්ක් එකත් වැඩියි... එතකොට ඉතිං අනිත් ජොබි ගැන කවර කතාද...

    ReplyDelete
    Replies
    1. ගමේ අයට කෙනෙහිලි කම් කරන්නේ ගමේ එකාමයි. රනිල් තරුණ සේවා සභාව හරහා කෙතරම් සේවයක් කළාද? ඇතුලත්මුදලි මහපොළ පටන් අරගෙන කැම්පස් පටන් අරගෙන කළේ දුප්පත් අයට ඉදිරියට එන්න අත දෙන එක. 77 ට ඉස්සෙල්ලා ගම් වල අය කැම්පස් ආවත් ඒ ගම්වල ප්‍රභූ අය විතරයි. දුප්පත් එකෙක් ආවේ කළාතුරකින්. දෙන්නම රජ පුත්තු..

      ඒත් ගමෙන් ආපු කාළකන්නින් උපාධිදාරින් දෙදෙනෙක් වන ධන රින හා සුදු බන්ඩා අජ්ජාපනේට කරන විනාශය බලන් සකි. මේක කන නිළධරිනුත් එහෙම උන්. උන් ඉරිසියයි උන්ගෙම පන්තියේ උන් උඩට එනවට. රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට, සැන් කෑල්ල තියෙන ඉස්කෝල වලට ගිය අයට ලබා ගන්න දෙයක් නෑ. උන්ට ඕන අනිත් අයටත් ළෝකය පෙන්වන්න. මේකේ සිතිජයෙන් එහා පෙන්නනවා කියලා. කරන්නේ දවල් තරු පෙන්නන එක.

      Delete
    2. ////රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට, සැන් කෑල්ල තියෙන ඉස්කෝල වලට ගිය අයට ලබා ගන්න දෙයක් නෑ///

      ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ... ඒවා ප්‍රභූ පැලැන්තියේ ඉස්කෝල.. ප්‍රභූ පන්තිය කියලා බෙදීම් නෑ කිව්වත් ඕක තමා ඇත්ත... ඒවට යන එය හරි ලොකුයි... ඇත්ත කියනව නම් සෝබන ඉස්කෝල..... ටීචර්ලට වාරේ ඉවර උනාම ලක්ෂගණන් වියදම් කරලා රන්නරං බඩු හදලා දෙන්න සල්ලි තියෙනවා.... ශිෂ්‍යත්වෙන් යන ළමයි සහ දෙමවුපියෝ හරියට අසරණ වෙනවා ඒ වෙලාවට.. ඒත් කො‌ෙහාම හරි ළමයෙක් ඕකකට දාගන්න හදන්නේ ළමයගේ අනාගතය ගැන හිතලා.... කොච්චර ගමේ ඉස්කෝලවල අධ්‍යාපන තත්වය හොඳ උනත් ඒවට අර ප්‍රභු පන්තියේ ලේබල් එක නැති නිසා ළමයින්ට තැනක් හම්බුවෙන්නේ නෑ....

      ඔය ඉස්කෝල වල හැම එකාම එකවගේ කියලා කියන්න බෑ මාතලන්... මොකද ඔය ලොකු ඉස්කෝල වලට ගිහින් ඒලෙවල් පාස් වෙච්ච එකා ලොකු පුටුවක වාඩි උනාම ඌ යටතේ වැඩ කරන ගමේ ඉස්කෝලේ ඉදලා කැම්පස් ගිය එකාට සලකන්නේ ඌ ගොඩේ බයියෙක් කියලා හිතාගෙන... උං ක්ලබ් යන්න දන්නේ නෑ... ලොකු ලොකු හෝටල් අස්‌ෙස් රිංගන් ඉන්න දන්නේ නෑ කියලා..

      අපේ වැඩපොලේ GM සහ HR manager රෝයල් තෝමියන් බිග්මැච් කාලෙට උඩින් යන්නේ.. නාකි රාලලා දෙන්නෙක්.. තෝමස් එකේ එලෙවල් කරපු එකෙක්ට කිසි සුදුසුකමක් නැතුව මැනේජර් කමක් දුන්නේ ඊට වඩා සුදුසුකම් තියෙන හොඳ කොල්ලෙක්ට තැන නැති කරලා.... අරෑට තිබ්බ සුදුසුකම තමා අරුන් දෙන්නා එක්ක හැම සිකුරාදට හවසට ක්ලබ් ගානේ ගිහින් සිහි නැති වෙනකම් බොන්න පුරුද්දක් තිබුණ එක...

      Delete
    3. පන්තිය පවත්වාගෙන යන එක ළෝකයේ හොඳම රටවල පවා තියෙන දෙයක්. කොහොමත් ඔබ ඉන්න ආයතනය දිගටම පවත්වාගෙන යන්න නම් පන්තියේ එකෙක්ට දෙන්න වෙනවා. නැත්නම් වෙන්නේ මේ රටට වෙච්ච දේමයි. හැමෝම එක වගේ නෑ කොයන එක කොයි පන්තියටත් අදාලයි. මම හොඳම උදාහරණයක් කියන්නම්. මම වැඩකෙළේ සෙලින්කෝ ආයතනයේ. අප දන්නා කාළයේ පටන් මෙහි අධ්‍යක්ෂකවරුන් ලෙස හිටියේ ප්‍රභූ පන්තියේ පුද්ගලයින්. එහෙත් පසු කාළයක පැමිණි සාමාන්‍ය පන්තියේ කෙනෙක් හෙමීට කොතලාවල අල්ල ගත්තා. ආවේ ඉන්ටනල් ඔඩිටර් කෙනෙක් විදියට. කොහොම කොහොම හරි සෑම ප්‍රසිද්ධ සමාගමකම අධ්‍යක්ෂක මණඩලයට පත්වෙන්න මුහුට හැකි උනා. එසේ වීමට හේතුව උනේ. මොහු ආදායම් බදු පිළිබඳ පොරක් වීම කාළයක් එහි සේවය කර තියෙනවා. ඉතින් අවංක පුද්ගලයෙක් උන කොතලාවලට ටැක්ස් වංචා කරන්න ඉගැන්වූවේ මොහුයි. අවසානයේ ඔහුට එරෙහි වන ප්‍රභූ පන්තියේ අධ්‍යක්ෂකවරුන් පවා කොන්වුනා. අන්තීමෙදි මොකද කළේ. කොතලාවල නමත් සෙලින්කෝ නමත් දෙකම නැති කලා. ඌත් හිරේ ගියා ඒ උනාට හොරකම් කරලා අම්බානට. ඔන්න සාමාන්‍ය පන්තියේ එකෙක් ඉහලට ආවම කරන වැඩ. තවත් හොඳ දෙයක් තියෙනවා. මෙයා ධන රින ගේ හොඳම යාලුවා.

      Delete
    4. "... රනිල් තරුණ සේවා සභාව හරහා කෙතරම් සේවයක් කළාද?..."

      නැත්තන් ආයුබොවන්ඩ, බටලන්දෙන්ම කීදෙනෙක් සුවර්ගස්ත කලාද?

      Delete
    5. "... එහෙත් පසු කාළයක පැමිණි සාමාන්‍ය පන්තියේ කෙනෙක් හෙමීට කොතලාවල අල්ල ගත්තා. ආවේ ඉන්ටනල් ඔඩිටර් කෙනෙක් විදියට. කොහොම කොහොම හරි සෑම ප්‍රසිද්ධ සමාගමකම අධ්‍යක්ෂක මණඩලයට පත්වෙන්න මුහුට හැකි උනා. එසේ වීමට හේතුව උනේ. මොහු ආදායම් බදු පිළිබඳ පොරක් වීම කාළයක් එහි සේවය කර තියෙනවා. ඉතින් අවංක පුද්ගලයෙක් උන කොතලාවලට ටැක්ස් වංචා කරන්න ඉගැන්වූවේ මොහුයි...."

      ආනේ ඇත්තද මාතලන්, කොතලාවල ලොක්කා හරිම අහිංසකයෙක්නෙ බලනකොට. එතකොට කොතලාවලගෙ ගෑනිට හැන්ගිලා ඉන්න කියල දුන්නෙ කොයි ගමේ බයියද දන්නෙනැහැනේද?

      Delete
    6. @හිරු
      //.. ඇත්ත කියනව නම් සෝබන ඉස්කෝල..... ටීචර්ලට වාරේ ඉවර උනාම ලක්ෂගණන් වියදම් කරලා රන්නරං බඩු හදලා දෙන්න සල්ලි තියෙනවා.

      හැම ඉස්කෝලයක්ම එහෙම නැහැ හිරු. එහෙම දේවල් වෙන තැනුත් ඇති.
      මම වත් මගේ මල්ලි වත් ගිය ඉස්කෝල නම් එහෙක වත් ඔය වගේ ටීචර්ලට රත්තරන් බඩු හදල දෙන දේවල් තිබුනේ නැහැ. මගේ ඉස්කෝලේ නම් රත්තරන් බඩු තියා කිසිම තෑග්ග කට සල්ලි එකතු කරන්නත් තහනම්. වාර අවසානේ මුකුත් දෙන්නේ නැහැ. අවුරුද්ද මුලදී බුලත් අතක් දීල වඳින එක විතරයි. ගුරු දිනයට නම් මල් පොකුරක් එක්ක ළමයි ටික මොකක් හරි නිසඳැසක් ලියල දෙනවා. එච්චරයි. සමහර දවස් වලට මල් පොකුර හැදුවෙත් කවුරු හරි ළමයෙක්ගේ ගෙදර මල් වලින්. :)

      Delete
    7. මාතලන්..
      ////කොහොමත් ඔබ ඉන්න ආයතනය දිගටම පවත්වාගෙන යන්න///

      ඒක වැහුවා.. හි හි... GM අනිත් ‌ලොකු පොස්ට් වල හිටිය උන් ටිකත් අරගෙන හැරියා ( හැරී ජයවර්ධන) ගාවට ගියා පැනලා.... මම වැඩ කලේ රංජිත් සේනානායකට( පරම්පාරවෙන්ම අලියෙක්) අයිතිව තිබුන Freudenberg Shipping කියන කම්පැනියේ.. සැටලයිට් නෝනගේ පුටුවේ එක කකුලක් උනු හැරි ලොක්කා ෂේප් එකේ කම්පැනිය කඩා ගත්තා... පරාක්‍රම ‌සේනානායක ( පුතා) අද නිල් පාට මන්ත්‍රී කෙනෙක් මගේ මතකේ හරි නම්... හි හි... ඒ දේශපාලනේ නෙවැ.....

      මම හිතන විදියට මාතලන් කියන කතාව මේකයි...

      “ සල්ලි තියෙන එකෙක් දේශපාලනේට බැස්සොත් උෟට අමුතුවෙන් හම්බකරගන්න දෙයක් නැති හින්දා ඌ රටට වැඩක් කරන්න උත්සාහ කරනවා.... සල්ලි නැති එකෙක් පාර්ලිමේන්තුවට ගියොත් ඌ මුලින්ම කරන්නේ තමන් සහ තමන්ගේ සනුහරේ උන්ගේ ඕනෑ එපාකම් ටික මුලින්ම හරිගස්ස ගන්න එක.... ඒක නිසා පාලකයෝ විය යුත්තේ පරම්පරාවෙන්ම සල්ලි තියෙන අය... “

      ඒ කතාව හැබෑය කියලා පිළිගන්න වෙනවා මටත්....

      එහෙමනම්.....

      මොකටද මාතලන් නිදහස් අධ්‍යාපනයක්..... ? මොකටද ගම් වල කොල්ලෝ කෙල්ලෝ විශ්ව විදයාලවලට යවන්නේ...?
      උන්ට ටෙලිග්‍රෑම් එකක් කියවගන්න අකරු ටික ඉගෙන ගන්න, අත්සනක් ගහන්න ලියන්න ඉගෙන ගන්න වැඩිම උනොත් 6-7 වසර වලට වෙනකම් ඉගැන්නුවනම් ඇතිනේ.....

      මොකද ඔය ප්‍රභු පැලැන්තියේ අය රට පාලනය කරන්න පටන් ගත්තේ එයාලට සල්ලි තිබ්බ නිසා පිටරටවල් වල ගිහින් ඉගෙන ගත්ත එකෙන්..... නිතීඥයො වෙලා ආපු අයනේ මුලින්ම හිටියේ..... ඔය සැන් ඉස්කෝල සහ රාජකීය ඉස්කෝල පටන් ගත්තේ එයාලගේ දරුවෝ යවන්න... අනේ ඉතිං අනිත් ඉස්කෝල 5 -6ක උසස් පෙලට ඉගැන්නුවනම් ඇතිනේ..... ඔච්චර සල්ලි තියෙන පරණ පරම්පරා නෑ නේ ලංකාවේ..... අනිත් ළමයින්ට පන්සලක හරි අකුරු ටික ඉගෙන ගන්න බැරියෑ.....

      එහෙමනම් දුප්පත් එකෙක් මේවට එන්න අවශ්‍ය නැත්තම් මොකදට මෙච්චර වියදම් කරගෙන නිදහස් අධ්‍යාපනේ කියලා මේ කෑ ගහ ගහ උගන්නනේනේ.....?

      වැඩක් ති‌ෙයනවද ඒකෙන්.....?

      ඉගෙන ගත්තත් නැතත් ප්‍රභු පැලැන්තියේ අයට පාලනය බාර දීලා අනිත් අය යටහත් පහත් සේවකයෝ වෙලා, කරේ තියෙන සාලුව අරං කාණුවට බහින්න ලෑස්ති වෙලා ඉන්න මානසික තත්වයක් හදන්න ඕනේ නම් ආයිත්, නිදහස් අධ්‍යාපනයක් මොකටද...?

      ඔව් ඔව්.. මම අතිශයෝක්තියෙන් තමා මේ ටික කිව්වේ....

      නමුත් මට කියන්න ඕනේ, පරම්පරාවෙන්ම සල්ලි කාරයෝ කියලා ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මේ වෙනකොට ‌හොරු වෙලා ඉවරයි... මොකද අලුත් සල්ලි කාරයෝ ලංකාවේ ඉන්නවා.... වලව්වවේ හාමුලා ටික මේ වෙනකොට වලව් ටික විකුණලා සාමාන්‍ය තත්වයට බැහැලා ඉන්නේ...

      ඒත් තාමත් ඔය ඉස්කෝල ටිකේ ලේබල් ටික තියෙනවා..... ඔය ඉස්කෝල ටිකේ අධ්‍යාපනයේ එහෙමකට කියලා ලොකු දියුණුවක් ප්‍රගතියක් නැති උනාට ශිෂ්‍යත්වෙන් ස්ප්‍රීට් එක ඕවට එන නිසා රිසල්ට්ස් හොඳයි.... ඒකනේ ගමේ ඉස්කෝලේ ශිෂ්‍යත්වෙට පණ කඩාගෙන උගන්නනේනේ... ඉතුරු වෙන ටික අම්මලට පුළුවන් නම් කීයක් හරි දීලා වෙන ඉස්කෝලෙකට දානවා.... හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵලේ හැමදාම ගමට යන්නෙත් ඔය හින්දයි....

      අධ්‍යාපනය කියන්නේ උසස්පෙල කරලා කැම්පස් ගිහින් ඩිග්‍රියක් ගැනීමම කියලා මම හිතන්නේ නෑ...
      ජීවිතෙන් ගන්න අද්දැකීම් කියන්නෙත් අධ්‍යාපනයක්... කැම්පස් ගිහින් ඩිග්‍රියක් ගත්ත කෙනෙකුට වඩා ඒලෙවල් වලින් රස්සාවකට ගිය කෙනෙක්ට දැන්මක් තියෙන්න පුළුවන්.. ( ඒ ටික ලිව්වේ මාතෘකාවෙන් පිට... හි හි.. ලකුනු කපයිද දන් නෑ මාතෘකාවෙන් පිට ලිව්වට.. හි හි..)

      niroshini...

      ඔව්.. මාත් කොළඹ ඉස්කෝල දෙකකට ගිය කෙනෙක්.. එක ඉස්කෝලෙක නම් ඔය විදියට නොකලත් අනිත් එකේ නම් හම්මෝ.... ප්‍රයිමරියේ ඉදලාම ඒ ඉස්කෝලෙ හිටපු සමහර ළමයි සහ අම්මලාගේ.. ඊට හපන් ඒ ඉස්කෝලෙම ඉගෙනගෙන ඒ ස්කෝලටම උගන්නන්න ආපු සමහර ටීචර්ලාගේ මහන්තත්තකම.... මම හිටියේ කලා අංශයේ නිසා අපේ පන්තිවල ඕක ලොකුවට තිබුන් නැති උනාට විද්‍යා, ගණිත අංශ වල ළමයි අපි එක්ක කතා කලෙත් නහය උඩට හරව ගෙන...

      Delete
    8. මෙතන ප්‍රභූ පන්තිය හා සල්ලිකාර පන්තිය යනු දෙකොටසක්. ජේ ආර් ගේ ළමයි කිසිසේත්ම ප්‍රභූ පන්තියට අයත් වෙන්නේ නෑ . ඔවුන් කොච්චර උත්සාහ කලත් ඒ පන්තියේ තියෙන කොලිටීස් එයාලට ගන්නත් බෑ. අද මේ රට විකාරයක් බවට පත් කොට තිබෙන්නේ ඔවුනුයි, (මේ අයගේ උගත් දරුවන් ඔවුනගේ දෙමාපියන්ගේ මේ විකාරය ගැන දන්නවා. ඔවුන් දන්නවා මෙරට ඔවුනට තැනක් නොමැති වග හා. ඔවුනගේම මිතුරන් වන පාළකයින්ගේ පුත්තු මේ රට කන වග.) සිහල උරුමයේ සංඝයා ඔවුන්ගේ පින් මහිමයෙන් පාර්ලිමේන්තුවට වැඩැම්මවූයේ මොවුනුයි. ඔවුන් ප්‍රභූන් යයි සිතා සිටියාට. වැද්දටත් එහා ගිය මානසිකත්වයෙන් යුතු කොටසක්. ඔවුනගේ විකාරයක් තමයි නිර්ධන මධ්‍යම පන්තියත් කරේ තියාගෙන යන 5 හේ විභාගයත්. ප්‍රභු පන්තියත් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් ඉංග්‍රීස්න් යටතේ ධනවත් වූ එංගලන්තයේ ඉහල අධ්‍යාපනයක් ලද වාමංශික අදහස් හා රැඩිකල් අදහස් ඇති උසස් කළවට ලැදි, උසස් සාහිත්‍යට ලැදි. උගතුන්ට ගරු කරන සහ ආදරය කරන. එමගින් රට දියුණුවට පත් කිරීමට ආස පිරිස. අනෙක් පිරිස රදලයින්. ඔවුන් ගැන හා ඔවුනගේ මානසිකත්වය ගැන ඔබ දැණුවත් නොවී සිටීමට කිසිසේත්ම නොහැකියි.

      Delete
    9. @ නිරෝෂිනී
      ඒ විතරක් නෙමෙයි මරු සෙල්ලමක් කරනවා. දෙමව්පියන්ගෙන ණයට සල්ලි ඉල්ලගෙන දෙන්නේ නෑ. තමන්ගේ දරුවට අයහපතක් වෙයි කියලා දෙමව්පියෝ කට වහගෙන ඉන්නවා. එවා ෆික්ස් ඩිපොසිට් දානවා. නමු හැම ගුරුවරයම නෙමෙයි. නමුත් වැඩි පිරිස එහෙමයි.

      Delete
    10. @මාතලන්
      හපොයි!
      ඒක එහෙම නම් මම සෑහෙන්න වාසනාවන්තයි. මොකද මට ලැබුණු ගුරුවරු බහුතරය ... ඉස්කෝලේ කාලේ ඉඳන් පස්චාත් උපාධි දක්වා... ඔය වගේ බලු වැඩ නොකරපු නිසා.

      සීමිත පිරිසක් නම් හිටියා. කොළඹ ඉස්කෝලේ වගේම, පහට වෙනකම් ගිය පොඩි ඉස්කෝලෙත් ඔය එක එක පන්දම් කාරයන්ට අදින, වගේම තමන්ගේ ළමය ඉස්කෝලේ දාගෙන ඒ ළමය ප්‍රමෝට් කරන ගුරුවරු. හැබැයි ඒක කොළඹ\නගරයේ පාසල් වලට සීමා උන එකක් නෙවෙයි. හැම තැනම වෙන එකක්. ඒ ව ගැන පොස්ට් එකක් උනත් ලියන්න පුළුවන්! :(

      Delete
  7. මේ පැත්තේ තියෙන ප්‍රධානම පාසලක ළමයි දෙසීයකට ආසන්න ප්‍රමාණයකින් ශිෂ්‍යත්වෙ සමත් වෙලා තිබුනේ 19යි . මමත් හිතන්නේ බර අඩුවෙන් දැනුනු ගම් වල දරුවෝ හොඳින් සමත් වෙලා කියන එක තමයි. ඒ වගේම අර කලින් ප්‍රශ්න ලැබුණු අයත් අසමත් වෙලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔය කලින් ප්‍රශ්ණ ලැබෙන එක අලුත් දෙයක් නෙමෙයිනේ. අපි පොඩි කාළෙත් තිබුනා. එහෙම ලැබෙන එකත් ගොඩක් වෙලාවට ෆේල් දක්ෂ දරුවට මුකුත් ඕන නෑ. අර අත් දෙකයි කකුලකුත් නැතුව රත්තරන් දරුවෙක් සමත් වෙලා තියෙන්නේ..

      Delete
  8. "ඔය ඉහලින් පාස් වෙන ළමයි, ඒ ඉස්කෝළවලම තියලා ඉගැන්වුවාම ඉවරය. ඒවාවල පහසුකම් නැතෙයි කියන්නේ පට්ට බොරුය. එහෙම නම් ඒ ළමයි පාස් උනේ කොහොමද කියලා කියන්න ඕනෑය."

    ඔන්න දවසේ කියමන - මෙයර ශිෂ්‍යත්වයේ නියම ජයග්‍රාහකයා මේ පුංචි ‍දැරිවි තමයි. ඒ ගැන කතා දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. මම කියපු දේ හිරුත් සනාථ කරලා තියෙනවා. ඒ ඇර ඒක ඇත්ත කියලා අපේ හිත දන්නවා. හිතට බොරු කරන්න බෑනේ කවදාවත්. ඒ කෙල්ල නම් මරු කෙල්ල. පන්ඩිත ආච්චි කෙනෙක්..

      Delete
  9. මාතලං කියල තියෙන දේවල් සම්පූර්ණ ඇත්තය.

    කාලෙකට ඉහතදී ලොග්ගල්ලා ඔයටද කොහෙද අත් ට්‍රැක්ටරයක් පෙරලීමෙන් දියේ ගිලෙන්න ගිය මිනිස්සු බේරගත්ත පොඩි එකෙක් කොළඹ ලොකු ඉස්කෝලෙකට දමාගත්තේය. දැං ඒ පොඩිඑකා ඉන්නවද දන්නෙත් නැතිය.

    ඒ නිසා මේ දැරිවිය ගමේ පාසලේම සිටිනවානං හොඳය.

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් බයිලා ගහනවා පිරට අම්මලා යවන්න එපා දරුවන්ට අම්මගේ ආදරය ලැබෙන්න ඕන කියලා. ඒ කෑ ගහන හරක්ගෙන් මම අහන්නේ මේ දරුවෝ බෝඩිම්වල දාලා හිරකාරයෝ වගේ හමුදාවේ උන් වගේ හදනවට මොකද කියන්නේ කියලා. නොකා නොබී මැරුනත් ගෙදර ඉන්නව තරම් සඇපතක් කොයිම මනුස්සයෙකුටවත් තියෙනවද...?

      Delete
  10. ශිෂ්‍යත්වෙට ළමයි මරවන එක මහා විකාර වැඩක්. මාතලන්ගේ කතාව ඇත්ත. ඉහලම ලකුණු අරන් පාස් වෙන්නේ ඔය බහු බුත සම්මන්ත්‍රණ, පන්ති ගිය ළමයි නෙවෙයි.
    මම ශිෂ්‍යත්ව කරපු අවුරුද්දේ මම ඒ දිස්ත්‍රික්කේ දෙවෙනියා ට ලකුණු තිබුන. ඒ උනාට මම කිසිම පන්තියකට ගිය ළමයෙක් නෙවෙයි. අඩු ගානේ ශිෂ්‍යත්වේ පාස් වෙලා යන ඉස්කොලයක්වත් මම දැනගෙන හිටියේ නැහැ. පව් හැබැයි ඔය සම්මන්ත්‍රණ ටියුෂන් වලට රැවටෙන අම්මල. ළමයි ඊටත් පව්. මගේ පන්තියේ ගොඩක් ළමයි පන්ති දෙක තුනකට ගියා. ඒ මදිවට පාස් වෙලා යන ඉස්කෝලත් කලින්ම කතා කරගෙන. ඕව ඔළුවට දාන්නේ අම්මල තමයි. ඒත් අම්මලට වරදක් කියන්නත් බැහැ නේ...කොයි අම්මත් හදන්නේ තමන්ගේ ළමයි ඉහලට යවන්න. ඒත් ටිකක් සිහි බුද්ධියෙන් වැඩ කරන්නේ ඕන නේ.

    ගමේ ඉස්කෝලේ ඉන්න එක ගැන.. මෙතන මෙහෙම දෙයකුත් තියෙනව හැබැයි. එහෙම ඉන්නවා නම්, හැමෝම ඉන්න ඕනේ. නැත්නම් වෙන්නේ දක්ෂ ළමයි ටික ඔක්කොම කොළඹ ඉස්කෝල වලට යනවා. එතකොට ගමේ ඉස්කෝලේ ඉන්න ළමයින්ට තරඟයක් නැහැ. තරඟය වැඩි උනාම හොඳ නැහැ වගේම තමා කිසිම තරඟයක් නැති උනාමත් හොඳ නැහැ. සමහර මොලේ තියෙන ළමයි එතකොට අපරාදේ. විශේෂයෙන් උසස් පෙළ කියන්නේ තරඟකාරී විභාගයක් නිසා. ඒක මම දැකල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය මලදානේ අහෝසි කරලා හැම පාසලකටම පහසුකම් සැපයුවනම් වැඩේ අහවරනේ. පන්ති බේදය පාසලටත් ගෙනත්. ඒත් බොරු සෝබනේට එකම නිල ඇඳුමක් අන්දවල එවනවා. අම්මලා එනවා හෙළුවෙන්. ඉස්සර අපේ පාසලට තියා පාසැල ගාවටවත් එන්න දෙන්නේ නෑ සාරියක් හරි වැදගත් ඇඳුමක් අඳින්නේ නැතුව් ආවොත්. අද එනවා ජිම් යන කිට් එක ගහගෙන. මේක ඇත්තටම විකාර රටක් වෙලා.

      ඔබේ තර්කය මම නම් පිලිගන්නේ නෑ. ඕක පුහු මතයක් විතරයි. මගේ නෑ වෙන කෙනෙක් ඉන්නවා. ඩොක්ටර් රේට් එක තියෙන. විශ්ව විද්‍යාලෙට යනකන් ගිහින් තියෙන්නේ ගමේ පාසලට. උසස් පෙල විශයයකට ගුරුවරයෙක් ඉඳලත් නෑ. ස්ව උත්සාහයෙන් තමයි ඒ විශය සමත් වෙලත් තියෙන්නේ. හැබැයි කරුමේ කියන්නේ ඌටත් මුල මතක නෑ. කොටින්ම අම්මා තාත්තවත් මතක නෑ.

      Delete
    2. එහෙම අයත් ඇති මාතලන්. හැබැයි හරිම කලාතුරකින් නේ ඒ වගේ අය බිහිවෙන්නේ.
      මේ ඉතින් මට හමුවුණු අය ඔවුන්ට වෙච්ච දේ ගැන කිව්ව දෙයක්.

      තරඟකාරීත්වය තියෙනකොට තමන් තව තව දියුණු වෙන්න උත්සාහ කරන එක, තමන් වටේ තව දක්ෂයෝ ඉන්නකොට ඔවුන්ගෙන් තමනුත් උත්ප්‍රේරණය වෙන එක, එතකොට තමන්ගේ දුර්වලතා පෙනෙන එක, තමන්ගේ තියෙන වැරදි හදාගන්න උත්සාහ කරන එක, පුහු මතයක් විතරයිද මාතලන්? :D

      Delete
    3. දැන් අපි ඉස්කෝලවල යන කාළේ ඔහොම රෙස් දිවිල්ලක් තිබුනද නෑනේ. එතකොට ඒ කාළේ උගතුන් බිහිවුනේ නැද්ද. ඔය රේස් දුවන තරමටයි, තරඟයේ තරමටයි, මහන්සියේ තරමටයි බුද්ධිමතුන් බිහිවෙලා තියෙනවද, රට දියුණුවෙලා තියෙනවද, පරිහානියට ගිහින් තියෙනවද. මේ කාළකන්නි ආන්ඩිව කළ ළොකු වැරද්දක් තමයි. පාසල් වල පරිපාලනය රජයෙන් ඉවත් කොට, ආදිඔ ශිෂ්‍යයන්ට හා දෙමව්පියනට බාර දීම. ඒකෙන් උනේ බුද්ධිමතුන් පාසලෙන් අයින් වෙලා. කුඩු කාරයෝ. බඩු කාරයෝ ඉස්කෝල වල ආධිපත්‍ය ගත්ත එක. අද අපේ පාසලට වෙලා තියෙන්නෙත් ඒකයි. ඔයාලත් දැකලා ඇති නේ පත්තර වල.

      Delete
  11. හොඳ සාකච්ඡාවක්

    ReplyDelete
    Replies
    1. බොහෝ වෙලාවට ලියන්නේ ඒ වගේ සංවාදයට බඳුන් වන දේ තමයි ඩර්ටී ජෝක් එකක් ලිව්වත්. මේක ගොඩක් සංවේදියි වගේ...

      Delete
  12. //ඔය ඉහලින් පාස් වෙන ළමයි, ඒ ඉස්කෝළවලම තියලා ඉගැන්වුවාම ඉවරය. ඒවාවල පහසුකම් නැතෙයි කියන්නේ පට්ට බොරුය. එහෙම නම් ඒ ළමයි පාස් උනේ කොහොමද කියලා කියන්න ඕනෑය. හොඳටම පාස් දරුවෝ ටියුෂන් ගිහිල්ලාම නැත. බාහිර වැඩත් කරලා එදිනෙදා කියලා දෙන දේ මතක තියාගෙන හිටියාම පාස් වෙන බව ඉහලින්ම පාස් උන අය කියනවාය//

    පුකෙනුත් හිනා! අඩු පහසුකම් තියන පලාත්වල ඉස්කෝල ගැන මාතලන් දන්නෙම නැද්ද? වැඩිය ඕන නෑ මං ඉගනගත්ත ඉස්කෝලෙ ඒකාලෙ තිබුන තත්වය දන්නව නං ඔය කතා කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං ඉගෙන ගන්න එකා කොහේ උන්නත් ඉගෙන ගන්නවා. මම ඔය කොයි දීපංකරෙත් ලග්ගහපු එකෙක්. මගේ අක්ක කෙනෙක් ගුරු මුල් ගුරු පත් වීම ලැබිලා ගියේ මාතලේ දිස්ත්‍රික්කේ දුෂ්කරම ගම්මානෙකට අපිත් ගියා කි.මී. 13 ක් පයින් යන්න ඕන අදත් තත්වේ ඒකයි. ඒත් ඒ ගමේ ඉස්කෝලෙට ගියපු කැම්පස් ගියපු අයත් ඉන්නවා. ප්‍රින්සිපලුයි කොල්ලොයි එකට වගා කොරනවා ඔක්කෝම කරනවා. ඒත් ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා. සමහර විෂයන් වලට පර්යේෂණාගාර අවශ්‍ය බව ඇත්තයි. ඒ කියලා ඉගෙන ගන්න එකා ටවුමෙ ඉස්කෝලෙට ඇවිත් හරි ඉගෙන ගන්නවා. උදාහරණ ඕන තරම්

      Delete
    2. අනික උඹ ඒ ඉස්කෝලේ ඉගෙන නෙමෙයිද අද ඉන්න තැනට ආවේ...

      Delete
    3. //ඉගෙන ගන්න එකා කොහේ උන්නත් ඉගෙන ගන්නවා.//
      ටිකක් විතර ඇත්තක් තියනබව ඇත්ත. ඒත් අඩු පහසුකම් නිසා "වඩා හොඳින්" ඉගනගන්න තියන අවස්තාව නැති තැන් ඕන තරම් තියනව. මං ගැන කියපු නිසාම කියන්නං මගේ තත්වෙ. මම කලේ ගණිතය. රසායන විද්‍යාව- භෞතික විද්‍යාව වගේ විශයන් ඉගනගන්න ඕන කරන කිසිදු පහසුකමක් අපේ ඉස්කෝලෙ තිබුනෙ නෑ. උසස්පෙලට රසායන විද්‍යාව උගන්නන්න හරිහමං ගුරුවරයෙක් හිටියෙත් නෑ.(ඒක වෙනම කතාන්දරයක්). සමහර විට ඒ පහසුකම් තිබුනනං අපිට මීට වඩා දුරට යන්න ඉඩ තිබුන. අනිත් කාරණාව තමයි "ඉගනගන්න එකා" කියල ජාතියක් නෑ. හැමඑකාම එකයි. අවශ්‍ය පෙළඹවීම ලැබෙනවනං ඉස්සරහට යනව. අපේ පැතිවල ඒකට තියන අවුල තමයි දෙමව්පියන්ගෙ නොසැලකිල්ල. අධ්‍යාපනයේ වටිනාකම නොදන්න බයියො ඕනතරම් අදටත් මෙහේ ඉන්නව. (මේ පිරිස නගරයට සාපේක්ෂව වැඩියි). ඒ කොහොම උනත් සම්පත් හිඟය නං බලපෑමක් තියනව.

      Delete
    4. පෙලඹවීමක් තියෙනවනම් ඉදිරියට යනවා කියන එකත් මම පිලිගන්නේ නෑ. ඔය දෙමව්පියන් මැරෙණ තරමට ළමයි පාස් වෙනවද. අද අම්මලා කී දෙනෙක්ට ක්‍රිකට් පිස්සුව ගහලා තියෙනවද, ටීම් එකට ගන්නේ වැඩිමෞනොත් 16. අන්තීමට අර ළමයට ඉගෙනුමත් නෑ. ක්‍රිකටුත් නෑ. ළමා කාලයත් නෑ. මචං මම පොල් අතු ඉස්කෝලෙත් ඉඳලා තියෙනවා රජ්ජුරුවන්ගේ එකෙත් ඉඳලා තියෙනවා. සමාජයේ හැම පන්තියේ එකාම ආශ්‍රය කරන වාසනාව මට තියෙනවා. කොළඹ දෙමව්පියෝ මැරෙණ තරමට ළමයි පාස් වෙන්නේ නෑ මචං. ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා. රෝයල් එකට ගියත්, ඉහල සමාජයවත්, පහළ සමාජයවත්, තමන්ගේ සමාජයවත් දන්නේ නැතුව අතරමං වෙච්ච උන් අනන්තයි අප්‍රමාණයි. ආනන්ද, නාලන්ද, ඩී එස් මහානාමත් එහෙමයි. ක්‍රිස්තියානී පාසල් වල වෙනම සංස්කෘතියක් යන්නේ.

      Delete
    5. "...ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා...." Peer pressure/influence වලට සෑහෙන බලපෑමක් කරන්න පුලුවන්. අද්දැකීමෙන් කියන්නෙ, හොදට ඉගෙන්නගන්න සෙට් එකක් දැකල පාඩම් කරන්න පටන් ගත්තු පිරිසක් ඉන්නව. තව තරගයක් තියෙද්දි උනන්දුව වැඩිවෙනව.

      Delete
    6. matahlan,
      hondata hoyala balala tharkayak idiripath karanna.oya poddak wata pita balala dakinna,ahanna game demapiyanda thamange lamayawa 5 wibhageta marawanne nagare demapiyanda kiyala.nagaraya kiyanne colombo witharak nemey.colombatama pudgalikawa garahanna oyata mokakma hari hethuwak athi bawa hangenawa mewa baluwama.anduwata banala liyala onima ekak kiyawala "pattai machan..niyama lipiya "kiyala oyawa polowen uda thiyala thiyenne methanata ena aya.
      game indan 5 wibhageta liyanna ithuru wenne duppath kiyala salakanna puluwan demapiyange lamai saha noyekuth hethu nisa gama dama enna nohaki demapiyange lamai.yamak kamak thiyena udawiya 1 panthiyedima lamaya aragena nagareta sankramanaya wenawa.game inna ayata 5 wibhage arenna wena wikalpayak na,e nisa e aya thamange daruwa bohoma wadipura wehesala eke pala nelagannawa.mukuthma weheseemak nokara wibhage maha ihalin samath wenne athi daksha buddiyak upathin pihitana daruwo..kalayath ekka parisarayath ekka ewani buddimathun thama thamane jeewitha goda naga gannawa,hondata ho narakata.mama ehema kiyanne 5 wibhage ihalin samath unu bohomayak daruwan e akarayenma ihalata yanawa dakinna amaru nisa.
      ithin lamayinge dakshathawayen usas adyapanayak labannata thiyena awasthwa demapiyan wisin muwahath karanawa.e karyaya anduwe ho colomba demapiyan ge keruwawak lesa pamanak dakina eka sadharana na.
      igena ganna eka igena gannawa kiyana mathaya pasu pasa sama demapiyekma sitagathahoth obatama balagathahakiy ehi prathipalaya.

      Delete
    7. මෙතන කොළඹය කියලා සඳහන් කර තියෙන්නේ නගරය කියන එක. කොළබ තත්ත්වෙටම තියෙන පාසල් තවත් තියෙන්නේ නුවර විතරයි, ගාල්ලේ පාසල් කීපයකුත් ඒ තත්වෙට පත් උනාට ඒවා අතර ක්‍රිස්තියානි සම්බවයක් තිබෙන පාසල් තිබුනත්. ඒවා වල දරුවන් සාමාන්‍ය පන්තියේ. ඔබේ අදහස් හ මම කිසිසේත් එකඟ වන්නේ නෑ. 5 වසරේ ශිෂ්‍යත්වය තියනවනම් දරුවන්ට මෙතරම් පීඩනයක් නොදිය යුතුයි. එහෙම නැතිනම් අඩුම වශයෙන් 8 පන්තියේදිවත් මේ අම්මාවරුන්ගේ තරඟය තැබිය යුතුයි. මගේ අදහස නම් ඔබත් මෙම තරඟයේ යෙදෙන්නෙක් බවයි. ඔබේ දැක්මෙන් නොව කරුණාකර දරුවාගේ පැත්තෙන් බලන්න. ඔබේ ප්‍රමාර්ථ ඉෂ්ඨ කර ගැනීමට අහිංසක දරුවන්ගේ ළමා කාළය බලහත්කාරයෙන් ලබාගැනීම ළමා අපචාරයක් බවයි මගේ නම් හැඟීම.

      Delete
  13. කතාව නං පට්ටපල් ඇත්ත. පොඩි කාලෙ මටත් ඔහොම හිතුන වාර අනන්තයි. බොක්කටම වැදුනා.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්නේ මේ පොඩි කාළේම මරන් කන එකට. අවුරුදු 15න් විතර පස්සේ ඕන එකක්.

      Delete
    2. "අවුරුදු 15න් විතර පස්සේ ඕන එකක්...."

      DITO

      Delete
  14. apith 5 sissaththe leewa eth mathaka vidihata iskolen dunna wada wagayak gedarin karanna ona kiyala ithin sellama kale naha e dawas 3 ,4k echcharai. dawasak keewa heta vibage laas thiwela enna kiyala ape amma wath thaththawath danne naha e gana passe dawasaka loku sir keewa menna pass wechcha lamai kiya ithin math e laisthuwe hitiya ethanadi keewa oya lamayata rajayen dena deemanawa labenne naha oyage piya rajye rakiyawak karana nisa habai nagare iskolekata yanna puluwan kiya ithin mama nagare thiyena balikawakata damma. mage lamaintath mata labunu nidahama dunna iskolen dena wada gana nawatha eyalagen ahanawa echcharai aluth vidihata monada igena gaththe kohomada kiya kiya denna kiyanawa ithin eken vitharai lamayage danuma manne e dennama panthiye hondin wada karanawa .

    ReplyDelete
    Replies
    1. ඔබ මවක් බවයි පෙනෙන්නේ. ඔබ වැනි බුද්ධිමත් මව්වරුන් අද හරිම අඩුයි. වැඩිපුර ඉන්නේ රේස් දුවන පිස්සියෝ ටිකක්. උන්ට හිතාගන්න බෑ මොන රේස් එකද දුවන්නේ කියලා. වෙන රටක නම් උන් ඔක්කෝම හිරේ. ළමා අපචාර වලට.

      Delete
  15. මාත් පාස් උනා ඒත් ඉස්කෝල මාරුවක් ගැන මං අකමැති කිව්වම අම්මල බල කලෙත් නෑ! මගේ යාලුවා ගියා කොලඹ ඉස්කෝලෙකට.ඌ උදේ 5ට ගිහින් හවස 5ට එන්නේ! උගේ ජීවිතේ භාගයක් ඉස්කූල් වෑන් එක ඇතුලේ! කරපු බාහිර වැඩකුත් නෑ! අපරාදේ ඉස්කෝල ජීවිතෙ! මං අනිත් පැත්තෙන් කරපු හැම රෙද්දම කරලා දැන් දෙයියනේ කියලා ඌ හා සමානවම ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ උදාහරණ. මේ ඉන්නේ ඩොක්ටර් කෙනෙක්..

      Delete
  16. හොඳම ලිපියක් දිගු කමෙන්ටුවක් දාන්න ඕන වුණත් වෙලාව මදි ඉන්නේ කාර්යාලයේ නිසා.

    ReplyDelete
    Replies
    1. හැම දේකටම වඩා රාජකාරිය උතුම්නේ.. අවුලක් නෑ...

      Delete
  17. මාතලං අයියා අද සටහන ලියලා තියෙන්නේ පෑනකින් තීන්ත එනවා වගේ හරිම හොදයි.අකුරක් නෑර කියෙව්වා.
    මාතලං අයියා අද සටහන ලියලා තියෙන්නේ පෑනකින් තීන්ත එනවා වගේ හරිම හොදයි.අකුරක් නෑර කියෙව්වා.
    //අම්මා බල පුලුවන් අය එක්ක නිදාගෙන, ළමයි මේවාට දාන්නේ, //
    මේ කතන්දරේ ඇත්ත බවට සාක්‍ෂිත් තියෙන්නේ ඕන තරම්.
    ඇත්තටම ශිෂ්‍යත්ව විභාගෙ නිසා පුංචි ළමයින්ට ළමා කාලයක් නැති තරම්.ළමයි උනාම ටිකක් සෙල්ලම් කරලා විනෝද වෙන්නත් ඕනෑ..දැන් ළමයින්ට කොහේද සෙල්ලම් කරන්න වෙලාවක්..අනික අපි අහල තියෙන හැටියට ඉස්කෝලෙදියි ගෙදරදියි නිදහසක් නැතිව පාඩම් කරන ළමයින්ට වඩා සෙල්ලම් කරන ගමන් පාඩම් වැඩ කරන ළමයින් අධ්‍යාපනෙන් ජය ගන්නවා.
    අද පත්තරේ දාලා තිබුනා අත් නැති පුංචි ගෑනු ළමෙක් කකුලෙන් පෑන අල්ලලා ශිෂ්‍යත්ව විභාගේ ලියලා ජය අරගෙන...

    ReplyDelete
    Replies
    1. මම කොමෙන්ට් එකක සඳහන් කළා ඒ ගැන. ළොක්කා සලකයි වගේ කෙල්ලට.

      Delete
  18. දැරීවිගෙ උත්සාහය හරිම අපූරුයි. ඒ දැරීවිගෙන් මම මාව දැක්කා වගේ... ඔය වගේම පරිසරයක ඉදන් මම ශිෂ්‍යත්වය ලියද්දී...අපේ අම්මට මාත් එක්ක රේස් දුවන්න වෙලාවක් තිබ්බෙ නෑ. රේස් එක මම දිව්වෙ තනියම...මේ කෙලි පැටියත් එහෙමයි කියලා මට හිතෙනවා....සුබ පැතුම් එක්ක අපි හැමෝගෙම ආශිර්වාදය පොඩි එකීට ලැබෙන්න ඕනේ...

    ශිෂ්‍යත්වය කිව්ව ගමන් ඇත්තටම මට මතක් වෙන්නේ අම්මලාගෙ රේස් එක... එකාට එකා පරදින්න කැමති නැතුව ළමයිනුත් ඇදගෙන කරන්න විකාරය...අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. උන්ට පිස්සු, ඉස්කෝලේ දාන්න දුවනවා, ඊට පස්සේ ඉස්කෝලේ දුවනවා. ඒ ලෙවල් කොරන කොටත් ඉලංදාරියා එක්කත් ඉස්කෝලේ යනවා. ක්‍රිකට් පස්සේ දුවනවා, හවුස් ඔෆ් ෆැෂන් දුවනවා, බියුටි පාලර් එකට දුවනවා, සාරි ගන්න දුවනවා, මුන්ට පිස්සු.. අංගොඩ ඉන්න ඕන උන් එලියේ..

      නිකන්ද කියන්නේ
      "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු"

      Delete
  19. කතාව ඇත්ත. ඔක්කොටම කලින් ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ.ඒක වෙනස් නොකර අනිත් දේවල් ගැන කතා කරලා වැඩක් නෑ මං නම් කියන්නේ. එතකන් මේ ළමයි, දෙමාපියන් මේ එක්සෑම් පස්සේ පිස්සුවෙන් වගේ දුවයි, දුවවයි.

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන් පාසල් එන එක නවත්තන්න ඕන ඔක්කෝටම ඉස්සෙල්ලා. එහෙම නැත්නම් ළමයි රස්සාවට යවලා. (ගොඩක් උන් දෙරණේ, සිරසේ ඒකත් කරණවා නේ.) අම්මලා ඉස්කෝලේ යැව්ව නම් ඉවරයි. සර්ලටත් ආතල් එකක් තියෙයිනේ.

      Delete
  20. බුදු අම්මේ මාතලන් ගං කබරයෝ ගැන නම් කතා කරන්න එපා. (මමත් ගමේ එකෙක් තමයි). මහා කබරයා කරන වින්නැහිය දැක්කහම ගම ගැනත් අපටම ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. අපේ වැරදි ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ බන්. කට ඇරපන් ශිෂ්‍යත්ව සහතිකයක් කටේ ඔබන්න.

      Delete
  21. දැරිවිගේ උත්සාහය සිරාය.

    තිත්වත්තෙට වඩා ඉහල විභාග ගොඩ දාන උන් අඩුයි.. ගොඩ දැම්මත් කොස්සක්නේ..

    ReplyDelete
  22. " හොඳටම පාස් දරුවෝ ටියුෂන් ගිහිල්ලාම නැත"

    හොදටම පාස් අය කියන්නේ සිරා මීටර්. ඉස්කෝලේ යවන්න ඔනේත් නෑ එහෙනම්. පොත් ටික විතරක් දුන්නත් පාඩම් කරලා ලියයි. හැබැයි ඒක බලාගෙන සාමාන්ය මට්ටමේ ඉන්න ලමයි ටියුශන් යන්නේ නැති එක මෝඩකමක්.
    මට උනත් කැම්පස් යන්න පුලුවන් උනේ ටියුශන් පිහිටෙන්.
    කොලබ ලොකු ඉස්කෝලෙකට ගිය එක නමට පස්සෙ වටිනවා. හැබයි එක්සෑම් එක ගොඩ දාගත්තේ ටියුශන් වලින්

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලවල උගන්වන්නේ නැතුව මළ විකාර කරණ කොට ටියුෂන් සරණ ඇර වෙන කුමක් කරන්නද. හැම එකාටම ඉන්ඩිවිජුවල් ගන්න සල්ලි නෑනේ. මහ ළොකි නිදහස් අධ්‍යාපනේ..

      Delete
  23. ශිෂ්‍යත්වය =අම්මලාගේ විබාගය
    දැන් අවතාර් එක්ක බෝඩිමේ ඉන්න උන්ගෙන් බැජ් ටොපාවත් සිස්සත්තේ පාස් වී නැත

    ReplyDelete
    Replies
    1. ඔය දරුවන්ගෙන් වැඩි පිරිස ළොකු ඉස්කෝලවලට ආවයින් පස්සේ අතරමං වෙනවා අත්දැකීමෙන් කියන්නේ.

      Delete
  24. හොද ලිපියකි.

    ReplyDelete
  25. බොහොම අගේ ඇති ළිපියක් මහත්මයා. මේ සියළුම දේ සහතික ඇත්ත. අපේ ගම් පලාත්වල නම් තවම් ඔය ලෙඩේ බෝවෙලා නොමැති උනත්, සිදාදියේ මේ විභාගය මව්වරුන්ගේ විභාගය ලෙස හඳුන්වන බව මමත් අසා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ගම් වලත් නැත්තෙම නැතුවත් නෙමෙයි නේද ළොක්කෝ.. ඔය විභාගේ දවස් කිට්ටුව මම හිටියේ අනුරාධපුරේ මගේ අම්මේ දෘවිත් අරන් යන යැවිල්ල. බෝධි නාවන්න.. කාට කියන්නද.. අම්මට තාත්තට වඳින කිට ලැබෙන ආශීර්වාදය වෙන කොතනකින් වත් ලැබෙනවද...?

      Delete
  26. පෝස්ට් එක වගේම...

    //ඉස්කෝලවල උගන්වන්නේ නැතුව මළ විකාර කරණ කොට ටියුෂන් සරණ ඇර වෙන කුමක් කරන්නද. හැම එකාටම ඉන්ඩිවිජුවල් ගන්න සල්ලි නෑනේ. මහ ළොකි නිදහස් අධ්‍යාපනේ..//

    ඔන්න ඔය කොමෙන්ටුවත් හිතට අල්ලලා ගියා... දිගු කතාවක් කියන්න ඕන තැනකදී අපේ අය කෙටි කතාවකින් හැම එකම තීන්දු තීරණය කරන්න හදන එකේ වරද කාටවත් පේන්නෙත් නැහැ..පෙනුනත් ඒ ගැන අවධානය යොමු කරන්නෙත් නැහැ...

    නිදහස් අධ්‍යාපනය යනු කුමක්ද..? මාතලං දන්නවද මේක ඇත්තටම මොකක්ද කියලා..? මංදා මංනං මඤ්ඤං වෙලා ඉන්නේ ඕක ගැන හිතලා... මේ දවස්වල අර සීයට හයත් එක්ක මං ඕක ගැන හිතනවා සෑහෙන්න... පුළුවන්නං මාතලං ලොක්කෝ උඹවත් මට කියා දියං... ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා...

    ReplyDelete
    Replies
    1. මචෝ ඕක ගැන මගේ විග්‍රහය නම් පොතක් ලියන්න වෙනවා. ඒ නිසයි මම ඔය ගැන සහ ලාංකික දේශපාලනය ගැන නොලියා ඉන්නේ. අන්තිමේදි එකෙක් වත් බොග බලන එකක් නෑ. ඒත් කෙටියෙන් කියනව නම් සුද්දා එන්න කලියෙන් සාමාන්‍ය උන්ට අධ්‍යාපනයක් තිබුනේ නෑ. ඒ තියා සමහර පලාත් වල සුද්දා රට පාලනය කරද්දිත් පුළුවන් කම තියෙන එකෙකුටවත් වරිච්චි බිත්ති ගහලා උළු දාපු ගෙයක් හදා ගන්න නොදීපූ කාළකන්නි රටක් මේක. මොළේ මීටර් මේ අසාධරණය දිරවන්නේ නැතුව හිටපු උන් සුද්දට ලේසියෙන්ම බාගන්න පුළුවන් උනා. උන් උන්ගේ පාලනය ගෙන යන්නයි, ආගම පතුරවන්නයි දරුවන්ට නිකන් ඉගැන්නුවා. දක්ෂ උන්ට එංගලන්තේ විස්ස විජ්ජාල වලට යන්නත් චෑන්ස් එක දුන්නා ඒ පසු කාළේ. මුල කාළේ ඔය සීන් එක දැකපු උඩරට රජ්ජුරුවෝ බැලුවා සාමාන්‍ය එකා ඉගෙන ගත්තොත් විනාසයි. ඒක නිසා අපිත් නිකං උගන්නන් ඕන කියලා බල්ලට දාපු බුද්ධාගමත් සියමෙන් ගෙනත්. හාමුදුරුවන්ට කිව්වා ගමේ උන්ට පන්සලේ උගන්නන්න කියලා. එයාලා ඉගැන්නුවේ තොපි හරි පවු කාරයෝ ඒකයි තිපි දුප්පත්. රජවරු වෙන්න නම් තොපි රජවරුන්ටයි අපිටයි කඹුරන්න ඕන එතකොට තොපිත් ලබන ආත්මේ රජවරු වෙලා උපදිනවා කියන බයිලා. පස්සෙන් පහු තමයි ඕක පරිණාමය උනේ. කන්නංගර මහත්තයා මාර ගේමක් දීලා තියෙනව ඔය මධ්‍ය මහා විජ්ජල ඇති කරන්න. ඒ ගැනත් පොතක් ලිව්ව ඇහැකි. අපේ උන් බැරිම තැන බෞද්ධ ඉස්කෝලෙත් ඉන්ගිරිසියෙන් උගන්නන පටන් ගත්තා. මේක සාර්ථක උනා. මේ යන සෙල්ලම හරියන්නේ නෑ පොල් කඩන්නත් එකෙක් නැතිවෙයි කියලා බන්ඩාරණයක් මහත්තයා ඒකත් කෑවා. ඒ පව තමයි අදටත් විඳවන්නේ. මම පොතක් ලියමින් ඉන්නේ මේ ගැන. පුළුවන් උනොත් පබිලිස් කොරනවා. ඔය් ඉතාමත් කෙටියෙන්...

      Delete
    2. අන්න හරි මචං දන් නැති දේවල් දන්න කෙනෙක් ගෙන් අහගන්.නිකන් ගොන් ජෝක් එකක් නොවී නොදන්නා දේවල් ගැන පණ්ඩිත ටෝක් දීල.උඹලයි ගමේ හිටපු ජෙප්පෙක් නිසා සමස්ත JVP එක ගැන උඹ හිතන විදිහ වගේම උඹට උගන්නපු ටීච නිසා සමස්ත නිදහස් අධ්‍යාපනයත් එහෙමයි කියල හිතන එකෙන් උඹ ගැන අර මාලන් සහෝදරයා දීපු සැටිපිකට් එක තවත් සැටිපයි වෙන එක විතරයි වෙන්නෙ.බණ්ඩාරනායක ගොයියා සිංහලෙන් උගන්නන්න ගත්තු එකේ නරක ප්‍රතිවිපාකයකට උදාහරණයක් තමයි උඹත් !

      Delete
    3. " මේ යන සෙල්ලම හරියන්නේ නෑ පොල් කඩන්නත් එකෙක් නැතිවෙයි කියලා බන්ඩාරණයක් මහත්තයා ඒකත් කෑවා....."

      මේක කිව්වෙ බණ්ඩාරනායක නෙමෙයි ජෝන් කොතලාවල. හැබැයි දෙන්නම මුලට "සැන්ට්" තියෙන් ඉස්කෝල්වලට ගියපු ඈයො!

      Delete
    4. ඇත්ත මේක් කිව්වේ ජෝන් මහත්තයා තමයි ඒත් එයාලා මේවා නැති කරන්න ගියේ නෑ. උගත්කම රටක දියුණුවට අත්‍යාcඅශ්‍ය කාරනයක් ලෙසයි සැලකුවේ. එහෙත් දුප්පත් එකා දැණුවත් උනොත් උන්ව අන්දන්න බෑ කියල නියමෙටම දැන ගත්තේ බන්ඩාරනායක මහත්තයා. ඒ ඇරෙන්න කාළකන්නිම ක්‍රමයක් වන ජාතියටයි ආගමටයි ටච් කරෙත් එයා තමයි. සිංහල අයගේ.

      Delete
  27. කතාව ඇත්ත අයියා

    ReplyDelete
    Replies
    1. සමහර අය පිලිගන්න කැමති නෑ.. ඇත්ත තිත්තයි නේ..

      Delete
  28. ඒ දුෂ්කර පාසැල් තව දියුනු කලානම් මීටවඩා හොඳ ප්‍රතිපල ඉස්සරහට බලාගන්න පුලුවන් වෙනවා සුවර්ය

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒත් මේ ආන්ඩුවට අවශ්‍ය ඒවා වහලා දාන එක.

      Delete
  29. පහේ ශිෂ්‍යත්වේ හොඳ වගේම නරකත් තියෙනව.ගමක දරුවෙකුට හීනයක් වෙන හොඳ පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙන එක තමයි ලොකුම වාසිය.හැබැයි මම නම් හිතන්නේ මේක අඩුම ගන්නේ අටේ නැත්නම් නමයෙ ශිෂ්‍යත්වේ උනා නම් දරුවන්ට අඩු ගානෙ රේස් අස්සයෙකු නොවන ළමා කාලයක් වත් තියේවි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස හා එකඟවෙමි..

      Delete
    2. හපො එතකොට ඒකට පොඩි පන්තියේ ඉඳලා නමයෙ පන්තියට යනකන් රේස් එක තියේවි.

      Delete
  30. ඒ කාලේ සහ අද කාලේ සංසන්දනය කරන්න එනම් අමාරුයි . ජනගහනය වැඩියි . තාක්ෂනය දියුණුයි. තොරතුරු ලැබෙනවා වැඩියි. තරඟය වැඩියි. පොඩි උන්ව කන එක වැරදියි. ඒ වුනාට හැමතැනම ඔහොමයි. විශේෂයෙන් මේ නැගෙන හිර කලාපය අන්තිමයි. යුරෝපය නම් එහෙම නැතුව ඇති. ළමයි පව් .

    ReplyDelete
    Replies
    1. මම කතාකරන්නෙත් දරුවන් වෙනුවෙන්. මේවා තේරෙන්න නම් ඒ දරුවන් එක්ක කතා කරන්න ඕන. පිස්සියෝ වගේ ඉන්න අම්මලා එක්ක කතා කරලා වැඩක් නෑ.

      Delete
  31. මමද ගම් තලගොයෙකි.........දන් කැම්පස්ය....
    ඔබ සමඟ එකඟ වෙමි............
    පොඩි කාලේ කෑලෑවල තේ වතුවල ඇවිදිමින් ලැබූ නිදහස් සුවය ජීවිතයේ බොහෝ ජයග්‍රහණ වල ඉවහල් වූ බව නොකිවමනයා.

    ReplyDelete
    Replies
    1. අපේ ගොනුන් සිතන්නේ ශිෂ්‍යත්වය පාස් උනාම ඔක්කෝම හරි කියාය. ඒත් එම දරුවන් තව දුරටත් දරුවන් නොව පිස්සන් නම් ඉන් ඇති ඵල කිම.

      Delete
  32. අපේ කාලේ සිස්සත්තයක් තිබුනා හතේ පංතියේදී....ආවා ගියා..දන්නෑම නෑ..මම ලිව්වේත් අන්තිම මොහොතේ...ඊට දවස් දෙක තුනකට කලින් අම්මා බුද්ධි පරීක්ෂණය කියලා පොතක් ගෙනත් දුන්නා ප්‍රැක්ටිස් කරන්න. විභාගෙට හිටියෙත් ලමයින්ගෙන් බාගයටත් වඩා අඩුවෙන්. පාස් උනා කියලා දන්නේ මාස හය හතකට පස්සේ සහතිකයක් ඉස්කෝලෙ ඔෆිස් එකෙන් ගන්න කියලා කවුදෝ කිව්වට පස්සේ.

    මගේ නංගිගෙ කොලුවා ඔය විභාගෙ ගිය අවුරුද්දෙද කොහෙද කලා.. කොලුවා කිසිම ලක ලෑස්තියක් නැතුව ගිහින් 90ක් අරගෙන තිබුනා...ඒ මදෑ..

    ReplyDelete
    Replies
    1. ඔය කතන්දරේම තමයි මමත් කියන්නේ. මේවා ළමා අපචාර..

      Delete
  33. මට නම් අම්මල මැරීගෙන ඉගෙනගන්න කිව්වේ නැහැ.එහෙම කිව්වනම් මම කරන්නෙත් නැහැ.බලෙන් කරවද්දී ඉගෙනීම එපාම වෙනවා..නමුත් මම ඉගෙනගත්තා..

    ReplyDelete
    Replies
    1. ඔහොම මරවලා උගන්වන ළමයි දෙමව්පියන්ට ආදරය නෑ. ඔවුන් හා වෛරයකින් පසුවන්නේ. රට අත් ඇරලා යන වැඩි පිරිස ඔවැනි ළමුන්...

      Delete
  34. අපේ ගෙට එහා පැත්තෙ කොල්ලත් භාගෙට මලා සිස්සත්වෙ ලියලා... හොද ලකුණු ඒකා විභාගෙන් ගත්තත් උන්ගෙ අම්මට ඒ මදිය කියලා නිතරම ගෝරනාඩුව... අනේ අනිච්චේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කරුමේ කියන්නේ. දැන් අළුත් සෙල්ලමක් හදාගෙන කොහොම හරි ටී වී පත්තරේ වැටෙන විදියටත් පාස් වෙන්න. අපේ කාළේ ඔහොම මළ විකාර තිබුනේ නෑ. මේ රටේ වෙන කාළකන්නි වැඩවලට ජඩ මාධ්‍යවේදියොත් වග කියන්න ඕන සෑහෙන්න.

      Delete
  35. බලෙන් උගන්වන අම්මලාගේ විභාගේ කියලනේ ඔය සිස්සත්වෙට කියන්නේ... ළමයින්ගේ ළමා කාලේ නැති කරලා දුවන ඔය රේස් හින්දාම තමයි ළමයි එක එක වැරදි වැඩ වලට එක පාරම යොමු වෙන්නේ.... පන්ති පන්ති රටේ තොටේ ඇවිදලා ඉගන ගන්න දෙයක් ජිවාත් වෙන හැටියක් තේරුම් ගන්න දන ගන්න ඒ ළමයින්ට විදිහක් නැ....

    මොනවා උනත් මාතලන් අන්තිමට කියපු කතාව 100%ක් එකගයි

    ReplyDelete
    Replies
    1. මම මේ දරුවොත් එක්ක කතා කරලා තියෙනවා. ඔවුන් වැඩි පිරිස ඉන්නේ දැඩි මානසික අසහනයකින්.. ඉතුරු ඒවුන්ගේ බ්‍රේන් වොෂ් කරළා තියෙන්නේ. මේ තමයි ළමය කළ යුතු දේ කියලා..

      Delete
  36. ""ඔය ඉහලින් පාස් වෙන ළමයි, ඒ ඉස්කෝළවලම තියලා ඉගැන්වුවාම ඉවරය. ඒවාවල පහසුකම් නැතෙයි කියන්නේ පට්ට බොරුය. එහෙම නම් ඒ ළමයි පාස් උනේ කොහොමද කියලා කියන්න ඕනෑය. ""

    මාතලන්ගේ මේ කතාව ආන්ඩුව අරගෙන යන ආධ්‍යාපන කප්පාදුවට හොඳට උඩ ගෙඩි දෙන කතාවක්. එකඟ විය නොහැක.

    මේ වෙන කතාවක්. - මගේ බ්ලොගය සම්බන්ද කර ගන්න කියලා සින්ඩි කීපයකටම , ඔබගේ සින්ඩියටත් ඇතුලුව, කිසිවෙක් මගේ බ්ලොගය ඇතුල් කර නැහැ. ඔබ එය්qඅ දකින්නේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. ඔබේ අඩවිය කාළීණ හා දේශපාළණ යටතේ ඇතුලත් කළා. ඔබේ ඉල්ලීමක මට ලැබි නොමැත. හැකිනම් එම ඉල්ලිම ෆෝවඩ් කරන්න haapyjay65@gmail.com යන ළිපිනයට. කෙසේ වෙතත් ඔබේ බ්ලොග් අඩවිය ඉතා උසස් අඩවියක් බව සඳහන් කිරීමට කැමතියි

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න