.

.

Sep 25, 2012

බූරූවෝ හා සඵල අනාවැකි - Political Donkeys & Real Fortune Teller

This is not Berty. This is a baby.

එළුවගෙ මොකක්ද එක වැටනම් බලගෙන උන්න විපක්ෂයේ කොටළු රැලටයි. හීන් ආතල් එකක් ගන්න බලාගෙන ඉන්න ජඩ මාද්දියවෙදින්ඩයි, සන්ධානෙම, කර අඹපු උන්ටයි, ලොක්කා ගෙදෙට්ටම එන්න කියලා බඩ කට පිරෙන්නම, එළු බෙටි විද්දේය. මට දුක, මුන් එකෙකුටවත්, වෙන්නේ මේකයි කියා තේරුම් ගන්නට, අබ ඇටයක් මොලයක් නැති එකය. ලොක්කත් එක්ක ඡන්ද කිරිල්ල එයා විපස්සේ ඉන්න කාලෙත් අමාරු වැඩක් කියා දන්නෝ දනිතිය. එහෙව් එකා සක්විති රජා උන් කල්හී තවත් කවර කතාද. ඉස්සෙලම ජෙප්පොයි, අලියි, සන්ධානෙම උනුයි, හකීම් දිහා කට ඇරගෙන බලන් ඉඳ, පස්සේ හකීම් ගේ අම්මා නැති කලේය. ඊට පස්සේ, බර්ටි 120 ක් එක්ක ගෙදර යනකන්, කට කන අයාගෙන බලාගෙන උන්නේය. ඔය මළදාන වෙන විදියටම මාතලන් කලින්ම කීවේය.

දෙමළ කට්ටිය, ලොක්කට අගේන්ස් කියා, ලොක්කා දන්නවාය. පිල්ලෙයාන්ලත් නෝන්ඩිය, ඒ නිසා සන්ධානෙට බඩු ෂුවර් බව ලොක්කා දන්නවාය. දඹුල්ලේ පල්ලියේ කේස් එක නිසා මුස්ලිම් කෂ්ටියත් ඉන්නේ මල පැනලාය. ඒ නිසා ලොක්කා කලින්ම ගේමක් ඇඹරුවේය. එනම්, මුස්ලිම් කොන්ග්‍රස් එක වෙනම ඉල්ලන්න දැමීමය. ඒ මදිවාට, ලොක්කත් කවදත් මාකට් කරන ආගමයි ජාතියයි, එකසිය ගානට මාකට් කරන්නෙයි කියා උන්ටත් කිව්වේය. මේ ගේම ගැන මම නම් කලින්ම බුවා ගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දැම්මේය (මෙතනින් බලන්න.)
(උපුටා ගැන්ම)

  1. එක දෙයක් ඇර අන් සියල්ලටම එකඟ විය හැකියි. සැකයක් තිබෙන්නේ මුස්ලිම් කොන්ග්‍රසය, එජාපය හා දෙමළ සංධානය එක්වී පාලනයක් ගෙන යාම. මගේ මතයේ හැටියට ලොක්කා මේ දේ නම් කීයටවත් වෙන්න දෙන්නේ නෑ. අනිත් පලාත් සභා දෙක පැරදුනත් සංධානෙට අවුලක් නෑ. ඒ දෙක කීයටවත් පරදින්නෙත් නෑ. පරද්දන්න පුළුවන් උන්ට ඒ ගැන් උවමනාවකුත් නෑ. මහ ඇමතිලත් උන්ම තමයි. නමුත් නැගෙනහිර තමයි ළෝකයාට පෙන්නන්න ඕන. ඉතින් ඒක හොඳින් හෝ නරකින් හෝ ලොක්කා ගන්න එක ගන්නවමයි. මුස්ලිම් කොන්ග්‍රස් එක ගෙනියන ගේම මම හිතන්නේ ලොක්කගේ ප්ලෑන් එකක්. වඩාත්ම සැක ඔඩොක්කුවේ හිටපු අසාද් සාලී නිසා. ඒ නිසා ගහෙන් ඉල්ලන අය ගහේ සෙවන කෙසේ වෙතත් සාටකේ සෙවනට සෙට් වෙනවාමයි. මුදලට හෝ. මතක තියාගන්න, මුස්ලිම් අය වෙළඳාමට කප් ගහපු අය කියන එක.
    ReplyDelete

    Replies





    1. ඔබේ තර්කය මාත් පිලිගන්නවා බලමු මොකෝ වෙන්නේ කියලා , කොහොම වුනත් සැලකිය යුතු බලයක් මුස්ලිම් කොංග්‍රසයට ලැබුනොත් සංධානයට හේත්තු වෙනවාට වඩා දෙමල සංධානය හෝ එජාපය එක්ක එකතු වෙන එක මුස්ලිම් කොංග්‍රසයට දිගු කාලීනව වාසියි
 (උපුටා ගැන්ම අවසන්)
 ඒකට නියම බඩුවක් දැන් ලොක්කා ළඟ ඉන්නේය. ඒ "අසාත් සාලි" ය. එයා, ඡන්දෙන පස්සේ හකීම් ආන්ඩුවත් එක්ක එකතු උනොත්, ඉර පායන පැත්තේ එන්න දෙන්නේ නෑ කියපු අයියා, අද හොයා ගන්නවත් නැත. කාත් කවුරුත් මේ ටික මතක තියා ගත්තොත් හොඳය. මුස්ලිම් කෂ්ටිය වෙළදාම ෂදහා මෙහෙ ආපු කෂ්ටියය. ඒ නිසා අදත් හොඳ ගානකට විකුනන එක, එයාලාට මාරම ලේසිය. දැන් කෑ ගහන මුස්ලිම් එකෙකුත් නැත. හෙට හකීම් නැගෙනහිරට ගියත්, අස්සලාම් මලෙක්කුම් කියා මූනත් ඉඹිනවාය.

තවත් පට්ට ඩ්‍රාමා එකක්, 2005 දී ලොක්කට ගේම් එක ඇදපු උන්, එයා ඉන්දියාවේ ගිය වෙලාවේ පෙන්නුවේය. ඒ බර්ටි ලොක්කාගේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකය. ඇස් ඇම් චන්ද්‍රසේන, රෙසිග්නේසොන් දුන්නේ ලොක්කා මෙහෙ ඉඳිද්දී, ලොක්කාගේ අතටමය. ඒ වෙලාවේ කටයි පුකයි වහගෙන හිටපු බර්ටි මහත්තයා ෆෝම් කළේ, පංච මහා බලවේගේ ලොක්කව දිරනවන්නේ නැති හාල්පාරුවෝ ටිකය. බර්ටිත් ලනුව එකසිය ගානට කෑවේය. එයා හිටියේ ඡන්දෙටත් කලින් ලොක්කගෙන් කැපිලාය. පොර බැලුවේ අනුරාධපුරේ පොන්නයන්ට දාන පාට් දාලා, ලොක්කා බය කරන්නය. එහෙම කොරන්න ගිහින් ඉල්ලගනෙම කෑවේය. ජනරාල වත් ගනන් ගන්නේ නැති එකා, බර්ටිලා කෑ ගහන කොට පස්චාත් ප්‍රදේශයෙන්ම හිනා වෙනවා ඇතිය. දැන් ඉතින් ගෙදර යන්න වුනත්, කරන්න දෙයක් නැතිය. පුතාටවත් ඉන්න දීලා, උන්නැහේ බව්වා වගේ උන්නොත් හොඳය. නැත්නම් ඉතින් පුතාටත් අබ සරණමය. මේ දේ ගැනත් මම කලින්ම කියුවේය. (මෙතනින් බලන්න.)
(උපුටා ගැන්ම)
  1. "සෑර්... සෑර්... කවුද සෑර් මහ ඇමති....? "

    මේකට දෙන උත්තරේ තව ටික දවසකින් අපි දැන ගන්නවනේ.. හැබැයි එතනදි නම් ලොක්කා ඇන ගන්නවමයි මට හිතෙන හැටියට..
    ReplyDelete

    Replies




    1. පිස්සුද මචන් ලොක්කා පුරුදු කරලා තියෙන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න සිස්ටම් එක. වෙනසක් නොවෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. වෙනසක් උනත් නෝ ප්‍රෂ්, නැගෙනහිර මුස්ලිම් ආසන කියන්නේ වෙළඳ භාන්ඩ ඒවාට වෙන්දේසියේදි ලැබෙන වටිනාකම අනුව මහ ඇමතිකම තෝරයි. මම අනාවැකියක් කියන්නද. මුස්ලිම් එකෙක් නැගෙනහිර මහ ඇමති වෙනවා.
      Delete
    2. නැගෙනහිර විතරක් නෙමේනේ.. ඇයි උතුරු මැදටත් කෙළවිලා තියෙන්නේ..
      හිටපු එකා බර්ටිට දෙන්නද?.දිනපු එකා රංජිට දෙන්නද?. උන් දෙන්නටම නැතුව පොළොන්නරුවෙ පී.බී දෙන්නද?

      නැගෙනහිර මුස්ලිම් වටිනාකම වැඩිවෙන ලකුණු දැනටම පේනවා නේ!!!! ඔන්න සම්බන්ධන් එක්ක හකීම් එක්කහු වෙන්නලු යන්නේ...
      Delete
    3. උඹලැයි පැත්ත බොහෝ වෙලාවට බොර්ටිටම දෙයි. මොකෝ ඌට ඇස් එල් ඇෆ් පී එකේ උන්ගේ සප් එක අම්බානට තියෙනවා. මොකද බෝර්ටියි දී මූ යි දෙන්නම කපලා දාන්න බෑනේ. එක්කෝ බොර්ටී. එක්කෝ දී. මූ. මම නම් ලොක්කට උපදෙස් දීලා තියෙන්නේ. බෝර්ටිට මහ ඇමති කම දෙන්න කියලා. එ කෙසේ වෙතත් කවුරුත් ලොක්කා එක්ක තරහ වෙන්නේ නෑ. එහෙම බෝර්ටි කැපුනත්. ඒක පුතාට වාසියක් වෙයි.
      Delete
 (උපුටා ගැන්ම අවසන්)
ලොක්කා හිතන් උන්නේ බර්ටියා ජාතික ලැයිස්තුවෙන් දියවන්නාවට ගෙනත් සීනියර් පෝස්ට් එකක් දෙන්නය. ඒ පිළිබඳ සියළු දේ ලක ලෑස්ති කර තිබුනේය. මාලනි අක්කා ඉල්ලා අස්වන්නේ ඒ අනුවය. එහෙත් අනුන්ගේ ගුලි කා බෝර්ටි ලොක්කාට තග දාන්න ගිය නිසා මළ පැන්න ලොක්කා. ඒ වැඩේ කැන්සොල් කොලේය. බෝර්ටිට තියෙන්නේ වහ ටිකක් බී ඉක්මනට මැරෙණ එකය. එතකොට එයා මහ ඇමති කම නැතුව ජීවත් වූ කාළය ඉතා කෙටි කාළයක් වන්නේය. එසේ නැත්නම් ඉතින් මැරෙනකම් ඇස් ඇම් ලාට කිච වෙවි ඉන්න වෙනවාය. බෝර්ටිගේ මැරයෝ ඇස් ඇම්ලාට සෙට් විනොත් හොඳය, නැත්නම් ඉතින් උන්ටත් අබ සරණය.

බොහෝ විට, ඇස්, ඇම්ට,  ආයෙත් මිනිස්ට්‍රියක් දෙන එක දෙනවාමය. මොකෝ එයා ලොක්කාගේ පොරක්ය. බර්ටිලා මැඩම්ගේ කෂ්ටියය. උන්ව ලොක්කාට දිරවන්නේ නැතිය, ඊට වඩා සර්කස් පෙන්නන අලියන්ට ලොක්කා ආදරේ ඒ නිසාය. ඒ දේශපාලනයේ හැටිය. ආන්ඩුවට ඡන්ද ටිකක් අඩුවෙන්නට, ප්‍රේමදාස පුතා දුන්න ගේම් එක හේතුවක් උනේය. ඒ උනාට, සීන් එකේ අප්සට් එක, පොර තනියෙන් රජ වෙන්න යන එකය. අනික් උන්ට ගේම දීලා පොර පාර හදාගන්නවාය. ඒක, එයාගේ පැත්තෙන් හොඳය. ඒ උනාට බලේ ලබා ගන්න පුළුවන් ගේමක් නෙමේය. තනියෙන් ගිහින් හරියන්නේ නැතිය. ටීම් එකක් ඉන්න ඕනෑය. ඒත් මෙයා ටීම් එකේ උන්ගේ බෙල්ලෙන්ම කපාලා, සද්දේ වහගෙන සිටිනවාය. කරූ, දයාසිරි, රෝසී, තලතා, සුජීව, බුද්ධික ලාට අද ආගිය අතක් නැත්තේ ඒ නිසාය. එයා ටීම් වර්ක් උගන්වන තැනකට ගියොත්, අලියන්ටත් හෝප් එකක් ඇතිකර ගත හැකිය.

මිනිස්සු බලන්නේ යුද්දේ ඉවර කරපු එකය. ඒක තවමත් මාකට් කරන්න පුළුවන්ය. ඇත්තටම රජ රට පැත්තේ උන් නිදාගත්තේ කැලේය. බස් එකේ යන්න බයය, කෝච්චියේ යන්න බයය, පොඩි එකා ඉස්කෝලේ යවන්න බයය, කොටින්ම, සිරි මහ බෝධිය වඳින්න යන්නත් බයය. ඒ මොකෝ කොටියා ඇවිත් පන පිටින් නිවන් යවන නිසාය. එව්වා මිනිස්සුන්ට මතකය. අනික ඔය පැතිවල උන්ට කොළඹ උන් වගේ, එක එක මනස්ගාත ඔලුවේ නැතිය, උන් ඇවිත් දෙන දෙයක් කා, වෙන දේ බලාන ඉන්න උන්ය. ආගමට දහමට ලැදි උන්ට, පන්සලේ හාමුදුරුවෝ දෙසන්නේ "තොපි පව් කරපු නිසා, දුප්පත් වෙලා ඉපදිලා" කියාය. "ඊළඟ ආත්මේ හරි, රජවරු වගේ ඉන්න ඕන නම්, තොපේ ඔක්කෝම එව්වා අපිට පූජා කොරපන්" කියාය.

ඉතින් උන් අමාරුවෙන් හදන හාල් ටිකත්, පන්සලටයි, දේවාලෙටයි, කුණු කොල්ලෙට ඩඩ්ලි මැතිතුමාටයි දීලා, "සාධු සාධු" කියනවාය. ලොක්කා කලේ... වැස්ස නැති එකටයි, වගා ව්න්දි කොලයි, විපස්සේ උන් දාන කොට, ධාතු වඩම්මන, තුරුම්පුවෙන් අර කොල ඔක්කෝම කපලා දාන එකය. අපේ උන් කළේ, පුක උඩදාගෙන, හොටු පෙරාගෙන, කබ කඩාගෙන, පෙරහරේ ගොස් ධාතු වැඳලා, වඩම්ම්න අයටත් වැඳලා එන එකය. මුන්ගේ නාඩි දන්න එකම කෙනා ලොක්කාය. රනිල් උන්නැහේවත්, පොකට් මීටින් තියන ජනරාලවත්, මේව්වා දන්නෙ නැතිය, එයාලාට මේවා ගැන අවබෝධයක් එනකන්, ඔයාලාට ලොක්කත් එක්කම ඉන්න වෙනවාය.

ඔබ සැමට සුබ අනාගතයක්ය...

ප: ලි:
මට බය මේ අනාවැකි පලදැරීම දැකලා ලොක්කා මාව උපදේශක තනතුරකට ගනී වත්ද කියලා.. මට හරි ලැජ්ජයි අනේ.....

"ඉනාමළුවේ බුද්ධදාස" කියලා ලොකු උන්නැහේ කෙනෙක්, පට්ට, රජ කාළේ කත්න්දර ලියන බොගක් දානවා "ඉතිහාසය නැවත් කියවීම" කියලා. දේෂපාලන ප්‍රහස්නයක්.. ඉල ඇදෙනවා හිනා වෙලා - (මෙතනින් බලන්න )

44 comments:

  1. අයියෝ ... කිරි බර්ටි. මිනිහ මේක දැක්කොත් වහකයි. :)

    ''This is not Berty. This is a baby''

    හෙහ් හෙහ් හෙහ් ......

    ReplyDelete
    Replies
    1. දැනටම මූනත් කලු වෙලා

      Delete
  2. මම බොහෝ විට දැක තිබෙනවා මාතලන් ටක්කෙට හරියන අනාවැකි කියනවා. මාතලන් හොද රාජසභාවට ඔය වංශෙ මලයලට වඩා රටටවත් වැඩක් වෙයි. ඒත් මගේ පුද්ගලික හැඟීම නම් ඔබ ඔහොමම ඉන්න. ඔය අටමගලෙට නම් සෙට් වෙන්න එපා.

    මේවා බලන කොට මාතලන් අපේ ලේ උනු වෙනවා. ඒ නිසා අර කයියක් ලිව්ව නම් මෙයිට හොදයි. මුන් වගේ හරක් ගැන අපි මොනවා ලියන්නද?

    ඔබට කියන්න මගේ හිතේ මහා බයක් තියනවා. මේ වන දේවල් ගැන. අපේ දරුවෝ මේවාට කොහොම ප්‍රතික්‍රියා කරයිද කියා????????

    ReplyDelete
    Replies
    1. //මාතලන් හොද රාජසභාවට ඔය වංශෙ මලයලට වඩා රටටවත් වැඩක් වෙයි.//

      වෙදයියේ වෙඩිං නං කතා කරන්න එපා... මේකා ඔහේ ගියොත් එයින් තුන් මාසයක් යන්න කලින් කියයි "අනේ මහින්ද කොච්චර හොඳද කියලා.." අහලා නැද්ද හොරෙක් අල්ලන්නනං ඒකටත් හොරෙක් වගේම හිතන්න වෙනවා කියලා... මුගේ නම මාතලං... මාතලං කිව්වම පොරසිද්ධ මොනවටද..?එක්කෝ බොට අමතක වෙලා..නැත්තං අමතක කරලා... මෙච්චර හොඳට අනිත් පැත්තට කල්පනා කරන්න ඇහැකි උන් රාජසභාවට ගියාම තමා උන් කරන දේවල් අපිට අනිත් පැත්තට කල්පනා කරලවත් අවබෝධ කරගන්න වෙන්නේ නැත්තේ... මේකට ඕනම ආයතනයක් බාරදීලා බලන්න..ආයේ ඉතිං ඒක හෝදනවා දෙකක් නැතිව...

      හා පුළුවන්නං බොරුයි කියහං මාතලං ලොක්කෝ.. හෙහ් හෙහ්...

      Delete
    2. මාතලන් ගැන කිව්ව හින්ද මේ ටිකත් කියන්නං. මූ උඩින්ම දාගෙන ඉන්න "හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්... ඒ වගේම දේශප්‍රේමියෙක්" කියන කෑල්ලෙ තේරුම මගේ ඔළුවට ආවෙ ඊයෙ පෙරේද‍. ඔහේලට ඒක තේරිලා ගොඩක් කල්ද? බ්ලොග් එකක දැක්ක හොඳම හෙඩිම මේක නෙවේද?

      Delete
    3. //ඔහේලට ඒක තේරිලා ගොඩක් කල්ද?//

      ඔව් , මාතලන්ට කලින් ඒකේ තේරුම් කියා දීපු අය හිටියා , හැබැයි ගොඩක් අයට තාම ඒක තේරිලා නෑ, අනිවාර්යයෙන්ම බ්ලොග් එකක තියන හොඳම හෙඩිම

      Delete
    4. @ වෙද මහත්තයා, මාරයා, රාජ්, බුවා
      ඔහේලා ඉරිසියයි නේ අපිත් හොඳ කෑල්ලක් එක්ක ජීප් එකක යනවා දකින්න.

      Delete
  3. ඔය ලියල තියෙන්නෙ ලෙසටම...

    බර්ටියගෙ කේස් එක ගැන අපේ පියතුමා (කැපුවත් කොළ) කින්ඩි හිනාවක් දාන් මට විස්තර කරනකොට මම කිව්වෙ කොහෙ මොන මගුලක් කියෙව්වත් උන් ලොක්කට කතාකරන්නෙ "අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා" කියල කියන එක විතරයිය...

    මාතලන් අයිය කියන්නා වගේ අපේ උන්ගෙ නාඩි අල්ලන්න දන්නෙ ලොක්කා විතරය... ළඟදීම ආචාර්ය ඇත්තන්ගෙ නාඩිත් අල්ලනවාට කිසි සැකයක් නැත... සමහරවිට ලේසි වැඩේනෙ කියා මහජනතාවගෙ නාඩි ඇල්ලීමටද ඉඩ තිබේ... (වැඩිපුර බදු ගෙව්වහම මොකෝ 6% දෙනව නම් ;) )

    ReplyDelete
    Replies
    1. ඕනෑම දේකට මිලක් ඇත... මිල සෙට් උන ගමන් ඔය කොයි උද්ගෝසනෙත් අහවරයි... ඒකට සීයට 6ක් ඕන නැහැ... අවසානෙදි ඒකෙත් අවසානය මේ කෙලි වගේම වෙන්ට ඇති හැකියාව වැඩියි...

      සමහර විට හෙට අනිද්දට ඇන්ටි සීයට හයේ සෙට් උනත් පාරට බහින්න බැරි නැහැ... ඒ ඒ අයටත් ප්‍රතිශත කිය කිය... මොකද මේක ප්‍රජාතන්නතර වාදී රටනේ සාතන් මලයා... අනික මේක ලංකාව... අර ඇඩ් එහෙක යනවා වගේ.."අපේ රටේ මිනිස්සු වෙනස්" :D:D:D

      Delete
    2. ඕනම දේකට (මිනිහෙක්ට) මිලක් තියෙනව... මමත් අදහන දෙයක් ඔය කතාව :)

      Delete
    3. නෑම දේකට මිලක් ඇත කියන කථාවේ පොඩි අඩුපාඩුවක් ඇත.

      ඒය ඕනැම දේකට මිලක් හෝ හිලක් ඇත යනුවෙන් සංශෝධනය විය යුතුය.

      උදාහරනයක් ලෙස රජතුමා හා කැලනියේ මැරවරයා අතර ඇත්තේ මිලේ සම්භන්දයක් නොව හිලේ සම්භන්ධතාවයකි.....

      Delete
    4. // රජතුමා හා කැලනියේ මැරවරයා අතර ඇත්තේ මිලේ සම්භන්දයක් නොව හිලේ සම්භන්ධතාවයකි....//

      පරිස්සෙමෙන් පුතේ !

      Delete
    5. ඔක්කෝම සෙල්ලම් දාන්නේ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න නේ. බලාගෙන ඉමු. ළෝකෙම එපා කියද්දි ප්‍රභාට ගේම දීපූ පොරට ඕවා කජු කනවා වගේ වැඩ. අර මොකක්ද කතාවකුත් තියෙනවනේ අග්ගලා ගිලපු එකාට මොකක්ද එකත් මොකක්ද වගේ කියලා.

      Delete
    6. //කතාවකුත් තියෙනවනේ අග්ගලා ගිලපු එකාට මොකක්ද එකත් මොකක්ද වගේ කියලා//

      වැරදියි නේද ???

      මිරිසවැටිය කෑ යකෙකුගෙ බඩට තඩී
      අහවල් අධෝ වාතද අග්ගලා ගෙඩී

      Delete
  4. මාත් විශ්වාස කලා බෝටියට දෙයි කියල. ඒත් ඌ දැඟලුව වැඩියි තමයි. මොකා උනත් ලොක්ක විධායක ජනාධිපතිනේ. අනිත් කාරණාව බෝටියට වැඩිය නිර්දය ලෙස අතීතයේ වර්තමානයේ අනාගතයේ කඩේයන චන්දරේ ලොක්කට වටිනව. නැද්ද මං අහන්නෙ?

    අම්මප උඹේ අනාවැකි නං නියමයි. හැබැයි මට පොඩි සැකයක් තියනව වැරදුනු අනාවැකි හැංගුවද කියලත්. සුමනදාසලා ප්‍රියන්ත රත්නායකලා නං කරන්නෙ එහෙමයි. (ඇයි යකෝ අපිත් ඇඩ් කෑල්ලක් දාගත්තම මොකද වෙන්නෙ).

    //මට බය මේ අනාවැකි පලදැරීම දැකලා ලොක්කා මාව උපදේශක තනතුරකට ගනී වත්ද කියලා.. මට හරි ලැජ්ජයි අනේ.....//
    කමක් නෑ බං. හර්ද සාක්ෂියද මොකද්ද උලව්ව අල්මාරියෙ දාල අවුරුද්දක් දෙකක් ලොක්ක ලඟ ඉඳල, ගානක් හම්බ කරගෙන, අයින්වෙලා ආයෙත් බ්ලොග් ලියන්න බැරිය. අර හේමකුමාර ගොයිය කරනව වගේ.

    ReplyDelete
    Replies
    1. ඇඩ් දැම්මට කමක් නෑ එකවුන්ට් එකට සල්ලි දාපන් මතක ඇතුව. බොර්ටියට ලැබෙන්න තිබුන එකත් නැති කර ගත්තා ගොන් පාට් දාලා.

      Delete
  5. බර්ටි ලොක්කාට නම් ගේම දුන්නේ රජතුමා වෙන්න ඇති...හැබැයි නැගෙනහිරදි නම් මුස්ලිම් කොන්ග්‍රස් එකට ගේම දුන්නේ බැසිල් ලොක්කා.

    මුල ඉදන්ම නාම යෝජනාවලියේ මු.ක්‍රො. නියොජිත ගාන වැඩි කරගන්න දෙන්නෙ නැතුව, ඉතාම සුහදව වෙනම චන්දේ ඉල්ලන තැනට පත් කොලා..

    නැගෙනහිරදි ආන්ඩුව මු.ක්‍රො එක ඕනේ වෙනවා වගේ මධයම ආන්ඩුවේදී මු.ක්‍රො එකක්ට රජාව ඕනේ වෙන්වා...

    හැබැයි ජානිපේ කේස් එකෙදී නම් බැසිල් ලොක්කා අනාගත්තා තමයි

    මොකා ආවත් අපට වැඩක් නැති විත්තියත් ඕං කියලා හිටියා........

    ReplyDelete
    Replies
    1. බැසිල් මහත්තයා ගේමට ආවට අයිඩියාස් ලොක්කගේ.. බැසිල් මහත්තයගේ මැනේජ්මන්ට් මරු.

      Delete
  6. දේශපාලනයේදී සදාකාලික මිතුරන්ද නැත,සතුරන්ද නැත!

    ReplyDelete
  7. හොඳ විග්‍රහය , බර්ටි දුන්න ටෝක වල හැටියට නිකන්ම ඉන්නත් බැරි නිසා වෙන්නඇති චූට්ටන් සද්දයක් දාල බැලුවේ , කොහොම වුනත් බර්ටිට වෙච්ච සන්තැසිය දීර්ඝ කාලීන වශයෙන් අහුකොන් ඉතුරු කරන්න පුලුවන් . ලෝක්කට තියන වාසිය යුද්ධය දිනීම විතරක්ම නෙවෙයි , යුද්ධ දිනපු ලොක්කා අනෙක් වැඩක් ඒ වගේම ලස්සනට කොරගෙන රට ආශ්චර්යයට ගෙනියනවා කියල තමයි බහුතරයක් දෙනා හිතාන ඉන්නේ(මොනව හරි අවුලක් තියේ නම් ඒ ඇමතිලගේ වැරදි , ලොක්කා අහිංසකයි ) , ඒකයි යුධ බිය බොක්කට දැනුන රජරට එවුන් වගේම මුලු යුද්ධ කාලෙටම එකම බෝම්බයක් වත් පිපිරිලා නැති සබරගමුවේ එවුනුත් ලොක්කටම ඡන්දෙ දුන්නේ ,

    නැගෙනහිර මාතලන්ගෙ අනාවැකිය හරියෑම ගැන සුභපැතුම් !

    ReplyDelete
    Replies
    1. සබරගමුවේ බෝම්බ පිපිරුනේ නැති උනාට උන්ගෙත් ඇඟේ ලේ වතුර වෙලා නේ උන්නේ. අනික මගේ දෙවන කාරණය උන්ටත් අදාලයි.

      Delete
  8. ලොක්කා දන්නවා තමන් කැමැති නැති එවුන් කිච කරන සිස්ටම් එක. දැන් බලාන ඉන්නකෝ දැන් ඔය කෑගහගෙන ගියාට තව ටික දවසකින් නිර්මාල් රංජිත්ලාට මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. දැනටම ගේම පටන් අරගෙන තියෙන්නේ.. චොර වෙලා තමයි නවතින්නේ..

      Delete
  9. අපි කාලයක් සරත් ෆොන්සේකා ඔසවාගෙන ගියෙමු. කාලයක් හිරුණිකා ඔසවාගෙන ගියෙමු. අද සරසවි ආචාර්යවරුන් ඔසවාගෙන යමු. හැබැයි ඉතින් අන්තිමට හොට බිම ඇනෙන්නේ අපේය!

    - ආණ්ඩු විරෝධියා

    ReplyDelete
    Replies
    1. අපිනම් ඔය එකෙක්වත් උස්සාගෙන ගියේ නැත. ඔවුන් ගැන, ඔවුන් නාන බවට අනාවැකි නම් කියා ඇත්තෙමු.

      Delete
  10. ඊයේ දිලකා නෝනගේ 360 දී ඇස් බී දිසානායක මහත්මයා, ආචාර්යවරු නැති කළා. අනේ මන්දා කවුරුන් සත්‍ය පවසනවාදැයි කියා. මහත්මයාගේ අනාවැකි සපලවීම පිළිබඳ ප්‍රීතියට පත් වීමී.

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවා ලොක්කා. අනිත් පැත්තෙන් තර්කය බිඳින්න බැරි උන එක ලොකු පාඩුවක්. ඇස් බී එතන පොර උනා. පොඩ්ඩක් කිච උනේ අර ජනිපේ බූරුවා අරගෙන ආපු එක.

      Delete
  11. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ අපි මොනවා කියෙව්වත් චන්දයක් තිබ්බත් දිනන්නේ ලොක්කමයි.අනික අපි මේවා කතා කරා කියලා අපිට කරන්න ඇහැකි දේකුත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන එක වැරදියි....

      Delete
  12. දේශපාලු උපදේ-සක කමක් දෙන්නද මාතලන් අයියා..

    :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බලහන්කෝ මල්ලියේ...

      Delete
  13. අනාවැකිය: සරසවි ඇදුරු අරගලය නිමා විය හැකි ආකාරය

    1. නොවැම්බර් මාසයේ අයවැය වන තුරු කිසිම දෙයක් කරන්නට ආණ්ඩුවේ සූදානමක් නැත. FUTA හි ප්‍රතිචාරය මම නොදනිමි.

    2. (දැනට දැනගන්නට ඇති විදියට) අයවැයෙන් සියළුම රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් තියේ. සරසවි ආචාර්යවරුන්ටද මෙය බලපායි. නමුත් ඒ ඔවුන් ඉල්ලා ඇති මට්ටමට ටිකක් අඩුවෙනි.

    3. 6% ගැන කතා කිරීමම කාලය නාස්ති කිරීමකි.

    4. නොවැම්බරයේ තමන් නැවත සේවයට යන්නේද නොයන්නේද තීරණය කිරීමට ආචාර්යවරුන්ට සිදුවනු ඇත. එසේ නැතහොත් මහජන විරෝධය ඔවුන් වෙත එල්ල වීම නොවැළක්විය හැකිය. (රජය වැටුප් වැඩිවීමක් කර ඇති නිසා) නමුත් ඔවුන්ට සේවයට යන්නට වන්නේ මාස 4-5ක වැටුප් අහිමි කර ගනිමිනි.

    5. ආරංචි හැටියට වර්ජනයට සම්බන්ධ ආචාර්යවරුන් යම් පිරිසක්ද තමන් වර්ජනයට සම්බන්ධ නැතැයි ලියුම් දී පඩි අර ගනිති. එස්. බී. කතා කරන්නේ මේ තුරුම්පුව අතේ තියාගෙනය. අවශ්‍ය වෙලාවට අදිනු ඇත.

    6. මහරජා දිනනු ඇත. ආචාර්යවරුන් පරදිනු ඇත.

    ReplyDelete
    Replies
    1. සිඳුවිය නොහැක්කක් නොවේ...

      Delete
  14. ලොක්ක ගහන ගේම් ගැන වැඩිය ප්‍රචාරනය දෙන්න එපා. එක්නැලිගොඩගේ ඉරණමම මාතලන්ටත් අත්විය හැකියි. ලොක්කා ගහන ගේම් අල්ලන්න කාටවත් බැරිය. (මාතලන්ට හැර)ලොක්කා බයත් උගේ ගේම් අල්ලන උන්ට පමණක්ය.

    ReplyDelete
    Replies
    1. එක්නැලිගොඩ කියන්නේ ටැලන්ට් බුවෙක්, ඒත් කැලෑ පත්තර ගහන්න ගිහින් ඉල්ලන් කෑවා, රෝහන කුමාරටත් උනේ ඒකයි. කාගෙවත් පෞද්ගලික ජීවීතය අපට අදාල නෑනේ.

      Delete
  15. උපදේශක තනතුර අනිවාර්යෙන් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් අපිත් ගොඩ... මරු පින් පඩියනේ...

      Delete
  16. කොහොම උනත් ගලින් කල බලකොටුවක් වැනි ආණ්ඩුවේ පවුරු පදනම් ටික ටික දෙදරන බවක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. පොඩි සැලීමක් නැතුවමත් නෙමෙයි...

      Delete
  17. මේවා බලා ඉන්නවා හැර වෙනත් විකල්පයක් නැති තරම්ය "බලා ඉමු අපි දෑස් ඇති මුත් අන්ධයන්සේ.. සවන් ඇතිමුත් බිහිරි වූවන්සේ.. හඬක් ඇතිමුත් ගොලුවුවන්සේ...

    ReplyDelete
    Replies
    1. එහෙම හිටියොත් හරියයිද දයා

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න