.

.

Sep 12, 2012

Z, O/L, A/L, M Sc, MBBS, PhD, BSc, BA, etc..SB & IRC Hon.


හෙඩින් එක දැක්කාම, කතන්දරේ හිතා ගත්ත හැකිය. එනම් ලියන්නට යන්නේ, අජ්ජාපනය ගැනය. දැන් හැම එකාම ලියන්නේ අජ්ජාපනය ගැනය. මාතලන්ද මේ මළදානේ ගැන එදා ඉඳන් ලියනවාය. ඒ අපේ ගුරුවරු අපට කියා දුන්න දේය. ඒ කියන්නෙ, කොන්ද කෙලින් තියාගෙන කතා කරන හැටි, ලියන කියන හැටිය. ඒ ගුරුවරු නිවන් දකින්න ඕනෑය. අද එහෙම උන් ඉන්නවාද කියා මම දන්නේ නැතිය. ඉන්නත් බැරිය. මොකෝ එයාලට ඕවා උගන්නන්න වෙලාවක් නැතිය. සයිඩ් බිස්නස් තියෙනවාය. හැම දේටම මිලක් තියෙන සමාජයක උන්ටත් ආඩ පාලී කියන්නට බැරිය.

අජ්ජාපනේ කෑවේ බන්දුල නෙමේය. (දැං ඉතින් තොපිට එතුමාගේ අම්මාට මුකුත් කියන්නත් බැරිය. තොපි ඒ අහිංසක මනුස්සයා නිතර මතක් කොරන නිසා හච්චින් ගිහිල්ලාම මිය ගියේය... අනික බූරු පුතාලා කොන්න ඒවාට අහිංසක අම්මලා පලි නැතිය.) බාල තෙලාය. ස්ටොක් මේන්ටේන් කොරගන්න බැරි, සභාපතිලා පාලනය කර ගන්න බැරි, හැම එකටම "මං චන් නෑ" ගගා, චං පචං ගාන එකෙක්, අජ්ජාපන ඇමති කමේ හිටියාම වෙන දේ හිතාගත්ත හැකිය. එක අතකින් බලාගෙන ගියාම මෙළෝ දෙයක් අජ්ජාපනේට නොකර සිටියේය. ඒකෙන් උනේ පට්ට බූරූ නිළධාරීත්, නිකන් ඉන්න එකය. ඊට පස්සේ අද්යක්සයන්ගේ සිට ගුරුවර, පියුන් දක්වාම, ළමයින්ට ඉස්කෝල හොයා දී, පික්ස් ඩිපොසිට් දාගත්තේය. ළමයින්ට ඉස්කෝලයක් හොයන උන්ට දෙන්න තියෙන උපදේසයක් නම්, ඇමතිවරු අල්ලන්න ඔනෑ නැතිය. ඉස්කෝලේ පියන් අල්ල ගත්තා නම් වැඩේ ගොඩය.

බාල තෙලා කාපූ අජ්ජාපනේ, ගොඩ දාන්න දුන්නේ. ටියුෂන් කාරයකුටය, ඒ කේස් එකෙන් ඒ කාළේ හිටපු ටියුෂන් කඩ කාරයෝ, මිනිස්ට්‍රි එකේ ළොකු ළොකු පෝස්ට් වලට පැන ගත්තෝය. ඩිපියුටි දීලා තියෙන්නේ, කරෙකුටය. මාතලන්ගේ ෆේවරිට්ම එකෙක් උනත්, කරාලාට ආජ්ජාපනේ දීලා හරියන්නේ නැතිය. දරුවන්ගේ තාත්තාටත් ඕනේ, මේක කාළාම දාන්න නම්, බාල තෙලාට හරි, ඩෙංගුවාට හරි දුන්නානම්, මීට වඩා ඉක්මනින්ම මේක කම්බස් කොරලා දානවාය. බැරි වෙලාවත් අචාර්ය සිල්වාට නම් දෙන්න එපාය. (නලීන් ද සිල්වා නෙමෙයි අනේ ඌ මොකෙක්ද අපේ මෝර්වින් මැතිතුමා.) අනිවාර්යයෙන්, අළුත් සිලබස් හදා, මේක ගොඩ දානවාමය. ඒ කියන්නේ එළියට එන්නේ කරාලාය, බාර් කාරයෝය, බොතල් හවුස් කාරයෝය, කරෝකේ බාර් කාරයෝය, පූසාරිලාය, තගාලාය, කප්පම් කාරයෝය, පාතාලයෝය, බඩු කාරයෝය, ආතල් බුවාලාය, එහෙම උන් එකෙක් දෙන්නෙක් උන්නාට කම් නැතිය. ඒත් ඔක්කොම උන් එහෙම වෙන එක රජ පවුලේ ආරස්සාවටත් හොඳ මදිය. අර විජේගේ සෙට් එක වගේ සෙට් වෙලා, ගේම් දෙන්න උනත් ඉඩ තියෙනවාය. (ඒ විජේ නෙමෙයි අනේ රෝහන විජේ.)

ඕකට විපස්සෙන් දාලා උන්න විකල්ප එකා ඊට හපන්ය, ඌ හොඳ බිස්නස් කාරයාය. (වනචර හැත්ත කියන්නේ ඉන් කොම් ටැස් ද මොනාද කේස් එකක් තිබුන නිසා ඌ ලොක්කා ගේ අත් උස්සන්න ගියා කියාය.) අනික ගල් ආඳය. ෆිසික්ස් එකෙන්ම ගේම දුන්නේය. ඌ කලේ අලියගෙන් ඉල්ලලා අලියගේ පිටෙන් ලොක්කා ගාවට යන එකය. දැන් බන කියනවාය, එව්වා බයිලාය. කොල කෑලි උස්සන් ඇවිත් සභාගත කොරන්න කියනවාය. ඔය් කොලේ අරන් ගිහින් සුද්දෝ එන හෝටලේකට දෙන්නය. උන් පුකවත් පිහිදා ගනීය. දැන් විකල්ප දීලා තියෙන උන් කියන්නේ, ඉස්කෝල වල ටොයිලට් නෑ කියලාය. උන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ චූ කරන එකය. හුජ්ජා කොරන්න නෑ කිය කියා බුදු විජිතයා (විජිත මුනි, මුනි නම් බුදු) කන්න හදනවාය. හුජ්ජා කොරන්න තැනක් ඇත්තෙම නැත්තන්, සිරිකොතේ දැම්මත් අවුලක් නැතිය. මොකෝ එතන කවුරුත් නැතිය.

උසස් අජ්ජාපනේ ගැන නම්, කතා කොල්ලා වැඩක් නැතිය, අඹ ගහ යට ඉන්න එකෙකුයි, ලූප් දාගෙන ඉන්න එකෙකුයි, රත්ගමයා කියලා එකෙකුයි, මොන්ටිසෝරී යන එකෙකුයි, දුකා කියල පිස්සෙකුයි මේ ගැන බොග දමා තිබුනේය. උන්ට නම් පිස්සුය. මොන්ටිසෝරී ගාවවත් නැති, රෝඩ් හම්ප් දාලා, වාහන ස්ලෝ කරන් යන්නේ ඕකේ ඉන්න උන්ට, හරියකට පාරේවත් යන්න දන්නේ නැති නිසාය එහෙව් උන් හිටපු ගමන පාරට බහිනවාය. අයිතිවාසිකමක්ද, මොකක්ද ඉල්ලලාය. අම්මපා මුන්ට පිස්සුය. නිකන් දෙන දේ කාලා, එලියට ගිහින්, ආන්ඩුවේ රස්සාවක් හොයාගෙන, අයිස් ගගහා ඉන්නේ නැතුව, අරවා මේවා ඉල්ලනවාය. ( ඒ මදිවාට මුන්ට ආමී ට්‍රේනින් එකකුත් දෙනවාය. ඒකටත් වලිය. බැරිම මළදානේ - පර සුද්දාගේ බාසාව අයින් කොරලාය, කොම්පීටර් මක්කටෙයි අයිස් ගහන්ට )

මේකේ ඉන්න උන්, සල්ලි කාරයෝ සල්ලි ගෙවලා ඉගෙන ගන්නවාට අකමැතිය. සල්ලි තියෙන උන්, හිඟන්නෝ නිකන් ඉගෙන ගෙන, උන් පාලනය කොරනවාට අකමැතිය. මේ මළදාන කොරන්නේ නැතුව, මුන් දෙගොල්ලාම කට වහගෙන උන්නානම්, සල්ලි තියෙන එකයි, නැති එකයි දෙගොල්ලාම ඉගෙන ගන්නවාය. ඒ උනාට නිදහස් අජ්ජාපනෙන් ගොඩ ආපු එකාත්, (ඇමතිවරු පමණක් නොවේ) ඌගේ පන්තියේ එකාට වල කපනවාය. ඒ, මේ ළොකේ ඉන්න ශ්‍රේෂ්ඨම ජාතියේ ලක්සනයක්ය.

6% ඉස්සරහට දාගෙන පඩි වැඩි කර ගන්න දඟලන උන්නැහෙලටත්, කෙල වෙන්න යන සයිස් එකක්ය. ලොක්කා කියන්නේ, ඉස්ටයික් කොරන උන් එක්ක මගේ කතාවක් නෑ කියලාය. ඉතින් 6% කෙසේ වෙතත්, ප්‍රධාන ප්‍රශ්නේ වන, පඩි වැඩි කිරිල්ලට, ලොක්කා පිටු 40 බජට් එකත් අරගෙන, දියවන්නාවට එනකන් ඉන්න වෙනවාය. 6%, අජ්ජාපනේට කෙසේ වෙතත්, පඩියට නම් එකතු කොරලා දෙන්න පුළුවන්ය. එතකන් ඉතින් රස්සාවයි පඩියයි ඕන නම්, වැඩට යන එක හොඳය. අදර් ඉන්කම් තියෙන උන් දියටම ගේම ගෙනියයිය. කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ, එතකන් ලව් කර කර ඉන්න එකය. ඒකෙන් ලේ පිරිසිඳු වෙනවාය. තරුණ හැගීම් පුබුදු වෙනවාය. මල් වාගේ ලස්සන වෙනවාය. ළමයි හම්බවෙනවාය. රටට උගත් බුද්ධිමත් උතුම් දරු පරපුරක් ලැබෙනවාය.

මේ අජ්ජාපනේ කියන මල දානේ දුන්නේ පර සුද්දෝය. ඔය පර හැත්ත එන්න කලින් එහෙම එකක් තිබුනේ නැතිය. ශිල්ප සතර හැදෑරුවේ කුමාරවරු පමණය. ඌ කඩු පයිට්, දුනු පයිට්, අස්සයෝ පදින්න විතරක් නෙමෙයි කාමසූත්‍රෙත්, දිසාපාමොක්ගෙන් ඉගෙනගෙන, අන්තීමට දිසාපාමොක්ගේ දුවත් උස්සන් මාරු වෙනවාය (අපේ ගොන් ඉතිහාසඥයින් මේ ගැන දරන්නේ වැරදි මතයකි, එනම් දිසාපාමොක් සිය කැමැත්තෙන් තම දියණිය සරණ පාවා දුනි කියාය. උන්ට පිස්සුය, දිසාපාමොක් කැමති උනත් නැතත්, ඉගෙනගන්න කාලේ ඉඳන් කොටපු එක, ඌ යනකොට අරගෙන යනවාය)

මේ රටේ ඉන්න බයියලාට, පල්ලියේ නිකන් ඉගැන්නුවේ ඔය පර හැත්තය. ඉගැන්නුවා මදිවාට මුන්ට උන්ගේ නම් ගම පවා දමා, බොන්නත් පුරුදු කලේය. (පවු.. අපේ උන් බබාලා.. ඒ කාළේ ඉඳන් කන පැලෙන්න කසිප්පුයි, රායි ගහපු උන්ට, ලේ පාට ඒවා පුරුදු කලේ උන් කියන එක නම් ඇත්තය ) ඊට පස්සේ වැඩේ හරියන්නේ නෑ, බුද්ධගමටත් කෙළවෙන බව දැනගත්ත අපේ උන්, අපේ උන්ටත් නොමිලේම දුන්නේය. ඔය පර සුද්දා ආවේ නැත්නම්, අපිට ළමයින්ට පාසල් හොයන්නයි, ළමයින්ගේ අම්මට එක එකා එක්ක නිදාගන්නයි, පොඩි උන්ට බොරු කියලා අපායේ යන්නයි, පාඩම් කොරන්නයි, ප්‍රොජෙක්ට් කොරන්නයි, සිස්සත්ත කොරන්නයි, ඒ 3 ක් ගන්නයි, කැම්පස් යන්නයි, ඩිග්‍රි ගහන්නයි ඊට පස්සේ රස්සවල් හොයන්නයි වෙන්නේ නැතිය.

ඔය කුඹුරක් කොටාගෙන, මලක් කපාගෙන, රා ටිකක් බීලා, කෙල්ලෙක් නම් රජ්ජුරුවන්ටයි, කුමාරයන්ටයි අල්ලලා, ඊට පස්සේ එතනින් එලියට ආවම, පඩි පෙල වගේ ලමයි ටිකක් හදාගෙන, හම්බ කරන එකෙන් රජ්ජුරුවොන්ටත් කීයක් හරි දීලා, විටක් හපාගෙන, අහුවෙන ගෑනියෙක් එක්ක සෙල්ලමක් දාලා, නිදාගන්න තිබුන එක නැති කලේ ඔය පර සුද්දාය. ඒ නිසා මම ලොක්කාට කියන්නේ කැම්පස් නෙමෙයි, ඉස්කෝලත් වහලා දාන්න කියලාය. ඔය සල්ලි තියෙන උන් නොරට ගියින් ශිල්ප ලබාගෙන ආවාට අපට අවුලක් නැතිය. අපිට හඳවල් අල්ලන්න ඕන නැතිය. කාළකන්නින්ට මම කියන්නේ, තොපේ උනුත් හඳ අල්ලන්න යවන්න දඟලන්නේ නැතිව , කුමාරයා හඳට පා තබන මොහොතේ.., වෙලේ ඉඳන්, අමුඩේ ගලාවා අතට අරන්, වනාපන් කියලාය, එතකොට තොපි හෙළුවෙන් උනාට කම් නැතිය. කුමාරයාට පෙන්නේ වනන එක විතරය. මොකෝ එයා ඉන්නේ උඩය. (අමුඩේ වනන කොට, අරක වැනෙන්නේ නැතුව වනන්න පුරුදු වෙයන්, නැත්තන් කෙල්ලෝ ඕක දැකලා, ශ්‍රේෂ්ඨ ජාතියේ වර්ධනයක් සිඳු වෙයි.)
ඒ වගත් මෙසේය.

තොපි ඔක්කෝටම සුබම සුබ අනාගතයක්ය...!!!

ප: ලි:

ඉහත ඡායාරූපයේ සිටින සියළුම මහත්වරුන් වෙත, පහ
සඳහන් උපාධිය, මහාචාර්ය මාතලන් විසින්, පසුගිය දිනෙක උත්සවශ්‍රීයෙන් ප්‍රධානය කරණ ලදි. එවන් වැදගත් අවස්ථාවකට, ඔබ වැනි හාල්පාරුවන් කැඳවීමට නොහැකිවීම පිළිබඳ, අවංකවම කනගාටු වෙමි.

 

42 comments:

  1. මුන්ගේ නම් මතක වෙදිදීත් මාළු නටනවා

    ReplyDelete
  2. // දැං ඉතින් තොපිට එතුමාගේ අම්මාට මුකුත් කියන්නත් බැරිය. තොපි ඒ අහිංසක මනුස්සයා නිතර මතක් කොරන නිසා හච්චින් ගිහිල්ලාම මිය ගියේය. //

    ඒ උනාට ඒ කාලෙම මිය පරලොව ගිය උත්තමාවියක් පුත්තරයගෙ වැඩ නිසා හචිං ඇර ඇර මහ රෑ පුතා බලන්න ආපු සීන් කෝන් එකක්, අවුරුද්දකට දෙකකට කලින් බ්ලොග් පෝස්ට් එකක තිබුණ මට මතකයි. මම ඒත් කම්පනාකලේ දැන් පුත්තු ඔක්කොගෙම වැඩ නිසා ඒ මනුස්සයට කොහොමට හචිං යනව ඇත්ද කියල. (දැන් ඒ බ්ලොගට යන්න බැරි නිසා මම කොපි කරල දාන්නම්)

    http://palaamalla.wordpress.com/2010/10/08/%E0%B7%84%E0%B6%A0%E0%B7%8A-%E0%B6%A1%E0%B7%92%E0%B6%82-rankatha/

    **************************************

    පිස්සාගේ පළාමල්ල
    ඔක්තෝබර් 8, 2010
    හච්….ඡිං…..Rankatha…………..
    ලිපි ගොනුව: Uncategorized — පිස්සා @ 2:34 ප.ව.

    ටොක්…ටොක්…ටොක්….

    කවුද?……

    ටොක් ….ටොක්……හච්චිං…

    කවුද ?….

    ටොක්…ටොක්….හච්ඡිං.ටොක්……ටොක්..හචෝස්…….

    මොන මළ හෝන්තුවක්ද?මේ රෑ දොරට ගහන්නෙ..

    ෂ්…ඒයි…අර පැත්තෙ එක්කෙනෙක්ද දන්නෙ නෑ.දෑත් ශක්තිමත් කරන්න ඇවිල්ලද කොහෙද?

    ඩිංගක් දොර ඇරල බලන්න.

    කවුද???????හත් දෙයියනේ!

    කවුද ඕයි ඇවිල්ල තියෙන්නේ?මොකෝ මළ යස්සනියෙක්වත් දැක්කද?

    ඔව්……

    මොකක්?

    ඒයි….මේ…….නැගිටිනව…..අන්න ඔහේගෙ අම්ම ඇවිල්ල.
    මොන ඉලව්වකට මේ රෑ ආවද මන්ද?

    හච්චිං…..හචිස්….කෝ අරූ ඉන්නවද?…හච්චිස්….මැදමුලනී පුතේ…..කෝ උඹ මයෙ අම්මා…..හචිං….හචිස්…..

    මං මෙහේ මමී……ඇයි මමී මේ රෑ මෙහාට පාත්උණේ?ඔයි වයසට රෑට ඇවිදින්න නාකයි…..ඇහැක්කවෙලා මං කීන්නෙ පිණිබාන්ඩ ඇහැකි.
    මොනව බොල….තෝ මං ගැන අබමල් රේණුවක් වත් හිතනව නං වල් පාහරයෙක් වගේ වැඩ කරනවද

    ඌරො?

    බලාපිය තොගේ කඳේ තරම?හච්චිං……හච්….කොහෙං කැපුවත් කිලෝ දෙකයි…..

    රටේ මිනිස්සුංගෙ මිනීමාලු කාල කාල තරවෙලා ඒ මදිවට තව අවලං වැඩත් කොරනව….හචිස්….හචිං..තෝ පහුගිය ටිකේ කොරපු වැඩ වලට මට ඉඳහිටල හචිං ගියා තමයි……දැං ඕයි මිනී පෙට්ටියෙ ඇණ ගැලවිලා යන්නම හච්චිං යනව.හච්ඡිං……හචිං….. හච්චෝස්………

    ඕං මං නොකිව්වයි කියන්න එපා….අරූ වහාම නිදහස් කොරල දාපං.නැත්තං තොට හෙණ ගහන්නෙ ඇරියසුත් එක්ක.හච්චිං……හච්චිං….‍
    කෝ….. ගියාද? මළ යස්සනී…..

    එහෙම කියන්න එපා ඒයි. අපේ අම්ම නේ….හරියට හචිං යනව……

    ReplyDelete
    Replies
    1. මේක මිස් වෙලානෙ. සභාවේ තදින් සිනා කියල ලියාගන්න මගේ ගානෙ.

      Delete
    2. [අරූ වහාම නිදහස් කොරල දාපං]

      දැන් මිනීමරුව නිදහස් කලාම හෙණ වදින්නෙ එක පිට එක

      Delete
  3. මුන් සෙට් එකට මේ වගේ උපාදියකුත් හොද වැඩියි ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ඒ උනාට අපි වැදගත් වෙන්න එපයි...

      Delete
  4. ඒත් දිනනවනේ.. මේව බලන් ඉන්න බැහැ, මාව මරං කාපං බං !

    ReplyDelete
    Replies
    1. balan inna bari nam oya dhaathu wadinna yanna

      Delete
    2. නිකන් සන් ග්ලාස් දෙකක් වගේ ගත්තොත් මොකද

      Delete
  5. Replies
    1. අපරාදේ.... උපාධී උත්සවයට ගිය ඒවද....?

      Delete
  6. මරු උපාධි සහතිකය.. :)

    ReplyDelete
    Replies
    1. තව කට්ටිය ඉන්නවනම් කියන්න

      Delete
  7. සුදු බංඩා හෙවත් කොටා...

    ReplyDelete
    Replies
    1. අඩෝ කවුද ඩෝ මෙතන කෑ ගහන්නේ....

      Delete
  8. දැන් ඉතිං මාතලන් ලොක්කා මේ කමෙන්ට් එක මකන්නේ නෑ කියලා දන්න නිසා මම මේන්න මෙහෙම ඇහුවොත්....

    එස් බීට ඕක දෙනකොටම වෙන්නෙ මොකද කියලා දැනුන එකේ මැරවින්ට අජ්ජාපනේ දුන්නොත් කො‌ෙහාම හිටීද...?

    දැං ඕය කියන ඒවා ඔක්කෝම හරිය කියමුකෝ.. (හැබෑට කියපුවා නම් එකක් වත් වැරදි නැත..)

    මේක අහන්නේ සිරාවට.... ඇත්තටම මොකද්ද මේකට කරන්න ඕනේ...? කවුද මෙතනට වැඩියෙන්ම ගැලපෙන්නේ....?

    ReplyDelete
    Replies
    1. අපේ බාල කොලුවා. තාම මොන්ටිසෝරී යන්නේ. හොටු පිහදාන්නේ නෑ ... කනවා... කක්කා දැම්මම අපි තමයි හෝදන්නේ...

      Delete
  9. විජිතමුනියා ගේ දේශපාලනය කෙසේවෙතත්.මිනිහගේ කතාවට වගේම පට්ට අමු හැසිරීමට නම් කැමති වෙමි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් පිස්සෙක්ට කෑමතිවෙන්නෙ තවත් පිස්සෙක් තමයි.
      හෑබෑයි සිහියක්පතක් තියෙන උන්ටනo පිස්සන්ව අපුලයි.

      Delete
    2. මගෙත් ප්‍රියතම එකෙක්. මොනව කරත් වැඩකරු, අනික අවංකයි...

      Delete
  10. තව ටික දවසකින් ගේමට බහිනවා නොවැ කර්නල් විදුහල්පතිතුමා ලා... එතකොට ඔක්කොම ප්‍රස්න හරියාවි. එතකල් ඉවසලා ඉන්න. තාම පුහුණු කරනවළු රන්ටැඹේ දිහා.....

    ReplyDelete
    Replies
    1. උන් ට්‍රේන් කරන්නේ පැනලා යන කොල්ලෝ අල්ලන්නලු. එතකොට සිකුරිටි කාරයන්ට ප්‍රින්සිපොල් කම පුරුදු කළා නම් ඉවරයි.

      Delete
  11. මේ හරක් රැල එකතු වෙලා අපේ රට කාගෙන කාගෙන යනව. ශාපය වදින්නෙ මුන්ට විතරක් නෙමේ. මේව දැක දැක අන්ධයො වගේ කතිරෙ ගහන උන්ටත් එක්කයි.

    ReplyDelete
    Replies
    1. හුටා... පොඩ්ඩක් හිටහන් මම නෝනගෙන් ඩිවෝස් වෙනකන්... අපි තාම ඉන්නේ එක වහලක් යට...

      Delete
  12. තව කට්ටිය ඉන්නවා නේද සුදුසුකම් තියන

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු, උසස් අධ්‍යාපන අමාත්ත අංසේ සුනිල් ජයන්ත ජයරතන මහතා. වි වි කොමිසොන් සභාවේ ලොක්කා.. හිටපු විභාග කොමසාරිස්...... ආදි වසයෙන්....

      Delete
  13. ඒ මහතුරුන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්සාවයි රැකවරණයි.....!

    ReplyDelete
    Replies
    1. තිස්තුන් කෝටි එකක් වූ දෙවි දේවතාවුන්ගේ ආරස්සාවයි...

      Delete
  14. මටනං හිතෙන්නෙ ඇස් බී යගේ පවු ආන්ඩුවේ අනුග්‍රහයෙන් බන්දුල පිටින් යන බවය. බාල තෙලාට පස්සෙ අද්යාපනේට මහ අවැඩක් නූන නමුත් ඉසෙඩ් කෝර් සහ අනෙකුත් අටානූවක් රෝග ඇස්බියාගේ අවුල්ය. සිස්සත්ත පමණක් නොව් ඕ ලෙවල්ද අපේ කලේ පිට උනා අමතක නැතිවා මෙන්ම පුත්තු කැම්පස් අරින්නට කටෝෆ් මාක් අඩුකල මාමලාගේ යුගද පුත්තු පාස් කරන්නට පේපර් ගෙදර ගෙනා පියවරුන්ගෙ යුගද තිබිනි. ඒ අතින් බලනවිට බන්දූ කියන තරම් කළු නැතිය.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ....

      Delete
    2. මාත් මේ කියන්න හිටියේ... ඇත්තටම මං ශිෂ්‍යත්වේ කරපු පාරත් විභාගේ ඉවර වෙලා කොට්ටාවේ හන්දියට එනකොට ග්‍රන්ථාලෝකේ ශිෂ්‍යත්ව පේපර් එක විකුණන්න තිබුනා....

      Delete
  15. හී හී..අපූරු ලිපිය :)

    ReplyDelete
  16. අධ්‍යාපන ඇමති ලෙස 'මාතලන්' නිතරඟෙන් පත් කරමු.:D

    ReplyDelete
    Replies
    1. හැබයි තාරා ද මෙල් වගේ ලස්සන කෑලිත් ඕන.....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න