.

.

Nov 20, 2012

මළ මගුල් (වැඩිහිටියන්ට පමණයි) - Happy Weddings (Adults Only)



මාතලන්ගේ කෙටි කතාවක්....

ධනපාලයා නිදා ගන්නේ පිලේ පැදුරේය. කුලියක් මලියක් සොයාගන්න යන්න ඕන නිසා, ධනපාලයා ඇහැ අරින්නේ කුකුලා බෙරිහන් දෙන්නත් කලින්ය. ධනපාල ඇහැ ඇරිය බව ගමට කියන්නේ කුකුලාය. ධනපාලයා නිදාගන්නේ තනියම නෙමේය. නිදි දෙව්දුවත් එක්කය. ඒකී උනත්, බොහෝ වෙලාවට නො එන්නේ, මේ කරුම දුප්පත් කම නිසා නොවේදයි ධනපාලයාට සිතුනු වාර අනන්තය අප්පරාමානය. ධනපාල කියන්නේ සල්ලි මැනේජ් කරන එකා කියන එක උනත්, මැනේජ් කොරන්න තියා ගෙදර උන්ගේ බඩ පුරවන්නයි, හෙළුවෙන් නොතියන්නයි කන කට්ට දන්නේ ඌම විතරය. පනසලේ චක්‍රවර්ති හාන්දුරුවෝ ධනපාල කියා දැම්මේ මේ යකාට දාන්න වෙන නමක් තිබුනේ නැද්ද යකෝ කියා ලොකු හාන්දුරුවන්ගේ අම්මා අප්පා පවා මතක් කොරන සුද්ද සිංහල ඒවා ප්‍රසිද්දියේ නොකිව්වාට හිතෙන්න පටන් ගත්තේ ඒ වචන් කන වැකුන කාලයේ ඉඳලාය.

අත්තම්මා නම් කිව්වේ "බොලව්, අපි මේ දුප්පත් වෙලා උපදින්නේ පෙර කල පව් නිසා.." කියලාය.

ඒ උනාට අම්මා නම් කිව්වේ "හොඳට ඉගෙන ගනින් කොලුවෝ. ඉගෙනගත්තම, උඹටත් ළොකු මහත්තයෙක් වෙන්න පුළුවන්" කියාය.

ළොකු මහත්තයා කියන්නේ පින්සිපොල් මහත්තයාය. ඉතින් ධනපාල ලොකු මහත්තයෙක් වෙන්න ඕනා කියා ඉගෙනගත්තේය. ඒත් බස් වල යන කොට ඩයිවර් කෙනෙක් වෙන්නත්, ටවුමට ගියාම දකින දකින එකා වෙන්නත්, ඉස්පිටිතාලේ ගියපු වෙලාවක දොස්තර මහත්තයෙක් වෙන්නත්, එක දවසක් ධනපාලට සිතුනේය.

"තාත්තෙ මම ලොකු උනාම දොස්තර මහත්තෙක් වෙනවා" කිව්වාම, තාත්තා හිනාඋනා මිස කිසිම දෙයක් නොකී බව ධනපාලට හොඳට මතකය.

"දුප්පත් වෙලා තියෙන්නේ පව් කරල නෙමෙයි බන්, සම්පත් සමසේ බෙදි නොයාම හින්දයි. උඹ වරෙන් අපේ පොඩි පන්තියක් තියෙනවා, ඒකට ආවාම උඹට තේරෙයි ඇයි මේ අසාධාරන සමාජයක් බිහිවෙලා තියෙන්නේ"

කියා, විමල් අයියා කී කල, ඒ පන්තියට ගියේ දහම් පාසල් යන්නේ නැතිවය. ඒත්, ඒ පන්තියේ දුප්පත් අයගේ දුක, දුකට හේතූව, හෝ දුක නැතිකිරීමේ මාර්ගය, කියා  දෙන්නේ නැතිය. ඒ වෙනුවට, ඉන්දියානූ ව්‍යාප්තවාදේද මොකක්ද කුණුහබ්බ වගයක් කෙලින නිසා, ඒ මළදානෙට යන එක සතියෙන් දෙකෙන් නවත්තා දැම්මේ. පන්සලට ගියොත් කන්නවත් මොනවා හරි හම්බ වෙන හින්දාය. බුදු හාමුදුරුවෝ දුක නැති කිරිමේ මග හොයාගත්තානම්, මටත් දවසක් බැරි වෙන එකක් නෑ කියා හිත හදා ගත්තේ විමල් අයියා පන රැක ගත්තත්, විජේවීර අයියයි,  ගමනායක අයියයි යයි, බස් ගිනි තියපු උනුයි, වී ගබඩා ගිනි තියපු උනුයි. අයිඩෙන්ටි එක්කහු කර උනුයි, ටයර් සෑයවල් වල නිවන් දකිනවා තම ඇස් වලින්ම දුටු නිසාය.

දොස්තර හීනෙට කෙල වෙලා ගියත්, ලොකු මහත්තයා කිව්වේ කළාව කොරහන් කියලාය. සැන්ට්‍රල් එකේ කළාව කොලාට, ධනපාලයා වැඩි පුර උන්නේ තාත්තා සමග වෙලේය. ඒ මනුස්සයා ලෙඩ ගානේ පවුලක් නඩත්තු කරන එක තව දුරටත් බලාගෙන ඉන්න බැරි නිසා, ගෙදර අයගේ අකමැත්ත මැද්දේම, ධනපාලයා වෙලට බැස්සේ, තාත්තා හින්දාමය. නැතිනම් ඉතින් අඳේ බේරූවාට පසු කන්න වෙන්නේ පොලොවේ පස් බව ධනපාලයාට  තේරුනේ, සාපෙට ලියන කාළයේමය.


"ශ්‍රියා" කෙල්ල හම්බ වෙන්නේ කැම්පස් එකේදි උනත්, ශ්‍රියා කෙල්ල ටවුමේ වෙන ඉස්කෝලෙකට යනවා ධනපාලට හොඳට මතක, කෙල්ල ලස්සන නිසාමය. ශ්‍රියාටත් ධනපාලයා හොඳට මතක තිබුනේ, සමහර විට බාබා නලලේ කොටලා තියෙන්නේ "ශ්‍රියාණී" කියලා නිසා වෙන්න ඇතිය. ගමේ කෙල්ලො හා ගෑණු එක්ක පඳුරු අස්සේ රිංගුවාට, ලව් එක කියලා දෙයක්, ධනපාලගේ බොක්කේ රැඳුනේ, ග්‍රියාණි එයාගේ හදවතින්ම ලව් කියා කියපු දවසේය. ඒ නිසා, කෙල්ල තමන්ගේම කොර ගන්න ගත යුතු පියවර, දෙසරයක් නොසිතාම ගත්තේ, කැම්පස් එකේ පාලු කාමරයකදීය. දැන් ඉතින් ශ්‍රියා කෙල්ල වෙන එකෙක් එක්ක ගිහින් කම්මුතුය යන ආඩම්බර හැඟීමක් ආවේ කෙල්ල අඬනවා දැක්ක නිසාය.

උපාධියත් අරගෙන ශ්‍රියාගේ ගෙදර ගියත් ඒකිගේ අප්පුච්චා කිව්වේ

"කෑලී කපා මූදේ දැම්මත්, සිංගාරක්කාරයින්ට දෙන්න ගෑණු මෙහේ නැත..." කියාය.

"අපි ඒ ජාතියේ උනාට, අපි කරන්නෙත් තොපි කරන දේම තමයි යකෝ, පුළුවන්නම් තෝ දීපංකෝ මහ රජ්ජුරුවන්ට පුතාට.."

කියා, එතනින් දිව්වේ අප්පුච්චා කඩුව උස්සන් එනවා දැකපු නිසාය. උපාධි තුබුනාට ආන්ඩුවේ ඒවාටයි රජයේ ඒවාටයි ඉල්ලුවාට ඒ එකකටවත් ගත්තෙ නැත්තේ, එක්කෝ සුදුසුකම් වැඩියි කියාය, නැත්නම් මදියි කියාය. ග්‍රාමයාට ගල් බෝතලයක් දී ලබා ගත්ත හොර  සහතිකෙන් කරපු සිකුරිටි ජොබ් එක දාලා ආවේ, එතන වෙච්ච හොරකමකට හිරේ නොගොහින් යාන්තම් බේරුන දවසේය. හොරකම කරපු එකාට ප්‍රොමෝසොන් එකක් ලැබුන බව පස්සේ ධනපාලයාට ආරංචි විය.

කලිසම් ගලවා, සරමක් ඇඳගෙන ධනපාලයාත් අපි වවමු නගමු සෙල්ලමට සැට් උනත්, වැව්වේ අඳේටය. හම්බ වෙන සල්ලි ඔක්කෝම අසනීප දෙමව්පියන්ටයි, පොඩි උන්ටයි වියදම් වෙන නිසා, ඇට අට වත්තේ විසි කල ධනපාලයා කුලී වැඩ කරන්න පටන් ගත්තෙ, රටට බත් සැපයුවාට අපිට බත් කන්න වෙන්නේ නැති බව දන්නා නිසාය. ඒ අව් අස්සේ ශ්‍රියාගෙන් නම් ගැලවීමක් නොවුනේ ඒකි බැඳලා එක්කන් ගිය එකා, ඒකි පිරිසිඳු නැතෙයි කියා ආයෙත් ගෙදර එව්ව නිසාය. තමන් විශාල වරදක් කර ඇතැයි සිතු ධනපාලයා, ඩිංගිරි හා කිරා සමග කතා උනේ, ශ්‍රියා උස්සන හැටිය. උන් කිව්වේ උස්සන්න දෙයක් නෑ. ඒකිට එන්න කියහන් අපි සාක්කියට අස්සන් කොරන්නම් කියාය.


තියෙන සබ්බ සකල මානාවම ආමී බෑග් එකක දාගෙන, ගෙදර ආපු ශ්‍රියා, මළ වදයක් උනේ ආපු දවසෙ ඉඳන් බඳින්න ඕන කියපු නිසාය. මල හෝන්තුවයි, සාක්කියට ඩිංගිරියයි, කිරයි අමාරුවෙන් සැට් කොර ගත් ධනපාලයා රෙජිස්ටර් රාළහාමිගේ ටවුමේ ඔපීසියට ගියපු වෙලාවේ කාංඩේ පිලි ගත්තේ අම්මා අප්පා දැක්කා වගේය.

"හප්පේ හුඟ කාළේකින් ජෝඩුවක් ආවේ, ඉඳ ගනිල්ලා, ඉඳ ගනිල්ලා..."

"මනමාලයාගේ නම......"

කියා කියූවත්, නම කියූ ධනපාලයාට පොඩි සැකයක් ඇති උනේ, කසාද ලියන මහ පොත වෙනුවට රිසීට් පොතක් වගේ එකක නම ලියනවා දැකපු නිසාය. එකේ මොනවාදෝ කුරුටු ගෑ රාලහාමි..

"කෝ...... ඉතින් පන්දාහ ගනින්කෝ ඉස් ඉස්සෙල්ලාම......."  කිව්වාම, කිරා ඇහුවේ

"ඇයි යකෝ මුන් ජරාව කනවා කියලා මෙහෙම කනවද යකෝ....."  කියලයා.

"මම කන ජරාවක් නෙමෙයි හුත්තිගෙ කොල්ලො...., මේ ආන්ඩුවට ගෙවන්න ඕන ගාන, තොපි එවා දන්නේ නැතුවද මෙතන හැමිනෙන්න ආවේ...!!!"  කියා පුටුව පස්සට ඇද්දේය.

"ඇ යකෝ....? මේ වෙසිගේ පුතාලට හෙන හතම ගහන්න එපයි...!!! , එහෙනම් රාළහාමී මහත්තයෝ ඔය කසාදේ කුරුටු ගාලා දාන්න, අපි සමෘධී ණයක් හරි අරගෙන වෙන දවසක එන්නම්" කියු ධනපාලයා සෙට් එක එක්කම එතනින් එළියට බැස්සේ ආන්ඩුවට පින් දෙමින්ය.

දැන් ඉතින් බඳින්න ඔනෙත් නෑ, වටේටම කෙළින්න පුළුවන්, රජ කාළේ වගේ නේ යකෝ කියා තමාටම කියා ගත් ධනපාලයා. ගෙදර ආපූ ගමන්, පොලොවේ ගසා වීදූරුව පොඩිවී මුල්ලක තබා තිබූ, මහින්ද මහත්තයාගේ පින්තූරේ බුදු හාන්දුරුවන්ගේ එකට යටින් එල්ලා, පත්තරේකින් කපාගෙන තිබූ, රොටුඹේ පේමරතන හා ගලබොඩඅත්තේ ඤාණසාර අගසව් දෙනමගේ  පින්තූරු බුදු හාන්දුරුවෝ දෙපැත්තෙන් අලවා.....

ගෙයින් එලියට බැස්සේ අරුන් දෙන්නත් එක්ක මලක් ඇඳලා ඇවිත් පන්සලටත් පූජා කරන්නත් එක්කම පැටව් ගහන්න ඕනෑ කියලා හිතාගෙනය......

The End

නිමිත්ත - කසාද බඳින්න දැන් රුපියල් පන්දාහක කසාද බද්දක් රජයට ගෙවිය යුතුය. ආමී එකේ පැටව්ට ආන්ඩුවෙන් ගෙව්වාට. ජහ මනයාගේ පැටව්න්ටත් ලඟදීම බද්දක් ගහනවා ඇත. ඒක ගෙවන්න පන්සලේ පින් පෙට්ටි කැඩුවාට එය දන්ඩ නීතී සංග්‍රහයට අයත් නොවන වරදක් ලෙස නීතී සැකසීමට සිහල උරුමයේ මූලිකත්වයෙන් හැමිනෙන කමිටුව නමින් කමිටුවක් පත්කර ඇත.

ආන්ඩුවේ එකෙක්ගෙන් ඇහුවාම කිව්වේ. එක කාඩ් එකට රුපියල් දහ දාහක් ගෙවන එකේ ඕක මොකක්ද කියාය.. අම්මපා මේක ලැම්බෝගිනි ආන්ඩුවක්මය....

87 comments:

  1. Replies
    1. විනාසයි නේ. දෑවැද්දට තව පන්දාහක් ඇඩ් කරන්න වෙනවා...

      Delete
    2. අපි කරන්න ගියොත් තමයි ඔක්කම. ඔයාව (සිහින මදාරා) එක්කන් මෙහේ එනවා. ඇවිත් අපි බදිමු. හෙහ් හෙහ්.

      Delete
    3. // කසාද බඳින්න දැන් රුපියල් පන්දාහක කසාද බද්දක් //

      දිනේශ්, මේක මම හිතන්නේ ලංකාවේ ජනගහනය අඩු කරන්න ගන්න උපක්‍රමශීලී පියවරක්.

      Delete
  2. //කසාද බඳින්න දැන් රුපියල් පන්දාහක කසාද බද්දක් රජයට ගෙවිය යුතුය//

    මදැයි කොලා...ඒකටත් ඒ හරිය කරලද ? බැන්ඳට පස්සෙ කරන ඒවාටත් බදු නොගෙවන්න කිව්වොත් තමා පුදුමේ..මොනා උනත් කතාව ලියලා තියෙන විදිය නම් සිරාම සිරා..

    ReplyDelete
    Replies
    1. සිරා නෙමෙයි ලිව්වේ... වන් ඇන්ඩ් ඔන්ලි මාතලන්... හංගලා ගහන ඒවා තමයි මේ...

      Delete
    2. හි හී...කතාව සිරා බං..උඹ සිරා නෙමේ...

      Delete
  3. ඇත්තද මාතලන් මේ කථාව ?? යකෝ කසාද බැඳල හොටෙල් එකකට යන්න තියෙන රුපියල් පන්දාහ ආණ්ඩුවට දෙනව කියන්නෙ,අපිට හුකන්න යන්න වෙන්නෙ අරලිය ගහ මන්දිරේට තමා.

    ReplyDelete
    Replies
    1. ඇත්තද නැද්ද මං දන්නෙ නෑ. ඇත්ත නෙමෙ නම් කතා කොරන්නෙත් නෑ නේ. අනේ පලයං බං යන්න මුලු ජීවීතේටම නේ. උඹලා එක සැරේට මීට වඩා වියදම් කොරන්නේ...

      Delete
  4. අපොයි එහෙමත් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. එහම එකක් වගේ පේන්නේ.. ඔය කස්ටිය කතා වෙන්නේ.. බොරුවක් වෙන්න බෑ...

      Delete
  5. සිරාද ඔය නිමිත්ත? එහෙනම් Living to Gather තියරිය තමා හොදම විසදුම.ඒකට බදු ගහන්නේ නැති වෙයිනෙ?

    ReplyDelete
    Replies
    1. රජ කාළේ වගේ. කිසිම බැඳිමක් නෑ. අනේ මේවා කලින් ගෙනාවේ නෑනේ.. තුඃ නොදකින්... ඉරිසියාවේ බෑ....

      Delete
    2. ඉරිසියා හිතුනේ Living to Gather ඒ කාලේ නොතිබුණු හින්දාද ? ;)

      Delete
    3. ඒ කාළේ තිබුනේ ඒක තමයි. අපේ කාළේ නොතිබුන එකයි දුක......

      Delete
  6. මේක උඩින් පල්ලෙන් කියවල හරියන්නෙ නෑ.... ගෙදර ගිහින් කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. පන්දාහක් වැඩිපුර හොයා ගනින්...

      Delete
  7. මාතලන් මේ දව්ස් ටිකේම දේස පාලනේ. අර කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නෙ මැක්කගෙන් වගේ මෙ ටිකේම ලියන ඒව ඉවර වෙන්නෙ ඉලක්ක වෙන්නෙ දේසපාලනේට වගේ.
    සෝයි කතා පොඩ්ඩ ::
    අහ් කියෙව්වට අද තමා ඕන් කමෙන්ටුවක් ඉස් ඉස්සෙල්ලම මන්දො කොලේ.
    මාතලන් මහාචාර්ය තුමාව හොයාගත්තෙ අර ලෑන්ශරිද මුකක්ද මන්ද පෝස්ට් එකෙන්,හි හී, එදැවස් පටන් නිතර නිතර ආමි ගියෙමි :D

    ReplyDelete
    Replies
    1. මේ දවස් ටිකේ නෙමේ. මම හැමදාම කතා කරන්නේ දේශපාළණේ. මොකෝ අපි දේශපාළණ සත්වයෝ නිසා. වෙල්කම් වේවා...

      Delete
  8. Replies
    1. ඇයි මොකෝ....? බඳින්නෙයි උන්නේ....?

      Delete
  9. කුළ බේදය, ජාතික අධ්‍යාපනයේ තිත්ත ඇත්ත, දරීද්‍රතාවය, අඳ ගොවියා, ග්‍රාමියා සිතුම් පැතුම්, ලිංගික කුහකත්වය හා තවත් නොයෙක් කරුණු අඩංගු මෙය කෙටි කතාවකටත් වඩා. සමාජය විනිවිද දකිනා අධ්‍යයනයක් බව මගෙ හැඟීමයි. ඇත්ත වශයෙන්ම නිමිත්තක් ඈදා තිබීම කතාවේ රසයට බාධාවක් බව මගේ හැඟීමයි. එයින් සිඳුවනුයේ මෙය තවත් එක දේශපාළණ ළිපියක් බවට පත්වීම පමණි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ.. එහෙම සඳහන් නොකලනම් ව්න දේ කොමෙන්ට්ස් වලින් පේනවනේ..

      Delete
  10. *කලා තියෙන්නේ,
    දැන් ඕන් ඒකටත් බදු ගහන්න පටන්ගෙනද බන්

    අර සින්දුවක කියනා වගේ,
    "තනේ තිය්න කිරි ටිකටත් බද්දක් හෙට අනිද්දම එයි

    ReplyDelete
    Replies
    1. පොඩි එකා බොනවට ගහන එකක් නෑ. ළොකු ඒවුන් බොනවනම් ගහයි.. මොකෝ ලොක්කා පොඩි උන්ට ආදරෙයි නේ....

      Delete
  11. මට නම් මේ කෑල්ල තේරුන් නැහැ. ඒ කියන්නේ කසාද බදින්න කප්පන් ගෙවන්න ඕනෙද ? එහෙම එකක් මම දන්නේ නැහැනෙ. මොනවද මේ වැඩ? අපි මේ නිර්බදු ක්‍රම ගැන සාකච්ඡා කරනවා. අනේ මෙහෙව් රටක්. මට මතක් වෙන්නේ " සිසිර කුමාර මානික්කාරච්චිගේ සාගරයක් මැද අමන රටක් ඇත" පොතයි.

    ඇත්තටම මේක ඇත්තක්ද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත වෙද මහත්තයා. ඒ පොතේ තිබුන ඒවා නම් මේ වගෙම තමයි.මගෙ ලඟ පොත් කීපයක් තිබුනා හොයල ගන්න ඕනැ.සිරි ලංකා ඉල්ලංකා,අපේ පොතේ ඔහොම නැතේ ,මනෝ රාජ්ජේ, කීපයක්.කවුරුවත් මේ පොත් ආයෙමත් ප්‍රින්ට් කරන්න අදහසක් නැද්ද දන්නෑ.මෙවා මේ කාලෙටත් ගැලපෙනවා,

      Delete
    2. බද්දක්ම නෙමෙයි. එහෙම කියන එක හරි නෑ නේ....? රෙජිස්ට්‍රේෂන් ෆීස්... ලස්සනයිනේ....?

      Delete
  12. ඇත්තටම කියන්න වචන නැත.එච්චරටම සුපිරිය.පොඩි තැන්වලදී පවා [බාබා නළලේ කොටල]සිනා උපද්දවන අදට ඔබින විදියට ලියල තියෙනවා.අතිශ්‍රේෂ්ටයි !!!!

    http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් හැම එකටම හිනා........

      Delete
  13. ඉතා අපූරුයි මාතලන්.. හරිම ලස්සනට ලියලා තියෙනවා..
    අපේ රටේ තියෙන්නේ මහ පුදුම කප්පං සිස්ටම් එකක් තමයි.. (අනික් රටවලත් එහෙම ඇති.. මං දන්නෙ නෑ එවුව)
    අප්පගෙ දේපොල පුතාට ලියනකොට කප්පං ගෙවන්ට ඕන..
    අතේ පාඩුවට බඩු වික්කත් පිරිවැයෙං 1%ක් කප්පං ගෙවන්ට ඕන..
    ඇන්කර්, සන්ලයිට් වික්කහම වෙනම කප්පමකුත් ගෙවන්ට ඕන..
    ඒ තියා සුවිප් එකක් ඇදුනහම.. ඒකෙනුත් දහයෙන් එකකට කෙළිනවනොවැ..
    අඩුපාඩුවට කසාද බඳින්ටත් කප්පං ගන්නවා කියන්නේ.. බඩුම තමා..

    ReplyDelete
    Replies
    1. අපි නිසා කී දෙනෙක් ජීවත් වෙනවද බං. නිවන් දකින්න ඒ පිනම මදෑ.....

      Delete
  14. මාතලන් වර්ගයේ සුපිරි කෙටි කතාවකි, ප්‍රහසනයකි.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්. ප්‍රහසනයක් නෙමෙයි බං. සහතික ඇත්ත......

      Delete
  15. Replies
    1. මොකක්ද 5000 ක් ගන්න එකද....?

      Delete
  16. nai kaida bulathwita kiwwalu. Yanthamata hari kasada bandina adahasak thibuna nam ekath on adin passe ne.

    aya kela gaala pihadanna deyak ne, pasta kathawa

    ReplyDelete
    Replies
    1. මොන මගුලක් කසාද බඳින්නද බන් අහුවෙන එකට කෙලින්නයි තියෙන්නේ. මේවා ගෙන එන අය වගේ... බලහන්කෝ ඉන්න ලස්සන. ගිරිමානිස් උපාසක වගේ....

      Delete
  17. //කසාද බඳින්න දැන් රුපියල් පන්දාහක කසාද බද්දක් රජයට ගෙවිය යුතුය//
    කොහෙද තියෙන්නෙ? කවුද කිව්වෙ? දාන්න බැරිද පොඩිපහේ ලින්ක් කෑල්ලක් කවුරුහරි දන්‍න කෙනෙක් ඉන්නව නං.

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ මාතලංගේ පරිකල්පනයත් කියල.

      @මාතලං අම්මප ඇත්තද බං.. කෝ කෝ ලින්කටු??

      Delete
    2. පරිකල්පනයක් නෙමෙයි බන් මගේ කන් දෙකට ඇහිච්ච එකක්. මම ඒ වෙලාවේ බීලා උන්නෙත් නෑ. හංගලා ගහන ගේම්.. තව මරු ඒවා තියෙනවා...

      Delete
  18. බඩගිනි වෙනුවට ලැම්බෝගිනි
    මුඩුක්කු වෙනුවට මිලියන් සියයේ නිවාස
    සත දෙකේ අම්බලන් වෙනුවට ලක්ශ විසිපහේ බස් මගී ආවාස
    ආණ්ඩුවෙ උපාධියට වෙනුවට එතෙර ඉගෙනුමට ලක්ශ 100න් එහා,

    ජීවිතේට එක පාරක්,.. සොරි,..... දෙපාරක් තුන්පාරක් ......5000 වැඩක්ද දොරේ!

    ලංකාවේ නැති දුප්පත් කමක් මාතලන් හදලා විකුණන්න හදනවා,
    අපි රැවටෙයි ඕවට.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන..... වරදක් කොලත්... සිතකින් නොවේ.....

      Delete
  19. මම මේක කියෙව්වේ කතාවක් කියලා හිතලනේ.
    මේ වගේ දේවලුත් වෙනවද? අප්පා....
    නියමයි එහෙනම් මින් එහාටවත් වයස විස්ස විසි පහ වෙච්ච ගමන් බඳින්න ඕනේ කියන එවුන් පොඩ්ඩක් හරි අඩු වෙයිනේ...
    ඊගාව කොමන්ට් රිප්ලයි එකත් මම දන්නවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කොමෙන්ට් එක මෙතන දාන්නේ නෑ.... දැන් ඉතින් කියන්න තියෙන්නේ..

      කොල්ලන්ට අත්තකිල මතානු යෝගයයි.. කෙල්ලන්ට අංගුලිමාල පිරිතයි කියලා නිකා ඉන්න කියන්න තමයි.....

      Delete
  20. මක් කීවා....

    කළින් හිටි කාර්යාලයේ රෙජිස්ටාර් මහත්තයගෙන් අසා කන්ෆර්ම් කර ගන්නෝනි.

    මොකක් ද අර කාඩ් එකකට 10000යි කතාව.

    ReplyDelete
    Replies
    1. අහල කියන්නකෝ පනේ. මටත් කොන්පෝම් කරගන්න...

      අද කාලේ මගුල් කාඩ් එකක් ගාන දන්නෙ නැතෙයි......

      Delete
  21. Replies
    1. මොකෑ හික් හික් ගාන්නේ......

      Delete
  22. නුඹැට පුතේ අතක් අතේ.. ඒ මඟ මිස නොයන් පුතේ....

    හැබැයි මේකට බදු ගැහුවොත් අනිවා අණ්ඩුව පෙරලෙනවා....

    ReplyDelete
    Replies
    1. ආන්ඩු පෙරලීම කෙසේ වෙතත්.. ලොක්ක මගුලට ගෙන්න ගන්න තමයි හැමෝම ට්‍රයි කොරන්නේ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ අභීත අයියේ,මෙහෙම කියන ඔයා තනිකඩයෙක් නම් නෙමෙයි නේද? හිකිස්! හැබැයි බැරිවෙලාවත් ඕකට බදු ගහනඩ ගත්තොත්,දුංකොළ හා මධ්‍යසාර නොමිලේ ම දෙන්ඩ පුළුවන් වෙනවා සිකුරුයි! නැද්ද?

      Delete
  23. Replies
    1. ඉන්ගිරිසියෙන් කුණු හබ්බයක් නේද කියලා තියෙන්නේ....?

      Delete
  24. සිරා සීන් එකක්ද.. සුද්දගේ කාලේ හොඳයි.

    ReplyDelete
    Replies
    1. සුද්දා ගිය එක තමා අපේ කරුමේ.....

      Delete
  25. මාතලං, උඹේ කෙටි කතාව කියවලා මට පිස්සු හැදීගෙනයි එන්නෙ. පුලුවන් නම් හොයලා බලල කියපං පිස්සොංට බදු ගහනවද නැද්ද කියලා.

    පිස්සෙක් වෙලා නිදහසේ ජීවත් වීමේ මගේ සිහිනය සැබෑ වේවා.

    ReplyDelete
    Replies
    1. පිස්සෙක් උනොත් නිදහසේ ඉන්න බෑ. උඹට දියවන්නාවේ තමයි නවතින්න වෙන්නේ....පිස්සන් කොටුව දැන් තියෙන්නෙ එහේ....

      Delete
    2. හප්පේ ඔන්න මම එහෙනම් ඒ අදහස අතෑරියා

      Delete
  26. කියන්න වදන් නෑ දොරේ රසේ උපරිමයි... මෙහෙම බදු ගහනවා නම් ඉතිං අපේ කොල්ලො කෙල්ලො කසාද කුරුටු නොගා හොර රහසෙම කාමර අස්සෙ පැටව් ගහයි...

    මේ වගේ ඒවම ලියපන්කො ලොකු අයියෙ...

    ReplyDelete
    Replies
    1. මේවම තමයි ඉස්සරහට ලියන්න වෙන්නේ. මට බය පිස්සුව තද වෙයිද කියලයි....

      Delete
  27. Replies
    1. මට තියෙන දුකත් ඒකනේ.. අපරාදේ. මහින්ද අයියා හරි නරකයි....

      Delete
  28. නියමයි.හොඳට ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි... බොහොම ස්තූතියි.....

      Delete
  29. අපිට ඔහොම වෙලා මදි ඕයි

    ReplyDelete
    Replies
    1. ආඩම්බර කාර තාත්තගෙ පුතෙක් වගේ.....

      Delete
  30. F. U. C. K (Fornicating Under Consent of King,)හැදිලා තියෙන්නේත් එංගලන්තෙ රජෙක් හදුන්නලා දුන්න බද්ධකින් කියනවනේ...සමහර විට මේ බද්ධ නිසා ඒ වගේ තවත් ජන්ප්‍රිය වචනයක් බිහිවෙන්න බෑරි නේ

    ReplyDelete
    Replies
    1. මායාත් එහෙනං ෆක් ගැන දන්නවා.

      Delete
    2. අනේ මයියා මිස් වෙලා නේ සොරි වෙන්න ඕන.. මම ඒ කතාව දැන ගත්තේ අදයි. බොහෝම ස්තූතියි....

      Delete
  31. අම්ම ගහයි... ඒ අපේ කලේ එනකොට.. 10 000ක් වත් ගහයි.. මට තාම 17යිනෙ..මා + තලන් අන්කල්.. වැඩිහිටියන්ට පමණයි කිවුවට.. මමත් දැන් ලොකු එකෙක් කියන මෙවුව එකෙන් තමයි බැලුවේ ඈ

    ReplyDelete
    Replies
    1. ඒ ගානෙන් බේරුනොත් ළොකු දෙයක්

      Delete
  32. මේකත් ලැම්බොගිනි වගේ කතාවක්ද දන්නේ නෑ නෙ...

    කලින්ම බැඳගත්ත එක හොදයි කියලා හිතන්නත් මෙහෙම එකක් වෙන එක හොදයි වගේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. ලැම්බෝගිනි වගේම තමයි මේවා පරම සත්‍ය

      Delete
  33. කවද හරි බොක දාන්නත් ටැක්ස් ගහයිද බං ?

    ReplyDelete
    Replies
    1. ගහනවා ආයේ දෙකක් නෑ... ප්‍රමාණය අනුව ගහයි...

      Delete
  34. අම්මට සිරි කිවලු..ඔය කියන පනත හරි මොකක් හරි සම්මත වෙන්න කලින් ඉක්මනට කෙල්ලව බැඳගන්න එක නුවණට හුරැයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔයා ලේස්ති වෙන කොට පෙරහැර ගිහින් තියෙයි

      Delete
  35. හෙනම ගහපන්.....
    කොහොම උනත් මාතලං අයියේ..මේ කතාව ගෙතුව විදිහනම් පට්ට ලස්සනයි....5000ට අමතරව හිතනවනම් තේරුම් ගන්නවනම් තව පැති ගොඩක් මේක අස්සේ තියනව..

    ReplyDelete
    Replies
    1. පොරවල් කීපෙකුත් කියලා තිබුනා... තෑන්ක්ස්

      Delete
  36. //කසාද බඳින්න දැන් රුපියල් පන්දාහක කසාද බද්දක් රජයට ගෙවිය යුතුය//

    හපොයි.... මදැයි කොලා.... අපිටමයි වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. පැනල යන්න අනේ.... වගකීමකුත් නෑනේ... හිතුන වෙලාවට ගියා

      Delete
  37. තරු නැතිව මේකා කුණුහබ්බ ලියලා නේද? හිටුකෝ බද්දක් ගහන්න ඕන මේකට :D

    ReplyDelete
    Replies
    1. ඒකනේ යකෝ ඉලක්කම් අනන් මනන් නැතිව කෙලින්ම දැම්මේ ඇඩම්ස් ඔන්ලි කියලා

      Delete
  38. පට්ට කතාව.

    ReplyDelete
  39. මම මේ නොදන්න කමට අහන්නේ, අර හාමුදුරුවරු දෙනම (අගසව්) ගැන සඳහන් කරේ ඇයි ? ඒ අයගේ සම්බන්දය මොකක්ද ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න