.

.

Dec 10, 2012

දෙරණ ඩ්‍රීම් ස්ටාර් - Derana Dream Star

The Best Talent Ever

එකෙක් හෝ මොනවා හෝ ලියනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියෙමි. මොකෝ, බ්ලොග් ලෝකයේ වැඩිපුරම ඉන්නේ තරුණ කස්ටිය නිසාය. එහෙත් එකෙක්වත්, මක්කාවත් ලියන පාටක් පේන්න නැතිය. ඒ කියන්නේ තරු සංකල්පෙට කෙලවෙලා වගේය. සමහර විට මේක ඇස්. ඇම්. ඇස්. වලින් හම්බ කරන් කන කෙලියක් කියා හැම එකාටම තේරිලා වගේය.ඒ නිසා කවදත් මේ ගැන ලියන මම, මේ වර අවසාන තරඟය හා ජයග්‍රාහකයා ගැන මෙන්ම, තරු සංකල්පය ගැනත් ලියන්නට හිතාගත්තේය. අද තිබෙන රූපවාහිනී නාලිකා අතරින්, අපුලක් නැතිව නැරඹිය හැකි නාලිකාවක් වන දෙරණද, කෙමෙන් කෙමෙන් අප්පිරිය වන්නට පටන් ගනිමින් පවතී.

මුලින් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමිකරගත්, "සසිඳු විජේසිරි" තරුණයාට මාගේ උණුසුම් ෂුභ පැතුම් පිරිනමන්නෙමි (නදීක ගුරුගේ කියනා අයුරින්ම) ඒ, ඔහු දුෂ්කර ගමක දුප්පත් කොල්ලෙක් නිසාවත්, හැඟිම් බර කොල්ලෙක් නිසාවත් නොව, ඔහුගේ ටැලන්ට් එක නිසාය. කලින් සඳහන් කළ දෑ මට අදාල කරුණු නොවේ. මගේ නිගමනය අනුව, ලංකා ඉතිහාසයේ මෙතෙක් තරඟයකින් බිහිවූ, ටැලන්ට්ම බුවා සසිඳුය, දෙවන ස්ථානය දිණු රවීන්ද, අති දක්ෂ ගායකයකු වූවද ඔහු ගී ගායනා කරන විට, "වික්ටර් රත්නායකයන්" මතකයට නැඟිම වැලැක්විය නොහැකිමය.

ෆීල්ඩ් එකේ බුවාලා, සසිඳුට දුන් අවවාද වලින්, නිහතමානී වීම, මුල අමතක නොකිරීම, ඉක්මනින් තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීම යන කරුණු හා එකඟ වූවද, ලංකාවේ තිබෙනා කාළකන්නි ක්‍රමයක් වන ප්‍රවීණයන් හා ප්‍රබුද්ධ යයි කියාගන්නා උන් ඉදිරියේ දනින් වැටීම නම් නොකල යුතුමය. හොඳම උදාහරණය ෂෙහාන් මිහිරංගයි. තමන් තුල දක්ෂ තාවයක් පවතී නම්, එක එකා ළඟ දනින් වැටිය යුතු නැත. මෙතන් පටන් ඔබේ අනාගතය, ඔබ ගොඩ නගා ගත යුතු අතර, එකෙක්වත් ඔබට ඉදිරියට යාමට අත දෙන්නේ නැත. ඒ නිසා සියල්ලටම වඩා ආත්ම ශක්තිය වර්ධනය කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුය.

සිරසෙන් බිහිවූ තාරකාවන් ප්‍රසංග වේදිකාව ජයගත්තද, දෙරණින් බිහිවු එකම තාරකාවක්වත්, දිදුලන්නේ නැත්තේ මන්දැයි යන බලවත් ප්‍රශ්ණයක් මට ඇත. එයට හේතුව, ගිවිසුමක් හෝ වෙන යම් කුමන දෙයක් වූවද, එවන් දෙයක් තිබෙන්නේ නම්, එය ජයග්‍රාහකයින්ට කරණා අමානුෂික අසාධරණයකි. දෙවන වර ජයග්‍රහණය කල විසිල් ගහන කෙල්ල නොහොත් අපේ ජොනි සීයගේ දුව නොහොත් උපේකා නිර්මාණී දෙරණට පමණක් කොටුවීම රසිකයනට කරනා අසාධාරණයකි. එය ඇගේ කැමැත්තෙන් සිඳු වන්නේ නම් අපට කරන්නට දෙයක් නැත. එසේනම් ඇය ඇයගේ රසිකයනට කරනුයේ බලවත් අසාධාරණයකි. 

සුපිපිගේ කොට්ට් උරේ
එසේ නම්, දෙරණින් බිහි කරනුයේ "තරු" නොව, "උල්කාපාත" බව නොකියා සිටිය නොහැකිමය. මෙවර අවසාන තරඟය බලන්න අප්පිරිය මල ජරාවකි. තරඟ කරුවන්ගේ ගායනා හැර, අන් සියල්ලම ගූ ගොඩවල් බව කිව යුතුය. දෙරණ වීඩීයෝ අවෝඩ්ස් හා දෙරණ ඩ්‍රීම් ස්ටාර් අතර පරතරය, අහසට පොලොව මෙනි. මෙය නිශ්පාදකයන්ගේ වරදක්ද යන්න දන්නේ ඔවුන්මය. කීර්ති පැස්කුවෙල්, අමිලගේ මෙන්ම අවසන් තරඟ කරුවන් තිදෙනාගේ ඇඳුම් නිරමානය කළේ සාරවිට කාරයෙක්දැයි නොදනිමි. මේවා කෝට් නොව වෙසක් කූඩූය. කෙල්ලන්ගේ ඇඳුම් ගැනත් කිව යුත්තේ එයමය. බ්‍රෙන්ඩා මෙන්ඩිස්ට මෙන්ම සුපිපි පෙරේරාගේ ඇඟවල් වලට ගැලපෙන ලෙස ඇඳුම් සකසා ගත නොහැකි මෝස්තර කරුවා බූරූවෙකි. ඒ කෙල්ලන් දෙදෙනාගෙම මුහුණු වල සුන්දරත්වය, ශරීරයට නොගැලපෙන ඇඳුම් අන්දවා විනාශ කර දැමුවේය.

සුන්දර මුහුණ බ්‍රෙන්ඩා
ගැලපෙන ඇඳුම් ඇඳගෙන සිටියේ, චන්ද්‍රිකා ඇන්ටි හා නදීක ගුරුගේ සහෝදරයා පමණි. වේදිකාව නිර්මාණශීලී වූවද, ආළෝක වර්ණයන් සිත් ඇඳ බැද ගත්තේ නැත. අළුත් ගායනා නොහොත් නව නිර්මාණ ගැන නම් කිව යුත්තේ සංගීත ළෝකෙටම හෙන ගහලා කියාය. ඒවායේ පද රචනය මෙන්ම සංගීතයද මීගමුවේ ගෑණූ මල ගෙවල් වල අඬනවා වාගේය. නදීක ගුරුගේද ගෙම්බන් ඇඬවීම කලේ ගෙම්බන්ට බලන්නට විය යුතුය. එක්කෝ මුන්ට පිස්සුය. නැත්නම් ඒත් පිස්සුය.17 වන ස්ථානය දක්වා තෑගී පිරිනැමීම අගය කළ යුතු වූවද ඒ සඳහා ගත කාළය මහා කාළකන්නි වැඩකි. තරඟ කරුවන්ගේ හැඟිම් විකිනීම අමිල ඉතා ඉහල මට්ටමකන් කලද, සඳහන් කල යුතුව ඇත්තේ එය ඉතා හිරිකිත වැඩක් බවයි. (සිරසේ අළුත් වැඩසටහන, සෑම අතින්ම, ඉතා උසස් මට්ටමක ඇති බව කිව යුතුමය. දෙරණ හැඟීම් විකුණා, අහිංසකයන්ගේ කඳුළු විකුණා හම්බ කරන් කෑම වහාම නැවත්විය යුතුමය), අවසාන ජයග්‍රාහකයින්ට පිරිනමනා කුසලාන ,ඔයිට වඩා විශාල ලෙස සකස් කර, වෙනත් ස්ථානයකදි, ඒවා ක්‍රේන් එකකින් ඔසවා, ජයග්‍රාහකයාගේ ඔළුවටම අත හැරියානම් ඉවරය.
ස්තූතියි...!!! නදීශා....


සම්මාණයක ප්‍රමාණය ගැන නොදන්නේ නම්, දෙරණ නිව්ස් විකාෂණය යන විට, පැත්තකින් තබා ඇති ජාත්‍යන්තර සම්මානය නිශ්පාදකයන්ට පෙන්නුවානම් අහවරය. ඒ සම්මානයට අපද, අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමනවාය. එහෙත් ඇඩ් එකකින්, සෝමවාහිනියේ අඬන උන්ට කින්ඩිය දාන දෙරණත්, දැන් ඒවා දාන්නේ රෙදි ඇඳගෙනදයි නොදන්නේය.මුළු ප්‍රසංගයේම, මාගේ සිත් ඇඳ බැඳ තබා ගත් එකම දේ වූයේ, නදීශා හේමමාලිගේ සුන්දර ගල් දෙකය. අප්පිරියා වැඩ සටහනක් අන්තීම මොහොත දක්වා නැරඹීමට උදව් කල නදීශා හේමමාලී නම් සොඳුරු යුවතියට මාගේ උත්තමාචාරය.


-x-


100 comments:

  1. හෙහ්.. මමනං හිටියේ උඹම ලියනකං. ඇයි බං උඹම නෙව ලිව්වේ.. අවංකව මමනං හිතන්නේ නෑ මිනිහය දිනන්න ඕන කියලා.. එතන නිකං අනුකම්පං උපාදාය එකක් තිබුනේ හරියට සිරසේ සීසන් 1 වගේ.. නදිෂාට ස්තුති කර අහවරද? අටම ඒකට නං උඹට බනින් එක සිතුරුයි.. ඌ කැමතිම නෑලු ඒකි බදින එකාට.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒකී බඳින්නේ අටමා කැමති එකා නෙමෙයිනේ. ඒකී කැමති කෙනෙක්. අනික අටමගේ පුතාට හොඳනම්, අනික් උන් බැදගත්තම ඌට කහනවද....?

      Delete
  2. ඩ්‍රීම් ස්ටාර් නොබැලූ නිසා ඒ ගැන යමක් කියන්නට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් තරු සංකල්පය ඔස්සේ ටැලන්ට් නොමැති වුණ් අතරේ අතිමහත් කුසලතාවයන් පිරිපුන් තරුණ තරුණියන්ට ද ඉදිරියට ඒමට ඉඩක් ලැබෙන නිසා එය කවුරුන් කරත් අගය කළ යුතු කාර්‍යයකි.තව දුරටත් කලාව යනුවෙන් යමක් ඉතිරි වී නොමැත.පවතින්නේ කර්මාන්තයන් පමණි.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ ඕකමයි ... මම බැලුවෙත් නෑනේ ......තිත්දෙකයි ඩී

      Delete
    2. හොහෙන හරි කමක් නෑ සින්දුවක් අහන්න පුළුවන්නම්

      Delete
  3. ඔන්න මාතලන් ගොයියෝ අවුරුද්දක් ඇද්ද තරගේ අහවර වුනා,

    මාත් ඕක බැලුවා නොවැ, මම ඕක බලද්දී හිටියේ තිස්සමහාරාමයේ වන්නි කොරේ.
    මම නැවතිලා හිටිය ගෙදර, ගොවි ජන මහතුන්ට මේ තරගය හා තරග ජයග්‍රාහකයන් ගැන තිබ්බ දැනීම , වුවමනාව මට අදහා ගත නොහැකි වුනා. ජීවිතයේ 60 දශකය පහුකරන, ගොවිතැනින් දිවි ගෙවන මොවුන් හට එම තරග විඩා නිවන සුව ඔසුවක් වෙලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. උඹ කියන දේ ඇත්ත ඔය ගැන වෙනම පෝස්ට් එකක් උනත් ලියන්න පුළුවන්. මාධ්‍යයක වග කීම වෙන්න ඕන, දෙයක් ගැන නොදන්නා කෙනා ඉල්ලන දේ දීම නොව. උසස් දෙයක් ලබාදී රසිකත්වය වර්ධනය කිරීමයි....

      Delete
  4. මමත් ඕක අතරින් පතර බැලුවා ..අන්තිම එකෙත් මුලින්ම සිංදු කියපු එක බලලා නිකා හිටියා.. එහෙම බලන්න තරඟ ගතියක් තිබුනේ නැහැ එකේ ..එත් සිරස(1,2 ඇරුනාම සිරස සුපර් ස්ටාර් අනෙක් ඒවා බැලුවේ නැහැ ) මේ පාර තරගය ටිකක් හොද එකක් වෙන ලකුණු තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. මේ පාර එකනම් සෑහෙන ස්ටෑන්ඩඩ්.... ඉදිරිපත් කිරීම උපරිමයි.. සරළයි.... ප්‍රියමනාපයි

      Delete
  5. මගේ අදහස..
    1. සසිඳු විජේසිරි දිනන්නේ අජිත් බණ්ඩාරගේ ලොජික් එකෙන්.
    2. හැබෑවටම තරුවක් කියන්න පුළුවන් චරිතය "ශිහාන්" විතරයි.
    3. කමල්ගේ Presentations ඉක්මවා යන්න [හෝ සම කරන්න ] කෙනෙක් හොයාගන්න තාම බැරිවී තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කමල්ට වඩා හොඳ ප්‍රසන්ට'ස්ල ඉන්නව ගොයියෝ. ....
      අමිල නම් වැඩක් නැහැ. අර ස්‍රී ලන්කන් ලයිෆ් කියල එකක් ගියෙ අන්න ඒක කරපු එකා නම් නියම ප්‍රසන්ට' කෙනෙක්. නම මතක නැහැ. නලුවෙක් උනත් සාරන්ග දිසාසේකර උනත් හොඳයි කමල්ට වඩා ප්‍රසන්ට' කෙනෙක් විදියට

      Delete
    2. අජිත් බන්ඩාර දිනුවේ අනුකම්පාවෙන්... අවධානයෙන් බලන්න.. සසිඳුට පුලුවන් බොකු රත්වෙන්න ටෝක් දෙන්න... තමන්ට ඩ්‍රීම්ස්ටාර් කිරුලා ඕනෙත් නෑ ඒත් එපාත් නෑ කියන එක සසිඳු සමබර කරේ ඒ ටෝක් වලින්.. අජිත්ට එහෙම හැකියාවක් තිබ්බේ නෑ.. අදටත් නෑ... ඉතිරි ටික මම මගේ කමෙන්ට් එකෙන් කියන්නම්...

      Delete
    3. මෙවැනි කරුණු ගැන අදහස් සාපේක්ෂය.ප්‍රේක්ෂකයා වැඩ සටහනට ඇඳ බැඳ තබාගැනීම හැමෝටම එක ලෙස කරන්නට බැරිය. රියැලිටි කලාවට අනුව තරඟකරුවන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කළද කුතුහලය ඇවිස්සීමේ කලාව උපරිමයෙන් ප්‍රදර්ශනය කළේ කමල්ය.බොහෝ රියැලිටි නිවේදකයෝ ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපත් කිරීම යන්න කරති.නමුත් තරඟකරුවන්ගේ ගායන, නර්තන වලට අමතරව නිවේදකයාගේ ඉදිරිපත් කිරීමද බලාගෙන සිටින්නට තරම් දෙයක් තිබිය යුතුය.

      Delete
    4. කමල් වනාහී වැඩ්ඩෙකු නොවේ ( නිවෙදනය ගැන මිස ඔහුගේ රංගන හැකියාව මෙහිලා කථා නොකරමි ... ඔහු සැබැවින්ම දක්ෂ නලුවෙකි ) කමල්ට වඩා ගේමට එන්ටර් වන අය බොහොය ... නමුත් කමල් අළුත් ශෛලියක් හදුන්වාදුනි ... ඒය අගය කරමු

      Delete
    5. 1. මම ඔබේ තර්කය පිලිගන්නේ නැත. අභීත හා එකඟවෙමි.
      2. හා 3. යන කරුණු හා එකඟයි....

      Delete
    6. සුපර් ස්ටාර්ස් ලගේ වැඩ කිඩ ගැන මා ලියූ ලිපිය..

      http://www.thapasgekoloma.blogspot.com/2012/12/blog-post.html

      Delete
  6. මම නම් ඕවා බලන්නනෙ නෑනේ අයියණ්ඩියා ඒ නිසා වැටහීමක් නෑ..සිරසෙත් මුල්ම එක විතරයි බැලුවෙ.. හැබැයි අර අමිල හැගීම් විකුණන් කනවා කියපු එකට නම් මමත් එකගයි..
    ජය!

    ReplyDelete
    Replies
    1. මට තියෙන ප්‍රශ්ණේ බලන්නේ නැත්නම් කොහොමද හැඟීම් විකුනන් කනවා කියන එකට එකඟ වෙන්නෙ කියන එක...

      Delete
    2. අවසාන මහා තරගෙ බලනවනේ.. ;)

      Delete
    3. බලන්නෙ නැතුව විවේචනය කිරීම අසාධාරණයි...

      Delete
  7. ඇත්තම කියනවනම් මට ඔය තරු වැඩසටහන් අරහන් ඒ තරුන තරුනියන්ගේ හැකියාවන් සෝඩා බෝතලේ වගේ පිපිරෙන්න හැරලා පිපිරෙන සද්දෙන් මඩිය තරකරගන්න චැනල් ගැන ඇත්තටම කේන්තියක් එන්නේ
    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. කේන්තියක් තිබුනට විවේචනය තුලින් යහපත් ළෝකයක් ගොඩ නගන්න පුළුවන්. බලන්න සිරස වෙනස් වූ අපූරුව. මම බ්ලොග් ලියනවා වගේම මගේ අදහස් දුරකථනයෙනුත් ඔවුනට පෞද්ගලිකව කියනවා...

      Delete
  8. මෙච්චර යාන් හෑල්ලක් ලිව්වෙ ඔය "බෝන්"ලි දෙකට උපහාර දක්වන්නද?:):):)

    ReplyDelete
    Replies
    1. අන්න හරි කෙන්ජි! කතා කරන්න ඕන මේව. :)

      Delete
    2. පිස්සුද බන් කිරි ගරුඬ වගේ නේ.. නරියෙක් මිදි තිත්තයි කිව්වලු...

      Delete
  9. අපිටම මෙහෙම නම් නදීශගෙ ඉස්සරහින් හිටපු එකාට කොහොම ඇද්ද? මෙවන් නෙත්කලු දර්ශනයක් අප සමග බෙදා ගැනීම පිලිබඳව අපගේ ස්තුතිය!

    ReplyDelete
    Replies
    1. @සබිත්,
      ඌ තිස්සෙම අතේ පයේ තිබ්බ ඒව බිම දදා ඇහිදින්න ඇති නේද ?

      Delete
    2. මේන් ඉන්නවා අවංක කොල්ලෝ....

      Delete
  10. පළමු ස්ටාර් එකේ ටිකක් ඇරෙන්න ස්ටාර් තරඟ බලා නැති සහ නොබලන නිසා මේ සම්බන්දව නොදනී...

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. බලන්නෙ නැත්නම් ඒ ගැන කතා කරන්න දන්නෙ නෑ නේ...

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අනේ මාතලන්... උඹ ගල් දෙක දිහා නෙත් නොපියා බලං හිටි හෙයින්.. ගල් දෙකට උඩින් තියෙන අලි බඩ ගෙඩිය මිස් වී ඇති බව පැහැදිලිව පෙනේ.... ඒ නිසා ///නදීශා හේමමාලී නම් “සොඳුරු යුවතිය”/// කිව්ව එක ගැන හිතාගත හැකිය...

      අහෝ මාතලන්..... උඹ ගැන දුකයි.....

      හි හි..

      Delete
    2. හිරු වටේට ගසමි වැට :)

      ++++++++++++++++++++++

      Delete
    3. හිරු, කොන තෙමෙන ගල් මිස ආතල් කන බඩ ගෙඩි කුමට බලමුද? මාතේ...වරේන්.....

      Delete
    4. හිරු
      බඩ, ටයර්,..... කියන්නෙ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය බොල! තාම දන්නෙ නැද්ද ඒක? :)

      Delete
    5. මේකිගෙ තියෙන ඉරිසියාව.. මම දැක්ක බඩක් නෑ.. දැක්ක එක ගැන කිව්වේ.. අනික අර අභිං කිව්වා වගේ බඩ පොඩ්ඩක් තිබුනට මක්ක වෙනවයි...

      Delete
  12. ශිහාන් මිහිරංග ඇර තමන්ගේ අනෙන්‍යතාවක් තියාගන්න පුලුවන් කෙනෙක් බිහිවුනාද මන්ද ඔය වැඩසටහන් වලින් . සුරේන්ද්‍රට ටැලන්ට් එක තියෙයි , මිනිහා ජෝතිව රීමික්ස් නොකර තමන්ගෙම දෙයක් කරනවානම් . කෝ අර "දොස්තර පුතා " දැන් ?

    ප.ලි- ලංකාවේ රියලිටි බැලීම අත්හැරලාය , ප්‍රියතමා ගායිකාවත්(ලංකාවේ නොවේ ) ඔවැනි වැඩසටහනකින් ආපු කෙනෙක් නිසා කන්සෙප්ට් එකට විරුද්ධ වෙන්නට බැරිය .නමුත් ඔවායේ හැබෑ දක්ෂයා යටගොස් වෙනත් සාධක බලපා ජයග්‍රහණය කිරීමට ඇති හැකියාව පිලිබඳ කණගාටුය

    ReplyDelete
    Replies
    1. "කෝ අර "දොස්තර පුතා " දැන් ?"

      ඌ වෙදකම් කරගෙන ඉන්නව. ඇයි තොට ඉරිසියාද?

      Delete
    2. හැබෑ දක්ෂයෝ යට යාමක් නම් වෙන්නේ නෑ. විවිධ දක්ෂතා තිබෙන අය අතරින් කෙනෙක් ජය ගන්නවා.. එකම තරඟයකවත් ටැලන්ට් නැති එකෙක් දිනුවෙ නෑනේ...

      දොස්තර පුතත් අම්බ ටැලන්ටඩ්..

      Delete
    3. @ Buwa, "ශිහාන් මිහිරංග ඇර තමන්ගේ අනෙන්‍යතාවක් තියාගන්න පුලුවන් කෙනෙක්"

      Read this please, (Is that the identity of Shihan Mihiranga? lol)

      http://meeghaya.wordpress.com/2012/05/13/%E0%B6%B8%E0%B7%8F-%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B7%9A-%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%A0%E0%B7%9E%E0%B6%BB/

      Delete
  13. මම ඉන්නේ වාද්දුවේ. ඒත් දෙරණ පේන්නේ නැහැ. කොහොමත් සිරස සුපර් ස්ටාර් 1 උනන්දුවෙන් බැලුවා. අනෙක් ඒවා ෆයිනල් 20 මට්ටමෙන් බැලුව. අනෙක් චැනල් වල ඒවා බලෙන්නෙම නැහැ. ඒත් ටැලන්ට් කෙනෙක් හිටියොත් ෆලෝ කරනවා. ඒ හින්දා දෙරණ විජේසිරි ගැන කියන්න දන්නේ නැහැ. පස්සේ බලමු. ශිහාන් ගැන කතාවට මමත් එකග වෙනවා. ඌ සැබෑ දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. වාද්දුවට පේන්නේ නෑ.. පිලිගන්නත් අමාරුයි...

      Delete
  14. තරු වැඩසටහන් බලන්නට එතරම් කැමති නැත, බලන්ට වෙලාවක්ද නැත. එව්වා තියන එක නම් අවුලක් නැත. ඒවාගෙන් ආපු කොලු, කෙලි රෑන එලියට ආවෙ ඒවා නිසාමය. නැත්තම් උන් අදටත් අපි දන්නෙ නැත.

    මම නම් කවදාවත් එස්.එම්.එස් යවා නැත, එක වරක් එස්.එම්.එස් යවන්ට කියා රුපියල් සීයේ කාඩ් බෙදුවා මතකය. තව අනුන්ගේ නම් වලට ලබාගත් සිම් වලින් එස්.එම්.එස් යවන ජිල්මාට් එකක් හරහා එස්.එම්.එස් යවා තිබුන බව පත්තරේක කියෙව්වා මතකය. ඒ නිසා එස්.එම්.එස් වලින් ලැබෙන තීරනයත් සාධාරනයි කියන්නට මට නම් බැරිය. ටැලන්ට් තියන කොල්ලො වෙනුවෙන් පාරතොටේ එස්.එම්.එස් හිගන හැටි දකිනාවිට දුකය. අනෙක් එස්.එම්.එස් වලට වඩා පනස් ගුණයක් තරම් වැඩිපුර වියදම් කර යවන එස්.එම්.එස් වලට සැබෑ වටිනාකමක් ලැබෙනවාද යන්න සැක සහිතය.

    තරු වැඩසටහන්වල කොටස් "ඔයා බටේ" වෙත ගොස් බලා සැනසෙන්නට හිත හදාගත හැකිය.

    මම දකින විදිහට නම් එය තවත් අදික ලාබ ලබන වියාපාරයක් පමණකි.

    ReplyDelete
    Replies
    1. සෑම දේටම වටිනාකමක් තියෙන නිසා මේකට තියෙන එක ගැන කතා කරන්න දෙයක් නෑ. එස් එම් එස් යවන උන් නම් හරක්...

      Delete
  15. ටීවී බැළුවේ නැහැ කාලෙකින්... නදීශගේ ගලනං තාමත් විකුණන්න පුළුවන් වගේ... ඕකි ගල විතරක් එළියේ දාගෙන ඉද්දීනං ආස හිතෙනවා.. ඒත් අර ඉන්දියාවේ ගෙහුංද කොහේද බිකිනියකට බැහැලා ගත්ත පොටෝ ටික දැක්කමනං අප්පරසන්න හිතුනා... වැඩියම ඇඳුං ගලෝපුවාමත් ඇති ලස්සනක් නැහැ කියන්නේ ඒක වෙන්ටෑ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ කොච්චර ලස්සන එකක් එක්ක උනත් කළුවරේ නිදා ගන්නේ.....

      Delete
  16. අයියෝ... මං බැළුවෙ නෑනේ.. අයියෝ නදීශා :(

    ReplyDelete
    Replies
    1. ඔන්න බලාපං. දැං කතාව අමතකයි. මාර්කටින් සපෝට් එක විතරයි දුවන්නේ. අනේ මෙහෙම උන්..හැක්...

      Delete
    2. පින්තූරෙවත් බලා සැනසිය....

      Delete
  17. මම නම් ඔය මලඉලව් බලන්නෙ නැහැ. මහ වාතයක්, ඉස්සර රෑ 9.30 න් විතර පස්සෙ දෙයියනේ කියල බලන්න දෙයක් තිබුණ ඔය තිබුණ චැනල් දෙක තුනෙ. චැනල් හැටහුටාමාරක් තියෙන අද මේ තරු තේරිල්ල නිසා ටීවී බැලිල්ල එපාම වෙල ගිහිල්ල.

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතින් ගීතයට සංගීතයට ලැදි නිසා පේන වෙලාවට බලනවා...

      Delete
  18. අද කන පුපුරන්න වෙරි... කමෙන්ට් හෙට උදේ නැත්නම් අද රෑ....

    ReplyDelete
    Replies
    1. හෙහ්... ලංකා බේබදු සංගමයේ සාමාජිකයෙක්වත්ද???

      Delete
    2. එච්චරම බොන්නෙ නෑ නේද....?

      Delete
  19. අනේ මන්දා ඔව්වට මම නම් කිසිවක් කියන්නේ නැහැ. මම නම් කොහොමත් ඔය වගේ ඉලව්වල් බලන්නේ නැහැ. මොකද ඔතන වෙන්නේ නිෂ්පාදකයන්ට ඕනේ දේ කලින් ප්ලෑන් කරගත්ත දෙයක් මිසක් සුදුස්සාට සුදුසු තැන දීම නෙවෙයි. ඕකෙන් දක්ෂ කොල්ලන්ට කෙල්ලන්ට වෙන්නේ අසආදාරණයක්. සාදාරන විනිශ්වයක් දෙනවානම් ඔන්න මමත් කැමතියි. දැන් කියන්න එපා කෝරලේ උඹත් ගියාද කියල සින්දු කියන්න.

    ReplyDelete
    Replies
    1. සාදාරන විනිශ්ච කොහෙද බන් තියෙන්නේ.. උසාවියෙත් නැති කොට.... මේ ලංකාවනේ....

      Delete
  20. මෙවන් දෑ නුදුටු දෑස් කුමටද

    දෙලොවක් අතර සිට

    ReplyDelete
  21. මේ වැඩසටහන නොබැලුව නිසා ඔය ගැන කිසිත් නොකියමි. මොකද මම ඕකේ මොක්කු හිටියද කියාවත් නොදනිමි. හැබැයි දැන් දැන් ඔය තරු වැඩසටහන් මහා විකාරයක් බව නම් පෙනේ.....

    ReplyDelete
    Replies
    1. තරු වැඩ සටහන් නෙමෙයි කසාදෙත් කාළයක් යබ කොට එපා වෙනවා....

      Delete
  22. ස්ටාර් තරඟ බැලීම අත්හලෙමි .ස්ටාර් තරඟ පිළිඹඳ යහපත් හැගීමක් නැත

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මක්ක කොරන්නෙයි....

      Delete
  23. හික්ස් මම නම් ෆයිනල් එක බැලුවේ නැහැ ඒත් කලින් ඉඳන්ම ප්‍රාර්ථනා කරේ සසිඳු කිරුළ දිනන්න ඕන කියලා.ඒ වෙන මොකටවත් නෙවේ ගමේ අහිංසක හැඟීම් බර කොල්ලෙක් නිසා.මට ඔහු ගැන සසල කල අවස්තාවක් වුනේ දමිල ජාතික වේලායුදම් නමැති තරඟකරුව තරඟයෙන් ඉවත් වුන වෙලාවේ සසිඳු ඇඩුවා මුල මතක් කරලා ඔහුට තරඟ අවස්ථාවකට අඳින්න ඇඳුමක් නැති වෙලාවක වේලායුදම් අඳින්න කලිසමක් දුන්නා කියලා.

    මනුෂ්‍ය කම කෙසේ වෙතත් ඔහුගේ දස්කමද අගයනවා ඔහුට හොඳ හැකියාවක් තියෙනවා.ඒ තරඟයෙන් ඔහු දෙවෙනිස්තානයට පත් වුනා නම් ඒක ඔහුට කරන අසාධාරණ කමක්.

    ReplyDelete
    Replies
    1. වේලායුදම් අයින් වෙන වෙලාවෙ සසිඳු අඬපු හැටිනම්, දුක හිතුණා හොදටම.. :(

      මමත් සසිඳු දිනනවානම් කැමැත්තෙන් හිටියා, දුප්පත්කමට වඩා දැනෙන්න සින්දු කියන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන නිසා...

      Delete
    2. ඒකත් ඌගේ ටැලන්ට් එක. එතන පොඩි මාකටින් පාරක් දාගත්තා. ඒක විකුනලා දෙරණත් අප් උනා. ඕන නම් කපලා දාන්න තිබුනනේ. මේව නම් ඉතින් අමු ගොන් පාට් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔය වයසෙ කොල්ලන්ට ඕන ඕන කලිසම අඳින්න නෑ කියන එක මහ ළොකු දෙයක් නොවෙයිනේ..

      Delete
  24. //ලංකා ඉතිහාසයේ මෙතෙක් තරඟයකින් බිහිවූ, ටැලන්ට්ම බුවා සසිඳුය, \\ මේ ගැන කිසිඳු විවාදයක් නැත... ගීත ගායනා කිරීමටත් නරඹන්නන් සේම අනිත් උදවිය ටෝක් වලින් නමන්නට සහජ දක්ශතාවක් ඔහු තුල පවතී.... මට හිතෙන විදිහට රියැලිටි කලාවේ පොරවල් වූ ශිහාන් හා සුරේන්ද්‍ර අභිභවා සසිඳු ඉදිරියට යන දිනය වැඩි ඈතක නෙවේ... මොකද ඔහුට තියෙන්නේ ජන්මයෙන් ආපු අලෙවිකරනයක්...

    ReplyDelete
    Replies
    1. මගෙත් පිලිගැනීම ඒකම තමයි..... ඌ කිසි දවසක තරඟයකට ගිහිනුත් නෑ.. මේ උගේ පළවන තරඟය...

      Delete
  25. ඔහොම එකක් තිබුනදවත් කියලා මම නම් දැනගෙන හිටියේ නෑ. මාතලන් කිව්වට පස්සෙ තමයි යූ ටියුබ් එකට ගිහින් නම සර්ච් කරලා වීඩියෝ එකක් බැළුවේ. හැබැයි ඒ සින්දුව කියපු විදිහට නම් මෙයාට තරඟයකින් දිනන්න පුළුවන් කමක් තියෙන්න විදිහක් නෑ. මොකද ඔයිට වඩා හොඳට සින්දු කියපු ගොඩක් කට්ටිය සිරස සුපර් ස්ටාර්ස් වගේ ඒවයෙදි ගොඩක් කලින්ම හැලිලා යනවා මම දැකලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. මටත් ආවෙ ඔය අදහසම තමයි. ඒත් වීඩියෝ එකක් දෙකක් බලලා ඒ වගේ නිගමනයකට එන එක අසාධාරණයි වගේ කියලා හිතුණා. ඉදිරියට දැක ගන්න පුළුවන් වෙයි.

      Delete
    2. මම මුගේ මුලු සින්දු සෙට් එකම බැලුවා. මුගේ තියෙන දක්ෂතාවය තමයි ඕනෑම ගීතයක් ගායනා කිරීමේ හැකියාව. ඒ වගේම පට්ට කටහඬක් සහ උගෙම අනන්‍යතාවයක් තියෙනවා. නමුත් මුන් ඉදිරියට එයිද කියන එක නම් සැකයි.

      Delete
  26. "කලාකරුවන්" යැයි කියන අශූචිකඳන් බඩපිනුම් කෙලින ඔවැනි වැඩසටහන් බැලීම නවතා බොහෝ කල්ය. එබැවින් දක්ෂයා කවුදැයි තබා ඔවුන්ගේ නම් පවා මා නොදන්නෙමි. එහෙත් (පවුලේ අනෙක් සාමාජිකයන් නැරඹීමේදී) එහෙන් මෙහෙන් අහුලාගත් කෑලි ටිකක් අමුණාගත්විට එක් නිරීක්ෂණයක් පැහැදිලි විය. එනම් මෙය රියැලිටියක්ම නොවන බවය. සතියෙන් සතිය තරගකරුවන් එකිනෙකා විසිවී යද්දී ඔවුන් අතර තිබූ සහෝදර බැඳීම(?) නම් "මාර"ය. තමාට අභියෝග කල/කලහැකි, විසිවී යන තරගකරුවා වැලඳගෙන හඬන පරම්පරාවක් අද සිටීද? නැත! එය රියැලිටියෙන් ඔබ්බේ ඇති න්‍යායපත්‍රයේ කොටසකි. එය රියැලිටියක්ම නොවේ යයි කීවේ ඒ නිසාය. තරු වේදිකාව මත මොවුන් කොතරම් සහෝදරත්වයෙන්(පමණක් නොව හැදියාවෙන්ද) සිටියද ඉන් පිටතට පැමිණි විට බෙලි කැපීම ආරම්භ වනු ඇත‍.

    එදා මෙදාතුර මා කැමතිම රියැලිටි වැඩසටහන ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර්ය. සුවිශේෂී සුන්දර මිනිසුන් යයි කියාගන්නා එහෙත් අතිශයින්ම සාමාන්‍ය කලාකරුවන්ගේ සුන්දරත්වයේ සළුපිලි ගැලවීගිය තවත් එවන් වැඩසටහනක් නම් නොවීය.

    ReplyDelete
    Replies
    1. නැරඹූ වීඩියෝ කීපයෙන්.. මෙය රියැලිටියක්ම නොවන බව මටත් සිතුණි. කොටින්ම මේ තාක් පැවැත්වූ තරඟ වාර හතරේදිම, ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන අවස්ථාවන් ඇතුලත් වීඩියෝව බැලීමේදී මට සිතුනේම, ජයග්‍රහණය කරන්නේ තමන් බව ජයග්‍රාහකයා දැන සිටි බවයි. ඔවුන්ගේ ප්‍රතික්‍රියාව ඒ තරම්ම කෘතිමය.

      Delete
    2. උඹලා කියන කතාත් ඇත්ත. එහෙම බැලුවොත් ඉතින් බලන්න දෙයක් නෑ. කොටින්ම මම ඕවා වල බලන්නේ ගීතය විතරයි, අනෙක් වෙලාවට සවුන්ඩ් කට් කරණවා. වැල් බයිලා නේ වැඩු පුර යන්නේ.

      Delete
  27. මමත් ඕවා බලන්නේම නෑ..ඒත් ගිය ඉරිදා මයිලේඩී කලින්ම ඇදට ගිය හින්දා ටිවි දාල, බලන්න එකක් නැතිම කොට දෙරණ දාද්දි මුගේ සින්දු එක දිගට යනවා...මේයා කවුද කියලවත් මං එත්කොට දන්නේ නෑ...කොට මොඩල් කාල ගෝල වගේ ඒ මදිවට තව අත වන වන සෝභන කෑලි ටිකකුත් දානවා...ඒත් ඇස් දෙක වහලා කන් දෙකෙන් අහන කොට තමයි තේරුනේ මූ සිංදු කියන නේමේ ගායනා කරන පොරක් බව...බලන් ගියාම අර නදීකයි, ඇන්ටියිත් ඇස් දෙක වහගෙන තමයි මුගේ සින්දු අහන්නේ..මොනා උනත් හොද ගායකයේක්.....මං දන්න ලංකික රියලටි ඉතිහාසයේ හොදම ගායකය අමිල පෙරේරා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමිලයගෙත් වොයිස් එක පට්ට....

      Delete
  28. Music Video Awards එක්ක බලද්දී මේක නම් මල චාටර්ය ( හැබැයි ගිය පාර Music Awards එකත් අස්පට්ය ). සසිදු ගැන කියනවානම් පොරට වඩා , පොරවල් ඕනෑ තරම් තරගයේ හිටියා.පොරගේ ලක් එකට පොර දින්නා ( Best talent ever නම් නෙවෙයි..හැබැයි Talented )

    මට ආලෝකකරණය නම් එච්චරම මීටර් නැත, හැබැයි stage එකට නම් best ever කිව්වට පාඩු නැත. IIFA එකෙ තිබ්බ ස්ටේජ් එකට පොඩ්ඩක් සමානයි, හැබැයි අර උද තිබ්බ ස්ක්‍රින් එක එහෙම ලංකාවට අළුත්.

    ඇදුම් ගැන කියනවනම් චාටර් එකෙ උපරිමයි.සුපිපිගේ පින්තුරේ දැක්කම තව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

    අනිත් තරග සමග සංසන්දනය කරපු එක ගැන කථා කරොත්,

    අපේ රියලටි presenters ලගේ role model එක කමල් , ඒ හින්දා අපි හැමෝම හැම තරගයකම නිවේදක්යෝ සංසන්දනය කරන්න යන්නේ කමල් එක්ක. කමල් කියන්නේ All in one character එකක්. සුපර් ස්ටාර් කරන්න කලින් ඉදන් උනත් ප්‍රෝග්‍රෑම් කරපු ( සින්දු කියපු ) කෙනෙක්. හැබැයි අමිලගේ පලවෙනි T.V presenting එක තමයි ඩ්‍රීම් ස්ටාර්. අමිල ලංකාවේ අංක එක නොවුනත් , බින්දුවෙන් පටන් ගත්තු කෙනෙක් විදියට උඩින්ම ඉන්නවා. නැත්තම් සීසන් 4 ඔකේ presenting කරන්න දෙන්නෙත් නැහැ නේ.. ( මට අනුව කමල්ට පස්සේ හොදම සාරංග. ධනංජය උනත් අමිලව අනුකරණය කරනවා වගේ කියලයි මට හිතෙන්නේ )

    අනිත් එක ශිහාන් සහා අනෙක් තරු.. ඒකටත් මම කලින් කියපු ලොජික් එක තමා යන්නේ.ඒ කියන්නේ අපේ Reality 'Star' role model එක තමා ශිහාන්. තරගෙට එන හැම එකාම , තරග බලන හැමෝම බලන්නේ ' අපෝ අරු ශිහාන් එක බලනකොට ස්ටාර් කෙනෙක් නෙවයි නේ ' කියලා. හරියට සංගා Square cut එක ගැහුවට මෙලෝ රහක් නෑ , හැබැයි තාමත් ජයසුරිය ගහන Square cut එක තමයි ෂොට් එක කියනවා වගේ සින් එකක්.

    සම්මානය ක්රේන් එහෙකින් උස්සලා ඔළුවට අත අරින එක කියපු එකට නම් කටට මොනාවම හෝ දැමිය යුතුය.

    සමස්ථයක් විදියට මෙදා පාර , පසුගිය වතාවන් එක්ක බලනකොට සාටර්ය.

    [ මමත් එකක් ඔය ගැන ලියන්න හිටියේ , දැන් ඕනේ නෑ වගේ..ඔක්කොම මේකේ තිබේ නේ..]

    ReplyDelete
    Replies
    1. කමල් ටැලන්ටඩ් උනාට මම නම් සසඳන්නේ ඌ එක්ක නෙමෙයි. රයන් සීක්‍රට්ස් එක්ක. කොයි තරම් සරලද...

      Delete
  29. මාතලං මේ යන ගමං කොටන්නේ.

    ReplyDelete
    Replies
    1. කොහේ යන ගමන්ද පනේ... වයසට යන ගමන් වත්ද....?

      Delete
  30. මම මේ වැඩසටහන ළගකදී බලලා නෑ... කමල් ට අලගුවත් තියන්න බැරි අමිලයා පූරකගේ කාර්යය භාරය බෙරිහන් දීම යැයි සිතාගෙන සිටින නිසා මේ වැඩසටහන බලන්න කැමැත්තක් ඇති වෙන්නෙ නෑ...අමිලයා ලාභෙට විකිණෙන නිසා ගන්න ඇති කියලා හිතෙනවා.

    අනිත් කාරණේ තමයි මේ ලාබාල තරගතරුවන් ගීත ගායනා කලාට පස්සෙ විනිශ්චය මණ්ඩලය ලබා දෙන විහිළු කොමෙන්ට්... ඒ අනුව ගීතයේ මුල් ගායකයාටත් වඩා මේ පොඩි එකාලා අති විශිෂ්ටයි,ශ්‍රේෂ්ඨයි...මොන බොළද කථාද මේවා...

    සිරස සුපර් ස්ටාර් වැඩසටහනේ ආකෘතිය අමු අමුවේ කොපි කරලා කලා මදිවාට දැන් ලංකාවෙ අංක එකේ රියලිටි වැඩසටහන කියල බෙරිහන් දුන්නට... මීට කලින් දිනපු තුන් දෙනාගෙන් ගමනක් ගිය එකෙක් පුලුවන් නම් පෙන්නපල්ලා.... මිනිස්සුන්ට කෙසේ වෙතත් උන්ටත් අමතක ඇති උන් මේ තරගෙ දින්නා කියලා...

    ලංකාවට තරු හොදටම ඇති දැන්... තව දුරටත් මේ විකාර මිනිස්සු බලනවා ඇතැයි නොසිතමි.

    ReplyDelete
    Replies
    1. මේවා මිනිස්සුනම් බලනවා. ඒ වගේම එස් එම් එසුත් එවනවා. පට්ට හම්බ කර ගැනිල්ලකුත් හම්බ කර ගන්නවා. නමුත් දෙරණෙන් තෘ බිහිකරනවා විතරයි. දුදුලන්නෙ නෑ... ඒකයි මට තියෙන ප්‍රශ්ණේ....

      Delete
  31. ගමේ කොල්ලෙක් නිසා (ලග පාත ) රවින් දිනයි කියලා හිතාන උන්නේ... එත් මට නම් දැන් ඔය රියලිටි ෂෝ කියන එක එපා වෙලා තිබුනේ.... එත් මේ පාර ආයෙමත් ලංකාවට රියලිටි ගෙනාපු සිරසේ අමුතු වැඩක් වෙනවා වගේ තෙරිගෙන යන නිසා ඒ ගැන නම් ටිකක් බලනවා... එත් තාම ෆිට් වෙලා නැ..... මොනවා උනත් මේ පාර කොහොමත් ගොඩාක් දෙරණ නා ගත්තා කියලා තමා බලපු අයත් කිවේ...

    ReplyDelete
    Replies
    1. නෑවා කියන්නේ... එහෙම නෑමක් නම් කවදාවත් දැකලා නෑ....

      Delete
  32. තරුණ තරුණියනට ලැබෙන අවස්තාවන් ගැන සතුටුයි,
    තරඟ ඉතින් කොහේ තිබ්බත් විවේචන තියෙනවා,
    යහපත් විවේචනවලින් තමයි, ඇද කුද කෙලින් කරගන්න පුලුවන් වෙන්නේ.

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. dream star අවසන් තරගය සජීවී නැරබීමට ලකියාටද අවස්ථාව ලැබුණි .ඒ 3 වෙනි ස්ථානය ලබාගත් සිතුම් විසින් ලකියා ඇතුළු මිතුරු පිරිසට ප්‍රවේශ පත් 8ක් ඒවා තිබීම නිසාය. ලකියාද ඉතින් නෑ බෑ නොකියා අනුන්ගේ පහනෙන් එලිය බැලීය. ඒ dream star නැරබු පළමු වතාවය .ලකියා tv බලන්නේ නැත . අවසන් තරගයේ sound නම් පට්ටය .මෙලෝ මගුලක් ඇසෙන්නේ නැත .නැට්ටුක්කරියන්ගේ ඇදුම් ගැනද කතා කර වැඩක් නැත .ගායක ගායිකාවන්ගේ අදුම්ද එසේමය .තරගය අතරතුර වේදිකාව පිටුපසදී තරගකරුවන් 2කු සමග පොඩි චැටක් දැමීමට අවස්ථාව ලැබුණි .ඒ මොහොතේ ඔවුන් පැවසුවේ ඇදුම් සකසා තිබුනේ තමන්ට අවශ්‍ය ලෙස නොව සංවිධායකයන්ට අවශ්‍ය ලෙස බවත් ඒ ඇදුම් තමන්ට නොගැලපෙන බව තමන්ද දන්නා බවය .
      dream star කිරුල සසිදුට ලැබීම සාධාරණය යන්න ලකියගේ මතයයි .එහෙත් sms මගින් තරග විනිශ්චය සිදුවූ බවක් පෙනෙන්නට නැත
      sms යන්න මුලාවකි .
      තරගය ඇරබීමට ප්‍රථම ප්‍රතිපල නිකුත් වී ඇත .ලංකාවේ reality කලාව එසේය .තරගයේ ප්‍රථම ස්ථානය පිලිබදව ගැටළුවක් නැත . සසිදු යනු හැකියාවෙන් පිරුණු තරුණයෙකි.ඔහුට ලකියගේ උණුසුම් සුබ පැතුම හිමවේ .දෙවන හෝ තෙවන ස්ථානය පිළිබදවද ලකියට ගැටළුවක් නැත .ඊලග තරගයේ (සින්දුවක් තියා පැල් කවියක්වත් කියාගන්න බැරි ) ලකියාද සුපිරි තරුවමක් වීමට බැරි නැත

      Delete
    2. ඕක තනිකර මුලාවක්. ඔය ගැන ඕවා කරපු එකෙක්ම ළිපියක් ලියලා තිබුනා. කොච්චර බොරුවක්ද කරන්නේ කියලා...

      Delete
  34. ගායන හැකියාව අතින් ඉහලම තරඟ කරුවෙකු රියැලිටි වැඩ සටහනකින් මා දැක්කේ නම්, ඒ සමන් ලෙනින් නැමති තරුණයෙකි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ අතර මගදී නවත්වා දැමූ 'රජත රශ්මි' නම් වැඩ සටහනේය. මේ ප්‍රකාශය අතිශය පෞද්ගලික එකක් බව සැලකුව මනාය.

    එක්කෝටි ගානට තරු බිහි වෙන විට, තරුවක වටිනාකම අඩු වීම ද නොවැලැක්විය හැක්කේමය. බිහිවන තරු ද කළු කුහර වලට යන්නා සේ අතුරුදහන් වන විට, තරු සංකල්පයේම වටිනාකම තවත් අඩු වෙයි. පසුකලෙකදී දීප්තිමත්ව බැබලෙන තරුවක ආරම්භය මේ යැයි කියා වටිනාකමක් ලදොත් මිස, තරු බිහි කරන ක්‍රියාවලියක් ලෙස, රියැලිටි වැඩසටහන් අතිශය අසාර්ථක බව මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. රියලටි ෂෝ නෙමේ. මේවා රැවටිලි ෂෝ

      Delete
  35. //නදීශා හේමමාලී නම් සොඳුරු යුවතියට මාගේ උත්තමාචාරය.//

    අඩෝ උඹත් හොරෙං හොරෙං මුස්ලිම් ව්‍යාප්තිවාදෙට උදවු දෙනව නේද ?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑනේ.. රටම ජීවත් වෙන්නෙ උන්ගෙන්නේ..... හෙහ් හෙහ්....

      Delete
  36. ඇත්තටම දැන් නම් ".තරැ සංකල්පය" ලංකාවට හොදටම ඇති..

    ReplyDelete
    Replies
    1. පිස්සු මටනම් ..... මදි.....

      Delete
  37. මම සුපර් ස්ටාර්ස් වැඩසටහන් වලින් අන්තිමටම බැලුවේ සුරේන්ද්‍ර පෙරේරා දෙවන ස්ථානයට පත්කල සිරස සුපර්ස්ටාර්ස් වැඩසටහනයි. ඉන්පස්සේ ඒ කාලය කා දැමිල්ල නතර කලා. අන් කිසිවක් නිසා නොව හතු පිපෙන්නා සේ බිහිවූ හරසුන් වැඩසටහන් නිසා..

    ReplyDelete
    Replies
    1. මමත් ගීත විතරයි බලන්නේ. අවසන් වැඩ සටහන නම් ඉතින් ලයිව් යන නිසා බලනවා.... එතකොට තේරෙනවා නාන නෑම....

      Delete
  38. ටීවී නොබලමි...ඒ නිසා සුපර් ස්ටාර් ගැන කිසිවක් කිය නොහැක. එනමුත් මාතලන්ගේ විචාරය රස වින්ඳෙමි...ගල් දෙක අන්තර්ජාලයේ නිතර සැරිසරණ බව නම් දැක ඇත. ;-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..... මාත් ඉතින් ඒකෙන් තමයි ඇහිඳ ගත්තේ.....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න