වසරක් ගෙවි වසරක් උදාවෙමින් තිබෙන්නේය. කස්ටිය සුභ පතා ගත්ත ගමන්ය. මොකෝ ආන්ඩුව කියන්නෙත් සුබ අනාගතයක් කියාය. එහෙම එකක්නම් පෙනෙන තෙක් මානයකනම් නැතිය. මා කියන්නේ, සාමාන්‍ය ජනයා ගැනය. සමහර විට එයාලා කියනවා ඇත්තේ, එයාලාට "සුභ අනාගතයක්" කියා වෙන්ට ඇතිය. එහෙම දෙයක් නම්, සමාව භාජනයකට දා, පත අට එකට සිඳවා, හත්තටගේට දුන්නාට අපේ අමනාපයක් නැතිය. මනාපයකුත් නැතිය. සාමාන්නිය ජනයාට, ඒ කියන්නේ අපි වගේ අයට නම්, ගිය වසර අඤ්ඤකොරොස් වසරක්ම විය.
ලබන්නාවූ වසරත් එයින්ම එකක් වෙන බව කේන්දර නොබලාම කිව හැකිය. අනිවා ගෑස් ගනන් යනවාමය. එයාලා ඒකට පොර්මිට් එක දෙනකන් බලා ඉන්නවාය. කරන්ට් ඇමති බාල තෙලාගේ පලු අරින්නේ හොඳකට නොවේය. එයා බාල තෙලාගේ පලු ඇරලා අහක්ක වෙන්නත් කලින්, ලයිට් බිලට කෙලිනවාය. ඔය දෙන්නේ රෙඩ් නෝටිස්ය. නිව් ඉයර් විස් එක බිලත් එක්ක එනවාය. එතකොට අපි ඇමතිතුමාටයි, එයාගේ අම්මාටයි කැපි නිව් ඉයර් එකක් වේවා කියා විස් කොරනවාය. එහෙම විස් කොරාම එයාලාට උතුරනවාය. අපරාදේ කියන්නෙ ලොක්කාත් මට ගිය අවුරුද්දේ විස් කොරලා ඇස් ඇම් ඇස් එකක් එව්වේය. ඒ උනාට රිපිලයි කොරන්න දෙන්නේ නැති එක හරිම අසාධාරණය.
මට අප්සට් එකක් නැතිය. මොකෝ මම රනිල් මහත්තයා වගේ ප්‍රජාචන්ත්‍රවාදය ගරු කරන එකා නිසා, මම රිප්ලයි කොරත් රිප්ලයි කොරන්නේ "සෑම් ටූ යූ" කියාය. ඒත් එහා ගෙදර එකා කියන්නේ එහෙම චෑන්ස් එකක් දුන්නා නම්, හොඳවයින් දෙකක් කියා යවනවාය කියාය. වචන දෙක "සුභ අනාගතයක්ද....?" කියා ඇහුවාම ඌ අපේ අම්මා මතක් කොරනවාය. එහෙනම්, "ආසියාවේ ආස්චර්යද...?" කියා ඇහුවාම ඔක්කෝගේම මව් ගුණ ගායනා කොරනවාය. ඒ නිසා රිප්ලයි කොරන්න දෙන්නේ නැති එකත් එක අතකින් හොඳය.
ලොක්කාට කොක්ක දාන උන්ට, ඉඳා පුළුවන්නම් ගේම දියන් කියා චෑන්ස් එක, රජරට උන්ටයි, නැගෙනහිර උන්ටයි, සපරමාදූ ප්ලේස් එකේ..... සමාවන්න සපරගමුව පලාතේ අයටයි දුන්නේය. එයැයිට ගේම දීම කෙසේ වෙතත්, අනුරාධපුරේ වල් බල්ලෝ, මැ රෙණ කම් මහ ඇමතියි කිව්ව එකාට රෙන්නම දුන්නේය. දුක හිතුන ලොක්කා, ඇම්බැසිඩර් එකක් දෙන්න හැදුවාම ඌ ඇහුවේ පලා බබාගෙන් එලෙව්වා මදිවාට රටෙනුත් එලවන්න යනවාද කියාය. තව කැත වැඩක් කලේය. හිරේ විජය කුමාරණතුංග වගේ උන්නු සරත් ලොක්කා එලියට දමා, අන්තීමේදි අනෝමාත් නැති වෙන සයිස් එකට දැම්මේය. එවානම් කැත වැඩය.
කියන්න කාරනා ගොඩාක් උනත් ඒවා පස්සේ කියන්නම්ය. කොහොමත් 94 සිට පැවත එන රෝගය නම්, සුව වන පාටක් පෙනෙන්න නම් නැත්තේමය. මහින්ද මහත්තයා ඇතුලු සියළුම සිරි ලංකා කාරයෝ හා වමේ නාකී ලොම් හැලිච්ච හිවල්ලු සේරම, ආර්ථිකයට කොරපු දෙයක් නැත්තේය. යුද්දේ ජය ගත්තේත්, කොළබ සුර පුරයක් කරන්නේත්. රාජපක්ෂ පරම්පරාවේ සාටක ලෙඩේ නැති එකම පුද්ගලයාය. ඔහු යුද්ධයට නායකත්වය නොදෙන්නට, සමහර විට අම්බ හරක් ජනාධිපති උපසේනලා, මහින්ද මහත්තයාත්, සාම මාවතේම දක්කාගෙන යන්නේය. ජයගත්තේ එපමනය.
මිනිස්සුන්ට අමාරුය ඒ කියා අප නම් නිකං කන්න දෙන්නේ කියන්නේ නැතිය. ආන්ඩුවේ රස්සා ඉල්ලන්නේත් නැතිය, හාල් පොත්, සමෘධි කාඩ් හා සජිත් ගොයියාගේ අලුත්ම පොත වන සපත්තු කුට්ටම නිකන් දෙන්නෙයි කියන්නේත් නැතිය. අපි කියන්නේ මේ රටේ ආර්ථිකය හදන්නෙයි කියලාය. නිෂ්පාදන කර්මාණ්ත ඇති කොරන්නෙයි කියලාය. මහ බැකුවේ ප්‍රතිපත්තියක් ලෙස සේවාවන්ට ලබාදෙන ණය සීමා කිරීම අගය කල යුතුය. කෘෂිකර්මාන්තය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කළයුතුය. අඩුම ගානේ ඉන්දියාවේ තිබෙන ජපන් කර්මාන්තශාලාවල සබ් ෆැක්ටරි වත් මෙහේ ආරම්බ කළ යුතුය. චීනාගේ ණය උගුලේ වැටෙන්නේ නැතුව, නැවතත් චීනාගේ කොන්ඩෙ බඳින්න ට්‍රයි කල යුතුය.
මේවා කොරන්න නම් සැටලයිට්ගේ සාරිය අස්සේ සිට වාසු විසින් විසින් විසිකරපු නයි මඟුල් බෙර ගසා කැඳවාගෙන විත් නැවතත් රෙද්ද අස්සේ දාගෙන හරියන්නේ නැතිය. 2005 සිට ෆේල් එකා තව 2005 ක් හිටියත් ඔච්චරය. ගොන් ඇමතියෝත් එසේමය. කළමණාකරනයෙන් දුර්වලම දේශපාලඥයෝ සිටින්නේ මම හිතන්නේ අපේ රටේය. මෙතරම් පිස්සු කෙලිද්දිත්, උන්ද රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ, සමහර විට රටේ ජනතාවගේ කරුමය නිසා වෙන්නට හැකිය. මේ වසරේවත් ඔය හැත්ත බුරුත්ත ඔක්කෝම සීනයර් කොරවා. තරුණයන්ට අවස්ථාවක් දුන්නොත් අගනේය. කුසේ නැගෙන ගින්න ලිබියාවේ ගින්නටත් වඩා දරුණු බව කවුරු කවුරුත් දැනගත්තොත් හොඳය. ලබන වසරවත් අඤ්ඤකොරොස් වසරක් නොවේවා....!!!
ඔබ සැමට සුබ අනාගතයක්.....!!!
මට අවුරුදු දුගියා රජ උන දාය...
එය එන්නේ අප පරලොව ගිය දාය...
එහෙනම් මාතලන්ටත් පවුලේ සැමටත් සියලු ගනුදෙනු කාර භවතුන්ටත් එසේම වේවා..!!
ReplyDeleteඑසේම වේවා..!!
Delete2013යි කියලත් වැඩි වෙනසක් නැතිවේවි .......... සුභ අනාගතයක් ....... කතිරවරනෙදි අපේ උන්ට සේරම අමතකයිනේ ..... කාගේ කරුමෙද මන්දා නේද ....
ReplyDeleteකාගෙවත් කරුමෙ නෙමෙයි... අපේම කරුමේ...
Deleteදුගියට හැකිය මහ පාරේ ඉගිලෙන්න (හයිවේ)
ReplyDeleteකුඹුරු මඩ කරන්නේ ලැම්බෝගිනියෙන්ය
දුගියගෙ පුතුට සාපෙල සහනය දුන්න (ලකුණු ප්‍රශ්ණ 19කටම නිකම්)
දුගියා ඉතින් දැන් රජ වී හෙම නැද්ද
මං පහරන හොරා ලියනා පද පේළි
ලියනා දේශපාලන ලිපි රස බේරී
තව තව ලියන්නට දිරි එන වසරේදි
පතනෙමි සුබාසිරි ආසිරි කවිකාරි
(මෙහෙම ලියන්න ඉඩ දෙන එකම මැදැයි ලොක්කා ...... )
//මෙහෙම ලියන්න ඉඩ දෙන එකම මැදැයි ලොක්කා ......//
Deleteකැතයි හොඳේ...... ඔයා මාතලන් නිතරහම මතුරන ඔය මන්තරය ඔයාගෙ එකක් වගේ මෙතන දාලා.
චී..චී.. වස කැතයි.
ආලය ගැනම් පැදි ලියනා කෙල්ල් සොසී
Deleteමෑතක පටන් කවුදෝ ගන්නලා උසී
රැඩිකල් බවක් ගෙන එයි ලිපිවලද නිසී
මේ වසරේදී තෙත්වේ හද කැළුම් සිසී
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteහැබැයි එහෙම එකක් එයි ද කියලා නම් මට සැකයි.
මක්කා වෙනවද ඔන්න ඔහේ සුභම වේවා!!
ඕන් පටන් ගන්න කොටම දීලා සුපර් වලට.... ගෙදර යන ගමන් ඒවාට ගොඩ උන් විනාසයි...
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඑසේම වේවා..!!
Deleteඑතුමන්ට බනින්න එපා.එතුමන් පූස් පැටව් වගේ අහිංසකයි.
ReplyDeleteකොයි හැටි වෙතත් මාතලන් ගොයියට එන අවුරුද්ද සුබේ සුබ වේවා.
හොඳ අහිංසක.. රත්වත්තයා එලෙව්වලු කුඹුරක් දිගේ......
Deleteපෝස්ට් එකත් නිල් පාටින්ම ලියල තියෙන්නේ අද...:D
ReplyDeleteසුභ අනාගතයක් වේවා..
කොළ පාටින් ලිව්වත් වැරදියි, නිල් පාටින් ලිව්වත් අවුල්... අනේ මඤ්ඤඤේ ඤෑ
Deleteඉගෙන ගත්ත එකේ කෙන්දරෙත් බලලම කිව්වනං නරකද මාතලන්.. හි හි...
ReplyDeleteකොයි හැටි වෙතත් මාතලන් ගොයියටත් සුබ නව වසරක් වේවා...
ඇයි එකෙක් කිව්වේ 12/12/29 භූමි කම්පාවක් එනෙවයි කියලා.. දෙදාස් එකසිය දොලහෙ වෙන්ටෑ....
Deleteහික්ස්...සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteඔය ලෙසටම වේවී..ගෑස් ගණන් යනවා කියලා ඔන්න කියලා තිබ්බා.
ReplyDeleteසුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
මාතලන් කිව්ව දෙයක් වැරදිලා නෑ කෙල්ලේ.... ලේසියෙන්
Deleteමාතලන් ගොයියටත් පරලොව ගිහිල්ලා හරි එකම ප්‍රාර්ථනාව වූ දුප්පතා රජවෙන දවස බලාගන්න පුළුවන් වෙන සුබම සුබ නව වසරක් වේවා.
ReplyDeleteනොදෝකින් මෙහෙමත් විෂ් කොරන උනුත් ඉන්නවනේ.....
Deleteඑක පත්ත්රයකවත් ආසාවකටවත් කියලා තිබුනේ නෑනේ ඊලඟ අවුරුද්දේ ආණ්ඩුව පෙරළෙනවා කියලා.ෂික්! නිකන් බොරුවට හරි ලියලා තිබුනානම්!
ReplyDeleteසුබ නව වසරක් වේවා!
ආන්ඩුව පෙරලෙන්න... පාර්ලිමේන්තු මැතිවරණෙ එනකන් ඉන්න....
Deleteමාතලන්ට සුභ නව වසරක් වේවා!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
එසේම වේවා...!!!
Deleteලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි.
එසේම වේවා...!!!
Deleteමට නම් කොයි අවුරුද්දත් එකයි... 2012 මහ අවුලක් තිබ්බෙත් නෑ... 2013 අවුල් නොවී ගෙනියන්න පුළුවන් කියලත් ෂුවර්... හැබැය ඉතිං මම තනිකඩය වෙච්චි කොට පවුල් කාරයන්ට තියෙන ප්‍රශ්න ගැන දන්නෙ නෑ කියලත් කියන්න ඕන...
ReplyDeleteආර්ථිකේ හදන්න නම් ඕන...හැබැයි හදන එකක් නෑ... මොකද ඕක හදන්න මහන්සි වෙන ගමන් ඡන්ද දිනනවට වඩා ඕක හදන්න ට්‍රයි නොකර ඡන්ද දිනන එක ලේසී... :)
සුභ 2013ක් මාතලන් අයියා !...
අපිත් තනිකඩ කාළේ ඔහොම තමයි... ඒත් ඉතින්...
Deleteහත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද...?
සුභ නව වසරක් වේවා...!!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteඅපි සුභවාදීව බලමු මාතලන් ළමයෝ...
ReplyDeleteකිරි පැණි උතුරන 2013ක් ලැබේවා!!!
මම හැම විට බලන්නේ එහෙම තමා. ඒ නිසානේ ජොලියේ ඉන්නේ...
Deleteමාතලන්ටත් සුභ අලුත් අවුරුද්දක් !!! ඔන්න පැතුවා , එහෙම වෙයිද මන්දා
ReplyDeleteඑහෙම වෙන පාටක් නම් නොපෙනේ....
Deleteමාතලන්ටත් සුබ නව වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteසුභ අනාගතයක් කෙසේ වෙතත් සුභ නව වසරක් වේවා !
ReplyDeleteවසරනම් සුභ වෙන එකක් නෑ.. අනාගතේ කොහොම වෙයිද මන්දා....
Deleteමේ රෙද්දේ මැසේජ් එක ජනවාරි 2වත් එවනවානම් හොදය. නැත්නම් රැ 12ට කිරි උතුරෝලා නිදා ගන්න කලින් ආයෙත් ලේ කුපුත කරවගන්න වෙනවාය. ගිය සැරේ රිප්ලයි කොරන්න බැරුව ෆෝන් එක ගැහුවේ පොලවේය.
ReplyDelete2013 කියන්නේ තවත් එක දවසක් පටන් ගැන්ම විතරය. අපි ඒ දවස් එකතු කර වර්ෂයක් කියල ආදේශ කරනවාය. මොන රෙද්ද වුනත් විෂ් නොකර ඉන්නවා කියන්නේ කුජීත වැඩක්ය. ඒක නිසා මෙහෙම කියන්නඩ ඕනය.
2013 දෙසැම්බර් 31 වෙද්දි උඹට මතක තියන සිද්ධි ඔක්කොම වගේ මතක් කලාම බනානාලන්තයේ ආණ්ඩුව මතක් කලා වගේ හැගීමක් ඇති නොවේවා! යන්නයි.
ඒක මතක් කොලැයි කියලත් එච්චර ගානක් නෑ අප්පා.....
Deleteඋදාවූ නව වසර සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
ReplyDeleteඅළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.
නිවහල් ජාතියනම් ඔය ඉන්නේ මල් පහට, ඇත්තටම උගත් පාඩම් කොමිසන් වාර්ථාවට මොකෑ උනේ.. තාම කියෝනවද දන්නෙ නෑ.. ලොකු පොතක්නේ...
Deleteවෙනසක් වෙන්නෙ නැති බව සහසුද්දෙන්ම දන්නවා උනත්, අපි ඉතින් සුභ පතනවනේ... එහෙනං මාතලං ගොයියාටත් (පවුලේ අයටත්) සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteමාතලන් සහ පවුලේ සැමට සුබ නව වසරක්!!! :)
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteමාතලන් ඇතුළු පවුලේ සියලු දෙනාට ලැබුවාවූ නව වසර සුභ වසරක් වේවායි පතමි!!!
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteමාතලන් අයියා ඇතුලු බ්ලොග් අවකාශයේ සියලුම සහෝදර සහෝදරියන්ට වාසනාවන්ත නව වසරක් වේවා !
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteමාතලන් අය්යේ සුබම සුබ නව වසරක් වේවා ......
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteබ්ලොග් කරණයට නවකයෙකු ලෙස මා සමකය වටේ අටවද්දී එය යම් තැනකට ගෙන එන්නට මාතලන් ගෙන් ලද සේවාව කිසි දිනෙක අමතක නැත. එසේම නවකයන්ට ඔබ ලබාදෙන සේවාවද අති විශිෂ්ඨය. ඔබගේත් පවුලේ සැමෙගේත් සියලු පැතුමන් මේ නව වසරේ ඉටුවේවා....
ReplyDeleteගනන් ගන්න එපා ලොක්කා.. සුළු දේවල්නේ.... ස්තූතියි...
Deleteසුභ නව වසරක් වේවා....!!!
සුබ අනාගතයක්.....!!!
ReplyDeleteඇයි අප්ෂට්ද....?
Deleteඋඹ ඔහොම කිව්වට ගිය මාසේ නිවාඩු ගියවෙලාවේත් මිනිස්සු එක්ක කතා කලාම උන් කියන්නේ උන්ට කිසිම අගහිඟයක් අඩුපාඩුවක් නැතේ කියලයි. විශේශයෙන් අපේ අම්මයි තාත්තයි වගේ විදේශ ආදර දේශීය ආදාර හම්බවෙන අයට නම් කිසිම අඩුපාඩුවක් නෑ තමා . .. මම හිතන්නේ ගොඩක් පවුල් වල උන් එකෙක්වත් මැදපෙරදිග කඹුරන්න ගිහින් ඉන්න නිසා ඔහේ ඉන්න උන්ට අඩුපාඩු දැනෙන්නේ නෑ . . ඉතිං ලිදේ ගෙම්බෝ වගේ මේක හොඳා කිය කිය දෙනදේ කාලා මෙගා නාට්ටි වල වෙනදේ බලා ඉන්නවා ඇර වෙන මක්කවත් කරන්න ඕන නෑ . .
ReplyDeleteමෙහෙමයි මචෝ මැද පන්තියේ එක කොටසක් ගැන උඹ ඔය කතා කරන්නේ. ඒ අයට අවුලක් නෑ. දුප්පත්ම උන්ටත් එහෙමයි. නිකන් කන්න ලැබෙනකන් නේ ඉන්නේ. ගොවියටත් එහෙමයි. ඒත් මේ පාර ටිකක් දැනෙයි. නියඟෙන් මෙන්ම ගං වතුරෙනුත් බැට කෑවනේ. පිට පිට කන්න දෙකක් කියන්නේ. දිවි නසා ගැනීම් වැඩි වෙයි. එදිනෙදා රස්සාවල් කරන උනුයි. කුළි වැඩ කරන මිනිස්සුයි අනාතයි. ලංකාවේ වැඩි පිරිසක් ඉන්නෙ මේ මිනිස්සු.
Deleteමාතලන් සුභ නව වසරක් වේවා...
ReplyDeleteමාතලන් ලොක්කාටත් සුභම සුභ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteසුභ අනාගතයක් මාතලන්ටත් !!
ReplyDeleteසුභ නව වසරකුත් ඈ
එසේම වේවා...!!!
Deleteසියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteසුබ අනාගතයක් වේවා. කොහොමත් අපේ අනාගතෙ අපිම හදාගන්න එපෑ
ReplyDeleteඒ උනාට අපෙන් ජීවත් එයාලට අපි ගැනත් බලන්න ඕන යුතුකමක් තියෙනවා...
Deleteමේ අවුරුද්දේ පසලොස්වක පෝයට වෙළද නිවාඩු නෑ කියන්නෙන් ඇත්තද?
ReplyDeleteකොහොමත් ඉතින් කඩ ඇරලනේ.... ඒ නිසා වෙන්ටෑ....
Deleteසුබ අනාගතයක් වේවා..! ලැම්බොගිනි වැසි වසීවා........
ReplyDeleteඒවත් ගෙන්නන පාටක් නෑ.. ගෙනාපු දෙක තුන බේර ගන්න ගහපු කෙලියක්ද කොහෙද... කොටුවෙ ෆෝමියුලා වන් තියන බෑනේ...
Deleteසුබ අනාගතයක් කියන්නේ අපට නෙවෙයි එයාලට.. අපිට කවදත් අසුබයි.
ReplyDeleteඅර මර්සින් ජයකොඩි පියතුමාගේ පැදිපෙක ඕනෙම කාලෙකට ගැලපෙන විදියට හදාගන්න පුලුවන්
මටත් හිතුනෙම ඒක තමයි.. සුභ අනාගතේ එයාලට විතරමද කොහෙද....?
Deleteසුභම සුභ නව වසරක් වේවා මාතලන් මාමෝ......!!
ReplyDeleteඑසේම වේවා පුතේ....!!!
Delete..මාතලං අයියේ නව වසර සුබම සුබ එකක් වේවා. සියලු කටයුතු සාර්ථක වේවා..
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
පරණ රස කථාවන් යලි ලියවේවා
Deleteගුරු ජී සදා බ්ලොග් අඹරේ බැබලේවා...!!!
පරලොව ගිය දාක අවුරුදු පැතුම් ගෙනෙන්ට මා ජීවත් නොවන බව දන්නා නිසා දැන්ම සටහන් දමන්නෙමි. ලැබු එක ඔබ කිව්වා වගේම එයින්ම එකක් නොවීමට ඉඩක් නැත. අයියේ අන්න බොලං උඹ කිව්ව එක ඇත්ත කියල පෙනිල තියෙන්නේ.. කසාදේට 5000. එතකොට උඹ තමා ඔය ගැන මුලින්ම කිව්ව එකා. කොහේද බං ඉන්නේ මල් මන්දිරේ පිටිපස්සේ ද??
ReplyDeleteඇයි බන් බජට් එක දවසනේ කිව්වේ.. කොහෙද ව්පස්සෙ ඉන්නෙත් අඳ ගොළු බීරෝ නේ.....
Deleteසුභ අනාගතයක් සුභ නව වසරක්.
ReplyDeleteඑසේම වේවා...!!!
Deleteකෙහෙල් මල් ආසියාවේ ආස්චර්ය...
ReplyDeleteТhiѕ excellent websіte tгuly has all оf the information anԁ facts I needed about thіs subject
ReplyDeleteand ԁidn't know who to ask.
Here is my homepage: http://ipadscreenrepairmy.blog.com
Hаve you еveг conѕidеred writing аn ebοok or gueѕt authoring on othег sites?
ReplyDeleteI have а blog baseԁ upon on the same informаtion уou ԁiscuss and would love to have уou ѕhare sοme storiеs/informatіon.
I know mу readеrѕ would appreciate your woгκ.
If you arе even remotely interested, feеl
free to shoot me an email.
Herе is my weblog :: iphonerepairbangsar.blogspot.com
Heу there! I cοuld have swoгn I've been to this website before but after browsing through some of the post I realized it'ѕ new to me.
ReplyDeleteAnywаys, І'm definitely glad I found it and I'll be
bookmaгking аnԁ checking bаck frеquеntly!
Have a loоk аt my hοmераge .
.. ipad repair penang
Its not my first time to pay а vіsit this web page, i am browsing
ReplyDeletethіѕ wеbsite dailly and take pleasant data from here daily.
my site :: macbook repair
Ӏt is аctuallу а nice and helpful piece of іnfo.
ReplyDeleteI'm happy that you shared this helpful information with us. Please stay us informed like this. Thanks for sharing.
Also visit my page ... iphonerepairpetalingjaya.wordpress.com
І ԁon't even know how I ended up here, but I thought this post was great. I do not know who you are but certainly you'ге going tο a famouѕ
ReplyDeleteblοgger if yοu arеn't already ;) Cheers!
Also visit my weblog ... ipad repair cheras
Good dаy! Thіs is my first cοmment heгe so I just
ReplyDeletewanted to give a quick ѕhоut out and say I genuіnеly enjоy reading
your агticlеs. Cаn you suggest аnу other blogѕ/wеbsites/fоrums that deal
wіth thе sаme subjeсts?
Thank you so much!
Rеview mу hοmepаge ..
. wiredtree
Іt's great that you are getting ideas from this piece of writing as well as from our discussion made here.
ReplyDeleteAlso visit my website; http://wiredtreehosting.com
I was suggested thiѕ web site by my сousin.
ReplyDeleteI'm not sure whether this put up is written by him as no one else understand such specified approximately my problem. You are incredible! Thanks!
Look at my webpage :: http://repairiphonemalaysia.yolasite.com/
මෙම පෝස්ටුව පලවී අවුරුදු දෙකකින් මාතලන් පැතූ ලෝකය නිර්මාණය විය.
ReplyDelete