.

.

Dec 25, 2012

සාපේ සිසුන්ට බන්දුල මාමාගෙන් නත්තල් තෑගී - Christmas Presents From Santa Bandula

සංස්කරණය කරණ ලද ඉන්දික දිසානායකගේ කාටූනයකි...

දුවේ පුතේ බන්දුල නත්තල් සීයා,
සාපෙට නත්තල් තෑගිත් බෙදුවාය...
ගෙඩිය පිටින් 19 ක් දෙනවාලු,
අම්මගෙ අප්පගේ බූදලේ මිනිස්ට්‍රිය...

අත්තටගේ මතු බවයේ බුදුවේවා...!!!
මේ වන් ගුරුන් තව තව රට බිහිවේවා...!!!
ඊළඟ සැරේ තියනා විට විභාගේ,
නොමිලේ දෙමු පේපර් එක දිණමිනයෙන්.....


අනේ මෙවන් රන් වටිනා ඇ මැටි වරූ...!!!
හරකුන් පරාදයි විභාග කොමසාරූ....!!!
අපරාදේ ළමයින් ටික මඩවන්නේ...
ඔක්කොම යවමු කැම්පස් බන්දුල මාමේ....


පොලිසියෙ තිබුන දූෂණයේ මුල් පුටුව...
අරගෙන ඇවිත් රජිඳකු සේ වාඩිවෙලා...
පැතිරෙනවා සුවදක් මුලු ලක් අඹරේ...
සරමේ ගිහින් වද්දෝ මගෙ සුසානෝ...
                    
                         -x-

70 comments:

  1. /අත්තලගේ මතු බවයේ බුදුවේවා...!!!/

    කවුද අත්තලගේ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ටියුෂන් සර්.(ප්‍රශ්න 19 දුන්න)

      Delete
    2. අත්-අට-gay

      මෙතනත් අටේ ඉලක්කම තියෙනවා. එකයි, අටයි ආවත් දහ අටයි.

      කෝමද මෙයා දහනවයක් ගොඩ දැම්මේ??

      Delete
    3. උත්තරේ රාජ් දීලා තියෙනවනේ...

      Delete
  2. එළ එළ! පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. රාජ් මලයො,හෙන්රි භාර දුන්න වැඩේ හොයල බැලුවෙ නැතෙයි?

      Delete
    2. අර දින දර්ශනය ප්‍රදර්ශනය කරපු ගෙදර ගැන?මට වැරදුනවත්ද?ඔබවයි සැම්වයි ?අපහසුතාවයක් වූවානම් සමාවන්න!!!

      Delete
    3. මොකක්ද ප්‍රශ්ණ පත්තර ප්‍රශ්ණයක් වෙන එකද

      Delete
  3. තව ඉස්සරහට තව හොඳ ඒව දේවි..

    ReplyDelete
    Replies
    1. එහෙම එන්න අජ්ජාපනේ කියලා එකක් ඉතිරි කරයිද දන්නෙ නෑ...

      Delete
  4. ඕකෙන් මේකෙන් වෙන්නෙ ඉදිරි පරම්පරාව ඉගෙන මැට්ටො වෙන එක.. අනේ මන්දා,අපේ නංගිලා මල්ලිලටමයි අවාසි,

    ReplyDelete
    Replies
    1. පිස්සු ඕන්න බලහන් ඇවිත් කියයි බෙස්ට් රිසල්ට් මේ පාර තමයි කියලා.. මූ මේක කනවා නෙමෙයි කාලා ඉවර කරලම දායි වගේ...

      Delete
  5. එතකොට අද්දියාපනේ ඉන්නේ නත්තල් සීයා..

    ReplyDelete
  6. මොනව කියන්නද මන්දා, මෙච්චර කාලයක් නිදහස් අධ්‍යාපනේ ඵල නෙළුවෙ මේ රටේ ඉගෙනගන්න අහිංසක දරු දැරියො. දැන් මේ ඇමැට්ටො දෙන්නයි නිලධාරීනුයි එකතුවෙල ළමයි ඵල නෙලා ගන්න කලින් පොලු ගහල වලු පිටින් බිමදානව. නොදකින් නොදෝමකින් මෙහෙම එවුන්.

    ReplyDelete
    Replies
    1. 56 බූරූ පුත්තුන්ගේ වැඩ තමයි මේ...

      Delete
  7. හික්....අධ්‍යාපනේ ආශ්චර්යය...... :)

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි එන වචන කියන්න බෑ ඒ තරම් සැර වැඩියි...

      Delete
  8. නිදහස් අධ්‍යාපනය නිදහසේ කරගන්න ඉඩක් දීලා නොවැ ඔය.

    ReplyDelete
    Replies
    1. තවත් කොහෙද බන් නිදහස් අජ්ජාපනයක්...

      Delete
  9. මෙය ලාංකීය සමාජය වෙලාගත් දැවැන්ත ප්‍රශ්ණක කොනක් පමනි. its a tip of the iceberg. හොරකම හා බොරුව රජකරන සමාජයේ මෙය මතුපිටට පැමිනි තවත් එක ප්‍රශ්ණයක් පමනි. අධ්‍යාපනය සිට සියලු අමාත්‍යාංශ, රජයේ සේවය මෙම දැවැන්ත සෝදාපාලුවේ කොටස් කරුවන්ය.ලොක්කන් බ්ලියන් වලින් හොරකම් කරන විට සොක්කෝ මිලියන් වලින් ලක්ශ වලින් හොරකම් කරති.

    ReplyDelete
    Replies
    1. ලක්සයකට විකුනලා තියෙන්නේ... පවු...

      Delete
  10. බන්දුල ඇමති රෙදි ඇදගන්නෙම නැති පාටයි
    S.B සමග වැලි කෙළියට හරි ආසයි
    අධ්‍යාපනේ මළගම නම් ස්ථිරයි
    මෙව්වා බලා ඉන්නා අපි පව්කාරයි

    ReplyDelete
    Replies
    1. ආතල් එකේ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ..

      Delete
  11. Thopitath thoge ammalatath thope lamayintath ipadinta inta ewuntath hena gehila un mandabuddikayoma wewaa..nodakin kaala kanni ballo..thawa dipan chande munta..

    ReplyDelete
    Replies
    1. ළමයා කොමෙන්ට් සැර වැඩියි....

      Delete
  12. පුතාව රජ පුටුවට ගෙන ඒමටනම් අම්මිලා,තාත්තිලා විතරක් "මැට්ටන්"වී මදිය,දරුවන්ද අනිවා "මැට්ටන්"ම විය යුතුය.

    ReplyDelete
    Replies
    1. අම්මපා සහතික ඇත්ත..

      Delete
    2. එහෙම ප්‍රොජෙක්ට් එකක් වගේ තමයි යන්නේ...

      Delete
  13. අධ්‍යාපනයේ මළැගම නම් ඉතාම ලඟ බවයි මට නම් ඇඟෙන්නේ. බන්ධූලයා වැඩේ ඉක්මන් කරයි. ප්‍රේම් ජයන්තයා පටන් ගත් ව්‍යාපරුතිය ත්වත් එකෙට කන්ටිනිව් කරන්න තියන එකක් නැහැ මේ යකා නම්.
    මම මේ දින කීපයේම කොළඹ සිටියේ නැහැ. මම බොහෝ සා/පෙ ලමුන් මුණ ගැසුනා මේ දින කීපයට. මට කියන්න පුළුවන් එක් දෙයක්. ආන්ඩුවට මේ දේවල ප්‍රතිඵල 2022 නියමේටම දැනේවි. 2022 මැතිවරණයේ ගාමක බල වේගය වන්නේ මේ සිසුන්.

    ReplyDelete
    Replies
    1. 2022 ට තව කොච්චර කල් තියෙනවද..?? :/
      හෆොයි එතකොට අධ්‍යාපනය කියල නාමයක් ඉතුරු වෙන එකක් නෑ.

      Delete
    2. මේ යන ක්‍රමයට ගියොත් නම් ආයෙත් විප්ලවයක් එයි වගේ.. උතුරෙ උනුත් මාර වෛරයකින් ඉන්නේ...

      Delete
  14. ඕ ලෙවල් වලින් ඩිග්රියම දෙයි ඔහොම ගිහින්. එතකොට තවත් පහසුවෙන් ඕන ඕන දෙයක් කර ගත්ත හැකි. කවි ටික එල ..!

    ReplyDelete
    Replies
    1. සැටිපිකට් සතොසෙ විකුණන්න තිබ්බනම් වැඩේ ඉවරයි. උන්ගේ උන් පාස් වෙන්නයි අපේ උන් ෆේල් වෙන්නයි...

      Delete
  15. එලස් කවි ටික
    මමත් ඇන්දා කාටූන් එකක්
    මෙතනින්

    ReplyDelete
    Replies
    1. දැක්කා... බොහොම අගෙයි...

      Delete
  16. අපෝ ඔය ඉඳි ආප්ප පැකට් එකෙන් ඉඳි ආප්ප 300ක් හදන්න පුළුවන් කිව්ව හරකා නේද?

    ReplyDelete
    Replies
    1. වාද බයිලා වලට නම් මරු. කොහොමත් මෙයා පන්තියෙත් බයිලා වලට මාර දක්ෂයි....

      Delete
  17. අපි විභාගේ කරන දවස් වල තිබුනේ නැහැනේ ඔයවගේ චාන්ස් අපිට....... :ප්
    හා පැංචිගේ ලෝකය

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අනේ වාසනවාන් මේ වගේ ඇමතිවරු....

      Delete
  18. අපිට ලකුනු දුන් පියා...

    ReplyDelete
  19. Replies
    1. ගෙදරද..... චියර් එකක්ද....?

      Delete
  20. අනේ වාසනාවන්...පේපරේ රිව්ව එකත් ගොඩ.

    ReplyDelete
  21. මුළු පේපර් එකම ටියුෂන් සෑර් ඉස්සුවනම් මොනවා කරාවිද
    දන්නේ නැහැ ඇමති තුමා ... :wink

    ReplyDelete
    Replies
    1. මුලු පේපරේම එලියේ.. අරු කට්ට කමට 19 යි දීලා තියෙන්නේ...

      Delete
  22. අපි ලියන කාලේ මේ නත්තල් සීයලා හිටියේ නෑනේ අෆ්ෆා..

    ReplyDelete
  23. බං අන්දුලයට බනින්න එපා මෙයාල.ප්‍රින්ට් කරද්දී ලයිට් ගිය වෙලාවෙ හිර වෙච්ච්ච කොලයක් අතුගාන කොල්ලෙක් සාක්කුවෙ දාගෙන ගිහිල්ල හමුදාවෙ හිටපු රණ මොන.... සමාවන්න ටැපලෙනවා,විරු සෙබළෙකුට දීල.එයයි බාබරයයි අත්තෙට 25,000/=අත්පිට අරගෙන ඉතිරි 75,000/= හරි ගියාලින් පසුව ගෙවීමේ ක්‍රමයට තමා සිද්දවෙලා තියෙන්නෙ.අද රටේ මොන බනානා මල උනත් කෙරවලක හිටපු/ඉන්න/ඉන්නහිටින්න නැති/ඇති රණ අය ගැවිල.විනිසුරුගෙ හැබිලියට කෙලින /ගදගහන දුම්රිය කක්කුස්සියේ ගෑනුන්ට @!#$කන රණ විරුවන්ගෙ ලේකම් කාරයත් 2005 වෙනකන් එහෙ කොලේ හිර වෙච්ච කොළ පාස් කරපු බව තේරෙනව.

    ReplyDelete
    Replies
    1. මේවා ආන්ඩුවෙ හදපු කතා. කොහොමද කන් ගැට්ටගෙ කතාව. බලාගෙන ගියාම කැකිල්ලෙ කතාවත් ඇත්තම එකක් වෙන්න ඕන.

      Delete
  24. හැබෑට මීට පස්සේ ප්‍රශ්න ටික කලින්ම දුන්න නම් ගෙදර ඉඳන් පාඩම් කරන් එන්න කියලා.මාතලන් අයියේ අන්තිම පදයේ තේරුම මොකක්ද? සරමේ සීන් එක?

    ReplyDelete
    Replies
    1. කවි කියන්නෙ ඒවා තමයි සැඟවුන අරුත් තියෙන්නේ. දෙසරයක් තුන් සැරයක් කියවන කොට තේරෙනවා...

      Delete
  25. මටනම් හිතෙන්නෙ මීට වඩා හොදයි පේපර් එක ආපහු කෙරෙව්ව නම් මොකද මේකෙන් වෙන්නෙ ලමයි මේක සෑහෑල්ලුවට ගන්න එක.. අනික මේ වගේ නිකන් ලකුනු දෙන එක මහන්සි වෙලා පාඩම් කරපු ලමයින්ටත් ලොකු අසාදාරනයක්.. ඉදල ඉදල මාතලන්ට කමෙන්ට් කරන්න අවේ මාර දවසෙ...

    ReplyDelete
    Replies
    1. එව්වා කොරන්න කොහේ තියෙන සල්ලියක්ද. ආන්ඩුවේ පඩි ටික ගෙවා ගන්නත් බැරි සයිස් එකක් තියෙන්නේ. අනික එහෙම මොලයක් මේ බූරූවන්ට තීයෙයි කියලා හිතනවද...?

      Delete
  26. ashcharya..
    ashcharya...

    Balanna kochchara shoida ape rate adyapanaya..

    Ahoo !!!

    ReplyDelete
  27. කොල්ලො කෙල්ලො ටික විද්‍යාවටවත් ඇස් එකක් ගන්නැතෑ මෙදා පාරවත් ෆේල් නොවී.

    ReplyDelete
    Replies
    1. ඒ කාළේ ඉඳන් ඇස් පාදන එකනේ කොරේ...

      Delete
  28. හප්පච්චියේ...මෙකෙ ලියල තියෙන කොමෙන්ටු ටිකේ හැටියට පප්පාට හෙම්බිරිස්සාවත් හැදිලා ඇති...හික්ස්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න