.

.

Feb 10, 2013

හලාල්, හරාම් සහ අපේ ගොබ්බයෝ - Halal, Ha-ram and our Traitors


මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියා සිතුවාට දැන් නම් ලියන්නම වෙනවාය. මුස්ලිම් සෙට් එකත් මේ ගැන මුකුත්ම නොලියන්නේ ඇයි කියා අසනවාය. මම කිසිම ආගමක් අදහන්නේ නැතිය. ඒ මට ආගම් පෙනෙන්නේ ලොව ප්‍රථම ආදායම් මාර්ගය ලෙසින් නිසාය. එකම ආගමකවත් අපෙන් දෙයක් ගන්නවා විනා. අපට කිසිම දෙයක් ලබා දෙන්නේ නැත. මිනිසුන් බය කර, එයාලා ජීවත් වෙනවාය. බය වෙන්නම බලාගෙන ඉන්න අය, එයාලාට අහුවෙනවාය. අද නම් සියළුම ආගම් බිස්නස් එකක්ය. අපේ රටේ ප්‍රධාන ආගම වන බුද්ධාගමේ ධර්මය දේශනා කරන්නටත් ගානක් ගන්නවාය. ඒ ඇවිත් කියනා අළුත් දෙයක් නැත්තේය. කියන්නේ, අවුරුදු 2500 කටත් එහා කතන්දර සෙට් එකය. ඒක කියා පොරි හැලෙන ගානක් කඩාගෙන යනවාය. හරියට ගායකයෝ වගේය. ඉතින් එහෙම බය වෙන්න ඕන අය, බය උනාට මට අවුලක් නැත්තේය. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක බය වෙන්නත් නිදහස ඕනෑ තරම් ඇත.

එහෙම බය උනාට, සද්ද බද්දයක් නැතුව බය වෙනවානම් හොඳය. ශාන්ත, නිවිච්ච ආගමක් ලෙස ප්‍රකට බුද්ධාගම, ලවුස්පීකරයක් දාගෙන කන පැලෙන්න දෙනවාය. තුනුරුවන් වැඳිම කෙසේ වෙතත්, මොහිදින් බෙග් කන පැලෙන්න සින්දු කියනවාය. මේ ගැන ලියන්න ගියොත් ට්‍රැක් එකෙන් පනින නිසා ඒ ගැන වෙන වෙලාවක ලියන්නම්ය. මේ දවස්වල බොදු බල සේනා කස්ටියකුත් එක්ක, හලාල් ගේමකුත් යනවාය. දෙකම මට නම් අවුල් සහගතය. මුස්ලිම් මිනිස්සු හලාල් බැරිනම් දෙල් කෑවත් අපි අවුලක් ඇති කර ගත යුත්තේ නැතිය. මා මිත්‍ර අන්වර් කියනා ආකාරයට, සිරි ලන්කාවේ මුස්ලිම් ජනතාව නියම ඉස්ලාම් ධර්මය අවබෝධ කර ගෙන තියෙන්නේ දැන්ය. ඒ නිසා එයාලා මුළු ලංකාවම හලාල් කරන්න යන එක නම් හරාම්ය.

මොකෝ අන්තීමේදි හලාල් ෆුඩ් කන අයගෙ බෙල්ලත්, රිසානා දුවගේ බෙල්ල කැපුවා වගේ හලාල් ක්‍රමයටම කපලා දාන නීතීත් ගෙන්න පුළුවන් නිසාය. ආගමක නාමයෙන් මිනිසුන් ස්වර්ගයට යැවීමේ නීතිය මට නම් ගැටළු සහගතය. රෝම ලන්දේසී නීතියෙන් එහෙම ස්වර්ගෙට යැව්වාට අවුලක් නැතිය. මොකෝ ඒක ආන්ඩු ක්‍රමයක් නිසාය. ඒත් ආගමක නාමයෙන්....... අනේ මට නම් හිතා ගන්න බැරිය. ඒත් ඉතින් එයාල කැමති නම් අපට කරන්න දෙයකුත් නැත්තේය. අපි දන්න සහ අපට උගන්නපු කාලයේ පොත් වල සිංහලම් දෙමළ, මුස්ලිම්, බර්ගර් මිනිස්සුන්ගේ පින්තූර ඇඳලා තිබුනාය.

ලංකීය මුස්ලිම් කාන්තාව
එහෙම පින්තූරවල ඇඳලා ඉන්නවා වගේම පාරේත් ගියේය. මුස්ලිම් ගෑනු සාරිය ඇඳලා සාරි පොට ඔළුවේ වනාගෙන ගියේය. කෙල්ලො පන්ජාබ් කිට් එකක් ගහලා ෂෝල් එකක් ඔළුවේ දාගෙන ගියේය. හජ්ජියාර්ලා තුර්කි තොප්පියක් දාගෙන ගියේය. පිරිමි අය මඩකලපු සරම ඇඳ සුදු කමීසයකින් සැරසී සිටියේය. ඒ ලාංකික තම්බිලාය (අපහාසයකට නොවේ ඔවුන් ඇමතුවේ ඒ නමිනී) ඒ අස්සේ කොළඹ අපිත් එක්ක ඉගෙන ගත්ත සුද්දෝ වගේ තම්බිලාත් සිටියේය. උන් නම් කිව්වේ උන් ගොවිගම තම්බිලා කියලාය.

හැබයි ඉතින් ඔය තම්බිලාගෙන් අපේ සිංහල ඒවුන්ට ඉගෙන ගන්න හොඳ සිරිත් විරිතුත් තියෙනවාය. ප්‍රධාන එක සහෝදරකමය. උගත් නූගත් බේදයක් නැතුව, දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම එකාම එක ලෙස සලකනවාය. අනෙක් නම් මරණ කටයුතු සිඳු කරනා ආකාරයය. එහෙම හිටපු ශ්‍රි ලංකික මුස්ලිම් ජනතාවට මෙච්චර කල් කිසිම හලාල් ප්‍රශ්ණයක් තිබුනේ නැත. එහෙත් මුදල් ගරා ගැනීමේ පරමාර්තයෙන්ම අද හලාල්කරණයක් හඳුන්වා දී ඇත. මේ පිළිබඳව බොහෝ අය දැණුවත් නිසා ඒ ගැන මෙතන ලියන්න යන්නේ නැතිය.

සෞදි කුමරිය, විලියම්ගේ විවාහ උත්සවයේදි
ආගම් කෙසේ වෙතත් අප අපේ රටට ආදරය කල යුතුය. මන්ද වෙනත් රටක අපට ජීවත් වන්න දෙන්නේ නැති නිසාය. ඒ අප ජීවත් වන රට මුස්ලිම් රටක් වනවාට මුස්ලිම් මිනිහා පවා අකමැති වනවා නියතය. මන්ද අරාබි ජාතිකයින් පවා මෙරටට පැමිණි පසු විඳිනා ඒ නිදහස ගැන මා අත්දැකීමෙන්ම දන්නා නිසාය. ඔවුන් ෆර්දා ගලවා විසිකර එයින් එලියට එන කාළයක අපේ අය සව්දියේ තත්වයට පත්වීම නම් ඉතා කනගාටුදායකය. සෑම ආගමක මෙන්ම මෙහිදීද ඔවුනගේ ගොඳුර බවට පත්වන්නේ දුප්පත් මුස්ලිම් ජනතාවයි. කවුරුන් කෙසේ කීවත් මෙය නම් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් වන බව, ප්‍රශ්ණයක් ඇති වූ කල කාට කාටත් මතක් වනවා නොඅනුමානය.

අපේ උන් ලෝගු අස්සේ රිංගද්දී, සෞදියේ රැජින තම පියකරු බව ළොවට පෙන්වමින්
අද, සිකුරාදා සෙනසුරාදා දිනෙක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකට ගියහොත් මේක අරාබියක් වගේය. අරාබි සුද්දෝ අම්බානක ඇවිල්ලා කියා කෙනෙක් සිතුවොත් ඒකේත් අවුලක් නැත්තේය. නමුත් ඉතින් දෙමළෙන් කතා කරන නිසා අපේ අය කියා හඳුනා ගන්නා එක ලේසිය. කවුරු මොන බයිලා ගැහුවත් සද්ද බද්ද නැතුව තලෙයිබාන්කරණයක් තදින්ම යනවාය. ඊට වෙනත් කිසිම සාක්ෂියක් අවශ්‍ය නැත. මේ ලෝගු පොරවාගත් කාන්තාවන් හා බින් ලාඩන්ලා හොඳටම ප්‍රමාණවත්ය. ආගමික නිදහස කියා මේවාට ඉඩ දෙනවාද යන්න සොයා බැලීම රජයේ වගකීමක් හා යුතුකමක්ය.

මන්ද දෙමල ප්‍රශ්ණයත් පටන් ගත්තේ ඔහොම පොඩ්ඩ පොඩ්ඩය. උතුරේ නිජ බිම් කතාවක් හදා ගත්තේය. ඊට පස්සේ 10% වන ජනතාවට, පනහට පනහක් ඉල්ලුවේය. ඊට පස්සේ තුවක්කුත් අරගෙන කෑල්ලක් ඉල්ලුවේය. අද ළෝකයත් එක්ක එකතුව ඔක්කෝම ඉල්ලනවාය. මෙයාලා පටන් ගන්න යන්නේත් එහෙමය. ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ පෝක් දෙන එක නැවැත්තුවේය. දැන් අර පනහට පනහා සයිස් එකේ ඒවාත් ඉල්ලන සයිස් එකට ඇවිල්ලාය. නීතී ව්ජ්ජාලේ කේස් එක ඒකට උදාහරණයක්ය. එයාල හලාල් කෑවාට අපට අවුලක් නැත. ප්‍රශ්ණේ තියෙන්නේ සිංහල පොන්නයෝත් මුදල් වලට අරගෙන ලංකාවටම හලාල් කවන්න ලෑස්ති වන එකටය.

ළඟදීම ජාතික පත්තරත් හලාල් කරනා බවට, අන්වර් මට අභියෝග කර අවසානය. ඒක එයාලාගේ ටැලන්ට් එකය. රට ජාතිය පාවා දෙන සිංහල යයි කියා ගන්නා පොන්න ඇමතිවරු, බිස්නස්කාරයෝ, මාධ්‍යකාරයෝ ඉන්න කොට අන්වර්ලා එහෙම අභියෝග කරන එකත් මහ දෙයක් නෙමේය. අමාත්‍ය මන්ඩල රැස්වීමේදී, හකීම් හලාල් වලට රජයේ ප්‍රකාෂ ඉල්ලන කොට, නිමල් සිරිපාලලා පැනලා ප්‍රකාෂ දෙන්න යන්නේ ඒ නිසාය. ප්‍රභාකරන් රට ඉල්ලද්දි සුදු නෙළුම් අරගෙන සැටලයිට් නෝනා එක්ක පෙරහරවල් ගිය උන්ට මේ රට තිබුනත් එකය නැතත් එකය. මොකෝ උන්ට හකීම් ජනාධිපති උනත් අවුලක් නැත. කුට්ටිය හම්බ වෙනවානම් එච්චරය.

මේකට විරුද්ධව කතා කරන්න එකෙක් හෝ හිටිය එක ගැන අප ආඩම්බර විය යුතුය. ඒ මත ගැටුම් තිබුනද චම්පික රණවකය. උන්නැහේ නිසා රජයේ ප්‍රකාශ නිකුත් කරන්න පෙර, ඒ පිළිබඳ කමිටුවක් දාන්න ජනාධිපති එකඟ වූ නිසාය. ඒ වැඩේට නම් අපි බොක්කෙන්ම සපෝට්ය. මොකෝ ඔය කමිටු වාර්ථා ලේසියෙන් එන්නේ නැති නිසාය. අනික ආවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැති නිසාය. බොදු බල සේනා "නෝ ලිමිට්" වටලලා හරියන්නේ නැතිය. ඒ මිනිස්සු අතීතයේ ඉඳන් කරන්නේ සාධාරන බිස්නස් නිසා කවුරුත් ඒවාට යනවාය. අල්ලා වැඩි ප්‍රොෆිට් ගන්න එපා කියා තියෙන නිසා ඒවා වල බඩු ලාබය. ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ බිස්නස්, "හලාල්" නැතිනම් ඕන විදියකට කර ගත්තාට ඉරිසියා කරණ එක හොඳ නැතිය. බුදු හාමුදුරුවෝත් එහෙම දේශනා කොරලා තියෙනවාය.

හලාල් සහතික ගන්නා අපේ හරක්
හැබැයි ඒයාලාට කරන්න පුළුවන් නොම්මර එකේ වැඩක් තියෙනවාය. ඒ හලාල් සහතිකේ ගන්න සිංහල උන්ට පාඩමක් උගන්වන එකය. එයාලාගෙන් නොකෙරෙන්නේත් එයමය. පොඩි පොඩි හොඳ වැඩත් උනාට වැඩියෙන් වෙන්න ඕන ඒ දේය. කියන්න තියෙන්නේ හලාල් ගහලා තියෙන එවා කන්න එපා කියාය. එතකොට ගේම එතනින්ම ඉවර වෙනවාය. ඔය මම කලින් කියපු තලෙයිබාන් සෙට් එක හලාල් ගහලා තියෙන අයිස් මස් කන්නේත් නැතිය. එයාලා කන්නේ එවේලේ මරපුවා විතරය. ඒවාත් දැන් හැම තැනම වගේ තියෙනවාය. කවුරු උනත් ෆ්‍රෙෂ් බඩු කන්න කැමති නිසා ඒ බිස්නස් එකත් නැගලා යනවාය. සිද්ධාලේප කාරයා හලාල් ගහගත්තේ සිද්ධාලේප කන හින්දාද කියන්න දන්නේ නැතිය. මේ මහා ලොකු හිංගලයෝ හලාල් ගහගත්තාම බොදු බල සේනා ගිහින් සිද්ධාලේප මුදලාලිගේ පස්ස පැත්තේ සිද්ධාලේප ටිකක් ඇතිල්ලුවාට මගේ නම් කිසිම අමනාපයක් නැත්තෝය. මන්ද මෙවන් පොන්නයෝ නිසා දිනෙක අපට අපේ කියා කියන්න රටක් නැති වෙන නිසාය.

විශේෂ - ද්වේෂ සහගත කොමෙන්ටු ඉවත් කරනවා ඇත. 

200 comments:

  1. මලයො හොදට හොයපන් මිනිහා හලල් අයින් කර ගත්තා මගේ හිතේ... හරියටම දන්නෙ නෑ.. ඇත්තටම කිව්වොත් අර පින්තූර දෙකයි අන්තිම ටිකයි විතරයි කියෙව්වේ.. එපා වෙලා අප්පා හු.. හලාල්..

    ReplyDelete
    Replies
    1. එහෙනම් කවුරු හරි පස්ස පැත්තේ සිද්ධාලේපේ ගාන්න ඇති. නොදකින් මෙහෙම වෙළෙන්දෝ....

      Delete
    2. මමත් දන්න විදියට සිද්ධාලේප හලාල් අයින් කර ගත්තා. ෂුවර් නෑ හරියටම.

      Delete
    3. මන්චි කාරයත් අයින් කරගත්ත බං..

      Delete
    4. මන්චි ගැන නම් මට ටිකක් සැකයි.ඊයෙත් මම බිස්කට් ගන්න ගිය වෙලේ හලාල් බ්‍රෑන්ඩ් එපා කියුවාම කඩේ කොලුවා කිව්වේ හලාල් ගහපු නැති මන්චි/මැලිබන් බිස්කට් නැති බවයි.එතන හිටපු සේල්ස් රෙප් කොලුවා කිව්වේ මන්චි ලොක්කා කිව්වා කියල කොච්චර බිස්නස් අඩු උනත් හලාල් ගහපු නැති මන්චි බිස්කට් වෙළඳ පලට දෙන්නේ නෑ කියල. මේ මගුලෙන් වෙන්නෙ සල්ලි දීල හදිසියකට වත් බිස්කට් එකක් මිලදී ගන්න විදිහක් නැති එක විතරයි.

      Delete
  2. හලාල් නැති වෙළද නිශ්පාදන ගැන ප්‍රසිද්දියක් දුන්නානම් සාර්ථක වෙයි.

    ReplyDelete
    Replies
    1. නැති ඒවාට වඩා. තියෙන ඒවා ගැන කවුරුන් හෝ දැණුවත් කරන්නේ නම් අගය කරමු...

      Delete
    2. මෙතනින් බලන්න පුළුවන් හලාල් සහතික ලත් නිෂ්පාදන....
      http://www.halaal.acju.net/brands

      දැන් හලාල් සමහන් බොන්ටත් පුළුවන් ....

      -Kandyan-

      Delete
    3. අනේ බං අරක්කු නෑනේ ලිස්ට් එකේ.. අපි බොන්නේ කොහොමෙයි. අනික ඔය හලාල් කාරයෝ තනිකරම සිගරට් පප්පල.. ඒත් ඒකේ හලාල් බලනවද මන්ද,. මේවට කියන්නේ.. ඔළුවේ ධර්මය, පුකේ ගූ කියල තමා...

      Delete
  3. සෑම ආගමක මෙන්ම මෙහිදීද ඔවුනගේ ගොඳුර බවට පත්වන්නේ දුප්පත් මුස්ලිම් ජනතාවයි. මේක ඇත්ත.. අන්තිමට හැමතැනම ගුටිකන්නේ, අවතැන් වෙන්නේ, තැලෙන්නේ දුප්පත් මිනිස්සූ

    ReplyDelete
    Replies
    1. ඔවුන් මෝඩයි, අසරණයි, ඒ නිසා ජාතී ආගම් බේදයෙන් තොරව රවටාගන්න ලේසියි..

      Delete
  4. හලාල් අවශ්‍ය අයට හලාල් දුන්නට කමක් නැත. එහෙත් හලාල් දීමට වැයවෙන පිරිවැය හලාල් අවශ්‍ය අයම දර ගත යුත්තේය. හලාල් අවශ්‍ය නොවන බහුතරයට හලාල් ඇති දේ ගැනීමට බලකිරීම අසාධාරණය. එය සුරා කමක් වේ.

    ReplyDelete
    Replies
    1. අර නායකත්ව පුහුණුවට අදාලව අමාත්‍යාංශ ලිපිය දැක්කානේ "හලාල් ආහාර පමණක් මුස්ලිම් සිසු දැරියන්ට ලබාදීම. පොදුවේ සියළුදෙනාට හලාල් ආහාර සැපයීම උචිතවේ". අපේ චන්දවලින් දියවන්නා ගිහිපු එවුනුත් අපිටම හලාල් කවන්න චක්‍රලේඛ ගහනවා. ඒත් මෑතකදි එකෙක් ඔය පාර්ලිමේන්තුවේම කෑගහලා කිව්වාලු අපි කාටවත් බලෙන් හලාල් පටවන්නේ නෑ කියලා. කියන්නැ එහෙමයි කරන්නේ මෙහෙමයි.

      Delete
    2. අපේ ඉන්නෙ පොන්න ඇමතිවරු. වෙලාවට කොන්ද පන තියෙන නායකයෙක් ඉන්නේ.

      Delete
    3. පලයන් යකෝ යන්න මහින්දයට සුපර්මාර්කට් යන්නේ නැතිව. ඌට කොන්දක් තියනවා නම් ඔය බූරු ඇමති රැල එලවන්න හරි කටවල් වස්සයන්න හරි පුළුවන්. ඌ බොරුවට සුදනා වගේ ඉන්නවා. කොන්දක් තියනවා නම් මර්වියා, කුඩු දුමියා, අර යකඩ විකුනපු සුදර්මනයා, කේපී වගේ එවුන්ට නීතිය ක්‍රියාත්මක කරපං කෝ

      Delete
    4. ඒකට තමයි පොලිට්‍රික්ස් කියන්නෙ. ඒ නිසා තමයි මම අද උදිතගේ පෝස්ට් එකේ ජනාධිපති එකාධිපතියෙක්වත්, පාළනය රෙජීමයක්වත් නොවේ කියලා.. මටත් තේරෙන්නේ නෑ මේ හොරුන් හා වැඩ බැරි ටාසන් වරුන් මොන් රෙද්දකට තියාගෙන ඉන්නවද් කියලා. සුපර් මාකට් යන්නෙ නෑ. දැ ටැස් එකක් ගහලා නිසා බඩු ගනං අයියා.. සේප් එකේ කඩේ නම් යනවා. වෙන කාට කියලා යන්නද....?

      Delete
    5. කොන්ද පණ තියෙන නායකයෙක් ඉන්නකොට ඇමතිවරු පොන්න වෙනවනෙ මචං ඉබේටම.

      Delete
  5. ඔය සෞදියේ රැජින කියල දාල තියෙන කෙනා එයා නෙවේ, ඔමානයේ රූපවාහිනි නිවේදිකාවක්

    http://www.mylot.com/nr/viewframe.aspx?id=24657380&url=http%3a%2f%2ffeedproxy.google.com%2f~r%2fBuzznights%2f~3%2fnuvL1LbJv40%2fshaima-al-hammadi-beautiful-omani-tv.html&type=Blog

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියන්න දන්නෙ නෑ. ළොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහෙමයි. ඒක එහෙමයි කියමුකෝ. ඔන්න තව පින්තූරයක් දැම්මා. ඒ සෞදි කුමරිය. ඒංගලන්තේ විලියම් කුමාරයගෙ කසාදෙට ආපු එක. ඒකත් බොරුවක්ද එතකොට...

      Delete
    2. ඔයත් සෞදි රජාගෙ බිරින්දෑ කෙනෙක් නෙවෙයි. හැබැයි රජ පවුලට නෑදැකම් කියන බින් තලාල් කියන කෝටිපතියගෙ බිරිඳ. මුස්ලිම් සංස්කෘතියෙ කාන්තාවට වෙන අකටයුතුකම් ගැන ඉහල හඩක් නගන කෙනෙක්.
      http://www.youtube.com/watch?NR=1&v=_LYZFXOAlPk&feature=endscreen

      කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව නිකන් පොර ටෝක් දෙන එක ඔබවගෙ විප්ලවවාදියෙක්ට හරිමදි නේද?

      Delete
    3. මම ඔයාගේ තර්ක දෙකම පිලිගන්නේ නෑ. හරි එහෙමමයි කියමු. ඒත් මේ මුස්ලිම් ලඳුන් බවවත් පිලිගන්නවාද....?

      Delete
    4. ඔව් මුස්ලිම් ලඳුන් තමයි.. හැබයි ඔතන ඔයාලට නොපෙනෙනදේ තමයි ඔයාලා සිංහල බ්ලොග්වලින් ජාතිය රැකගන්න දඟලනකොට, මේ මිනිස්සු තමන්ගෙ පටුදර්ශන අතහරින්න ප්‍රායෝගිකව උත්සහ කරනව කියන එක. එකපාරටම ප්‍රතික්ශේප කරන්නෙ නැතුව මම කලින් දැම්ම youtube විඩියෝව පොඩ්ඩක් දෙකන් ඇරගෙන බලන්න.ඔබ ඉන්න තැන සහ ඔවුන් යන්න හදන තැන වෙනස පොඩ්ඩක් හරි තේරෙවි.

      Delete
    5. ඒකම තමයි අනේ මටත් තියෙන දුක. ඒ ගොල්ලෝ විමෙන් රයිට්ස් ඉල්ලගෙන ලෝගු ගලවලා විසි කරලා දාලා දැණුම ලබාගන්න පිට රටවල ගිහින් තමන්ගේ රටත් ඒ විදියට ගේන්න මහන්සි වෙද්දි. මෙහේ ඔයාල නිදහසේ හිටපු ගෑණු ටික ලෝගූ අස්සෙ දාගෙන තලෙයිබාන්කරණයකට ලක්කරන කොට මට ඔයාලා ගැන ඇත්තටම දුකයි.

      Delete
  6. මෙන්න මේකත් බලන්න.. මොනව උනත් මරු කෑල්ලනෙ?
    http://www.al-lilac.com/en/gallery_shaimaa1.html

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් කෙල්ලෝ තමයි ලෝකේ ලස්සනම කෙල්ලෝ.. මම ඇහැට දැකලා තියෙන නිසා බය නැතුව ඒක නම් කියන්න පුළුවන්...

      Delete
    2. මුස්ලිම් කෙල්ලෝ නෙවි බන් ඉරානියන් කෙල්ලෝ (පර්සියන්), අවුරුදු දහස් ගානකට පෙර අපේ මුතුන් මිත්තෝ ඉදල තියෙන්නෙත් ඔහේ තමා , ඉතින් අපිට ඔය කෙල්ලෝ ලස්සනට පෙනෙන එක පුදුමයක් ද, (එක අපේ ඇගේ තියෙන දෙයක්)

      Delete
    3. හා හා රාවණාට ඇහෙයි

      Delete
    4. වැද්දෝ පැවත එන්නේ රාවනාගෙන් වෙන්ටැති .. එකනේ ඔය facebook පිටු අටෝගෙන සිංහලයන්ට බනින්නේ

      Delete
    5. ඉරානේ විතරක් නෙමෙයි බන් මුළු මැද පෙරදිගම එහෙමයි....

      Delete
    6. නෑ ,මාතලන් පර්සියන් කියන්නෙය් අරාබි කියන්නෙය් වෙනම වර්ග දෙකක්

      Delete
  7. //මේ මහා ලොකු හිංගලයෝ හලාල් ගහගත්තාම බොදු බල සේනා ගිහින් සිද්ධාලේප මුදලාලිගේ පස්ස පැත්තේ සිද්ධාලේප ටිකක් ඇතිල්ලුවාට මගේ නම් කිසිම අමනාපයක් නැත්තෝය. මන්ද මෙවන් පොන්නයෝ නිසා දිනෙක අපට අපේ කියා කියන්න රටක් නැති වෙන නිසාය.//

    හරියට හරි..


    මැලිබන් උඩ පැනලා හලාල් ගත්තා, දැන් අයින් කරලා. මේකවත් ආදර්ශයට අරන් හින්ගලයෝ හලාල් වලින් ඉවත් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනා ඒ අතින් යම් සේවයක් කරණවා, මහා නාහිමිවරුනට වඩා....

      Delete
  8. අන්වර් වැනි වහබි නිකායික මුස්ලිම් වරුන් ගේ උත්සාහය වන්නේ ආගමික ගැටුමක් ඇතිකර ගැනීමය.ඔහුගේ බ්ලොග් ලිපිවල අන්තර්ගතයෙන් ඒ බව තේරුම් ගත හැකිය.භික්ෂුන්ට චීවර දාරියා වැනි යෙදුම් යොදන්නේ නිකමට නොවේ.බින් ලාඩන් වැනි වහබි නිකායික අන්තවාදීන් සාමකාමී ඇෆ්ගනිස්තානය විනාශ කල ආකාරයටම මේ රටද විනාශය කරා ගෙනයාම ඔහු වැන්නන්ගේ අරමුණය.සිංහල ප්‍රජාවද අන්තවාදයට අන්තවාදයෙන්ම ප්‍රතිඋත්තර දෙන්නට ගියහොත් අන්වර්ලාගේ උත්සාහය සාර්ථක වනු ඇත.මෙහිදී සිංහල ජනතාව වඩාත් කල්පනාකාරී ලෙස හැසිරිය යුතුය.

    ReplyDelete
    Replies
    1. අන්වර්ගේ අරමුන කුමක්ද යන්න දැන් දැන් ඔහුගේ ළිපි වලින් ඉතා පැහැදිලිව පෙනෙනවා.

      Delete
  9. හලාල් කතන්දරේට කරන්න ඕනේ ඇත්තටම දැන් හලාල් නැත්තේ මොනාද බලලා ඒවට ප්‍රචාරයක් දෙන එක... මොකද අරකේ නෑ මේකේ නෑ කිව්වට සමපෝෂ පැකට් එකෙත් හලාල් තියෙනවා... සිද්ධාලේප එකෙන් කරන දන්තාලේප වර්ග ශාකසාර වලින් හදන ඒවා නම් ඒකට මොකටද හලාල් කතාවක්... අපේ මිනිස්සු අද ලාබේ ගැන විතරක් බලලා කරන ගොන් වැඩ මේවා... මේක ගැන තැන් දෙක තුනකම මං කමෙනට් දැම්ම නිසා ආයිත් ඒවම ලියන්නේ නෑ..

    හරිස්චන්ද්‍ර නිෂ්පාදන වල ලංකාවේ උලමාවරුන්ගේ හලාල් ලකුණ නැති උනත්, වෙනත් හලාල් ලකුණක් තිබ්බා මම ගිය අවුරුද්දේ ගත්ත තෝසෙ පිටි පැකට් එකක විතරක්... ඊයේ මම දැක්කා ඒ නිෂ්පාදනයෙන් ඒ ලකුණත් අයින් කරලා බව... මේක ගැන හොයලා බලන්න ඕනේ කියලා මම නිෂාන්ගේ පෝස්ට් එකකදි කිව්ව නිසා මෙතන ඒ ගැන දැම්මේ...

    ReplyDelete
    Replies
    1. නංගි ඔයත් ඔලුව දාන්නේ නැති මගුලක් නැ , තෝසයක් හදාගෙන අප්පයක් පුච්චගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතුව.

      Delete
    2. හලාල් කියන්නෙ ඉස්ලාමිකයන්ට භාවිතයට කැපයි කියන එකමිසක් ශාඛසාරද සත්ව තෙල්ද කියන එකනෙවේ නංගි. අනිත් කාරනෙ හලාල් සහතිකේට විරුද්ද කට්ටිය මොකද බෞද්ධයන්ගෙ මුදල් කෝටිගනනින් වියදම් වෙන මැදපෙරදිග තෙල් වර්ජනය කරලා ගොන්කරත්ත වල යන්න පටන්ගන්නෙ නැත්තෙ.
      ඔය ඉන්න ගමන් ඒ වගේ විකල්ප යෝජනා ටිකකුත් ගෙන්නකො බලන්න මේ මාතලන් වගෙ අය්යල එක්ක එකතුවෙලා.

      Delete
    3. අනේ බං ඇනෝ.තෝ කියන්නේ තෙලුත් හලාල් කරන්නද? ඔය විකාර නෙවි. දැන් තෝ අවංකව කියපං උඹලගේ තබ්බියෙක් ලෙඩ වෙලා ලේ ඕන වුනාම ඉස්පිරිතාලෙන් දෙන ලේ එකේ තොපි හලාල් චෙක් කරනවද? ඒ ලේ දෙන එකා හැමදාම ඌරුමස් කන එකෙන් වෙන්න පුළුවන්නේ. කෝ එතකොට තොපේ මහලොකු හලාල්? උඹලාගේ එවුන් ඔක්කෝම ගන්නේ සිංහල, දෙමළ එවුන් දෙන ලේ ටික තමා. මොකෝ උඹලා මළාට ලේ දන් දෙන එකක්යැ..

      Delete
    4. තොපි හලාල් මෙතර්ඩ් එකටලුනේ සත්තු මරන්නේ. හැබැයි උඹලාගේ කුරානේ තියෙන්නේ වෙනත් සතෙක් මරණවා නම් ඒ මරණ එකා රත්පැහැ වෙන්නම රත්වුන තැටියක් උඩ ඉදගෙන සතා මරන්න ඕන කියලා. ඒකෙන් ගම්‍ය කරන්නේ ඒ සතා මරණයේ විඳින වේදනාව තමනුත් අවබෝධ කරගන්න ඕන කියන එකයි. නමුත් උඹලාගේ හම්බයෝ මහලොකුවට හලාල්ය කියලා සතා මරන්නේ රතු වෙන්න රත් වුනු තැටිය වෙනුවට රතුපාට ගාපු තැටියක් උඩ ඉඳගෙනනේ. ඔන්න උඹලාගේ මහලොකු හලාල්. ඔන්න ඔහොමයි තොපි නබිතුමා දෙසපු ඒවාත් උඹලගේ වාසියට හරවගන්නේ. මට අධෝමුඛයෙනුත් හිනා ඕයී මේවට.තොපේ හලාල් තොපිටම හොඳා. ඒත් ප්‍රශ්නේ ඒවා අපට කවන්න හදන එකනේ.. අර නායකත්ව පුහුණුවට අදාලව අමාත්‍යාංශ ලිපිය දැක්කානේ ("පොදුවේ සියළුදෙනාට හලාල් ආහාර සැපයීම උචිතවේ")

      Delete
    5. @ හිරු
      ස්තූතියි කොමෙන්ට් එකට
      @තෙල් ගැන කතා කරපු ඇනෝට
      තෙල් තියෙන්නේ මැද පෙරදිග විතරක් නෙමෙයි. ඒ රටවල උන්නෙ මෝඩයෝ නිසා ඇමරිකන් කාරයා එයාලගෙ තෙල් නිධිවලට අතවත් නොතියා මැද පෙරදිග තෙල් ඔක්කෝම අදිනවා. බී පී එල්, ෂෙල් කියන්නේ අරාබීවරුන්ගේ සමාගම් නොවේ.
      @ අනිත් ඇනෝලා
      පොඩ්ඩක් වැදගත් විදියට අදහස් දැක්වූවානම් නේද වටින්නේ. ඇනෝ ආවත් හෙළුව පේනවා...

      Delete
    6. ශාක නිෂ්පාදන මුස්ලිමුන්ට අකැප වෙන්නේ මොනවා උනොත්ද?

      Delete
    7. අවුලක් නෑ බං ඔක්කොම හෙළුවෝ නෙව.. අම්මප මාතලංට හෙන ඇනෝ සෙට් එකක් ඉන්නවානෙව. ගමේ උන්ද බොල.. හැක්

      Delete
    8. සයුරි,
      ශාකමය ආහාරයක් හෝ මිනිස් පරිභෝජනය සදහා වන වෙනත් නිශ්පාදනයක් කිරීමේදී එම නිශ්පාදන කුියාවලිය සිදුකරන කර්මාන්ත ශාලා පරිශ්‍රයේ බල්ලන් පූසන් ගැවසීම නිසාත් එම ශාකමය නිශ්පාදන මුස්ලිම් ජාතිකයන්ට අකැප (හරාම්) විය හැක.
      කෙටියෙන් පැවසුවහොත් නිශ්පාදන ක්‍රියාවලියකදී GMP (Good Manufacturing Practices) යන්න මුස්ලිම්කරනයවී හලාල් සහතිකය බිහිවී ඇත

      Delete
  10. මෙච්චර කල් අපිත් එක්ක එකට කාගේන් බීගේන හිටපු නනා ට දැන් රියල් මුස්ලිම් වෙන්න කියලා ඔනා කියල ඌ තලෙයිබාන් වෙලා......මලාට බණක් දහමක් නෝඅහපු අපේ එකා,රට ජාතිය ‍රැක ගන්න කියලා බොදු බල සේනා වෙලා....අනේ කාලේ වනේ වාසේ....

    ReplyDelete
    Replies
    1. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත.

      Delete
  11. ko ban sabith? uta kiyapallako mona hari liyanna kiyala. :D

    ReplyDelete
    Replies
    1. ඔය අදහස් දක්වලා තියෙන්නේ මහත්මයෙක් විලසින්....

      Delete
  12. එකෙක් මේ ගැන 'අ'යන්න කිවු විට සිංහල හෝඩියම මතක් වෙන මාතෘකාවක්. ඒත් කියන්න තියන දේ සැපටම කියල තියනවා. ආයෙත් ඌණ පූර්ණ ඕනේ නෑ.

    නැගෙනහිර ජිහාඩය ගැන විකිලීක්ස් එළි කරපු දේවල් මාතල්න්ගේ ලිපියට සපෝට් කරනවා.

    මෙන්න ලිංක් එක. අනිවාර්‍යෙන් බලන්න.

    සිද්ධාලේප වගේම මන්චි ආයතනත් මේ බලපෑම් එක්ක හලාල් අයින් කරගත්ත එක හොද ප්‍රවණතාවක්.

    ReplyDelete
    Replies
    1. Quotations,
      "on 10/15/03, RSO
      interviewed an *unknown walk-in Source* of *undetermined
      reliability* who claimed to have information"

      "*When asked why he was providing this information,
      Source indicated he was unemployed and had a family to
      support. Source offered to "work" for the embassy and
      suggested he be allowed to travel to the East to get more
      details on the camp*"

      Now read through the lines and you tell me the story;
      unknown walk-in Source
      undetermined reliability
      he was unemployed
      offered to "work" for the embassy

      None of these allegations are/were verified. Just because of some one walks in and tells something it doesn't make it a truth.
      If so we will all have to believe these 'Wijathika balawega' allegations we hear thousand times every day.
      The possibility of Jihad EXTREMIST ACTIVITIES happening in lanka is very low.
      And do you believe after all these military operations in north and east (this cable was sent somewhere around 2003) its possible to have so called camps and trainings so freely?

      Delete
    2. Like all the other known EXTREMISTS, you proved that you just need to hide the truth. PLEASE READ THE ENTIRE CABLE CAREFULLY.

      Quote

      //an unknown Source phoned Embassy
      Colombo and spoke with the RSO regarding radical Muslim
      activities in Sri Lanka. An appointment was made for the
      Source to come to the North Gate of the Embassy to be
      interviewed at 1630 hours. The Source came at the appointed
      time and identified himself as Mohamed Ilyars Mohamed HUNU
      (father's name NOONU), DPOB 12/15/1972 - Sri Lanka, National
      Identity Number 723501008V, SL PPT# L0130138. Source
      provided two phone numbers: 034-2277851 and 94-1-222-2787.
      Source claimed to be a police bodyguard for the Sri Lankan
      Minister of State for Housing in the Eastern Provinces
      1991-94, but was currently unemployed and a father of three
      children. He also produced documentation as a former worker
      in private security in the U.A.E.//

      End of the Quote

      ALSO, I agree with you that those jihad training camps cannot remain same further, with the end of the military operations. But as you may agree with me, Muslims are even more tactful than Tamils. So we can never believe that they won't start it in the post war era.

      Also, Click on the below link to see the news from Diwayina News Paper.
      දිවයින පුවත මෙතනින් බලන්න.

      i don't have a English or Tamil translation of the below. This is the notorious Oluvil Statement.

      දිනය වර්ෂ 2003 ජනවාරි 29 වැනිදා ය. අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් බහුතර ප්‍රදේශයන් කොළ පැහැති ඉස්ලාමීය ධජ පතාක වලින් වැසී තිබිණි. උදේ 9.00 ට පාලමුනේ හා අට්ටපලම් වලින් පෙළපාලි දෙකක් ඇරඹිණ. උදේ 10.30 වන විට එකී පෙළපාලි දෙක ඔලුවිල් හී අග්නිදිග විශ්ව විද්‍යාල භූමියට පැමිණ තිබිණි. 'අල්ලාහු අක්බර්' ඉස්ලාමීය ආගමික රණ ගීය (දෙවියන් ශ්‍රේෂ්ඨයි!) පැතිරී යත්දී ඔලුවිල් ප්‍රකාශය එළි දක්වනු ලැබීය. එය මෙසේ විය.

      1. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු සෑම ආකාරයකින් ම අංගසම්පූර්ණ වූ වෙන ම ජාතියකි.

      2. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාත මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික නිජබිම වේ.

      3. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර වාසය කරන මුස්ලිම් ජාතියට වෙන ම රාජ්‍යයක්, එනම් 'මුස්ලිම් තේසම්' සදහා වූ ස්වයං නිර්ණය පිළිබද අයිතිය ඇත.

      4. උතුරු හා නැගෙනහිර දෙපළාතේ සියළු බහුතර මුස්ලිම් ප්‍රදේශ (ඒවා භූමියෙන් එකට යාවී නොතිබුණ ද) එක් කර මුස්ලිම් තේසම් හෙවත් වෙන ම මුස්ලිම් රාජ්‍ය පාලනයක් ඇති විය යුතුය.

      5. උතුරු හා නැගෙනහිරින් පිටත වෙසෙන මුස්ලිම් වරුන් ද මේ වෙන ම ජාතියට අයත් වන අතර ඔවුන්ගේ ආර්ථික - සමාජයීය - සංස්කෘතිකමය හා දේශපාලන අයිතීන් හා අභිලාෂයන් සහමුලින් ම ආරක්ෂා විය යුතු ය."

      මේ ඔලුවිල් ප්‍රකාශයේ සංක්ශිප්තයයි.

      Delete
    3. මේ මැතකදිත් ජිහාඩ් හෙවනැලි මතුවුනා නැගෙනහිරින්..

      Delete
    4. ඊළම යනකොට තේසම්... ?

      Delete
    5. //සිද්ධාලේප වගේම මන්චි ආයතනත් මේ බලපෑම් එක්ක හලාල් අයින් කරගත්ත එක හොද ප්‍රවණතාවක්.//

      ඔතන ප්‍රශ්නෙ "බලපෑම් එක්ක" අයින් කරගත්ත එකයි . . . . මේ සද්දෙ වැහුනගමන් ලස්සනට ආයෙත් ඒවි . . .අපිනොදන්න මාකටිං

      Delete
  13. මාතලන්, හොඳ ලිපියක්. හැබැයි මට නම් මේ ටොපික් එක දැන් එපාම වී තිබේ. එනිසා ඉතාම කෙටියෙන් අදහස් දක්වමි.

    මුස්ලිමුන් අන්තවාදීවීම අපට පමණක් සීමා වූ ගැටළුවක් නොවේ. ලෝකයටම පොදු ගැටළුවකි. අපේ මැට්ටන්ගේ ගොන්කම මේ රටේ සීමාවෙන් එපිට නොදැකීමය. එසේ දැක්කත් දැන් අපි බටහිර රටවල් තරහා කරගෙන ඉවර නිසා මුස්ලිම් රටවල්ද තරහා වුණොත් දුකට පිහිටට වත් එන්න ඉන්නේ චීනා විතරක් බව නොතේරෙන එක ගොන් කමය. චීනා එන්නේද නිකම් නොව දත් ගලවාගෙන යන්නය.

    ReplyDelete
    Replies
    1. කෙලවෙන කොට ඔය එකෙක්වත් නෑ. ඒ නිසා මේක බේරා ගත යුත්තේ අපමයි..

      Delete
  14. ලංකාව කියන්නේ ඔය වගේ මහා ගොබිල යක්කු ඉන්න රටක් තමා......ඕක මේ කාලේ විතරක් නෙමේ රජ කාලේ ඉදන් අපේ ඉන්න එවුන් පාවා දෙන්න හොදට දන්නවා.............යකෝ රටේ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් අපේ නපුංසකයෝ මෙහෙම පිස්සු කෙලියම හරි.............කොහොමත් හලාල් ප්‍රශ්නය උඩු දිව්වා වැඩි දැන් බඹරේට ගල් ගැහුවා වගේ තමා.

    කොහොමත් ලංකාවේ ඉන්න අපේ උන්ට ජාතික ප්‍රතිපත්තියක් තිබුන උන් නෙමේ. මොකද ලංකාවේ ජාතික බසාව කියලා සිංහල ගෙනල්ල ඔක්කොම වැඩ ඉංග්‍රීසියෙන් කරන වගේ දෙබිඩි යක්කු තමා අපේ වුන්. හැබැයි අපිට හෙන ලොකු ජපානේ,කොරියාවේ එහෙම නැහැ එහෙ ඉගෙන ගන්න ගියත් රස්සාවට ගියත් එහෙ ජාතික භාෂාව ඉගෙන ගෙන පස්සේ තාම අපි අදාල වැඩේ කරන්න ඕනේ. මෙහෙ ඕක කිව්වනම් හෙන ජාති වාදේ, අපි තාමා දේශද්‍රෝහියෝ............

    දැන් නම් නැවත නිවැරදි කොන්ද පන තියන ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය හොදට දැනෙනවා...............

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තරය ප්‍රතික්ෂේප කරන්න නරකයි. මැද පෙරදිග ගෘහ සේවය තමයි ප්‍රධාන ආදායම. ඒ කියලා අපිට කොන කපාගෙන ඉන්න බෑනේ.....

      Delete
  15. හලාල් කළ ඌරු මස් විකුණුවානම් හරිනෙ වැඩෙ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  16. තියන ප්‍රශ්න මදිවට තවත් රට පස්සට යන ප්‍රශ්නයකට මුල පුරන්න තියන අකමැති කමට සද්ද නැතිව ඉන්නවා.
    …සිංහල ව්‍යාපාරිකයා හලාල් ගහගන්න එකේ මම වැරැද්දක් දකින්නෙ නෑ එතකොට මුස්ලිම් මාකට් එක සිංහලයට .ඒත් මුන් සිංහලයටත් හලාල් ලේබල් එකෙන් වෙළදාම් කරනවට නම් මම විරුද්දයි.වැඩේ තියෙන්නේ අපේ මාකට් එක OPEN වීම

    ReplyDelete
    Replies
    1. එහෙම සද්දේ වහගෙන ඉඳලා තමයි අවුරුදු 30ක් පරිප්පු කෑවේ හොදි නැතුව. මෙහෙම කට වහගෙන හිටියොත් සුන්නත් කරලා තමයි නවතින්නේ. ඒ අතින් බුවා, අන්වර් මනතුංගට පිළිතුරු දීමෙන් කරන්නේ ළොකු සේවයක්...

      Delete
    2. මාතලන්ගේ කතාව හරි. ඊලම් ප්‍රශ්නෙත් ඔච්චර දුර ගියේ අපේ අය මුලින් සද්ද නැතිව හිටපු නිසා. එක්කෝ නොසැලකිල්ල. නැත්නම් ප්‍රශ්න ඇතිවෙයි කියන බය. ඒකෙන් උනේ අන්තිමට සේරටම වඩා ලොකු ප්‍රශ්නෙකට මූන දෙන්න වෙච්ච එක. ඒ නිසා සද්දේ අවශ්‍ය වෙලාවට තිබිය යුතුයි. හැබැයි පිළිවෙලක් ඇතුව.

      Delete
    3. //ඊලම් ප්‍රශ්නෙත් ඔච්චර දුර ගියේ අපේ අය මුලින් සද්ද නැතිව හිටපු නිසා. //

      සයුරි දේවල් කතා කරන කොට දැනගෙන කතා කරන්න. ඊලාම් ප්‍රශ්නයට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒක සද්ද දැමීම හෝ නොදැමීම හින්ද වෙච්ච රදයක් නෙමෙයි. ජනවර්ග දෙකේම වර්ගවාදී පරයො එකතු වෙලා වපුරුපු දේවල් වල ප්‍රතිඵත විදියට තමයි ඒ ප්‍රශ්නෙ ඇති උනේ. 58 සහ 83 කියන්නෙ සම්පූර්ණ චිත්‍රයෙ ප්‍රධාන ලකුණු දෙකක්. ඉතිහාසය හොයන් හදාරන්න.

      ඊළඟට දැන් ප්‍රශ්නයට ආවොත්, ඔව් හලාල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක විසදන්න පුලුවන් ඔය විදියට සද්දෙ දාලා න්ම නෙමෙයි. මේ රටේ නීතියක් කියල දෙයක් තවමත් තියෙන නිසා, ඇයි මෙ සේනාවක් හෝ වීරයෙක්වත් මේ හලාල් සහතික නිකුත් කිරීම නීතිය ඉදිිරයෙ ප්‍රහ්න නොකරන්නෙ. තියෙන තොරතුරු අනුව මේ සහතික නිකුත් කිරීමට නිත්‍යානුකූල බලයක් ඔය කණ්ඩායමට නැහැ. ඇයි එහෙනම් මේ අය රටපුරා ගිහින්, සමාජ ජාත බ්ලොග් හරහා වර්ගවාදී මානසිකත්වයක් සඳහා සූජුව හෝ වක්‍රව අනුබල දෙමින් පිසුසු නටන්නෙ නුතව මේ කාරණය ශිෂ්ඨ විදියට බේරනොගන්නෙ. සරලවම හේතුව මෙ විරෝධතා පිටිපස්සෙ තියෙන්නෙ වෙනත් උවමවනාවක් නිසා. ඔයාල වගේ අයත් මෙලේ විචාරයක් නැතුව තමන් හරියට නොදන්න දේවල් ගැන පොර ටෝක් දිදි යනව.

      මාතලං, මුස්ලිම් අන්තවාදය බරපතල ප්‍රශ්නයක් විදියට දකින කෙනෙක් මම. හැබැයි ඔය බොදු බල සේනා වගෙ මුග්ධ සංවිදාන වලින් ඒ අන්තවාදයට විරුද්ධය පුංචියෙන් හේ යමක් වෙනවය කියන දේ මම පිලිගන්නෙම නැහැ. ඔය මෝඩයන් සහ සමාජ ජාල බ්ලොග් හරහා මෙ කඩිමුඩි විරෝධය මේන්ටේන් කරන උන් කරන දේවල් වලින් සිද්ධවෙන්න මුස්ලිම් අන්තාවදයට තවත් හොඳට වැඩේන්න ඉඩකඩ තියෙන එක. මෙහාපැත්තට එමින් ඉන්න මුස්ලිම් අයත් අනිත් පැත්තට බයකරල තල්ලුකරල දාන විභවයක් මේ අය හදමින් ඉන්නෙ. තව අවුරුදු පනහක් විතර අනාගතයෙදි විදවන්න වෙන කරුණු පහල වෙමින් තියෙන්නෙ. ඒ හින්දා චුටි චුටි සිද්දී වලට බලසේනාවල් වල වැඩ උඩ දාන්නෙ නැතුව සම්පූර්ණ ක්‍රියාවලිය දිහා බලල විචාර කරන්න. ඒක හොඳයි.

      Delete
    4. ඊළාම් ප්‍රශ්නය ගැන අන් අයගේ දැනුම වඩාත් හොඳින් තක්සේරු කිරීමට පහත සබැඳියෙන් බාගත කර ගත හැකි පොත ප්‍රයෝජනවත් වේ යයි සිතමි.
      http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf

      Delete
  17. ඉස්සසර මට මතකයි මුස්ලිම් කෙනෙක් කොළඹින් පිට ගියොත් සිංහල කඩේකින් කවදාවත් මස් කන්නේ නෑ. ඒ මස් හලාල් නොවන නිසා.ඒ කියන්නේ ඉස්ලාමයේ කියන ක්‍රමයට ඒවා නොකපන හේතුව නිසා තමයි ඒ. හැබැයි මාඵු කනවා. මොකද හලාල් ගොන්නට මාඵු කන්න පුලුවන් නිසා.

    මට ඇත්තටම නොතේරෙන දෙයක් තමයි ක්ශනික ආහාර ඇරෙන්න අනෙක් ඒවාට මොකටද හලාල් සහතික? බිස්කට් ,කේක් ඔය කඩචෝරු කෑම වලට ඒවා අවශ්ය නෑනේ.සිද්ධාලේප්ට කොහොමත් අවශ්ය නෑ.පුංචි කාලේ ඉස්ලාම් පාඩම් පොත්වල හලාල් සහ හරාම් කියලා පොඩි ලිස්ට් එකක් තියෙනවා.ඉතිං පොඩි කාලේ ඉඳලාම මුස්ලිම් දරුවෝ දන්නවා මොනවද කෑයුත්තේ නොයුත්තේ කියලා.ඒවා කවදාවත් ඒ අයට ප්‍රශ්නයක් උනේ නෑ.

    මේවා විකාර වැඩ මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මුඵු ලෝකෙම මුස්ලිම් කරන්න.අන්තිමට ඒකෙන් ගුටි කන්නේ අහිංසක මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. ඔබ මධ්‍යස්ථ මතයක් දරන බව පේනවා. මේ ගැටලුව ගොඩ දෙනෙක්ට තියෙන්වා. වෙලා තියෙන්නේ මේවා ගැන වැඩියෙන්ම කතා කරන්නේ විකල්ප මාධ්‍ය තුල. ඒවා ලියන අය ලියන්නේ එක මතයක් තුල ඉඳගෙන.ඒ නිසා අර සම්ප්‍රදායික මාධ්‍ය තුල වෙනවා වගේ ( හෝ ඉස්සර උනා වගේ) දෙපැත්තෙන්ම කරුණු අරන් දැක්වීමක් සිදුවෙන්නේ නෑ. ඒ නිසා සමාජගත වෙන්නේ අර කියන බහුතරයක් දෙනා දෙන මතය. පාථකයන් උනත් මේක ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න කාලය වැය කරන්නේ නෑ. වෙලා තියෙනවා නම් පමනක් මේ වීඩියෝ දෙක/ හෝ අඩු වශයෙන් එකක් බලන්න. ඔබට පිලිතුරු ලැබේවි.

      https://www.youtube.com/watch?v=dwkc-jQYdbA&list=UU0pcy0vEHByjZcjr7yemRwQ

      https://www.youtube.com/watch?v=shqpCJsqsy0&list=UU0pcy0vEHByjZcjr7yemRwQ&index=4

      Delete
    2. දැනටත් ගොඳුරු වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සු. ඔය හලාල් කීවට මුස්ලිම් හෝටල් හරීම අපිරිසිඳුයි... බොරු නම් හෙට කොළඹ ගිහින් බලන්න..

      Delete
    3. අනිවා මාතලං.. අප්පිරිය එකේ උපරිම... සිංහල කඩත් එහෙම තමා... කොටුවේ ඔය ලොකු කඩ සෙට් එක විසේසයෙන්

      Delete
  18. උදා ළගදී සිදුවුන සෞදියේ තුංගසිරිගේ ඛේදවාචකය. (අද අපි බෞද්ධ නිසා පොදුවේ කතිකාවන් සිදුවුනත් අන් ආගම් වලට නිසි තැන දී තියනවානේ.) නමුත් මේ කියනා 10% ප්‍රතිශතයේ මූසලුවන් යම් ප්‍රමාණයක් තවත් කාලෙක දෑ ඉක්මවූවිට??

    අපි හිතමු තුංගසිරි බුදුන් වැන්දේ නෑ. සුරයකට ජප කරලා ශාන්තිකර්මයක් කාලය කියලා? ඒක එහෙමනම් තව කාලෙකින් මේ හලාල් වගේ වංසගත වලින් උපයලා ඒ පහත් ජාතිය හදාගෙන පහත් නීතිද ගෙනැල්ලා අපටද සිදුවන්නේ බංගලාදේශ බෞද්ධයන්ට අද අත්වී ඇති ඉරණනමම නේද?

    ලංකාවේ බුදුන් වැන්දොත් කසපාර 100 හිරගෙදර අවුරුද්දයි ඒ දවසක් ඒවිද.. ( මේක ජාත්‍යන්තර බලපෑම් එක්කනේ වුනේ) නැත්තං හිස ගසා දාලා මරණ එකනේ පුරුද්ද...

    එහේ එහෙම නම් මෙහේ මුසලමානුවෝ කොහොමද මේ පංසල් පල්ලි කෝවිල් දේවාල ගොඩේ ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනිත් එක 1915දි සුද්දො සිංහලයව පාගන්න අපේ මූසල සහෝදරුන්ට පොඩි තල්ලුවක් දීල. ඒකෙන් මුන් ගිය උඩ බලන්න එපායෑ. http://goo.gl/50rWF

      Delete
    2. (Lanka-e-News -08.July.2012, 11.45PM) The Sri Lankan Embassy has rejected reports in Colombo claiming yesterday a Sri Lankan domestic worker has been arrested in Saudi Arabia for worshipping a statue of the Buddha.

      Reacting to the reports, a senior official from the mission said the whole story was totally fabricated and had nothing to do with idol worship.
      According to the official, Thungasiri, who works as a driver, had visited another Saudi's house to resolve a dispute involving a housemaid there. He said the maid was his relative, and during the dispute police arrested him.

      In his statement to the embassy, Thungasiri said his Saudi sponsor had nothing to do with the case and had surrendered his passport and other documents to prison authorities for his deportation.

      තුංගසිරිගේ කතාව බොරුවක් කියලා නිල නිවේදන නිකුත් කලාට පස්සෙත් මේ විදිහට ෆේස් බුක් එකේ ෂෙයා කරපු ඉමේජ් එකක් විශ්වාස කරගෙන ඒක ඇත්ත කියලා හිතාගෙන ඉන්න එක කණගාටුවක්.

      We only see what we want to see, and believe what we want to believe, and it works.
      කියලා කතාවක් තියෙනවනේ නේද?

      Delete
    3. සෞදි අරාබියේ තානාපති කාර්යාලය ගැන කතා කරන්න එපා සබියෝ. ඒල ලංකාවේ තානාපති කාර්යාලය නෙමෙයි. සෞදියේ ශ්‍රී ලංකන් බ්‍රාන්ච් එක.. දන්නෝ දනිති... සෞදි ගියපු මුස්ලිම් එකෙක්ගෙන්ම අහපන්. කියයි ඇත්ත කතාව. අනාත් වෙලා එන මිනිස්සු, නැවත් විකුණන ඒජන්සියක් ඒක.

      Delete
    4. k k so you 100% believe in wht ever lanka-e-news says ha?

      http://www.emirates247.com/news/sri-lanka/jail-100-lashes-for-practising-black-magic-2013-02-11-1.494530

      if that was incident, then what is this??

      //A Sri Lankan woman too was arrested recently on suspicion of practising witchcraft after she allegedly gazed at a child wearing a black cord around her wrist in a shopping complex, the report said.//

      well the islam ruled out these thing how sri lankan muslims are living here with these things all arround? did allah gave 2 religions?

      Delete
    5. වෙසක් එකට අපේ මිනිස්සු එකතු වෙලා දන්සැල් තියන, භක්ති ගීත තියන, පිරිත් කියනවා අපි දැකලා තියෙන රටක (යූ ටියුබයේ wesak in saudi ලෙස ලබාදී සර්ච් කර බැලිය හැක) බුදුන් වැන්ද වරදට මනුස්සයෙක්ව අත් අඩංගුවට ගත්තා කියන කතාව ඔයා විශ්වාස කරනවද මාතලන්?

      I don't personally like some things happening in those countries. and i also don't like big fat lies either. if you want to prove a point you have to go with the facts not some made up stuff

      Delete
    6. I do not be-leave in those stories, I was comment about the Embassy of Sri Lanka. I think you also agreed with me about that facts.

      Delete
    7. Its a Muslim country and they have their rules. The rules may be Islamic or may b not. Islam has ruled out "PRACTISING" those and NOT living around people living with those.may be in KSA that lady has PRACTICED it and may be its forbidden by their law.
      so as long as we dont practice we can live any where we want.
      There are Bar's all over lanka. And Buddhism has ruled out alcohols. But there are Buddhist living all over. So can I ask you how come you people live here? Doesnt make sense right?

      coming back to the point I intended to comment ONLY on Thungasiri's case. As I said
      I don't personally like some things happening in those countries. and i also don't like big fat lies either. if you want to prove a point you have to go with the facts not some made up stuff

      Delete
    8. well my point is not about the worship Lord Buddha.

      charges against witchcraft thing. also this time sl girl just standing near the sick gal. that's all.

      http://www.complex.com/pop-culture/2012/04/sri-lankan-woman-accused-of-witchcraft-may-be-sentenced-to-death

      and my Q is, is there any 2 type of islam and muslims created by allah? who are they? and how can 1st party standing with other religions and 2nd party can't?

      Delete
    9. As this is a Sinhalese Blog, I would like to comment in our language.

      බෞද්ධාගමේ "නීතී" නැත. එහි ඇත්තෙ මෙය හොඳයි මෙය නරකයි යන්න පමණය. එය දර්ශණයක් පමනි. බුදු රජානන් වහන්සේ කියා ඇත්තෙ. එන්න, සවන් දෙන්න, පිලිගන්නේ නම් පිලිගන්න. නැතිනම් ප්‍රශ්ණයක් නැත යන්නයි. මා එහි බොහෝ දෑ පිලි නොගන්නා හෙයින්. මා කිසිම ආගමක් අදහන්නේ නැත. කෙසේ නමුත් ඔබේ අදහස් දැක්වීමේ මහත්මා ගතියට මම ගරි කරමි. අපේ හිතවත් කම දිගටම යා යුතුයි තම්බි.

      Delete
    10. In Buddha's teaching there are things to do and things not to do. and there are no Laws. It is a not a Religion at all, but a Philosophy , it's help me to become a non religious person.

      Delete
    11. සොරි ෆෝ ද ඉංග්ලිශ්. බට් ලෙට් මී ටයිප් වන් ලාස්ට් ටයිම්.

      nuwan. there is no two types. Just one. Its just the countries law. There its not permitted (may be). Since here its not forbidden or any thing we can live with any one. But we cant practice. This is the simplest way I can explain you.

      @මාතලන් : මේ ගැන ගොඩක් තැන් වලදි කතා උනත් මං මගේ අදහස් ප්‍රකාශ කරන්න ගියෙ නැහැ. අද මං මෙතන අදහස් ප්‍රකාශ කලේ මෙතන 'සේෆ්' කියලා මත හැඟුන නිසා හා මේ බ්ලොග් එක සෑහෙන පිරිසක් කියවන නිසා. දවසගානේ මූනටම හම්බෙන 'පල තම්බියා' කියලා පෝස්ට් ෂෙයා කරන උන් එක්කත් සහෝදරකම් තියෙන කාලෙක මේ දේවල් දැන් හුරුවෙලා. :)

      Delete
    12. "if you want to prove a point you have to go with the facts not some made up stuff"

      "වෙසක් එකට අපේ මිනිස්සු එකතු වෙලා දන්සැල් තියන, භක්ති ගීත තියන, පිරිත් කියනවා අපි දැකලා තියෙන රටක (යූ ටියුබයේ wesak in saudi ලෙස ලබාදී සර්ච් කර බැලිය හැක) බුදුන් වැන්ද වරදට මනුස්සයෙක්ව අත් අඩංගුවට ගත්තා කියන කතාව ඔයා විශ්වාස කරනවද මාතලන්?"


      මචං, මම අවුරුදු දහයක් මැදපෙරදිග ඉන්නව. ඔය කියන බුදුන් වඳින පන්සල් යන ඒව නිදහසේ කරන්න පුළුවන්, පන්සල් හදාගන්න, හාමුදුරුවරු ගෙන්නල ප්‍රසිද්ධියෙ බන කියන්න පුළුවන් ඩුබායි සහ බහරේන් වල විතරයි. යම් තරමක නිදහසක් තිබ්බත් කටාර් වලත් ප්‍රසද්දියෙ අනුන්ගෙ ආගම් ඇදහීම, දන්සල් දීම එහෙම අපහසුයි.

      සවුදියෙ ඔය කියන ආගමික වැඩ වෙන්නෙ තානාපති කාර්යාලය ඇතුලෙ. ඒකෙන් එලියට එන සිංහල බෞද්ධ ගෑණුත් අරාබි වගේම කළු රෙද්දෙන් මුළු ඇඟම වහල තමයි දැන්සැල් කාල පන්සල් ගිහින් එන්නෙ. තානාපති කාර්යාලයක් කියන්නෙ එය රටක් තුල රටක් නිසා ( ජිනීව සම්මුතිය අනුව ) ඒවගෙ එහෙම කරාට ගෙදරක තියාගන්න බුදු පිළිමයක් තියා වෙසක් කාර්ඩ් එකක්වත් ගෙනියන්න තහනම් රටක් සවුදිය. සමහර විසාල ආයතනවල සේවක නේවාසිකාගාරවල හදන වෙසක් කූඩු හදන උන්ට මිසක් වෙන උන්ට බලන්න නෙමෙයි. මොකද ඒ වගේ දේ වෙන්නෙ සාමාන්‍ය මිනිස් වාසයෙන් ඉතාම ඇත තියෙන කාර්මික ජනපද වල තියෙන නේවාසිකාගාර වල විතරයි. ඉතින් ඒවට "මුතව්වො" කියන ආගමික පොළිසිය නොයන නිසා අහුවෙන්නෙ නෑ. ඒත් ඔත්තුවක් දුන්නොත් ඇවිත් අල්ලල හිරේ දානව.

      අනික මෙහෙ ඉන්න බහුතරයක් ලාංකික තානාපතිල මුස්ලිම්. උන් සවුදි මුතව්වට වඩා මුස්ලිම්. ඒ නිසා හිතන්නෙ තමන්ගෙ රට ගැන නෙමෙයි ආගම ගැන. ඉතින් අපි දෙක සවුදි උන් එක. ඒ නිසා උන් කියන දේ ගැන එච්චර හිතන්න එපා.

      Delete
    13. @ ඉන්දික
      මම ඔය සියල්ල ගැන දැණුවත්. මමත් මැද පෙරදිග රටවල් රැසක සේවය කර තිබෙනවා. ඔබ හරියට හරි. සබියා එක්ක පැටලෙන්න අකමැති නිසායි දුර දිග නොගෙනිච්චේ. මොකෝ මේ දේවල් ප්‍රස්තුතයට අදාල නැති නිසා.

      Delete
    14. පැටලෙන්න කටු අත්තක්ද බං මං! :D තුංගසිරිගි ගේ කාරණය ගැන මාත් පෞද්ගලිකව ගොඩක් හොයලා බැලුවා. ඒක නිසයි ඒ ගැන වගකීමෙන් කිව්වෙ. අනික් කරුණු ගැන ඉන්දික පෞද්ගලිකව අත්දැකීමෙන් කියනවා නම් ඒක පිලිගන්න මං ලෑස්තියි.

      Delete
    15. එතකොට සබිත් කියන්නේ සවුදියේ ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ තමන්ගේ ආගම අදහගෙන ඉන්න නිදහස තියනවා කියලද? දන්නේ නැති නිසයි අහන්නේ. (ඉන්දික සහ මාතලන්ගේ කමෙන්ටු වලින් පෙනී යන්නේ එසේ නොවන බවයි).

      එමෙන්ම සවුදියේ සහ ලංකාවේ ඉන්නේ මුස්ලිමුන් වර්ග 2 ක් නොව එකක් බවත් වෙනස තියෙන්නේ රටේ නීතියේ බවත් කියලා තිබුනා. සවුදියේ රටේ නීතිය යනු මුස්ලිමුන්ගේ නීතිය නොවේද? ලංකාව කවදා හෝ මුස්ලිම්කරණය උනොත් ඔය නීතියම ලංකාවේ ස්ථාපිත නොවේයැයි සහතික විය හැකිද? දැනට ලංකාවේ මුස්ලිමුන්ට ඇති නිදහස එවිට සින්හලයාටවත් දමිලයාටවත් නොලැබෙනු ඇති.

      Delete
    16. @sabith
      ඔබේ ආගමෙන් නිදහස්ව අදහස් දැක්වීම පිළිබද ඇත්තටම සතුටුයි.
      ආගම සහ මිනිසා කියන්නේ මට හිතෙන විදිහට කබයකින් ගහක බැඳපු හරකෙක් කියලා. අගම තමඊ හරකව(මිනිහව) ගහට බදින කබේ.හැම ආගමක මිනිසුන්ට තනිව හිතන්ඩ,ජිවත් වෙන්ඩ ආගමෙන් දීල තියන නිදහස අනුව කබේ දිග කොච්චරද කියලා තීරණය වෙන්නේ.ආගමෙන් කරන්නේ අපිට නිදහසේ යන්ඩ හිතන්ඩ තියන දුර සිමා කරන එක.

      ලිපියට අදාලව මේ කරුණ ගත්තොත් බුධාගමේ මෙහෙම කබයකින් මිනිසුන්ව බැදලා නැ(පන්සල් වල ඉන්න හාමුදුරුවෝ නම් හද්දන්නේ බැඳලා දාන්ඩ)"එහි පස්සිකෝ" කියන්නේ එක තමඊ.ඇවිත් බලන්ඩ කියලා කියන්නේ.විස්වාස කරන්ඩ කියන්නේ නැ.එකී අපිට දීල තියන ලොකුම නිදහස.(මේක අපි වැරදි විදිහට බාවිතා කරන බව ඇත්ත)එක නිසා මාතලන්ට පුලුවන් නිදහසේ නිර් ආගමිකයෙක් වෙන්ඩ ඔහු බෞද්ධ උනත්.

      දැන් අපි ඉස්ලාම් අගම ගත්තොත් එක ඔබව බොහෝ තදින් සහ අනිත් ආගම් වලට සාපේක්ෂව (ක්‍රිස්තියානි ) කෙටි කබයකින් ගසක බැඳ තබා ඇත.ඔබට ඔබගේ ජිවිතේ බොහොමයක් කරුණු (ආහාරපාන,විවාහය,ඇදුම්,ජිවන රටාව) මෙම බැදීමට යටත්ව කල යූතුයි.එයයි වෙනස.

      දැන් අන්වෙර් සහ අනෙත් ඉසලම් අන්තවාදීන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ට දැන් හරියට අවබෝද උන ඉස්ලාම් දහම කියා හදුන්වන අන්තවාදය කරා යැමයි.මෙය ඔබලා විසින් කබය තවත් කොට කර ගැනීමකි. මේ මගින් පළමුව අන්කුත් ආගම් වලට සහ ජාතීන්ට හානියක් මුලින් සිදු වන(අන්තවාදී බව නිසා) අතර පසුව ලොකුම හානිය සිදු කරගන්නේ ඔබලාටමය.මක් නිසාදයත් එමගින් අහිරෙන්නේ ඔබගේ නිදහස නිසා.කබය කෙටිකර අවසානයේ එමගින් ඔබලගේම ගෙල සිරකළ හැකි බැවින්(උදා: සෞදි අරාබිය,ඇෆ්ගන්, සහ පාකිස්ථානයේ සිදුවන දේ / මුස්ලිම් දැරියට වෙඩි තැබීම වැනි)

      මුස්ලිම් අයගේ වගකීම එවැනි අන්තවාදය කරා ගමන් නොකිරීමයි.ඔබ වැනි බුද්ධිමත් ඉස්ලාම් භක්තිකයන් ඒසඳහා මැදිහත් වෙනවනනම් සතුටුයි.
      ඒවගේම මාතලන් කියා ඇති පරිදිම සිංහල අන්තවාදයද පාරද කල යුතුයි.මේ රටේ සිංහල බෞද්ධයෝ විතරක් ජිවත් විය යුතුයි කියලා හිතන අය.

      Delete
    17. "එතකොට සබිත් කියන්නේ සවුදියේ ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ තමන්ගේ ආගම අදහගෙන ඉන්න නිදහස තියනවා කියලද?"

      සරළ පිලිතුර "නැත".කොටිම්ම සෑම දවසකටටම පස් වතාවක් සියළු කඩ සාප්පු වසා දමා මුස්ලිමුන් පල්ලි යා යුතු අතර ඒ වෙලාවට අන්‍යාගමිකයන්ද සැඟවී සිටිය යුතුය. වෙසක් කාර්ඩ් වල කළු තීන්ත ගා නිදහස් කරන අතර පුවත් පත්වලද අන්‍යාගමික පින්තූරවල කළු තීන්ත ගෑම හෝ ඒව නිදහස් නොකර වින්ශ කිරීම සිදුවේ. සියළුම ජාතිවල කාන්තාවන් නිවසින් එලියට ආයුත්තේ මුහුන පමනක් පෙනෙනේ ලෙස කළු ලෝගුවෙන් සැරසීය. මෙහෙව් රටක මොන ආගමික නිදහසද?

      Delete
    18. ස්තුතියි පිළිතුරට. මේ තත්ත්ව යටතේ තුන්ගසිරිට උන දේ ගැන විශ්වාස කරන්න මමනම් මැලි වෙන්නේ නැහැ.

      Delete
    19. පාඩම් වැඩ කටයුතු එක්ක කමෙන්ට් වැටෙන වේගයට පිලිතුරු සැපයීමට නොහැකිවීම පිලිබඳව කණගාටුව.

      මුස්ලිම්වරුන් ප්‍රධානව කොටස් දෙකක් ඉන්නවා. ඒ සුන්නි සහ ශියා ලෙස. මේ දෙකොටසේ ප්‍රාථමික විශ්වාස අතරම වෙනස්කම් තියෙනවා. නමුත්. ඔව්. සෞදියේ සහ ලංකාවේ සිටින්නේ එකම විශ්වාසයන් සහිත මුස්ලිම්වරුන්.
      සෞදියේ නීතිය පිලිබඳව මා හදාරා නෑ. නොදන්න යමක් පිලිබඳව මා අදහස් ප්‍රකාශ කරන්න ඒ හැටි කැමැත්තක් නෑ. ඒත් මා දන්නා දේ පවසන්නම්. මුස්ලිම් රටක තිබෙන නීති මුස්ලිම් වෙන්න පුලුවන් වාගේම නොවෙන්නත් පුලුවන්. උදාහරණයක් ලෙසට සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මැලේසියාව වගේ රටවල් සසඳා බලන්න. ඒ නිසා මුස්ලිම් වූ පමනින් රටක ක්‍රියාත්මක වෙන්නේ මුස්ලිම් නීතිය යැයි කෙනෙකුට කියන්නට බැහැ.

      Delete
  19. maliban Halal ain karala ne. i saw 2013 renewal.

    ReplyDelete
    Replies
    1. බොදු බල සේනාවට බය වෙන්න ඇති. මන්චිටත් පැරදිලා නේ ඉන්නේ.

      Delete
    2. මන්චිත් හලාල් අයින් කරලා නෑ බොලව්. ඔන්න ගොහින් බලාපල්ලා උලමා මාර්ක් එක තාම උන්ගේ සයිට් එකේ තියනවා
      http://www.muncheelk.com/

      Delete
    3. එහෙනම් බොදු බල සේනාවට කියන්නම් වෙනවා කොස් ගහ කපලම දාන්න කියලා...

      Delete
  20. මේක යටින් තියෙන දේශපාලනය හුගක් උන්ට තේරෙන්නේ නෑ. මුස්ලිම් උන්ට විරුද්දව එක එක දේ කරද්දී උන් තවත් එකමුතු වෙනවා. සිංහල උන් ජතිවදියෝයි ජාතිවාදී නොවෙන එවුනුයි කියල බෙදෙනවා, දේශප්‍රේමියෝ දේශ ද්‍රෝහියෝ කියලා බෙදෙනවා, ඒක ආගමිකයෝයි සර්ව ආගමිකයෝයි කියල බෙදෙනවා, යකෝ එහෙම බෙදෙන්නේ නෙති ක්‍රමයකට මේක දිනන්න බැරිද? ඕක දන්නා මුස්ලිම් උනුත් සිංහල උන්ව අවුස්සන්න සිංහල උන් වගේ රගපානවා.

    ReplyDelete
    Replies
    1. මේක යටින් තිබෙන දේශපාළණය ගැන තමයි මම මතු කලේ. ඔඋ සැටලයිට් නෝනාගේ කාළේ තමයි අෂ්‍රොෆ් බලවත් වෙලා මේ විගඩම් පටන් ගත්තේ. ඉතින් උන් එක්ක එක පතේ කාපු හරක්ට රට මොකා ගත්තත් ගානක් නෑ. ඇමතිකම බේරිලා...

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. //සිද්ධාලේප කාරයා හලාල් ගහගත්තේ සිද්ධාලේප කන හින්දාද කියන්න දන්නේ නැතිය.// ඇයි දත් කැක්කුමට සිද්ධාලේප ගුලියක් දතේ තිබ්බම දන්නෙ ම නැතුව කැවෙනවානේ :D

    ReplyDelete
    Replies
    1. දත් කැක්කුමට සිද්ධාලේප කන්නේ ඔළුව නරක් වෙලාද....?

      Delete
  23. http://www.lankadeepa.lk/index.php/articles/97694

    ඔන්න පුදනකොටම කාපි යකා කියලා
    අරාබි විදුහලේ පනස් පහකට කෑම විෂවේ?
    2013 පෙබරවාරි මස 11 15:14:00 | එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන
    පස්යාල කල්එළිය අරාබි කාන්තා විද්‍යාලයේ තරුණ සිසුවියන් පනස් පස් දෙනකු ආහාර විෂවී වතුපිටිවල මූලික රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
    නේවාසිකාගාරයේදී ආහාරයට ගත් හරක් මස් සහ ටින් මාළු විෂවීමෙන් මේ තත්ත්වය ඇතිවන්නට ඇතැයි සැක කරයි.
    මේ ගැන රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්දී ඇත.

    --------------------

    ඉස්ලාම් පාසලක් නම් අනිවා දෙන්නෙ හාලාල් බඩු. හලාලුත් විසයි එහෙනම්. ඔන්න දෙයියොන්ටත් කොරගන්න බැරි වෙලා. කොහොම වුනත් හලාල් නැති නිසා කියලා මෙයාලා ප්‍රචාරය කොරයි රැවටෙන්න එපා ඔන්...

    ReplyDelete
    Replies
    1. මේකට පල්ලියෙන් දෙන උත්තරේ නම් බලන්නම වටිනවා...

      Delete
  24. මං නිවැරදි නම් බ්ලොග් අවකාශයේ මනතුංග ඇරුනාම සිංහලින් බ්ලොග්කරනයේ යෙදෙන එකම මුස්ලිම් පුද්ගලයා මං නිසා මේ ගැන මගේ මතය ඉදිරිපත් කරන පලවෙනි සහ අවසානවතාව.

    “The moment we want to believe something, we suddenly see all the arguments for it, and become blind to the arguments against it.”
    George Bernard Shaw

    හලාල් කියන දේ අලුත් වගේ පෙනුනාට ඇත්තටම අලුත් නෑ. මේක ගැන ලංකාව තුල කතිකාවතක් ඇති උනේ ලඟකදි උනාට මේ දේ සෑහෙන්න කාලයක ඉඳන් කෙරෙන දෙයක්.
    ලංකාවේ හලාල් ගැන කතිකාවතක් ඇතිවෙන්නේ විකල්ප මාධ්‍ය තුල. ඒවා ලියන අය ලියන්නේ එක මතයක් තුල ඉඳගෙන.ඒ නිසා අර සම්ප්‍රදායික මාධ්‍ය තුල වෙනවා වගේ ( හෝ ඉස්සර උනා වගේ) දෙපැත්තෙන්ම කරුණු අරන් දැක්වීමක් සිදුවෙන්නේ නෑ. ඒ නිසා සමාජගත වෙන්නේ අර කියන බහුතරයක් දෙනා දෙන මතය. පාථකයන් උනත් මේක ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න කාලය වැය කරන්නේ නෑ.

    උදාහරනයක් විදිහට මං දැක්කා හලාල් විදිහට සතෙක් මරනව නම් රත්වූ තැටියක් මත සිට ඒ දේ කරන්න ඕන කියලා කොහෙදෝ ලියැවිලා තියෙනවා. ඒක අමූලික බොරුවක්. ඒක ලියපු කෙනා ඒ දේ නිවැරදිද කියලා හොයලා බලන්න මහන්සි වෙලා නෑ වගේම කියවන මිනිස්සුත් ඒ දේ හරිද කියලා හොයල බලන්නේ නෑ.
    ව්කල්ප මාධ්‍ය්වල ලේඛකයා බොහෝ විට ලියන කරුණු වලට වග වෙන්නේ නෑ. ඒ නිසා තමන් අසා ඇති,කියවා ඇති හෝ ඇත්ත යැයි හැඟෙන දෙයක් පලකරනවා.
    නමුත් පාථකයන්ට වගකීමක් තියෙනවා කෙනෙක් දෙයක් කියද්දි ඒක පිලිගන්න කලින් ඇත්ත නැත්ත හොයලා බලන්න.

    හලාල් කියන දේ ආහාර වලට පමනක් සීමාවූ දෙයක් නෙවෙයි. විවාහයන් තුල උනත් විවාහ වීමට අනුමත හා නැති පිරිස් ඉන්නවා. රැකියාවන් වලදි උනත් එහෙමයි.

    යමක් පුද්ගලයෙක්ට කියන්න ඕන ඔහු එය අසා තම මතය කුමක් හෝ දිශාවකට හරවා ගන්න ඉඩක් තියෙනවා නම් පමනයි. ඒ කියන්නේ මධ්‍යස්ථ පුද්ගලයෙක්ට. කියන දේ පරිකල්පනය කරලා බලයි කියලා හිතෙන කෙනෙක්ට.දැනටමත් තදින්ම යම් දෙයක් විශ්වාස කරනවා නම් ඒ පුද්ගලයාට කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් ඔහු ඒවා තේරුම් ගන්න හෝ අඩු තරමේ මූ මේ කියන කතාව මොකක්ද කියලාවත් පරිකල්පනය කරලා බලන්නවත් ලෑස්ති නෑ.

    අද සිංහල බ්ලොග් අවකාශයත් එහෙම තමයි. තමන් හරි කියන මතය තුලම එල්බ ඉන්නවා මිසක තමන් විශ්වාස කරන දේ හරි වැරැද්ද හොයලා බලන්න උවමනා වක් නෑ.

    මේ තත්ත්වය ඉංග්‍රිසි බ්ලොග් අවකාශය තුල ඉතා අවමයි. හේතුව සෑහෙන්න පුලුල් පරාසයක, විවිධ දැනුම් සම්භාරයන් සහිත පිරිසක් කියවන නිසා. ඒ වගේ තැනක තමන්ගේ මතය කියලා එහෙන් මෙහෙන් ඇහෙන ඔප්පු කරන්න් බැරි ඒ වගේම නොදන්න දේවල් ගැන විකාර ලියන්න ගියොත් අර මිනිස්සු අදහස් දක්වන්න ගියාම ඒවට අපිට උත්තර නැති උනාම අපිම නෝන්ඩි වෙනවා. අන්තිමට අපේ ප්‍රතිරූපය ජෝකර් කෙනෙක්ගේ බවට පත්වෙනවා. අපේ අදහස් වගේම අපේ බ්ලොග් එකත් එයාල ගනන් ගන්නෙ නැතිව යනවා.

    හැබැයි සිංහල අවකාශයේ මේ තත්ත්වය නැහැ. හැබැයි ඇති වෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට ලියන්න කලින් ඕනම එකෙක් දෙපාරක් හිතන නිසා.

    ඔබ හලාල් ගැන මධ්‍යස්ත මතයක් ඉන්නවා නම්, ඒ ගැන තව ටිකක් දැන ගන්න ඕන කියලා හිතනවා නම් පහල තියෙන වීඩියෝ දෙක හෝ අඩු ගානේ එකක් බලන්න. අඩුපාඩු තිබුනත් ඔබේ සෑහෙන්න ප්‍රශ්ණ වලට උත්තර හම්බවේවි. හෙම හම්බුනේ නැතිනම් තවදුරටත් ඒ ගැන ගැඹුරින් ලියැවිලා තියෙන ඒවා කියවා දැන ගන්න.

    ඉස්සරහට මේ ගැන ලියන්න කෙනෙක් බලං ඉන්නවා නම්, ACJU එකට කතා කරලා එයාලගෙ පැත්තෙනුත් කරුණු අරං ලියන්න. වගකියන වගවෙන විදිහට ලියන එක සමාජ සත්කාරයක්. සමාජ වගකීමක්. මොකද 'කඩුවෙන් තුවක්කුවෙන කරන්න බැරිවෙච්ච ගොඩක් දේවල් පෑනෙන්/කී බෝඩ් එකෙන්' කරන්න පුලුවන් නිසා.

    මේ ගැන වෙනම පෝස්ට් ලියලා දාන හරි තැන් තැන් වල මේක ගැන කතා වෙන හැම තැනක්දිම උත්තර දෙන්න යනවට වඩා මෙතනම මගේ අදහස කියලා දැම්ම.මගේ මතය ඉදිරිපත් කරන පලවෙනි සහ අවසාන අවස්ථාව. Sorry for ruining your post mathalan!

    https://www.youtube.com/watch?v=dwkc-jQYdbA&list=UU0pcy0vEHByjZcjr7yemRwQ

    https://www.youtube.com/watch?v=shqpCJsqsy0&list=UU0pcy0vEHByjZcjr7yemRwQ&index=4

    ReplyDelete
    Replies
    1. උඹ සොරි කියන්න අවශ්‍ය නෑ. උඹේ මතය මම කවදාවත් මකන්නෙත් නෑ. මම අන් අයගේ මතයට ගරු කරනවාක් මෙන්ම. මගේ මතය ව්නුවෙන් පෙනි සිටිනවා. මට හලාල්, ෂරියා, හෝ අල්ලා දෙවියන් ගැන කිසිම ප්‍රශ්ණයක් නෑ. මන්ද ඒ කිසිවක් මා විශ්වාශ නොකරන දෑ නිසා. නමුත් මුස්ලිම් නොවනා, ඉස්ලාම් ධර්මය නොඅදහනා අයට හලාල් දීමට යාම හා ලිබරල් මිස්ලිම් පිරිසක් වෙනුවට, තලෙයිබාන්වරුන් පිරිසක් බිහි කිරීමට ගන්නා වූ උත්සාහය එක හෙලා හෙලා දකිමි. බෞද්ධයින් ඔබට ඔබේ ආහාර අනුභවයට පෙර බුද්ධ පූජාව සඳහා වෙන් කරන්න යයි ඉල්ලන්නේ නෑ නොවෙද....? එහෙයින් හලාල් ආහාර මුස්ලිම් නොවන පිරිසට දීමට යාමෙන් වලකින්න. වැදගත් ලෙස අදහස් දැක්වීම ගැන නැවතත් කෘතඥ වෙමි. අවසාන වතාවටද කිව යුත්තේ ඔබ හලාල් අනුභවයට ගත්තාට කිසිම ප්‍රශ්ණයක් නැමැති බවයි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මට මතක් වෙන්නෙ ඉස්සර මුස්ලිම් මිනිස්සු ලංකාවට ආපු විදිහ... මුලින්ම ආවෙ වෙලදාම් කරන්න. ඕන කිවුවෙ අර උංගේ හම් රෙදි කෑල්ල එලාගන්න.. පස්සෙ මොකද කලේ.. අර හං කෑල්ල ටික ටික ඇදලා ඉඩ වැඩි කරගත්තා.. දැං එනවා රටටත් අයිතිවාසිකම් කියන්න.. ඇයි බං උබලා මේ පුංචි සිංහල රටම අල්ලගන්න හදන්නෙ? උබල‍ට අරාබියෙ උං සලකන්නෙ නැද්ද? සිංහලයා කවදාවත් අන්තවාදී නෑ.. ඒත් මම දන්නවා හම්බයෝ රොත්තක් එකතු උනාම උං කරන කියන දේවල්..

      Delete
    4. @ කනියා
      ඉතිහාසේ අලුතෙන් ලියන එකෙක්ද කොහෙද...? එහෙම ආවේ අපි දන්න විදියට නම් පෘතුගීස් කස්ටිය. මෙයාලා එන්නේ ඊට බොහෝ කාළේකට කලින් පටන්. ඒකනේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ.

      Delete
    5. මේකයි මගේ රට. අරාබියෙ උන් අපිට මොකටද සලකන්නේ? :D

      Delete
    6. ඈ බං.. දැන් උඹලැයි රට උඹලැයි රට කියන්නේ උඹලත් කලේ උඹ දැන් කියන තම්බි කරනවා කියන දේම නොවැ. උඹලත් වැද්දොන්ගේ රටනෙ අල්ල ගත්තේ. අල්ලගෙන සිංහල රට කොරගත්තෙ. උඹලට හොඳා. උන්ට නරකයි.

      දෙමලු ටිකට ගැහුවා. මැරුවා. උන් දැන් සද්ද නැතුව ඉන්නවා. ඒ ගහලා අවුරුඩු 3ක් ගියෙ නෑ 'මේ සිංහල අපගෙ රටයි' තීම් එකෙන් දැන් තම්බි ටිකව අල්ල්ගෙන. උන්ටත් ගහලා එලවයි කියලා හිතමු.
      ඊට පස්සෙ පටන් ගන්නවා 'මේ සිංහල බෞද්ධ රටයි' කියන තීම් එක. දැන් කරේ අත දාගෙන බුකියේ ඉමේජ් ෂෙයා කරන කතෝලික මල්ලිලාට තරු පනින්නේ එදාට තමයි.
      ඇත්තටම අවුල තියෙන්නෙ උන්ගෙද? ඌඹලගෙද?

      වැද්දා

      Delete
    7. //මේකයි මගේ රට. අරාබියෙ උන් අපිට මොකටද සලකන්නේ? :D//

      අනිවා. සලකයි කියලා හිතන්නත් එපා :)

      // උඹලත් වැද්දොන්ගේ රටනෙ අල්ල ගත්තේ//

      ඇනෝට පොඩ්ඩක් වැරදිලා වගේ. වැද්දෝ ගැනයි සිංහලයෝ ගැනයි පොඩ්ඩක් විපරම් කරලා බලන්න. එතකොට ඔය රාවණාත් වැද්දෙක්ද අප්පා?

      Delete
    8. මෙතන සාබිත්ගේ අදහස් දැක්වීම ඉතා වැදගත්. හැමෝම ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරනවනං හොදා. මොකද හලාල් ගැන අපි නොදන්නේ දේ ඔහු දන්න බව විස්වාසයි.. ඔහුගේ මතයටත් ගරු කරනවා. ඒත් මාතලං කිව්ව වගේ එක් ආගමකට විශේෂ වූ දෙයක්, වෙනත් ආගමකින් කිසිසේත් පිළිනොගන්නා තත්වයක් තුල හලාල් කියල දේ, අනික් ආගමිකයන්ටත් ගිල්ලවන්න ලෑස්ති වෙන මේ ක්‍රමයට මම විරැද්ධයි. උපරිමත.. ඔබේ හලාල් ඔබම හදාගන්න.. අපි කන බත් බත හලාල් නැතිව අපට දෙන්න. මම කියන්නේ එහෙම කරන්න එපා කියල නෙමෙයි ඔය උලමා ව්‍යාපාර කෙරෙහි එල්ල කරන පීඩනය අනිවාර්යයෙන්ම ජුගුප්සාජනකයි.. කව්ද කියන්නේ හැමෝම හලාල් කන්න ඕන කියලා.. ඔබ හලාල් කනවනං අපිට ඒක නොකා ඉන්නත් අයිතිය තියෙනවා. ඒ වගේම ඒක ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් තියෙනවා. ඔබට අවශ්‍යම නම් තෝරාගත් ආයතන කිහිපයක් මගින් ඉල්ලීම් කර හලාල් කර ගන්න.. හැබැයි හැම එකම හලාල් කරන්න ඉඩ දෙන්න බෑ.. කොහෙත්ම..එතන මුකුත් නෙමෙයි සාධාරනත්වයක් නෑ.. ඔබ හලාල් ගැන ඔයි තරං උනන්දු නම් අපි බීෆ් වලට විරුද්ධ වෙන්නේ අපේ ආගමික මතයන් මතයි. ඇයි ඒක තහනං කරනවට විරුද්ධ... අනික ඔය ව්‍යවස්ථාවෙන්ම ආගම රකිනවයි කියල එන මොන නායකයද මුසල්මානු විරෝධය නොතකා ඒක තහනං කරේ. හැබැයි හලාල් කොරන්න නං පස්සත් උස්සනවා.. මේවට කියෙන්නේ කුමන්ත්‍රණ කියලයි සාබිත්. ඔබේ දේ ඔබට පාවිචිචි කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේත් නෑ.. අනික ඔබගේ දේව නියෝජිත නබි උතුමන් ගැන ඔහුගේ අල්පේච්ඡ ජීවිතය ගැන ලොකු ගරුත්වයක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ එක් කොටසකට විශේෂිත වූ දෙයක් බලෙන් හැම දෙනාම මත පැටවීම, කුමන්ත්‍රණයක්, මුසල්මානු ව්‍යාප්තවාදයක්.. අනිත් රටවල් ගැන මට වැඩක් නෑ.. මම කතා කරන්නේ ලංකාව ගැන විතරයි... ඔබගේ සිත්රිදවීමක් වූවොත් ඒකටත් කනගාටු වෙනවා...

      Delete
    9. @ දේශකයා
      හරක් මස් කන්න එපයි කියලා බුදු හාමුදුරුවෝ කොතනවත් කියලා නෑ..

      Delete
    10. @ මාතලං, හරක් මස් කන්න කියල කව්ද කියල තියෙන්නේ.. මම අදහස් කලේ ආගමික මතවාදයන් ගැනයි... නැතුව හරක් මස් කෑමක් ගැන නෙමෙයි..

      Delete
    11. // ඔබ හලාල් ගැන ඔයි තරං උනන්දු නම් අපි බීෆ් වලට විරුද්ධ වෙන්නේ අපේ ආගමික මතයන් මතයි. ඇයි ඒක තහනං කරනවට විරුද්ධ...//

      මම හිතුවේ බීෆ් කියන්නේ හරක් මස් වලට කියාලයි... :D

      Delete
    12. This comment has been removed by the author.

      Delete
    13. හලාල් කියන දේ අන්‍යාගිමකයින්ට ගිල්ලනවට විරුද්ධයි කියලා දේශකයා කියලා තියෙනවා.
      ඇත්තටම හලාල් කියන දේ තුල කෑමට අලුතෙන් දෙයක් එකතු කරන්නේ නෑ. එදිනෙදා අපි හැමෝම කන කෑම බීම තුල ඇති අන්තර්ගතයන් මුස්ලිමුන්ට අනුමත දැයි සොයා බලා අනුමත නම් 'ඔව්. අන්තර්ගතයන් අනුමතයි කියලා' කියන එක තමයි මෙතනදි වෙන්නේ. අනික මාතලන් කරුණු දක්වපු විදිහට හලාල් කියන දේ අද ඊයෙ ආපු දෙයක් නෙවෙයි. මේ ගැන කතිකාවතක් ඇරඹුනේ ලඟදි උනාට. හලාල් එපා කියලා කියනවා නම් ඒ ලාංඡනය නැතුව ඒ දේ කන්න පුලුවන් නම් ඒ ලාංඡනය එක්ක ඒ දේම කන්න බැරි ඇයි කියන ප්‍රශ්ණය මතුවෙනව.

      මේ සංවාදය දිහා බැලුවාම ඒකට උත්තරේ විදිහට දීලා තියෙන්නේ ඒ සඳහා වන අමතර පිරිවැය හලාල් නොකන උදවියත් ගෙවන්න ඕන කියන එක. ඇත්තටම ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව විකිනුම් ධාරිතාව වැඩිවන විට ඒකක මිල අඩුවෙනවා මිසක වැඩිවෙන්නේ නෑ. Turn over එක වැඩි වෙන නිසා. නිකම් හරි හලාල් ලකුන අයින් කලොත් එයාල්ගෙ මාකට් එක කුඩා වෙනවා. විකිනුම් ධාරිතාව අඩු වෙනවා. එතකොටයි මිල ඉහල යන්න පොඩි හරි ඉඩක් තියෙන්නේ.

      එහෙම නැත්නම් තව විකල්පයක් තියෙනවා. ඒ නිශ්පාදකයාට එයාල්ගෙ ලාභයෙන් හලාල් සදහා වන පිරිවැය ගෙවන්න කියන එක. අර සුපර් මාකට් බද්දට කලා වගේ. ඒ වගේ වැඩපිලිවෙලකදි නිශ්පාදනයට හලාල් එපා අයට ගෙවන්න වෙන්නෙත් නෑ. එහෙම ගෙවලා හලාල් ලකුන නම් මේ අයට තියෙන ප්‍රශ්නෙ නිශ්පාදන වලින් කොටසක් විතරක් හලාල් ලකුන නැතුව වෙලද පොලට එවන්න ඒ අයට හැකියි. එතකොට හලාල් ලකුනත් නෑ. එයාල වැඩිපුර ගෙවන්නෙත් නෑ. ඒවගේ වැඩ පිලිවෙලකට මේ කියන අය එකඟද?

      දේශකයා කියන විදිහට හා මං දන්න විදිහට කිසිම ආයතනයකට ACJU එක බලපෑම් කරන්නේ නෑ වගේම බලපෑම් කරන්න උවමනාවක් නෑ. හලාල් සහතිකය ඕන ආයතනයක් තියෙනවා නම් එයාලම තමයි තමන්ගේ අයදුම්පත පුරවලා ඉල්ලුම් කරන්න ඕන. ඒ වැඩේ වෙන විදිහ ගැන ඕනම කෙනෙක්ට කතා කරලා විස්තර අහගන්න පුලුවන්. එ ඉල්ලුම් කලාට පස්සෙ මේ අය ගිහින් ඔඩිට් කරලා දෙන්න පුලුවන් නම් දෙනවා බැරි නම් කියනවා මේ දේවල් නිසා දෙන්න බැහැ.ඔයාල මේ දේවල් වෙනස් කරන්න ලෑස්තිද කියලා. එයාලා එහෙම බැහැ කියනවා නම් ඒ අය නික්ම එනවා. මේ අය කොහොමද ස්වාධීන ව්‍යාපාර වලට බලපෑම් කරලා බලෙන් දෙන්නේ? ඒ නිසා එහෙම බලපෑම් කරනවා කියන එක නම් ලොකු බොරුවක්. ඒ අයම තමයි ඉල්ලුම් කරලා ඒ ස්අහතිකය ඉල්ලන්නේ. ඒ නිසා මුස්ලිම් වරුන් විසින් ඔක්කොම හලාල් කරගන්න යනවා කියන එක ඇත්ත නෙවෙයි. වෙලද පොල( දේශීය/විදේශීය) පුලුල් කරගන්න එයාලම තමයි ඒ දේ හොයාගෙන එන්නේ.
      කිසිම සිත් රිදීමක් නැහැ. බුද්ධිමත්ව සංවාද ගොඩනැගීම නෙවෙයිද බ්ලොග්වලින් වෙන්න ඕන? :)

      Delete
    14. @sabhith.

      //හලාල් විදිහට සතෙක් මරනව නම් රත්වූ තැටියක් මත සිට ඒ දේ කරන්න ඕන කියලා කොහෙදෝ ලියැවිලා තියෙනවා. ඒක අමූලික බොරුවක්.// මචං මම මේ දේ දැනගත්තෙත් මුස්ලිම් කෙනෙක් ගෙන්.මම කලින් වැඩ කරතන හිටියා කෙනෙක්.එයා කාලෙකට යනවා රට වටේ පල්ලිය මගින් මුස්ලිම් මිනිසුන්ට ධර්මය ප්‍රචාරය කරන්න.එහෙම යන කෙනෙක්ට සාමාන්යෙන් ඉස්ලාම දහම ගැන දැනුමක් තියෙන්න ඕනේ.නමුත් ඔහු කිවුවේත් මේ දේම තමයි.

      තව විශාල ප්‍රමාණයේ ගව ඝතානාගාර වල "අල්ලාහු අක්බර්" කියන හඬ පටියක් හැම වෙලාවේම ධාවන වෙනවා. සතා මැරෙන මොහොතේ ඒ හඬ ඇහුනත් ඇතිලු. අපි මේ හැම දෙයක්ම විස්වාස කළා මොකද ඉස්ලාම් දහම ගැන ගැබුරින් දන්නා කෙනෙක් නිසා.එත් දැන් කොයි දේද අපි විස්වාස කරන්නේ.

      Delete
    15. රත්වූ තැටිය ගැන කතාවේ සත්‍යතාවක් නැහැ. අන්තර්ජාලය සහ සිංහලෙන් ඕනෑ තරම් මේ ගැන ලියවුනු පොත් පත් තියෙනවා. පාසල් පෙල පොත් තියෙනවා. ඒවා පරිශීලනය කරලා බලන්න. Always go for multiple sources. ඒ මනුස්සයා මොන දැනුම් මට්ටමක ඉඳන් මොනා කිව්වද කියන්න මං දන්නේ නෑ. නමුත් ඒක අමූලික අසත්‍යයක්. අන්තරජාලය ඔස්සේ මේ පිලිබදව තවදුරටත් හොයා බලන්න පුලුවන් ඕන නම් ඔබට.

      Delete
    16. සබිත්

      සංවාදය දිගටම කියවගෙන ආපු නිසා මට කියන්න තිබ්බ එක දෙයක් කියන්න ඕනේ තැන මෙතන කියලා හිතෙනවා... ඒ මෙන්න මේ ගැන..

      ///ඇත්තටම හලාල් කියන දේ තුල කෑමට අලුතෙන් දෙයක් එකතු කරන්නේ නෑ. එදිනෙදා අපි හැමෝම කන කෑම බීම තුල ඇති අන්තර්ගතයන් මුස්ලිමුන්ට අනුමත දැයි සොයා බලා අනුමත නම් 'ඔව්. අන්තර්ගතයන් අනුමතයි කියලා' කියන එක තමයි මෙතනදි වෙන්නේ.///

      ///මේ අය කොහොමද ස්වාධීන ව්‍යාපාර වලට බලපෑම් කරලා බලෙන් දෙන්නේ? ඒ නිසා එහෙම බලපෑම් කරනවා කියන එක නම් ලොකු බොරුවක්.///

      හලාල් වලට මම විරුද්ධයි.. මං හිතන්නේ මගේ මතය මේ වෙනකොට ඔබට පැහැදිලි ඇති... හැබැයි මේ විරුද්ධකම මගේ තියෙන්නෙ හලාල් කියන ඉස්ලාම් ආගමික මතවාදය හා සම්බන්ධව නෙවෙයි....

      මට තේරෙන විදියට මෙතන සිද්ධ වෙන්‌ෙන් හලාල් ආගමික මතවාදය හරහා සිද්ධවෙන දේශිය නිෂ්පාදන වෙළඳපොල ආක්‍රමණය කිරිමේ මාෆියාවක්... මං ඇයි එහෙම කියන්නේ කියන එක පැහැදිලි කරන්නම් උදාහරණ දෙකකින්.. මේවා මගේ පෞද්ගලික අත්දැකීම්...

      ම‌ෙග් අම්මා කරන්නේ කේක් ව්‍යාපාරයක්... මේකේ අමුද්‍රව්‍ය විදියට යොදාගන්නේ බො‌හෝදුරට ආනයනික, අනුමත ප්‍රමිති සහතික සහිත ද්‍රව්‍ය... නමුත් සමහර අමුද්‍රව්‍ය, ඒ කියන්නේ බිත්තර, කජු, හකුරු, පැණි, පොල් සහ තවත් පළතුරු නිෂ්පාදන කීපයක් දේශීය කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ගන්නවා... ඒ එක අතකට කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට අත දීමක් විදියට, අනිත් අතින් අපේ ලාබය සඳහා....

      මේ නිෂ්පාදනයට හලාල් සහතිකය ගන්න ඕනේ කියලා හිතමු... එත‌ෙකාට අපි මේ සඳහා යොදගන්න අමුද්‍රව්‍ය සියල්ලම, ඒ කියන්නේ ව්‍යාපාරයේ සියලුම රහස් උලමාවරුන්ට ලබාදිය යුතුයි.... අපේ රටේ තියෙන අනිත් හැම ප්‍රමිති සහතිකයකම තියෙන නිෂ්පාදනයේ රහස් රැකීමේ වගකීම උලමාවරුන්ට තියෙනවද කියලා අපිට සහතිකයක් නෑ.... ඒක එකක්.. අනිත් එක තමයි මෙතනදි අපි අපේ නිෂ්පාදනයට යොදා ගන්න සියලුම අමුද්‍රව්‍ය හලාල්, එහෙමත් නැත්තම් ඉස්ලාම් ආගමිකව අනුමත විය යුතුයි කියන තත්වය... එත‌කොට අපි අර සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ගන්න අමුද්‍රව්‍ය වෙනුවට හලාල් සහිත අමුද්‍රව්‍ය යොදන්න වෙනවා... එහෙම නැත්තම් ඒ ව්‍යාපාරිකයනුත් හලාල් සහතිකය ගන්න පොළඹවන්න වෙනවා...

      මේ දෙවනි උදාහරණය, එක්තරා මං දන්න මධ්‍යම පරිමාණ දේශීය යෝගට් නිෂ්පාදකයෙක්, මේතරම් කල් ඔවුන්ට හොඳ වෙළඳපොළක් තිබ්බ රත්නපුර නගරයට බෙදාහැරිය යෝගට් තොගයකින් 90% ක විතර මේ හලාල් ප්‍රශ්නේ නිසා රිටර්න් උනා... මෙතනදි ඔවුන්ට තිබ්බේ විකල්ප දෙකයි.. එකක් හලාල් සහතිකය ගන්න එක.. අනිත් එක හලාල් ප්‍රතික්ෂේප කරලා, ඒ වෙළඳපොල අතහරින එක.... ඔවුන් දෙවනි විකල්පය තෝර ගත්තා... හේතුව මේ තරම් කල් ඔවුන් අමුද්‍රව්‍ය ලබාගත් සුළු පරිමාණ කිරි ගොවිපලවල් සහ ඔවුන්ගේ අනිත් නිෂ්පාදන වලට යොදා ගන්න අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්ට හලාල් සහතිකය නොමැති බව දන්න නිසාත්, තමන්ගෙ ව්‍යාපාරයට මුල ඉඳලා උදවු කරපු ඔවුන්ට, අත දීමක් විදියට කරගෙන ගිය දේ නවත්තන්න අකමැතිකම නිසා...

      නමුත් බො‌ෙහාම කීප දෙනාටයි මේ වගේ කොන්ද කෙලින් තියාගෙන, හිතට එකඟව මේ වගේ තීරණයක් ගන්න පුලුවන්.. මොකද ව්‍යාපාරයක් කියන්නේ ව්‍යාපාරයක් නිසා...

      මෙතන තියෙන්නේ වක්‍රාකාරයෙන් දේශීය සුළු සහ මධ්‍යම පරිමාණ නිෂ්පාදන වෙළඳපොලට බලපෑම් කිරීමක් නෙවෙයිද..?

      මට පේන විදියට මේකෙන් බලපෑම් කරන ක්‍රම කීපයක් තියෙනවා...

      එකක් තමයි රජයෙන් දිරි දීම් දිලා නංවන්න හදන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට මේක කනේ පාරක්.. ඔවුන්ගේ නිෂ්පාදන වලට වක්‍රාකාරයෙන් මේ සහතිකය ගන්න ඇති කරන බලපෑමක් විදියටයි මම මේක දකින්නෙ.. එහෙම නැත්තම් ඔවුන්ට අධෛර්‌යය කිරීමක් විදියට..... අනිත් එක අතීතයේ මුස්ලිමුන් අත තිබ්බ වෙළඳ ඒකාධිකාරය, මේ වෙනකොට දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයන් අතට පත්වෙමින් තියෙන බව පේන නිසා, ඒ තත්වය නැති කරන්න ලේසිම ක්‍රමයක් වන ආගමික මතවාදයක් ඈදාගෙන කරන යටිකූට්ටු, තුච්ඡ, ව්‍යාපාරික මා‌ෆියාවක් විදියට මට මේක පේනවා....

      තව දුරටත් මම දන්න විදියට මේ සහතිකය ගන්න මුදලක් ගෙවන්න ඕනේ.. ඒ මුදල යෙදවෙන්නේ මොන වගේ දේවලටද කියලා පැහැදිලි කිරීමක් මම දැක්කේ නෑ... සුළුතරයකගේ අවශ්‍යතාව වෙනුවෙන් බහුතරයකගේ මුදල් ගරාගැනීම අසාධාරණයි...

      කිසිම වගකීමක් නැති සහතිකයක් වෙනුවෙන් මෙපමණ මුදලක් ගෙවනවද, නැත්තම් ඒක ප්‍රතික්ෂේප කරනවද කියන එක මේ රටේ දේශීය සුළු, මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තීරණය කළ යුතු කාලය ඇව්ල්ලා තියෙන්නෙ..

      --- ඉදිරියට---

      Delete
    17. -- කලින් කමෙන්ට් එකේ ඉතුරු ටික----

      අන්තිමට මෙන්න මේකට මගේ තර්කය මේකයි..

      ///හලාල් එපා කියලා කියනවා නම් ඒ ලාංඡනය නැතුව ඒ දේ කන්න පුලුවන් නම් ඒ ලාංඡනය එක්ක ඒ දේම කන්න බැරි ඇයි කියන ප්‍රශ්ණය මතුවෙනව.///

      මේක ඒ විදියටම අනිත් පැත්තටත් බලපානවා නේද සබිත්... මෙතන තියෙන්නේ ලංඡනයේ ප්‍රශ්නයක් විතරක් නම් ලංකාවේ ඉන්න මුස්ලිමුන්ට ඇයි බැරි මේ ලංඡනය නැතුව තියෙන ආහාර පරිභෝජනය කරන්න බැරි.... මේක ප්‍රමිති සහතිකයක් නෙවෙයි... ආගමික සහතිකයක්... මේ සහතිකය නැතුව මෙච්චර කල් මේ රටේ හිටපු මුස්ලිම් මිනිස්සු නොකා නොබී හිටියා කියලා මම අහලා දැකලා නෑ.... එහෙනං ඇයි මේ හදිස්සියේ හැම භාණ්ඩයටම හලාල් අවශ්‍යයි කියලා, දුර පලාත් වල, නුගත්, දුප්පත්, අසරණ මිනිස්සු කියන්න පෙළඹෙන්නෙ... මැදහත්ව මේ ගැන බලන කෙනෙක් විදියට සබිත්ට මේක හිතන්න පුළුවන් වෙයි...

      මට නම් පේන්නේ ආගමික අන්තවාදීන් මේ නූගත් මිනිස්සුන්ගෙ ආගමික භක්තිය සහ ආගමට තියෙන බය උපයෝගී කරගෙන, තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න අර ඇඳීමක් කියන එක... මේක ඊට පස්සේ ලේසියෙන්ම යන්නේ ආගමික අන්තවාදී ත්‍රස්තවාදයට.. මොකද අන්තවාදීන්ට නූගතා සහ දුප්පතා ගොදුරු කරගන්න හරිම ලේසියි කියන එක ඕනෙ කෙනෙක් පිළිගන්නවා නේ...

      නමුත් සබිත්ලා මේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනයේ ( මං හිතන විදියට, වැරදි නම් සමාවෙන්න) උපකාරයෙන් යම්කිසි දෙයක් දිහා නිදහස්ව බලලා, ඒකෙ හරයන් විවේචනාත්මකව කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් අය මිසක් අන්ධ භක්තියෙන් ආගම අදහන අය නෙවෙයි කියලා ඔයාගේ කමෙන්ට් බැලුවාම පේනවා... ඉතිං පුළුවන් නම් මං මේ කියපු පැත්ත ගැනත් ටිකක් හිතලා, පාඩම් වැඩ අතපසු කරගන්නේ නැතුව පිළිතුරක් දෙන්න පහසු වෙලාවක...

      Delete
    18. පිලිතුරු කොමෙන්ට්නං මලු පිරෙන්න තියනව . . ඒත් මේ මහ රෑ මදුරුවො තල තලා ඒව කොටන්න ගියොත් ගෑනි ඇදෙන් පන්නනව

      1. සබිත්
      පිලිතුරු දීම සහ පිලිතුරු දීමේදී උඹේ සංයමය පට්ටයි මචෝ
      2. අනිත් අයට
      හලාල් සහතිකය ලබාගකයුතුමයි කියල කිසිම බලපෑමක් ACJU එකෙන් හෝ මුස්ලිම් පල්ලියෙන් කරන්නෙ නෑ. හැබැයි මුස්ලිම් අධ්‍යාපනයෙන්ම හැදිල තියනව මෙන්ටෑලිටි එකක් හලාල් නොවනදේ (හරාම්) ප්‍රතික්ශේප කරන්න. හලාල් සහතිකය ලබාගැනීම හා හලාල් සහතිකය ලද ආහාර අන්‍යාගමිකයන්ට / අන්‍ය ජාතිකයන්ට ගිල්ලීම නිශ්පාදකයා/වෙලෙන්දා විසින් සිදු කරන දෙයක්. ප්‍රතික්ශේපකිරීම හරහාම එය මගහරවාගන්න පුලුවන් ජාතියක් / ආගමක් වශයෙන් එකතුවී හඩනැගීමෙන්. (මගෙ මිත්‍රයෙක් ඉන්නව බොදුබලසේනාවෙ සිරා පොරක් . . . ඌ කෙල්ලත් එක්ක කන්න යන්නෙම ඩයින් මෝ)
      3. හිරු
      කේක් නිශ්පාදනයට හලාල් සහතිකය ලබාගැනීමේදී ලබාදිය යුතු විස්තර ISO 22000 ලබාගැනීමේදී දිය යුතු විස්තරවලටත් වඩා අවමයි. නමුත් ප්‍රඩක්ශන් ෆ්ලෝ ඩයග්‍රම්එක දිය යුතුයි (එය හලාල් සහතිකයට පමනක් සීමාවූවක් නෙමේ). නිශ්පාදනයක අඩංගුදෑ පිටතට ලබාදීම රහස් හෙලිවීමක් නොවේ. එසේ වන්නේ අමුද්‍රව්‍යයන්ගේ අනුපාතයන් ලබාදුනහොත් පමනයි. එය හලාල් සහතිකය සදහා අවශ්‍ය නොවේ

      ප.ලි.
      ඇති ඕයි. ගෑනි බනිනව

      Delete
    19. කොහොම උනත් අපිට සහතිකයක් නෑ නේ ඕනයෝ ඒවා පිටට යන්‌ෙන් නෑ කියලා.. මොකද අපේ අම්මගේ සමහර කේක් තියෙනවා එයාම හොයාගත්ත රෙසිපිස්.. අනුපාත නෙවෙයි.. යොදාගන්න ද්‍රව්‍ය... ඒවා පොතක වත් නෑ... ( අඩු ගානේ මට වත් දීලා නෑ තාම.. හි හි) ප්‍රමිති ආයතනයේ නම් වගකීම් සහතිකයක් තියෙනවා.. මේකේ නෑ...

      ඔයා හලාල් සහතිකය ගැන ගොඩක් තොරතුරු දන්න කෙනෙක් බව පේනවා.. ඒ සහතිකය දීම සඳහා ලබාගන්න මුදල් මොනවටද යොදවන්නේ කියලා කියන්න පුළුවන්ද... මම ඒක ගැන දන්නේ නැති නිසා ඇහුවේ....

      Delete
    20. //ප්‍රතික්ශේපකිරීම හරහාම එය මගහරවාගන්න පුලුවන් ජාතියක් / ආගමක් වශයෙන් එකතුවී හඩනැගීමෙන්. (මගෙ මිත්‍රයෙක් ඉන්නව බොදුබලසේනාවෙ සිරා පොරක් . . . ඌ කෙල්ලත් එක්ක කන්න යන්නෙම ඩයින් මෝ)//

      මෙන්න මේක තමයි මමත් පුළුවන් උපරිමයෙන්ම කරන්නේ... අඩු ගානේ අපේ පවුලේ සහ අපේ අම්මලගේ පවුලේ අයගේ ගෙවල් වලට පුළුවන් උපරිම විදියට හලාල් සහිත භාණ්ඩ ගැනීම නවත්තලා තියෙන්නේ.. ඒත් පොඩි අයට දෙන පිටි කිරි වගේ දේවල් වලට විකල්ප නැති නිසා ඒවා නම් ගන්නවා.. මම නම් ඒත් NLDB දියර කිරි තමයි පාවිච්චිය...

      ඩයිනමෝ එකෙත් හලාල් කේස් එකක් තියෙනවද.. මාසෙකට සැරයක් විතර ඒකෙන් සබ්මැරීන් එකක් ගෙනත් කන එක මාත් කරනවා.. අද ඉඳන් ඒකත් නවත්තනවා.... කරනවා නම් දෙයක්, ඒක බඩ ගැන නොහිත කළ යුතුයි.. සිංහලයාට කරන්න අමාරුම දේ තමයි ඒක ඉතිං.. හි හි...

      Delete
    21. හලාල් ගැන පූර්ණ අවබෝධයක් නැති කම සහ ලොකු මිස්කන්ෂෙප්ෂන් එකක් තිබීම මේ ප්‍රශ්ණ වලට ලොකුම හේතුව. වැඩේ තියෙන්නේ මිනිස්සු ඒ වැරදි අවබෝධයන් සහ වැටහීම්/දැනුම නැති කරගන්න මේ පිලිබඳව සොයා බලලා ඉගෙන ගන්නෙත් නැහැ. තමන් දන්න දෙය හරියි කියලා විශ්වාස කරගෙන ඉන්නවා ඇරෙන්න. මේ පිලිබඳව දැනුවත් කිරීම හෝ ප්‍රශ්න එකින් එකට උත්තර දීම මෙහෙම ටයිප් කර කර කරන්නත් බැහැ. වාඩිවෙලා කතාකරනවා වගේ නැති නිසා. ඒ නිසා මේ සංවාදය උනත් මේ එක්ක නිමා කරන්න මං බලාපොර්තුවෙනවා.

      හිරු කියන විදියට ව්‍යාපාරික රහස් උලමා වරුන් අතට යනවා සහ ඔවුන්ගේ විශ්වාසය පිලිබද ගැටලුවක් මතු කරනවා. ඒකට ඕනයත් උත්තර දීලා තියෙනවා. එතනම තියෙනවා නේද අපි දැනගෙන නොහිටපු කරුනු කිහිපයක්ම? අනික නිකං හිතන්න රුපියල් මිලියන බිලියන ගනනින් ව්‍යාපාර කරන ආයතන මේ කියන තරඟකාරීත්වයත් එක්ක ඔය වගේ potential threat එකක් මේ ඔස්සේ තමන්ගේ ව්‍යාපාරයට එල්ලවේයැයි අංශු මාත්‍රයක හරි සැකයක් තියෙනවා නම් කීයටවත් මේ සහතිකය කරා යයිද? අපේ කුකීස් තමයි ඔරිජිනල් කියලා මරගන්න ආයතන දෙකම මේ සහතිකය අරං තියෙනවා. ඔය වගේ රෙසිපීස් ලීක් වෙයි කියලා තර්ජනයක් තිබුනා නම් හෝ සැකයක් තිබුනා නම් ඔවුන් මේ සහතිකය දිහා පැත්ත වත් හැරිලා නොබලන බවට විශ්වාසයි.

      ඊගාවට මුදල් කොහෙද යන්නේ කියන ප්‍රශ්නය මතු කරලා තියෙනවා.
      තමන්ගේ හලාල් ලාංඡනය ඔස්සේ ලබා ගන්නා ආදායම ලක්ෂ 15ක් (ආසන්නව) සහ ඒ ආශ්‍රිත වියදම ලක්ෂ 13ක්( ආසන්නව) බවට සහ පිලිගත් ආයතනයක් විසින් විගනනය කරන ලද තමන්ගේ ගිණුම් වාර්තා ( මතක හැටියට 2007 සිට) තමන්ගේ ආයතනයේ තිබෙන බවටත්, ප්‍රශ්ණයක් තියෙනව ඕනම කෙනෙකුට පිලිගත් ආයතනයක් හරහා එනවා නම් තමන්ගේ ගිනූම් පරීකෂා කිරීමට ලබා දෙන්න පුලුවන් බවටත් ඔවුන් ප්‍රකාශ කලා. ඒවගේම මට අහන්න/කියවන්න ලැබුන විදිහට ඔවුන් මේ කියන ත්‍රස්තවාදීන්ට අනුබල දීමේ චෝදනා එල්ල වීම එක්ක ඒ අයම ආරක්ෂක අමාත්‍යංශයට තමන්ගේ ගිනුම් ඉදිරිපත් කරලා තියෙනවා. චෝදනා කියන දේ ඕනම අයෙකුට එල්ල කල හැකි වූවත් එය ඔප්පු කිරීමයි වැදගත්. බො.බ.සේ. චෝදනා කලාට ඔවුන් ගාව ඇත්තටම ඒවා ඔප්පු කරන්න පුලුවන් තරම් සාධක සහ සාක්ෂි තිබුනා නම් ත්‍රස්ත විමර්ෂන අංශයට ගිහින් පැමිනිල්ලක් දාන එකයි ඒ අය කලයුතුව තිබුනේ.

      ///හලාල් එපා කියලා කියනවා නම් ඒ ලාංඡනය නැතුව ඒ දේ කන්න පුලුවන් නම් ඒ ලාංඡනය එක්ක ඒ දේම කන්න බැරි ඇයි කියන ප්‍රශ්ණය මතුවෙනව.///
      හිරු.. ඇත්තටම මේ ප්‍රශ්නය අපෙන් ආපහු අහලා තේරුමක් නැහැ. අපි ලාංචනය නැතුව කන්නේ නෑ කියන මතයේ ඉන්නේ අමුද්‍රවය සහ අන්තර්ගතය යන ප්‍රශ්න නිසා. නමුත් මුස්ලිම් නොවන අයට මේ ප්‍රශ්න නැති නිසා ලාංචනය ඇතුව කන්නත් පුලුවන්. ලාංඡනය නැතුව කන්නත් පුලුවන්. ඒ අයට තියන ප්‍රධානම ප්‍රශ්නය ඒ අයත් ඕන නැති දේකට වැඩිපුර ගෙවනවා කියන එක. ඒකට විකල්පයක් මං උඩ දීලා තියෙනවා. ඒ නිෂ්පාදකයාට ලාභයෙන් හලාල් සදහා මුදල් ගෙවන්න කියන එක. එහෙම මතයකට ඔබලා එකඟද?

      මෙච්චර කලක් හලාල් නැතුව මුස්ලිම් මිනිසුන් නොකා ඉදීයාද කියන ප්‍රශ්නය මතු කරලා තියෙනවා. ඇත්තටම මං ආයි කියන්නම් මේ හලාල් කියන දේ අලුත් නැහැ. මං උපන් දා ඉඳලා මං කනකොට බොනකොට මේ දේ මං බලලා තියෙනවා. මං යාලුවෙක් ගේ ගෙදරක ගියොත් මස්(මොන මසක් හෝ වේවා)නම් තියෙන්නේ අනිවා මට මාලු කෑල්ලක් හෝ ඔම්ලට් එකක් ඒ ඇන්ටිලා අතින් හැදෙනවා මයි. මුස්ලිමුන් වටා සහ මුස්ලිමුන් ආශ්‍රය කල අයත් දන්නවා මේ දේ අලුත් දෙයක් නෙවෙයි කියන එක. අනික ඉස්සර අමුද්‍රවය දිහා බලලා අපිට තීර්ණය කරන්න පුලුවන් මේ දේ අපිට අනුමතද කියන වග. නමුත් දැන් දැන් E codes සහ වෙනත් ඛේත භාවිතා වෙන නිසා සාමාන්‍ය අපිට අමුද්‍රව්‍ය (අඩංගුදෑ) ලේබල් එක දිහා විතරක් බලලා තීරණයකට එන්න අමාරුයි. ඒ නිසා තමයි ලාංඡනයක අවශ්‍යතාවය මතු වුනේ.

      //අනිත් එක අතීතයේ මුස්ලිමුන් අත තිබ්බ වෙළඳ ඒකාධිකාරය, මේ වෙනකොට දෙමළ සහ සිංහල ව්‍යාපාරිකයන් අතට පත්වෙමින් තියෙන බව පේන නිසා, ඒ තත්වය නැති කරන්න ලේසිම ක්‍රමයක් වන ආගමික මතවාදයක් ඈදාගෙන කරන යටිකූට්ටු, තුච්ඡ, ව්‍යාපාරික මා‌ෆියාවක් විදියට මට මේක පේනවා.... //
      ඇත්තටම මේ ප්‍රකාශය එක්ක මට එකඟ වෙන්න බැහැ. මොකද වඳ ටොපි බෙදනවා කියලා නෝ ලිමිට් එකට ගහන්න පටන් ගත්තෙත්, ඩ්‍රෙසින් රූම් ඇතුලේ කැමරා හයි කරලා තියෙනවා කියලා කියන්න පටන් ගත්තෙත්, දැන් හේමාස් සනීපාරක්ෂක තුවා තුල ගැහැනුන් වඳ කරන්න කෙමිකල්ස් ස්ප්‍රේ කරලා තියෙනවා කියලා මතවාද සමාජ ගත කරන්න සහ ඒ ඔස්සේ වෙලඳාම බිදින්න ඔබ කියන විදිහට ආගමික මතවාදයක් ඈදාගෙන යටිකූට්ටු, තුච්ඡ, ව්‍යාපාරික මා‌ෆියාවන් ක්‍රියාත්මක කලේ මුස්ලිමුන් නෙවෙයි. අනික නොදැනුවත්ව උනත් මේ ඉස්ලාම්ෆෝබියාවට සහ මේ ඇන්ටි-හලාල් ඇන්ටි මුස්ලිම් මතවාද උනත් අර ව්‍යාපාරික ගුන්ඩුවලම දිගුවක්. ඒ මිනිස්සු උනත් නොහිතන්න ඇති මේක මෙච්චර දුර යයි කියලා.

      cont.

      Delete
    22. හිරුගේ අම්මාගේ කේක් අමුද්‍රව්‍යය ගැන කියනවා නම් ඒ සදහා ඔය කියලා තියෙන කිසිම අමුද්‍රව‍යකට (දේශීය සපයා ගන්න) හලාල් අවශ්‍ය නැහැ. නමුත් ඇතැම් රසකාරක, වර්ණකාරක, ජෙලටීන් වැනි දෑ තියෙනවා සත්තව මූලාශ්‍ර වලින් ලබාගන්න. ඒ වගේම ඇතැම් කේක් වලට වයින් එකතු කරනවා. මේවැනි දේවල් එකතු කලාම අපිත් ඒවා අනුමතද කියලා හොයලා බලන්න වෙනවා. කුඩාපරිමාන ව්‍යාපාරිකයට ලොකු බලපෑමක් ඇතිවෙනවා කිව්වට මං හිතන්නේ එහෙම ඇතිවෙන බලපෑම 5%කටත් වඩා අඩුවෙන වෙන්න ඇති. වෙලා තියෙන්නෙ හලාල් අවශ්‍ය භාන්ඩ සහ ඒවා අවශ්‍ය ඇයි කියන බේසික් දැනුම ගොඩක් අයට නැහැ. ලංකාවේ හිටියා නම් බ්ලොග් ලියන මේ ගැන උනන්දු උන්ට එන්න කියලා මේ සබ්ජෙක්ට් එක ගැන දන්න එකෙක්වත් හොයාගෙන තියෙන ගැටලු ඔක්කොම නිරාකරණය කරගන්න මොකක් හරි වැඩපිලිවෙලක් බලන්න තිබුනා. එහෙම උනා නම් මේ තියෙන මිස්කන්ෂෙප්ශන් ගොඩක් නිරාකරනය කරගන්න තිබුනා.

      Delete
    23. පිළිතුරට ගොඩක් ස්තූතියි සබිත්..

      ඇත්තටම ඔයා ගොඩක් කරුණු පැහැදිලි කරලා තියෙනවා... හොයලා බලලා කරුණු දැනගන්න පුළුවන් විදියට තොරතුරු ඉදිරිපත් කළාට ස්තූතියි.. දැන් මේ විදියට කතා කරලා විසඳගන්න පුළුවන් දේවල් තියෙනවා අපිට.. ඒකට ගහගන්න ඕනේ නෑ කියන එක මේ පෝස්ට් එක ඇතුලෙම තියෙනව...

      ඔය ෆේස් බුක් එකේ යන ගොඩක් දේවල් විකාර කියලා මමත් දන්නවා.. දෙපැත්තෙන්ම ඒ වගේ ඒවා ෂොයාර් වෙනවා..ඒක නිසා මම නම් සතපහකට ඕවා ගනං ගන්‌ෙන් නෑ.. හැබැයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ සිංහල බෞද්ධයන් කියලා කියනවා නම් මම ඒකට විරුද්ධයි.. මොකද ඔය වගේ දෙයක් මුලින්ම පටන් ගත්‌ෙත් මුස්ලිම් අය.. මේකට විරුද්ධව නැගී සිටීමක් වෙන්න පටන් ගත්තම කියන්න පුළුවන් තමයි මෙයාලා තමයි පටන් ගත්තේ කියලා.. ඒක අසාධාරණයි...

      සබිත් ඔයා නොදන්නවා ඇති මේ හලාල් සහතිකය කියන දේ ලංකාව ඇතුලේ, විශේෂයෙන්ම දුර පළාත් වල ක්‍රියාත්මක වෙන්නේ මාෆියාවක් විදියට තමයි... අර මම කිව්ව යෝගට් නිෂ්පාදකයට මේ තත්වයට මූණ දෙන්න උනා.. එතනදි ඇත්තටම අසාධාරණයක් උනේ නිෂ්පාදකයට තමයි... මේක පිළිගන්න අමාරු වෙන්න පුළුවන්.. ඒත් මම මේක අත්දැක්ක දෙයක් ... තව මේ වගේ අවස්ථා ඇති..

      බෞද්ධයන් වශයෙන් අපිට අයිතියක් තියෙනවා මේක ප්‍රතික්ෂේප කරන්න.. මොකද බහුතරයක් ඉස්ලාම් ආගමික මතවාද බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් එක්ක ගැටෙන නිසා... ඒකට මුස්ලිම් අය මරන්න වත් එයාලා එක්ක ගහගන්න යන්නවත් ඕනේ නෑ... නිෂ්පාදකයන්ට හා ව්‍යාපාරිකයන්ට බලපෑම් කරන එකයි කරන්න ඕනේ.. මොකද දෙපැත්තටම සාධාරණයක් තියෙන්න ඕනේ නිසා...

      කො‌ෙහාම උනත් ඔයාට බොහොම ස්තුතියි.. මීට පස්සේ මට උනත් ඔයා කියපු දේවල් ගැන හොයලා බලලා, මේවා ගැන වැරදියට කතා කරන කෙනෙක්ට මෙන්න මේකයි ඇත්ත කතාව කියලා කියන්න පුළුවන් නිසා...

      Delete
    24. //ඩයිනමෝ එකෙත් හලාල් කේස් එකක් තියෙනවද..//

      ඇයි හත්වලාමේ ඒකට ඇතුල්වෙන දොරේම තඩියට ගහල තියෙන්නෙ ලකුන.

      Delete
  25. එපා ම වූ මාතෘකාවක් වුවත් ඔබ මේ ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු නම් කිසිවක් බැහැර කරලිය නොහැකිය. ආගම යනු වරප්‍රදාද ලත් පැලැන්තියකගේ ජීවනෝපාය මාර්ගය යි. එය හැම ආගමකටම අදාළය. ආගම් නැමති දෙය මේ ලොව නොතිබුණා නම් මේ ලෝකය මෙයිට වඩා සුන්දර වනු නියතය.

    ReplyDelete
    Replies
    1. පච නිසානේ. ආගම්, නිකාය කෝටියක් විතර තියෙන්නේ. ඒ දේ තේරුම් ගන්නෙ කවදාද මිනිස්සු....

      Delete
  26. මුස්ලිමුන්ගේ හලාල් යනු ඔවුන්ගේ ආගමික ලකුණකි. එය ඔවුන්ට වැදගත් වේ. නමුත් අපිට එය වැදගත් ද? ඉන් අපට ඇති ඵලය කිම? ඒ නිසා රටේ හැමතැනම හලාල් බඩු විකුණන එකට මම නම් විරුද්ධයි. ඉන් හැඟෙන්නේ නැහැ මුස්ලිම් ජාතියට මම විරුද්ධයි කියා. මම කොහෙත්ම ජාතීන් අනුව මිනිසුන් බෙදනවට කැමැත්තක් නැහැ. නමුත් අනෙක් ජාතීන්ට වඩා මුස්ලිම් ආගමිකයන් ජාතියක් ලෙසම කොටු වී හිදින්නට කැමති බව පේනවා. අනෙක් අය නොයෙක් අයුරින් මිශු වෙද්දී මේ අය එකම රාමුවකට කොටු වනවා කියන එක මමත් දකිනවා. 1970 ගණන් වල 60 ගණන්වල මෙයිට වඩා නිදහස් විදියට මේ රටේ මුස්ලිමුන් සිටියා. නමුත් ආගමික ජාතිවාදය අද ඔඩුදුවා ඇති බව පැහැදිලිවම පේනවා.

    එයට පිළිතුරු ලෙස අපි තෝරාගෙන තිබෙන තත්ත්වයත් සුදුසු නැහැ. අපි අකමැති දේ ප්‍රතික්ෂේප කරනව නම් ඊට විරෝධය දැක්විය යුත්තෙ මේ රට පිළිබඳ සිතා. අවුරුදු 3 විනාශ වුණු අපි තවත් විනාශයක් ලඟා කර නොගෙන මේක ඉක්මනින්ම අවසන් කළ යුතුයි. එහෙම වෙන්න කියා මා පතනවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මගෙත් එකම ප්‍රාර්ථනාව. මේක කොටි උවදුරට වඩා අති භයානක තත්වයක්.

      Delete
  27. මුස්ලිම් ව්‍යාප්තිය ගැන නම් මට පුද්ගලිකවම පුරස්න තිබේ.

    අපේ අවංක පැට්ටා එහෙම ඒ ගැන දන්නවා.

    හලාල් ගැන කිව්වොත් හලාල් ඇති ඒවත් නැති ඒවත් එකම මිලට ව්කුනද්දී හලාල් වලට අමතර අය කරනවා කියලා කියන්නේ කොහොමද මන්දා ඒත් හලාල් වලට නොගෙවන අයත් හලාල් වල මිල එකතු කරලා විකුනන ගානටම ව්කුනනවා ඇති වැඩි ලාබයක් ලබන්න.

    හැමෝම නැතත් සිංහල බහුතරය හරි හලාල් එපා කියලා වර්ජනය කරන එක හොඳා එතකොට ඒ බඩු වල ගාන අඩු උනාම වැඩි ලාබයක් තියා ගන්න හලාල් වල ගානටම විකුනපු බඩු වලත් ගාන අඩු වෙයි.

    මුස්ලිම් ව්‍යාප්තිය ගැන නම් මචෝ වැඩිපුර ළමයි හදන උන්ට ලොකු දඩයක් ගහනවා කියලා රජයෙන් නීතියක් ගෙනාවොත් මිසක අපේ බුවාලා මේ කරන නෝ ලිමිට් එක ඉස්සරහා ටයර් පුච්චන එකෙන් නම් නතර කරන්න බැරි වෙයි . . .

    කොයි ආගමත් අන්තවාදීන් ඉන්නවා.

    අන්න උන්ව යි මචෝ පිටු දකින්න ඕන නැතුව සාමයෙන් සමාදානයෙන් ඉන්න උන්ව නම් නෙමේ . .

    ReplyDelete
    Replies
    1. සියළුම ආකාරයේ අන්තවාදින් පිටු දැකිය යුතුමයි.. මුස්ලිම් පමණක් නොව බෞද්ධ තලෙයිබාන්කරණයද එක ලෙස හෙලා දැකිය යුතුමය..

      Delete
  28. වැඩි කතා ඕන්නෑ..
    මං නං හලාල් වර්ජනය කරනවා....

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි... මොනවා කරන්නද ඉතින්.. කාලෙත් එක්ක මාත් වෙනස් වුනා...

      Delete
    2. ඇයි මම...මං නිසා අපේ ගෙදර උන්....ගෙදරට මොනවා හරි ගෙනාපු ගමන් ඇසුරුමේ හලාල් තියෙනවද කියලා හොයන්නෙ අපේ අම්මා...

      Delete
    3. සිඳු විය යුත්තේ එයයි....

      Delete
    4. සිරා
      එතකොට සල්ලි දීල ගෙනල්ල ඉවරයි නේද මචං ??? ඇයි මට හිතෙන්නෙ ජයක් කියන්න ගිහින් උඹ ඇනගත්ත කියල ?

      Delete
  29. මාත් මේ සම්බන්ධව මොකක්ද එකක් ලිව්වා එත් මට දැන් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇයි උඔ දුමින්ද සිල්වාද??????උඔට මතක නැත්තේ

      Delete
    2. මටත් තියෙනවා ඔය ලෙඩේම. දුමින්ද සිල්වගෙ ලෙඩේ....

      Delete
    3. දුමින්ද සිල්වාට අමතක වෙන එකේ මට අමතක වුනාම මක්කෙයි? :D

      Delete
    4. හෙහ් අපිටත් තියෙනෝ.. දුසිල්වා මොලේ උන

      Delete
  30. මේ විෂය ගැන දිගට කතා කිරීම කිසිම පලක් නැත.මේ සියල්ලේම යටි අරමුණ පවතින රජය පවත්වාගෙන යාමට කරන නාඩගමකි.අප ඇස් පනාපිට දැක්ක දේවල් කතා කලොත් ඇත්ත තේරුම් යයි.මම ඉස්ලාමයේ රජවරුයයි කියන එක් රටක් වන ඉරානයෙ,ටෙහෙරාන් සහ තබ්රිෂ් නගරයෙ වැඩ වසන කල[ඔව් ඒ කාලෙ මහණ උනා වගේ හිටියෙ,පස්සේ නරක් උනාට.] ඉටලියන් ට්‍රේඩ් කමිෂනර් සහ එරටේ ෆියට් මැනේජර් කාරයන් ලගින් ඇසුරු කලා.සෑම සති අන්තයකම ඔවුන්ගෙ [සිකු;සෙන:] විලා වල මාරුවෙන් මාරුවට රාත්‍රියෙ සාදයන්.ඒවාට එන පර්සියන් එළකිරි/ඇටිකිරිස් කැලි විලා එකට ඇතුල් වෙච්ච ගමන් කළු ලෝගුව ගලවල එල්ලනව/එල්ලන්න දෙනව.එයිට පස්සෙ ඉටිපන්දන් වගේ හීන් කකුල්,වියතක් විතර දිග සාය දැක්කම බිබී හිටපු රෙඩ් වයින් සහ හප හපා හිටපු ඇට ඉවත්කළ ඔලිව් කෑලි ඉස්පොල්ලේ යනව ඕයියල.හමුදාවේ ලොක්කෝ පලතුරුවලින් තමන්ගෙ ගෙදර හදන වයින් [කසිප්පු] අපිට ලබා දෙනව.ලංකාවට එන ඔය හලාල් කාරයෝ නලගනන්ගේ !@#$ බ හලාල්ද/හරාම්ද කියල බලලද %$#@නෙ???????

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් කවුරුත් දන්න රහස්නේ. සරාගීම නැටුම තමයි. අරාබි යුවතියන්ගේ බෙලි ඩාන්ස්. බෙලි කියන්න බෙල්ල නෙමෙයි අනේ බඩ.. ඒවා මම හිතන්නේ හරාම් වෙන්න ඕන.

      Delete
  31. //උගත් නූගත් බේදයක් නැතුව, දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම එකාම එක ලෙස සලකනවාය.//

    මේක අමූලික බොරුවක්...මුස්ලිම් සමාජයෙත් කුලවාදය කියන දේ තියෙනවා...ඒ අයගෙ කුලයෙන් උසස් කියලා සලකන්නෙ ජම්බු ගෙඩිය වගේ රතුවට ඉන්න ජා කියන අය...වැඩිපුර ඉන්නෙ නුවර සහ කොළඹ ප්‍රදේශවල...මේ අය බහුතරය ලොකු සල්ලිකාරයො...පුංචි පහේ මුස්ලිම් කඩේකට ආවොත්...ඇතුලට එන්නෙත් නැතුව එලියෙ හිටගෙන ඉන්නවා...කඩේ කරන කෙනා යටහත් පහත්ව අවශ්‍ය දේවල් ලගට ගිහින් දෙනවා....මම ඇස්පනාපිට දැකපු දේවල්...

    ReplyDelete
    Replies
    1. තියෙනවා බන් අඩුයි කියන එකයි මම කිව්වේ. සර් බර් නම් කොහොමත් නෑ...

      Delete
  32. ලංකාවෙ තියෙන්නෙ විධායක ජනාධිපති ධුරයක්..
    නමුත් එතුමත් තාම නිස්සබිදයි..
    අනේ මන්දා ඔවා දුර දිග ගියාම උන්ට වාසියි ..
    නිකං මිනිස්සු ආයෙත් යුද්ද වලට පැටලේවි

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා එයාව තම්බන එක ලේසි නෑ. එයත් එක්ක මේ සෙල්ලම් කොරන්න හම්බ වෙන්නෙ නෑ. තියෙන එකම සතුටත් එයයි....

      Delete
  33. ලංකාවේ ආගමික නිදහසක් තිබේද?
    ලංකාවේ මහායනික භික්ෂුවකට තම ආගම අනුව ජීවත් විය හැකිද? තම ආගම ජනාතාව අතරට ගෙන යා හැකිද?
    අපේ අඩු පාඩු අපිට නොපෙනන තරමට එවා අපේ ජීවිතේ සමග බද්ද වෙලා

    ReplyDelete
    Replies
    1. ඔබ නොදන්නේ වූවාට නොයෙකුත් ආකාරයේ විදෙස් බෞද්ධ නිකාය රාශියක් ලංකාවේ පවති. එය මහායානයදැයි කීමට නොහැක. වරක් ජපන් හිමිවරුන් සහභාගී වූ වැඩසටහනකටද මා සහභාගී වී ඇත්තෙමි. එහි එම ආගම් අදහන විශාල පිරිසක් සිටි බව නම් සඳහන් නොකර සිටීමට නොහැක.

      Delete
    2. ඕක ගොඩක් වෙන්නේ චීනේ බලපෑම මත , නමුත් සාමාන්‍ය ජනතාවට ඔකේ ගානක් නෑ , හාමුදුරු කෙනෙක් නම් වැන්දා

      Delete
  34. නියමයි මාතලන්.. හීනියට කඩේ ගියත් පැත්තක් නොගෙන අදහස් දැක්වීම පිලිබඳ අපේ උපහාරය!

    ReplyDelete
    Replies
    1. මාතලන් බොහෝ විට ප්‍රශ්නෙක දෙපත්තම බලලා මධ්‍යස්තව ඉන්න උත්සාහ කරණවා...

      Delete
  35. දන්තාලේ, සබන්, පවා හලාල් වෙමින් පවතිද්දිඑහි බර ජනතාවට පැටවිම සාදාරන නොවේ. ඒත් යම් ජාතියකට හලාලල් ලකුන අවශ්‍ය නම් ඒඅයට පමණක් අදාල නිෂ්පාදිතයෙන් සියයට ප්‍රමාණයක් නිස්පාදනය කළ යුතුය. එසේ නැතුව මේ රටම හලාල් කලොත් අපට සිදුවන්නේ "හරාකිරි" ක්‍රමය අනුගමනය කරන්නටය

    ReplyDelete
    Replies
    1. ඔබ නිෂ්පාදකයෙකුනම්, හලාල් සහිතව කොපමණ නිෂ්පාදනය කරනවාද? හලාල් රහිතව කොපමණ නිෂ්පාදනය කරනවාද?
      ඇසුරුම් ද්‍රව්‍ය වෙන වෙනම සකස් කරවා ගන්නවාද?
      ගබඩා දෙකක් භාවිතා කරනවාද?
      බෙදාහැරීමට ලොරි දෙක දෙක යවනවාද?

      ඔබ කියන තරම් ඔය වැඩේ ලේසි නැහැ.

      Delete
    2. දයා හා 100% එකඟයි...

      Delete
    3. Mobileman සමග 100%ක් එකගයි

      කියන්න ලේසියි බං . . . අමාරුව දන්නෙ කරන එකානෙ

      Delete
  36. හලාල් සහතිකය සහ මුස්ලිම් උදවියගේ ඇඳුම වෙනස් වීම සහ ඉස්ලාමීය අන්තවාදය එකිනෙකට සම්බන්ධයක් නැති කරුණු තුනකි. ඒවා එකම ක්‍රියාවලියක ලක්ෂණ ලෙස දැකීම නුසුදුසුයි.

    හලාල් සහතිකය ලංකාවේ ව්‍යාප්තවී ඇත්තේ සම්පූර්ණයෙන්ම පාහේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය නිසයි. හලාල් සහතිකය විකුණුම් වැඩිකිරීමට ඇති මාර්ගයක් ලෙස ඔවුන් වටහාගත් බැවින් ඔවුන් හලාල් සහතිකය ගැනීමට පෙලබෙති. ව්‍යාපාර එම අදහස ලබා ගත්ත විය හැක්කේ වෙනත් රටවල ක්‍රියාත්මක වන කෝෂර් (යුදෙව්) සහ හලාල් (මුස්ලිම්) සහතික වල සාර්ථකත්වය දෙස බලා විය හැක. සිද්ධාලේප වැනි ආහාර නොවන ද්‍රව්‍ය සඳහාද හලාල් ලබා ගැනීමට පෙලබුනා විය හැක්කේ හුදෙක් ආර්ථික වාසී නිසා ය. හලාල් සහතිකය නිසා භාණ්ඩ වල මිල වැඩිවනවා යන කියමනනම් සාවද්‍යයි. විකුණුම් ධාරිතාවය වැඩිවීම මගින් ඒකීය භාණ්ඩයේ මිල අඩුවීමට හේතුවක් වේ. එනිසා හලාල් සහතිකය නිසා වැය වන පිරිවැය කැපී යන්නේය. යම් කිසි හේතුවක් නිසා හලාල් භාණ්ඩ වෙළඳ පොලෙහි දැකීමට කැමති නැතිනම් ඒ ගැන චෝදනා එල්ලවිය යුත්තේ ව්‍යාපාරිකයන්ට මිස මුසල්මානුවන්ට නොවේ. හලාල් සහතිකය දඩමීමා කරගෙන බො බ සේ විසින් ගෙනයන hate speech ව්යාපාරයනම් තුච්චයි.

    මුස්ලිම් උදවිය ඒ කාලේ තුර්කි තොප්පිය පැලදීමටත් දැන් සෞදි ඇඳුම පැලදීමටත් හේතුව එකමයි. එනම් යම් කිසි කාලයක මුස්ලිම් ලෝකයේ බලවතා කවුද ඒ අයගේ අභාශයට මුසල්මානුවන් ලක්වෙති. ලංකාවේ සිංහලයන් වර්තමාන ලෝකයේ බලවතා වන ඇමරිකාවේ ආභාෂයට ඇඳුම් ඇන්දට සමස්ත ඇමරිකන් චින්තනය උසුලන්නේ නැත්තා සේම මුසල්මානුවන් බාහිර පෙනුම වහබි චින්තනයට අනුව සකස් කර ගත්තත්, ඔවුන් සමස්ත වහබි චින්තනය නුසුලති. රැවුල වැවීම හෝ ලෝගුව ඇඳීම යනු අන්තවාදී වීම ලෙස දැකීම අන්තවාදයයි.

    ඉස්ලාමීය අන්තවාදයක් ලංකාවට ඇත්තටම ඇවිත් තිබේනම් එය ප්‍රශ්නයකි. නමුත් දැන් වනතුරු එහෙම වී ඇති බවට පැහැදිලි සාක්ෂියක් නැත (රැවුල සහ ලෝගුව අන්තවාදය නොවේ). බො බ සේ පවසන ආකාරයට ඇත්තටම ආයුධ සන්නන්ධ කල්ලි කොලඹ සිටිනවානම් ඔවුන්ව හසු කර ගැනීම එතරම් අපහසු නොවේ. එසේ හසු නොවීමම ආයුධ සන්නන්ධ කල්ලි කොළඹ නැති බවට සාක්ෂියකි. පිට පළාත් වල එසේ සිටිනවානම් ඒ ගැන පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කල යුතුයි. එසේ නොමැතිව වැල්වටාරම් කියමින් මුස්ලිම් භීතිය ඇතිකිරීම යනු hate speech (මොකද්ද මේකට සිංහලෙන් කියන්නේ?) වන්නේය.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. එහෙත් එමගින් මගේ එකම තර්කයක් හෝ බිඳෙන්නේ නැත.

      මෙතුවක් ලංකාවේ නොතිබු හලාලයක් අපට අවශ්‍ය නැත. එවැනි ව්‍යාපාරිකයන්ගේ නිශ්පාදන ඔබට මිලදී ගැනීමටත්. අපට ප්‍රතික්ෂේප කිරීමටත් අයිතිය තිබිය යුතුය.

      ලෝගු තුලට (පිරිමින් හා ගැහැණු දෙවර්ගයම.) රිංගීම නැවත ගෝත්‍රික වාදය කරා ගමන් කිරීමකි. (ශරියා එන්නේ පසුවටයී).

      මුලින්ම වපුරන්නේ මතවාදයයි. අවි අතට දෙන්නේ පසුවටයි. සුද්දාගේ කාලයේ සිට වැපිරූ ඊළාම්වාදි මතවාදය, අවි අතට ගන්නේ ඊට අවුරුදු බර ගනනකට පසුවයි. එය කලින්ම දැකීම වරදක් නොවේ.

      Delete
    2. එය ඔබේ අදහසයි. (තර්කයක් නොවේ )

      Delete
  37. හලාල් තියන නිෂ්පාදන වර්ජනය කිරීම අසාධාරණයි. බඩු එක්ස්පෝර්ට් කරන්න අමාරුයි හලාල් නැතුව. එක්ස්පෝට් වලට වෙනමයි ලෝකල් මාකට් එකට වෙනමයි බඩු නිෂ්පාදනය කරන එක පිරිවැය තවත් වැඩි වෙන කේස් එකක්. වැරැද්ද තියෙන්නේ හලාල් දෙන ජමියතුල්ලා උලමාගේ අසාධාරණ සූරාකෑම. එස් එල් එස් / අයි එස් ඕ දෙකටම වඩා හලාල් වලට අය කරන ගණන වැඩියි. පොතේ තිබුනට "තත්ව සහතිකයක්" කියල උන් බලන්නෙ අමු ද්‍රව්‍ය වලට හලාල් තියනවද, නිෂ්පාදනය කරන එක හලාල් වලට එකඟද කියන කාරණා විතරයි.
    ඒ නිසා, ජමියතුල්ලා උලමා එළවලා දාන එකයි අවශ්‍ය වෙලා තියෙන්නෙ.

    හැබැයි නෝ ලිමිට් එකට හලාල් සම්බන්ධ නෑ.
    ජිහාඩ් එකට හලාල් සම්බන්ධත් නෑ.

    මේවා එකට පටලවාගැනීම ජාති වාදය හෝ ආගම් වාදයයි.

    ReplyDelete
    Replies
    1. SLS සහ හලාල් ගාස්තු ඉදිරිපත් කරන්න පුලුවන්ද?

      Delete
    2. ඉම්පෝටඩ් බඩු කීයක හලාල් ගහලා තියෙනවද..? ඔබත් ඔවුන්ගේ දහන් ගැට වලට අසුවී ඇති හැඩයි. මෙතෙක් කලක් අප කෑවේ හලාල් නොවේ. එම නිසා ඉදිරියටත් අපට ඒවා කිසිසේත්ම අවශ්‍ය නැත.

      මුස්ලිම් රටවලට යවන එවා වලට හරාම් බැරිනම් කෝෂර් ගහ ගත්තාට අපට කිසිම අවුලක් නැත. ඒ සඳහා මුදල් නැත්නම්, හලාල් කස්ටියගෙන්ම ඉල්ලගත්තාම අහවරය.

      Delete
    3. මෙච්චර කාලයක් කෑවේ හලාල් කෑමද???නෑ නේ...එතකොට මොකක්ද මේ තදියම???
      අනික ලෝකයේ තියෙන හැම ආහාරයක්ම හලාල් නෙවේ නෙ. එහෙමනම් මුස්ලිම් මිනිස්සු හාමතේ මැරෙන්න එපායැ. හලාල් නැති කෑම තියෙන රටවල් වලත් මුස්ලිම් මිනිස්සු ඔය යසට ඉන්නෙ. බටහිර රටවල සුපර්මාර්කට් වලින් ඕන තරම් මුස්ලිම් මිනිස්සු බඩු ගන්නේ. TESCO, ASDA, M&S, WAITROSE, COSCO වගේ සුපර්මාර්කට් වල හලාල් බඩු නෑනෙ.

      Delete
  38. බෞද්ධ ධර්මයේ වරදක් නැති වුවත්, දේශකයන්ගේ (පෘථජන) කෙරුවාව නිසා මාතලන්ගේ මුල් වචන කිහිපයට කිසිත් නොකියමි.

    එය හුදෙක් ධර්මයේ වරදක් නොවන බව මතක තබා ගන්න !

    ReplyDelete
    Replies
    1. ඔය ධර්මයේත් වැඩ වසම් ක්‍රමය එකසිය ගානට තියෙන එකක්. කොයි ධර්මෙත් එකයි අන්තීමේදි බැලුවම.

      Delete
  39. // සිකුරාදා සෙනසුරාදා දිනෙක කොළඹ ප්‍රසිද්ධ ස්ථානයකට ගියහොත් මේක අරාබියක් වගේය.//
    මේක ඇත්ත නම් වහා පියවරක් ගත යුතුය. ප්‍රංශයේ මෙන් මුණ වැහිලි තහනම් කල යුතුය. තත්වය එන්න එන්න දරුණු වෙනවා වගේ. අපරාදේ ජෝර්ජ් බුෂ් ගේ අගේ දැන් තමයි තේරෙන්නේ. ඉන්දියාවේ මිනිස්සු අතරේ බුශා මයිකල් ජැක්සන්ට වඩා ජනප්‍රිය මේ සෙල්ලම් හින්ද තමයි.

    ReplyDelete
    Replies
    1. තත්වය අති දරුණුයි. උඹට පේනවානේ ලෝගු දා ගැනීම සාධාරණීකරණය කර ඇති අපූරුව. ළෝගු අස්සේ රිංග ගත්තයින් පස්සෙ තමයි හලාල් ආවේ. ඊට පස්සෙ තමයි ශරියා එන්නේ. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හරක්ට මේවා පේන්නේ නෑ. ආගමික සහජීවනයක් ගැන බයිලා ගහනවා. ජාතීන් අතර සහජීවනේ ඇති කරන්න ගිහින් තමයි ප්‍රේමදාස ආමර් වීදියෙන් නිවන් ගියේ. චන්ද්‍රිකා කන උනේ. මේවා ගැන දේශපාලකයන් මීට වඩා ගැඹුරින් බලන්න ඕන. අපේ හරක් කරන්නේ අශ්වයා පැන ගියයින් පස්සෙ නේ ඉස්තාල වහන්න සෙට් වෙන්නේ.

      Delete
  40. මාතලන් කියා ඇති දෑ පිළිබඳ මාත් එකඟය. පොදුවේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සියලු දෙනා මෙවැනි මෝඩ ආතල් වලින් ඇන්දවීම අපේ රටේ අපහසු නැත.

    මුස්ලිම්වරුන් හට තමන් මිලදී ගන්නා භාණ්ඩයන් ගැන විශේෂ ප්‍රමිතියක් අවශ්‍ය නම්, හලාල් කරගත්තාට කමක් නැත. නමුත් එය අතිශය මෝඩ ක්‍රියාවක් බවද නොකියා බැරිය. තමන්ගේ ආගමේ කියා ඇති පමණින් එය මහා ප්‍රශ්නයක් බවට පත්කරගෙන හලාල් වෙනම නිශ්පාදනය කර, වෙනම ලේබල් අලවාගෙන පාවිච්චි කිරීම කාලයට නොගැලපෙන ළදරු ක්‍රියාවකි. තමන්ට කැම බීම ගැන යම් යම් ප්‍රමිතීන් අවශ්‍යනම් පෞද්ගලිකව යම් යම් ක්‍රියාමාර්ග ගත්තාට කම් නැත. නමුත් ඔවුන් හැසිරෙන්නේ නොදැනුවත්ව හෝ හලාල් ළකුණ නැති වතුර ටිකක් පෙවුනහොත්, සයනයිඩ් කෑවා සේ එතනම මැරී වැටෙන ආකාරයටය.

    ආගමක උකහා ගතයුතු මූලික හරය වෙනුවට ඔවුන් වසර දහස් ගණනකට පෙර එදිනෙදා ජීවිතය ගතකල යුතු ආකරය දැක්වෙන උපදෙස් ආගම සේ සලකා ක්‍රියාකරන්නේ පොදුවේ නොදියුණු ජනවර්ගයක ලක්ෂණ විදහා පාමිනි.

    ReplyDelete
    Replies
    1. ඔවුනගේ ආගම ඔවුනට මෝඩ ලෙස පෙනීමට නොහැක. එය ආගමට වඩා නීතියකි. එහෙත් ඒ නීතී අප මත බලෙන් පටවන්න යාම හා ඒවාට උඩගේඩි දීම තරම් තවත් ගොන්කමක් නැත්තේමය.

      Delete
  41. හරක් මර මර ලේ ගගා බිම ඉඳුල් කරමින් ලක පුරා.
    හිඟාකන්නට මෙහේ ආ උන් අපට පෙන්නති දැන් කොකා
    නිදාගත් සිංහයෝ ගොරවා බලන් පිබිදී රණකෙලී
    නැහී කුමටද පලකො බේරි හෙළයො මොරදෙති එඩි පපා

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    ළඟට ආදා සිටම සටනත් පාව දුන්නලු පෙර දිනේ
    එහෙව් ගෙරිකුණු ඉන්ට ඉඩදී තවත් නැසෙමුද වෙන් වෙවී
    රටෙන් කොටහක් ඉල්ලතී බොල අඳෝනා මඩු ඉදිවෙතී
    මුන්ට යන්නට දෙන්නෙ නෑ රට, වරෙව් හෙළයිනි පෙල සැදී

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    තැනින් තැන මුන් බලේ අල්ලති අහුලමින් හොරගල් මෙදා
    එහෙව් නරිරැල බලය ගත්තොත් යන්ට රටකුත් නැත මෙදා
    රටෙන් අඟලක් දෙන්නෙ නෑ බොල බැරිමනම් මකබෑවියව්
    මුන්ට ගිය රටවල් විනාසයි ඔන්න බලපන් මහ හෙණේ

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    http://youtu.be/2cDJZKZI84U

    ReplyDelete
    Replies
    1. බුදුන්ගේ දේශය ඉන්දියාව නේද....?

      Delete
  42. ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනි නෑ.... අන්තවාදී වීමත් එහෙමයි. සාපෙක්ශව බලද්දි මුස්ලිම්වරු අන්තවාදී බව වැඩියි. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙ බොහෝ රටවලට ඔය අන්තවාදී මුස්ලිම් ආගමික කතන්දර ප්‍රශ්නයක්...

    ඉන්දික ඔය කියලම තියෙන්නෙ අත්දැකීම් ඇසුරෙන්ම ඒ රටවල අන්‍යාගමිකයන්ට තියෙන තැන...

    ReplyDelete
    Replies
    1. මුදල් බලයෙන් වැඩේ ගොඩ දාගන්න තමයි කස්ටියම බලන්නේ...

      Delete
  43. අලුත් තම්බියා

    මම ඇනෝ ආවෙ මට ප්‍රොෆයිල් එකක් නැති නිසා.මම අලුත් තම්බියා

    මෙහි වැරදි අදහස් කිහිපයක්ම ඇත.රත් වූ තැටියක් මත හිද සතුන් මරන්න කියා නබිතුමා කියා නැත.නබිතුමා කියා ඇත්තේ සතුන් මරන නිවැරදි ක්‍රමයයි.හලාල් යනු ආහාරවලට පමනක් සීමා වූවක් නොවේ.කුණු වූ සතුන්ගේ මස් කෑම නිසා රෝගී වීම වලක්වා ගැනීම මෙහි අරමුණ වන්නට ඇත
    මම තවත් උදාහරණයක් දෙන්නම්.නබිතුමා වැසිකිලි යන හැටි උගන්වා ඇත්තේ ඇලයකට හැරී අත ඔලුවේ තබාගෙන එම කාර්ය කරන්නටය.ඒ කියන්නේ කම්මුලේ අටහ් තබාගෙන.මෙම ක්‍රමයට හිනාවුන අරාබිවරයෙක් විහිලුවට මෙන් එසේ කර ඇත.එවිටම තොන්ඩුවක් වැටී ඇටහ්.අරාබියේ කැලෑවල වැසිකිලි යනවිට මෙසේ බෙල්ලට තොන්ඩු දැමීම සිදු විය.මෙම පුද්ගලයාට තොන්ඩුව වැටුනත් අත කම්මුලේ තබාගෙන සිටි බැවින් බේරුනි.ඔහු වහාම නබිතුමා වෙත පැමින ඉස්ලාමය වැලද ගත්තේය
    හිදගෙන මුත්‍රා කිරීමද එවැන්නකි.සම්පූර්න මුත්‍රා ප්‍රමාන්ය එවිට පිටවේ.මෙලෙස සියලුම නබිවදන් අර්ථාන්විතය.

    නමුත් කොමඩ් එකේ හිද ගැනීමේදී තොන්ඩු වැටීමේ අවදානම නැති බවද කිවමනාය
    මට නොතේරෙන මුස්ලිම් පුරුදුද ඇත
    එසේම කාන්තාවන් හිජාබ් ඇදීමද මෙවැනි උතුම් දෙයකි
    තලේබාන් ගැන අසා තිබුනි.ඔබ දන්නවාද ලොව පැවති නියම ලස්සන ආන්ඩුව තලේබාන් බව.ඔවුන් සිටි කාලයේ ඇෆ්ගන් වල කිසිම ප්‍රශ්නයක් නොවීය

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ට් එක ඇත්තටම දැම්මත් බොරුවට දැම්මත්.. මට හිනා වෙනවා ඇර වෙන කල කිසිත් නැත.

      Delete
    2. තලේබාන් ගැන අසා තිබුනි.ඔබ දන්නවාද ලොව පැවති නියම ලස්සන ආන්ඩුව තලේබාන් බව.ඔවුන් සිටි කාලයේ ඇෆ්ගන් වල කිසිම ප්‍රශ්නයක් නොවීය

      -------------------------------
      දවසේ විහිලුව :D

      Delete
    3. වටිනා අදහසක්.... දැන් උඹම පිළිගත්තානේ අරාබියේ දී බෙල්ලට තොන්ඩුවක් නොවැටී කැලෑ වැසිකිලියකට පවා යන්න බැරි බව. ඉතින් මේ විදියට අරාබියේ අනිත් එවුන්ගේ බෙලි ගහලා යන එක අහන්න දෙයක්යැ.

      Delete
    4. //නබිතුමා වැසිකිලි යන හැටි උගන්වා ඇත්තේ ඇලයකට හැරී අත ඔලුවේ තබාගෙන එම කාර්ය කරන්නටය// යකෝ ඇත්තටම තොපි ජීවිතය පුරාවටම ඔය විදියටම රෙනවා නම් වෙනම ගානක් දෙන්න වටිනවානේ බොල.

      Delete
  44. මම නම් හලාල් සහතික තියෙන බඩු ගන්නෙත් නෑ , මුස්ලිම් කඩවලට යන්නෙත් නෑ.. තරහකට වෛරයකට නම් නෙමෙයි. අපේ දේ අපි අගය කලයුතු නිසා..

    ReplyDelete
    Replies
    1. හැබයි ඇත්තටම ඒ කඩවල බඩු ලාබයි....

      Delete
  45. මුස්ලිම් වියාප්තිවාදයනම් අපට විතරක් නෙව්යි මුලු ලෝකෙටම ප්‍රශ්නයක් තමයි. හැබයි මොකක් උනත් මෙතන අපේ දුර්වලකමුත් තියෙනව පැහැදිලිව.අපේ සිංහල ජාතියට එක හෙනයක් වෙලා තියෙන්නේ පැහැදිලිවම බටහිර කාන්තාවිමුක්තිවාදය. මේක ඔලුවෙ දාගත්තු සිංහල ගෑනු ගොඩක් ළමයි හදන්න අකමැතියි. මේ පිල්ලිය අපේ සමාජය වනසලා ජනගහනයත් අඩු කරද්දී මුස්ලිම් ජනගහනය වැඩි වෙලා ඒ අය රටේ පැලපදියම් වෙන එක අහන්න දෙයඩ්ක් නෙවෙයි. අද බටහිරටත් වෙලා තියෙන්නෙ මේටිකමයි. ඒ රටවලත් රට හදපු එවුන්ගේ ජනගහනය අඩු වෙලා. ඇයි? කාන්තාවිමුක්තිය කියන විෂබීජේ උන්ගේ ගෑනුන්ගේ ඔලු කුරුවල් කරලතියෙන නිසා.

    ReplyDelete
    Replies
    1. අමනාප වෙන්න එපා මේකත් එක්තරා තලෙයිබාන් අදහසක් තමයි. ඕකට කියන්නේ පුරුෂාධිපත්‍ය කියලා. ඉස්ලාම් ධර්මයේ කාන්තාවට කිසි තැනක් නෑ. වහලියක් විදියට තමයි සලකන්නේ.

      Delete
    2. මෙතනදි අපිට මාතලන් එක්ක එකඟ වෙන්න බෑ.ස්ත්‍රීවාදය කියන්නේ මව හා දරුවා අතර ඇති බැඳීම නැති කරන පිරිමින්ට වෛර කරන නරුමවාදයක්.පවුලෙන් වියුක්ත කාන්තාව ,මාතෲත්වය හෙලා දැකීම,ස්ත්‍රීත්වය හෙළා දැකීම තුල මානව සංහතියටම ස්ත්‍රීවාදය කරන හානිය විශාලයි.දරුවන් හා අම්මා විරසක කරන එකම මොන අපරාධයක්ද?බටහිර ස්ත්‍රීවාදීන් කර ඇති ප්‍රකාශ ඔබ දන්නවාද?
      ඔවුන් දරුවන් හෙළා දැක තිබෙනවා.ගර්භනීභාවය ,කිරිදීම පවා හෙළා දකිනවා.

      ඔබත් ස්ත්‍රීවාදයේ ගොදුරක්ද? ඔබ දන්නවානම් බටහිර ස්ත්‍රීවාදීන් කර ඇති ප්‍රකාශ, ඔබම කියාවි ස්ත්‍රීවාදය හා සැසදීමේදී තලේබාන්වරයා උපාසකයෙක් කියා

      Delete
    3. ඔනෑම පුද්ගලයකුට තමන් කැමති දෑ කිරීමේ නිදහස තිබිය යුතුයි. කාන්තාවකට විවාහ වීමට මෙන්ම, විවාහ නොවීමටද, ඕනෑනම් සමලිංගික වීමටද අයිතිය තිබිය යුතුයි. ඒ නිදහස අහුරන්න පිරිමින්ටවත්, කාටවත් බෑ....

      Delete
  46. අපට ඇත්තටම තිබෙන්නේ
    හලාල් ප්‍රශ්නයට වඩා බඩු මිල වැඩි වීමේ ප්‍රශ්නයකි.
    අපේ පොකැට්ටුවට හෝ හදවතට දරන්නට බැරි ප්‍රමාණයේ පුලුල් ප්‍රශ්න ගැන රට කරවන අයට හොඳ දැනුමක් තිබේ.
    වේලාව බලා මතුවෙන්නට ඉඩ දීමත් වෙන්න පුලුවන්,
    එමෙන්ම
    අන්තර් ජාතික සමුලුවල අපට ඇති එකම සහයෝගය අරාබිකරය බැව් දන්නා කපටියන් හා උපාය මාර්ග වල යෙදෙන්නන් මෙය දඩ මීමා කරගෙන අවස්තාව බලා ප්‍රශ්නය මතු කිරීම හා එයට ඉඩ දීමත් වෙන්න පුලුවන්.

    තවද
    තව ඇමති දූරයක් වැඩි කරගැනීමට හේතුවක්. වෙලඳ සලකුණු/තත්ව පාලන ඇමති

    ReplyDelete
    Replies
    1. ඔලමොන්ටල බූරූවන් මේවා වැළඳගැනීමට පෙර අප ඊට විරුද්ධව හඬක් නැගිය යුතුයි. කුඩා පරිමාණයේ මුස්ලිම් වෙළෙන්දන් මේ සහතික වැඩේට විරුද්ධයි. එතකොට උලමාවරු කියන්නේ හැම දේම පල්ලියෙන් අනුමත විය යුතුයි කියලාද. සියළු දෙයම් මැව්වේ අල්ලා යැයි කියනා ආගමක් සමහර නිර්මාණ හරාම් වන්නේ කෙසේදැයි මට වටහා දෙනු මැන. මේ ගම්බකර ගැනීමේ මාර්ගයයි. සැබවින්ම මෙයට උඩ ගෙඩි දෙන සෑම සිංහලයාම පොන්නයෙක් බව නොකියාම බැරිය.

      Delete
  47. පට්ට කතාව අයියේ ලෙසටම කියල තියෙනවා. එල කිරි කිව්වා. අපේ නපුන්සක ඩයල් නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න වැඩිවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එළකිරි උනත් හලාල් නෙමෙයි නම් අප්ෂෙට් ගොයියෝ...

      Delete
  48. මෙතනදී මුස්ලිම් අන්තවාදය විතරක් නෙමේ අන්ත වාදයට තියෙන්නේ
    ඇෆ්ගනිස්ථානෙ තියෙන්නෙ මුස්ලිම් අන්ත වාදයනම්
    සිංගප්පූරුවෙ තියෙන්නෙ ප්‍රොෙතස්තන්ත අන්ත වාදයක් (ඒ අතින් ඇමරිකාව හොඳයි) අපි ඒකටත් විරුද්ධ විය යුතුයි

    ReplyDelete
  49. මට නම් මේ හලාල් ප්‍රස්නේ ගැන කියන්න තියෙන්නේ සුළු විසදුමක්
    මුස්ලිම් යට හලාල් ඕනෑම නම්
    නිෂ්පදයින්ට පුළුවන් වෙන්න ඕන හලාල් සහතිකේ එක්ක 10% විතර එවන්න හලාල් සහතිකේ ගන්න යන වියදම ඒ වගේ ගානට එකතු කරන්න
    හලාල් ඕනා නැති යට ඉතුරු 90% දෙන්න හැබැයි ඒවාට හලාල් සහතිකේ ගන්න යන වියදම එකතු කරන්න බැහැ
    ඇයි අපි හලාල් වලට ගෙවන්නේ
    ඒ ගොල්ලන්ට හලාල් කන්න අයිතියක් තියේයි වගේම අපිටත් හලාල් නොකා ඉන්න අයිතියක් තියෙන්න ඕනා එතකොට අපි හලාල් වලට ගෙවන්න ඔන්න නැහැ නේ

    ReplyDelete
    Replies
    1. උදාහණයක් විදිහට දැන් යම් භාණ්ඩයක මිල රුපියල් 5කින් හලාල් නිසා වැඩි උනොත් අනිවා මුස්ලිම් මිනිස්සුත් හලාල් සහතිකේ තියෙන භාණ්ඩ ගන්නේ නැහැ

      Delete
  50. Now some known companies printing food wrappings with & without HALAL logo into 80~20% ratio. certification is otained, maintained, but they are cheating to 80% non muslim customers without lable and same batch packed with 20% with HALAL lable and it goes to target areas. with this concept, our requiremnt are not met. thats the bitter truth.............

    ReplyDelete
  51. මේකයි මගේ රට. අරාබියෙ උන් අපිට මොකටද සලකන්නේ

    ReplyDelete
  52. යුද්ධය ඇතිවුනේ තනිකර දෙමලාගේ වරදින් කියන එක ගොන් කතාවක්.. ධර්මපාලතුමාගේ කාලෙ ඉදන් තිබුනු සිංහල අන්තවාදයත් 56 සිංහල භාෂාව රාජ්‍යභාෂාව කිරීම වගේ කරපු ගොන්වැඩත් මේකට බලපෑවා... දෙමලට කෙලවන්න සිංහල පමනයි පනත ගෙනාවහම දෙමක කොල්ලො ජාතිවාදී වෙනකොට දෙමලාට ගැහැව්ව විනා දකුණේ අන්තවාදයට උත්තර හෙව්වෙ නෑ..
    එක අංතවාදයකින් තවත් අන්තවදයක් පෝෂනය වෙනවා.. එච්චරයි...
    බොදුබලු සේනාව කියන්නේ සිංහල ජාතිකවාදී අන්තවාදී තලිබාන් ටයිප් සංවිධානයක්...

    ඔනෑම ආයතනයකට හලාල් සහතිකය ඔවුන්ගේ ලාභයෙන් ගන්න, හලාල් දේ විකුනන්න, හලාල් නොකන එකාට ඒවා නොකා ඉන්න, බදුබලු සේනාවට හලාල් එපා කියන්න අයිතිය තිබෙනවා... නමුත් හලාල් ගත් එකාට බලපෑම් කරන්න හෝ නමුත් ආගමික සහතිකයක් වෙන හලාල් තහනම් කරන්න කියන්න බෑ. හලාල් ගැනීම නොගැනීම ව්‍යාපාරිකයන්ගේ අයිතිය.. මොකද උන් ඒවාට ගෙවන්නේ උන් හොයාගත් ලාභය...
    හලාල් හොයහොය කන මුසල්මානුවා වගේම හලාල් නැති ඒවා හොය හොය කන සිංහලයත් එක බෝට්ටුවේ අදහස් දරන්නන්.. අද රටේ තියෙන ප්‍රෂ්න අමතක කරවීමට ආන්ඩුව යෙදූ එක උප්පරවැට්ටියක් විතරයි මේ මුස්ලිම් විරෝදය....

    ReplyDelete
  53. උතුරේ ((යම්තැනක දකුනේත්)) අහිංසක දෙමලාට එරෙහිව ත්‍රස්තවාදයේ නාමයෙන් (කොටින් මිලේජ්‍ය ත්‍රස්තයන් නොවූවා නොවේ ) රාජ්‍ය මර්ධනයේ අවිය එල්ලවෙන විට අත්පුඩි ගැසූ හා ඒ අවියට සිංහල ජාතිකවාදයේ ඉන්ධන සැපයූ සමාජය දැන් ටිකෙන්ටික තමන් වැපිරූ දේවල අස්වැන්න නෙලා ගනිමින් සිටී...
    මේ ජාතික වාදය ඉබේම ඇතිවූ දෙයක් නොවේ, සමහරුන් සිතා සිටිනා පරිදිනින්දෙන් ඇහැරුනු සිංහලයින් එකපාරටම මුස්ලිම් අන්තවාදයක් දැක එක පෙරමුනකට ගොනුවූවාද නොවේ...

    මෙයපාදඩ ආන්ඩුව තමුන්ගේ මහජතියේ බලය රැකගැනීමට, හෙල කරුමය වැනි ජාතිවාදී සිංහල-තලිබාන්ලා සමග එකව, ශිෂ්ට ලෝකයේ පිලිගත් වටිනාකම් වන ප්‍රජාතන්ත්‍රවාදයට/ මානව හිමිකමට/ බහුසංස්කෘතීනට එරෙහිව වැපිරූ සුලුජාතිය (එකල්හී මේ මර්ධනය එල්ල කරන ලද 'සුලු ජාතිය' දමිලයන් වේ) මහජාතියේ දේෂපාලන අනසකට යටත්විය යුතුය හා රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු බලතල මහජාතිය සතුවියයුතුය යන ගෝත්‍රික චිංතනයේ සීග්‍ර නැගීමේ එක් සංධිස්තානයක් පමනක්ම වේ.. (මෙය තවම උච්ජස්ථානයට පත්වූයේ නැත )

    තවමත් මෙය අවබෝධ කරනොගත් පිරිස් දෙමලාට විරුද්ධව කරන ලද අපරාධ (මම මේවා සලකන්නේ මානව සංහතියටම විරුද්දව කරන ලද අපරාධ ලෙසය) සෙවීම සදහා ගෙන එන යෝජනාව වැරදියැයි කීමට හතරවරම් ගසමින් සිටී... කෙසේ වෙතත් ගිය අවුරුද්දේ මානව හිමිකම් 'වහකදුරු' යැයි කියමින්ම් සිංහල ජාතිකවාදීන් සමග එකපෙලට සිටගත් රත්තන් ටද, තවත් කෙනෙකු සතු තමන් කැමති ආගම ඇදහීම හෝ තමාට රිසි වස්ත්‍රය ඇදිමේ මානව අයිතිය, ඒවා 7 වැනි සියවසේ ලියූ පොතකට අනුකූල නැති බැවින් දඩුවම් ලැබිය හැකි වරදවල්ලෙස ලෙස දකින සමහර මුස්ලිමුන්ටද දැන් තලිබාන්-බෞද්ධ ජාතිකවාදීන් ගේ වෛරයට පාත්‍රවීමට සිදුවීම දෛවයේ සරදමක් වැනිය....

    ReplyDelete
    Replies
    1. වික්‍රමබාහු හැමදාාම දෙමෙල්ලුන්ට තියෙනවා කියන ප්‍රශ්නයක් ගැන කතාකලා ඒත් එයාට දෙමෙල්ලු ඡන්ද දුන්නේ නෑ එAකෙන් කියවෙන්නේ දෙමෙල්ලුන්ට ප්‍රශ්නයක් නෑ කියලා

      Delete
  54. මම නම් ඔය හලාල්කරණයට කැමතිය....
    මම හැම ජාතියෙන්ම කාලා තියෙනවාය... තවම හලාල් එකක් තමයි කාගන්න බැරි වුනේය....
    ඇමරිකන්, චීන, ඉන්දියන්, සිරි ලංකන්, බාගෙට දෙමළ ආදී හැම එකක්ම කෑවත් තවම හලාල් එකක් කා ගන්න බැරි වීම ගැන හිතේ ඇත්තේ පුදුම දුකක්ය...
    මටත් වඩා දුක මගේ මල්ලියා සුරතලා චන්ඩියා ටය...
    ඒ වගත් මෙසේම....
    ඇලා

    ReplyDelete
  55. ආගම් - ලොව ප්‍රථම ආදායම් මාර්ගය/// +++++++++++++++++

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න