.

.

May 31, 2013

රනිල්ගේ අළුත් ව්‍යවස්ථාව - New Constitution from UNP

 
එක්සත් ජාතික පක්ෂය, නව ව්‍යවස්ථාවක් බිහිකිරීම සඳහා මූලික පියවරක් ගෙන තිබීම, ඉමහත් සතුටට කාරණයක්ය. මාතලන්, "ගරිල්ලා මාකටින්" ලියමින් කියුවේ, ( "Label" යටතේ ඇති, "Guerrilla Marketing" ක්ලික් කිරීමෙන්, එම ලිපි වලට යොමු විය හැක.) අළුත් දෙයක් නොමැතිනම් එජාපයට බලය ලබා ගැනීම සිහිනයක්ම පමණක් වන බවයි. කෙසේ වෙතත් මාදුළුවාවේ සෝභිත හිමියන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සහ එය සමාජයේ කතිකාවට භාජනය වීම, එජාපයේ ඇස් ඇරවීමටද සමත් විය. රටේ බලවත් ප්‍රශ්න තිබියදි, ගව ඝාතනය වැනි මෝඩ ජනප්‍රිය මතවාද වෙනුවෙන් තලේබාන් ක්‍රමයේ සියදිවිනසා ගැනීම් වල යෙදෙන කලක, රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම ගැන සෝභිත හිමියන්ට අපගේ ගෞරවය හිමිවිය යුතුමය.

මෙහිදි නව ව්‍යවස්ථා යෝජනාවලිය ඉදිරිපත් කිරීමටත් වඩා මා සිත් ගත්තේ, එම උත්සවයට පැමිණ සිටි පිරිසයි. විශේෂයෙන් දඹර අමිල හිමි හා අසාද් සාලි එම අවස්ථාවට සහභාගි වීම හා ඔවුනට උත්සව සභාව අමතා කතා කිරීමට අවස්ථාවක් සලසා දීමත් අගය කළ යුතුමය. (එසේ වූවද, භික්ෂුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම, මා කිසි සේත් අනුමත කරන්නේ නැත) කලින් ලිපි වල සඳහන් කළ පරිදි, ජනතාවගේ හදවතට (බොක්කට.) කතා කළ හැකි පිරිස අත්‍යාවශ්‍යම යුගය දැන් පැමිණ තිබේ. රනිල් සඳහන් කරන පරිදිම, එජාපය මාධ්‍ය පිටුපස ගමන් කරනවා වෙනුවට, මාධ්‍ය එජාපය පිටුපස ගමන් කරනා යුගයක් බිහි කල යුතුව ඇත.

මේ අවස්ථාවේ, සජිත්, කරූ හා ඔවුන් වටා එක් රොක්වී රනිල්ගේ කකුලෙන් අදින පිරිස කළ යුතුව ඇත්තේ, වහාම රනිල් වටා රොක්වීමයි. එමෙන්ම රනිල්ද කල යුතු වන්නේ, සිඳුවූ සියල්ල අමතක කොට, පක්ෂයේ හඬක් නැගිය හැකි පිරිස තමන් වටා එක් රොක් කර ගැනීමයි. එතනදී මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක වැන්නන් වුවද නැවත එක්කර ගැනීම, ශක්තියක් වනවා විනා පාඩුවක් නම් වන්නේම නැත. මන්ද ඔවුන් සමාන්‍ය ජනතාවගේ හදවතට කතා කල හැකි පුදගලයන් වන හේතුවෙනි.

ඇත්ත වශයෙන්ම මෙය ව්‍යවස්ථාවක් නොව, ව්‍යවස්ථාවක අඩංගු මූලික ලක්ෂණ, සංක්ෂිප්තව ඉදිරිපත් කරනු ලබන ලියවිල්ලකි. එහි පරමාර්ථය මෙය ජනතාව අතරට ගෙන ගොස් සාකච්ඡාවකට ලක් කිරීම හා ඒ සඳහා ජනතාවගේ අදහස් ලබා ගැනීමයි. එය කොටස් හතකින් යුතු අතර, ප්‍රධානම ප්‍රශ්නය වන විධායකය වෙනුවෙන් මතයක් නොමැති අතර, ඒ සඳහා විකල්ප ක්‍රම තුනක් ඉදිරිපත් කරයි. එහි දෙවන විකල්පය විකාරයක් වන අතර, 3 වන විකල්පය පරිදි බලය විමධ්‍යගත වුණු වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාලන ක්‍රමයක් වෙත ගමන් කිරීම බහුතර ජනතාවගේ කැමත්තයි.

මගේ අදහස නම් යහපාලනයක් ගෙන යා හැකි අවංක, බුද්ධිමත්, රටට හා ජනතාවට ආදරය කරන්නාවූ පාලකයකු නම්, 18 වන ව්‍යවස්ථා සංශෝධනය සහිතව වූවද, මේ ආණ්ඩු ක්‍රමයේ කිසිම වරදක් නැති බවයි. අවාසනාව නම් වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ පාලනයක් තුළද, ජනරජ ව්‍යවස්ථාවක් තුළද, ජනාධිපති ක්‍රමයක් තුළද, එවන් නායකයන් බිහි නොවීමයි. ජේ ආර් ජයවර්ධන වූවද, 83 ජූලි සිඳුවීම් වලට කෙළින්ම වග කිව යුතු නායකයා වන්නේය. ඔහු දෙමළ ජනතාව නොසලකා හැරීම හේතුවෙන්, මෝඩ ජාතිවාදින් විසින් තම අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගත් අතර, සිංහල ජාතිවාදීන් හා චීවරධාරින් එක්ව දවස් දෙක තුනක් ගත් මෝඩ ආතල් වලට වන්දි ගෙවීමට, අප ජීවීත කාලයෙන් හරි අඩක් (වසර 30 ක්), ජීවිත ලක්ෂයක් හා රට සුර පුරයක් කිරීමට හැකි කෝටි ගණනක මුදලක් රටට අහිමි කර දැම්මේය.

අනෙක් කරුන නම් මොන ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නද, ව්‍යවස්ථාවෙන් පිටත සිඳුවන, ජනතාවට අහිතකර දේවල් පිළිබඳව නඩු මගට හෝ යා නොහැකි, තව දුරටත් මෙරට මුදල් කාබාසිනියා කරණ කාළකන්නි දේශපාළණ සංස්කෘතිය ගැන අබමල් රේනුවක දෙයක් මෙහි සඳහන් නොවීම, ඉතා සැක කටයුතු කාරනයක්මය. මන්ද මේ ව්‍යවස්ථාව වෙනස් වූවද, දැන පවතින කාළකන්නි පරපුටු දේශපාලන සංස්කෘතිය වෙනස් නොවන්නේ නම්, බුදුන් වහන්සේගේ පාළන ක්‍රමයක් කොළයක ලියා තැබුවද එයින් රටට වන යහපතක් නම් නැත්තේමය.

අද පවතින මන්ත්‍රී වරප්‍රසාද, ඇමති වරප්‍රසාද, තානාපති සේවය, කප්පරක් වූ ජනාධිපති උපදේශකවරු, අමාත්‍යස උපදෙෂකවරු, සභාපතිවරු පත්කිරීම්, ටෙන්ඩර් පටිපාටි ගැන තම ප්‍රතිපත්තීන් හෙළි කිරීම මීට වඩා ජනතා ප්‍රසාදය ලබා ගත හැකි කරුණක් වන අතර. ඒක ලිඛිතව ලබා දීම වඩාත් අගනේය. පළාත් සභා ක්‍රමය අප රටට අනවශ්‍ය දෙයක් වන අතර, ඒ වෙනුවට පළාත් පාලන ආයතන හෝ දිස්ත්‍රික් ලේකම් වරුනට බලය විමධ්‍යගත කල යුතු බව මගේ මතයයි. ඊට අමතරව නව පාලනයක් තුළින් ජනතාව බලාපොරොත්තු වන දෑ පහතින් සඳහන් කරමි.

  • විශ්‍රාම වැටුප අහෝසි කල යුතුය. අතීතයටද බලපාන පරිදි (මෙමගින් රැකියාවක් ලෙස දේශපාලනය කිරීම වහාම නවතිනවා ඇත)
  • ඇමතිවරුන් 25 කට සීමා කිරීම මෙන්ම උප ඇමතිවරුන්ද 25 කට සීමා කල යුතුය. ජේෂ්ඨ අමාත්‍යවරුන්, අධීක්ෂණ අමාත්‍යවරුන් හා සීනී ආමාත්‍යවරුන් වැනි කිසිම ඇමතිවරයකු 25 ට අමතරව පත් නොකල යුතුය.
  • ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලවලට පවුලේ සාමාජිකයින් බඳවාගැනීම වහාම නැවත්විය යුතුය.
  • ඉන්ධන දීමනා, ලිපි ලේඛන දීමනා, දුරකථන දීමනා, විදුලි බිල, ජල බිල, සීමා කල යුතු අතර. ඒම සීමාවන් මහජනතාවට ඉදිරිපත් කල යුතුය.
  • සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට (රාජ්‍ය නායකයාද ඇතුළුව) එකම වැටුපක් ලබා දිය යුතුය. මන්ද මේ සියාල්ලෝම ජනතා නියෝජිතයන් වන බැවිනි. මෙමගින් තනතුරු හා බලය පිළිබඳ ඇති කෑදර කම නැතිවේ. (ගැටළුවක් ඇති නොවන්නේ තනතුරු අනුව සිඳු කරනා වියදම් අත්‍යාවශ්‍යයෙන්ම රාජ්‍ය වියදම් වන බැවිනි.)
  • අත්‍යාවශ්‍යම මන්ත්‍රිවරුනට පමණක් පුද්ගලයන් දෙදෙනකු පමණක් ආරක්ෂාව සඳහා ලබා දිය යුතුය. ආරක්ෂාව සඳහා එකදු අමතර වාහනයක් ලබා නොදිය යුතුය. මේ රටේ ජනතාව සමග සිටිය නොහැකි නම්, වෙනත් රටකට පිටුවහල් කල යුතුය.  
  • රාජ්‍ය නායකයාට උපදේශකවරුන් 25 ක් හා (අමාත්‍යංශ විෂය පිළිබඳ දැනුමැතී) අමාත්‍යවරුනට එක් උපදේශකයකු ලෙස උපදේශකයන් සීමා කල යුතුය
  • කිසිම රාජ්‍ය ආයතනයකට, සභාපතිවරුන් හෝ අධ්‍යක්ෂකවරුන් පත් නොකළ යුතු අතර. ඔවුන් පරිපාලන සේවයෙන් පත් කල යුතුය.
  • විදේශීය අමුත්තන් සම්බන්ද වන උත්සව අවස්තාවන් හැර, අනෙක් සියළු උත්සව අමාත්‍යාංශය තුල සිඳුකල යුතුය. 
  • රාජ්‍ය නායකයා හැර රාජකාරී යටයුතු සඳහා විදෙස් ගතවන ඇමතිවරුන්ගේ පවුලේ සාමාජිකයින් අමාත්‍යංස මුදලින් විදෙස් ගතවීම වහාම නවතා දැමිය යුතුය.
  • තානාපති සේවය වෘත්තීමය තත්වයට පත් කල යුතු අතර, දේශපාලන හෙන්චයියන්, ලෙඩුන්, හා විශ්‍රාම ගිය පිරිස් පත් කිරීම වහාම නවතා, විදේශ් සේවය පිළිබඳ උපාධියක් ඇති පුද්ගලයින් පමණක් ඒ සඳහා පත් කල යුතුය. 

මේ කරුණු ගැන සඳහනක් නොවන්නේ නම්, අපට සිතා ගැනීමට සිඳුවන්නේ චන්ද්‍රිකා නෝනා බහුබූත ව්‍යවස්ථාව අහෝසි කිරීමට, මහින්ද කතරගමට පයින් ගොසින් අහෝසි කරන්නට දුන් පච පොරොන්දු මෙන්ම, ජනතාව මුලා කිරිමේ තවත් සෙප්පඩ විජ්ජාවක් පමණක්ම වන බවය.

73 comments:

  1. මාතලන්ගෙ යෝජනා හොදයි.යූ ඇන් පී එකේ ව්‍යවස්තාවෙ ත් ඇමති මන්ඩලය අඩුකරන්න කියල තිබුනා.ඒක නම් ඉතාම හොද අදහසක්.ඇමති මන්ඩලය 25 කට සීමා කරලා එක එක නම් වලින් තව භූතයො බදවා ගන්නත් හොද නෑ.

    ReplyDelete
    Replies
    1. ඒවා පස්සෙ කරන හොර වැඩ. ඒකයි ඒ ගැන නියම කතිකාවක් ඕන. නැත්නම් ඉතින් මේකත් පාජාවක් තමයි...

      Delete
  2. මාතලන් ඔය විවස්තාව කියන තරම් සුදු වෙන එකක් නම් නෑ.ඒ උනත් යම් කිසි ක්‍රමවේදයක් තියනවා නම් දේශපාලකයන්ගේ දුෂණ වලට සටන් කරන්න ඒක මතු කරලා පෙනන්න ඕන.අනික තමා රජයේ ආයතන වලට ඇමැතියන්ගේ ඇගිලි ගැසීම් අඩු කරන විදියකුත් ඇතුලත් වෙන්න වෙයි.දැන් වෙනවා වගේ ආයතනයේ ලී බඩු මිලදී ගන්න කොම්පනියත් ඇමතිගේ බිරිදගේ,නංගිගේ,මහත්තයගේ ලොකු මාමගේ චුටි මල්ලිගේ දුව බදින්න ඉන්න එක්කෙනාගේ වෙයි...

    ReplyDelete
    Replies
    1. දැන් තියෙන දේශපාලනේම නම් කරන්න යන්නේ.. වෙන කවුරුත් ඕන නෑ. මුන්නැහේම මල් මසුරන්.. අඩු ගානේ හිනා වෙලා බඩ මිරිකලා හරි යනවනේ...

      Delete
    2. නිකමට හිතහන් ලොක්ක කා එක්කවත් තරහ වෙනවද කියල.හැමෝටම ඕන දේවල් දෙනවනේ බන් අපිට ඇරෙන්න...අපේ උන් ඉතින් කල්පනකරනවා අපිත් ලොක්කටම ___ක දීල මොනවහරි කරගම්මු කියල.ඉතින් ගෙදර ගැනිව අරගෙන ගියත් එක නිත්‍යනුකුලයි කියල පෙලලියකුත් යයි.ඒ තරම් දුර ගිහින් තියන්නේ දැන්...

      Delete
  3. “Even the darkest night will end and the sun will rise.”
    ― Victor Hugo, Les Misérables
    හිරු පායන තුරු මම බලා සිටිමි. (ඇනෝ මල්ලිලා කලබල වෙන්න එපා බ්ලොග්ලියන හිරු නංගි ගැන නොවෙයි මම කිව්වේ අහසේ තියන එකේ එලිය ලංකාවට වැටෙන දවස එනකං)

    ReplyDelete
    Replies
    1. හිරු නම් ඉතින් හී හී ම තමයි.

      Delete
    2. ලොක්කා තැටිය රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගන්නවත් ලෑස්ත් වෙච්චි එක ලොකු දෙයක්, ඒත් මේකෙන්ම නම් බෑ රජෝ.. මොකෝ ඔය ව්‍යවස්ථාව කියන බිජ්ජ බුද්ධිමත් ජනතාව එකෙක් වත් දන්නේ නෑ. කොටින්ම අපි දන්නෙත් නෑ නේ බං. පොත අරගෙනම බලන්න වෙනවා. මේ ළඟදි වාසුයි චම්පිකයි දෙන්නත් නෑවා බලු පොරේකට ඇවිත්.

      මේකට කැටයම් නොදැම්මොත් නම් ඝනදුරේම තමයි ඉන්න වෙන්නේ...

      Delete
    3. හිරු නම් ඉතින් සල්ලි තමයි.. !

      Delete
  4. www.unp.lk වෙබ් අඩවියෙන් එම කෙටුම්පත ලබා ගත හැක.
    newvisionunp@gmail.com විද්‍යුත් තැපෑලෙන් අදහස් ඉදිරිපත් කල හැක.
    United National Party FaceBook පිටුව හරහාද ඔබට අදහස් දැක්විය හැක.
    ඔබගේ වටිනා අදහස් ඉදිරිපත් කොට සැබෑ වෙනසක් ඇති කිරීමට පෙලගැසෙමු.!

    ReplyDelete
    Replies
    1. මහිංද සිංචනයෙන් උපන් දරුවා, එජාපයේ කෙටුම්පත.

      Delete
    2. එන්න මාතලන්... එන්න වෙද මාමෙ... එන්න අමර... එන්න සාමා... එන්න මේ සල් මල නෙලන්න...

      Delete
    3. යැව්වා... යැව්වා ... පරණ ඒවත් එක්කම...

      Delete
  5. මට නං පේන්නේ මේ ව්‍යවස්ථාව නිකං ගිමික් එකක් කියලා...පොඩ්ඩක් මොලේ තියෙන එව්වුන්ව රවට්ට ගන්න කරපු වැඩක් මිසක් කවදාවත් ව්‍යවස්ථාව ඇත්තටම සංශෝධනය කර ගන්න කරපූ වැඩක් නෙවෙයි...මට තේරේන විදිහට නම රනිල් බැරි වෙලා හරි බලයට ආවත් ඒයාට 2/3 ක ගන්න එක නම් මෛත්‍රිගෙන් දරුවෙක් බල ගෙන ඉන්නවා වගේ හීනයක්..:)

    ReplyDelete
    Replies
    1. අනික ඇවිල්ලා මාස 7ක් ඇතුලත්ලු කරන්නේ.. එහෙම නෙමෙයි.. ජේ ආර්, සිරිමා කලා වගේ උඩුයටිකුරු කරන්න ඕන. මුකුත් ඕන නෑ හරියට කරනවනම් තියෙන එක තමයි හොඳම එක...

      Delete
  6. ආදර්ශ ව්‍යවස්ථාවෙන් අධිකරණයේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු අතර, කොමිෂන් සභා ද ස්වාධීන විය යුතුයි කියලා ත් එකතු කරමි. ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමෙන් පොලිසිය, අල්ලස් දූෂණ චෝදනා විමර්ෂනය, මානව හිමිකම් තහවුරු වීම, මැතිවරණ ආදිය ස්වාධීනව කෙරෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කෝම ව්‍යවස්ථාවේ තියෙනවා ඩ්‍රැකී...

      Delete
  7. මාතලන්ගෙ යෝජනා ටිකත් අලුත් ව්‍යවස්ථාවට යවන්න පුලුවනි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචං යෝජනාව සම්මත කළාට.

      Delete
    2. යැව්වා සත්තරනේ..... පරණ ලියපුවත් යැව්වා...

      Delete
  8. its a good idea but do you think even though the people want such a change the prevailing politicians will let it happen ( both unp and upfa) they put different schemes from time to time,, end of premadasa era i was voting for chandrika, and when chandrika was about to go ranil was my choise and when he was setting up stuff wit unp ( tsuanmi sahanan mandalaya and crap like that ) i voted for mahinda and now 2013 im willin to listen to ranila again,,,,,,, dont u think that again and again the same cycle is happeing, janatha wadi nayakayo inne bale gannakan witarai, mahindaya awe kohomada, den kohomada........api rewetanawa hemadama,, but that doesnt mean we should not approve and promote such scheme by unp and better not to have high hopes

    ReplyDelete
    Replies
    1. කොහොමද දවටන ටික ගුඩ් නේද මචෝ.

      Delete
    2. මමත් පාවෙන චන්දයක්, ජෙප්පන්ට හිටන් ඡන්දේ දීපු වෙලාවල් තියෙනවා. කැපුවත් කොල, කැපුවත් රතු නම් මානසික රෝග. කැපුවත් කොල ඡන්ද ගන්න එකා ලක්ෂ 300 ට පටස් ගාලා නිල් වෙනවා. කැපුවත් කොල උන් ටික අන්තිමේ නිල් වෙනවා මේවා දැකලා. කොහොම නමුත්, මුකුත්ම නැතුව ඉන්නවට වඩා, දැන් කතා කරන්නවත් දෙයක් තියෙනවනේ...

      Delete
  9. මාතලන් ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි නමුත් බලයේ සිටින පක්ෂ කිසිදා ක්‍රියාත්මක නොකරන ප්‍රතිපත්ති කිහිපයකි.මාගේ විශ්වාසයනම් මේවා ක්‍රියාත්මක කරනබව පොරොන්දු ලබාදීමට රනිල් කටයුතු නොකරනු ඇති බවයි.
    වසර 5 සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ලැබෙන්නේ මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ .පවුද්ගලික කාර්යමණ්ඩලයේ නිලදාරීන් තිදෙනෙකුටද එය හිමිය.ලෝකයේ වසර පහක සේවයෙන් පසු විශ්‍රාම වැටුප් ලබන එකම රැකියාව මෙය බව "ආඩම්බරයෙන් " කියා සිටිය හැකිය.
    මේ සමගම ප්‍රාදේශීය,නගර හා මහනගර සභා පිළිබදවද කුමක් හෝ සාදනිය වෙනසක් සිදුකල යුතුය.මහජනයාට කිට්ටුවෙ කටයුතු කටන එම ආයතන වල දුෂණ වංචා එමටය.
    රට දියුණු කිරීමට සිදුවන වංචා,දුෂණ පමණක් නොව නාස්තියද වැළක්විය යුතුමය.

    ReplyDelete
    Replies
    1. අද කිව්වේ.... ළෝකයේ ප්‍රථම දූෂණ විරෝධී ව්‍යවස්ථාව ගෙනවයි කියලා...

      Delete
  10. අපි දැන් කාලයත් තිස්සේ බලං ඉන්නවා නේද මාතලන් මේ ටික වෙනකම්... කරනවා කරනවා කිය කිය, ඒ වගේ ඉඟි දීලා මෙච්චරකල් ඇඳගෙන ආවට, ඔය බො‌ෙහාමයක් යෝජනා අද ඊයේ ආපු ඒවා නෙවෙයි මං හිතන්නේ...

    හැබැයි ඉතිං දැනට නම් තියෙන්නේ කරනකම් විශ්වාස නැති තත්වයක් තමයි ... ඒත් ඉතිං ඒකටත් අපි මුලින් ඡන්දේ දෙන්න ඕනේ නේ.... හි හි...

    ReplyDelete
    Replies
    1. හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...
      හ.. හා.. හැ.. හෑ...හි...හී.. හු...හූ...හො... හෝ.... හෙ... හේ...

      Delete
    2. හිරු... මට ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි.. මේ බ්ලොග් කල්ට් එක ඇතුලේ තම අදහස් උදහස් වලින් ඉදිරියටම ආපු එකම කෙනා ඔබ. ඉස්සර ගිම්හානි, හිටියා පස්සේ නිර්මලා හිටියා (ඇත්තටම කාන්තාවන්ද දන්නෙ නෑ.) දැන් පේන්න නෑ. බින්දිලා අරුණිලා පොකුලා ඉන්නේ පිටරට, මේ සංවාද වලට ඔබ එක්වීමෙන් ඔබ කාන්තා පරපුරටම කරන්නේ විශාල සේවයක්.. අනික් ඔක්කෝම පැත්තකින් තියලා මේක කියන්න හිතුනේ මගේ බ්ලොග් එකේ කොමෙන්ට්ස් දාන නිසා නෙමෙයි. ඔබ සහන්ගේ අඩවියේ කරපු සංවාදය දැකලයි. මහ පොලොවේ පය ගහලා ජීවත් වෙනවා කියන්නේ ඒකයි.

      Delete
    3. මා සිටිනවා. ඔබේ ලිපි කිහිපයක් අත හැරුණත් තවමත් බ්ලොග් අවකාශේ සිටිනවා. නමුත්, සේවා ස්ථානයේ වෙසක් නිසා ලිපි පල කිරීමේ හැකියාවක් නැහැ. වෙනත් අයගේ පරිගණක, බ්ලොග් ලිවීම සඳහා උචිත නොවේ කියා මා සිතතනවා. මට ඇත්තේ කාලය හා සම්බන්ධ ගැටලුවක් පමණී.
      හිරු ගැන ඔබ කියා ඇති කාරණයට මාද එකඟ වෙමි.

      Delete
    4. හා.... ඔහේ ඉන්නවයි තාමත්... ලියන්න ඕන කාලේ ලියන්න ඕන උන් එකෙක්වත් නෑ.. බුවා අතුරුදන්.. උදිත බිසි... මාලන් පැන්ෂන්...

      Delete
  11. මමත් මේකට යමක් එකතු කරන්නම්
    මට හිතෙන හැටියට අපේ දේසපාලනඥයන්ට ලැඛෙන වැටුප මදි
    මම කිව්වෙ නිල වැටුප
    ඉතින් නිල වැටුප වැඩිකරලා මාටියා ගහලා අහුවුනොත් දැඩි ද`ඩුවම් ලැඛෙන ක්‍රමයක් හදනවනම් හොදයි
    අනිත් කරුන වාසුදේව තිස්ස විතාරන වගේ ජන පදනමක් නැති දේසපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් පාලනය කල යුතුයි

    ReplyDelete
    Replies
    1. ජාතික ලැයිස්තුව අහෝසි කරන්න ඕන.කදිරගාමර් වගෙ දක්ෂයන් බදවාගන්න වෙනත් ක්‍රමයක් අවශ්‍යයි.වාසුල වගෙ කාලකන්නි නොවෙයි විද්වතුන් පාර්ලිමේන්තු ගෙනයාම එහි අරමුන වියයුතුයි.කොහොමත් සෙනෙට් සභා ,ජාතික ලැයිස්තු වලින් වෙන්නේ චන්දෙ පැරදුන මගෝඩිස්ලා පාර්ලිමේන්තු එන එක.

      Delete
    2. වැටුප් මදි කතාවට මමත් එකඟයි.... රසියන් බඩු හොයනවා මාසෙකට මීට වඩා..

      Delete
  12. ඔය මාතලන්ගෙ යෝජනා ටික රනිල් කිව්වනම් එයා ජනතාව අතරට ඒ ටික අරන් යන්න කලින් පක්ෂෙ එවුන් ටික එකතු වෙල උන්නැහෙව එළියට විසිකරල දායි. ඇයි දෙයියනේ ඕවා ඔහොම උනොත් මේකෙ දේශපාලනේ කරන්න කැමති එකෙක් බේතකටවත් හොයා ගන්න බැරිවයයිනේ. හෙහ් හෙහ් හෙහ් ... අපි නොදන්න මොණරතැන්න. ඕව කවද වෙන වැඩද ලොක්කා. මේක ලංකාව, සිරි ලංකාව. ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු රෑ වැටුනු වලේ ආයෙ ආයෙත් ගිනි දවාලෙත් වැටෙන එකමනේ, සුබ සිහින දැක දැක උඩබලන් ගිහින්.

    ReplyDelete
    Replies
    1. එහෙම පවර්ෆුල් නායකත්වයක් නැත්නම් මේක හදන්න බෑ. එහෙමනම් ඉන්න යකා හොඳයි.. උඹ කියන් එක ඇත්ත. ජෙනරාල්ට උනේ ඒක...

      Delete
  13. මාත් හදන්න ඉන්නේ ඔය ජාතියේ ව්‍යවස්ථාවක්. එහෙම කරලා මාත් ඉල්ලනවා මටත් බලේ දෙන්න කියලා... ඒ ව්‍යවස්ථාවට මාතලං කියාපු කරුණු ගෙඩි පිටින්ම දානවා ඕං... එතකොට මාතලංලා මට ඡන්දේ දෙනවළු හොඳද.. හැබැයි මං දිනුවාම ඒ එකක්වත් කරන්නේ නැතිව එය තියෙන එකෙන්ම මගේ ගේම ගහනවළු...

    තව තියේනං යෝජනා එවන්නකෝ මෙයාලා... ඒ හැම එකක්ම දාන්නං...

    ව්‍යවස්ථා ආතල්... :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔන්න මාරයා මල්ලි හෝරාව ඇවිල්ල.

      Delete
    2. ම. රා. පු. දෙ. ?

      Delete
    3. මෙහමවත් එකක් ගෙනාපු එක ළොකු දෙයක්.. නැත්නම් මෙලෝ දෙයක් නෑනේ කතා කරන්නවත්.. චින්තනේ තියෙන ඒවලිනුත් කලේ යුද්දේ දිනපු එක විතරනේ. ඒකත් ෆොන්සේකා නැතිනම් තාමත් යනවා. මෙයාලා ඇග්‍රිමන්ට් ගහලා ඡන්දේ දිනාගත්තේ ඒකටනේ...

      Delete
  14. අපි (මහජනතාව) දැන් මහින්දට අභිෙයා්ග කරමු පුළුවන් නම් රනිල් ඉදිරිපත් කරලා තිෙයන ෙකටුම් පතට වඩා සාධනීය/ජනතා හිතවාදී ෙවනසත් කරලා ෙපන්නන්න කියලා. ඒෙහම කලොත් සදාකාලිකව (මැෙරනකම්)රජ ෙවලා ඉන්න පුළුවන් කියලා ප්‍රචාරය කරමු. ෙම් ෙවලාෙව ෙදපැත්ත ෙකාටවලා හරි උදිත කියන ඉර බලෙන්ම පායව ගන්න පුළුවන්..............

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙත් ඒකයි.. ගොන්නු රැල අන්දන්න වෙනවා ලොක්කගේ සෙට් එක අන්දනවට වඩා.... නැත්නම් සංසාරේදි නම් බලේ නැත....

      Delete
  15. මාතලන් ලිපිය ගැන වාදයක් නැහැ..කමෙන්ට් වලිනුත් ගොඩක් දෙනා අවශ්‍ය යෝජනා ගෙනත් තියෙනවනේ..

    ප්‍රැක්ටිකල් තත්වේදී නම් 2/3 මේ කපේට ගන්න බැහැ මාතලන් කියලා තියෙන දේවල් වලට:( එහෙම පිටින්ම දොළ කප්පාදු කරලනේ...

    ඇත්තටම මාතලන් මේ යන ක්‍රමය කොහොමද වෙනස් කරන්නේ ...? අවංකවම මට නම් හිතාගන්න බැහැ...අධිකරණය පවා සියතට අරන් තියෙන්නේ දැන්. ජනාධිපතිවරනෙත් කොට්ඨාෂ ක්‍රමයට තියාවි..චන්දෙන් පරද්දන්නත් බැරි වේවි..

    ( ඒත් සැලෙන්නේ නැතුව ඉමු..මැරෙනකම් මහ ඇමති වෙන්න හීන දැකපු මිනිස්සුන්ට වෙච්ච දේවලුත් මතකයි )

    ReplyDelete
    Replies
    1. මේ සිස්ටම් එක කඩන්න කෙනෙක් මේ සිස්ටම් එකෙන්ම පත් වෙලා මේකට කොකා පෙනන්න ඕන.රුසියාවේ පුටින් ජනාධිපති උනේ කොහොමද? බොරිස් යෙල්ට්සින්ගේ පව්ලේ බුදලයක්ව තිබුන එම තනතුර විශ්වාසය මගින් ලබාගෙන ඒ සියලු දෙනාට කොකා පෙන්නලා රට නියම තැනකට අරගෙන ගියා.ඔය එක ක්‍රමයක්. අනික තමා රජතුමාට තව දෙපාරක්වත් බලය දීලා ජනතාව මගින්ම ඉවත් කරන්න වෙනවා.කොහොමටත් මෑත අනාගතයේ මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැත...

      Delete
    2. පැහැදිළිවම මේ ක්‍රමය තුළින් එන ඕනේ දේකට ඔට්ටු මනුස්සයෙක්ට විතරයි උපරිම විධායකය බල තල අල්ල ගත්තට පස්සේ මේ ක්‍රමය එක පෑන් පාරෙන් වෙනස් කරන්න පුළුවන්...

      උපරිම බලය අල්ල ගන්න කම් හූණා වගේ ඉන්න වෙනවා..වැඩිය නටන්න ගියොත් මන්ත්‍රී කමක් වත් හම්බෙන්නේ නැහැ..වංචාවට එරෙහි වෙන්න නම් වංචාව තුලින්ම ශක්තියක් ගොඩ නගා ගන්න වෙනවා...

      යම් කිසි අයෙක් පවතින ක්‍රමයට විරුද්ධ නම් කරන්න තියෙන්නේ වෙන වෙන සුරංගනා ලෝක වල ජීවත් වීම නෙවේ..මේ මඩ ගොහොරුව තුලින්ම ගමනක් යෑම.( ඇඟේ මඩ ගෑවුණාට කරන්න දෙයක් නැහැ.. )

      Delete
    3. එලම කිරි ...එක තමා වෙන්න ඕන.. ඒ වගේම ඕකම නිසා තම රජා පව්ලේ අය මිසක් වෙන කෙනෙක් ඕකට ගාව ගන්නේ නැත්තේ.මෙතැනදී කව්රු හැරි උදව් කරන්න වෙනවා.

      Delete
    4. කොහොමත් එන්න වෙන්නේ මේකෙන්ම තමා.. මේ ක්‍රමෙත් නොම්බර එකයි අවංක කෙනෙක් කරනවනම්. මම පෝස්ට් එකේ කිව්වෙත් ඒකමයි. ඒකනේ සෝභිත හාමුදුරුවොත් කියන්නේ. මහින්ද මහත්තයටම කරන්නෙයි කියලා. ඒ උනාට මේ සිස්ටම් එකේ තියෙන මම කියන ඒවා නම් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕන..

      Delete
  16. ව්‍යවස්ථාවන් ගෙන ආවාට මදි. ඒවායේ සඳහන් දේවල් අගයන මිනිස්සු ද ඉන්න ඕනෑ. ආණ්ඩුව වෙනස් වුනාම හැමදාම රටේ සිද්ධ වෙච්ච විදියට රස්සාවල් හා උසස්වීම් ලැබේවි යැයි සිතා සිටි යූඑන්පී අය රනිල් බලයට ඇවිත් එහෙම නොකළාම එය වටහා ගන්නට අපොහොසත් වුනා. අන්තිමේ දී පක්ෂයට හිටි අයත් නැතිවුනා කියලයි ආරංචිය. වෙනස් විය යුත්තේ මන්දැයි රටේ ජනතාව වටහා නොගන්නා තාක් කල් කොච්චර ව්‍යවස්ථා සංශෝධන ගෙනාවත් බලයේ ඉන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණි මෙතනදී නිවරිදියි. එක්සත් රාජධානියේ ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ අපේ තියනවා කොහොමද වෙනස. කොළ වල මොනවා තිබුනත් වැඩක් නැහැ මිනිස්සුන්ට ඒවා වැඩක් නැත්නම්. අපිට වෙලා තියෙන්නේ මොකෙක්ටවත් ප්‍රජාතන්ත්‍රවාදය අයිතීන් වගේ දේවල් ඕව ඕනෑ වෙලා නැහැ.

      Delete
    2. අරුනිගෙ කොමෙන්ට් එකකට උදිත රිප්ලයි කරා කියන්නෙ ඉතින් රත්තරන් වලට මුතු මැණික් එක්කහු වුනා වගේ තමයි...... මෙතනට අඩුවකට තියෙන්නෙ ඉතින් අර බ්ලොග් අවකාශෙ දියමන්තියක් වගේ ඉන්න සුසමාදර්ශෙ විතරයි....

      Delete
    3. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. අරුණි හිතන ජාතියේ පිරිසක් මේ රටේ නෑ කියලා අරුණිත් පැහැදිලිවම දන්නවනේ. ඒකයි අවංක නායකත්වයක් අවශ්‍ය වන්නේ. නමුත් ඒකට මේ තියෙන සිස්ටම් එකේ පවර් එකකුත් ඕන...

      Delete
  17. මං හිතන්නෙ කණ්නාඩියක් ඉස්සරහට ගිහින් .. අපි අපිටම පහර දී ගත යුතුයි.
    මක් නිසාද යත් ...
    මොන බයිලෙ ගහගෙන ආවත් රැවටිලා .. මුන්ට චන්දෙ දෙන්නෙ අපිම නිසා ...

    ReplyDelete
    Replies
    1. උඹම ගහගනින් මචන්..... අපිට බෑ....

      Delete
    2. මම නම් එහෙමම හිතන්නේ නෑ. අනිවාර්යයෙන් 2010 දි ජනාධිපති වෙන්න ඕන මහින්ද රාජපක්ෂ තමයි. එතෙක් පාලකයන් වෙනස් කලෙත් ජනතාවම නේ. ඒත් පාලකයෝ පිස්සු කෙලිද්දිත් ඒවා නොපෙනන එක නම් කරුමයක්...

      Delete
  18. මානව සංවර්ධනය මූලික කරගත් දියුණු ආර්ථික, ක්‍රමයක් ඇතිවෙන්න ඕනෙ. ධනවාදයේ යහපත් ලක්ෂණ ඇති ක්‍රමයක් ඇතිවීම හොදයි. මේ ව්‍යවස්ථාව නැති කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක හොදයි. හැබැයි ඒක ජනහිතකාමී වගේම ජනතාවගේ ප්‍රසාධයෙන් ඇතිකල එක්ක් විය යුතුයි.
    රනිල් යමක් කරනවා කිව්වම ඒ ගැන යම් විශ්වාසයක් ඇතිකර ගන්න පුළුවන්. ඒ විශ්වාසෙට අමතරව අපිට ඒක විවේචනය කරන්න හැකි නම් යමක් කල හැකි බව පැහැදිලියි.

    කළ යුත්තේ වහාම අපේ යෝජනා ඉක්මනින් ලැබෙන්න සලස්වන එක. මම නම් දැනටම ලෑස්තියි. මාතලන් අපි වහාම අපේ යෝජනා ලබා දෙමු. රටට අපේ දරුවන්ට වැඩක් වෙන ක්‍රමයක් එනවා නම් ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. යෝජනා ඔක්කෝම යැව්වා වෙද මහත්තයෝ.. අපි සුභවාදීව බලමු...

      Delete
    2. එන්න එන්න පිට කසා ගැනීමේ රජ තුන් කට්ටුව එන්න.

      Delete
  19. හැම රැකියාවකටම වගේ දේශපාලන රැකියාවටත් අවම සුදුසුකමක් සම්මත කරගත යුතුය.
    අමාත්‍ය ධූරයක් බඳු වගකීමක් පැවරීමේදී අදාල විශය කෙරෙහි ප්‍රාමාණික උගත්කමක් ඇති අය පමණක් ඒ සඳහා තෝරාගැනීමට ප්‍රතිපාදන සැලසිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එකග වෙන්න අමාරු යෝජනවක්,දැන් මේ ආණ්ඩුවේම කොයි තරම් උගත්තු ඉන්නවාද...?

      මහාචර්ය ජි.එල් පිරිස් එහෙමනම් අඩුම වශයෙන් අගමැතිවත් වෙන්න එපැයි..


      Delete
    2. මටත් ඒකට නම් එකඟ වෙන්න බෑ. ඉන්න මහාචාර්යවරයයි, ආචාර්යවරුයි, උපාධි කාරයොයි ඔක්කෝම පිස්සො කොට... මෙලෝ දෙයක් නැති උන් රටටත් වැඩක් කරලා උන්ටත් හොඳට කොරගෙන තියෙන්නේ...

      Delete
  20. මේක හොද කතිකාවකට ලක් කරන්න ඕනි කරනාවක්.
    කොහොම උනත් මේ යෝජනවලියේ තියෙන බොහෝදේ පිළිගන්නට පුළුවන්.
    "අධ්‍යාපනය සඳහා සර්ව සාධාරණ හා සමාන ඉඩ ප්‍රස්ථාවක් ලබා ගැනීමට ඇති අයිතිය"මම ඉහලින්ම අගය කරන යෝජනවක්.මොකෝ හරි අධ්‍යාපන ක්‍රමවේදයක් දැන් නැති නිසා තමයි මේ හුගක් දේශපාලකයින්ට අපේ මිනිස්සු රැවටෙන්නේ.

    මේ යෝජනාවලිය අවංක පරමාර්ථයෙන් යොදා ගන්නවනම් එජාපයට බලය ගන්න බැරි නොවන බව විශ්වශයි...

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය කෑවේ 94 ඉඳලා මිසක් මේ සිස්ටම් එකේ වරදක් නෙමෙයි. වැඩ බැරි ගොන් ඇමතිවරු පත් කල නිසා...

      Delete
  21. ඇදෙ මාතලන් අයියට අපි සලකනවා මදි, බලාගෙන යද්දී මේ රටේ කැබිනට් මණ්ඩලේට උපදෙස් දෙන උනුත් උපදෙස් ගන්නේ 'අපේ' මාතලන් අයියේගේ බෝග බලලා .

    http://lankacnews.com/sinhala/news/94985/

    ReplyDelete
  22. රනිල් ගැන මට නම් ශත පහක වත් විශ්වාසයක් නෑ...අද ලංකාව පත්වෙමින් යන තත්වයට සෘජුවම වග කිවයුතු චරිතයක් තමයි මේ...රටක ශක්තිමත් විපක්ෂයක් නොමැති වුනාම ආණ්ඩුව තමන්ට හිතෙන හිතෙන දේ කරන්න යාමෙන් ජනතාවාදී කියන ලේබලය ගලවා ගන්නවා...හැමදාමත් විපක්ෂ නායක කමේ ඉන්න රනිල්ට තියෙන කෑදර කම තමයි අපේ කරුමෙ...

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි නායකයෙක්. ඒක ගොඩක් අයට දිරවන්නේ නෑ. යූ ඇන් පී ඡන්දෙන් පත්වෙලා කෝටි ගනන් වලට මිනිස්සු පාවලා දුන්නම අධිකරනයට ගියාම එතනත් පිහිටක් නැත්නම් රනිල් නෙමෙයි මහින්දටත් කරන්න දෙයක් නෑ..

      Delete
    2. ඔන්න සිරා දැන් මාතලං ටොක්කක් අනියි.

      Delete
  23. වර්ථමානය කෙසේ වෙතත් අනාගතයද දැන් සිහිනයක් වන ලකුණු පෙනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමම හිතන්න එපා.. එහෙම හිතුවොත් වලේම තමයි...

      Delete
  24. හොරකම් නැති ජේ වී පී එකත් පාර්ලිමේන්තුවෙ ඉන්න තත්වයක් තුල, ජනරාල් විශාල ඡන්ද ප්‍රමානයක් ගත් තත්වයක් තුල පොදුවේ ජනතාව දැනුවත් වෙන තත්වයක් තුල යූ එන් පියට ඉදිරියට පියවර තබනවා ඇර විකල්පයක් නැත. ඒත් මොකද්ද සහතිකය?

    යූ එන් පියෙ පරන නායකයො

    ධර්මිශ්ඨ සමාජෙ දීපු හැටි
    ඇට අට දීපු හැටි
    මිනිස්සුන්ට මතකයි?

    අනාගතය පමා වී යහපත් වනු ඇති බව මම අදහමි.
    ඒත්
    එය ඉබේ නම්වෙන දෙයක් නොවේ,
    දැනුවත්ව මැදිහත් වීමෙන් පමණි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඒ දේ තමයි පොඩියට හරි කරන්නේ මේ...

      Delete
  25. මුලින්ම කියන්න වෙනුයේ ආදර්ශය ඉතා වැදගත් බවයි. පවතින සමාජ පීඩනය තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ හෝ එකී පීඩනය තේරුම්ගත් බව පෙන්වනුයේ විපක්ෂය හෝ විපක්ෂ හෝ පමණී. නමුත් බලයට පැමිණි වහා සියලු ලේඛන අතීතයට එක්වීම සිදුවන්නේ නම් ඇතිවෙනා තත්ත්වය කුමක්ද? හිසරදයට කොට්ට මාරු කිරීම පමණකි.

    මෙම යෝජනාද මහින්ද චින්තනයට නොදෙවෙනි ගමනක්නම් (බලය ලබා ගැනීම සඳහා ටොපි), ඉහත ව්‍යවස්තාවට සංශෝධනය කර අමාත්‍යාංශ ගණන 10 කට හෝ 5 කට හෝ සීමා කරනවා කීවද ගැටලුවක් නැත. ඇමතිකම් සඳහා අධ්‍යාපන සුදුසුකම් සැලකිල්ලට ගනු ලබන්නේ යැයි කියුවද ගැටලුවක් නැත. වසර කීපයකින් සිංගපූරුවක් හෝ ආසියාවේ ආශ්චර්ය කරන බව කියුවද ගැටලුවක් නැත. මා මේ ව්‍යවස්ථාව හැල්ලුවට ලක්කිරීමක් නොවේ. අතීතයේ සිට මේ දක්වා දේශපාලන ඉතිහාසයේ පූර්වාදර්ශ සහ නිදසුන් අනුව එසේ සිතීම වැරදි නැත.

    ReplyDelete
    Replies
    1. කිසිම වැරද්දක් නෑ... මටත් තියෙන සැකය එයයි.... මේක නිකන්ම නිකන් ටොපියක් තමයි.. ඔන්න මම කියපු දේවල් වලින් එකක් හරි තිබුන නම් පොඩි කික් එකක් තියෙනවා.. මිනිස්සු ඉල්ලන්නේ ඒ වගේ දේවල්. ව්‍යවස්ථා කියන ඒවා මිනිස්සු දන්නෙ නෑ...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න