.

.

Jun 10, 2013

කාළගුණේ, හුළං බොකනවද? - Met... Are you wet?



කොටින්ගෙන් නැගෙනහිර මුදාගත්ත කාළයේ, යාලුවෝ සෙට් එකක් එක්ක ආරුගම්බේ ගියේ, එහේ ඇස් ටී ඇෆ් එකේ උන්න මහ එකා, ගජයෙක් උන නිසාය. අපි ගියපු කාලයේ සුද්දෝ ජෝඩු තුනකුත් උන්නේය. ඒ පැත්ත පලාතම පාලු සොහොනක් වාගෙය. ඒ උනාට අපි නැවතුන හෝටලේ නම "සුනාමි" ය. සෙනෙවිරත්න නම් අපේ මහදැන මුත්තා ඇහුවේ "සුනාමි" කියන් එකේ තේරුම මොකක්ද කියාය. මම කිව්වේ සුද්දියෙක්ගේ නමක් වෙන්න ඇති කියලාය. ඒක එහෙම නොවන බවත්, සුනාමිය කියන්නේ මුහුදේ හටගන්නා බූමීකම්පාවක් හේතුවෙන් ඇතිවන දැවන්ත රළ පහරකට බවත්, පුච්චපු මාළුන් හා රහමෙර, අප ගත සිත පිනවා යද්දි, අපට කියාදුන්නේ අද දිවිය ලෝකයේ ඉන්නා අපේ ඒ සුන්දර බක පන්ඩිතයාය.

අපේ ඒ බක පන්ඩිතයා දැන ගෙන උන් දේ, අපේ කාළගුණේ ඉන්නා කාළකන්නීන් නම් කිසිසේත් දැනගෙන ඉන්නට නම් විදියක් නැත. ලංකාවට සුනාමී ආ වෙලේ මම සිටියේ ලංකාවේ නොවේ. එහෙත් මට සියල්ලටම කලින් සිහියට ආවේ ආරුගම්බේ වල "සුනාමී" හෝටලයයි. අපේ උන් සුනාමි කියන වචනයවත් නොදැන උන් බවට මෙන්න කැට. නැතිනම් නැගෙනහිර වෙරළට සුනාමිය පැමිණි පසුවත් ඒ පිළිබඳ කිසිවක් නොදන්නා කාළගුණ විජ්ජාවක් විනා, ඉන් පසු පැමිණි ප්‍රදේශවල හානිය හෝ අවම කර ගැනීමට අනන්තවත් ඉඩ කඩ ඕනෑ තරම් තිබිනි.

දක්ෂින අධීවේගී මාර්ගය විවෘත කරන ලද දිනද මෙවන් සුළං හේතුවෙන් මාතර ප්‍රදේශයේ ජීවීත කීපයක් හානි විය. ඒවන් දෙයක් වූවාදැයි දැන් අපේ කාළකන්නීන්ට මතක නැත. මේ ආපදාකරණ ඇමතියා පත්වී දැන් වසර 3-4 කට ආසන්නය. එයා හිතන්නේ ආපදා කළමණාකරණය කියන්නේ බෝට්ටුවලින් ගිහින් බත් පාර්සල් බෙදන එක කියාය. කාළගුණේ තියෙන්නේ කොළබ 7 උනාට. තියෙන්නේ ඔක්කෝම පරණ ලදරංය. ඉන්න උනුත් ඒ වාගෙමය අමුඩ ලේන්ඩු තරම් ටයි පොලු දාගත්ත බානි රේමන්ඩ් එකේ එම්බාම් කරපු උන් වගේ සෙට් එකක්ය. උන් දන්නා කාළගුණයක් නැත.

උන්ගේ කාළගුණ වාර්ථාව "අවන්ත ආටිගල" අපූරුවට ච්ත්‍රයට නගා තියෙන නිසා ඒ ගැන කියන්න ඕන නැතිය. ලංකාවට අයහපත් කාළගුණ තත්වයක් එනවා කියා ඇමරිකන් වෙදර් රිපෝට් වල කියන්න පටන් ගත්තේ වෙසක් දවස් වල ඉඳලාමය. කෙසේ හෝ මේ වාර්ථාවක් හිරු රූපවාහිනියෙත් පෙන්නුවේය. ඒක බලලා අර පාංකඩ හොරිකඩ නාකියා කිව්වේ එහෙම එකක් එනවානම් පැය 24 කට ඉස්සෙල්ලා උන්ට කියන්න පුළුවන් කියලාය. මේ කාළකන්නි සිකුරාදා රෑ නිකුත් කරපු නිවේදනයේ ඒ කිසිවක් නැත. එහෙම යන්න එපා කිව්වා නම් මේ එක ධීවරයෙක් වත් මුහුදු යන්නේ නැත.

දැනට ආරංචි විදියට කාළගුණේ ඒ වෙලාවේ එකෙක්වත් සේවයේ ඉඳ නැත. හුළං පාර ආවයින් පසු එකිනෙකාට කෝල් දාගෙන පුක රත්වී පාන්දර 3 ට විතර මොකක්දෝ හුටප්පරයක් කර ඇත. ඒ ගැලවිජ්ජාවට හදාගත් සෙප්පඩයක් වෙන්නම ඕනාය. කෙසේ හෝ අද මුළු ළෝකයේම පුවත් වාර්ථාවල මුල් පුවත් අතර යන්නේ අපේ ධීවරයන් 41 ක් මිය ගිය බව හා තවත් 27 ක් අතුරුදහන් යන පුවතය. ධීවර ඇමතියා කොහේද කියා හොයාගන්න නැත.

වෙන රටක නම් ඉල්ලා අස්වෙලාය. ඒ වෙන රටක් නම්ය. මෙහේ උන්නැහේ ඉන්නේ කොහෙද කියාවත් හොයා ගන්න නැතිය. සමහර විට ඒ හුළඟටම අහුවෙලා උඩුහුළඟට ගහගෙන ගියාද කියා අහන්න වෙන්නේත් ලොක්කාගෙන්මය. ආපදා ඇමතියා කාළගුණේට මැෂින් ගේනවා කියන්නේ ඇමති කමට ආපු දවසෙ ඉඳලාය. සමහර විට ඒ මැෂින් මෙතන නැත්තේ හම්බන්තොට පැත්තේ ගාමන්ට් වලට හයි කරලාද අදන්නේ නැතිය. මොකෝ මැෂින් කිව්වාම අපේ උන් දන්නේ ජුකී මැෂින් විතරක් නිසාය.

හොරිකඩ විජ්ජාකාරයෝ
සුළි සුළඟට නම දාගන්න බැරි හරක්, හුළඟක් එන බව කොහොමටත් දැනගන්නනම් බැරිය. ජනාධිපති තුමා වාර්ථාවක් ඉල්ලලා තියෙනවාය. අද ගිනි රස්නෙට පායද්දි අද වහිනවායයි කීවේය. ඒ දැන් වාර්ථා ඉල්ලා තියෙන නිසා වෙන්න ඇතිය. මම නම් කියන්නේ. මේ නාකි පඩංගුවන්ගේ රස්සාවල් වලට කෙලලා පව් පුරවා ගන්න එපා කියලාය. ඔන්න ඔයි මළදානේ වහලා දාලා නොම්බර එකේ කැසිනෝ එකක් ගැහුවානම් ඊට වඩා ඉන්කම් එකක් හරි හොයා ගන්න තිබුනාය. නිවැරදි කාළගුණ වාර්ථා අන්තරජාලේ ඕනා තරම් තියෙනවය. ඒවා සිංහලට පරිවර්ථනය කරලා මිනිස්සුන්ට දැනගන්න දුන්නම් හොඳටෝම ඇතිය.

හැමදාම අම්බ පච කෙලින කාළගුණෙන්, බොරු අරගෙන මිනිස්සුන්ට බෙදන එකත්, මාධ්‍ය ආයතන විසින් නවත්තලා දැමිය යුතුය. නැතිනම් මේ වගකීම් ඔවුනුත් ගන්න ඕනාය. මිනිස්සු මැරුනායින් පසු රුපියල් 15,000 කට මිළ නියම කරන්නේ, දුප්පත් එකා ඇල්සේසන් බල්ලො තරම් වත් වටින්නේ නැති නිසාදයි කියා මහ රජතුමාගෙන්ම අසන්න වෙනවාය. මිනිස්සු මැරුනයින් පසු මනස්ගාත නොකර. මේ ජීවත මින් පසුවත් බේරාගැනීමට කටයුතු කරන ලෙස අපි මහ රජතුමාගෙන් ඉල්ලා සිටිමු. (ඉල්ලන්න වෙන එකෙක් නැත.) කාළගුණේ ඇමතිටයි, මළ මූසලයන්ටයි කියන්න තියෙන්නේ, තොපි හොඳට දෙකට නැමිලා, හුළං බොකා ගනිල්ලා කියලා විතරමය.

107 comments:

  1. ඕකේ ඉන්න එවුන්ට කාලගුනේ නෙවෙයි , කාල නුහුගුනේ .

    ReplyDelete
  2. බම්බුවේ වාර්තා. කලගුණේ ගැනනම් කතාකරල වැඩක් නෑ. හෙට වහිනව කිව්වොත් පායනව. හෙට පායනව කිව්වොත් බැඳගෙන වහිනවා.
    අර නීති ශිෂ්‍යාවකගෙ අත කැපුවම ජනාධිපතිත් කිව්ව වැරදිකරුවොන්ට දඬුවම් දෙනව කියල. අන්තිමට දොස්තරල කිව්වෙ අපිට තියෙන පහසුකම්වලින් අපි ඕනැවටත් වැඩිය කරනව මීට පස්සෙ ඒව නෑ කියල. අන්තිමට මාතර හොස්පිට්ල් එකට ආපු ලෙඩ්ඩු තමා අමාරුවෙ වැටුනෙ. දැන් කාලගුණේලගෙන් ඇහුවමත් උන් ඕකම කියයි. අපිට අවශ්‍ය පහසුකම් නෑ කියල. කවුද වැරදි. ණයට ඉල්ලන් බොරු ෂෝ දානවට වැඩිය අවශ්‍ය තැන්වලට අවශ්‍ය දේවල් ලබා දෙන්න එදා ඉඳල කටයුතු කරානම් අද එක හොරෙක්ට බොරු කියන්න බෑ, තමන් අතින් වුනු අතපසුවීම තමන්ගෙ වැරැද්ද පිළිඅරන් දඬුවම් විඳින්න වෙනව. දැන්නම් දඬුවම් කරන්න ඕන මහ එවුන්ටමයි.

    ReplyDelete
    Replies
    1. අනීවාර්යයෙන් මුන්ට දඬුවම් කළ යුතුමයි. නැත්නම් මුන් මේ දේ ආයෙමත් කරන එක කරනවාමයි..

      Delete
  3. අපරාදෙ මුංට බනින වචන ටික

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳ කියන්නද කියන්නේ. ඉස්සර හරියට කියන්න පුළුවන් නම්, දැන් බැරි ඇයි....

      Delete
  4. ඔය තැන් තැන් වල පෝච්චි තිය තිය වර්ෂාපතනය මැන මැන ඉන්නේ නැතුව කාලගුණ දෙපාර්තමේන්තුවට කරන්න තියෙන්නේ නාසා එකේ වෙබ් සයිට් එකෙන් නොමිලේ දෙන කාලගුන වර්ථාව හොදට ස්ටඩි කරලා හැන්දෑවට ටීවි එකෙයි රේඩියෝ එකටයි දෙන එක...මගේ ෆෝන් එකට කොහෙන්දෝ මන්ද එන කාලගුන අප්ඩේට් එක , අපේ දේපාර්තමේන්තුව කියන එකට වඩා ටක්කෙටම හරි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්. අපරාදේ මුන්ට ගෙවන පඩි...

      Delete
    2. maaya,
      me article 1 man fb 1ke publish kala...
      umba comment 1th hondai kiyala hithena nisa man a'kath daanawa.
      this is my FB link - http://www.facebook.com/thilina.art?ref=tn_tnmn

      Delete
  5. ටිකක් කල්පනා කරල බලනකොට මේක මහ පුදුම රටක්, සතියකට සැරයක්, සතියක් තිස්සේ කතාකරන්න පුවතක් මවනවා,මෙන්න බලන්න හලාල් ගැන වාද කළා සතියයි, ලයිට් බිල ගැන වාද කරා, සතියෙන් ඉවරයි, චීවරධාරියෙක් ගිනි තියාගත්තා, සතියයි ඒකත් ඉවරයි, මෙන්න මේ විදියට කතාකල නොකල යුතු දේවල් ඉදිරියට ඇවිත් වැදගත්ම දේවල් මග හැර යන කාලයක් මේ.

    මේකත් එහෙමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පිටට පෙනෙන හැටි දැක්කම ඇතුළෙන් කියන අනාවැකි ගැන හිතාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාළේ ගියපු තැනම තමයි තාමත්....

      Delete
  6. කාළගුණේ කියපුවම මත මතක් වුණේ ඉස්සර ගියපු කන්දෙගෙදර කියන ටෙලියෙ හිටපු කාළගුණේ

    ReplyDelete
    Replies
    1. ඩයල් එක අනුරාධපුරේ නේද ...? එයාගේ අක්කයි අයියව නම් දන්නවා..අක්කගේ මහත්තයා නැති උනේ මීට අවුරුදු 17 විතර කළින්..අපි මළ ගෙදරත් ගියා..පලිඟු මැණිකේ එකේද මන්දා හිටියේ..

      Delete
    2. පලිඟු මැණිකේ නෙවි සහන් ඔය හැලපෙ අයියා කියනව වගේ කන්දෙගෙදර. (පළිඟු මැණිකෙ නම් යූ ටියුබ් එකේ තිබිල මුල කොටස් ටික මම මේ ළඟදිත් බැලුවා) අපි පොඩි කාලෙ ඕක ගියේ, මතක හැටියට අසූගනන්වල අන්තිම හෝ අනූ ගනන්වල මුල. මටත් ඒ කතාව යාන්තමින් මතකයි. ඒ මනුස්සය බැන්දෙ නැතුව අවසාන කාලෙ අසනීපවෙල හුඟක් අසරණවෙලා ඉද්දි සාත්තුකළේ එයාගෙ සහෝදරියො දෙන්නෙක්ද කොහෙද කියල පත්තරේ තියෙනව මම දැක්ක දැන් අවුරුද්දකට දෙකකට විතර කලින්. මම හිතන්නෙ ඊට පස්සෙ එයා නැතිවුනා.

      Delete
    3. අන්න හරි කන්දෙගෙදර..මට තාම මතකයි පොල් උලෙන් පොල් ලෙලි ගගහා කියව කියව ඉන්න හැටි කාලගුණේ.ඔව් එයාගේ අක්කල ළඟ තමයි හිටියේ..එයා නැති වෙලත් මන් හිතන්නේ අවුරුදුම 20 කට වැඩි .කාලගුනේගේ ලොකු අක්කගේ නම සුනේත්‍රා , පාසල් ගුරුවරියක් ..(එයාගේ මහත්තයා නැති උනේ දැන් අවුරුදු 17කට වගේ කළින්.ඔහු ඉහළ පොලිස් නිළධාරියෙක් .) තවමත් මට මුණගැසෙනවා ..දැන් සති දෙකකට කළින් මට හම්බුණා මළ ගෙදරකදී..( වෙන කාගෙවත් නෙවේ මගේ පළමු පෙම්වතියගේ මළ ගෙදරදී )

      හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ පැරණි ගෙදරත් තියෙන්නේ සුනේත්‍රා මහත්මියගේ ගෙවල් කිට්ටුවමයි..
      අපේ පුරේ ඇනෝ අවොත් තව කියයි විස්තර...

      Delete
    4. ඔව් සහන් අයියා..පොර මට මතක හැටියට හිටියෙ ගුවන්තොටුපලට චූට්ටක් මෙහා බැරියර් එක ගාව ගෙදරක. අන්තිම කාලෙ ඇස් පේන්නැතුව ගියා මනුස්සයගෙ.හරිම අහින්සක මනුස්සයෙක්. සහෝදරියෙක් ලග තමා හිටියෙ...මගෙ හිතේ අපි වෙන්න ඕන කන්දෙගෙදර බලපු බාලම පරම්පරාව.මැනිකෙ. ‍රෝහන බැද්දගේ එහෙම හිටිය කියල මතකයි.
      පprofil එකක් හදාගන්න කීවට කම්මැලිකම ඊට ලොකුයිනෙ බොස් ..
      = පුරේ කොලුවා =

      Delete
    5. ඔහු උන්නේ කන්දෙගෙදර ටෙලි නාට්ටියේ. කන්දෙගෙදර වැඩට. කොළඹින් එන අයට තමන්ගේ ඩාන්ස් එක පෙන්වන එක තමයි ළොකුම දේ. මේ වගේ මිනිස්සු එදා අපේ ගම්වල ඕනා තරම් උන්නා. ඔහුගේ නම ගුණරත්න රංහොටී. හොඳ චරිතයක් කලාම ඒක කවදත් පවතිනවා කියන එකට හොඳම සාක්කියක් "කාළගුණේ". ඒකේ මැණිකේ අත්තනායක උන්නේ නෑ. රෝහණ බැද්දගේ සහ රම්‍යා වනිගසේකර මහ ජෝඩුව, ළොකු පුතා ජයලත් මනෝරත්න, උගත්, ඛොළඹින් බඳින්නේ , බඳින්නේ වීනා ජයකොඩි, දෙවනිය දුව, කුමාරි පෙරේරා, බඳින්නේ සීමන් කෙනෙක් ශ්‍රියන්ත මෙන්ඩිස්, ඌගේ තාත්තා සිරිල් වික්‍රමගේ, පට්ටම චරිතයක්. බාල පුතා ජැක්සන් ඇන්තනී, බඳින්නේ සුසන්තා චන්ද්‍රමාලි.. මැරෙනකම් අමතක නොවන කතා..

      Delete
    6. ජැකා නේද ගමේ නතර වෙන ළමයා අන්තිමට..? ඔරුවක් පැදන් ගිහින් නෙලුම් මල් කඩන සීන් ටික තිබ්බේ ඕකෙ නේද මාතලන්..?සිරිල් වික්‍රමගේ නම් මතකයි, නොම්බර එකේ කාක්කෙක්ට හිටියේ..මේවා තාමත් මතක හැටි හිතද්දීත් පුදුමයි..දැනට අඩුම 20 කට එහා නෙව...

      Delete
    7. අනේ ඒ අහිංසක මනුස්සයට කාලගුනේ කියන්න එපා.ගුනරත්න රන්හොටි කියන්නෙ එයා.ඇක්සිඩන්ට් එකක් වෙලා ඔත්පල වෙලා ඉඳල මැරුන බව මම අහල තියනව.

      Delete
    8. සමාවන්න මාතලන් ඔබ හරි ,මැනිකෙ නෙමේ ර්ම්‍යා වනිගසේකර හිටියේ.
      = පුරේ=

      Delete
    9. http://lkvideos.com/view/748/kande-gedara-teledrama-part-1/

      Delete
    10. ඇත්තමයි දැනුත් ඒ කතා බලන්න ආසයි..!
      මාතලන් ඔය දීල තියෙන්නෙ අ‍ටුවා ටීකා එක්කම. මොකටද කාලගුන වාර්තා ගැන කතා..කාලගුනේ ඊට හොඳා..!

      Delete
    11. ඇයි ග්රී ස් පියා? :)

      Delete
  7. මං හිතං හිටියේ ඔය කාලගුණ වාර්තාව රෙකෝඩ් කරලා දාන එකක් කියලා.. මොකෝ හැමදාම කියන්නේ එකම ටිකනේ ටීවී එකේ... ඇත්තටම ඕකේ කියන ඒවා ගැන කවුරුවත්ම ගනං ගන්නේ නෑ කියලා හිතුවේ.... අපේ කාලගුණ දෙපාර්තමේන්තුව කියන ඒවා හැමදාම වැරදියි කියන එක අද ඊයේ දැනගත්ත එකක්යැ...

    ReplyDelete
    Replies
    1. හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..
      හි..හි..

      Delete
    2. කෙනජි මෙතෙන්ටත් වරෝ

      Delete
    3. මෙතනට එන්නේ කෙන්ජි නෙමෙයි මචං
      නලින් එන්නේ.!

      Delete
    4. දිනමිණ පත්තරෙයි රෝස මලකුයි අරගෙන එන්නේ මම.

      මම
      අහවල් එක වටේ යන අහවලා.

      Delete
    5. ධීවරයෝ මුහුදු යන්නේ මේ කළගුණ රිපෝට් එක අහලා... හැබයි උන්ගෙත් වැරදි තියෙනවා. ලයිෆ් ජැකට් පාවිච්චි නොකරන එක..

      Delete
  8. අවන්තගේ කාටූන් එක නම් කියලා වැඩක් නැත . ඒතරමට පට්ටය. මටනම් ඔය කාලගුනේ කියනදේ සෑහෙන්න තදින් විස්වාසකරනබව නොකියාම බැරිය. බැරිවෙලාවත් වහිනවා කියුවොත් මම අනිවාර්‍යයෙන්ම කුඩේ නොගෙනියනබව මා ගැන දන්නා අදුනන අයනම් දනිති.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි ඊයේ මහා හුළඟක් එනවා කිව්වේ. කොලයක් හෙළවුනේ නෑ ඊයේ...

      Delete
  9. මුන් කරන්නෙ ඉන්දියාවේ වෙදර් ෆෝකාස්ට් එක බලාගෙන ලංකාවෙ එක විදිහට කියන එක බං..

    මේකට කියන්නේ “හුලං බකනවා“ කියාල. බලාගෙන කරන නිසාම :))

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් කොහේ හරි කුණුහබ්බයක් අතාරින්න තියෙනවා නම් උබට කන්න ඕනත් නෑ නේ.
      හා කෝ හා කෝ

      Delete
    2. එහෙම කියන්නේ නෑ. ඒ මුන්ගේ මහන්තත්තේ නිසා. එහෙම කිව්වා නම් මේ දේවල් වෙන්නේ නෑ. අපේ එක ඇර හැමතැනින්ම කියලා තියෙනවා සැර සුළඟක් එනවා කියලා...

      Delete
  10. මාතලන් කාලගුණ දෙපාර්තමේන්තුවට බැනල වැඩක් නැහැ.දැන් ඔකේ ඉතිරි වෙලා ඉන්නේ වෙන යමක් කර ගන්න විදියක් නැති උදවිය.හොද උදවිය හිටියා.හැමෝම පිට රටවල්වල.දැන් නැහැ.ඔකේ ඉන්න අයට බැනල වැඩක් නැහැ.අඩුම ගානේ "අපිට බනින්න එපා යකුනේ මේකයි ඇත්ත තත්වේ" කියන්නවත් එකෙක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඊයෙ නම් දෙරණෙදි කිව්වා. මුකුත් නෑ. නිකං හිතලා කියන්නේ කියලා. අපරාදේ මටත් එතන ජොබ් එකක් ගන්න තිබුනා...

      Delete
    2. http://lankacnews.com/sinhala/news/95604/

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මහින්ද මහත්තයට දැන් තියෙන්නේ ඔය භූත බංගලාවේ ඉන්න කඩමාලු ටික ඉස්පිරිතාලවල පිස්පෝච්ච අස්කරන්ඩ දාලා, චන්ද වැඩවලට උදව් කරපු ඉංගිරිසි ටිකක් කියවාගන්ඩ පුළුවන් මැදමුලනේ කෙල්ලෝ කොල්ලෝ හතරපස්දෙනෙක් වැඩට ගන්ඩ ඔය දෙපාර්තමේන්තුවට

    නැ නැ යකුනේ කාලගුණ වාර්ථා හදන්ඩ පර්යේෂණ කරන්ඩ නිරීක්ෂන කරන්ඩ නෙමෙයි,

    ඉන්ටර්නෙට් එකෙන් කොපිකරලා වාර්තාවක් හදලා අලවාහිණියටයි පචවාහිණියටයි දෙන්ඩ

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සුදුසු කම් තියන ඇයින්ට සංස්ථා සභාපතිකම් වගේ ඒවා මිසක් ඔඅය වගේ පොඩි තනතුරු දෙන්නේ නෑ , ඕනි නම් රැකියා විරහිත උපාධි ධාරියෙක් වගේ එකෙක්ව දායි

      Delete
    2. රැකියා විරහිත උපාධිදාරින්ට ඉංග්‍රීසී තියා සිංහලත් බෑ නේ. උන් දන්නේ ඉතිහාසෙයි කළාවයි විතරයි. ඒත් තාලයට සින්දුවක් වත් කියා ගන්න බෑ...

      Delete
  13. හෙට අනිද්ද හාමුදුරුවො ටිකක් සිව්රු උස්සගෙන කියයි එකත් ගෝඨා ට භාර ගන්න කියල.

    ReplyDelete
    Replies
    1. හුලං පාර සුදු වැන් එකක යවන්ට වෙන්න ඇති :P

      Delete
    2. බුවාට හුලං බොකයි වගේ... හී..හා..හූ...

      Delete
    3. මේ ළඟදී හුලන් බකා ගත්තා පෝලිමට බුවා ඇතළු පඬියෝ සෙට් එක ....දැක්කයින් දැක්කේ නැහැ එහෙම එකක්....

      Delete
    4. අංකල් කෙනජි, මාතලං හුලං බොකනවාද?

      Delete
    5. බොලං පොඩි බුවා ටිකක් හිටපන්
      බුලත්විට කන්න නොවේ
      ලිඳ ලන්ද දිගේ කෙනජි ජපන් ඇවිදින්
      බොලන්......... පොඩි බුවා ටිකක් හිටපන්.

      Delete
    6. කොහොමත් එහෙම දෙන්න වෙන සයිස් එකක් තමයි තියෙන්නේ..

      Delete
  14. ඇමතිල,නියෝජ්‍ය ඇමතිල පදුරු ගානෙ,ආයතන එකසිය ගානට,ඔය ආයතන එකකින් වත් හරියට යමක් වෙනවද?
    මොනව හරි දෙයක් වුන ගමන් ලොක්ක මැදිහත් වෙන්නෙ නැතිව විසදන්න බැහැ.
    ඉස්සර ගෝනවල සුනිල්ල,සොත්ති උපාලිල කරපු ඒවා කාකි සූට් කාරයො කරන රටේ මොන කතා ද රත්තරනේ.

    ReplyDelete
    Replies
    1. ඔය මහත්තෙයා ජපානේ ඉදන් ලංකාව ගැන නැවු ටෝක් දෙන්න නම් හොඳට දන්නවා නේ..
      ලංකාවේ බයියන්ට ඔය ටිකත් මදෑ එදා දවස ගෙවා ගන්න.
      ටැංකුයි කෙන්ජි මහත්තයෝ.

      Delete
    2. ඇමතියා හිතාගෙන ඉන්නේ. ඒ අමාත්‍යශය තියෙන්නේ බත් පැකට් දෙන්න කියලා.. මාතර බත් කඩේ මුදලාලි ඇමති කරානම් හරි.. අනේ මෙහෙම ගොන්නු...

      Delete
  15. සමාවෙන්න මං ටිකක් දුර යනවා....

    ජීවිතයට බලාපොරොත්තුවක් දුන් අධ්‍යාපනය විනාශ මුඛයට හැමෝම එකතුව රැගෙන යමින් තිබේ.
    රටේ පුරවැසියන්ගේ ආරක්ශාවට සිටිනා දෙපාර්තමේන්තු පුරවැසියන් වද බන්ධනයට ලක් කරමින් හා මරු මුවට පත්කරමින් ඇත.
    රටේ නීතිය ව්‍යවස්තාව රැකි අධිකරණයේ ප්‍රධානියාව හූ කියා එලවා දැමූහ.
    සාධාරණයේ ඉශ්ඨ දේවතාවෝ පූජා වට්ටියේ පඬුරු පාල්කුඩම් වලට යට වෙත්
    ආණ්ඩුව රැකි ගොඩ නැගූ 'මල්ලිලාව' බල්ලෝ වගේ පාරේ මරාදමත්
    රට ගොඩ ගන්නා මැද පෙරදිග නංගිලා මල්ලිලා කෑලි කෑලි වලට කපා පෙට්ටිවලින් ගෙදර එත්
    රටේ වටිනා ලියකියවිලි තැන්පත් කර ඇති කච්චේරි, කටුගෙවල් කඩා දමමින් හා වරාය ගුදම්, ගිනි තබමින් ඇත.
    පෞරාණික වස්තු මංකොල්ල කමින් ඇත.
    රටේ අනාදිමත් කාලයක සිටි ගොඩ නැගු වටිනාකම් ශිශ්ඨකම් එකතුව තිබූ සංඝ සාසනය විනාශ වී බොහෝ කල්.
    රටවල් දෙකක් විසින් අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුම අවලංගු කර රට හැබෑටම බෙදන්න හදන මේ රජයේ අවසානය ඉක්මන් කරනා හෙළ කරුමක්කාරයෝ, මේ රට ගිනි තියනු හැර වෙන යමක් නොදන්නා කරුමක්කාරයින්
    නිදහස ලබා ගතවූ අවුරුදු 65 ඇතුලත මහ කැරලි දෙකයි, අවුරුදු 30 යුද්ධයයි,
    යකඩ ගිනි ගනිමින් ඇත,
    කාලගුණය වැනි පුලුන් ගැන කියනු කුමටද?

    නායකයිනි, සවන්දෙන්න
    මේ ඔබගේ කාලයයි!

    ජනතාව විරසක කර
    තාර පාරවල් දැමුවාට
    ජනතාව විරසක කර
    බිල්ඩින් හැදුවාට
    ජනතාව විරසක කර
    තෝසෙ දන් සැල් දුන්නාට
    කැඩුනු සිත් යා කරන පාලම් තැනුවාද?

    සාමයේ මල් පොහොට්ටු
    පිපෙන්න පෙරම
    තලා නොදමන්න
    අපට හෙට දිනේ අවදිවන්න
    බලාපොරොත්තුවක් දෙනු මැන!

    http://www.divaina.com/2013/06/11/feature01.html

    ReplyDelete
    Replies
    1. හැම එකකම වරද රජයටම පවරන්න බෑ දයල්. මේවා ඔල මොට්ටල නිළධාරින්ගේ වැරදි. ඒත් උන්ට විරුද්ධව පියවර නොගැනීම ගැන නම් රජය අනිවාර්යයෙන් වග කියන්න ඕන. මුන් රස්සාවෙන් වහාම අයින් කරන්න ඕන.

      Delete
  16. බොරුවට කියවල වැඩක් නෑ බං.. හදාගන්න උවමනාවක් නැත්නං. මේ හැම සිද්ධියත් එක්කම බැලුවම වඩාත් සාර්තක අර ආටිගලගේ කාටුන් එක තමා. ඒක පට්ට

    ReplyDelete
    Replies
    1. දාපල්ලකෝ අපිටත් බලන්න ඕව...

      Delete
    2. අපි කියවන දේවලුත් වැඩ කරපු අවස්ථා තියෙනවා බන්..

      Delete
  17. කියන්න දෙයක් නැහැ. මේ කාළකන්නි ගැන ආයිත් කතා කරන්න වුනාට බොහොම දුකයි. සුනාමි වෙලේ ඕකෙ හිටිය ලොක්කෙක් (ජයට සිංහයෙක් ) එක්ක දිනක් මම වාද වුනා. ඒ වෙලේ මගේ සුලු ප්‍රශ්න වලට පිළිතුරු නැති වුණු මේ මනුස්සයා " ජනතාවට තේරෙන් නැහැ අපිට තියන ප්‍රශ්න" කියලා මඟ හැරියා. එවලෙත් මම එයාට කිව්වා මහත්තයෝ කවද හරි දිනක ඔයාල ආයි ඕකම කියනවා කියලා. ඒකම වුනා. අර කාලකන්නි යුද්දෙන් පස්සෙ එකම තැනක එක පාරටම අනපේක්ෂිත විදියට වැඩිම ගණනක් මිය ගියා. දැන්වත් හොයපල්ල මිනිසුනේ මේ මිය යන්නෙ මිනිස්සු. අනාථ වෙන්නෙ අහිංසක දරු පවුල්. මේවට වගකිව යුත්තන්ට දඩුවම් දීම කෙසේ වෙතත් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න. අර රක්ෂණයක් ද මොකක් ද තියනවා ඒකෙන්වත් යමක් කරන්න.
    ඔය කාළගුනේ ඉන්න නුහුගුණ කාරයන්ව යවලා ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එක පරිවර්ථනය කරන්න අපේ කොල්ලො දෙතුන් දෙනෙක් ඉක්මනින්ම දමන්න. සල්ලිත් ඉතුරුයි. ජීවිතත් බේරෙයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි... මාතලන්..
      ඉන්න තැනකින් ඉස්සරහට ඇවිත් මේ කමෙන්ට් එකට රිප්ලයි කමෙන්ට් දාන්න.

      Delete
    2. අනිවාර්යයෙන්. මෙතන ඊට වඩා ආර්ථික වටිනාකමක් තියෙනවා.. ගෙවීමක් කලත් මීට වඩා ලාබයි ඒ දේ..

      Delete
  18. ඔබ කියල තිබෙන විදියට අමන වීරය හිතන් ඉන්නෙ ඒකට අයිති ගංවතුරක් ගැලුවම මලක් ගහන් ගිහින් බත් පැකට් බෙදන එකට කියල.
    මෙවුන් ජනතාවගෙ මුදල් වියදම් කර කර වැඩමුළු වලට කියල අවුරුදු පතා පිට රටවල යනව.අඩු ගානේ තම තමන්ට අදාල විෂයයන් ඒ දියුනු රට වල ක්‍රියාත්මක වන්නෙ කොහොමද කියල වත් බලනවද?
    අරන් යන නිලි බඩුවලට නෙලල සැප අරන් එනව මිසක්ක.තුක් නොදකින් පර හැත්ත.

    ReplyDelete
    Replies
    1. මුන් ඔක්කෝටම රට පාලණය කරනවට වඩා මඳන කුලප්පුව ඉහට ගහලා තියෙන්නේ. ඒක නම් සහතික ඇත්ත...

      Delete
  19. මේකට සමාව ගන්නෙ නැද්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බොලං පොඩි මල්ලි ටිකක් හිටපන්
      බුලත්විට කන්න නොවේ
      ලිඳ ලන්ද දිගේ කෙනජි ජපන් ඇවිදින්
      බොලන්......... පොඩි මල්ලි ටිකක් හිටපන්.

      Delete
    2. නෑ මහසෙන් මැරිලා නෑනේ... එහම උනා නම් සමාව ගනියි. මැරිලා තියෙන්නේ. ඇන්ටනීලා, ගුණපාලලනේ...

      Delete
  20. මේ දෙපාර්තමේන්තුවට එච්චර වියදම් කරන්න ඕනෙ නෑ බං. කොම්පියුටරේකුයි, ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි ටීවී එකකට කේබල් කනෙක්ෂන් එකකුයි තව ඕනෙ නම් ස්මාට් ෆෝන් එකකුයිඅරන් දුන්නා නම් නිවැරදි අනාවැකි දෙන්න පුලුවන් පට් පට් ගාලා.

    ReplyDelete
    Replies
    1. මට ගානක් ගෙවනවා නම්. මම කරනවා වැඩේ මල් හතට...

      Delete
    2. කීයද බං උබෙ ගාන

      Delete
  21. මම අහල තියෙන විදියට සුනාමිය එනකොටත් පැසිපික් වෝනිං සෙන්ටර් එකෙන් ලංකාවට අනතුරු ඇඟෙව්ව. ඒත් ඒක ගනංගත්ත එකෙක් ඔය නුහුගුණේ හිටියෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ඔක උනේ මෙහෙමයි, ඔය මෙසේජ් එක ඇවිල්ල තියෙන්නේ මේ විදිහට
      "Tsunami coming to Sri Lanka"
      මේක දැකපු එකා ගිහින් ලොක්කට කියලා තියෙනවා "සර් T සුනාමි කියලා කෙනෙක් ලංකාවට එනවා කියලා මැසේජ් එකක් අවා" කියලා
      ලොක්ක මේක ඇමතිට කිවා.
      ඇමතියා ප්‍රොටෝකෝල් ලෑස්ති කරලා යවලා තියෙනවා එයාර් පොර්ට් එකට.

      ඔයා කොහොමද කියන්නේ අපේ කට්ටිය එක ගණන් ගත්තේ නැහැ කියලා.

      Delete
    2. ඒ උනාට ටී සුනාමි ආවෙ එයාපෝට් එකට නෙමෙයිනෙ. :D

      Delete
    3. උඹ හරි. ඒකයි මම මුලින්ම කිව්වේ. මුන් සුනාමී කියන දේ දැනගෙන උන්නේ නෑ... කාළගුණේට නෙමෙයි දුම්‍රිය දෙපාර්තමේන්තුවටත් තොරතුරු ලැබිලා තියෙනවා...

      Delete
  22. අනේ මන්දන්නේ නැහැ මේ මාතලන් අද හොඳටම වරද්දාගෙන. ඔය කාලගුණේ මහත්තුරු කොරපු වරදක් නැත. මේ වරද කාලගුණ මහත්තුරු කියන දේ ගැන තේරුමක් නැති ධීවරයන්ගේ. ඔන්න පොඩ්ඩක් බලන්නකෝ.

    මේ මහත්තුරු එදා ඔය වගේ සුළඟක්, වැස්සක් එන බව කිවේ නැත. එහි තේරුම එවැනි දැඩි සුලන් සන වර්ෂාවන් පැමිණෙන බවය. මේ කොටස බලන්න
    //අද ගිනි රස්නෙට පායද්දි අද වහිනවායයි කීවේය. //

    එකත් හරි වහිනවා කිවේ පායනවා කියන එකටය. අපේ කාලගුණ මහත්තුරු ඕවා කියන්නේ ව්‍යන්ගයෙන්ය, එහෙම නැතිව වැරදියට නෙවේය. ඒ මහත්තුරු කියන දේ කණපිට පෙරලා තෝරාගැනීමට තරම් අපේ ජහමනයා දස්ස විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි බලද්දි... මොකටද නිකම් ධීවරයෝ කලබොල කරන්නෙ. ඒකනේ......

      Delete
    2. ජීවිත 70ක් කියන්නේ මුන්ට අද විහිළුවක් වෙලා. ඒ තරම් කාළකන්නි ඇමතිවරු. එකිනෙකාට බෝලේ පාස් කරනවා. ධීවර ඇමතියා හොයාගන්නත් නෑ. මුන් ඇත්තට ඇමතිවරුද...?

      Delete
    3. // ධීවර ඇමතියා හොයාගන්නත් නෑ.//

      ඒ මොකද මෙකාවත් කුණාටුවට අහුවෙලා ගහගෙන ගිහින්ද? අපේ කරුමෙට එහෙම දෙයක්වත් වෙන්නේ නැහැනේ මුන්ට.

      Delete
  23. සංවර්ධනය කියන වචනය වරදවා වටහා ගැනීමත් සංවර්ධනයේ දර්ශක පිලිබඳ අවබෝධයක් නොමැතිවීමත් නිසා කාලගුණය පිළිඹඳ කොතරම් සැලකිලිමත් විය යුතුද යන්න ගැන අපේ නිල හා බල ධාරීනට වැටහීමක් නැත.සංවර්ධිත රටවල ඇතිවන සමහ ස්වභාවික ආපදා මේ වගේ හය හත් ගුණයක් විශාල වූවත් අපට සිදුවන ජීවිත හානිය මෙන් සියයට එකකවත් හානියක් ඔවුන්ට සිදු නොවන්නේ ඒකය.අතීතයේ කාලගුණ අනාවැකි පිලිබඳ එතරම් වැදගත් කමක් අපට නොදැනුනේ සමාජය හා එහි අවශ්‍යතා මෙතරම් සංකීර්ණ නොවුණු නිසාය.එසේම පරිසරය පිළිබඳව සවිඥ්ඥානික වූ අතීත මිනිසාට කාලගුණය ගැන පිටස්තරයෙකු විසින් කරන විග්‍රහයන් අවශ්‍ය නොවීය. නමුත් අද වනවිට පරිසරයෙන් පමණක් නොව සමාජීය වශයෙන්ද හුදකලා වූ (දියුණු) මිනිසාට ,(දියුණු)සමාජයට කාලගුණය පිලිබඳ නිවැරදි විස්තර දැනගැනීමට වෙනත් උපකාර අවශ්‍ය විය. (කාලගුණ අනාවැකි නොතිබූ අවධියේ අපේ පැරැන්නන් වැස්ස බලා ගොවිතැන් කර රට සහලින් ස්වයංපෝෂිත කරවූහ, මුහුදු ගියහ, හේන් ගොවිතැන් කළහ, අද සියල්ල දියුණු වී ගොවිතැන් ගංවතුරට ගහගෙනයි, මුහුදු ගොස් ජීවිත නැතිවේ..........)'
    නිවැරදි කාලගුණ අනාවැකි කීම විශ්වකර්ම වැඩක නොවේ,ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගන්නට උපකරණ ලබාගන්නට ජාතික ආදායමෙන් 80% ක් වැය නොවේ,මේවැනි කාර්යයන් සඳහා අත දීමට උපකාර කිරීමට ඒ තාක්ෂනය ඇති ආයතන හා රටවල් කිසිවිටකත් පසුබට නොවේ,ප්‍රශ්නය ඇත්තේ ඒ සඳහා කොමිස් ගැනීමට හා ගසා කෑමට ඇති ඉඩකඩ ඉතා අල්ප වීමයි. ඉතිං දේශපාලන බලාධිකාරය ඒ සඳහා උනන්දු නොවීම පුදුමයක් නොවේ. එසේම ආපදාවක් අතිවූ විට බෙදා දෙන බත් පාර්සලයේත් ඇමතිගේ නම ගසා ප්‍රචාරණ වාසි ලබාගන්නටත් ,ඔන්න උඹලාට කෙලවුණු වෙලාවේ අපි තමයි කොරේ කියා චන්දයට ලකුණු දමාගන්නටත් හැකි වීම මේ දෙස්පලුවන්ට අමතර වාසියකි, විපස්සේ උදවියටත් ආණ්ඩුවට බැනීමට ඇති හොඳම අවස්තාවක් නැතිකර ගැනීමට අවශ්‍ය නැත.
    ඉතිං අපේ රටේ මේ ක්‍රමය පවතින තාක් කල් කාලගුණේ අනාවැකි ඔහොමය. මෙය සමස්ත ක්‍රමයේ වරද නැවත පෙන්වාදීමක් මිස කාලගුණේ තනියෙන් කල වරදක් නොව යන්න මගේ හැගීමයි,

    ReplyDelete
    Replies
    1. මේවා සමස්ත ක්‍රමයට දාලා කතා කරාම බොහොම ලේසියි. රනිල්ලා උනත් ගුටිකන්නේ ඒකයි. එයාලා කියන්නෙත් මහින්ද රාජපක්ෂ වැරදියි කියලනේ. ඕකනේ සරළ උත්තරය. නමුත් නමට හරි ඇමතිවරු පත් කරලා ඉන්නේ. එතකොට උන්ට තියෙන වරප්‍රසාද සියල්ල එහෙමම තියෙනවා. වෙන්කරන මුදලුත් නිසි ලෙස ලැබෙනවා. නමුත් එක එකා සනසන්න ඇමතිකම් දීලා වැඩක් නෑ. ඇමතිකම් දෙන්න ඕන වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට. හොඳම උදාහරණය. ප්‍රේමදාස මහත්තයා. ආන්ඩුවෙන් කැපිල්ල තියෙද්දිත්. හැමෝම මඩ වලක් ගොඩකරගෙන දන්ගලන පිස්සෙක් කියද්දිත්. මාලිගාවතේ මහල් නිවාස හදලා. මුළු ළෝකෙටම නිවාස වර්ෂයක් දෙන්න තරම් සමත් උනා. එතකොට එතන තියෙන්නේ. ක්‍රමයට විරුද්ධව ගමන් කිරීම. අද අවශ්‍ය ඒ වගේ මිනිස්සු මිසක්. ටෙලි නාටී නිලියොත් එක්ක සංසර්ගයේ යෙදන ඇමතිවරු නෙමෙයි.

      Delete
  24. මේකට මේ කාළගුනේටම බැනලා හරි යන්නෙත් නැ.මොකෝ උන්ට තියෙන සීමිත සම්පත් වලින් තමයි නේ උන් අපිට තොරතුරු දෙන්නේ.කෝටි ගණන් මුදල් වියදම් කරලා අර ගුවන්යනා ගෙන්වන එකේ මේවට උවමනා කරන උපකරණ ගෙන්නුවනම් මොකෝ වෙන්නේ.අර උඩ යවපු සැටලයිට් එකෙන් තොරතුරු එනකන්වත්...

    ReplyDelete
    Replies
    1. මනොජ් ඔය කරුණ ඇත්ත. නමුත් ඇමරිකාව එහෙමත් නැත්නම් ඉන්දියාව නොමිලේ දෙන තොරතුරු ටික ධීවර ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කරන්න අවශ්‍ය ධීවර ගුවන් විදුලි ෆ්‍රීකුවන්සි එකකුත් තියනවනේ. ඇයි මේ ....?මේක තනිකර අසමත්භාවය. නැතුව නවීකරණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. මේකෙ තව පැත්තක් තියනවා. වි. වි. සම්බන්ධ නිසා මම ඒ ගැන හොදින් දන්නවා. නමුත් මට ඒ ගැන කතා කරන්න බැහැ මෙහෙම ප්‍රසිද්ධියේ.

      අදාල ආයතන නියමිත් විදියට සම්බන්ධීකරනය නොවීමත් ප්‍රශ්නයක්.

      මේ හැමදේම දන්න මේවා ගැන හොද උගතෙක් තමයි අපේ ඕනයා. ඕනයාගේ කමෙන්ට් එකක් තිබ්බ නම් නියමයි.

      Delete
    2. කාළගුනේට වගේම වගකීමක් තියෙනවා අමත්‍යන්ශයට ධිවරයන්ට අඩුවශයෙන් ආරක්ෂක කබා දෙන්නවත් ක්‍රියා කරනවනම්.
      හැමදාම මුන් කරන්නේ බොලේ අරයට,මෙයට පාස් කරන එකයි.

      Delete
    3. දැන් මොනවද ඔය මහ ලොකු වී.වී. සම්බන්ධ .... ඇයි ඔයා හෙන පොරද කතා කරන්න බැරි ප්‍රසිද්ධියේ .... හරක් වෙද්දුන්ට ගිය කලක් .... හපුච්චියේ සංසාරේ ....

      Delete
    4. සුළන් අස්සෙ හරකෙක් තප්පුලනවා වගේ.

      Delete
    5. සහන් උබේ පොස්ට් එක කියෙව්වා.උබේ තවත් පොස්ට් කියවන්න තියෙනවා බන් හිමිහිට කියවාගෙන එන්නම්කෝ...

      Delete
    6. එවා බයිලා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් තියෙන එක කොම්පියුටරයයි අවශ්‍ය. කරණ එකෙකුට නම් ඒ හොඳටම ඇති.

      Delete
  25. කාළගුණෙන් ලංකාවෙ භාගයක් මළත් ඔය හොරිකඩ ඇමතියො/උන්ගෙ හෙන්චයියො එකෙක් ඉල්ලා අස්වෙන්නෙ නෑ මෙන්න කැට.....

    ReplyDelete
    Replies
    1. තත්ත්වය හුගක්ම බරපත නම් ඕන්නම් ඉල්ලා අස්වෙන්නත් පුළුවන්. දවසකට දෙකකට පස්සෙ රස්නෙ අඩු උනාම පාක්‍ෂිකයො දෙතුන් දෙනෙක් හිටපු ඇමතිගෙ ගෙදර වහලෙට නග්ගල පොඩි උපවාස ෂෝ එකක් කරනවා වහාම ඇමතිකම භාර ගන්න කියල. හිටපු ඇමතිත් ජනතා කැමැත්තට හිස නමල ආයෙ දුවනව දිව්රුම් දෙන්න. ජනාධිපතිත් කිසි ලැජ්ජාවක් නැතුව ඊයෙ පෙරෙයිද අස්වෙච්ච එකාට ආයත් ෆයිල් එක දෙනව හිනාවෙල. ඉතිං හිටපු ඇමති ආයිත් ඇමති වෙනව. බලන්න කොච්චර ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක්ද කියල.

      Delete
    2. //ජනාධිපතිත් කිසි ලැජ්ජාවක් නැතුව ඊයෙ පෙරෙයිද අස්වෙච්ච එකාට ආයත් ෆයිල් එක දෙනව හිනාවෙල.//

      එහෙම කියන්න එපා ඒක ජනතා කැමැත්තට හිස නැමීම නේ.

      Delete
    3. ඉල්ලලම අස්වෙයි. ධීවර ඇමතියා රටෙත් නෑ. වෙන උන් නම් අම්මගෙ මළගේ උනත් දමලා ගහලා එනවා. ඕන් අපේ ඇමතිවරු...

      Delete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. මුං අනාවැකි කියන්නේ දෙයක් වුනාට පස්සේ. සුළං ඇවිත් කීපදෙනෙක් නැතිවුනාට පස්සෙන්දාට කියනවා... ඉදිරි දින දෙක මුහුදු යෑමෙන් වලකින්න කියලා... ඇත්තටම දැන් තියෙන කාලගුණ දෙපාර්තමේන්තුවෙන් වෙන්න ඕනේ දේ වෙනවද නැද්ද කියලා හොයලා බලන්න එකෙක් නැති හැටි.

    කොහෙ හරි යන කොට මහින්දට හෙනයක් වැදුන දාට තමා කාලගුනේ වහන්නන වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අවකැපෙන කතා කියන්න එපා මාළුවො. උස්සනව ටැංකියත් එක්කම, අරී...........

      Delete
    2. මහින්ද අමනවීර වෙන්නෑ මාළු පැටියා කියන්නේ...

      Delete
  28. දැන් ජනාධිපතිතුමා වාර්තාවක් ඉල්ලලා තියෙනවානේ. ඉතින් එතුමා ඔය වාර්තාව අධ්‍යනය කරලා සිදුවෙලා තියෙන වැරදි, විෂමතා හැම එකක්ම නිවරදි කරන්න අවශ්‍ය කටයුතු සහ ක්‍රියාමාර්ග ගනීවී. මේ වතාවෙ ලොකු විපතක් සිදු වුණත් ආයෙත් මෙහෙම දේවල් නොවෙන්න අවශ්‍ය වැඩපිළිවෙලක් මහින්ද මහත්තයා නිසා අපට ලැබෙන බව නම් ඒකාන්තයි.

    ReplyDelete
    Replies
    1. හැබෑටම. එහෙනම් ගිහින් ඊලඟ පෝස්ට් එක දාපුවාම වරෙන්.

      Delete
    2. ඒ වගේ වාර්ථා නම් හැට හුටාමාරක් ඉල්ලලා තියෙනවා නේ. ඒත් ගත්ත පියවරක් නෑ. මුන් ගෙදර නෙමෙයි යවන්න ඕන මහ උළු ගෙදර. ඇත්ත වශයෙන්ම කියනවා නම් මුන් මිනීමරුවෝ.. 70 දෙනෙක් පැය ගානක් ඇතුලත මරලා දාපු....

      Delete
  29. කියන්න තියෙන දේවල් ඔක්කොම උඩින් කියලානේ

    ReplyDelete
    Replies
    1. ටූ ලේට් ඩ්‍රැකියුලා

      Delete
    2. අන්න ඩ්‍රැකී උබටත් මට හිතුන දේම හිතිලා.

      Delete
  30. අපි කවදාවත් පාඩමක් ඉගෙනගන්න ජාතියක් නෙවේ...අනික අපේ රටේ බොහෝ දෙනා හිතන්නේ අපි සියල්ල දත් ජාතියක්, අපි කාටවත් සෙකන්ඩ් වෙන්නෑ කියලා. අනික වැරැද්ද වැරැද්දක් හැටියට දකින්නවත් වැරැද්ද පිළිගන්න කැමති ජාතියකුත් නෙවේයිනෙ.
    ඔය පළවෙනි සිද්ධියවත් අවසාන සිද්ධියවත් නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. ඒ උනාට කාළගුණේ එකානම් හරකෙක් කියලා ඔප්පු කළා ඊයේ දෙරණ සංවාදෙදි...

      Delete
  31. මම කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුවෙ ඉන්ටවීව් ගියේ දැන් අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා. ගැසට් එකේ තිබුනු විභාගෙ පාස් වෙලා අවුරුදු ගානකට පස්සෙ තමයි ඉන්ටවීව් එකට කතා කරල තිබුනෙ. 15ක් විතර විද්‍යා උපාධි කාරයො ඇවිත් හිටියා. මම හිතන විදියට අවු 4ක භෞතික විද්‍යා විශේෂ උපාධියක් පංති සාමාර්ථයක් සහිතව පාස් වෙලා හිටියෙ මම විතරයි. ඔය පොටෝ එකේ ඉන්න කෙනත් ඉන්ටවීව් පැනල් එකේ හිටියා. උන් මගේ පරිඝනක සහතික බැලුවෙ නලල ‍රැලි කරගෙන. මට 100%ක් ෂුවර් ඇමති කෙනෙක්ගෙ ලියුමක් අරන් ආපු සුදුසුකම් අඩු කෙනෙක් ඒ පු‍ටුවට යන්න ඇති. කාලගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව කියන්නෙ ලාභ ලබන ආයතනයක් නෙවෙයිනෙ. ඉතින් උන්ට පඩි ගෙවන්නෙත් අපේ බදු සල්ලි වලින් තමයි... ඔන්න ඔහොමයි ලංකාවෙ වැඩ සිද්ධවෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මම මෙතැන නොකියනව කියපු කාරණේ මේක. මේ ආයතනවල නියම සුදුස්සන් හිටිද්දි වෙනත් අයයි බඳවා ගන්නෙ. ඒකයි මෙහෙම වන්න මුල. උඩම ඉන්නෙත් එහෙම කට්ටියක්. තැනට සුදුසු නැහැ මුං එකෙක්වත්. පේනවනේ වෙලා තියන දේ. භෞතික විද්‍යාව කළ අය පමණයි ඔතැනට සුදුසු. ඒකෙ දෙකක් නැහැ.

      Delete
    2. සුදුස්සාට සුදුසු තැන රටේ නැති බවට මේක එක උපහැරණයක් විතරයි.
      ජාතිය,කුලය,ආගම,දේශපාලනය නොබලා සුදුස්සාට සුදුසු තැන දෙනවනම් රට තියෙන්නේ මේතැන නෙමේ...

      Delete
    3. ඔබ හරියටම හරි. මේ මූසලයට සබ්ජෙක්ට් එක ගැන සහ නවීන උපකරන ගැන මෙළෝ හසරක නොදන්න බූරුවෙක් බව හොඳටම ඔප්පු කලා ඊයේ දෙරන සංවාදයේදී.. මුංව හම ගහලා මරන්න ඕන.. අර මිනිස්සු කියනවා වගේ.. පට්ට හරක්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න