.

.

Jul 26, 2013

වාහනය තුල අල සිටවීම (21+) - Sex in the car (16+)



 
වාහන තුල අල ගැලවීම කීවාම, මේ කියන්න යන්නේ, කෘෂිකර්මය ගැන කතාවක් කියා කෙනෙක් හිතුවොත්, ඒකේ අප්සට් එකකුත් නැත්තේය. මොකෝ පිටරටවල දැන් අහුවෙන අහුවෙන හැම තැනම අපි වවමු රට නගමු සෙල්ලම කරනවාය. වහල උඩ, ගෙවල් ඇතුලේ මෙන්ම, පරණ වාහනවලත් වවනවාය. ඒ උනාට එයාලා වවන්නේ මල්ය. අල වවන්නේ නැතිය. මොකෝ ඔය දියුණු රටවල එළවළු පළතුරු පට්ට ලාබෙට ඕන තරම් ගන්න තියෙනවාය. මෙහේ වාගේ කුණු වෙච්චි ඒවාත් නෙමේය. ගහෙන් බාපු ගමන් ෆ්‍රෙෂ් බඩුය.

මෙහෙත් අපි වවමු රටනගමු සෙල්ලම කරාට. දෙන්නේ ඇට පැකට් එකක් විතරය. අන්තීමේදි වෙලා තියෙන්නේ අපි වවමු වහ බී මැරෙමු සීන් එකක්ය. පෝර දුන්න එකටත් හෙමීට ගේම ඇදලාය. ඉස්සෙල්ලම 350 ට දීලා, ඊට පස්සේ 500 ට දීපූ එක, දැන් 1200 දීලා ගන්නෙයි කියලා කියනවාය. 1200 ට ගන්නත් පොහොර නැතිය.

පට්ට බූරූ එකෙක් කිව්වේ, පෝර ටික එනකන්, මාසයක් දෙකක් ඉවසන්න බැරිද කියාය. ඒ බූරූවා හිතන්න ඇත්තේ ගොයම් කියන්නේ, පොල් ගස් වාගේ ජාතියක් කියා වෙන්න ඇතිය. බත් කන හරක් කියන්නේ මේ වගේ උන්ටය. අනිත් හැම දේටම වගේම කුසිකර්මෙටත් දාලා තියෙන්නේ නොම්මර එකේ හාල් පාරුවෙක්වමය.

මේ කතා කොරන්නේ කුසිකර්මේ අල හිටවිල්ල ගැන නෙමේය. වාහන තුල අල හිටවිල්ල ගැනය. ඒ කියන්නේ, වාහන ඇතුලේ සැක්ස් කිරිල්ල ගැනය. සීන් එක ගැන කතාව එලියට එන්නේ, පානදුරේ කාර් එකක් ඇතුලේ අනංගයෙක් මරලා දාපු එකෙන්ය. මේ ගැන කතාවක් වැඩි දුර එන්නේ නැත්තේ, මේක ටැබූ සබ්ජෙක්ට් ඝනයට වැටෙන නිසා වෙන්න ඇතිය.

මේවා මේ කවුරුත් නොදන්නවා වාගේ උන්නාට, ඉස්සරත් තිබුන ඒවාය. අදත් හෝල් වල පෙන්නන, "නිකිනි වැස්ස" සෝ එකෙත් මෙහෙම සීන් එකක් පෙන්නනවාය. හැබයි ඒකේ අල හිටවන්නේ නම් "හර්ස්" එකක් ඇතුලේය. ඒ කියන්නේ මිනී කාරෙකක් ඇතුලේය. ෆොරින් සෝ වල කාර් ඇතුලේ අල හිටවන සීන් එක ඕන තරම් පෙන්නුවත්. අදටත් ඇස් පියාගත්තත් පේන්නේ "ඉඩී අමීන්" සෝ එකේ, කාර් එක අතුලේ අල හිටවපු සීන් එකය.

මම ඉස්සෙල්ලාම් අල හිටවන සීන් එකක් දැක්කේ, ඔය බ්ලූම්ෆීල්ඩ් එක තියෙන හරියේය. බ්ලූම්ෆීල්ඩ් එක ළඟින්, බෞද්ධාළෝක පාරට සෙට් වෙන මහ පාරක් ඒ කාළේ තිබුනේ නැතිය. ග්‍රහළෝකාගාරේ මැද්දෙ, ලඳු කැළෑව මැද්දෙන් තිබුනේ අඩි පාරක්ය. ඔය කැළෑවේ සර්පයෝ වගේම, කඹරගොයිත් සිටියේය. රූපවාහිනි සංස්ථාවක් තිබුනේ නැතිය. එතන තිබුනේ හොකී ග්‍රවුන්ඩ් එකක්ය. අපි එතන ක්‍රිකට් මැච් පවා ගහලා තියෙනවාය.


රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහින්ම "193" බස් එක ගියත්, "154" ආවේ, දේවී බාලිකාවේ කෑල්ලකට එකසිය ගානට ට්‍රයි කරපු නිසාය. ඒ නිසා "154" ඇවිත් ච්ත්‍රපටි සංස්ථාව ගාවින් බැහැලා. අර අඩි පාර දිගේ ඉස්කෝලෙට එන්නේය. ඒ එන කොට ඉස්කෝලේ පටන් අරන් ගොඩක් වෙලා නිසා. ග්‍රව්න්ඩ් එක පැත්තේ තිබුන පොඩි දොරෙන් මහත්තයෙක් වගේ පන්තියට යනවාය. ඒ කාලේ ග්‍රව්න්ඩ්ස්මන් හිටපු "ආනන්ද" අපේ බොක්කය. අපි කීප දෙනෙක්ම ඉස්කෝලේ ආවෙත්, ඉස්කෝලෙන් ගියෙත්, ඒ ගේට්ටුවෙන්ය. අද මේවා කියන්නේ, දැන් ආනන්දත් ඉස්කෝලේ නැති නිසාය.

උදේවත්, දවාලේවත්, මේ පාරේ අල ගලවනවා නම් අහුවෙලා නැතිය. සීන් එක අහුවුනේ දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවරවෙලා, හැන්දෑවේ, අහම්බෙන් අර පාර දිගේ යන කොටය. ඊට පස්සෙ බැලුවම ගොඩක් උන් සීන් එක දන්නේය.


ඔහොම සෙට් වෙන්නේ ගොඩාක් වෙලාවට ඔෆීස් වල හොර ෂොට්ය. ලව් කරන කෑල්ල උස්සන් එන උනුත් ඉන්නවාය. ආයෙත් සීන් එකක් දැක්කේ, හිල්ටන් එකේ කාර් පාක් එකේය. කාර් පාක් වලත් මේ සීන් එක යනවාය. ඊට පස්සේ ප්‍රසිද්ධ වෙලා තිබුනේ දියවන්නාව පැත්තය. මෑත කාළේ නම්, ගාළු පාරට සමාන්තරව දුවන සමුද්‍ර පාරේ අල හිටෙව්වේය. දැන් එකේ ජනම් එක ඉන්න නිසා, කස්ටිය කොහේ සෙට් වෙනවාදයි කියා දන්නේ නැතිය.

දියවන්නාව ගාව අල හිටවපු, ප්‍රසිද්ධ පොරක් කවුරුත් දන්නවාය. ඒ අපේ හිටපු චීප් ජස්ටිස් තුමාය. අද සසරින් එතෙර වෙන හැටි කිව්වාට. එදා කලේ අල හිටවන වැඩය. එයා දියවන්නාවේ අල හිටවන කොට, ගෝලයේ චේම්බර් එකෙත් අල හිටෙව්වෝය. කිසිම අවුලක් උනේ නැත්තේ. ඒ කාලේ රටේ ලොක්කත් අල හිටවීම පිළිබඳ කප් ගහපු කෙනෙක් නිසා වෙන්න ඇතිය.

දැන් සීන් එක. වාහනයක් තියෙන එකා. සල්ලි තියෙන එකෙක් වෙලත්, වාහන ඇතුලේ අල හිටවන්නේ ඇයිද කියන ප්‍රශ්ණයය. එතකොට මේකට බස් කාරයන්ගේ අල් හිටවීම අදාල වන්නේ නැතිය. ඒකත් ගජරාමෙට නැගලා යනවාය. අපේ රටේ විතරක් නෙමෙය. පිර රටවලත් එසේමය.

කෙන්ජි කියන්නේ, මූ පොලියෙස්ටර් කාරයෙක් කියාය. තව එකෙක් කිව්වේ, මූසලයට කාමරේකට යන්න බැරි උනාද කියලාය. එහෙම යන්න බැරි සීන්, සමහර ලව් කේස් වල තියෙනවාය. ලව් කරන කෙල්ලෙක් නම්, සමහර කෙල්ලෝ හෝටල් වලට යන්න කැමති නැතිය. නමුත් සැක්සුත් ඕනාය. ඉතින් පාලු තැනක වාහනේ නවත්තලා, තොල් කනවාය. කුක්කු බොනවාය, හස්ත කර්මාණ්තයේ යෙදෙනවාය, පොප්සිකල් කනවාය, සමහර උන් කුණු මාළුත් කනවාය. සෙල්මුවා කටයුතු වලත් යෙදෙනවාය. එහෙමත් එකෙක්, කිසි අවුලක් නැතිව අලත් හිටවනවාය.

වැඩි පුරම සෙට් වෙන්නේ, ඔෆීස් වල හොර ෂොට්ය. එක්කෝ ඇන්ටිලා උස්සන, කොල්ලෝය. එහෙම නැත්නම්, පොලොස් ගැට උස්සන අන්කල්ලාය. තව කස්ටියක්, සමාජයේ ප්‍රසිද්ධ පොරවල්ය. උන් අරෙහෙ මෙහේ ගියොත්, වේලේන්නත් කලින්, නලීන්ලා පත්තරේ දානවාය. බිලියනර්ස්ලාට මේකට වෙනම එපාර්ට්මන්ට්ස් තිබුනත්, මැද පන්තියේ උන්ට මේවා නැතිය. ඒ නිසා ඔෆිස් එකෙන් දීලා තියෙන කාර් එකේ අල හිටවනවාය.

මේ සීන් එක ඉස්සරත් තිබුනේය. අදත් තියෙනවාය. හෙටත් අනිවාර්යයෙන් තිබේවිය. ඒ නිසා ඔහේලා අප්සට් වෙන්න ඕනා නැතිය. එහෙම කරන අයට, ඉරිසියා කරන්නත් ඕනා නැතිය. මැරෙණ එකා කාර් එක ඇතුලේ හිටියත්, හෝටලේ හිටියත් මැරෙනවාමය. කාළෙකට කලින් රේණුකා හෝටලේ කේස් එක කාටත් මතක ඇතිය. පානදුරෙත් සිද්ධ වෙන්න ඇත්තේ ඒ වගේ දෙයක්ය.

ඒ නිසා චාන්ස් එකක් හම්බ උනොත්, වාහන තුල අලයක් හිටවා හත්තාට අවුලක් නැතිය. හැබයි ඉතින් එහෙම අල හිටවන කොට මදාවියෝ සැට් එකකට අහුවුනොත් හෙම නම් විනාෂය. මොකෝ උන් සීන් එක නෝන්ඩි කරනවා කියා කප්පම් ඉල්ලන නිසාය. වාහනෙ නොම්මරේක තිබෙන කරුමේ වැටහෙන්නේ, ඒ වෙලාවටය. ඒ නිසා, බොහෝම පරෙස්සමෙන්ය. නැතිනම් වෙන්නේ ඔහේගේ අල හිටවීම කෙසේ වෙතත්, මදාවියෝ සෙට් එකම, අල හිටවලා, පාත්තිය විනාශ කොරලා දාන එකය. මොකෝ උන්ට අල හිටවන්න වාහන ඕන නැති නිසාය.

134 comments:

  1. තවත් හොඳ අල හිටවීම් සිදු වන තැනකි විස්සවිද්ද්යාලය කොල්ලා කැම්පස් එකේ නෙමේ නම් ඉතින් වාහනේ තමයි පිහිට.

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම නම් ඔෆීස් වල කොච්චර අල හිටවනවැයි....

      Delete
  2. මේ දෙයියන්නේ රටේ මේවා වෙනවයි ....? අනේ නිකා හිටු බින්න ඇදබාන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මෙහේ නෙම බං. මේ ස්වාසිලන්තේ.. එහෙත් මේ වගේම නම් තියෙනවා.. මේක මචෝ ධර්මද්වීපෙද මොකක්ද එකනේ. අර දනිස්සා කියලා තියෙන්නේ ඌ ගෑණූ 200 ක් එක්ක පොරකාලා තියෙනවයි කියලා..

      Delete
  3. තේරුමක් ඇති රෙද්දක් ලියපන් බන්.... ඔහේ කුණුහරුප සැට් එකක් ලියනවා... කාටද මෙව්වා ලියන්නේ? කාටද මේවායෙ ප්‍රයෝජනේ? අර පිටකොටුවෙ සාදුගෙ බණ වගේ තමයි.... පව්....

    ReplyDelete
    Replies
    1. එයා ලියන්නෙ අපි වැනි ප්‍රබුද්ධ කට්ටියට.
      ඇයි අප්ෂට් ද?

      Delete
    2. ටිකක් විතර.........!

      Delete
    3. හිකි හිකිස්......එහෙනං නොබල හිටු ඇනෝ....

      Delete
    4. ඒ කියන්නේ ඒ බණ උඹත් අහලා තියෙනවනේ...
      කොහොමෙයි...?
      පට්ට බණ ටික නේ.....?
      වික්ටර් රත්නායකගේ "ස" වගේ..
      උඹ දන්නවද පෙටා සාධුගේ බණ ඇයි ඩිමාන්ඩ් කියලා..
      දේශණා කරන්නේ තනිකර.....
      "ඇත්ත"

      Delete
    5. මටත් හිතාගන්න බැ මාතලන් ඇයි අත්තරගම හාමුදුරුවන්ට මිනිස්සු බනින්නේ කියලා . සමහරක් විට රිදෙන්ඩ වදින හින්දද කොහෙද

      Delete
    6. අනේ බෞව්ද්ධයො දෙන්න මාරුවෙන් මාරුවට රෑට හාමුදුරුවන්ව ගෙදරට වඩම්මගන්න....

      Delete
    7. ඇනෝලයි අහටත් වඩින්නෙයි කියන්නෙයි... ඕක තමයි අපේ සම්බහිය ඒවුන්ගේ හෙළුව...

      Delete
  4. ලොකු උසාවියෙ හිටපු පොර අල ගලෝපු එක නෙමෙයි වැඩේ... ඒක මාට්ටුත් වෙලා තියෙද්දි ඌව සීජේ හැටියට ප්‍රමෝට් කරපු එක...

    නිදහස් මාවතේ ගිහින් ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් පැත්තට හැරිල යන අතුරු පාරෙත් ඔය සීන් හෙනට තිබුන අපි හොස්ටල් එකේ හිටපු කාලෙ...

    ඇයි ආනන්ද නැත්තෙ.. ඩැනී ල රණසිංහල හිටපු තරම් වයසක් ආනන්දට නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඩැනී අයියා තරම් එල බුවෙක් මම දැකලා නැහැ.කඩලේ එක නම්,ඩැනී අයියා දෙක.

      Delete
    2. මේන් මචෝ... මම "කඩලේ" ගැන ලියපු ළිපිය...

      http://maathalan.blogspot.com/2011/10/kadale.html

      Delete
    3. ඔබා මාමගේ කොමෙන්ට්ස් තියෙන ඒවාට ලින්ක් දාන්න එපා මචං. පොර මතක් වෙනකොට තාමත් දුකයි.

      Delete
    4. චතුරාර්ය සත්‍ය අවභෝධ කර ගන්න දරුවා. පැමිනියාක් මෙන්ම යා යුතුවද ඇත.

      Delete
  5. කොහොම කොහොම හරි අලෙත් හිටවගන්න එපැයි මාතලන්.දියවන්නාවේ පාරේ අල හිටෝපුවාම නම් සසර කෙටි කර ගන්නත් පුළුවනි මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන නිසා වෙන්ටෑ... දැන් දහම් දෙසන්නේ.. සරත් ෆොන්සේකා පස්සෙනුත් ගියා.. ඒත් ගොඩ ඒමක් නෑ..

      Delete
    2. හැලපෙ අයියා අල හිටෝල නැතෙයි.

      Delete
    3. නලියා වැදගත් මනුස්සයකුටවත් ඉන්න දෙන්නේ නෑ නේ. මොකක් හරි කරදරයක් උනොත්. ඒ මනුස්සයට බීලා හිත හදා ගන්න කියලය..

      Delete
  6. කොහොමත් ඔය වාහන ඇතුලෙ සැකස් කොරන අය වැඩේට ප්‍රථම බ්‍රා පමණක් නොව පෑන්ටිද එක එක ටයිප් වලින් ඇති නිසා,වැඩේ අහවර වන තෙක් සහකාරියගෙන් සගවා තබන්න.
    T ටයිප් පෑන්ටිය ඉතාමත් භයානකය.

    ReplyDelete
    Replies
    1. එවා ගලවලා ඩිකියට දාලා වැඩේ පටන් ගන්න එක හොඳ ආරක්ෂාකාරි පියවරක් වෙයි..

      Delete
  7. //තව කස්ටියක්, සමාජයේ ප්‍රසිද්ධ පොරවල්ය. උන් අරෙහෙ මෙහේ ගියොත්, වේලේන්නත් කලින්, නලීන්ලා පත්තරේ දානවාය//

    සමහර වෙලාවට වාහනේ අල හිටෙව්වත් මුන් පත්තරේ දානවාය. එතකොට අපිට පවු කියා හිතෙනවාය. එහෙම එකක් මිට කාලෙකට කලින් උනාය. එයා දැන් එක්තරා වාහිනියක ලොක්කෙක්ය, එදවස් වල හිටියේ වෙනත් වාහිනියකය. මෙයා සැකට්‍රි එක්ක අත්තිඩියේ අල හිටෙව්වාය. එක ආමි එකට අහු උනාය. ආමි එකට නම් වැඳලා බේරුනාය. ඒ උනාට ඉරිසියාකාර පත්තර කාරයෝ ඒක පත්තරේ දැම්මාය.

    මොනවා උනත් මේ වාහිනී ලෝකකා ඉන්නේ ෆුල් ධර්මෙන්මය. පෝය දාට ධර්මේම දෙසන්නේය.

    ReplyDelete
    Replies
    1. මේ සීන් එක යාන්තම් මතකයි.ඇහුවට කමක් නැත්නම් මේ මන්ඩි රොසා නේද?පත්තරේ දැම්මේත් උඹමයි නේද?

      Delete
    2. ඒකනේ මචෝ මම කිව්වේ. ප්‍රසිද්ධ පොරවල්ට ප්‍රොසිද්ද තැන් වලට යන්න බැරි නිසා තමයි මෙහෙම සෙට් වෙන්නේ..

      Delete
    3. @ arugeadaviya

      ඔය මතක තියෙන්නේ අපුරුවට :D

      @ මාතලන්

      එහෙම සෙට් වෙලත් මේකා මාට්ටු උනා අප්පා.

      Delete
  8. මම නම් ඉස්සර කරුවල වැටුන ගමන් ඇන්ටි කෙනෙක් එක්ක අල්ලන්නෙ බොරැල්ල කනත්ත ලගට.
    දවල් කාලෙ කෙල්ලෙක් එක්ක නම් නුගේගොඩ,කොහුවලට හැරෙන තැන උඩ තට්ටුවෙ තිබුන ටේබල් එක තිරයකින් කවර් කරල පැයට රු10/=ක් ද කොහෙද කූල් ඩ්‍රින්ක්ස් බොන්න පුළුවන් තැනක්.
    බර්ගර් කැබලි කීපයකටම නිතරම ෆලුඩ බොන්න දුන්න එතැනදි.

    ReplyDelete
    Replies
    1. //මම නම් ඉස්සර කරුවල වැටුන ගමන් ඇන්ටි කෙනෙක් එක්ක අල්ලන්නෙ බොරැල්ල කනත්ත ලගට.//

      කෙන්ජි, මෝහිනී එක්කත් අල හිටවලා වගේ :D

      Delete
    2. අන්න එකනම් එච්චර හොඳ නෑ කොල්ලෝ.

      Delete
    3. කෙන්ජි "නශ්ඨ කාමියාගේ අතීත මතක" කියලා බ්ලොග් එකක් පටන් ගනින්... මේ මාතලන් වගේ අසහනේ පිරිච්ච නාකි පප්පලා ඒවි උඩ දාගෙන....

      Delete
    4. ඔන්න කෙන්ජිට ඇනොලා ගහන මඩවලට උත්තර. යකෝ කෙන්ජි ලිට්ල් හට් ගිහිනුත් තියනවා උඹල දැන්වත් මඩ නවත්තපල්ලා.

      Delete
    5. අසහන කාරයෝ ලියන, කොමෙන්ට්ස් දාන තැනක් කියලා හොඳටම දැනගෙන මේවා බලන්න එන්නේ. මේ වැදගත් මහත්තයට හෝ නෝනාට කොහොම අසහනයක් ඇතිද....?

      පව් අප්පා කාගේ උනත් දරුවෙක්නේ...

      Delete
    6. අන්න හරි නම දැනුයි මීටර් උනේ නලී.
      මේ ඇනෝල මගේ මුනට මුන මේව ගැන මගෙන් අහගත්තොත් එක අඩියක් ඉස්සරහට ඇවිදගෙන යන්නෙ නැහැ ලෙස්සල වැටෙනව.

      Delete
    7. පව්.... නාකි උනාම මිනිස්සුන්ට හිතෙනවා අපි ඒකාලෙ පට්ට ආතල් ගත්තෙ... දැන් ඉන්න හුජ්ජ කොල්ලො මොනවද කරල තියෙන්නෙ කියලා... ඕක ලෝකෙ හැටි... ඒත් ඉතින් නශ්ඨකාමෙ තියන එකා අතීතෙ මතක් කරලා දික් කරගන්න බැරි උනාම එළුවා වගේ බෑ... බෑ ගානවා....

      Delete
    8. කෙන්ක්ගේ තරුණ කම මනින්නේ වයසෙන් නෙමෙයි ක්‍රියාවෙන්. අපි ඔහේලට වඩා තරුණයි තාමත්.. අපි දැකලා තියෙනවා ඔහෙලා බඩුවක් සෙට් කර ගන්න දන්නගලන දැඟලිල්ල බුකියෙදි...

      Delete
    9. දැන් ඉන්න හුජ්ජ කොල්ලො අමාරුවෙන් රු.1000/=ක් රු.1500/=ක් හොයාගන මසාජ් ක්ලිනික් එහෙකට ගිහිල්ල මැඩම්ට මුළු ගාන අතට දීල තිර රෙද්දෙන් ඇතුල් වෙලා වැඩේට සෙට් වෙලා කෙල්ල ටිප් එක ගැන කියද්දී,සන්තකේම තියෙන්නෙ බස් එකේ යන්න තියෙන්නෙ රු.20/= යි කිව්වම බාගෙට ඇදුම් ගලවාගෙන ඉන්න බුවාට පුකට පයින් පාරකුත් කාලයි එලියට බහින්න වෙන්නෙ .
      ඔන්න දැන් කාලෙ වීරයො.

      Delete
    10. උඩ තියන කොමෙන්ට් දෙක කියවලා බැලුවාම මම ඊට උඩින් කියලා තියෙන්නෙ මොකක්ද කියලා පැහැදිලි වෙනවා.... පව්...

      Delete
    11. මොන පාට ෆලුඩද බං අයියේ

      Delete
    12. තවත් විකෘති ලිංගික අදහස් තියන එකෙක් ඇවිල්ලා.... පව්.... ෆලූඩා කිව්වම කටට කෙල උනනවා නේද?

      Delete
    13. අයියෝ සංසාරේ.... ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන උන්දැලා මූන හංගගෙන ඉන්නේ කියන කතාව ඇත්ත එහෙනම්... පව් අසරන ඇනෝ

      Delete
    14. අටම් මල්ලියො,කිරි පාට ෆාලුඩ මිසක් වෙන මක්කෙයි.

      Delete
    15. කෙන්ජි අයිය දන්නේ කොහොමද ලංකාවේ තියන මසාජ් ගැන ඔච්චර වීස්තර ඇතිව.
      මොකෝ ලංකාවට ආවම ඕවට හොරෙන් රින්ගනවැයි

      Delete
  9. කාර් සැක්ස් අවුලක් නෑ. කාටවත් පේන්නෙ නැති වාහනේක මොකක් කරගත්තම අපිට මොකෝ? සීජේගෙ කේස්එක මටත් මතකයි. පොලිස් පොතත් කුරුටුගාලයි පස්ස බැලුවෙ.

    මම කොළඹ ඉන්න කාලෙ දවසක් කස්ට්යක් එක්ක මළගෙදරක යනව. ඔන්න ට්‍රැෆික් එකේදි අපිට සමාන්තරව ටිකක් ඉස්සරහින් තියන වෑන් එකක් උස් පහත් වෙනව. මේක දැකල අපේ සීසී මහත්තය කියනව "මල්ලී අන්න බලපං ඇතුලෙ සීන් එකක්" කියල. බැලුවට මොකුත් පෙනුනෙත් නෑ. ටික දුරක් ගිහිල්ල අයෙත් ට්‍රැෆික් එකේදි සෙ‍ට්වුනා. බලනකොට පොඩි එකෙක් වෑන් එක ඇතුලෙ උඩපනිනව.

    ReplyDelete
    Replies
    1. කොළඹ බස් වල යන කොට නම්. මරු සීන් දකිනවා. පොඩි උන් උඩ පනින ඒවා නෙමෙයි. ගොඩක් වෙලාවට පොප්සිකල් කන සීන්..

      Delete
  10. මාතලනයෝ.... අපිට කොයින්දෝ අල හිටුවන්න වාහන.. මට ඇත්තේ රෝද දෙකේ වාහන පමණි...

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතන්නෙ රෝද දෙකෙන් බෑ කියලද? ඇත්තම කතාවක් දන්නව....... කියනවද නැද්ද.......... අනේ මංදන්නෙ නෑ.........

      Delete
    2. රාජ්.... ඇත්තමයි බන්..මමත් දැකලා තියෙනවා ස්කූටර් එකේ හැබැයි අල නෙමේ ඉන්නල සීන් එකක්.ස්කූටරේ එක පාරේ යන වෙලාවට වෙන්නේ.අපිට ෆ්ලැට් උඩට ෆුල් විසිබල්

      Delete
    3. අවුලක් නෑ.. එකම වීල් එකක් නැතුවත්. දෙනෝ දාහක් ඉදිරියේ. ගෝල්ෆේස් එකෙත් පොප්සිකල් කන්නේ, කුක්කු බොන්නේ... කස්ටිය බලයි බ්ලූ ෆිල්ම් එකක් කියලා..

      Delete
  11. කොටි දෙනකට වැඩේ දුන් නරියාගේ කතාව මතක් විය. ඒ අර වේලෙන්නත් කලින් පත්තරේ දාන කතාව නිසාය. මේ හෙඩිම දැක්කාමත් හිනාය. සිංහලනම් 21 ඉංගිරිසි නම් 16. හික්ස්....
    ඔය කොහොම කිවුවත් හදිසියේ ලැබෙන කාර් කැම වැනි දේ කාමර කෑමට වඩා රසවත් ය.

    ReplyDelete
    Replies
    1. මගේ සුභ පැතුම් නලීන්.. වෙල් ඩන්.. අද දිණමිනේ හෙඩිම කියෙව්වා... ජයවේවා... ඒක තමයි නියම මාධ්‍යවේදියකුගේ යුතුකම...

      Delete
    2. 21 & 16 මටත් හෙඩිම දැක්ක ගමන් ක්ලික් වුනා.මාතලන් උඹනම් නියම මීටර් එකක්.පිටට අත තියනවා කියලා අනිත් අය හිතන්න එපා.

      Delete
  12. මමත් මේක කරලා තියෙනවා. එයාර් පෝට් එකේ එලියේ කාර් පාක් එකේ. අනිත් එක බෙඩ් සෙකස් කරනවා ට වඩා මේක වෙනස්. ඒකේ තියෙන්නේ වෙනම ෆීලින්ග් එකක්.

    ReplyDelete
    Replies
    1. නමුත් ඉතින් අනුමත කොරන්න නම් බෑ. මේවා නීතී විරෝධි වැඩ. ගරාජ් එකේ නම් අවුලක් නෑ.

      Delete
  13. මේ වගේ ලිපි වලින් පේන්නෙ අපේ රටේ ලිංගික අසහනේ තරම තමයි... තමන්ට වාහනවල ආතල් ගන්න තියා ගෙදර ආතල් පවා නැති උනාම ඔය විදිහෙ ලිපි ලියවෙනවා... පව්...

    ReplyDelete
    Replies
    1. ඔයා කොහේදීද එහෙම ආතල ගන්නේ.. අපිටත් කියන්නකෝ අනේ දැනගන්න.. හරි නරකයි ඔයා....
      වල් පඳුර...

      Delete
  14. මම නං ක්වින්ස් රෝඩ් එකේ කෙල්ලෝ යන දිහා බලං තනියම අල හිටුවන ත්‍රවිල් කාරයෝද දැක ඇත...

    ReplyDelete
    Replies
    1. අපොයි නුවර එළියෙත් පිරිලා ඉන්නවා.. කෝච්චි වලත් යනවයි කියන්නේ. ඇත්තද බොරුද දන්නෙ නෑ..

      Delete
  15. කොච්චර වැඩ තිබ්බත් මේවා දකිද්දි ලියන්නමයි හිත. පුරුතක්ජනයෝ නොවැ.

    ඔය සීජේ කේස් නම් අප්‍රමානයි. ඔන්න දිනක් බණක් ද පිරිතක්ද තිබිලා තියනවා. ඔය මිහිදු මාවත පැත්තේ. පොර කලින්ම කාමරයක් වෙන් කරගෙන මුළු රෑම අලුත් නීති නෝනලට ධර්ම දෙසාලා, විනය පිටකෙන්

    සිව් සක සිට තුන් සක දෙසක, බහු සක මේ හැම එකකම අල හිටවන්න පුළුවන්.

    ඔවා නොකලොත් නොට්ටිගේ පුත්තු වෙනවා නේද කෙන්ජි. ඔන්න මාතලන් පෝස්ට්.

    ReplyDelete
    Replies
    1. මට මේ ලිපිය කියෙව්වම පුදුම සතුටක් දැනුන වෙදමහත්තයො.
      බලන්න අර පොලියෙස්ටර් කාරය අපි කල ලෙසට වැඩ කෙරුවනම් තාමත් ජිවතුන් අතරනෙ.

      Delete
    2. කහපිය කහපිය

      Delete
    3. නැත්නම් ඉතින් ලස්ස ගනන් දීලා වාහන අරගෙන ඒවල නිදා ගන්නය.

      Delete
    4. විනය තකාද බණ දෙසල තියෙන්නෙ?

      Delete
  16. අල සිටවීම ගංජා සිටවීම තරම් වරදක් නොවේ.නමුත් අලය ගැලවීමේදී අවට පරිසරය ගැන සැලකිලිමත් වන්න.අලය ගලවනතුරු ඔවුන් පරීක්ෂාවෙන් සිටින අතර ගැලවීමෙන් පසු ඔවුන් ඔබට අලයක්ම වනු ඇත.
    මීට
    රජයේ කෘෂි නිලධාරින්ගේ සංගමය

    ReplyDelete
    Replies
    1. ගලවනකම් බලා සිටින්නෝ බොහෝය.. මෙහිත් එවන් කීප දෙනෙක්ම සැරි සරන බව පෙනෙන්නේය.

      Delete
  17. මචංල, රුපියක් 10000 කට විතර කාරෙකක් හරි ලොරියක් හරි කමක් නැ තිබුනොත් කියනවද ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් අටමගෙන් ඇහුව නම්. ඌ නම් පට්ට ලාබෙට වාහනයක් අරන් තිබුනා...

      Delete
    2. ඇනෝ; පාරේ දුවන්න පුළුවන් එකක්ද?
      නැත්නම් එක තැන නවත්තල තියන්න බොඩි එකක්ද?
      දහදාහකට?

      Delete
    3. කොහොම උනාම මොකද බං අල හිටවන්ඩ

      Delete
    4. එහෙම නොවෙයිනේ බන්, දුවන් නැති එකක් අරන් වත්තේ තියන් අල හිටවන්නේ, කාමරේම අල හිටවනවනේ..

      Delete
  18. ප්‍රසිද්දියෙ අල සිටවිම නම් ෆුල් අවුල් කෙස් එකක්

    ReplyDelete
    Replies
    1. මගුලක් කතාකරනවා.. නිතී විරෝධියි.. අහු උනොත් බඩුම තමයි..

      Delete
  19. ඔය ඉඩී අමීන් සින් එක මටත් මතකයි වාගේ.අර පොන්සේකා තුමා ජනධිපතිවරනයට ආපු වෙලේ ඕක රුපවාහිනියේ ගියා මයේ හිතේ.ඇයි අප්පා මාතලන් අර ටයිටනික් නැවේත් ඔහොම සින් එකක් තින්නේ රෝස් අක්කාගෙයි,ජැක් කොලුවගෙයිත්.

    ReplyDelete
    Replies
    1. ඒ ඉඩී අමීන් පෙන්නුවේ ෆොන්සේකර ගහන්න හැබයි ෆිල්ම් එකේ තිබුන ඒවා අනුව නම් වර්තමානයටත් නොගැලපෙන්නේම නොවේ..

      Delete
  20. කාලෙකට කලින් රාවය පත්තරේක ලියල තිබුණු සිද්ධියක් මතක් වුනා.

    ඔය නඩුබලවන හාන්දුරුකෙනෙක් බවලතියක් සමඟ කොහේද අප්‍රසිද්ධ හෝටලේක රූම් එකකට රිංගල. තවත් අහේනිකාරයො වගයක් ඒක වීඩියෝ කරල, පස්සෙ ඒ වීඩියෝව හැමතැනටම ලීක් උනාලු. එතකොට මහපුටුවෙ හිටපු අර කුප්‍රසිද්ධ පොර, මෑන්ව ගෙන්නල කිව්වලු ඉන්න තැන ගරුත්වය රකින්න ඉල්ලා අස්වෙන්න කියල. මෑනුත් උත්තරේ කලින්ම ලැහැස්ති කොරන් ගිහින් තියෙන්නෙ. ගත් කටටම කිව්වලු මම කරේ අගුලු දාපු කාමරයක් ඇතුලෙ කරන්න ඕන විදියටය, මිනිස්සු යන පාර අයිනෙ වාහන ඇතුලෙ ඒ වැඩේ කරපු මිනිස්සුත් මේකෙ ඉන්නවය, හරිනම් මට ඉස්සරවෙලා යන්න කට්ටිය ඉන්නවය, මම අස්වෙන්නෙ නැහැය කියල. ඔන්න එයා විනය තකා වැඩකරපු හැටි.

    ප්‍රශ්නෙ මොකක් උනත් අයිවන් උන්නැහැ නම් ඔය පුද්ගලයට ටිකක් දැනෙන්නම ලිව්වා.

    ReplyDelete
    Replies
    1. අයිවන් නම් මාර ගැහිල්ලක් ගැහුවා ආයි නෑ මදි නොකියන්න. ඒ වගේම පොරත් අයිවන්ට ගේම දුන්නා..

      Delete
  21. අලේ... මට කාර් නැතියෝ..... :(

    ReplyDelete
    Replies
    1. ත්‍රී වීල් හයර් කරන උනුත් ඉන්නවාය. හැබයි. ත්‍රී වීල් සෙට් එකටම මාට්ටුය.

      Delete
    2. ඉස්සර නිදහස් චතුරශ්‍රය පැත්තේ හෙල්ලෙන ත්‍රීවිල් තිබුණා. දැන්නම් ඒවා නෑ.

      Delete
  22. ඕව මොනවද මාතලන්....රෑට පිටකොටුව පැත්තේ ගියානම් බලාගන්න පුලුවන් නාටාමි කරත්තෙට තියෙන ඩිමාන්ඩ් එක....

    ReplyDelete
    Replies
    1. අනන්තවත් දැකලා තියෙනවා කැන්ඩියෝ.. මම ගොඩක් වෙලාවට එහෙත් ඉන්නවා..

      Delete
  23. //දැන් සීන් එක. වාහනයක් තියෙන එකා. සල්ලි තියෙන එකෙක් වෙලත්, වාහන ඇතුලේ අල හිටවන්නේ ඇයිද කියන ප්‍රශ්ණයය.//

    මේකට හේතුව කෙල්ලගේ අකැමැත්තය. රූම් යන්න අකැමැතිය. කාර් එක හොදය. අනේ මුංගෙ මොලේ තරම.

    මගෙ සජීවි අත්දැකීම -

    ෆුල් ටින්ටඩ් වෑන් එකක් ඉස්සරහින් මූනට මූන පාර්ක් කරල තියෙද්දි. වාහනේ ඉහල පහල යනව දැකල අපි වින්ඩ්ස්ක්‍රීන් එක පැත්තෙන්ම බැලුව. මෙන්න ඇතුලෙ වැඩ. දෙපැත්තට නොපෙනුනට ඉස්සරහින් පේන නිසා අපි බැලුව. කොල්ල ඉස්සරහට පැන්න වැඩේ අහවර කරලම. කෙල්ල පස්සෙ එන්න ඇති.

    වෑන් එකේ ගහල තිබ්බෙ ‘තිසරණ සරනයි‘ කියල. ඒ අස්සෙ චූටි දුව කියල නමකුත් ගහල තිබ්බ.

    හදිස්සියට (අපිත්) කරන වරද නිසා මක්කටෙයි කරදර කොරන්නෙ නේද?

    ReplyDelete
    Replies
    1. //(අපිත්) කරන වරද නිසා//

      සැමෝ මගේ කට මිරිකලා අල්ලපිය . මගේ කට ඇරෙන්ඩයි යන්නේ

      Delete
    2. සමහර නිර්මාණකරුවෝ තම අත්දැකීම්, අන් අයගේ අත්දැකීම් ලෙස ඉදිරිපති කිරීමට සමත් වන්නෝය.

      Delete
    3. මූටත් කාර් එකක් තියනවනේ.... මූ පට්ටිවිල පැත්තෙ රවුම් ගහනවා මමත් දැකලා තියනවා :P

      නැද්ද සෑමෝ!

      Delete
  24. කරදර නැතිව අල ගලවන්න වාහනයක් නැතුවට යන්නකො කොල්ලුපිටිය,බම්බලපිටිය සී ස්යෙඩ් හිටගෙනම පුලුවන්.කට්ට්ය අල ගලවනවා සැපටම.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු. මම කොමෙන්ට් එකකත් ලිව්වේ. ඒ උනාට තැන හොඳ නම්, කාරෙක බොහොම පරෙස්සම්..

      Delete
    2. යන්න එපා භයානකයි ඒ පැති.

      Delete
  25. කරදර නැතිව අල ගලවන්න වාහනයක් නැතුවට යන්නකො කොල්ලුපිටිය,බම්බලපිටිය සී ස්යෙඩ් හිටගෙනම පුලුවන්.කට්ට්ය අල ගලවනවා සැපටම.

    ReplyDelete
  26. අපිට කොහෙන්ද අල? අල තියා කොඩොලක් වත් නැනේ. ඉදලා හිටලා වැලයක් බා ගත්තොත් තමා.

    ReplyDelete
    Replies
    1. ඒකනං ඉති ප්‍රසිද්ධ වැසිකිලියක උනත් බැරියෑ..

      Delete
  27. Replies
    1. ගෝවත් හිටවනවද ආයිබෝවන්ඩ..

      Delete
  28. ඒ කියන්නේ නිදහසේ අල හිටවන්න රට යන්නම ඕනා කියලනේ...

    ReplyDelete
    Replies
    1. පිස්සුද...... මේ රටේ ඕන දෙයක් කරතෑකි. හැබයි රුපියා ඕන...

      Delete
  29. මං කවදාවත් අල හිටෝල නෑ. දවසක් අල හිටවල x'piriance 1ක් ගන්න තිබ්බ තදියම'ටම කවදාවත් නොගිය පාලු පාරක ගිහින් නවත්ත ගත්ත විතරයි.
    ජීවිතේට මොකෙක්වත් මාව පාරකදි අඳුනගෙන නෑ, ඒ වෙලාවෙ එකෙක් ආවනෙ අහවල් නාට්ටියෙ හිටිය නේද කියාගෙන... :( :( :(
    මොනව කොරන්නද... දමල ගහල ආව එන්න. ඊට පස්සෙ නං කවදාවත් ප්‍රසිද්දියෙ අල හිටවන්න try කලේ නෑ.
    මට තවම ඉඳල හිටල අර යකාගෙ මූන හීනෙන් පේනව...

    ReplyDelete
    Replies
    1. එහෙම අධෛර්යමත් වෙන්න නරකයි. ඔහේලා වගේ අයට මේ පිහිට ඇර වෙන පිහිටක් නෑ. එක්කෝ පොඩි බෝඩිමක් හරි ගන්න වෙනවා. නැත්තං යාළුවෝ එනවනේ පෝලිමට සෙට් වෙන්න. අල හිටවල ඉවරයි ඉතින්..

      Delete
    2. හ්ම්ම්... කාරණේ ඇත්ත..

      Delete
    3. එකට සිටි සුප්‍රකට ගීත රචකයෙක් ඇනෙක්සියක් කුලියට ගෙන තිබුණා. ඒ අල හිටුවන්නමයි. මිනිහා ඒ ඇනෙක්සිය යාලුවන්ටත් කුලියට දුන්නා.

      අයියා අද අලයක් සෙට් යන්න තැනක් නැ කියන ටික විතරයි. අන්න අහවල් තැන යතුර. වැඩේ කරගන මේසේ කොලේ යටින් කියක් හරි තියලා පලයං බං මාසේ කුළිය ගෙවල දාන්න. එපමණයි...
      බලන්න කොතරම් සාධාරණද කියලා.

      Delete
    4. කොයි තරම් සමාජ සේවයක්ද?

      Delete
  30. ප්‍රසිද්දියේ අල හිටවිල්ල කේස් කීවට ඔය අල හිටවිල්ල ඉතින් දැන් දැන් බස් මුලු වලත් වෙන එකේ ඒ හැටි අරුමයකුත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කොහොමත් වැඩි කල් යන්න ඉස්සර. පස්සෙ සීට් එක කවර් කරලා දොරක් දාවි. ඊට මෙහා සීට් දෙකක් විතර අල්ලලා, ගබ්සා මධ්‍යස්ථානෙකුත් දාන්නම වෙනවා. කෙල්ලෝ හරක් නේ.

      Delete
  31. යකෝ මේක කියවල හිනාම යන සින් එකක් මතක් උනා මට..... දවසක් අපේ යාලුවෙක් උගේ වාහනේ මෙහෙ තියෙන shopping mall එකක කාර්පාර්ක් එකේ නවත්තගෙන සීට් එකත් පස්සට ගෙන ac එකත් දාගෙනම පොඩි ඇලට් එකක් ගෙන හිටියලු ගෙදර කට්ටිය ශෝප්පින් කරලා එනකම්.....පොරට ටික වෙලාවක් නින්ද ගිහිල්ල එක පාරට ඇහැරෙන කොට එළියෙන් තව එකෙක් වීදුරුවට එබිලා ඇතුළ බලාගෙන ඉන්නවලු ..... එකපාරට මේක දැක්ක ගමන් අපේ එකට උන්හිටි තැන අමතක වෙලා දොර ඇරගෙන අරුගෙන් ඇහැව්වලු "මොනවද හොයන්නේ කියලා" ඇහුවට පස්සේ මතක් වෙලා තියෙන්නේ කතා කරේ සිංහලෙන්නේ කියලා ආයෙත් එක ඉංග්‍රීසියෙන් අහන්න යනකොට අරු කියනවලු "ගණන් ගන්න එපා අයියා ඔයත් ලංකාවේද? මෙහෙම ac දාලා නවත්තල තියෙන වාහන වල මරු සින් යනවා එහෙම එකක්ද කියලය බැලුවේ" ........ බැලින්නම් ඌ අලහිටවන ඒවාට බැල්මට් දාන ලංකාවේ එකෙක්................

    ReplyDelete
    Replies
    1. අල හිටවන අය වගේම. ඒවා අධික්ෂණයටත් කට්ටිය දාලා ඉන්නවා. ඒ අයත් කුසිකර්මාන්ත අමාත්‍යංශෙම අයම තමයි.

      Delete
  32. මෙවැනි දසුන් මුලින්ම තිබුණේ බටහිර ෆිල්ම්වල . නූතන තාක්ෂණය ඔස්සේ ඒ ෆිල්ම් ලංකාව ුරා ව්‍යාප්ත වුණාට පස්සේ ඒ ක්‍රම අත්හදා බලන්න මුලින්ම පෙළඹෙන්නේ මධ්‍යඹ පාංතික සමාජ ස්ථරයට වඩා තරමක් ඉහළ පන්තිය සහ සුපිරි පන්තියේ ජීවිත ගත කරන පිරිස්. ඒ සඳහා යොදාගත්තේ සුපිරි මෝටර් රථ

    නමුත් කාලයත් එක්කම මෙවන් ක්‍රියා සමාජය ප්ුරා ක්ෂණිකව ව්‍යාප්ත විම හේතුවෙන් ත්‍රීවිලරය දක්වා පහළ බසිනවා. මෙයින් හෙළිවන එක්කාරණයක් නම් රිසි සේ කායික සම්බන්ධතා පැවැත්විම සම්බන්ධයෙන් මෙරට තුළ පවතින නිතියේ ඇති අසමානාතාවයයි. සුපිරි ජීවිතයක් ගතකරන අයෙකු වාහනකයක් තුළ පවත්ිවන කායික සම්බන්ධතාවය ත්‍රීවිලරය දක්වා විහිදුනාම ත්‍රිවිලරය සහ ඒ ජෝඩුව පොලීසියෙන් අත්අඩංගුවට අරන් අනාචාරයේ හැසිරිම මත අධිකරණයට ගෙන යනවා. නමුත් සුපිරි සමාජ ජිවිතගතකරන අයට එවන් නිති ක්‍රියාත්මක වන්නේ. නෑ.

    අනෙක් අතට කායික සම්බන්ධතාවයක් පැවැත්විම පිණිස සමාජය විසින් නියමකර ඇති ක්‍රමවලට බාහිරව නිදහසේ එවන් ක්‍රියාවක නිරතවිමට නූතන සමාජය විසින් දක්වන කැමැත්ත. එයින් කාමරයකට යන එකේ ඒ තැනැත්තාට ඇති අවදානම අඩුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම දයා. පිටරටවලත් මේවා නැතිවම නෙවෙයි. එහෙත් එහිදි නම් සිඳුවන්නේ සම්පූර්ණයෙන්ම අනියම් පෙම්වතුන්ගේ ක්‍රියාවන්. මන්ද පෙම්වතුනට රිසි සේ තම කාර්යයන් කර ගැනීමට කිසිම බාධාවක්, කන්‍යා පටලයෙන්වත් සමාජයෙන්වත් නෑ. ඔවුන් බොහෝ විට අවුරුදු 13 පසු නිදහස් ජීවීතයක් ගත් කරන අතර අවුරුදු 18 පසු බොහෝ විට තනිව ජීවත් වන පිරිස්. ඒ නිසා ඔවුන්ට ලිංගිකව එක්වීම ගැටළුවක් නෑ. නමුත් ලංකාවේ නියම පෙම්වතුන්ට පවා තත්වය වෙනස්. ඒකක් කන්‍යාපටලය. අනෙක සමාජයේ වපරැස. කාමර දෙන තැන් ඕනා තරම් තිබුනත්. ගමේ කවුරුන් හෝ දුටුවොත් පවුලේම කීරිතිය ඉවරයි. මේ මානසිකත්වයන් වෙනස් වන තුරා මේ ප්‍රශ්ණ ලංකාවේ පවතියි. නමුත් මට තිබෙන පුදුමය නම්. මහා ඇතක නොව, අප පවා විඳි ඒ සුන්දර නිදහස් ලිංගික ජීවන රටාව, මෙතරම් ව්‍යාකූල තත්වයකට පත් වූයේ කෙසේද යන්නයි.

      මෙවන් පෝස්ට්වකට පවා, ඔබේ කොමෙන්ටුවක් දැමීම පිළිබඳව, ඔඹට කෘතඝ්න වෙමි. මම කියන් දේ තේරුම් ගන්න අය බොහොම අඩුයි.

      Delete
  33. ගන්න ඔනෙ කාර් එකක් :P

    ReplyDelete
  34. බයික් එකේ අල හිටවනවා වගේ නව සංකල්පයක් එහෙම නැද්ද...

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් කරපන්. මිනිස්සු පොඩි උනුත් එක්කගෙන එයි, සර්කස් එකක් කියලා...

      Delete
  35. හිටවන උන්ට කොතනත් එකයි..., කාර් එක බීච් එකක් අයිනට ගාල් කලා හිටෙව්වා ... ඔය වැඩේටම ත්‍රිවිල් හයර් කරන උනුත් ඉන්නවා... දෙපැත්තේ රෙදි දෙක දාගත්තම පුංචි කාමරයක් ඒකත් .. ඒවගේ ඒවානම් මමත් දැකලා තියෙනවා වැඩේ කියන්නේ අල හිටවන ත්‍රිවිල් හොයාගන්න ලේසියි... අලේ හිටවනකොට ත්‍රිවිල් එක ටිකක් පැද්දෙන නිසා ..

    ReplyDelete
    Replies
    1. කාරෙක කියලා වෙන්සක් නෑ. ෂොක්ස් හොඳනම්, බඩුම තමයි...

      Delete
  36. මේ කියලා තියෙන්නේ ඉන්ගිරිසියෙන් සැර බාලයි සිංහලෙන් නම් සැර වැඩියි කියලනේ

    ReplyDelete
    Replies
    1. ඉන්ගිරිසියෙන් ලියන්න කියන්න පුළුවන් උන්ගේ ගෝත්‍රික ගතිය අඩුයි...

      Delete
  37. මට කියන්න අමතක උනා ඉස්සර ටෙලිෆෝන් සැක්ස්,දැන් ස්කයිප් සැක්ස් වලින් කාටවත් කරදරයක් වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්කයිප් එකේ උනුත් බලනවද දන්නෙ නෑ.. මම ඒකේ හිටියනම් අනිවාර්යයෙන් බලනවා. ලයිව් ෂෝ නේ...

      Delete
  38. අලහිටවීම සිරාම ගැළපෙන වචනෙ ය.

    ReplyDelete
    Replies
    1. ඕකේ කොපි රයිට්ස් ගරු කටයුතු මාරයාතුමා වන මා සතුය... :D

      Delete
    2. මතකයි මතකයි කරුම විචාරයේ නේද මේ වදන ලිව්වේ

      Delete
    3. ඔය ඉන්නේ අයිතිකාරයා, ඔප්පුවත් අරගෙනම ඇවිත්...

      Delete
    4. ඩ්‍රැකියයි ගමන් මගේ මගියයි දැක්කේ, ගොඩක් කලකින්

      Delete
  39. අල හිටවන්න බැරි උනත් අවශේෂ වැඩ ටික කර ගන්න මම කැම්පස් යන කාලේදී පට්ට ගේමක් දුන්න.දැන් මතක් වෙනකොටත් සතුටුයි.එකෙකුට ඔය අලේ හිටව ගන්න බෝඩිමේ අනිත් පස් දෙනෙක් හොස්ටල් එකේ රෑ ගත කරා...ඒ කාලේ තම ජිවිතේ හොදම කාලය...ඔය වැඩේ ඇන්ටිට නොන්ඩි වෙලා, එතනින් යන්න උනා....

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියයි ගමන් මගේ මගියයි දැක්කේ, ගොඩක් කලකින්..

      මේවා ඉතින් නෝන්ඩි වැඩ තමයි... ආයේ කතා දෙකක් නෑ...

      Delete
    2. ඔව් මාතලන් මේ දවස් වල පොඩි අමතර වැඩ වගයක් කරනවා.අනික රාමසාන් නිසා ඔෆිස් එකෙන් කලින් යනවා.වෙලාවක් ලැබෙනවා අඩු උනා.

      Delete
  40. ඇයි කාටවත්ම මතක නැත්ද නමසිය අනු ගණන් වල කොළඹ - නුවර ඒ/සී බස් තිබ්බා, පැසේජ් එක පැත්තෙනුත් කර්ට්න්ස් දාපු.
    අල හිටවන්න කියපු බඩුව, කොන්දා ටිකට් කැඩුවට පස්සේ. බස්සෙකේ ගැස්සිල්ලත් එක්ක මරු.
    මට යාළුවො කියල තියෙනව ඒ කාලේ කොළබ - කුරුනෑගල , බදුල්ල වගේ පැතිවලත් ඔය වගේ බස් තිබ්බ කියල.
    කොහොමද බදුල්ලේ යන පැය 7-8 ට, 10 පාරකවත් අල හිටවන්න ඇහැකි.
    මට මතක හැටියට පස්සේ තහනම් කලා, ඔය කර්ටන් දැමිල්ල.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු... නියමෙට තියෙන්න ඇති. බස් එක නවත්තන්නේ ක්ලින්ක් තිවුන තැනවල විතරක් වෙන්ටෑ... බදුල්ලෙන් බහින කොට බබත් හම්බ වෙනවනේ..

      Delete
  41. සැක් ,,මාතලන් මාමේ ,,බස හැසුරුවිම පට්ට ඈ ,, අලහිටෝනවා කියන එකේ තේරුම හොයාගන්න ආසාවට අම්මපා කියෙවුවෙ .. ඒත් ඒක ඔයා ලියලම නෑනේ .. එකත් අර වැල කියන එකේ තේරුම හොයාගත්ත වගේ මන්ම හිතාගත්ත,,

    ReplyDelete
    Replies
    1. ඒක මාරයගෙ නිර්මාණයක්...

      Delete
    2. ඒමද ,හි හි

      Delete
  42. අපේ මහාචාර්යතුමාට සැහෙන්න වයසයිනේ,

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න