.

.

Sep 16, 2013

Book Carnival


සුපුරුදු පරිදි පොත් කාරයෝ එක්වී මෙවරත් පොත් පෙරලනවාය. වෙන රට වල පොත් පොදර්ශණ දැකලා තියෙන නිසා මේවා පේන්නේ තනිකර විකාරයන් ලෙසය. ඒත් ඉතින් මේකත් දැන් ට්‍රැන්ඩ් එකක් වෙලාය. සමහර උන් පොත් අරගෙන බුකියෙත් දානවාය. බොගෙත් දානවාය. ප්‍රශ්ණේ තියෙන්නේ ඕවා කියවනවාද කියන එක ගැනය..

කකා ගිය අවුරුද්දේ ගත්ත පොත් තවමත් කියවලා නැතිය. කියවන්නේ නැත්නම් පොත් අරගෙන වැඩක් නැතිය. මම නම් පොතක් කියවපු කාළයක් මතක නැතිය. පොත් වල තියෙන ඒවාට වඩා රහ ඒවා ලියන බ්ලොග් කාරයෝ සිටින නිසා ඒවා වල අවුලක් නැත්තේය.

මේ අවුරුද්දේ නම් යන්න වෙන්නේ නැතිය. යෑමට හිතකුත් නැතිය. ඒ වෙනුවට සෙනසුරාද හැන්දෑවක, ඝෝඨාභය මහත්තයගේ දියවන්නාවට හරි, රෙස්කෝස් එකට ගියාම, අහවරය. පොත් නැතිව අනික් ඔක්කෝම ඒවාවල තියෙනවාය. එහෙම නැතිනම් ගෝල්පේස් එකට ගියාම අහවරය.

මේ අවුරුද්දේ නොයන නිසා. ලියන්නත් දෙයක් නැතිය. වැරදීමකින් හරි ගියොත් ඒ ගැනත් ලියන්නම්ය.. මේ මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා දැකපු ඒවාය. අදත් ඒවායේ වෙනසක් තියෙනවාද කියා කියන්න වෙන්නේ ඔහේලාටය..

නිකං කියවන් නැතුව..
පොතක් ගෙන කියවන්න..

---x---
 
පොත් කාරයෝ එක්වී
පෙරලති අපට පොත්

---x---
 
එති
ගනිති
පෙරලති
දමා යති

---x---
 
පොකට් එක එම්ටි වෙති
ගන්නාවූ පොතක් නැති
නෙත් පුරා රස විඳිති
රෑට වහලෙන් වඩිති
ඇඟද කිලි පොලා යති

---x---
 
නෙතු නොයයි බුක්ස් වලට
යන්නේම පුක්ස් වලට
ඒ නිසා නොයමි මම
පොත් ප්‍රදර්.. ශනවලට
---x---



පෝලිම් දෙකකි වාහන හා ජහ මන                   යා
පැයක් පමණ හිරු රැස් නහමින් සිටි                   යා
ලොකු ලොකු එවුන් නම් පෝලිම මග ඇරි         යා
ටිකැට් ගත්ත පසු අපි ඇතුලට ඇරි                      යා

යකඩ ගොඩක් මැද තඩි ගොඩනැගිල්ල             කි
යන්නට බයයි ඒවා දැක්කාම ස                         කී
ඇතුලට ගියෙමි මහ කලු තඩි ඔළු ගොඩ            කි
පෑලියගොඩත් මෙවැනි පොලක් දැකිය හැ         කී

තැන තැන ලීෆ්ලට් දෙන සුර අඟනන්                 ය
ස්ට්‍රේට් කරන් ස්ට්‍රෙච් ඇඳගත් කෙල්ලන්             ය
උන් පස්සෙන් ජෙල් ගා ගත් කොල්ලන්             ය
බලූ පූට්ටූ ලෙස බැඳි පෙම් වතියන්                      ය

ෆැමිලි නාඩගම මෙහිදිත් නැගල ය                     තී
කශ්ටිය එක්ක එක්වී හිම කිරම ක                       තී
වට පිට බල බලා ඉඳ හිට ලෙවත් ක                    තී
මේ හැත්ත නම් ගන්නා මළ පොතක් නැ            තී

කඩ්ඩෙන් ලියූ පොත් කියවන ඇත්තන්              ය
හවු මච් කියා කෙල්ලෙක්ගෙන් විමසී                 ය
ටූ මච් කියා නැවතත් පොත තැබුවා                    ය
නෑ සුද්දෝ නෙවෙයි අපගේ පද්දන්                    ය

හොයමින් ගිය පොතක් යන්තම් හමූ වූ             වා
මේ පොත කීයදැයි සතුටින් විම සූ                     වා
නොට් එවෙලබල් හෙට නම් යලි එයි ඒ            වා
එන්නට හෙටත් මුදලක් මම ඉල්ලූ                    වා

එහෙම මුදල් දෙන්නේ නැති බව කී                   වා
ඊළඟ වසරෙ එන්නම් යැයි මම කී                     වා
මැරිගෝ රවුම් ඔන්ච්ල්ලා ඉඳිවේ                      වා
පබ් එකකුත් සමග දිගුකල් වැජඹේ                    වා

---x---

117 comments:

  1. ඔය ගිය අවුරුද්දේ ගිහිං වෙචිච සීන් එකද.. පුදුමයි උඹ නිකම්ම එළියට ආවා.. පට්ට කවි ටික

    ReplyDelete
    Replies
    1. අංක එකට පැමිණීමේ උණ රෝගය වැලදුණ එකා.
      -කා(Ka)

      Delete
    2. තෙද බල ඇති කඳ සුරිඳුනි!
      ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි.

      Delete
    3. යන්නෙ තමන්ගෙ වියදමෙන් නම්, කන්නෙ තමන්ගෙ කාලයනම්, පවුලේ කට්ටිය එකතුවෙලා එහෙමනැත්නම් යාළුවො කට්ටිය එකතුවෙලා සතුටින් කාලය ගතකරනවානම්, අනුන්ට කරදරයක් නැත්නම්, දවසෙ අවසානයට (බුකියෙ ශෙයාර් කරලා හරි පුකවල් පොටෝ අරන් හරි ) තමුන් සතුටු උනානම්, මේ කොහෙවත් යන හුයන්නන්ට පාන් ද?

      මාතලන්, මමත් ඔය මගුලෙන් පොත් අරන් නෑ අවුරුදු ගානකට. ඔතනින් පොත් මිලදී ගැනීම ගැන මගේ මතයත් ඔයාගෙ එකමයි. ඒත් යන මිනිස්සු පාච්චල් කරන එකත් වැරදි මම හිතන්නෙ. ඒ එයාලගෙ සතුට!

      ගම්පහ තියනවා මින්සර පොත් මැදුර කියලා කඩයක් (ඇත්තටම කඩ දෙකක් තියෙනවා). කියවීම ප්‍රවර්ධනයට උත්සාහ ගන්න බව පේනවා. කියවපු පොත හුවමාරු කරන ක්‍රමයකුත් තියෙනවා කියලා ආරංචි උනා. එක කඩේක ඉඳගෙන කියවලා දාල එන්නත් පහසුකම් සලසලා තියෙනවා.

      Delete
    4. මචං ඇනෝ පප්පේ, මට අදාල නැතත් මගේ අදහස කියන්ඥං
      //යන්නෙ තමන්ගෙ වියදමෙන් නම්, කන්නෙ තමන්ගෙ කාලයනම්,....//

      මොකාගේ වියදමින් ගියත්, මොකාගේ සල්ලිවලින් ගියත්, ඒක පප්පා සමාජයට අවුලක්නම් ඉවසන්නේ නෑ බං. මොකද ඒ දිහා බලාගෙන තව-තවත් එවුන් ඉබාගාතේ දුවනවා. තල් අත්තට මොකක්දෝ වැටෙද්දී එකෙක් හැති දාගෙන දීවලු ලෝකෙ පෙරලෙනවා කියලා. එක බලාගෙන හිටිය අනිත් උනුත් ඉබාගාතේ දුවනවා.
      අන්ත එතනයි වැරැද්ද මචං. අපේ පප්පලා හුඟක් ඔළුවෙන් හිතලා වැඩක් කොරන්නේ නෑනේ ආයුබෝවන්. (මේක පොත් ප්‍රදර්ශනය ගැන කියපු එකක් නෙමේ.)
      -කා(Ka)

      Delete
    5. අනිත් මිනිස්සු ඉබාගාතෙ දුවනවා වගේ පේන්නෙ උඹේ අවුලක් හින්දා වෙන්නත් පුලුවන්නෙ ක(Ka) පප්පේ :D

      Look into yourself first buddy!

      Delete
    6. ගිය අවුරුද්දේ නෙමෙයි බන් අවුරුදු දෙකකට කලින්..

      Delete
    7. http://kathandara.blogspot.com/2013/09/in-defence-of-september-book-fair.html?showComment=1379490058222#c8086582595094961452

      Delete
  2. ඉරිසියාවේ සන්තෝසේ බැරුවා (ඉරිසියාව අපිට යන්න වෙන්නේ නැති නිසා ..... සන්තෝසේ යන්නේ නැති අය ලංකාවෙත් ඉන්න නිසා)

    ReplyDelete
    Replies
    1. මැලේ අච්චාරුගේ කියමනට විලිලැජ්ඡාවේ සංතෝසේ බෑ.
      -කා(Ka)

      Delete
    2. පොත් වල වට්ටම් ගැන නොදන්න උන් තමයි ඕකේ කරක් ගහන්නේ..

      Delete
  3. Weldone mathalan.Nayan

    ReplyDelete
  4. //නෙතු නොයයි බුක්ස් වලට
    යන්නේම පුක්ස් වලට//
    මේකනම් ලෙඩක් බොල, කාලයක් තිස්සේ කෙනජි සමඟ පිට කසා ගැනීමේ ප්‍රථිපල තමා.
    -කා(Ka)

    ReplyDelete
    Replies
    1. එයාගෙ නෙත්ස් යන්නෙ කෙල්ලන්ගෙ පුක්ස් වලට බං.

      Delete
    2. ඔව්, කෙන්ජිගේ නෙත් යන්නේ අර මාතලංගේ බොගේ උඩින්ම දකුණු පැත්තේ තියෙන පින්තූරේ වගේ ඒවට.
      -කා(Ka)

      Delete
    3. ලෙඩක් වෙන්න ඇති... පොඩි කාළේ ඉඳන් තියෙනවා.. හැබයි කෙල්ලන්ගේ ඒවා විතරයි..

      Delete
  5. එළකිරිස් කවි ටික.

    ReplyDelete
    Replies
    1. මොනව ද කෙන්ජි අපේ මිත්‍රයා මාතලන් ලිව්වොත් ඉතින් එළකිරිම තමා.

      Delete
    2. -කා(Ka) එන්නකෝ මෙතැන්ටත්

      Delete
    3. පොත් මාසේ හින්දා Kaවාට වැඩ වැඩියි.

      Delete
    4. බොගේ බොරුවට/සෝබනේට/අමනකමට කොමන්ට් පොත දාන පප්පලා / පිප්පිලා අඩු වෙනකොට කා(Ka) ට වැඩ අඩුයි ආයුබෝවන්. කා කියපුවාගේ වැරැද්දක් තියෙනවද පත්තර පප්පේ.
      මම මේ බලාගෙන හිටියේ අර මහ ලොකුවට කෙකරගාලා පටන්ගන්න ට්‍රයි එකක් දීපු ලකෆ්‍රෑන්ස් බොගක් දානකන්.
      කා(Ka) ගේ යාළුවෙක් ඉන්නවා බං, ඒකා ප්‍රදර්ශනේට රිංගුවෝත් පොත් දෙකක් තුනක් ඉනේ ගහගෙනමයි එන්නේ. ඔය පොත්වලටත් ටැග් හයිකොරන්ඩ වෙන කාලයක් නොවැ මේක.
      කෑ-කෝ පප්පා, සූර පප්පා, වෙද පප්පා පිට කසවන වැඩේ නම් මට කොරන්න බෑ. දැන් අර පිටකසවන ඇනෝ නැතත් ඒක පව්ලූශා ගානට කොරගෙන යන්නේ.
      -කා(Ka)

      Delete
    5. ආත්ල් කොමෙන්ට් එක.. කසන ඇනෝ නෑ හුඟ දවසකින්..

      Delete
  6. හප්පේ ගිය සැරේනම් අපිත් ගියා ඇයි බොලං අම්පාරේ ඉස්කොලේට පොත් ඇද්ද නේව...පොත් බලලා අජීරනෙට ආවේ නැති ටික විතරයි..!!!

    ReplyDelete
    Replies
    1. බලාගෙන මුර්තජ "ණ" යන්න හිරවෙන්න පුළුවන්..

      Delete
  7. මම නම් එකපාරක් වත් ගිහින් නෑ... යන්න අදහසකුත් නෑ... මගේ පොත් ගැනිල්ල ඉතිං එක්කො හොඳයි කියල ලැබුන ඔත්තුවකට ගිහින් ගත්තොත් හරි, එහෙම නැත්තන් මොකක් හරි කට්ටක් කන ගමන් අහල පහල පොත් කඩේකට රිංගල, යාළුවෙක්ට ප්‍රසන්ට් එකක් විදිහට පොතක් ගන්න යන ගමන් මටත් පොතක් ගත්තොත් තමා...

    ReplyDelete
    Replies
    1. මේක මචං පොලිටික්කන්ගේ මැයි පෙලපාලිය වගේ. ඒ උනාට කියන්නේ කන්කරු දිනේ කියලනේ.. හැබයි මේකේ නම "පොත්" ප්‍රදර්ශණය කියලා දාලා තියෙන එක නම් බොහොම වටිනවා..

      Delete
  8. ඉතාම ඈත දශකයකටත් පෙර සිට ගොස් තිබුනත් (එකල පොත් ප්‍රදර්ශනේ තිබ්බෙ මට මතක විදියට කළා භවනේ හරි ජෝන්ද සිල්වා හරි මතකක් නැහැ හරියටම.) දැන් කාලයක සිට නොයමි. එකල නිදහසේ දවසක් ගතකර පොත් තෝරා ගැනීමට හැකියාවක් තිබ්බා. නමුත් දැන් එතැන තියන කාලගෝට්ටියේ හැටියට ඒකට නොයා ඉන්න එකමයි හොද. දුව කරදර කලොත් ගොඩ වැදීමට වෙනවා. ඒත් මම නම් පොත් ගන්නෙ නැහැ. අනෙක මගේ පුස්තකාලය දැන් ඕවර් ලෝඩඩ්. කොහේ කියලා තියන්න ද?
    ඒත් කොලු කෙල්ලන් යන එකට නම් කිසිත් නොකියමි. පස් ඉදුරන් පිනවීම ...........

    ReplyDelete
    Replies
    1. ඕන දවසක මරදානට යන්න වෙද මහත්තයා, ජාත්‍යන්තර පොත් හිටන් තියෙනවා. වට්ටමුත් ලැබෙනවා. තට්ටමුත් බලාගෙනම එන්නත් පුළුවන්..

      Delete
  9. /* කකා ගිය අවුරුද්දේ ගත්ත පොත් තවමත් කියවලා නැතිය. කියවන්නේ නැත්නම් පොත් අරගෙන වැඩක් නැතිය. */

    ඒ විතරක් නොවෙයි, මං ගිය අවුරුද්දේ ඩියුටි ෆ්‍රීු එකෙන් ගත්තු විස්කිත් තාම බීලා ඉවර කරන්න බැරි වුනා?

    ඇයි අවුල්ද?

    ගෙදර බෝතල් තියෙනවාය කියා ඒ ටික ආයේ දවසක ඩියුටී ෆ්‍රු ගන්න ලැබුනොත් නොගෙන ඉන්නේ මොන මෝඩයාද?

    ගිය අවුරුද්දේ සැප්තැම්බරය් ගත්තු පොත් තාම කියවලා ඉවර නැති වුනාට මං පහුගිය මැයි මාසෙත් පොත් පහයක් හයක් ගත්තා. ඒවායින් නම් තුනක් ම දැන් කියවා හමාරයි.

    ReplyDelete
    Replies
    1. දවසකට සෙන්ටිමීටර් දෙකක් බොන අය ගෙ ගෙවල්වල කොහොමත් බෝතල් ලොකු ස්ටොක් එකක් තියෙනව තමා.

      Delete
    2. ම්ලිමීටර් දෙකක් වෙන්න ඇති...

      Delete
    3. පොත් නම් කමක් නෑ... අනේ දෙවියනේ... අර විස්කි එක...

      Delete
    4. දේශ් ස්තුතියි..
      මම කෙටි දුර ධාවකය නිසා මීටර් ගැන ලියද්දි පොඩ්ඩක් අප්ෂට්..

      Delete
    5. සංසාරේ කකා කොහොමද අප්පා ඔය ටික තියාන උන්නේ ...හැබැයි ඉතින් අපි වගේ තනියම ඉන්නකොට කොහොමත් පෙවෙනවා . ,..

      Delete
    6. හැමෝම ලියන්නේ මේ ප්‍රදර්ශනය ගැන. ගොඩක් සෙනග යන තැනක් වගේ. එදා මට නම්, ආස පොත් ගන්න මුදල් තිබුනේ නැහැ. අද, එදා තරම් කියවන්න ආසාවක් නැහැ (පොත් කියවීම පැත්තක තියෙත්දී කකාගේ ගෙවල් පැත්තේ රවුමක් ගැහුවොත් හොඳා වගේ!).

      Delete
    7. @ කෙන්ජි, මාතලන්, දේශකයා

      මේවා පෙරපු එවුන් අවුරුදු 12 ක් ගුදම්වල දාගෙන ඉඳලා තියෙන එකේ අපේ ගෙදර තව අවුරුද්දක් තිබුණට මොකද වෙන්නේ?

      දන්නේ නැත්ද විස්කි එන්න එන්න හොඳ වෙන බව?
      http://kathandara.blogspot.com/2012/05/aging.html

      ?

      Delete
    8. ඒක නම් ඇත්ත රයිගම.

      Delete
    9. ඔය කිව්වට මූඩිය කැඩුවයින් පස්සෙ නරක් වෙන්න ඉඩ තියෙනවා...

      Delete
    10. කකා ඕස්ට්‍රෙිලියා එන්න හිතනවා විගහිං කකාගේ ගෙවල් පැත්තේ...

      Delete
    11. කකා... නාකි මනමාලයගෙන් කෙල්ල පරිස්සම් කරගනින්.... නංගියේ... කෙලිච්චියේ.... ඔයා දොයියන්න වගේ වචන දුවට හුරු නැතුව ඇති මයෙ හිතේ.....

      Delete
    12. කඩල දවසකට වඩා තියපු රැස් ගිය විස්කි බොන්න හොඳ නෑලු කකා,මතකද කැලෑහඳ

      Delete
    13. කකා, මෙල්බර්න් පැත්තෙ එනවනම් ඔය බෝතල් ටික ඇරන් වරෙන්, මම පෙන්නන්නම් ඉවර කරන හැටි.

      Delete
    14. රැස් ගිය විස්කි ටුස් ගාලා ගැහුවෑකි මස් කකා.

      Delete
    15. විස්කි කීවම මේ නාකි සෙට් එකට දවල් තරු පෙනිලා වගේනේ මෙතන... හික්ස්...! හු හු හු හු....

      Delete
    16. විස්කි කිව්වම ගල් වගේද නෝනේ... අයිස් කැටයක් විතරනේ ඕන..

      Delete
  10. හඃ හඃ හා...... සුපිරියි.

    ReplyDelete
  11. මා පොතක් ලියා පළ කිරීමේදී, කතෘ භාගය ලෙස මට ලැබෙන මුදල තීරණය ඌ ආකාරය. මෙය මා විමසූ ප්‍රකාශන ආයතනයක කිහිපයකම එක සමානතාවයක් විය.

    1) මුද්‍රණය කරන පොත්වල විකිණුම් වටිනාකමින් 10% ක කතෘ භාගයක් ගෙවන බව‍
    (නමුත් ඔවුන් අපට පවසනුයේ පොත් 1000 ක් පමණක් මුද්‍රණය කරන බවය. එහෙත් ඔවුන් බිල් පොත් දෙකක් පවත්වාගෙන යයි.)

    2) මා ඉල්ලා සිටින මුදලක් මුලදීම ලබා දී අදාළ පොත එකී භාෂා මාධ්‍යයෙන් ප්‍රකාශන කිරීමේ සම්පූර්ණ අයිතිය ඔවුන් ලබා ගැනීම.
    (නැවත, නැවත මුද්‍රණය කිරීමේදී කිසිදු මුදලක් නොගෙවයි.)

    3) පොත් මාගේ වියදමින් මුද්‍රණය කර දෙනු ලබන්නේ නම් ඔවුන් පොතේ සඳහන් විකිණුම් මුදලින් 45%-50% අතර discount එකක් ඉල්ලා සිටී.
    (සමහරවිට අඩු මිලට පොත් විකිණීමට සිදුවුවහොත්, එහි පාඩුව කතුවරයාට දැරීමට වන අවස්ථා ද ඇත.)

    මේ අනුව කතුවරයකුගේ අසීරූතාවය සිතාගන්න. නමුත්, උණු කැවුම් මෙන් විකිණෙන මල් කතා පොත් කතුවරයන්ට මෙය නොදැනෙනවා විය හැකියි.

    ** ගරු සරු මැද නිතර කැපී පෙනෙන ඉතා ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෙකුගේ පළමු දියණිය (පළමු විවාහයේ) අද වාරියපොළ ප්‍රෙද්ශයේ කුඩා පොත් කඩයක් පවත්වාගෙන යයි. ඇයට පිය දායාදය නැත.

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලේ ලියා ඇති ඔබ කරන චෝදනා හැර අන් සියල්ල මං දන්නා තරමින් බටහිර රටවලත් භාවිතා කෙරෙන ක්‍රම තමයි.

      දෙවෙනි ක්‍රමයට පොතක් ලියන්නට ලැබෙන්නේ ඉතා ප්‍රසිද්ධ කෙනෙකුට පමණයි.

      Delete
    2. කකාගේ මීලඟ පොත,
      බ්ලොග් අතරේ සිවු වසරක්,
      කතන්දර තමයි ලීවේ.

      Delete
    3. පොත් ප්‍රකාශනයේ සම්මත නීති මේවා තමයි නිර්මලා... ඒත් ඔබ වරහන් තුළ පෙන්වන කරුණු නම් කනගාටුදායකයි. ඇත්තටම ඒ කොන්දේසි දැම්මද ඔබට. ඒසේ දැම්මේ නම් ලියන්නකෝ ඒ ගැන නම් ගම් ඇතිව පෝස්ටුවක් හොඳ කතිකාවක් ඇති කළ හැකියි.

      Delete
    4. නෑ නෑ, කකාගේ මීලඟ පොත,

      බ්ලොග් අතරේ සිවු වසරක්!
      ඇනෝල තමයි හරිම වදේ!!

      Delete
    5. කකා සහ නලින් කියන දේ නිවැරැදියි. නමුත්, ප්‍රකාශක සෑම අවස්ථාවේදීම කතුවරයන් ඉත්තන් කරගෙන ලභ ලැබීමට අනන්ත උත්සාහ කරනවා. මා අසා තිබෙනවා, අරක්කු කාලකට පොත් ලියවාගෙන ඇති බව. එහි සත්‍ය අසත්‍යතාවය මා දන්නේ නැහැ.
      ඹක්තෝබර් මාසය සහිත්‍ය මාසය වූවත්, ප්‍රකාශකයන් සාහිත්‍යමය වටිනාකමක් සහිත කවි, කතා පොත් ප්‍රකාශයට මැලි කමක් දක්වනවා. ඊට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ අලෙවියේ අඩු බවයි. ප්‍රකාශකයන්ද තම නම රැක ගැනු වස්, තෝරාගත් කෘතී කිහිපයක් පමණක් එළි දක්වනවා. මීට අමතරව අනෙකුත් පොත් ද, ප්‍රකාශයට පත් නොකර ඔක්තෝබර් මාසය දක්වා ප්‍රමාද ලයිස්තුවේ තබා ප්‍රකාශයට පත්කරන පොත් ප්‍රකාශකයින් ද සිටී. ඒ ඔවුන් සාහිත්‍ය මාසයේදී මේ තරම් පොත් ප්‍රමාණයක් එළිදැක්වූවායි ආඩම්බරෙන් කීම සඳහා විය හැකියි. එනම් ප්‍රකාශකට ඔක්තෝබර් යනු මාර්කටින් මසකි.

      Delete
    6. මට නම් ඒ ගැන දැණුමක් නෑ. මටත් ආසයි පොතක් ගහන්න.. නමුත් මේ ඒකට කාළේ නෙමෙයි..

      Delete
  12. සිරා කවි ටික....... අඟන රැඟුම් එලි මහනේ......

    ReplyDelete
    Replies
    1. කෝරලේ පප්පාත් දැන් දැන් කෙනජිගේ පාරේ යන බව පෙනී පෙනී යනවා.
      -කා(Ka)

      Delete
    2. යන්නම ඕන බලන්න.. ඒකනේ සමහරුන්ට මල පැනලා තියෙන්නේ..

      Delete
  13. සාහිත්‍ය මාසය කියන්නෙත් හරි අපූරු දෙයක්.

    ReplyDelete
    Replies
    1. තවත් කට්ටියක්, පොත් තෝරන ගමන් සාක්කුවේ දාගන්නවා. සමහරු හෑන්ඩ් බෑග් එකේ දානවා. සමහරු........... බලන්න පප්පලා/පිප්පිලාගේ වැඩ කිඩ.

      ඒ ටීම් එකේ අයත් මෙතන ඉන්නවලුනේ ආයුබෝවන්.
      -කා(Ka)

      Delete
    2. ඔය හොරා පොලිස් සීන් එකට අපේ අභීත සම්බන්ධයි ඇනෝ.

      Delete
    3. ඒකත් වැලොන්ටයින් වගේ තමයි...

      Delete
  14. කවි ටිකත් අනික් ටිකත් හරි සම මරු ...

    ReplyDelete
    Replies
    1. බීපු වෙලාවකද කොමෙන්ට් කලේ..

      Delete
  15. පොත් ප්‍රදර්ශනේ ගැන කියපු දේවල් බොරු කියලා කියන්න බෑ. ඒත් ඉතින් ඒ දේවල් පොදු හැටියට සාධාරණීකරණය කරන්නත් බෑ. පොත් කියවීම විලාසිතාවක් නැතුව පුරුද්දක් කර ගන්නවා නම් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... ඒකම තමයි කවි ටික්නුත් කිව්වේ..

      Delete
  16. තැන තැන ලීෆ්ලට් දෙන සුර අඟනන් ය
    ස්ට්‍රේට් කරන් ස්ට්‍රෙච් ඇඳගත් කෙල්ලන් ය
    උන් පස්සෙන් ජෙල් ගා ගත් කොල්ලන් ය
    බලූ පූට්ටූ ලෙස බැඳි පෙම් වතියන් ය

    මේක තමයි මම කැමතිම කවිය , මේක කියවපු ගමන් පොත් ප්‍රදර්ශනය බැලුවා වගේ දැනුනා , හැම ප්‍රදර්ශනේම තියෙන්නේ ඔච්චරයි , දැන් අර ඇඳුම් ගන්න ඔඩෙල් යනවා, කන්න KFC යනවා, සපත්තු ගන්න MC යනවා, කොම්පියුටර් ගන්න යුනිටි ප්ලාසා යනවා වගේ වෙලා පොත් ප්‍රදර්ශනේට යනවා කියන එකත්

    ReplyDelete
    Replies
    1. මේ කවියේ යවහන් දෝශයත් නැති නිසා ශබ්ධ රසයත් හොඳයි!

      Delete
    2. මම නම් ඔය දෝෂ සලකන්නෙ නෑ.. නමුත් මේක එහෙම ලියවිලා තියෙනවා.. නලියා තමා කියලා දුන්නේ..

      Delete
  17. ඇත්තම කිව්වොත් මාතලන් මම නම් නොයන්නේ මම ඔහේ නැති නිසා. එහෙම නැතිනම්, පොත් කඩ, පරණ පොත් කඩ, පුස්තකාල, පොත් ප්‍රදර්ශණ මගේ ප්‍රියතම හැන්ගවුට්ස් තමයි. කොච්චර කම්පියිටර් වලට, ඉන්ටනෙට් එකට ඇලී ගැලී හිටියත් පොත් වලට තියෙන ආසාව කවදාවත් නැති වෙන්නේ නෑ මගේ නම්.

    ReplyDelete
    Replies
    1. එහෙම සෙට් එකකුත් එනවා මචෝ... හැමදාම මම දැකලා තියෙනවා ඉස්සර...

      Delete
  18. හිටියානම් ගිහින් පොත් තොගයක් ගන්නවා...:(

    ReplyDelete
    Replies
    1. හොරෙන්ද?
      -කා(Ka)

      Delete
    2. කපල් එකට හොඳ ස්ට්‍රෝලිං පාර.. හනීමුන් කපල් වැහි වැහලා..

      Delete
  19. කතාව ඇත්තය මාත් ඒ පැත්තේ නොයන්නේ ය. පොත් ගන්න ආයතනයෙන් ලැබෙන කෝටාවෙන් ඒ ඒ පොත් සාප්පුවටම ගොස් 30% වට්ටමත් එක්කම පොත් ගනිමි.

    මාතලන් මේ කවි එක පේලියට එන විදියට බ්ලොගට ගත්තේ කොහොමද ඒ ගැන දැනුවත් කරන්නකෝ.

    ReplyDelete
  20. තව මාසෙකින් දෙකකින් පරණ ගාමිණී හෝල් හන්දියේ 'පොත් ප්‍රදර්ශකයන්ගෙන්' ඔය පොත් වලින් හුඟක් ඒවා අඩු මිළට ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඉස්සර පොත් පිස්සුව තිබුන කාලේ.. මම පොත් ගන්නේ බම්බා පේමන්ට් එකෙන්..

      Delete
  21. ලංකාවෙ හිටියනං සමහරවිට යැවෙන්න තිබුනා,කොහොමත් පොත් ප්‍රදර්ශනයට යන එක අද විලාසිතාවක් වෙලා,ගොඩක් අය යන්නෙ පොත් කියවන බව පෙන්නන්නයි.
    කොහොමත් මට පොත් කඩෙන් 30%කැ වට්ටමක් ලැබෙන නිසා ඕනෑ වෙලාවක ගිහින් අවශ්‍ය කරන පොත් ටික අරගෙන එන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් අයට ඔය වට්ටම් ලැබෙනවා. හැබයි තට්ටම් බලන්න වෙන්නේ නෑ..

      Delete
  22. මේ සැරේ පොත් ප්ප්‍රදර්ශනේ පැත්තේ යන්න වෙන්නේ නෑ... විභාග අභාගේ.... :/ ගිය සැරේනම් Needy Readers සමාජ සත්කාරේට පොත් එකතු කරන්න ගියා නේ...

    ReplyDelete
    Replies
    1. ඒවා නම් පින් සිද්ද වෙන වැඩ..

      Delete
  23. මමනම් ඕකට යන්නේ නෑ . ඊට වඩා ලයිබ්රිය හොඳයි . මොකද සල්ලි යන්නේ නෑනේ .

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මාත් අපේ "ගංසබා" පුස්තකාලේ ඉවරවෙනකම්ම කියෙව්වා!

      Delete
    2. පබ්ලික් ලයිබ්බරියේ කාඩ් එකක් තවමත් ඇති. කොහේද දන්නෙ නෑ..

      Delete
  24. Poth kiyavanna vicharakathuma thawa ave nene

    ReplyDelete
    Replies
    1. උන්නැහේව මරාගෙන කනවනේ මෙතනට ආපුහම..

      Delete
  25. පටන් ගත්ත කාලෙනම් ගියා බන්. එතැන කොහොමද බන් පොත් ගන්න මානසිකත්වයක් ඇතිවෙන්නේ. ඉස්කෝලේ ඉන්ටවල් එක වගේ. මිනිස්සුන්ගේ සද්දේ මදිවට සංවිධායක එනෞන්ස්මන්ට්. මම කියන්නේ ඒ කාලේ.දැන් ඊට වඩා හපන් ඇති.

    මොනව උනත් උඹේ ලිපිය කියවනකොට චිත්‍රය මැවෙනවා. කවි ටිකම ප්‍රමාණවත්.

    ReplyDelete
    Replies
    1. දැන් නම් ට්‍රෙන්ඩ් එකක්.. මේකට යනවා කියන එක.. ආනේ ඔයාලා තාම ගියේ නැද්ද.. අපි නම් හැමදාම ගියා කියන්න හදාගත්ත සෝ එකක්..

      Delete
  26. අනේ මම නම් ගියා..මගේ කොල්ලෝ දෙන්නගෙන් බේරුමක් නැති නිසා..පොඩි උන් දෙන්නගේ ආසාවනේ...මාත් අතේ ඇති ලෙස පොතක් දෙකක් ගත්තා...

    ReplyDelete
    Replies
    1. මම යැවෙන්නෙත් පොඩි මෑන් නිසා තමයි..

      Delete
  27. මම නම් හැම අවුරුද්දකම යනවා මේ පාරත් දැනට දවස් දෙකක් ගියා.. විශේෂයෙන් දුරල්භ වැදගක් පොතක් හමුවුනොත් විතරක් ගන්නවා. විහේෂයෙන්ම යන්නේ කලකින් හමුනොවූ මිත්‍රයන් බැහැදැකිමටයි.ඒක කාලය මරන්න හොඳ තැනක්.

    පොත්වල මිල කියනවනම් 90% ක් තැන්වල ඩිස්කවුන්ට් 20% ඒත් අදාල පොත් ප්‍රකාශකයාට කෙලින්ම 30%-35% අතර ඩිස්කවුන්ට් දෙන්න පුලුවන් ඒත් එහෙම දෙන්නෙ නැ. ඒක ලොකු අඩුවක්. අනික බාල කඩදාසියේ කරපු මුද්‍රණ, ප්‍රමිතියකින් තොරකරපු මුද්‍රණ සහ ප්‍රකාශන, ඉබාගාතේ කරපු පරිවර්තන කෘති බහුලව තියෙනවා. ඒ වෙලෙන්දන්ගෙන් ආරක්ෂා විය යුතුයි..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි. දැන් මෙතන ගොඩක් පොඩි උනුත් රස්තියාදු ගහනවා.. උන් බලන පොතක් නෑ.. තනිකර වල් කමට එන්නේ..

      Delete
  28. මා නම් ගන්නා පොත් කියවනවාම ය. ඩිංගකට පොත් සල්පිලට ගොඩ වෙලා කාලකෙ ඉදන් ගන්න ඕනමයි කියල හිතුව පොත් කිහිපයක් අරන් ආවා...

    ReplyDelete
    Replies
    1. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියනවා නේ.. බාගෙට හරි එහෙම උනත් ළොකු දෙයක් නේ..

      Delete
  29. කවියනම් සුපිරිමයි ඕන්

    ReplyDelete
  30. Il mondo di una povera pazzaSeptember 25, 2011 at 11:55 PM

    මේ පොත් කතා ඇහෙද්දි ලංකාවේ තරම් පොත් කියවන මිනිස්සු කොහේවත් නෑ කියලා මටත් හිතෙන්නේ?
    ඉතින් දෙයියනේ මේ පොත් කියවන මිනිස්සු මේ තරම් ඉන්න රටක හැටි කියලා දුක් නොවුන අවශ්තාත් නැත්තේම නෑ.

    බලාගෙන ගියාම කට්ටිය පොත් කියවන්න බලාගෙන යනවට වඩා වෙන දේවල් වලටනේ යන්නේ නේද මාතලන්...
    මචන් ඔය ජෙල් ගාලා හොඳට ඇඳ පැලඳ ගත්ත කොල්ලො විතරමද ඔතන ඉන්නේ...එහෙනම් හොඳ වෙලාවට එන්න නොලැබුනේ... හෙ හෙ
    ReplyDelete

    අවුරුදු දෙකකට කලින් මම මෙහෙම ලීවා මේකෙම.
    *අදටත් මම කියන්නේ ඒකමයි. පොත් කියවන මිනිස්සු සිටින සමාජයක් මීට වඩා වෙනස් වෙනන් ඕනේ!!!!!!*

    ReplyDelete
    Replies
    1. පොත් කියවන සාමජෙකට වඩා තියෙන්නේ පොත් කියවනවා කියලා පෙන්නන සමාජයක් හා නොකියවන සමාජයක්..

      Delete
    2. ඔය කතාව අභීතට ඇහෙන්න කියන්න එපා... ඇට දෙකත් අරන් ගිහින් සුප් හදලා අනාථ නිවාසෙකට දානයක් දීලා ඒක බ්ලොග් එකෙත් දායි.....

      Delete
    3. සොරි උඩ කොමෙන්ට් එක පහල මාතයගෙ රිප්ලයි එකට

      Delete
  31. පොත් කියවන්ඩ නම් මමත් බොහොම කැමතියි . ඒත් මම අන්තිමේට පොතක් සල්ලි දීලා ගත්තු කාලයක් මතක නෑ . මට පොතක් කියවන්න ඕනෙම නම් ඒ පොත කාගෙන් හරි ඉල්ලාගැනීම තමයි මං කරන්නේ . ඉල්ල ගන්ඩත් කාලඟවත් නැතිනම් අමතක කරලා දානවා ..

    ඉස්කෝලේ දහය වසරේ ඉන්න කාලේදීමයි මට ශර්ලොක් හෝම්ස් (චන්දන මෙන්ඩිස්ගේ) පොත් සෙට් එකම සල්ලිදීලා ගන්ඩ ආසා හිතුනේ .. කොහොම හරි එක පොතක් ඉස්කෝලේ පුස්තකාලේ තිබුන නිසා ඒක ගල් කෙරුවා . අනෙක් පොත් ට්ක ගන්ඩ විදියක් නැතුං ශර්ලොක් හෝම්ස් ව අමතකම කෙරුවා ..

    කොහොම හරි මේ අවුරුද්දේ මට වාසනාව පෑදුනා .. කවුද පින්වතෙක් ඒ පොත් සෙට් එකම ස්කෑන් කරලා අන්තර්ජාලෙට දාලා ..දෙයියනේ කියලා පින් දීලා ඩවුන් කරගත්තා .. මට නම් ඉතින් ඔය තට්ටු ගනං පොත් ගන්ඩ සල්ලි විනාස කරන්ඩ හිතක් නෑ ... ඊ බුක් (ෆ්‍රී) ෆෙයා එකක් තිබුනොත් කියාපල්ලා ..

    බයිද වේ මචං කවි ටික නම් මරු ..

    ReplyDelete
    Replies
    1. පොත් ගල් කරන උන් නම් මට පෙන්නන්න බෑ. මගෙත් පොත් ගොඩක් ගල් කරා යාලුවෝ... දැන් නම් ඒවා වල ආසාවක් නෑ.. ඔක්කොම වගේ දන් දෙනවා..

      Delete
    2. ඔය කතාව අභීතට ඇහෙන්න කියන්න එපා... ඇට දෙකත් අරන් ගිහින් සුප් හදලා අනාථ නිවාසෙකට දානයක් දීලා ඒක බ්ලොග් එකෙත් දායි.....

      Delete
  32. පොත් කතා හැමෝම කියන හින්දා මේ කතාවත් ලියලාම දාන්නම්. ලංකාවේ පොත් වෙළදාම් කරන අය කරන්නෙ මංකොල්ලකෑමක්.
    ගිය සිකුරාදා සුනෙත්‍රා රාජකරුනානායක එක්ක කතා කරද්දි එයාගේ පොත අවුට් වුනා කීවා. ලංකාවෙත් ඉඳලා පොත ගන්න බැරි වීම ගැන අපරිමිත දුකින් පොත සරසවි එකෙන් ගන්න බැලුවා. පොතේ ගාණ නම් 550යි. මෙහෙට ගෙන්න ගන්න 3890 ක්. මම නිකම් යාළුවෙකුට කියලා පෝස්ටල් කොස්ට් චෙක් කලා. 1250ක් වගේලු. ඉතින් පොත් කියවන්නෙ කොහොමද? මේ පොත ඒ ගාණට වුනත් මම ගන්නවා ඒ සුනේත්‍රාට මම පිස්සු වැටිලා හින්දා දැන්. ඒත් සාමාන්‍ය කෙනෙක් මේ විදියට පොත් කියවන්නෙ කොහොමද? මට රුපියල් දාහකට දෙදාහකට අඩුවෙන් මෙහේ ඕන තරම් පොත් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මිනිස්සුන්ට පොතකට තියා ඉරිදා පත්තරේකටවත් මුදල් වෙන් කරන්න අමාරුයි අද රටේ. ඔය පොත් ගෙනියන්නේ සෝබනේට. කියවන්න නෙමෙයි. ප්‍රසිද්ධ අයගේ පොත් ගන්නවා ෂෝ එකට..

      Delete
  33. සෝබනේට හරි ට්‍රෙන්ඩ් එකට හරි පොත් ගන්න එක හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. උඩම තියෙන කවිය කියෙව්වද...?

      Delete
  34. මේ පොස්ට් එකේ හරය මම ගියවර ලියපු ලිපියේ තිබුණා නේද කියලා හිතුණා. මමත් මේ කාරණා වලට එකඟයි. ගොඩක් තියෙන්නේ බොරු සොබනේ. මේක බලන්න - ගියපාර ලියපු එක

    සාහිත්‍ය මාසයේ කියවන්නට(හිතන්නට) යමක් .....

    ReplyDelete
    Replies
    1. මාත් මේ අවුරුදු දෙකකට කලින් ලියපු එකක්, දැන් තත්වේ තවත් දරුණුලු..

      Delete
  35. mamath okata waradanne nathiwa 3 poth 3k salli deela gattot 5 k ussanawa poth issuwe nathnam mata ninada yanne na banz.
    habai oka nama mafiayawak thama. ape moda harak poth kiyawala danuwath wela chandaya denne katada kiyala therenawa neda eka nisa okun nokiyawa inna eka hondai

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න