.

.

Dec 10, 2013

පලා බබාව වත් දිනා ගනීද..? - Western Provincial Council Election


ලබන වසර මැතිවරණ වසරක් බව, සෑම අතින්ම ලැබෙන තොරතුරු වලින් පැහැදිලිය. එයිනුත් විශේෂ අවධානය යොමු වන්නේ, බස්නාහිර පලාත් සභාව වෙතය. මාතලන් සිටින්නේ, පලාත් සභා අහෝසි කළ යුතුය යන මතයේ නිසා, පලාත් සභා ඡන්දය අවලංගු කර දමනවා විනා, කිසිවකුටත් ඡන්දය ප්‍රකාෂ කිරීමට යොමුවන්නේ නැත.

එහෙත්, අද රටේ පවතින කාළකන්නි දේශපාළණ සංස්කෘතිය අනුව, පලාත් සභා යනු, පාර්ලිමේන්තුව සඳහා හොරකම, වංචාව හා චන්ඩිකම් පුරුදු කරනා ස්ථානයන්ය. මැරකම්, ස්ත්‍රී දූෂණ, හොරකම්, දූෂණ පිරි, ප්‍රාදෙශීය සභා මට්ටමේ සිඳුවන, සමාජ සෙවා කටයුතු, මෙම ආයතනය තුලින් සිඳු නොවන්නේ. ඊළඟ පියවර තෙක් මහත්මා චරිතයක් රඟපෑමක යෙදෙනවා මිස, හැදියාවක් ඇති පිරිසක් ඇති නිසා නොවේ. මේවා තුලද සිටින්නේ, පහළම මට්ටමේ පාළණ ආයතනයන්වල, දූෂණ සම්බන්දයෙන් විශේෂඥ්ඥයන් වී, ජහ මනතාව විසින්, ඔවුන්ගේ සියළු මැරකම් අනුමත කොට, වැඩිම මනාපයෙන් පත් කර එවූ පිරිසක්මය.

වර්ථමානයේ ජනතාව (සාමාන්‍ය) ජීවත් වන්නේ, ආර්ථික වශයෙන් උපරීම අමාරු තත්වයකය. දිනපතා පුවත් පත් වල කාටුන් බැලූ විට, සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම පුදගලයකුට ඒ බව වැටහෙනවා ඇත. එහෙත් ආන්ඩුව පවත්වන සෑම මැතිවරණයකින්ම, ඉතා ඉහලින් ජයග්‍රහණ අත් පත් කර ගන්නවාය. ජනතාව පීඩාවට පත් කිරීම සඳහා ආන්ඩුව යොදා ගන්නේ මේ වරමයි. ආන්ඩුවේ කට හැකර මැති ඇමතිවරු පුන පුනා තප්පුලන හඬත් මෙයයි.

ආර්ථිකය ගැන විශේෂඥ්ඥයයි කියා තමාම කියා ගන්නා, මට්ට ගොන් හරක් ඇමතිවරු, ඒක පුද්ගල ණය ප්‍රමාණය කියා එකක් ආර්ථික විජ්ජාවේ නැතයි කියූවද, රුපියල් 317,000.00 සෑම පුදගලයකුම ණය ගැති බව කියන්නේද, ආන්ඩුවේ ඇමතියෙක්මය. එතකොට ගොනා මොකාද කියා අප වටහා ගත යුතුය. ජීවන වියදම අහස උසට නැග තිබුනද, ආන්ඩුවේ ජයග්‍රහණයේ රහස කුමක්ද, ඒ වෙන කිසිවක් නොව ජනාධිපති තුමා කෙරෙහි ඇති ගෞරවය හා ආදරය පමණි.

එජාපයේ දුර්දාන්ත පාළණය (සාපේක්ෂව බැලූ කළ මීට වඩා 100 ගුණයක් හොඳය.) නිමා කිරීමේ මුල් පියවර තැබුවේ, දකුණු පළාත් සභාවේ දොඩංගොඩ මහතාගේ ජයග්‍රහණයෙනි. එහි නියමුවන් අතර ඉදිර්යෙන් සිටි පුද්ගලයකු වන්නේ, මහින්ද රාජපක්ෂ නම් ආන්ඩු විරෝධී විප්ලවීය චරිතයයි. එදා විපක්ෂයේ සියළු ශක්තිය, පොදුවේ තම ජයග්‍රහණය වෙනුවෙන් කැප කල නිසා ලද ත්‍යාගය නම්, මුළු රටේම බලය තමන් වෙත ලබා ගැනීමයි.

කොළඹ නඟර සභාව සඳහා එජාපයේ පුරපතිවරයකු පත්වන්නේ, එජාපයේ කිසිවක් නිසා නොව. කොළබ නගරය තුල ජීවත් වන සුළු ජාතිකයන්ගේ ඡන්දයන්ගේ පිහිටෙන් පමණි. සුළු ජාතිකයින් මේ ආන්ඩුව විසින් තකන්නේ නැතිවාක් මෙන්ම, ඔවුන්ද මේ ආන්ඩුව කෙරෙහි කිසි පැහැදීමක් නැත. එහෙත් කොළඹ නගරය දිනා ගත්තාක් මෙන්, බස්නාහිර පළාත් සභාව දිනා ගැනීමට සිතන්නේ නම්, එය සිහිනයක්ම පමණක් බව අවධානයෙන්ම කිව යුතුමය.

මේ අවස්ථාවේ විපක්ෂය කල යුතු වන්නේ, කීප දෙනෙක් ඉදිරිපත් කිරීම නොව, ආන්ඩුව පොදු සතුරා ලෙස සලකා, සියළු දෙනාටම පිලිගත හැකි, පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමයි. මෙහිදි සලකා බැලිය යුත්තේ කොළඹ දිස්ත්‍රික්කය පමණක් නොවේ, ගම්පහ සහ කළුතර යන අතීතයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ බල කනු බිහිකල දිස්ත්‍රික්කයන්ද, පළාත් සභාවට අයත් බැවින්, මේ සියළු ජනතාව නියෝජනය කළ හැකි පුදගලයකු ඉදිරිපත් කළ යුතුමය.

දැන් අපි එජාපයේ තෝරා ගැන්ම සලකා බලමු. තමන් අකමැති වූවද ඔවුන් ඉදිරිපත් කිරීමට සැරසෙනුයේ, හර්ෂ ද සිල්වායි, හර්ෂද සිල්වා කොළඹ ජනතාව අනුමත කළද. කළුතර හා ගම්පහ යන ග්‍රාමිය ඡන්ද ලබා ගත හැකි පුද්ගලයකු නොවේ. එසේනම, මීට වඩා කරූ ජයසූරිය ඉදිරිපත් කිරීම සෑම අතින්ම යහපත් දෙයකි.

අනෙක් පසින් අනෝමා ෆොන්සේකා ඉදිරිපත් කිරීමේ කතාවක් පවති. මේය මේ රටේ කරුමයක් මිස, වෙන කිසිවක් නොවේ. ඝාතනයට ලක්වූ තම ස්වාමියාගේ පුරප්පාඩු පිරවීම සඳහා දේශපාළණයට පිවිසි වැන්දඹුවන්ගෙන්, මෙරටට සිඳු වූ කිසිම සුගතියක් නැත. නායිකාවන් ඔවුන් වූවද, තවත් කාලකන්නි පිරිසකගේ රූකඩයක්ම පමණක් බව, අපි ඇස් පනා පිට දැක ඇත්තෙමු. අනෝමා ෆොන්සේකා එසේ තම ස්වාමිය මිය ගිය වැන්දබු කාන්තාවක් නොවුනද, ඇය තම ස්වාමියා දේශපාළණ වශයෙන් ඝාතනය වූ කාන්තාවක්ය.

මේ අතරේ අමුඩ ගහන් කොලඹ එන පක්ෂයෙන්, ලාල්කානත සහෝදරයා ඉදිරිපත් කර ඇත. ඔහුගේ රංග භූමිය අනුරාධපුරය වූවද, ඔහු ජාතික වශයෙන් කැපි පෙනෙන චරිතයකි. කම්කරු නායකයෙකි, දක්ෂ කතිකයෙකි, එමෙන්ම ජාතික තලයේද ඉදිරිපෙල නායකත්වයකි. මගේ තෝරා ගැනීම නම් පොදු අපේක්ෂයා ලෙස සියළුදෙනාගෙම සහයෝගය මත පොදු අපේක්ෂකයා ලෙස ලාල්කානත තෝරා ගත යුතු බවය.

ඔවුන් සංධාන සමග ඒකරාශී වන විට, ඔවුන් ලද අති විශාල මනාප ප්‍රමාණයන්ගෙන් පෙන්වූයේ. ඔවුන් තෝරාගෙන ඇත්තෙ වැරදි පක්ෂයක් විනා, ඔවුන්ගේ දැක්මේ හා ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් නොමැති බවයි.

විපක්ෂය ඇත්ත වශයෙන්ම ජනතාවට ආදරය කරනවානම් කළ යුත්තේ, සංඝ බජව් වලට නැටීම නොව, මේ අවස්ථාවෙ ඉස්මතුවී ඇති ජනතා විරෝධය එකට කැටි කොට ළොවට පෙන්වා දීමයි, එසේ නොමැතිව, විපක්ෂයෙන් ප්‍රධාන පෙලේ චරිත කීපයක් ඉදිරිපත් කිරීමෙන් සිඳුවන්නේ, ආන්ඩු විරෝධය, කීප දෙනෙකු අතර බෙදී යාම හා ආන්ඩු පක්ෂය සුපුරුදු ලෙස තම ජයග්‍රහනය තහවුරු කර ගැනීමයි.

එවිට ජනතාවගේ විරෝධයෙන් පලක් නොවන අතර, ඔවුන් තව දුරටත් පීඩනයෙන් පීඩනයටම පත් වනවා හැර, වෙන යමක් සිඳු වන්නේ නැත. ජනතාවට එසේ වූවද, ඡන්දය ඉල්ලූ, පක්ෂ විපක්ෂ සියළු දෙනාටම, මහින්ද මහත්තයා බඩ පැලෙන්න කන්න දෙන බව නම්, ඉර හඳ මෙන් විස්වාශය. අපට කන්න වෙන්නේ, මිළ අඩු කරන ලද බලු කෑමය. ඒවා ඉතින් කවුරු කලත් බලු වැඩය.

120 comments:

  1. ජවිපේ තම මුල්ඟ පාවාදීම කර චන්ද්‍රිකා ගේ පොදු පෙරමුණ හා සභාගයට ගියා.

    ඉන් පසුව දෙවන පාවාදීම කර (එවකට ඔවුන් සිටි තැන අනුව අළුත් පාවාදීමක් ම නොවෙයි) ෆොන්සේකා රජ කරන්නට තැටමුවා.

    දැන් මාතලන් කියන්නේ මේ තුන්වෙනිවරට යුඇම්පීය සමග දීග කන්න කියලාද?

    ReplyDelete
    Replies
    1. කාකත් දීග කන්නේ කකාට වඩා වැඩිමහල් කෙනෙක් එක්ක නේද?

      Delete
    2. /* කතන්දර කාරයාDecember 10, 2013 at 10:02 PM */

      මාතලන් ඉන්නේ සිලිකන් වැලියේ ගූගල් දෙයියා ගේ මහගෙදර වගේ!

      Delete
    3. දේශපාළණයේදී සදාකාලික මිතුරන්වත් සදාකාලික සතුරන්වත් නෑ කියලා කතාවක් තියෙනවා කතා අහලා නැද්ද..? තමන්ගේ ස්වාමී පුරුෂයා මරා දාපු සැටලයිට් නෝනාට් හොඳ නම් එජාපය එක්කහු උනාම මක්කා වෙනවද...?

      Delete
    4. ඇනෝ

      1. ඇය මට වඩා දෙවසරක් බාලයි.

      2. දැන් මේ කතාවෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මට අපහාස/උපහාස කරන්න යැයි මා සිතනවා. එයින් පෙනෙන්නේ ඔබේ ගොං කම මිස වෙනත් දෙයක් නොවෙයි.

      විවාහයක දී කාන්තාව වයසෙන් අඩුවීය යුතු යැයි කිසිම නීතියක් හෝ වෙනත් අවශ්‍යතාවයක් නෑ.

      3. කෙසේ වෙතත් බ්ලොග් මගින් හෝ ඔබ මේ ආකාරයට යම් අධ්‍යාපනයක් ලබා ගැනීම වැදගත් කාරණයක්. එනිසායි අසේවනාච බාලානං යන මංගල කරුණ අමතක කර මෙලෙස පිළිතුරු ලිව්වේ!

      Delete
    5. //පාවාදීම//, //තමන්ගේ ස්වාමී පුරුෂයා මරා දාපු //
      දේශපාලනය කියන්නෙ එකට එක කරමින් (මරමින්) යන පල්ලත්තර, විතාරන්දෙනිය, ජූලම්පිටිය .... පන්නයේ දෙයක් කියලද ඔහේල කියන්නෙ. මම නං කැමතියි සදාකාලික සතුරුකම් නැතිව යන මේ ගමනට(වෙනත් දේ සම්බන්ධ මොන විවේචන තිබුනත්)

      Delete
    6. මගේ හාමිනා මට වඩා වැඩිමල්. කිසි අවුලක් නෑ.. පියෝ සත්තරන්.. (දකීද දන්නෙ නෑ.)

      Delete
    7. @ රාජ්

      ඔහේ නෙමේ අපිත් මනාපයි.. ඒත් අපිත් ආසයි හොඳ ගේමක් තියෙන ක්‍රිකට් මැච්, රෙස්ලින් මැච් බලන්න..

      මොහොමඩ් අලී හංදියේ ඉස්ටැන්ලිට ගහනවා බලලා ඇති වෙලා ඉන්නේ..

      Delete
    8. හා හා ළමායි ඕවා ගැන ඇති තරං කියවල තියෙනව මෙන්න මේකේ අපි..

      අක්කා කසාදේ

      Delete
    9. @කාකා, මාතලන් සහ රාජ්

      දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව කිව හැකියි.

      නමුත්,
      කේ. පී., පිල්ලෙයාන්, කරුණා අමාමා වැනි අය සමඟ නිර්ලැජ්ජිතව ජනාධිපතිට හෝ එකී පක්ෂේ අයට වේදිකාගත විය හැකිනම්,
      කරුණා වැනි අය ශිලනිපයේ සභාපතිකම් දරයිනම්,
      කේ පී වැනි අය එළිමහන් නිදහස් සිර අඩස්සියේ පසු වී නම්,
      ලාල් කාන්ත, සෝම වංශ යන අය රනිල් වික්‍රමසිංහ වැනි අය සමඟ වේදිකාවේ සිටිමේ හාස්‍යයක් තිබේද?

      ලාල් කාන්ත සහ රනිල් වික්‍රමසිංහ වැනි අය ඔවුන්ගේ ක්‍රමවේදයේ විවේචන ඇතැත් සෑම වෙලේම උත්සාහ කළේ රටේ ජනතාව වෙනුවෙන් කියා කිව හැක. නමුත්, කරුණා, කේපී, පිල්ලේයාන් එතනට දැමිය හැකිද?

      අවසන් වශයෙන් කියා සිටින්නේ මා කොළඹ පදිංචිනම් ඡන්දය ලබා දෙනුයේ ලාල් කාන්තට වන බවයි.

      Delete
    10. මේ කතාවට මමත් එකඟයි නිර්මලා....ඔය එකතුවීම සිද්ධවෙන්න ඕන...අනිත් මතවාද අමතක කරලා රටට අත්විය හැකි ඉරණම බලලා වැඩ කරන්න ඕන.

      Delete
  2. පහුගිය ටිකේ කොළඹ නගරේ රථ වාහන ගමන් කරන්න ඕනි මෙහමයි කිය කියා අති අසාර්ථක සැලසුම් ඉදිරිපත් කරද්දී මම හිතුවේ ඔහේ කොළඹ පොදු අපේක්ෂකයා විදියට ඉල්ලන බලං ඉන්නෙක් කියලා.

    ඔය මොකා දැම්මත් වැඩක් නෑ අයිසේ. ආණ්ඩුව දිනනවා. කොළඹ නගරය කොච්චර ලස්සනට හදලා තියෙනවද? ගම්පහ, කළුතර උනත් පාරවල් හදලා තියෙන්නේ. දැන් ඔය කටුනායක අධ්වෙගේ තියෙන්නෙත් ගම්පහ නේ. අනික කඩවත වගේ නගරත් දැන් සැහෙන්න දියුණුයි.
    මිනිස්සුන්ට කිසිම අමාරුවක් නෑ ආණ්ඩුවට විරුද්ධව ජන්දේ දීලා මේ කරනා සංවර්ධන කටයුතු අඩාල කර ගන්න.

    ReplyDelete
    Replies
    1. හා හා ඔහේ කළබල වෙන්න එපා මම ඊයේ කොමෙන්ටුවකත් කිව්වා මගේ මනාපය මේ රජයට තමයි. විශේෂයෙන් ඝෝඨාභය මහත්තයා නිසා. කොළඹ සුර පුරක් කලාට. මම මේ නොමිළේ විපක්ෂයට පාඩමක් කියලා දුන්නා විතරයි. පව් මේ පාරත් නාන්න යන්නේ. දුකා.................................යි...

      අනික මේ ආන්ඩුවටත් දැනෙන විරෝධයක් ජනතාව පෙන්වන්න ඕන..

      Delete
    2. මේ ඇනෝ කාරයොන්ට කොන්දක් කියලා දෙයක් තියනවනම් නමත් එක්ක දාපල්ලකෝ කෑ ගහන්නෙ නැතිව

      Delete
    3. ඇනෝ කියන එක තමයි අන්තිමට වෙන්නේ කව්රු මොනවා කිව්වත් ..

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඇනෝ විතරක්යැයි. දැං ඔය මල් මල් අඩවිය නමකින්ද ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට කොන්ද? හුටා.

      Delete
  3. බලු කෑමත් ඔය ගනං අඩු කළා කිව්වට මහ ගානක් අඩු නෑ හලෝ... පුන්නක්කු වලට වඩා නං ගනං වැඩියි... හි හි

    මේ ඇත්තටම ආණ්ඩුවක් පිහිටවා ගන්න එකෙක් දෙන්නෙක් අඩු උනාම, හතර අතේ ඩීල් ගහලා, තුනට හතරට නැවිලා, ඇමතිකම් මවලා, ලාහට ගෙම්බො එකතු කරනවා වගේ වටේ ඉන්න උන් එකතු කර ගන්න පුලුවන් කට්ටියට, ඇයි අප්පා විපක්ෂයක් විදියට එකතු වෙලා ඡන්දෙකට යන්න බැරි... මොකද මේ ඉන්න කට්ටියමනෙ ඉතිං මෙච්චරකල් ආණ්ඩු කළෙත්... පැත්තෙන් පැත්තට පැන පැන හරි... පෙරේතකමද සත පහකට විශ්වාස නැති කමද මන්ද...

    මාතලන්.. මේ පළාත් සබා කතන්දරේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරලා පෝස්ට් එකක් ලියමුකෝ... එහෙන් මෙහෙන් හැමදාම බාගෙට තමයි විස්තරයක් හම්බුවෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. පළා බබා ගැන මගේ කිසිම මනාපයක් නෑ.. පළාත් සභා අහෝසි කළ යුතුයි කියන තැන මම ඉන්නේ.. නිකන් මුදල් නාස්තියක් විතරයි. ඊට වඩා හොඳයි කාක්කන්ට ආප්ප අරගෙන දෙන එක.

      විපක්ෂය එක්කාසු වෙන්නෙ මොකටද..? පක්ෂ විපක්ෂ බේදයක් නැතිව ලොක්කා එයාලට සලකන කොට..

      Delete
    2. පළාත් සභා නැති කරන්න බැහැ මේ ගහලා තියෙන ගේම් වල හැටියට... පළාත් සභා අහෝසියෙන් පසු එතන සිටි වන්දිබට්ටයන්ට සිදු වන්නේ කුමක්ද ? මීළඟ වසර 8 ඇතුළත කවදාත් පළාත් සභා නම් නැති වෙන එකක් නැහැ ....

      ( මමත් කැමති නැති වෙනවට තමයි .... )

      Delete
    3. ඒ නිසා තමයි මම කියන්නේ. මේ ක්‍රමය උඩුයටිකුරු කරන එකෙක් එනකන් මේ දන්න යකා අපිට හොඳයි. මේ දෙම කරන්න වෙන සෙට් එකක් ඕන් නෑ නේ..

      Delete
  4. අපි පරදිනව බං මේ පාරත්.. දුක තමා මොනව කරන්නද?? ඒක අපේ පරජචන්ත්‍රවාදි අයිතිය නේහ්

    ReplyDelete
    Replies
    1. කතා දෙකක් නෑ.. ඒකයි මෙහෙම උපදේශයක් දෙන්න හිතුවේ..

      Delete
  5. ජෙප්පන්ට පොදු පෙරමුණත් එක්ක ගණුදෙණු කරලා ගොඩ යන්න පුළුවන් වුනාට මං හිතන් නැහැ යුඇන්පීයත් එක්ක පුළුවන් වේයි...සමාන්‍ය බහුතරයක් උග්‍ර යු ඇන් පී කාරයෝ ජෙවිපෙ එක්ක නයි වෛරයි.සමහර විට 87-89 හින්දා....පරිවාසේ ගහන්න කලිනුත් ජෙවිපෙ එක්ක කරුලා සාකච්ජා කලාට ප්‍රතිඵලයක් තිබුනේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද ෆොන්සේකාගේ "උණහපුලුවා" නාට්ටියට ඔක්කෝම ඉස්ටේජ් එකට නැග්ගේ..

      Delete

    2. අන්තිමට අනොමා නැත්තැම් දෑත් ශක්තිමත් කරන එක හොඳයි කියලා උණ්හපුලුවා කියන්න ඉඩ තියෙයි...
      ආණ්ඩුව බස්නාහිර හරි පරිදිනවාම් එකෙන්ම කැමැතියි...
      අවුල ලොක්කා ප්‍රේමදාස×10 දේශපාලන වශයෙන් තෙම්පරාදු වෙලා ඉන්න එක..

      Delete
    3. ප්‍රේමදාස අත දරුවෙක් ළොක්කා ගාව..

      Delete
  6. ලාල් කාන්තට මාත් මනාපයි. ජේවීපී කාරය උනත් ජේවීපී මතවාදය ඇතුලෙ ටිකක් විතර වෙනස් අවංක යයි හිතිය හැකි පොරක්. කොළඹ වැඩියෙවන්ම සිටින වෘත්තිකයන්ගේ ඡන්දය ඉලක්ක කලා වෙන්න පුළුවන්.

    පොදු අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් තීරණයකට එන්න විපක්ෂයට නොහැකි වීම සාධාරණයි මාතලන්. ආණ්ඩුව (නැත්තං මහින්ද) එක්ක තියන ප්‍රතිවිරෝධයේ තරමටම විරෝධාකල්ප විපක්ෂ කණ්ඩායම් අතර තියනව. තීරණ ගන්නා තලයේදි පොදු අපේක්ෂකයෙක් දැම්මත් ඊට පහල තලයෙදි මේ විරෝධය මතු වෙනව. ගිය ජනාධිපතිවරණයේදි මේ තත්වය අපි දැක්ක.

    ReplyDelete
    Replies
    1. උඹ හරි.. ඒත් ලාල් කාන්ත ඉල්ලන්නේ ඔය විදියට නම්. ඉල්ලගෙන නොකා, නිකන් ඉන්න එක වඩා හොඳයි..

      Delete
    2. නෑ මෙතන අපේක්ෂාව ජයග්‍රහන බලාපොරොත්තුවක්ම වෙන්න බෑ. ලාල් කාන්ත මඟින් ජවිපෙ දැන් වැටී සිටින වලෙන් ගොඩවීමක් අපේක්ෂා කරනව ඇති. කොලඹින් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත්කර ගතහැකි නම් ජවිපෙට ඇති මං හිතන්නෙ.

      Delete
    3. විමලෙගෙ පොතේ තියෙන දේවල් කලා නම්. ඊළඟ ජනාධිපති උන්ගෙ එකෙක්.. ලාල්කාන්තලට දැන්වත් බුද්ධිය පහල වෙච්ච එක ළොකු දෙයක්.. උන් කලින් පාර්ලිමේන්තුවක් වත් දැකලා තිබුනේ නෑ නේ..

      Delete
    4. ලාල් කාන්ත යනු විමල්ගේ ඊළග පුරුකයි...!

      Delete
  7. පිරිසක් අතර කතා කරනකොට මෙ ආන්ඩුව හොදයි කියන එකෙක් හොයාගන්න නැ.එත් චන්දෙදි ආන්ඩුව දිනනව.මෙ විදියට මෙ ආන්ඩුව හරිමගට ගන්නවත් ඇතිතතරම් තර්ජනයක් එල්ල කරන්න මෙ බබ්බු සෙට් එකට බැරිවෙනව

    ReplyDelete
    Replies
    1. ඇයි අපි ඉන්නේ.. අපි නම් ඡන්දෙ දුන්නෙත් එක පාරයි. ඒත් මේ ආන්ඩුව අපිට නම් හොඳයි.. මොකද යූ එන් පීයට වඩා හොඳට ඒ දේවල් මේ ආන්ඩුවෙන් වෙනවා..

      Delete
  8. Courage means stand up and speak .courage is also what it takes to sit down and listen කියලා චර්චිල් මහත්තයද කොහෙදෝ කියලා තියෙනවා....


    මේ වෙලාවේ නම් ඉතින් කියන් දෙයක් ඥම් පඥම් කියන්නේ නැතුව අහගෙන ඉන්නම්...

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ දෙයක්. මට නම් එහෙම ඉඳලා එපා වෙලා..

      Delete
  9. පලාත් සභා යනු breeding grounds for politicians. More politicians - more corruption, more waste and more thugs. It is impossible to reform the current lot of politicians and under the present circumstances it is impossible for good politicians to emerge. It's bit like dengue mosquitoes. You can't make the mosquitoes good but you can reduce breeding grounds. If පලාත් සභා are abolished at least the number of politicians infesting the country will be reduced..

    ReplyDelete
    Replies
    1. මමත් මේ පලාත් සබා ක්‍රමයට එදා ඉඳලා විරුද්දයි. දේශපාළණයට වැදගත් මිනිස්සු එන්න නම්, කලින් පැවති ඡන්ද ක්‍රමය ගේන්න වෙනවා. මේකෙන් වෙන්නේ ඉන්න හොඳ එකත් කුඩු කාරයෝ වෙන එක විතරයි.

      Delete
  10. //
    ආන්ඩුවේ ජයග්‍රහණයේ රහස කුමක්ද, ඒ වෙන කිසිවක් නොව ජනාධිපති තුමා කෙරෙහි ඇති ගෞරවය හා ආදරය පමණි.
    //
    ලොක්කා අපේ ගමේ මිනිහ තමයි.ඒත් වටේ ඉන්න වැඩකට නැති හැමදේකටම යස් සර් ගාන උන් හන්ද තමයි එතුමට තියෙන ගෞරවෙයි ආදරෙයි අඩුවෙන්නෙ

    ReplyDelete
    Replies
    1. //ලොක්කා අපේ ගමේ මිනිහ තමයි// උඹ අපිටත් කිට්ටුයි එහෙනං.

      ඕක වෙන්නෙ එකසැරේට නෙවේ. යස් සර් කියනව අහන්න කැමති එවුන් ලඟට තමයි එහෙම එවුන් යන්නෙ. ඒ නිසා යස් සර් කියන එවුන්ගෙ වැරැද්දක් නෑ. එහෙම අහන්න සතුටු එකාගෙ වැරැද්දක් ඕක.

      Delete
    2. සැට් එකම මල් ගහල වගේ ඉන්නේ ඒක තමා.. මං කිව්වේ රාජපරපුරටත් එක්ක

      Delete
    3. ලොක්කගෙ ගම දැන් චිකාගෙ වගෙ නිතිය කියල එකක් ඇත්තෙම නැ.ඉන්න ඔක්කොම ලොක්කගෙ දකුනු අත්.පොලිසියෙ එවුන් බොහොම අමාරුවෙන් ඉවසිල්ලෙන් කාටවත් සම්බන්ද නැති එවුන් විතරක් හොයල නිතිය අකුරට ක්‍රියත්මක කරනව

      Delete
    4. මමත් රාජ්ගේ මතය හා එකඟයි. ලොක්කට ඕන නම් මේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න හෙට ඉඳලා ඒක කරන්න පුළුවන්. එහෙම කලා නම් තවත් කීරිති නාමය වැඩි වනවා මිසක්, අඩුවීමක් නම් වෙන්නේ නෑ..

      Delete
    5. ඒ මහරජුට යර්ස් කීව නැති අයට සිදුවූයේ කුමක්ද කියා මල් මල් අඩවිය දන්නේ නැතිද.
      මේ අනුව,
      අවසානයේ යර්ස් කියන පිරිසක් නිරායාසෙන්ම බිහි විය. එය බලා තවත් පිරිසක් එයම අනුකරණය කරයි.

      Delete
    6. කල්පනා කරන් ගියාම රාජ් ලොක්කගේ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා.ඒවගේම නිර්මලා අක්කගේ කතාවත් හරි.උඩ යන්න උඩ යන්න මනුස්සයා කේලම් වලටයි තමන්ට ගොට්ට අල්ලන උන්ටයි ලොකු තැනක් දෙනවලුනේ

      Delete
  11. පළාත් සභා කියන හූනියම අයින් කරනවා කියන ඕනෙම එකෙකුගේ ප්‍රකාශයේ ඒ ක්‍රමය පැහැදිලිව තියනවනම් චන්දෙ දෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා.. ඒත් එකෙක්ට කොන්දක් නෑ, ඒ දේ කියන්නවත්.. ඔක්කෝම මේ බලෙන් පටවපු රෙද්ද ඇඳගෙන දහ අට සන්නිය නටනවා..

      Delete
  12. ආණ්ඩුව ජන්ද සටන නියම විදිහට දෙන්නෙ ....විශේෂයෙන්ම පළාත් සභා වලට ප්‍රධාන ඇමතියා තොරන නැන ඉදලාම ...විපක්ෂ කිසි එකතුවක් නෑ සජිත් තනියෙන් රජ වෙන්න හදනවා ,ජෙබ්බො හැමදාම ආණ්ඩු හදන්න ගිහින් හොම්බෙන් යනවා ..මම නම් පෞද්ගලිකව මහින්ද මහත්තයාට කැමතිය ...පොර ජෙ .අර් ට පසු එලකිරි ගෙමක් දෙන පොරය ..පොර ගහන ගැට තව අවුරුදු 30/40ක් වත් ලිහන්න බැරි වෙන්න තමා ගහන්නෙ ...

    ReplyDelete
    Replies
    1. 100% එකඟයි.. සජිත් කියන්නේ යූ ඇන් පීය කන්න උපන් මැරිච්චි ශ්‍රී ලංකා කාරයෙක්ද කොහෙද..?

      Delete
  13. කොහොම වුනත් මේ තියෙන තත්වය උඩ මෙවරත් ආණ්ඩුව ජයගන්න බවක් තමයි මටනම් පේන්නේ.ඒ වෙනහේතුවකට වඩා විපක්ෂය ඇතුලේ එකගත්වයක් නැති කම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ.කොහොම වුනත් මාතලන්ගේ පොදු අපේක්ෂකයා එක්ක මමත් එකගයි. අනෝමා ෆොන්සේකා ගැන බලාපොරොත්තු තියන එක නම් මහා විකාරයක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. මේ දේ කලොත්. ආන්ඩුව පොඩ්ඩක් බය වෙනවා.. එහෙම දේකුත් වෙන්න ඕන. නැත්නම් මේ නැටුමේ රහක් නෑ. හැමදාම එකම සින්දුව..

      Delete
  14. මහින්ද ළඟ තියෙන ටැලන්ට් එක මහින්ද එකම රජා වීමය . ඉස්සර වෙන මොකා රජ වුනත් රජුන් තනන්නෝ හිටියාය. තොන්ඩමන්, හකීම්.අශ්රොෆ් ,මෙකී නොකී සියලුම් දෙනා රජුන් තනන්නෝ වූ කාලයක් තිබුණි. අද රජුන් තනන්නෙත් ,මකන්නෙත් මහින්ද විතරය. අන්න නියම රජවරු, එක එකට දෙකට නවෙන්නේ නැතිය, අපි ආණ්ඩුවෙන් යනවා කිව්වත් කියන්නේ "ඉතින් පල මම තව දහයක් ගන්නවා කියාය" එක නිසා කවුරුවත් ආණ්ඩුවෙන් යන්නේ නැත. පීචන් වෙවී දේ=ඉගටම ඉඳියි.

    පලා බබාවේ මහ ඇමති අපේක්ෂක කමට හොඳම පුද්ගලයා ලාල් කාන්ත බව මමත් සිතමි. එත් දැන් පොන්සේකා මහත්තයා ආණ්ඩුවත් එක්ක දීල එකේ ඉන්න නිසා අනෝමා නෝනා ඉල්ලන් තියෙන හැකියාව වැඩිය. ඒ කියන්නේ මහින්දට මේ මහා ඇමති කමත් ෂුවර්ය.

    ReplyDelete
    Replies
    1. මම මහින්ද මහත්තයට කැමතිත් ඒ නිසා. එකෙක්වත් පයිසෙකට මායිම් නොකරන එකට. ඉස්සර් පොරවල් වෙලා උන්න සංඝයෝ, හකීම්ලා, තොන්ඩලා අද කටු කන බල්ලෝ. හැබයි ඒ මෙතඩ් එක ඉන්ටර්නැෂනල් නම් හරියන්නේ නෑ පුතෝ.. ඒකම තමයි තියෙන එකම කොක්ක..

      Delete
  15. පළාත් සභා රටට විනයක්...දෙමළ ජනයාට සහනයක් දෙන්න ඉන්දියාව අපේ කරේ එල්ලපු උරචක්‍රමාලයක්. කවුද මහ ඇමති අපේක්ෂකයා නොව මේ මර උගුලෙන් ගැලවීමයි අවශ්‍ය.

    ReplyDelete
    Replies
    1. එකෙක්වත් ඒක අහෝසි කරන්න කතා කරන්නේ නෑ නේ බං. ඒවා අහෝසි කරන්න කතා කරන ගොම්මන්පිලයගේ හතර වරිගෙම කන්නෙත් ඒකෙන් වෙච්චි...

      Delete
  16. // මගේ තෝරා ගැනීම නම් පොදු අපේක්ෂයා ලෙස සියළුදෙනාගෙම සහයෝගය මත පොදු අපේක්ෂකයා ලෙස ලාල්කානත තෝරා ගත යුතු බවය.//

    මාතලන් මහාචාර්යතුමාට පිස්සු හැදීගෙන එනවද කොහෙද. ඡන්දවලින් පරදින කොහෙද යන කුපාඩියෙක්ව පොදු අපේක්ෂකය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඌට පිළිගැනීමක් තියෙනවා සාමාන්‍ය ජනයා අතර..

      Delete
    2. අඩා! තවත් කාලය කන්නෝ සිටීද? එතකොට මං.

      Delete
  17. ඔය පලා බබා ඕන වෙන වෙලාවක් එනව බලව් තව ටික කාලයකින්. . .

    ReplyDelete
  18. ලොකු ටොක් නම් දෙනවා රනිල් එජාපෙ නායකත්වයෙන් අයින් නොවිය යුතුයි කියලා හැබැයි චන්දෙ දවසට චන්දෙ දෙන්නවත් යන්නෙ නෑ. එහෙම වගකීමක්වත් හරියට කරන්න බැරි උන් තමා පැත්තක ඉදන් එජාපෙ නායකයො තොරන්න හදන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු උනාම ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මම පලා බබාට විරුද්ධයි.. ඒ නිසා එකෙකුටවත් දෙන්නේ නෑ.. ඡන්දෙ කටු ගානවා. ඡන්දේ නොදා ඉන්න එකා නම් හරකා..

      ඇයි උඹලා පුක ඉරාගෙන ඉල්ලපු නායකයා පත් කරගෙන නේද තියෙන්නේ..

      Delete
  19. //
    පොර ජෙ .අර් ට පසු එලකිරි ගෙමක් දෙන පොරය ..පොර ගහන ගැට තව අවුරුදු 30/40ක් වත් ලිහන්න බැරි වෙන්න තමා ගහන්නෙ ...
    //

    //අද රජුන් තනන්නෙත් ,මකන්නෙත් මහින්ද විතරය. අන්න නියම රජවරු
    //
    ප්‍රශ්නය වන්නේ ම.රා. ගහන ගැට වලින් විනාශ වන්නේ රටය (චෝග්ම්,ශිරානි,බොදු බල සේනා etc )

    රතුපස්වල,භාරත වගේ case රැසක් බස්නාහිර සිදු උන නිසා කරට කර සටනක් යාවි කියලත් හිතෙනවා හැබයි එහෙම දේවල් වෙලා මරුන උන්ගේ පවුල් වලටවත් ඒවා මතක නැති නිසා ....

    ReplyDelete
    Replies
    1. එවා මිනිස්සුන්ට මතක නෑ.. ලොක්කා බතික් ෂර්ට් එකක් ගහගෙන ඇවිත් අත් උස්සලා, බඩ මිරිකලා, පොඩි එකෙක් වඩා ගෙන ගියාම ඔක්කෝම ඉවරයි.

      Delete
  20. යූ එන් පිය උපායමාර්ගිකව ඒක පාර්ශවිකව හෝ ලාල් කාන්තව පොදු අපේක්ශකයා කොට ජවිපෙ සහයෝගය තමනට ලබාගැනීමට එක්ස්පරිමන්ට් එකක් කල යුතුයි. අනෝමා නෝනා මෙන්ම මාදුලුවාවේ සෝභිත හිමියන් කරන්න යන ආංඩුවේ කොන්ත්‍රාත් එක පීලි පැන්නිය හැක්කේ එවිටය. ඒත් බස්නාහිර එජාපයේ හිතවතුන්ගේ මහා වෛරයට පාත්‍ර වීමට රනිල්ට සිදුවනු ඇත. විශේශයෙන් සජිත්ගේ..

    වෙන්න බැරි දෙයක් නැත. අනෝමාව පොදු අපේක්ශකයා ලෙස ආණ්ඩුවෙන් ඉදිරිපත් කිරීමටද හැකිය.

    ReplyDelete
    Replies
    1. සජිත් මහ ඇමති අපේක්ෂකයා කළොත් මොකෑ වෙන්නේ. කොහොමද ඔහේ ඒ ගැන හිතන්නේ..

      Delete
    2. සජිත් පොඩි පොඩි ඒවට කැමති නෑ.
      ලොකුම එකයි එයාට ඕනෑ.
      ආන්ඩුවේ කොන්ත්‍රාත් එකක් තමයි එයත් කරන්නේ
      කොහොම උනත් ජවිපෙ සහයෝගය ගැනීම වැදගත් උපාය මාර්ගිකව

      Delete
  21. ලංකාවේ මිනිස්සු වැඩ කරනවාට වඩා වැඩක් හරියට කරනවාදැයි සිස්ටම් හැදීමට දක්ෂ වේ. එවන් පිරිසකි ජනතා විමුක්ති පෙරමුණ. ලාල් කාන්ත වෘත්තිය සමිති නායකයෙක් ලෙස ජනප්‍රිය වූවාට ඔහු විසින් සංවිධානය කරන ලද කිසිදු සාර්ථක වැඩවර්ජනයක් නැත. ඔහු විසින් කරන ලද දීපව්‍යාප්ත වැඩවර්ජනයට සිදු වූ දේ අප දුටුවෝය. එවන් අවස්ථාවක වැඩ වර්ජන යන වචනයේ අර්ථයද පහල දමා පාගන්නේ නැතුව නිකම් සිටියානම් ඊට වඩා හොදය..

    ReplyDelete
    Replies
    1. ලංකාව වගේ රටක විප්ලව කරන්න බෑ. දැන් තමයි එයාලට ඒවා අවබෝධ වෙලා තියෙන්නේ..

      Delete
  22. පළා බබා අපිට එපා!

    අර ගාන්ධි පුතයා JR මුත්තගේ ඔළුවෙ පටවපු ගින්න නිවා ගන්න බැරුව අපි තාම දගලනවා. හනේ හපොයි.

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මෙයා කතා කරලා.. මහින්ද මහත්තයටත් බැරි නම් අනෙක් උන්ගෙන් නම් සංසාරෙදි වෙන්නෙ නෑ..

      Delete
    2. පලාබබා නෑ කියල හිතාන්. . . එත්කොට ඔය දෙමල උන්ට ප්‍රස්නයක් නැතය. . . උන් වෙන ගමනක් යන්නේය කියල කියා ගන්න ඕක ඔන වෙනව නේ. . . මොකද ඒ වැඩේ කරන්න අනික් දේවල් නොකරන නිසා

      Delete
  23. //එජාපයේ දුර්දාන්ත පාළණය (සාපේක්ෂව බැලූ කළ මීට වඩා 100 ගුණයක් හොඳය.) නිමා කිරීමේ මුල් පියවර තැබුවේ, දකුණු පළාත් සභාවේ......//

    අද වගේ මතකයි ප්‍රධාන තේමා පාඨය උනේ *අධම යුගයක අවසානයක ආරම්භය* යන්නයි,
    --මතකද ප්‍රැන්සිස්කු කරනය- ඒක සාර්ථක වුවා නම්.. මහින්ද මහත්තයා තාමත් මහින්ද මහත්තයාම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒ නැතත් පොන්න ඩී බී විජේතුංග නැතුව, වෙන එකෙකුට පක්ෂ නායකත්වය දුන්නා නම් මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ නෑ..

      Delete
  24. ඡන්දේ එකට තිබ්බත් අර කට්ටිය කියනවා වගේ සලාක ක්‍රමේට තිබ්බත් ඉතින් දිනන්නේ කවුද කියලා අනාවැකි කියන්න දෙයක් නෑ කියලා හිතනවා..

    හැබැයි මගේ අදහස නම් පලාත් සභා ඕන නෑ කියන එකයි.. ඒත් ඉතින් අපේ අදහස් වලින් වැඩක් තියෙන එකක්යැ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කියන්නේ නම් ජනතා පරමාදිපත්තෙද මක්කද එකක් කියාලා...

      Delete
  25. ලංකාවෙ අනෙක් පළාත් එක්ක ගත්තාම කිනම් හෝ පක්ෂයක් බස්නාහිර ජයගැනිම රටේ දේශපාලන ස්ථාවරත්වය තීරණය කරන සාධකයක්. බස්නාහිර කියන්නේ ඡන්දය බුද්ධිමත් ලෙස පාවිච්චි කරන ප්‍රදේශයක්.

    මේ සඳහා කළ යුතුම වන්නේ ආණ්ඩුවට බලය උරගා බැලිමට නම් විපක්ෂය පොදු අපේක්ෂකයෙකු තෝරා පත්කර ගැනිමයි.

    අනෙක් අතට විපක්ෂය තව දුරටත් දියාරු කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව හැ‍ෙඟෙනවා. මේවන විට පළාත් පාලන ආයතන වල අයවැය පරජය කිරිම තුළ පෙනෙන්නේ ඊටත්වඩා සූක්ෂම ලෙස සැලසුම් සහගතව ආණ්ඩුවේ අවශ්‍යතාවයන් මත සිදුවන්නක් බවයි. මොකද විපක්ෂ්‍යට පොඩි චූන් එකක් දීලා.සැලසුම් සහගතව නැවත පරාජය කර පෙන්විම තුළ ඉදිරි මැතිවරණ සඳහා ශක්තිමත් පදනමක් දමාගැනිම එක් අරමුණක් බව පේනවා.

    ReplyDelete
    Replies
    1. මත හිතුනා මෙහෙම දිගට හරහට පරදින්නේ මොකද කියලා.. ඒත් මම හිතන්නේ නෑ එහෙම එකක් කරයි කියලා. මොකෝ මිනිස්සු ඕවා වෙන පැත්තකට ගන්න ඉඩ තියෙනවා..

      Delete
  26. මේ මාතලං මොකක් ගැනද කියන්නෙ ?
    විපක්‍ෂය ? ඒ මොකද්ද ?
    අනෝමා ? කවුද ?

    ReplyDelete
    Replies
    1. මට මතක නෑ ඕයි...

      Delete
    2. ආ.... මොකක්.... මම මක්කත් කිව්වැයි.. අනෝමා... මොකා..

      හුටා අපේ හාමිනත් අනෝමා....

      Delete
  27. පළාත් සභාව කියන්නේ රජීව් ගාන්ධි සහ ඩික්සිට් ජේ ආර්ට අඹරපු ලනුව... ඒක කාලා දැන් දිරවා ගන්නවා තියා වමාරන්ටත් බෑ. පලාත් සභා සුදු අලියෙක් බව දැන දැනත් තියාගෙන ඉන්නෙ ගලවන්ට බැරි හින්දයි පොලිටික්කො ගලවන්ට දෙන්නැති හින්දයි.

    ReplyDelete
    Replies
    1. මේ රටේ තියෙන නාස්තිකාරම ආයතන සමූහය..

      Delete
  28. යුඇන්පියත්, ජේවිපියත් එකතුවී තරඟ කරනවා හැර වෙන විසඳුමක් නැත....එය එසේ නොවෙනවානම් ජවිපේ ඊලඟ බෙදීමද අනුමාන කල හැක. හර්ශ තරග නොකරන බව කියා ඇත. මේ දෙගොල්ලෝ බැරවෙලා හරි එකතුවුව හොත් ලාල් කාන්තට දියයුතුයකියලා මම හිතන්නේ.

    වාදපිටියට ආපු සුනිල් හඳුන්නෙත්ති කිව්වා එයාගේ යාලුවෙක් කිව්වාලු.....මරා වඩාගන්න ලමයෙක්ගේ බැරිවෙලා හරි බර වැඩිනම් පහුවදාට කිරිපිටි මිල වැඩිකරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හුටා ෆොන්ටෙරා එකෙන් ලොක්කට බෝල ගෙඩි වගේ බර බබාලා දෙනවද දන්නේ නෑ වඩා ගන්න.. ලොක්කත් හොඳට හොයල බලලා වඩා ගන්නේ.. හොටු කොල්ලෝ කෙල්ලෝ එකෙක්වත් වඩා ගන්නේ නෑ.. ඉඳගෙන.. සොරි... හිටගෙන..

      Delete
    2. //වාදපිටියට ආපු සුනිල් හඳුන්නෙත්ති කිව්වා එයාගේ යාලුවෙක් කිව්වාලු.....මරා වඩාගන්න ලමයෙක්ගේ බැරිවෙලා හරි බර වැඩිනම් පහුවදාට කිරිපිටි මිල වැඩිකරනවා කියලා.//
      එළ එළ අරූ

      Delete
  29. ඇල්කෙමි සහෝදරගේ මවගේ හදිසි වියොව ගැන දැනගතිමි.
    මාගේ සාතිශය සංවේගය...!
    එතුමියට නිවන් සුව අත්වේවා...!

    ReplyDelete
    Replies
    1. වැඩි වයසකුත් නෑ ඌගේ අම්මට... පුළුවන් උනොත් යන්න ඕනා....

      අපේ කනගාටුව ඇල්.....!!!

      Delete
    2. මගේත් කනගාටුව +++++++++++++++++++

      Delete
  30. මේ පිස්සු යක්කු එක්ක ඕව කතා කරලා වැඩක් නැහැ මචන්.
    ඔය ලාල් කාන්ත ගැන ඔබ හිතුව එක හරි.
    ඔය ගැන මම කලක සිටම හිතුව.

    ReplyDelete
    Replies
    1. ද ඔබිවියස් චොයිස්ද මක්කද කියනවා නේ බං...

      Delete
  31. මොන විවේචන තිබුනත් යුද්දෙ ඉවර කර මිනිසුන්ගේ මර බිය නැති කල නිසා මහින්ද රාජපක්සට මගේ කැමැත්තක් තියෙනවා. නමුත් දැන් කරන ආර්ථික අපරාධ නම් කොහෙත්ම ඉවසන්න බෑ. චන්දය දෙන සාමාන්‍ය මනුස්සයා ගැන ඇයි හැඟීමක් නැත්තෙ?

    කොලඹින් ලාල් කාන්ත ඉල්ලනවට මාත් කැමතියි. ඒත් අනොමා ටත් චන්ද වැටෙයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපි කොහොමද ළොක්කා කල දේ අමතක කරන්නේ. එහෙම කලොත් අපි ගුණමකුවෝ වෙනවා. හැම චන්දෙම ජය ගන්නේ ලොක්කා නිසා මිසක්. අනෙක් හාල් පාරුවෝ නිසා නෙමෙයි. නමුත් එයා ජනතාවට සලකනවා මදි. ජනතාව කබලෙන් ලිපට වැටිලා. පිච්චිලා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අනික කිසිම විකල්පයක් නැතිව මොන මළදානෙටද වෙන හාල්පාරුවෝ ටිකක් පත් කර ගන්නේ ඉන්න යකා හොඳා, නොදන්න යකාට වඩා..

      Delete
  32. පලමුවෙන්ම කිව යුතුයි පළාත් සභා අහෝසි කල යුතුයි කියන මතේ මටත් තියෙනවා.. ඒ විතරක් නෙවෙයි දැනට තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කම්‍රයත් අහෝසි කරලා.. ප්‍රාදේශීය සභා මෙයිට වඩා පිළිවෙලක් කරලා ප්‍රාදේශිය සභා සභාපති තනතුරට පත්වන අය පාර්ලිමේන්ත්‍රව නියෝජනය කරන අතරේ උප සබාපතිට තම සබාව පිළිබද පාලනය දෙන ක්‍රමයක් ගැනයි මගේ කැමැත්ත තියෙන්නේ.. මේ තියෙන විදියෙන් උඩ ගන්න තීන්දු තීරණ පහලට එන්නේ නැහැ.. පහලට උවමනා දේ මොකක්ද කියලා පණිවිඩේ ඉහලට යන්නේ නැහැ... ඔය මං කියන ක්‍රමය හරියට කර ගත්තොත් උතුරු නැගනහිරත් අවුලක් නැතිව බේර ගතෑකි..

    රයිටෝ ඊ ළගට ලාල් කාන්ත... හොඳම තීරණයක් වෙලාවේ හැටියට ගන්න පුළුවන්.. රනිල්ගේ පැත්තෙන් බලද්දී මේ ඡන්දෙත් අවම හානියෙන් පන්නවා ගන්න කරන්න පුළුවන් හොඳම දේ.. (ගිය පාර ෆොන්සේකා බිල්ලට දුන්නා වගේ..) ජේවීපියේ පැත්තෙන් ආයෙම හොඳගෙන යමින් සිටින බලය ටිකක් හරි රඳවගන්න පුළුවන් දෙයක්.. හැබැයි තනියම ඉල්ලන්න ගියොත් මේ පාර අමුඩෙත් ගැලවෙනවා...
    සෝභිත හාමුදුරුවන්ටත් උවමනා උනත් විරුද්ධ වෙන්න කාරණයක් හොයා ගන්න අමාරු වෙයි... ඒත් ෆොන්සේකා මහත්තයටනං මේක මර උගුලක්.. කොටින්ම මේ තීරණය ගත්තොත් ඒකෙන් වාසිය තියෙන්නේ යූඇන්පීයට සහ ජේවීපියට පමණයි... ෆොන්සේකට හදාගෙන යන බලයවත් නැති වෙනවා... ඒක නිකං හරියට විමල්ගේ ගෝලයෝ සංධානෙන් චන්දෙට දැම්මා වගේ වැඩක්..

    රටේ පැත්තෙන් ගත්තම විපක්ෂයට යම් තරමකවත් බලයක් තියෙන විදියට චන්දේ ප්‍රතිපලය ලැබීමත් හොදයි.. නිකංම ගහන්න තියෙන ගේම පොඩි සටනක් එක්ක ගහන්න නොදීම ඒ හැටි අනාගතේට හොඳ මදි...

    -------------------
    ඒ අදහස ලිපියට...දැන් අර විජේතුංග මහත්තයට පොන්නයා කිව්ව එක ගැන මගේ අදහස...

    ඇත්තටම ඩීබී විජේතුංගට පොන්නයා කියන්න තරං මාතලංට තියෙන කරුණු මොනවද..? මටනං උන්නැහේගේ වරදක් පේන්න නැහැ... බොහෝම සාධාරණව කටයුතු කලා ඇරෙන්න... අනික මෑන් යුද්ධය ගැන දරුපු අදහස මං හිතන්නේ මහින්දටත් වඩා හොදයි... කවදාවත් ජනාධිපති වෙන්න සැලසුමක් තිබුනේ නැතිව මිසක් ඒ වගේ මනුස්සයෙක් ජනාධිපති වෙන්න සැලසුමක් ගහලා තිබුනනං මං හිතන්නේ අපිට හම්බ උන හොඳම ජනාධිපති වෙන්න විජේතුංග මහත්තයට පුළුවන්කම තිබුනා...

    හැබැයි යූඇන්පී කාරයින්ගේ පැත්තෙන් ගත්තොත්නං මෑන් එක්ක කන්න කේන්තියක් තියෙන එක ගැන හිතා ගතෑකි.. ඒ වෙන මොකවත් නෙවෙයි සාධාරණ චන්ද තියලා බලේ ගිලිහෙන්න දුන්න එකට... ගහලා මරලා චන්ද කරන යූඇන්පී සාමාන්‍ය රටාවෙන් බැහැරට ගිය එක තමා මෑන්ගේ වරද ඒ අතින් බැළුවොත්... ඒ ඇර මොකක්ද කල වරද..? අනාගත නායකයෝ නැති බංගස්ථාන කරපු නායකයෙක්ගෙන් පස්සේ.. හිටිය උනුත් බලේට කා කොටාගන්න කෑදරයෝ ටිකක් විනා එකමුතු වෙලා පක්ෂය දිනා ගන්න උවමනාවක් නොතිබුන උන් වෙච්චි කොට... චන්දයක් දිනන්න තරං රටේ කිසිම විදියක පැහැදීමක් නොතිබුන වෙලාවක ඒ මනුස්සයා මොනවා කරන්නද..?

    ReplyDelete
    Replies
    1. ආ අමතක උනා.. මංනං මේ පාර බැහැලා වැඩ කරන්න හිතං ඉන්නේ වික්‍රම බාහුට... :D

      Delete
    2. උඩ ටික ගැන කියන්න දෙයක් නෑ නේ. එකම දේ..

      දැන් පොන්න කතාව. මෙතන මාරේ මම කතා කරේ දේශපාළණය ගැන. මනුස්සයෙක් විදියට ගත්තහම පොඩි පොඩි කේස් තිබුනත් දැන් ඉන්න උන් එක්ක ගත්තම ඇත්තටම උපාසක මහත්තයෙක්. සාධාරණ මනුස්සයෙක්.

      නමුත් නායකයෙක්, විශේෂයෙන්ම දේශපාළණ නායකයෙක් ලෙස ගත්තම පොන්නයෙක් ඇර කියන්න වචනයක් නෑ. නායකයෝ කියන්නේ මහින්ද මහත්තයා වගේ මිනිස්සුන්ට. නැතුව අර වගේ හාල් පාරුවන්ට නෙමෙයි.

      වික්‍රමභාහුත් නරකම නෑ.. දින්නොත් හෙම විගාලට කොළඹනුත් සපි එකක් හම්බ වෙයි නේ...

      Delete
    3. @මාරයා & මාතා......විජේතුංග මහත්තයා නොහිටින්න අද මහින්දත් නැහැ රටත් නැහැ...විජේතුංගගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරන නිසා තමයි යම්කිසි දුරකට හෝ නිවැරදි මැතිවරනයක් හෝ දැක්කේ....එතනින් පස්සේ ආපහු බල්ලට ගියා.

      Delete
  33. දේශපාලනේ ගැන තේරුමක් නැහැ ..ඒත් දුකයි මේවා කියවද්දී අපේ රට ගැන..කවදාවත් හරි පාරකට ඒවිද..ඒක නෙමේ දකුණු පැත්තේ උඩ ඉන්න දෙන්නා පුංචි කාලේ බෝනික්කියෝ වගේ ඉන්න ඇති නේද අනේ ,,

    ReplyDelete
  34. ජේවීපිය සන්ධාන ගහලා පත්කරගත්ත කෙනාම උන්ට පස්සෙ කාලෙක ඇරියා.....ඒ ඉතිහාසය මතක තියෙනකං මම හිතන්නෙ නෑ යූ ඇන් පිය එක්ක ඒ අය සන්ධාන ගත වෙයි කියලා...

    ReplyDelete
  35. මම සේවය කරන ආයතන රටේ කිසියම් ප%බල දේශපාලන පඣෂයක් එක්ක වෘත්තීය මට්ටමේ සම්බන්ධයක් තියෙනව...ඒක නිසා දිනපතා දේශපාලනය ගැන කථා කරන...දේශපාලනයේ යෙදෙන..පුද්ගලයන් අපිත් එක්ක ගනුදෙනු කරනව...අපි කලාත්මක දේවල් වලට ආදරේ කලාව අගයන මිනිස්සු හැටියට එක දෙයක් කියන්න ඕනෙ..ලංකාවෙ ප‍්‍රධාන ධාරාවේ අපිට පේන්න විකිණෙන කලාකරැවො හැරැණාම..අනිත් කාලකාරයො බහුතරයකුත් දේහපාලණිකරණය වෙලා ඉවරයි දැන්...අපි ජැකාට බනිනව..සෝමරත්නට බනිනව..එහෙම නැත්නම් පබාට බනිනව..හැබැයි දේශපාලණිකරණය නොවිච්ච කලාකාරයෙක් නැති කානටම අද කලාව දේශපාලනිකයි..කලාකාරයො දේශපාලනිකයි...මේක කිව්වෙ අති පාරිශුද්ධ පරම පවිත්‍ර කාලකාරයො කියල කට්ටියක්ව අපි තියාන..මෙයාල තමයි මිනිස්සු කියල..අගය කරනවනෙ..එහෙම අය හුගක් දෙනා පෙනෙන්ඩ විකිණෙන අයට කලින් විකිණිලා ඉවරයි...මේක දිනපතා ගනුදෙනු කරන පරිසරයෙන් ලැබුණු අත්දැකීම් වලින් කියන එකක්....මීට කලින් පෙරදිග සුළං කියල විකල්ප පුවත්පතක් තිබුණ ඒකෙ ටෝනි රණිසංහ මහත්තයගෙ සහෝදරය රැලෙක්ස් රණසිංහ මලාම දැම්මෙ රැහේ බේබද්දා මිය ගියේය කියල...ඒ එක්කම පින්තූරයක් දාල තිබුණ..ඒකෙ හිටියෙ අඩියක් ගහන ගමන් සිගරට් එකක් බොන..අපේ සුප්‍රසිද්ධ කාලකාරයෙක් සහ /ලෙක්ස් රණසිංහ මහත්තය..කැප්ෂන් එකේ තිබුණෙ අමරෙයි මමයි කියල...මේක මඩගහන්න ගත්තු උත්සාහයක් නෙමෙයි...පරම පවිත්‍ර යැයි පෙන්නමින් දේශපාලනය හෝ වෙනයමකින් අවියෝජනීයව ඉන්නව කියල පෙන්නන්න හදන බහුතර ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන මීට වඩා විමසිල්ලෙන් ඉන්න ඕන කියන අවදිකිරිමක් විතරයි..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කළාකාරයෝ හිටියෙ නෑ හැමදාම උන්නේ නලාකාරයෝ. ඔය් අතරේ කළාව විතරක් කරගෙන උන්න අහිංසක මිනිස්සුත් උන්නා. නමුත් ජහ මනයට උන් කළාකාරයෝ නෙමෙයි. මම හිතන්නේ කළාකාරයෙකුට, මාධ්‍යවේදියෙකුට දේශපාළණ පක්ෂ වල එල්ලිලා ඉන්න බෑ වවුල්ලු වගේ. කොයි කාගෙත් හරි වැරදි කතා කරන අය වෙන්න ඕන.

      Delete
  36. @ Kalu jema.////ලංකාවෙ ප‍්‍රධාන ධාරාවේ අපිට පේන්න විකිණෙන කලාකරැවො හැරැණාම..අනිත් කාලකාරයො බහුතරයකුත් දේහපාලණිකරණය වෙලා ඉවරයි දැන්...අපි ජැකාට බනිනව..සෝමරත්නට බනිනව..එහෙම නැත්නම් පබාට බනිනව..හැබැයි දේශපාලණිකරණය නොවිච්ච කලාකාරයෙක් නැති කානටම අද කලාව දේශපාලනිකයි..කලාකාරයො දේශපාලනිකයි...මේක කිව්වෙ අති පාරිශුද්ධ පරම පවිත්‍ර කාලකාරයො කියල කට්ටියක්ව අපි තියාන..මෙයාල තමයි මිනිස්සු කියල..අගය කරනවනෙ..එහෙම අය හුගක් දෙනා පෙනෙන්ඩ විකිණෙන අයට කලින් විකිණිලා ඉවරයි...මේක දිනපතා ගනුදෙනු කරන පරිසරයෙන් ලැබුණු අත්දැකීම් වලින් කියන එකක්....මීට කලින් පෙරදිග සුළං කියල විකල්ප පුවත්පතක් තිබුණ ඒකෙ ටෝනි රණිසංහ මහත්තයගෙ සහෝදරය රැලෙක්ස් රණසිංහ මලාම දැම්මෙ රැහේ බේබද්දා මිය ගියේය කියල...ඒ එක්කම පින්තූරයක් දාල තිබුණ..ඒකෙ හිටියෙ අඩියක් ගහන ගමන් සිගරට් එකක් බොන..අපේ සුප්‍රසිද්ධ කාලකාරයෙක් සහ /ලෙක්ස් රණසිංහ මහත්තය..කැප්ෂන් එකේ තිබුණෙ අමරෙයි මමයි කියල...මේක මඩගහන්න ගත්තු //////

    @ජෙමා.......මෙන්න මෙතන තමයි යතාර්ථය මතු කරන තැන.....මේ අදහස තමයි මතු වෙන්න ඕන...කලාකරුවා සහ දේශපාලනය....කලාකරුවා යනු තවත් මනුස්සයෙක් පමනයි. ඌගේ ජීවිත රටාවත් කම්කරුවා, දොස්තරයා, ඉන්ජා, කෝකියා,වේටරයා වගේම තමයි. කලාකරුවා යනු සමාජයේ පෙර ගමන් කරුවා යන සමාජ ඉගැන්වීම බිඳ වැටී ගියේ බොහොම කාලයකට පෙර.....අමතක කරන්න එපා එහෙම කාලයක් තිබුන බව. එය මාධ්‍යකරුවාටත් පොදු බව කාලයක් යනතුරු තිබුනා...කලාව ජනතාව සඳහා යැයි කියන මතවාදය එක් පරම්පරාවක සටන් පාඨය වුනා. සුචරිත ගම්ලත්, පියසීලි විජෙගුනසිංහ ඇතුලු සැවොම මේ මතය ඉදිරියට ගෙනිච්චා...ජවිපේ තව දුරටත් මෙය ඉදිරියට ගෙනියන්න උත්සාහ කරා....මෙය මිත්යාවක්..ඒ බව අපි දිනෙන් දින දුටුවා....මොකද දේශපාලනය නැමති මඩ ගොහොරුවේ සැබා කලා කරුවාට පැවත්මක් නැති බව... මෙය ගැඹුරින් විවාදයට පත් නොවෙන තැනට පත්වෙලා තියෙනවා. උදාහරන රැසයි. ජැකා, සෝමරත්නලාගෙ භාවිතය විහිළුවක් වෙන්නේ..කලාව ජනතාව වෙනුවෙන් කියන කතාවටත් වඩා අප්පිරිය ආකාරයෙන්... උන්ට විකිනෙන්න පුලුවන්..අපිට විකෙන්න කියන්න එපා... අළු බ්ලොග් එකේ මම කාලයකට පෙර දාපු කමෙන්ට් එකක් මෙතනට ගේන්නම්. අළු ලියපු අත්තනායක මොඩ්ල් කියන පෝස්ට් එකට අදාලව.

    ///arugeadaviyaSeptember 25, 2013 at 4:16 AM
    මේ මිනිසුන් සිය දිවි නසාගන්නේ අන් අයටද එල්ලෙන්න ලණු දික් කරමින්ය.////

    ReplyDelete
    Replies
    1. කලාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගිය කාලය අවසන් වෙලා දැන් බොහොම කල්...අද ඉන්නෙ කලාවට මුවා වෙච්ච මුදලාලිලා...

      Delete
  37. ඔහොම පැලැස්තර විසඳුම්වලිං නං ඡන්ද ගන්ඩ අමාරුයි.රනිල් දැං පජාත වෙලා ඉවරයි.රනිල් අයිං වෙලා හරි හමං නායකයෙක් එනකං හෝ වෙනිං පක්ෂයක් ප්‍රධාන විපක්ෂය වෙනකං හෝ මහින්ද ලොක්කා එළවන්ඩ අමාරුයි.හැබැයි රනිල් ලොක්කා දැං අයිං උනොත් යුඇන්පී එක සජිත්ට චුට්ටයි කරූට චුට්ටයි රවීට චුට්ටයි වගේ කෑලි කෑලිවලට කුඩු සාඩිං වෙලාම යයි.

    ReplyDelete
    Replies
    1. රනිල් ගියොත් ප්‍රේමදාස මහ එකා පක්ෂේ කෑවට් හපන් වෙනවා. එජාපයේ නියම පැවත්ම තියෙන්නේ නම් රනිල්ලා ගාව. මම ඒකට මනාපයි. හොර සිපයියලට පක්ෂෙ යනවට වඩා..

      Delete
  38. එදා තන්තිරිමලේ විහාරයේ ගල් තලාව මත මෑතක් වන තුරු පැවතිනි. තවමත් තිබෙනවාද යන්න දන්නේ නෑ බං.

    ReplyDelete
    Replies
    1. කොයි බං මුල් කෑල්ල.
      මංතුමා කීවේ ඉන්දු ලංකා ගිවිසුම ගැනයි, පලාත් සභා ගැනයි විරෝධය පෙන්නලා ලියලා තිබුණ දේවල් තන්තිරිමලේ ගල් තලාවේ තිබෙනවා කියලා.

      Delete
    2. ලැජ්ජයි කියනවා ඇර වෙන මක්කා කියන්නද....?

      Delete
  39. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මේ දවස්වල වැඩ කරන්නේ නැත්තේ මොකද????

    http://blogs.sinhalabloggers.com

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියන්න නොදනි.. අදට් වැඩියෙන්ම එන්නේ ඔවුන් නිසා..

      Delete
  40. ජනතා විමුක්ති පෙරමුනේ නැගීම හා බැසීම ගැන මගේ මතය මේකයි
    1994 න් පස්සේ ලංකාවේ ආන්ඩුව සිංහල බෞද්ධ ජනතාවගේ අභිලාශයන්ට විරුද්ධව කටයුතු කලා
    චන්ද්‍රිකා විශ්වාසකලේ සිංහලයන්ගේ බාගයක් ශ්‍රී ලකා නිදහස් පක්ෂයටත් ඉතිරි බාගය එක්සත් ජාතික පක්ෂයටත් හරක් වගේ චන්දෙ දානවා කියලයි
    එමනිසා ආන්ඩුවක් පිහිටුවන්න සුලුතර වාර්ගික චන්ද අත්‍යවශ්‍යයි කියා එයා හිතුවා
    සුලුතර වාර්ගික චන්ද ලබාගැනීමට එයා අනුගමනය කලේ ඉතාම මෝඩ උපායක් ඒ තමා වර්ගවාදී දේශපාලනඥයන්ගෙන් සහය ගැනීම
    අඩු වශයෙන් එයා සුලුතර වාර්ගික චන්ද ශ්‍රී ලකා නිදහස් පක්ෂයට ලබා ගන්නවත් උත්සාහ කලානම් චන්ද්‍රිකා හොඳයි කියන්න තිබුනා
    මේ හේතුව නිසා ශ්‍රී ලකා නිදහස් පක්ෂයටසහයෝගය දුන් සිංහල පවුල්වල අලුත් පරම්පරාව ජනතා විමුක්ති පෙරමුනට එක්වුනා
    මෙයටම සමාන හේතු නිසා එක්සත් ජාතික පක්ෂයටසහයෝගය දුන් සිංහල පවුල්වල අලුත් පරම්පරාව සිහල උරුමය/හෙල උරුමයට එක්වුනා
    වාමාංශික දේශපාලනඥයන්ට තියෙන පොදු දුබලතාවයක් තමයි ඇයි මිනිස්සු තමන්ට චන්දෙදෙන්නේ කියන එක තේරුම්ගන්න බැරිවීම
    ජනතා විමුක්ති පෙරමුනටත් මේ දුබලතාවය තිබුනා එහි බිඳවැටීමට හේතුව ඒකයි
    මෙතනදී විලාඩ් අඹ ගෙඩියක් වෙනුවෙන් දෙමෙල්ලුන්ට පුකදෙන වර්ගයේ මෝඩ සිංහලයන්ටත් දෙයක් කියන්න තියෙනවා
    ප්‍රධාන පක්ෂ දෙකම සිංහලයන් නොසලකා හරිනවිට සිංහලයන්ගෙන් බහුතරය තෝරාගත්තේ ජනතා විමුක්ති පෙරමුන මිසක් සිහල උරුමය නෙමෙයි
    දෙමලෙක් අඹගෙඩියක් දුන්න පමනින් දෙමලා සිංහලයෙක්ට වඩා උසස් වෙන්නේ නෑ ලබන අවුරුද්දෙත් අඹ හැදෙයි ඔන්න දෙමල මිනිහෙක් යාපනය පැත්තෙන් පර්චස් එකක
    වත් ඉඩම් කෑල්ලක් සිංහලයෙක්ට දුන්නනම් දෙමෙල්ලු ටිකක් හරි හොඳයි කියන්න තිබුනා (මේක කිව්වේ අවවාදයක් හැටියට)

    ReplyDelete
    Replies
    1. ඔහේලා වගේ උන් ඉන්න කොට, කොහොමත් සිංහලයන්ට අබ සරණම තමයි කවදා හරි හිමි වෙන්නේ..

      Delete
    2. හිතවත් මාතලන්,
      මෙම කොමන්ටුවේ සඳහන් පරිදි ජවිපේ හැසිරීමක් නැත. මේ ඔහුගේ අවබෝදය පරිදි කළ උපකල්පනයක් පමණී.
      //දෙමලෙක් අඹ ගෙඩියක් දුන්න පමණින් සිංහලයෙක්ට වඩා උසස් වෙන්නේ නැත//
      ඔහු සිටින්නේ කොතනද?

      Delete
  41. අනේ මාතලන් අපි කොච්චර කතා කලත් ඔය විශේෂඥයන්ගේ බුද්ධිය අඩු වෙන්නේ නැහැ. අපි නිකන් උඩු බුරන බල්ලො ගනට වැටිලා නේද..?

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා කටවල් වහගෙන ඉන්න බෑ නොව..

      Delete
  42. රත්ත කොල්ල නම් ඔය හඩු දේසපාලනේට නැතත් ඔහේගෙ කතාවට නම් මං ඕ.කේ 1 දෙනව. ජවිපෙ ගවයො රැලයි යූ.එන්.පී නපුංසක රැලයි ඉන්න කං මේ රටට නං වගතුවක් නෑ ඕන් කිවිව

    ReplyDelete
    Replies
    1. මේ වාගේ වැදගත් කොමන්ටුවක් පල කිරීමට ඔබ ප්‍රමාද වූයේ ඇයි. මුලින්ම මේ කොමන්ටුව පළ කළානම්, කවුද ඇත්තටම නපුස්සක, කවුද ඇත්තටම ගොන්නු කියලා පැහැදිලි කිරීම් සහිතව සෑහෙන උත්තර ප්‍රමාණයක් ලැබෙවි.

      Delete
  43. ඔන්න මචෝ දකුණනම් දිනුවා. නදීෂා හාන්සි උනා.
    මම ඡන්දෙට තරඟ කරන්නේ නෑ - හාන්සි වෙනවා විතරයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න