.

.

Aug 13, 2014

වෛද්‍යවරියගේ මරණය, රූපවාහිණි හා වෛද්‍ය සභා - Dr. Kill Dr.



වෛද්‍යවරයෙක් විසින් වෛද්‍යවරියක් මරා දමලාය. වටින් පිටින් එන ආරන්චි කියන්නේ, දොස්තර නෝනා සුදු වෙන්න ඉන්ජැක්සොන් එකක් ගහන්න ගිහිල්ලා, ඒක විෂ වෙලා කියලාය. මේ රෝගයට මම දන්නා තරමින් තවමත් බෙහෙත් නම් සොයාගෙන නැත. ඒ කියන්නේ මට්ට ගොන් තකතීරූ මෝඩකමටය. වෛද්‍යවරියකට තව මොන ලස්සනක්ද? වෛද්‍යවරියක් කියන්නෙම කොච්චර ලස්සන දෙයක්ද? ඉතින් මේකෙන් පේන්නේ මොකක්ද? මම හැමදාම කියන, උගත් උනත් බුද්ධිය නැති කම නෙමේද?

මේ ගමගේ කියන දොස්තරයා හොර දොස්තරයෙක් කියා, දැන් වෛද්‍යවරුන් පිරිසක් කියනවාය. ඒ මහත්තුරු කියනා හැටියට, ලංකාවේ ඉලාස්ටික් සර්ජන්ලා ඉන්නේ 14-15 විතරය. (එයාලා ඒ ගානවත් හරියට දන්නේ නැතිය.) ඒ වෛද්‍යවරු පත්තර වල ඇඩ් දමන්නේවත්, ටැලිවිසන් වල ටෝක් සෝ වලට එන්නේ වත් නැතිය. ඒත් මේ හොර වෙදාගේ වැඩ සටහන්, මමද රූපවාහිනිවල දැකලා තියෙනවාය. ඒ වෙලාවේ මට හිතුනේ ඔක්කෝටම කලින් මූට ප්ලාස්ටික් සර්ජරියක් කලොත් නරකද කියාය. මේ යකා ශෛල්‍ය වෛද්‍යවරයෙක් නොවේ. එහෙම එකෙක් සර්ජරි කරනකන් ලංකාවේ වෛද්‍ය සභා බකං නිලාගෙන සිට, දැන් කට පුක ඇරලා වැඩක් නැතිය.

මේ යකා කැලෆෝනියා මෙඩිකල් බෝඩ් එකෙන් නම කපා දමපු එකෙක්ය. නැවතත් 2009 දී ඉල්ලුම් කලත්, ලයිසොම දීලා නැතිය. ඉතින් එහෙම එකෙක් ටැලිවිසොන් වල වැඩ සටහන් කළේ කොහොමද? ඔය චැනල් වල ඕනෑම බූරුවෙකුට මුදල් ගෙවා ඕනෑම දෙයක් කළ හැකිද? පත්තර වල ඇඩ් දැමිය හැකිද? අඩු ගානේ ඒ සඳහා වෛද්‍ය සභාවක අනුමැතියවත් ලබා ගන්නේ නැතිද? මේ යකා කොළඹ විසාකා ලේන් එකේ මහා පරිමාන ව්‍යාපාරයක් කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශය දන්නේ අදද?

මේ මරණයට දොස්තරයා අත් අඩංගුවට ගත්තා වාගේම. මූට ප්‍රචාරය දුන් රූපවාහිනි චැනල් වල උන්ද අත් අඩංගුවට ගත් යුතුමය. අද ජාතික රූපවාහිනියේ පවා උදේ වරුවේම පෙන්වන්නේ, සුදු වෙන ආකාරයයි. ඒවාට දොස්තරවරු කියා ගන්නා සෙට් එකක්ද පැමිණේ. සම හරක් වැඩ සටහන් වලට එන්නේ දෙකයි පනහේ නිලියෝය. උන් කියන්නේ, උන්ගේ ක්‍රීම් මූණේ විතරක් ගාලා හරියන්නේ නැත කියලාය. ඒ කියන්නේ ක්‍රීම් එක මූණෙයි, බෙල්ලෙයි, තනෙයි, පිටෙයි, පුකෙයි, කකුලේයි හැම තැනම ගාන්න ඕනාය. නැත්නම් ඉතින් ලංකාවේ ඉන්නේ මූණ සුදු, පුක කළු ටූටෝන් කෙල්ලෝය.

මුන් මළකඩ බැඳිච්ච කොන්ඩ කඩාගෙන අම්බ පච තොගයක් කෙලිනවාය. මේකප් වලින් මූණ සුදු කරගෙන මම සුදු උනේ මේක ගෑවායින් පස්සේ කියනවාය. කොන්ඩේ දිග් උනේ අර පෙත්ත බිව්වාමයි, තනේ ලොකු උනේ මේ පෙත්ත බිව්වාමයි. පුක ළොකු උනේ අර දොස්තර ගාවට ගියාමයි කියා අම්බ පච කෙළිනවාය. අපේ උනුත් එකසිය ගානට අඳිනවාය. උගත් කියන දොස්තරලාත් ගොනාට අඳිනවානම්, ගේවල් වල ඉන්න මට්ට ගොන්ණු ගැන අළුතෙන් කියන්න ඕනා නැතිය.

සම සරක් විකුනන්නේ පෙතිය. පෙති මාස තුනකට බොන්න ඕනාය. සම හරක් බෙහෙත් දෙන්නේ ඇඟ කෙට්ටු වෙන්නය. එහෙම කෙට්ටු වෙන තේ එකකුත් තියෙනවාය. පත සයිස් ගෑණු සල්වාරි ඇඳගෙන ශරීරය කෙට්ටු වෙන හැටි කියනවාය. අර ඉරහඳ ප්‍රියන්ත කාරයා, තුවායකුත් කරේ දාගෙන පුක සුදු වෙන ක්‍රීම් විකුනනවාය. ඌගේ ගෑණී ඇඟ කෙට්ටු වෙන බෙහෙත් විකුණනවාය. උන් දෙන්නාගේ ඇඳුම් ගැලෙව්වානම්, ඒ ඇඟවල් වල ලස්සන බලා ගන්න පුළුවන්ය. 

ඔය ටැලිවිසොන් එකේ පෙන්නන කොට ඔක්කෝම සුදු පාටය. මම වගේ එකෙක් ගියොත් තම්බපු ඉස්සා වගේ පේනවාය. ඒ ගහන ලයිට් තොගේට, ක්‍රිස් ගේල් පේන්නේත් ඩන්කන් වයිට් වගේය. ඒ ලයිට් ඒ තරම් සැරය. ඔය නිලියෝ පාරේදි දැක්කොත් බල්ලො බත් කන්නේත් නැතිය. මුන් කරන්නේ ගැණුන්ගේ අහිංසක ආසවන් විකුණාගෙන කන එකය.
 
ඒ නිසා මම කියන්නේ දොස්තරයා අත් අඩංගුවට ගත්තා වගේම මේවාට ප්‍රචාරය දෙන උනුත් අත් අඩංගුවට ගන්න ඕනා කියලාය. ලිංගික අල්ලස් වලට, ඇමතිලාගේ බඩු කෑලි උන පලියට හැම එකාටම බෙහෙත් විකුණන්න දෙනවානම්, ඖෂධ පාළක මණ්ඩලයක් ඕනෑ නැත. පාරිභෝගික අධිකාරිත් ඕනා නැත. ගමේ සර්ප වෙදා වාගේ ඕන එකෙකුට පැනඩෝල් පෙති හරි බොරු නම් ගසා ලස්සන පැකට් වල දමා විකුණා ගත හැකිය. 

මේ හොරුන් ගැන අප ලියන්නේ අද නොවේ. මේ මළ විකාරයන් නවත්විය යුතුම බව අප කියන්නේ, මේ බ්ලොග් කෙරුවාවන් පටන් ගැනීමටත් කලින් සිටය. නිව්ස් කියන කෙල්ලන්ගේ ගල් වැහුවට. ටී වී චැනල් ඔක්කෝම ඉන්නේ අමු හෙළුවෙන්ය. උදෑසන වරුවේම පෙන්වන්නේ තනිකර තෙල් බෙහෙත් වෙළඳාම හා නක්ෂස්ත්‍රකාරයන්ගේ පට්ට පල් අමූලික කෙප්ප්ය. මේයින් පෙන්වන්නේ මේ රටේ ගොබ්බ මානසිකත්වයයි. කිසිම විනයක් නීතියක් පාළණයක් නොමැති කමයි.

දොස්තර ගැන නිව්ස් දාන පත්තර කාරයන්ට හා ටැලිවොසොන් කාරයන්ට කියන්න තියෙන්නේ, දොස්තර විතරක් නොව, මේ පට්ට හොරුන්ට 365 දවසේම ප්‍රචාරය දෙන තොපිලාත්, මිනිමරුවෝ කියලා පමණය.

ලංකාවේ මෝඩ ගැණුන්ට විශේෂයෙන් දෙයක් කිව යුතුය. හැම කඩේකම තියෙන, මූණ සුදු වෙනවා යයි කියන, ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ක්‍රීම් කොම්පැනියේ, මාකටින් මැනේජරස්, දෙරණ රූපවාහිනියේ ඩ්‍රිම් ඉස්ටාර් වැඩ සටහනේ සම්මාන දෙන්න ඉස්ටේජ් එකට ආවාය. ඒ කෑල්ල අර ලයිට් ගොඩ අස්සේත් පට්ට කළුය. ඉතින් මේ බොරුව ගැන තව කතා කුමටද? එක අතකින් සූර්යක්ග්‍රහණයක් වෙලාවේ, සුදු වෙන්න, වද කහ සුදිය බීපූ හරක් ගෙන් පැවත එන පරම්පරාවක, මේ ගොන් බූරු කම් මහ දේවල්ද නොවේ.

මෙන්න ඒ කතාව..

222 comments:

  1. //ක්‍රිස් ගේල් පේන්නේත් ඩන්කන් වයිට් වගේය.//
    මේවට හිනාවෙලා පණ යනවාය.නියම අර්ථාන්විත උපමාවය.

    ReplyDelete
    Replies
    1. මමත් ඕකම ලියන්න ගියේ..කොහෙද ඉතින්...කොහෙද යන හැලපයෙක් මට කලින් එක ලියල නේ..

      හැබැයි හලපයෝ මම මෙතුවක් කාලෙකට අහපු පට්ටම උපමාව...

      Delete
    2. ක්‍රිස් ගේල් දැං ටිකක් සුදුවෙලා නේද.. මං හිතන්නෙ ෆෙයා&ලව්ලි හොරෙං හොරෙං ගානව ඇති.. අපිව අන්දන්නෙ කොහෙද ඌ … !!!!

      Delete
    3. මචෝ ඩන්කන් වයිට් මාර සුදු ඇති නේ.. මම දැකලා අහලා තියෙනවා සම හරක් පට්ට කළු කෑලී වලට "සුදූ" කියනවා.

      Delete
    4. අඩුගානෙ උංගෙ දත් යික වත් සුදු නෑ..
      හැබැයි කියන්නෙ සුදූ කියල..
      තූ නෙද්දකිං

      Delete
    5. >>සම හරක් පට්ට කළු කෑලී වලට "සුදූ" කියනවා.<< ....... හෙක්....හෙක් ...කියල වැඩක් නැහැ......මචං ...
      මං නං සුදු එකීලට විතරමයි "සුදූ" කියන්නෙ .....

      Delete
    6. සුමුදු හාර්ඩ්වේයාර් වගේ....

      Delete
  2. කියන්න කිසිම දෙයක් නැත. කිව යුත්ත සුපිරියටම කියා ඇත.ඉතිරිය මට කිව නොහැක

    ReplyDelete
  3. චැහ්.
    මාත් මේ ගැන ලියලා පබලිස් කොරන්න සැදුවා විතරයි.
    දැන් ඒක ඕන්නැ.
    :)

    ReplyDelete
    Replies
    1. ලියපු එක පබිලිස් කරන්න. මේ වගේ දේ ගැන, හැමෝම ලිව්වත් අවුලක් නෑ.. එතකොටයි හරකුන්ට දැනෙන්නේ..

      Delete
    2. හරක් අපට සිනාවෙනවා ඇති මේවා ලියනවට.
      මේ “හරක්“ ලිස්ට් එකක්ම අනිල් ගමගේ ,කස්ටර්මස්ලා.මෙයා මෙච්චර කල් රැකුනේ
      එ් නිසා වෙන්න ඇති.
      අනිල් ගමගේ සිට ගමේ ලතා අක්කගේ සැලුනට වෙනකම්ම තත්වය මේකයි.
      මම දන්නේ නැ.රූපලාවන්‍ය ගැන වගකිමකින් උගන්නන රජයේ ආයතන ඇති බවක්,“අර ආයතන“මොනවද කියලා අහන්න නම් එපා.ප්‍රුද‘ගලික තැන්වලට වඩා ‍ෙහාද වුනත්,සතුටුදායක මට්ටමක නැ.

      Delete
  4. සිරා කතාවය. ඔය ක්‍රීම් සහ තෙල් බේත් විකුණන සමහර ඉටිකිරිස් කෑලි හැබැහින් දකිද්දී පට්ට කළුය.

    දන්නවැයි, බස්සි ඉස්සර ටී.වී.එක ළඟ දණ ගසාගෙන පැණි හලාගෙන පොල්බෑයක් මෙන් සුදු නළු බට්ටෙකුට නෙත් හෙලාගෙන සිටියේය. උන්දා සුදු වෙන බේතකුත් විකුණ්නා මතකය. අන්තිමේ දාසක් බස්සි තාත්තාගේ ඔපීසියට යනවිට කස්ටියක් ඒකේ ටෙලිනාට්ටියක් සූට් කොරනවාය. එතන මේකප් නැතුව කට්ට කලුවට උන්නු අර නළුබට්ටා දැක තව පොඩ්ඩෙන් අනිත්‍ය අවබෝධ වෙලා බස්සි ධ්‍යානයකුත් ලබනවාය.

    ලස්සන තියෙන්න ඕනා හිතේය. හදවත කළු වෙලා මූණ සුදු උනාට මෙලෝ කල්ලිතාවක් නැතිය. ගොඩක් හරකුන්ට නොතේරෙන්නෙත් ඒ ටිකමය.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්..බස්සි කවුද බන් ඔය නළු බට්ටා? :P

      Delete
    2. සුදු මුහුනයි හුරතලයයි - හරි අවදානම් … !!!

      Delete
    3. දෙයක් කරාට කමක් නෑ. හොර බොරු වංචා නැතුව..

      Delete
    4. කව්ද බං සුදු නළු බට්ට

      Delete
    5. මම නං නෙමෙයි … ඕ යේස්

      Delete
    6. අපෝ ඇත්තද..උඹ නෙමෙයිද..?එහෙනම් අවුලක් නැහැ...අපි මේ ලේ වතුර වෙලා හිට්යේ උඹ ගැනද දන්නේ නැහැ කතා කරන්නේ කියල..

      Delete
    7. ආං ඒකමයි මං කීවෙත් තකහනිය ඇවිත් :D ඕ යේස්

      Delete
  5. නියම පෝස්ට් එක... ආයෙ ඉතිං ගලේ ගැහුව වගේ ඇත්ත :)

    /*“ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” ක්‍රීම් කොම්පැනියේ, මාකටින් මැනේජරස්, දෙරණ රූපවාහිනියේ ඩ්‍රිම් ඉස්ටාර් වැඩ සටහනේ සම්මාන දෙන්න ඉස්ටේජ් එකට ආවාය. ඒ කෑල්ල අර ලයිට් ගොඩ අස්සේත් පට්ට කළුය. */
    ඔක්කොමත් හරි මේකත් හරි...

    ReplyDelete
    Replies
    1. බොරු නම් ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම හරිය බලන්නකෝ..

      Delete
  6. ජයලත් ජයවර්දන "මහාචාර්ය" කියාගත්තේත් මේ රටේමය

    ReplyDelete
    Replies
    1. දේශපාළණය ගැන වෙන්න ඇති...

      Delete
    2. මැරවින් ගෙ ආචාර්ය පට්ටමට හිනාවෙන පත්තර පඩංගු කාරයො එකෙක් වත් ජයලත්ට හිනා වෙන්නෙ නෑ, ඒකට කොන්ද පන නෑ උන්ට.

      ජයලත් ගෙ මහාචාර්ය කමට මම දන්න තරමින් හිනා උනු එකම එකා රනිල් වික්‍රමසිංහ. ඒ අතින් නම් රනිල් අදහන්න වටිනව.

      Delete
    3. මර්වින් වගේ යකෙක්ට "ආචර්ය"කම් දීපු එකේ,ලෝක හොරුන්ට "දේශහිතෙෂි,දේශ බන්දු"වගේ ඒවා දෙන එකේ.ගස් ගල් ගානේ "සාමදාන විනිශ්චකාරයෝ ඉන්න රටේ ජයලත් ජයවර්දන වැනි අයෙක් "මහාචාර්ය" වීමේ වරද කුමක්ද.?

      Delete
    4. මර්වින්ගේ ආචාර්ය පට්ටමත් ජයලත් ගේ මහාචාර්ය පට්ටමත් දෙකම උපාදි කඩ වලින් මුදලට ලබා ගත් ඒවාය. එකක් නරක නම් අනෙක ජයලත් පොරක් වූ පමණින් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වූ පමණින් හොඳ වන්නේ නැත.

      ජයලත් ජයවර්දන "වැනි අයෙක්" හොර ආචාර්ය පට්ටමක් ගැනීමේ වරද කුමක්දැයි ඇසීමෙන්ම මේ රටේ චන්ද දායකයාගේ දීන මානසිකත්වය පෙනේ.

      Delete
    5. //ජයලත් පොරක් වූ පමණින්//
      ජයලත් පොරක්ද නැතිද කියනඑක මට වැදගත් නැහැ.නමුත් මම කියන්නේ මර්වින් වගේ ඔය ආචාර්ය, මහාචාර්යකම් දරන අනෙක් අයට සාපේක්ෂව ජයලත් තුල වෛද්‍ය විද්‍යාව ගැන හෝ දැනුමක් තිබ්බා.
      ඔය සම්මානානිය මහාචාර්ය කම් කියන්නේ කොහොමත් තනිකර විහිළුවක් තමයි.

      මේ රටේ ගොඩක් ජන්ද දායකයෝ ඉන්නේ දීන මානසිකත්වයක තමයි.එකනේ ඔය දේශපාලනේ කරන බහුතර හොරු ඉස්සරහා ජනතාව දෙකට නැමීගෙන ඉන්නේ.:P
      හැබැයි ඔබ පෙන්වා දෙන විදියේ දීන මානසිකත්වයක් මා තුල නැති බව මා දන්නා බැවින් මා ඒ ගැන සතුටු වෙනවා.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. // මර්වින් වගේ යකෙක්ට "ආචර්ය"කම් දීපු එකේ,ලෝක හොරුන්ට "දේශහිතෙෂි,දේශ බන්දු"වගේ ඒවා දෙන එකේ.ගස් ගල් ගානේ "සාමදාන විනිශ්චකාරයෝ ඉන්න රටේ ජයලත් ජයවර්දන වැනි අයෙක් "මහාචාර්ය" වීමේ වරද කුමක්ද.? //

      ඔබේ ප්‍රශ්නයට ඔබම කදිම උත්තරයක් දීලා...

      // නමුත් මම කියන්නේ මර්වින් වගේ ඔය ආචාර්ය, මහාචාර්යකම් දරන අනෙක් අයට සාපේක්ෂව ජයලත් තුල වෛද්‍ය විද්‍යාව ගැන හෝ දැනුමක් තිබ්බා. //

      ඔබත් මාත්, මගෙ ප්‍රියතම ප්‍රොෆයිල් ඇනොත් දන්නා පරිදි කිසිවෙකු මර්වින් ගෙන් බෙහෙත් ගන්න ගිහින් නැහැ. වෛද්ය උපදෙස් අරන් නැහැ.... ඒත් මහාචාර්ය ජයලත් ජයවර්දන ගෙන්????? ඒක තමා Dr JJ වැනි අය තමන් ගේ සැබෑ qualifications වලට අමතරව මුදලට ගන්නා ගොන් පාර්ට් ටයිටල එල්ලා ගැනීමේ භයානක කම.

      අනික මහාචාර්ය යනු ආචාර්ය උපාදියේ ඊලඟ තනතුර නොවේ. ආචාර්ය උපාදිය ලබා ගනීමට පර්යේශන කර නව දෙයක් සොය ගෙන අලුත් දැනුමක් ලොවට එකතු කල යුතුය.

      මහාචාර්ය යනු ඉගන්වීමේ සහ පර්යේශන වල යෙදෙන විද්යාර්තීන්ට ලැබෙන තනතුරක්.... මහන්සිවෙලා වැඩ කරලා දිනාගන්නා උපාදියක් නොවේ.

      අපේ රටේ සීයට හයේ කස්ටිය දබරැඟිල්ල උලුක් කොට ආචාර්ය උපාදිය නැතිවම මාහාචාර්ය පස්ටම ලබා ගැනීමට UGC act එක සන්ශොදනය කර ගත්තෝය. එම නිසාම ආචාර්ය උපාදිය නැති මහාචාරියෝ බොහෝ සිටිති. Ex: Sumanasiri Liyanage, Sarath Wijesuriya etc etc

      Delete
    8. Sa rasa,

      ඇත්ත කියන්න. ඔබ ඔය කියන සංශෝධිත මහාචාර්ය පට්ටම දෙන පටිපාටිය හෝ එලෙස සංශෝධනය වුණා නම් ඊට පෙර තිබුණු පටිපාටි ය හෝ එකක්වත් දැක නෑ නේද?

      මා දැක ඇති 1990 දශකයේ මැද තිබුණු මහාචාර්ය/ සහාය මහාචාර්ය පදවිය සඳහා පත්කරන ක්‍රමවේදයේ කොටස් දෙකක් තිබුණා.

      1. පර්යේෂණ සහ ප්‍රකාශන මත දෙන මෙරිට් පත්වීම්
      2. ජ්‍යෙෂ්ඨත්වය මට කරනු ලබන පත්වීම්

      ඉන් එක ක්‍රමයක් යටතේවත් සහාය මාහාචාර්ය හෝ මහාචාර්ය හෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවියක් ලබා ගැනීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය යැයි නියම කර තිබුණේ නෑ. සුමනසිරිට සහ සරත්ට ඒ 1990 පටිපාටිය යටතේ කාලයත් සමග හෝ ප්‍රකාශන සමග සහාය මහාචාර්ය පදවිය ලබාගත හැකිව තිබුණා.

      ඉතින් සංශෝදනයක් මොකටද?

      මේ අනුව ඔබ කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව කිව හැකියි. එය කරුණු නොදැන කළ ප්‍රකාශයක් බව යි පේන්නේ.

      ලංකාවේ විශ්ව විද්‍යාවල මේ සම්බන්ධයෙන් ඇති ප්‍රශ්ණය එය නොවේ. සහාය මහාචාර්ය කම ලැබූ අය ඒ සහාය කෑල්ල ඒ විගසින් අත හැරීමයි!

      අනෙක පැන්ෂන් ගත්තු මහාචාර්යවරුන්ට ඒ පට්ටම පැන්ෂන් පිට පාචිච්චි කරන්න නම් - අර සම්මාන මහාචාර්ය කමක් ලැබෙන්න ඕනෑ.

      නලින් ද සිල්වා පහුගිය දවසක දොරමඩලාවකදී තමන්ට මහාචාර්ය නොව ආචාර්ය කියා පමණක් කිව වුතු බව කිව්චා.

      Delete
  7. ඔය දීලා තියෙන්නේ පොරි හැලෙන්න...

    මාතලන් ගේ කතාව පට්ටම ඇත්තය..

    සක්විති අහුවුණා වෙලේ ත් වුනේ ඔය ටිකමය. අහුවෙන්න කලින් ටීවී එකේ පැය ගණන් ඉංග්‍රීසි කලාස් ය.

    ජනමාධ්‍ය මීට වඩා තමන් ඉදිරිපත් කරන දේ ගැන අවධානයක් යෙදිය යුතුය. ad පස්සේ ම එලෙව්වොත් සදා සොත්ති තමයි..

    ReplyDelete
    Replies
    1. ප්‍රචාරණය ගැන කිසිම ප්‍රමිතියක් නෑ.. මට මේ ප්‍රෝග්‍රෑම බලන කොට මතක් වෙන්නෙම ඉස්සර හිටපු තෙල් බෙහෙත් කාරයොමයි..

      Delete
  8. "මහත කියන්නෙත් ලස්සනක් ඩාලිං"
    -බිග් හර්ෂගෙ සිංදුවක තියෙන්නෙ-

    ReplyDelete
    Replies
    1. ඔය මොක ලස්සන උනත් වැඩක් නෑ හදවත ලස්සන නැත්නම්, ත්‍රී වීල් එකක පිටි පස්සේ තිබුනා මෙහෙම -

      "මුහුණේ ලස්සන හදවතේත් ඇත්නම්"

      Delete
  9. සුනිල් වෙදමහත්තයාගෙ පනිවිඩයක්.August 13, 2014 at 10:17 AM

    සුදු වෙන්න, බොන්න කොත්තමල්ලි !

    ReplyDelete
    Replies
    1. වෙන ක්‍රම තියෙනවා ඕන තරම්..

      Delete
  10. අම්මපා සහතික ඇත්ත.ඔය වගේම තමා අර දන්තාලේප මාෆියාවත්

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. http://www.lankacosmetic.com/

    ReplyDelete
  13. මීට කලින් මෙම දොස්තර මහතා ගැන පල වූ ලිපි...(2011)

    http://www.thesundayleader.lk/2011/04/10/watch-your-face/

    ReplyDelete
  14. හා හා...කියලා වැඩක් නැත.හමේ සුදුව හා කළුව කෙනෙකු උපතෙන් ගේන දෙයක්ය..ඒවා ජානවලින් එන එකක් මිස ඔහොම ඩෙඟ නටා හැදිය හැකි ඒවා නොවන්නේය..ඒ සරල ඇත්ත තේරුම් ගන්නට මොළයක් නොමැතිවූ කල ඉතින් ඔහොම එව්වා සිද්ද වන්නේය.තමන්ගේ හමේ පාට අනුන්ට ගලපමින් හූල්ලා වැටෙනවාට වඩා වැඩ ඇති බව තේරුම් ගන්නා තුරු ඉතින් ඔවැනි හොරුන්ට රජ මඟුල්ය..මාධ්‍ය කැකුණ තලන ඌරන් මෙන් හැසිරෙන කල හබන් කුකුළන්ට රජ වෙඩිං කිව්වාලුය...:D

    ReplyDelete
    Replies
    1. මේ රට කෑවේ දේශපාලුවන්ට වඩා ජඩමාද්දියවේදියෝ.... ඒ ගැන මම කීප වතාවක්ම ලිව්වා...

      Delete
  15. මෝඩයෝ .....ගැහැනියකට ලස්සන වෙන්න, ලස්සනට ඉන්න ආසයි. ඔයත් ගැහැණියෙක් උනා නම් ඕක තේරෙයි. ඕක මනුශය අවශතාවයක්

    ගැහැණිය අල්ලාගෙන හැම වෙලාවේම මඩ ගහනවා. අපිට ඉතින් රැවුල නැහැනේ.

    ReplyDelete
    Replies
    1. රැවුල නෑ ? ඔය තියෙන්නෙ යස අගේට....

      Delete
    2. බුරිය පල්ලෙහාට ඇඟිලි දාලා බලන්නකෝ... ඔය අහුවෙන්නේ යටි රැවුල.. ෂේව් කරලා නම් මට කරන්න දෙයක් නෑ.. ඉස්සර අපේ ගෙවල් ගාව උන්න සෙලින් ඇන්ටිටත් රැවුලක් තිබුනා. ඒයාගේ දුවටත් තිබුනා.. දැන් නම් අයින් කරලා..

      Delete
    3. මෙන්න ඉන්නව නියම ලාන්කිකයෙක්,අල්ලගන්නෙම වැරදි තැනින්

      Delete
    4. සෙලින් ඇන්ටිගේ නම්බර් එක දියං

      Delete
    5. මටත් දියෝ..........

      Delete
    6. ඇන්ටිලා නාන දිහා හොරෙන් බලන එකෙක් අද මාට්ටු

      Delete
    7. අටංට සෙලින් ඇන්ටිගෙ නම්බර් එක දීපං.මට සෙලින් ඇන්ටිගෙ දුවගෙ නම්බර් එක දීපං .

      Delete
    8. මට දෙකම දෙන්ඩ.. මං තෝරගන්නං .. !!!

      Delete
    9. @පත්තර මල්ලි
      //මට දෙකම දෙන්ඩ.. මං තෝරගන්නං .. !!!//
      අන්න කොල්ලෝ......

      Delete
    10. හරියටම හරි සඳුනි

      Delete
  16. පෝස්ට් එක ආසාවෙන් කියෙව්වා. නමුත් මනුස්සයින්ගේ ආශාවල්, සිහින කියන ඒවා එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඕකට මම ඇතුලු සියල්ලන්ම අයත් වෙනවා. (අපි ඔක්කොම මිනිස්සුනේ) බොහෝ විට ඕවා තාර්කික නෑ. ඇහැව්වොත් හැමෝම ඒවා සාධාරණියකරනය කිරීමට හේතු ඕන තරම් දෙයි. ඔය සිහින, ආශා වලින් අනික් අයට වෙන බලපෑම අඩු නම්, හානියක් නැත්නම් ඒවාට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඕනෙයි කියලා මම හිතන්නෙත් නෑ.

    ඔය සමහර ගෑණු දිවා රෑ නොබලා ලස්සන වෙන්න ආසාවෙන් දඟලන එකත් ඔයවගේම සීන් එකක්. වෙන කෙනෙක්ට ඒ මේනියාව නැති වුනාට ඒවගේම අතාර්කික වුන වෙනත් විදිහක මේනියාවල් තියෙනවා. ඕවායේ තේරුමක් ඇති බව සහ නැතිබව සාපේක්ෂ දෙයක්.

    ඊට අමතරව ඩොකා හොරෙක්ද නැද්ද, ඌට ලයිසන් තිබ්බද නැද්ද කියන කතාවල වැලිඩිටි එකක් තියෙනවා පැහැදිලිවම. ඒක වෙනම කතාවක්.

    ReplyDelete
    Replies
    1. කව්ද මචෝ ලස්සනට ඉන්න ආස නැත්තේ. මම මේ කතා කරන්නේ හොරුන්ට අහු වෙන එක ගැන. අනික ඉලාස්ටික් සර්ජරි වගේ රිස්කි වැඩ ගැන..

      Delete
  17. මාතලන්, මේක මීඩීයා රිපෝට් කරන අයගේ කතා වලට එහායිනේ මචන්.

    ඔය දොස්තර විතරක් නෙමෙයි private practise කරන බොහෝ දොස්තරවරුන්ට ලංකාවේ නීතියක් නෑ. වෙනවා නම් වෙන්න ඕනේ රජයේ රෝහල් වල ඔවුන්ගේ සේවාව දියුණුකිරීමයි. මා දන්නා තරමින් රජය විසින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ වැටුපක් හා තවත් බොහෝ පහසුකම් ලබාදෙනවා. ඒ අඩු දේවල් උනත් රජයේ සේවය ක්‍රමවත් කරලා ඔවුන්ට ලබාදීලා restrictions දාන්න ඕනේ. ඒවට කට වහන් private hospital වලටම බඩගාන අපි මේ එක දොස්තර කෙනෙක්ව විතරක් point out කරන එකත් විහිළුවක්.

    මේ කාන්තාව මිය ගිහින් තියෙන්නේ liposuction එකක් කරන්න ගිහින් නෙමෙයිද? සුදුවෙන එකයි ඒකයි අතර තියෙන සමානත්වය මොකක්ද?
    මේකට කොමන්ට් කරලා තියෙන්නේ ඔක්කොම පිරිමි හින්දාත් ඒක අවඥාවෙන් බැහැර කරලා තියෙන හින්දාත් මේ ටිකත් කියන්නම්. ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් ෆිල්ම්ස් වල දකින බොහෝ ලස්සන කාන්තාවෝ ඔය හැම මඟුලක්ම කරනවා. මට නම් ඒකේ වරදක් පේන්නෙත් නෑ. මටත් සල්ලි තිබුනා නම් මාත් කරගනියි. කාටවත් බලෙන් එහෙම කරන්න එපා කියන්න අපි කාටවත් බෑ නේ. ඒක ඒ අයගේ කැමැත්ත. එකම ප්‍රශ්නේ මේ වගේ සර්ජරීස් කරගන්න මේ වගේ විශ්වාසනොවන සේවා ආයතන කරා යෑමයි. ලෝකේ දියුණු රටවල පවා මේ සර්ජරි කරන හොර වෙද්දුන් ඉන්නවා කියලායි අපි නම් දන්නේ.
    ( ඒත් හැඩට ඇහැට කණට පේන්න ගැහැණියකට තියෙන අයිතිය හෙලාදකින එක නම් පිරිමින්ගේ හීනමානය.)
    අනික කළු පාටට කැතයි කියන්නේ මොන අර්ථයේ ඉඳන්ද? කළු පාට කියන්නේ කැතයි නම් නයෝමි කෑම්ප්බෙල් වගේ තව බොහෝ අය කවදාවත් එලියට එන එකක් නෑනේ. මට නම් ලස්සන කළු පාට.


    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එකේ මාතලන් ඒ මියගිය කෙනාට දොස් කියන කෑල්ල ෆිල්ටර් කරලා ගත්තොත් මට වැටහෙන විදියට මාතලන් කියන්නේ මේ සිංදුවේ තියෙන දේමයි...

      Colbie Caillat - Try

      ප්‍රවේසමෙන් අදහස ගත්තේ නැතිවුනොත්, මේ පෝස්ට් එක වගේම ඔය සිංදුවත් ලෙසියෙන් නොමඟයන සුළුයි...

      Delete
    2. සින්දුවට බොහොම ස්තුතියි බීටේ. කලින් අහලා තිබුනේ නෑ.
      මාතලන් මේක නරක අදහසකින් නොලියපු එක අනිවා.
      ඒත් ප්‍රැක්ටිකලි මට නම් හිතෙන්නේ ඩොක්ටර් කෙනෙක් සුදුවෙන්න යනවාට වඩා liposuction එකක් ඇස් අයින් හැදිම, නහය හැදීම තොල් හැදීම වගේ ඒකට යන්න ඇති කියලයි.
      ඔය සින්දුව කියන අයම බලන්න ඒ අයගේ මොනවද නැචුරල් තියෙන්නේ කියලා. අපිට නොහැකි වුනාට මේ වෙද්දි මේවා එකිනෙකාගේ දවසේ අවශ්‍යතා වෙලා ඉවරයි. අපිටත් යහපත් ආර්ථිකයක් තිබුනා නම් එහෙම වෙයි.

      Delete
    3. කවුරුත් ලස්සනට ඉන්න ආසයි. ඔතන ලස්සනට වඩ වැදගත් පිරිසිඳු කම. අපේ මිනිස්සු ගාව කොච්චර ගඳද? ඔය හැම දේම කලාට වැඩක් නෑ දිනපතා නාන්නේ නැතිව. නියගය තියෙන පලාත් වල උන්ට නම් කරන්න දෙයක් නෑ. මම කියන්නේ ජෙනරල්. අනික කිහිලි වල මයිල් බාන්නේ නෑ. කොන්ඩේ කිසි පිලිවෙලක් නෑ. පිලිවලට ඉන්නවා නම් ඕන කෙනෙක් ලස්සනයි. ඔය හමුදාවල ඉන්න කෙල්ලන්ගෙයි, පොලීසීයේ කෙල්ලන්ගෙයි වෙනස බලන්න.

      මම මේ මෝඩකම කියන්නේ ඒකට. අනික් දේ තෙල් බෙහෙත් කාරයන්ට හොර දොස්තරලට රැවටෙන එක.

      Delete
    4. සින්දුවට තැන්කූ බීට්ල්.. මගේ සින්දුව ගැන නෝ කතා නේ.. "වද කහ සුදිය"..

      Delete
    5. /ඔය හමුදාවල ඉන්න කෙල්ලන්ගෙයි, පොලීසීයේ කෙල්ලන්ගෙයි වෙනස බලන්න./
      මොකක්ද මේ වෙනස???

      Delete
    6. හොඳට නිරීක්ෂණය කරන්න.. පිලිවෙලක් ඇති කම. ඇඳුම. කොන්ඩය සකස් කිරීම. ඇඟ පත. පිරිසිඳු කම. පර්සනැලටිය. ඉරියව්. ලස්සන.

      Delete
    7. පොලිස්සියේ කෙල්ලෝ ලස්සනයි.යුනිපෝම් එක සෙක්සි.

      Delete
    8. ඒ වුණාට මල්මියො උං මෙලෝ රහක් නෑනෙ බං..
      ආමි එකේ යුනිපෝං ලස්සන නෑ ඒක හැබැයි.
      ඒත් ගති...
      උං එක්ක හැප්පෙන්න පොලිස් කෑලි වලට බෑ බං...
      පොලිස් ලොලිස්
      හිහි

      Delete
    9. නේවි වුන් වැඩකටම නැ.

      Delete
    10. air force ,,,air force

      Delete
    11. WPC ලා පට්ට චාටර්නේ බං. ට්‍රේනින් කාලෙට විතරයි උන් ටිකක් හරි පිළිවෙලට ඉන්නේ. පොලිසිවලට දැම්මට පස්සේ මෙලෝ රහක් නැහැ. නාන්නේ මූණ හෝදන්නෙත් නැද්ද මංදා. විනයක් ගැන හොයන්න හමුදාවක වගේ වැඩපිළිවෙලක් නැති කම හින්දද මංදා. ඒකටත් එක්ක ආමි එකේ කෙල්ලෝ. හැමදාම ලස්සනට ඉන්නවා. දැක්කමත් පුදුම පිළිවෙලක් තියෙනවා.

      Delete
    12. ස්ටෝකින්ස් දැම්ම නම් .... ආසයි මං ලෙග්ස් වලට ... ඔය පෝසස් අක්කිලට....

      Delete
    13. //මේ කාන්තාව මිය ගිහින් තියෙන්නේ liposuction එකක් කරන්න ගිහින් නෙමෙයිද? සුදුවෙන එකයි ඒකයි අතර තියෙන සමානත්වය මොකක්ද? //

      මටත් ආපු ප්‍රශ්නයක්.

      වතුරෙන් දුවන කාර් එකක් හැදුවා කියල මොකෙක් හරි හොරෙක් කියපු ගමන් "දුවල පෙන්නපන්" කියන්නෙ නැතුව පත්තරේ මුල පිටේ දාන අපේ ජනමාද්‍යවේදියො කියන මීහරක් තක්කඩි (නලින් සමාවෙයං මචෝ) ගෙන් ඔහොම දෙයක් අහල වැඩක් නෑ.

      Delete
    14. //මොකෙක් හරි හොරෙක් කියපු ගමන් "දුවල පෙන්නපන්" කියන්නෙ නැතුව පත්තරේ මුල පිටේ දාන අපේ ජනමාද්‍යවේදියො කියන මීහරක් තක්කඩි//

      ඕක මොකද්ද බං දැන් අපේ මාතලං උනත් අර බ්ලොග් සම්මානෙ ගැන ප්‍රචාරයක් දුන්නෙ උන් කවුද කලේ සහ කරන්නෙ මොනාද කියල හොයල බලලයැ? ලියනකොට එහෙම තමා, ඔය කියනව වගේ හොය හොය හිටියොත් නිව්ස් එක පිට යනවනෙ :P

      Delete
    15. අනෙ අම්මපා ඉන්දිකයෝ තෝ තමා දවසකටවත් මිනිහා.

      Delete
    16. Air Force නෙ එළ...
      කෙන්ජි +++++++++++++++++

      Delete
  18. එල පොස්ට් එක tv එකට එන හොරු ගැන අඩු නැතුව ලියලා තියෙනවා .

    ReplyDelete
    Replies
    1. උන් සම්පූර්ණයෙන් වග කියන්න ඕන මේවට. මේ ජීවිත සමඟ කරන සෙල්ලමක්..

      Delete
  19. තම තමන්ගේ ආශාවේ හැටියට, වත්කමට සරිලන පරිදි හැඩ වැඩ වීමේ වරදක් නම් මට නම් පේන්නේ නෑ.....ලංකාවේ ගෑණු ලස්සනට ඉන්න එකනම් කොහොමත් හොදයි....ඒත් මේ හොර දෝස්තරලා විතරක් නෙවෙයි ඉංජිනේරුවෝ විවිද ක්ශේත්‍ර වල වෘතිකයන් කියා ගන්න අය ගැන නම් විදිමත් පරික්ශාවක් ක්‍රමවේදයක් අවශ්‍යයි....කොහොමත් මේ ක්ශේත්‍ර වල වෘතීමය භාවය ගැන හොයන්න තියෙන ආයතනවලත් රටේ හැමතැනම ප්‍රශ්ණයක් වනාඅයතනගත් නීතියා කඩා වැටීම, දේශපාලන ඇගිලි ගැහිලි දකින්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ප්‍රධානම හේතුව ඒකයි.. විවෘත ආර්ථිකේට බනින මේ ආන්ඩුව, කොච්චර නම් විවෘත වෙලාද කිව්වොත්, මේ තරම් බාල බඩු, කුණු බඩු මිනිස්සුන්ට දුන්න කාළයක් ඉතිහාසේ කොයි කාළෙවත් තියෙන්න නැතුව ඇති. ජරාවට, පගාවට, අල්ලසට යට උන දේශපාලුවන්, නිළධාරින් මේවාට වග කියන්න ඕන.

      Delete
  20. /* සුදු වෙන්න ඉන්ජැක්සොන් එකක් ගහන්න ගිහිල්ලා, ඒක විෂ වෙලා කියලාය. මේ රෝගයට මම දන්නා තරමින් තවමත් බෙහෙත් නම් සොයාගෙන නැත. ඒ කියන්නේ මට්ට ගොන් තකතීරූ “මෝඩකමටය”. වෛද්‍යවරියකට තව මොන ලස්සනක්ද? */

    කොස්මැටික් සර්ජරි යනු වෛද්‍ය විද්‍යවේ පිළිගත් උප-ශාඛාවකි. හි පැරා කියා ඇති පරිදි, රූප ලාවන්‍ය ක්‍රියාපටිපාටියක් කිරීම, ගබ්සාවක් වැනි තහනම් වැඩක් නොවේ.

    මේක්‍රියාපටිපාටිය සිදු කරන්ට ගිය වෛද්‍යවරයාට ඒ සඳහා නිසි සුදුසුකම් නැති බව කියවේ. ඒ අනුව මෙය වෘත්තීමය ප්‍රමාද දෝශයකි (professional negligence).

    මේ ආකාරයේ වැරදි සිදුවී කුඩා දරුවන් මිය යාම්, වැරදි අත්, පා කපා දැමීම් ගැන ද විටින් විට අසන්නට ලැබේ.

    මියගිය කාන්තාව ඒ මොහොතේ ප්‍රතිකාර ලබන්නියක් පමණි. ඇය වෛද්‍යවරියක් වීම මෙයට කෙලින්ම අදාල නැත.

    අවුරුදු හතලිහ පමණ වෙන කොට කෝණ්ඩේ නැනින් තැන සුදු වේ. බොහෝ පිරිමි සහ ගැහැණු ඒ සුදු කොණ්ඩය කලු කරති. එයද රූපලාවන්‍ය ක්‍රියාවලියක් බව කිව යුතු නොවේ.

    කොණ්ඩය කලු කිරීමේ වරදක් මම නොදකිමි. මගේ පියා ද මා දන්නා කාලයේ සිට කොණ්ඩය කලු කළේය. ඔහු එය නතර කෙරුවේ පැන්ෂොන් ගත් පසුවයි.

    මාතලන් ගේ කොණ්ඩය නම් හොඳ අපූරුවට කලු පාටට තිබෙන බව පසුගිය දිනවල බ්ලොග් ලියන කියවන අය දකින්නට ඇත. ;-)

    මාලනී බුලත්සිංහල ගායිකාව මියගියේ ද කොණ්ඩය කලු කරන්නට ගෑ බේතක් විෂ වීමෙන් බව ඒ දිනවල කියවිණි.

    හම "සුදු වෙන්න ඉන්ජැක්සොන් එකක්" ගැසීම සහ කෝණඩය කලු වෙන්න හෙන්නා ගෑම අතර ඇත්තේ සුදු කලු වෙනස පමණි.

    මේ මියගිය කාන්තාවට දොස් පවරන්නට සැවොම තමන් දැනට කොණ්ඩය කලු කරනවාද, එසේ නැතිනම් මතු දිනයක එසේ කරන්නට අදහස් කරනවාදැයි සිතා බලන්න.

    ReplyDelete
    Replies
    1. මම මෙතන කතා කලේ බොරු කාරයන්ට රැවටීම ගැන. පිටරට සීන් වලටත් උදාහරණයක් උඩ පින්තූරේ තියෙන්නේ..

      කකා කන්නාඩි දෙක වෙනස් කර ගන්න වෙයි. මගේ කළු කොන්ඩේ අතරින් පතර ග්‍රේ හෙයා වැහි වැහලා.. හැම එකාම අහනවා ඩයි දානවද කියලා.. නෑ මේ පොඩි කාලේ දාපු පොල් තෙල් වල බලේ.. දැන් තෙල් දාන්නේ නෑ.. ජැල් පොඩ්ඩක් දානවා..

      Delete
    2. ලින්ක් එක දැමීමට අමතක විය.

      කොස්මැටික් සර්ජරි යනු වෛද්‍ය විද්‍යවේ පිළිගත් උප-ශාඛාවකි. W3Lanka හි පැරා කියා ඇති පරිදි, රූප ලාවන්‍ය ක්‍රියාපටිපාටියක් කිරීම, ගබ්සාවක් වැනි තහනම් වැඩක් නොවේ.
      http://www.w3lanka.com/2014/08/blog-post_57.html

      Delete
    3. තහනම් නෑ... ඒ උනාට රිස්කි වැඩක්... අවදානම් වැඩක්.. කෙළ උනොත්.. මේ වගේ නිවන් ගියානම් අවුලක් නෑ.. කොහොමද හිටියටත් වඩා කැත උනොත්.. මෙතන කැතයි කිව්වේ.. එහෙම හිතලා නේ මේ මළදාන කර ගන්නේ.. නැත්නම් ඉතින් කැත ලස්සන සාපේක්ෂයි නේ..

      Delete
    4. හැම දේකම රිස්ක් එකක් තියෙනවා.

      මාලනී බුලත්සිංහල ගේ කොණ්ඩේ ඩයි කිරීමේ සිට, මොහිදීන් බෙග් ගේ ඇස් ඔපරේෂම දක්වා, ගුවන් ගමනක් යැමේ සිට පදික වේදිකාවේ යැම දක්වා, ලිස්සන ගසේ නැගීමේ සිට කණා මුට්ටිය බිඳීම දක්වා පමණක් නොවේ වෙල් මාලු අල්ලන්න ගොස් කාවයියෙක් කටේ හිරවීමේ සිට අර මාතලන් කියාගෙන ඇවිත් නතර කර මාලු පියා ගේ කේස් එක දක්වා පමණක් නොව අපි කරන ඕනෑම වැඩක පොඩි හෝ රිස්ක් එකක් තියෙනවා.

      රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ ඒ අනතුරු සිදුවන්නට හේතු සොයා ඒ හේතු අඩුකරන්නට හෝ නැති කරන්නට හැකි ක්‍රියා පටිපාටි සකසා ක්‍රියාත්මක කිරීමයි.

      නිසි සුදුසුකම් ලැබූ වෛද්‍යවරු මේ ගැන දන්නවා. ඒ අනුව කටයුතු කරනවා. නමුත් ඒ අයටත් වරදින්න ඉඩ තියෙනවා.

      Delete
    5. ඇයි කළුබෝවිල ඉස්පිටිතාලෙත් කෙනෙක් මලේ.. කරුමේ කියන්නේ කකා මේක ලෙඩක් නෙමෙයි නේ.. හිතේ ලෙඩක්.. ඔය අංගවිකල අය, එකට ඇලිච්ච අය කරන ඒවා නම් සාධාරනීකරණය කරන්න පුළුවන්.. ඒත් බියුටි කචල් එකකට රිස්ක් එකක් ගන්න එක.......?

      අනේ මන්දා ඕන පුකක්...

      "පුක" යනු කුණුහබ්බයක් නොවේ - කතන්දර ශූරීන්

      ඔය පුක ළොකු කරගන්නත් සර්ජරි තියෙනවනේ.. ඒ කාළේ නම් කෙල්ලෝ දං කුඩ කෑවලු, පුක ලොකු වෙන්න.. (දැන් ඉතින් බත් එක රොස් කරනවා ඕන කමින්ම..)

      Delete
    6. // හම "සුදු වෙන්න ඉන්ජැක්සොන් එකක්" ගැසීම සහ කෝණඩය කලු වෙන්න හෙන්නා ගෑම අතර ඇත්තේ සුදු කලු වෙනස පමණි.//

      මම කමෙන්ට් ටික බලලාම ලියනවා කියල හිතපු පොයින්ට් එකක් කකා මෙතන ඇදල තියෙන්නෙ. මාතා මචං උඹම කියනවා ගෑනුන්ගෙ කිහිල්ලෙ මයිල් ගැන. (මමත් එකඟයි). ඒත් ඒකත් එහෙනම් ස්වභාව ධර්මය වෙනස් කිරීමක්. කිහිල්ලෙ මයිල් වලින් ඇත්තටම කෙරෙන්නෙ දහඩිය උරල අරන් ඉක්මනට වාශ්ප කරන එක.

      රූප ලාවන්‍යය කියන එකට අපිට ඕන තැනකින් ඉර ගහන එක ටිකක් arbitrary වැඩක්.

      අනික සමහර වාර්තා වලට අනුව මේ මනුස්සයා කරන්න ගිහින් තියෙන්නෙ ලිපොසක්ෂන් එකක්. ඒක "මාතලං අපෲව්ඩ්" ද මම දන්නෙ නෑ.

      ඒ ඇරුනම මේ සුදු හමේ මිත්‍යාව ගැන එකඟයි. අපිට වඩා ඕක මේනියා එකක් වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ. අයිශ්වර්යා, සුෂ්මිනා වගේ වෙස්ටර්න් ලුකිං උන් තමයි ලස්සන කියන්නෙ කියන එක තමයි දැන් උන්ගෙ නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එක.

      Delete
  21. /* දොස්තර ගැන නිව්ස් දාන පත්තර කාරයන්ට හා ටැලිවොසොන් කාරයන්ට කියන්න තියෙන්නේ, දොස්තර විතරක් නොව, මේ පට්ට හොරුන්ට 365 දවසේම ප්‍රචාරය දෙන තොපිලාත්, මිනිමරුවෝ කියලා පමණය. */

    මෙය වැදගත් කතාවක්.

    මා දන්නා පරිදිලයින් ඔෆ් රෙස්පොන්සිබිලිටි කියා කියන්නේ මෙයටයි.

    නමුත් මේබොහෝ තැන්වල දී ඩිස්ක්ලේමර් වගේ ප්‍රයෝග තුලින් මෙහි නීතිමය තත්වය අදාල ආයතන මගහරවා ගන්නවා.

    උදාහරණයක් ලෙස මා වරක් රෝහලක වෛද්‍ය පරීක්‍ෂණයක් කරන්නට ගිය විට එම පරීක්‍ෂණයේ දී 10,000 කට 11 දෙනෙක් මිය යාමේ අනතුරක් (risk) ඇති බව කියා, ඒ බව පිළිගෙන මට එයට එකඟ වී අත්සන් කරන්නට සිදුවුණා.

    හොඳ වෙලාවට ඒ සංඛ්‍යාව එදා සවස 10,001 කට 12 ක් වුණේ නෑ...!!!

    ReplyDelete
    Replies
    1. මට මතු කරන්න ඕන ප්‍රධාන කාරණාවත් ඕකයි... මේක මහා රිස්කි වැඩක්. මගේ යාළුවෙක්ගේ දුවෙකුගෙ දත් බොල්ලෑව හදන්න ප්ලාස්ටික් සර්ජරියක් කරන්න ගියේ.. පත කේස් එකක්.. මම ඒකිට කියලා දුන්නා. ඒ කෙල්ලගේ ලස්සනත් ඒකයි කියලා.. මම නිසා ඒ කෙල්ල බේරුනා.. මේ සීන් එකට පස්සේ ඒකියි දුවයි දෙන්නම් කෝල් කරලා තෑන්ක්ස් කළා..

      Delete
    2. Risk : මිතුරන්ටගේ ප්‍රීතී පැලෙන්නට

      Risk management: මිතුරන්ට ප්‍රීතී වන්නට.... කුහකයන්ගේ පපු පැලෙන්නට

      Delete
  22. මෝඩ මිනිස්සු ගැන කතා කරලත් වැඩක් නෑ අනේ.

    බයිලාව නම් නියමයි. ඉබේ නැටවෙන එකක්. ඔෆිස් වලදි අහන්ට නම් හොඳ නෑ.:D

    ReplyDelete
    Replies
    1. මෙහෙම මෝඩ රැලක්, ළෝකේ කොහේවත් නැතිව ඇති. නයි ටී ඇන් එක ගැන නම් දන්නේ නෑ.. ඉඳ හිට බලන රූපවාහිනියෙත් මේවා පෙන්නන කොට.. තව මොන කතාද..?

      Delete
    2. උදේ කාලයම ඕවට කා දමන්නේ ඔය නයි ටි ඇන් එක තමා

      Delete
  23. අනේ මන්ද මචං ..... අපේ එකීලට මක්ක වෙලයි කියල......
    ඩොකියොත් මෙහෙම පිස්සු කෙලලා මැරෙනව නම්...... සාමාන්‍ය උත්තිලා ගැන කවර කතාද.....මචං ....
    අර Mayya කියල තියෙන කතාව හරි....

    ReplyDelete
    Replies
    1. වද කහ සුදිය බීපු අයගේ මී මිනිපිරියොනේ මචෝ..

      Delete
    2. ඇයි මුනුපුරෝ? :P
      මගේ යාළුවෝ (පිරිමි ළමයි) ඉන්නවනේ fair & lovely ගාපු! :D

      Delete
    3. ළෝකේ කොයි රටෙත් එහෙම ගොන්නු සෙට් එකක් ඉන්නවා..

      Delete
    4. @නිරෝ
      fair & lovely වැඩිම මාකට් එකක් තියෙන්නේ පිරිමි අතර.කෙළින්ම කියනවනම් ෆෝසස්.
      මේ කාරණේ නිසා තමයි පිරිමින්ට වෙනම fair & lovely එකක් ආවේ.මේ මෙන්ස් ක්‍රිම් එක වැඩිපුරම ගාන්නේ කෙල්ලෝ.ලේඩිස් එකට වඩා මෙන්ස් එකෙන් සුදු වෙනවලු.

      Delete
    5. ඔහ්!!? මට කොල්ලෙක් කිව්වනේ ඕක අනික් පැත්ත...මෙන්ස් එක හරි නෑ කෙල්ලන්ගේ එක තමයි හොඳ කියල...හපොයි!

      Delete

    6. /මෙන්ස් එක හරි නෑ කෙල්ලන්ගේ එක තමයි හොඳ කියල./
      ෆෙයානස් වල වැඩිය තියෙන්නේ බ්ලිචින්.මේ බ්ලිචින් වලට සම විතරක් නෙමෙයි රෝමත් ලා පාට වෙනවා.මේ නිසා පිරිමින්ගේ රැවුල තඹ පාට වීමත්,ඉක්මනින් සුදු වීමත් වෙනවා.
      කොටින්ම සුදු කම්මුල්වල ලස්සනට නිල් පාට රැවුල් කොට නැතිවෙනවා.
      අනික,ක්‍රිම් වල ගහලා තියෙනවනේ“externel use only“ කියලා,පිරිමි රැවුල කැපුවම මේ ක්‍රිම් ඉලිල්ල තව දුරටත්,externel වෙන්නේ නැ.මතුපිට සම සීරිම,වගේම රෝම කූප ඇරෙනවා,ඇසට නොපෙනෙන තරම් කුඩා තුවාල වෙනවනේ.
      මේ ෆෙයානස් ක්‍රිම් වල මුලික අමුද්‍රව්‍යක් තමා සල්ෆර්/ගෙන්දගම්.(තවත් විස වෙන්න පුලුවන් ජාති තියෙනවා.මං කිවුවේ එකක් විතරයි ) මේවා අර externel නොවන සමට විස වෙනවා.අනික,දාඩයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා,හමේ මෙලනිනුත් නැ.මේවා ගාලා සම රතුවිම,කැසිම,දද ,ගෙඩි ,රුධිරය විසවිම් වගේ මෙකි නොකි දාහක් අයියලා අන්තිමට “හම් ක්ලිනික්“ පෝලිම් වල.
      පිරිමින්ට වෙනම ෆෙයානස් එන්නේ මේ ‍ෙහ්තුව නිසා.

      කෙල්ලන්ට මුණේ ලොම් ප්‍රස්නයක් නැති නිසා,හම සුදුවෙන්න තියෙන පිරිමි ක්‍රිම් එකට කෙල්ලෝ වැඩිය කැමතියි.


      Delete
    7. fair&lovely එකේ ෆොර්මලින් අන්තර්ගතයිකියල අහල තියෙනව... සුදුවෙන්න ගාන කිරීම් වලින් කරන්නෙ හමේ තියෙන melanin අඩු කරන එක ... ලංකාව වගේ සමකාසන්න රටක මෙලනින් වලින් ඉර එලියෙ තියෙන අහිතකර කිරන වලින් හම ආරක්ශාවෙනව.... කිරීම් ගාල සුදු උනාට පස්සෙ ඉර එලියෙ පොඩ්ඩක් ඇවිදල බලන්න ඕනෙ. හෙහ්...හෙහ්....

      Delete
  24. පව්... :(
    මෙහෙ ටීවී එකේ යනවා ප්ලාස්ටික් සර්ජරි කරන්න ගිහින් තිබ්බටත් වඩා කැත උනු ඒවා. 'Botched' ද කොහෙද නම. ඒක බලද්දී නම් සංසාරේ එපා වෙනවා.
    අපොයි ලංකාවේ තව හොඳයි...සමහර රටවල් වල අවුරුදු 18 ඉඳන් පොඩි කෙල්ලෝ ප්ලාස්ටික් සර්ජරි කරන්නේ... සමහරු ලාබෙට කරගන්න ගිහින් චාටර් කර ගන්නවා. ලංකාවෙ ආර්ථික තත්වය හොඳ නැති හින්දා නොකර ඉන්නවා ඇති.

    හැබැයි ඉතින් ඇත්තටම යම් යම් අවස්ථා වලදී (අනතුරු වෙලා විරූපී උනොත්, උපතින් ඇති පෙනුම නිසා සම්ච්චලේට ලක් වෙනවා නම් වගේ) නම් ප්ලාස්ටික් සර්ජරි වලින් මිනිස්සුන්ට ඇත්තටම සහනයක් ලැබෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හොර වෙද්දු සහ උන්ට අහුවෙන ගොන්නු ගැන..

      Delete
    2. නීරෝ ... නගාගෙ ඔය කළු හම සුදු කරගන්න කම්පනාවක් නැතෙයි....
      එල ඩොකෙක්... ඉන්නව ...ඔසී....ඔල.... :) :)

      Delete
    3. ඇයි කළු උනාට ලස්සන නැතිද? මම මේ ඉන්න විදිය මට හොඳයි අනේ :)

      Delete
  25. මිඩියා ගැනනම් කියල වැඩක් නැ.මමත් හොදින්ම දන්න කිසිම සුදුසුකමක් නැති කෙනෙක් ඉන්නව ටැලිවිසොන් එකෙ ඇවිල්ල රටටම පොරටොක් දෙනව.දවසක් උට කෙල වුනොත් ඔය මිඩියාම පොරගෙත් ගුන එදාට වයයි අරහෙමයි මෙහෙමයි කියල.සමහර පත්තර වල පිටු ගනන් තියෙනව යන්තර මන්තර වල ලොකුසින්.හැබැයි එකෙක් හිටියෙ පහුගිට්ය කාලෙ ලන්කාවෙ කොල්ලො මැරෙනකොට ප්‍රභට එක කොඩිවිනයක් කරන්න.දැන් කියනව පත්තරෙට එරොප්පෙ ඉන්න මිනිහෙක් වුනත් කොරවෙන්න.අන්ධ වෙන්න එයාලට කොරන්න වැඩ තියෙනව කියල.අනෙ මාන්ද මෙව

    ReplyDelete
    Replies
    1. උඹ දැකලා තියෙනෙවද වාලම්පූරී විකුණන හොරා... පට්ට කතාව මචෝ.. යූ ඇන් පී එකේ, කතා කරන්න උන් නැති එකේ.. ගානක් ගෙවලා ගත්තත් පාඩු නෑ..

      Delete
  26. මාතා
    ඇස් යට කළුවීම/රැළි වැටිම ටයි.උදරයේ මේදය අයින් කරන්නයි නේද මේ කෙනා ගිහින් තියෙන්නේ.
    අනිල් ගමගේ ප්‍රසිද්ධම “වියපත් වීම “වැලැක්විමට තමයි.සරලව කියනවනම්,
    සම රැළි වැටීම,මස්පිඩු එල්ලා වැටීම,අනවශ්‍ය මේදය අයින් කිරීම,සමේ දුර්වර්ණතා තමයි මෙයාගේ ප්‍රධානම අංශ.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ යකා ඒවට ඉස්පැසලිස්ට් කෙනෙක් නෙමෙයිනේ.. ඒකනේ මම මතු කරන කාරනේ. අනික මේදය අයින් කරන්න කරන ඔපරේෂන් එක දැකලා තියෙනවද? පොඩ්ඩක් එක්සයිස් කළා නම් ඉවරනේ.. දැන් ඉතින් වැඩක් නෑ.. පව් අහිංසක දරුවෝ දෙන්නා...

      Delete
    2. මේදය අයින් කරන ක්‍රම ගොඩයි.මෙතන ඔ්වයේ විස්තර ලියලා කට්ටිය පෝලිමේ යයි.ඇතැම් ක්‍රම ප්‍රසිද්ද කරන්නේ නැත්තේම,සෞඛ්‍යාරක්ෂිත නොවන නිසා.
      කොයි විදියටත් කලත්,එක්සයිස් වලින් වගේ නෙමෙයි,අයින් කරන පරක්කුවට ආයේ පිරෙනවා.නිතර නිතර අයින් කරන්න ඔ්නි.

      Delete
  27. හුකෑස් කියවෙනවාය...
    ඒ මේක දැක්කට නෙවීය...
    උප්පත්තියෙන් ලැබෙන ලස්සන(ලස්සන එක එකාට පේන්නේ එක එක ආකාරයටය.. සමහර විට පයට්ටම ලස්සන එකාව හම්බ කැතට පෙනී හම්බ කැත එකා අමු ලස්සනට පෙනේ... ඒ ඇස්වල හැටිය-නැත දෝසය) මදි උංට මේ වගේ ඒව වෙනවාය..
    තිබිය යුත්තේ ලස්සන නෙව්..(ඒක තිබ්බාට කාරි නැත) ඔක්කටම කලිං මොලේ තිබිය යුතුය..
    මං මේක කියන්න පරක්කු වුනේය.. ඒකට කණගාටුය...
    ලස්සන හුගක් උංට මොලේ නැතය(කෙල්ලන්ට විසේසය)
    නැත්තං හම්බ ලස්සන කෙල්ලං අමු ගොබ්බ වැඩ කෙරන්නේ කෝමද කියා මට සැකයක් එයි.. ලස්සන කෙල්ලං රෙදි සාප්පු වල රෙදි විකුණද්දි කැත කෙල්ලං ලොකු ලොකු පොස්ට් වල ඉහලිං වැජබෙන්නේ ඒ හන්දාය..
    ඕක උංගේ උප්පත්ති දෝසයක්ය...
    මහබබා අංකල් උංව මවද්දී කල හොදම ගොංකම ලැබෙන දේකිං තෘප්තිමත් වෙන්නට නොදීමය..
    ඒහංදා මහ බබාටත් කෙලවෙන්නට ඇත..

    මාතෙ අහලතියෙනවයි අර ස්වාවි පුරුසයන් විකුණන්න දාපු තට්ටු හතේ කඩේ කතාව

    ReplyDelete
    Replies
    1. හ්ම් අහලා තියෙනවා.... මෙතනම ලිව්වත් අවුලක් නෑ.. නැත්නම් පෝස්ට් එකක්ම දාන්න..

      Delete
    2. // ලස්සන හුගක් උංට මොලේ නැතය(කෙල්ලන්ට විසේසය) //

      සමහරුන්ට තියෙනවා.මෙයා හොයා ගත්තා spread spectrum frequency hopping කියලා දෙවැනි ලෝක යුද්දෙදි හෙන වැදගත් වුනු කමියුනිකේෂන් ටෙක්නික් එකක්.

      Delete
  28. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ. කරුමෙට හරි සතියෙ දවසක උදේ වරුව ගෙදර ඉන්න උනොත් මම නම් වැරදිලා වත් TV එක පැත්තවත් බලන්නෑ. ඔය ජාතික, විජාතික, අවජාතක හැම චැනල් එකකම ඔය සංතෑසියමයි.

    අපෙ උන්ගෙ තියෙන ලස්සන උන්ට පේන්නෑ. හැම එකාලටම ඕන උන් වෙන උන් වගේ ලස්සන වෙන්න. තමාගෙ තියෙන ලස්සන ගැන හැඟීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕනම කෙනෙක් ලස්සනයි.. පිලිවලකට, පිරිසිඳුවට ඉන්නවා නම්..

      Delete
    2. ලස්සන ලස්සන මගේ ආදරියේ .. ඕ යේස්

      Delete
  29. ඇයි මේවා වෙන්නේ.. ටික කාලයක් හොදට දුවල ආයිත් මෙහෙම වෙනවා.. මට හිතෙන්නේ මුං එක එක විකාර එක්ස්පෙරිමන්ට් කරනවා ඇති කියලයි...

    ReplyDelete
    Replies
    1. නෑ ඉතින් ගුරුන්ටත් අකූ වරදින වෙලාවල් තියෙන්වනේ බං..

      උඹේ කෙටි කතාව නම් පට්ටේ හොඳම එක මචෝ..

      Delete
    2. තැන්කුයි මාතේ..

      Delete
  30. පළමු ඡේදය හැර අනෙක්වාට එකඟය. හොරුන් සිටී නම් මට්ටු කලයුතු බව සැබෑය. එහෙත්,
    ලස්සනට සිටීමට (විශේෂයෙන්) කාන්තාවන් කැමතිය. මේ දොස්තර නෝනාද දොස්තර වන්නට පෙර ගෑනියෙකි. එය තේරුම්ගත යුතුය. මේවාට උගත්කම් නූගත්කම් භේද නැත. ආර්ථික විශේෂඥයන්ද දඬුවම්ලාට අහුවෙන කාලයකි මේ.

    මේ සිද්ධියේ මාධ්‍ය වාර්තාකරණය අන්තිමය. එකක කියන්නේ සුදුවෙන්න බෙහෙත් විදි බවය. තවත් එකක කියන විදියට මොකක්දෝ බද්ධයක් කිරීමටය බෙහෙත විද ඇත්තේ. තිරිහන් වෙන්න විදි බෙහෙතක් බවද තවත් කොහේදෝ කියා තිබිනි. උදෑසන පත්තර කියවන්නන්ගේ කතා ඔක්කෝටම හපන්ය. දවස තිස්සේ අවිද්‍යාව පතුරවන මොවුන් දැන් කියන්නේ ලස්සන තියෙන්නේ හදවතේ බවය. එක්කෝ උන්ට පිස්සුය. නැතිනම් මේවාට රැවටෙනවුන්ට පිස්සුය.

    ReplyDelete
    Replies
    1. ලස්සනට ඉන්න කව්ද ආස නැත්තේ. පළමු ඡේදයේ තියෙන දේ බොහෝ අය වරදවා වටහා ගෙන ඇත. ඒ ගැන මගේ අදහස පෝස්ට් එකේම පසුවට ඇත. මෙය අහිංසක ආසාවකි. නමුත් ඒ හේතුවෙන, බොරුකාරයන්ට වංචාකාරයන්ට, හොර වෙදුන්ට, හොර දොස්තරලාට ඉඩ දිය නොහැක. වෛද්‍යවරියක් වීත් මේ පිළිබඳව සිතා නොබැලීම ගැන අවංකවම කනගාටුය. මොකෝ අවසානයේ වන්දි ගෙවන්නට වන්නේ ජීවිතයෙන් නිසාය. නැත්නම් ජීවීත කාළය පුරාවටමය..

      Delete
    2. ගෑල්ලමයි ලස්සනට ඉන්න ආසා බව අපි කවුරුත් පිලිගන්නා දෙයකි. ඒ එක්කම, ඔක්කෝම ගෑල්ලමයි කොන්-දොස්තර ගමගේලා ගාවට යන්නේ නැති බවත් අපි පිලිගත යුතුය. නලා කියලා, කොණ්ඩය ලස්සනට පීරලා (ඕනිම නං ලස්සනට කපලා) සුවඳ හමන පර්ෆියුම් එකක් දාලා, ලස්සන ඇඳුමක් එහෙම ඇඳලා, හොඳට ලස්සනට හිනාවෙලා කථා කලාම ඇතිනේද?
      මෙතනින් එහාට ලස්සන වෙන්න ඕනි වෙන්නේ වෙන මොනා හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට. ඒ වගේ අය තමයි ගොඩාක් වෙලාවට මේ වගේ කොන්-දොස්තරලාටයි ක්‍රීම් ජාති විකුනන තෝරම්බොල් චැනල් වලටයි අහුවෙන්නේ.
      කකුල් දෙක වතුර බාල්දි වල දාගෙන පාඩම් කරලා විභාග පාස් උනාය කියලා අයිකිව් ලෙවල් එක ඉස්සෙන්නේ නෑ කියන එක ඔප්පුකරලා තියෙනවා නේද මේ නෝනා..?

      Delete
    3. චෙෆාකිගේ කොමෙන්ට් එකට එක දෙයක් විතරක් එකතු කරන්න ඕන. අපේ උන් ශරීරයේ ප්‍රමාණයට ඇඳුම් තොරගන්න දන්නෙත් නෑ. අලි වගේ උන් රිලව් අඳින ටී ෂර්ට් අඳිනවා.. අපිට තියෙන්නේ ටයර් ගාන ගනන් කරන්න. ඩබල් එක්ස් එල් එකක් ඇඳගෙන ගියාම උනුත් ලස්සනයි..

      Delete
  31. ගල් ගැහුවනං හරි ඉක්මනට තම්බපු ඉස්ස වගේ සුදු වෙනවා
    බොරුනං මාතලන් අයිය ගෙන් අහන්න

    ReplyDelete
    Replies
    1. ගල් සත්තලන් පාටය.
      මාතලන්ද සත්තලන් පාටය.
      එම නිසා මාතලන්ගේ නෝනා මාතලන්ට කියන්නේ සත්තලන් කියාය.

      Delete
    2. අනේ සත්තලන් ගෙදර උන්දෑ මේවාට ගාවගන්න එපා ඕන්....

      Delete
    3. එතකොට ගල් වලට කියන්නෙ මාතලන්දැ?:D

      Delete
  32. සැත්කමක් කරගන්නට ගිය ඔය ඇත්තියගේ ගුණ දොස් වයන්නට පෙර , මගතොටේ , බසයේ, කඩපිලේ හෝ ඕනෑම තැනක ඇහැට කනට පෙනෙන ස්ත්රීා රත්නයක් දුටු පමණින් සෙවල හලාගෙන, ඇස් දොට්ට දාගෙන බලා ඉන්නා ඇත්තන් මුලින්ම ටොක්කක් ඇනගෙන සිටිය යුතුය. තරුණ පාටට ලස්සනට ඉන්න හැමෝම කැමතිය. බණ පද දෙසා බාමින් හිතට විරුද්දව ඒවාට විරව විරවා ඉන්නේ කුහකයින්ය. සියලු දේ අනිත්ය් බව වටහාගෙන දහරින් එතෙර වන්නට ඔය කියවන ඇත්තන්ට තව කල්ප කාලාන්තරයක් ගතවේය. ඒ අතින් ගත් කල තමුන් වෙනුවෙන් අවදානමක් ගත් ඒ වෙද තුමිය ශ්රේ්ෂ්ඨය.
    ඔය කතාන්දරයේ මෙන්න මෙහෙම පැත්තක්ද ඇත. ඇලජික් කියන එව්වා කොහෙන් කොහොම මතුවේදැයි කාටවත්ම කියන්නට බැරිය. කඩියෙක් කුඹියෙක් කෑ පමණින් මියගිය කතා මේ ලියන එකාගේ කනට වැටිලා තියෙනවාය. බොන වතුර ටික ඇලජික් නොවන්නේ අපේ වෙලාවටය. එයද ඇලජික් වෙන එව්වන් මේ ලෝකයේ ඇත.
    ඇලජික් උනු විට හුස්ම ගන්න අමාරුවන්නේ ඇඟ ඇතුලේ ඉන්නා ඇත්තන් පිම්බෙන්න ගන්නා නිසාය. ඒ වෙලාවට ක්ෂණික ප්රිතිකාරය ලෙස ඇලග්රා යන පෙති රාජයා හැරුණු කොට වෙන යමක් ගැන නොදන්නේ ලියන එකා දොස්තරයෙකු නොවන නිසාය
    ඔය විද්දායයි කියන බෙහෙත ප්රෙමිතියෙන් බාල එකක් නම් අර දොස්තරයාව උල තියන්න ඕනෑ බව වෙනම කතාවකි. කතාව හරියට නොදැන කාටවත් වැරැද්ද පටවන්නට නොහැකි මුත්, මුහුණ ප්රි යමනාප කරගැනීමට වෙද තුමිය ගත් උත්සාහයේ නම් කිසිදු වරදක් නොදකිමි.
    හෙට හවසට අරින නිසා අද ලජ්ජාවෙන් බලා ඉන්නා ටිකිලා බෝතල් කුමාරිකාව විස උනොත් නම් මේ ලියන එකාටත් බඩු හරිය

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ පිලිවලට පිරිසිඳුවට ඉන්නවා නම් ඕනම කෙනෙක් ලස්සනයි. අපේ අයගේ නැත්තෙත් ඔය දෙකමයි..

      Delete
  33. ගෑනු ලස්සන වෙන්නම ඕනේ කියන එක කාමුක පිරිමින්ගේ හිතේ විකාරයක්. මේ දොස්තර නෝනට මොලයක් කියල එකක් තිබ්බනම් ලස්සන වෙලා පිරිමින්ගේ කාමුකත්වය පිනවන්න යන්නේ නැතිව නවීන වෛද්‍ය විද්‍යා දැනුම භාවිතා කරලා කාන්තාවන්ගේ සියලු අඩුපාඩු දුර්වලකම් ඉවත් කර පිරිමින් මෙන් ශක්තිමත් දැඩි කාන්තා චරිතයක් වෙන්නයි තිබුණේ. නමුත් එයාට ඕන උනේ සම්ප්‍රදායික ලස්සන මෝඩ කාන්තාව වෙන්න. මේක ගැන ඇත්තටම කනගාටු වෙන්න ඕන නෑ. මෝඩකමට මෙහෙම වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.... මේක නම් මාර වනිතා හඬක්..

      Delete
    2. නවීන වෛද්‍ය විද්‍යා දැනුම භාවිතා කරලා කාන්තාවන්ගේ සියලු අඩුපාඩු දුර්වලකම් ඉවත් කර ගන්නේ කොහොමද

      Delete
    3. ආ... මේ... සීනා ගෙ නංගි..... පීනා..... කොයි වෙලාවෙත් පී නා ගත්ත ගමංමයි ඉන්නෙ.... මෙයාට අපි ලෙස්බොස් වගේ වෙනම දිවයිනක් හදල දෙන්න ඉන්නෙ.. එතකොට මෙයා මෙයාගෙ ගෑනු වීරවරියො එක්ක සැරිං සැරේ මෙහෙට කඩා වැදිලා පිරිමිං උස්සං යයි උන්ගෙ වහල් සේවෙට... එතකොට සෝක් නැද්ද මං
      අහන්නෙ...ඒ අල්ලං යන උන්ට වැඩ කරල ඉවර වෙලා හවසට කොරන්න තියෙන්නෙ වනිතාල සැට් එක ආප්ප ගහනව බලං අතේ ගහන්න...... එතකොට සෝක් නැද්ද මං අහන්නෙ........

      @ කූ - මාර සිරි : ගුල අයින් කරල උල හයිකොරගෙන

      Delete
    4. පිරිමින්ගේ කාමුකත්වය එක්ක වනිතා මොකද මෙච්චර තරහා. මනුස්සයෙක් උනහම ආසාවල් හැඟීම් කියන දේවල් තියෙනවනේ. අනෙක ඉතින් වනිතාවන්ට කියලා කාමුකත්වය නැතුව නෙවෙයිනේ.

      Delete
    5. වනිතාට ලස්සන වෙන්න ඕන නැති උනාට ලස්සන වෙන්න කැමති ගෑනු ඕන තරම් ඉන්නවා. වනිතාගේ හිතේ තියෙන විකාරයට කිසිම ප්‍රායෝගිකත්වයක් නෑ. වනිතාවක් වෙන්න ඉස්සර වෙලා ගෑනියෙකුට ගෑනු හැඟීම් තියෙන්න ඕනේ. වනිතා හඬට නැත්තෙත් ඒ ටිකනේ.

      Delete
    6. අනේ අනේ වනේ නෝනේ නොනා නොනා නන්න නෝනා... පිරිමින්ගේ කාමුකත්වය, පුරැෂාධිපත්‍යය ගැන තුන් තිස්පැයම මෙනෙහිකරලා කරලා ඇවිත් මෙතනත් සෙනවා. අන්න පැරාගෙ එකෙත් සීලා.

      Delete
  34. //දොස්තර ගැන නිව්ස් දාන පත්තර කාරයන්ට හා ටැලිවොසොන් කාරයන්ට කියන්න තියෙන්නේ, දොස්තර විතරක් නොව, මේ පට්ට හොරුන්ට 365 දවසේම ප්‍රචාරය දෙන තොපිලාත්, මිනිමරුවෝ කියලා පමණය.

    සල්ලි ලැබෙනවානම් ස්ත්‍රී දූෂකයින්ටත් ප්‍රචාරය දීපු මාධ්‍ය තියෙන රටක් මේක ( දැන දැනම )

    ReplyDelete
  35. පුක සුදුවෙන ක්‍රීම් ජාතිනම් තියෙනව එහ්වට කියන්නේ ඇනල් බ්ලීචිං කියලා
    මම ඉස්සර යූ ටියුබ් වලින් එහෙම දැන්වීමක් බැලුවා ඒකෙ හැටියට මුලින් පුක හොඳට හෝදල පිහලා සකස්කරගත යුතුයි
    ඊලඟට ක්‍රීම් එක ගාලා ටියුබ් ලයිට් එකක් පුකට අල්ලගෙන පැයක් පමන සිටිය යුතුයි

    තව දෙයක් බ්ලූ ෆිල්ම් වල රඟපාන නිලියො යෝනි මුඛය ලස්සන කරගන්නත් ප්ලාස්ටික් සැත්කම් කරගන්නවා

    ReplyDelete
    Replies
    1. මෙයා ගිහින් තියෙන දුරක්..

      Delete
  36. //වෛද්‍යවරියකට තව මොන ලස්සනක්ද? වෛද්‍යවරියක් කියන්නෙම කොච්චර ලස්සන දෙයක්ද? //

    නෑ ඉතින් , තව ටිකක් ලස්සනවුනාට කමක් නෑ නේද මාතලන් , බේතක් වුනත් අහනවනෙ එතකොට ?

    ReplyDelete
    Replies
    1. මුහුණේ ලස්සන හදවතේත් ඇත්නම්..

      Delete
  37. ලස්සන ගැනියෙක් දක්කම ඒ ගෑනී පස්සේ යන පවුල් අවුල් කර ගන්න පිරිමිත් මේකට කියන්න ඕනේ...............ගෙදර පිරිමියා පිට යයි කියල බයේ දේවල් කරගන්න හුගක් විවාහක කාන්තාවෝ පෙලබෙනවා.ඒ අද සමාජයේදී කාන්තාවට දැනෙන අනාරක්ෂිත බව නිසා කෙසේ හෝ තමන්ගේ මනුස්සයා තමන් ගාවම තියා ගන්න බොරු කාරයන්ට රැවටෙනවා .....

    ReplyDelete
    Replies
    1. @ Sarani:
      තමන් ගේ ගෑනි "ලස්සන" උනා කියල පිට නොගොහින් හිටියේ මොන මිනිහද ???

      Delete
    2. ඔය පිටයනවාට ඔච්චර බය ඇයි? ඕක නිකන් නෝර්මල් දෙයක් කියලා හිතා ගත්තාම ජීවිතේ ඔයිට වඩා ලේසියිනේ...නැද්ද මං අහන්නේ.....?

      Delete
    3. ලස්සනම ගෑණුන්ගේ මිනිස්සු තමයි වැඩියෙන්ම පිට යන්නේ.. ඕවා මේ මහා ප්‍රශ්ණ කර ගත්තාම ජීවීතේ ගෙනියන්න බොහොම අමාරුයි. සැකය කියන දේ තමයි මේ කොමෙන්ට් එකේ තියෙන්නේ.

      Delete
    4. එතකොට ගැනු පිට යන්නේ නැද්ද මම නම් දන්නේ පිටරට යනවා කියලා

      Delete
  38. මාධ්‍ය ගැනනම් කතාකරලා වැඩක් නෑ බොස්.මම දැක්ක සොමවාහිනියේද කොහෙද කව්දෝ හාදයෙක් හක්ගෙඩි විකුනනවා.ඒවා අරන් ගෙදර තියා ගත්තම හතර මහා නිධානේ පහල වෙනවය කියල.ඉරිදා පත්තරයක් අතට ගත්තම තනි ඇහැට ඇඩෙනවා.ඒවායේ තියෙන අමු කෙප්ප දැක්කම.

    ReplyDelete
    Replies
    1. නමෝ නාරයනාය පචයා.. කොහොමද ටෝක් එක.. උත් මහාචාර්ය කෙනෙක්. උගෙ අම්මා වෙන්න ඇති දෙන්න ඇත්තේ.. මම උඩ කොමෙන්ට් එකකත් කිව්වා ඌ ගැන..

      Delete
    2. "සිදුවන පුංචි අත්වැරැද්දකින් දරුවාගේ ජීවිතය අහිමිවීමට ඉඩ තිබෙන බව පොලිස්‌ නිලධාරීන් දැන සිටියහ. කොච්චිකඩේ පල්ලිය වෙත ගොස්‌ බාරයක්‌ වී යැමට රහස්‌ පොලිසියේ නිලධාරීන් කටයුතු කළේ දරු පැටියා අනතුරක්‌ නොවී බේරා ගැනීමට නොපෙනෙන බලවේගවල පවා සහාය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ය."

      ඉහත සටහන ගිය ඉරිදා දිවයින පත්තරෙන් උපුටාගත් කොටසකි. ජාතියේ වාසනාවට ලෝකේ හුඟදෙනෙකු ට සින්හල කියවීමට බැරිය. 

      Delete
  39. අතන මෙතන ලොං ගලවන, පොටි ගාල මදින, අගේ ඇති කේශ කල්‍යාණිය හැඩපලු ගහන මෙවැනි ගොන් තක එලදෙන්නු ගැන මට දැනෙන පිළිකුල විස්තර කරන්න වචන නෑ මට.

    ReplyDelete
  40. ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ - මං රත්තරන් …:D

    ReplyDelete
    Replies
    1. මොකක්.....? මගුලක් කථාකරනවාද මලයා....දොස්තර නෝනා කෙනෙක් මැරිලා බං රූපේ ලාවන්න ගිහින්.....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. "බිව්වා නේද වදකහ සුදිය...............

      මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි
      පා යුග නැති උන් වෙසෙන රටේ..
      කුස ගින්නට කිරි ඉල්ලා නොහඬමි
      ඉඳුල් බතට පොර වදින රටේ..

      ගත සරසන්නට සලුපිලි කුමටද
      වැරහැලි නැතිවුන් වෙසෙන රටේ..
      සවුදිය පුරනට මදුවිත කුමටද
      දහසක් මව්වරු දරුවන් ඉල්ලා
      හඬන රටේ..

      බණක් අසන්නට පන්සල් කුමටද
      වැදි බණ කියනා මෙහෙව් රටේ..
      අඳ ගොලු බිහිරන් වී කුමටද අපි
      ඔලුවක් නැතිවුන් වෙසෙනා මෙහෙව් රටේ..

      ගායනය - ගුණදාස කපුගේ
      සංගීතය - ගුණදාස කපුගේ
      පද රචනය - දයානන්ද රත්නායක

      Delete
    4. හුරේ … ජය වේවා . මෙන්න අපේ සිංදු ඇනෝ ඇවිල්ලා.ඔය ඉන්නේ ප්‍රොෆයිල් එකෙන් දැං රජ පැටිය වගේ . ලස්සනේ බැරුවා

      ජයෙන් ජයම වේවා මස්සිනේ … !!!!
      මයෙ බොක්කෙන්ම සුභපැතුම් උඹට . දිගටම වැඩේ කරගෙන යන්න ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා මචෝ …

      Delete
  41. හේතු වාදියෙක් හැටියට කියනවානම් ගෑනියෙක් ලස්සන වෙන්න ඕන තමන්ගේ ස්වාමි පුරුෂයාට පෙනෙන්න විතරයි ඒ හැර ගනිකාවක් නම් තම ගනුසදනු කරුවන් ඉදිරියේ ලස්සනට සිටීමේ වරදක් නෑ
    එහෙම නැතුව පාරේ යනකොට ලිංගික ආකර්ශනය ඇතිවන විදියට හැසිරීම මිත්‍යා වශ්වාසයක්
    ඒවගේම ඒක සමාජයේ ලිංගික අසහනය වැඩිකිරීමක් අපේ රටේ පුනරුප්පත්තිය බොරු කියලා ඔප්පු කරන්න දඟලන හේතුවාදියෝ මම කියන දේ ගැනත් හොයනවනම් හොඳයි

    ReplyDelete
    Replies
    1. අර හිජාබයක් දාගෙන ගෙනියපන් උඹේ ගෑණී..

      Delete
    2. හේත්තුවාදියෝ කියන්නේ අර බස් එකේ ජැක් ගහන කස්ටියටද??

      Delete
  42. *1.
    සුදු ස්ත්‍රින්, කළු ස්ත්‍රින්ට වඩා පුරුෂයින්ට ලිංගික රසයක් ලබාදෙනු ඇතැයි සිතිම ඇත්තම බොරුවකි.
    සුදු ස්ත්‍රින්ට, කළු ස්ත්‍රින්ට වඩා පුරුෂයින්ගෙන් දත් ගැලවිමෙ හැකියාව ඇතැයි සිතිම ඇත්තම ඇත්තකි
    ------========-------
    *2.
    සුදු ස්ත්‍රින්, පුරුෂ ෆැන්ටසියකි.
    පුරුෂ ෆැන්ටසියට අනුව ස්ත්‍රින් තම හැඩය සහ වර්නය සකසා ගනියි.
    රටක දේශපාලනය මෙම පුරුෂ ෆැන්ටසියට අනුවර්තනය වු ස්ත්‍රින් විසීන් මෙහෙයවනු ලබයි.
    එමනිසා,ඕනෑම ජිවිත අවදානම් කොන්දේසියක් යටතේ වුවද ස්ත්‍රින් තම අනුවර්තනයන් සිදුකරගනියි. මෙම ස්ත්‍රි ක්‍රියාවට IQ මට්ටම අදාල නැත.

    *
    *1.කොටසට වඩා *2.කොටසට ලන්ඩන් හා මාතොට සගරා බලපාන ලදි.

    ReplyDelete
  43. ඔයි ඔපරේසන් වලට කලින් deodorant දිනපතා පාවිච්චි කලොත් නරකද මෙයා? ඔවු අර කිහිල්ල යට ගාන එක තමා....

    ReplyDelete
    Replies
    1. කිහිල්ල යට ගාන ඒවා කලාට විතරක් ලස්සන වෙනවා නම් මොනා කරන්න බැරිද අප්පා.....

      Delete
    2. කිහිල්ල යට deodorant ගාන්න කිවුවෙ කොහේවත් යන ගෑනු ලස්සනට දකින්න නෙවෙයි... ලඟින් යනකොට අපට උන්දැලාගෙ " රජ ඌස්නෙ" නොදැනෙන්න...

      Delete
    3. ඉතින් ඊට වඩා හොඳ නැද්ද උන්ට දවස ගානේ නාන්න කීව නම්.... ලංකාව කියන්නෙ රශ්නේ රටක් නේ.

      Delete
    4. අනිවා දිනපතා නාන්න ඔනේ... ඒත් ඒක විතරක් මදි... ලන්කාව රස්නෙ රටක් හින්දාම ඩාදිය දානවා වැඩී... එතකොට Trichomycosis axillaris කියන අවස්තාව කිහිල්ලේ ඇති වෙනවා...
      මයිල් වල මුල කොටසේ කහපාටට හුරු ක්‍රස්ට් එකක් බැඳෙනවා... ඒ Corynebacteria කොලනි....

      ඒ හින්දා දිනපතා නෑමට අමතරව antiperspirants කිහිල්ලේ ගෑම වඩා හොඳයි..

      Delete
    5. සහතික ඇත්ත කතාව. දැන් නම් කිරි ටික වගේ කෙල්ලෙක් දාලා ඇඩ් එකක් යනවා. ඒකෙන්වත් වෙනසක් උනොත් ළොකු දෙයක්..

      Delete
  44. මාතේ ට්‍රයි කරලා තියෙන්නේ අද දවසේ මීඩියා එකේ තියෙන කඩාවැටීම මේ දොස්තර නෝනාගේ මරණය හරහා කතිකාවකට ගන්න කියලයි මටනම් හිතුනේ.
    ඒ එක්කම අප සමාජයේ බහුලව පවතින දහඩිය ගඳ ගැන කථාකිරීමත් මාතේ දීලා තිබුන කමෙන්ට් පිලිතුරු වලින් පෙනුනා.
    ගොඩාක් අය පිලිගත් ආකාරයට, එලෙක්ට්‍රොනික සහ මුද්‍රිත මාධ්‍ය කිසිම සදාචාරාත්මක වගකීම් සම්භාරයකින් තොරව ඉබාගාතේ තණ්කොල හොයා තාරපාරක් මැද යන මීහරක් රංචුවක් සේ හැසිරෙමින් සිටී. කෑම ඉවීමේ, ගෙවල් සෑදීමේ, කසාද බැඳීමේ සහ සුදු වීමේ සිට කතරගම දෙයියන්ව සියසින් දැකබලා ගැනීම දක්වා මෙය දැන් ඔඩු දුවා ඇති බැව් පෙනේ.
    අවුරුදු 47 වෙන ඕනෑම ගෑල්ලමයෙකුට අරවා මෙවා මාරු කරගැනීමට ඇතිවෙන ආසාව අපි පිරිමිනම් ඔය වෙන මොනවාහරි කර ඇර ගන්නේමු. මේ ෆිනොමිනන් එක කැපිටලයිස් කරන වෙළඳුන් නානාප්‍රකාර දේවල් මේ මාධ්‍ය හරහා උදේ සිට රෑ වෙන තුරු පත්තර පිටු සහ ෆ්ලැට් ස්ක්‍රීන් හරහා ගාමන්ට් එකේ සිට ලේඩි රිජ්වේ ඉස්පිරිතාලය දක්වා, කිසිම අනුකම්පාවක්, සදාචාරයක් නොමැතිව බෙදා හැරීමම නොවෙද මෙයට වග කිව යුත්තේ?
    මුලු මහත් සමාජයම නැවත ඇහ ඇර බැලිය යුතු කාලය පැමින ඇති බැව් සක්සුදක්සේ පැහැදිලිය.
    මොනවා කෙසේ වෙතත්, තරුණ් ගෑල්ලමයි අත යට ෂේව් කොට, ඇන්ටි පෙස්පිරන්ට් රෝලක් සහ සෞම්‍ය පර්ෆියුම් එකක් සැමදා ස්නානය කිරීමෙන් පසු පාවිච්චිකරත්වා යයි ප්‍රාර්ථනා කරමි. එවිට අපිට ආසියාවේ ආශ්චර්‍යය බවට ඉක්මනටම ලඟාවිය හැක....

    ReplyDelete
    Replies
    1. එක වගේ අදහස් තියෙන අයට.. කියන දේ පහසුවෙන් වැටහෙනවා..

      Delete
  45. ලස්සන වෙන්න සර්ජරි කරගැනීම ජනගහනයට සාපේක්ෂව වැඩිපුරම පිරිසක් කරගන්නවා ඇත්තේ බුඩායි සහ බහරේන් වල දැයි සමහරවිට සිතේ. ඒ තරමට ඒ ජාතියේ ක්ලිනික්ස්/ වෙනමම සමූර්ණ පුද්ගලික රෝහල් සහ ඒවාට යන එන පිරිස්ද මෙහි වෙති. නමුත් මේ රටවල දොස්තර කෙනෙකුට පුද්ගලික සායනයක් හෝ රෝහලක් පවත්වාගෙන යාම ලංකාවෙ තරම් පහසු නොවෙන, දැඩි අධීක්ෂනයන් සහ නියාමනයන් වලට යත්වන නිසා නිසා ඒවාගෙ තත්වයද හොඳය. එහෙත් ඉඳහිට මරණද වෙනත් අබාධද ඇතිවෙනු අසන්නට ලැබෙයි. එසේ වූවා කියා ක්ලින්ක් ප්‍රමාණය සහ යන ගණනේ අඩුවක් නැත. හරියට දිනකට එකෙක් මැරෙද්දීත් වාහනවල යන පිරිසේ අඩුවක් නැතුවා මෙනි. මේව අද වනවිට ඒ සඳහා වැය කල හැකි උන්ගේ ඉතා සාමාන්‍ය අවශ්‍යතා වී ඇති අතර නැති උන්ගේ සිහින වී ඇත. ඒවාට බැන වැදීම , සිනහ සීම හෝ ඊර්ෂ්‍යාකිරීම පහත් වැඩකි. හේතුව ඒද තවත් අහිංසක මානුෂික හැඟීමක් නිසාවෙනි.

    ලංකාවේ සිද්දියේ එකම අවුල අදාල වෛද්‍යවරයා නිසි සුදුසුකම් සපුරා නොතිබීම මිස, ගිය අය හෝ යන අයගේ මානසිකත්වය සහ අවශ්‍යතාව නොවේ.

    අනෙක් පැත්තෙන් ලංකාවේ ජඩමාධ්‍ය වල ඉන්නා ගොන් හැත්ත ඕනෑම හොරෙක් උස්සලා තියන ගොං පාට් වලටත් අර චිත්‍රපටි වලට වගේ වාරණ මණ්ඩලයක් දැමීම හොඳය. මොකද මිනිසුන්ට බොරු ( සුදුසුකම් ලද දොස්තරලා කියන්නෙද සම්පූර්ණ ඇත්ත නොවේ, හේතුව ඔවුන් තවම ලොවේ සියළු වෛද්‍ය දැණුම පිළිබඳ විශාරදයන් නොවන හෙයිනි ) හෝ ඇත්ත කියන්න ඒ ගැන පිළිගත් සුදුසුකම්කින් තොරව කිරීම අපරාධයක් වන බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඉන්දික මම හිතන්නේ ඊස්ට් යුරෝප් තමයි මේවා බහුලවම වෙන්නේ. මේ රටවල කොන්ට්‍රෝල් වැඩි නිසා අර රටවල් වල වියදමත් අඩුකමත් නීති වලින් ටිකක් හරි සේප් න්‍යයාත් තියෙන හින්දා යුරෝප් එවුන් බඩගාන්නේ ඒවට. මගේ යාළුවෙක් මේ ළඟ කාලෙක සර්ජරි එකක් කරගත්තා ලිප්ස් අප් කරන්න මෙහේ ඒකට 7000€ යද්දි එහෙදි 2000€ වලට කරගන තිබුනා. ගමන් වියදම් ඔක්කොමත් එක්ක අර වියදමින් බාගයක්වත් නෑ.
      ලස්සනට ඉන්න කවුද ආස නැත්තේ. අනික මේවාට වඩා කොයිතරම් නොගැලපෙන දේවල් වෙනවද අද රටේ. මේවා නිසි ලෙස ක්‍රමවත්ව පවත්වා ගැනීමයි උවමනා කරන්නේ.
      අපි කවුද කැමති මයිල් පිරිච්ච කෙල්ලෙක් දිහා බලන්නවත්.

      Delete
    2. කොහෙත් මෝඩයෝ ඉන්නවනේ. මහා බුද්ධිමතු කියන ඊශ්‍රායලයෙත් ඉන්නවා..

      Delete
  46. රටේ වෙලාව හොඳ හින්දා දොස්තරයා සින් හෙළයෙක් උනේ ඕකා හම්බයෙක් උනානම්.......එහෙම .. ඝනයන්ගේ සිවුරු කරේ..... මට මැවිලා පේනවා හොර වෙදාගේ ඩිස්පැන්සරියට බොදු බලේ ගල් පෝරියල් දෙන හැටි..... මැරී කැන්ටත් හිතන ඒවා බලපංකො ලමා තන්

    ReplyDelete
  47. පළමු වැනි පරිච්චේදේ පිළිගන්න බැහැ,වෛද්‍යවරියක් වුනත් හිතෙන්න ඇති තමන්ට මෙයට වඩා හොඳ පෙනීමක් ගන්න ඒ විදියට ක්‍රියා කෙරුවොත් හොඳයි කියලා.එක ගැන ගැටළුවක් නැහැ.
    ඔය උදේ මාධ්‍ය වලින් ඔය වගේ වැඩසටහන් ප්‍රචරණය කරන්නේ ලොකු අනුග්‍රාහකත්වයක් ඇතුව.
    එක පාරක් මම දැක්කා ප්‍රවීණ ජයාරූප ශිල්පී ඉන්ද්‍රනාත් තේනුවර මහත්තයා කියලා තිබුනා ඒ මහත්තයාගේ ප්‍රදර්ශනයක් ගැන වැඩසටහනක් කරන්න ලක්‍ෂ එකාමහරක් ඉල්ලුවා කියලා ස්වර්ණවහිනියෙන්.ඉතින් ඒ වගේ අයෙක්ගෙන් පවා මුදල් අරගන්න හදන ඔය වගේ මාධ්‍ය ආයතන වලින් සල්ලි තියෙනවා නම් ඕනේ හොරෙක්ට,බොරුකාරයෙක්ට හොඳ ප්‍රචාරයක් ගන්න පුළුවන් කිසිම හිරිකිතයක් නැතුවම.

    ReplyDelete
    Replies
    1. පළවෙනි පරිච්චේදය තේරුම් ගන්න මුළු පෝස්ට් එකම කියෙව්වම හරි..

      මේක අහිංසක ආශාවක් කියලා මම ලියලා තියෙනවා. ඉතින් වෛද්‍යවරියත් මනුෂ්‍යයෙක් නේ..

      Delete
  48. හවාට හවාට ගොලීප් කකා ගල් නාන එව්වෝ සවුක්කිය ගැන දෙන ටෝක් අම්මපා රටක් වටිනවා
    සියෙට් එක ගලවල මසුරමක් කටේ දාන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අර සුපියල් දෙකේ වඩේ එක ඊට වටිනවා..

      Delete
  49. ලස්සන නම් කන්නද කියා සිතෙන්නේ මේ වෙලාවටය ... බුද්ධාගමට අනුව නම් පෙර කරන ලද කර්මයට අනුව ඔය රූපේ ලස්සන , කැත වෙනවය . කර්මය කෙසේ වෙතත් සොබාධර්මෙට පිටින් යන්න ට්‍රයි කොරන එක නන් මහා ගොන් වැඩක්ය . ගෑණු ලස්සනට ඉන්න කැමතිය , පිරිමිද එසේමය
    ඒකට කාටවත් දොස් කීමට නොහැකිය , එවිට මානව හිමිකම් කඩ වන්නේය . නමුත් සියලු දේටම සීමාවක් ඇත . නොපවතින කයට පවතිනා අවුෂධ සෙවීම සිමාව ඉක්මවා යෑමක්ය . නාකි වෙන එක නාකි වෙනවාමය , ඒක නවත්තන්න දෙයියන් වහන්සේටවත් බැරිය . ඒත් ඉතින් තිරිහන් වීමට දගලන අපේ ගැණු මිනිස්සු නිසා මෙහෙම සිද්දි ආරංචි වෙනවය . පොස්ට් එක නං පට්ටය .. එත් මුන්ට කොච්චර කිව්වත් වැඩක් නැති ය . දවසක ආසියා වේ ආස් චර්යෙට පොතු හැලිච්ච ආච්චිලා සීයලා ටිකක් ඉතුරු වෙනවා නොඅනුමානය .

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම බේත් හොයා ගන්න ඕන මෝඩ කමට..

      Delete
  50. ලස්සන වෙන්නයි.... සුදු වෙන්නයි..... මං නම් කරන්නේ ... එළවලු, පලතුරු කන එක......උතෙජනයක් විදියට ඔය මොකක් හරි ක්‍රීම් එකක් මුනේ ගානවා...... ඔය ඇතිනේ.....

    ReplyDelete
    Replies
    1. අපි නම් උත්තේජනේට ගල් තමයි ගහන්නේ..

      Delete
  51. මචෝ මල්මිගෙ එකේ දැම්ම එක ඕං මෙතනත් දැම්මා..සර්ජරි කරන්නෙ නෑ.. නමුත් සැලුන් එකකට ගිහින් අයිබ්‍රෝස් හදාගත්‍තට වැක්ස් කරාට මම වරදක් දකින්නේ නෑ.. අවශ්‍ය නම් ගුණාත්මක තත්වයෙන් ඉහල නිෂ්පාදන පාවිච්ව්හි කලාට වරදකුත් නෑ.නමුත් සීමාවක් තිබිය යුතුයි.ඒ සීමාව තමුන් දැනගතයුතුයි..රූපලාවන්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය ගැන සෑහිමකට පත් විය යුතුයි..ලස්සනට හිටියට කිසිම වරදක් නෑ.අවංකවම මම මගේ වයිෆ් සැලොන් යනවට විරුද්ධ නෑ.. පුලුවන් වෙලාවට මමත් තනියට යනවා. ඔය ලිප්ස්ටික් ක්‍යුටෙක්ස් අරව මේව ගද්දි පුලුවන් හැටියට උදව්කුත් කරනවා..මේක මගේ පුද්ගලික මතය.. තව කෙනෙක් වෙනස් මතයක් දරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මේ කිව්වෙ මචෝ සුදුවෙන්න ක්‍රීම් උලනවටයි කැටලොයි පොටි දානවනටයි නෙමෙයි.ඒක බොරුවක් කියලා මම එකෙන්ම කියනවා.මේ කිව්වෙ දැන් බොහොම සාමාන්‍ය දෙයක් වෙච්ච ගිහිං පොඩි ටචප් එකක් දාගන්න එකයි . පව්නේ බං.. කෙල්ලො ඉතිං ආසයිනේ පොඩ්ඩක් කෑල්ල වගේ ඉන්ඩ :D

      Delete
    2. මේකේ කිසිම තැනක කියලා නෑ මචෝ මේක වැරදිය කියලා.. මම කියන්නේ හොරුන්ට බොරුකාරයන්ට අහු වෙන්න එපාය කියන දේ...

      Delete
    3. බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  52. Maathalan,ei arathawa "horawedek" inne MahaWalawwaethulema, uth WHITE kenekthamai.(Ranjan)

    ReplyDelete
    Replies
    1. දැන් එලවලාය කියලයි ආරංචී...

      Delete
  53. මට මතකයි ඕක. ඉන්ටර්නැෂනල් නිව්ස් වලත් ගියා

    ReplyDelete
  54. මාතේ... මේං මේක මතකෙයි?
    //ඇමරිකාවේ අද ඇල්සයිම රෝගය සඳහා කරන පරීක්ෂන වලට යෙදෙන මුදලට වඩා විශාල මුදලක් බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ට් (පියයුරු විශාල කර ගැනීමේ සැත්කම්) හා ව්‍යාඝ්‍රා සඳහා හොදවනවලු. ඒකෙන් වෙන්නේ 2040 වෙනකොට මහා විශාල වැහැරෙන රණ තිසරුන් හා පුරුෂ ශක්තියෙන් හෙබි වයසක සෙට් එකක් ඒ වලින් කරන්නේ මොකක්ද කියල දන්නෙ නැතුව ඔහේ බලාගෙන ඉන්නවලු. මොකෝ කට්ටියට ඇල්සයිම නේ.// http://maathalan.blogspot.com/2011/10/blog-post.html
    ලංකාවෙ ඇත්තියො ඕක කොරගන්නවට මං නං මනාපයි ඕං... අපිට ඉතිං කොයිකත් ලොකුවට තිබුනොත්නෙ මනාප...

    ReplyDelete
  55. ඔය සූදු වෙන විදිහට ඔක්කොම සූදු වෙනවානම් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි වලට එහෙම අප්‍රිකාවේ හොඳ බිස්නස් එකක් තියෙන්න ඕනෑය!

    ReplyDelete
  56. හොරිවිල වෙදමහත්තය ලෙඩුන් දහස් ගනනින් සුවකර ඇත. ඇට බද්ද කිරීම් එහෙමත් කරලතියෙනවලු.ඒ වගේ වෙලාවක ඔයවගේ අකරතැබ්බක් වුනානම් ඹය වෛද්‍ය සභාව දෙන රිපෝට් එක මොකක්ද ආයුබොවන්. මම මේ නොදන්නකමටම අහන්නෙ

    ReplyDelete
  57. කිහිලිවල සහ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත රෝම ස්ථීර ලෙසම ඉවත් කරගන්න ක්‍රම තියනවාද..? දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න