.

.

Jan 4, 2015

ස්වයං වින්දන, මදන මෝදක හා නොමියෙන බෙහෙත.. (23+) - Masturbation, Viagra & Medicine for Not to Die (13+)



ඒ කාළේ පත්තරවල අන්තිම පිටුවේ පට්ට ඇඩ් එකක් තිබුනේය. ඒකෙන් කිව්වේ පුරුෂ ශක්තිය වැඩි දියුණු කර, ශුක්‍ර මෝචනය පැය දක්වා පමාකර, ලිංගික ජීවිතයේ උපරිම වින්දනයක් ලබා දෙනවා කියලාය. තොටළඟ නාගලගම් වීදීයේ හෝ ඒ කිට්ටුව උන්න දොස්තර මහත්තයා හම්බ වෙන්න ගිය එකෙක් සල්ලි දීලා උස්සගෙන ඇවිල්ලා තිබුනේ මදන මෝදක වගයක්ය. අපේ උන් කිව්වේ ඕකට තොටළඟ යන්නේ අපරාදේ නේ යකෝ, මටළඟ තියෙන ඉස්කෝලේ මහත්තයාගේ කඩේ තියෙන, කැටවල මදන මෝදකයක් ගැහුවාම වැඩේ ඉවරනේ කියලාය. එහෙම ගෙනල්ලා තිබුනේත් ලිංගිකව එක්වන්න නෙමේය. ස්වයං වින්දනේ යෙදෙන්නය.

අපේ ආන්ඩුවේ කට්ටියත් මේ දවස්වල එකසිය ගානට ස්වයං වින්දනයේ යෙදෙනවාය. එහෙම ස්වයං වින්දනේ යෙදෙන්නේ යුද්ධ මදන මෝදකේ ගහලාය. ඔය මඳන මෝදකේ වැඩියෙන් ගැහුවාම කෙලින්නේම පිස්සුය. බය වෙනවාය. බිරන්තට්ටු වෙනවාය. ඕක වැඩියෙන් ගහපු අපේ පැත්තේ එකෙක අන්තීමට නැනතුනේ කැළණි ඟගෙන් එහා පැත්තේ තියෙන අංගොඩ පිස්සු ඉස්පිරිතාලේය.

ස්වයං වින්දනේ යෙදෙන්නේ තනියමය. ලිංගිකව එක්වෙන එකා සිතෙන් මවාගන්නවාය. ඊට පස්සේ ඒකී හෝ ඒකා සමග ගතින් නොමැති, සිතින් මවාගත් ළෝකයක සංසර්ගයේ යෙදනවාය. ආන්ඩුවේ ඉන්න සට්ටැඹියෝ විතරක් නොව, ආචාර්ය මහාචාර්ය පදවි තියෙන, මොහාන් සමරනායකලාත්, දයාන් ජයතිලකලාත් එකසිය ගානට ස්වයං වින්දනේ යෙදෙනවාය.

අප ඒ කාළයේ දුටු, නිවුනු ශාන්තස්වරයෙන් ළෝකය ගැන ඉතා පැහැදිලිව, දින වකවානු සහිතව අපට කියාදුන් මුනිවරයකු බඳු මහත්මයකු වෙනුවට, අද ඉන්නේ, බලයෙන් මත්වූ, මෝහයෙන් ඉඳිමුනු, රෞද්‍ර මුහුණක් මවාගත්, ප්‍රශ්ණ කිරීම් වලට බිය, බොහෝ කළබල වී ඇති පුදගලයෙකි.මොහාන්ලා සිරසේ ඇවිල්ලා, මොහාන්ලා මෙන් ග්‍රේටස්ට් ජර්නලිස්ට්ස්ලා මෙන් නොව, දෙකයි පනහේ "යෙලෝ ජර්නලිස්ට්ස්ලාගෙන්", "කිච" වෙලා යන්නේත්, මේ ස්වයං වින්දනේ යෙදෙන්න ගිහිල්ලාය.

සතියකට පෙර රාජිව් විජේසිංහ හා තමාරා කුණනායගම් සමඟ එක්ව, තමාරා හා රාජිව්ගේද වේලාව උදුරාගෙන, අන් අය වෙනුවෙනුත් තම හඬ අවදි කළ, ජී එල් පීරිස්ගේ, සජින් වාස්ගේ හා විදෙස් සේවයේ පතුරු යැවූ දයාන් ජයතිලකට ඊට දවස් දෙක තුනකට පස්සේ ළෝකයේ තියෙන හොඳම විදෙස් සේවය  අම්මට සිරි ලංකාවේ පිච්චු පීකුදු මදාවී විදෙස් සේවය වන්නේ, සංසර්ගයේ යෙදෙනවාට වඩා ස්වයං, වින්දනයෙන් මුසපත්ව ඉන්නා නිසාය.

මුළු කැළේම සත්තු අහස කඩාගෙන වැටෙනවෝ කියාගෙන දුවන්නේ චම්පිකගේ ඔළුව උඩට වැටුන බටහිර කුමන්ත්‍රණ දෙල් කොලේට බය වෙලාය. අනික් සත්තු ටික බය කරපු චම්පික හාවා, දැන් දුවන උන් දිහා බලාගෙන හිනාවෙනවාය. ඒත් චම්පිකගේ පාටියේම හිටපු සමහර හාවෝ, තවමත් ස්වයං වින්දනේ යෙදනවාය.අහස කඩාගෙන වැටෙනවෝ කියලා අම්මාමෝ නැතුව දුවනවාය.උන් දිව්වාට අපිට අවුලක් නැතිය. ස්වයං වින්දනේ යෙදුනාත් අවුලක් නැතිය. කරුමේ කියන්නේ පිස්සෝ දිහා බලාගෙන ආතල් එකේ ඉන්න අපිටත් දුවන්න වරෝ, ස්වයං වින්දනේ යෙදෙන්න වරෝ කියනවාය.

එයාලා ස්වයං වින්දනේ යෙදෙන්නේ අරාබි වසන්තයක් එනවෝ කියලාය. මුන් භූ ගෝලය තියා. ගූ බෝලයක්වත් පොඩි කාළේ සෙල්ලමටවත් අල්ලලා නැති උන් වෙන්න ඕනාය. අම්මට සිරි ලංකාව තියෙන්නේ අරාබියේ නෙමේය. ආසියාවේය. මුන් උපරිම ට්‍රයි කරන්නේ අපේ රට ඔපෙක් සංවිධානෙට ඇතුල් කොරන්නය. ඒක කොරගන්න වෙන්නේ මන්නාරමෙන් තෙල් හම්බ උන දාටය. ඒත් ඔපෙක් එකට ගියත්, අපිට අරාබියට යන්න වෙන්නේ නම් නැතිය.

මුන් කියන විදියට අපේ රටට එරෙහිව මාර කුමන්ත්‍රණයක් තියෙනවාය. ඒක මේ "අථි භයාණඛ" ළෝක විනාශය වගේ එකක්ය. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් අම්මට සිරි ලංකාවට කෙලවෙලාම යනවාය. ඒක බේරගන්න මේ ළෝකේ එකෙකුටවත් බැරිය. ඉන්නේ එකම එක පුද්ගලයාය. ඒ අපේ පොඩි එකාගේ අප්පච්චි නොහොත්, අපේ මහරජානෝය. උන් වහන්සේ ඇර ඝෝඨාභය යෝධයාටවත්, බැසිල් ගුරුන්නාන්සේටවත්, චමල් අයියාටවත් බැරිය. එයාලාට බැරි නම් අනික් හාල්පාරුවෝ ගැන කතා කොරලාම වැඩක් නැතිය.

ඒ නිසා මේ ඡන්ද කෙරුවාව පැත්තක තියලා. මේ මහාචාර්යවරුන් කරන්න ඕනා, ජාතික යුතුකමක් තියෙනවාය. වැඩේ අමාරු උනත් කොර ගත්තේ නැත්නම් අපි ඔක්කෝම විනාශය. ඒ නොමැරෙන බෙහෙතක් හොයාගන්න එකය. ඒක හොයාගෙන, ඒක උන් කාලා හරියන්නේ නැතිය. සර්ව බලධාරි දෙවියන් වහන්සේට ඒ ගුලිය බලෙන් හෝ ගිල්විය යුතුය.

මොකෝ, කවදා හරි ලොක්කා නැති උන දවසක, මේ රට බටහිර කුමන්ත්‍රණ කරුවෝ අල්ලනවාය. එහෙම අල්ලාලා උතුරට වෙනම රටක් දෙනවාය. නැගෙනහිරට වෙනම රටක් දෙනවාය. අරුන් පවුනේ ඕයි කියා, අපිටත් කෑල්ලක් දෙන්න පුළුවන්ය. එතකොට අපේ රටේ අතීතයේ පැවති සිරි විභූතිය ඉබේම පහල වෙනවාය. ඒ කියන්නේ, රුහුණු, පිහිටි, මායා, කියා බෙදෙනවාය.

ඒක මේ 13 බෙදපු බෙදිල්ලට වඩා ලේසිය. එතකොට රටවල් තුනක් උනාම. ජනගහනය අඩු වෙනවාය. අපේ රට ගිහිල්ලා නැති හැම එකාටම රට යන්න හම්බ වෙනවාය. සංසාර ගනන් පෙරුම් පුරන්නේ නැතිව 1210 එකක නැගලා, අම්පාරේ ගිහින් ඇවිත්, රට ගිය විස්තරේ අහල පහල උන්ට කියන්න පුළුවන්ය. හැඩි දෙමළුන්ට උතුරට පලයව් කියන පුළුවන්ය. තම්බි සෙට් එක නැගෙනහිරට යවන්න පුළුවන්ය. අපිට අපේ ආඩම්බරකාර රුහුණ තියෙනවාය. පොඩි ආතල් එකක් ගන්න හිතුනොත්, ඔය නාමල්ලාට හරි කාට හරි ආයෙත් යුද්ධයකුත් පටන් ගන්න පුළුවන්ය. එතකොට එයත් ආඩම්බරකාර තාත්තා වගේම පුතෙකුත් වෙනවාය. අපේ ශිරන්ති මැඩම් විහාර මහා දේවී වෙනවාය. අත්තනගල්ලේ විහාර මහා දේවී සුන්නද්දූලී වෙලාම යනවාය.

මේ කියන විදියට ඇත්තටම යුද්දේ ඉවර කරලා නැතිය. කරලා තියෙන්නේ වෙන මොකක්ද එකක්ය. එහෙම නැත්නම්, හොල්මන්, අවතාර, මහසෝනා හා මෝහිණිලා නෑයෝ වන අපි, ප්‍රභාකරන්ගේ අවතාරෙට බය වෙලාය. මොකෝ මාතලන් දන්න විදියට නම්, පිරබාහරන් නන්දිකඩාල් කලපුවෙන් නිවන් ගියේය. ඒ යකා විතරක් නොව හතර වරිගයම නිවන් යැව්වේය. එහෙම යවලා කිරිබතුත් මහ පාරේ උයාගෙන කෑවේය. ආප්ප කාලා පිස්සු කෙලින අයියෝ සිරිසේන උන්නැහෙත්, මහරජානන්ට ඔටුනු පැළඳුවේය. එක්කෝ අපි දැකලා තියෙන්නේ හීනයක්ය, නැත්නම් ඩ්‍රාමා එකක්ය. එහෙම නැතිනම් ෂෝ එකක්ය.

මාතලන් ඊශ්‍රායලයේ සේවය කළ කාලයේ ජෝජ් බුෂුත් මේ වගේ පිස්සුවක් කෙලියේය. උන්නැහේ කිව්වේ සදාම හුසේන් ගාව "වෙපන්ස් ඔෆ් මෑස් ඩිස්ට්‍රක්ෂොන්ද" මක්කදෝ රෙද්දක් තියෙනවා කියලාය. ඇමරිකාවේ උන් ගොනාට ඇන්දුවේ එහෙමය. එහෙම කියලා ටෝනී බ්ලෙයාර් ගොයියත් එක්ක එක්කහු වෙලා, ඉරාකය කුඩු කලේය.එහෙම මක්කාදෝ තියෙනවයි කීවාම බය උනේ ඇමරිකන් කාරයෝ විතරක් නෙමේය. මුළු ළෝකයම බය උනේය. කාටවත් බය නැති ඊශ්‍රායලයත් අම්බානක බය උනේය.

හැබයි උන් අපිට තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්න කිව්වේ නැතිය. සෑම පුගලයකුගේම ආරක්ෂාව ගැන වෙන වෙනම සොයා බැලුවේය. ජනාධිපතිට තියෙන ෆැසිලිටි එක පාරේ හිඟා කන එකාටත් දුන්නේය. මාසයකට සෑම පුදගලයකුටම ආහාර හා ජලය රැස් කර ගන්න කීවේය. රසායන අවි වලින් ප්‍රහාරයක් එල්ල උවහොත් ආරක්ෂා වීමට ස්ථානයක් සාදා ගන්නා ලෙස කීවේය. සියළු දෙනාටම ගෑස් මාස්ක් ලබා දුන්නේය. කිව්වා ඉතරක් නොව හරියට කොරනවාද කියා පසු විපරම්ද කොළේය. මාතලන් නම් ඕවාට හිනා උනේය.

මාතලන් කිව්වේ, සදාම් එහෙම ගැහුවොත් මැරෙන්නේ ඊශ්‍රායලකාරයෝ විතරක් නෙමේ කියලාය. එතකොට ඊශ්‍රායලයේ ඉන්න පලස්තීන අරාබිකාරයන්ටත් කෙලවෙලා යන නිසා, උන් එහෙම වෙපන්ස් තිබුනත් ගහන්නේ නැතයි කියලාය. ඒ බයිලා වැඩක් නැතයි කියපු අපේ ලොක්කා කිව්වේ, තෝ එකක් ගනිය නැත්නම් මම තොට එකක් අරගෙන දෙන්නම් කියලාය. ඒ නිසා අන්තීමට පොලිස් වෝනින් එකකුත් එක්කම, ගෑස් මාස්ක් එකක් ගන්නම උනේය. අපි ඒ කාළයේ පාරේ ගියේ හෑන්ඩ් බෑග් එක වගේ, ගෑස් මාස්ක් එකත් කරේ දාගෙනය. අන්තීමට එහෙම ලබ්බකින් ගැහුවේත් නැතිය. මැදිහත් ඊශ්‍රායල්කාරයෝද හඬවා, සදාම් නම් එල්ලා මැරුවේය. ඒත් අහුවෙච්ච මෑස් ඩ්‍රිස්ට්‍රකසොන් එකකුත් නැතිය.

මේ ඡන්ද ව්‍යාපාරය නිසා, මේ බුද්ධිමත් ආන්ඩුව, අළුත් දෙමළු ටිකත් ජන්මාන්තර වෛරක්කාරයෝ කරගෙන හමාරය. දෙමළු විතරක් නොව, තම්බි ටිකත් තලෙයිබාන් කාරයෝ කරලා දැම්මේය. ඒ විතරක් නොව ළෝකයේ නිවුනු දහමක් ලෙස පිළිගත් බුද්ධාගම ආරක්ෂා කිරීමත්, මිනීමරු මදාවියන්ගේ බුක්තියට සරිකරලා අහවරය. කුමන්ත්‍රණය තියෙන්නේ බටහිරින් නොවේ. කුමන්ත්‍රණය තියෙන්නේ රෙද්ද අස්සේමය. 

මාතලන්ට තියෙන ප්‍රශ්ණ නම් මේවාය...
  • අරාබි වසන්තයක් එන්න, අම්මට සිරි ලංකාව තියෙන්නේ මැද පෙරදිගද?
  • අනික එහෙම තත්වයක් එන්න, මේ රටේ ඉන්න පාලකයා හා පවුල, බෙන් අලී වගේද, සදාම් හුසේන් වගේද, හොස්නි මුබාරක් වගේද, මුවම්මර් ගඩාෆී වගේද, බසාර් අල් අසාද් වගේද?
  • ඒ නායකයෝ මොන ජඩ වැඩේ කලත් සදාකාලිකවම බලයේ තබා ගත යුතු පාළකයෝද?
  • අරාබි වසන්තය උදාවීමට පෙර, යහ පාළණයට එලඹි රටවල් ගැන, මොහාන් සමරනායකලා, දයාන් ජයතිලකලා දන්නෙම නැද්ද?
  • කුමන්ත්‍රණ කරලා මේ රටේ අල්ල ගන්න තියෙන්නේ ලබ්බද?
  • අනික එහෙම කරන්න ඕන නම්, මෙලහකට කරලා ඉවරයි නේද?
  • මෙළෝ රහක් නැති සැටලයිට් කාලයේත්, ළෝකයේ මහා පාවාදෙන්නා වන රනිල් වික්‍රමසිංහගේ කාලයේත්, මේක අල්ලන්න ඉතරක් නොව, අල්ලා මිරිකා දූෂනය කර මරාදමන්නම තිබුනා නේද?
  • කොටින්ගේ ආයුධ නැව් තියෙන තැන් ගැන නිශ්චිත තොරතුරු ලබා දුන්නේ චීනයද, ඇමරිකාවද?
  • චීනට යටත් වෙලා ඉන්න එක යටත්වීමක්, දීන කමක් නෙමෙයිද?
  • ඇමරිකාව ඔය තරම් හතුරෙක් නම්, ඇමරිකාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගහන්නේ අහවල් එහෙකටද?
  • සෝමාවතිය ළඟ හා සෙවනගල, අක්කර අට දාහක්, ඇමරිකානු ඩෝරා සමාගමට දෙන්නේ, චීනය හරහාද?
  • ඇමරිකන් ගැති ඊශ්‍රායලයට හම්බන්තොට වෝටර් ප්‍රොජෙක්ට් දෙන්නේ චීනය හරහාද?
  • එහෙම් බලපෑම් තියෙන තානාපති කාර්යාල තියෙනවා නම් ඒ තානාපතිවරු රටින් පිටුවහල් නොකරන්නේ මන්ද?
  • සක්කරයාටවත් බය නැති වීරයෝ ජීනීවා, හේග්, කිව්වාම, ඇඳි වතේ හුලිජ්ජා ගොස් පොඩි උන් මෙන් අඬන්නේ ඇයිද?
  • යුධ අපරාද නොකරා නම්, විදුලි පුටුවලට බය වෙන්නේ කුමකටද?
  • විදුලි පුටුවේ තබා මරණයට පත් කරන රට කුමක්ද?
  • එසේ විදුලි පුටුවේ ඉන්දූ රාරාජ්‍ය නායකයින්, හමුදා නිළධාරීන් කවුද?
  • විදේශ අමාත්‍යංශයට පත්වීම් කරන්නේ, ඩයස්පෝරාවෙන්ද?
  • කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, කේ පී ලාට රණවිරුවන්ගේ ආරක්ෂාව ලබා දෙන්නේ ඩයස්පෝරාවට බයේද?
  • යුරෝපයේ කොටි තහනම ඉවත්කිරීම ගැන, වගේ වගක් නැත්තේ මන්ද?
  • අපේ රටේ නියම හතුරා හඳුනා ගැනීමේ බුද්ධි අංශයක් නැද්ද?
  • සිවිල් පුරවැසියන් මොහොතින් කොටි වන්නේත්, ජනාධිපති තුමා ඝාතනය කිරීමට තැත් කළ උන් දේශප්‍රේමීන් වන්නේත් කෙසේද?
  • මේ කියනා විදියට ලංකාවේ කොටි තවමත් ප්‍රසිද්ධියේ ජීවත් වෙනවාද?
  • උන් රටේ කෑලි තවමත් ඉල්ලනවාද?
  • එසේ නම් උන් අත් අඩංගුවට නොගන්නේ මන්ද?
  • ආන්ඩුවට එක්වූ විට, උන් දේශප්‍රේමීන් වන්නේ කෙසේද?
  • මේ අවුරුදු දහයේ කළේ යුද්දය නවත්තපු එක විතරමද?
  • බැලුවාම ඒකත් හරියට නවත්තලා නෑ නේද?
  • කරලා තියෙන්නේ අතීසාරෙට අමුඩ ගැහිල්ලක් නේද?
  • අමුඩේ ගලවපු ගමන් ආයෙත් අශූචී නාන්න වෙනවා නේද?
  • ඒ කියන්නේ හරියට කරාය කියන ඒ වැඩෙත් නියම විදියට ඉවර කරලා නෑ නේද?
  • එහෙම කලා නම් සංසර්ගයේ යෙදෙනවා විනා, ස්වයං වින්දනයෙන් තෘප්තිමත් වන්න ඕනා නෑ නේද?
  • මේ නැව් බොරු තවත් පිලිගන්න උන් ඉන්නවාද?
අරාබී වසන්තය ගැන ලියවුනු, පැරකුම් ජයසිංහගේ හා නාලක ගුණවර්ධනගේ මේ ළිපි දෙකද කියවන්න.

අජිත් පැරකුම්ගේ ළිපිය >>>>
නාලක ගුණවර්ධණගේ ළිපිය >>>>

121 comments:

  1. දුමින්ද නාගමුව චන්ද 5000 ට වඩා ගත්තොත් බොග් ලියවිල්ල් අත අරින එකට ලෑස්ති ද මාතලන්?

    ReplyDelete
    Replies
    1. ඒකට අනික් උන්ගේ දැණුම්වත් කිරීම් මත අගට බින්දුවක් එල්ලුවාය. ඒ නැතත්. ලංකාවේ ඉන්න එක වමනේ කාරයෙක්වත් මාතලන්හ් පයිසෙකට මායිම් කොරන්නේ නැතිය. ඕකුන් තරම් බොරු කාරයන් පිරිසක් මේ ළෝවෙත් නැතිය.

      Delete
    2. වමේ (ජ වි පෙ ඇතුලු ) උන් ගැන නම් කියලා වැඩක් නැත. ඉරිසියාකාර පුත්තිගේ හුත්තුය. අනුර කුමාරයා නොම්මර එකේ හරක් හොරෙකි...

      හැබැයි අපි කැමති උනත් නැතත් දුමින්ද නාගමුව චන්ද 50000 ට වඩා ලබා ගන්නේය....

      Delete
    3. මම හිතන්නෙ නෑ බං... මේ සැරේ සටන තියෙන්නේ දෙන්නෙක් අතර. ඒත් අජිත් ධර්ම නම් ලක්ෂ දෙකක්ම දීලා තිබුනා.. අපි බලමු...

      Delete
    4. අන්තරේ කුරුටුගාමීන් සමගය... ඒක මතක තියාගන්න

      Delete
    5. අන්තරය යනු පුනරුත්තාපනය කරනා හරකුන් පිරිසකි. උන් කැම්පස් වලින් පිටවු පසු පෙරටුගාමි කෙසේ වෙතත් පසුගාමි නොකැඩුන පෙට්ටි පස්සේ දුවන ගෝත්‍රිකයෝ බවට පත් වෙනවාය. ආන්ඩුවේ රස්සාවක් හිඟනවාය. රස්සාව ලැබුන පසු පැන්සොන් යනකන් කෝච්චියේ හෝ බස් එකේ ජැක් එකක් ගසාගෙන ගොස් අයිස් ගසා ආන්ඩුව රකිනා හිඟන්නෝ වෙනවාය. තව කප්පරක් කිව හැකිය. දැනට ඔය ඇතිය.

      Delete
    6. උදාහරණයක් අපේ ලොකු දුව. කැම්පස් එකේ ඉන්නකල් පෙළපාලි වලට කොළඹ ගිහින් බැටන් පොලු, වතුර පාරවල්, කඳුළු ගෑස් කෑවාය. අන්තිමට ඇමෑත්තයෙකුගෙන් රස්සාවක් හොයාගත්තාය. අද හැම සතේම ඉතුරු කරමින් අර විප්ලවවාදයෙන් මිදී නිදහස්ව ඉන්නවාය.

      Delete
    7. මහින්ද මාමා ගේ ඇමෑත්තාට පින් සිදු වෙන්න දුව නම් හරි දැක්මට ඇවිල්ලාය....

      අප්පච්චි නම් තාම විප්ලවේ කොරන පාටය...

      ලබන නව වෙනි දා සිට අප්පච්චිත් හරි දැක්මට පැමින මහින්ද මාමා ගේ ගුන ගායනා කරනු නිසැකය

      Delete
    8. නැත නැත. දුව තැපැල් ඡන්දය ගහලා තියෙන්නෙත් මයිත්‍රීට බව ඔක්කොටම කියලා. දුවගේ කාර්යාලයේ වැඩි දෙනෙක් ඡන්දය දැම්මේ හංසයාට. ඒක එතන ඉන්න අධ්‍යක්‍ෂ ජෙනරාල් (මම පෞද්ගලිකව හඳුනනවා) සනාථ කළා.

      ගුණ ගයන්නේද නැති බව කියමි.

      Delete
    9. රහසිගතව දෙනු ලබන තැපැල් ඡන්දය කා හට ලබාදුන්නෙද කියා අධ්‍යක්ෂ ජනරාල් සනාථ කරන්නේ කෙසේද?? සේවකයින් ඡන්දය සලකුණු කලේ ඔහුට පෙන්වාද??

      Delete
    10. //දුවගේ කාර්යාලයේ වැඩි දෙනෙක් ඡන්දය දැම්මේ හංසයාට. ඒක එතන ඉන්න අධ්‍යක්‍ෂ ජෙනරාල් (මම පෞද්ගලිකව හඳුනනවා) සනාථ කළා..//

      විචාරක මහත්තයෝ... මම හිතන්නේ ඔබ වටා ඉන්නා ඔබ ගේ "විස්වාසවන්තයන්" ඔබව ගොනාට අන්දනවා.... ඔබ කියන කරන දේ දැක්කාම එම ඇන්දීම ඔබගේ තරුන කාලයේ සිටං ම සිදු වී ඇති බවයි මට හැගෙන්නෙ... අපේ චන්ද ක්‍රමය අනුව කිසිම කෙනෙකු ගේ චන්දය සලකුනු කලේ කාට දැයි චන්ද ගනන් කිරීමට පෙර දැනගන්න බැහැ.

      ඔබ කියනා අන්දමට දුව ගේ ආයතනයේ අද්යක්ශක එහෙම කතාවක් කීවානම් ඒකට හේතුව ඔහු ඔබව බයිට් කිරීමට කැමති යහපත් රාජ්ය සේවකයෙකු නිසයි....

      අහස කඩා වැටුනා කියා දිවිල්ල ආරම්භ කල හා පන්චා මෙන් ඔබත් අන්තිම ගොන් කතා විශ්වාස කරන "රජ බයිට්" එකක් ලෙස ප්‍රසිද්ද වෙලා නිසා එතුමාත් පොඩි "ෆන්" එකක් ගන්න ඔබට ඔය කතාව කියන්න ඇති....

      ඔබත් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව අපිට ඒ මෝඩ කතාව කියනවා.... මට ඔබ ගැන දුකයි... ඔබ ගේ ඔවැනි වැඩ නිසා අපහසුතාවට පත් වන්නේ ඔබ ගේ දුවයි.

      මා මෙහෙම කීවාට මා සමග අමනාප වී මට බැන අඬගැසුවොත් ඔබ කරන්නේ පනිවිඩකාරයාට පහරදීමයි....

      Delete
    11. // දුව තැපැල් ඡන්දය ගහලා තියෙන්නෙත් මයිත්‍රීට බව ඔක්කොටම කියලා. //
      දරුවෝහොඳට හදා ඇත.සමාජයේ හැසිරීමේ විරිත් හොඳට දන්නා බව මෙමගින් පැහැදිලි වේ.

      Delete
    12. @ විචාරක,
      ////උදාහරණයක් අපේ ලොකු දුව. කැම්පස් එකේ ඉන්නකල් පෙළපාලි වලට කොළඹ ගිහින් බැටන් පොලු, වතුර පාරවල්, කඳුළු ගෑස් කෑවාය. අන්තිමට ඇමෑත්තයෙකුගෙන් රස්සාවක් හොයාගත්තාය. අද හැම සතේම ඉතුරු කරමින් අර විප්ලවවාදයෙන් මිදී නිදහස්ව ඉන්නවාය.////

      රැකියා හොයා ගන්න විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අයෙක් ඇමැත්තෝ පස්සෙන් යනවා කියල අහන එක අපේ සමාජයේ තියෙන එක කරුමයක්...

      මම කැම්පස් එකේ දෙවන වසරේ පටන් ශිෂ්‍ය සංගම් වල සාමාජිකයෙක් උනා, ඊට පසුව අවසන් වසරේදී පීඨ ශිෂ්‍ය සංගමයේ මෙන්ම, විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ද ලේකම්...

      නමුත් අපි ඉගෙන ගන්න කාලේ පාරවල් ගානේ තප්පුලන්න ගියේ නැහැ. එහෙම ගහමරා ගන්න මට්ටමෙන් නැතුව සාමකාමිව ප්‍රශ්න විසඳගන්න බැරිකමක් නැහැ. අපි එහෙම කලා.
      ගොන්කමට පාරේ තප්පුලන්න ගිහින් ගුටි කන එකට කියන්නේ විප්ලව වාදය නෙමෙයි තමන්ට කියා යමක් හිතන්න බුද්ධියක් නැතිකම,
      අන්තරේ ජෙප්පෝ ටික ගහන තෙලකට අහුවෙලා කඩේ යනවා කියල කියන්නෙත් ඕකට...
      තමන්ට කියල පොඩ්ඩක් හිතන්න පුළුවන් උනාම ඒ ගොන්කම් නතර කරනවා.
      දැන් ඔබතුමාගේ දෝණි කරලා තියෙන්නේ ඒකයි.

      ........................................................................................
      ඒ වගේම දුව රාජකාරි කරන තැන ජන්දය සාධාරණව කෙරිලා නැහැ කියන එක පැහැදිළියි.
      එහෙම නැත්නම් ප්‍රධානියා කොහොමද වැඩි ජන්ද ප්‍රමාණයක් මෛත්‍රීට වැටුනා කියල දන්නේ.

      Delete
    13. ලොකු පුතා මහතාගේ "එල ටෝක්" එකට මාගේ බලවත් මෙව්ව එක!

      Delete
  2. මාතලන් ට ඇති ප්‍රශ්න මෙරටවාසී ජහමනයා වන අපට නැත.

    අපි වනාහී කුඩු, ඇල්කොහොල් සමග හීනියට බඩුවකුත් ගහගෙන ඉඳ හිට කැසිනෝ යන උන්දැලාය.

    ලබන අට වනිදා උදෙන්ම චන්දපොලට ගොස් මහින්ද මාමාට චන්දය දීම අපේ යුතුකමය...

    ReplyDelete
    Replies
    1. අපි අපේ යුතුකම 2010 දි ඉටුකොට අපේ කළගුණ දැක්වීම කලෙමු. ඒත් උන්වහන්සේ සරම උස්සා අපිට පුක පෙන්නුවාය.

      Delete
    2. ස රස ගේ වයස ඇත්තටම කීයක් විතරද?
      මහින්දට කඩේ යන හින්ද නෙමෙයි. ඒ යන ස්ටයිල් එක ඒ තරම් ලස්සන හින්ද අහන්නේ.

      Delete
    3. බූරු ඔයා "ලොල්ලෙක්" නෙවෙයි නේද? මට ටිකක් බය හිතුනා මෙයා ඔයා මගෙ වයස අහනකොට...

      Delete
    4. ඒකේ තේරුම මොකක්ද?
      නෑ මම එහෙම ඇහුවේ ඔයාගේ මේ බ්ලොග් පුරා තියෙන කොමන්ට් කියවලා.

      Delete
    5. එකේ තේරුම දන්නෙ නැත්නම් අමතක කරලා දාන්න....

      අඳුනන්නෙ නැති අය ඇවිල්ල වයස අහනකොට වයස කියන්න එපා කියලයි අපේ අම්මි මට උගන්නලා තෙයෙන්නේ...

      Delete
    6. හැමෝම තමන්ගෙ තරමින් මනින්න එපා.
      මම උපකල්පනය කරනවා ඔයා අවුරුදු විසිපහක විතර තරුණයෙක් කියලා. ඒ වගේ අය මීට වඩා විචාරශීලීව බුද්ධිමත්ව කටයුතු කරනවා තව කෙනෙක්ව විස්වාස කරද්දි.
      ඔයා මහින්දගේ ෆලෝවර් කෙනෙක් වෙන එක නෙමෙයි අවුල. ඒ තරමින් බ්ලයින්ඩ් වෙන එක. ඔයාට දැන් මේක තේරෙන්නේ නැත්නම් තව අවුරුදු දහයකින් පහලොවකින් විතර පොඩ්ඩක් ආපහු මතක් කරන්න මම කීව දේ. එතකොට ඔයාටම තනියම දුක හිතෙයි. කිසිමදේකදි කොන්දේසි විරහිතව පෙනී හිටීම වෙනුවෙන්.

      එච්චරයි. ඔයාගේ ලාබාල වචනෙන් එහා ගිය අයත් බ්ලොග් කියෝනවා මල්ලී.... !!!!

      Delete
    7. බූරු මහත්තයෝ..

      මම මැනීම අතැහරියේ දියතලාවේ මැනුම් පාසලෙන් මාව පැන්නූ දිනයේය. දන් මම කාවවත් කිසිමදෙයක් නොමනිමි!

      මගේ වයස ගැන ඔබේ උපකල්පනය හරි ;)

      මා කිසිම කෙනෙක් විස්වාස නොකරමි... ඒ නිසා ඔබේ තර්කය අනුව මට විචාරශීලීවීමට අවශ්ය නැත...

      මම බ්ලයින්ඩ් නොවෙමි මට ඇත්තේ presbyopia යන තත්වයයි....

      හරි.. මතක ඇතුව මම තව වසර පාලාහකින් ඔබ කී දේ මතක් කරන්නම්!

      එතකොට මට දුක හිතුනාම මගේ තනි ඇහට ඇඬෙයි නේද?

      කවුද කීවේ මම මහින්ද මාමාට කොන්දේසි විරහිතව පෙනී සිටිනවා කියලා? ඒවා කොහෙද මා එක්ක? ඔහු ගැන මාගේ එකම එක කොන්දේසියක් ඇත....

      මහින්දා මාමා ඔහු ගේ බුරුත රැවුල කපා දැමූ දින සිට මා ඔහුට චන්දය නොදෙමි! අන්න ඒක හොඳින් මතක තියාගන්න අය්යේ!

      Delete
    8. ලංකාවේ විධායක ජනාධිපතිට කිරීමට බැරි එකම දේ ( JR කියූ ලෙස ) මෙතන කර ඇත. මාතලන් , බුරු , PM? :-DDDDD

      Delete
    9. ප්‍රා ජේ … දවසේ කතාව :D :D ඕ යේස්.

      සා රස මචෝ .. මේ මහත්තයෙක් නෙමෙයි නෝනෙක් බං .. නෝන මහත්තයෙක් :D

      Delete
    10. පත්තරේ, ප්‍රා
      ඩික්සනරියේත් අර වචනේ හෙව්වා හම්බ වුනේ නෑ.... :)

      හොඳවෙලාවට මේ වගේ අය සමාජයේ ඉන්නේ අඩුවෙන් කියලා අර පහල කියලා තිබුනා ඔක්කොමලා.
      හිත හදාගත්තා.
      ඔන්න මහින්දයි ඊට කලින් හිටපු එවුනුයි රටට දීපු තෑග්ග.

      Delete
    11. පත්තර මල්ලියේ.... සරමක් ද කම්බායක් ද කියලා මගෙ මේ අනුන්ගෙන් ඉල්ලාගත්තු පරන මැසිමෙන් අංතර්ජාල යනවිට පේන්නේ නැත...

      බූරු තුමිය ගෙන් සිදු වූ මුද්‍රන දෝශයට සමාදිය බාජනය කරමි.

      ඔබ නැවතත් වැරදී බූරු මැඩම්!

      අපේ මේ සිරි ලංකා සමාජය 90% පමන පිරී තිබෙන්නේ අප වැනි අමන මෝඩයන් ගෙනි.

      බහුතරය මෝඩයි කියල ඔයා අහලා නැත්ද මෙයා??

      Delete
  3. Denzil kobbakaduwage funrela eka dawase janathwa redi galawala salakapu hati okata mathak nathi eke wena mona kathada mathooo

    ReplyDelete
    Replies
    1. එදා ගලවපු ගැලවිල්ල.. තාමත් හෙළුවෙන්ද කොහෙද ඉන්නේ...

      Delete
  4. අන්තිම ප්‍රශ්නේ ට නම් උත්තරේ දන්නවය

    •මේ නැව් බොරු තවත් පිලිගන්න උන් ඉන්නවාද? - මොකෝ නැත්තේ ලක්ෂ හතළිහක් , හතලිස් පහක් විතර ඉන්නවාය

    ReplyDelete
    Replies
    1. හපොයි ඉන්නවා... ඕන තරම් ඉන්නවා.. ඊයෙත් සෙට් එකක් එක්ක මරා ගත්තා.. පොඩි බඩු නෙමෙයි.. සොලිඩ් සෙට් එකක් එක්ක...

      Delete
    2. කියන්න හිටි දෙය ඉවාන් කියා ඇත.

      Delete
  5. මම ඉහත කරුනු සහ ගනං හිලවු ඉදිරිපත් කරමින් අපේ රටට කෙලවෙච්ච හැටි සහ කෙලවෙන හැටි අපේ ගෙවල් ලඟ ඉන්න, හිටපු ජේ.වී.පී. කාරයෙක්වන දැන් කඩකාරයෙක්වන පුද්ගලයෙක් සමග ගොබ්බ දේශපාලන සංවාදයක් හෙවත් දේශපාලන වලියකට හොම්බ දැම්මේය. උගේ තර්ක කැඩී බිඳී සුං වී යද්දී අවසානයට කිව්වේ චන්ද්‍රිකා, රනිල් එකතු වී මේ රට බෙදනවාය, කෑලි කෑලි වලට කඩනවාය, සුන්නත් දූලි කොරනවා කියලාය.මම කිව්වේ චන්ද්‍රිකා දෙපාරක් විධායක බලයේ සිටියාය. ටික කලක් රනිල් එක්කම බලයේ සිටියාය ඒ කාලයේ ඔය බෙදිල්ල කරන්න තිබුනේ නැද්ද කියාය. එවිට කීවේ ඒකාලේ ජනමතයට එය කොරන්න බැරි උනා කියලාය.ඉතිං මං ඌට කිව්වේ යකෝ ඒ ජනතාව නේන්නම් තාම ලංකාවෙ ඉන්නෙ කියලාය.බැරිමතැන ඌ කිව්වේ ඕවා ජේ.වී.පී කතා උඹල ජේ.වී.පී කාරයෝ කියා මේ පරන ජේ.වී.පී කාරයා නිකංම්ම නිකං මාව අලුත් ජේ.වී.පී කාරයෙකු කලේය. මාව ජේ.වී.පී කාරයෙකුකර ජේ.වී.පී එකද සවුත්තු කලේය.

    ReplyDelete
    Replies
    1. උඹ ජේ වී පී කාරයකු කියා බේරුන එක වාසනාවක්ය. මේවා කතා කරන කොට මට මගේ බොක්කෝ කියන්නේ පර දේශක්කාරයා කියලාය..

      Delete
    2. මතක තියා ගන්න චන්ද්‍රිකාට පැකේජ් එකෙන් බලය බෙදන්න බැරිවුනේ රනිල් නිසා මිස ජනතාව නිසා නොවේ එසේම රනිල්ට ගිවිසුම් මගින් ඊලම දෙන්න බැරි වුනේ චන්ද්‍රිකා නිසා. දැන් ඔවුන් දෙදෙනාම රට බෙදන අරමුණ වෙනුවෙන් පෙළගැසී සිටී. ඔවුන් වැලැක්වීම ජනතාව සතු වැඩකි. ජනතාව 8 වෙනිදා එය කරන බව ස්ථිරය.

      Delete
    3. මකසිගේ තර්කය අනුව ඔවුන් දෙදෙනාද මේ රට බෙදන්නට කිසි දින කටයුතු කරන්නේ නැත. සැටලයිට් යනු පැන්ෂන් ගිය පොලිස්කාරයෙකි. රනිල්ට එහෙම දෙන්න උනත් දැන් දෙන්නට කොටියෝ නැත. මොකෝ කොටියෝ සියල්ලෝම නිවන් ගොස් අවසානය. තව කොටි ඉන්නවානම්. ඒක රට බේරාගත් විරුවාගේ රෙද්දේ හිලක්ය.

      Delete
    4. //මකසිගේ තර්කය අනුව ඔවුන් දෙදෙනාද මේ රට බෙදන්නට කිසි දින කටයුතු කරන්නේ නැත. //ගණිතය අනුව ධන අගයකට ඍන අගයක් එකතු වූ විට ශුන්‍ය වුවාට. කරන හොඳ නරක එකතු වූ විට ශුන්‍ය නොවේ. ඔවුන් දෙදෙනා වෙලාවක රට බෙදන්න සහ වෙලාවක එය වලක්කන්නට ගිය අය වේ. නමුත් මෑත කාලීන ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ අනුව ඔවුන් දැන් සිටින්නේ එකම මතයකය. ප්‍රබාකරන්ට මහත්තයා කියුවාට වඩා කතා ඔවුන්ගේ කටින් පිටව ඇත. එබැවින් දෙදෙනා එක් වීම රටට අනතුරු දායකය.

      // උනත් දැන් දෙන්නට කොටියෝ නැත. මොකෝ කොටියෝ සියල්ලෝම නිවන් ගොස් අවසානය. තව කොටි ඉන්නවානම්. ඒක රට බේරාගත් විරුවාගේ රෙද්දේ හිලක්ය.// ඊලම ඉල්ලුවේ දෙමල ජාති(බෙදුම්) වාදීන් වේ. කොටින් යනු ඔවුන්ගේ එක කුලකයක් පමණි. කොටි සංවිදානය අවසන් වුවත් දෙමල බෙදුම් වාදය අවසන්ව නැත. විග්නේශ්වරන් ඇතුළු දෙමල දේශපාලකයන් පිරිසක් කරන ඉල්ලීම් කරන්නේ ඊළම දිනාගැනීමට පාර කපා ගැනීමට වේ. කොටි පැරදුනාට ඊළාම් සංකල්පය පරදී නැත. කොටි පැරදවීම හමුදාවේ වැඩක් වුවද ඊළාම් සංකල්පය පරාද කිරීමට ඔවුන්ට බැරිය.හමුදාව යොදා එය කරනවා නම් එම මතය සහිත සියලු දෙමළුන් විනාශ කිරීම හැර වෙන දෙයක් නැත. එය කල නොහැක එසේ නොකර ඊළාම් සංකල්පය පරාජය කිරීමට ආකල්පමය වෙනසක් ඇති කකළ යුතුය. මාධ්‍ය මගින් විප්ලවයක් කල යුතුය. ජාතින් නියෝජනය කරන දේශපාලනය අවසන් කල යුතුය.

      මාතලන් තර්ක කරනේ ඊළාම් වාදීන් == කොටි කියාය නමුත් එසේ නොවේ කොටි සියල්ල ඊළාම් වාදීන් වන නමුත් ඊළාම් වාදීන් සියලු දෙනා කොටි නොවේ. එම නිසා ඔබගේ තර්ක අවලංගු වේ.

      TNA කොටි නොවේ නමුත් ඔවුන් ඊළාම් වාදීන් වේ, හකීම් ප්‍රමුක මුස්ලිම් බෙදුම් වාදීන් නැගෙන හිර මුස්ලිම් පරිපාලන දිස්ත්රික්කයක් ඉල්ලයි(වැඩේ පත්තු වූ නිසා දැන් වෙන කතාවක් කියයි) ඔවුන් ගේ ඉල්ලීම් චන්ද්‍රිකා සහ රනිල් අනුමත කරයි. ඒ බව චම්පික කරන ප්‍රකාශ වලින් ගම්‍ය වේ.

      චම්පික කියන්නේ බෙදුම් වාදයට සිරිසේන ගියොත් ඔහු හඬ නගන බවය එනම් සිරිසේන බෙදුම් වාදයට යාමට ඇති ප්‍රවනතාව ඔහු ගෙන් සනාථ වේ. සිරිසේන බෙදුම් වාදයට යාමට ඇති ප්‍රවනතාව ට හේතුව චන්ද්‍රිකා රනිල් ප්‍රමුක දෙමල සහ මුස්ලිම් බෙදුම් වාදීන්ය. සිරිසේන දිනුවොත් චම්පික ට සහ අපේ සාදුට ට අන් සියලු දෙනා පරදවා ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටිය හැකිද? වසර 6 පෙර සිරිසේන එළවිය හැකිද? බෙදුම් වාදය බලා සිටින්නේ රට දුර්වල වෙනකම් බව මතක තියා ගන්න.

      මාතලන් මතු කරන අනෙක් කතාව නම් කරුණා රජය සමග සිටින නිසා රජයද කොටි බවයි. කරුණා හිටපු කොටියෙකි ඔහු ඊළාම් වාදය අත හැර ඇත, අවසාන යුධ සමයේ ඔහු ඇතුළු කණ්ඩායම ද විශාල මෙහෙයක් කරන ලදී. එනම් ඊළාම් වාදය වෙනුවෙන් ලොකු සේවයක් කර ඇත. සාමාන්‍ය අපරාධ කරුවෙක් වුවත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂියක් වන විට දඬුවම් නොකර නිදහස් කරයි. අසුවූ බොහෝ කොටි නිදහස් කරන ලද්දේ දඬුවම් දී නොව පුනුරුත්තාපනය සිදී කිරීමෙන්ය. කරුණා යනු ස්වයංව පුනුරුත්තාපිත හිටපු කොටියෙකි. ඔහු දැන් ඊලම නියෝජනය නොකරයි එබැවින් අපට ඔහු ගැන ගැටළුවක් නැත. කොටි නොවුවත් තවම ඊලම ඉල්ලන TNA ඇතුළු දෙමල බෙදුම්වාදීන් අපට ගැටලුවකි.

      බෙදුම් වාදීන් සිටින පිලට චන්දය නොදීම රටට ආදරේ කරන සැමගේ යුතුකමකි. ඔබ ගන්නා තීරණ undo කල නොහැක.

      මහා කළු සිංහලයා මහින්ද වෙනුවෙන් නොව රට වෙනුවෙනි

      Delete
    5. මකසි පමණක් නොව අප හඬ නගන්නේද රට වෙනුවෙනි. කරුණා අම්මාන් මෙන්ම සම්බන්ධන්ලාද ඒකිය රටක් පිළිගන්නා බව කිව් බව අමතක වීම කරුමයකි. කරුණා හොඳ වීමටත්, සම්බන්ධන් නරක් වීමටත් හේතුවක් නැත. ඇත්තේ මවා ගත් මහා බොරුවක් පමණි. එක්කෝ උන් දෙන්නාම කළුය. එක්කෝ සුදුය. නමුත් එක දෙයක් පැහැදිලිව කිය යුතුව ඇත. මේ රටේ සුළු ජාතික ජනතාව මේ ආන්ඩුව කෙරේ අති දරුණු වෛරයකින් පසු වනා බවය. ඔවුන් කරුණාගේ උන්ද, සම්බන්ධන්ගේ උන්ද, ඩග්ලස් දේවානන්දගේ උන්ද කියන්නට මා දන්නේ නැතිය. නමුත් මා දන්න එකම දෙය නම්. මේ රටේ බහුතර සිංහළ ජනතාව මෙන්ම. උන් සියල්ලෝද උපන් බිමේ අනාතයෝ කියනා සත්‍යය පමණි. මෙය වෛරයෙන් විසඳ ගත යුතු ප්‍රශ්ණයක් නොවේ. වෛරයේ උපරිමය දක්වා ගමන් කොර සුරතාන්තයට පත්වී අවසානය. මේ නැවතත් ප්‍රේම අංගනවල යෙදිය යුතු කාළයයි. එහෙත් සිඳු වන්නේ බලහත්කාරා කමෙන් කරනා අධෝ මාර්ග සංසර්ගයක්ය.

      Delete
    6. ප්‍රබාකරන්ට මහත්තයා කියුවාට වඩා කතා ඔවුන්ගේ කටින් පිටව ඇත.

      Really?

      http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13497:2015-01-05-04-59-20&catid=41:local&Itemid=74

      Delete
    7. @Maathalan
      //කරුණා අම්මාන් මෙන්ම සම්බන්ධන්ලාද ඒකිය රටක් පිළිගන්නා බව කිව් බව අමතක වීම කරුමයකි. කරුණා හොඳ වීමටත්, සම්බන්ධන් නරක් වීමටත් හේතුවක් නැත. //
      මිනිසෙක් මැනිය යුත්තේ හැසිරීම අද්යනයෙන් මිස කටින් කියන හෝ ලියන දේ ඇසුරෙන් නොවේ. සම්බන්ධන්ලාද ඒකිය රටක් පිළිගන්නා බව කියා ඇත එසේම ඔවුන්ගේ නඩේ කෙනෙක් වන රුද්‍රකුමාරන් ජනවාරී පළවෙනිදා නවවසරට සුබපැතුම ඔස්සේ කොන්දේසි 5 ඉල්ලා ඇත. ඒවා බෙදුම්වාදී වේ උන් ඒකිය රටක් පිළිගන්නා බව කියන්නේ බොලා වගේ උන් ගොනාට අන්දවීමටය එසේ කියන අතර ඔවුන් හැසිරෙන්නේ බෙදුම් වාදීව වේ. සමහර විට ඔවුන් ඒකීය කියන්නේ ෆෙඩරල් ක්‍රමයේ එකීයත්වයක් මිස වෙන රෙද්දක් නොවේ.

      අවශ්‍ය වන්නේ එක් රටක් තුල එක්සත්ව සිටින සිංහල දෙමල මුස්ලිම් පාලන එකක තුනක් නොව. තනි පාලන ඒකකයක් තුල සමගියෙන් සිටින ජාතිය අනුව කිසි වෙනසක් නොසලකා සහෝදරත්වයෙන් බැදී සිටින ප්‍රජාවකි. ඒ සඳහා කල යුතු වන්නේ දේශපාලනයේ සිට හැම දේටම ජාතීන් බෙදී නියෝජනයක් නොවේ. ජාතින් නියෝජනය කරන නීති, පළාත්, දේශපාලන පක්ෂ, පාසල් ඇතුළු සියලු දේ අහෝසි කල යුතුය. දෙමලාට මාතරත් සිංහලයාට යාපනයේත් ඉඩම් මිලදී ගෙන ජීවත් විය හැකිවිය යුතුය. දෙමලාට මාතර සිටිය හැක. නමුත් සිංහලයාට යාපනයේ පදිංචි වීමට වාරණ දාන්නේ ඇයි. බෙදීම අවශ්‍ය දෙමලාට මිස පොදු සිංහලයාට නොවේ.

      Delete
    8. දෙමළාට හෝ සිංහළයාට ලෙස නොව.. මේ හැම කුප්පකමක්ම කරන්නේ කාළකන්නි දේශපාළඥයෝ බව නොවැටහීම මහා කරුමයකි. උන් ජනතාව ගොනුන්ට අන්දන විට. දෙපැත්තේම ගොන් සූට් දාගන්නෝ තරම් මෝඩයන් පිරිසක් සිටිනා තාක්. බොරුව රජ වී. උනුත් රජවරුන් වනු ඇත.

      Delete
    9. @prabath's blog
      ඉංග්‍රීසියෙන් ලියන හෝ කතාකරන විට සතුරාට වුව මිස්ටර් කියා සඳහන් කිරීම ලොකු වරදක් නොවන බව මගේ මතයයි. එබැවිනි මම එම වචනයට අවධානය යොමු නොකරන බැවින් "ප්‍රබාකරන්ට මහත්තයා කියුවාට වඩා කතා ඔවුන්ගේ කටින් පිටව ඇත." කියා ලියා ඇත.
      එවිට ඔබ කරන්නේ මහින්දත් මිස්ටර් ප්‍රබාකරන් කියා ඇති තැන පෙන්වීමට ඒ මයි. දැන් මට කියන්න ඇත්තේ. මහින්ද මිස්ටර් ප්‍රබාකරන් කියා කියුවාට ඔහු කිසිම තැනක බෙදුම්වාදී ප්‍රකාශ කියා නැත. නමුත් චන්ද්‍රිකා මිස්ටර් ප්‍රබාකරන් කියා කීමට අමතරව බෙදුම් වාදී ප්‍රකාශ මෙන්ම සිංහල වීම ගැන තමා ලජ්ජා වන බව පවා ප්‍රකාශ කර ඇත.
      මා ඔබට කරන අභියෝගය වන්නේ පුළුවන් නම් මහින්ද කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයක් පෙන්වන්න.

      Delete
    10. //දෙමළාට හෝ සිංහළයාට ලෙස නොව.. මේ හැම කුප්පකමක්ම කරන්නේ කාළකන්නි දේශපාළඥයෝ බව නොවැටහීම මහා කරුමයකි. උන් ජනතාව ගොනුන්ට අන්දන විට. දෙපැත්තේම ගොන් සූට් දාගන්නෝ තරම් මෝඩයන් පිරිසක් සිටිනා තාක්. බොරුව රජ වී. උනුත් රජවරුන් වනු ඇත.//

      අනිවාර්යෙන්ම ජාතික සමගියක් සඳහා කල යුත්තේ බෙදුම්වාදයට උල්පන්දම් දෙන සියලු දේශපාලකයන් සහ ජාතීන් නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පරාජය කිරීමයි.

      එබැවින් මුස්ලිම් කොන්ග්‍රසය,TNA, හෙළ උරුමය වැනි ජාතීන් නියෝජනය කරන පක්ෂ සහය දෙන, බෙදුම්වාදයට උදවුදෙන චන්ද්‍රිකා රනිල් සහය වන නමට පොදු නියෝජිතයා වන සිරිසේන උන්නැහේ පරාජය කිරීමයි.

      Delete
    11. එතකොට මහින්ද මහත්තයා සාමයේ කුමාරයාද මචෝ...

      Delete
    12. සාමයේ කුමාරයා කවුද කියන්න උබ කියහන් සාමයේ තාත්තා කවුද කියා

      Delete
    13. මකසි පවසන ආකාරයට ඔහු රට වෙනුවෙන් හඩ නගයි නමුත් ඔහු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ඇති දූෂණ හා වංචා ගැන කතා නොකරයි.රටකට ජනාධිපතිවරයෙක් පත්කරගනු ලබන්නේ බාරකරුවෙකු ලෙසයි.රටට උතුරේ ගැටලුව අවසාන කිරීම යුද්ධය මගින් හෝ වෙනත් ආකාරයකට සිදුකිරීම ඔහුගේ යුතුකමකි. ඒ වෙනුවෙන් ඔහුට අනිවාර්යයෙන්ම ගෞරවයක් හිමිවේ.නමුත් යුද්ධය අවසාන වූ පසු සිදුවිය යුතු සංවර්ධන කටයුතු අවංකව ඉ‍ටු කිරීමද ඔහුගේ යුතුකමකි.මේ ශ්‍රීලංකාව නිසා ඔහු ව්යාපෘති වලින් 0.5-2% කොමිස් ගත්තද කමක් නැතැයි කිවහැකිය.එයද වංචාවක් බව සැබෑය නමුත් එය නොසලකා හරීමට හෝ හැකිය.නමුත් දැන් සිදුවන්නේ එයද?විදේශ කුමණ්ත්‍රන පිලිබදව ඇති සුරන්ගනා මොහොතකට අමතක කරන්න.දැන් ඔබට ඔබේ හර්ද සාක්ෂියට එකගව මෙවන් අපරාද සිදුවීම ගැන රාජ්ය නායකයා සෘජුවම වගකිවයු‍ටු බව ඔබ නොපිලිගන්නේද?සාදාරණ පොලීසියක් අධිකරණයක් නොමැති තැන ඒ පිලිබදවත් ඔහුගේ යටතෙ සිදුවන වැරදි සම්බන්දයෙනුත් ඔහු වගකිවයුතු බව පැහැදිලි වේ.

      Delete
    14. @මකසි
      #නමුත් චන්ද්‍රිකා මිස්ටර් ප්‍රබාකරන් කියා කීමට අමතරව බෙදුම් වාදී ප්‍රකාශ මෙන්ම සිංහල වීම ගැන තමා ලජ්ජා වන බව පවා ප්‍රකාශ කර ඇත.
      මා ඔබට කරන අභියෝගය වන්නේ පුළුවන් නම් මහින්ද කරන ලද බෙදුම්වාදී ප්‍රකාශයක් පෙන්වන්න.#
      මිනිසෙක් මැනිය යුත්තේ හැසිරීම අද්යනයෙන් මිස කටින් කියන හෝ ලියන දේ ඇසුරෙන් නොවේ.(මකසි)

      Delete
    15. //ඔහු ව්යාපෘති වලින් 0.5-2% කොමිස් ගත්තද කමක් නැතැයි කිවහැකිය.එයද වංචාවක් බව සැබෑය නමුත් එය නොසලකා හරීමට හෝ හැකිය.නමුත් දැන් සිදුවන්නේ එයද?//

      මෑතකදී සිදු කරන ලද ව්‍යපෘති කිහිපයක් ඇසුරෙන් සංඛ්‍යාත්මක උදාහරණ දෙන්න. නැතිව සාක්ෂි නැති කටකතා ගෙන හැර පාන්න එපා.

      //සාදාරණ පොලීසියක් අධිකරණයක් නොමැති තැන ඒ පිලිබදවත් // ඔබගේ කියමන සානාථ ක්කිරීමට සාක්ෂි ඉදිරිපත් කරන්න.

      මෙවන් අපරාද සිදුවීම ගැන රාජ්ය නායකයා සෘජුවම වගකිවයු‍ටු බව ඔබ නොපිලිගන්නේද? රාජ්‍ය නායකයා නොකරන ලද නමුත් ඔහුගේ පාලන දුර්වලතාවයක් නිසා වෙන අය අතින් සිදුවූ අපරාධ වලට වගකීම ගත යුතු නැත නමුත් අදාල අයට දඩුවම් දී ඉදිරියේදී සිදුවන දේ අවම කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

      Delete
    16. @AnonymousJanuary 5, 2015 at 2:18 AM
      එසේ නම් මහින්ද බෙදුම්වාදියෙක් ලෙස හැසිරුණු අවස්ථා සඳහා උදාහරණ දෙන්න

      Delete
  6. ආණ්ඩුවේ කට්ටිය ස්වයං වින්දනය කරනාවා කියා සිතේ මවාගෙන මාතලන් කරන ස්වයං වින්දනයක් මිස වෙන යමක් මෙහි නැත. මාතලන්ට තියෙන ප්‍රශ්ණ වලට පිළිතුරු ඇත ඒවා ගැන පොස්ට් එකක් දැමිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ලියහන් මචෝ... සිඳුවිය යුත්තේ එයයි..

      Delete
    2. සමහරක් උන් විවේචනයට බයයි. වයසට ගොස් ඇති පුද්ගලයන් ගේ වැරදි පෙන්වන විට ඔවුන් කෝප වේ. මම ගිය වර ලිපිය මගින් ඔබ සමග විවේචනය කල පුද්ගලයා දැන් මට පොඩි පහේ තර්ජන කරයි. ඒ අතින් විවේචන කිරීම අගයන ඔබ ශේෂ්ඨ ය.

      විවේචනය කරන විට ගන්නා කෝපය අනුව ඔහු යුද්ද කරන විට සිට ඇති කෝපය අපට සිතා ගත හැක. මානව හිමිකම් කඩ කිරීම කලේ එසේ කෝප වූ හමුදා නිලධාරින් විසින්ය. ඔවුන්ට නිසි දඩුවම් නොදීම මහින්ද කල ලොකුම වැරැද්ද වේ. විවේචන නොඉවසන මොවුන් සමාජ ගත වීම ඉතා අනතුරු දායකය.

      Delete
    3. ඒවා ගනන් ගන්න එපා... ඔහුත් බොහෝ සුන්දර මිනිසෙකි.. ඔබට ඔහු හමු වූ දිනෙක ඒ බැව වැටහෙනු ඇත.. කිසිම දෙයක් පෞද්ගලිකව ගන්න එපා... අපි මතවාදීව ගැටෙමු...

      Delete
    4. මතවාදීව ගැටෙන විට ඔහුට රිදේ. ඔහු ගේ මතුපිට ඇති සුන්දර කම යටින් නපුරු රාක්ෂයෙක් දැන් මතුව ඇත. එම රාක්ෂයා එළවීම ඔහු සතු වැඩකි.

      Delete
    5. ඒක අපි කාගෙත් ලේ වල තියෙන දුර්වලකමක්.. මටත් ඔය ලෙඩේ තියෙනවා.. එහෙම නොවනවානම් අපි ශ්‍රී ලංකිකයෝ නෙමෙයි...

      Delete
    6. මතවාදයෙන් ගැටී, හොඳටම මත් වී මහින්ද මාමාට අටවෙනිදා චන්දය දී ..... ආ... My3 පරදවමු...

      Delete
    7. @Sa rasa ---- MY3 ජනාධිපති පදවියට පත් කරමු. මහින්ද "හිටපු ජනාධිපති" පදවියට පත් කරමු!

      Delete
    8. මහින්ද මාමා නැවත ජනපති කර My3 ට එලඹ සිහිය ලබා දෙමු!

      Delete
  7. අපේ පැත්තෙ ඒ කාලෙ තිබ්බේ 'ශ්‍රීමත් අමාරස' මදන මෝදක.. එකක් නෙවෙයි දෙකක් හපල ගිල්ල වගේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොට.. මටත් තියෙන ලොකුම පුරස්ණයක් තමයි 'මහින්ද මාතියා' ඇර මේ රටට ආදරේ වෙන එකෙක්වත් නැද්ද කියන එක? දැන් යකෝ මිනිහ මල දවසට මාර කෙලියක්නෙ වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මම කිව්වේ මේ හුකාරිස් චන්ද කෙරුවාව නවත්තලා දාලා නොමැරෙන බෙහත හොයාගෙන උන්නාන්සෙට පොවන්න ඕනය කියලා..

      Delete
  8. සුවර්ද ඕක ස්වයං වින්දනය කියලා. ස්වප්න මෝචනය වෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ස්වයං වින්දනයේ උපරිම අවස්ථාව එයයි.... ඉන් පසු අත තිබ්බත් යනවාය..

      Delete
  9. ඔබත් මෙවර මහින්දට ඡන්දය දී නොමිලේ ලොරි ට්රයල් එකක් හෝ මීමුරේ සවාරියක් දිනාගන්න...../
    නොමිළේ ලොරි ට්රයල් එකක් කිව්වොත් ඕනෙ දෙයක් කරයි!

    ReplyDelete
    Replies
    1. ඒ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියයි. ටිකක් සිනාවෙන්න ගොස් පුකෙන්ම සිනාසි එන්නටත් පුළුවන්ය.

      Delete
  10. බැලූ බොදු සේනාවේ අලගොඩගත්තේ ගන්දස්සාරගෙන් නියත විවරණ ලබා, ටෙලිකොම් ජොබෙන් ලැබෙන වාසි වලින් ගතහැකි උපරිම ප්‍රයෝජන ගෙන, මහා දාර්ශනිකයකු ලෙස එක ඇසකින් බලා, පුහු තර්ක වමාරන ගොයියලාට, ඇත්ත වැටහෙන්නේ, ඔවුන්ගේ පස්ස පැත්ත කළුවී ඇතිබව, අහම්බෙන් හෝ පුකට පයින් ගසා කවුරුන් හෝ කියාදුන් දවසටය.

    ReplyDelete
    Replies
    1. ඔහේගේ මහා ලොකු තොරතුරු එන ඔත්තු ජාලයට වැරදී ඇත. ක්‍රෝධයෙන් මම කවුද කියා සොයන්නට උත්සාහ කිරීම බව මෙම ප්‍රකාශයෙන් තහවුරු වේ. පශ්චාත් යුද මානසිකත්වය සහිත පුද්ගලයන් පුනුරුත්තාපනයකින් තොරව ගතවීම සමාජ ජාතියේ අවාසනාවකි. ඔබ කල යුතු වන්නේ මා සමග මත වාදීව වාද කර ගැනීම මිස මා කවුද කියා සොයා පුද්ගලික පහර ගැසීම නොවේ. මා සඳහන් කල කරුණු වලට පිළිතුරු දීමට ඔබට නොහැකි වීමෙන් ඔබගේ පරාජය සනාථ වේ. පරාජ වූ වා නම් මා කියන කරුණු පිළිගන්න. ඔබ නිවැරදි වන්න. මහත්මයෙක් ලෙස හැසිරෙන්න. නැත්නම් ඔබට බ්ලොග් ලෝකය තුල නොන්ඩි වී පලා යාමට සිදුවනු නියතය.

      Delete
    2. ඔක්කෝම එක වගේ වෙන්නෙ නෑ නේ විචා... පෞද්ගලිකත්වයට නොයා, අල පන්නගන්නේ නැතිව, අපේ ගේම ගෙනියන්න උපරිම උත්සාහ කරමු...

      මෙත් මල් පිබිදේවා...
      සිත් තුල,
      මෙත් මල් පිබිදේවා...

      Delete
    3. දැන් මේ මාතා කියන එක හරිනෙ.මාමා කජ්ජ ගැහුවොත් ලංකාවට අබ සරනයි.ඒ නිසා මාමව සදාකාලිකවම ජනාදිපති කරල තියාගන්න කියන එකද මේ සිංහලයා කියන එකා නොකිය කියන්නේ.එතකොට ඔහොම ගිහින් මාමා කජ්ජ ගහපුවහම මේ රට ඔය කියන කුමන්ත්‍රන වලින් බේරගන්න පුලුවන් රාජපස්ස පරම්පරාවෙ කෙනෙකුට විතරද? කවුද ඊ ලඟට ඉන්නෙ.ඇමරිකන් පුරවැසියො දෙන්නද? සෙන්ට් ‍තෝමස් ගිය නාමල්ද? හොඳයි යූ.එන්.පී කාරයො රට පාවා දෙනවම කියමුකො උන්ගෙ ආන්ඩුවක් ආවොත්.ඔය සිරි ලංකා පාටියෙ නැද්ද රාජපස්ස්ලා ඇරුනහම වෙන නායකත්වයට සුදුසු කෙනෙක්. ඒ අතින් බැලුවහම යූ.එන්.පිය හොඳයිනෙ. නායකකම අතින් අත යනවනෙ. මහ කලු සිංහලයා පුලුවන්නම් උත්තර දෙන්න මාමා මල දවසට මොකද වෙන්නෙ? මහින්ද දෙවෙනි වාරයෙන් පස්සෙ පැන්සොන් ගියානම් නම්බු පිටින් මිනිස්සු දු‍ටුගැමුනු වගෙ අදහනව.ඒක එයාම කා ගත්ත.

      Delete
    4. මාතලන්ගේ අදහස පිලිගනිමි. නොන්ඩියන්ව පිළිකුලෙන් ප්‍රතිෂේප කරමි.

      Delete
    5. //ඔවුන්ගේ පස්ස පැත්ත කළුවී ඇතිබව//

      "පුක්ස් බ්ලැක්ස්" නැමති මහා භයානක ලෙඩේ...


      මොන භයානක ලෙඩේ තිබුනත් අට වෙනිදට මහින්ද මහත්තයට චන්දෙ දෙන්න අමතක කරන්න එපා විචාරක!

      Delete
    6. හීනෙන් දොඩවන්න එපා. සා රස.

      Delete
    7. හීන දකින කෙනාට හීනෙන් දොඩවන්න කියල පලක් නැහැ... ඇයි එය නිදි නේ....

      නින්දෙන් අවදි වුනාම කිව්වොත් නේද හොඳ?

      Delete
    8. @AnonymousJanuary 5, 2015 at 3:16 AM
      ///ඒ නිසා මාමව සදාකාලිකවම ජනාදිපති කරල තියාගන්න කියන එකද මේ සිංහලයා කියන එකා නොකිය කියන්නේ.//
      ප්‍රජාත්‍රන්ත්‍ර වාදය අනුව නායකයා තෝරන්නේ මිනිසුන් නේ. මාමා 100 වරක් ඉල්ලුවත් මිනිසුන් ඔහුට කැමතිනම් ඔහුව තෝරා ගනීවි. රටට වැඩක් කරන ජනයා කැමැති කෙනෙකුට පත්විය හැකි වාර ගණන වයවස්තාවක් අනුව 2 සීමා කරන එක ප්‍රජාත්‍රන්ත්‍ර වාදයට සීමා දැමීමකි. එම සීමාව ඉවත් කිරීම ප්‍රජාත්‍රන්ත්‍ර වාදය සඳහා හිතකරය.

      //ඔහොම ගිහින් මාමා කජ්ජ ගහපුවහම මේ රට ඔය කියන කුමන්ත්‍රන වලින් බේරගන්න පුලුවන් රාජපස්ස පරම්පරාවෙ කෙනෙකුට විතරද? කවුද ඊ ලඟට ඉන්නෙ.ඇමරිකන් පුරවැසියො දෙන්නද? සෙන්ට් ‍තෝමස් ගිය නාමල්ද?// එවිට අපේක්ෂකයා සන්ධානය විසින් තීරණය විසින් තීරණය කරාවි සන්ධානය නැතිවුනොත් අදාළ පක්ෂ තීරණය කරාවි. මම කැපුවත් නිල් කෙනෙක් හෝ කිසිදු පක්ෂයක කෙනෙක් නොවේ එබැවින් මාමා කජ්ජ ගැසූ විට ජානාධිපති වීමට ඉල්ලන අයගෙන් වඩා රටට හිතකර කෙනාට චන්දය දෙමි.

      //ඔය සිරි ලංකා පාටියෙ නැද්ද රාජපස්ස්ලා ඇරුනහම වෙන නායකත්වයට සුදුසු කෙනෙක්.// ඔය ඉන්නේ පළපුරුදු සෙට් එකක්.

      //ඒ අතින් බැලුවහම යූ.එන්.පිය හොඳයිනෙ. නායකකම අතින් අත යනවනෙ.// ඔය අදහස කියන්නේ අවබෝධයක් නැතිවද? මෝඩ නිසාද? යූ.එන්.පියෙ නායක කම පසුගිය වසර 20 තුල අතින් ඇත ගියා කියන්නේ හීනෙන්ද? 1994 සිට මේ දක්වා යූ.එන්.පියෙ එකම නායකයා රනිල් ගොයියා ය.

      සිදුවුයේ පසුගිය වතාවේ සහ මේ වතාවේ යූ.එන්.පි ය මහින් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර වෙන කෙනෙකුට සහය දැක්වීමයි. යූ.එන්.පි අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවන්නේ මහින්ද තරම් නායකත්ව ලක්ෂණ සහිත කෙනෙක් පක්ෂය සතු නොවන බැවිනි. ඉල්ලුවොත් පරාජය ෂුවර් බැවිනි. එබෙවින් මහජනයාට සිරිසේන පෙන්වා එමගින් චන්ද මංකොල්ල කා ඔහු පත්කර රාජ්‍ය නායකත්වය උපක්‍රමශීලීව යූ.එන්.පියට ලබා ගැනීමට ගසන ලද ගුන්ඩුවකි මේ. තොපිට ලජ්ජා නැද්ද?


      Delete
    9. @විචාරක
      ඔබගේ cfl පොස්ට් එකට මම දැමු කමෙන්ට් ඉවත් කිරීම මගින් ඔබගේ අන් මත නොඉවසීමේ ගුණය මනාව ප්‍රකට වේ. හූ හූ ඔබ පරාදයි

      Delete
  11. තව ටික දවසයිනේ ඔය ආතල් ගන්නේ.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද මේක අපි බහ තෝරන කාළේ ඉඳන් මේ ජබ්බුද්දීපේ තියෙන පට්ටම ආතල් එකක්..

      Delete
  12. පට්ට.
    දැං අපිටත් ජාත්‍යන්තර බ්ලොග් කාරයො වෙන්න පුළුවන්. මම ආරාධනා කරනව මාතලන් අැතුළු කෝට්ටේ රාජධානියේ බ්ලොග්කරුවන්ට රුහුණට එන්න සංචාරෙ කොරන්න. හිටපංකො මේක බෙදල ඉවර වෙනකල්......

    ReplyDelete
    Replies
    1. උඹ ඉන්න නිසා වීසා ඇපෲවල් වලට වැඩි දවසක් යන එකක් නෑ.. එතකොට මට පේනවා, ඔස්ට්‍රේලියාව යන බෝට්ටු හම්බන්තොට පැත්තේ වෙරළ අයිනේ නවත්තලා සංක්‍රමනිකයින්ද මක්කුන්ද බානවා..

      Delete
    2. එළ,වීසා ඔෆිසර් කෙනෙක් වත් වෙන්න බැරුවයැ බං.රටවල් කීයක්ද මං අහන්නෙ.මරු මරු .

      Delete
    3. රාජ්, මේ මටත් පොඩි කෑල්ලක් හරි බීච් එකක් අයිනෙන් ඉතුරු කරන්න. ඕනෙනම් අවුරුද්දකට දවස් හතලිහකට විතර උනත් කමක් නෑ.
      වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපි.

      Delete
    4. බුරුබබා,
      බීච් එක අයිනෙ කෑලි නං ඉතිං නඩු කියලයි ගන්න වෙන්නෙ. මොකෝ බීච් වලට පුදුමාකාර කෑදර කස්ටියක් ඉන්නව.

      Delete
    5. මාර වැඩේනේ රාජ්, M, H & B,
      බටහිර - කුමණ්ත්‍රන, උතුරේ - දෙමල , නැගෙනහිර - මුස්ලිම්... දකුණේත් ශුවර් නෑ ටිකක් ඈතින් වුනත් ඇන්ටාක්ටිකාවෙ පෙන්ගුයින්ල අපේ සෞබාග්යය හා ස්වරීබව ගැන ජෙලස් වෙන්න පුලුවන්. දුටුගැමුණු කෙනෙක් නැතුව බෑ. යෝදයොත් 106 ක්ද කොහෙද ඕන වෙනව. 225ම වුනත් වැඩි නෑ

      ඉස්සර පොලව වටා ඉර සහ ඔක්කොම කැරකෙනවා (geocentrism) කියල විස්වාස කලා. ගැලීලියෝ ගැලීලි එහෙම නැහැයි කියල හිරෙත් ගියා.
      අපේ රටේ ඉලෙක්ශන් කාලෙට SriLanka-centrism ලෙඩේ හැදෙනව. එහෙම නැහැයි කිව්වොත් එක්කො මෝඩයො කියල බනිනව එකෙම නැත්නම් කුමණ්ත්‍රනකාරයො

      Delete
    6. මට හිතෙන්නේ මේ බොහෝ අය දේශපාලනය ඊගෝ එකක් කරගෙන.
      එහෙම ඕවර් එස්ටිමේට් කරගත්තම වෙන ප්‍රතිඵලය අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. මේ තත්ත්වය බොහෝ අවාසනාවන්තයි. රටක නායකයෙක් වගේ දෙයක් තෝරගන්නේ ඔවුන් රට යහපත් කරයි කියන ස්ථාවරයෙන් මිසක අම්මා අප්පා නිල් කොල පාට හින්දා නෙමෙයි කියන එක බහුතරයක් අය තේරුම් අරන් නෑ.

      Delete
    7. ප්‍රා ජේ :D

      ඇත්ත කියන්න .. ඔයා අධිරාජ්‍ය කුමන්ත්‍රණයක හවුල් කරුවෙක් නේද .. හා එහෙම නෙමෙයිනං පපුවට ගහගෙන පෙන්නන්න :D

      Delete
  13. මොහාන් සරමෙනායක ගැන කළකිරුණ අවජාතකේ සභාපති උනාට පස්සෙ. දයාන් ජයතිලක ගැන මේ ළඟක් වෙනකල් ලොකු පැහැදීමක් තිබුනා. ඒත් එයත් ඒකට කෙලියා.

    මට තියෙන ප්‍රශ්නෙ, බැරිවෙලාවත් මහින්ද මළොත් මේ රටට ජනපති කෙනෙක් නැතිවෙනවා. මේ රට අජිරාජ්ජවාජී කුමන්තන කරුවොයි, දෙමල ඩයස් පොරයි අල්ලගන්නවා. ඇයි ඉතින් මේ කියන විදියට මේ රටට මහින්ද හැර වෙන කිසිම එකෙක් ජනපතිට හරියන්නෙ නෑනේ. ඒ නිසාමනේ දෙකෙන් බැහැල යන්නෙ නැතුව තුනටත් ඉල්ලුවේ. අඩුම තරමෙ වෙන හොඳ එකෙක් උන්ගෙම සිරිලංකා නිදහස් පස්සෙවත් නෑනොවෑ. අනේ අම්මප මෙහෙව් රටක්. මෙහෙවු ජහමනයා.

    ReplyDelete
    Replies
    1. නොමැරී සිරින බෙහෙත් ඉක්මනට හොයා ගත්තෙ නැත්නම් මළ විනාශයක් වෙන්නේ..

      Delete
    2. මමත් කල්පනා කෙරුවේ මේ මහින්දය , සාමාන්‍ය ජනයා අතරටත් යනවා , ළමයි මාමේ මාමේ , කියනවා , බැරි වෙලා හරි මරාගෙන මැරෙන බෝම්බයක් පත්තු උනුත් රට බෙදෙනවා නියතයි . අනික මෙච්චර කොටි, ඩයස්පෝර වගේ උන් දන්නේ නැද්ද , මේ මහින්දව නැති කලානම් , වැඩේ ගොඩ කියලා ,

      Delete
  14. ලිපියට කමෙන්ට් එකක් දාන්න කලින් කැමතියි දැනගන්න මාතලන් කාටද ඡන්දය දෙන්නේ කියලා. මේක තනිකරම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තමන් කාටද ඡන්දේ දෙන්නේ කියලා නොකියා ඉන්න එක, ඒත් දැන් රටේ වෙන දේවල් වල හැටියට මේක වෙන කෙනෙක් දැන ගත්තා කියලා ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ. මාතලන් ඉන්නේ මහින්දගේ පිලේද, මෛත්‍රිෙග් පිලේද නැතිනම් රටට අනිවාර්්‍යෙයවන්ම වෙනසක් අවශ්‍යයයි කියන පිලේද? රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රටට ගැලපෙනවා කියන බොහොම ධනාත්මක පිලේද? නැත්නම් තවමත් සංවෘත ආර්ථිකයක් විශ්වාස කරන පිලේද? මොකද මාතලන්ගේ පෝස්ට් වල මේ හැම දේම ටික ටික තියෙනවා. ඒ වගේම තමා කාගේ පිලේ හිටියත් මේ ලිපියනම් එකඟ විය නොහැකි තැන් කීපයක් ඇරුනාම අගේ කල යුතු තැනක තියෙනවා කියන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. කැස්... මේ කමෙන්ට් එක මට සම්මානයකට වඩා වටිනවා. උඹලා වගේ උන්ට මම ලියන දේ ඒ විදියට පේනවා නම්, මම කරන දේ සාර්ථකයි. මම ලියන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මම කාටවත් ඡන්දේ දෙන්න කියලාවත්, කාටවත් ඡන්දේ දෙන්න එපා කියන්නෙවත් නෑ. නමුත් වටිනා ඡන්ද අයිතිය පවිච්චි කරන්න කියන එක නම් අන්තිම දවසේ කියනවා. මම පාවෙන චන්දයක්. කිසිම අවස්ථාවක මගේ චන්දයට වටිනාකමක් නොලැබිලා නෑ. ඒ වගේම මේ සැරෙත් මගේ චන්දයට වටිනාකමක් ලැබෙයි කියලා මම හිතනවා. ඒක මිනිස්සුන්ගේ පෞද්ගලික අයිතියක්. එහෙම ඡන්දය දෙන එක ප්‍රසිද්ධියේ කරනවා නම්, ගෝනි පඩංගුවක් අස්සේ රිංගලා හොරෙන් චන්දේ දෙන්න ඕන නෑ නේ. දිවයින් පුරා සමීක්ෂණයක් තියලා. සමීක්ෂණේ ප්‍රතිඵල නිකුත් කරනවා.

      මම හිතනවා මේ සැරෙත් මගේ චන්දයට වටිනාකමක් ලැබෙයි කියලා.. එකඟ නොවන තැන් කීපය කිව්වා නම්, බොහෝම වටිනවා..

      Delete
    2. උඹ ඔය හැමදාම කියන වටිනාකම මොකක්ද කියල කියන්න පුළුවන්ද?
      මට හිතෙන හැටියට උඹ කියන්නෙ "උඹ ඡන්දය දීපු කෙනා දිනුවොත් අන්න ඒකයි වටිනාකම" කියල උඹ හිතනව කියල. පුළුවන් නං පොඩි පැහැදිලි කිරීමක් කරපං, ඡන්දෙ දෙන්කෙ කාටද කියන එක නෙවේ මම අහන්නෙ.

      Delete
    3. උදාහරණයක් :- 2010 තරඟේ තිබුනේ මහින්ද මහත්තයයි ජෙනරාල් එක්කයි. ජෙනරාල්ට තමයි රැල්ල තිබුනේ.. ඒත් මම චන්දේ දුන්නේ මහින්ද මහත්තයට. හේතුව - ඒ වෙලාවේ ජෙනරාල් ආව නම් ලබා ගත් යුධ ජයග්‍රහණයෙන් වැඩක් වෙන්නෙ නෑ. අනික ජනරාල් සොල්දදුවෙක්, මහින්ද දේශපාළකයෙක්. ඉතින් මම ඡන්දේ දුන්නේ මහින්දට. මහින්ද දිණුම්. ඒත් අපො මහින්දගෙන් බලාපොරොත්තු උන සියල්ලම ඉටු උනේ නෑ. ඒත් දුෂණ හොරකම් මැද්දේ හරි මහින්ද මේ රට යම් තැනකට ගෙනල්ලා තියෙනවා. ඒක් කොහොමත් යුද්දෙට වඩා හොඳයි. අනික යම් ත්‍රමින් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන නිසා නේ අපි උනත් මහින්ද මහත්තයා විවේචනය කරන්නේ. ඉතින් මේ ඡන්දයෙනුත් වටිනාකමක් එකතු කර ගන්න තමයි කැමති.

      පැහැදිලිද මන්දා....?

      Delete
  15. Mahinda Rajapaksha nawatha pathwunoth,Mahanuwarai, Anuradapurayeii Warayawal hadanawalu,

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හොඳම එක තමයි, යාපනයට ගඟක් ගෙනියනවා කියන එක.. එයා නොකලෙත් ඒකමයි..

      Delete
  16. @ ම .ක .සි ඔබ anno @ 5 Jan 2.02am ට පිළිතුරු දෙනවාද ? මම හිතාගෙන හිටියේ මේ ම ක සී කියන්නේ යමක් තේරෙන පුද්ගලයෙක් කියා , ඔහු දන්නේ මේ කොහෙවත් නැති මවාගත්තු , ජාතියන්තර කුමන්ත්‍රණ, රට බෙදා දීම වැනි මවාගත්තු දේවල් ගැන තර්ක කරන්න විතරයි . කිසිම දැනුමක් නැහැ , ඊයේ පෙරේදා ඔහුගේ ලිපියක තිබුනා , ජාත්යන්තර කුමන්ත්‍රණ අප රටට බලපාන හේතු කියලා ,
    අංක 2, වගේ කියනවා , එම රටවල් වලට අපේ රටින් සරණාගතයින් එන එක ඔවුන්ට ප්‍රශ්නයක්ලු ,
    ඊළඟ එක අංක 3. කියනවා අවි ආවුද අපේ රටට විකිණීම ඔවුන්ග්ගේ අරමුනලු
    ආවුද විකිනෙන්නේ යුද්දයක් තිබෙනකොට , යුද්දය ඇති උනාම තමා සරණාගතයෝ එන්නේ ඉතින් බටහිර රටවල් වලට ආවුදත් විකුනාල සරණාගතයින් එන එකත් අඩු කර ගන්න හැකි වේවිද ?

    ReplyDelete
    Replies
    1. මම අහම්බෙන් මේ කමෙන්ට් එක මේ කමෙන්ට් එක දැක්කේ. මේ මනුස්සයෝ අනුන්ගේ දැනුම් තේරුම් මනින්න කලින් ආදාළ තැන අදාළ කමෙන්ට් එක දාන්න. බලන්න ඔබ Jan 2.02am ට පිළිතුරු දෙනවාද ? කියලා ප්‍රශ්නය යොමුකරලා තියෙන්නේ රූට් කමෙන්ට් එකක් ලෙස කමෙන්ට් කරනවා නම් ආදාළ කමෙන්ට් හයිරාකි එක තුල කමෙන්ට් කරන්න නැත්නම් මේවට පිළිතුරු බොහෝ විට එන්නේ නැහැ

      මම ඒ ක්කමෙන්ට් එකට පිළිතුරු දීලා තියෙන්න දැන් තමුසෙට පුළුවන් නම් මගේ තර්ක බිඳින්න.

      මගේ බ්ලොග් එකේ කල් ප්‍රකාශ පිලිම්බන්දව එතනදී තර්ක දාන්න. මෙතන ඒකට ගැලපෙන තැන නොවේ.ඔබ කියන 2-3 පරස්පර කියන මෝඩ තර්කය මගේ බ්ලොග් එකේදී කවුද අහලා තිබුනා එයට පිළිතුර එහිම තියෙනවා ගිහින් බලන්න.මෙන්න ලින්ක් එක මේක ක්ලික් කරලා බලන්න

      Delete
  17. ඒකාලෙ ශ්‍රීමත් මදන මෝදකය කාලම අපෙත් අල්ලේ රෙඛා නෑ බං තාම.

    මම කියන්නෙ අපි මහින්දට කළගුණ සළකන්න ඕන. මේ එකට ලැබෙන හොඳ වෙලාව. එතුම ගැන අපි මේ වෙලාවෙ බලාගත්තෙ නැත්තන් ආයි අවස්ථාවක් නැතිවෙලා යන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවා... එහෙම උනොත් බිහිවන්නේ රාජන්ඩුවක්.. ආයේ නෝ ඉලැක්සොන්...

      Delete
  18. මාතේ, මට හිතෙනවා පහුගිය දවස් කීපයේදී මහින්ද පිලේ ප්‍රතිප්‍රහාර නිසා (මිස්ටර් ප්‍රභාකරන්, චම්පිකගෙ කේපී ෆොටෝ, රාජිතගෙ ඊ මේල් සිද්ධිය ) නිසා මයිත්‍රී පිලේ මානසික බිද වැටීමක් තිබෙන බව. මොකද ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒවා ඔක්කෝම බයිලා කියලා මිනිස්සු දන්නවා.. මහින්ද මහත්තයා ගාව ඉන්නේ මොක්කුද..? මිනිස්සු බලන්නේ ඒවා.. ඒත් අපිට කියන්න බෑ මිනිස්සුන්ගේ තීරණය. අපි බලමු නම වෙනිදා...

      Delete
  19. මාතෙට එහෙම දෙයක් දැනුනෙ නැතිද කියල දැනගන්න මට ඕන උනේ

    ReplyDelete
  20. මට නම් පුදුම වෙන මොකවත් නෙමෙයි. මෙච්චරම හිතන්න බැරි තරුණ පරපුරක් බිහි වුනේ කොහොමද කියලා. දැන් බලාගෙන ගියාම මේ හැටේ හැත්තෑවේ ලොක්කෝ සෑහෙන හොඳයිනේ.

    ReplyDelete
    Replies
    1. නැහ්! එහෙම දෙයක් නෑ. දෙතුන් දෙනෙක් නං කෑගහනව.

      Delete
    2. එහෙම නෑ අක්කා. ඔය කෑ ගහන්නෙ දෙතුන් දෙනයි. ඒත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන වලට.

      Delete
    3. මේ රටේ අති බහුතරය මට්ට මෝඩයෝ.. උන් ෆිල්ම් එකක උනත් ස්ටන්ට් දන්නේ නෑ. මියුසිකල් ෂෝ වල රෙකෝඩින් වලට කට හොලවන සීන් දන්නේ නෑ. රටේ ඉතිහාසය දන්නේ නෑ. ළෝකය ගැන කොහොමවත් දන්නේ නෑ. කොටින්ම පිට රට ගියත්. උන් ආගම් වලින් ශ්‍රද්ධාවන්තයෝ කරලා තියෙන්නේ. ඉතින් උන් කාව හරි අදහන්න පටන් ගත්තාම. ඌ කියන්නේ ඇත්තද බොරුද කියලා ප්‍රශ්ණ කරන්නේ නෑ. නැව් බොරු, රස බොජුන් වගේ ගිලිනවා. එහෙම මෝඩ ජනතාවක් තමයි මේ බොරු පිළිගන්නේ.

      Delete
    4. @ M,
      හොඳම විග්‍රහයක්.

      Delete
    5. maathe hariya. kohe giyath baiyo baiyomaya.

      Delete
    6. බොහොම ස්තූතියි අනධ බින්දුවේ එකයි දෙන්නයි ඉන්නේ කියලා මගේ මානසිකත්වය යථා තත්වයට ගෙනාවට. ඇත්තෙන්ම මම බය වුනා.

      මාතලන්, උඹගේ කතාව සහමුලින්ම පිළිගන්නවා.

      Delete
  21. කතා කරලා වැඩක් නැත. මේ දවස්වල ඒකාධිපති පාලනය දරාගන්න බැරුව පුපුරා ගිය රටවල් ගැන උදාහරණ එක්ක එකසිය ගානට මහින්දම ඇඩ් දානවාය. දන්න යක්ෂයා කියකිය පපුවට තඩි බා ගන්නවාය. "ඕනෙ දෙයක් යුද්දෙ දින්නනෙ."කිය කියා පුනරුච්චාරණය කරන ඇඩ් එකකුත් දානවාය. මේ නාන විදියෙන් නම් ඉන්තේරුවෙන්ම මහ තැනට පිස්සු ය. ඇයි හත්දෙයියනේ එතුමාට කෙලවුනොත් අපේ රට අරාජික වෙනවාය. දැන් මොනවා කරන්නදැයි මටනම් හිතාගන්නවත් බැරිය.

    ReplyDelete
    Replies
    1. නොමියෙන බෙහත හදා පත අට එකට සිඳුවා බලහත්කාරයෙන් හෝ පෙවිය යුතුය. නැතිනම් මේ රටට අබ සරණය....

      Delete
    2. මම නම් හිතන්නේ ඔහු දැනටම එම බෙහෙත පානය කර ඇත යන්නය. නාමල් කොලුවාටත් අබ සරණය.

      Delete
  22. මේ සැරේ මහින්ද මාමගේ කැම්පේන් එක කරන්නේ මයිත්‍රී අංකල්ගේ කවුරුහරි වෙනද ඕනෑය.

    ReplyDelete
  23. සදාම් හුසේන් මැරුනහම ඊශ්‍රායල් කාරයොත් ඇඩුව කියන කථාව නම් බොරුවක්... මැදපෙරදිග හිටපු කාලකන්නිම ඒකාධිපතියෙක් තමා මිනිහා.. මෙයත් එක්ක බලද්දි රාජපක්ෂල පූස් පැටවු...

    ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය ලබල දුන්නට පස්සේ ඉරාකෙ උන් සුන්නි/ශියා විදිහට දෙපැත්ත බෙදිල ගහගන්න ගිය නිසා තමයි දැන් ඉරාකෙ නැත්තතම නැතිවෙලා ගියේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න