.

.

Sep 7, 2015

මහා නා යකුනේ... රකින්නේ මෙහෙමදෝ සාසනේ - Child abuse in the name of religion



- නිමිත්ත - 

කිරි දරුවකුගේ හැඩිම තරම් අමිහිරි නාදයක් මාතලන්ගේ සවනට තවත් නැත.. මේ කිරි දරුවාගේ හැඬිම දරාගත නොහැකිව අතිශය වේදනාවෙන් සහ ආවේගයෙන් ලියමි...



අනේ බුදු හාමුදුරුවනේ !
සතර වරම් දෙවි වරුනේ !
මහා නා යකුනේ,
රකින්නේ මෙහෙමදෝ 
සාසනේ...!!!

රෝස නෝනාවරුනේ,
අධිකාරියේ හරකුනේ,
කාර්යන්සේ ගොනුනේ,
නැතිදෝ පෙනෙන්නේ...???

වේස ගෑණුන්නේ,
බැරිනම් හදන්නේ,
කුමකට වදන්නේ,
නිවන් නොව තොපෙ
හතර වරිගෙට,
හෙනයි එන්නේ...!!!

ගෙනියන්න සාසනේ !
පැහැරගෙන යන්නේ,
දරුවන් බලෙන් ගන්නේ,
නීතිය තියෙන්නේ,
කොහිදැයි කියන්නේ...???

රකින්නට සාසනේ..!
කසාදය බැඳ ගන්නේ,
පන්සලේ හැමිනෙන්නේ
දුසිමක් වදන්නේ.!
අනේ අපහට,
දුක් නොදෙන්නේ....!!!



මේ දරුවා නැවත මව බාර දීපියව්.....!!!

ආගමේ මුවාවෙන් කෙරෙනා ළමා අපචාර වහා නවතවපියව්....!!!

බුද්ධාගමට නිගා නොකරපියව්....!!!!

කිරි දරුවන් පැවිදි නොකරපියව්....!!!

තම කැමැත්ත නොමැතිව කිසිවකු මහණ නොකරපියව්...!!!

178 comments:

  1. මා හිතන්නේ සාසනය ගැන මෙලෝ දැනුමක් නැති මෙවැනි කුඩා දරුවන් පැවිදි කලයුතු නැති බවයි

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවොත් රාහුල එක්කගෙන ගිහින් සුද්දෝධනගෙන් ඉල්ලගෙන කෑවා...

      Delete
    2. මාතලන්,

      ඉතා ගැබුරු දහමක් වන බුදු දහම ගැන සිල්ලරට අපට ඇති පෘතග්ජන මනසින් බුදුරජාණන් වනාන්සේ පිළිබද නිගමන වලට පැමිණිය යුතු නෑ.

      Delete
    3. වරක් ටැබූත් මේ ගැන ලියලා තිබුනා.. සෝපාක සහ රාහුල කියන විශේෂ තත්ව දෙක හැරුණාම බුදු හාමුදුරුවෝ කුඩා දරුවන් පැවිදි කිරිමට පෙළඹිලා නැතිබව...

      Delete
    4. @ lankikasithuwili September 7, 2015 at 5:46 AM

      ක්වොන්ටම්වාදයත් ඉතා ගැඹුරු දහමක්. ඒක නිසා ක්වොන්ටම්වාදය සිල්ලරට ගන්න එපා, හරිය?

      Delete
    5. මොකද්ද බං ගැබුරු දහමක් කියන්නෙ? කවුරු හරි මළාම ඇවිල්ලා පිනට කාලා යන දහමක්නෙ ඕක...

      Delete
    6. @ AnonymousSeptember 7, 2015 at 8:24 AM

      ගැඹුරු කියන වචනේ හරියට ලියාගන්න බැරි තෝ කොහොමද බුද්ධාගම ගැන දන්නේ. තෝ උපන් මැට්ටෙක්

      Delete
    7. මහාචාර්ය මාතර සුනිල්,
      රනිල්ගෙන් කාල වල කක්කුස්සියේ රෙන මූට හොද නරක කියල වැඩක් නැහැ. පුලුවන්නම් මුස්ලිම් ආගමටත් මෙහෙම් එකක් ලියල පෙන්නපන් බය ගුල්ල.

      Delete
  2. Aniva mekata action 1k ganna ona. Sasane vinasa venne mehema Podi kale mahana Marana.
    Ranil kiuva dharma sangayanava thiyala sasane pirisidu karanna kale hari

    ReplyDelete
    Replies
    1. මේ දරුවට ඉන්පස්සේ කරන දේවල් දන්නවා නම්...

      Delete
    2. //මේ දරුවට ඉන්පස්සේ කරන දේවල් දන්නවා නම්...//

      මහා වේදනාවක් දැනෙන්නෙ. ඇඟහිරිවැටිල යනවා.මහා කාලකණ්ණි රටක්.

      Delete
  3. නමුත් දරුවො පාසල් ‍යන පොඩි කාලෙත් මෙහෙම අඩනව.එතකොට ඒක? උඩ තියෙන එක සාදාරනීය කරන්න නෙවෙයි අහන්නෙ.😊

    ReplyDelete
    Replies
    1. මොන්ටිසෝරිය ඇරුනාම දරුවට අම්මා ආයේ හම්බ වෙනවා.. මේක එහෙමද...?

      Delete
    2. බුදුරජාණන් වහන්සේ කුඩා දරුවන් පැවිදි කිරීමට අවසර දෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ අනාතව කිසිදු හවුහරණක් නොමැතිව සිටින දරුවකු සදහා පැවිදි කිරීමට අවසර ඉල්ලු විටයි.
      අද සාසනයේ ඉතා නුවණැති ධර්ම විනය පිළිබද දැනුම සහිත ස්වාමින් වහන්සේලා සොයාගැනීම ඉතා දුෂ්කරයි මෙවැනි කලක මේ කුඩා දරුවන් පැවිදි කිරීම නිසා සිදුවන්නේ මෙම දරුවන් අපහරණයට ලක් වීමයි.

      මේ පිළිබද විනය නීති පැනවෙන්නේ බුදුරජානන් වහන්සේ සිටි කාලයේදීමයි, උදාහරණ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් සමග මෙවැනි සාමනේර ස්වාමීන් වහන්සේ නමකට එකම කුටියේ දිගටම සිටීම වලක්වා විනය නීතියක් පනවා තිබේ.


      මෙවැනි සාමනේරයන් වහන්සෙලට සුදුසු වැඩපිළිවලක් නොමැතිනම් සිදු කල යුත්තේ මෙවනි වයසේදී පැවිදි නොකිරීමයි.

      Delete
  4. දුරැවන් කීප දෙනෙක් ඇති දුෂ්කර ආර්ථික පසුබිමක් ඇති සමහර පවුල් වල දෙමාපියන් තම දුෂ්කරතාවයන් මග හරවා ගනු සදහා තම දරැවන් සසුන් ගත කරනු දක්නට ලැබෙ.පිරිමි දරැවන් හතර දෙනෙකු සිටින එක් පවුලක පියා ඉන් තුන් දෙනෙක්ම විවිධ විහාරස්ථාන වල පැවිදි කර සිටි.ඔහු දිනක් මා සමග පැවසූයේ දැන් කරදර ටිකක් අඩුයි අනිත් කොල්ලත් හොද තැනක් බලලා මහණ කරන්න ඔන යනුවෙනි.හොද තැනක් යනුවෙන් ඔහු අදහස් කලේ හොදින් ලබාගත හැකි තැනකි.අවසන් දරැවා විහාරස්ථානයක නවත්වන විට ඔහුට වසර හයක් හතක් පමන විය.මෙ මා හොදින්ම දන්නා එක් අවස්ථාවක් පමනි.තව එවැනි පවුල් කීපයක්ම මම දන්නෙමි.ඔවුන් දරැවන් පැවිදි කරන්නට සොයනුයේ තම ආර්ථිකය ශක්තිමත් කර ගත හැකි ස්ථාන පමනි.මා ඉතා හොදින් හදුනන බඅවුරැදු විසි පහක පමන හිමි නමක් වෙයි.උන්වහන්සේ කුඩා කල පැවැදි කර ඇත්තේද දුෂ්කරතා වලින් මිදිමටය.නමුත් උන්වහන්සේ සසුන ප්‍රිය කලාක් මෙන්ම අදහස දිගිටම සාසනික කටයුතු කරගෙන සසුනෙහිම රැදි සිටිමය.එහෙත් පියා පවසන්නේ ඉක්මනින් රැකියාවක් සොයාගෙන නිවසට එන ලෙසය.එම පියා වරක් මා සමග පැවසූයේ මාසේකට හොද පඩියක් ගන්න රස්සාවක් හොයාගෙන ගෙදර එන්න කියන්න ඔන කියාය.විහාරාධිපති හිමිවරැන්ද කොහෙන් හෝ කවරෙකු හෝ පැවැදි කර ඔලු ගෙඩි ගනන වැඩි පුර පෙන්වා යමක් ලබා ගැනීමට උත්සහ දරනු විනා කිසිදු සාසනික හැගිමක් නොමැති අතර තමන් පැවිදි කරනු ලබන දරැවාගේ අනාගතය පිළිබදව හිතන බවක් නොපෙනේ.

    ReplyDelete
    Replies
    1. ////පිරිමි දරැවන් හතර දෙනෙකු සිටින එක් පවුලක පියා ඉන් තුන් දෙනෙක්ම විවිධ විහාරස්ථාන වල පැවිදි කර සිටි.ඔහු දිනක් මා සමග පැවසූයේ දැන් කරදර ටිකක් අඩුයි අනිත් කොල්ලත් හොද තැනක් බලලා මහණ කරන්න ඔන යනුවෙනි.හොද තැනක් යනුවෙන් ඔහු අදහස් කලේ හොදින් ලබාගත හැකි තැනකි.///////// අන්න එහෙම පාෂාචයින්ට තමයි අපි ඊට පස්සේ ගිහින් චීවරේ නාමයෙන් කියල පෙරලි පෙරලි වඳින්න ඕනි නේද? හැක හැක හැක..

      Delete
    2. ආගම කියන්නෙම බිස්නස් එකක් උන කල, තව කුමන කතාද...?

      Delete
    3. ඔය සිවුරු පොරවාගෙන ඉන්න උන් කරන මගෝඩි වැඩි හරියක් (අරක්කු බොන හැටි, ගංහා සිගරැට් ගහන හැටි, බඩු ගහන හැටි, ඉඩ කඩම් වලට මරා ගන්න හැටි) මම මුලින්ම දැන ගත්තෙ මාරයා ලියපු පන්සලේ කතාව කියවලා. ඒ කාලෙ නම් සමහර දේවල් විශ්වාස කලේ නැහැ. දැන් නම් හිතෙනවා ඇත්ත කියලා...

      Delete
    4. දුරැවන් දරැවන් මොක්කුද බන්? හොදින් ගංහා ඒ මොනවද?

      Delete
    5. ano අඩු කෑලි හදාගෙන කියවපං බං,ටයිප් කරනකොට එහෙම වෙනවා.කෑලි හොයන්නැතිව අදහස මොකක්ද කියලා බලපං

      Delete
  5. හදන්න බැරි නම් මොන මගුලටද වදන්නෙ කියල තමයි අහන්න වෙන්නෙ. අපෙ ගමේ පන්සලෙත් කැකිරාවෙ පවුලක ළමයි දෙන්නෙක් මහණ කරලා ඉන්නවා. තව ඒ පවුලෙ පොඩි උන් දෙන්නයි. උන් දෙන්නත් බලාගන්න බෑ කියලා මහණ කරන්න ඕනෙලු.කන්න දෙන්න සල්ලි නෑලු. මහ උන් දෙන්න තාම හම්බුනේ නෑ මට ඕක අහන්න. ගමේ මිනිස්සු ටික ආදරෙන් බලාගන්න නිසා හොඳයි. ලොකු හාමුදුරුවො ඇත්තටම ගුණ හයපත්. උන්නාසෙගෙ වැටුපෙන් වැඩි හරියක් පන්සලේ ඉන්න පොඩි හතරදෙනාට සෙල්ලම්බඩු, තොරොම්බල්, පොත් පත්, මෝටර්, බල්බ් වගේ දේවල් වලට වියදම් වෙනවා. ගෙදරක හිටියනම් සෙල්ලම් කරන පොඩි උන්නෙ කියලා කිසිම දේකින් අඩුවක් කරන්නෙ නෑ. කලාතුරකින් තැනක හරි ගුණ දහම් තියෙන හාමුදුරුවරු ඉතුරු වෙලා ඉන්න නිසා ඒ වගේ තැනක පොඩි උන්ට ටිකක් හරි සැනසීමක් තියෙනවා. ඒත් වැඩි හරියක් තැන් වල?

    ReplyDelete
    Replies
    1. ළොකු හාන්දුරුවරු පොඩි හාන්දුරුවරු එක්ක වෙන සෙල්ලම් දාන එකයි නරක...

      Delete
    2. මාතලන්, ඕක අනිවා හැම පන්සලකම වෙන එකක්ද එකක් නෑර ?

      Delete
  6. හාමුදුරුවරුන්ට කසාද බඳින්ඩ දීලා අර කියුවත් වගේ පන්සලේම දහයක් පාලොහක් හදා ගත්තනම් ඔය ප්‍රශ්න නැති වෙනවා.. මට කෙන්තිම ඔය පොඩි එකාගේ අම්මල අප්පල කියන පඳුරු වේස හැත්තත් එක්ක.. මේකට හිතේ හැටියට කොමෙන්ට් කරන්නනම් මෙතන කුණුහබ්බ වපුරන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. දෙකක් තුනක් ඇදලා ඇරහන් බං... බොග් අවකාශේ කියන්නේ නිකන්යෑ....

      Delete
    2. මමත් බෞද්ධ ස්වාමීන්වහන්සේලාට විවාහ වීමට අවසර ලැබිය යුතුය කියන මතයේ සිටින කෙනෙක්. 17-18 වන ශත වර්ෂවල ලංකාවේ එහෙම ස්වාමීන්වහන්සේලා හිටියනෙ.... ඉතින් අලුත් දෙයකුත් නෙමෙයිනෙ ඒක.

      Delete
    3. //හාමුදුරුවරුන්ට කසාද බඳින්ඩ දීලා// අඩුගානේ විශ්වාසවන්ත එක් සහකරුවෙකුටවත් සීමා වෙයිද එතකොටවත්?

      Delete
    4. අනේ කමියෝ ඕවා කියවලා මෙතන ඊළගට රෙදි උස්සන් එන සෙට් එකට උත්තර දෙන්න වෙයි ඈ.. මේක බවුද්ධ රටක් අම්මා මුත්තා කාලේ අහපු කතාද හාමුදුරුවෝ කසාද බඳිනවා කියන එක...

      Delete
    5. මේ යන විදිහට කොහොමත් 'කාසාය කණ්ඨක' බිහිවන කාලය එච්චර දුර නෑ වගේ..

      Delete
    6. @ ඔමාගේ හීන- Apurvi September 7, 2015 at 9:08 AM

      අම්මා මුත්තා කාලේ නෙවෙයි, මීට අවුරුදු 250-300 කට විතර ඉස්සර මේ බෞද්ධ රටේ කසාද බැඳපු හාමුදුරුවරු හිටියා, විශේෂයෙන් ම උඩරට පළාත්වල. ඒ අයට කිව්වේ ගණින්නාන්සේලා කියලා.

      Delete
  7. මෙවගේ ළමයින්ට ගෙවල් වලදී, පාසැල් වලදී අතරමගදී වන අනිකුත් කරදර ඔක්කොම පුළුවන් තරම් අඩු කරගන්න දැඩි නීති ගේන්න සෝභිත හාමුදුරුවො වගේ කෙනෙක් පෙරමුණ ගත්තොත් හොඳක් වෙයි. ආර්ථිකය වගේ දේවල් ආණ්ඩුව කරද්දි මේ වගේ දේවල් වලට පුරවැසියන්, මාධ්‍ය එකතුවෙලා ඔනෙ කරණ නීති මොනවද කියල පෙන්නල අදාල අමාත්‍යාංශය සහ නීති පති දෙපාර්තමේන්තුව තල්ලු කරොත් හොඳයි. ඒ අංශවල සම්භන්ධකම් තියෙන අය ඉන්නවනම් මොනව හරි කරමු.

    ReplyDelete
    Replies
    1. සම්බන්ධකම් තියෙන උන් මක්කටද බං... ළමා අධිකාරියි, ළමා කාර්යංශයි, අමාත්‍යංශයි පොලීසියි ඇන් ජී ඕයි කී දාහක් ඒවා තියෙනවද බං... උන් ඔක්කෝම සිවුරට බයයි... කාළකන්නි...

      Delete
    2. එහෙම කියල නැවතුනොත් මේ ප්‍රශ්ණෙත් එහෙමම අතීතයට යයි. අර දිවිනහගත්ත පාසැල් දැරිය වගේ උණු උණු කාළේ අපි කථා උනාට ටික කාළෙකින් යට යයි. පඩියට රජයේ සේවය කරන අය තල්ලු කරන්න අපිට එකතුවෙලා හරි පිළිගත් නායකත්වයක් යටතේ යමක් කරන්න පුළුවන්ද කියල හිතමු බං.

      Delete
    3. අපිට කරන්න පුළුවන් දේ තමයි මේ කරන්නේ ඉයන්.. ඒ වගේම අපි යම් දෙයකුත් කලා කියන සතුටකුත් තියෙනවා...

      Delete
    4. සෝබිත හාමුදුරුවෝ කරයි ලබ්බක්.

      Delete
    5. සෝභිත හොඳයි රොටි පුච්චන්න...

      Delete
    6. සෝබිතයටත් ඉන්නවා ගෑනු දෙන්නෙක්ම.

      Delete
    7. @ AnonymousSeptember 7, 2015 at 8:30 AM

      එකෙක් උඹලගේ අම්මා අනික උඹලගේ පුංචි අම්මා

      Delete
    8. AnonymousSeptember 7, 2015 at 11:25 AM

      Ekek neweyi do ekiyak kiyapiya. Ay thope ammath inne? Ethakota thunayi. Thoth Sobita unnansege hora shot ekak neda? Ekane me hati kesilla :D :D :D

      Delete
    9. It's not Sobhitha men, now he is called So-Bitter ! LoLs !

      Delete
    10. සෝභිත යනු මහින්ද ජරාපක්ස, ගොන්ජන් අල්පොන්සෝ, ලපකුමාර ඇතුලු ජෙප්පෝ මෙන් තවත් එක් අතිදක්ෂ රංගධරයෙකි. මොවුන් තම වාසියට විවිධාකාර චරිත රඟපා අහිංසක ජනතාව මුලා කරති. සෝභිත උන්නාන්සේද තමා කැමති කණ්ඩායමක් හුදෙක් තම වාසිය වෙනුවෙන් පත්කරගන්නට උඩගෙඩි දී දැන් බොරුවට ජනතාවට පඬි ටෝක් දෙති. සැමදාම වෙන්නේ අසරණ අප රැවටීමය.

      Delete
    11. මොන රොටියද....? මොකක්ද මේ තැටිය ...?..මට දැන් එහෙම එකක් මතක නැනේ ...!!! අනේ අම්මප මාදුළුවා ගේ සොබ්බේ ..............

      Delete
    12. දෙන් යොටි යදන්නේ නෙ. දිගටම තොශේ තමා යදනව....!

      Delete
  8. මේක සමාජ ප්‍රශ්නයක්, කුඩා කාලෙම මේ දරුවන් මෙහෙම ඉඡ්ඡාභංගත්වයට පත්වෙච්ච පුද්ගලයෙක්කලාම එයා සමාජය යහමගට ගන්න කටයුතු කරයිද නැත්තම සමාජය සහ ආගම කියන දෙකෙන්ම හැකි ආයුරින පලි ගන්න පෙළඹෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං දැණුම් තේරුම් ආපු ගමන් ඔය මරු කතරින් එතෙර වෙලා පැනලා යන්නේ...

      Delete
  9. කියල වැඩක් නැහැ මචෝ........පෙරේද පාන්දර මේක දැක්ක ගමන් මහනායකයන්ට හුකවන්න කේන්තියක් ආව.....අම්මගෙ රෙද්දෙ බුද්දාගමද යකෝ....අර කිරිබත්ගොඩ පැත්තෙ ඝනයෙක් සතිපතා දෙසනව සසුනට පුද කරන්නලු දරුවන් .....

    ReplyDelete
    Replies
    1. හොඳ ගල් කාරයෙක් වෙන්න ඇති...

      Delete
    2. කිරිබත්ගොඩ ගැන නම් කියලා වැඩක් නෑ රටම නිවන් අරන් යන්න කතාව ඒ වුනාට අම්මට කන්න දෙන්නෙ අහල පහල ගෙවල් වල මිනිස්සු...

      Delete
    3. මාතලන් හැබෑට උඹත් ඔය ගල් කාරයො පොඩි කොල්ලන්ට කරන ගල් වැඩ ඒ තරම් වැරදි නෑ කියල ඔයිට කලින් කියල තියෙනව නේද? උඹට අතීතය අමතක උනාද. උඹේ මහා ලොකු මානව දයාවෙයි අනුකම්පාවෙයි හැටියට ඒව එච්චර ගනන් ගන්න දේවල් නෙවෙයි කියල තමයි ඔයිට කලින්නම් කියල තියෙන්නේ. ගල් කාරයොන්ට පක්ෂව කතා කරන උඹේ හැටි අපි දන්නව මචෝ. බොරුවට රඟපාන්න එපා.

      Delete
  10. පුන්සඳ පවා පායා ඇති පොහො දාක,
    බල්ලන් පවා දන්නා රහසකි මේක,
    බෑ,බෑ කියද්දිත් දාගෙන බුදුගේක,
    එක් සඟ නමක් පොඩි නමක ට *** සේක.

    (නිවැරදිම වචන අමතක බැවින් වෙනත් වචන ලියැවුනාදෝ සිතේ.

    මේ දරුවාගේ දෙමාපියන් සොයා අපහරනය කළ යුතු නොවේද?

    ReplyDelete
    Replies
    1. ඊට වඩා වැඩි දෙයක් කලත් පව් නෑ

      Delete
    2. පුන්සඳ පායනා පසලොස්වක දාක
      කිරි වවුලන් පවා පන්සල් යන රෑක
      මට බෑ කියද්දිත් දාගෙන බුදුගේක
      ස_රිගමප හිමි මට ග+ කැපු සේක

      Delete
    3. දහවල සේම සඳපායා ඇති රෑක
      වවුලන් පවා දන්නා රහසකි මේක
      මං බෑ කියද්දිත් දාගෙන දං ගේක
      විජිතනන්ද මා හට ගල් කැපු සේක

      කියල එක සාමනේර කෙනෙක් අඟුරු කෑල්ලකින් ලියල තිබුන.

      Delete
  11. අර අනික් පොඩි හාමුදුරුවන්ගෙ මව්වත් භාවය බලපංකො.කේන්ති ගන්නෙ නැතුව මොන තරං ආදරෙන් කතා කරනවද.හරිනං ඒ පොඩ්ඩත් මව් උණුහුමේ ඉන්න ඕනෑ එකෙක්.

    ReplyDelete
    Replies
    1. ඔතන තියෙන්නේ සසර ගමන වගේ කෙළවරක් නැති ගේමක්... නවක වදය වගේ සීන් එකක්.. මොකෝ ඒ යකත් කන්න ඇති ඔය කට්ටම...

      Delete
  12. කියල වැඩක් නැහැ මචෝ........පෙරේද පාන්දර මේක දැක්ක ගමන් මහනායකයන්ට හුකවන්න කේන්තියක් ආව.....අම්මගෙ රෙද්දෙ බුද්දාගමද යකෝ....අර කිරිබත්ගොඩ පැත්තෙ ඝනයෙක් සතිපතා දෙසනව සසුනට පුද කරන්නලු දරුවන් .....

    ReplyDelete
    Replies
    1. මෙන්න කෙන්ජි ඇවිල්ලා...

      Delete
  13. ඕවා ගැන තර්කානුකූලව, විශ්ලේශණාත්මකව කතා කරල වැඩක් නෑ.
    ප්‍රධාන ආගම් අතරින් වඩාත්ම අවිහිංසාවාදී ආගමේ පෙරහැරවල්වල පංසල්වල සතුන්ට හිංසාකරනව. පැටව් කාලෙ ඉඳන් හෙන්ඩුවෙන් ඇනල කනෙන් ඇදල දාගැබට වඳින්න පුරුදු කල අලි එහෙම වඳිනව බලා ගෙන ඉන්න උපාසිකාවන් අනේ සතෙකුටත් තේරෙන හැටි කියල සාදු කාර දෙනව.
    සාසනය රකින්න පුලුවන් තරම් පොඩි දරුවන් මහණකරන්න ජාතිය රකින්න පුලුවන් තරම් පැටව් ගහන්න කියල දේශනා කරනව.
    "හුහ් මුස්ලිම් එවුන් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් ලෑස්තියි බුද්දාගමේ එවුන්ට තමයි සංඝයාගෙ වැරදි පේන්නෙ" කියල තලේබාන් බුද්දාගමේ ආරක්ෂකයො බෙරිහන් දෙනව.

    මේ ඔක්කොම අවිහිංසාවාදී , තර්කානුකූල, විචක්ෂනශීලී, විශ්ලේශණාත්මක දර්ශනයක් තුලින් ආ ආගමක නේද කියල හිතෙනකොට සියල්ල (ආගමද ඇතුලුව ) අනිත්‍යයි කියන එක පසක් වෙනව.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පුදුම කනගාටුවක් හා වේදනාවකුත් එනවා මචෝ....

      Delete
    2. සාර්ථකම කමෙන්ට් එක ප්‍රා. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අලින්ව දම්වැල්වල දාල හෙන්ඩුවෙන් ඇනල වදදීල චෛත්‍යවලට වදින්න පුරුදු කරල.ඒව දැකල උපාසකම්මල කියනව අනේ සත්තුන්ටත් තේරෙන හැටි මේව සංසාර පුරුද්ද කියල.

      කලින් කොමෙන්ට් එක ටිකක් සැර වැඩියි වගෙ.
      ඇත්තටම බුදුන් වහන්සෙ මේ කිසිම චාරීත්‍රයක් දේශනාකරල නැහැනෙ. මේ හැම දෙයක්ම පස්සෙන් පහු හදාගත්ත ඒව.
      කාලානුරූපීව වෙනස් විය යුතු දේ වෙනස් වෙන්න ඕන

      Delete
  14. බොහොම දෙනෙක් නොදන්න නැතිනං අමතක කරපු කතාවක් මේ කියන්නෙ.මහනුවර යුගේ අවසාන වෙනකොට වගේ අමුතුම මතයක් ඇති වෙලා තිබුණලු. ඒ අනුව දෙමාපියන්ට අපල දෙන බවට හතරකේන්දරේ පාළු වෙච්ච දරුවෙක් කියල ජොතිශ කාරයො හදුන්වල දීපු දරුවො මහන කරන්න පන්සලට බාර දුන්න. ඒ කාලෙ ඉඳල ඒ මතය දැනුත් සිංහලයන් අතර තියන මතයක්. ඒ හින්දයි ඔහොම වෙන්නෙ ඔයිට හපන් දෙයක් තමයි ඔය විදිහට වද විඳගෙන ලොකු වෙන ලොකු හාමුදුරුවරු බොහොම දෙනකු ගේ තත්ත්වය හතර කේන්දරේ පාළු වෙලා කියල හංවඩු ගහල සාශනේට භාර දුන්න අය.
    හින්ද ඒ අය මිනිසුන්ට මෛත්‍රිය කරුණාව දක්වන අය නෙවෙයි. වෛර කරන්නො . ඕන තරං නිදසුන් දෙන්න ඔක්කොටම පුළුවන්. ඒත් දේශපාලකයො බලවත්තු හතරකේන්දරේ පාළු වෙච්ච අයට වැඳ වැටෙන හින්ද ඒ ගැන කතා කරන්න කවුරුවත් හිතන්නෙ නෑ. මේ ටිකවත් කිව්වට මාතලන්ට මෙයින් මතු උප උපන් ජාති හතර අපායක නොවැටී සදෙව් ලොව දිවිය සැප සම්පත් ලැබෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. හොර සංඝයන්ට වඩා අපි ගාව සීලයක් තියෙනවා...

      Delete
    2. හතර කේන්දර පාලු පිරිමි ලමුන්ව විතරක් නොවෙයි, ඒ කාලේ, රාජ යෝග තියෙන පිරිමි ළමුන්ටත් වෙලා තියෙන්නේ මහණ වෙන්න තමයි. නැති නම් රජාගෙන් හිස් ගැසුම් කන්න වෙනවා!

      Delete
    3. මම දන්නවා ඔය හතර කේන්දරය පාලු උනාට හොඳ ඉංජිනේරුවෙක් වී සිරින කෙනෙක් ගැන. මම දැනගත්තේ කොම්පියුටරයෙන් පලාපල බලන පැකේජ් එකක් කලකටපෙර මම ලගතිබී එහිසේවාව ලබා ගැනීමට එම කේන්දරය මට ලැබුණ නිසා. සමහරවිට එයාගේ දෙමව්පියන් එයාව මහණ කරානම් මහානායක කෙනකේ වෙන්න තිබ්බා කියල සමහරු කිව්වා.

      Delete
  15. නොමිලේ ඉගෙනගන්නය කියලා සිවුරේ ඉඳලා පස්සෙ හීරලු වෙන ට්‍රෙන්ඩ් එකකුත් තිබ්බා නේද බං කාලයක්.

    ReplyDelete
    Replies
    1. තාමත් ඒකේ වෙනසක් නෑ නේ මචෝ...

      Delete
    2. අපේ කාලේ ආට්ස් ෆැකල්ටියේ හිටියා තට්ටේ පෑදුණු සාදු කෙනෙක්. කවුරුත් එයාට කීවේ කවදාවත් සිවුරු හරින්නේ නැති එකම සාදුය කියලයි.

      ඒ කතාව නිවැරදියි. අනිත් උන්නැහෙලා පස්සේ සිවුරු හරිද්දී මේ සාදු සිවුරේම හිටියා.

      පසුව අකාලයේ මිය ඇඳුණා, ඇත්තටම මිනීමැරුමකින්.

      Delete
  16. ඔය ගණයින්ට කිසිම සදාචාරයක් නැහැ. ඕකුන් අඩුම ගාණෙ යටට අන්ඩර්වෙයා එකක් වත් අඳින්නෙ නැතුව වල්ල හොල්ල හොල්ලා ඉන්නෙ. ගොන් නාම්බො නෑම්බියො මුන්ට වඳිනවත් එක්ක.

    ReplyDelete
    Replies
    1. වැදගත් විදියට සීලය රැකගෙන බන භාවනවක් කොරගෙන ඉන්න උන්නාන්සෙලත් ඉන්නවා.. වැඩි හරියක් ඉන්නේ ගල් වැද්දෝ....

      Delete
    2. @ AnonymousSeptember 7, 2015 at 8:36 AM

      //යටට අන්ඩර්වෙයා එකක් වත් අඳින්නෙ නැතුව//

      මචෝ උඩටත් අන්ඩර්වෙයාර් අන්දිනවද උඹලගෙ ගමේ.

      Delete
  17. අනේ දෙයියනේ, කමෙන්ට් එකක දැක්කා ඉස්කෝලේ ගිහින් බාරදුන්නමත් ඔහොම අඬනවා කියලා,, අනේ අම්මේ ඉස්කෝලේ ගිහින් ගෙදර එන එකෙයි පන්සලක නතර කරන එකෙයි වෙනස දන්නේ නැති බබ්බුත් මේක කියෝනවනේ.. පුංචි හාමුදුරුවෝ අඬන එක එක නෙමේ ප්‍රශ්නේ නොදරුවෝ මහන කරන එක. එයාගේ අම්මත් අඬනවා ඇති සමහර විට.. අර අනිත් හාමුදුරුවොත් මේ දුකම විඳලා පුරුදු බව හොඳට පේනවා පව්.. :( ස්තුතී මාතලන්

    ReplyDelete
    Replies
    1. උඹ දැකලා තියෙනවද කූඩූ කරලා ඉන්න කුරුල්ලෝ....

      මුන්ට හෙන ගහන්න එපාය මේ කරන අපරාධ වලට...

      Delete
  18. Uneducated parents..manupulative monks..and a dumbass nation..

    ReplyDelete
    Replies
    1. කට ඇරහන් මචෝ ගල් කාලක් වක්කොරන්න...

      Delete
  19. ලංකාවේ සත්තුවෙලා ඉපදෙන එකයි ළමයි වලො ඉපදෙන එකයි දෙකම එකයි.

    දරුවන්ට කන්න අදින්න දෙන්න බැරිනම්, හදාගන්න බැරිනම් දෙන්න
    හරි හමන් ළමා නිවාස ටිකක් හැදෙනවා නම්!

    ReplyDelete
    Replies
    1. ළමා නිවාසයක අඩුම තරමේ ළමයෙක් ලෙස ජීවත් වෙන්න පුළුවන්..

      දරාගන්න බැරි රාජකාරි කන්දරාවක් පන්සලේ තියෙන්නේ...

      Delete
    2. නියමම පැහැදිලි කිරීම

      Delete
    3. පොඩි එකා උදේම නැගිටල පඩික්කම් හෝදල ලොකු අයගෙ අත්පා මෙහෙවර කරන්න ඕන. අපි තවම ඉන්නෙ ජාලිය ක්‍රිශ්නජිනාල දන් දුන්න වෙස්සන්තර යුගයෙද.
      ඔය වෙස්සන්තර කතාව අහන කොට මට පොඩි කාලෙත් හිතුන දෙයක් තමා දරුවන්ව මෙහෙම වැඩකාරකමට දෙන්න දෙමවුපියන්ට අයිතියක් තියනවද ඒ වැඩේ හරිද ඒකෙන් ලැබෙන නල්ලමලේ පින මොකක්ද කියන එක. මට ලැබුන උත්තරේ තමයි සක්කර දෙයියො ආවනෙ ඒ නිසා අවුලක් වුනේ නෑ නෙ කියන එක.අද කාලෙ ශක්‍ර දෙයියො ( ඩේරියස් රජු ) එන්නෙත් නෑනෙ නේද?

      Delete
  20. මේ අතරෙම මතුකරන්න කැමතියි මුසල්මානුවන්ගේ 'සුන්නත් කිරීම' කියන ක්‍රියාව.ළදරුවන් ඉතා වේදනාවෙන් වයිරයෙන් උණුවෙලා විකෘති වෙනවා කියන එකයි මගේ මතය.(වේදනාවෙන් පීඩිතව නිරුවතින් දුක් විඳින ළදරුවන් දැක ඇත්තෙමි.)ඔවුන්ගේ වැඩිහිටි ක්‍රියාකලාපය ඒකට සාක්ශි දරනවා.මේ ගැනත් සියල්ලෝ නිහඬයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සුන්නත් කරන්නේ මුසල්මානුවන් පමණක් නොවේ. ඊශ්‍රාලයේ යුදෙව් ළමයින්වත් සුන්නත් කරනවා. මේ ගැන කවුරුත් නිහඬ නැහැ. ලෝකයේ ඕනෑ තරම් අය මේ ගැන කතා කරනවා වගේම ක්‍රියා කරනවා; එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතන පවා. යුදෙව්වන් ම දැන් දැන් සුන්නත් කිරීමට විරුද්ධව හඬ නඟනවා. කොහොම වුණත් සුන්නත් කිරීමෙයි මහණ කිරීමෙයි වෙනස සුන්නත් කිරීමේ පීඩාව (එයින් ඇති විය හැකි මානසික බලපෑම් හැර) කෙටි කාලීනයි, මහණ වී සිටීමේ පීඩාව දිගු කාලීන යි. බුරුමයේ සහ තායිලන්තයේත් ළමයින්ව මහණ කරනවා, නමුත් ඒ මාස තුනක් වැනි ටික කාලයකට පමණයි.

      ඔබටත් ජය වේවා!!!

      Delete
    2. සුන්නත් කිරීම සෞඛ්‍යයටත් ඉතා හොඳ දෙයක් බව වෛද්‍ය විද්‍යාවත් අද පිලිගන්නවා.. ඒක මේ සුළු සැත්කමක්.. අන්තීමට කෙල්ලන්ගේ කන් විඳින එකත් නවත්තන්න කියයි.. සුන්නත් කලත් ඊට පස්සේ ඒ දරුවට මව් සෙනෙහස් ලැබෙනවා..

      මේ කතා කරන්නේ වෙන දෙයක්..

      යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් ගස් ලබ්බා කියන්නේ..

      Delete
    3. සුන්නත් කිරීමට විරිද්ධව හඬ නගන්න යුදෙවුවන්ට පිස්සු නෑ. මං දැකලා තියෙන්නේ දවස් 8න් ඒ සැත්කම චාම් උත්සවයක් විදියට කරනවා. දෙවියන් වහන්සේ මෝසෙස් හා කල ලෙයේ ගිවිසුම කඩ කරන්න ඔවුන්ට ඕනේ කමක් නෑ.. ඒක කරන්නේ ආවට ගියාට නෙමේ, ඒ වෙනුවෙන් විශේෂ සහතිකයක් ලබපු විශේෂඥය widya වරයෙක් කරන්නේ. ඒ වගේම ඒ doctor හොඳින් ආගම අදහන කෙනෙක් තත්පර කීපෙකින් පුංචි කැපුමක් යොදන්නේ, මාතලන් කියලා තියෙනවා වගේ කන විදුමක් වගේ. මුස්ලිම් අය කරන ක්‍රමය ගැන නම් දන්නේ නෑ . ඔක්කොටම විරුද්ධව හඬ නගන්න නම් එකෙන්ම ඉන්නවා කට්ටිය තමන්ගේ රටට හෙන ගැහුනත් ගාණක් නෑ

      Delete
    4. ඇමරිකාවෙ යුරෝපයේ ( ලංකාවෙත් සමහරු ) යුදෙව් හෝ මුස්ලිම් නොවන සමහර අයත් වැඩිහිටියන් වශයෙන් සැත්කම කරගන්නවා. සෞඛ්‍යමය හා වෙනත් හේතූන් මත.

      ගැහැණු ලමයින්ට මූලධර්මවාදී සමහර මුස්ලිම් සමාජයන්වල ඒක කරන එකට විරුද්ධවනම් මානව අයිති ක්‍රියාකාරීන් මෙන්ම සමහර සාමාන්‍ය මුස්ලිම් අය ලොකු හඬක් නගනව.

      හැම ආගමකම හැම සමාජයකම වගේ මානව අයිතීන් උල්ලංඝනය වෙන හෝ වෙනත් කැත වැඩ සුලු පිරිසක් හෝ සමහර රටවල හා සමාජයන්වල වැඩි පිරිසක් විසින් කෙරෙනව. සමහර ඒව හොරෙන් වෙනව ( කතෝලික පල්ලියෙ ලමා අපචාර වගේ ) අහු වුනාම දඬුවම් ලැබෙනව, සමහර ඒව ආගමික හෝ සංස්කෘතික අංග ලෙස ( අප්‍රිකානු හා මැදපෙරදිග මුස්ලිම් රටවල් වගේ ) වෙනව.

      පොඩි දරුවන් මහණ කිරීම ගැන ප්‍රශ්නය තියෙන්නෙ ඒක ගැන විවේචනය, සාකච්චාව, විරුද්ධවීම ඉතා අඩු මට්ටමක තියෙන්නෙ

      පංසල්වල අපචාරත් ඒවගේ.
      කතෝලික පල්ලියෙ වගේ කාර්යක්ශම විනය ක්‍රියාමාර්ගයක් හා ස්වං විමර්ශන යාන්ත්‍රණයක් නොමැතිනිසා (ඒවගේ මධ්‍යම අධිකාරියක් නොමැති නිසා සහ ඊට වඩා පුද්ගලික නිදහස මහණුන්ට ඇති නිසා) අහු වීම, දඬුවම් දීම අඩුයි. Pope වගේ අධිකාරියකින් පූජකයින්ගෙන් වූ වරද පිලිගෙන සමාව ඉල්ලීම, ඔවුන් අස් කිරීම වගේ දේවල් බුද්ධාගමේ කරන්න බෑ structure එක වෙනස් ආගමක් නිසා.
      පුද්ගලික නිදහස අන් ආගම්වලට වඩා බෞද්ධ මහණුන්ට තිබීම හොඳ වෙන්න පුලුවන් එක අතකට ඒත් ආගමේ නීති යාන්ත්‍රණය කාර්යක්ශම නොවන නිසා රටේ නීතිය මීට වඩා තදින් බෞද්ධ පූජ්‍ය පක්ශය කෙරෙහි ක්‍රියාත්මක වෙන්න ඕනෙ


      Delete
    5. සෘජුව පෝස්ට් එකට අදාල නොවුනත් මම අදහස් කළේ මානසික බලපෑම.. කොණ්ඩෙ ස්ට්‍රේට් කරනවා වගේ මනස වෙනස් වෙන වැඩක්.පොඩි එකගෙ මනසට ලොකු කම්පනයක් ඒක.

      Delete
    6. එහෙනම් ඉතින් ඉන්ජැක්සොන් විදලත් හමාරයි....

      Delete
    7. ඔමාගේ හීන- Apurvi වෙත,

      (1) Jews Against Circumcision

      (2) Jews Against Circumcision - Facebook page

      (3) Even in Israel, More and More Parents Choose Not to Circumcise Their Sons

      (4) A small but growing number of Jews are questioning the ancient ritual of circumcision

      (5) The Israeli High Court’s Anti-circumcision Ruling Is a Victory Against Religious Coercion

      (6) In Israel, some rebel against circumcision

      /////ඒ වෙනුවෙන් විශේෂ සහතිකයක් ලබපු විශේෂඥය widya වරයෙක් කරන්නේ. ඒ වගේම ඒ doctor හොඳින් ආගම අදහන කෙනෙක්//////

      මේක කියවලා බලන්න:

      אתיקה רפואית וברית מילה
      מה בין אתיקה רפואית וברית מילה? האם רופא-מוהל שכורת רקמת בשר בריאה וחיונית מגופו של תינוק בריא פועל בהתאם לכללי האתיקה הרפואית? האם ביצוע ניתוח כירורגי בקטין שאינו יכול להסכים לשינוי שמבוצע בגופו מתיישב עם כללי האתיקה הרפואית? האם ניתוח שמבוצע בילוד ללא הסכמה חתומה ומושכלת של ההורים לגבי תפקיד העורלה ולגבי הסיכונים הסיבוכים והנזקים של כריתתה יכול להיחשב

      (http://www.britmila.org.il/?p=130)

      අපූර්විට තවමත් සනීප මදි නම් තවත් දෙන්නම්....

      Delete
    8. හි හි හරියට මහන්සි වෙලානේ,, මට කම්මැලි අනේ ඕවා කියවන්න.. තෑන්ක්ස්. මගේ ලෙඩ ගැන වදවෙන්න එපා අනා... මං කමෙන්ට් එකේ සඳහන් කරපු සියල්ල වගකීමෙන් කීවේ.. ok.

      Delete
    9. @ ඔමාගේ හීන- Apurvi September 8, 2015 at 5:38 AM

      මම මේ සම්බන්ධව අධ්‍යයනය කරපු කෙනෙක් නිසා මේ විස්තර මගේ ළඟ කොහොමත් තිබුණා. අමුතු මහන්සියක් ගත්තේ නෑ.

      ඔබේ කොමෙන්ටුවේ සඳහන් සියල්ල වගකීමක් සහිතව ලිව්වැයි කීවාට ඔබට පොඩි වැරදීමක් වෙලා. යුදෙව් පිරිමි දරුවන් සුන්නත් කරන එකඟතාව/ගිවිසුම දෙවියන්වහන්සේ ඇති කරගත්තේ මෝසස් සමඟ නොවේ.... ඒබ්‍රහැම් සමඟ.

      Delete
    10. රස්සාව සීයල බලාගන්න එක වුනාට, ලෝකේ තියෙන හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්න ඔමාය වගේම තව ගොඩක් ගෘහ සේවිකාවෝ ඉන්නවා. යුදෙව් නාකින්ගේත් හෝ මැදපෙරදිග තම්බින්ගේ විකුර්ති ආශාවල් වල ගොදුරු බවට පත් වූ මොවුන් එය අමතක කිරීමට තමුන්ටම කියාගන්නේ ලංකාව වගේ නෙවෙයි මෙහෙ හරි නියමයි, සුරපුර වගේ කියල. මෝසෙස් ගැනවත් හරියට නොදැන ඔමාය වගේ මෝඩ ගෑනුන්, කුඩා දරුවන්ගේ ශරීර අවයව වල කොටස් කපාදමීම එන්නත් කිරීමට සමාන කරන ප්‍රියන්ත හේවගේ වැනි මෝඩයන්ගෙන් වැන්නවුන්ගෙන් තනි අලියා පසුපස ගොස් මැරුම් කෑ මධ්‍යකරුගේ බුද්ධිමත් මාධ්‍යකරණයවත් බලාපොරොත්තුවෙන්නේ නම් ඔමයටත් වැඩිය මෝඩ එළදෙනක් පමණකි. තමුන්ගේ රටට හෙන ගැහුවත් කමක් නෑ සිතමින් මජර මහින්ද රාජපක්ෂගේ අශුචි වැළදු ඔමායා දැන් රට ගැන කැක්කුම තදවී මරහඩ නගන්නේ........යුදෙව් නාකින්ගේ අසවල් වැඩේට ගොදුරු වූ කලක මෙන්ය.

      Delete
  21. ප්‍රශ්නයේ තව පැත්තක් තිබෙන්න පුළුවන්. මේ අම්මට ළමයි හදන්න බැරුව ඇති. මනුස්සය මැරිලා. එහෙම නැත්නම් බිරිඳ රට ගිහින්. හදිසියේ රස්සාව නැති වෙලා. පිහිටට හිටියේ හාමුදුරුවෝ විතරක් වෙන්න පුළුවන්. මම ඒ වගේ දේවලුත් දන්නවා. ඒ අතරම වැරදි වෙන තැනුත් තියෙනවා. කලබල නොවී මේක හොයාල ඒ අම්මවත් හොයල මොකද වුනේ කියල හොඳට හොයල බලලා ඊට පස්සේ බැණ වදිමු නේද?

    ReplyDelete
    Replies
    1. @ Ajith Dharma September 7, 2015 at 2:56 PM

      මෙන්න මේ ප්‍රශනවලට ඔයා උත්තර දෙන්නේ වැල් වටාරම් නැතිව 'ඔව්' කියලා ද නැත්නම් 'නැහැ' කියලා ද හිතලා බලන්න:

      ඔයාගේ රස්සාව හදිසියේ නැති වුණොත් ඔයා ඔයාගේ ළමයි ශාසනයට පූජා කරනවා ද?

      ඔයාගේ බිරිඳ හදිසියේ මැරුණොත් ඔයා ඔයාගේ ළමයි ශාසනයට පූජා කරනවා ද?

      ඔයාට තව දුරටත් ළමයි හදන්න බැහැ කියලා හිතුණොත් ඔයා ඔයාගේ ළමයි ශාසනයට පූජා කරනවා ද?

      මේ ප්‍රශ්නවලට ඔයාගේ අවංක උත්තරය 'ඔව්' නම් ඔයාට අබ සරණ යි.

      ඔයාගේ අවංක උත්තරය 'නැහැ' නම් ඔයා නියම කුහකයෙක්, මොකද ඔයාත් හොඳාකාරව ම දන්නවා ඔයා පෙන්නලා දීලා තියෙන කාරණා එකකින්වත් මේ ළමයාට කරලා තියෙන දේ සාධාරණීකරණය කරන්න බැහැ කියලා.

      Delete
    2. බැන වදින්න නෙමෙයි තියෙන්නෙ වනසන්න. දරුවන්ට මේ විදිහට වද දීලා මහ එවුවො බලාපොරොත්තු වෙන්නෙ මොනව ද ?

      Delete
    3. මොනවා හොයඳ බං...

      පොඩි එකා අම්මා ඉල්ලනවා.. උඹේ දරුවෙක් මෙහෙම අඬනවා උඹට බලාගෙන ඉන්න පුළුවන්ද...?

      මට නම් කිසිම දරුවෙක් මෙහෙම අඬනවා බලාගෙන ඉන්න බෑ...

      Delete
    4. ඇනෝ මහත්මයා හා මාතලන් සගයා වෙත,
      අහල තියෙන ප්‍රශ්න තුනටම උත්තරය නැහැ කියන එකයි. මම අදේවවාදියෙක් හැටියට හැම තැනම පෙනී හිටින කෙනෙක්. මෙහෙ තියන පන්සල් වලින් යන්නේ තායි මොනස්ටරියට විතරයි. හේතුව ගෑණු ළමයින්ගේ අතේ පිරිත් නූල් බඳින්න වත් බැරි තලිබාන් කට්ටියක් ලංකාවේ ඉඳන් මෙහෙ පන්සල් වලට ඇවිත් සිටීම සහ තවත් හේතු . දැන් ඔහේ මම කුහකයෙක් කියල ඔය කියන දේ වෙනුවෙන්ම පහුගිය කාලය පුරාම සටන් කරන කෙනෙක්. හැබැයි මේ වර්චුවල් එකේ නෙමේ. ඇත්තට බිමේ. මේ කතාව වෙන අය තමා මුලින්ම දැම්මේ. මාතලන් නෙමේ. අපේ නෙළුම් යාය , ලංකානිව්ස්වෙබ් බැලුවොත් පෙනේවි අපි ප්‍රචාරයක් දෙන බව. අසම්මත සටහන් නුත් එකක් ලියල තියෙනවා. රුවන් ජයතුංග එක්ක. දැන් මේ කොමෙන්ට් දාන පොරවල් සහ තමන්ගේ නමින් ලිවීමට බයේ මට කුහකයෙක් කියන ඔයාට චැලේන්ජ් එකක් දෙන්නම්. මේ පුංචි ළමයි හට කරන අසාධාරණයෙන් බේරා ගන්න ව්‍යාපාරයක් හදන්න. අපේ වෙබ්සයිට් ආදී හැම එකෙන්ම බැක් අප් එකක් දෙන්නම්. පුලුවන්ද ? මොකද මේ ළමයා මහන කිරීම අසාධාරණ වුනත් මෙතන වෙන ප්‍රශ්නයක් තිබෙන්නත් පුළුවන්. මම දන්නා නිසා කියන්නේ. ඔයාලා බ්ලොගාල කට්ටියක් එකතු කර ගෙන යන්න මෙතනට. අහන්න වැඩේ. පුලුවන්නම් ළමයාව බේරා ගන්න. ඒ අම්මාට සල්ලි නැත්නම් ළමයා හදන්න මගේ චැරිටියක් තියනවා ශෙයාර් ඇන්ඩ් කෙයාර් කියල එකෙන් රුපියල් 2000 දෙන්නම් මාසෙට. අහ් දැන් පිටරට ඉන්න අය ඇවිත් මෙතන කියන්න එපා මේක මදි ඔය දෙදාහ මොකක්ද කියල. ඒ අයට පුළුවන් සල්ලි දාල එකතු වෙන්න. මේ ලමයව බේරා ගෙන කුහකයෙක් නෙවි වැඩේ පටන් ගන්න. මම ලංකාවේ හිටිය නම් කරන්නේ ඒක.

      Delete
    5. මගෙයි, අපේ හාමිනාගෙයි පුදුම ආසවක් තිබුනා හැකි පමණින් හෝ පොඩි ඕගනයිසෙසොන් එකක් පටන් ගන්න යාළුවෙක් එක්ක.. ඒ කියන්නේ පොඩි ඇන් ජී ඕ වගේ කේස් එකක්.. ෆුල් ටයිම්.. පොඩි ළමයි වෙනුවෙන්.. ඒත් ඒ හීනේ කුඩු වෙලා ගියේ සප් එක දෙන්න උන්න යාළුවා කැන්සර් එකකින් දිවිය ළෝකේ ගිය නිසා..

      අපිට දැන් ඒකට ශක්තියක් නෑ... අනික රස්සාව එක්ක වෙලාවක් නෑ...
      ඒ නිසා අපි අසරණයි... කරන්න පුළුවන් එකම දේ තමයි මේ කළේ....

      Delete
    6. මේ කරපු දේත් හොඳයි. හුඟක් අය මේකටත් බයයි.

      Delete
    7. @ Ajith DharmaSeptember 8, 2015 at 2:05 AM

      මාසෙකට රුපියල් 2000 ක්?

      අජ්ජෝ, මේ 2015 අවුරුද්ද... 1980 නෙවෙයි.

      යකෝ, උඹ දන්නවාද රුපියල් 1000 කොලයක් අරගෙන පොළට ගිහින් එළවලු කිලෝග්‍රෑම් 2 යි මාළු ග්‍රෑම් 500 කුයි ගත්තහම රුපියල් 1000 හෙ කොලේ කෑලිත් නැති විත්තිය?

      අනික, මොකද්ද රුපියල් 2000 ක් කියන්නේ? එංගලන්ත පවුම් 10 ක් වත් නෑනේ?

      Delete
    8. මචං ඒක අපට දෙන්න පුළුවන් ගාන . හුඟක් වෙලාවට දෙන්නේ කෑම බීමට නෙමේ අධ්‍යාපන ආධාරයක් වශයෙන්. පොත් පත් ගන්න , ඉස්කෝලේ යන්න බෑග් එකක් ගන්න. විඔද ගමනක් , ඉස්කෝලෙන් ඉල්ලන සල්ලි දෙන්න වගේ දේකට . ඒක අපි කියලයි දෙන්නේ. මම පෞද්ගලිකව ගත්තොත් තව දහයක් දේවල් කරන නිසා මේකට විතරක් වැඩිපුර දාන්න බහ. ඔයාට පුළුවන් සම්මාදම් වෙන්න. නැත්නම් ඔය පටන් ගන්න. මමත් දායක වෙන්නම් මට දෙන්න පුළුවන් ගානට. මගේ අත් දැකීමේ හැටියට ලොකු සල්ලි කාරයන්ට වඩා මධ්‍යම පන්තික අය ගේ හිත තමා හුඟක් මෘදු.

      Delete
    9. අජ්ජෝ, මට චැරිටි එකක් නෑ. ඒ වුණාට මම චැරිටි වැඩ කරනවා මගේම සල්ලිවලින්. මම කාගෙන්වත් සල්ලි ඉල්ලගෙන චැරිටි වැඩ කරන්නේ නෑ. අනික, මම චැරිටි වැඩ කරන්නේ මාතලේ ප්‍රදේශයේ විතරයි. ඒ මම එහේ පදිංචි වෙලා ඉන්න නිසා.

      Delete
    10. දෙන්න කැමති අය ඉන්නවා නම් අරගෙන හොඳ දේකට යෙදුවට කමක් නැහැ මං හිතන විධිහට. මෙතන මේ ළමයා විතරක් බේරා ගත්තා කියල වැඩකුත් නැහැ. කිසියම් මිනිසුන් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් නැතුව. නමුත් එක තැනකින් හරි පටන් ගත්තා නම් හොඳයි. ලන්ඩන් ඉඳන් ඕවා පටන් ගන්න මගේ කැමැත්තක් නැහැ. චෝදනා එන්න පුළුවන් ක්‍රිස්තියානි වැඩක් , එම්බසි වලින් සල්ලි ගන්නවා වගේ ඒවා.

      Delete
    11. කැරලි ගහන්න ගිහින් අහිංසක කොල්ලෝ බිලි දීල රට පැනල සුද්දියෙක් කරගහගෙන අපහු ඇවිත් ඉන්න රට පාවදෙන්නොන්ට කලිසමක් ඇදගෙන මේවා ගැන කතා කරන්න පුළුවන් ද ?

      Delete
  22. මම උපතින් බෞද්ධයෙක් වුනත් අන්‍යාගමිකයෙකුට හාමුදුරුනමක් ගැන තිබෙන ගෞරවනීය හැඟීමක්වත් නැත.හොඳ හාමුදුරුනමක් මට මුන ගැහිල නෑ. දන්න හැම එකාම වේස බල්ලො. ඒත් මුන්ට පෙරලි පෙරලි වදින එක මට තියන ප්‍රහේලිකාව.අපේ පන්සලේ එකාට ළමා අපචාර නඩුවක් තිබුනත් උපසකම්මල වදින්නෙ පෙරලි පෙරලි.ඌත් සුවපත් වේවා කියනව. අපි වදින්නෙ සිවුරටනෙ කියන එක මහ විකාරයක්. බුදුන් හදුන්වාදුන්නේ රෙදි වලට වදින අවිචාරත්වයක්ද

    පොඩිකාලෙ මහන කරන උන් හැම එකාම බරපතල ලිංගික අපයෝජනවලට ලක් වෙනව. ඒක ප්‍රසිද්ධ රහසක්.කරන්නට කිසිම වැඩක් නැති අසහනයෙන් පෙලෙන අවිවාහක පිරිමින් ගෙ නවාතැණකට පොඩි උන් දානව කියන්නෙ ඇග කිලිපොලා යන දෙයක්. වැඩක් නැති නිසා කාල තෙලේනෙ.
    හිරගෙවල් , පන්සල් වගෙ තැන් සමලිංගික ගුබ්බෑයම් .

    ආරන්‍ය සේනාසන වල ඉන්න ස්වාමීන් වහන්සෙලට මේ කතාව අදාල නෑ. මොකද උන් වහන්සෙල කෙලෙස් තවන පිරිසක් නිසා.ග්‍රාමවාසී උන්දල කෙලෙස් තවන්නෙ නෑ. තන්හාව ඉහවහ ගිය පිරිසක්නෙ. ඉතින් සෙක්ස් විතරක් නොකර ඉදියිද. සමලිංගිකත්වයට කියන්නෙ පන්සලේ සෙල්ලම කියල. ඒකෙන්ම පේනව ඇත්ත තත්වෙ . හැබැයි මේක ඉස්සර අපේ සමාජය සීරියස් ගත්තෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර නෙමෙයි දැන් ගන්නෙත් නෑ...

      ඒකනේ මේ ගැන වග කියන ආයතන සියල්ලම නිහඬ...

      නිහඬ බව කියන්නේ අනුමත කිරීම...

      Delete
    2. හාමුදුරු කෙනෙකුට සිවුරු හැරීමට උදව් කිරීම පාපයක් කියල කීවත් මම එකඟ වුණා එක තැනකදී. මම දන්නා පැහැපත් සමෙන් යුත් තරුණයෙක් (පරණ හාමුදුරු කෙනෙක්) කීව කතාවක්. "අනේ අජ්ජෝ ඉන්න බැරිම දවස පන්සලේ පිරිත් දවස. එළිවෙනකම් පිරිත් තියෙන කොට පිට පන්සල් වලිනුත් ගෙන්න ගන්නවා. මට පිරිත් මණ්ඩපයට යන්න වත් බැහැ . ඇවිත් ඇදන් යනවා. එළිවෙනකන් වදේ දෙනවා. "

      කැමැත්තෙන් මේවා කර ගන්නවා නම් කමක් නැහැ . නමුත් මේ තැනැත්තාගේ අකමැත්තෙන් ඒක වුනේ. එතනයි වැරැද්ද.
      මෙයා දැන් හොඳින් ජිවත් වෙනවා කසාදයක් බැඳ ගෙන.

      Delete
  23. මාත,

    කලකට පෙරදී සාමනේරයන් වහන්සේලාගේ අධ්‍යාපනයට උදව් කරන වැඩසටහනක් ගුවන් විදුලි සංස්ථාවෙන් සිදුකලා මිට මාත් උපකාර කලා. මෙය සංවිදානය කල මහාචාර්ය තුමාට මා කිව්වේ මේ කුඩා ළමයින් පැවිදි කිරීම නොසුදුසු බවයි.

    ඔහු දුන් පිළිතුර නම් " කුඩා වයසේ පැවිදි නොකලොත් තරුණ වියේදී ප්‍රේම සම්බන්දතා ඇතිකරගන්නා බවත් ඊට පසු මොවුන් පැවිදි නොවන නිසා සාසනය පවත්වා ගැනීමට ස්වාමින් වහන්සේලා නොමැති වන බවයි "

    මෙහි බැලුබැල්මට ඇත්තක් ඇතයි සිතුවත් මෙය නිවැරදි සත්‍ය නොවෙයි අද පවා අවබෝදයෙන් පැවිදි වන පිරිස් සිටි උදාහරණ
    https://www.youtube.com/user/yuttadhammo

    තරුණයන් පැවිදි නොවීමට අනෙක් හේතුව නම් අප රටේ අවවාදය ඉතා ඉහලින් තිබුනත් ආදර්ශය නොතිබීමයි.

    අනෙක් අතට පැවිදි වීම යනු ගිහියන්ගේ ආගමික උවමනා ඉටු කිරීම නෙමෙයි, තම මනස පිරිසිදු කිරීමේ අපහසු උත්සහයයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ කාළකන්නියගේ උත්තරයේ තියෙන්නෙම මේවා අනුමත කිරීම නේද...?

      ඒ වගේ උන් මහාචාර්යවරු වෙන එකයි රටේ කරුමේ... ගල් වැද්දෝ...

      Delete
    2. මාත, මම අපේ රටේ මෙවැනි උගත් මිනිසුන් ගේ දකින මුලිකම ප්‍රශනයක් තමයි ප්‍රයෝගික ලෙස හිතීමට ඇති අපහසුව,
      විදෙසගත මිතුරෙකුගේ උපාදි සහතිකය validate කරගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ Consular Affairs Division යන්න සිදු උනා.
      2013 දී ඔහු මෙය සහතික කරගෙන තිබුන, එහි අනුක්ක්රමික නොම්බරයක් තිබුන බැවින් මම එහි අද්යක්ෂක තුමාට පැවසුවේ ඔබ මිට පෙර මෙය සහතික
      කර ඇති නිසා ඔබගේ පරිගණක තොරතුරු යොදාගෙන (using previous scanned records) මෙය සහතික කල නොහැකිද යන්නයි.

      ඔහු පැවසුවේ නැවත මුලසිට මොරටුව සරසවියට ගොස් මෙය සහතික කරවා ගැනීම අයතනයේ ක්‍රමය බවත් මෙයට කැමති නැත්නම් ඔබේ මිතුරාට මෙය ලබාගැනීම අමතකකර දමන ලෙසත්ය.

      මේ විදියට සිතන උගතුන් සිටින කල් අපරට ගල් යුගයේ තමයි ඉන්න වෙන්නේ.

      Delete
    3. මේ රට ගොඩ ගන්න මාර අමාරුයි මචෝ...

      බලහන් යහපාලනෙන් කොරන දේ... මේවද මිනිස්සු බලාපොරොත්තු උනේ...

      Delete
  24. බෝ මළුවේ මල් සුවඳක පැටලී
    අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
    සුපුරුදු උණුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝවිටියා කැලේ මැදින්
    එන්න හිතයි නුඹ ලඟට සැනින්...

    එතෙර කරන්නම් සතර වරිගයම
    සංසාරේ යන මේ ගමනේ..
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරුදු යහළුවන් හා සැනිනේ...
    එහෙම ගියත් ඒ අය පොඩි සාධු
    කියා කියන විට වැද වැටිලා..
    කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා...

    බෝ මළුවේ මල්....

    භවයෙන් භවයේ පෙරුම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ..
    දිනයක මතුදා හතර වරිගයම
    එතෙර කරන්නම් සංසාරේ...
    ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
    ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
    කොහොමද අම්මේ එහෙම කරන්නේ
    අම්මත්... සසරින්... එතෙර වෙලා....

    ගායනය : සනන් නන්දසිරි
    පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
    සංගීතය : සනත් නන්දසිරි


    ඒත් මේ ගීතයේ තරම්වත් හැඟීමක්,සෙනෙහසක් මේ අහිංසකයට නෑ.මේව සහ ගහන අපරාද.

    ReplyDelete
    Replies
    1. නෙතට කඳුළු ඉනුව ගීතයක්....

      Delete
  25. මේ වීඩියෝව දැකපු වෙලාවේ හදවත කම්පා වෙලා ගියා. ඒ කම්පනයම ඔබටත් දැනුණු බව ඉතාමත් පැහැදිලිව පේනවා. මේ ගැටලුව මෙහෙම හෝ කරලියට ගත් එක ගැන ඔබට ස්තුතියි. අධිපති මාධ්‍යයක මේ කතිකාව ගොඩනගන්න අසීරුයි. හේතුව සිවුර නම් මේ පඬු වස්ත්‍රයට අසීමිත සිවිල් බලයක් පැවතීමයි. ඒ සිවිල් බලය දඩමීමා කරගන සිවුර ඇතුළේ ඉන්න අධමයන් කරන කියන දේ අරබයා කවදාවත් විදිමත් කතිකාවක් ඇති කරන්න බෑ. එසේ ඇති කරන්න යන එකාට වෙන්නේ යන එන මං නැතිව යන එකයි. ඇත්තටම මෙවන් දේ කරලියට ගන්න ඇති හොදම තැන තමා සමාජ ජාලාවන්.. යළිත් ස්තුතියි මාතලන්ට.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ සමාජ ජාල ඇතුලේ ඉන්න උනුත් මේ පඬු පාන්කඩේට මාර බයක් තියෙන්නේ...

      Delete
    2. මේ වගේ දේවල් එලිපිටම ලියන්න හයියක් තිනෙ එක ගැන ඇත්තටම සතුටුයි මාතා අයියේ...හාමුදුවරුවරුන්ගේ අපත හැසිරීම විවේචනය කරන්නම ඕනි. ඒත් චීවරයට නින්දා කළ යුතු නැහැ අයියේ (පඬු පාන්කඩේට) අයහපත වගේම යහපතත් ඒ තුළ තියෙන්වා මිනිස්සු ඒක වැරදියට පාවිචිචි කලාට ආගම පලි නෑ නේද

      Delete
    3. ඒ සියල්ලා කවර් වෙලා තියෙන්නේ ඒකෙන් නේද...?

      අපි වඳින්නේ සිවුරට කියලා කියන්නේ නිකං නෙමෙයි නේද...?

      කොතනද වැරැද්ද....?

      Delete
    4. වල් බුත අදහස් ඔළුවෙ තිබුනා කියලා අපි මිනිස්සුන්ගේ ඔළු පලන්නෑ නේද අයියේ...වෙනස් කරමු ඇත්ත මිනිස්සුන්ට පහදලා...

      Delete
    5. ලංකාවේ මැටි හරක් ඔය පඬු පාන්කඩෙට වැන්දාට ඕක ඔරිජිනල් බෞද්ධ නෙවෙයි. ඕක ඒ කාලේ ඉන්දියාවේ, පර්සියාවේ, ඒ තියා ග්‍රීසියේ පවා පරිභ්‍රාජකයෝ (පරිව්‍රාජක කියලත් කියනවා) ඇඳපු ඇඳුමක්. අපි ගෞරව කරන්න ඕනෙ ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙන් වෙන පුද්ගලයෙකුට මිසක් එයා ඇඟේ දවටා ගන්නා පාන්කඩයට නෙවෙයි. පුද්ගලයාට නැතිව ඒ පාන්කඩයට වන්දනා කරන නිසා ඕනෑම වසලයෙකුට තමුන්ගේ වසල ක්‍රියා වහගන්න දෙයක් බවට පත් වෙලා තියනවා ඔය පඬු පාන්කඩය.

      ඉතින් ඕක වෙනස් කරන්න නම් මිනිස්සුන්ට පහදලා දෙන්න වෙන්වා ඔය පඬු පාන්කඩයේ ඇති නොවැදගත් කම.

      කුණු කයක් වැසීමට පමණක් භාවිතා කරන පාන්කඩයකට වන්දනාමාන කරන්නා මුග්ධයෙක් මිස වෙන කවුද?

      Delete
  26. ධර්ම සංගායනාවක් කරනන් වෙයි මේවා වෙනස් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒක කරන්න වෙන්නෙත් මුන් එක්කම නේ...

      Delete
  27. ආගම යනු සම්පූර්ණ මිත්‍යාවකි. ආගම් වලින් මිනිසුන්ට සෙතක් සැලසුවාට වඩා මිනිසුන් භේද කිරීමට සහ වෙන් කිරීමට උදව් කරලා තියෙනවා. මම දන්න විදිහට ආගම් යුද්ධ වලින් මැරුණ මිනිස්සු ප්‍රමාණය අනිත් කිසිම දේකට වඩා වැඩියි.
    ඩීඑන්ඒ සැකැස්ම, පෙනිසිලින් ඇතුලු වැක්සින් වර්ග, ඉන්සියුලින් වැනි හොමෝන වර්ග සහ අනෙක් විධ ඖෂධ සොයාගත් නිපැයූ අය මේ ලෝකයට කල මෙහෙය මේ වගේ බොරු ආගම් වලින් කරපු යහපත බැලුවම හිනා යනවා.

    අපි පොඩිකාලෙම පුදුරු කරන්නේ දරුවන්ට අනිත් පුද්ගලයන්ට ගරු කරමින් ඔවුන්ටත් සධාරණව මේ සමාජයේ ජීවත්වීමට අයිතියක් ඇතිබව තේරුම් ගනිමින් ජීවත් වීම නෙවෙයි. ආගමේ උගන්වන් අපාය. හොඳින් ඉන්න ඕනේ, අනිත් අයගෙ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න ඕනේ ඒක මානුෂිය බවත් නිසා නෙවෙයි, එහෙම වැරදි කලොත් අපායේ යන නිසා. පවු සිද්ධවෙලා ඊලග ආත්මේ මොකෙක් හරි වෙලා දුක් විදින නිසා. ඉතින් අපේ අය ලොකුවෙලා අපායට තියෙන බය නැතිවෙච්ච ගමන් ෆුල් පිස්සු කෙලිනවා.

    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි කව්රු හරි වැඩිහිටියෙක් හම්බවුනාම පෝලිමට වදින එක, අම්මා තාත්තා විතරක් නෙවෙයි, නැන්දා මාම, අල්ලපු ගෙදර මාමා, පාරේ හම්බවෙලා කතා කරන ආච්චි, ක්ලාස් එකේ ටීචර්, වෙද මහත්තයා, මේ හැම එකාටම දනගහලා වදින්න දරුවන්ට පුරුදු කරනවා... මම නම් මගේ දරුවට අම්මා තාත්තටවත් වදින් එපා කියලයි තියෙන්නේ. ආදරය ගෞරවය පෙන්වන්න වැදිය යුතු නැහැ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකඟයි කැස් ලොක්කා.... මමත් වඳින්නේ කීප දෙනෙකුට විතරයි.. ඒත් අර සංස්කෘතියට තියෙන ආදරේට මිසක්ක වෙන දේකට නෙමෙයි.. පොඩි එකාට මම කියලා තියෙන්නේ මට වඳින්න එපා කියලා.. ඒත් පොඩි එකා කරන්නේ දැන් වෙන දේ.. (හැබයි මෑන් වඳින්නේ අර ඇමතිලා වඳිනවා වගේ) තව පොඩ්ඩක් ළොකු උනාම කේස් එක කියලා දෙන්න ඕනා...

      ආගම කියන්නේ තනිකර මිත්‍යවන්...

      ආත්ම ශක්තියක් නැති උන් තම්යි ඕවා පිළිගන්නේ...

      Delete
    2. මාතලන් සහ KAS

      ඔය කියන විදිහෙ ආගමක් ගැන බෞද්ධ ඉතිහාසයෙ උගන්නනවා. ෂඩ් ශාස්තෘ කෙනෙක් ගෙන් එක්කෙනෙක් වුන "අජිත කෙෂකම්බලි " ගේ ආගම. ආගම කියන්නේ තනිකර මිත්‍යවන් කියන්න අපි තනිකරම සත්‍ය දැකලා ඉන්න ඕනෙ .නිර් අගමිත්වය කියන්නෙ මිනිසුන්ගේ මනසේ තියන ආගමික සංකල්ප හිඩැස පුරවන තවත් ආගමක් තමයි. ගොඩක් තමුන්ගෙ දෘෂ්ටිය දැඩිව ගන්නා අය අදහන ආගමක්. හරියට අනෙක් අය TV එකක තියන සම්මත channel බලද්දි සමහර අය තමන්ම කරපු video බලනවා. ටිකක් advanced නිර් ආගමිකයෝ ඩොට් dot dot තියන empty channel එකක් දාගෙන ඉන්නවා.

      Delete
    3. දැන් ඔයා සත්‍ය දැකලද ඉන්නේ

      Delete
    4. මම හිතුවෙ නැහැ මාතලන් මහත්තයා ඔය වගේ typical reply එකක් දෙයි කියල. මම උඩ comment එක දැම්මේ "ආගම" වගේ මිනිස් ඉතිහාසයෙ මිනිස් සංකල්ප වල විශාල ඉඩක් ගත්ත දෙයක් ගැන "ආගම කියන්නේ තනිකර මිත්‍යවන්..." කියල එකපාරටම නිශ්චය කරල තිබ්බ නිසා.

      මම ඔබ තුමාගේ වගේම අනිත් අයගෙත් Blogs කියවල ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයාලගෙ අත්දැකීම් රසවිදිනවා. හැම මනුස්සයටම තමන් විශ්වාස කරන තමන්ගේම ධර්මයක් (Philosophy) එකක් තියනවා කියල blogs වලින්ම පේනවනේ. ඒ සත්‍යනම් මම දැකල තියනවා නමුත් බ්ලොග්ස් ලියන ඔබ තුමා දැකල නැහැ වගේ.

      ඔබ තුමා අජිත කෙෂකම්බලිගේ ආගම අදහන නිසා සමහර විට තනිකරම සත්‍ය දැකපු කෙනෙක් හම්බ වුනත් වැඩක් නැති වෙයි.

      Delete
  28. හතර කේන්දරේ පාලු කියල හෝ studies ගොඩ දාගන්න ළමයි පැවිදි කරන හු***ලාට නම් එකෙන්ම කිසිම සමාවක් දෙන්න බෑ.

    ඒත් හිතන්නකෝ මෙහෙම scenario එකක් , වනචරයෙක් අතින් අනාථ වෙච්ච කෙල්ලෙක් පට්ට දුප්පත් , ඒකිට පොඩි එකාව හදාගන්න කිසිම විදියක් නෑ. පට්ටම දුප්පත්.

    එහෙම නැත්තම් මෝලට හරි , වැරදිලා හිටලා හරි , නැත්තම් ඇත්තටම දරු සෙනෙහෙන් සහ පුළුවං කමකුත් තියාගෙන හදලා නමුත් පස්සේ ආර්ථිකේ කෙල වෙලා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ සාසනේට දාන එක මම හිතන්නේ understandable . නමුත් ඒක ලොවෙත් හරි කියල මම කියන්නේ නෑ.ඒ වගේ වෙලාවට තමයි ඔය හැට හුටාමාරක් තියන NGO , charity organizations සහ අසරණ සරණ සමිති සිරාවට ගේමට බහින්න ඕනේ. නමුත් උන් කරන්නේ මොකද්ද , තියෙන තැන් වලටම උතුරන්න දීලා , weekend වල සෙට් වෙලා club meeting කිය කියා චිප්ස් කකා බීර බොන එක.

    මමත් ලොවෙත් විරුද්දයි පොඩි ( හෝ ලොකු , සත්‍ය ගවේෂණ කරන්න එකෙන්ම උවමනාවක් නැතුව වෙන වෙන දේවල් වලට පැවිදි වෙන අය ) සාසනේට ගන්නවට. නමුත් මට නම් හිතෙන්නේ මේකට සාසනේට විතරක් බැනල වැඩක් නෑ. අපේ system ඒකේම වෙනස් කම් කරලා මේ වගේ දුප්පත් මිනිස්සුන්ට අත දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හතර කේන්දරේ පාළුයි කියල මහන කරන උන් ට නම් අරින්න ඕනේ කබර බාවෙන්.

      Delete
    2. ඇන් ජී ඕ නෝනලත් පන්සල් පාලු මග හරිනවා මම දැකලා තියෙනවා...

      Delete
  29. වර්ථමානයේ ආගම කියන්නේ හුදෙක් වෙලදපොල මත දුවන සන්කල්ප සමූහයක් පමනයි.වෙනස තියෙන්නේ අනිත් ඒවා වගේ නෙවි මේවා විවේචනයෙන් නිදහස්.ඒකට ගෑවුනු පුද්ගලයන්ව මොනම හේතුවක් නිසාවත් විවේචන්ය කරන්න බෑ,ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ....සමාජයේ හා මිනිසුන්ගේ අධ්යාත්මය වර්දනයට උපන් ආගම දැන් නිකන්ම නිකන් වෙලෙන්දොන්ගේ කඩයක් වෙලා.ඒක නිසා ඒකට බාරදෙන පොඩි උන්ට මේ වගේ අබ සරනම තමයි.කිසිම තේරුමක් නැතිව මේ වගේ ශාසනයට අතුල් වෙලා පොඩි කාලෙම විනාසවෙනව.ලොකු උනාම ආගමික පද්ධතියම යොදාගෙන තම්න්ගේ ආශාවන් සපුරා ගන්නවා කරන්න තියන ඔක්කොම ජඩ වැඩ කරගෙන.නැත්නම් සල්ලි වලට යටවෙලා සල්ලි පස්සෙම දුවනව.ඒ ජරා වැඩ කරන්න බයවෙන්න දෙයක් නෑ.තමන් විවේචනයෙන් හා නීතියෙන් නිදහස් වෙන්න පුලුවන් ආරක්ශක ආවරණයක් ඇතුලෙනෙ ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. නීතිය ඉදිරියේ කොයිකත් එකයි නේද...?

      වැරද්ද තියෙන්නේ මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම නොවෙයිද....?

      Delete
    2. ඔව් නීතිය මේ අයට වලන්ගු නොවන්නේ ශාසනය කියන ආරක්ශක ආවරණය ඇතුලේ ඉන්න නිසා.ඒ අය විසින්ම සමාජ‍ය තුල මතයක්බිහි කරල අවසන් ඔවුන්ට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගයක් වේද එය ශාසනයට හා ආගමට එරෙහිව ගන්නා පියවරක්ය කියලා.ඒ නිසා ඔවුන් විවේචනයෙන් හා නීතියෙන් නිදහස් වෙලා ඉන්නේ

      Delete
  30. එව්ව මෙව්ව කොහොම උනත් පන්සලුත් තියෙන්න ඕන හරිය, නෑතිනම් මාතලන්ල වගේ එව්වො සුද්දන්ට මොනව පෙන්නල ගාන කපන්නයෑ හිටන්!(ඔරුතොට හබලානන්ද )

    ReplyDelete
    Replies
    1. තියෙන්න ඕනා... තියෙන්න ඕනා.. ඒත් ළමා අපචාර නැතිව.. උපාසකම්මලත් එක්ක හැමිනුනාට අපට අවුලක් නෑ.. පොඩි උන් බේරලා...

      Delete
  31. සුද්දො ඇවිත් ලංකාවෙ පොඩි උන් දූෂණය කරනව අනන්තවත්. මුට ඒව පේන්නෙ නෑනෙ හැබෑට.

    ReplyDelete
    Replies
    1. සුද්ද ලංකාවට කරපු දේවල් වල හැටියට ළමයින්ව දීල මදි බොලව්. උන් හින්ද තමා අපි මෙහෙම ඉන්නෙ. උන්ට තියන ණය ගෙවන්න උන් සතුටු වෙන විදිහෙ දේව්වල් කරන්න ඕන තමා බොලව්. මේ හිගන අපි වෙන මොනා කියල දෙන්නද. ගෑනුන්ව දෙන්නයෑ. උන් අපේ ගෑනුන්ට කැමතිනෑ. ඇහක් ඇරල බලන්නෙ නෑ අපේ ගෑනු දිහා. උන් කැමති කොල්ලන්ට විතරයි බොලව්. කොල්ලන්ව දීලත් උන්ට තියන ණය ගෙවන්න බැරි වෙයි බොලව්.

      Delete
    2. කී දෙනෙක් දූෂණය වෙලා තියෙනවද....?

      Delete
    3. වැරදි වැඩේ සුද්ද කළත් එකයි හාමුදුරුවො කළත් එකයි. වරද වරදමයි එය වැලැක්වියයුතුයි.

      Delete
  32. සිරාවට මාතලන්ල වැල්ලෙ ඉන්න පොඩි කොල්ලන්ව සුද්දන්ට කෙලින්න දෙන ගමන් මෙහෙම ඒව ලියනව. තෝ පුලුවන්නන් කියපන් එහෙම කරල නෑ කියල. කරල නැත්තන් උඹ ගයිඩ් කෙනෙක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. උඹගේ ගානෙන් හැම එකාම මනින්න එපා බං....

      ස්පයිස් ගාඩ්න් එකත් කන්ඩෙම් කරන ගයිඩ්ලා අනන්තත් ඉන්නවා...

      Delete
    2. මාතේ, උඹ NTGL කෙනෙක් ද?

      Delete
    3. මාතයා දැන් හෝටලේක මැනේජර් කමයි පිම්පි කමයි දෙකම කරනවා

      Delete
    4. සප්ලයි කරන එකත් කොමෙන්ට් එකක් දාලා...

      Delete
    5. මාතේ, මම මාතලේ... උඹ මොන ස්පයිස් ගාර්ඩන් එකේද වැඩ?

      Delete
    6. ස්පයිස් ගාඩ්න් වල වැඩ නෑ බං... හැම එකටම යනවා සුද්දන්ට ඇත්ත කතාව කියලා...

      Delete
    7. මාතේ.... මට තේරෙන්නේ නෑ උඹ මොන ආකාරයටද ටුවරිස්ම් වලට සම්බන්ධ කියලා. උඹ මොන කොම්පැනියටද වැඩ කරන්නේ? ජෙට් වින්ග්?

      Delete
    8. වැරදි වැඩේ සුද්ද කළත් එකයි හාමුදුරුවො කළත් එකයි. වරද වරදමයි එය වැලැක්වියයුතුයි.

      Delete
  33. මාතා................ මේ විදිහට වීඩියෝ නොකරපු ඒවා තව කොච්චර අැද්ද??????

    ReplyDelete
    Replies
    1. මේවා අපි නොදන්න දේවල් නෙමෙයිනේ.. එකම දේ දැන් දැන් මේවා එලියට එනවා...

      Delete
  34. සිංහලය කියන්නෙ පට්ටම කම්මැලි ජාතියක්. උන්ට ඔක්කොම ළගට ගේනකන් බලන් ඉන්න ඕන. හාමුදුරුවරු කරන්නෙත් ඒක. නිකන් හම්බවෙනවනෙ කන්නයි බොන්නයි සේරම. සිංහල අනිත් මිනිස්සුත් එහෙමයි. ඉතිං සිංහල මිනිස්සුන්ට රටේ නැත් ලෙඩ.
    වෙන ඕන නෑ කැම්පස් එකක් ගන්න. පිටරට වල ළමයි කැම්පස් ගිහින් පාඩනුත් කරල රස්සවලුත් කරනව සල්ලි හොයාගන්න. කොච්චර කඩිසරයිද කියල පේනව. ලංකාවෙ කැම්පස් වගේ නිකං පාස් කරන්නෙත් නෑ එහෙ කැම්පස්. විභාග හුගක් අමාරුයි. ලංකාවෙ උන්ට වෙලාව වැඩි වෙලා පිකට් කරනව.

    ReplyDelete
    Replies
    1. පන්සල ආඩරුසෙට ගත්තොත් හැමනිලම තියෙයි....

      Delete
  35. මටත් හාමුදුරැවන් ගැන හොද හැගිමක් අැත්තෙම නෑ..
    පව්කාරයි..

    ReplyDelete
  36. MEKA DUPPATH KAMAKA EKKA PRASHANAYAK MACHOO.
    DUSHKARA GAMMANAWALA DEMAWPIYOO PODI EWUNWA MAHANA KARANNE HATARA WARIGEMA NIWAN DAKKAWANNA NOWEI.
    NATHI BARI KAMATA EKA THAMAI ATTA KATHAWA.

    ReplyDelete
    Replies
    1. හදන්න බැරුනම් අහවල් එකටෙයි වදන්නේ...

      "ප්‍රීතී" එච්චරම ගනන් නෑ නේද මචෝ...

      Delete
  37. https://www.dropbox.com/s/rjuaqq81xjw3ysx/Eththa Neththa by Sujeewa Senasinghe.pdf?dl=0
    මේ ආටිකල් එකට සම්බන්දයක් නෑ . මාතලන්ට කියවලා දැනගන්න ලින්ක් එකක්.

    ReplyDelete
  38. සිරාවට මාත උඹ ලංකාවට එන සුද්දන්ව ආශ්‍රය කරන හින්ද අහන්නෙ. ඔය ගස් වදින ඇට වදින ඒව දැක්කහම උන් මොනාද කියන්නෙ. දළදා මාලිගාවට එක්කන් ගිහාම නං හුගක් වෙලාවට සුද්දන්ට එපා වෙලා එළියට එන්නෙ බැන බැන කියල අහල තියනව.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචෝ.. ඒක, එක එක කැටගරීස් අනුව වෙනස් වෙනවා...

      Delete
  39. රජා එලවන්න දඟ දෑව
    යහ පාලනයට ආවැඩූව
    දැන් හොරු සමග හෙලුවෙන්ද
    මාතා කොහෙද තෝ යකෝ .....

    ReplyDelete
    Replies
    1. රජා එලෙව්ව එකම මදෑ බං... මුනුත් එලවනවා ඒ වගේම...

      Delete
    2. රජා එලෙවුව සිරිකොතේ ගල් සීය ගෙනාව කොටිය නැගිට්ටෙවුව ඉන්දියාවට පුක දුන්න ඇමරිකාවෙ එවුන්ගෙ පුකවල් ලෙව කෑව.

      Delete
    3. කොහොම හරි ගේම දුන්නා නේ...

      Delete
  40. Appata ara asgiriye inna maha loku kaha kurullonge eta dekada hena wedilada appa me podi ekata una de penne neththe? E wesawiyo danne unge gederata deshapalakayo awahama video voice cut denna witharada? Muslim eka palliyata lebena deyin unge duppath ewunta salakanawa. Eth ape ewun heminenna hadanneth un ekka unge halal ekka. Ane huke ara asgiriye inna ponna wagansela nethi beri ekekuta geyak hadala dunna kiyala ahala thiyenawada? Balla pane buddhism.. Yako mewwa lamaa apachara.. Thawa mona saakkida.. Maawa himikam ko ban mewwata.. Mewwa dekkahama mathak wenne wanduru kunuhabba. Thuk nodakin..!!

    ReplyDelete
  41. අහිංසක පොඩි එවුන් බලෙන් මහණ කරලා අන්තිමට තරුණ කාලෙදි සාසනේ දාලා ගියාම රිඹ යන්න බණිනවා. මෙව්වා මහ අමනුශික වැඩ.

    ReplyDelete
    Replies
    1. බෙලෙන් දෙන්න ගියාම ඕකයි වෙන්නේ...

      Delete
  42. Nodanna sasanya gana katha nokara hitu. Koranna oni widiha Ape budu hamuduruwo kiyala thiyenne. thoge kunuhamba thiyagena hitapiya parayanta kade yanne nathuwa. Lankawe kawruwath balen mahana koranne naha.

    ReplyDelete
  43. http://ctkumara.blogspot.com.au/search/label/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%B6%E0%B6%AB...

    ReplyDelete
  44. මේ තියෙන්නේ මාරයා
    රහතුන් ගැන කියු කතාවක්

    http://ctkumara.blogspot.com.au/2011/11/blog-post_27.html

    එවකට රටේ මහා දහම් ප්‍රබෝධයක් ඇති වෙමින් පැවති යුගයකි...ප්‍රසිද්ධියට පත් වූ ධර්ම කථීකයින් කිහිප දෙනෙක්ම රට වටා නොයෙක් ආකාරයේ දහම් ප්‍රචාරයන්හී යෙදෙමින් සිටි අතර එක් විටෙක අපගේ අවධානය යොමු වූයේ ඒ ඒ හිමිවරුන් විසින් යම් යම් අවස්ථාවලදී දේශනා කරන්නට යෙදුණ දහම් කොටස්වල නිවරද්‍යතාවයන් පිළීබඳවයි.. එවැනි අවස්ථාවක එළියට ඇදුන යටි පෙලෙහි වූ කතාවක් අද වැනි දිනක වැදගත් වේයැයි සිතමි...

    කුමන හෝ දහම් කොටසක් තරමක් විකෘතියකින් යුක්තව දේශනා කල හිමිනමක් ගැන මාතෘකාව වී තිබුණු අවස්ථාවේ මා විසින් එම ප්‍රසිද්ධ හිමියන්ගේ අධ්‍යාපන තත්වය ගැනත් උන්වහන්සේගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහිත ධර්ම දේශනාවන්ගේ රටාවත් ගැන උන්වහන්සේලාගෙන් විමසා සිටියෙමි. ඇත්තටම උන්වහන්සේට එවන් දැනුමක් නොඑසේනම් විද්‍යා උපාධියක් ඇද්ද යන්නත් එසේ උගත් හිමිවරුන් සසුනට ඇතුළු වීම සාසනයේ ඉදිරියට කොතරම් දිරියක් දැයි යන වගත් කතා කල විට මා මිත්‍ර හිමිවරුන් දෙදෙනාත් අනික් සඟයාත් සිනහ විණී... එම සිනහවේ සැග වී ඇති අරුතක් තිබූ හෙයින් නැවත ඒ පිළීබඳ විචාල විටය මට මෙම කරුණ උන්වහන්සේලා අතින් දැන ගන්නට ලැබුනේ...

    එනම් දහම ගැන ආසාවක් හෝ සසුනට සේවයක් කිරීම පිණීස නොව අදාළ හිමිනම තවත් ගිහි උපාධි අපේක්ෂකයින් හය දෙනෙකු සමඟ එක්ව සසුන්ගතව ඇත්තේ හදිසියේ ලැබුන ප්‍රංශයට යමේ අවස්ථාවක් සලසා ගනු පිණීසය. ධර්ම ප්‍රචාරක සේවාවක් සඳහා යන මුවාවෙන් වීසා ලබාගෙන ප්‍රංශයට යා හැකි අවස්ථාවක් ගැන හෝඩුවාවක් ඔස්සේ එම සසුන්ගත වීම සිදු වූ අතර එයින් කිහිප දෙනෙකුට අදාළ අවස්ථාව හිමි වූවද පෙර කී හිමිනමටත් තවත් අයකුටත් අවස්ථාව ගිලිහී ඇත.

    එහෙත් අවස්ථාව ගිලිහී ගියද එක්වරම උපැවිදි වීම දන්නා හදුනන අයගේ ගැරහීමටත් අපහාසයටත් කාරණාවක් වේයැයි සිතු දෙදෙනා තව ටික කලක් එසේ සිට සිවුරු හැරීමට තීරණය කොට තිබුණි.අදාල අනික් පුද්ගලයා එසේ ස්වල්ප කලකින් සිවුර හැර ගියද අපගේ ප්‍රසිද්ධ හිමිනමට ඒ වන විට සිවුර රහ වැටී තිබිණ.. ඒ උන්වහන්සේට අහම්බයෙන් මෙන් ලැබුන ධර්ම දේශනා කිහිපයක් හරහා ඇති වූ සුළු ප්‍රසිද්ධිය නිසාය... අවසානයේදී ප්‍රංශ ගමන වැලකුනද වෙනත් මාර්ගයක් පෑදීම හේතුකොටගෙන දිගටම සිවුරේ සිටීමට පෙළඹුන උක්ත හිමි නම ගැන විශ්ව විද්‍යාලයේ හිතවත් කිහිප දෙනෙකු හොඳින් දැන සිටි අතර භික්ෂූනේවාසිකාගාර වාසී අපගේ මිතුරු හිමිවරුන්ද එක් වසරක කණිෂ්ඨභාවයකින් යුතුව අඳාළ හිමිනම තරමක් ලගින් ඇසුරු කල අය වූහ...

    සාසනයට සේවය කිරීම පිණීස හෝ තම ආධ්‍යාත්ම සුවය පිණීස නොව විදෙස්ගත වීමට කෙටි මාර්ගයක් ලෙස සසුන්ගත වූ හිමියන් වර්ථමානයේදී කෙටි මගකින් සකෘදාගාමීව ඇති බව නම් ප්‍රසිද්ධය.. ඒ ගැන එයින් එහාට කතා ඇවසි නැත. දහම වනසන්නේ පිටතින් එන්නවුන් නොව සාසනික ස්වරූපය දරාගෙන එන්නා වූ අභ්‍යන්තරයෙන්ම පහළවන්නා වූ මිසදිටුවන් අතිනි.

    ReplyDelete
  45. "නිර්වාණය" කියලා ලබා ගත හැකි හෝ අත්පත් කර ගත හැකි හෝ කෙහෙල්මලක් මේ ලෝකේවත්, විශ්වයේවත් නැහැ. "නිර්වාණය" කියන්නේ delusion එකක් (මුළාසියක්). ඒක හරියට ම දේව ආගම් අදහන්නන්ගේ God delusion එක වගේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න