.

.

Sep 21, 2015

එල්ලුම් ගහේ තීරණය බූරුවන්ට - Donkeys will take a desision !!!



යහපාල තුමා අපිට බෝලේ පාස් කොරා කියා අජිත් පෙරේරා නියෝජ්ජ ඇමති තුමා කියා තියෙනවා දැකලා හනිකට ගොහින් නිව්ස් එක බැලුවේ, මේ හොරු අල්ලන එකක් හරි කොන්ස්ටිටියුසොන් එකේ ගේමක් හරි කියලාය. ගිහින් බැලුවාම පුකෙන් හිනා යන සීන් එක කියන්නේ, බෝලේ පාස් කොරලා තියෙන්නේ එල්ලා මරණ එක පාර්ලිමේන්තුවේ උගත් බුද්ධිමත් පිරිසට බාර දීලා තියෙන කේස් එකක් ගැනය. හැබයි ඉතින් ඔය වැඩේට ගමේ නම් කියන්නේ බොලේ පාස් කොරනවා කියලා නෙමේය. බල්ලාගේ වැඩේ බූරූවාට කියනවා කියලාය.

බැලුවාම ඉතින් ඒක බෝලේ පාස් කිරිල්ලක් නෙමේය. තීරණය ගැනීම නීති හදන උන්ටම දීපු කේස් එකක්ය. නීතී විජ්ජාලේ නීතිය උගන්නන අජිත් මහත්තයා එහෙම කතාවක් කිව්වේ මොකෝ කියා තාමත් හිතා ගන්න බැරිය. මොකෝ ඔය තිරණේ තනියෙන් ගත්තා නම්, යහපාල තුමා පට්ට එකාධිපතියෙක් වෙනවාය. ඒ තනි තීරණයක් හන්දාය. එතකොට අජිත් පෙරේරලා ලයිෆ් එක ඩෝග්ස්ලාට දමා පයිට් කොලේ එකාධිපතිත්වයට විරුද්ධවය. එහෙම කස්ටිය බෝලේ පාස් කොරපු කතා කියන්නේ ඇයි කියලා, මොළේ නිකන් අඥ්ඥා කොoඩඤ්ඤගේ වගේ අවුල් වෙනවාය.

මේ සැරේ පාර්ලිමෙන්තුවට ජනතාව පත් කර එවූයේ මාර බුද්ධිමත්, උගත්, ජනතා නියෝජිතයන්ය. ඒ පැෆරල්ගේද ඇපරල්ගේද මාර්තු 12 පොරකාසේනට පින් අත් වෙන්නටය. ඒකට යහපාල තුමා මෙන්ම රනිල් හස්ති රාජයාද බය නැතුව සයින් එක දැම්මේය. ඒ වගේ අයට එහෙම සයින් කොරනා එක නිකං කජු කනවා වාගේය. මොකෝ එහෙම සයින් දැම්මා කියා, ඒවා උල්ල්ඃගනය කොලා කියා, එකෙක්වත් නඩු යන්නේ නැති නිසාය. එහෙම හදිස්සියේ යරි ගියොත් හෙම, ගියපු එකාට වයිට් වෑන් ටුවර් එකක් නොමිලේ හම්බු වෙන එකත්, කැබිනට් එක ළොකු වෙනවා වාගෙම බුදු ෂුවර්ය.

දැන් ඉතින් මේ උගත් පුක්දිමත් ජනතා නියෝජිත මහත්ම මහත්මීන්, එල්ලලා මරණවාද, මරලා එල්ලනවාද කියා තීරණය කොරනකන්, අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සේ තෙවරක් පෙරන ලද බුද්ධාගම පුක උඩ දාගෙන වඳිනා උවැසි උවැසියෝ පාරේ බෝඩ් අල්ලගෙන බලාගෙන ඉන්නවාය. එහෙම ඉන්නා උන්ම, රිසානා මරාපු වෙලාවේ අරාබියාගේ සදාචාරේ ගැන මාර විදියට පුරස්න කොරනවාය. පට්ට ජෝක් එක කියන්නේ රිසානා නිසා එල්ලිලා මැරෙන්න ගිය රන්ජන් රමණ යකා මහතාත්, ගල් අරාබියෙක් වෙලා තියෙනා එකය.

තව පොඩ්ඩෙන් මේ ගොබ්බ වෙසිගෙ පුතාලා, අර දැරිවිගේ තාත්තා මරලා දානවාය. ඊට පස්සේ අල්ලා ගත් කොල්ලෝ දෙන්නත් ඩී ඇන් ඒ ආවයින් පස්සේ රිලීස් කොරන්න වෙන සයිස් එකක්ය. දැන් ඉතින් ඒ කොල්ලන්ට ඒ පැත්තේ වාසය කරන්න හම්බ වෙන්නේ නැතිය. පඩත්තල ජනමාද්දිය වේදියෝ උන් දෙන්නා කුඩු කරලා දැම්මේය. උන්ගේ කොම්පියුටර් වල සැක්ස් සීන් තියෙනවා කියා කිව්වේය. අපේ උන් සැක්ස් කොරන්න කෙල පෙර පෙර බලාගෙන උන්නාට. අනික් එකා සැක්ස් කොරනා එකට කචල්ය. කොරනා එකට ඉතරක් නොව බලනා එකටත් කචල්ය.

ඔය සුචරිතවාදි මහත්තුරුන්ගේ කොම්පියුටර් චැක් කොලා නම්, උන් බලන්නේ සබ්බ ඒවාද අසබ්බ ඒවාද කියා ඕනෑම එකෙකුට බලා ගන්නත පුළුවන්ය.

දැන් ගොන් බූරූ මහජනයා කියනාකාරයට නඩු ඇහුවා නම්, අහිංසකයින් (අහිංසකයින්ද නැද්ද කියා තීරණය කිරීම පොලෝසිය සතුය.) තුන් දෙනෙක්ම එල්ලා අවසානය. ඒත් නියම මිනී මරුවා තවමත් අප අතරේම ඉන්නවාය. ඌට හෝ ඒකිට අමතරව අමුතු ඇටේ ඉන්නා ඔක්කෝම මිනීමරුවෝත් බය නැතිව එලි බැහැලා, අධෝමුඛයෙන් නැතිව කෙලින්ම බත් කන මුඛයෙන්ම මහ පාරේ රෙනවාය.

කළ යුත්තේ මිනී මරපු එකා මරා, අපා ගත වීම නෙමේය. මේවා නැවත් සිඳු නොවන්නට තීන්දූ තීරණ ගැනීමය. එජාපය වගේ මොළේ කඳුලක් හෝ තිබෙනා, ළෝකය ගැන දන්නා, කලසන් කෝට් අඳිනා මහත්වරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මිනිසුන් එල්ලා මරණ ගෝත්‍රිකවාදී නීතී රීති ගෙනත්, ළෝකයා ඉදිරියේ, අපේ රටත්, පිරිසිඳු බුද්ධාගමත් නෝන්ඩි නොකරනා මෙන්ය. 

කළ යුතු එකම දේ.. මිනී මැරුම්, කුඩු කේස් වලට මෙන්ම ළමා හා කාන්තා අපචාර හා දූෂණ සඳහාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීම පමණක්මය. 

එපමණක් නොව, මේ රට යලි ගොඩ ගැනීමට නම් උස් පහත් ළොකු පොඩි බේද නොතකා සැමට එක ලෙස නීතිය ක්‍රියාතමක කරනා ලෙසය.

කෙසේ හෝ බයියන් පැහැදිලිව හඳුනා ගත්තා සේ පාර්ලිමේන්තුවේ ඉන්නා බූරුවන් පිරිසද පැහැදිලව දැන ගැනීමේ අයිතිය අපට ලබා දුන්නාට යහපාල මැතිතුමාට මාතලන්ගේ ආදර ගෞරවය මේ අවස්ථාවේ පුදකර සිටිනවාය..

105 comments:

  1. හරියට හරි ඒ බුරුවන් රොත්ත කව්ද කියල අපිට සහතිකවම දැනගන්න පුලුවන්.. වාසනාවක් තිබ්බොත් අනුර කුමාරල බේරේවි..

    අජිත් පෙරේරාගේ විනාඩි තුනක කතාවක් මම බැලුවා සටන කොටසක්.. ඔහු හිතට එගකව කතා කළත්, මේ මුඩුම විවාද වලදි විනාඩි දෙක තුනකින් අදහසක් ජීර්ණය කරවන එක පුදුම ආශ්චර්යයක්. මම ඊයේ 360 දීත් දැක්කා විජේදාස රාජපක්ෂට එයාගේ ක්‍රමාණුකූල පැහැදිලි කිරීමට බාධා කරනවා. හේතුව කාලය. එහෙනං ඔය මගුල් නවත්තන්නයි තියෙන්නේ. මාධ්‍ය කරුවා ජනතාව දැනුවත් කරනවා කිව්වට ඒක කරන්නෙත් බාගෙට... අප්ප්රියයි මේ වැඩසටහන් බලන එක..

    ReplyDelete
    Replies
    1. ඒකට මලකුණ වැඩ සටහන
      අතිවිශිෂ්ඨයි ;)

      Delete
    2. අජිත් කියන්නේ උඩු ඟං බලා පීනන මනුස්සයෙක්... මහින්ද මහත්තයත් එක්ක බය නැතිව ගේම ඉල්ලපු පොරක්...

      Delete
  2. ඒකනම් ඇත්ත. අපේ අයියලා පුක උඩ දාගෙන කෑගැහුවට දන්නේ නැහැ මරණ දඩුවම ගෙනාවම බලය තියෙන එකා අපරාධ කරල අධිකරණයටත් බලපෑම් කරලා අහිංසකයෙක් එල්ලුම් ගස් යවලා ආතල් එකේ ඉදියි. අපේ උන්ටත් ඕනේ කාව හරි එල්ලන්නනේ. අන්තිමට වැරදිකාරයා පුකෙනුත් හිනාවෙයි

    ReplyDelete
    Replies
    1. කරුමෙ කියන්නේ ඒක නේ... දැන් අල්ලගෙන ඉන්න එකත්, ඇප පිට එලියට දාපු එකෙක් ලු... එතකොට කෝ ඒ වගේ එකෙක් අලියට දාලා කරන පසු විපරම... දැන් ඇමරිකන් බයිලා ගහනවා..

      Delete
  3. එල්ලුම් ගහට පක්ෂ එවුන් ටික හොයා ගත්තහම බූරුවෝ කවුද කියල තේරෙයි

    ReplyDelete
    Replies
    1. හොඳ අවස්ථාවක් අපට ලැබිල තියෙන්නෙ. මේ ගැටළුවට දෙන විසඳුම දිහා හිනාවෙවී(අපි ගැනම අනු කම්පාවෙන් ) බලා ඉන්න පුළුවන් වේවි

      Delete
    2. කළබල වෙන්න කාරි නෑ.. වැඩිපුර ඉන්නේ බූරුවෝ... නැතිනම් මේ රට මෙහෙම වේවිය....

      Delete
  4. කතා කරල වැඩක් නෑ. එල්ලන්න නෙමෙයි කෑලි කෑලි කපලා ප්‍රසිද්ධියෙ මරන්නනෙ කතාව. එහෙනම් ඉතින් ඔය ෂරියා වගේ දරුණු නීති තියන රටවල් කිසිම අපරාධයක් නොවෙන සුදුනෙළුම් විල් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග රටවලදි ලාංකිකයන්ට මරණ දඩුවම දීපු අවස්ථාවලදි ඊට එරෙහිව හඩනගපු නළුබට්ට ගැලරියට මාර ටෝක්නෙ දෙන්නෙ.

      Delete
    2. අල්ල ගත්ත එකාගේ අක්කයි මස්සිනයි කියපුවා ඇහුවද...? ඉතින් ඒ වගේ පවුලක එකෙක් මෙහම දෙයක් කලා කිව්වම පුදුම වෙන්න කාරි නෑ.. අර මම මීට කලින් පෝස්ට් එකේ කිව්වා වගේ...

      Delete
  5. ROCKE ROHINEE GANA UMBA LIYANWADA NADDA
    THAWATH IWASANNA BA YAKOO LIYAPAIYA

    ReplyDelete
    Replies
    1. හම්මට සිරි මෙන්න එදා ඉදලම පොල්ල කෙලින් කරන් බලං ඉන්න එකෙක්.. හැක්.. එළ..

      Delete
    2. ඒක ලිව්වෙ නැත්තං මාතලනුත් එල්ලයි බලාගෙන.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. යා ....යා ....යා ....යා .... මුන්ගේ වැල් බයිලා අහලා ලේ කෝප ගන්නවාට වඩා හොඳයි. රොකට් රෝහිනී ගැන කියවලා හස්ත කරමාන්තයක් කරගෙන ඉන්න එක .. අම්මපා

      Delete
    5. පොඩ්ඩක් හිටහන් බං කළබල නොකර...

      Delete
  6. මේකේ මාත්තුරුකාව චේන්ජ් කොරාපන්.. එල්ලුම්ගහේ තීන්දුව මිනීමරුවන්ට, ස්තිරි දුසකයින්ට හා කුඩු කාරයන්ට.. කියල.. ඒ කියන්නේ තමන්ව එල්ලුවට කමක් නැද්ද කියල තමන්ටම තීරණය කරන්න දුන්න වගේ.. හැක හැක හැක..
    අජිත් පෙරේරා කාරයා මාර ගේමක් දුන්න එදා ටීවී චැනල් එහෙක කතා කරන්න ඇවිල්ලනම් මේ එල්ලුන් ගස් ගේන එකට විරුද්දව.. ඇත්තටම ඌට යමක් කමක් තේරෙන එකක් කියල මට හිතෙන්නේ..
    මට හරි ආසයි අර පොඩි එකාගේ ලැප් එකේ අසබ්බිය දේවල් තියෙනවයි කියාපු උන්ගේ හා උන්ගේ දරුවන්ගේ ලැප් ටික චෙක් කරලා බලන්න.. ඊයේ ITN එකේ දොරමඩලාව ට ආපු DIG ගොබිලෙකුත් කියනවා ෆෝන් හා ලැප්ටොප් ළමයින්ට දෙන එකෙන්ලු මේ ඔක්කොම විපත් වෙන්නේ.. මට ඉතින්.. .. නෑ එක්කෝ ඕනි නෑ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ද්විමාන එවුන්ට ත්‍රිමාන පේන්නෙ නෑ කමියො.

      Delete
    3. ඩොරමඩළාව කියන්නේ පට්ට ගෝත්‍රිකවාදින්ගේ ගව ගාලක් නේ බං...

      උඹ ඒවත් බලනවද....?

      Delete
  7. //කළ යුතු එකම දේ.. මිනී මැරුම්, කුඩු කේස් වලට මෙන්ම ළමා හා කාන්තා අපචාර හා දූෂණ සඳහාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීම පමණක්මය.

    එපමණක් නොව, මේ රට යලි ගොඩ ගැනීමට නම් උස් පහත් ළොකු පොඩි බේද නොතකා සැමට එක ලෙස නීතිය ක්‍රියාතමක කරනා ලෙසය.//

    100% එකගයි.......... නියම ලිපියක්............ සුබ පැතුම්........!

    ReplyDelete
  8. එල්ලුම් ගහෙන් ප්‍රශ්ණ විසඳුන රටක් නැහැ. ඒවගේ දෙයක් ගැන කථා කරන එකත් බෞද්ධ ලෙබල් ගසා ගත්තු ශරියා නීතිය තියෙන ඉස්ලාම් ආගම විවේචනය කිරීම ස්ටයිල් එකක් වෙලා තියෙන රටකට ලැජ්ජාවට වඩා හාස්‍යයට කාරණයක්.

    ReplyDelete
    Replies
    1. සවුදියෙයි මෙහෙයි වෙනසක් නෑ වගේ, බලාගෙන යන කොට...

      Delete
  9. වෙලාවක් ඇතිවිට ඉයන්ගෙ අඩවියට ඇවිත් යන්න ආරාධනය.

    ReplyDelete
  10. මං මේ කියන එකට දෙපැත්තෙම අය අකමැතිවෙයි. කාලෙකින් බැනුම් ඇහුවෙ නැති නිසා ඒත් කියන්නම්.

    පසුගිය එක වගේ අපරාධයක් වුනහම මිනිස්සු " ගල් ගහල මරනු, ශරියා නීතිය ගෙනෙමු, ගෝල්ෆේස් එකේ එල්ලමු. කෑලි කපමු. අපිට දෙන්න අපි මරන්නම් , ඌව කමු, ගෙදර ගිනි තියමු, අපිට වුනානම් කොහොමද " ආදී නොයෙක් හැඟීම්බර මල විකාර කෑගහනව. ඒ එක පැත්තක්.

    අනිත් පැත්ත තමයි උසාවිවලින් දැනටත් දෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එල්ලුම්ගහ සක්‍රීය කරන එක ගැන සාකච්චා කරනකොට තව කට්ටියක් " දෙය්යන් දුන් මිනිස් ජීවිතයක් නැති කිරීමට අපිට අයිතියක් නෑ, තේරවාදී බෞද්ද රටේ ඒක හොඳ නෑ, ඉස්සෙල්ල සමාජ අසාධාරණ නැති කරමු, දැනුවත් කරමු, ප්‍රතිශෝධනය කරමු, මරණ දඬුවමෙන් අනිත් රටවල අපරාද නැතිවී නෑ, අහින්සකයන් එල්ලුම් ගස් යයි,හැම මිනිස් ජීවිතයක්ම එකවගේ වටිනව, මිනිස්සු හොඳ කරමු. ( තාම ඉර බටහිරින් නගිනකන් ඉම්මු කියල කිව්වෙ නෑ :-D) " ආදී ප්‍රායෝගික නොවන, තාර්කික වුනත් ප්‍රශ්නය විසදීමට දැනට උපකාරික නොවන ඇබ්ස්ට්‍රැක්ට් හැඟීම්බර දේවල් කියනව.

    එල්ලුම් ගහ ස්ථිර විසඳුමක් ලෙස නරක දෙයක්. ඒත් එය අවස්ථානුකූලව අවශ්‍ය නරකක් වෙන අවස්ථා හා රටවල් තියනව.

    අහින්සකයො එල්ලුම් ගස් යයි, සල්ලි දීල වෙන කෙනෙක් යවයි කියන තර්කය තර්කයක් ලෙස ගෙන ආ හැකි බව මං පිලිගන්නව. ඒත් දැනට ලන්කාවෙ මරණ දඬුවම නියම වෙලා ඩෙත් රෝ එකේ ඉන්න අපරාධකරුවන් බැලුවහම ඒ තර්කයේ ප්‍රායෝගික බව ගැන ආයිත් හිතන්න වෙනව

    අපරාධකරුවන් 10 දෙනෙක් නිදහස් වී ගියත් කමක් නෑ එක අහින්සකයෙක් දඬුවම් ලබන්න තියන චාන්ස් එක වැලකිය යුතුයි කියන Blackstone's ratio විදිහට තමයි ඉන්ග්‍රීසි ක්‍රමයට නීති හැදිල මෙහෙ තියෙන්නෙ.https://en.wikipedia.org/wiki/Blackstone%27s_formulation

    චුදිතගෙ පැත්ත හුඟක් ලේසියි චෝදකගෙ කාර්යයට වඩා. පොඩි සාධාරණ සැකයක් ඇති නිදහස් වෙන්න. ඔය ඔක්කොමෙන් පස්සෙ වැරදිකරු වෙලා සහ අභියාචනාවෙනුත් පැරදිලා තමයි ඔය ඩෙත් රෝ එකේ ඉන්නෙ. මරණ දඬුවම දුන්නට ඒක ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ල කරන්න යාන්ත්‍රණයකුත් තියනව, ඒක තව තද කරන්නත් පුලුවන්.

    දන්නවද මිනීමැරුමකට වැරදිකාරය කිව්වත් මාව එල්ලන්න කිව්වත් එවේලේ දඬුවම් නියම කරන්නෙ නෑ. සාක්කි මෙහෙයවන්න ඕනෙ රජයේ පාර්ශවයෙන්. ඒකට එක හේතුවක් ඒ මරණය "මිනීමැරුමක් නොවන් සාවද්ය මනුෂ්‍ය ඝාතනයක්" a culpable homicide not amounting to murder ( එයට මරණ දඬුවම නෑ , සිර දඬුවමක් පමනයි ) විය හැකි නිසා, එහෙම නැත්නම් පිස්සුවට හෝ සල්ලිවලට ( කසිප්පු නඩුවල වගේ ) වරද පිලිගත හැකි නිසා

    මං මේක ලිව්වෙ එල්ලුම් ගහ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කල යුතුයි කියන ස්ථාවරයේ සිට නෙමෙයි. ඔය කෑලි කපා මරමු කියන අය සහ ඉස්සෙල්ල සමාජය හදල ඉම්මු කියන අය දෙගොල්ලොම බොලඳයි කියල මට හිතෙන නිසා.

    මට හිතෙන්නෙ සමහර අපරාධ යම් ප්‍රතිශතයකින් අඩු කිරීමට තාවකාලික ලෙස ට්‍රයි කල හැකි අවශ්‍ය නරකක් ( a necessary evil ) ලෙස සලකා එල්ලුම්ගහ ගැන ප්‍රායෝගික තර්කානුකූලව (නිකම්ම "අපොයි අහින්සකයෙක් ගියොත්" වගේ නැතුව) සීරියස්ලි හිතන්න ඕන කියල තමන්ගෙ හිතේ තියන තරහ බය මෙන්ම අධි සංවේදී මානුෂික හැඟීම් පසෙක තියල

    (මාතලන්ගේ බ්ලොග් එක ගැන මගේ ආසාව අඩු වේගෙන යනව ලඟදි ඉඳල මේකෙ කෙටි කමෙන්ට් කිරීමට මට ඇති අපහසුතාව නිසා. සීරියස්වීම මගේ natural state නොවේ :-D . )

    ReplyDelete
    Replies
    1. මේකෙදිත් සීරියස් වෙන්න බැරි නං උඹෙන් වැඩක් නෑ ප්‍රා!
      මගේ අදහස යටින් දාන්නං.....

      Delete
    2. මේකට සීරියස් තමයි රාජ්.
      මගෙ සීරියස් කෝටා එක මේකටම ඉවර වුනා.
      තව සීරියස් වුනොත් ඇලර්ජික් වෙන්න පුලුවන්

      Delete


    3. මරණ දඩුවම දීම මගින් සිදුවනුයේ ජිවිතයක් නැතිවීම, සහ මිනිසුන් භිතීයට ලක්වීමය.

      මරණ දඩුවම ඉල්ලා සිටින බහුතරය එය ප්‍රසිද්ධියේ ලබාදෙන ලෙස ඉල්ලා සිටියි. එලෙස ඉල්ලා සිටින්නේ මෙම දඩුවම දැක වෙනත් කෙනෙකු අපරාධයක් සිදු නොකිරීම සදහාය. ප්‍රසිද්ධියට පත් නොකර මරණ දඩුවම ලබා දීමෙන් අපෙක්ෂිත අරමුණ ඉටු නොවනු ඇත. මන්ද මරණ දඩුවම ලබා දෙනුයේ වරද කල පුද්ගලයාට ලබාදෙන දඩුවමක් ලෙස නොව ජිවත්වන සමාජයට ලබාදෙන දඩුවමක් (බය කිරීමක්) බැවිනි.

      මම මිනිසකු මරා දැමිමට විරුද්ධ වන්නේ මිනිසකු සතුව නිර්මාණශිලි හැකියාවක් සහ ශ්‍රමයක් ඇති බැවින් ඔහුගේ ශ්‍රමය සහ හැකියාව සමාජයක් ලෙස අප භාවිතාකල යුතු බැවිනි. ඒ වෙනුවෙන් ඹහුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීම සිදුකල හැකිය.
      මිනිසකු හෙට මරා දමන බව ප්‍රසිද්ධකර ඔබට අද දවස ගෙවා දැමිය හැකිද?
      එමගින් සමාජයට ඇතිවන බලපෑම කෙබදුවේද?
      ප්‍රසිද්ධියේ මරණ දඩුවම ලබාදෙන රටවල මිනිසුන්ගේ ආකල්ප පිලිබදව අධ්‍යනය කර තිබේද?

      ප්‍රසිද්ධියේ මිනි මැරීමට යොජනා කරන ජනතාව හරක් මැරීමට විරුද්ධ වන්නේ ඇයි?
      මිනිසුන්ට අපරාධ අඩුකර ගැනීම සදහා වෙනත් විකල්පයක් යෝජනා කිරීමට ඉඩක් නොමැති බැවින්ද?
      අපරාධ අඩුකර ගැනීමට සමාජයක් ලෙස අප ක්‍රියාකල යුත්තේ කෙසේද යන්න පිලිබද කවුරුන් හෝ සංවාදයක් ඇතිකර තිබේද?
      මේ පිලිබදව වගකීම ඇත්තේ කාටද?

      සියල්ල කවුරුන් හෝ කරනතුරු බලා නොසිට අපි සියල්ල එකතුවී එය වෙනස්කල යුතුව ඇත.

      Delete
    4. //මම මිනිසකු මරා දැමිමට විරුද්ධ වන්නේ මිනිසකු සතුව නිර්මාණශිලි හැකියාවක් සහ ශ්‍රමයක් ඇති බැවින් ඔහුගේ ශ්‍රමය සහ හැකියාව සමාජයක් ලෙස අප භාවිතාකල යුතු බැවිනි. ඒ වෙනුවෙන් ඹහුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීම සිදුකල හැකිය. // එසේ ලබාදී ඔහුගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගතයුතුය.

      Delete
    5. මෙහෙමයි මචෝ...

      යුද්ධයකදි උනත් තියරියක් තියෙනවා යටත් උන එකාව මරන්න එපා කියලා..

      උඹ කියන ෆීලින්ග්ස් මටත් එනවා.. දූෂණය කරපු එකා මරන්නම ඕන.. හොරකම් කරපු එකාගේ ඇඟිලි කපන්න ඕන.. ඒ විතරක් නෙමෙයි පාරේ දකින පට්ට කෑලී පෙරලගෙන සැක්ස් කරන ෆීලින්ග්ස් හිටන් එනවා. ඒත් අපි කොහෙන් හරි ඉගෙනගත්ත හරි පුරුදු උන දේකින් හරි අර හැඟිම් යටපත් කර ගන්නවා.. එකක් බය නිසා, අනික ලැජ්ජාව නිසා.. අනික මනුෂ්‍යත්වය නිසා...

      Delete
    6. //ඒත් අපි කොහෙන් හරි ඉගෙනගත්ත හරි පුරුදු උන දේකින් හරි අර හැඟිම් යටපත් කර ගන්නවා//

      //එකක් බය නිසා//

      Delete
    7. එක්කෝ මිනිස්සු නීතියට අය වෙන්න ඕනා.. එහෙම නැත්නම් ආගමට බය වෙන්න ඕනා.. එහෙම උනේ නැත්නම් නියමෙටම තියෙයි...

      Delete
  11. මාතා දැනුයි බ්ලොගය පැත්තට අාවේ අපිත්... අාපු ගමන් පෝස්ටුවක් දැම්මා... ඊළගට කස්ටියගේ බ්ලොග් බලන්න අාපු ගමන් දැක්කේ මේක... දැම්ම පෝස්ටුවත් මේ ගැනමයි.... කියන්න ඔ්නේ ටික හිරි යන්න ලියුවා.... ටිකක් හිතට සැනසීමයි දැන්.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. උඹගේ කයිය ඉස්තරන්... වාගෙයි සත්තරන්

      Delete
  12. //කළ යුතු එකම දේ.. මිනී මැරුම්, කුඩු කේස් වලට මෙන්ම ළමා හා කාන්තා අපචාර හා දූෂණ සඳහාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිණවීම පමණක්මය.

    එපමණක් නොව, මේ රට යලි ගොඩ ගැනීමට නම් උස් පහත් ළොකු පොඩි බේද නොතකා සැමට එක ලෙස නීතිය ක්‍රියාතමක කරනා ලෙසය.//

    ReplyDelete
    Replies
    1. //එපමණක් නොව, මේ රට යලි ගොඩ ගැනීමට නම් උස් පහත් ළොකු පොඩි බේද නොතකා සැමට එක ලෙස නීතිය ක්‍රියාතමක කරනා ලෙසය//

      ඔන්න ඔච්චරයි ඕන. වරදක් කිරීමට සිටෙන කෙනෙකුට වරද කරලා ගැලවෙන්න පුළුවන් කියල සිතන එක තරම් වරදක් කිරීමට අනුබලයක් තවත් නැහැ. නීතියට තත්ත්ව තරාතිරම් නොපෙනෙන දවසක වරදවල් අඩුවේවි. නැතිවෙන එකක්නම් නැහැ.

      Delete
    2. ඔය වගේ විගද්ධ දෙයක් ගැන ඒ උගත් කට්ටිය බුද්ධිමත් තීරනයක් දේවී


      මේ වගේ දෙයක් ගැන කෙලින් උත්තරයක් දෙන්න බැරි දෙපැත්තෙම එවුන් ගැන අපුලයි
      අන් මත නොඉවසන නියෝජ්‍ය ඇමතිලා අනේ මන්දා

      Delete
  13. වැඩසටහන බැලුව.
    1.මහජන නියෝජිතයොත් රටේ ඉන්න එවුන්ට හපං. මොකක් හරි අපරාධයක් මතුවෙලා එද්දි එල්ලපිය කියල කෑගහන එවුන්.

    2.අජිත් පෙරේරගෙ අදහස් බොහොමයක් එක්ක එකගයි. එයා විතරයි යම් මට්ටමක සාධනීය කරුණු දැක්වීමක් කලේ. (මාධ්‍යවේදීන් සෙට් එක වෙනද වගේම කොමඩි සැපයුවා)

    3.මෛත්‍රිපාල මහත්තය මරණ දඬුවම දෙන්න ඕන කියල කියද්දි මටත් හිතුනෙ අජිත් කිව්ව වගේ බෝලෙ පාස් කිරීමක් කියල. නමුත් විධායකයේ මතයට ක්‍රියාත්මක වෙන්නෙ නැතුව පාර්ලිමේන්තුවෙන් විමසීම නරක දෙයක් නෙවේ.(මොකේ කවුරුත් ඡන්ද කාලෙට කෑගහන්නෙ ජනාධිපතිගෙ බලතල පාර්ලිමේන්තුවට දීම ගැනනෙ, දුන්නම බෝලෙ පාස් කරන කතා වැඩක් නෑ)

    ප්‍රා ජේගෙ අදහස් දැක්වීම එක්ක එකඟයි. නමුත් ප්‍රා කියපු විදියට කෙටිකාලීනව හෝ මරණ දඬුවම දීමට කැමැත්තක් මගේ නං නෑ. හේතු,
    1.මැරීම කියන්නෙ දඬුවමක්ද කියන අවුල තියනව.

    2.මරල දැම්ම කියල අපරාධ නැතිවෙන රටවල් නෑ.

    3.අපරාධයකට පස්සෙ මරණ දඬුවම මතක් වෙන්නෙ නීතියේ තියන සමහර අවුල් නිසා. ස්ත්‍රී දූෂණ ළමා අපචාර ආදියට ඇපදීම නැවැත්විය යුතුයි. අහවල් කාලෙදි එලියට එන්නං කියල මිනීමරන එවුන්, දූෂණ කරල ඇප පිට ඇවිල්ල ආයෙත් ඒ වැරැද්දම කරන එවුන් බිහිවෙන්නෙ මේ ක්‍රමයේ අවුලක් නිසා.

    4.යුක්තිය ඉටුවීමේදී අධිකරණ වල පවතින මන්දගාමී තත්වය නැවැත්විය යුතුයි. අද, සාක්ෂිකයක් දෙන්න මිනිහෙක් උසාවියනකට යන්න කැමති නෑ. මේ කාලෙ ඒකත් දඬුවමක් වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ කියනවා වගේ එහෙම දෙයක් කරන්න කලින් අඩුම ගානේ ඩී ඇන් ඒ පරීක්සොන වලට අමතරව අර ලයි ඩිටෙක්ටර් මැෂින් හරි භාවිත් කරන්න පටන් ගන්න වෙයි.. මොකෝ පට්ට අධිකරණයක් නේ තියෙන්නේ..

      Delete
  14. ඇතුවත් බැරි නැතුවත් බැරිද...? ඕක ගේන්න කලින් නීතියෙ තියෙන අඩු පාඩු හදලා ඉන්න ඕනෙ කියන එක ලොකු ලොක්කෝ නොදන්නවා නෙවෙයි. ඒත් එහම කරාම උන්ටත් ඕකෙ නගින්න වෙන නිසා උන් බේරිලා අහිංසකයො ගහේ නග්ගන්න පුළුවන් වෙන්න නීතියෙ හිල් වහන්නෙ නැතුව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා දුලාංජලී බෙරලා තියෙන හැටි දැක්කා නේද...?

      Delete
  15. අද පත්තරේ දැක්කා එල්ලුම් ගහ සුද්ධ කරනකොට දඩුවම් නියම වෙලා ඉන්න කට්ටියට බඩ යන්න පටන් අරගෙන කියලා.

    ReplyDelete
    Replies
    1. වැරදි කළාට උන් ඔක්කොම මිනිස්සු. බලය සල්ලි නැති නිසා එල්ලුම් ගහට නියමවෙලා

      Delete
    2. එහමමත් කියන්න බෑ නේද ඉයන්..සමහර බලපුලුවන් සල්ලි කාරයන්ටත් මරනිය දන්ඩනය නියම වෙලා තියනවා නේද?

      Delete
    3. @ I @ E de B M

      සල්ලිකාරයින්ට මරණ දඬුවම නියම වෙලා තියනව, බේරිලා ගිහින් තියනව
      දුප්පතුන්ට මරණ දඬුවම නියම වෙලා තියනව , බේරිලා ගිහින් තියනව.
      සල්ලි තියන අයට හොඳ නීතිඥ සහාය ගන්න පුලුවන් , ඉන්ෆ්ලුවන්ස් කරන්න පුලුවන්. ඒත් හැම දේටම වගේ නෑ.
      ඒක නෙමෙයි ප්‍රශ්නය දැනට මරණ දඬුවම නියම වෙලා ඩෙත් රෝ එකේ ඉන්නව අර වෙරලෙ තරුණියක් දූෂණය කරල බේරෙන්න හිතාගෙන ඇයව මරපු අපරාධකරුවො. කවුරුහරි සල්ලි කාරයෙක් මිනීමැරුමක් කරල බේරුනා කියල අර අහුවෙලා වැරදිකාරයො වෙලා ඉන්න උන්ට දඬුවම් දීපු එක අසාධාරණවෙනවද?
      මං කාටවත් ගිහිල්ල කියන්නෙ නෑ මුන්ව එල්ලන්න කියල, උද්ගෝශන කරන්නෙ නෑ. කැම්පේන් කරන්නෙ නෑ. ඒත් උන් එල්ලුවොත් මට කිසිම දුකක් දැනෙන්නෙත් නෑ.
      මට ප්‍රබාකරන් මැරුවහම දුකක් දැනුනෙත් නෑ, උන් මැරුවොත් දුකක් දැනෙන්නෙත් නෑ ඒ ඔක්කොම මිනිස්සු නේද කියල.
      මට හැම මිනිහම එක නෑ.
      සොරි ඉයන් ඔබ වෙනත් දේ ගැන ලියපු හුඟක් දේවලට ගැන මං එකඟයි
      මේක ගැන නෑ.

      Delete
    4. ලංකාවෙ හරිහමන් එකෙක් වැරදිකාරය වෙන්නෙ ඌ ඊට වඩා බලවතෙකුට වරදක් කළහම විතරයි.මෙහෙ ධනපතිය විදේශිකයෙකුට වරදක් කළොත් අන්න එතනදි සාපේක්ෂව විදේශිකය බලවත් නිසා මෙහෙ ධනපතියට දඩුවම් ලැබෙනව.
      මෙන්ඩගෙ කතාවට දෙන්න පුළුවන් උත්තරය ඒකයි.

      ප්‍රා කියන දේ ප්‍රායෝගික නැහැ. මොකද ගිනිකන්දක් වගෙ සමාජයෙ තිබෙන පාදඩ ස්ථරය එල්ලුම්ගස් වලින් මෙල්ල වෙන්නෙ නැහැ. ඒක බලය හා බැඳුන නෙට්වර්ක් එකක්.වෙරලෙ සිද්ධිය කියන්නෙ රීටා ජෝන් සිදුවීම වෙන්න ඇති. උන් ට එල්ලුම්ගහ මතක් වෙන්නෙ ඩෙත් රෝ එකට දැම්මහම.නිකම් ඉන්න වෙලාවට කුඩු ,ගංජ ,මානසික රෝගීන්ට දෙන බේත් වගෙ දේවල් බිබී ඉන්නෙ.
      එල්ලුම් ගහෙන් බයවෙන්නෙ අසරණ ගැමියන් විතරයි. මේ ගැමියන් තමයි හදිසි කෝපයට මිනී මරන්නෙ. 1976 ට පෙර හදිසි කෝපයට ( පුවක් කුරුට්ටට ) මිනී මරපු අයත් එල්ලල තියනව.
      මේ අපරාධ රැල්ලට ඔය කියන ගැමියන් දායක නොවන තරම්.
      ඒ නිසා එල්ලුම් ගහෙන් අපරාධ මඩින්න බෑ.
      එල්ලුම් ගහේ ම්ලේච්ඡත්වය 21 වැනි සියවසට දරන්න බැරි තරම්. ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි තියන එක ශිෂ්ටයි. ඔළුවට වෙඩිල්ල වැදුනම ඌ ශට් ඩවුන්. මරන බව දන්නෙ ජිප් එකට දාගත්තහම. ඌ මරන බය අත් විදින්නෙ වැඩිම වුනොත් විනාඩි 15 යි.කඹයක එල්ලිලා දුක් විදින්නෙ නෑ.අහවල් දවසෙ මරනව කියල සති ගනන් බර කිර කිර සිය දහස් වර මැරි මැරී උපදින්න වෙන්නෙත් නෑ.

      මම මධ්‍යස්ථ මතධාරිය .ප්‍රොෆයිල් එකට ලොග්වෙන්න අමාරුයි.

      Delete
    5. ප්‍රා
      මම ඔයාගේ කමෙන්ට් එක එක්ක එකගයි..
      මධ්‍යස්ථ
      ඇත්තටම අපරාධයක් කරපු කෙනෙකුට මිලෙච්ච මිනිමැරැම් කරපු කෙනෙකුට මරන බය විනාඩි 15 කට වඩා දැනෙන්න ඔනේ නේද?
      නිතිය 99% වත් සාධරන තින්දුවක් දෙනවා කියලා අපිට විශ්වාස කරන්න පිලිගන්න වෙනවා නේද?

      Delete
    6. මම නම් හිතන්නේ මරණ දඬුවමට වඩා, ජීවීතාන්තය දක්වා සිර දඬුවම් බලවත් කියලා.. මොකෝ උන් හැමදාම මැරි මැරි උපදිනවා...

      Delete
    7. එතකොට අපේ බදු මුදලෙන් නඩත්තුවන අහු නොවූ මිනීමරුවන් දියවන්නාවෙ සහ වෙනත් පලාත් /ප්‍රාදේශීය සබාවල , අහුවූ මිනීමරුවන් වැලිකඩ හා අනිත් හිරගෙවල්වල.
      අපි ගෙවනව ;- 0

      Delete
    8. උන්ව ඇතුලට දාන්න මොකක් හරි යෝජනාවක් ගේන්න බැරිද...?

      චොකා මල්ලි පාර්ලිමන්ට් එන්නේ බන්ධනාගාර බස් එකේ. ඌට තියෙන්නේ මිනීමැරුම් චෝදනාවක්.. අඩු ගානේ ඌ එකෙන් නිදහස් වෙනකල්වත් ඌව පාර්ලිමන්ට් එක නවත්තන්න බැරිද...?

      අනිත් තැන්වලත් එහෙම වැඩට එන්න දෙනවද...?

      Delete
  16. නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන තැනක මරණ දඩුවම දීම තියා හිරේ යැවීමත් ,දඩ ගැසීමවත් වැඩක් නෑ තමයි.
    මරණ දඩුවම ක්‍රියාත්මක රටක එම දඩුවමට යටත් වැරදි කරන කෙනා ඒක කරන්නෙ දඩුවම ගැන දැනගෙන නිසා මරණ දඩුවම සිය දිවි හානි කරගැනීමක් සහ සමානයි.

    ReplyDelete
    Replies
    1. නීතියක් නැති එක නේද හැම දේටම මුල...

      Delete
  17. අපරාධකාරයෝ ටික ඔක්කොම ඉන්නේ පාර්ලිමෙන්තුවෙ.නීති හදන්නේ සමිමත කරන්නෙ ක්‍රියාත්මක කරන්නේ රටෙ අංක එකේ අපරාධ කාරයෝ ටිකක්.දඩුවමට ලක්වෙන වැඩි අයගෙන් වැඩි පිරිසක් සාමාන්‍ය අහිංසක ජනතාව.කුඩු දුමියා ඉස්සරහ බලු වෙන දනගහන පොලිස්කාරයා ගමෙ එකෙක් බඩගින්නට කොස් ගෙඩියක් හොරෙන් කැඩුවොත් සිංහවෙස් අරගෙන ඒ මිනිහගේ කෝෂ දෙකත් තලනවා.එහෙමයි නිතිය ක්‍රියාත්මක වෙන්නේ මෙ රටෙ.යහපාලන නීතියත් ඔහොමම වෙයි.
    එක අවස්තාවක මිනිමැරැමි චෝදනාවකට පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්ට වරද පිලිගන්නකමි නිල්වෙනකමි ගහලා තිබුනා.ඔහු මට මුනගැහුනා සුභසාධන වැඩසටහනකදි.ඒ වෙලාවෙ මෙ කතාව කීවෙ.මෙ පුද්ගලයා ෂොක් වෙලා හිටියේ.ගොඩක් වෙලා ඇඩුවා,මම ජිවිතේටම හිරේ යාවි පොඩි දරැවෝ තුන්දෙනෙක් ඉන්නවා නෝනා ගොඩක් අසනීපෙන්,දැන් ඒ අයට කිසිම පිහිටක් නැ,පාරට බහින්න වෙන්නේ කියලා මගෙත් එක්ක කීවා.මාස ගනනාවකට පස්සේ අර මැරැණ පුද්ගලයා කවුරැවත් මරලා නෙවෙයි පොල් ගෙඩියක් ඔලුවට වැටිලා මැරිලා තියෙන්නේ කියලා අධිකරණ වෛද්‍ය වාර්ථා වලින් සනාථ වුනා.කොහොමද අර අහිංසකයව කලින්ම එල්ලලා මරලා දැමිමනමි.

    ReplyDelete
    Replies
    1. කාව හරි අල්ලගෙන වරද පිළිගන්න කියල වධ දීමෙ ක්‍රමය නිසා කෙනෙක් එල්ලුම්ගස් ගියොත් ඒක සමාජයක් ලෙස ලැජ්ජාවට හේතුවක්. මෙහෙම පොලිස් වධ හිංසා නිසා ආබාධිත වෙන අයට පිහිට වෙන්න කවුරුත් නැද්ද.
      මොකක් හරි සිද්ධියක් වුනොත් ඒ ගෙදරට යන එන අයට අහල පහල ඉන්න අහිංසකයන්ට සොරි ඩොට් කොම් තමා.
      හොඳ වෙලාවට කොටදෙනියාවෙ තාත්ත එදා හහර් එකක් ගියෙ. ඌ එදා ගෙදර හිටියනම් මෙලහට එල්ලුම් ගහේ. එල්ලන කම්ම එන් ජී ඕ කාරයො පිකටින් කරයි

      Delete
    2. සමහර නඩු පොලීසියෙදිම අහලා තීන්දුව දීලා දඬුවමත් දෙනවා හරියට අර භීෂණ කාළේ වගේ... ඉතින් භීෂණය ඉවරයි කියන්නේ බොරුවක් නේද...? මේ මෑතකදිත් එකෙක් පොලීසිය ඇතුලේ එල්ලිලා මළා.. පොලීසිය ඇතුලේ ඉන්න එකා බේර ගන්නත් බැරි පොලීසියක් කොහොමද එලියේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ..

      Delete
  18. ඉස්සරවෙලාම තාත්ත වැරදිකාරය කළා .ඊට පස්සෙ අහල පහල හිටපු කොල්ලො දෙන්නෙක් ඇල්ලුව. මං අහගෙන ගෑනියෙක් උඩ පැන පැන වොයිස් කට් එකක් දෙනව .අන්න සැකකාරයො පාපොච්ඡාරනය කළා සතියක් ඇතුලත එල්ලන්න කියල.මුන්ට ඕන සැබෑ අපරාධකාරය අල්ලන්න නෙමෙයි මොකෙක් හරි එල්ලන්න. ඩී එන් ඒ වගෙ තාක්ෂනයක් තිබ්බෙ නැත්නම් මහ විනාසයක් වෙන්නෙ.
    පාපොච්ඡාරන ගැනනම් කියල වැඩක් නෑ . අරකතාවකුත් තියෙන්නෙ ලංකා පොලීසිය සුදුහාවෙක් අල්ලපු හැටි. කළු වලහෙක් අල්ලගෙන එනකොට කීවලු මේ සුදුහාවෙක් නෙමෙයිනෙ කියල. එතකොට කලු වලහ කතා කරල කීවලු නෑ මං සුදු හාවෙක් කියල.

    ඩී එන් ඒ තාක්ෂනය නැත්නම් කොටකෙතනෙ අහිංසකයො මෙලහට එල්ලල.

    බියගම කොටෙජ් ඝාතනය වෙලාවෙ පොලීසියෙන් අල්ලපු ත්‍රීවීල් කාරය අද අබ්බගාතයෙක්.පස්සෙ එලි වුනේ මැරුවෙ පුතා කියල. මීරිගම ස්ත්‍රී දූෂනය හාමිනීමැරුම නිසා අවට සිටි සෑහෙන පිරිසක් අද අංශ භාග ලෙඩ්ඩු වෙලා. ඒ පොලිස් වධ හිංසා නිසා.අන්තිමට වඩේ සුදා ඇල්ලව. කවුද මේවට වග කියන්නෙ. මොකෙක් හරි උස්සවි දාන එක නෙමේ විමර්ශනය කියන්නෙ. හැබැයි පොලීසියට දොස් කියන්නත් බෑ. එන් ජී ඕ වලින් උද්ඝෝෂනය කරනවනෙ මොකෙක් හරි එල්ලන්න කියල.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත, ඔයා කියන ඔය පොලිස් වදදීම නිසා අබ්බගාත වුන අංශ භාග රෝගීන් ගැන නිවැරදි සාක්ෂි සහිත වාර්තාවක් වෛද්‍ය වාර්තා සමග ලගන්න පුළුවන් ද ? එසේ නම් එකී අදාළ පොලිස් නිලදාරීන් පිළිබඳවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවට ඇතුලත් කරන ලෙස ඉල්ලීමට පුළුවන්. එමෙන්ම 2002 සිට මේ දක්වා සිදුවූ මානව හිමිකම් කඩවීම් ගැන සොයා බැලීමට පත් කරන දේශීය යාන්ත්‍රණය මගින් ඔවුන්ට එරෙහිව කටයුතු කර දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලනත් පුළුවන්. දේශීය යාන්ත්‍රනය ක්‍රියාත්මක වීමේදී නම් වශයෙන් ඔවුන් ඉලක්ක කර රට ටුත්ල දී චෝදනා නැගීම කල හැකියි. යම් පුද්ගලයෙක් අබාධිත තත්වයට පත් කිරීම ලංකාවේ නීතිය ඉදිරියේ ඉතා ප්‍රභල වරදක්. මම හිතන්නේ මෙවැනි වගකීමක් නැති අවිනීත පොලිස් නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත හැකි හැකි හොදම අවස්ථාව ජයත්යන්තර මානව හිමිකම් කමිටුව තදින් ක්‍රියාත්මක වෙන මේ මොහොත බවයි. ලගදී අත්අඩංගුවට ගත් අවුරුදු 17 පාසල් සිසුවා සම්බන්ධයෙන් කටයුතු කල ආකාරයත් ඔහු ගැන මාධ්‍යට හෙළි කිරීම කල අයට විරුද්ධව ද ජයත්යන්තර මානව හිමිකම් කමිටුව මගින් මෙන් ම ජයත්යන්තර ළමා ප්‍රඥප්තිය වෙත කරුණු දැක්වීම අනිවාර්යෙන්ම සිදු විය යුතු සහ සිදු වන දෙයක් බවයි මම නම් හිතන්නේ.

      Delete
    2. http://www.lankadeepa.lk/index.php/articles/350112

      Delete
    3. මම මධ්‍යස්ථ

      මම ටික වෙලාවකට ඉස්සර මේ ලිපිය කියෙව්වා.පොලීසිය සාධාරණ සැකයකින් හා මූලික පරීක්ෂනයකින් තොරව මෙම අත් අඩංගුවට ගැනීම කරලා තියනවා. මීට පෙරමීරිගම කොටෙජ් හිමිකරු එයාගෙම පුතා විසින් මරපු සිද්ධියට ත්‍රීවීල් කාරයෙක් අල්ලගෙන වධ දීල දැන් එයා සදාකල් ආබාධිතයෙක්. ඒ ඉතාම අසරන පවුලක්. අම්ම ගෘහ සේවිකාවක්. මේ ගැන ලිපියක් දිවයිනේ තිබුන.

      ඒ වගේම මීරිගම ස්ත්‍රී දූෂන සිද්ධියෙන් පස්සෙ ඒ අවට ජීවත් වූ අය අත් අඩංගුවට ගෙන වධ දීම නිසා සමහරු අංශභාග හැදිල. පොලිස් විමර්ශන කියන්නෙ තනිකරම වධදීම කියලයි ඔවුන් සිතන්නෙ. මේ අයුක්තිය හැමදාම සිදුවිය යුතුද

      මේක භයානක වෙන්නෙ මොකක් හරි සිදුවීමක් වුනොත් ඒ අවට සිටින අය ජීවිත රක්ෂනයක් හා බරපතල අකර්මන්‍යතා රක්ෂනයක් දාගන්න වෙනව.

      ඒ සේරටම වඩාමේකෙන් ඒ සිසුවට වුනා සමාජමය හානිය. සැකකරුවෙක් හා වරදකරුවෙක් අතර වෙනස් අතේරුම් ගන්න සමාජයට බැහැ. සිසුවා සහ ටයිල් බාස්ගෙ ගෙවලුත් ගිනිගන්නව මේ ඔලමොට්ටල පොලිස් වැඩේ නිසා.

      මේ අයුක්තිය හැමදාම සිදුවිය යුතුද. කොටකෙතනදිත් වුනේ ඒක. මිනිස්සු තුන් දෙනෙක් අල්ලගෙන වැරැද්ද පිලිගන්න කියල වධ දෙනව.

      මේ වගෙ ඔලමොට්ටල පොලිස්කාරයන්ගෙ සේවය අත් හිටවල බොරු ඉන්ටඩික්ට් කිරීමෙ නෙමෙයි ටර්මිනේට් ම කරල. ඔවුන්ගෙ පුද්ගලික මුදලින් ලොකු වන්දියක් ගන්න එක තමයි විසදුම.

      ටී වී රේඩියෝ රෙපෙයාර් කරන අය, මනිබඩු වෙළෙන්දො ,පාන්කාරයො, කිරිකාරයො ,ගෙවල් වලට ගිහින් ටියුෂන් දෙන ගුරුවරු ,මේසන් බාස්ල ,වඩුවො ,ජලනල කාර්මිකයො වගෙ වෘත්තීන් ගනනාවක යෙදෙන අයට ලොකු අනතුරක්. සිද්ධියක් වුනොත් අල්ලගෙන ගිහින් ගහනව වැරැද්ද පිලිගන්න කියල. සමාජය ඉදිරියෙ වැරදිකාරයෙක් කරනව.

      මට මේව ගැන දැනට මා සතුව තොරතුරු නෑ.මේව පත්තරවල ඡායාරූප සහිතව පළවූ ඒව. බියගම /මීරිගම සිද්ධි නම් ප්‍රාදේශීය වාර්තාකරුවනුත් දන්නව .

      පොලිස් වධදීම් වලට වන්දි ගැනීමේ හා එම නිළධාරීන් ගෙදරම යැවීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ යාන්ත්‍රනය ශක්තිමත් වෙන්න ඕන.නීති හදන්න මේ සදහා නීතීඥයන් මැදිහත් වෙන්න ඕන.පොලිස් ප්‍රචන්ඩත්වය නිසා පීඩාවට පතුවූවන්ට නීති ආධාර ලබා දිය යුතුයි. කාලීනව නීතීඥ වෘත්තියෙ යෙදෙන්න මා තීරණය කළ දිනක මේ වගෙ දේවල් වෙනුවෙන් ක්‍රියාකාරීව කැපවෙන්න මා කටයුතු කරනවා.

      නැත්නම් මූලික විමර්ශන හෝ සාධාරන සැක මොකුත් නැතිව හිතෙන හිතෙන එවුන් අල්ලගෙන් වධදිදී මුන් පිස්සු කෙළිනව. රටට අවශ්‍ය යහපාලනයක් පිස්සු පොලිස් පාලනයක් නෙමෙයි.

      Delete
    4. මෙච්චර දියුණු ළෝකේ අපරාධකාරයෝ හොයන්නේ වද දීලා නම්... මේක ගෝත්‍රික රටක් නෙමේ නම් වෙන මොකක්ද...?

      දැන් ඔය සජින් වාස් පාපොච්චාරණය කරන්නේ ඌටත් දෙතිස් වද දීලද.. එහෙම නැත්නම් ටැක් ටිකල් ගේමක් දීලද...?

      Delete
    5. ප්‍රාදේශීය සභා මන්ත්රීලගෙන් සේරෙපපු පාරවල් කකා හිටපු අයට යහපාලනයෙන් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න දුන්නම, ඒ හයිය අරගෙන ඉස්කෝලේ යන පොඩි ළමයි අරගෙන ගිහිල්ල දසවද දීල කොහෙවත් යන අපරාධ පිළිගන්න කියල. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඕනේ ව්දියට නටන්න හම්බ වෙන්නේ නැහැ තවත්. එකසත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසමේදී ඔය වගේ අශිෂ්ට පොලිස් නිලධාරීන්ට ඕනේ කරන බේත් ලබාදෙන්න සුදුසු තැනක් ලැබෙනවා. දේශීය යාන්ත්‍රනය අවට පස්සේ ඔය පාසල් සිසුවා ගැන ප්‍රකාශ මාධ්‍යට දුන්න අය ඇතුළුව කොහෙවත් ඉන්න නිවැරදි කාරයොන්ට වද දීල ප්‍රකාශ ලියාගෙන තරු පටි ගහන්න හදන අයගේ නම් වශයෙන් සදහන් කරලා චෝදනා ඉදිරිපත් කරනවා. එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා නම් මුලින් එල්ලුම්ගස් යවන්න ඕනේ ඒ දරුවට දස වද දිදී මිනීමරුවා කියල පිළිගන්න බලකරපු පොලිසියේ අශිෂ්ටයෝ. අවුරුදු 17 ක ළමයෙක් පරිවාස භාරයට පත් නොකර රක්ෂිත බන්ධනගාර ගත කිරීමට නියෝග දුන් විනිසුරු පිළිබඳවත් එකසත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය ට රපොර්තු කිරීම සිදු කර විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සැලසීම නීතිවේදීන් වශයෙන් අපේ වගකීමක්.

      Delete
  19. දැන් ගොන් බූරූ මහජනයා කියනාකාරයට නඩු ඇහුවා නම්, අහිංසකයින් (අහිංසකයින්ද නැද්ද කියා තීරණය කිරීම පොලෝසිය සතුය.) තුන් දෙනෙක්ම එල්ලා අවසානය. ඒත් නියම මිනී මරුවා තවමත් අප අතරේම ඉන්නවාය. //

    කියන්න ඕන කතාව මාතලන් සුපිරියටම කියල. වැරදිකාරය තීරණය කිරීම පොලෝසියට බාරයි කියල වරහන් ඇතුලෙ දාපු එක මරු.
    කොල්ලො දෙන්න පාපොච්ඡාරනය කළාලුනෙ.
    තාත්තව ඇල්ලුවනම් ඌත් පාපොච්ඡාරනය කරාවි.
    නියම මිනීමරුව තවම අප අතර. ඒකයි ගැටළුව.

    එන්ජීඕ ගෑනියක් කිව්ව ඇයි දැන් සැකකාරයො පාපොච්ඡාරනය කළානෙ එල්ලන එක ඇයි ප්‍රමාද කියල. ඉස්සර හාමුදුරුවරු මොබ් හදාගෙන පැන්න . දැන් එන්ජීඕ කාරයො ඒ වැඩේ පටන් අරන්.

    මේ විදියෙ විමර්ශන වෙනවනම් මේ වගෙ එන්ජීඕ ක්‍රියාකාරීත්වයක් තියනවනම් ළමා අපචාර වලට හොදම විසදුම පොඩි ගෑනු ළමයි ඉන්න ගෙවල්වල තාත්තල හැකිතාක් නිවසින් බැහැරව සිටීම. ඒ වගේම අහල පහල කොල්ලො ගෙවල් අත ඇරල යාම.

    නැත්නම් කැකිල්ලෙ මාධ්‍ය කාරයො නඩු අහල එන් ජී ඕ එක්ක එකතුවෙලා ඔක්කොම ටික එල්ලනව.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දෙකම කියෙව්වා හොද දෙයක් මතු කරලා..

      Delete
    2. ඒ ගෑණූ කෙනා පුනරුත්තාපනය කලොත් හොඳයි වගේ...

      Delete
  20. ඇතුවත් බැරි නැතුවත් බැරි එල්ලුම්ගහ. මේ තර්කයේදී දෙපැත්තම සාදාරන තර්ක ඉදිරිපත් කරනවා. මේ සියල්ලටම මුල රටේ පාලනය භූරුවන් අතට යාම. භූරුවන් කිව්වාම පක්ෂ විපක්ෂ බහුතරයක් කියල තේරුම්ගත යුතුයි. ඇතුවත් බැරි නැතුවත් බැරි එල්ලුම්ගහ..

    ReplyDelete
    Replies
    1. පාලකයෝ ගැන නම් කතා කරලා වැඩක් නැත...

      Delete
  21. // කළ යුත්තේ මිනී මරපු එකා මරා, අපා ගත වීම නෙමේය. මේවා නැවත් සිඳු නොවන්නට තීන්දූ තීරණ ගැනීමය //

    වරදකරුවන් මරා වැරදි අවම කිරීමට හෝ නැති කිරීමට හැකිනම්, බහුතරයක් රටවල් ( හිස ගසාදමන අරාබිරටවල් වැනි ) මේ වන විටත් වැරදිකරුවන් නොමැති සුරපුරයන් වී තිබිය යුතුය.

    // එපමණක් නොව, මේ රට යලි ගොඩ ගැනීමට නම් උස් පහත් ළොකු පොඩි බේද නොතකා සැමට එක ලෙස නීතිය ක්‍රියාතමක කරනා ලෙසය. //

    සිදුවිය යුත්තේත්, සිදුනොවන්නේත් එයමය. මහා පරිමාණ අපරාධකරුවන් නිදැල්ලේය. නිදැල්ලේ පමණක් නොවේ, ඔවුන් සුර සැප විඳිති , රටේ පාලනයටද හවුල් වෙති. තව තව අපරාධකරුවන් නිර්මාණය කරති. කන්න නැති කමට පොල් ගෙඩියක් සොරකම් කල එකාට දස වද දෙති. ( එය සාධාරණීකරනය කරනවා නොව) පොලීසියේදී, පොල් ගෙඩිය පොල් 500/1000 ක් වුවද වීමට බැරි නැත. නීතීය එසේ නොවුවාට, එය ක්‍රියාවට නැංවෙන්නේ එසේය. ඔබේ යෝජනාව එලෙසින්ම ක්‍රියාත්මක වේ නම් නුදුරු අනාගතයේම, මෙයට වඩා සුන්දර ස්‍රී ලංකාවක් පිළිබඳ අභිමානයෙන් කථා කරන්නට අපට හැකිවනු ඇත.
    ............
    ඔබට හැකිනම් ඔබගේ විද්‍යුත් ලිපිනය ලබා දෙන්න. මෙහි පළ කිරීමට අකමැති නම් sadaruprabhashwara@gmail.com වෙත යොමු කරන්න. ( කරදරයක් කියා නොසිතා )

    ReplyDelete
  22. මෙන්න බොලේ එක ගෑනියෙක් ඇප්ලිකේශනුත් දාල අලුගෝසුකමට.
    මොකද මේ රටට වෙන්න යන්නෙ.

    http://www.gossiplankasinhalanews.com/full_sec_news.php?id=2107

    ReplyDelete
  23. එල්ලන්න ඕන උන්ගෙන් වැඩි සෙට් එක්කක් ඉන්නේ ඒක ඇතුලේ කොට ඕක පාස් වෙන එක ගැන ඉතින් හිතන්න දෙයක් නෑ ආයේ අමුතුවෙන්..

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ නෑ.. මොකෝ උන්ගෙන් සෑහෙන පිරිසක් එල්ලන්න වෙනවනේ..

      Delete
  24. මරණයට නියමවුණු එකා විඳින්නෙ හුදකලා මානසික වදයක්. ඒක ලෝකෙට පේන්නෙ නෑ. අපරාධ තුරන්වෙලා ලෝකය ඒකෙන් හැදෙන්නෙ නෑ.
    කොහොමත් වධදීම කියන්නෙ අතීතයට අයිති දෙයක්. ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනි. රටේ හොඳම ශ්‍රම බලකාය ඉන්නෙ හිරේ. උන්ගේ හැකියාවන්ගෙන් නිසි ප්‍රයෝජන ගන්නවාද මන්දා.
    ජීවිතාන්තය දක්වා නොවී යම් කාලෙකට හිරේ දාපු එකෙක්වනං බලන්න යන්න නෑදෑ හිතමිත්‍රාදීන්ට දෙන්න හොඳ නෑ. හිරෙන් එළියට එන්නෙ ඇතුලට ගිය එකාට වඩා අපරාධකාරයෙක්!

    ReplyDelete
    Replies
    1. මිනීමරපු උන් නම් එලියට දාන්න නරකයි සංසාරෙදි...

      Delete
  25. පික්ෂුද.......කොහොමද අර ටී වී එක ඉස්සරහා කෑගැහුව ඇන්ටි අලුගෝසුවා වෙලා එකෙක් දෙන්නෙක් එල්ලනකොට තියන කුජීත සොමිය?

    අවුරුදු 20 කට හිරේ දාලා, ඒ අවුරුදු 20 තුළ ඒ හිරකාරයාට, විශේෂ අධ්‍යාපන ක්‍රම මගින්, චර්යා පාලන අධ්‍යාපනයක් දුන්නනම්, එළියට එන්නේ හික්මුන මිනිහෙක්.

    ReplyDelete
    Replies
    1. කොහොමටත් එල්ලුම්ගහ ආවොත් එදාට ඒක මාධ්‍යයට වරක මදුල වෙනව. ඔන්න දැන් හිරකාරය එලියට ගන්න යන්නෙ. අප සමඟ දිගටම රැදී සිටින්න. මෙන්න රසවත් ගීතයක්.

      ඔබ රැදී සිටින්නේ වසර 40 කට පසු සිදුවූ ඒ අසිරිමත් සිදුවීම අබියස. අපේ වාර්තාකරු දැන් වැලිකඩ සිටිනවා.ඔබට ඇහෙනවද

      ඔහු සම්බන්ධ වන තුරු රසවත් ගීතයක්.

      ඔන්න මුහුණු වැස්ම දැම්මා . දැන් වෙලාව කිට්ටුයි.නමයයි අටයි හතයි හයයි පහයි

      මුලු රටම එල්ලුම් ගස් අසිරියෙන් අමන්දානන්දයට පත් වෙලා. ගස් වැල් පවා ලෙලදෙන්නෙ එල්ලන්න එල්ලන්න කියල. කුරුල්ලො පියාඹන්නෙ තොන්ඩුවක හැඩයට. බලන්න සොබා දහමත් එල්ලුම් ගහ ඉල්ලනව.

      මෙන්න විද්වත් ප්‍රකාශයක්. ඔවු කියන්න මහත්මයා.

      "අපේ විශ්වය සකස් වෙලා තියෙන්නෙත් එල්ලුම්ගහක හැඩයටලු. අපේ භාශාවෙ එල්ලනව කියන වචනෙට සුන්දර අරුත් තියනව. ඒ වගේම බුදුහාමුදුරුවොත් දේශනා කළේම එල්ලීමෙන් ලැබෙන ආනිසංස ගැන."

      මෙන්න දැන් සම්බධ වෙනවා එල්ලන තැන සිටින වාර්තාකරු. ඔවු කියන්න .රටම ඔබේ හඩ ඉල්ලනවා.

      දැන් සිරකාරය ගෙනාව. ගෙනාව නෙමේ ඇදගෙන ආව. වීරෝදාර පිස්කල්වරුන් විසින්. සිරකාරයගෙ පපුව ඩිග් ඩිග් ගාන සද්දෙ මම ඉන්න තනටත් ඇහෙනව. සිරකාරය බයෙන් මිරිකිලා. මළ මුත්‍ර පිටවෙනව.

      ටකාස්. රටම ආසාවෙන් බලා සිටි මොහොත උදාවුනා.

      ඔන්න ඒ උතුම් ශබ්දය. මුළු රටම නැලවුනා ඒ සද්දෙට.
      හිරකාරය තවම දගලනව. මළ මුත්‍ර ශුක්‍රාණු අශූචි පිටවෙලා. දිව එලියට ඇවිත්. ඇස් ගෙඩි එලියට පැනල. සිරකාරය කඹේ දගලන්නෙ හරියට නැටුමක් වගෙ.

      Delete
    2. එයා බලලා තියෙනවද දන්නේ නෑ "පූජා" කියන ෆිල්ම් එක...

      @ AnonymousSeptember 23, 2015 at 8:25 AM

      පට්ටයි බං... බොග දාන්න පටන් ගනින්...

      Delete
  26. Saudi araboye aparada adu mokda danne na neda

    ReplyDelete
    Replies
    1. කවුද බන් සවුදි අරාබියෙ අපරාධ අඩුයි කියන්නෙ.
      හැබැයි ස්කැන්ඩිනේවියානු රටවල නම් අඩුයි. ඒ මිනිස්සු ශිෂ්ට නිසා. ඔවුන් අනුන්ගෙ මානව හිමිකම්වලට ගරු කරනව.
      අරාබිකාරයො කියන්නෙ නම් සත්තු. උන්ව පාලනය කරන්න නම් දඩුවම් ඕනම තමයි.

      Delete
    2. ඒක තමයි හැමදාම සව්දියේ බෙලි කැපිලියි.. අත පය කැපිලියි තියෙන්නේ.. ඔය කියන විදියට එහෙම ඒවා තියෙන්නේ බෑ නේ...

      Delete
  27. අපේ මිනිස්සු හරිම පුදුම ජාතියක් , තව ටික දවසකින් ආපහු පාරට බහීවි එල්ලූ ගහ එපා යකෝ කියලා

    ReplyDelete
    Replies
    1. වැඩිය ඕන නෑ.. මහින්ද මහත්තයා එල්ලනවා කිව්වා නම් බලා ගන්න තිබුනා සීන් එක...

      Delete
  28. ලෝකෙ දියුණු රටවල ඕක නැතිය, ඉතින් අපට කුමට කියන එක බොළ්ඳ කතවක්. උන්ගෙ රටවල අපිට නැති එල්ලුම් ගහවිතරක් නොව, තවත් බොහෝ නරක දේ ද නැත. ඒ උන් එක රැයින් වූ වෙනස්ක් නිසා නොව වසර සිය ගණනක සමාජ පරිවර්ථනයෙහි ප්‍රථිඵලයයි. අපිට ඒ තැන බොහෝ දුරය.

    ලොව බහුතරයක් රටවල මිනිසුන් වැරදි නොකරන්නේ දඬුවමට බිය නිසා මිස හැදියාව නිසා නොවේ. එනිසා මුලින් නීති සහ දඬුවම දැඩි කල යුතුය. ඒ සමගම සමාජය උගත් බුද්ධිමත් පිරිසක් කිරීමටද ක්‍රියා කල යුතුය. නැතිනම් වෙන්නේ සවුදි අරාබියකි.

    ReplyDelete
    Replies
    1. දියුණු නෙමෙයි මචෝ... හියුමන් රයිට්ස්, රයිට් විදියට පිලිගන්න රටවල් කිව්වා නම් වඩා නිවැරදියි..

      උඹ කියනවා වගේ ඔය දේවල් දවසෙන් දෙකෙන් උදා කර ගත්ත දේවල් නෙමෙයි.. ඒත් කරුමේ කියන්නේ හොඳට තිබුන රටක් මේ වගේ කාළකන්නි රටක් කළේ ඇයිද කියන එකයි.. අපි පිළිතුරු හොයන්න ඕන ඒවට.. ඇන්ටන් ජෝන්ස්ලා දාහක් උන්නත් මදි මේවට බයිලා කියන්න..

      Delete
  29. පාර්ලිමේන්තුවට මේ ගැන කරන්න තියෙන්නේ දැනට නීතිගත කරල තියෙන මරණ දඬුවම අයින් කරල දාන එක නැත්නම්, ඒකට ජනාධිපති අත්සන අනවශ්‍යයි කියල තීන්දු කරන එක විතරයි නේ ද ? ලොකු ම අවාසනාවන්ත සිදුවීම ශිෂ්ටත්වය ඇති කරන්න බය ගැන්විම ඉල්ලා හිටින සමාජයක් මෙතැන තියෙන එක. ජනමතය කියන්නේ ඒකයි කියල අර හරක් පටලව ගත්තොත්... !http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. පටලවා ගන්න දෙයක් නෑ.. ඒතන තියෙන්නේ ජන මතය කියලා කියනවා නේද....?

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. “සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
    අත්තානං උපමං කත්වා -න හනේය්ය න ඝාතයෙ”

    (අර්ථය: සියල්ලෝ ම දඬුවමට බිය ය; සියල්ලෝ ම මරණයට බිය ය.
    අන් අයත් තමුන් වැනි යැයි සිතා අන් අයට හානි නොකරන්න, මරණයට නොපමුණුවන්න).


    “සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේසං ජීවිතං පියං
    අත්තානං උපමං කත්වා - න හනෙය්ය න ඝාතයෙ”

    (අර්ථය: සියල්ලෝ ම දඬුවමට බිය ය; සියල්ලෝ ම දිවියට ප්‍රිය ය.
    අන් අයත් තමුන් වැනි යැයි සිතා අන් අයට හානි නොකරන්න, මරණයට නොපමුණුවන්න).


    මේවා තියෙන්නේ ධම්මපදයේ.... අරාබි ශරියා නීතිය ලංකාවේත් ක්‍රියාත්මක කරන්න ඕනෑ යැයි කියන බෞද්ධයෝ මේ ධම්මපද පාඨ ගැන සැලකිළිමත් වුණා නම් හොඳ යි.

    ReplyDelete
    Replies
    1. බණ කියන උනුත් කියන්නේ එල්ලලා දාන්න කියලනේ.. එතකොට කොතනද වැරදුනේ... අංගුලිමාලත් එල්ලලා දාන්න තිබ්බේ...

      Delete
    2. උන්ව රිෆෝම් කරන්න පුලුවන් බුදුකෙනෙක් මෙහෙ ඉන්නවනම් ඕනෙ නෑ. නැත්නම් වෙන මොනව කරන්නද?

      බෙල්ල කපන නීතිය තිබුන කියල අරාබියෙ අපරාධ නැතිවෙලා නැති එක ඇත්ත.
      ඒත් ඒත් මරණ දඬුවම නොතිබුනා නම් එහෙ මීටත් වඩා අපරාධ වෙයි කියල තර්ක කරන්නත් පුලුවන් නේද?

      මං කියන්නෙ මරණ දඬුවම ඕනෙමයි කියන එක නෙමෙයි මාතලන්.
      මරණ දඬුවම හැඟීම්බරව හෙලා දකින්නෙ නැතුව එක්කො ඒක අත්හදා බැලියයුත් විසඳුමක් ලෙස සලකන්න එහෙම නැත්නම් ප්‍රායෝගික විකල්පයක් ඉක්මනට හොයන්න ඕනෙ කියන එක.
      නීතිය , දේශපාලනය, සමාජය , මිනිසා සර්වසම්පූර්ණවෙන එක කවදාවත් වෙන්නෙ නෑ. කරන්න පුලුවන් ගානකට ප්‍රායෝගිකව නරක අඩු කිරීම පමණයි

      Delete
    3. අපි මචං මේ ගෝත්‍රික සමාජයෙන් එලියට එනවද....? එහෙම නැත්නම් උන් එක්කම යනවද...?

      Think Twice man......

      Delete
    4. අපි ආවට උන් එන්නේ නෑ බොස්.
      ගෝත්‍රිකයින්ට ගෝත්‍රික දඬුවම් ! :-D

      සීරියස්ලි මං කියන්නෙ එල්ලුම් ගහ හොඳයි කියල නෙමෙයි.
      මං කියන්නෙ එල්ලුම් ගහ එපා කියන මතයන්ගේ තියන (සමහරුන්ගේ) බොලඳ, අධි මානුශීය, උටෝපියානු, සීනි බෝල කරුණාව ගැන

      Delete
    5. ඒක කරුණාව නෙමෙයි... හැදියාව...

      Delete
  32. ,කළබලේට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට“ පෙර රට තුල විශ්වාසදායක සහ කාර්යක්ෂම නීති පද්ධතියක් පිහිටුවාලීම කළ යුතුව ඇතැයි මම පුද්ගලිකව සිතමි. මක් නිසාද පවතින තත්ත්වයන් මත “දඬුවම ලැබ“ සුදු ඇඳුමින් මරණයට පත්වන්නේ “නියම අපරාධකරුමද?“ යන්නත් , මාංචු දම්වැල් වලින් මිදි සුදු ඇඳුමින් සිනා සෙමින් , උද්යෝගයෙන් උසාවියෙන් පිටවන්නේ “ නියම නිවැරදිකරුමදැයි“ සැකයක් ඇති කරන වටපිටාවක් පැවතුනු සහ පවතින හෙයිනි."

    http://www.nursinglk.com/2015/09/174.html

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. අවුරුදු තුනක් මාතලන් හා සින්ඩිය followකලෙමු . කිසිවිඅටක කොම්මෙන්ට් නොකලෙමු. අද කල යුතුව තිබේ.මන්ද බුඩ්ඩිමත් සිල්වත් මහජනතාව එල්ලුම් ගස ඉල්ලා පාරට බෑස අති බෑවිනි.මෙතෙක් කල් පාරම් බෑ 2500 බෞඩ්ද විනය අමතකය. අරාබි විරොදය අමතකය. සෙයාට අපිදු ආදරය කරමු. එහෙත් ඈය පලවෙනි හො අවසාන ගොදුර නොවෙ. මරුවාට බුඩ්දිමත් ජනතව ගෙ කලබලය නිසා පොලිසියට රජකාරිය කලගත නොහෑක.අසරන තාත්තා හා පොඩි එකා යන්තම් බෙරුනි. පාපොච්චාරනය කල එකා එසෙ කලෙ මේ කලබල්යෙන් පොලිසියෙ නම බෙරගන්නටද විය හෑක.
    අපරාදකරුවන් 100 එල්ලුම් ගස් යද්දී එක අහින්සකයෙක් ඒ අතර සිටී නම් ඒ පාපයෙන් ගලවෙන්නට සිල්වත් උගත් බුද්දිමත් බෞද්ද්යන්ට නොහෑකි වනු ඈත. නිකරුනෙ චොදන වලට ලක්වන දුගී ජනතාවගෙ සහොදරයන් එල්ලුම් ගසට යනදින අද උද්ගෝසහ්න කරන අයම දෙවියන් සොයා යනු ඈත. නීතියට සාප කරනු ඈත. එහෙත් එදිනට NGO ඔවුන්ගේ සරනට නොයෙනු ඈත

    ReplyDelete
    Replies
    1. ශරියා නීතීය නේ ඉල්ලන්නේ...

      Delete
  35. අඩෝ අපි දෙදහස් පන්සියක් අර මොකක්ද එක තිබ්බ ජාතියක් හරිද ඩෝ. මේ වගේ මිනිමැරුම් වලින් එක අම්මට කෙලවන්න දෙන්න බෑ. ගෙනපියව් එල්ලුම් ගහ මරපියව් මේව කරන වුන්. පුළුවන්නම් මරන්න කලින් අරක කපපියව්. මේ දෙදහස් පන්සියක එක නැතිවෙන්න යනවනම් මරාගෙන මැරෙනවා යකෝ. ඒව කොහෙද අපි එක්ක

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න