.

.

Nov 23, 2015

වෙනස මාරයි, බීලා හමාරයි - ගල් බලකායේ තේමා ගීය (23+) - New Version



ගල් බෝතලේට කෙලලාය. එක සැරයක් කෙලියාට අවුලක් නැතිය. ඒ ප්‍රී බජට් හුට පටේට අපි රෙඩි වෙලා ඉන්නේ, මේ අවුරුද්දේ වැඩි කරපු දා පටන්ය. මුන්ගෙ අම්මලාට හැමිනෙන්න, මේ සැරේ දෙසරයක්ම කෙලලා ඇරලාය. ගල් ගහන්නේ උන් වගේ රට බීම බීලා ආතල ගන්නා සෝසල් ඩ්‍රින්කින් පොරවල් නෙමේය. මාතලන්ලා වාගේ එදා වේල ටුවරිස්ලාය. හැන්දෑවට ඇඟේ පතේ අමාරු ඇර ගන්න මිස, වෙන රෙද්දකට නෙමේය.

ඊ ළඟ වතාවේ ලිකර් ප්‍රයිස් වැඩි කොරනා වෙලාවට, ඉස්කූටර්, මොටෝ සයිකල්, ත්‍රී වීල් වාගෙම, ගල් බෝතලේ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න කියා, එදා අනුන්ගේ ගල් බෝතලේ නොමිලේ ගහලා, අද අනුන්ගේ විස්ක් බ්‍රැන්ඩි ගහලා, රසියන් කොරියන් කෑලි වලට කෙලිනා මහත් හොරුන්ගෙන්, ගෞරව බහු මානයෙන් මෙන්ම බොක්කෙන් හා අක්මාවෙන්ද ඉල්ලා සිටිනවාය.

මාතලන්ගේ කුපසිද්ද ගල බලකායේ තේමා ගීයේ නිව් වෝසන් එක හුදී ජන පහන් සංවේගය සඳහා පහලින් පල කරනවාය.

චන්දන ලියනාරච්චිගේ "සුවඳ තියා මා ළඟ නුඹ අරන් යන්න මල්.. නංගියේ වරෙන් හැන්දෑවට කපන්න සුදු ගල්..." ගීයේ තාලයට ගයා සැනසෙන්න නැලවෙන්න සුදෝ....




ගල් උපහාර ගීය - නිව් වෝසන්

ඇම්ටිය දී .. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
හිටු එන...කල්.... ඇයි උඹ මල්...
හිටු එන කල්.... ඇයි උඹ මල්.
මල් වගේද බං..... ගල්.

එන හැම හුත් තම කෙලින්නේ ඇයි කියපන් මට මල්..
ලියෙ අප්ෂෙට් ගන්න එපා... ගහපන් තව ගල්...

ඇම්ටිය දී.. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
හිටු එන...කල්.... ඇයි උඹ මල්...
හිටු එන කල්.... ඇයි උඹ මල්.
මල් වගේද බං..... ගල්.

අද රට පුරාම තිබ්බත්, එක එක ජාතියෙ ගල්..........
බෑ පරද්දන්න, අපි ගහන්නේ සංස්ථාවේ ගල්.........

ඇම්ටිය දී.. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
හිටු එන...කල්.... ඇයි උඹ මල්...
හිටු එන කල්.... ඇයි උඹ මල්.
මල් වගේද බං..... ගල්.

හැම ඉය(ර්) එකේම වැඩි කෙරුවේ.. වරයි මෙතෙක් කල්
මේ අවුරුද්දට දෙවා රයයි තියැන් නෙපැයි උල්

ඇම්ටිය දී.. දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
හිටු එන...කල්.... ඇයි උඹ මල්...
හිටු එන කල්.... ඇයි උඹ මල්.
මල් වගේද බං..... ගල්.

ගල් ගහපු එවුන් රජ උනාම.. ගහන්නේ නෑ ගල්
ඒ රෙද්ද නිසා තමයි මචෝ ..කවදත් ගල් මුල්

ඇම්ටිය දී දැල් කඩයෙන් අරන් එන්නෙ ගල්
හිටු එන...කල්.... ඇයි උඹ මල්...
හිටු එන කල්.... ඇයි උඹ මල්.
මල් වගේද බං..... ගල්.

මුන් හැතිකරේම වැන සෙන්නට ගහපිය බන් පොල්
පොල් ගහලා ඇවිත් හැන්දෑවට ගහමු මචං ගල්

සාදර අනුග්‍රහය  - DCSL

සකල කලා වල්ල(බ), කලා සූරී, කලා රිට, කලා බූසන, කාලා නිදි, කාව්ය සිරෝමනී, ගරු මාහා ආචාර්ය මාතලන් විසින් රචනා කොට, ගල් බලකායේ සාතිශය සංවේගයට පත් බා බෙද්දන් වෙත පිරි නැමෙනා තුටු පඬුරෙකි...


ගල් උපහාර ගීය - ඕල්ඩ් වෝසන්

ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
මල් හතයිනේ මේ...... ගල්.

ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
මල් හතයිනේ මේ...... ගල්.

රජ සිටු මැතිවරු, සුපර් එකෙන් අරගෙන එන ගල්........
බෝතලේ අරන් කාල කාල බෙදා ගන්න ගල්........

ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
මල් හතයිනේ මේ...... ගල්.

හොර බඩු ගැහුවොත්, හිතෙනවා.......ය, අරක්කු අජ පල්.......
හරි බඩු ගැහුවම, අවුලක් නෑ........., උදෑසනත් මල්......

110 comments:

  1. ඕන්න ඕකනේ බැරි.. දැං බලහං ගල් බෝතලේ වැඩි උනේ රුපියල් එකසිය හැටකින් නෙව.. තනියම ගහනවයැ බෝතයක්. අඩු ගානේ තුනක් වත් නේ.. ඉතිං එතකොට එක්කෙනෙකුට වැඩි වෙලා තියෙන්නේ රුපියල් පනස් තුනයි. ඒකත් වැඩිවීමක්ද බං..

    අනික ඔය ගල් බලකාය කියල නම තිබ්බට ඒ එකෙක් වත් ගල් බොන්නෑ.. හැක්.. හරියට පිවිතුරු හෙළ උරුමය පිවිතුරුයි කියනව වගේ.. හැක්.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන්ඩ තෝ දන්නවා බිත්තරේ..අපි හදවතින්ම ගල්..

      Delete
    2. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් උනාම පානය කරන ඒව පිටස්තරයන්ට රහස්.
      සීදුවෙ ගල් අරක්කු රෙසපිය ඉල්ලල සියපාරක් සීදුවට ආපු ජොනි අයියගෙ පිංතූරෙ තමයි උන් අර විෂ්කි කියන මල ජරාවෙ බෝතලේ ගහන් ඉන්නෙ

      Delete
    3. මාතලං ගුද මාර්ගේ සුවස් ඇල මාර්ගෙ වෙනකන් පුක දීල හදාගත්ත යහපාලනේනෙ... මොකට කෙදිරිගානවද

      Delete
    4. වැරද්ද වැරද්ද විදිහට දකින්න අකමැති උඔලා වගේ අය ගුද මාර්ගේ සුවස් ඇල මාර්ගෙ වෙනස හදුන ගන්න බෑ තමයි..

      Delete
    5. ආවු .. ආවු ගූ කැල්ලක් ෆෝම් වෙලානෙ....වැරැද්ද හදුනගත්ත නං මොකට කුලප්පු වෙනවද ?

      චුන්.... එකේ ඉස්මුරුත්තාව හැදෙකන් ආතල් ගන්න එපායෑ... මොකට පැටලෙනවද

      Delete
    6. මේ එල ද බ්‍රා වගේ වගේ හුණූ බිජුත් බ්ලොග් අවකාශෙ ඉන්න එපයි.හාල් කෑලි ෆෝම් කරන්න.බොල් පිළිම වන්දනා කරන්ට, සිඟිති ආතල් දෙන්ට ...

      Delete
    7. ඔව් ඔය හරීන් මහත්තයා කියලා තිබ්බේ දුම් පරීක්සොනේ මහ ළොකු ගානක්යෑ. දවසකට යන්නේ සුපියල්ම 13.70 යි කියලා. මම දැක්කා ගෑල්ලමෙක් කොමෙන්ට් එකක් දාලා තිබ්බා. අනේ එහෙනම් දව්සකට 25 ත් මහ ළොකු ගානක් නෙමේ නිසා, ඕක 10,000 ම කලාම ඉවර නේ කියලා.

      අලින්ට හරි ගියෙත් හරීන් නිසා. අලින්ට කෙලවන්නෙත් හරීන්ලම නිසා...

      "ගල් බලකාය" නිකං වෙලාවට ගහන්නේ ගල්... පාටියකට ගියාම ගල් ගහන්න පුකේ අමාරුවක් තියෙනවය. මගුල් ගෙවල් වල ගියාම පානුයි පරිප්පුයි කන්නෙ නෑ නේ බං. නැහ්නන් ඉතින් හැමදම කන්නේ ඒකනේ..

      Delete
    8. දේශක දෙශ්‍යදෝයා

      Delete
    9. මේක විදේශීය අත පෙවීමක්..ගල් බලකායේ ස්වෛරීත්වයට අත නොතබනු !!

      Delete
  2. දැන් ඉතින් බීපිය වහ.

    ReplyDelete
    Replies
    1. මේවත් වහ තමයි බං... ඒත් බොන්න පුළුහන්...

      Delete
  3. මොනව හරි කුරුටු ගාලා යන්න//
    ආය මොනවා කුරැටු ගාන්නද?...
    හැමනේනවා...අකුලෝලම පල..

    බ්‍රැන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. රවී ඕක දීපන් ළමයෙකුට....

      Delete
  4. මාතා,

    මේ ආණ්ඩුව හොද තීරණ කීපයක් මේ අයවැයේ අරගෙන් තියනවා නමුත් ඔවුන් ජනතාව දැනුවත් නොකර ක්‍රියාත්මක කරන්න යෑම නිසා ඇන ගන්නා හැටියකුයි පෙන්නේ.

    මතකනේ 2001 දී ඍණ ආර්ථිකය පවතී කාලයේ රජයේ රස්සා නොදී සිටීම අවසන් උනේ මහින්ද රජතුමා රැකියා 40000 ලබාදිමන්.

    මා දකින වැදගත්ම දෙයනම් සියලු රජයේ ආයතන පරිගණකගත කර අන්තර් සම්බද කිරීම මගින් විදේශ වෙලදාම් කිරීමට පහසු වීමයි, නමුත් කෙරුවාව බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. //සියලු රජයේ ආයතන පරිගණකගත කර අන්තර් සම්බද කිරීම//

      මෙය නව අදහසක් නොවේ....

      Lanka Government Network නොහොත් LGN නමැති මෙම ව්‍යාපෘතිය ඇරඹුනේ 2005 වසරේදී පමණ ලෝක බැංකු ආධාර යටතේ ICTA ආයතනය මගින්...

      මා දන්නා තරමින් ඊට අවශ්‍ය උපාංගද ආදියද රාජ්‍ය ආයතන වෙන ලබාදී තිබෙනවා

      http://www.icta.lk/index.php?option=com_content&view=article&id=240:lanka-government-network-project-lgn&catid=131&Itemid=234&lang=en

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පිස්සු ටෝක් දෙන්ඩ එපා බංස්ල, දන්න උං දන්නවා ඔය පරිගණක ගතකිරීම ප්‍රේමදාස ලොක්කගෙ කාලෙ පටන් ගත්තෙ. හිච්චි එකා සංදියෙ මමත් ඉස්සෙල්ලම mainframe කම්පීතරයක් දැක්කෙ ඔය project එකේ, LGN project එක වේසකමේ යවපු වසන්ත දේශප්‍රිය ලොක්කා තමයි ඒක ඔබ ඔබා හිටියෙ. (ර්බර් පාලනද මොකද්ද දෙපාර්මෙන්තුවක ඒ කාලෙ එයා වැඩ කොලේ) මේසැරෙත් වෙනසක් නෑ. පරිඝණක ගත කිරීම කෙසේ වෙතත් කට්ටිය ප්‍රතිලාභ ලබාගනී.ඔය LGN project එකට ගිය ගානෙන් ලංකාව පුරා optical fiber backbone එකක් ගහන්න පුලුවන්කම තිබුනා කියලා දන්නො දනිති. ඔය දන්න කියන කෙනෙක් ගෙන් ICTA එකේ වැඩ ගැන අහගත්ත නම්.

      Delete
    4. ඔබ නිවැරදියි 2005 දී මෙවැනි වැඩසටහනක් පටන්ගත්ත, මෙය යෝජනා උනේ මීටත් කලින් 2001 දී නමුත් යත්ර්තය කුමක්ද ?
      අදත් රාජ්‍ය ආයතනත් කච්චේරි ත් අතරවත් තොරතුරු ලාබාගැනීම වැනි සරල දෙයක් වත් සිදුවෙන්නේ නෑ, මිට ටික දවසකට පෙරයි මා
      රාජ්‍ය ආයතන 2 අතර ෆැක්ස් පතක් යැවීමට සති 2 ගත වීම ලිපිබද මෙහි සදහන් කලේ.

      මේපාරත් මේ දේ නොවීමට පුළුවන් එත් මෙය සිදු නුවුනොත් අපට විදෙස වෙළදාම කල නොහැකියි.

      Delete
    5. හොඳ තීරණ නම් බං අපිටත් ගන්න බැරිය. අපේ තීරණත් එක්ක ඕවා කැලේ. එකම දේ තියෙන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම හා පසු විපරම. මේ දෙකා ඇමතිවරුන්ට කොරන්න බෑ. ඇයි ඉතින් උන්ට උන්ගෙම පාටී තියෙනවා. ඊටාමතරව කොටහලු ගෙවල්, මළ ගෙවල්, ඉඳුල් කිරීම්, රන් වැට නිරාවරණය, බෝධී පූජා, අක්ත පත්‍ර ප්‍රදානය යනාදී වසයෙන් වූ අටෝරාවක් රාජකාරි තියෙනවා නේ.

      ඔය පරිඝනක අංශෙට යමක් උනොත් වෙන්නෙත් මේ ආන්ඩුවෙන් ඉතරයි.. බයියෝන්ට මොන ගොන්පීටර්ද බං.. බුකියෙ ඉන්න බයියො දැක්කම උන්ට් මේවා දුන්නේ කව්ද කියලා දුක...................... හිතෙනවා.

      Delete
  5. //සකල කලා වල්ලබ, කලා සූරී, කලා රිට, කාව්ය සිරෝමනී, ගරු මාහා ආචාර්ය මාතලන් ..//

    නියම ගෞරව නාමය. නමට හරියන්න වැඩ..
    මරු සින්දුව මාතා අයියා..
    අපිනම් ඉතින් ඕවා පාවිච්චියක් නෑ නෙ..

    ReplyDelete
    Replies
    1. ත්ව හැලිච්චි කෑලී ටිකක් පස්සේ ඇතුලත් කොලා...

      Delete
  6. දැං ඉතිං ගහපං දැල් කඩයට ගල්

    ReplyDelete
    Replies
    1. බුමිතෙල් බාගයක් දාලා ගිනි තියමු

      Delete
    2. උන්ට ගහලා මක් කරන්නෙයි.. උන්ය වැඩි කොලේ....

      Delete
  7. ඔය නොකිය කියන්නෙ අපේ ගං පැත්තෙ පෙරන ස්පෙෂල් බීපල්ලා කියලනෙ. ඕකුන්ගෙ කවුරු හරි ඇති කොළඹට කසියා අදින.

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙත් ජෙයරජ්ට වගේ, කොළඹ වතු අස්සේ රිංගලා කසියා මාකට් එක ප්‍රමෝට් කොරන්න කොරපු වැඩක් වගේ. මොකෝ ඔය කොහේ හැදුවත් බඩු එන්නේ කොළඹ මුඩුක්කු වලට.

      Delete
  8. ඉස්සර ගල් ගැසුවේ පව් කාරයන්ටය. නමුත් දැන් එසේ කරන්නේ අරාබියේ පමණි. ජේසු තුමා නම් කිව්වෙ පව් කාරයන්ට ගල් ගැසීමට අයිතිය ඇත්තේ ශුද්ධවන්තයන්ට පමනක්ය කියලාය.
    සකල සිරින් පිරි සිරිලංකාව බෞද්ධ රටකි. අපි ගල් නොගසන්නේ ඒ නිසා පමණක් නොවෙමි... පව් කාරයන් වැඩිනිසා ගල් මදි නිසායා.
    ඒව්වා ඉම්පොර්ට් කිරීමේදී අයවැය වගේම කොමිසුත් ඉහළ සිට පහළට පූජා කොරන්නට වුවමනාය .එසේ කියන්නේ කට්ට ඇතුළේ හීනියට මොළ පොජ්ජක් තියෙන ඇත්තොන් පමණි..
    සකල සිරි ලාංකියන් " දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නංය" ඒ අතින් නම් අම්මප දක්සයොන්ය. එහෙම නැතිනම් වැඩ්ඩොන්ය..
    තමන් හැදී රට හදන සන්ස්කුරුතියට ආවඩා අපි ගල් ගෙදරම හදා ගනිමු ආයුබොවන්ඩ

    ReplyDelete
    Replies
    1. //අපි ගල් ගෙදරම හදා ගනිමු ආයුබොවන්ඩ//
      දේව දූතියක්.... අනේ වාසනාවන්

      Delete
    2. පළමුවෙනි වතාවට මේ භාෂාවෙන් කමෙන්ටුවක් ලියා බලාගෙන හිටියා. ගල් මුල් වැදෙන තුරු . "හැක හැක හැක " නේ?
      @kammal

      Delete
    3. අපි කාටවත් ගල් ,මුල් ගහන්නෙ නැති යහපත් ගල් බලකායේ සාමාජිකයන් වෙමු.
      මාධ්‍ය ප්‍රකාශක - ගල් බලකාය
      ස්තූතියි
      බ්‍රෑන්ඩ් එක ගල්.

      Delete
    4. මේ වගේ පතිනියන් අපේ උත්තම පුරුසයන්ට වාසනාවන්....!!!

      Delete
    5. @kammala
      තාම මුලනෙ. ඉතිං මං සෙවිල්ලෙන් ... ගල් නම් නැහැ.
      උදේ හවස මල් නම් පුජ කරනවා
      මල් බලකාය කියන්න නම් බැහැ ඉතින්

      Delete
    6. @mathalan
      හ්ම්ම්ම්ම්ම්ම්
      සුරාමේරය මජ්ජපමා නම් = මද පමනට නෙ?
      අර පදම්... ඉහල අගයක් ගන්නෙ නැතිනම්
      ඉඳල හිටලා සුනාමියක් ආවමත් හොඳයි කියනව නෙ?

      Delete
    7. සුරාමේරය මජ්ජපමා නම් = මද පමනට නෙ

      විකාරද

      මදයට ප්‍ර‍මාදයට හේතුවන සියල්ල

      Delete
    8. හෑ... උදේ හවස මල් පූජ කරනවයි කිව්වා?? හඳ කොහොමද මෙතෙන්ට ආවෙ කියලා ඇහුවලු..

      Delete
    9. අනේ උඔලා වගේ නංගිලා වාසනාවන්..

      Delete
    10. අරක්කු කියන නම ඇහුවත් ඇලජික් වෙන සම්ප්‍රදායික ගෝත්‍රික ගෑණුන්ට කණේ පාරක්!

      Delete
    11. හැක්.. හැක්... අන්න වැඩ

      Delete
    12. සා දූ !!! සාදූ11111111111111111 සාදූ නංගිෙය්......

      Delete
    13. ලබන ආත්මෙත් බ්ලොග් අවකාසෙම ඉපදියං සහෝදරී :D

      Delete
    14. උඩ ඉන්න අයියලා ඔක්කොටම හිතෙන්නේ නැද්ද බඳින්න හදිසි උනා වැඩියි වගේ කියලා.. හැක හැක හැක..

      Delete
  9. මාතලන්, අපේ අම්මලගෙ ගමේ බෝතලේනෙ, ඒ ගමේ මිනිස්සු නම් හුඟක් බොන්නෙ කසිප්පු තමයි. අරක්කු බෝතලයක් ගේන්නෙ අවුරුද්දට වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      ඔයයි මමයි !!!!!!

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      Delete
    2. කව්ද බං ඕකට නම දැම්මේ "බෝතලේ" කියලා...

      Delete
  10. බොන්න යන වියදං
    ජීවිතේ කෙළවෙයි දැං

    ReplyDelete
    Replies
    1. 2500 ක් වැඩි කරනවා කිව්වා නේ.. ජනරංජනයගෙන් අහලා බලහං

      Delete
  11. ගල් ගහන හැමෝම උඩුකුරුඤ්ඤං !!!!!!

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවෙ පැලිල උඹ උඩුකුරුඤ්ඤං වෙන්න කලින් එන එකෙක් අතේ ගල් බෝතලයක් එවන්නම්.

      Delete
    2. එහේ ඉඳලා එනකොට විෂ්කි ගෙනත්... මෙහෙන් ගෙනියන්නේ ගල් නේ බං...

      Delete
  12. වහාම කිරියාත්මක වන පරිදි වෙල් ජින් වලට මාරුවෙන්ඩ තීරණය කොළාය.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම විචාරක සර් "සිරිලක දේ සිරි සැප දේ - ගන්න අපේ දේ ...
      හැක් හැක්

      Delete
    2. විචාරක සර්??????????????????
      ඇයි උඹත් ආමි එකේද සින්දු ඇනෝ!!!!!!!!!!

      Delete
    3. සර් කියන්නේ මහත්මයා කියන එකට මහත්මයා. උතුමාණනි කියන එකට නම් නොවේ.

      Delete
    4. වෙල් ජින් වලට වෙල් ෆැන්ටාකියලා නේද​ ඉස්සර කිව්වේ ; හැබැයි අක්මාව බලාගෙන

      Delete
    5. ගල් බමුනා ප්‍රොමෝට් කොරන්නම කොරාපු වැඩක් වගේ..

      තමන් හිසට තම අතමය සෙවනැල්ල..
      සිරි රට දේ සිරි සැප දේ...

      Delete
  13. ගල් පොල් බජට් එකෙන් වැඩි වෙනකොට හොර පොට් එකේ හොර බඩුවලත් ගාන වැඩිවෙන එකනේ අවුල...

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක තමා ළොකුම කරුමේ...

      Delete
  14. යකෝ මාතලන්ලත් ගල්ද ගහන්නේ???

    ReplyDelete
    Replies
    1. ඕව් බං.. අපි මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සු.. ඇයි ඇප්ෂට්ද...?

      Delete
  15. සැලෙන්ඩ එපා මාතෙ , අපි පටාං ගන්නකොට සංස්ථා ගල් බෝතලේ 110 බජට් කීයකින් වැඩිකලාද ? , අපි නැවැත්තුවද ? අනාගතෙත් ඕකම තමයි වෙන්නෙ.
    තින්ක් පොසිටිවු මචං , අතට ගානක් හොයාගන්න මොනා හරි කරමු. ( ආං එහෙමයි අපි හිත හදා ගත්තෙ )

    ReplyDelete
    Replies
    1. අපි පටන් ගත්තේ රුපියල් 28න් බන්

      Delete
    2. //අපි පටන් ගත්තේ රුපියල් 28න් බන්//
      උඹල දිවය ලෝකෙනෙ ඉදල තියෙන්නෙ, ටයිම් මැසිමක් නැද්ද බං අතීතෙට යන්න . රුපියල් 100 මාරු කාසි වලින් අරන් ගිහින් ගල් බෝතල් තුනක් ගේන්න.
      මචෝ ඒ කාලෙ ගල් බෝතලේ විනිවිද පේන්නෙ නැති දුඹුරු පාට බෝතලේක ද ආවෙ? මම එහෙම සීන් එකක් අහල තියනව.

      Delete
    3. ඔව් බන් එතකොට මගේ මාසික පඩිය රු 480/-යි

      Delete
    4. ඇනෝ,
      ඔය කියන කාලේ හාල්, පොල් අල පරිප්පු වගේ දේවල ගණන් කොහොමද...
      පඩිය 480/- තියෙද්දී ගල් බෝතලේ 28/- යි කියන එක ටිකක් වැඩියි වගේ කියල මට හිතෙනවා...

      Delete
    5. වැඩි කාලයක් නැ බන් 1979 විතර වගේ 1981 විතර අති විශේෂ රු 36 /-විතර වගේ
      අපි නම් ගැහුවේ උතුරු කළුතර රජයේ ස්කාගාර ගුදමෙන් පන්නන අතිවිශේස ඉස්පිරිට් එක. එකෙන් 3ක් හදන්න පුළුවන් එක රු25/-
      ලොකු පුතේ අපි ඔය කාලේ අල පරිප්පු වල ගනම් මිනුම් දන්නේ නැ බන්. ඔය කලේ අපි පවුල් කැවේ නැ දෙමව්පියන්ගේ පිහිටෙන් කැවේ ඇන්දේ

      Delete
    6. ///අපි නම් ගැහුවේ උතුරු කළුතර රජයේ ස්කාගාර ගුදමෙන් පන්නන අතිවිශේස ඉස්පිරිට් එක. එකෙන් 3ක් හදන්න පුළුවන් එක රු25/- ///

      මමත් එක දවසක් ඔව්වා බීලා තියෙනවා. ඔතනින්ම ගත්තු ඒවා. නිකන් හම්බු උනේ, සුරාබදු එකේ යාළුවෙක්ගෙන්...
      ගල් වලට වඩා රහයි, ලිමිට් එකක් තේරෙන්නෙත් නැහැ...

      Delete
    7. ඔය ස්පිරිට් එක වතුර වගේ අපි තේ කහට වකරලා අති විශේෂ පාට හදාගන්නවා නැතිනම් දකින අය කියන්නේ සුදුවා කියලා. තව ඩේම්පර් කියලා ඩයි එකක් දාලා හදාගන්නවා මගුල් ගෙවල් වලට ගන්නකොට ඒ කියන්නේ තවම බඩු තියනවද අවුරුදු 25 විතර ඔය පැත්තේ ගියේ නැ...බන්

      Delete
    8. නාකි හුටං උඹලත් එක්ක ගත්තම අපි හුලං,
      පට්ටයි බං කියයපල්ලකො ඔව ඉරිසියාවෙ මැරෙන්ඩවත්
      අඩෝ..... අපි එකට නමයට එතනෝල් කලවම් කරල තොටලග රේගුවෙන් පන්නපුව බිවුවෙ

      Delete
    9. මම කළුතරට ඉස්කෝලේ ගියේ. ඒ කාලේ ආරංචියක් ආවා ඉස්කාගරේ ඉස්පිරිට් ගඟට කාන්දු වෙලා කියලා. ඒ කාලේ අපේ පන්තියේ කොල්ලෝ රඟ දක්වලා පෙන්වනවා නාන්න ගිය අක්කලා නැන්දලා නාලා එන හැටි සූර් වෙලා.

      Delete
    10. සාමන්නියෙන් අලි ආවම ඉකොනොමි එක නැගලා යනවා.. ඒකට අවුරුද්දක් දෙකක් යනවා.. ආන් එහෙම පොඩි තත්වෙකට ආවම මෙහෙම ගැහුවට අවුලක් නෑ.. මහ රජතුමා පුකේ ඇරලා හිටපු සෙට් එකකට, මුන් ඇවිල්ලා කොල බොක්කටම කෙලින එකයි ඉවසන්න බැරි..

      ටැක්ස් ගහනවා කියලා මෙහෙමත් ගහනවද බං...

      Delete
  16. නවත්තාපන් ගැහිල්ල ගල්
    පටන්ගනින් ඇදිල්ල මල්

    ReplyDelete
    Replies
    1. යකෝ 150 කෑල්ල 500යි.ඒකත් පඩ.උඹ මගුලක් කියවනවා

      Delete
    2. වවපිය ගෙදර මල් ...පඳුරු අස්සේ

      Delete
    3. එහෙමවත් ගන්ඩ තැනක් ඇතැ , මෙව්වා තමා යකෝ ජනතාවගේ දැවෙන පුරස්න , ජහපාලනේට ඡන්දෙ දුන්න උන්ට හෙන ගහන්ඩ , මාතලං ගොයියට හොද වැඩේ දැං වත් පුකේ අමාරුව සනිප වෙන්නැතැ

      Delete
    4. මැසින් බිජ්ජා එදා ඉඳලම ගැහුවේ සුදුවා. මූ පොර ටෝක දෙන්නේ විස්කි ගැහුවා වගේ. අනේ බොල බිජ්ජෝ

      Delete
    5. ඒක්කෝ ඒක ලීගලයිස් කොරන්න ඕන..

      ආන්ඩුවටත් මාර ලාබයි..

      Delete
    6. අන්න අමෙරිකාවෙ ලීගලයිස් කොරලා ඈගෙන.ඉස්කෝලෙ ඇතුලෙ ජොයින්ට් එක දාල පිස්සු කෙලිනවා.. ටීචර්ට ආතල් දෙනවා.. එක විකාරයයි.පට්ට වීඩියෝ ටිකක් තියේ.. හපෝයි කියල හිතෙනවා.. (නීතියෙන් වැඩක් නෑ බඩු තියෙනවා නම්.)

      Delete
  17. Replies
    1. ///you're making 3L of the stuff, for less than $5. ///

      Delete
    2. ඔහේ මේ අහිංසකයන්ගේ ඇස් අන්ධ කොරන්නද හදන්නේ ...හපොයි...!
      අටම් කියල දුන්න නේද හැන්දෙන් විස පාර්ට් එක අරන් දාන හැටි...ඌට බිස්නස් වැඩිවේවි...!

      Delete
    3. ///Be ruthless about tossing the first 50 mL (off a 20L wash) that you collect, as this contains any methanol (causer of hangovers - small quantities, or blindness - larger quantities). Even though I'm pretty sure I only collect less than 10mL at the methanol stage, I still discard 50mL, just to make sure. No need for penny-pinching when you're making 3L of the stuff, for less than $5. If you're using a potstill, you may need to increase this amount you toss up to 100-200 mL.////

      Raft මහත්තය හරියටම හරි.
      ඔය එක එක්කෙනා කියන දේවල් නොකර ඒවගේ දන්න දෙයක් කරගෙන හිටියනම් එතුමාට හරි යයි

      Delete
    4. හා මචං....හෙට හවසට පටන් ගමු...

      Delete
    5. වැඩේ පටන් ගන්න වෙයි වගේ මචෝ...

      Delete
    6. 1 පරණ ශ්‍රී ලංකන් ස්ටයිල් එකේදී හැන්දට එකතු වෙලා වැටෙන නිසා විස වීම් වාර්තා උනේ නැ

      2 බැරල් වල පෙරන්ඩ ගත්තහම බැරල් එකේ හිස් අවකාශය වැඩි නිසා මෙතනෝල් කොහොමටත් කලවම් වීමෙන් පසුව එතනොල් එලියට එන නිසා කසිප්පු පෙරනකොට මේ වෙන් කිරිම කරන්න බැ.

      3 මුට්ටි ස්ටයිල් එකේදි අවශ්‍ය තාපාංකයේදි මෙතනොල් සහ එතනෝල් වාෂ්පවීම තමයි , බැරල් එක පරාද වෙන්ඩ හේතුව , අවුට් පුට් එක මිසක් වෙන කිසිම දෙයක් නොහිතන ඉන්දියාවේ කසිප්පු ලංකාවට වඩා විසවීම් වෙන හේතුවත් ඒකයි.

      4 අන්තිමට පෙරෙන ටිකත් අයින් කරන හේතුව . වර්නය සහ රස වෙනස්වීම වෙන්න ඇති , ( ඒකට රස්සාවේ ඉන්න අය කියන්නේ ගෝඩා අදිනවා කියල )

      5 කසිප්පු විස උන අයට විස නසන්ඩ කියල සීල් අරක්කු දෙනවා , ගෙදර බෝතල් හතරක් පහක් පෙරාගන්න කෙනෙකුට , හොද රසයක් සහ ලස්සන වර්ණයක් ගන්න , සීනි ටිකක් තේ කහට වලින් රත් කරල , ගණන් අඩු කහට රසවැඩි බෑන්ඩි බෝතලයක් කලවං කරානං පංකාදු පහට තියෙයි මං හිතන්නේ

      Delete
    7. එකෙන්ම.... මම අර පත්තරයා දීපූ සොලිඩ් භාන්ඩේ මස්සිනා එක්ක ගැහුවා.. ඌ කලින් කර්මාන්තේ යෙදිලා උන්න එකෙක් වෙලත් අදටත් හිතන්නේ ඉටැලියන් බ්‍රැන්ඩි එකක්ය කියලා..

      ආන් ඒවා නම් මල් මසුරන්...

      Delete
  18. මම මේ කතාව වෙන තැනකත් කිව්වා.අපේ සයිට් වල වැඩ කරපු ලේබර්ස් ලා දවල්ට කෑවෙ නෑ.එතකොට හවසට පොඩියට ගහන ශොට් එක වදිනවයි... බීඩියක් කාරිය අදින්න සල්ලිත් ඉතිරියි කියලා.. ගෙදරට දෙන ගානෙන් කපාගන්නැතිව උන් ජීවිතේ බැලන්ස් කලේ එහෙම.දැං නං ගෑණු දරුවො බඩගින්නෙම තමා.මොකෝ බීම නවත්තන්නෙ නෑ නෙව. අකුලෝලම යන්නයි හදන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පව් අහිංසක මිනිස්සු , ජෙයරාජ් මහත්තයට විතරයි ඕකේ අගය තේරුනේ

      Delete
    2. මචෝ බයිට් එකක් නැතිව, ෂැන්ඩි එකක් නැතිව, කාල ගාන වැඩි නිසා, බෝතලේට හතරක් සෙට් වෙනකන් ඉඳලා, බින්දුවක්වත් දිවේ ගෑඋනත් පාඩු නිසා උගුරටම හලා ගෙන කෙල පාරක් ගහලා යන මිනිස්සු ගැන මේ වෙසිගේ පුතාලා ඇත්තටම දන්නේ නැද්ද..?

      මුන් ජනතා සේවකයොද.. එහෙම නැත්නම් වෙන මක්කුන් හරිද...?

      Delete
  19. කාටවත් දොස් නොකියා බැන වදින්නේ නැතිව දේශීය වඩියක් පෙරාගන්නට තීරණය කළෙමි.

    ReplyDelete
    Replies
    1. හැන්දක් හදාගන්ඩ වැඩ්ඩෙක් නැද්ද

      Delete
    2. අන්න මිනිස්සු...

      සුබ අනාගතයක්...

      Delete
  20. බුකියෙ දැක්කා හොද අදහසක්.......... ගාණ වැඩි කරනවනම් සැරත් වැඩි කරපං.................

    ReplyDelete
  21. අම්බානට මල පැනලා මලකුත් ගහලා ද කොහෙද අදනං ලියලා තියෙන්නෙ. බලපංකො මුං කිසිම විකල්පයක් යොදලත් නෑනෙ. මං කිව්වෙ වැයට හරියන අයක් එන විදිහක්.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹලට සැත්තැම්බර් ඉඳලා 10,000 ක්ද කොහෙද දෙනවා කිව්වා නේද අර රවීගේ දඩි බිඩි බජට් එකේදී, මීට කලින්...

      Delete
    2. රාජ්‍ය සේවයට අපි අයිති නෑ මහත්තයෝ. අපි ඇවිල්ලා ව්‍යවස්ථාපිත මණ්ඩල. අපිට කොයින්ද පූසෝ මාළු?

      Delete
    3. ආන්න එකෙන් 2500 ක්කත් ඉල්ල ගනිං... අර පෙරටුගාමි උන්ට ඉවෙන්ට් මැනේජ්මන්ට් එක දුන්නා නම් හරි.. ගාන ඉතින් උන්ගෙන් තමයි අහ ගන්න වෙන්නේ...

      Delete
  22. සංස්ථා කිව්වට ආණ්ඩුවේ නෙවෙයි - ගල් කිව්වට පෙරන්නේ ගල් ඔයත් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ළෝකෙන් උතුම් රට කිව්වට, ඒ රට මේ රටත් නෙමෙයි...

      Delete
  23. දේශීය නිශ්පාදන සොයා යාමේ කාලය ඒලැබැ අැත....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ලක දේ... සිරි සැප දේ..

      Delete
  24. මහ ලොකු දේශප්‍රේමියො බිරුවට අපේ රටට දැන් හොද කාලයක් උදා වෙනව. ඇමරිකාව අපිට උදව් කරනව කියන්නෙ බය වෙන්න දෙයක් නෑ. උන් හැමදාම අසාධාරනේටයි කතා කරේ. ස්වීඩන් වගේ රටවල් කියපු දේ එදා ඇහුවනම් අපි අද හුගක් දියුණුයි. යුද්දෙ නවත්තන්න කියනකොට නැවැත්තුවෙ නෑ බොරුවට මිනිස්සු මැරුව. ඉතින් අපි කොහොමද දියුණු වෙන්නෙ. ඒත් දැන් එයාල අපිට උදව් කරනව. අපිට ගොඩයන්න පුළුවන් ඉක්මනට. මානව හිමිකම් ගැන දන්නෙ නැති හිංගල ගෝත්‍රිකයින්ට රිදෙනව ඇති දැන්.

    ReplyDelete
    Replies
    1. අලි හීනෙන් දැක්කත් හොඳයි කියනවනේ...

      Delete
  25. ගල් වැඩි කරාට අවුලක් නැත.. විස්කි වැඩි කරොත් ආණ්ඩුව පෙරලමි.. හැක හැක..

    ReplyDelete
  26. මාතේ, ඕකට ඔච්චර අඬන්න ඕනේ නැහැ..... උඹ lunch එකට යන tourist restaurant වලින් ගල් බෝතලයක් ඉල්ල ගනින්. දැන් හුඟක් restaurant වලින් ඉල්ලුවොත් බෝතලයක් දෙනවා. එතකොට ප්‍රශ්නෙ ඉවරනේ...

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න