.

.

Jul 1, 2016

තෝසේ... මසල වඩේ.. - Dosa & Vada


වෛද්‍ය රුවම් එම් ජයතුංග උන්නැහේ "තෝසේ කෑම" ගැන ළිපියක් ලියලා (මොකා අර රුවන්?, උඹ අර මරාගත්ත ඩොකා...? ඔව් ඇයි අවුල්ද...? ඔව් බං ඔව්.. අපි මරාගත්තා... ඒක එතනින් ඉවරයි. අපි දෙන්නම වලිය ගඟ ඉවුරේ තියලා අපේ ගමන යනවා (සමාවෙන්න යන්නෙමු), ඒත් සම හරක් තාමත් වලිය කරේ තියාගෙන පෝස්ට් දානවා. ඇනෝ ගහනවා. මාතලන් වෙනුවෙන්ම, මාතලන්ට මඩ ගහන්න වෙනම එකෙකුත් ඉපදිලා. කොහොම මාකට් එකක්ද නේ? උඹලා එකෙකුටවත් ඉන්නවද, උඹලටම විතරක් කොමෙන්ට් ලියන එකෙක්. උඹලා වෙනුවෙන්ම කැප උන එකෙක්. ඒත් මාතලන්ට ඉන්නවා. හෙන ඇඤ්ඤ කොරොස්. උන්ට අපේ එක්වීම දරා ගන්න බෑ. හොඳ වෙලාවට, රුවන්ටයි මටයි දෙන්නටම තේරුනා මොකක්ද ගේම, කාගේ වැඩද කියලා)

ඉතින් ඕක දැක්ක ගමන්, මගේ තෝස මතකයි. තෝස නොස්ටැල්ජියයි අරවයි මේවක් ඔක්කෝම ඇවිස්සෙන්න ගත්තා. ඉතින්, එතන කොමෙන්ට් දදා ඒක අල කරනවට වඩා, හැලපයගෙයි, දේශගෙයි, බලවත් ඉල්ලිම පරිදි, ඇදලා අරින්න ඔන කියලා හිතුවා ඩෝසයි ගැන පල් හෑල්ලක්.

තෝසෙ කන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම කැමති නෑ. ඒත් අපේ තාත්තා ඉස්සර හරි කැමතියි පරිප්පු වඩේ (මසාල වඩේ) කන්න. එයාලා හැන්දෑවට පොල් ගහ යට ඉන්න කොටියයි තැඹිලි ගෙඩියයි එක්ක සෙට් වෙන වෙලාවට කට ගැස්මට ගන්න ඔයින් හතරක් පහක් ගේනවා.  ඔන්න ඔය චෑන්ස් එකෙන් තමයි තාත්තා පිටකොටුවේ බිසිනොස් කරන කාලේ, පරිප්පු වඩේ කන්න හෝටලේකට ගොඩ වෙන්න ලැබුනේ.

තෝසේ ගැන මගේ මුල්ම මතකය ඒක. ඒ දවස මට අදත් හොඳට මතකයි. අපි ගොඩ උනේ ඔය "පිටකොටුවේ", "ඕල්කට් මාවතේ" තියෙන, "පිලිප් නේරිස් පල්ලිය" පිටිපස්ස පාරේ තියෙන හෝටලේකට. "ආ.. යෙන්ඩ දොරේ... යෙන්ඩ යෙන්ඩ.." කියලා බොහෝම ආදරෙන් පිලිගත්තා. ඔක්කොම තාත්තගේ යාලුවෝ. අද ඒක එතන නෑ. 83 ජූලී කලබලත් එක්ක අපේ අය බාබේ කිව් දාලා. අපරාදේ කියන්නේ එහෙම ගොඩක් තෝසේ කඩවල බාබේ කිව් දැම්මේ, ඒ කඩවල් වලින් කාපු උන්මයි. උන් කඩ විතරක් නෙමෙයි, ඒවල හිටපු වේටර්ලා, තෝසේ හදපු කුකාලා, මුදලාලිලා, ඔක්කොම බාබේ කිව් කලා. ඒක වෙනා කතාවක්.

කොහොම හරි අපේ තාත්තගෙ පුරුද්දක් තිබුනා ඔය හෝටල්වලට ගියාම තියෙන ඒවා ඔක්කෝම ගේන්න කියන එක. තාත්තා මාවයි මල්ලිවයි එක්ක ගියේ පරිප්පු වඩේ කන්න. ඉතින් අපි තුන් දෙනා ඉඳගත්ත ගමන් තාත්තගේ යාළු වෙටර් උන්නැහේ, කෙහෙල් කොල වගයක් ගෙනල්ලා මේසේ උඩ තිබ්බා. කන්න කලින් අත හෝදන්න කියලා නේ තියෙන්නේ. අනික් හෝටල් වල වගේ අත සෝදන කෝප්පත් නෑ. අර වතුර දාපූ පත වීදුරුත් නෑ. ඉතින් තාත්තගෙ පස්සෙන් ගිහින් අතත් හෝදගෙන ආවා. අත හෝදන එකට අපි දෙන්නම උස නෑ. තාත්තා තමයි උස්සලා අත් දෙක හේදුවේ.

මලා ජෝන්..., මේන් අර යකා අර මගුල් ගෙවල් වල කේක් අල්ලනවා වගේ, බෙලෙක් කෝප්ප තුනක් වගේ ඒවා තුනක් අල්ලපු, ඇලුමිනියන් ගැජට් එකක් ගෙනත් ඒක කරකව කරකව, තැඹිලි පාට පොල් මැල්ලුමකුයි, ගෙදර හදන පොල් මැල්ලුමට හුරු, හැබයි ලා කොල පාට මැල්ලුමකුයි, කෙහෙල් කොලේ උඩට දාපි, පිඟානකුත් නැතිව. "තාත්තේ මේ කඩේ මාර හිඟන කඩයක් නේ..." කියලා කියන්න හිතුනත්, කට වහගෙන උන්නා. මොකෝ තාත්ත කියලා තියෙන්නේ, ගෙදර වගේ නෙමෙයි වෙනත් තැන්වලට ගියාම, වැදගත් විදියට හැසිරෙන්න කියලා. ප්‍රශ්ණ තියේ නම්, ගෙදර ඇවිල්ලා අහන්න කියලා. මොකෝ, ඒ වෙන කොටත් තාත්තගෙ කලිසම ගැලවෙන ප්‍රශ්ණ දෙක තුනක් මම ඔක්කෝම ඉස්සරහා අහලා තිබුන නිසා. ඉගෙන ගන්නේ කොහොමද අනේ ප්‍රශ්න කරන්නේ නැතිව.

ඉතින් ගෙදර ආවයින් පස්සෙ තාත්තට ප්‍රශ්ණ වැලයි. අපරාදේ කියන්නේ ගොඩාක් ඒවට උත්තර හම්බ උනා. එකක් දෙකක් තමයි ළොකු උනාම කියලා දෙන්නම් කියලා ෂෙප් උනේ. ඒත් ළොකු වෙන්න කලින් මම ඒවා ඔක්කෝටම උත්තර හොයා ගත්තා. මහතුවා, රංජියා, දයියා වගේ අයට තමයි ඒවයෙ ගෞරවය යන්න ඕනා. හානේ තව ටිකෙන් අමතක වෙනවා ඇයි එතකොට මැණිකා. කොහොම හරි අම්මා ආවා නම් තාත්තා බැණුම් අහගන්නවා. එයා කොහොමත් පිටකොටුවේ කඩවල් වලින් කන්නේ නෑ. ඔය ට්‍රිප් එකක් යන වෙලාවට පොඩි හෝටලේකට ගොඩ උනොත් මිසක්.

අර පොල් මැල්ලුම් දෙකම ගෙදර ඒවට වඩා දියාරුයි. එදා තමයි මම දැක්කේ, මැද්දේ හිල් තියෙන වඩේ. ඒකට කියන්නේ උළුදු වඩේ. පස්සේ කාලෙක තමයි දැන ගත්තේ, අර පොල් සම්බල් වගේ එකට, අපේ දෙමළ උන් හිටං, සාම්බල් ගෑවට, ඒකේ හරි නම "තෙන්ගායි චට්නි" කියලා. දෙමළෙන් "තෙන්ගායි "කියන්නේ "පොල්" වලට. අනික් කොල පාට එකට කියන්නේ, "කොත්තමල්ලි පුදිනා චට්නි". ඔව්.. ඇයි.. මොකෑ..? කොත්තමල්ලි කියන්නේ දෙමළ වචනයක්. ඔය අපේ සුනිල් අයියත් කියන්නේ, "එන්න නංගි මල්ලි... බොන්න කොත්ත මල්ලි..." කියලා. ඒ වීඩියෝ එක දැක්කාම නම්, කොත්ත මල්ලි බොන්න හිතෙන්නේ නෑ මල්ලි. අම්මපා. ඔව් ඔව්.. කන්නමයි හිතෙන්නේ ඒක මල්ලි.  පුදිනා කියන්නේ මින්ට් වලට. අපි මින්චි කියන්නේ ආන් ඒවා.

ඕකේ ඔරිජිනල් එක හඳන වැඩේ අමාරු උනාට, අපේ විදියට හදාගන්න ක්‍රමේකුත් තියෙනවා. ඕක හදා ගත්තම ඕන එකක් කන්න පුළුවන්, ඒ වගේම පට්ට ගුණයි. පොල් සම්බෝල එක්ක කන ඕන ලබ්බක් එක්ක ඇදලා අරින්න පුළුවන්. ඒ වගේම පොල් සම්බලට වඩා ගුණයි. අවස්ස ද්‍රව්ය මෙහෙමයි -

* පොල් අත පුරවලා දෙකක් ඉතර (ගෙඩි නෙමෙයි යකෝ... ගාපු පොල්.. ගාපු පොල්, අහුරු දෙකක්.. ග්‍රේටඩ් කොකනට් කියලා හින්ගලෙන් කියන්නේ... ගාන්න බැරි නම් ගාපුවා තියෙනවා කඩේ. එහෙම නැහ්නන් ගාලා දෙන තැනුත් තියෙනවා.. නැහ්නන් ඉතින් සද්ද නැතිව හැමදාම කරන්න ආපු වැඩේ නේ.. ඔන්න ඔහේ ගා ගන්නවා ඕයි බෑයක් නෝන්ඩි නොවී)
* කොත්තමල්ලි කොල අත පුරවලා අහුවෙන ප්‍රමාණයක්.
* ඉඟුරු තේ හැන්දෙන් භාගයක් ඉතර (ඔව් යකෝ ඉඟුරු පොඩි කරපුවා තියෙනවා අර ගෙදර යන ගමන් හැම එකාම ගොඩ වෙන කඩේ. ඉඟුරු උගුල්ලන්නයි. ඒවා හොයන්න ගිහින් පොළොංගුත් එක්ක ඩාන්ස් දාන්නයි, මඩ යනකන් හෝදන්නයි. ඊළන්නගට පිහියෙන් ලෑටී හාන්නයි ඕන නෑ බෝතලෙන් ගත්ත දැම්මා.)
* අමු මිරිස් කරල් දෙකක් ඉතර (හරි හරි මම දන්නවා අවුනිස් කරලක ගාන. හරි හරි.... යහපාලනේ කාළේ විතරද යකෝ 800 ට ගියේ. ඇයි මහින්දගෙ කාළෙත් කෑවේ 1000 ට. යහපාලනෙන් 800 ට කන්න තමයි බැරි තොපිට.)
* දෙහි ගෙඩියක ජූස් (හරි... ඒවත් ගනං තමයි. ඒකනේ යකෝ කියන්නේ කුණු මල් ගස් වවන්නේ නැතිව, දෙහි ගහක්වත් වවාගනිය කියලා.)
* දුරු කුඩු තේ හැන්දකුයි (දුරු රහට කැමති නැහ්නන් නොදා ඉන්න)
* ලුනු ඔහේලට අව්ශ්‍ය ප්‍රමාණෙට.

ඔය ඔක්කෝම බ්ලෙන්ඩරේට දාල බොත්තම එබුවත් හරි. ඒත් ඉතින් රහ එන්න නම් වංගෙඩියක දාලා කොටලා ගත්තාම හරි.

වැඩේ චොර උනා නේ පල් හෑලී ලියන්න ගිහින්. අර මේසේ උඩ තියාපු රොටි වගේ එකට මගේ හිත ගියා. මොකෝ හැම එකාම කන්නේ ඒවා. කොහොමද දැක්කේ..? දැක්කේ ඉතින් පොඩි කාළේ ඉඳන් මම අනුන්ගේ වං හුං හොයන එකා නිසා.

"තාත්තේ මේ මොනවද....?"
"ඔය තමයි පුතේ තෝසේ..."
"එතකොට මේ මොනවද... කිරි බත්ද..?
"නේ... නේ...  පොඩි මාතියා... යේක යෙවිල්ලා යිටිලි යිටිලි..."
"කව්ද යකෝ උඹෙන් ඇහුවේ..." කියන බැල්ම දාන කොටම තාත්තා මට එරෙව්වා. නැත්නම් ඉතින් ඒ මාමා මගෙන් අහගන්න එක අහගන්නවා.
"එතකොට මේ ළොකු බෝල ගෙඩි..?"
"යේක... පොඩි මාතියා බෝන්ඩා බෝන්ඩා.. 
"තැන්කිව් අංකල්.." (ඒවට කියන්නේ මැනස් කියලා... ඒවත් ඉස්කෝලේ නෙමෙයි කියලා දුන්නේ. තාත්තම තමයි)
"පුතේ... ඔය සුදු ඒවට කියන්නේ ඉඩ්ලි. මේ බෝල වගේ එවා අල බෝන්ඩා.. "
"ඇයි ඒවට අල බෝන්ඩා කියන්නේ.. ඇතුලේ අල ගෙඩියක්ද තියෙන්නේ.?"
"නෑ... නෑ.. අල තෙම්පරාදුවක් තියෙන්නේ... පුතා ඕන දෙයක් කන්න."
" මාතියා.. යෙපි පොඩි මාතියට දෝසෙයි යෙකක් දෙමු.."

දැන් වඩේ එකත් කෙහෙල් කොලේ උඩ තියෙද්දි, මූ ඒක උඩට දැම්මේ නැතෑ තෝසේ රොටියකුත්. ඒ පාර තව බාල්දියක් උස්සගෙන ඇවිත් ටිකක් ළොකු හැන්දකින් තෝසේ එක වැහෙන්නම දාපි හොදි.. 

"තාත්තේ.... මේ මොනවද මේ හොදි... ඈයියා ....මට නම් එපා ඔක්කෝම එක ගොඩේ දාලා.... මම මේවා කන්නේ නෑ....."
"හරි හරි පුතේ.... කෑ ගහන්න එපා...." කියපු තාත්තා ඒකේ තිබුන මුරුංගා කෑලියි. වම්බටු කෑලියි, වට්ටක්කා කෑලියි, කැරට් කෑලියි එයාගේ කෙහෙල් කොලේට දැම්මා.. ඒත්.. 
"මේක කන්නේ කොහොමද..? " ඒ පාර තාත්තා කලේ නැගිටලා අර හොද්දයි, සම්බල් දෙකයි, තෝසෙයි, පොඩි කෑල්ලක් අරගෙන අනලා කවපු එක. 
"ෂා... මාර රහයි නේ තාත්තේ .. හරි හරි මම කන්නම් තනියම..." මට මේකකුත් ඕන.. එහෙම කියලා අල බෝලෙකුත් දා ගත්තා.. ඒත් ඒක මට ඒ කාළේ එච්චර ඇල්ලුවේ නෑ.. තෝසේ එක නම් අල්ලලම ගියා..
මලයට තාත්තා කැව්වා...
"යේක මොනාද පොන්නේ මාත්තියා...?"
"අපිට ගේන්න රාජා... ප්ලේන්ටි එකයි.. එළකිරි එකකුයි..."
"ෂා නියමනේ...., එළකිරිත් තියෙනවද මෙහේ..?"
"ඔව් ඔව්... අම්මට කියන්න එපා..!" (එහෙම කිව්වේ මට හතිය හැදෙන නිසා එළකිරි දෙන්නේ නැති නිසා.. ඒ දවසවල මට වෙනම හම්බ වෙනවා එළු කිරියි.. සූකිරියි...)  කිව්වා විතරයි, රාජා කන පැලෙන්න කෑ ගැහුවා..
අයියා... ප්ලේන්ටි ඔන්ඩා පාල් ටී ඔන්ඩා කියලා..
එක නම් කෑලණියේ අම්මට නෙමෙයි.., ගාල්ලේ සීයටත් ඇහෙන්න ඇති..
ඕන් ඔහොමයි බත් නොකා පාන් විතර කකා උන්න මම තෝසේ වලට පෙම් කරන්න පටන් ගත්තේ ඊළඟ එකෙන් සයිවර්, යාපනේ කඩ, අපි කාපු කඩ ගැන කතා කරන්නම්...

එතෙක් ඕබෙන් සමුගන්නා මා. ඔබේ හිතාදර... තෝස වලට කෑදර... මාතලන්..

134 comments:

  1. ආනන්ද බවන් එකෙන් ගිහින් තෝසෙ ගිලිනවා සින්දුව සම්භාව්‍ය හින්දි භජන් එකක් ද මොකක් ද ලු. ඒකට ඒ විදියට සිංහල වචන දැම්මට අපේ කරුණාරත්න අමරසිංහ මාස්ටර්ට මළ!

    ReplyDelete
    Replies
    1. තෝසේ මසල වඩේ ගීතය මම හිතන්නේ ලියලා තියෙන්නේ ප්‍රේමකීර්ති අල්විස්. ඕකෙ ඔරිජිනල් එක ගාහනා කලේ මනෝහරන් සහ තිස්ස නාගොඩවීතාන. පස්සෙ ඩෙස්මන් ද සිල්වත් කියලා තියෙනවා.. අර සින්දු ඉල්ලන නංගිට අහන්නත් එක්ක ලින්ක් එක එතන දාන්නම්.

      Delete
  2. මරදානේ බෝඩිම් ජීවිතේට ආවත් හරි අවුරුදු 15ක් තිස්සෙ තෝසේ අලබෝන්ඩා කනවා. මරදානේ තෝසේ කඩ තිබුනට පොලීසිය ලග තියෙන ධවලගිරියෙ තෝසේ තරම් කොයි එකක වත් කොලිටි නෑ. අනික ධවලෙ සාම්බාරු එකත් සුපිරී. ලංකාව වටෙන්ම තෝසේ කාලා තිබුනත් මට සෙට්වෙන්නෙම ධවලෙ තෝසේ එක තමා. ඒ තොසෙත් එක්ක කොලොම්බුයි,සාම්බාරුයි කවලමේ දාලා කොත්තමල්ලි පූදිනා චට්නි ටිකකුත් දාගත්තාම කන්න පුලුවන් පැලෙන්න.
    බොහොම ස්තූතියි සම්බල් ජාති දෙකේ නම් කිව්වට. මං අද වෙනකන් කිව්වෙ ඒවට රතු සම්බල් කොල සම්බල් කියලා

    ReplyDelete
    Replies
    1. ධවලගිරියෙ තෝසෙ එක නම් නියමයි තමයි. වානි විලාස් එකෙත් දැන් තෝසෙ හොදටම හොදයි.

      Delete
    2. අපි කියන්නෙත් එහෙම තමයි....

      Delete
    3. අනිවාර්යයෙන්. විශ්ව විද්‍යාලේ යන කාලේ මාසෙකට සැරයක් ධවලගිරි පාටියක් ෂුවර්.

      Delete
  3. බණ්ඩාරනායක .. සේනානායක ... බණ්ඩාරනායක .. සේනාආආ... නායක ...යෙකට ඉඳන් අඩේ යෙකට ඉඳන්.... කාලා බලන්නේ .. තොසේ මාෂල වඩේ... අඩේ .. තොසේ මාෂල වඩේ
    .... රසවත් ලියවිල්ලක්... ජයවේවා !!!

    ReplyDelete
  4. අපේ තාත්තගේ යාලුවා පෙරියතම්බි අය්යා ( මම පොස්ට් එකක් ලිව්වා පෙරියතම්බි ගැන ) අපේ ගෙදරට හදලා ගෙනත් දුන්න ඉට්ලි සහ වඩේ මතක් වුණා... http://helmalu.blogspot.com.au/2015/07/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. පෙරියතම්බියා කර ඇත්තේ ජාතිවාදී ක්‍රියාවක්. ඔහු උත්සාහකලේ මම සිංහලයෙක්ට වඩා වෙනස් අමුතු සතෙක් බව ප්‍රදර්ශණය කිරීමටයි. මා තෝසේ වලට විරුද්ධ නැතත් මෙවැනි වර්ගවාදී ක්‍රියා වලට විරුද්ධයි. ඔවැනි තෑග්ගක් මට ලැබුනේනම් කරුණු පැහැදිලිකර මා එය කාරුණිකව ප්‍රතික්ශේප කරනවා.

      Delete
    2. //පෙරියතම්බියා කර ඇත්තේ ජාතිවාදී ක්‍රියාවක්. ඔහු උත්සාහකලේ මම සිංහලයෙක්ට වඩා වෙනස් අමුතු සතෙක් බව ප්‍රදර්ශණය කිරීමටයි. මා තෝසේ වලට විරුද්ධ නැතත් මෙවැනි වර්ගවාදී ක්‍රියා වලට විරුද්ධයි. ඔවැනි තෑග්ගක් මට ලැබුනේනම් කරුණු පැහැදිලිකර මා එය කාරුණිකව ප්‍රතික්ශේප කරනවා.// .. ඇත්ත ඇත්ත...අපි ඒ කාලේ පොඩි එවුන් නිසා ඔය ජාති මාමකත්වය , දේශමාමකත්වය එහෙම හරියටම ඇවිල්ල තිබුණේ නැහැ.. දැන් එහෙම නම් අළුයම ළු කෙල පිඩක් සේ ඉවත් කරනවා... ඒ කරලා අපි සිංහල කියලා කියන අපේ ගම කොටසේ අය පන්න පන්නා අපට ගහද්දීත් සිංහල කම නිසා ඉවසනවා .. චන්දෙකින් එහෙම පැරදුනා නම් නැවත මොන ක්‍රමේකින් හරි එයාම පත් වෙනකන් කෑ ගහනවා... මේ මැම්බර් නැතිනම් පෙරියත්ම්ම්බි අය්යලා අපේ ගම අල්ලන්න එයි කියා කියා කෑ ගහනවා මා දිනු ගම්මානය අනතුරේ කියලා...

      Delete
    3. කියෙව්වා... බොහොම රසවත් ළිපියක්....

      Delete
  5. අර උඩම තෝසෙ ටිකයි මැද තියන හොද්දයි දැක්කම පෙරේතකමේ බෑ ඕයි...

    අසංක

    ReplyDelete
    Replies
    1. ඕයි කියන්න අපි කරත්ත කාරයෝද ඕයි....?

      Delete
  6. ඉන්දියන් විශේෂයෙන් දකුණු ඉන්දියන් ආහාරයට ලොල් බව මටත් තියනවා. මාතලන් දන්නවනේ අපේ ඩිස්පැන්සරිය ලඟ ම තියන පොට් එක ඉන්දියන් කෑම. මම නම් සතියකට දිනක්වත් ඒකෙන් රාත්‍රියට කනවා. දවසක එන්න හාමිනා සහ දරුවා එක්ක අපි යමු බුරිය උල්වෙන්න කන්න

    ReplyDelete
    Replies
    1. ආයේ අමුතුවෙන් උල් වෙන්ඩ දෙයක් නැ මුගේ බුරිය කොහොමත් එලියට පැනල තියෙන්නේ

      Delete
    2. දැන් ගල්කරුවො රට හැම තැනම

      Delete
    3. වෙලාවක් හොයා ගන්න එක තමයි අමාරු... මම හිතන්නේ පොඩි එකා ඉස්කෝලේ ගිහින් අහවර උනාම නිදහස ජීවිතයක් තියෙයි.... ජීවිතේ බොහොම බිසි වෙද මහත්තයා... ඔහේ අසනීප වෙලා බලන්න එන්නත් බැරි උනා නේ...

      Delete
  7. කොත්තමල්ලි කීවාම, දැනට සිරි ලන්කා වෙලෙඳසැල් වල විකුනන්න තියෙනා කිසිදු කොත්තමල්ලි ඇට වර්ගයක් සිටුවා පැල ලබාගන්න බැරි බව දන්නවාද?

    මීට වසර දහයකට පමන කලි තිබුනු කොත්තමල්ලි ඇට වතුරේ පොඟවා පැල කොරාම පැල වුනා....

    ReplyDelete
    Replies
    1. පුදුමයි සරාසට "කොත්මල්ලි"වලට දින සියේ ආණ්ඩුව දීපු සහනය අමතක වෙච්චි එක හිටං....:D

      Delete
    2. ඒක නෙවෙන්නම්, මමත් අපේ ගෙදරත් දැන් කොත්තමල්ලි ගැහිලි පැල වෙනවද බලන්න තැන් තැන් වලින් ගෙනාපුව, බැරිම තැන කාගිල්ස් එකෙන් ගෙනාපු ගස් කීපයක් හිටෙව්වා වැඩේ හරිගියොත් ගෙදරම හිටවන්න ඇට හදා ගන්නවා.

      Delete
    3. එහෙම හැදිච්චි පැලයක් දෙකක් තැපෑලෙන් අපටත් එවන්ඩ මෙයා...

      Delete
    4. ලංකාවට ගෙන්නන්නේ අපේ අමල් මල්ලී.. කියලා නේ කියන්නේ... පොඩ්ඩක් මේ ගැන එයාට කිව්වොත් මොකෑ වෙන්නේ...

      Delete
  8. අයියේ, ඔයා මේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනව. අදත් තෝසේ වඩේ ගැන කරපු සෝ එක ගොඩාක් ලස්සනයි අනේ. දිගටම ලස්සනට කරන්න කියලා අපි ඔයාට සුබ පතනවා. අපි හරිම ආසවෙන් අයියේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ. අයියගේ තෝසේ වඩේ දැකලා කටට කෙලත් ඉනුවා. අපි අද රෑට තෝසේ ගෙනත් කන්න තීරණය කලා අයියේ. අයියේ, අපිට දෙන්න පුලුවන්ද, තෝසේ මසල වඩේ ගීතය.

    ReplyDelete
    Replies
    1. http://sarigama.lk/profile/song_profile/19386/those-masala-wade-steven-de-silva-mp3-song-download-online-listen

      Delete
    2. අනේ සුදු ශ්‍රාවක නංගී, මුගෙන් ඉල්ලපන් නටපන් නයිහාමී කියන ගීතය. මූ දන්නේ ඒක විතරයි.හන්ගලා ගානට ගහනවා, ලොවෙත් නෑ....

      Delete
  9. මරු පොස්ට් එක මාතෙ අයියෙ.පහර ඈ!කෙල පෙර පෙර කියෙව්ව.තවත් මේ වගේ එළකිරි පොස්ට් පබ්ලිෂ් කරන්න ඔයාට ජය හොඳේ!

    ReplyDelete
  10. එකල අඞූ මුදලින් බඩ පුරවා ගන්න කැව‍ෙ.

    ReplyDelete
  11. එකල අඞූ මුදලින් බඩ පුරවා ගන්න කැව‍ෙ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ළඟ ළඟම දෙපාරක් කන එක හොඳ නෑ. හැක්..

      Delete
    2. ඒ කාළේ එහෙම උනාට දැන් එහෙම බෑ....

      Delete
  12. මගේ යාළුවෙක් තෝසෙ කාලා මලා !

    ReplyDelete
    Replies
    1. අපරාදෙ.. ටිකක් වැඩිපුර හොදි දාගත්තනං තව කාලයක් ඉන්න තිබුණ හිටං.

      Delete
    2. අපරාදෙ මැරිච්ච ගමන් අලබොන්ඩ එකක් කටේ එබුවනම් පට් ගාල පන එනව

      Delete
    3. ඇයි යකෝ, ළමාතන් ට එහෙම නොවුනෙ? ඇයි අපි මේ ඩිස්නිලන්තෙ ඌත් එක්ක ඉපදුනේ?

      Delete
    4. 83 දී වෙන්ඩ ඇති...

      Delete
  13. අපිත් තොසේ ෆැන්ලා තමයි.ෂරිද මාතියා..:)

    මම නම් ගොඩක් කැමතියි අල බෝල වලට උළුදු වඩේත් හොඳයි.හැබැයි පරිප්පු වඩේ නම් සෙට් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් කැමති නෑ පරිප්පු වඩේ වලට... වේදනාත්මක කෑමක්...

      Delete
  14. මාතගෙ තොසේ ලිපිය කියෙව්වම තමයි තේරෙන්නෙ අනිත් උන්ගෙ තෝසෙ කතා කොච්චර පසුගාමිද කියල.අම්මප මෙච්චර රහට තෝසෙ කතාවක් ලියන්න අර යමු සයිට් එකේ එවුන්ටවත් බැහැ.අපිට නම් ඉතින් කෑමක් ගැන බෙහෙතක් ගැන දේශපාලනේ ගැන ඕනෑම දෙයක් ඉතිං මාතලං තමයි ඉතිං.බ්ලොග් කොටන ඔය දෑතට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි.

    ReplyDelete
    Replies
    1. එක එකාගෙ රසය වෙනස් නේ...

      Delete
  15. දකුණු ඉන්දියානු කෑම වලට මාත් හරි පෙරේතයි. අවුරුදු කීපයකට කලින් වවුනියාවේ හෝටලේකින් කෑවා. අදටත් ඒ රහ මතකයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පලාත අනුව රසය වෙනස් වෙනවා...

      Delete
  16. මාතෙ බම්බලපිටියේ සරස්වතී එකෙන් තෝසෙ කාල තියනවද ? බම්බලපිටියේ සරස්වතී එකේ තෝසේ නියමයි.

    ReplyDelete
    Replies
    1. කාලා තියෙන තැන් ඊළඟ එකෙන් ලියන්නම්...

      Delete
  17. පින්තුර ටික දැක්කම කටට කෙල ඉනුවා. විශේෂයෙන් අර මසාල වඩේ.

    හැබැයි, තොසේ එක්ක නැගල යන්නේ මැද්දෙ හිල තියෙන උණු උළුඳු වඩේ තමයි.

    කොහොමද, උඩ පින්තූරේ තියෙනව වගේ උණු, උණු මසාල වඩේ එක්ක රෝස් පාන් කාල, ඉඟුරු දාපු ප්ලේන් ටී එකක් ගැහුවා නං.

    ෆුල් ආතල් නේ?

    ReplyDelete
    Replies
    1. පාන් කාලයි පරිප්පු වඩේ එකයි කියන්නේ ජාතික ආහාරයක් තමයි

      Delete
  18. පුංච් කාලේ සුන්දර මතකයන් එක්ක ලියවුන තෝසේ පෝස්ටුව හරිම රහයි...තෝසේ වලට ගොඩක් ආසා නැති උනත් අර සම්බල් වලටයි උළුඳු වඩේ වලටයි නම් මම හරිම කෑදරයි...මාතලන් වගේම මගේ තාත්තත් තෝසේ වලට කෑදරයි..අපේ අම්මට තෝසේ වගේ කෑම බොහොම අප්‍රියයි...මගේ මතකේ හැටියට තාත්ත නැති වෙන්න කිට්ටුව අපේ අම්ම පළමු වතාවට ගෙදර තෝසේ හැදුවා...තාත්ත බොහොම ආසාවෙන් එය රස වින්දා...මේ පෝස්ටුව මාව ඒ අතීතෙට අරගෙන ගියා...

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලා ඉන්නකන් තමයි එයාලා කැමති දේ කන්න දෙන්න ඕන... හෙම නැතුව නැති උනයින් පස්සේ හාන්දුරුවන්ට කවලා වැඩක් නෑ... අපේ තාත්තා හරි ආසයි බේකන් කන්න...

      Delete
  19. රාජගිරිය තෝස කඩේ....ඉස්කෝලේ යනකාලේ නිත්‍ය සාමාජිකත්වය අරගන තිබුන තැන.ලයිට් ටී එකයි ගෝල්ලිප් එකයි යනකොටම මේසෙට තියනවා. අනිත් එවුන් වෙනකෑම ජාති කද්දී මගේ ෆේවරිට් කෑමවුනේ ඉඩ්ලි. ගෙදරදී අම්මා එක්ක කොච්චර හදන්න ට්‍රයිකලත් ඒවා රොටි මිසක් ඉඩ්ලි වුනේ නෑ.තෝසේ කඩේ සේවකයෙක් තමයි කිවුවේ හාල් පිටි ගන්නකොට ඒවා නාඩුහාල් වලින් ගන්න ඕනේ කියලා. නාඩුහාල් වලින් හැදුවහම සිරාවට හැදුනා. ඒ මනුස්සයා කියපුවිදිහටනම් ඉණ්දියාවේ මිනිස්සු මහත්වෙන්න කියලා ඉඩ්ලියි මීකිරියි කනවළු.

    ReplyDelete
  20. රාජගිරිය තෝස කඩේ....ඉස්කෝලේ යනකාලේ නිත්‍ය සාමාජිකත්වය අරගන තිබුන තැන.ලයිට් ටී එකයි ගෝල්ලිප් එකයි යනකොටම මේසෙට තියනවා. අනිත් එවුන් වෙනකෑම ජාති කද්දී මගේ ෆේවරිට් කෑමවුනේ ඉඩ්ලි. ගෙදරදී අම්මා එක්ක කොච්චර හදන්න ට්‍රයිකලත් ඒවා රොටි මිසක් ඉඩ්ලි වුනේ නෑ.තෝසේ කඩේ සේවකයෙක් තමයි කිවුවේ හාල් පිටි ගන්නකොට ඒවා නාඩුහාල් වලින් ගන්න ඕනේ කියලා. නාඩුහාල් වලින් හැදුවහම සිරාවට හැදුනා. ඒ මනුස්සයා කියපුවිදිහටනම් ඉණ්දියාවේ මිනිස්සු මහත්වෙන්න කියලා ඉඩ්ලියි මීකිරියි කනවළු.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ උඹත් ඉටිලියි මීකිරියි කාල තියෙනව වගේ.

      Delete
    2. දෙපාරක් කාපුවහම ,මොනා කෑවත් මහත් වෙනව

      Delete
    3. ඉඩ්ලි හදද්දි උදු පිටි සහ හාල් පිටි එකට කලවම් කරල ඊස්ට් ටිකක් දාල පිපෙන්ඩ තියනව.

      Delete
    4. ඊට පස්සේ උඹත් ඒවා කන්න පටන් ගත්තද....?

      Delete
    5. ගනංගන්නෙපා මචං. කම්මලයගෙ දෙක දැං හැලිලනෙ තියෙන්නෙ.

      Delete
    6. //ඉස්කෝලේ යනකාලේ නිත්‍ය සාමාජිකත්වය අරගන තිබුන තැන.ලයිට් ටී එකයි ගෝල්ලිප් එකයි යනකොටම මේසෙට තියනවා//

      යකෝ ඉස්කෝලෙ යනකාලෙ ඉදන් සිකරැට් බොනවද....ඊය අනේ..:D

      Delete
  21. ඉස්කෝලේ යනකාලේ තුන්දෙනෙක් විතර බඩ පැලෙන්ඩ තෝසේ කාලා කීයද බිල කියලා ඇහුවම සත 45 යි.

    අපේ ගෙදර අදටත් මාසෙකට දෙකකට වරක් තොසේ හදනවා. හැබැයි නියම ඉන්දියන් තෝසේ අහලකින්වත් තියන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. මිසිස් විචාරක බ්ලොග් කියවන්නෙ නැතිබව ඉතාම පැහැදිලි වුනා මේ කමෙන්ට් එකෙන්. (නැතිනං ඉතිං දත් නැතුව තමයි ‍තෝසෙ කන්න වෙන්නෙ)

      Delete
    2. අර කුප්පියේ මූඩිය ගලවගන්න බැරිවෙච්චි කතාවත් අපේ ගෙදර එකක් බව මතක නැද්ද ඩුඩ්?

      Delete
    3. ආයෙත් තෝසේ හදයිද කියලා තමයි මට නම් සැක....

      Delete
  22. හිතාදර... තෝස වලට කෑදර... මාතලන්..

    කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැට හෙන්නේ
    කෙටියෙන් පවසමි මංපහරන්නනි කීමට ඇති සැමදේ
    දෙයියංපල්ලා එදාවගෙ අදත්
    තොසේවලට මම ආදරෙයි
    වඩේ වලට මම ආදරෙයි

    මීට

    හිතාදර... තෝස වලට කෑදර... ඩූඩ්

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් කොළඹ ඉස්කෝලවලට ගිය කොල්ලොන්ගේ ප්‍රධාන ආහරය උනේ ඕක... දැන් උන් නම් තෝසේ කන්නේ නෑ.. උන් කන්නේ සබ්මැරීන්, බර්ගර්, පීසා....

      Delete
  23. මට නම් තොසෙ ඉඩ්ලි තරම් රසවත් නෑ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඉඩ්ලි ගැන දන්නේ නෑ....

      Delete
  24. මම වලි පෝස්ට් තියා කොමෙන්ට් වත් බැලුවෙ නෑ බන් බෝලයි කලින් පෝස්ට් වල. උබෙ මේ තෝස පෝස්ට් එකනම් පට්ට මොකද උබ මාවත් තාත්ත එක්ක අතීතෙට එක්කරගෙන ගියාට. ගාල්ලේ (දැන් නම් පාර මතක නැහැ. ) පෙට්ටිගලවත්ත වගෙද කොහෙද. හොඳ දෙමල කඩයකට තාත්ත මාව එක්කරන් ගිය. අක්ක අම්මල අපි ඔක්කොම කොළඹ අර බවන් එකේ කැවා. නුවරනම් මාලිගාව ඉස්සරහ දෙමල කඩේ තමා මස්සිනා එක්ක අපි පවුලම තෝස වැළඳුවේ. දැන් ඉතින් මම නොරටක. අම්ම තාත්ත අක්ක මස්සින ල තවත් නොරටක. උබේ පොස්ට් එක නිසා මම තාත්තට කෝල් කරහම අක්ක මතක් කලා කඩේ නම. දැන් අමතක උනා කියහන්කෝ හිටන්.. 🙈

    ReplyDelete
    Replies
    1. ගාල්ල‍ෙ සිවා. දැන්නම් අවුල්

      Delete
    2. @දමිත්. අන්න මචන් නම. තැන්ක්ස් හොඳේ. 1996 අපි ඕලෙවල් කරන දවස්වල ලොකු පවර් කට් එකක් තිබ්බ. ඒකාලේ නම් රෑට රෑට ඔතනින් කෑවේ නම් නිකන් වගේ. 😜

      Delete
    3. උඹ පෙට්ටිගල වත්තේ නම් කෑ ඇල් එච් ජනකයා එහෙම දන්නවා ඇති නේ.... අපි අල්ලපු වැටේ... දංගෙදර...

      Delete
  25. ඉන්දියානු "ඩෝසා" (ඔවුන් කියන්නේ එහෙමයි) විවිධ වර්ග තිබේ. එක් වර්ගයක් පේපර් තින් ය. ඇල්ලුවා ම කැඩෙන තරම් ය. තවත් වර්ගයක් මැද්දේ අල බැදුම් දමා ඇත.

    රුවන් ගේ ලිපියේ කියවුණු පරිදි ඔහුට තෝසේ කා පැයක් ඇතුලත බඩ බුරුල් වී ටොයිලට් යන්නට සිදුවී ඇත. සමහර කෑම වර්ග කෑ පසු බඩ යන්නේ දින ගනනකට පසුවයි.

    ReplyDelete
    Replies
    1. මසාලා තෝසේ කියන්නේ ඒකට...

      අල බෝන්ඩා වලටයි.. මසාලා වලටයි ගන්නේ එකම පේස්ට් එක....

      Delete
  26. මේක කියවලා මේ උදේ පාන්දර පට්ට බඩගිනි උනා යකෝ..

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං කොහෙට හරි රිංගල කාහං. නැත්තං ගැස්ට්‍රයිටිස් හැදෙයි.

      Delete
    2. කෑවා කෑවා.. බත් පිඟානකුයි නුඩ්ල්ස් පිඟනකුයි දෙකක්ම උදේ පහ හමාර වෙනකොට.. (ඒ වෙනකොට කුකා උයල ඉවරයි.. හැක්)

      Delete
    3. ඉන්දු සිලෝන් එකට ගියා නම් හරි...

      Delete
  27. හත්මාලුව කියන්නේ ලංකාවට ආවේනික තෝසේ හොදි වර්ගය බව දන්නවද?
    විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයෙදී හත්මාළුව සමඟ තෝසේ ඉදිරිපත් කිරීමෙන් දේශීය අනන්‍යතාවයක් ලබාදිය හැකියි.

    ReplyDelete
    Replies
    1. කහට ගෙඩි - 100 g

      වට්ටක්කා දලු -100 g

      වම්බටු -100 g

      කොස් ඇට - 100 g

      මෑකරල් -100 g

      අළු කෙසෙල් -100 g

      කිරිකජු -100 g

      කහ කුඩු තේ හැඳි - 1 3/4

      තුන පහ කුඩු තේ හැඳි - 2

      ගම්මිරිස් කුඩු තේ හැඳි - 1

      රම්පෙ, කරපිංචා

      පදමට ලුණු

      දියකිරි අඬු කෝප්ප -5

      මිටිකිරිඅඬු කෝප්ප -3

      කපාගත් රතු ලූනු - 30 g

      කපාගත් සුදු ලූනු - 10 g

      උළුහාල් තේ හැඳි -1

      මෙහෙම සාදා ගනිමු

      සියලුම එළවළු වර්ග පොඩි කෑලි වලට කපාගන්න කපාගත් එළවළු (වට්ටක්කා දලු හැර) සහ අනෙකුත් සියලුම ද්‍රව්‍ය සුදුසු භාජනයකට දමා එයට තුනපහ වර්ග සහ ලූනු, සුදු ලූනු එක්කර දියකිරි දමා පිසගන්න. දියකිරි හිඳුණු පසු වට්ටක්කා දලු සහ මිටිකිරි දමා කලවම් කර උතුරන විට ළිපෙන් බාගන්න.

      Delete
  28. තෝසෙ වගේම රහ පෝස්ට් එකක් බං.
    ඕව කන්න ඉතිං අපේ පැත්තෙ දෙමළ කඩ නෑනෙ. මෙහේ තෝසෙ තියනව කන්න වෙන්නෙ පරිප්පු එක්ක තමයි.

    මාත් එක්ක පිටකොටුවෙදි ඔය අල බෝල කාපු එකෙකුට දවස් ගානක් ලැට් එකේ ඉන්න උනා.

    ReplyDelete
    Replies
    1. ඇයි ගේ කඩාගෙන වැටිලද....?

      Delete
  29. එක කාලයක තුන්මුල්ලේ ශාන්ති විහාර් එකේ රෙගියුලර් කස්ටමර් කෙනෙක් මම. අල දෝසේ කන්න කෑදර කමට.මරු පෝස්ට් එක මාතෙ. ඔය රෙසිපියට චෙෆා මොනව කියයිද කියල බලමු.

    ReplyDelete
    Replies
    1. අල දෝසේ..ඒ මොනාද...?
      මසාල දෝසා වෙන්න ඕන....!
      දැනට හොඳම දෝසා කන්න පුලුවන් ග්‍රෑන්ඩ් එකේ චට්නීස් වල...!
      සුපියල් නමසිය පනහට තියෙන දෝසා තාලි එක කාලා බලන්න ඉයන්...අන්න දොසා....!

      Delete
    2. මසාල තෝසේ..... මසාල දෝසයි

      Delete
    3. චට්නීස් වල නිත්‍ය සාමාජිකයෙක්මි. දුම්පානයට එලියට යාමද පහසුකම් ඇත . හැක්

      Delete
    4. එසේය එසේය...!!!

      Delete
  30. තෝසෙ ගැන මතක මහා රාසියක් තියෙනවා බං.මම ඒ ඔක්කොම ගැන ඊයෙ දිග කමෙන්ට් එකක් කෙටුවා නමුත් එවෙලෙ ලොග් අවුට් වෙලා හිටපු නිසා ගියේ නෑ.ඇනෝ යන්න අරින්නත් මගේ කැමැත්තක් නොතිබුණ නිසා ඒ දිග කමෙන්ටුව නැතිවුණා.ලංකාවෙ ටවුන් ගණනාවකින් තෝසෙ කාල තිබුණත් රහම තෝසෙ කෑවෙ මන්නාරමේ පොඩි කඩේකින් බං.ඒ අර සාම කාලෙ.ඒ පැත්තෙ ආයෙ යන්න ඕනෑ ආපුවම.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔහේටත් පුලුවන්නෙ තෝසේ මසල වඩේ වගේ පෝස්ට් එකක් දාල ඔය විස්තර ටික කියන්න.

      Delete
    2. ඒක නෙන්නම්..ඒ වගේ වෙලාවක ඇනෝ කමෙන්ටුවක් යන්න දිලා, ආපහු ලොග් වෙලා මේ ඇනෝ "හැලපේගෙන්" බවට සහතික කලා නම් උනු සිදුවිමත් පැහැදිලි කරලා... අදහසක් පමණයි..

      Delete
    3. මඩකළපුවේ පොඩි කඩයක් දාගෙන කියලා නම් සින්දුවක් තියෙනවා...

      Delete
  31. මටත් මුලින්ම තෝසෙ කාපු කාලෙ මතක් උනා , අපේ අම්මට මල්ලි හම්බවෙන්න ඉද්දි කෑම අප්පිරියාවක් තිබ්බ , නුවරඑළියෙ ඉද්දි හිටපු අසල්වාසී අම්මගෙ ද්‍රවිඩ මිතුරියො තමයි කෑම ගෙනාවෙ. ශිවා ආන්ටි තමයි රසම් එකක් ගෙනාවෙ අම්මගෙ කෑම පිරිය එන්ඩ. ඒ අය උදු ඇට ගල් වංගෙඩියෙ කොටල ,අඹරල හදන තෝසෙ තරම් මෙහෙ ඒව රහ නෑ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඉපදිලා තියෙන්නෙත් තේ පඳුරු මැද්දේ එතකොට....

      Delete
  32. සයිවර් කඩෙන් මොනව කැවත් කහටදාපු කිරි කාලකුත් දා ගත්තේ නැත්නම් වැඩන් නෑ

    ReplyDelete
    Replies
    1. එළකිරිම තමයි... ඕකට කියන්නේ යාරේ තේ එක කියලා... කිරි එකේ පෙන නැත්නම් ඒත් වැඩක් නෑ...

      Delete
  33. Aananda Bhawan ethulatawith thoose kelinawaa
    Eliyatawith yaapane demalunta baninawaa
    Aananda Bhawan//

    ReplyDelete
  34. බැංකොක් ඉන්දියන් කඩවල් වල කැමට පස්සේ දෙනවා පුංචි ඇසුරුමක දාපු සුඳුරු, මහඳුරු, සූකිරි කැට එක්ක අර අපි පුංචි කාලේ කන්නේ පාට පාට සූඳුරු ඇට මැදි කරලා හදපු සීනිබොල වගේ එවා.. image එක add කරන්න try කලා, හරි ගියේ නැ.

    http://2.bp.blogspot.com/-8-4Uj4Ob3MU/T6LUbJrB0iI/AAAAAAAAAfg/VmrvHpHjwj0/s1600/P5030559.JPG

    ReplyDelete
    Replies
    1. සෑහෙන දුකක් විඳලා තියෙනවා පින්තූරූ කොමෙන්ට් එක දාගන්න...

      Delete
  35. ඔයාට කින්ඩි දැම්මේ දොස්තොව්ස්කි නෙමෙයිද?
    එතකොට අර විසේසඥයා කිව්වේ බොරුද?

    ReplyDelete
  36. Mang podi kaake hitiye Kompannavidiye , ehe thibuna Gunanawardana aarame pitisasse kovila langa those kade those niyamarahai. Those dekama satha DAHAYAI . Niyama rahai.Rasam depaarakma balenma daawa. Owunta niwan sepa lebeawa !

    ReplyDelete
  37. Mang podi kaake hitiye Kompannavidiye , ehe thibuna Gunanawardana aarame pitisasse kovila langa those kade those niyamarahai. Those dekama satha DAHAYAI . Niyama rahai.Rasam depaarakma balenma daawa. Owunta niwan sepa lebeawa !

    ReplyDelete
  38. නුවර බලාජි තෝසෙ කඩේ තියන් තෝසෙත් නියමයි. දවසක කෝවිලේ නවරාත්‍රී උත්සවයක් තිබ්බ දවසක බිම එළපු කෙසෙල් කොලේක ඉට්ලි, සාම්බාරු කෑවා.. ඒකත් නියමයි...

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ පොඩි තෝස කඩවල තියෙන තෝසේ බොහොම රහයි... පොල් රොටිත් එහෙමම නේ...

      Delete
  39. තෝසේ කන්න උවමනාවක් තිබ්බත් මට හත වසරට එනකම් ඔයකට අවස්තාවක් ලැබුනේ නෑ. මොකද මම පොඩි කාලේ ඉඳන් තෝසේ කතා කියවලා තිබුනත් මම හිටිය ගමේ ඕවා තිබ්බේ නෑ . සිෂ්‍යත්වේ පාස් වෙලා ගාලු ඇවිත් හැටැහැ වසරේ ඉන්නකොට බිග් මැච් එක බලන්න එනකොට අම්ම කිව්වා. අද කෝච්චියේ තනියෙන් එන්න කියලා.මට රුපියල් 3කාලා 0ක් දුන්නා මතක විදියට.
    බිග් මැච් එක බලලා කොඩියත් අරගෙන ගාල්ලේ පැවිලියන් එකට ආවා දවලට කන්න. අය්ස්ක්රීම්, කජු එහෙම කාලා රුපියල් 10ක් තිබ්බා අතේ ඉතුරුවෙලා. බෝඩ් එකේ ගහලා තියෙනවා තෝසේ එකක් රුපියල් 4යි කියලා. අද දොලදුක සපුරගන්න පුළුවන්ඉ.තින් මම මේසේට වාඩිවෙලා තෝසේ 2ක් ගේන්න කිව්වා. මැද හිල වඩේ එකක් එක්ක තෝසේ 2ක් ගෙනත් දුන්නා. සාම්බාර් දැම්මා . සම්බෝල දැම්මා. පැවිලියන් තෝසේ පසුකාලීනව කනකොටත් තේරිච්ච් දෙයක් තමා හැම තෝසේ එකකටම් ඉතිහාසයක් තියෙනවා දවස්දෙක තුනක වගේ. හරි හයියයි රබර් වගේ. බඩ පිරෙන්න ගෙනාපු තෝසේ කාලා ඉවරවුනාම මට මතකයි ඒ වේටර් විහිලුවට මගෙන් ඇහුවා සිගරට් එහෙම ඕනෙද කියලත්. ඊටපස්සේ පොර බිල ගෙනාවා. අම්මට හුඩු බිල රුපියල් 12යි. මම කෑවේ තෝසේ 2යි. බස් එකේ හරි කෝච්චියේ හරි ගෙදර යන්න රුපියල් 2ක් ඕන. මම ඉතින් බයෙන් බයේ අර වේටර්ට කිව්වා මාමේ මම කෑවේ තෝසේ 2යි කියලා. පොර මාව යොමු කරා කැෂියර් ගාවට. හනේ එතකොට තමා මට ලේ ටිකක් ඉනුවේ ඇඟට. කැෂියර් එකේ හිටියේ අපේ ගමේ මහිලාවේ මොන්ටිසොරිය කරපු කරුණාවතී හාමිනේගේ මහත්තයා. රෝසා අය්යගේ තාත්ත. අනේ ඒ මනුස්සය මගෙන් සල්ලි එපා කියල එව්වා. බලනකොට අර මැද හිල වඩේ එක තොසේත් එක්ක දුන්නට නිකන් නොවෙයි. අදටත් සාන්ති විහාර්, ග්‍රීන් පාර්ක්, අම්රිත් වලින් කනකොට මට ඔය සන්ගධිය මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අනුවේදනීය ‍තෝසේ කතාවක්.

      Delete
    2. දැන් ශාන්ති විහාර් නෑ.... තියෙන්නේ ශ්‍රී විහාර්... ග්‍රීන් පාත් වෙන්න බෑ... ග්‍රීන්ලන්ඩ් වෙන්න ඕනා...

      Delete
    3. ඔව් ශ්‍රී විහාර්, ග්‍රීන් පාර්ක් තියෙන්නේ ට්‍රින්කෝ

      Delete
  40. Replies
    1. කන්නයි තියෙන්නේ බදාගෙන...

      Delete
  41. //තෝසේ ගැන මගේ මුල්ම මතකය ඒක. ඒ දවස මට අදත් හොඳට මතකයි. අපි ගොඩ උනේ ඔය "පිටකොටුවේ", "ඕල්කට් මාවතේ" තියෙන, "පිලිප් නේරිස් පල්ලිය" පිටිපස්ස පාරේ තියෙන හෝටලේකට. "ආ.. යෙන්ඩ දොරේ... යෙන්ඩ යෙන්ඩ.." කියලා බොහෝම ආදරෙන් පිලිගත්තා.

    යාල්පානම් එන්න. හොඳ කඩ තියෙනවා. නාග විහාරේ ඉස්සරහ ස්ටැන්ලි පාරේ "අක්ෂදෛ" එක තියෙනවා. තව ටිකක් පොෂ් වෙන්න ඕන නම්, නල්ලූර් වල "මැංගෝස්" තියෙනවා.

    ආ, චීස් කොත්තු සහ ගී (එළඟිතෙල්) දෝසේ කාල බලන්නත් අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ගී තෝසේ නම් මට අරහන් බඩා මාමේ...

      Delete
    2. ඔය වෙජී කඩ වලින් පිටට ගියාම තියෙනවා එළු මස් යාපනේ ක්‍රමේට හදලා, නාන් එක්ක. බුරිය උල් වෙන්න ඇදලා දාලා ප්ලේන්ටියක් ගැහුවම ඉතින්, බඩුම තමා.

      Delete
    3. ඒවා ඔක්කොම ඊළඟ පෝස්ට් එකෙන්...

      Delete
  42. කීප පාරක්ම කියෙව්වා. මට තෝසෙ කෑමට සෙට් වෙලා නෑ නේ මෙහෙම. කොහොද ඉන්දියන් කඩ වලට ගියාම මම කාලා තියෙන්නෙත් එළවළුයි බතුයි එක්ක එන තාලි එකනේ.
    ඒ වුනාට ආයෙ ආවම ශ්‍රී විහාර් යන්නම ඕනේ.

    ReplyDelete
    Replies
    1. හපොයි කොච්චර රස කෑම ජාති තියෙනවද...?

      Delete
  43. sambaaru goda goda
    shambola tika tika

    sambaaru goda goda
    shambola tika tika

    Yekata anaa
    Aare yekata anaa
    Kaala yanne Dose Masala Wade//

    (Maathalange Kiriala Kaviyaki)

    Maathalange Post Eka kiawala. EEye hendewe podi ekii Visakha eke singithi rengum ekata daala. re 8 witara wenakan inna epaaya duwage part eka iwara wenakan.

    Giya Shanti(sri)vihar ekata painma. Unge thiyenne normal dose walata, paper thin dose.sambaru denne podi aluminum deesiyakata.dose thuni plain tea ekatai 365 . Kollupitiye indo ceylon ekata giyaa nam 150 ta api kana dose 3k kanna thibba.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝම ගැන ඒ කියන්නේ විශාකා එක ගැනත් ඊළඟ එක ලියලා ඉවරයි... හෙට දාන්නම්කෝ...

      Delete
  44. මාතලන්, නරකද අනික් මාතෘකා පැත්තක තියල තෝසේ මසල වඩේ හදන හැටි උගන්නන්නම බ්ලොගයක් කලොත්...
    නිකන් කියවන කොට රස කටට දැනෙන්න ලියල තියෙනවා.

    මටනම් මේ බොහෝමයක් දෙමළ කෑම වර්ග ගෙදරම හදලා කන්න අවස්ථාව ලැබෙනවා මොකද අපේ නෝන මහත්තයා උගන්වන පාසලේ දෙමළ ගුරුවරියෝ ගොඩක් ඉන්න නිසා අපේ කෙනා ඒවා අහගෙන ඇවිත්ගෙදරදි ට්‍රයල් කරනවා.

    ReplyDelete
    Replies
    1. නයනේ... කෑම රහට හදන්න පුළුවන් හාමිනා කෙනෙක් ඉන්න එක වාසනාවක්. ඒත් චීචර් කෙනෙක්...? අනේ මන්දා.... අපේ සමහරක් උන් කියන්නේ නම් එයාලා ළමයින්ට දාන පාට් අපිටත් දාන්න ඒනවනේ බං කියලා... මේවා ඉතින් උඹයි මායි කතා කලාම ඇති හාමිනාට කියන්න ඕන නෑ...

      Delete
  45. සුන්දර ඉරිදා උදෑසනක නිදි පැදුරෙන්ම බ්ලොග් කියවන්න ආපු මට මේ පොස්ට් එක ඇහැ ගැටුනේ කරුමෙටම වෙන්න ඇති...වඩයක් තෝසයක් කන්න මට මෙහෙව් ආසාවක් ඇති කරපු මාතලන් උඹ කොටියම කාපිය.. දැන් ඉතින් කොහෙන් හොයන්නද තොසේ මසල වැඩේ..

    ReplyDelete
    Replies
    1. සයිවර් කඩ නැති රටක් ළෝකේ නෑ මයෙ හිතේ...

      Delete
  46. Replies
    1. මාත් කැමතියි... හැබයි කැමතිම කෑම නම් නෙමෙයි.

      Delete
  47. තෝසේ නම් කොච්චර කෑවත් ඇති වෙන්නේ නැති කෑමක්! ඔපිස් ඇරිලා එන ගමන් වැල්ලවත්ත බහින්නේ තෝසේ කාලා යන්න තියෙන කෑදරකමට!

    ReplyDelete
    Replies
    1. වැල්ලවත්තේ තෝස කඩ ඕන තරම් තියෙනවා නේ... මෙරයින් ඩ්‍රයිව් එකෙත් කීපයක් තියෙනවා..

      Delete
  48. තෝසේ රැල්ලක් යනවා වගේ. අපි නම් කඩේ පැකට් කරලා තියන ඒවා ගෙනත් කනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි මගේ අම්මේ... ලන්ඩන් වල සයිවර් කඩ තියෙනවා නේද ඕන තරම්...

      Delete
    2. තොසේ හදන කඩ නම් දන්නේ නැහැ.

      Delete
  49. තෝසෙ කඩ වල තියන කලබලෙයි,බාල්දි වදින සද්දෙයි,දෙමළෙන් ඕඩර් දාන සද්දයි ඉඳන් මතක් උනා.. තෝසෙ කාල ප්ලේන්ටියත් අරන් කඩේ අස්සෙ ජරා ගොඩකට ගිහින් සිගරට් එකකුත් ගහලා දාඩිය පිහ පිහ එලියට ආපු හැටි මතක් උනා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න