.

.

Aug 4, 2016

බ්ලොග්, පත්තර හා පොත් කාරයෝ - Blogs, Books & News Papers



හෙන්රි වර්ණකුළසූරියගේ අළුත් පොතක් එලිදැක්වීමේ කතා බහක් එක්ක, බ්ලොග් ගැන බ්ලොග් ලියන දෙන්නෙක් පොඩ්ඩක් නහයෙන් අඬලා තිබුනා. කෙනෙක් තමයි "රසිකලොජි" ලියන රසික. අනික් කෙනා තමයි "කල්‍යාණ මිත්‍ර" ලියන කමියා. හේතුව උනේ පොත් පත්තර කාරයෙක් පමණක් නොව බ්ලොග් කාරයෙක්ද වන හෙන්රි, එයාගේ පොත් ගැන කතා බහේදි, බ්ලොග් ගැන කෙල පිඩක් හෙලන්න ලෝබ වීම. එතනදි මගේ මතය කමියගෙ ෆේස්බුක් පෝස්ට් එකේ දාලා කතන්දරේ නවත්තලා දාන්නයි හිතුවේ. ඒත් ඒ තීරණය වෙනස් කරන්න උනේ, අද උදේ "රූපවාහිනියේ", "සුදර්ශණ ගුණවර්ධන" සමඟ රාවයේ "කේ සංජිව" හා "උඳන් ප්‍රනාන්දු" අතර තිබුන කතා බහ.

කේ සංජීව (මැද) උඳන් හා උඩුවා
කේ සංජිව කියන්නේ "රාවය පුවත්පතේ ඉන්න මාතලන් ඉතා ප්‍රිය කරන පත්තරකාරයෙක්. එයාට දෙවනි වරටත් වසරේ විශිෂ්ඨතම පත්තරකාරයට හිමි සම්මානය ලැබුනා. ඔහු අගය කිරීම සඳහා තිබුන සාකච්ඡාවෙදි තමයි බ්ලොග් ගැන කතා බහක් එන්නේ. රූපවාහිනියෙ සුදර්ශණ ගුණවර්ධනලාට බ්ලොග් ගැන කියලා දුන්නේ, අජිත් පැරකුම් ජයසිංහ. ඊට පස්සේ නෙළුම් යාය සම්මාණ උළෙලින් පස්සෙ අජිත් රූපවාහිනියට එනවා බස්සිත් එක්ක. රසිකත් එක්ක සාකච්ඡාවක් යනවා රාවය පත්තරේ. මම හිතන්නේ මේ දෙවල් ඉල්ලලා ගත්ත දේ නෙමෙයි.

එතකොට අද සාකච්ඡාවෙදි සුදර්ශණ සංජිවගෙන් අහනවා, ඇයි ඔබ බ්ලොග් නොලියන්නේ කියලා. එතනදි සංජීව කියන ගොඩාක් කරුණු අතරේ කියන එක දෙයක් තමයි, එතන තියෙන්නේ යුද්ධයක්ය කියන දේ. මෙන්න මේ දේ බොහෝම වැදගත්. මොකක්ද මේ යුද්ධයක් කියලා සංජීව කියන්නේ? ඒ තමයි හැමෝටම පේන කොමෙන්ට්ස්. ඔන්න ඔතනදි තමයි පත්තරකාරයන්ට තියෙන ලෙඩේ එලියට එන්නේ. ඒ කියන්නේ එයාලා කැමති නෑ එයාලා ලියන දේ ප්‍රශ්න කරනවට. මම හිතන්නේ ඒක සංජිවගේ වැරද්දක් නෙමෙයි. අපි පොඩි කාලේ ගෙදර ඉඳන් පාසලේ සිට විස්ස විජ්ජාලය දක්වාත් රාජ්‍ය සේවයේ ඉතරක් නොව, පෞද්ගලික සේවයේත් තියෙන මහා රෝග නිධානය. ඒ කියන්නේ ප්‍රශ්ණ අහන්න එපා. අපි මේ ඇත්ත කියන්නේ, තොපි ඒක විශ්වාස කරනවා විතරක් නෙමෙයි, තොපි ඒවා පිලිපදින්නත් ඕන කියන දේ.

එතකොට කෙනෙක් අහන්න පුළුවන් මාතලන් ඇයි එහෙනම් ඇනෝ කොමෙන්ට්ස් වැහුවේ කියලා. අදහස් ප්‍රකාශ කරනවා කියන්නේ වෙන දෙයක්, කුණුහබ්බ කියනවා කියන්නේ වෙන දෙයක්. අපේ ගොන් කාළකන්නින්ට වෙලා තියෙන එක දෙයක් තමයි, තර්කයට උත්තර දෙනවා වෙනුවට පෞදගලිකත්වයට ගහන එක. ඇත්තටම හොයාගෙන ගියාම එහෙම පෞද්ගලිකත්වයට ගහන හැම එකාම තද බල හීනමානයකින් පෙලෙන මානසික ලෙඩුන්. සමාජයේ ඔවුන් බොහෝම නිහඬ නෝන්ජල් හුදෙකලා වූ කුලෑටී චරිත. කී බෝඩ් එකේදි තමයි ඔවුන් වීරයෝ වෙන්නේ. ඒත් මතයක් ප්‍රකාෂ කිරීමෙන් නෙමෙයි. අනුන්ගේ රෙදි ඇපිල්ලීමෙන්. ඉතින් මෙන්න මේ දේ නිසා තමයි බොහෝ දෙනෙක් බ්ලොග් ලියන්න එන්නේ නැත්තේ. මේ දෙයින් වෙන්නේ බ්ලොග් ජනප්‍රිය වීම කෙසේ වෙතත් ජනයා අතර බ්ලොග් ජන අප්‍රිය වීම.

මාතලන් ඇයි එහෙම කියන්නේ. සුදර්ශණ ඊළඟ ප්‍රශ්ණය යොමු කරන්නේ උඳන්ට. ඔහු අහනවා උඳන්ගෙන්, ෆේස්බුක්, බ්ලොග් හා සංජිවගේ මාධ්‍ය භාවිතාව ගැන. සංජිවගේ මාධ්‍ය භාවිතාව කියන්නේ, අතින් ලියලා පත්තරේ දාන එක. එතනදි උඳන් කියනවා සංජිව බ්ලොග්කරණයට යොමු නොවීම හොඳ දෙයක් කියලා. සුදර්ශණ කියන්නේ ඒක දරුණු ප්‍රකාශයක් කියලා. එතකොට උදන් යනවා බ්ලොග් ගැන විශ්ලේසොනයකට.. ඉස්සෙල්ලම ඔහු බ්ලොග්වල තියෙන යහපත් ගුණංග ගැන, ඒ කියන්නේ, සාධනීය දේ කතා කරනවා ඒ තමයි මාතලන් කලින් සඳහන් කල සක්‍රීය බව. ඒ කියන්නේ කොම්න්ට්ස් තුලින් සංවාදයක් ඇති වීම. ඒ හේතුවෙන් යම් සජීවී බවක් තියෙන බව.

ඒ වගේම විශේෂයෙන් "සිංහළ බ්ලොග් වල" තියෙන නරක පැත්ත ගැනත් ඔහු කියනවා..

එකක් තමයි මේවා මහා පතරංග ජාතක වීම.. මේ කතාව මාතලනුත් මුල පටන් කියන දෙයක්. මාතලන් සමහර අවස්ථාවලදි හොඳටම ලිය උන කොටස් පවා කපලා දානවා. දිග වැඩි නිසා.. මේකට හේතූ කීපයක් තියෙනවා එකක් බයිට් ගනන, අනික වේලාව. අද මිනිස්සු ඉන්ස්ටන්ට් දේටයි කැමති. මේ දේවල් වෙනස් කරන්න බෑ. මාතලනුත් පෝස්ට් එකක් කියවන්න කලින් බලන්නේ, ඒකේ දිග. උදාහරණයකට මෙන්න මේ ළිපිය. ඉතා වටිනා ලිපියක්. ඒත් ලියපු කෙනා මාතෘකාවට අදාලව මේ ළිපිය කෙටියෙන් බ්ලොග් වලට ගැලපෙන ආකාරයට ලියන්න දන්නේ නෑ. ඒ කියන්නේ, මාතෘකා කීපයක් යටතේ ලිවිය යුතු දේ, ඔහු එක බ්ලොග් ලිපියක් යටතට ගේනවා. ඒකෙන් වෙන්නේ අපි වගේ පිස්සෙක් කියෙව්වට, මිනිස්සු මේ වැදගත් දේ කියවන්නෙම නැතිව, ලියපු එකාගේ අම්මටත් පින් දීලා පැනලා දුවන එක. මොකෝ උන්ට මල් කඩන්න මල් නෙලන්න වගේ ඉතා වැදගත්, අත්‍යාවශ්‍යම දේවලට, බයිට් අවශ්‍ය වෙන නිසා.

ඊළඟට ඔහු කියන ප්‍රධාන දේ තමයි අති බහුතර බ්ලොග්, පුද්ගල කේන්ද්‍රීය වීම. ඒ කියන්නේ මගේ ලෝකය ගැන හෙවත් මං පොර ගැන ලියන දේ වීම. කොටින්ම බහුතරය්ක් බ්ලොග් කාරයොත් මේ නොස්ටැල්ජියා කේස් එකේ ගොඳුරු බවට පත්වෙලා හමාරයි. ඇත්තටම එහෙම දේ ලිව්වත් කමක් නෑ. එයින් යම්කිසි සමාජ පනිවිඩයක් දෙන්න පුළුවන් නම්. ඒකට හොඳම උදාහරණය තමයි මෑතක බොහෝ ජනප්‍රිය උන "දුයිෂෙන්ගේ අඩවිය". ඒ වගේම, "සොඳුරු අතීතයෙන් බිඳක්" ඒ දෙකේම ඔවුන්ගේ කතා අතර, සමාජයට කියා දෙන පාඩම් බොහෝමයි.

මෙතනදි ඔහු මතුකරන එක තර්කයක් නම් මම පිලිගන්නේ නෑ ඒ කියන්නේ සංජීව ජනතාවත් සමඟ ඉන්නවය, බ්ලොග් කාරයෝ කී බෝඩ් එක කොටනවය, කියන දේ. අපිත් සමාජයත් එක්ක ජීවත් වෙනවා. විශේශයෙන් සංජීවටත් වඩා විවිධ වූ සමාජ ස්තරයන් එක්ක ජීවත් වෙන බ්ලොග් කාරයෝ අති විශාල සංඛ්‍යාවක් ඉන්න බව මම පෞද්ගලිකවම දන්නවා. නමුත් කරුමය යනු, ඔවුන් සමාජය ගැන, කාලින සිඳුවීම ගැන ලියන්නේ නැති එක කියන දේ නම් මාතලනුත් පිලිගන්නවා.

අනේ අපේ බ්ලොග් ගැන කතා කරන්නේ නෑ කියලා අඬන අය මට නම් පේන්නේ, අර බෝඩ් වගයක් උස්සගෙන ආන්ඩුවෙන් ආධාර ඉල්ලපු හිඟන නාට්ටිකාරයෝ වගේ. කිසිම වෙනසක් නෑ. එහෙම වෙන්න ඕන නෑ. හොඳට ලියනවා නම්, පත්තරෙනුත් අඬ ගහනවා. ඒකට හොඳම උදාහරණ තමයි සඳරූ හා තිලක සිත. ඒ වගේම මම හිතන්නේ බස්සිත් කොලමක් ලියනවාද කොහෙද.ඒ වගේම කීප දෙනෙක්ගේ ළිපි ලංකා නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන පුවත් ලෙසත් පලවෙනවා.

ඒ සකච්ඡාවට ආපු අය මක්කා කිව්වත්, මම හිතන්නේ කේ සංජීවට වඩා, පත්තර කරයන් අතර කෙසේ වෙතත්, සමාජය අජිත් පැරකුම් ජයසිංහව දන්නවා. රාවය පත්තරේ එන්නේ සතියකට සැරයක් නේ. දැන් ඔය පත්තරේ නෙමෙයි, ජාතික පුවත් පත් වල පවා සේල් එක අසු වෙලා තියෙන්නේ. රාවය විකිනෙන එක බොහෝම අඩුයි කියලා මට පත්තර තට්ටු කීපෙකින්ම කියලා තියෙනවා. මම මේ රාවය පහල දානවා නෙමෙයි. ඒත් සතියකදි කියවන රාවය පුවත් පත් ප්‍රමාණයට වඩා, අජිත් පැරකුම් ජයසිංහට සතියකට එන හිට් ප්‍රමාණය ගොඩාක් ඉහළයි. මාතලන් බය නැතිව කියනවා. මාතලන් සතියක් තුල කියවන ප්‍රමාණයත් රාවයට වඩා වැඩියි. මේ කියන්නේ හැමදාම බලන පිරිස නෙමෙයි. අළුතෙන් එන ප්‍රමාණය ගැන කතා කරලා.

එතකොට බ්ලොග් ජනප්‍රිය නොවෙන හේතූ තියෙනවා නම් තියෙන්නේ, වෙන තැනක වත්, වෙන කෙනෙකුවත්, ළඟ නෙමෙයි. බ්ලොග් කාරයන් අතරෙමයි. බ්ලොග් කාරයෝ කී දෙනාද තවත් බ්ලොග් කාරයෙක් ප්‍රමෝට් කරන්නේ. කොමෙන්ට් එකක් දාන්නේ. අළුත් කෙනෙක්ව ලියන්න ධෛර්යමත් කරන්නේ.

ඇත්තටම ඉස්සරට වඩා බ්ලොග් දැන් සෑහෙන ඉදිරි ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉස්සර කෙල්ලෙක්ට තියා කෙල්ලෙල්ක්ගේ නමින් ලියන කොල්ලෙක්ටවත් බ්ලොග් එකක් ලියන්න දෙන්නේ නෑ. මෙතන උන්න බ්ලොග් කාරියන් මේක දමලා ගහලා ගියේ, වෙන කවුරුත් නිසා නෙමෙයි බ්ලොග් කාරයෝ නිසාමයි. එතකොට දැන් ලියවෙන් ඒවට උනත් ඇනෝ ඇවිත් කුණුහබ්බ කොමෙන්ට් දාන්නේ කව්ද? වෙන කවුරුවත් නෙමෙයි බ්ලොග් කාරයන්මයි. අතිත් කයිට් කරගෙන වෙන රටවල් වලට කෝල් දිදි බ්ලොග් කාරයෝ කොටවන වැඩ කරන්නේ කව්ද? පත්තර කාරයෝද? පොත් කාරයොද? නෑ.... බ්ලොග් කාරයන්මයි. 

ඒ නිසා මෙකේ පැවත්මත් විනාශයත් තියෙන්නේ බ්ලොග් කාරයන් අතරෙමයි. මේක මේ මහා ළොකු තැනක් වත් උසස් තැනක්වත් මාර තැනක්වත් නෙමෙයි මේ ගොබ්බ ගෝත්‍රික සමාජයෙම තවත් එක පැතිකඩක් විතරයි. බ්ලොග් කාරයෝ බ්ලුක් ගැහුවට අවුලක් නෑ. ඒත් මේක අමතක කරන්න නරකයි. එහෙම උනොත් වෙන්නේ මෙතන නැති වෙන එකයි.

අපි කරන්න ඕන ආන් ඒ ගෝත්‍රිකත්වයෙන් මිදිලා නිදහස් චින්තනයක් තියෙන වෙනස් විදියට හිතන පතන මිනිස්සු එක්ක ලෝකයත් එක්ක එකතු වෙන්න උත්සාහ කරන එකයි. එහෙම හිතලා පතලා ලියලා කියලා දාන උන්ට ඉල්ලුමක් නැත්තේ නෑ. බොහෝම රහට ලියන අළුත් බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ම ඉන්නවා. වෙලාවක් තියෙන වෙලාවක ඒ ගැනත් ලියන්නම්. ඒ නැතුව අනේ අපි ගැනත් කතා කරන්නකෝ. ඇයි අනේ එහෙම කරන්නේ. ඔයා හරි නරකයි අනේ කිය කියා හොටු පෙරාගෙන ඇඬිම නම් නෙමෙයි.

මේ මාතලන් මෙන්ම එක එකා මක්කා කිව්වත්, තවත් විශේෂම දෙයක් කිව යුතුයි. බ්ලොග් කියන්නේ තමන් කැමති දේ ලියනවා මිසක්, එක එකාට ඔන දේ ලියන එකවත්, එක එකාට ඕන විදියට ලියන දෙයක්වත් නෙමෙයි. සම්පූර්ණ ස්වාධීන ලිවිල්ලක්. ඉතින් ඔහේලා කැමති විදියකට ලිව්වට ඇවුලක් නෑ. ඒත් මේකේ තියෙන ඒ අභිමානය නම් නැති කරන්න එපා. ඇඬිල්ල හා ගරිල්ලා මකටින් අතර බොහෝ ළොකු වෙනසක් තියෙන බවත් කිව යුතුමයි.

118 comments:

  1. //මොකක්ද මේ යුද්ධයක් කියලා සංජීව කියන්නේ? ඒ තමයි හැමෝටම පේන කොමෙන්ට්ස්. ඔන්න ඔතනදි තමයි පත්තරකාරයන්ට තියෙන ලෙඩේ එලියට එන්නේ. ඒ කියන්නේ එයාලා කැමති නෑ එයාලා ලියන දේ ප්‍රශ්න කරනවට. //

    ඒක නම් ඇත්ත...
    හැමෝම ස ර ස තුමා වගේ කාගෙත් හිත නොරිදෙන කරුණාබර, මයිත්‍රී සහගත කොමෙන්ට් දානෙ නැහැ නේ...

    ReplyDelete
    Replies
    1. සරසතුමාගේ හැම කොමෙන්ට් එකක්ම මෛත්‍රී හා රනිල් සහගතයි.. ඒ විතරක් නෙවෙයි කතා කරද්දී උදාහරණයක් ගත්තත් ඒකත් අනිවා මෛත්‍රී හා රනිල් සහගතයි.. :)

      Delete
    2. කොමෙන්ට්ස් කොච්චර සාහසික උනත් අවුලක් නෑ. පෞද්ගලිකත්වය ඇද ගන්නේ නැත්නම්... හැබයි ඒ වගේම, බ්ලොග් එක අයිතිකාරයගෙ ප්‍රතිචාරයත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකෝ ඒකත් සාහසිකයි නේ අනිවාර්යයෙන්..

      Delete
    3. සරස 'තුමා' ට මරාගෙන් තොර ජීවිතයක් නැත.

      Delete
  2. එකඟයි...

    ඒත් අපිලට නම් අවුලකට කියල තියෙන්නේ ලියන්න වෙලාව මදිකම...

    ReplyDelete
    Replies
    1. ඕක මම කීයටවත් පිලිගන්න දෙයක් නෙමෙයි..

      Delete
  3. 1. සමහරු සමහරදේ සමහරවිට කියන්නේ සීරියස්ලි නෙමෙයි. Tongue in cheek
    උදා. .......... (KMගෙන් අහල බලන්න)

    2. බ්ලොග් කියවා,බාගෙට කියවා,කාලට කියවා,කොමෙන්ට් පමණක්(ඔක්කොම/සමහරක්/එකක්) කියවා
    & මොනවත් නොකියවා කමෙන්ට් කල හැක.
    අපි ඉඳ හිට දාන පණ්ඩිත කමෙන්ට් දැම්මේ කියවාද නැද්ද කියන එක සෙවීම ඇනෝවන් සෙවීමට වඩා
    විනෝදජනක විය හැකි නිසා කැමති නම් පෝස්ට් එකේ පොඩි බූබි ට්‍රැප්ස් දමා ට්‍රයි එකක් දාන මෙන්
    බ්ලොගර්ස්ලාට යෝජනාවක් පමණක් කරමි.
    අර දිග වලස්පති ලිපිය නම් (මටත් පිස්සු නිසා) කියවූ බව පිලි ගනිමි. අනිත් සමහර ඒවා
    නම්.....http://www.imdb.com/title/tt0264464/

    ReplyDelete
    Replies
    1. ඇක්ටිව් ටොරෙන්ට්ස් නැතිවීම දුකට කරුණකි.

      Delete
    2. නීරස උනත් කෙටී ඒවා කියවලා ඉවර කරන්න පුළුවන්... මුල නීරසයි නම් අවසානයේ කෙතරම් වැදගත් දෙය්ක් තිබුනත් කියවීම අප්පිරියයි.. ඒකට කරන්නේ පත්තරේ වගේ අග ඉඳන් කියවනවා..

      Delete
  4. පහුගිය කාලය තුල විවිධ ක්ෂේත්‍ර වලින් ලංකාවේ ප්‍රසිද්ධියට පත්වූ කීප දෙනෙක් සිංහල බ්ලොග් ලියන්න පටන් ගැනීම හොඳ ප්‍රවනතාවක්.අද වගේ කාලෙක කිසිම මුල්‍යමය වාසියක් නැති බ්ලොග්කරණය වගේ දේක යෙදීමම ලොකු දෙයක්.කොහොමත් කාලයත් එක්ක සන්නිවේදනයත් වෙනස් වෙනව ලෝකෙ නම ගිය මුද්‍රිත මාධ්‍ය ආයතන බොහොමයක් මේ වන විට පාඩු ලබනව නැත්නම් වැසී ගිහින්.සමාජ ජාල බ්ලොග් ඊ බුක් වගේ අලුත් සන්නිවේදන මාධ්‍ය ඒ තැන අරගෙන.ඕක තමයි ලෝක ස්වභාවය.

    ReplyDelete
    Replies
    1. සංජීවටත් වඩා උඳන් ඒ බව නොදැන සිටීම කනගාටුවට කරුණක්..

      Delete
  5. 1.කේ සංජීව මගෙත් ප්‍රියතම රචකයෙක්.එයා (සහ බ්ලොග් ‍ලිවීමට හැකියාව තියන අනිත් එවුන් ගැන) උඹ කියන කතාව සහතික ඇත්ත. විවේචන දිරවන්නෙ නැති එකාට මේකෙ පැවැත්මක් නෑ.

    2.කමෙන්ට්/ඇනෝ කමෙන්ට් වැහීමට මම එදා ඉඳලම විරුද්ධයි. කුනුහබ්බයක් දෙකක් කිව්වත් මකල දාන්න බැරිය. ඒ වගේද සමහර ඇනෝනිමස් කමෙන්ට් කරන අය කොච්චර වැදගත් අදහස් දක්වනවද! ඇනෝල ඇවිල්ල ගහනව කියල අඬන අයට ගැහිල්ල වැඩි බවත් මගේ නිරීක්ෂණයක්.

    3.ලිපියේ අන්තර්ගතය කියවන්නා අනුව සීමා කිරීම අන්තිම නරක දෙයක්. රචකයාට කියන්න තියන දේ මුළුමනින්ම කිවයුතුයි. මොකද මේක පත්තරේක ඉඩ වගේ සීමිත ඉඩක් නෙවේ.(බයිට් ගැන අල්ලල දාපං. ඔයිට වැඩිය ගිගාබයිට් ගනං වැල තියාගෙන ඉන්නව ඉන්ටනෙට් පාඨකයන්).

    4.කමෙන්ට් නිසා බ්ලොග් වහල දාල යන අය නවත්තන්න බෑ. දරාගැනීමේ හැකියාව අනුව තීරණය වෙන්නෙ.

    5.මොන පඬිය මොනව කිව්වත් කාලය ඉස්සරහට යද්දි "බ්ලොග්" අනෙකුත් මුද්‍රිත මාධ්‍ය ඉක්මවා යනව. බ්ලොග් උස්සල දෙන උඹ සහ සම්මාන ආදියෙන් බ්ලොග් ඉහලට ඔසවන්නන් කරන කාර්ය විශිෂ්ටයි!

    ReplyDelete
    Replies
    1. 1. ජනමාද්දියවේදියෙක් දේසපාලුවෙක් කියන්නේ විවේච්නය දිරවන එකෙක් වෙන්න ඕන..
      2. මැකුවොත් හිරේ. මගේ රස්සාව අනුව එහෙම කරන්න අමාරුයි.. ඒ කියන්නේ අම්මට බැනලා දාන එකක් ඩිලීට් කරන්න කලින් අම්මා දැක්කොත් හොඳ නෑ නේ...
      3. වැල බලනවා වාගේ බ්ලොග් බලන්නේ නැත. හැබයි සමහර උන් නම් වැලක් බැලුවා වාගේ ඒවත් ලියනවාය.
      4. අංක 2 හා අංක 4 අතර අදහස් වල පරස්පර බවක් දිස් වේ.
      5. මම කෙසේ වෙතත් නෙළුම් අජියා කමී ඉවාන් මෙන්ම දුමී හා ඉන්දිකයා කරන සේවය අනර්ඝයි.. අනගිභවනීයයි..

      Delete
  6. මමත් අද උදේ ඔය වැඩසටහන සෑහෙන වෙලාවක් බැලුවා. අපට ප්‍රශ්න අහන්න බැරි නිසා වෙන චැනල් එකකට මාරු කළා. නැත්නම් මම උඹ මේ ලිපියේ කියලා තියන දේවල් ගොඩක් අහනවා.

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න පුළුවන් උඹේ පුෂ්පය ස්ථාන ගත උනේ කොහේද කියන එක...

      Delete
  7. ඇඩ් එකක්.

    A.T Sudarshana කියන්නෙ දොස්තර මහත්තයෙක්. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක්. ෆේස්බුක්වල අත්දැකීම් සටහන් කරන්නෙක්. ඔහුගේ ලිපි අපේ සරත් ලංකාප්‍රියගෙ "මිනිස්සු එක්ක" සීරීස් එක වගේ.
    මේ තියෙන්නෙ ඔහුගේ බ්ලොග් අඩවිය. ලියනව විතරක්නෙවේ, උත්තරත් දෙනව. ගිහිල්ල සපෝට් එකක් දෙන්න වටින කෙනෙක්.
    @මාතා, සින්ඩියට දාපං.

    ReplyDelete
    Replies
    1. එල්ලුවා... ගාන එකවුන්ට් එකට දාන්න කියන්න.. ඩොලර් වලින්...

      Delete
  8. අදහස් ප්‍රකාශකිරීමේ මාධ්‍යක් විදිහට බ්ලොග් වල අමුතු රහක් තියනවා.සමහරුන්ට පත්තර වල ඔය අමුතු රහ තියනවා.. සමහරුන්ට බුකියෙ.
    කොහොමත් ලෝකෙ කැරකෙන හැටියට බ්ලොග් ඉස්සරහට තමන් විසින්ම යමක් කරගනීවි.
    කියවන එකාට දිග පළල වැඩක් නෑ කියවනවා කියන එකයි ගස්ලබ්බත් හිතන්නෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කියවන එකා ගැන නෙමෙයි නේ ගැටළුව තියෙන්නේ නොකියවන එකා කියවන එකෙක් කරන්නේ කොහොමද කියන කාරණය...

      Delete
  9. :-(
    මා ලියූ ලිපියේ සඳහන් කළේ පොත් උත්සව සහ ඒ සම්බන්ධ රුපියල් කටයුතුවලදී බ්ලොග් නමැති අළුක්කාල් ගහන්න යෑමක් ගැන හෝ බලහත්කාරයෙන් බ්ලොග් ප්‍රමෝට් කිරීමක් ගැන හෝ අනේ බ්ලොග් ගැන කියන්නකෝ කියා යාප්පු වීමක් ගැන හෝ නොවෙයි.

    මා හෙන්රිට කීවේ-

    1. හෙන්රිගේ ලේඛන කටයුතු ගැන කීමේ දී, නොකී කතා බ්ලොගය ගැන සඳහන් කළ යුතුව තිබුණා ය

    2. අලුත් පරපුරේ සිංහල ලේඛන කටයුතු ගැන කීමේ දී, බ්ලොග් ගැන සඳහන් කළ යුතුව තිබුණා ය

    යන කරුණු දෙකයි.

    හෙන්රි ගේ අලුත් ම පොතේ නොකී කතා බ්ලොගයේ ලිපිනය සඳහන් නොවේ නම් එය ද ඉතා කණගාටුවට කරුණක්.

    සමහර පත්තරකාරයින්ට නම් ප්‍රතිචාර පෙන්නන්න බෑ තමයි. හොඳම උදාහරණය ධර්මන් වික්‍රමරත්න.

    ReplyDelete
    Replies
    1. ඒ දේ මට පේන්නේ මම සඳහන් කළ විදියට තමයි....

      Delete
  10. හොඳ පත්තරකාරයෙක් වෙන්න නම් තරුවක් ඇප්ලික් කොරපු කැප් එකක් දා ගෙන ඉන්න ඔනේ කියලයි ඊයෙ Pra Jay සහ අයිවන් තුමා කීවේ!

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් මදි විමල් වීරවංශ ඉන්න ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකට දාගන්න ඕන , හැක හැක හැක

      Delete
    2. :D ඒක නම් ඇත්තටම වැරදීමක් අයිවන් තුමෝ!

      Delete
    3. කිසිම දෙයක් .. ..........!

      Delete
    4. අපිටනම් ඇහුනෙත් නෑ දැක්කෙත් නෑ..

      Delete
    5. එයා තරුව තියෙන තොප්පියට ලස්සනයි නේද කමී?

      Delete
    6. අප්පේ බව්වා ඉස්කයි

      Delete
    7. ඩයන් ගෝමස් කියන්නෙත් පත්තර කාරයෙක්ද...?

      Delete
  11. අර කිව්ව වගේ අපට ඕන එකනෙ අපි ලියන්නෙ(ඉස්සරනෙ ලිව්වෙ.) මොකෝ අපි කවුරුවත් ගෙවනවද.. නෑනෙ.
    කොහොම උනත් බ්ලොග් වලින්ම හිතවත් උන එකා කොහොමත් බැනගන්න හරි පෝස්ට් එකට ගොඩවදිනවා..මමනම් හිතන්නෙ එතනම සාමූහික බවක් තියෙනවා..කල්ලිවාදය නෙවේ මම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන අය විතරක් නම් කියවන්නේ එහෙනම් මේක 100 ක් 200 ක් අතර තියෙන දෙයක් වෙයි.. හැබයි දැන් ඊට වඩා විශාල පිරිසක් බලනවා කියන එක බොරු නෙමෙයි නේ...

      Delete
  12. අහිංසක කමියා , මම උඹේ සහයට එමිය හැක හැක

    ReplyDelete
    Replies
    1. අනේ දෙවියනේ මට උණු වියෝයා..

      Delete
    2. කමියා වගේ එකෙක් මෙහම අඬනවා දැක්කම දුකයි...

      Delete
  13. මම මේ කම්පනා කරන්නේ ලියන්නේ නැතුව හිට්ස් ගන්න විදියක් ගැන.. උඹ කොච්චරවත් ඒකට බාල්දි දානවා.. හැක්..

    :p tongue in cheek.. පෝස්ට් එකට තැන්කියු ඩාලිං.. ඒක නෙවෙයි.. උඩුවා බ්ලොග් එකක් ලියනවා කියල ඔවුන් දෙන්නගෙන් එකෙක්වත් දන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු වෙනස් වෙන්න හරි බය ජාතියක්... උගත් උනාට වැඩක් නෑ බුද්ධිමත් කම නැතිව..

      Delete
  14. මමනං කියන්නෙ රසවත්ව ලියන එකෙකුගෙ ලිපි දිග වැඩියි කියලවත් බයිට් යයි කියලවත් කවුරුවත් නොකියවා ඉන්නෙ නෑ. අර අම්බලංගොඩය ඉන්දියන් සීරීස් එක හෙන ගැහුව වගේ මග නවත්තල තියෙන්නෙ එහෙම කියලනෙ.

    කොමෙන්ට් කරන එවුවන්ට උත්තර දෙන්නෙ නැති එකනං සලකා බැලිය යුතු කාරනයක්. අඩුම ගානෙ බ්ලොග් එක ලියන එකා කොමෙන්ට් එක බැලුවද කියන එක හරි දැනගන්න කොමෙන්ට් කාරයෙකුට අයිතියක් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නොදැනීම නිදහසට කාරණයක් නොවේ කියනවනෙ, නොකියවීම කමෙන්ට් නොකිරීමට හේතුවක්ද නොවේ.
      සම්මාන දෙන්නෙත් කමෙන්ට් කිරීමට මිසක් කියවීමට නෙමෙයිනෙ.

      (සබාපතිතුමා විනය පරීක්සන තියල මාව අස්කොරයිද මංද. අනිත් එක මේක පිස්සු කෙලින්න සුදුසු බ්ලොග් එකකුත් නෙමෙයි පත්තරමල්ලිතුමාවත් ආරක්සාවට නැතුව. Bye!)

      Delete
    2. මට කියන්න තියෙන්නෙත් ප්‍රා කියපු දේමයි... ළොකු ළිපි කියවන්නේ නෑ.. එහෙම කියවනවා කියලා කියනවා නම් ඒක පට්ට බොරුවක්...

      Delete
    3. ප්‍රා කියන්නෙ මම හිතන්නෙ කොමෙන්ට් කියවීම ගැන වෙන්නෝන.

      Delete
    4. ලේකං තුමා හැටියට පූර්ණ අනුමැතිය මෙයින් ලබා දෙන ලද බවටද ඒ සඳහා ඔබගේ සහයෝගය උදක්ම බකාපොරොත්තුවෙන බවටද මෙයින් දන්වා සිටිමි.

      අනුපිටපත්.. සභාපති දෙමල ණයා

      Delete
    5. @Praසන්ன, No comment

      Delete
    6. දිග ඒවා තමයි අඩියටම වදින්නේ

      Delete
  15. සිංහල බ්ලොග් කියල දෙයක් තියෙනවද කියල දන්නේ නැති අයත් ඉන්නවා.. ගූගල් දෙය්යත් හරියටම පාර කිව්වේ නැත්නම් බ්ලොග් හොයල දෙන්නේ නෑ ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් නෙමෙයි... ෆේස්බුක් නොදන්න පිරිසත් දන්න පිරිසට වඩා වැඩියි...

      Delete
  16. ඉවසීම පුරුදු පුහුණුවීමට හොඳම ක්‍රමේ කමෙන්ට් කාරයෙක් වීමයි, ඉවසිම නැතිවුනු නිසා රියල් ප්‍රොෆයිලය අතහැර පලාගියෙකුගේ අත්දැකීම.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් දාන්න බ්ලොග් තියෙන්න එපාය... මට නම් විවේචන අවුලක් නෑ.. පෞදගලිකත්වයට ගහන්නේ පෞදගලිකත්වයක් නැති.. ආත්මයක් නැති අපතයෝ...

      Delete
  17. ලිපියක් රසවත් නම් දිග වැඩි උනා කියල කවුරුත් නොකියවයි කියල මම නම් හිතන්නෙ නෑ.උදාහරණයක් හැටියට මගේ බ්ලොගේ ගත්තත් මම කලදී බොහොම දිගට ලියපු කතා කවුරුත් බැලුවා. පත්තර කාරයින් ගැන කියල තියෙන දේ ගැන නම් සීයට සීයක්ම එකඟයි. ඔයගොල්ලො නියාමන කොමිසමක් ගේනවටත් විරුද්ධව එන්නෙ පත්තර මාපියාව පවත්වා ගන්න බැරි වෙන නිසානෙ.
    ඇනෝල ගැන නම් මගේ තියෙන්නෙ වෙනස් කියවීමක්. මම කියන්නෙ ඒ අයගෙ අදහස් බ්ලොග් ලෝකයට බොහොම වටිනවා. උඹ කියන හැටියට කුණුහරුප කියාගෙන පුද්ගලික දේවල් ඇදගෙන බනින්නෙ නියම ඇනෝල නෙවෙයි ඇනෝ හැටියට ඇරියස් පිරිමහගන්න එන ප්‍රොපයිල්ලු. නැත්නම් ඔරිජිනල් ඇනෝල බොහොම සාධනීය විවේචන සහ විද්වත් මත පළකරන හැටි මම බොහොම තැන්වල දැකල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචෝ දීර්ඝ බ්ලොග් ලිපිවත්, පත්තර ළිපිවත්, ළොකු පොත් වත් මිනිස්සු කියවන්නේ නෑ... නමුත් කියෙව්වා කියලා බොරුවට කියනවා.. ඒක මානසික ලෙඩක් බවත් හොයාගෙන තියෙනවා..

      Delete
    2. නිකං බොරු කියන්නෙපා මාතෙ. කියෝන අය ඉන්නව!

      Delete
  18. මාතලන් ඔයා හිතන්නේ බ්ලොග් කියවන්නේ ඒවා ලියන අය විතරයි කියලද ඉස්සර සගරා කියවන්න ඇබ්බැහි උන අයත් මේවා කියවනවා අපිට ඕන කියවන්න දෙයක් කෙටියෙන් ලියන්නේ කියන්නේ ඔයාලගේ බ්ලොග් වලට කමෙන්ට්ස් කරන ඔයාලගේම අය එයාලට ඕන කමෙන්ට් කරලා ඔයාට සපෝර්ට් එකක් දෙන්න නමුත් අපිට ඕන කියවන්න කමෙන්ට් කරන්න ඕන නෑ . පත්තර කරයෝන්ගෙයි ඔයාලගෙයි තියෙන වෙනසක් තමයි ඔයාල කමෙන්ට්ස් බලාපොරොත්තු වෙන එක කියවන හැමෝම කමෙන්ට් කරන්නේ නෑ හිට් කවුන්ටරේ බලල සන්තෝස වෙන්න පුරුදු වෙන්න

    ReplyDelete
    Replies
    1. සම හරක් ඉන්නවා පෝස්ට් එක කියවන්නේ නැතිව කොමෙන්ට් දානවා.. එක්කෝ කියලා තියෙන දේ තේරෙන්නේ නෑ.. කොමෙන්ට්ස් බලාගෙන බ්ලොග් ලිව්වා නම් අපිත් මෙතන නෑ..

      Delete
    2. අනිවා. මමත් ඕක හොඳට දැකලා තියෙනවා. සමහර කමෙන්ට් මුල පේලි කීපයකුයි, අගම පේලියයි, ඉතාම කලාතුරකින් මැද පේලියකුයි කියවලා දාපුවා.
      ඒ වගේම අකුරක් නෑර කියවන උනුත් ඉන්නවා. අන්න ඒ කමෙන්ට් බොහෝ විට constructive comments.

      Delete
    3. //සම හරක් ඉන්නවා පෝස්ට් එක කියවන්නේ නැතිව කොමෙන්ට් දානවා..// හික්..

      Delete
  19. //ඒ නිසා මෙකේ පැවත්මත් විනාශයත් තියෙන්නේ බ්ලොග් කාරයන් අතරෙමයි//

    ආං එච්චරයි බොසා!!!!

    ReplyDelete
  20. උඹ විවේචන ඉවසන බ්ලොග් කාරයෙක් කියලා මම විශ්වාස කරන නිසා මම මේක දාන්නෙ. මට උඹ ලියල තියෙන මේ කරුණු දෙක අතර පරස්පරයක් පේනවා.

    >>මේ මාතලන් මෙන්ම එක එකා මක්කා කිව්වත්, තවත් විශේෂම දෙයක් කිව යුතුයි. බ්ලොග් කියන්නේ තමන් කැමති දේ ලියනවා මිසක්, එක එකාට ඔන දේ ලියන එකවත්, එක එකාට ඕන විදියට ලියන දෙයක්වත් නෙමෙයි. සම්පූර්ණ ස්වාධීන ලිවිල්ලක්.<<

    >>ඊළඟට ඔහු කියන ප්‍රධාන දේ තමයි අති බහුතර බ්ලොග්, පුද්ගල කේන්ද්‍රීය වීම. ඒ කියන්නේ මගේ ලෝකය ගැන හෙවත් මං පොර ගැන ලියන දේ වීම. කොටින්ම බහුතරය්ක් බ්ලොග් කාරයොත් මේ නොස්ටැල්ජියා කේස් එකේ ගොඳුරු බවට පත්වෙලා හමාරයි. ඇත්තටම එහෙම දේ ලිව්වත් කමක් නෑ. එයින් යම්කිසි සමාජ පනිවිඩයක් දෙන්න පුළුවන් නම්. ..<<

    ඔය පළවෙනි ප්‍රකාශයෙන් ඇත්තටම දෙවෙනි ප්‍රකාශය එක්තරා විදියකට නිශ්ප්‍රභා වෙලා තියෙන්නෙ, නැතිනම් පිළිතුරක් වෙලා තියෙන්නෙ.

    ඒ හැර පත්තර කාරයෝ කෙසේ වෙතත් පත්තර වල තියෙන ලිපි කියෙව්වම මගෙ ඔලුවට එනවා අදහස් ගනනාවක්. නමුත් ඒක අහන්න වේදිකාවක් නෑ, ඒ නිසා මම පත්තරවල ලිපි බැලිල්ල සීමා කරලා තියෙන්නෙ. සමහර පත්තර වල ප්‍රතිචාර දාන්න කොටසක් තියෙනවා. මේ ලඟදිත් මම දාපු කමෙන්ට් එක එඩිට් කරලා හදලා දාලා තිබුනා. මම දැන් කමෙන්ට් දාන්න යන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මචෝ... තමන් කැමති දෙයක් ලිව්වට අවුලක් නෑ.. හැබයි අනුන්ගේ කන බොන දේ කියන කරන දේ කියවන්න කැමති පිරිසකුත් ඉන්නවා එහෙම නැති පිරිසකුත් ඉන්නවා.. එහෙම දේවල් බ්ලොග් එකක ලියනවට වඩා ෆේස් බුක් එකේ ලිව්වා නම් ලයික් ගොඩාක් ගන්නත් පුළුවන්.. නමුත් මගේ පෞද්ගලික මතය අපි ඔක්කෝටම සමාජ යුතුකමක් කියලා දේකුත් තියෙනවාය කියන එක.. ඒ නිසා මම ඔය දෙකම බැලන්ස් කරගෙන ලියනවා.. ඒත් අත්දැකීමෙන් එක දෙයක් කියන්නම්.. නොස්ටැල්ජියා කේස් වලට වඩා සමාජයේ කාලින් දේ ලිව්වම ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය වැඩි බව..

      බ්ලොග් විතරක් නෙමෙයි ඕනම තැනක තමන් ඉන්න ඕන තමන් කැමති විදියට මිසක් එක එකාට ඕන විදියට නෙමෙයි කියන දේ මම එකසිය ගානට අදහනවා..

      Delete
    2. මටත් ඔය ඩුඩ්ට දැනුණු පරස්පර ගතිය දැනුනා . එක්කෝ අපිට ඕනි දෙයක් ලියනවද නැත්නම් යන ට්‍රෙන්ඩ් එක බලල වෙනස් වෙවී ලියනවද කියල. මට පේන හොඳම විදිහ තමයි අපි ලියන රටාව හා අපේ අනන්‍යතාවය හදා ගන්නකන් වෙන කිසි දෙයක් හිතන්නේ නැතිව ලියන එක . ඉන් පස්සේ දිගටම තෘප්තිමත්ව ලියන්නනම් කියවන ප්‍රමාණවත් පිරිසකුත් ඉන්න එපැයි . ඒ නිසා මේ කියන බැලන්ස් එකේ ලිවිල්ල ගැන හිතන්න වෙනවා .
      මමනම් සමාජ යුතුකම ගැන අමුතුවෙන් හිතල ලියන්නේ නෑ . සමාජෙට යමක් දෙන්න තරම් අපේ ආකල්ප දියුණුවෙලා තියෙනවනම් අපි ලියන දේවල්වලින් ඔටෝමැටිකලි ඒ සමාජ යුතුකම ඉටු වෙයි . නැත්නම් 'මිනිස්සු' අතින් අපිව ප්‍රතික්ෂේප වේවි

      Delete
    3. පරස්පරයක් නෑ තිලකේ.. ඇත්ත කතාව..

      මොන ක්‍රමයට ලිව්වත් කමක් නෑ.. රැදෙන්නේ රහ දේ විතරයි.. කොයි ක්ශේෂ්ත්‍රයත්.. නමුත් මාගල් බොග් වලට වඩා මයික්‍රො බ්ලොගින් රැඳෙන ඉඩ වැඩියි.. උඹලා දෙන්නගෙ ඒවත් වැටෙන්නේ මේ මයික්‍රෝ බ්ලොගින් කැටගරියට තමයි.

      Delete
  21. බ්ලොග් කාරයො නිතරම අනෙක් බ්ලොග් කාරයන්ගෙන් ඉගෙන ගන්න පිරිසක්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.. මම බ්ලොග් වලට ආවේ "කතන්දර" ගෙන්. (රසික සූරියආරච්චී) මුලින් ලිව්වේ මෙලෝ රහක් නැති දේ (අදත් එහෙම තමයි). පරමාර්තය උනේ කවි ලියන එක. ඒ කාළේ ලියපු කවි "බූන්දි" යෙත් ගියා. ඒත් මගේ සිත් ගත්තේ, "ටැබූ සබ්ජෙක්ට්" හා "බියෝන්ඩ් ෆ්‍රේම්" කියන බ්ලොග් කාරයෝ දෙන්නා.. ඒ තමයි මගේ බ්ලොග් ගුරුවරු..

      Delete
  22. 75% එකඟයි මාතෙ. අර ඇනෝ කොමෙන්ට් වසා දැමීම ගැන මගේ අදහස වෙනස්. පෝස්ට් එකක් දිග වුවත් රසවත්නම් ඕනම අයෙක් කියවන බවයි මගේ අදහස. මා කියවන, දීර්ග නමුත් රසවත් ලියන්නන් කිහිපදෙනෙක් ඉන්නවා. කොමෙන්ට් ගාන ඉතා ඉහලයි. ඒ කියන්නේ හිට් ගාන ඒ වගේ හතරපස් ගුනයක් වෙන්න පුලුවන්නෙ. පත්තරකාරයො ගැන කතා කරල වැඩක් නෑ. මේ අද්දැකීමෙන් කියන්නෙ. ඔය අතරේ හොඳ පත්තරකාරයොත් නෑමයි කියන්නත් බෑ.

    නොකී කතා බ්ලොග් ගැන කතා කිරීම හෝ නොකිරීම ඔහු සතු වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඒ බයිලා... තම තම හිතවත් උන්ගේ ඒවල ඒවා කියවන්නේ නැතිවත් කොමෙන්ට් දානවා.. එහෙම නැත්නම් හිතවත් කම නිසා කියවනවා.. මාගල් වගේ ඒවා මිනිස්සු කියවන්නේ නෑ බං... අද තියෙන්නේ මයික්‍රො ලෝකයක්.... මයික්‍රො සමාජයක්.. මයික්‍රො මීඩීයා එකක්..

      Delete
  23. කාගෙ හරි සින්හල බ්ලොග් ලියනා යාලුවෙක් TV ප්‍රෝග්‍රෑම් එකකට ගිහින් බ්ලොග් කාරයෙක් ය කියලා කියන්න අමතක වෙලා මැරිලා එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මාතෙගෙ යාලුවෙක් බ්ලොග්කාරයෙක් කියලා ටී.වී. එකට කියල මලා.

      Delete
    2. මහින්ද උන්නා නම් ඒකත් වෙන්න තිබ්බා...

      Delete
    3. ඔන්න ඔන්න කඩේ යනවා.

      Delete
  24. බ්ලොග් ප්‍රොමෝට් කරන්න එනකොට මාතේ සමහර බ්ලො කාරයොම බැන්නනේ අපිට ගරිල්ලා ප්‍රහාර දාන්න එනවා කියල. හෙන්රි දැනුත් බනින්නේ දේශපාලකයෝ ගෙනාව , කරනවානම් සම්මාන වලට අපිත් කැමතියි කියල. නමුත් දේශපාලකයෝ සමහර විට නැතුවත් බැහැ . උම ලියපු ගොඩක් දේට එකඟයි. හැබැයි සමහර බ්ලොග් තමන් ගැන ලියනවා නම් ඒත් කමක් නැහැ කියල මම හිතනවා. තමන්ගේ නිදහස නේ. මේ රුසියන් චාරිකාව ඉවර වුනහම දිග කොමෙන්ට් ටිකක් දාන්නම් . මට මේ දවස් වල බ්ලොග් ටික කියවන්නේ නැතුව පිස්සු වගේ. ඒකෙන්ම පේනවා මම කොච්චර ඇබ්බැහි වෙලාද කියල.
    අජිත් පැරකුම් , උඹ , තිලකේ වගේ ලිපි අපි පල කරන්නේ උඹල අපට කියලද? අනික මටත් අර සත්හඬ ට කොලමක් ලියන්න කිව්වා යුරෝපය ගැන යාළුවෙක්. දැන් නතර කලා . මචං ඔය කවුරු මොන රෙද්ද කීවත් නොකීවත් අපි අපේ ගමන යමු. ඔය කෑගහන බුවාලා නිකම්ම සෙට් වෙනවා. අපි මචන් කාටවත් කියල ඉල්ලගෙන වෙලාව ගන්නේ වත් සම්මුඛ සාකච්චා දෙන්නේ වත් නැහැනේ. මේකේ කියවන ටික ඇති. යන සංවාද ඇති. ඇයි බන් මහාචාර්යවරුන්ට පෙන්වන්න ඕනේ සරසගේ බ්ලොගේද සරසවද නැත්නම් හොඳ බ්ලොග් කාරයෙක්ද? මචන් මේක තවම ඉවර නැහැ. පොඩි පසුබෑම් එනවා. හිටපු ගමන් අඩි දෙකක් පසට අඩියක් ඉස්සරහට ගන්න ඕනේ වෙලාවලුත් තියනවා. ඔය ලොකු පොරවල් පස්සෙන් එන වෙලාවල් තියනවා මචෝ.

    ReplyDelete
    Replies
    1. // නමුත් දේශපාලකයෝ සමහර විට නැතුවත් බැහැ . //

      සහතික බොරුවකි...

      දේසපාලුවෝ නැතිව උත්සව තියන්න බැරිද?

      බ්ලොග් උත්සව වලට බ්ලොග් නොලියන දේසපාලුවෝ මොකටද?

      බ්ලොග් ලියනා දේසපාලුවෝ ඔන්නම් මෙන්න:
      http://www.namalrajapaksablog.com/


      එයාව උනත් සාමාන්ය බ්ලොග් කාරයෙක් විදියට මිසක් දේසපාලුවෙක් නිසා බ්ලොග් උත්සව වලට ගෙන්නන්නෙ මොකටද?

      Delete
    2. // ඇයි බන් මහාචාර්යවරුන්ට පෙන්වන්න ඕනේ සරසගේ බ්ලොගේද සරසවද නැත්නම් හොඳ බ්ලොග් කාරයෙක්ද? //



      ස ර ස තුමා ව අතඇරලා මහාචාර්ය තුමා ට හොඳ බ්ලොග් කාරයෙක් ම පෙන්නන්නකෝ මෙයා!

      Delete
    3. බ්ලොග් සමාජයට ගියේ කරූ නිසා.. ඒකේ ආයේ කතා කොරන්න දෙයක් නෑ.. ගරිල්ලා මාකටින් කියන්නේ ඒකයි. නැහ්නන් මේකත් නිකං නිකං හිස් ටින් එකක් ඉතරයි.

      Delete
    4. සරසතුමෝ ඔයා කරන්නේ වැඩිපුරම මහින්ද මහත්තයා පැරදුන එකට අන්දන එකනේ. ඒක ඒ මහත්තයා විහින් කරගත්තේ කියල කොච්චර කීවත් වැඩක් නැහැනේ මෙයාට . ඉඳල කෑල්ලක් දැම්මම අපිත් ඇවිත් කොමෙන්ට් කොටනවනේ. හැබැයි කියන්නේ රවියගේ බ්ලොගය . සුරන්ගයගේ , තිලකයාගේ තව මචන් අපි නොදන්න බ්ලොග් ගොඩක් තියෙන්නේ. ඊයේ පෙරේද අර වසන්තයෙනුත් දදිනුවේ . අපි මාතලන්. බස්සි , පැරකුම් හෙම අමතක කරමු පොඩ්ඩක්. මහින්දගේ පැත්තට ලියන හොඳ අය ඉන්නවා මාරයා, තනි තරුව. වමේ පැත්තට රාමචන්ද්‍රගේ අඩවිය දැන් ලියන්නේ නැහැ. ඒ වෙනුවට අක්ෂය කියල එකක් යනවා. එතකොට අර රිවිහාර හප්පේ මචන්කොච්චරක කියලද හොඳ බ්ලොග්. kurutu sindiyaඅජිත් කුමාරගේ සින්ඩියට හෙම ගිහින් බලන්නකෝ.

      Delete
    5. සරසා අර මගේ බ්ලොගේ දිගට හරහට දැම්ම ඇයි කරු දේපල ආවේ කියල. ඕක සරසට අල්ලන්නේ නැතුව ඇති. ඒත් අර කමිය බුකියේ පින්තුරයක් දාල තිබුන දැක්කනේ අර තොරතුරු දැන ගැනීමේ පනත. ලොකු කරූ ආවේ එකට. ඒක ඒකාබද්ද විපස්සෙන් කෑ ගහල බලේ ටිකක් අඩු කලා . පස්සේ නැවත වැඩිකරගමු. නමුත් ඒකෙන් ඕනෑම ආණ්ඩුවක හොර වැඩ වැරදි වැඩ දේශපාලකයන්ගේ වැරදි තීරණ කාලෙකට පස්සේ ජනතාවට හොයාගෙන නඩු දාන්න පුළුවන්. ඔය පනත සරසා වගේ බ්ලොග් කාරයෙකුට වැදගත් නැති වුනාට එක වැදගත් වෙන එවුන් ඉන්නව.
      පොඩි කරුගෙන් අර මාතා කිව්වා වගේ ප්‍රසිද්ධිය ලැබුන. ශාලාව ලැබුන. මොකෝ නාමල් දෙයිය දෙන්නේ නෑනේ . අනික පොඩි කරු බ්ලොග් ලියනවනේ කොහොමත්. යුඇන්පී සිරිලංකා වට එළියෙන් ඉඳන් big picture එක බැලුවනම්.

      Delete
  25. පොත් කාරයෝ කිහිප දෙනෙක් මට හමුවෙලා තියනවා. එක පොත් කාරයෙක් ගෙන් මට රෝයල්ටි ලැබුනේ ලෝයර් කෙනෙක් ගෙන් එන්තරවාසියක් යැවූ පසුවයි.

    ReplyDelete
    Replies
    1. ඔහේ තරන් පොත කාරයෙක් ඉන්නවය තවත්... අම්මපා ලොක්කෝ පොත් කීයක් ඉතර ලියලා තියෙනවය දැනට..

      Delete
    2. පොත් ලිව්වට අපේ දාඩිය වලින් හැදෙන්නේ පොත් කාරයෝ මාතේ

      Delete
    3. මටත් ආසව තිබුනට සීන් එක දැන ගත්තාම එපා උනා.. දවසක ප්‍රකාෂකයෙක් වෙන්න හිතේ තියෙනවා.. පොත් කාරයන්ට තැන තියෙන.. බලමු..

      Delete
    4. අන්න එදාට ගස්ලබ්බත් කතුවරයෙක් වෙනබව සත්තයි.
      එදාට කිරිබත් කමු.

      Delete
    5. විජහට වෙයන්. මම තව පොතක් ලියාගෙන යනවා.

      Delete
    6. මේකනම් බොහෝ ම දැවෙනප්‍රශ්ණයක් තමයි.
      ලෝකේ වටේම තියෙන පොදු ප්‍රශ්නයක්.

      මාතලන් නරකද මූලිකත්වය අරගෙන බ්ලොග් කරුවන්ගේ සමූපකාර පොත් ප්‍රකාශන සමාගමක් ආරම්බ කලෝත් ?

      තාක්ශ්නෙත් දන්න උන් නිසා සිංහල පාඨකයන්ට ඊ බුක් පබ්ලිකේශන් හඳුන්වලා දෙන්නත් පුළුවන් වෙයි...

      Delete
  26. අර" විරුද්ධ මත නොඉවසන"කියන එක නං පට්ටම ඇත්ත.සාමාන්‍යයෙන් රාවයෙ අය කියන්නෙ එයාල'විකල්ප'ධාරාවෙ අය කියලනෙ.ඒ උණාට අනිත් පත්තර වල උන්ට තරංවත් ඉවසීමක් නෑ මුන්ට.පහුගිය දවස් වල ශිරාල් ලක්තිලකත් මොකද්ද කතන්දරයක් ලියල වෙච්චි හදිය මතකනෙ.අන්තිමට පත්තරේ උන් විතරක් නෙමෙයි SMS තීරුවෙ උනුත් ලෙලි යනකං බැන්න ශිරාල්ට!

    මට තේරෙන විදියට නං ඕක මේ සමාජේ අවුලක්.( මං වෙන රටවලට ගිහිං නැති හින්ද ඒව ගැන මං දන්නෙ නෑ. මාතෙ නං මොසාඩ් කාරය හින්ද දන්නවැති.)අපි කවුරුත් අපිට දිරවන්නෙ නැති දේවල්වලට පහර ගහන්න හරිම දක්සයි. මං හිතන්නෙ ඒක නෙමෙයි වෙන්නෝනෙ.අනිත් එකාගෙ පැත්තෙනුත් ටිකක් හරි හිතනව නං වැඩේ ලේසියි!

    කොහොම හරි කතාව නං වටිනෝ මාතෙ.ජය!

    ReplyDelete
    Replies
    1. රාවය සංවාදශීලී පුවත් පත. අම්මගේ රෙද්ද. ඕකුන් මමකියන්නෙත් නැතිව මගේ බ්ලොග් ළිපි දෙක තුනක් කවි දෙක තුනක් එහෙම දැම්මා. පස්සෙ මම ලිපියක් ලිව්වා වික්ටර් අයිවන් විවේච්නය කරලා. ඒ ළිපිය නම් රාවයට යැව්වා. ඒ යැව්වත් හරි සංවාදේ ඉවරයි. ඊට වඩා සංවාදශීලියි බ්ං බ්ලොග්. සමහර් උන් අපේ අම්මත් මතක කොරන්නේ. අපිව ලිංග විපර්යාසවලට පවා ලක් කොරන්නේ.

      Delete
  27. කවුරු මොනවා කිව්වත් බ්ලොග් කලාවේ අනාගතය දීප්තිමත්. බ්ලොග් ලෝකේ තියෙන වටිනාම දේ වන සාමුහිකත්වය රැකගෙන ඉස්සරහට යමු. හොඳ දේ අගය කරමු . අඩුපාඩු පෙන්නලා දෙමු .

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉඳ හිටලා වලියක් දෙකක් නැත්නම් ඇඟට නිකන් මක්කද වගේ අප්පා..

      Delete
    2. සිරාවටම. ඒක ඉතිං අභිමානවත් ලාංකිකයගේ ජන්ම ගතියනේ.අපේ අයිය කොරියන් ගියා. මිනිහ කියනව ලංකාවෙ උන් අවුරුදු උත්සවයක් එහෙම කරනව නං කොරියො ඒ පැත්තෙවත් එන්නෙ නෑලු. ලංකාවෙ උන් ඒ තරං පේමස්.

      Delete
  28. මාවත් ගෑවිලා තියෙන හංදා මගේ අදහසුත් කියන්නම්..(වෙලාවක් තිබුණොත් නොගෑවුණත් කියල දානවා තමයි)
    ඇත්තම කිව්වොත් රසික ඔය ප්‍රශ්නෙ අහන කල්ම මට මතක් වුණේ නෑ මං බ්ලොග් ලියන බව. එකක් නොවෙයි කීපයකටම ගෑවිලා හරි ඉන්න බව. ඒ ගැන හිතද්දි කියන්න වෙන්නෙ මේ බ්ලොග් ලිවීම මට චූල වැඩක් බවයි.
    වෙනත් නිර්මාණයක් කරද්දි එකවරම ටයිප් කරන්න බැරි, අතින් ලියල කපල කොටල සංස්කරණය කරන මං බ්ලොග් එක දිගටම කොටල දාන්නෙ ඒ හැඟීමෙන් වෙන්න ඇති.
    පත්තරේකට ලියද්දි හරි, පොතක් ලියද්දි හරි ගොඩක් හිතල මතල ලිව්වට බ්ලොග් ලියන්නෙ එක එල්ලේ. ආයෙ කැපිලි, කෙටිලි නෑ. ඒකයි මේක චූල ලියවිල්ලක් කියල කිව්වෙ.
    තරහා අවසර..! බ්ලොග් හෑල්ලු කරන්න කිව්ව එහෙම නොවෙයි. හිතට දැනෙන අවංක අදහස කියල දැම්ම ඕං.
    මේ කාරණා නිසාමද කොහෙද ටීවී සාකච්ඡාවෙදි, පත්තර සාකච්ඡා වලදි විතරක් නොවෙයි පොතේ උත්සවේ දවසෙදිත් මං බ්ලොග් ලියන්නෙක් බව මටම අමතක වුණා කිව්වම. හැබයි කමියයි, ඉවානුයි, ප්‍රා ජේයි, සා රසයි දැක්කම නං බ්ලොග් ගැන සිහියට ආව.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි සිහියට ආපු එකම මදෑ බං...

      ඒ උනාට අනික් ඒවා ලියනවා වගේම බ්ලොග් ලියන්න වෙයි වැඩි කල් නොයා..

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. බ්ලොග් කියවන කමෙන්ට් දාන අපිටත් මේ ලිපියේ අන්තර්ගතය බොහෝම වැදගත්. මමත් බොහෝ දුරට මාතලන්ගේ මේ දහස් එක්ක එකඟ වෙනවා.
    අනික මම දකින ආකාරයට බ්ලොග් එකක් කියන්නේ එහි රචකයා තමන්ගේ දක්ම සමාජ විග්‍රහය, ටමන් ගේ ප්‍රයේශන සමාජ ගත කිරීම ආදියට යොදා ගන්නා පෞද්ගලිකමාධ්‍යයක්.
    කියවන්නෝ මේ වපසරිය දැනගෙන ප්‍රතිචාර දැක්වීම කල යුතුයි.
    එසේම ත්මන්ගේ බ්ලොග් එක හැමෝම කියවන්න ඕනේ කියන පටු මානසිකත්වයෙනුත් බ්ලොග් කාරයෝ මිදෙන්න ඕනේ. මම කමෙන්ට් දානවානම් මටත් කමෙන්ට් වැටෙන්න ඕනේ වගේ දෙකේ පන්තියේ ආශාවල් නිසා තමයි මේ බොහෝ ගැටළු හා නිර්දය විවේචන ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔතනදිත් ඇත්ත කතා කරන්න ඕන නයනේ.. මාතලන් යම් ජනප්‍රියත්වයක් අරගෙන තියෙනවා නම් බ්ලොග් ලිවීමට වඩා කොමෙන්ට් කිරීම ඉවහල් උනා කියන එක වඩා නිවැරදියි. බ්ලොග් කියන දේත් ජාත්‍යන්තරයේ කුමන තත්වයක තිබුනත්. ඒකටත් ආවේනික ලංකිය යුනීක් "ගති" රාශියක් තියෙනවා. ටික කලක් මේකේ ඉන්න කොට ඒ දේවල් නිකන්ම අවබෝධ කර ගන්න පුළුවන්.

      Delete
  31. දැන් කාලේ පත්තර කියෝන අය අඩුයි.ඒකට හේතු ගොඩක් තියනවා.
    1. පත්තර වල නිවුස් පරණයි ( පත්තරේ බලල දැන ගන්න ලොකු තැන ඇරුනම , අනිත් අය බහුතරය උණු උණුවෙම නිව්ස් දැන ගන්නවා විනාඩි පහෙන් පහට තරඟෙට වගේ චැනල් වල නිවුස් දෙන නිසා )
    2. පත්තර වල ඉස්සර වගේ කියවන්න රසවත් දේ නැති විම.
    3. පත්තර පහක් ගත්තොත් එකම නිවුස් එක පත්තර පහේ පස් ආකාරයකට තිබීම නිසා පත්තර නිවුස් ගැන විශෟවාසය පලුදු වීම.
    4. පත්තරේ අතට අරන් කියවන්න ඕනි නැහැනේ. උදේ තේ බොන ගමන් හරි , දත් මදින ගමන් තකහනියෙන් හරි පත්තරේ විස්තරේ ටිවි එකේ හරි රේඩියෝ එකේ හරි විස්තරත් ඇතිව කෙටියෙන් කියනව නේ.
    5. තව ගොඩාක් හේතු තියේ.....ඒව ලියන එකත් කම්මැලි වැඩක්.

    ඔය මොක මොකා මොකක් කීවත් බ්ලොග් කියන්නේ පත්තර වලට වඩා සුන්දර දෙයක්....

    ReplyDelete
    Replies
    1. පත්තර සල්ලි දීලා ගන්නේ මක්කටෙයි අනේ. දෙරණේ රීරී යකා පත්තරේ තියෙන ඒවට අතිනුත් එක්කරලා අයිසින් එහෙම දාලා දෙන්නේ දවසටම ඇති වෙන්න.

      පත්තර වලට කෙලවෙන්න මූලික හේතුව තමයි "මුල් පිටුව".. දැන් දෙරණ අරුණ.. ඔය ටැලිවිසොන් චැනල් වල පත්තර කියවිල්ල නැවත්තුවා නම්, ආයෙත් මිනිස්සු පත්තර කියවන්න ගනියි.. මුල් පිටුවේ නම් ගියේ මුල් පිටුවේ ඒවා විතරයි. සම හරක් කතු වැකියත් එහෙම පිටින් කියවනවා. ඉතින් අහවල් එකටෙයි පත්තරේ ගන්නේ නෝනේ..

      Delete
  32. පිටිදූවේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ බ්ලොග් එකක් පටන්ගත්තානම් ඔයා ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් අගය කිරීම ගැන බොහෝම ස්තූතියි..

      එහෙම ආවා කියලා අවුලක් වෙන්නේ නෑ. මොකෝ බුද්ධාගම කියන්නේ අමුලීක බොරුවක් බව ඔප්පු කරන්න උන් වහන්සේ විශාල කාර්යභාරයක් කරන නිසා.

      නිවන ගැන ඔහු දරන මතයේත් මා දරන මතයේත් වෙනසක් නෑ.

      Delete
  33. සිග්මන්ඩ් ෆොයිඩ් කියලා තියෙනවා,
    යම් පුද්ගලයෙකුගේ සිතේ පවතිව අවරෝධනය වූ ලිංගික ආශාවන් කලා නිර්මාණ ලෙස එලියට එනවා කියලා.
    දැන් මේ බ්ලොග් අඩවිය කරන ප්‍රියන්ත හේවගේ මහතා ආශ්‍රයෙන් ඔය අවරෝධන සිද්ධිය මනාව පැහැදිලි කරන්න පුළුවන්.
    ඔහුගේ ලිපිවල සඳහන් කරුණු අනුව ඔහුගේ බිරිඳ මහින්ද රාජපක්ෂට ප්‍රියකරන. රනිල් පාලනයට විරුද්ධ කෙනෙක්. ඒ වගේම ඔහුගේ පුතා මවට සමාන අදහස් ඇති අයෙක්. ඒ වගේම ඔහුගේ නෑදෑයන් සෑහෙන පිරිසක් සිංහල බෞද්ධ සම්ප්‍රදායන්ට ගරුකරන අය.
    එසේම ඔහුගේ බිරිඳ, අශෝක හඳගමගේ සිනමා නිර්මාණවලට ප්‍රිය නෙකරන කෙනෙක්.
    ඒ නිසා ප්‍රියන්ත හේවගේ අවරෝධනය වෙලා :D
    එමනිසා තමයි මේ බ්ලොග් එකෙන් ඒ ආශාවන් පිටවෙන්නේ.
    අපේ උඩුවා මල්ලිටත් ඔය වගේම මොකක්හරි අවරෝධනයක් වෙලා තියෙනවා
    එසේම බ්ලොග් ලියන සහ කෙමන්ට් දමන අය අතර සිටින යම් අවස්ථාවල සිංහල බෞද්ධ අභිලාශයන්ට එරෙහි අදහස් පලකරන සිංහල බෞද්ධයන් ගැන සැලකුවොත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂය ප්‍රියකරන පවුල් පසුබිමක් ඇති අය බව පෙනෙනවා. ඔවුන් තුල ඇති අවරෝධනය නිසා තමයි ඔයවගේ අදහස් එන්නේ.
    මගේ දෙමාපියෝ උග්‍ර යූඇන්පී කාරයෝ. එයාලා රනිල්ට අකමැති වුනත් මහින්දට කැමති නෑ. ඒ නිසා දෙයියන්ගේ පිහිටෙන් මම අවරෝධනය වෙලා නෑ
    අවරෝධන කේස් එක හරියට දැනගන්න ඕනෙනම් මනෝ විද්‍යාව දන්න කෙනෙක්ගෙන් අහන්න.
    http://transyl2014.blogspot.com/ මේ ලියන දොස්තොව්ස්කි අහුවොත් හරියට කියලා දෙයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ළිපියෙන් කියන දේ තහවුරු කලාට..

      මාතලන් කතා කරනවා සිංහල බ්ලොග් කලාව ගැන. මේ උන්නැහේ කතා කරනවා "මාතලන්" ගැන.

      කොහොම නමුත් මාතලන් ගැන මනෝ විද්‍යාත්මක අධ්‍යයනයක් යෙදෙන්න තරම් වගේම, "මාතලන්" නොමැති තැන්වලත් මාතලන් ගැන කතා වෙනවා කියන්නේ. "මාතලන්" මේ අයගේ ජීවිත වලට විශාල බලපෑමක් කලා කියන එක. ඒක මට විශාල ලෙස සතුට ගෙන දෙන්නක්.

      Delete
  34. මුද්‍රිත ජනමාධ්‍යවේදීන්ගෙන් බහුතරයක් තමන් විශේෂිත කුලකයකට අයත් බව සිතන පිරිසක් බව මගේ හැඟීමයි. ඔවුන් බොහෝ දෙනෙක් සිතනුයේ තමන් නිල නොලත් මහේස්ත්‍රාත්වරැන් වශයෙනි.

    පත්තර යනු යල්පැන යන මෙවලමකි. අදද පත්තර ටික පවතිනුයේ පුවත්පත් විකිණිමෙන් ලැබෙන ආදායමින් නොව වෙළඳ දැන්වීම්වලට පින්සිදු වන්නටය. සමහර පුවත්පත් තමන්ට වෙළඳ දැන්වීම් ලබාදෙන රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයන්හි ගැටලු පිළිබඳව පුවත් පල කරන්නේ නැත. එසේම දැන්වීම් ලබාදෙන අමාත්‍යාංශ භාර ඇමතිවරැන්ව විවේචනය කරන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. ඉස්සර උන්නේ කොන්දක් තියෙන පත්තර කාරයෝ... දැන් ඉන්නේ මහින්දගෙන් පිනාට බීපූ ලැප්ටොප්, මොටෝ බයික් තියෙන පත්තර කාරයෝ. උන්ගේ කොඳු ටික මහින්ද ගලවලා අරගෙන බේරෙට උසික්ක කොලා ලූ...

      Delete
    2. මාතලන් ගුරැතුමා ඇයි මහින්ද එක්ක මේ තරම් අමනාප. අපිට දැනගන්නත් එක්ක කියන්නකෝ.

      Delete
  35. ///ඒ නිසා මෙකේ පැවත්මත් විනාශයත් තියෙන්නේ බ්ලොග් කාරයන් අතරෙමයි.///

    හැමදේකටම වගේ මේකත් හරියටම හරි මාතලන්...ඔබලා වගේ දෙයක් පවත්වා ගැනීම ගැන කතා කරන අය ඉන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මෙතනත් එක එක ගුරුකුළ හදාගෙන අළුත් එකෙකුට කිසි අවස්ථාවක් නොදෙන ගතියක් තිබුනා.. අපි ඒ දේ නම් නැති කලා..

      Delete
    2. ඇත්තටම සතුටුයි ඒ ගැන මාතලන්...

      Delete
  36. අවන්කවම කියනවා නම් බ්ලොග් කාරයෝ විතරක් නෙමේ සමස්ථයක් විදිහට මනුස්ස වර්ගයාම කැමති නෑ තමන්ගේ මතයට විරුද්ධ මතයක් අනෙකා දරනවාට. ඒ වගේම තමන් කියපු ලියපු දෙයක් "මෙලෝ රහක් නෑ - ගූ ගොඩක්" වගේ රියල් නමුත් තදබල කොමෙන්ට් එකක් ලැබුනු ගමන් ඕන කෙනෙක් සසල වෙනවා.

    ඒත් පස්සේ කාලෙක ආපහු ආපහු හරි තමන් ලියපු දේ සහ ඒ ප්‍රතිචාර අතර සම්බන්ධතාවය කිරලා මනලා පිලිගත හැකි ජාතියේ මිනිස්සු ඉන්නවා නම් සහ ඒ අය බ්ලොග් ලියනවා නම් ඕනෑ කෙනෙක් කැමති වෙනවා බ්ලොග්ස් කියවන්න.

    හරියට උඹේ බ්ලොග් එක වගේ. නොකියවා කොයි තරම් කාලයක් හිටියත් ආපහු කියවන්න ගත්තු ගමන් අනිවා ඩෙෆා මුලින්ම කියෝන ලිස්ට් එකේ තියෙනවා . .

    ReplyDelete
    Replies
    1. උඹලා වගේ ඇත්ත කතා කරන සංවේදී මිනිස්සු බ්ලොග් ලියන එක නතර කළ එක විශාල පාඩුවක්...

      Delete
  37. මාතලන් අපේ බ්ලොග් වල අන්තර්ගතය සහ අරමුණ තේරුම් ගෙන තිබෙන බව අහන්න සතුටුයි. අපි මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ අපේ ගමේ සිදුකල සමාජ සේවා වැඩ වලට පිවිසුමක් විදිහට. පස්සේ වැඩිපුර ආත්ම කථනයකට ගියා. එහෙත් මට අත් විඳින්න සිදුවූ සැබෑ අත්දැකීම් අතර ලොකු සමාජ පණිවිඩත් අන්තර් ගත වෙලා තියෙන බව මටත් තේරුම් ගිය දෙයක් ( හිතා මතා එසේ නොලිව්වත් )

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ට තමන් කැමති දේ ලියන්න නිදහසක් තියෙන්නේ ඕන වගේම ඒ නිදහසට අපි ගරු කරන්නත් ඕන.. ඒත් මේ වගේ ගෝත්‍රික සමාජයක ඕනම පුදගලයෙකුට සමාටයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකමකුත් තියෙනවා කියන දේත් අමතක කරන්න නරකයි..

      Delete
  38. බ්ලොග් වලට ඇඩ් සෙන්ස් ගූගල් දෙන්නෙ නැති එක ලොකු අඩුවක් කියලා තේරෙන්නේ කුලියට ලියන්න ගියාම. ඇත්තටම ඇඩ් සෙන්ස් දුන්න නම් මට තියෙන හිට් ගානින් සුලු මුදලක් හරි අතට එනවා..

    කුලියට ලියන්න ගියාම හරි අමාරුයි කන්ටෙන්ට් එකේ රස්තියාදුබව ආරක්සා කරගන්න. තවදුරටත් බමුණු කුලයක් හෝ මහප්‍රාන වලට ලෝලී සබුද්ධික පින්වතුන්ට වඩා සාමාන්‍ය සමාජයේ රස්තියාදු බවට ආසා කරන මිනිසුන් ගේ පිරිස වැඩිබව පිලිගන්නට සංස්කාරක වහන්සේලා මනාප නෑ...ඔවුන්ට අවශ්‍යයි ඔවුන් සිතන්නේ ගැඹුරු පුවත්පත් බසින් ලියන ලේඛන..

    සැබැවින්ම සිංහල කියවන පිරිස අඩුවන්ට ප්‍රබලම හේතුවක් තමයි මිනිසුන් ආස කරන දේවල් සහ මිනිසුන් ආස කරන බාසාවෙන් ලියවුනු ලේඛන අඩු වීම.. ඒ අස්සේ ලියන කිහිප දෙනත් තවදුරටත් අර රූල්ස් රෙගියුලේෂන් වලට අනුව නිවැරදි ව්‍යාකරණ සහිතව නිවැරදි උසස් වචන භාවිත කරල ලියන්න යන එකෙන් වෙන්නේ මේ බාසාව භාවිත කරන පිරිස තව තවත් අඩුවෙන එකම තමයි..

    ReplyDelete
    Replies
    1. කොදෙව් මානසිකත්වය මේ සඳහා අති දරුණු ලෙස බලපානවා. අනික් එක අපේ අයගේ ගොන් කම. සම හරක් හිතාගෙන ඉන්නවා මේක මාර ජාතියක්ය, භාෂාවක්ය, සඟිස්කුරුතියක්ය කියන එක. උඹ කිව්වා වගේ කාලයට ගැලපෙන ආකාරයෙන් ලියන පිරිස හිඟ නිසා මිනිසුන්ට කියවීම එපා වෙලා. අද මිනිස්සු කැමති ඉතා සරළ දේවලට. එහෙම තිබෙන දේට තියෙන ඉල්ලුම ඉතා ඉහළයි. හොඳම උදාහරණය උඹ ලියපු විජය නන්දසිරි ගැන ලියපු ලිපිය.

      Delete
  39. බ්ලොග් . . . කන ජාතියක්ද ??

    ReplyDelete
  40. මම ලංකාදීප විමංසා පිටුවෙන් කරපු ඉන්ටව් එකේදි....බ්ලොග්ස්පොට් පිලිබදව හා මාතලන්,ලක්මාල් මහත්තුරුගැනත් වචන දෙක තුනක සදහනක් කලා

    ReplyDelete
  41. වැඩි විස්තර ලියන්න ඕනෙ නෑ...මාතයියෙ අදනං ඔයාගෙ පෝස්ටුවෙ එක ඇලපිල්ලක් පාපිල්ලක් මට වැරදුනෙ නෑ ඕං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න