.

.

Aug 11, 2016

විජය නන්දසිරි හා කළාකරුවකුගේ යුතුකම - The Responsibility of the Artist & Vijaya Nandasiri



විජය නන්දසිරියන් ගැන මාතලන් කිසිවක් දඩි බිඩියේ ලියන්නට උන්නේ නැත. එයට හේතු කීපයක්ම තිබිනි. කලබලයේ ලියනා ළිපියක බොහෝ වැදගත් දෑ ගිලිහි යා හැකි නිසාත්, එමෙන්ම ඔහු පිළිබඳ අප නොදන්න දෑ, වෙනත් අයගේ ළිපි තුලින් අහුලා ගත හැකි නිසාත්ය. එමෙන්ම තවත් ප්‍රධාන හේතුවක් වූයේ, ඔහු පිළිබඳ අන්සතු දිනපොත ලියනා, අමිල චතුරංගගේ මගුලක් කතාකරනවා, විජය නන්දසිරි යන ළිපියයි. ඒම ළිපියේ මා ලිවීමට සිටි කරුණු සියල්ලම වාගේ ඇතුලත්ව තිබූ නිසාත්, තවත් බොහෝ බ්ලොග් කරුවන් ඔහු ගැන සටහන් තැබූ නිසාත්, විජය ගැන ළිවීම පසුවට තැබුවෙමි.

එහි වටිනාකම මතු වූයේ, ඊයේ රාත්‍රියෙ අහම්බෙන් නැරඹු ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ (මේ වචනය විකාශය ලෙස සමහරු යොදාගනී) "ගිරය" වැඩ සටහනයි. මෙහිදි මතු වූයේද, විජය මිය ගොස් සුළු මොහොතකින් ඉතා සාහසික ආන්දෝලනාත්මක සටහනක් තැබු, අප හිතවත් තරිඳු උඩුවරගෙදරගේ ළිපියෙන් නගන ලද සාම්ප්‍රදායික මාද්දියවේදින්ගේ සාම්ප්‍රදායික, එහෙත් කිසි කළෙක යතාර්තයක් නොවනා ප්‍රශ්ණයයි.

මේ වැඩ සටහන ගැන තවත් එක දෙයක් විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. එනම් සුනිල් පෙරේරා හා රන්ජන් රාමනායකට අමතරව මේ වැඩසටහන සඳහා සහභාගී වීමට සිටී ගීතා කුමාරසිංහ එම වැඩ සටහනට අවසාන මොහොතේ සහභාගී නොවීමයි. ඇය සහභාගී වූවා නම්, මෙය ජාතික රූපවාහිනියේ පවා පෙන්වන, ජාතික ව්‍යසනයක්ව බවට පත්ව ඇති, වෙන එකෙකුට කියා කිචි කවා ගත්තත් හිනා යන්නේ නැති, ජෝක් වලින් පිරි තවත් එක් ටෙලි නාට්ටියක් තත්වයට පත් වන හේතුවයි.

මෙහිදි පෙනි හුන් මාධ්‍යවේදින් දෙදෙනාම ඇසුවේ, සාම්ප්‍රදායික ප්‍රශ්ණ මිස අළුත් දෙයක් නොවේ. එහිදි රන්ජන් රාමනායකගෙන් අසන ලද සෑම ප්‍රශ්ණයකටම ඔහුට ගැලවිජ්ජා පිළිතුරු තිබූ නමුත්, සුනිල් පෙරේරාගේ නිර්ධය පහර දීම් හමුවේ, ඒ සියළු ප්‍රකාශයන් කරබාගෙන අනුමත කරනවා විනා, ඊට එදිරිව කෙල බිඳක් හෝ හෙලන්නට මාධ්‍යවේදීන්ටවත් රන්ජන්ටවත් කල හැකි කිසිවකුත් තිබුනේ නැත.

අනෙකුත් දේශපාලන කරුණු පසෙකින් තබා එක් මාධ්‍යවේදියෙකු සුනිල් පෙරේරාගෙන් විමසු ප්‍රශ්ණය වූයේ තරිඳු උඩුවරගෙදරද මතු කල ප්‍රශ්ණයයි. මෙය තරිඳුගේ තනි මතයක් නොව රාවය කන්ඩායමේම මතයක් බව පෙනී යන්නේ අද ඔවුන්ගේ පුවත් පත අතට ගත් පසුවයි. මේ රටම හැඬවු "මහා කළාකරුවකු" වෙනුවෙන් ඔවුන් වෙන් කර ඇත්තේ ඉතා කුඩා ඉඩ කඩක ඉතාම කුඩා සටහනකි. එම සටහනේ වැඩි කොටසද බුකියෙන් කරනා ලද කොල්ලකෑමකි.

සමහර චිත්‍රපට නාට්‍ය මෙන්ම ජනප්‍රිය නොවු කළාකරුවන් පිළිබඳ විශේෂ අතිරේකයන් පවා පල කරනා රාවයට විජය නන්දසිරි පොරක් නොවන්නේ ඇයි? ඊයේ ගිරය වැඩ සටහනේ මාධ්‍යවේදියකු විසින් හා රාවයේ  තරිඳුලා මතු කරන, ජනතාව වෙනුවෙන් කරන්නෙයි කියා අඬනා යුතුකම කුමක්ද? කළාකරුවන්ට හෝ කළාවට මේ රට හැදිය හැකිද? එසේ හදා තිබෙන කළාකරුවන් ඉන්නවාද? ඒ කව්ද? රාවයට මෙන්ම මේ ප්‍රශ්ණය නගනා මාධ්‍යවේදීන්ටද වැරදුන තැන මෙතනය.

ඔවුනට ජනතාවගේ හදවත් තුල ජීවත් වූ මේ මහා කළාකරුවන්ගේ අගය වැටහෙන්නේ නැත. විජය නනදසිරිගේ මළ ගෙදරට කිසිඳු ඉල්ලීමක් නොකර මහා ජනතාවක් වැල නොකැඩි එන්නේ ඇයි? ඔහු, ඔහුගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම ඉටු නොකල හේතුවෙන්ද? මෑත කාළයේ, ජාති ආගම්, දුප්පත් පොහොසත්, උස් පහත්, වැඩිහිටි පොඩිහිටි බේදයකින් තොරව ආදරය ලක් වූ කළාකරුවකු වූයේද, ඒ විජය නන්දසිරිම පමණකි.

නළුවකු ලෙස ගත් කළ ඔහුට වාසනාව ගෙන ආවේ නෝනාවරුනි මහත්වරුනි ටෙලි කතා මාලාවයි. එය ඉතා සරළ විනෝදාතමක ටෙලි නාට්‍ය මාලාවක් වුවද, විජය නන්දසිරි තුල සිටී නියම රංගධරයා එලියට එන්නේ මාලී නන්දනීට පෙම් කල ඒ සුන්දර විවාහක ප්‍රේමවන්තයාමය. මේ සෝප් ඔපෙරාව කෙතරම් ජනප්‍රිය වූවාද කිවහොත්, තවත් සුවිශේෂී හැකියාවන්ගෙන් හෙබි ග්‍රැන්විල් රොද්‍රිගූගේ අකල් මරණයෙන් පසු, ජයසේකර අපොන්සු සමඟ ඔපෙරාව තවත් ඉදිරියට ගමන් කළේය. එම සෝප් ඔපෙරාවේ රඟපෑ සනෝජා බිබිලේ, රොඩ්නි වර්ණකුල මෙන්ම කුසුම් රේණුද අතිශයින් ජනප්‍රියත්වයට පත් වූයේ, රඟපෑම් වල ඔවුන්ගේ දක්ෂතාවය මත මිස වෙන කිසිඳු හේතුවක් නිසා නොවේ.

එහිදි එක රාමුවකට කොටු වන විජය එයින් ගලවා ගන්නේ, වත්මනෙයි හාස්‍ය තුලින් හරවත් යමක් අපට දායාද කරනා ගිරිරාජ් කෞෂ්‍යලයි. ඒ සිකුරු හතේ තුල ජයමංගල කපු මහතා බවට පත් වීමෙනි. එතන් පටන් වේලී වේලී තිබු සිනමා ශාලාවන් ප්‍රේක්ෂකයන්ගෙන් පිරි ඉතිරි යන්නේ මහ රජවරුන්ගේ හා ජාතික නාලිකාවල අනුග්‍රහයෙන් නොව, විජය නන්දසිරි නම් වූ සුවිශේශී නළුවාගේ උපන් හපන් කම් තුලින්මය.

මෙතනදි විශේශ යමක් අනිවාර්යයෙන් සඳහන් කළ යුතුව ඇත. එනම් විජය නන්දසිරි මෙන්ම අනෙකුත් නළුවන්ගේද සියළුම රංගනයන්ගේ එකාකාරි බව හේතුවෙන්ම රූපවාහිනිය තුල ඔවුන් අප්පිරිය වී ඇති බවයි. විජය ජීවිතයෙන් සමු ගත් හේතුවෙන් ඔහු නරා වලටම වැටීම නැවති ගිය අතර, අනෙක් අයගෙන් ඉල්ලීමට තිබෙන්නේ මේ එකාකාරි රංඟනයක්ගෙන් මිදි වෙනත් දෙයක් ජනතාවට ලබා දෙන ලෙසයි. නතිනම් සිඳු වන්නේ ටෙනිසන්ට හා බන්දුට වූවාක් මෙන්, කුණු බක්කියට විසි වීම පමණකි.

වත්මනෙහි එකම විහිළුවක් බවට පත්ව ඇති, සහභාගිවන දේශපාලකයන් මෙන්ම බබා හුකුං මාධ්‍යවේදීන්ගෙන් පිරි, සජීවීව ගුටි කෙලි ඇනගන්නා දේශපාලන සංවාද වැඩ සටහන් වලට එදිරිව මෙන්ම වත්මන් දේශපාලකයාගේ භූමිකාව එකම විකාරයක් බවට පසක් කල දෙයක් කලේ නම්, ඒ විජය නන්දසිරි කපටි සූට් එක තුලින් ආ "එතුමා" වැඩ සටහනයි. එම චරිතයම තවත් ඉදිරියට යමින්, චිත්‍රපටය තුල එය මතු වන්නේ සුහඳ කොකා ලෙසයි. විජයට අමතරව, විගඩමක් බවට පත්ව ඇති ජාතික ඇඳුම මෙන්ම සාටකයද ජනතාව අතර විහිළුවක් කරන්නේ සුනිල් පෙරේරායි. එ හේතුන් නිසාම දේශපාලුවන්ටත් වඩා ඔවුන් ජනතාව අතර ජනප්‍රිය පුදගලයින් බවට පත්ව අවසානය.

එවිට මාධ්‍යවේදීන් බලාපොරොත්තු වන ජාතික යුතු කම යනු කුමක්ද මහ රජාගේ කාලයේ ජැක්සන් ඇන්තනීලා, මාලනී පොන්සේකලා, ශ්‍රියන්ත මෙන්ඩිස්ලා, රවීන්ද්‍ර රන්දෙනියලා, එඩ්වඩ් ජයකොඩිලා, රෝහන වීරසිංහලා, දීපීකා ප්‍රියදර්ශනීලා, භාතිය සංතුශ්ලා, වෙහෙරලියද්දලා, කරුණාරත්න දිවුල්ගනේලා, චන්න උපුලිලා, ගීතා කුමාරසිංහලා, වසන්ති චතුරානිලා, සෝමරත්න දිසානායකලා, ජයන්ත චන්ද්‍රසිරිලා කල වන්දිභඨ්ඨ චරිතයන්ට පන පෙවීමද? මහ රජාට ප්‍රශ්ස්තී ගී ගායනා කොට බැංකු ලෝන් එකක් ඇපෲ කර ගැනීමද? මේ ආන්ඩුවේ නාට්ටිකාරයෝත් ඉල්ලනවා මෙන්, මේ කාළකන්නි කලාකරුවන් මෙන් ජනතා මුදල් වලින් කාමසුඛල්ලිකානූ ජීවීත ගත කිරීමද? රටේ දුප්පත් ජනතාවගේ බදු මුදලෙන් මහා ධන කුවේරයන් ලෙස ජීවත් වීමද?

මේ වන්දිභඨ්ඨයනට මහා පරිමානයෙන් වස්තු සම්බාරය තිබුනද, ජනතාව අතර ඔවුනට හිමි තැන අනාගතයේදි බලා ගත හැක. සිනමා සක්විති කියා හඳුන්වන ගාමිනි ෆොන්සේකා ජනතාවගේ කළාකරුවෙක් නොවේ. පිටු දහස් ගනනින් අතිරේක පල කලද සාශ්ත්‍රීය මහා පුස්තක එලි දැක්වූවද මහා බක පන්ඩිතයින් හා රූපවාහිනි සාකච්ඡා පැවත් වූවද එය ප්‍රබුද්ධ සයිකෝසියාවේ ලක්ෂණ විදහා පෑමක් මිස, ජනතාවගේ සිත් තුල නිදන් ගත කිරීමක් නම් නොවේ.

විජය නන්දසිරිගේ පෞදගලික ජීවීතයද ජනාතාව වෙනුවෙන් කල මහා මෙහෙවරකි. ආදර්ශයට ගත යුතු චරිතයකි. ඔහු කෙදිනකවත් දේශපාලකයන් ඉදිරියේ තම අඩු පාඩු කම් කියන්නට ගියේ නැත. දේවීකා මිහිරානී රඟපෑමෙන් ඉවත් වන්නේ සැබෑ ජීවතයේ රඟපෑම උදෙසාය. ඇත්තටම ඇය කරන්නේ මහා කැප කිරීමෙකි. බොහෝ අය නොදන්නා දෙයක් නම් ඔවුන්ගේ ජීවීකාව සඳහා ඔවුන් දෙදෙනාම එක්ව ඉඳිආප්ප ව්‍යාපාරයක් ගෙන ගිය බවයි මේ බව මාතලන් යම් පමණකට දැනගෙන උන්නද එය සනාත වූයේ උවිඳු කුරිකුළසූරියගේ මේ ෆේස්බුක් සටහනෙනි.

ඔහු ආදර්ශවත් කුටුම්භය හිමිකරුවෙකි. ආදර්ශවත් ආදරනීය පියෙකි. ඔහු මිය යාමට පෙර දිනයේත් උන්නේ තමා ඉතා ආදරය කල වේදිකාව මතය. ඔහු රඟපෑවේ රජවරුන් වෙනුවෙන් නොව සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන්ය. ඒ මනමේ ඉල්ලන ප්‍රබුද්ධ යැයි හංවඩුවක් ගසා ගෙන ඇති සයිකෝසියා කාරයන් ඉල්ලන නළුවාමය. අද මනමේ නැත. අනෙක මනමේම රඟපෑවා කියා බඩේ බත් පිරින්නේද නැත. මනමේ කුමරා හිඟන්නෙකු ලෙස මිය යාම මේ ප්‍රබුද්ධ සයිකෝසිකාරයන්ගේ හිත සුව පිණිස විය හැක. එහෙත් ඔහු මිය යන්නේ හිඟන්නකු හෝ කුමාරයකු මිස නොව මහා රජකු විලසය.

ප්‍රබුද්ධ හංවඩුව ගසා ගත් කෙනෙකුට මේවා අවරගනයේ දේ ලෙස පෙනී යා හැකිය. එහෙත් අවරගනයේ මිනිසුන් පිරි අවරගනයේ සමාජයකට වෙන මොනවා දෙන්නද? සම්භාව්‍ය යැයි කියනා කළාකරුවන් ලබා දී තිබෙන්නේ කුමක්ද? එසේ දෙයක් කර තිබේ නම් මේ අවරගනයේ යැයි කියනා නිර්මාණ ජනයා වැලඳ ගන්නේ කුමක් නිසාද? ප්‍රබුද්ධ හා සම්භාව්‍ය පොර ටෝක් දුන්නාට ඔවුන් ගත කරන්නේ අවරගනයේ ජීවීත නොවේද? ආදර්ශයට ගත යුතුයි කියා කියන්නේ ඒ කාළකන්නි ජීවිත හා දර්ශණයන්ද?

මනමේ චරිතය මෙන්ම සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයන්ද, විශේෂයෙන් වේදිකා නාට්‍යයන්ද අධි රංගනයකින් හෙබි කලා මාධ්‍යයන්ය. විජය ඒ තුල සාර්ථකය. එහෙත් සිනමාවේ ඔහුගේ රංගනයන් ඉතා දුර්වලය. ඒ තුල ඔහුගෙ කඩහඬ ඉතා පසුගාමීය. එහි කිසිඳු පෞර්ෂත්වයක් නොමැත. එහෙත් විජය නන්දසිරි තුල සිටි නියම රංගධරයා මතුව එන්නේ කලින් සඳහන් කලාක් මෙන්ම, නෝනාවරුනි මහත්වරුනි තුලිනි. ඉන් පසු ඔහු පිවිසෙන්නේ, මනමේ කුමරුන් මෙන්ම වූ අධි රංගනයකටය. ඒ තුල ඔහු ඉතා සාර්ථකය. එපමනක් නොව, ඔහු එතුලින් තම ජීවිත රඟමඩලද ජය ගත් අතර, ජනතා මුදල් කොල්ලකන කාලකන්නි කලාකරුවකු නොවි, අභිමානයක් සහිත ශක්තිමත් කශේරුකාවක් ඇති අදීන, "මහා කළාකරුවකුම" වූවේය.

විජය කුමාරණතුංගයන්, ජෝතිපාල මෙන්ම කරුණාසේන ජයලත්ද මේ ප්‍රබුද්ධ සයිකෝසියානූ රෝගයෙන් පීඩා විඳින්නන්ගේ ශාෂ්ත්‍රීය හැදෑරීම් තුලින් ගිලිහි ගිය මහා කළාකරුවෝය. ඔවුන් හා ඔවුන්ගේ භූමිකාවන් විශ්ව විද්‍යාල නිබන්ධන තුල නොමැති වුවද, ජනතාවගේ හිත් තුල ඔවූහූ මහා කළාකරුවෝමය. විජය නන්දසිරි ඔබ දේවිකා මිහිරානිට මහා පුරුෂයකු මෙන්ම අපට "මහා කළාකරුවෙකි."

සුභ ගමන්, නැවත හමුවෙමු....!!!

92 comments:

  1. ඉඳි ආප්ප කථාව හා විස්තරය නිසා මා තුල ඔහු කෙරෙහි තිබු අප්පිරියාව අඩුවිය.

    ReplyDelete
    Replies
    1. ඔය ඔබට අප්පිරියා වී තිබුනා නම් ඒ ඔහුගේ සාර්ථකත්වයම මිස වෙන කිසිවක් නොවේ.. මන්ද ඔහු නිරූපනය කලේ අප්පිරිය චරිතයන් වීමයි..

      Delete
  2. විජය නන්දසිරි ඔබ දේවිකා මිහිරානිට මහා පුරුෂයකු මෙන්ම අපට "මහා කළාකරුවෙකි." ++++++++

    ReplyDelete
  3. ඉස්සර නලුවන් හා දැන් අය ගැන සංසන්දනය පරිස්සමින් කරන්න ඕනෙ එකක්. සමහරු කියනවා ඉස්සර සිනමා නලුවන් ඉතා ජනප්‍රිය, පෞරුෂයක් තිබුන අය දැන් අය එහෙම නෑ කියලා. ඒත් ඉස්සර තරඟකාරී බව අඩුයි. චිත්‍රපටි හා නාට්‍ය කීපයක් අවුරුද්දක හැදෙනවා. දැන් රූපවාහිනී හා ඉන්ටනෙට් හරහා දේශීය හා විදේශීය නිර්මාණ අති විශාල ගාණක් තියනවා. දැන් ජනප්‍රියබව රඳවා තබා ගැනීම ඉස්සරට වඩා අමාරුයි. එනිසා විජය නන්දසිරි අති සාර්ථක ශිල්පියෙක්.තම හැකියාවෙන් මේ තරඟකාරී තත්වය යටතේ ජනප්‍රියබව ඔය තරම් උඩින් තබා ගැනීමට හැකියාව නිසා. වන්දිබට්ටයෙක් හෝ හඬා වැලපෙන්නෙක් නොවීමත් අගය කල යුතු දෙයක්. වෘත්තීමයබව ඉහලින් තිබුනා.

    මරණය ගැන කම්පාවීම ගැන නම් මරණයේ හදිසි බවෙනුත් බලපෑමක් තියනවා. ඔහුගේ නාට්‍ය පෝස්ටර් ටෙලිනාට්‍ය දැන්වීම් තාමත් පාරෙ යනකොට දකිනවා.ඔහු ලෙඩ වෙලා රඟපාන්න බැරුව කාලයක් ඉඳලා මියගියා නම් ඒක වෙනස් වෙනවා

    ReplyDelete
    Replies
    1. ඕනම කෙනෙක් පීක් එකේ ඉන්න කොට ඉවත්වීම, වෙන්වීම හෝ යම්කිසි ආපදාවකට ලක්වීම සංවේදී වැඩියි.. අද සරත් ෆොන්සේකා උස්සගෙන ගිහින් ඇතුලේ දැම්මට මම හිතන්නේ නෑ අනෝමා ෆොන්සේකාවත් හඬා වැටෙයි කියලා..

      Delete
    2. //අද සරත් ෆොන්සේකා උස්සගෙන ගිහින් ඇතුලේ දැම්මට මම හිතන්නේ නෑ අනෝමා ෆොන්සේකාවත් හඬා වැටෙයි කියලා..// හික් හික් හික්..

      Delete
    3. පොන්සේකාට දැන් ඇතුලේ දාන්න බෑ පන නෑ

      Delete
  4. /* ..... චතුරානිලා, සෝමරත්න බාලසූරියලා, ජයන්ත ..... */

    සෝමරත්න දිසානායක නේද?
    සෝමරත්න බාලසූරිය කියන්නේ කැලණිය විවියේ මහාචාර්යවරයෙක්. පොත් ලියා / පරිවර්තනය කර තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නම් ඔය නම මට පටලැවෙනවාමයි නෙව.. ස්තූතියි

      Delete
    2. නෝනා රේණුකා බාලසූරිය නිසා වෙන්න ඇති

      Delete
  5. මම නම් බං කලා විචාර කරන්න, රඟපෑම් තක්සේරු කරන්න තරම් කලාව ගැන දන්න, ඒ වගේම හැම චිත්‍රපෛයක්ම, ටෙලි නාට්‍යයක්ම බලලා තියෙන දැනුම් තේරුම් ඇති ප්‍රාඥයෙක් නෙවෙයි. නිකම්ම නිකං කලා නිකමෙක්.

    ඒ නිසා මට කියන්න තියෙන දේ මේ ලොකූ ලොකු වචන යොදාගෙන කරන්න තියෙන ගැඹුරු විවරණයක් නෙවෙයි.

    මුලින්ම මේ ලිපිය ලියලා තියෙන භාෂාව රිද්මය වෙනස්. මම මුලින්ම පහලට ස්ක්‍රෝල් කරලා බැලුවා උඹමද මේක ලියලා තියෙන්නෙ කියලා. උඹම තමයි. මාර වෙනසක්.

    විජය නන්දසිරිගැන කිව්වොත් මම විජය නන්දසිරි කියන පුද්ගලයට කැමතියි. ඒ වගේම රඟපෑමුත් බලා ඉන්න පුලුවන් කියන මට්ටමින් ඉහල තියෙන්නෙ. මම නළුවෙකුට කැමතියි කියන එකෙන් අදහස් වෙන්නෙ මම උන්ගෙ පෝස්ටර් බිත්තියෙ ගහගෙන ඉන්න, උන්ට කතා කරනකොට මහත්මයා, මැතිතුමා වගේ වචන නම අගට එල්ලන, පාරෙදි දැක්කොත් ඒ දිහා බලන්න ගිහින් වාහනෙත් හප්පගන්න, ගොඩනැගිල්ලක් ඇතුලෙදි දැක්කොත් සමරු පොතක් දික්කරගෙන යන රසිකයෙක් නෙවෙයි.

    නිකම්ම නිකං මම පොරට කැමතියි. ඒකෙ වෙනස ඔය ලාංකීය නළුවොයි කියන උන්ගෙන් වැඩි හරියක් දෙනාට මගෙ කැමත්තක් නෑයිකිව්වොත් වඩා හොඳට තේරෙනවා.

    රඟපෑම හොඳයි කියන එකෙන් අදහස් වෙන්නෙත් ඒ හා සමාන දෙයක්. ඇත්තෙන්ම අපේ නළු නිළියෝ හුඟ දෙනෙකුගෙ රඟපෑම් දිහා බලා හිටියාම හිතෙන එකක් තමයි, අනේ මුන්ට වැඩිය හොඳට මට රඟපාන්න පුලුවන්නෙ කියන එක. ඒ එක්කම මුං ලංකාවෙ සහ ඉන්දියාවෙ නිර්මාණ ඇර වෙන කිසිම නිර්මාණයක් දැකලාවත් නැද්ද කියන එක. ඒ එක්කම අනේ මේවා බලාගෙන ඉන්නත් මිනිස්සු ඉන්නවනෙ කියන එක. යකෝ මේවා ස්පොන්සර් කරන්න උනුත් ඉන්නවනෙ කියන එක. හත්වලාමේ මේ ගොං නිර්මාණවලටත් යම් ගුවන් කාලයක් වැයකරන්න කැමති වෙච්ච උන් ඉන්නවනෙ කියන එක.

    මට විජය නන්දසිරි ගැන එහෙම හිතිලම නෑ.

    ReplyDelete
    Replies

    1. ඒ මදෑ... ඒකම තමයි අර ප්‍රබුද්ධ සයිකෝසිකා කාරයොත් කියන්නේ... උන් මේවා එකසිය ගානට බලනවා... ඒත් අගය කරන්න, ලියන්න කරන්න අත පය මෙන්ම බ්‍රේන් වොෂ් කරන ලද සිතිවිලි ඉඩ දෙන්නේ නෑ.. අගය කිරීමක් නොලද ජෝතිලා විජේලා අදටත් ජීවත් වෙනවා...

      ලිවීම ගැන නම් පුදුම වෙන්න එපා.. මීටත් හොඳට උනත් ලියන්න පුළුවන්.. මෙතනදි අදාල කර ගත්තේ ලියන ප්‍රස්තුතය..

      Delete
    2. //ඒ වගේම හැම චිත්‍රපෛයක්ම// ඩූඩ් අයියා දැකල තියනවද චිත්‍ර ඇඳපුවා.

      Delete
    3. //මුලින්ම මේ ලිපිය ලියලා තියෙන භාෂාව රිද්මය වෙනස්. මම මුලින්ම පහලට ස්ක්‍රෝල් කරලා බැලුවා උඹමද මේක ලියලා තියෙන්නෙ කියලා. උඹම තමයි. මාර වෙනසක්.//
      ඇයි මටත් හිතුනා..!

      Delete
  6. ඔබ සමගින් එකඟවියහැකි ලිපියක් කාලෙකින්.... සතුටුයි මාතලන්

    ReplyDelete
    Replies
    1. ඔබට සතුටුයිද දැන්...? :)

      Delete
  7. මිනිස්සු හිනස්සන ඵක මට හිතෙන්නෙ අමාරැම රංගනය කියලයි.අද ගොඩක් අය අපිව හිනස්සන්න T.V. එකේ එහෙම කරන try එක දකිනකොට ඒක හිතාගන්න පුලුවන්.විජයගෙ රංගනය මමනම් ඇත්තටම රසවින්ද .මට ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හිනස්සන එක නම් එච්චර අමාරු දෙයක් නෙමෙයි ජනපති අගමැති හිටපු මහරජු ඇතුලු හිඟන්නා දක්වා කරන්නේ ඒක තමයි...

      ඒත් හාස්‍ය රංඟනයක් ගෙන ඒම නම් සුළු දෙයක් නෙමෙයි.. විශේෂයෙන් ආයාසයකින් තොරව...

      Delete
  8. විජය නන්දසිරි සමාජ කතිකාවතක් බවට පත්වුණු එකෙන්ම පේනවා ඔහු සමාජයට කරන ලද බලපෑම කොතරම්ද කියල . විජය චරිතාංග නළුවෙක් බව නොදන්නා අගමැති තුමා චරිතාංග නළුවෙක් වුනානම් විජයට බොහෝ දුරක් යන්නට තිබුනා කියද්දී , මේ දිනවල නාගැනීමේ උපරිමේ සිටින්නා වූද ගීද මෝපසාන් ලියූ මහල්ලා සහ මුහුද කියවූ විමල් වීරවංශ විද්වතාණන් උපදේශක තනතුරේ තබා ගත්තා වූද හිටපු ජනපති තුමා ගල්ලෙන බිඳලා සින්දුව කියමින් සිංහබාහු රඟපෑ විජය දකින්නට තරගයට මෙන් පොරකන්නෙත් විජය සමාජයට කල බලපෑම නිසාම නොවේද ?
    විජය නන්දසිරි අරගලයට දායක නොවූවා කියන්නේ නන්දා මාලිනි ,සුනිල් රත්නායක වැනියවුන් කල ආකාරයේ අරගලයටද? එහ්මත් නැතිනම් ජැක්සන් ඇන්තනි පන්නයේ අරගලයක්ද? එසේත් නැත්තනම් ජගත් මනුවර්ණ පන්නයේ අරගලයක්ද? මේ ඊනියා අරගල කාරයින් හැමදාමත් අවසානයේ දෙඩුවේ කලාව නගා සිටවීමට කියා රජයේ හා මහජනතාවගේ මුදලින් බඩවඩා ගැනීමටයි . එසේත් නැතිනම් පවතින ඛේදවාචයක් වෙළඳ භාණ්ඩයක් බවට පත්කර කලාව තුකින් සමාජ අරගලයක් කරන මුවාවෙන් බඩ වඩා ගැනීමටයි .
    කෙසේ වෙතත් විජය නන්දසිරිගේ දේහයට බුහුමන් දැක්වීමට පැමිණි සියල්ලන් මේ විහිලුවට පිළිතුරු දී හමාර බව මටනම් සිතේ

    ReplyDelete
    Replies
    1. කාට විරුද්ධ අරගලේද?

      Delete
    2. ප්‍රාට විරුද්ධ අරගලේ

      Delete
    3. ඊයේ ඔය කතාවට නියම උත්තරයක් දුන්නා සුනිල් අයියා.. පොඩ්ඩක් නිවාඩු පාඩු වෙලාවක ඒක බලපන් මචෝ...

      අර වැඩේ නම් වෙලා තියෙන්නේ මෙහෙමයි.. මහින්ද මහත්තයා හෙන ආසයිලු ගල් ලෙන ඕපන් ලෙන් දොර ඕපන් සින්දුවට. පොර දෙකක් දා ගත්තම කියන්නෙම ඔය සින්දුවලු. ඉතින් පොර ලොකු පුතා වන විමලෙට කිව්වලු මට අර සින්දුව තියෙන නාට්ටිය බලන්න ඕන කියලා. අරු හෙන පඬියනේ, ඌ ජැකාට කිව්වලු ආන් ලොක්කට මනමේ බලන්න ඕන කියනවා ඉක්මනට ඇරෙන්ජ් කරහන් කියලා. පස්සේ අරලිය ගහ මන්දිරේ විමලෙයි ජැකයි එක්ක නාට්ටිය බලන ගමන්, විමලයා ඇහුවලු ජැකාගෙන් කනට කරලා, කෝ බං ගල් ලෙන බිඳලා කියලා. ජැකා විමලයට කිව්වලු මේකේ කොහේද බං ගල් ලෙනක්, ඒක තියෙන්නේ සිංහභාහූ එකේ කියලා. ඒක හරියන්නේ නෑ ලොක්කා ඉල්ලන්නේ ගල් ලෙන බං කිව්වාම, ජැකා කිවලු පොඩ්ඩක් හිටහන් කලබල නොවී, මම මක්කා හරි කොරන්නම් කියලා. ඒ එක්කම වගේ, මනමේ එකේ කයි අහලා එපා වෙලා උන්න ලොක්කා ජැකාගෙන් ඇහුවලු, කෝ බං ගල් ලෙන ඕපන් කියලා.. හරි සර් ඒක ඉන්ටවල් එකෙන් පස්සෙ තමයි තියෙන්නේ කියලා ජනාධිපති තුමාට බෝලයක් බස්සපු ජැකායි විමලෙයි, ඉන්ටවල් එකේ ඉස්ටේජ් එක පිටිපස්ස්ට ගිහින් විජය නන්දසිරිට වැඳලා කිව්වලු, අනේ බං ගල් ලෙන ගහපන් නැත්නම් අපි ඔක්කොම ඉවරයි කියලා. විජේ ඇහුවලු කෝ බං ඒකට කිට් එක නෑ නේ කිව්වාම. ජැකා කරේ ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ කිට් එක ගලවලා විජේට ඇන්දුවලු. ඕන් ඉන්ටවල් එක ඉවර උන ගමන් විජේ ඇවිහ් ගල් ලෙන ගැහුවලු.. ඒකෙන් මුසපත් වෙච්චි ලොක්කා විජේ එක්ක ආයේ පාරක් ගල් ලෙන ගහලා අරුන්ට කිව්වලු ද්ං ඇති බං. මට හරක් එක්ක මීටිමක් තියෙනවා. උඹලත් මක්කා හරි කාලා බීලා පලයල්ලා කියලා.

      ජැකා විමලයට කිව්වලු, බුදු හාන්දුරුවන්ගේ ඥාති කියලා ලොක්කා අන්දපු මට මනමේට කියලා ගල් ලෙන බිඳින එක පට්ට සිම්පල් වැඩක්ය කියලා...

      Delete
    4. මේක ඇත්තම කතාවක් ද? වෙච්ච දේවල් වල හැටියට මෙහෙම දෙයක් වෙන්නත් බැරි නෑ අම්මප

      Delete
    5. එහෙම දෙයක් උනෙ නෑ කියන්නේ කොහොමෙයි බං...

      Delete
    6. මාතේ..උඹේ පෝස්ට් එකට,වඩා රත්තරන් මේ රිප්ලයි එක ඕයි...
      නන්දසිරි ගැන මොනා කියන්නද..?

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. මේ යාං හෑල්ල මගේ...

      සුනිල් අයියාගේ ප්‍රෝග්‍රම් එක මෙන්න..

      http://www.itn.lk/2016/08/12/giraya-2016-08-11/

      Delete
  9. ආදර්ශමත් නළුවෙක් ,... ආදර්ශමත් මිනිසෙක් !!! එහෙම කෙනෙක් ගැන ලියපු මාතලන්ට ස්තුතියි..

    ReplyDelete
  10. හැම එකාම හිතන්නේ මම selfish උනාට කමක් nA.අනික් උන් එහෙම වෙන්න bA කියල .විජය රඟපෑව නන්දා මාලනී සිංදු kiwuwa.එයාල පුළුවන් දෙ කළා දරු මල්ලෝ ජීවත් කරන ගමන් .එහෙම වත් නොකළ වුන් bana කියනව .ලංකාවේ අය ඡන්දෙ දෙන්නෙත් ඔය විදියට .මම දෙනව මට වාසියට .බොලා dhiyalla රට ගැන හිතල .

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැත්තෙමත් නෑ...

      Delete
    2. හැමෝම thamanta වාසියට චන්දෙ දුන්නොත් බහුතරයක් තමන්ට වාසියි kiyala හිතන ආණ්ඩුවක් ලැබෙනව.

      Delete
    3. එහෙමත් bA නේද? වාසියට wada කරන එකෙත් සීමාවක් thiyenawa, හැක හැක හක

      Delete
    4. හොරුන්ට කැමති හොරකම අනුමත කරන අයත් ඉන්නවා නේ...

      Delete
    5. දමිය මොකක්ද බං මේ ෆොන්ට් එක?

      Delete
  11. විජය මට අනුව පට්ට ඩයල් එකකි....මොකද කියනවනන් ඔහු මියයන විය ඔහු වටා සිටි පිරිස මම වර්ථමානයේ වෙනත් කළා කරුවෙකු මියයන විට දැක නැත.ඔහු මනමේ කරල වැඩේ අජූවේගන යද්දි බැලුව මම කොහොමද ආය මාකට් වෙන්නෙ කියල.ඉතින් ඔහු ගියා විහිලු චරිත කරන්ඩ...මොකද අපේ මිනිස්සුන්ට ඔය කියන මහා සම්භාව්‍ය චරිත වලට වැඩිය ක්ෂනික මෝචන විහිලු පට්ට සැටිස් වෙන හිංඳ.....ඉති නන්දසිරි තැන දැක්ක ඇනේ ගැහුව......පට්ට ඩෑල් එකක් උනා

    ReplyDelete
    Replies
    1. එහෙම නෙමෙයි උනේ ඔහුගේ සහජ හකියාවන් දුටු අය ඔහුට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නා. ඔහු එය අපතේ නොයවා ඉල්ලමක් කර ගත්තා. මම දැක්කා ඔහුගෙන් සති අන්තයේ දිනයක් ලබා ගන්න ගියාම 2017 මැද වන තෙක් සති අන්ත සියල්ලම බුක් කියාල පිළිතුරු ලැබුන බව. ඔහු වේලී වේලී තිබු වේදිකාවත් ප්‍රේක්ෂකයන් එන තැනක්ල් බවට පත් කලා..

      Delete
  12. අවසාන මොහොතේ වොයිස් කට් දේශපාලනයට හොට එබුවත් ජයලත් මනෝරත්න තමන්ගේ නිර්මාණ තුලින් ජනතාවත් සමඟ සාරවත් කතිකාවක නිරත වෙලා ඉන්න කලාකරුවෙක්.ඔහු නිර්මාණ ඉදිරිපත් කරන්නේ ඔහුගේ රිද්මයට.
    විජය නන්දසිරි විසින් ඉතා සාර්ථකව විලි ලැජ්ජා නැති පාදඩ දේශපාලකයා ව අනුකරණයකින් තොරව,මඩ ගැසීමකින් තොරව නිර්මාණ තුල ජීවත් කලා.නමුත් වෙනස් රිද්මයකට.ඒ වගේම පිටපත තුලින් ඉදිරිපත් කරන කටුක යතාර්ථය හෙමි හෙමිහිට පත්තියන් වෙන්න කාටත් රස දැනෙන අයිසින් තට්ටුවකින් රසවත් කලා.අයිසින් වලට ආසාවෙ කෑවට යමක් නොදැනීම ලැබිලා තියනවා.ඒ ලැබීමේ තරම තමයි විජයගේ අවසන්කටයුතු සඳහා පෝලිමට පැමිණි ජනතාවගෙන් පෙනෙන්නෙ.
    ඔව්.. ඔහු මුදල් අයකලා.ඒ වගේම වැදගත්ම දේ වෘත්තීය ගරුත්වය රැකගත්තා.සාඩම්බර දිවියක් ගෙව්වා.
    නාට්‍යයකට එනකොට සංවිධායකයින්ගෙන් කාල උන්ටම බනින නළුවන් අතරේ තමුන්ට කන්න පාන් පෙති දෙකක් ඔතාගෙන එන,වේදිකාවට පියතබන විට දෙපා දොවා පිය මනින මිනිසෙක් වූවා.
    විජය වැනි කලාකරුවන් නිසා තිරපිටපත් රචකයන්ට අත දිගෑරලා නිදහසේ ලියන්නට ලැබූ අවස්ථාව තවත් සෑහෙන කාලෙකට නොලැබෙනු ඇති.
    ඔහුට සුභ ගමන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජෝ අබේවික්‍රම, විජය නන්දසිරි කියන්නේ ඇඟේ නළුකම තිබුන නළුවෝ... ජෝගේ ළන්නගටවත් තියන්න බැරි උනාට.. ආයාසයකින් තොරව උපහාසය ගෙන ආ විජය නැති වීම පිටපත් කාරයන්ට නම් පාඩුවක් තමයි...

      Delete
  13. අපේ සිනමාව කඩන් වැටිල කියල කන්කෙදිරි ගානව. හැම අටමගලම වගේ මේකටත් රජයෙන් සහනාධාර හරි දීල නගා සිටුවන්න ඕනි කියනව.පහුගිය දවස්වල රැජිනි කාන්ත් ගැන ලංකාවෙ සම්භාව්‍ය විචාරකයො පවා කතා කලා.හැබැයි රජිනිගෙ ෆිල්ම්ස් ලංකාවෙ හෝල් වලත් හවුස් ෆුල් වෙද්දී අපේ එව්වට මැස්සො ඇහිරෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හිතුවද ?සමහර මහත්තුරු අනෙක් හැම අටමගල වගේම සිනමාවත් රජය මැදිහත් වෙලා ගොඩ දානකන් බලන් ඉන්නව.රජය නෙවෙයි සක්කරය ආවත් වැඩක් නෑ පොදු ජන නාඩිය තේරුම් නොගෙන.ඔය සති අන්තෙ කොළඹ තැන් තැන් වල රැවුල්කාර /කාකි කමිස/ බතික් සරම් සෙට් එකතු වෙන 'සංස්කෘතික වැඩ' වලට මේ රටේ රසික ජනතවගෙන් එක සීයට එකක් එකතු වෙනවද? උන්ගෙම ජනමාධ්‍ය වලින් හොරණෑ පිඹගෙන ලෝකෙ කොහේහරි නමක්වත් අහල නැති පුංචි සිනමා උළෙලකින් සම්මාන කෑල්ලක් ගොඩ දාගෙන ඒකත් මාකට් කරගෙන එලියට දාන මෙලෝ එකෙකුට තේරෙන් නැති එක ඕලාරික 'සම්භාව්‍ය ' ෆිල්ම් එකක් බලන්න කී දෙනෙක් එනවද ? ඒ එන උන්ගෙනුත් කී දෙනෙක් ඇත්තටම ෆිල්ම් එක බලන්න එන උන්ද ?අනික ඔය කලාවෙන් රට හැදුවයි සමාජය වෙනස් කරයි කියන කලාකාරයො ඇත්තටම එහෙම දෙයක් කලාද? අන්තිමේ උනේ කොලේ වහල සිරා මාකටින් පාරක් දැම්ම නෙමෙයිද ?උදාහරණයක් විදහට නන්ද අක්ක සුනිල් අයියත් එක්ක එකතු වෙලා ඒ ඒ යුගයේ මාකට් එකට ගැලපෙන විදිහට සිංදු ටිකක් ගොඩ දා ගැනීම ජනතාවාදී විප්ලවීය කලාවක් නම් විජය නන්දසිරි පොදු ජන කලාවේ පිකාසෝ කෙනෙක් නොවන්නේද ?

    ReplyDelete
    Replies
    1. කලාවෙන් රට හදන්න බෑ කියලා තේරුම් ගත්ත මනුස්සයෙක් තමයි කපුගේ...

      එහෙම කියන්න එයාට අයිතියකුත් තියෙනවා... මොකෝ එයා කලාවෙන් රට හදන්න ගිහින් ඉල්ලගෙන කෑවා මිසක්ක ලැබුන දෙයක් නෑ.. අවසානයේ මිනිස්සු ඉල්ලන දේ දුන්නා..

      Delete
  14. විජය නන්දසිරි මනමේ කුමාරය වෙලා මංගලජයට ඇක්ට් කරපු එකට ලංකාවෙ කලා දෙවොල් හෙල්ලිලා තිබුන.කැම්පස් වල දොරවල් වහන් අහපු කපුගේව සන්ෆ්ලවර් සික්ස් එයිට් රිදම් එකට ත්‍රීවීල් බෆල් එහෙකින් ඇහෙදිද්ත් මේ විදිහටම කලා දෙවොල් හෙල්ලුනා.හෙන්රි ජයසේන කීල්ස් සොසේජස් කද්දිත් මේ ගොල්ලො මේ විදිහටම සැලුන.මේ කට්ටියත් හරියට අර ගමේ පංසලේ හමුදුරුවොන්ගේ සීලෙ හොයන පෝයට සිල් ගන්න විතරක් පන්සල් එන උපාසකල වගේ.ලෝකෙ වෙනස් වෙනව මහත්තයෝ ප්‍රතිරූප සුනුවිසුනු වෙලා යනව.දෙවොල් කුඩු පට්ටම් වෙනව.ෆැන්ටසිවලින් එලියට එන්න!

    ReplyDelete
    Replies
    1. //මේ කට්ටියත් හරියට අර ගමේ පංසලේ හමුදුරුවොන්ගේ සීලෙ හොයන පෝයට සිල් ගන්න විතරක් පන්සල් එන උපාසකල වගේ.//

      +++++++++

      Delete
    2. සමහර් විට ඒක අපි මලක් ගහලා ගන්නවා වගේ ආතල් එකක් වෙන්න ඇති.. කුඩු ගහන උනුත් ඉන්නවා නේ බං...

      Delete
  15. රැඩිකල් වෙන්න ඕනි නැති තැන රැඩිකල් වෙන්න ගියාම කිසි ගැලපීමක් නැති වෙනවා.. විජය නන්දසිරි ගේ වියෝව දකින්න ඕනේ 'විජය නන්දසිරි' මට්ටමෙන්.. ඔහු ඒ සමාජයේ පොරක්.. ඒක අවමගුලේදී ඔප්පු උනා.. අනිත් වෙලාවේදී රැඩිකල්/ ප්‍රබුද්ද මේ හැමෝම වගේ 'විජය නන්දසිරි' මට්ටමේදී ඔහුට කැමති උනා.. ඔහුට සමාජ පිළිගැනීමක් තිබුනා කියල ඔහුගේ වියෝව රාවයට හෝ වෙනත් ප්‍රබුද්ධ තලයකට අවශ්‍ය විදියට කියවන්න ගියාම තමයි ගැටලුව.. ජිවත් වෙලා හිටපු විජය නන්දසිරි නොකරපු දෙයක් මැරිච්ච විජය නන්දසිරි කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දේශපාලකයා එකම ජෝක් එකක් කියන එක ඔය ප්‍රබුද්ධ අයට කියා ගන්න බැරිව නානවා... ඒත් විජය ඒක නියමෙටම කලා...

      Delete
  16. දෙපිට කැපෙන වචන කියන්නැතුව, තමන්ට පේන්නැති උනාට මිනිස්සු ඉස්සරහ චාටර් වෙන විදියෙ රඟපෑම් කරන්නැතුව මිනිස්සු හිනස්සපු නලුවෙක් විජය.

    ReplyDelete
    Replies
    1. වේදිකාවෙදි සමහර වෙලාවට එහෙම කලා...

      Delete
  17. Ohu Honda naluwek... Eka eka pisso anith minissu diha balanne thamnage kannadi thulin.. eka manasika ledak, Ohu minisun athara janapriya una eka gana thiben kuhuka kama nisa thama pissio eka eka dewal liyanne.

    Ethumata mma thawma adarei...Kathureth mul kalaye hondata kara

    ReplyDelete
    Replies
    1. එකෙන්ම... ඕනම දෙයක් එක දිගටම කරන කොට එපා වෙනවා... විජය රූපවාහිනියේ හැමදාම හැම චැනල් එකේම ඉන්නකොට අගයක් නැති වීගෙන ආවා.. ඒත් වාසනාවට ඔහුට යන්න සිද්ද උනා...

      Delete
  18. හාස්‍ය රසය නවනළු රසයේ එන එක් රසයක්. හාස්‍යය ජනිත කරන නළුවෙක් සිරා නළුවෙක් නොවේද? ඒ නිසාම ඔහුව අව තක්සේරු කරන්නේ කොහොමද? මට තියෙන ප්‍රශ්න මේවායි. කොහොමත් විජය ගේ රංගනය බලා ඉඳීම එපා වෙන්නේ නෑ ඉතිං ඔහු සැබෑ නළුවෙකු නොවේද?

    ReplyDelete
    Replies
    1. එපා වෙනවනම් ඔහු ගැන කතා කළ යුතු නෑ නේ... ඔතන තියෙන්නේ අමු ඉරිසියාව.. එක නේ කතා කරන්නේ...

      Delete
  19. ඔය මනුස්සය විතරක් නෙවෙයි තවත් නළු නිලියො රෑනක්ම ඉන්නවා හොඳ හැකියා තියෙන. නමුත් ඔවුන්ට ගැළපෙන තිර පිටපතක් , අධ්‍යක්ෂණයක් නෑ. ඒ හංදා අපිට පේන්නෙ මේ මිනිස්සු නිකං පිස්සු කෙලිනවා මිසක් රඟපානවා නෙවෙයි. විජය නන්දසිරි මහත්තයාට හෝ වෙනයම් මෑත කාලීන නලුවෙක්ට හෝ මාව හිනස්සන්ටවත් අඬවන්ටවත් බැරිවුණා. ඒ හංදා මට පමණක් නොව රටේ බහුතර විසිගණන් වයසේ කාණ්ඩයේ අයට ඔහුගේ අඩුව නොදැනේ. සමහරවිට අපිට රෝවන් ඇට්කින්සන්, ස්ටීවන්සන් ස්පිල්බර්ග් ආදීන් නැති දවසට අඩුවක් දැනෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඕකට තමයි කියන්නේ සුරන් කොලුවෝ ප්‍රබුද්ධ සයිකෝසියාවෙත් හොඳම එක සුප්‍රබුද්ධ සයිකෝසියාව කියලා.. වාසනාවකට මුළු ලංකාවෙම ඉන්නේ ලක්ෂ 4 - 5 අතර ප්‍රමාණයක්..

      විජයගේ මරණයට වැඩියෙන්ම ආවේ උඹ සඳහන් කල වයස් කාන්ඩයේ තරුණ තරුණියෝ.. එතනින්ම ඔහේගේ තර්කේ පුස්සක් වෙනවා...

      Delete
  20. තලන්,
    විවර කරපන් කොලුවෝ නුඹේ මුඛය, මසුරමක් දාන්න.
    අපිට ඕනේ නාට්ටියක් බලලා, අපිට ඕනේ විධියේ ආතල් එකක් ගන්නවා ඇර, ඔය ප්‍රබුධ්‍ධයෝ කියන විධියට නළුවෝ 'සමාජය හදන්න ආවොත් එහෙම ' අපිම නාට්ටියක් හදාගෙන ගෙදර ඉඳන් බලමු බන්!

    ReplyDelete
    Replies
    1. කව්ද බං එහෙම හැදුවේ.. හදපු එකෙක්වත් නෑ... බයිලා...

      Delete
  21. තමන්ගේ කුසලතා නිසිපරිදි ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය වෙන්නේ නැතැයි කියමින් හඬන ඊනියා කලාකරුවන් ද ඉන්නවා. නමුත්, දුරදිග බලන පුද්ගලයා opportunity hunting ක්‍රමය අනුගමනය කරලා ප්‍රේක්ෂකයා වෙත මුලින්ම දෙන්නේ රසය කොහොම වෙතත් ජනප්‍රිය දේ. ඊළඟට තමයි ප්‍රේක්ෂකයා හරවත් රසවින්දනය වෙත කැඳවාගෙන යායුත්තේ. මා හිතනවා විජය නන්දසිරි එය කළා කියලා.

    ඔහුගේ හිතේ තියෙන්න ඇති කාලය සීමිතයි කියන හැඟීම. ඒ නිසා ඔහු මෑත කාලයේදී දරාගන්න බැරිතරම් වේගය වැඩිකලා කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාත් පිලිගන්නවා.. ඔහුගේ සමහර රංගනයන් වල අප්පිරිය කමකුත් මතු වෙමින් ආවා... එකම දේ හැමදාම දකින කොටත් එපා වෙනවනේ...

      Delete
  22. විජය නන්දසිරි ප්‍රහසන කලාවට එනකොට ලංකාවෙ කොමඩි කියල කිව්වෙ දෙපිට කැපෙන කතා, පණුවො වගේ දඟලන එව්වට.ඔහු ලංකාවෙ කොමඩි කලාවට අලුත් මානයක් එකතු කරා.මෙලෝ රහක් නැති තිර නාටක ඇතුලෙ උනත් ඔහුගෙ අභිනය පවා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කලා.එතෙක් ලූලා නැති විලේ හිටපු බන්දු ටෙනී වගේ කණයන්ට ඇඩ්‍රස් නැති උනා.ඔහු මියයන කොට ඔහු තමයි වර්තමාන සිනමාවෙ වේදිකාවෙ ටෙලියෙ අංක එකේ නළුව.චිත්‍රපටියක ප්‍රධාන නළුව සුදු හැඩිදැඩි කොන්ඩෙ කර්ල් තරුණයෙක් වෙන්න ඕන කියල බලාපොරොත්තු වෙච්චි රටක ඔහු කරපු මේ විප්ලවය විශිෂ්ටයි.රංගනය කියන එක විවිධ බයිලාවන් ගසමින් දේශපාලුවන්ට ජැක් ගහන්නට, ගණිකාවන්ට කස්ටමර්ස්ලා හොයා ගන්නට පාලමක් කර ගත රටක විජය නන්දසිරි නළුකම නමැති වෘත්තියේ ගරුත්වය රැකි විශිෂ්ට වෘත්තිකයෙකි.කසාදය ජනප්‍රිය වෙන්නට යොදා ගන්නා මෙවලමක් බවට පත්වූ කලා ලොවක විජය දේවිකා යුවතිපතීන් පාඩම් පොතකි.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔහු ආදර්ශමත් මහා කළාකරුවෙක්....

      Delete
  23. නළුවෙක් ලෙස මෙවැනි ගරුබුහුමන් ලබන දෙවැන්නා විජය නන්දසිරිය

    ReplyDelete
  24. ඕනෑවට වඩා ප්‍රාඥයන් ද මොක්කුද වුනාම (විශේෂයෙන්ම එහෙම කියල හිතාන ඉන්න එවුන්ට) ගොඩක් දේවල් රස විඳින්න බැරුව යනව.ඒ උත්තමයොන්ට කරන්න තියෙන්නේ ඉතිං ඔය දියුණු ද මක්කද කරගත්ත එක තවත් වැඩිදියුණු කරගෙන නිර්වානයම රසවිඳින්න සාදු සාදු සා..!
    විජය නන්දසිරි සොඳුරු කලාකරුවාට සොඳුරු මිනිසාට සුබ ගමන්!
    නිවන් සුව පතන්නේ නෑ ආයෙ හම්බවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කොහෙද බං ප්‍රාඥයෝ... එහෙමයි කියලා පෙන්නන්න හදන සෙට් එකක් නම් ඉන්නවා...

      Delete
  25. අද මනමේ නැත. අනෙක මනමේම රඟපෑවා කියා බඩේ බත් පිරින්නේද නැත. මනමේ කුමරා හිඟන්නෙකු ලෙස මිය යාම මේ ප්‍රබුද්ධ සයිකෝසිකාරයන්ගේ හිත සුව පිණිස විය හැක///////මේ හෙනේ උනා , සුනිල් සාන්තට , සුගතපාල සිල්වාට

    ReplyDelete
    Replies
    1. තව ඉන්නවා සුනිල් හෙට්ටිආරච්චි, ජේ එච් ජයවර්ධන, ගුනරත්න රංහොටි, ජූඩ්, රාජා සුමනපාල,ගැමුණු විජේසූරිය,මර්සි එදිරිසිංහ නොමලත් විමල් කුමාරද කොස්තා

      Delete
    2. හිඟන සමාජයක හිඟන්නා ගරු බුහුමන් ලබන එක මහා දේකුත් නෙමෙයි...

      Delete
  26. මගෙ අදහසනම් විජය නන්දසිරිගේ වාසනාව උදාවෙන්නේ නෝනාවරුනි මහත්වරුනි කතාවෙන් ඉවත්වෙලා එතුමා ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමෙන්.
    ග්‍රැන්විල් රුද්‍රිගු මලාට පසු ජයසේකර අපොන්සු යොදා නාට්‍ය දිගටම කිරීම නාට්‍යයේ සාර්ථකත්වය නිසා වූවක් නොවේ. එය සිරසේ හැටි. ඔවුන් ඔවුන්ගේ නිර්මානයක් තරමක් ජනප්‍රිය වූ පසු. වසර ගණාවක් වුවත් දිගටම අදිනවා.

    ReplyDelete
    Replies
    1. වසර ගානක් අදින්නේ කොහොමද මිනිස්සු බලන්නේ නැත්නම්...

      Delete
    2. ඒක මටත් හරියටම පැහැදිලි නෑ.
      නමුත් උන් අජිනමොටෝ දානවා වගේ දෙයක් කරනවා.
      උන්ගේ නිර්මාණ බලන්නේ ඇබ්බැහියක් හැටියට.
      දැන්නම් මම සිරස බැලීම අතහැරලා.

      Delete
    3. මම බලන්නෙත් නෑ...

      Delete
  27. හොඳ විග්‍රහයක් මචං...

    ReplyDelete
  28. අඩේ මාතෙ. ගිරයේ ලින්කුවත් දාපන් ඔඉන් සිද්දවෙයි. එකත් බලල හිටන් රෑට කොමෙන්ට් කොරන්නන් හිටං 👊🏽

    ReplyDelete
    Replies
    1. http://www.itn.lk/2016/08/12/giraya-2016-08-11/

      Delete
    2. රොම්බ තෑන්ක්ස් මාතෙ.. 👊🏽

      Delete
  29. තෑන්ක් යු මාතෙ ලින්කුවට. රන්ජන් තුමා සුට්ටක් විතර චාටර් උනත් සුනිල් අයියනම් අම්මමෝ නැතිවෙන්ටම දෙනව ඈස් යුශුවල්.. 😂 හැබැයි බන් උබ කිව්ව වගේම ටිපිකල් මෙලොරහක් නැති ඕල්ඩ් ස්කුල් ප්‍රශ්න ඇරෙන්ට උන්ට කිසි මලදානයක් මේ ඩබලගෙන් ඇහුවේ නෑ.

    මමනම් හිතන්නේ මේ විජය නන්දසිරි ගැන මෙච්චර අරව කලේ නෑ මෙව්වා කලේ නෑ කියල කියවන්නෙ එයා කවදාවත් හිඟන්න ගියේ නැති නිසා කියල. මොකද අපේ එකාලට ඕනි කලා කාරයෙක් කියන්නේ සල්ලි නැති බණේ කිය කිය පත්තරවලට අරව කලා මෙව්ව කලා දැන් අපිට යන එන මගක් නෑ කියල ලොකු හෝල් එකක අතීත සැමරුමක් තියල ලොකු ගානක් හම්බකරන් එදාටම දෙස්පාලුවෙක්ගේ සල්ලි වලින් (උන් හම්බකළ) ගෙදරක යතුර අරන් සල්ලි වලින් ලක්ෂ දහයක විතර චෙක් එකකුත් අරන් හිඟන්නෝ වගේ ජිවත් වෙන්න බලන්න අනේ අපොයි කිය කියා.

    අන්තිමට කියන්ට තියෙන්නේ තරිඳුගේ පොස්ට් එක ගැන (නෑ එක්කෝ ඔක්කොම ඕන නෑ. අනුන්ගෙ පොස්ට් ගැන තව එකෙක්ගේ බ්ලොග් එකේ ලියන්ට. කියන්ට ඕනි ටික උගේ එකේම කිව්ව. එත්..) කියන්න තියෙන්නේ අර උසාවියෙ රාජකාරි ඉවර උනායින් පස්සෙත් කළු කෝට් එක අතවටේ දාගෙන යන නිතීඥ මහත්වරුන්ගෙයි ලෙඩ්ඩු බලල ඉවරවෙල දොස්තර නලාව බෙල්ල වටේ දාගෙන යන දොස්තරල අතරෙයි කිසිම වෙනසක් නෑ ඔය මාද්‍ය වේදියෙක් කියන බ්ලොග් එක ලියන පුද්ගලයත්. (මම කියපු කථාව තේරුනාද මන්ද හිටන්.. 👍🏽

    ReplyDelete
    Replies
    1. තරිඳුලා තාම පොඩි කොල්ලෝ... කොහොමත් ඔය වමට කැමති උන්ට ඕක වටින්නේ පුක හෝදන්න විතරයි කියලා තේරෙන්න ගොඩාක් කල් යනවා...

      Delete
  30. රාවය පත්තරේ අය කලාකාරයෝ කියන්නේ මංජුල වෙඩිවර්ධන වගේ අයට විතරයි.
    උන්ට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාව. හැදියාව අන්තිමයි.

    ReplyDelete
    Replies
    1. තරිඳුලා තාම පොඩි කොල්ලෝ... කොහොමත් ඔය වමට කැමති උන්ට ඕක වටින්නේ පුක හෝදන්න විතරයි කියලා තේරෙන්න ගොඩාක් කල් යනවා...

      Delete
  31. වියජ නන්දසිරි ගැන මගේ අදහස අර කුව්ව තරිඳුගේ බ්ලොග් එකේත් මම ලිව්වා. බෝඩ් උස්සන් පිකට් නොකලාට දේශපාකලයාගේ චරිතය තාත්විකව රඟපෑම නිසා මනිස්සු අතර දේශපාලකයා ගැන තිබ්බ හොඳ හෝ නරක ප්‍රතිරූප බින්දා. ඒකම ලොකු අරගලයක් මම කියන්නේ.

    ReplyDelete
    Replies
    1. පොලිටික්කෝ කියන්නේ අමුම අමු විහිළුවක් කියලා සමාජ ගත කලේ විජය තමයි.. කොටින්ම කාලයක් තිබුනා සංඛ්‍යා දත්ත උස්සගෙන සංවාදවලට එන.. අන්තීමට ඒකත් ජෝක් එකක් කලා...

      Delete
  32. විජය නන්දසිරි ඇත්තටම බොහොම සරල චරිතයක්. මට නම් ඔහු මොන චරිතයක් රඟ පෑවත් අපුලක් නැතුව රස විඳින්න පුලුවන්කම තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි.... ඒත් රූපවාහිනියේ සමහර චරිත කිසිම තේරුමක් නැති ඒවලත් රඟපෑවා.. ඒක වෙන්න ඇති සමහර විට ඔහුට පහර ගහන අය මතු කරන්න උත්සාහ කරන්නේ.. ඒත් ඒවා නොබලා... හොඳ ඒවා බලන්න නේ රිමෝට් කන්ට්‍රෝල් එක හදලා තියෙන්නේ..

      Delete
  33. ඔබ වෙනදා ලියන (කඩි කුලප්පු ) රටාවෙන් මිදිලා ඔහු ගැන ලියපු එක මම අගය කරනවා.. ඔහු ගැන ලියැවුනු ලිපි කියවද්දි මේ ලිපි ඔහුගේ පවුලේ කෙනෙක් දැක්කොත් කියන දේ මගේ හිතට ආවා. ලංකාවේ මධ්‍යම පාන්තිකයෙක් ජීවිත සටන ගෙන යන හැටි මට හරිම සංවේදි මාතෘකාවක් පෞද්ගලිකව. ඒ මිනිසුන් සමහර වෙලාවට දරුවන් , බිරිඳ ගොඩට දාලා මේ ලොකෙන් සමුගන්නේ තමන්ටම කියලා ඉන්න තැනක් හෝ තමන්ගෙ හීන වලට සඳහටම සමුදීලා.. ඒ ඉටු නොවු හීන් ගැන අප්‍රකාශිත දුක බොහෝ විට එළියට එන්නේ කෙනෙක් මිය ගියාට පසුවයි...

    ReplyDelete
    Replies
    1. ඔහු දුක තුලින් ජීවිතය ජය ගත් කෙනෙක්..

      Delete
  34. "විජය කුමාරණතුංගයන්, ජෝතිපාල මෙන්ම කරුණාසේන ජයලත්ද මේ ප්‍රබුද්ධ සයිකෝසියානූ රෝගයෙන් පීඩා විඳින්නන්ගේ ශාෂ්ත්‍රීය හැදෑරීම් තුලින් ගිලිහි ගිය මහා කළාකරුවෝය."

    ජෝතිපාලට, ක්ලැරන්ස්ට රස්තියාදුකාරයෝ කියපු ශ්‍රී ලංකා ගුවන් විදුලිය බදුගත්ත කුහකයන්ගේ පරම්පරවේ කටිටියම තමා අද භාතිය, සංතුශ්, රනිදු (ඉරාජ්ට හැකියාවක් නැති බව මමත් පිලිගනිමී වගේ නව පරපුරට ගරහන්නේ.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න