.

.

Oct 28, 2016

අහසෙන් ගිය (ගල්) ඉබ්බා - The Foolish Tortoise



ඕන ගොනෙක් මේ කතාව අහලා තියෙනවාට සැකයක් නැතිය. අපේ ආච්චි අම්මා මේ කතාව කියා දුන් දවසේ, මම ඇහුවේ, ඉබ්බා කතා නොකර, එක කොකෙක් හරි කොල්ලන්ට කෑ ගහන්න ගියා නම් වෙන්නේ ඒ සැන්තෑසියම නේද කියලාය. පසු කාළයේ එහෙම කතාත් අහන්නට ලබුනේය.

අපේ ආච්චි අම්මා කිව්වේ උඹත් කවදා හරි නහින්නේ කට නිසා කියලාය. ආච්චි අම්මා කිව්වා වාගෙම, මාතලන්ට එහෙම දේවල් වෙලාත් තියෙනවාය. ඒත් ඉතින් ඉබ්බා වගේ මැරිලා ගියත්, මාතලන්ගේ කට නම් වහන්නේ නැතිය. බ්ලොග් ලියනා පොන්නයන් සිටින තාක් මාතලන් බ්ලොග වලත් කෑ ගහනවාමය.

මේ එහෙම ගිය ඉබ්බාගේ මාතලන් වර්සොන් එකේ කතාවය.

ඕන්න අම්මට සිරි ලංකාව කියා, එකෝමත් එක රටක, සුනිල දියෙන් පිරි සසල විලක් තිබුනේය. ඒකේ දිය ලෝකය තිබෙන තාක් කල් නිසල වන්නේත් නැතිය. ඔය විලේ හැල ගෙම්බෝ, පාත්තයෝ, ගල් ආඳෝ, පොල් කාවයියෝ, දෙපත් නයි වගේම ඉබ්බෝද උන්නේය.

විලෙන් තුනෙන් එකක් අපිට අයිතියි කියා ගේම ඉල්ලපු ලේ මඟුරෝ වගේකට ගේම දීපූ ඉබ්බෙක් ඔය විලේ රජ උනේය. පැත්තක හිටිය හාල්පාරු ඉබ්බෙක්, ඔබයි අපේ මහ රාජානෝ කියා අර ගල් ඉබ්බාට ඔටුන්නකුත් දමා, සිංහාසනාරූඩ කලේ ඔය අතරේය. එහෙම කොලේ නිකමට නෙමේය, යුව රජකම බලාගෙනය. ඒත් ඉබි රජා බැලුවේ මූට දුන්නොත් ඉල්ලන් කන්න වෙයි කියා, යුව රජකම නාකි ඉබ්බෙකුට දීලා දානා එකය.

මේකෙන් අපේ ඉබ්බා අඤ්ඤකොරොස් වී, ආතල් කුඩු වී, චක බ්ලාස් වී, පුක නැතිවී, කට්ටට බෙර ගගහා ඉන්නා අතරේ...., ගල් ඉබ්බා ඉබි පවුලත් එක්ක සැට් වී, විලේ තියෙන කන්න පුළුවන් ඔක්කෝම ජාතී කකා බිබි ආතල් එකෙන් උන්නේය. ඉබ්බෝ කොච්චර පව්‍රපුල් උනාද කියනවා නම්, කොක්කුන්ට ගෙම්බෙක් තියා ගප්පි පැටියෙක් වත් අල්ලා ගන්නට චෑන්ස් එකක් ඇත්තේම නැති විය. රජ ඉබ්බා නිසා සමහර ගෙම්බන් ඉබ්බන්ටද් වඩා පිම්බුන අතර, සමහර ගෙම්බෝ කොක්කුන්ගේ කකුල් වල ඔන්චිලි පදින්නට පටන් ගත්තේය. ඒ ඇර, ගෙබ්බෝ කොක්කුන්ට අතවර කොරනවා කියා වාර්ථාද ආවේය.

කොක්කු උන්නේ, නන්න පෝල් වෙලාය. අපරාදේ කියන්නේ සසල් විලේ කන්න දෙයක් නැති උනත්, චීනේ විල් වලින් මෙන්ම වැඩි පොලියට ඉන්ටර්නැෂනල් බැන්ක්ස් වලින් ලෝන් අරගෙන හරි, ගල් ඉබ්බා සහ සෙට් එක කරේ කන එකමය. ඉතින් අපේ ඉබ්බා මෙන්ම අනෙක් හල් පාරු ඉබ්බන්ට උනේ, දෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ප්‍රසස්ති කිය කියා ඉන්න විතරමය.

ඔය අතරේ තපස් රකින කෝට්ටේ පැත්තේ කොකෙක් අනිත් කොක්කුන්ට කීවේ, අපි යහපාලනේ කියා අළුත් විලක් හදමු කියලාය. හැබයි හන්ටින් බැරි සිරිකොතේ කොකා එක්ක මේ වැඩේ කරන්න බැරි බව දැනගත් යහපාලන විල්පත්තුවේ සෙට් එක කිව්වේ, මේකට ඉබ්බෙක්ම ඉන්නවා නම් වැඩේ ලේසියි කියලාය.

එහෙනම් අපේ කතා නායක, අහිංසක ඉබ්බා වැඩේට තොරාගමු කියා කොක්කු ටික තිරණය කොලායින් පස්සේ, ඉබ්බා එතනින් උස්සන වැඩේ කොරන්නේ කව්ද කියා ප්‍රශ්ණයක් ආවේය. එතකොට සිවිල් කොකා සහ සිරිකොත කොකා කිව්වේ අපි ඒ වැඩේ කොරන්නම් කියාය.

ඉතින් කොහොම කොහොම හරි සිවිල් කොකයි, සිරිකොතේ කොකයි. කෝට්ටේ තාපස කොකාගේ කෝට්ටකුත් අරගෙන සසල විල ගාවට ගිහින් අහිංසක ඉබ්බාට කතා කලාම, ආතක් පාතක් නැතිව හිටපු ඉබ්බා, හොටු පෙර පෙරා අඬන්න පටන් ගත්තේය. එහෙම අඬනවා දැකපු කොක්කු ඉතරක් නොව ටෝයියෝත් හොටු පෙරාගෙන අඬන අතරේ හිතා ගත්තේ, යහපාලන විල හදලා හිටන්, අපේ ඉබ්බා ඒකේ රජා කොරන්නම ඕනෑයි කියලාය.

සිවිල් කොකා අහිංසක ඉබ්බාට කිව්වේ, ඔහේ කතාවට දස්සයා උනාට, දැන් මේ කෝට්ටේ එල්ලිලා යහපාලන විලට යනකන්, පඬියා වගේ ගොන් කතා කියන්න යනවා හෙම නෙමෙයි හිටන් කියලාය.

කොහොමින් කොහොම හරි ටොයියන්ගේ ප්‍රීතිඝෝෂා මාධ්‍යයේ, දැන් අපේ අහිංසක ඉබ්බා යහපාලන විලට උස්සගෙන යන අතරේ, පහළ උන්න බයියෝ මෙන්ම ටොයෝද චියර් එක දෙන් අතරේ, අපේ ඉබ්බා හිතුවේ, හදිස්සියේ මුන් එකෙක් කෝට්ට අත ඇරියොත් මට කෙලවෙනවා නේද යකෝ කියලාය. එහෙම උනොත් මගේ අහිංසක දරුවන්ට වෙන්නේ කාගේ පිහිටක්ද යකෝ කියා මතක්වී ආයෙත් අඬන්න පටන් ගත්තේය. අපේ අහිංසක  ඉබ්බා නාහෙන් අඬනවා, සිරිකොතේ කොකයි, සිවිල් කොකයි දෙන්නම් දැක්කත්, අහන්න ගියොත් හෙම ඉබ්බට කෙලවෙන නිසා, උන් උන්ගේ පාඩුවේ යහපාලනේ බලා ඉගිලෙනවාය.

ඔය අස්සේ පහල උන්න බයියෝ සෙට් එක කෑ ගැහුවේ, "අඩෝ තෝ ඉබ්බෙක් නේද යකෝ..., කොක්කුන්ට අරක දෙන්න යන්නේ..., තෝ අපේ එකෙක් නේද යකෝ..." කියලාය. ඒ අස්සේ යහපාලනේට එන්නත් කලින්, කොක්කු ටික අපේ ඉබ්බා හිටපු වලේ උන්ට කොමිසන් කාරයෝයි පොලෝසියේ උනුයි දමා ගේම දෙන්න පටන් ගත්තේය.

පහල ඉන්න බයියෝ, "අඩෝ මේවා කැත වැඩ නේද ඩෝ..." කියනාතරේ, අර මහ ගල් ඉබ්බා හාන්දුරුවරු එක්ක කෑ ගැහුවේ, "ඇයි අපි වගේ අහිංසක අයට මෙහෙම කොරන්නේ..." කියලාය.

හඬ හඬා උඩින් යමින් උන් අපේ ඉබ්බාට මක්කා උනත් මුල මතක් විය. ඉබ්බා ඉස්කෝලේ යන කාලේ පන්තියේ ටීචැර් කියපු බල්ලගේ නැට්ටේ කතාවත් මතක් විය. නොදන්න පක්කුන්ට වඩා, සමාවෙන්න..., නොදන්න කොක්කුන්ට වඩා, දන්න ගල් ඉබ්බෝ හොඳයි කියා සිතූ ඉබ්බා...,

පහළ කෑ ගහන බයියන්ට ආතල් එකක් දෙන්න කට ඇරියා පමණි..
.
.
.
.
.
.
.
.
.
.
.













දැන් ඔහේලා හිතුවේ ඉබ්බට කෙල උනා කියලා නේද...?

නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි උනේ.

ඉබ්බා වැටෙන්න කලින් අල්ලගත්ත බයියෝ කලේ...,
උඩින් ගියපු ඉබ්බගේ පිටේ ඉටිපන්දමක් ගහලා...,
උඹ තමයි ඩෝ අපේ හීරෝ කිය කියා..
ඉබ්බව රේස් එකේ යවන එක..

ඉතින් කොක්කුන්ට මක්කයි උනේ කියලත් අහයිනේ...?

කොට්ටේ කොකාගේ කෝට්ට බිම වැටිලා එහෙමම නැතිවෙලා ගියා..

බිමට වැටුන ඉබ්බා හම්බ වෙන ගිය සිවිල් කොකාටයි සිරිකොතේ කොකාටයි ඉබ්බා පුක පලල් කරලා නම්බර් වන් අධෝ වාතයකින් සංග්‍රාහා කලා..
















අනේ බොලව්... යහපාලනේ ඇති කොරන්න හැදුවේ..., මෙහෙම ගඳ පොරක් එක්කද පනේ...., කියලා හිතපු සිවිල් කොක්කු, ප්‍රෙස් කොන්පරන්ස් එකක් තියලා, ඌ අහිංසක ඉබ්බෙක් නෙමේ ඕයි ගල් ඉබ්බෙක් කියලා ..., අපි කියන විදියට උන්නේ නත්නම් බලාගන්න පුළුවන් කියලා පොඩි තර්ජනයක් දැම්මා.

එහෙන් මෙහෙන් ගේමට එන හාල්පාරු සිවිල් කොක්කුන්ගේ අම්මලාටම හැමිනවන්නම් කියලා හිතපු උඩින් ගියපු ගල් ඉබ්බා, බදුල්ල පැත්තේ ඉබ්බෙක් දම්මලා, විජේසූරිය කියන සිවිල් කොකාටයි, පිරිමි නර්ස් කියන සිවිල් කොකාටයි පුක හරවලා ගන්දස්සාර පඩයක් ඇරලා, අනේ තොපි මොන පක්කුද ඩෝ...., සමාවෙන්න..., මොන කොක්කුද් ඩෝ.. තොපි ඔක්කොම පාලම් කොක්කුනේ කියලා කින්ඩියක් දැම්මා...

කිරි සුදු කොකා වගේ බැබලි බබලි හිටපු සිරිකොතේ කොකා, යහාපාලන විලට යන්න පටන් ගන්න කොටම ඌටත් උඩින් පියාඹපු කොකෙක් දාපූ වසුරු හත් පොලේ ගාගෙන. උඩින් ගියපු ඉබ්බා තමයි ඉබ්බා කියලා,  අර ඉටිපන්දම ගහපු ඉබ්බගෙ පස්සෙන් පඩ ඇර ඇර යන ගල් ඉබ්බන්ගේ පඩ ගදත් ඉවසගෙන තවමත් පස්සෙන් යනවා..

දැන් එයාට කියන්නේ කිරි කෝකා කියලා නෙමෙයි. හොර කොකා. ඩර්ටී කොකා කියලා.. සම හරක් නම් එයාට කියන්නෙත් ඒයා ඒ කාළේ පටන්ම නම්බර් වන් පාලම් කොකා කියලා....


The End




40 comments:

  1. මගේ යාලුවෙක් උඩින් ගිහින් මළා

    ReplyDelete
    Replies
    1. උඹ ඌව අල්ලන්නේ නැතිව ඇති ඌ වැටෙන කොට... ඒකයි..

      Delete
  2. නියමයි කොකා. සොරි. සොරි. නියමයි මාතෙ.

    ReplyDelete
    Replies
    1. මාතලනුත් හොඳ කිරි කොකෙක් තමයි... හ්බයි ඉඳ හිටලා පාලම් කොක්කුන්ට නම් නෙලනවා පුක නැති වෙන්න... අන්න අර ඔයාගේ එකේ තුන්වන පාර්ෂවවලට අපහාස කරන කොමෙන්ට් අයින් කරනවා කියපු යුග පුරුෂයා පොන්නයෝ සෙට් එකත් එක්ක ආතල් ගන්නවාලු එයාගේ එකේ..

      නිකන් නෝන්ඩි වැඩ වලට කර ගහන්නේ නැතිව ඉන්න ඉයන් මහත්තයෝ..

      Delete
  3. "පාටලී කොකා" පැනමාවට පලා ගියාද?

    ReplyDelete
    Replies
    1. සිරා මූලග්ගින්න තද වෙලා එක පාරයි තැටමුවේ චන්ඩි ඔක්කෝම නොන්ඩි..

      Delete
  4. බඳුම්කරේ හොරකම අමතක කිරීම සඳහා ලියන ලද්දක් නොවේ!

    ReplyDelete
    Replies
    1. ඉතින් බං ඒක ගැනත් ලියලා තියෙන්නේ... උඹත් මට පේන්නේ කියවන්නෙ නැතිව කොමෙන්ට් දාන එකෙක්ද කොහෙද... ආයේ මක්කා කතා කරන්නද අලි ඔක්කොම හත් පොලේ ගාගෙන ඉන්නේ.. අර හොරු අල්ලපු වන්ෂොට්ට සිරා ලොක්කා එකයි දුන්නේ කොහේද කියලා හොයා ගන්න නෑ..

      Delete
  5. Replies
    1. මේ මොන කතාද බං..... සිරිසේන ලොක්කගෙ වෙනස් කරලා දාන කතා නේ කතා...

      Delete
  6. මචං මාතලන්,

    ඔය පාලං කොකා, පට කොකා, පළඹ කොකා, පස්කන කොකා, පාන් කොකා වගේ කොක්කු වේහර පාසි, වෙට්ට පාසි, වෙඳුරු පාසි, වෙච පාසි, වෙඩත්තල පාසි, වෙඩ පාසි, වෙඳුරු පාසි වගේ පාසි වර්ග නිතරම කද්දි තනි කකුලෙන් ඉන්නෙ නම් ගෙම්බො කොක්කුන්ගෙ කකුල් දෙක අතරෙ ඔන්චිලි පදින නිසා නෙමෙයි වෙන වැඩක් කරන හින්දයි කියල මම අහල තිබ්බෙ.

    මරු පොස්ට් එක. ඔන්න ඔහොම ලියපන් එක එකා එක්ක පැටලෙන්නෙ නැතුව. උඹට දෙයක් කියන්නම්, මේක අපහාසයක් නෙමෙයි. බොහෝ විට උඹ මිථුන ලග්න කාරයෙක් වෙන්න ඕනා. උඹේ බුද ප්‍රබලයි නමුත් ඉන්නෙ කුජගේ පාප දෘෂ්ටියට ලක්වෙන තැනක. නමුත් උඹේ කුජත් බලවත්. නමුත් ඔය තැන් දෙකම ගුරු ගේ ප්‍රබල දෘෂ්ටියකට ලක්වෙන්නේ නෑ.

    ඒ වගේම උඹ බොහෝ විට කාලසර්ප යෝගයෙන් යන්තම් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට අහුවෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම උඹට රාහු සහ කේතු නරකට බලපානව විශේෂයෙන් රාහු. ඒ වගේම උඹේ ලග්නස්ථානය බොහෝ විට සෙනසුරුගේ පාප දෘෂ්ටියට අහුවෙන නිසා බොහොම හොඳ දේවල් ලැබෙන්නේ පහුවෙලා. නමුත් රවීගේ බලපෑම නිසා කවදාවත් ඒ දේවල් නොලැබෙන්නේ නැහැ.

    කාන්තාරෙක අතරමං කළත් උඹ ආපහු එනවාමයි. අතේ සතේ නැතුව අද රෑ සිගරට් එක්ක බොන්න සල්ලි නැති උනත් උඹට හෙට උදේට කොහෙන් හරි ගානක් එනවාමයි. ප්‍රබල හඳහනක් . දුර්වලකම් අඳුනාගෙන ටිකක් අමාරුවෙන් 2019 අග වෙනකම් ඇදපන්. 2020 දී උඹ ඉන්න තැන උඹ හීනෙන්වත් හිතල නෑ.

    දැන් මෙතන ඉන්න ගෑණි ලව්වා පූජාවට්ටි තියවන කේන්දර බලන පට්ට භෞතිකවාදියො මෙතන පු_ දෙන්න එන්න එපා. මේක ඇනෝ කෙනෙක් හා මාතලන් අතර කතාවක් විතරයි.

    ReplyDelete
    Replies
    1. // නමුත් රවීගේ බලපෑම නිසා කවදාවත් ඒ දේවල් නොලැබෙන්නේ නැහැ. //

      අම්බට සිරි!
      මාතලන් කාරයත් මුදල් ඇමතිගේ කකුලක් එහෙනම්!

      Delete
    2. මුදල් ඇමතිගේ නෙමෙයි බං.... අර්ජුන් ඇලෝසියස් කෙනෙක් වෙයි වගේ... උඹ එනවා නම් වරෙන් සා රසයෝ ඩිරෙක්ටර් පෝස්ට් එකකට...

      හැබයි මගේ ලග්ණය මිථුන නම් නෙමෙයි....

      Delete
    3. නෑ නෑ මාතලන් මම අදහස් කළේ "අර්ජුන් ඇලෝසියස් කෙනෙක් වෙයි වගේ" වැනි කාරණයක් නෙමෙයි. ඔබ තුළ විශිෂ්ට හැකියාවක් තියනවා. ඉලක්කය නිවැරදි කරගෙන ඉස්සරහට යන්න හෙමිහිට. මුලින් ඉතා හයියෙන් ගිහින් පසුව මගදී අතහැර දැමීමේ ක්‍රමයෙන් ඉවත් වෙන්න.

      ඔබ මිථුන නොවන බව පවසා තිබුනා. මගේ අනෙක් කියවීම් කොහොමද? පිළිතුරු දීම අවශ්‍ය නොවේ. මේ ශිල්පය අතහරින්නේ නැතුව දිගටම හදාරන්න. සුභ පැතුම් !

      Delete
    4. බොහොම ස්තූතියි... අනෙක් සියල්ලම හරි... කොහොමත් මම මේක කෙලවරටම ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ...

      Delete
    5. උඹ 2020න් පස්සේ හෑන්ඩ්පෝන් නොම්බරේ වෙනස්කරනවැයි?

      Delete
    6. අනිවාර්යයෙන්

      Delete
  7. Replies
    1. මරු බං... සින්ඩියේ එල්ල ගත්තා...

      Delete
    2. ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරපිඩාකාමුකත්වය
      මාතේ මේ බ්ලොග් එකත් ලඟදි පටන් ගත්ත එකක්.

      Delete
  8. ඉබ්බා වැටෙන්න කලින් අල්ලගත්ත බයියෝ කලේ...,
    උඩින් ගියපු ඉබ්බගේ පිටේ ඉටිපන්දමක් ගහලා...,
    උඹ තමයි ඩෝ අපේ හීරෝ කිය කියා..
    ඉබ්බව රේස් එකේ යවන එක../////// ha ha ha

    ReplyDelete
    Replies
    1. දැන් ඉබ්බා යන්නේ හිටපු විලටමයි.... කොක්කු ටික පුල් නෝන්ඩි...

      Delete
  9. මෙතෙන්ට අදාළ නෑ. මට උදව්වක් කරපන්කො මාතලන්. ECTA ගැන wordpress site එකක් ලියන එකෙක් නියම balance ලිපියක් ලියල තිබුණ, ගොඩක් දත්ත පෙන්නල. IT industry එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියල. මට මතක විදියට ඒකට link එක දාල තිබුනෙ උඹ වෙන්නෝන. ඒ ලිපිය හොයාගන්න විදියක් නෑ බං. Link එක හොයල දියංකො. ලොකු උදව්වක්. මේ comment එකටම reply කරහංකො.

    ReplyDelete
    Replies
    1. https://priyanthawords.wordpress.com/2016/10/26/%E0%B6%91%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B6%A7%E0%B7%93-%E0%B7%83%E0%B7%84-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80/comment-page-1/#comment-1

      Delete
  10. ඉබ්බෝ කට්ටියම, දියවන්නා ඔයේ එගොඩයි මෙගොඩයි ඉඳගෙන, මූනට මූණ බලාගෙන කක්කා දාන ගමන්, 'අන්න උඹේ පේනවා' කියලා, ඇඟිල්ල දික් කොරනවා. මල් හතයි.

    ReplyDelete
    Replies
    1. ගල් ඉබ්බෝ නේ... කොක්කුත් ඔක්කොම පක්කු වෙලා තියෙන්නේ...

      Delete
  11. පිං ඉබ්බට පව් බන් මාතෙ. අපෙ ඉස්කෝලේ හිටිය නියෝජ්‍ය විදුහල්පති මතක් උනා.

    උට අපි කිව්වෙ "ලැට් ඉබ්බ" කියල හිටං..

    😂😂😂😂😜😜🤓

    ReplyDelete
    Replies
    1. ඉබ්බා පව් නෑ බං... අපි පව්... හැමදාමත්...

      Delete
  12. මොරාල් ඔෆ් ද ස්ටෝරි.. මිං ඉදිරියට දොරට දාන ඉබ්බෙක්වවත් විශ්වාස කරන්න එපා..

    ReplyDelete
  13. අපේ අත්තම්මා නම් කිව්වේ අපි කවදාහරි දිනන්නේ කට නිසා කියලයි මාතලන්... පුතාට මේ කතාව කියලා දිලා සෑහෙන අමාරුවක වැටුනා එයා අහන ප්‍රශ්න වලට උත්තර හිතා ගන්න බැරුව..:)

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි කතා කියන වෙලාවට පොඩි මාතලන් එනවට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ... මොකෝ ආච්චි කොර වෙන ප්‍රශ්ණ ඌ අහන නිසා.. එහෙම වෙලාවට තමයි ඔය කතාව කියන්නේ.. කොහොමත් මේ රටේ සිස්ටොන් එක එහෙමනේ... ප්‍රශ්න කරන්න බෑ.. කියන දේ කට පුක වහගෙන පිලිගන්න ඕන.. මාතලන් ජෙප්පන්ගේ පන්ති පහට ගිහිනුත් ඕකමයි උනේ.. හොඳ වෙලාවට දවස් දෙක තුනෙන්ම එපා උනේ.. ඒහෙනම් අද මාතලන් නිවන් ගිහින්...

      Delete
    2. // ප්‍රශ්න කරන්න බෑ.. කියන දේ කට පුක වහගෙන පිලිගන්න ඕන..//

      ඒක මගෙන් නම් කවදාවත් වෙලා නැ , වෙන්නත් නැ.. ලංකාවේ නෙමේ ද මන්දා මම...හික්ස්..

      Delete
  14. පාඩු කොක්කු එක්ක වැඩ කරන්න ගියාම ඕම තමා

    ReplyDelete
    Replies
    1. පහිඳ කොක්කු වෙලා තියෙන්නේ

      Delete
  15. පට්ටයි...මේ පඩ ගඳ උසුලමින්...කැරි වැඩ නොදකිමින්...මේ අතිගරු ශ්‍රීමත් අම්මටහුඩු තුමාගේ අහිංසක හොටුබේරෙන කතා අසමින්...රනිල් නරියා සමග රට පෙරට !

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කිව්වා ලොක්කා... බුකියෙත් ඇප්‍රිෂේට් කරලා තිබුනා...

      Delete
  16. නියමයි මේ කතාව. ඇත්ත ඇති සතියේ දීලා තියනවා. මෙන්න පහක්.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න