.

.

Nov 30, 2016

වයසක උන්ගේ දීමනාව 100 කින් කපා, නිමක් නොමැතිව ඉහගෙන කන මළ පෙරේතයෝ සහ රථ ගායේ හොඳම එක. - Dirty Harry and Mad Max 2



අම්මට සිරි ලංකාවේ තරම් කෑම නාස්ති කරනා හා විසි කරනා ජාතියක් මේ ලෝකයේම නැතිව ඇතිය. ඇති හැකි උන් දිනකට විසි කරනා කෑම ප්‍රමාණය, මේ රටේ සිටිනා නැති බැරි උන් පෝෂණය කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. එසේ වී ඇත්තේ, ආහාර ගැන නොව, ආහාර ගැනීම පිළිබඳව වත්, ජාතික ප්‍රතිපත්තියක් හෝ අජ්ජාපනයක් නොමැති නිසාය.

අපේ කාලකන්නි අජ්ජාපන වේදින් අවුරුදු 3නේ එකාටත් අකුරුයි ගණිතයයි කියා දී උන් පයිතගරස්ලා කොරන්න හැදුවාට, වෙන රටවල මොන්ටිසෝරි වල උගන්වන්නේ, මේ වගේ දේවල්ය. බෙදා හදාගෙන කෑම, පිලිවලකට කෑම බීම ගැනීම, කෑම නාස්ති නොකිරීම හා ටේබල් මැනර්ස් වාගේ දේවල්ය.

පොඩි උන්ට ඕවා කියා දේන්න, මහ උන් ඒවා දැන ගෙන සිටිය යුතුය. උන් නොදන්නා දෙයක් පොඩි උන්ට කියා දෙන්නේ කෙසේද කියනා ගැටළුවත් තියෙනවාය. අපේ උන්ගේ මළ පෙරේත කම මඟුල් ගෙදරක ගියාම හොඳට බලා ගන්න පුළුවන්ය. හත් අවුරුද්දකින් නොකපු උන් වාගේ, හැම එකාම බලාගෙන ඉන්නේ කෑම මේසේ ඉඳුල් කරනකන්ය. අනෙක් හොඳම උදාහරණය පාර්ලිමේතුවය.

මෙහිදි පක්ෂ විපක්ෂ බෙදයක් ඇත්තේ නතිය. මන්ත්‍රිවරුන්ට ලක්සිරි දෙන්න පටන් ගත්තේ ජේ ආර් පප්පාය. ඒ ඇරෙන්න, හිතේ හැටියට කොමිස් ගහන්නත් හොරා කන්නත් ඉතරක් නොව, ලෑමේ පහසුමකමුත් අමාත්තියන්සේ ලබා ගත්තාට කිසි අවුලක් නැති වාතාවරනයකුත් හැදුවේය. ලෝකේ අනෙක් රටවලත් පාර්ලිමේන්තුවේ මසාජ් සෙන්ටර් තියෙනවාද කියන්න දන්නේ නැති උනත්, අම්මට සිරි ලංකාවේ නම්, එහෙම එකකුත් තියෙනවාය. 

කෑම බීම හිතේ හැටියටය. ෆයිව් ඉස්ටාර් ලැවල් එකෙන්ය. අවුරුදු පහෙන් පැන්සොන්ය. ඇමති කමක් ලැබුනොත්, හත් මුතු පරම්පරාවම ගොඩය, පවුලේ පහකට සුපර් ලක්සිරි සැලරි, වාහන ඉතරක් නොව, උන්ටත් අවුරුදු පහෙන් පැන්සොන්ය. පාර්ලිමේන්තු ඇවිත් නිදාගන්නවාටත් 2500 ක්ද කොහෙද දෙනවාය. ඊයේ පෙරේදා, බ්ලූ ෆිල්ම් බලන්න සල්ලි මදි කියා, පෝන් වලටත් ලක්ෂයක්ද කොහේදෝ දුන්නේය. මැති ඇමති කම් නැති උන්ට, අත් උස්සනවාට, මාසෙකට වෙනම ලක්ෂ දෙකක් දෙනවාය. කරන්න තියෙන්නේ, ඕනම එකකට අත උස්සන එක ඉතරය. දැන් කාර්යාල මේන්ටෙන් කොරන්න කියා, ඉල්ලමුකුත් පහළ වෙන්න යනවාය කියා, කතාවකුත් තියෙනවාය. අපරාදේ කියන්නේ, මේවාට අර රතු අලි පැටව් ටිකවත් හාම් හූම් කියන්නෙ නැති එකය. 

එදා ජේ ආර් පප්පා කොරපු එකට එහා ගිය සෙල්ලමක්, උන්නැහේගේ බෑනා පොඩ්ඩ අද පටන් අරගෙන තියෙනවාය. රනිල්ට බෑ කියලා කියන උන්වත් මේවාට හාම් හූම් කියන්නේ නැතිය. ඒ තබා මෛත්‍රිපාල මහත්තයාගේ රෙදි අපුල්ලන, බස්නාහිර මහ ඇමති, යස ඉසුරින් පිරි ඉසුර මහත්තයා කියන්නේත්, ඒවායේ වරදක් නැතෙයි කියලාය. මොකෝ ඒ යකාත් බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තු එන්න නිසාය. ඒ නැතත් මුන්ට දුන්න ගමන් උනුත් ඉල්ලනවාය. සුදු අලි මේන්ටේන් කිරීම් කියන්නේ මේවාටය. 

මේ ආන්ඩුව ජනතාවට වැට් ගහන්නේ මේ වාගේ මහ පොලොව නුහුලනා දේටද කියලා ඕන එකෙක් අහනා එකේ කිසිම වරදක් ඇත්තේ නැතිය. මිනිසුන්ට සහන සලසන්න හෝ රටට වැඩක් ඇති දෙයක් කරනවාට වැට් ගැහුවානම් හිතේ අමාරුවක් නැතිය. ඒත් මේ කාළකන්නින් වැට් ගහන්නේ හා ණයට ගන්නේ කුමකටද?

ඇත්තටම මුන්ට වෙලා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේය. රනිල්ගේ කතාවලින් ඒ බව ඉතා පැහැදිලිය. උන්නැහේ කියන්නේ උන්නැහේගේ පඩිය මෛත්‍රි මැඩම්ගේ පඩියටත් වඩා අඩුය කියලාය. ඒකට ඉතින් මේ රටේ ජනතාව පලි නැතිය. ඒකට කොරන්න තිබුනේ, ඊට වඩා පඩි ලැබෙනා රස්සාවක් හොයා ගන්නා එකය. ඇත්තටම දැන් උනත් එහෙම ජොබ් එහෙකට යනවා නම්, මෙත්පල් මැතිඳුන් පමණක් නොව, කරූලා, සජිත්ලා, රෝසිලා මෙන්ම, මේ රටේ අති බහුතරයක් කැමති වනවා නොඅනුමානය.

මහින්දගේ කාළේ ඔහොම අඬෝවැඩියාවක් තිබුනේ නැත්තේත්, අද එහෙම එකක් තියෙන්නේ ඇයිදෝ කියා හොයා බලන එක බොහොම වටිනවාය. ඒ කාළේ පඩිය නැති හැම එකාටම කීයක් හෝ හොයා ගන්න ක්‍රම ඕනා තරම් තිබුනේය. මහින්ද මහත්තයලා සෙවන් ඉස්ටාර් එකෙන් කන කොට, අනෙක් උන්ට සින්ගල් ඉස්ටාර් එකෙන් හරි ගරා ගන්න පුළුවන් ක්‍රම තිබුනේය. ඒ, ඉන්කම් නැතත් සංවර්ධනයක් කියා දෙයක් සිද්ද උන නිසාය. ඉතින් මැති ඇමතිවරුන්ට ඤරු ඤුරූ ගෑමේ රෝගයක් තිබුනේ නැතිය. මහ එකාගෙ පටන් ප්‍රාදේශීයේ ඉන්න එකා පවා හිතේ හැටියට කෑවේය. දැන් එහෙම ප්‍රොජෙක්ට් නැති නිසා, අගමැතිගේ ඉඳන් හැම එකාම නන්න පෝල් වෙලාය. ඒකට ඉතින් රටේ ජනතාව පලි නැතිය.

රනිල්ගේ සෙට් එකේ උන් හොරෙන් කන්න දන්නේත් නැතිය. 2016 අමාත්තියන්ස වලට වෙන් කරපු මුදල් එහෙම්ම තියෙනවාය. පාවිච්චි කොරලා නැතිය. ඒ කියන්නේ මුන්ට කිසීම ටාගට් එකක් නැති කමය. එක අතකින් බැලුවාම ආන්ඩුව කියන්නේත් කොම්පැනියක්ය. නැත්නම් ඉතින් අවුරුද්ද ගානේ ලාබ අලාබ බලන්න බජට් එකකුයි. ඊට පස්සේ මාසයක් ඉතිර බජට් මීටින් තියන්නයි ඕනා නැතිය.

බජට් මීටින් ටැලිවිසොන් එකේ යන නිසා, හරවත් යමක් කතා කොරන්නේ කීයෙන් කී දෙනාදැයි කියා බොහෝ පැහැදිලිය. මෙහෙම කාළකන්නින් පිරිසක් ජනතාවට පෙන්වීම බොහෝ අගනේය. මුන් බජට් එක අස්සේ කොරන්නේ, මුන්ගේ රථ ගායට හා බඩජාරි කමට පිලියම් ලබා ගැනීමය. එහෙම බැලුවාම මේ ගෙනල්ලා තියෙන්නේ රටේ බජට් එකක් නෙමෙයිය. මේ කාළකන්නින් මේන්ටේන් කිරීමේ ලියවිල්ලක්ය.

මේ කාළකන්නින් 225 දෙනාටම වාහන පර්මිට් එකක් ලැබුනේය. ඒක විකුණාගෙන කෑවාට අපි පලි නැතිය. ඒ දෙන වාහනයත් දෙකයි පනහේ කාර් කටු නෙමේය. අධි සුඛෝපභෝගී රථයක්ය. සමහර ඒවා අවුරුදු ගනනකට මේන්ටේන් කරන්නත් ඕනා නැතිය. එයිට පස්සේ ඇමති උනාම තව එකක්ය. ඇමති කෙන්ක් උනාම අමාත්තියන්සෙටත් වාහන ඕනාය. මේ මොන විකාරයක්ද? මේ රට යම් කිසි ස්ථාවරයකට ගේනවිත් වාහන එකක් නොව හෙලිකොප්ටර් ගත්තත් අපට අවුලක් නැතිය. එතකොට මොන මළදානේ කරත් මිනිසුන් ඕවා හොයන්න යන එකක් නැතිය.

මේ රට යම් පමණකට ගොඩ එන තෙක් යම් කිසි කැපවීමක් කරන්නට බැරි නම්, මේ වගේ කාළකනින්ගෙන් නම් රට වැඩක් ඇත්තේ නැතිය. අනික මිනිසුන්ට වැට් ගසා, පොඩි එකාගේ සතුට වෙනුවෙන් තිබෙනා, අරක්කු බෝතලේට, සිකැරට් එකට බදු ගසා, මේ කන බොබ ඒවා වලින් ලේ වමනේ ගිහින් මැරුනේ නැතිනම්, අපි පුදුම වෙනවාය. මුන් කියනාකාරයට මිනිසුන් තව ටිකක් ඉවසන්න ඕනාය. එතකන් මුන් සැප විඳිනවාය. ඇයි ජනතාව විතරක්? ජනතාවට ආදර්ශයක් දීම සඳහා, තොපිට ඒ දේ කිරීමට නොහැකි ඇයි.

උඹලාගේ ආතල් තියෙන්නේ වයසක මිනිසුන්ගේ පින් පඩියෙන් ගන්නා රුපියල් 100 තුලද? අහිංසක මිනිසුන්ට වැට් ගසා එකතු කර ගන්නා මුදලේද? හවසට මහන්සි වී විඩාව නිවා ගැනීමට ගන්නා පොඩි අඩියේද? මේවා වැහි නැති හෙන ගහනා වැඩය. බයිලා ගසන්නේ නැතිව ඉස්සෙල්ලා රට හදා ඉන්නය. ඔහේලා කියනා විදියට මේ රට ලබන අවුරුද්දේ ගොඩ එනවාය. එසේ නම් මේ ආතල් ගැනීමට තව එක වසරක් ඉවසාගෙන සිටිය නොහැකිද?

එසේ නැතිව කළ යුත්තේ තමන්ගේ මිනිසුන් කියා මහ ඇමතිවරුන්ටත් ලක්ෂ 420 විස්සේ V8 දොලදන් දෙන එකද? ඌට දුන්නාම අනෙක් උන් සද්ද බද්ද නැතිව ඉඳියිද? පාර්ලිමේන්තිවේ උන්ට දොළ පිදේනී දුන්නාම, පලත් සභාවල මළ පෙරේතයෝ නිහඬව සිටීද? උන් ආවේස නොවී සිටීද? කැපකිරීම් හැමදා කළ යුත්තේ, ජනතාව විතරමද? නායකයන් ලෙස තොප්ට එවන් ආදර්ෂයක් දිය නොහැකිද?

තොපි එක දෙයක් මතක තබා ගත යුතුව ඇත, ඔය ආතල් වලට වඩා මිනිසුන්ගේ සාපය බොහෝ බලවත්ය. කිසිදා බලය අහිමි වේ කියා නොසිතු, අමු ඒකාධිපති රෙජිමයකටත් කෙල වෙලා ගියේ ඒ හේතුවෙන්මය. මහින්ද මහත්තයාට මිනිස්සු ගරු කලාට ජනතාවගේ සල්ලි වලින් බැසිල් වැනි නරුමයෙක් මාලිගා ඉඳිකරනවා මිනිසුන්ට දිරෙව්වේ නැතිය. නාමල්ලාගේ පිස්සු කෙලීම ජනතාව ඉවසුවේ නැතිය. අද ඔවුන්ටත් වඩා මේ ආන්ඩුව මිනිසුන්ට එපා වෙලා ඇතිය. තිබෙනවාය. ඒ කෑවේ හත් අට දෙනෙක්ය. අද පක්ෂ විපක්ෂ ඔක්කෝම එකතුවෙලා ඉහගෙන කනවාය. 

ඉදින් බලය තිබෙනා විට සියාල්ල කළ හැකි යැයි සිතා, තමන්ට බෙදා හදා ගැනීම් මිනිසුන් ඉවසන්නේ නැතිය. එහි කෙලවර කුමකින් කුමක් විය හැකිදැයි අපට කීමට නම් බැරිය. එක්කෝ තවත් ලේ වැගිරීමක් විය හැකිය. එවන් දෑ වලට යලිත් මේ රට පත් නොකොට, මේ කාළකන්නි ගසා කෑම් නතර කර දමන මෙන අපි බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවාය. මන්ද වෙනත් විකල්පයන් මීටත් වඩා දරුණු විය හැකි හේතුවෙන්මය. එයත් වාසියකට නොගන්නා මෙන් ඉල්ලා සිටින්නේ. සම හරක් විට දන්නා යකා ආයෙත් ගෙනත් පුටුවේ තියන්නත් පුළුවන් නිසාමය. 

53 comments:

  1. //ඇත්තටම මුන්ට වෙලා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේය. රනිල්ගේ කතාවලින් ඒ බව ඉතා පැහැදිලිය. උන්නැහේ කියන්නේ උන්නැහේගේ පඩිය මෛත්‍රි මැඩම්ගේ පඩියටත් වඩා අඩුය කියලාය. ඒකට ඉතින් මේ රටේ ජනතාව පලි නැතිය. ඒකට කොරන්න තිබුනේ, ඊට වඩා පඩි ලැබෙනා රස්සාවක් හොයා ගන්නා එකය. ඇත්තටම දැන් උනත් එහෙම ජොබ් එහෙකට යනවා නම්, මෙත්පල් මැතිඳුන් පමණක් නොව, කරූලා, සජිත්ලා, රෝසිලා මෙන්ම, මේ රටේ අති බහුතරයක් කැමති වනවා නොඅනුමානය.//
    බෑනෙ
    ඕකට සාගලලා, අකිලලා, මලික්ලා, මංගලලා කැමති නෑ නෙව
    මෛත්‍රී වුණත් දැං පුරුදු වෙනවද දන්නෙ නෑනෙ

    ReplyDelete
  2. මචං මාතේ, උඹලා කස්ටිය එකතුවෙලා 2015 ජනවාරි 08 වෙනිදා කොරාපු විප්ලවයේ ප්‍රතිඵල තමයි ඕවා.
    අපේ පැත්තේ නම් ඕකට කියන්නේ 'කැහි ගෑනි දීලා හොටු ගෑනි ගෙනාවා වගේ' කියලා.

    ReplyDelete
    Replies
    1. එවිට බ්‍රාහ්මනයා කියන්නේ, "පන්ඩිතයෙනි, එක් දේවතාවෙක් මට කියන්නේ; අතරමග ලැග්ගොත් තෝ මියෙයි. ගෙට ගියොත් අඹු මියෙයි", එසේ හෙයින් ගෙටත් යා නී අතරමගත් ලැග්ග නී මරණ භයින් අඩමි" කීය...

      Delete
    2. මම නම් කියනේ ඕකේ අනිත් පැත්ත උනේ' හොටු ගෑණි දීලා කැහි ගෑණි ගත්තා. කැහි ගෑණිගේ වැඩක් නැතත් හිටපු හොටු ගෑණිට වඩා දාහෙන් සම්පතයි.
      යහ පාලනය සැපද කියලා අහන අයටත් කියන්න තියෙනේ ඕකම තමා. මිරිස් දීලා ඉගුරු ගත්තා වගේ. මිරිස් නම් ආයේ ඕනෙම නෑ.

      Delete
    3. උඹ ඔහොම කියුවට බලපන් හෙට අනිද්දට අපේ ගොං හැත්ත අගේට ආපහු ඉඟුරු දීලා මිරිස් ගන්නේ නැත්ද කියලා.
      මේවට කාටවත් බැනලා වැඩක් නෑ.... ඒක තමයි අම්මට සිරි ලාංකීය අනන්‍යතාවය.
      මුං එදා ඉඳලා කලෙත් ඒකයි ඉස්සරහට කරන්නෙත් ඒකම තමයි.

      Delete
  3. කතාව හොඳයි.

    ReplyDelete
  4. 100% ක් එකගය.
    බලාපොරොත්තු උනේ කැපකිරීමක්ය.
    නමුත් උනේ අපිටම කැපීමක්ය.

    ReplyDelete
    Replies
    1. උනේ ඉල්ලාගෙන කෑමක්ය...

      Delete
  5. // සම හරක් විට දන්නා යකා ආයෙත් ගෙනත් පුටුවේ තියන්නත් පුළුවන් නිසාමය. //


    අනිවාර්යයෙන් ගේනවා ගේනවාමය!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සාරසයො උඹ පුක හපාගෙන මෙලෝ සිහියක් නැතුව මරා හොඳයි කියල කියන්නෙ, චුට්ටක් තාර්කිකව පැහැදිලි කොල්ල දියන්කො ඇයි ඌ හොඳ කියල. රනිල් හොඳ නෑ නෑ කිව්වටම හරියන්නෙ නෑනෙ.
      සාධාරනව සංසන්දනය කොරල පොයින්ට්ස් 5ක් පෙන්නපන්. හැක්.

      Delete
    2. ඕක ඉතින් ආයේ පොයින්ට් ගෙනැල්ල පෙන්නන්ඩ දෙයක්ද ආයුබොවන්ඩ. අද රටේ තත්වේ ගැන ඩිංගිත්තක් හරි දන්න ඕන එකෙකුට තේරෙනවනේ. හැක් හැක්

      Delete
    3. හැක්....හැක්

      Delete
    4. ඝෝඨා ගෙනවා නම් අපිත් එනවා.. ඉන්න එකෙක්වත්, උන්න උනුත් මෙලෝ රහක් නෑ...

      Delete
    5. දැනට වෙමින් පවතින්නේ ඒක තමයි මාතලන් ගුරුතුමා

      Delete
  6. Munge pension eka kapala,wahana balapathrayath ahosi karala honda nila wahanayak pamanak rajayen sapayiya yuthuyi manthri duraya ahimi wena wita wahanayath rajayata bara dena widihata.Mathi,amathilage watup athulu siyalu deemanath laksha deka noikmawiya yuthuyi.Ehema bari kenek innawanam parlimenthu enne nathuwa inne natha!Ena ekek enne nathayi!Noena tharamata hondayi!

    ReplyDelete
    Replies
    1. මේ සියල්ලට හේතුව කාළකන්නි මැතිවරණ ක්‍රමය..

      Delete
  7. ඉතින් බං මිනිස්සුන්ටම හරියන ආණ්ඩුවක්නේ කොහොමත් ලැබෙන්නේ. දැන් ආණ්ඩුවේ මන්ත්‍රීලා , ඇමතිලා වාහන ගන්න හැටි, දීමනා වැඩි කර ගන්න හැටි කතා කරනවා. එතකොට ලංකාවේ අනික් රජයේ සේවකයෝ? දොස්තරලා කරන්නේ අවංකවද? දවල්ට අයිස් ගගහා ඉඳලා කරන රජයේ සේවකයෝ කොච්චර ඉන්නවද? දැන් එක එක දේට විද්වත් මත ප්‍රකාශ කරන ලංකාවේ සරසවි ඇදුරෝ පර්මිට් වාහනය ගන්නවා. ඒත් රාජකාරි වැඩක් කියපු ගමන් කැම්පස් වාහනේ යනවා. මාසෙට දවසක් කැම්පස් ඇවිල්ලා ලක්ෂ ගණන් පඩි ගන්න ඇදුරෝ ඉන්නවා. පෙට්‍රෝලියම්, වරාය මේවයේ ඉන්න අය ගැන මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ රටට අති දරුණු පාලනයක් අවශ්‍යයි..

      Delete
    2. මිනිස්සුන්ටම හරියන ආණ්ඩුවක්නේ කොහොමත් ලැබෙන්නේ /////////////// +++++++++++++++++++++

      Delete
  8. මාතලන් සමග එකඟයි,

    මමත් මේ ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන්නේ අන්ත දූෂිත රාජපක්ෂ රෙජීමය සමයේ අසාධාරණ ලෙස වැඩි කරපු බදු අඩු කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒ වුණත් සිද්ද වුණේ මොකද්ද? ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. ඇත්තම කිව්වොත් තිබ්බ එවුන්ට වඩා සෑහෙන අන්තයි. මේක තිබ්බට වඩා හොඳයි කියනවනම් කියන්නෙ එක්කො ආණ්ඩුවෙන් ගාන කපාගන්න දූශිත පල් හොරෙක් හරි උපතින්ම මොංගල් ඩයල් එකක් හරි තමයි. මම මේ වගේ දෙයක් එ.ජා.ප. රජයකින් කිසි කලෙකත් බලාපොරොත්තු වුණේ නෑ මාතෝ.

    ඉතිහාසය පුරාවටම සාමාන්‍ය කෙනෙකුට වාහනයක් ගන්න පුළුවන්කම තිබුණේ එ.ජා.ප. රජයයන් යටතේ පමණයි. මට මතකයි අපි කුඩා කාලේ අගමැතිනිය වෙල හිටපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය යටතේ සල්ලි තිබුණත් වාහනයක් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ කිසිම කෙනෙකුට. ඒ කාලේ පිටරට යන්න පවා අගමැති බලපත්‍රයක් උවමනා කෙරුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා දොර විවෘත කරලා දුන්නා ගමේ සේතංහාමිට වුණත් කාර් එකක් ගන්නට. ආර්. ප්‍රේමදාස මහත්තයාත් ඒ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙනිච්චා. ඒ කාලේ විදෙස් ආයෝජන ඇවිත් රට බලා ඉඳෙද්දි භෞතිකව හරි සංවර්ධනය වුණා නෙව.

    චන්ද්‍රිකා යුගයේ ඊරිසියාකාර ශ්‍රී ලංකා කාරයෝ වාහන බදු අහස උසට වැඩිකරල දැම්ම. කොටිම එකපාරක් අපේ මාම කෙනෙක් Hiace LH 182 (ඩොල්ෆින්) එකක් ඕඩර් කරල එන අතරෙදි හිට්ගමන් අම්බානකට වැඩිකරපු බද්ද නිසා අපරාදෙ වාහනේ වරායෙ දාල ආවෙ අමු කුණුහබ්බ කියාගෙන. කෙසේ නමුත් එතෙක් මෙතෙක් පැවැති සියලුම ශ්‍රී ලංකා ගොබ්බ ආණ්ඩුවලට වඩා ශක්තිමත් ප්‍රබල ආර්ථිකයක් ගොඩනැගීමට මරා කල්ලිය සමත් වුණත්, නීතිය, යුක්තිය සාධාරණත්වය ආදිය හිරිකිත ලෙස වනසමින් ඔවුන්ගේ අශීලාචාර කම් අහස උසට කැපී පෙනෙන්නට විය. මහින්ද ශ්‍රී ලංකාකාරයා වුණත් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රික් වාහන වලට සාධාරණ බදු මුදලක් නියම කොට වාහන මිළ මැද අගයක තුළිත කර තිබිණි.

    යූ ඇන් පීය වඩාත් ආකර්ශණීය පොරොන්දු රැසක් 2015 අගෝස්තු මැතිවරණයේදී දුන්න. ඉතින් ඡන්දයට කලින් යූ.ඇන්.පී. නායකයො පොරොන්දු වුණානේ පංචවිධ ක්‍රමයෙන් සැමට වාහනයක් කියන එක. කෝ ඒ පොරොන්දුවට මොකද වුණේ?

    මට නම් දැන් රනිල් කියන්නේ මිනිසුන් මුළා කරන දූෂිත අශීලාචාර බේගල් කෙලින පිස්සු අපත යකෙක්. එයා හොඳට රට රටවල සවාරි ගහලා එයාගේ මෙලෝ රහක් නැති කාලකණ්ණි ඇමැට්ටන්ට මහජනයාගේ රීරි මංශය උරලා ගත්තු මුදලින් ලක්ෂ 750 - 400 යේ කාර් අරන් දීලා දැන් සුර සැප විඳිනවා. එයාගේ එවුන් නම් කමක් නැහැ, සිරි ලංකා එකෙන් ඉල්ලල පැරදිල කිච වෙලා කුජීත වෙච්චි අවලම්මුන්ටත් පස්ස දොරින් ඇමතිකම මදිවට තව ලක්ෂරි වෙහිකල්??? රටේ ලොක්කො දෙන්නම ගත්තොත් ගිය සුමානේ සිංගප්පූරුවේ; මේ සුමානේ කොරියාවේ. එන සුමානේ කොහෙද දන්නෑ යන්නේ. මෙයාලා තව ටික දවසකින් මහින්ද බැසිල් නාමොලා ඇතුලු කල්ලිය ලොකුවට පිහිටුවපු සියළුම දූෂණ වාර්තා බිඳ හෙළනවා හරියට ලංකාවෙ ටී20 වැඩිම ලකුණු වාර්තාවට ඔසී එවුන් කෙළිය වගේ.

    මීළඟට එන පලාත් පාලන ඡන්දයේදී මම හිරිකිත ලෙස අකමැති වුණත් මහින්දගේ පොදු විපක්ෂයට (පොහොට්ටු කල්ලියෙන් එන එවුන්ට) තමයි මගේ ඡන්දය දෙන්නේ. ඒ මේ ආණ්ඩුවට රිදවන්න.... බොරු බලාපොරොත්තු දීලා අපේ අපේක්ෂා, අරමුණු, සැලසුම් සියල්ලම බිඳ දැම්මාට. ඒකෙනුත් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් 2020 ඡන්දයේ දී මහින්දගේ කට්ටියටමයි (බොහෝ දුරට ගෝඨාට තමයි) මගේ ඡන්දය දෙන්නේ.

    2020 ඡන්දයේදී මගේ ඡන්දය එ.ජා.ප.යට ඕනේ නම් ජේ.ආර්. යුගයේදී වගේ සාධාරණ බදු පමණක් පනවන්න කියාත් කාර්යක්ෂම මෙන්ම විනය ගරුක ඇමතිමණ්ඩලයක් පිහිටුවන් ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි මාතලන් මේ අවස්ථාව ලබාදෙනවට අපේ අදහස් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔහෙලට මතක නැද්ද චන්ද කාලෙ ඇඩ් එක ? අර අක්ක කෙනෙක් තෙමීගෙන ඇවිත් යහපාලන රජය යටතේ කාර් එකක් ගන්න හැටි කිව්වා ...?

      ඉතිං ඒක තමයි මේ වෙන්නෙ. මැති ඇමතිලට කාර් දීල තමයි ජනතාවට දෙන්න ඕන.... පොඩ්ඩක් ඉන්නවලා .. කුලියපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය හැදුවට පස්සෙ කාර් ඉතිං නිකං වගේ තමයි ... හැමගෙදරකම "යහපාලන කාර් එකක් " විතරක් තියෙන්න ඕන හින්ද තමයි දැන් tax ගහල තියෙන්නෙ ...

      Delete
    2. // මට නම් දැන් රනිල් කියන්නේ මිනිසුන් මුළා කරන දූෂිත අශීලාචාර බේගල් කෙලින පිස්සු අපත යකෙක්. එයා හොඳට රට රටවල සවාරි ගහලා එයාගේ මෙලෝ රහක් නැති කාලකණ්ණි ඇමැට්ටන්ට මහජනයාගේ රීරි මංශය උරලා ගත්තු මුදලින් ලක්ෂ 750 - 400 යේ කාර් අරන් දීලා දැන් සුර සැප විඳිනවා. //


      තරු ද නිදන මහ රෑ
      නිදමි මහද නිදි නෑ

      කවුද ඩෝ රනිල් ට බනින්නේ?

      Delete
    3. බලාපොරොතුවක් තබා ගත හැකි පිරිස ඉතා අල්පයි.

      2020 ට කලින් බෝ දේ සිඳු වේවි. මේ කාළකන්නින්ට නම් 2020 වෙනකන් ඉන්න ලැබෙන එකක් නෑ.

      Delete
    4. //ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්//
      නෑ නෑ ඒක උනේ ගහෙන් වැටුනු ගොනා ට මිනිහා ඇන්න වගේ වැඩක්.

      Delete
  9. මාතේ,

    මේ උඹලගෙ ගම් පළාත කිට්ටුව වෙච්චි සීන් එකක්. මීට අවුරුදු 6 කට ඉස්සර 2010දී හිටපු ඇමති මර්වින් සිල්වා කිර්බත්ගොඩ ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුතු වලදී සෘජුව මැදිහත්වූ අයුරු රූපවාහිනියෙන්ද බොහෝ අයට නරඹන්නට ලැබිණි. මෙකී සමයේ ඇමතිවරයාගේ ඇතැම් පිරිස් කිසිදු ලිපි ලේඛනයකින් තොරව එක්වරම නිවාස ඉදිරිපිටට පැමිණ බැකෝ යන්ත්‍ර යොදවා තාප්ප නිවාස උදුරා දැමුණ අතර බලහත්කාරයෙන් සිදු කළ ඇතැම් කඩා බිඳ දැමීම් ඉවසා සිටින්නට මහජනතාවට සිදුවූයේ එකල මර්වින්ට එරෙහිව කිසිදු වරදක් සම්බන්ධයෙන් නීතියක් ක්‍රියාත්මක කරන්නට ඉහළින් වළක්වා තිබුණ බැවිනි.

    නමුත් වසර ගණනාවකට පසු එම තත්වය කණපිට හැරී මර්වින් ඇමතිවරයා නිවසක තාප්පයක් හා වැසිකිලි නානකාමර ඒකකයක් කඩා ඉවත්කිරීමෙන් සිදු කළ මූලික අයිතිවාසිකම් කඩකිරීමකට වන්දි ගෙවන්නට සිදුවූ පුවතක් ඊයේ අධිකරණයෙන් වාර්තා වුණා.

    කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිචිකරුවකු වන අසිත නානායක්කාරට අයත් නිවසේ තාප්පය 2010 වර්ෂයේ සැප්තැම්බර් මස 18 වැනි දින විරෝධය නොතකා කැලණිය ප්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් ගලවා ඉවත් කරන්නට මර්වින් සිල්වා එම ස්ථානයට පැමිණ එම ක්‍රියාව සිදු කරවූ බවත් පෙත්සමෙන් දැක්විණි. ඔහු පවසන්නේ එය මාර්ගය පුළුල් කිරීමක් යයි දක්වමින් ඇමතිවරයා සිදු කළද පුද්ගලික පලිගැනීමක් ඒ තුළ වූ බවයි.

    (ඇමතිවරයාට හිතවත් ගොලයින් තම නිවසට යාබදව බාධාකාරී ලෙස ත්‍රීරෝද රථ ගාලක් පවත්වා යන නිසා එයට එරෙහිව නඩු පැවරීමෙන් පසු ඒ ගැන ආරංචිවී පැය බාගයකින් තාප්පෙ ගලවනවා යයි මර්වින් ඇමතිවරයා තර්ජනාත්මක ඇමතුමක් දී මේ දේ කරවූ බවද පෙත්සමෙන් දැක්වේ. මේ ගැන එදිනම පොලිසියට පැමිණිලි කළද ඇමතිවරයාගේ බලපෑම නිසා ඒ ගැන විමර්ශනයක් පොලිසියෙන් සිදුවූයේ නැතැයිද දන්වා ඇත.)

    ප්‍රදේශවාසියකුගේ නිවසේ තාප්පයක් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීමෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා විසින් ඔහුගේ මූලික හිමිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ හතරක වන්දියක් ඔහුට ගෙවන ලෙස හිටපු මන්ත්‍රීවරයාට නියෝග කළේය. එවක රජයේ ඇමැතිවරයකු වශයෙන් එම වරද කර ඇති නිසා රජයෙන්ද රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කරුට ගෙවන ලෙසද නියෝග කෙරිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමෙන් කිරිබත්ගොඩ එවකට (2010) ‍පොලිස් ස්ථානාධිපතිව සිටි චමින්ද එදිරිසූරියද වරදක් සිදුකර ඇති බැවින් ඔහුද තම පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක් වන්දි ලෙස ගෙවිය යුතු බවටද නියෝග කෙරිණි. මෙම තීන්දුව ප්‍රකාශ කළේ ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න හා කේ.ටී. චන්ද්‍රසිරි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විසිනි.

    අන්ත දූශිත මහින්ද රාජපක්ෂට ගෙදර යන්න වුනේ මේ ව‍ගේ පහත් පෙලේ කාලකන්නීන් හට තනතුරු තානාන්තර දී ලග තබා ගත් නිසායි. ගස් බැදීම, තාප්ප කැඩීම, බාර් ඇරීම සහ වැසීම, තර්ජනය කිරීම්, පහර දීම් ආදී සාමාන්‍ය ජනයාට පීඩා වන අයුරින් මොහුගේ හැසිරීම එකල අපට නිතර දැකගන්නට හැකි විය. ඒවා නොදැක්කා සේ සි‍ටීමෙන් මහින්දගේ රජය කර ඇත්තේ ඉතා බරපතල වරදකි.

    කොතෙක් අඩුපාඩුකම් තිබුනත් පසුගිය සමයට සාපේක්ෂව නීතිය වඩා හොදින් ක්‍රියාත්මක වන බව පේනවා. නීතිගරුකව ජීවත්වන පුරවැසියන්ට සතුට ගෙනෙදෙන පුවතක් මෙය.

    මේ ජඩයා බැසිල් ගෝටා නාමල් සහ මරාගේ නියෝග අනුව ගස්බැඳපු අහිංසක සමෘද්ධි නිලධාරියටත් සාධාරණයක් ඉටුවිය යුතුයි. මෙච්චර සාධාරණ යුක්තිගරුක ආණ්ඩුවට බැන බැන ඉඳල හරියන්නෙ නැහැ මාතලන්. ඇත්තටම ඇයි මාතලන් මේ පරයා ඇතුලු ඒකාබද්ද මලබද්ද කැඳ හැලියේ බලු පාහර හිරිකිත පල් හොරුන්ට විරුද්ධව කතා කරන්නෙ නැත්තෙ? කටේ පිට්ටුද?

    ReplyDelete
    Replies
    1. පිට්ටු කන්න නම් බොහෝම මනාපයි. බොරට හදපු කරත්ත ඇන්ජින් සහ පොල් කිරි එක්ක..

      එයාලා ගැන ලියලා ගොඩාක් කල්.. එයාලා ගැන බලා ගන්න නේ යහපාලනයක් ගෙනාවේ..

      Delete
    2. ඔය පාලක පැලැන්තිය ඇත්තටම පවුය පු යන්නවල් උඩඩ දමාගෙන ඕකුන්ට කතිර ගැහුවේ බොලා අපිමය..දැන් ඉතින් පු..විකාගෙන ඉන්නවා හැර මක්කවත් කරලා වැඩක් නැතිය

      Delete
    3. මා.... කාටද මේක කියන්නේ...//

      Delete
  10. අපි නන් ඕවා වෙන බව කලින්ම කිව්වා.... දුක මගේ රටට කෙළ වෙච්ච එක ගැන...

    ReplyDelete
    Replies
    1. නන් කිව්වේ Nun ද නිකන් නන් දොඩවන්නේ නැතුව හිටු.

      Delete
    2. රටට නම් කෙලෙවෙලා නෑ... රට අගේට තියෙනවා... මිනිස්සුන්ටත් කෙලවෙලා නෑ... උනුත් හොඳට ඉන්නවා.. එකම දේ මේ අසාධාරන වැඩ නොනවත්වා සිද්දවෙන එක..

      Delete
  11. අර හඳුන්නෙත්ති උන්නැහෙ කියල තිබුණෙ පිං පඩියෙන් 100 ක් කපනවනම් මන්ත්‍රී කෙනෙකුගෙ පඩියෙන් 500 ක් කපන්න ඕන කියල...ඒ කියන්නෙ 500 x 225 = 112,500/-. හප්පේ කොයි තරම් නම් ගානක්ද නේ...මුළු රටෙන්ම එකතු නොවේවි ඒ තරම් ගානක්...

    අසංක

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම කලින් හඳුන්නෙත්තිලගෙ පුකට පයින් ගහලා එලවන්න ඕන..

      විප්ලවේ කරන්න ආපු උන් සිස්ටම් එකට අනුගත වෙලා සද්ද බද්ද නැතිව එකතුවෙලා කනවට...

      Delete
  12. පව්ම සත්තු ටිකක්...රනිලට රටේ දැවෙන ප්‍රශ්ණ කියල පෙන්නේ මේවා වෙන්න අඑති

    ReplyDelete
    Replies
    1. කොහොමද ඔය දොළ දන් දීලත්, අන්තීමට පුකට පයින් ගහලා එලෙව්වාම..

      Delete
  13. මේක ශෙයාර් කරලා බැලුවා.. එන ප්‍රතිචාර හා ප්‍රතිචාර දක්වපු පුද්ගලයින් ගැන හිතුවම යහපාලනේ ට සොරි ඩොට් කොම් කියල තමයි හිතෙන්නේ ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං ප්‍රාදේශීය තියන්නෙ නැත්තේ...

      Delete
  14. Maathalan , godak news thiyanawane me dawas deke. Police,Strike wage. Daannako parakku nethiwa ape kiyaweeme preethiya udesaa. Ada gedarane inne strike nisa, Kaalegannawa wedii post dekak athara. Ohoma parakku karoth Rs. 25,000 ka dadayak gahanawa.

    ReplyDelete
    Replies
    1. මෙ ටිකේ පෝඩ්ඩක් බිසි උනා මචෝ...

      Delete
  15. මට පිස්සු හැදිලා ඉන්නේ බං. මාතා උඹ පිස්සු ඩබල් කරනවා. කවුද දොස්තර.. එලුවෝ ගැන කියනවා, නූල කැඩිච්ච නැති පොහොට්ටු ගැන කියනවා. පිස්සු හුකන්නේ නැතුව ඇත්ත කියපන්. අපිට මේ යන්න, ඔන්න මෙන්න වගේ.

    ReplyDelete
    Replies
    1. මෙහේ ආපු එකෙක් ඉරිදා රෑ ඔහේ එනවා කිව්වා... උගෙන් අහගනින්කෝ විස්තරේ...

      Delete
  16. මෙව්ව අහලම එපා වෙලා බං. මුන්ට කාර් පර්මිට් දීල ඒවා විකුණන් කාල තව අමාත්‍යංශ වලට වාහනත් වෙන් කරල ඔව්වගෙන් අපිට යමක් කරනවානම් මෙලහකට ලංකාව එංගලන්තයක් වෙලා නැති බැරි එකාට කවුන්සිල් ගෙයක් හබුවෙලා ජොබ් නැති එකාට ජොබ් සෙන්ටර් ඇලවන්ස් එකකුත් හම්බු වෙලා.

    අනික මුන්ට ලක්ෂයක් ෆෝන් එකට දෙන්නෙ මොන ලබ්බකටද බං? තව පාර්ලිමේන්තුවට එනවට ගානක් දෙන්නෙත්?

    දැන් බස් ස්ට්‍රයික්. ජනාදිපති කියන්නෙ ඕනෑම එකකට එයා සමග සාකච්චා කොරන්ට එන්නලු. මේ කියන විදිහට ජනාදිපති හිතං ඉන්නෙ ලංකාව කියන්නෙ ස්විට්සර්ලන්තේ වගේ කියල.

    කතාවේ හැටියට ලබන අවුරුද්දෙ අන්තිමට ලංකාව සිංගප්පූරුව වෙනවලු. දවල්ටද දන්නෙ නැහැ හිටං 😡

    ReplyDelete
    Replies
    1. චීනා නාවොත් මුන්ට යන එන මං නැති වෙනවා...

      Delete
  17. ඇමතියන්ට වාහන දෙන්නෙ ගමට සේවයක් කරන්න කිවුවට අපේ ගමටනම් එක පකෙක් ආවෙ නෑ ඔය පක්කු අවොත් වාහන කුඩු කරනව බඩේ බත් ටික වගෙ ශුවර්

    ReplyDelete
    Replies
    1. උඹලා නිසා තමයි ඕන් ගෙවල් කුලියකුත් දෙන්න යනවා ලක්ෂයක්...

      Delete
  18. පාර්ලිමේන්තුවේදි ඔය දොලපිදේනි වලට විරුද්ධව කතා කරන අයට එයාලට විතරක් ඒ දේ නොලැබෙන්නද පක්ශවන සැමට අදාල පිදේනි ලබාදෙන සේද සිස්ටම් එකක් ක්‍රියාත්මක වන බව 'ඕන ගොනා' පැහදිලිවම කිව්ව.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ දෙයක්... මොකෝ ඕවට එකෙක්වත් අකමැති නෑ.. ජෙප්පොත් ඉන්නේ ඒ බෝට්ටුවේම තමයි...

      Delete
  19. අරක්කු බෝතලෙයි, සිගරට් එකෙයි මිල ඉතාම අසාධාරණ විදියට අහස උසට වැඩිකරලා, සාමාන්‍ය මිනිසුන්ගේ අහිංසක ආතල් එක එක සුන්නත් දුලි කල මේ අධම හැතිකරයට හෙනහතම ගහන්න ඕනෙ.

    උන්ට චන්දෙ දුන්න එවුන්ටත් හෙන හතම ගහපන් කියල කියන්න බැරි, අපිත් මේ පක්කුන්ට චන්දෙ දුන්න නිසා.

    'කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බල්ලෝ' කියල කීවලු.

    ReplyDelete
    Replies
    1. ඒවට කෙලපු එක නම් හෙන ගහන වැඩක්... සිරාට යන එන මං නැතිවෙන්නේ ඕකෙන් තමයි...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න