.

.

Nov 14, 2016

ෂී ජින්පින් අයියා වෙත ලියමි..! (එකම පිහිට චීනා පමණි) - Dear Xi Jinping (The Only Hope)




වර්ෂ 2016 ක් වූ නොවැම්බර මස 15 දින,
ගිරුවාගම්පත්තුවේ,
බැද්දේගමදීය.

චීන සමාජවාදී රාජ්ජයේ,
අතිගරු ජනාධිපති උතුමානන් වහන්සේ,
ජනාධිපති නිල නිවස,
ෂැන්ග් හයි, චීනය.

ෆෙන්ග් ෂුයි පිහිටයි...!!!

අති ගරු ජනාධිපති උතුමානන් වෙත ලියා දන්වමි,

සහෝදරයා කියා අමතනවාට වඩා, අයියා කියා අමතනවාට මල පනිනා එකක් නැතයි කියා සිතමි. අයියා කී විට සමීප බවක් මෙන්ම, සනීප බවක්ද දැනෙනවාය. අයියාගේ සැප දුක් කෙසේද? අපි නම් ඉන්නේ නන්න පෝල් වෙලාය. සැප කනේය. ට්‍රම්පට් අයියා ආපු නිසා අයියා අප්ෂට් නෑ කියා තේරුනේ, අයියා ට්‍රම්පට් ගොයියාට විස් කොරලා තිබුන නිසාය. 

යහපාචන ආන්ඩුවෙන් තවත් සුරංගනා කතාවක් අපිට දීලා තියෙනවාය. මේ ඒකෙන් දුන්න තුන් වෙනි පොතය. දෙවනි එකේ නම් ඉතුරු උනේ කවරේ ඉතරය. ඒකෙන් ගහන්න ගියපු වැට් එකක්ද මක්ක්ද එකක් ගහගත්තේ, මේ ඊයේ පෙරේදාය. අනික් ඔක්කෝම ටිකට සිරිසේන ගොයියා කෙලලාම ඇරියේය. 

මේ සැරේ සුරංගනා කතාවට සිරිසේන උන්නැහේත් සම්මාදන් වෙලා තියෙනවාය. ඒ නිසා සුරංඟනා කතා වලට අමතරව ගැමි ජනකතා කීපයකුත් මේකේ තියෙනවාය. කොහොම උනත්, අයියාගේ මෙන්ම අපේත් හිතවත් මහින්ද ලොක්කා නම් කිව්වේ මේක සුරංගනා කතාවක් නොව භූත කතාවක් කියලාය. සම හරක් විට එහෙම කියන්න ඇත්තේ, මේ කතාවෙන් අපි හොල්මන් වෙනවා කියලා රවී මල්ලි කියපු නිසාත් වෙන්න ඇතිය. 

කොහොමින් කොහොම හරි කතාව ගොත ගගහා කියවද්දි හොල්මන් වලට බය උන් ඇස් පියාගෙන උන්නේය. සම හරක් කටත් ඇරගෙන, ඇස් පියාගෙන ඉන්නවා, අයියාත් රොයිටර් වලින් එහෙම දකින්නට ඇත්තේය. ඒ වෙලාවේ මට නම් හිතුනේ, අර උතුරු කොරියාවේ, "කිම් ජොන්ග් උන්" මළයා මෙහේ උන්නා නම් කොතරම් හොඳයිද කියලාය. රට හදන්න යන්නේ මෙහෙම කාළකන්නිය කියලා අපේ තාත්තා දෙකක් දමාගෙන කීවේ උන්දැත් හොඳ යූ ඇන් පී කාරයෙක් නිසාය. 

කැම්පස් යන්න බැරි උන් 15000 කට මිලියන ගනනක් වෙන් කොරලා තියෙනවා කියා අපූරු සුරංගනා කතාවක් තියෙන්නේය. වෙන් කරපු ගාන සිසුන් සන්ක්යාවෙන් බෙදුවාම එන්නේ රුපියල් 150 ක්ය කියලා අන්තරේ හාන්දුරු කෙනෙක් කියනවාය. එහෙම බැලුවාම, මේක හැදුවේ රවීද, වීරවංශ මළායාද කියා, අපිට පොඩි සැකයක් තියෙනවාය. අනික ඉතින් පෞද්ගලික අජ්ජාපනේ ගැන කතා කියන්නේ, මාලබේ උපාධි ගත්ත සෙට් දෙකක් ගෙවල් වලට වෙලා ඉන්නා වෙලාවකය. දොස්තරලාටත් බය ගොබ්බයෝ පිරිසක් ආන්ඩු කරන රටක් ලෝකයේවත් නැතිව ඇත්තේය. 

හැමදාම වගේ කිරි හරක් බයිලෙත් මේ සැරේ කතාවේ තියෙනවාය. දියර කිරි බොනවාට වඩා, වහ බොන එක කොහොමත් සැපය. අයියලා හරකුන් ඉම්පොර්ට් කරන්න අදහසක් හෙම තියෙනවා නම්, මෙහේ ඉන්න උන් ටික නොමිලේම දෙන්න අපි සැදී පැහැදි සිටිනවාය. නොවේ මෙවන් හරක් ලොවේ කියා, එදාට අයියාටත් හිතෙනවා ඇතිය. 

ජනතාවට පුක නැති වෙන්නම ටැක්ස් ගසා උන් ඉහගෙන කනවාය. මැති ඇමතිකම් නැති හරක් රැලට, කුලියට වාහනයක් ගන්න මාසෙකට ලක්ෂ 6 ක් දෙනවාය. කොන්ට්‍රැක්ට් එක අවුරුදු 5 කටය. වැට් ගහලා ගන්න මුදලත් මේවාට මදිය. එතකොට මුන් මන්ත්‍රි ලයිසොන් එකට ගෙනා වාහනවල යන්නේ උන්ගේ අම්මලා වෙන්න ඕනාය. IMF වලින් ණයට අරගෙන මුන් කරන්නේ ආතල් ගන්නා එකය. කලින් එකාත් කිව්වේ අපි ණය ගන්නේ කන්න නෙමෙයි හාන්දුරුවනේ කියලාය. ඒ උනාට උන් මක්කට හරි ගත්ත ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ අපිටය. එහෙම වෙලා තියෙන්නේ මේක එළ හරකුන්ගේ පමණක්ම නොව, මී හරකුන්ගේද ආන්ඩුව නිසාය. අපිට වෙලා තියෙන්නේ සියළු හරකුන්ට ආතල් දෙන එකය. 

රතන හාන්දුරුවන්ට නිවන් යන්න කෝටි පහක ජීප් එකක් ගන්නේ දායක දායිකාවන්ගේ මුදලින් වෙන්න ඕනාය. ඒවා නම් නිවන් යන පින්කන් නිසා මක්කත් කියන්න බැරිය. සම හරක් නම් කියන්නේ ඒ අවු අස්සේ, සිරිසේන හාමුගේ බේබී කොලුවාට කෝටි ගානක වාහනයක් එනවා කියලාය. මේ බේබිලාට කලින් බේබිලා කන පරිප්පු පේන්නේ නැති එකත් එක්තරා කරුමයක්ය. රවී මළයාත් බැන්ස් එකක් ගේනවා කියා කට කතාවක් ඒ අතරේ යන්නේය. 

මේවා ගැන ප්‍රශ්ණ කලාම උන් අපෙන් අසන්නේ ජනතාවට සේවේ කොරන්නේ බර කරත්තෙන් ඇවිල්ලාද කියලාය. අපි නම් කියන්නේ එහෙම එනාවා නම් මල් මසුරන් කියාය. මොකෝ මුන් ගැලපෙන්නේම ඒකට නිසාය. ඒ කියන්නේ කරත්තේ බෝන් ලීයේ නැගලා හෙම නෙමේය. බෝන් ලීය කරේ තබා ගෙනය.

ෆ්‍රී වයි පයි දෙනවාය කියා අමුඩයක් ගහ ගත්ත එකෙක් කුඹුරේ ඉඳන් ලැප් එකකින් වැලක්ද කොහෙද බලනවා පෙන්නපු අයියලා, සල්ලි දීලා ගන්න ඩේටා වලටත් 25% බද්දක් කෙලලාය. අපි ඩිජිටල් යුගේට යන්නේ එහෙමය. දැන් ඉතින් වෙන්නේ 25% ක ඩේටා අඩු වෙන එකය. ඉර කපුවත් 2500 ක් දෙන්න වෙනවාය. ඒවා නම් ඉතින් මොකා කලත් හොඳ වැඩ කියා කිව්වේ එහා ගෙදර ටැපික් පොලීසියේ අයියාය. මොකාට නැතත් ටැප්ක් එකේ උන් නම් අදායම් බදු ගෙවන සුපිරි පැලැන්තියේ පොරවල් වන එක නම් බුදු ෂුවර්ය. 

ඉතින් මේ මෙලෝ රහක් නැති වැල් බයිලා අයියාට කියන්නේ මාතලන්ට අමු කැවිලාද කියා අයියා බලනවා ඇතිය. ඇත්තටම මේ ඔක්කෝම අයියාට කිව්වේ දැන්, ඇති එකම පිහිට අයියා විතරක්ම නිසාය. මේ ගොන් වස්සෝ බලේට ආපු ගමන් අයියා ගෝල්පේස් එක්කේ පටන් ගත්ත වැඩේට කෙලලා ඇරියේය. අන්තීමට මේ හරකුන්ගේ මොළේ පෑදුනේ, ඇන්ජෙලා මර්කෙල්ලා කලිසම ගලවලා පුක පෙන්නන කොටය. 

උන් අපිට කරනවා තියා ,උන්ට කෙලවෙන්නේ කවදාද කියා බලාගෙන ඉන්නවාය. ඔබාමාටත් අබ සරණය, ඔලන්දේ මෙන්ම ඇන්ජෙලා නෝනාටත් හෙට අනිද්දා ගෙදර යන්න වෙනවාය. ට්‍රම්ප් ගොයියා අම්මට සිරි ලංකාව කියා එකක් තියෙනවාද කියලාවත් දන්නේ නැතිව ඇතිය. 

අයියලා හම්බන්තොට වැඩේ පටන් ගත්තේ නැත්නම් අපිට කන්න වෙන්නේ වහය. ඒන්න සේද පාරේ කියා අපි ඔහේලා ඉඹලා පිලි ගන්නවාය. අපට ඇති එකම පිහිට මැරිටයිම් සිලික් රෝඩ් ප්‍රොජෙක්ට් එකම පමණය. නැත්නම් වෙන්න 70-77 යුගේ කෑවා වගේ කුණු බක්කි අවුස්සාගෙන කන්නය. 

එදා උනේ ඒකය. බන්ඩාරණායකලා ඇපල් කකා වයින් බොද්දි ජනතාව කෑවේ කෙහෙල් අලය. උන්දැලාගේ උන් සෝබෝන් යද්දි අපේ උන් හින්ගල පමණක්ම දන්නා අමු ගෝත්‍රික රැලක් කලේය. උන් ජෝජට් සාරි අඳිද්දි අපේ උන් බූමූතෙල් ගඳ ගහන ඝංඨාර මාක් සරොන් කෑලීයි, කොට්ට උර වගේ ගවුම් කෑලීයි ඇන්දේය. මේ 56 ගොබ්බයා සහ පිරිස ආයෙත් දෙන්න යන්නේ ඒ වගේ රටක්ය. 

මෝඩී අයියාත් පොඩ්ඩක් අපි ගැන ඉන්ටරෙස්ටය. අපේ උන්ට කොන්දක් තිබුනොත් එයාලත් මේ පැත්තේ එන්න ඉඩ තියෙනවාය. ඉතින් අයියලා ඒකට මල පන්න ගන්න ඕන්ත් නැතිය. මොකො අපිට වඩා අයියා එයාලා එක්ක පිට් කියා අපි දන්නා නිසාය. 

තානාපති මල්ලිටත් අපේ හරක් ගැන කීවා නම් හොඳය. මොකෝ පුක කහන්න නියපොත්ත නැතත්. අපේ උන් ජාතිකාභිමානේ බීලා, භෞමික අන්ඩවාත අරිනා උන් නිසාය. ඒ අපේ ගොන් කමය. අපිට කෙලවෙලා තියෙන්නේ පුක කහ ගන්නවත් බැරි මේ අභිමානේ නිසාමය. 

මීට ,

සදා හිතවත්,

මාතලන් මල්ලි

68 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. එදා උනේ ඒකය. බන්ඩාරණායකලා ඇපල් කකා වයින් බොද්දි ජනතාව කෑවේ කෙහෙල් අලය. උන්දැලාගේ උන් සෝබෝන් යද්දි අපේ උන් හින්ගල පමණක්ම දන්නා අමු ගෝත්‍රික රැලක් කලේය. උන් ජෝජට් සාරි අඳිද්දි අපේ උන් බූමූතෙල් ගඳ ගහන ඝංඨාර මාක් සරොන් කෑලීයි, කොට්ට උර වගේ ගවුම් කෑලීයි ඇන්දේය. මේ 56 ගොබ්බයා සහ පිරිස ආයෙත් දෙන්න යන්නේ ඒ වගේ රටක්ය.
    100% true

    ReplyDelete
  3. බැන්කු ඉතුරුම්වල පොලියටත් 5% බද්දක් ගහනවලු හරී සංතෝසයි.
    tax රවීගෙ අම්මට ,
    මේ දවස්වල හැමෝම මතක් කරනව කියල කියන්න කියල බුකියෙන් දැක්කා :D

    ReplyDelete
    Replies
    1. සදා සොත්ති භවන්තුතේ....

      Delete
  4. විකුණා බැඳුම්කර රටකට දී සුද්ද
    හූරා කමින් අටවා බද්දෙන් බද්ද
    කෙළවන අපට උන් බොරකරගෙන හොද්ද
    හමගිය අමුඩයකි යහපාලන රෙද්ද

    - කඩවත පියසේන

    ReplyDelete
    Replies
    1. පදමට උයා යහපාලන ගොඩ හොද්ද
      වල් බූරුවො රැලක් පත් කොරගත්තේ නැද්ද?
      හරක් විජේසූරිය කෝ කොහි වෙද්ද
      හෙන වැදියන් තොපට සමගින් මහ සද්ද!

      Delete
    2. සාරස
      උඹ අඬ අඬා හිටිය නේද ඉකොනොමැට්ට බැදුම් කොරේ ගැන ලියන්නෙ නෑ කියල.
      අන්න පොර හිටු කියල ලියනව.
      තෝ දැන් නිදිද?

      Delete
    3. // තෝ දැන් නිදිද? //

      ලොවම නිදන මහ රෑ
      නිදමි මහද නිදි නෑ...

      Delete
    4. කයි පද වලට බොහොම ස්තූතියි....

      Delete
    5. සාරසයෝ අන්න නේවි එකෙන් ශුද්ධ ලාභය හැටියට රු කෝටි 233 ක් රජයට උපයලා දීලා අර මිනීමරු ගෝටා කරපු හොර ඇවන්ට් ගාඩ් බිස්නස් එක නැවත්තුවට පස්සේ. දැන් ඉතින් මරාට ලෑස්තිවෙන්න කියපන් අපි පෝලිම දාන්න එනවා කියලා.

      Delete
  5. ඔය බජට් කථාව අව් අස්සේ " ඉන්දන වලින් පමණක් ධාවනය වන රථ වාහන සඳහා වසරකට රු. 2500.00 නව බද්දක් හඳුන්වා දේ" කියල කිව්ව මට ඇහුනා.
    මේක ගැන කවුරුවත් කථාවක් නැත්තේ ඒක මට හීනෙන් වත් ඇහුන දෙයක්ද?
    මේ දවස් වල හීනෙනුත් රවී උන්නැහේ බජට් එක කියෝනව පේනව තමයි..

    ReplyDelete
    Replies
    1. හීනෙන් බය වෙන්න ඕන නෑ.. දැන් බජට් එකෙත් හොල්මන් තියෙන කොට...

      Delete
    2. ඉන්ධන වලින් ධාවනය නොඅන්ව රථත් තියනවද? ඒ කියන්නේ සම්පුර්ණ විදුලියෙන්ම? විදුලියත් ඉන්ධන වලින් නම් ලබා ගන්නේ (ඩිසල් වගේ)?

      Delete

  6. අල්ලපු හොරෙකුත් නැති - කොරාපු සංවර්ධනයකුත් නැති
    ගෙනාපු යහපාලනයකුත් නැති- හොරු අල්ලන්න ආපු උන්ම හොරාකති

    ReplyDelete
    Replies
    1. කොන්ක්‍රීට් වලින් සංවර්ධනය කල
      පවුලට ළමයිව කොලිෆයි කල
      හොරු අල්ලන උන් අල්ලන්නේ නැහැ කියා
      හොරු ටික ආයිමත් එන්න ඕනලු.

      Delete
    2. අනාථ අයට සැලකීම පිනක්. අනාථ සෙට් එකට බලාපොරොත්තු දෙන පින ඉයන්ට අත්වේවා.

      Delete
    3. හොරු හොඳයි කම්බා හොරුන්ට වඩා නැද්ද මං කියන්නේ හැක් හැක්

      Delete
    4. මමත් එහෙම හිතනවා කුරහන්. ඔය 15000 කට සිසු ණය දෙන්නෙ මොන එහෙකටද 15000 ටම හොර පෙරකදෝරු සහතික දුන්නනම් සහතික ප්‍රින්ටිං වියදම විතරයිනෙ යන්නෙ. අපරාදේ ඒ වගේ හොඳ වැඩ නැවතුනේ.

      Delete
    5. අපිට තියෙන්නේ හොරකමේ ප්‍රමාණය අනුව නායකයන් තෝරාගන්න...

      Delete
  7. මගේ යාලුවෙක් ජින්සෙන්ග් බීල මළා

    ReplyDelete
    Replies
    1. බලහන්කෝ ඉතින්... කොලුවෙක් මැරිලා තියෙන්නේ ව්‍යාඝ්‍රා බීලා...

      Delete
  8. අනාථ අයට සැලකීම පිනක්. අනාථ සෙට් එකට බලාපොරොත්තුදෙන පින මාතලට අත්වේවා.

    ReplyDelete
    Replies
    1. එයාලා ස්වයං වින්දනයේ යෙදනවා මහින්ද ආයෙත් එයි කියලා.. වෙනත් ආත්මයකදි තමයි ඉතින්.. අපි කරන්නේ මුන්ගේ වැරදි හා ඩු පාඩු පෙන්වා දෙන එක පමණයි...

      එහෙම නැතිව කාලකන්නි රෙජිමයක් ආයේ පැත්ත පලාතේ ගේන්න ඕන නෑ.. ඇත්තටම මේ ආන්ඩුවේ උන් හොඳ වැඩියි... ජේ ආර් වගේ කෙනෙක් උන්නා නම් මුන් ඇතුලේ.. එහෙම නැත්නම් අඩුම ගානේ ප්‍රජා අයිතිය හරි අහෝසී කරලා...

      දැන් උන් රනිල් හොරා කියලා රට පුරා පෝස්ටර් ගහනවා... ආන්ඩුව ඒ තරම් ගොබ්බයි...

      Delete
    2. A two-minute silence for all these butthurt Ranil's ass-lickers. You will be missed in the near future.

      Delete
    3. //ඇත්තටම මේ ආන්ඩුවේ උන් හොඳ වැඩියි... ජේ ආර් වගේ කෙනෙක් උන්නා නම් මුන් ඇතුලේ.. එහෙම නැත්නම් අඩුම ගානේ ප්‍රජා අයිතිය හරි අහෝසී කරලා...

      [නමුත් එය] චීෆ් ජස්ටිස් එලෙව්වා වාගේ ක්‍රමයක්ය. ඒය මොකා කලද අනුමත කල හැකි දෙයක් නොවේ. අමුම අමු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රමයකි.//

      Delete
    4. ප්‍රජාතන්ත්‍රවාදි විරෝධි ක්‍රම ඕන නෑ.. මුන් කරලා තියෙන හොරකම් මදෑ මුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න..

      Delete
  9. මො කා දෝ එකා මට නොදැනෙයි මෙ කා ක කා ‍
    වැට් බදු ගහන, යහපාලන එ කා වි කා
    ඇට නහර මස් බිලිගන් සැනෙ කා ය කා
    මහ සොහොන් මුගෙ දිවි හරින් ම කා

    ReplyDelete
    Replies
    1. මහසොහොන් P කාලෙකින් දැක්කෙ නෑනෙ

      Delete
    2. වැට් එක 20% ගහන කාළෙත් මේ කවි ලිව්වයි මහත්තයෝ...

      Delete
  10. //ඒ කියන්නේ කරත්තේ බෝන් ලීයේ නැගලා හෙම නෙමේය. බෝන් ලීය කරේ තබා ගෙනය.//
    +++++++++++++++++
    ජයවේවා..!!

    ReplyDelete
  11. හොදම එක
    "ට්‍රම්ප් ගොයියා අම්මට සිරි ලංකාව කියා එකක් තියෙනවාද කියලාවත් දන්නේ නැතිව ඇතිය"

    ReplyDelete
  12. බජට් ගැන දැන්ම කතා කිරීමට බැරිය. ප්‍රොපෝසල්ස් යනු ඉතා වෙනස්වන සුලු දේවල්වේ.

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ එකම ප්‍රොපෝසල් එකක්වත් මැරේජ් එකකින් කෙළවර වෙන්නේ නැති එක..

      Delete
    2. //////කරුමේ කියන්නේ එකම ප්‍රොපෝසල් එකක්වත් මැරේජ් එකකින් කෙළවර වෙන්නේ නැති එක../////////////
      +++++++++++++++

      Delete
  13. මේ පාරත් බජට් කෝලම රඟ දක්වන්න වගේ යන්නේ..
    ජල ගාස්තු වැඩි නොකරන බව ජනපති කියයි http://nethnews.lk/article/26222

    ReplyDelete
    Replies
    1. ඒකත් එක සෙප්පඩ විජ්ජාවක් තමයි ළකුණු දාගන්න...

      Delete
  14. මෝඩී අයියාත් පොඩ්ඩක් අපි ගැන ඉන්ටරෙස්ටය. අපේ උන්ට කොන්දක් තිබුනොත් එයාලත් මේ පැත්තේ එන්න ඉඩ තියෙනවාය. ඉතින් අයියලා ඒකට මල පන්න ගන්න ඕන්ත් නැතිය. "මොකො අපිට වඩා අයියා එයාලා එක්ක පිට් කියා අපි දන්නා නිසාය."

    ReplyDelete
  15. මමත් ෂී ජින්පින් අයියා මතක් කළා කියහන්

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලියුමෙදි උඹත් මතක් කොලා කියලා කියන්නම්...

      Delete
  16. සිගරැට් එකට බෝතලයට කෙලියේය
    ඒ දෙක නැතුව රට කෙරුමට බැරි සේය
    කන බොන එකා මව් ගුණ සමරන්නේය
    පරක්කු අයියලා දෙදෙනම පච වේය

    ඇමරික - යුරෝපා දෙයියා පල් වේය
    වැඳ වැටි නමුත් ලද ලබ්බක් නැති සේය
    සිරනිල බාන චීනෙට හිඟමන් යාය
    අයියා පයින් ගැහුවොත් නම් කෙලවේය

    - මයුරවිල මි

    ReplyDelete
    Replies
    1. අයියා පයින් ගැහුවොත් හෙම හැමිනේය...

      Delete
  17. මා ආදරණීය මාතලන් මලයා වෙත ලියමි,

    අම්මට සිරි ලංකාවේ දස ලක්ෂ ගණනක් පින්හාමිලා හිටියත් මට ලියුමක් ලියා එවන්ඩ නුවණ පහල වුන එකම එකා වන මාතලන් මලයාට පළමුව ස්තුති කොරන්ට ඕනෑය . මලයා කොච්චර චුරු චුරු ගෑවත් අම්මට සිරි ලංකාවේ ඉපදීම ගැන සතුටු වෙන්ට ඕනෑය . මොකද මේ රටේ එහෙම ඉඳගෙන ඔය වගේ ලියුමක් ලීවනම් එහෙම මලයා කෙලින්ම යන්නේ පොහොර ෆැක්ටරියට හින්දාය . එහෙම වුනා නම් මේ වගේ පිස්සු කෙලින්නේ නැතිව උපන් භූමියට පොහොර වෙන්ට ලේසියෙන්ම තිබුණාය . මෙහේ වැඩ වෙන්නේ එහෙමය. උඹලාට ඒවා තේරෙන්නේ නැතිය. මලයා වගේම අන්තරජාලයේ බොග දාන බොග් වහන්සේලා, ආර්ථික ඔස්තාද්ලා මෙකී නොකී හැම එකාටම වෙන්නේ ඒකමය . නමුත් අම්මට සිරි ලංකාවේ දැන් එහෙම නොවෙන හින්දා උඹලාට ඒ ගැන අවබෝධයක් නැතිවාය. මගේ තාලයට නැටූ මැදමුලන මහා රිලවා වහන්සේ හිටියා නම් ඔය සේරම බොග් වහන්සේලා හා ෆේස්බුක් පඬිතුමන්ලා සේරම මේ වෙනකොට පොහොර මලුවලය, එක්නැලිගොඩ හමු වෙන්නට ගොස්ය. මලයා හිතාගෙන ඉන්නේ මම දිවිය ලෝකේ ඉන්නවා කියලාද? මම බොහොම අමාරුවෙන් තමයි චීනු ටික පාගාගෙන රට කොරගෙන යන්නේ. එකෙකුටවත් කතා කොරන්ඩ දෙන්නෙත් නෑ , මම කියන දේට වඩා ඉහලින් කොරන්ඩ දෙන්නෙත් නෑ . මලයාගේ හිටං ලොක්කට තියෙන්නෙත් මං දිහා බලලා පාඩමක් ඉගෙන ගන්න එකයි රට කොරන හැටි ගැන. කොළඹ වරාය හදන එක කල්ගියාට අපට ගානක්වත් නෑ . අනික මම ඔය කෙහෙල්මලට වැඩිය කැමැත්තක් තිබ්බෙත් නෑ . මොකද කියනවනම් අර උඹලගේ රටට උතුරින් ඉන්නා එවුන්ට ළඟ වැඩි හින්දා. ඒකට හම්බන්තොට. අපි උඹලගේ මැදමුලන ලොක්කා ගොනාට අන්දවලා ලොකු වරායකුත්, ඕනෑ ප්ලේන් එකක් බස්සවන්ඩ පුළුවන් එයාර්පෝට් එකකුත් හැදුවේ නිකන්ද? ඔය අලි ඇත්තු, මොනරු, කුරුල්ලන් ඇවිදින පාලු පලාතක මොන ජාත්යන්තොර ගුවන්තොටුපලවල්ද, වරායවල්ද? අපි ඕවා හදවා ගත්තේ පොඩි වැඩකට. ඒක ඉතින් මලයාගේ රටේ පාලනේ කොරන හැත්තට තේරෙන්නේ නෑ .
    අර බොහොම ඉස්සර මලයලාගේ රටට විජයද මොකෙද්ද ආවා වගේ අපේ චීනුන්ට දැන් හම්බන්තොටින් ගොඩ බැහැලා උතුරු කොනටම ගිහිල්ලා මෝඩි ලොක්කට කොකා පෙන්නන්ඩ හරිම ලේසි. රජිව් ගාන්ධියා යාපනේට පරිප්පු දානකොට බකං නිලාගෙන හිටපු උඹලා අපි වැල නොකැඩී හම්බන්තොටින් ගොඩ බහින කොට මොනවා කොරන්ඩද? අපේ තානාපතියා කට කැඩිච්ච කතාවක් කීව බව හැබෑව. ඒත් අපි දැන් මොනවා කිව්වත් මලයාගේ රටේ එවුන්ට මොකවත් කොර ගන්ඩ බෑ නොවැ . අපි හෙමින් හෙමින් වැඩේ දෙනකල් උඹලා අපේ දෙවැනි තායිවානේ වෙයි කියලා හිතාගෙන, අර වතුර පැහෙනකල් සොමියේ ඉන්න කකුළුවෝ වගේ ආතල් එකේ හිටපල්ලා. උඹලට කෙලවෙන්නේ කොහොමද, කවදද කියලා උඹල එකෙකුටවත් හිතා ගන්ඩ බැරිවෙයි. මාතලන් මලයාට ඊට කලින් පුංචි රතු කිකිළියක් එක්ක සොමියක් දාන්ඩ එහෙම ඕන නම් මේ පැත්තේ ඇවිත් ගියාට කමක් නෑ . ඔය කොච්චරදෝ යහපාලන මැති ඇමතිවරු වැල නොකැඩී මෙහෙ ඇවිත් යන්නේ. හැබැයි එනකොට මැත දොඩවන වාචාලයෝ යන්නේ කටක් නැති උන් වගේ මොකද අපි ළඟ වීඩියෝ තියෙනවානේ. මාතලන් මලයාට යහපතක්ම වේවා. ආයෙත් ඉඩක් තියෙන වෙලාවක ලියුම් කරදහියක් ලියා එවාපන්.

    මීට
    ෂී ජින්පින් අයියා

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියා...

      මරු රිප්ලයි එක...

      Delete
    2. මාතලන්ට රතු කිකිළියො......ජින්පින් අයියේ අපිට නැද්ද...

      Delete
    3. රතු කිකිලියෝ කොළඹ වැහි වැහලා...

      Delete
  18. අපිට නං දුකක් නැහැ බං........... අර අඩු වෙච්චි වෙලාවේ ඇල්ටෝ එකක් ගත්තානේ.....

    ReplyDelete
    Replies
    1. බැලුවාම කාටත් දුකක් නෑ නේ... බොරුවටද කොහෙද කෑ ගහන්නේ..

      Delete
  19. දැල්වූ පහන්.. දල්වී තිබේවා ... 🙏 .. 🎶🎶🎶...
    සුන්වූ පැතුම්.. ලළුලා නැගේවා..🎶🎶🎶

    හෑෂ් ටැග් සේව් ශ්‍රී ලංකා 😜

    ReplyDelete
    Replies
    1. සිරි ලංකා තැනට කලින් "අම්මට" කෑල්ල අමතක වෙලා මයෙ හිතේ..

      Delete

  20. ==ෆ්‍රී වයි පයි දෙනවාය කියා අමුඩයක් ගහ ගත්ත එකෙක් කුඹුරේ ඉඳන් ලැප් එකකින් වැලක්ද කොහෙද බලනවා....=====

    Fantastic Maathalan lokkaa.....
    Happy.....
    Happy.......
    Happy..........

    #2...
    All the sons of different presidents' are most privileged young people in the country.
    If they can have a luxurious things...then who can have without paying a single cent from their fathers and mothers pockets. .?

    ===Adrian from Toronto====

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවාම බේබිලා නැති රනිල්ලා ප්‍රේමදාසලා දාහෙන් සම්පතයි....

      Delete
  21. චීනා මිස නැත අන් වෙන සර​ණා

    ReplyDelete
    Replies
    1. චීනා ආවේ නැත්නම් ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන් විප්ලවයක් එයි... මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ..

      Delete
  22. ඇත්තටම සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් විදිහට අපි වගේ එකෙක් අපේ රටේ හැටි කියල හොඳ ලියුමක් චීනෙ, රුසියාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටක ජනාධිපති කෙනෙකුට යැව්වොත් මොකක් වෙයිද... මට මෙහෙම හිතෙන්නෙ සීරියස් විදිහට... දැන් මට හිතෙන්නෙ අපේ රට වෙනත් හොඳ රටක යටත් විජිතයක් වෙලා වසර 10 ක් වත් නැවත ගත කරන්න ඕන යම්කිසි සාධනීය සංවර්ධනයක පුරුද්දක් ලබන්න ( තාක්ෂණය මෙන්ම ආකල්ප )

    මෙහෙම කිව්වම ගොඩක් අය මට බනියි දේශද්‍රෝහියෙක් කියල...ඒත් නිදහසින් පස්සෙ අපේ නායකත්වයන් යටතේ වුණු දේ එක්ක බලද්දි අපේ බැරිකම, කුහකකම, ඊරිසියාව පිළිඅරන්, මේ මහා ශ්‍රී විභූතිය ටිකක් අමතක කරලා හිස් මනසකින් බැලුවොත් හොඳයි කියල මට හිතෙන්නේ...

    අසංක

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මාතලන් නම් අද ඊයේ නෙමෙයි දැණුමක් තේරුමක් ඇති කාළේ ඉඳලා ඉන්නේ ඔය අදහසේ. ඇත්තටම අපිට නිදහසක් දුන්නා නෙමෙයි. උන් මේ කරුමෙන් නිදහස් උනා.

      Delete
  23. යහපාලනේ වෙනුවෙන් මැර පාලනේ ඉවරකරා. දැන් ආපහු මිනිස්සු ඉල්ලන්නේ මැර පාලනයක්ද බං. හොර සහ මැර මැද අපි කොර වෙලා සහ චොර වෙලා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු එහෙම ඉල්ලනවා නම් ඒක මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි. මැරයෝ එක්ක මඟුල් කන මේ කාළකන්නින්ගේ වරදක්.

      Delete
  24. තලන්,

    ඔය මත්තල එයා පෝට් එක අරක මේක විකුණන වෙලාවේ යහපාලන කෂ්ටිය නරකද 'පාරලිමේන්තුව' විකුනන්න බැලුවොත්. අඩුම ගානේ පොඩි ලීස් එහෙකටවත්.
    මොකෙක් හරි එකෙක් ඕක අරගෙන කරාවිනේ.
    ජින් පින් මල්ලියට කියල බලපන්කො.

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙම වෙයි... වෙන පිහිටක් නම් නෑ..

      Delete
  25. එල ලියුම !!

    ReplyDelete
  26. ඒ කියන්නේ චිනේ හොඳයි ණය දෙනවා. වැඩිපුරම දුන්නේ මහින්දට. එතකොට මහින්ද කළ විධිහ හරිනේ මාතා. ඒ ණය අරගෙන හම්බන්තොට වරයා, ගුවන් තොටුපල හැදුව. ම්නිස්සු නොගියට නැව් නැවට ඒවා තියනවනේ. රස්සාත් දුන්නනේ. හොඳ නැත්ද වෙන පළාතකින් කවුරු හරි ගෙනල්ල ඔලුවේ තියාගෙන යන්ඩ කියල ජවිපෙට කියන එක.

    ReplyDelete
    Replies
    1. ජවිපෙට මිනිස්සු නෑ... ආසන මට්ටමින් ඡන්දේ තිබ්බොත් හෙම එකෙක්වත් එන්නේ නෑ.. ජාතික ලයිස්තුවෙන් එකෙක් එයි.. ආර්ථිකය නම් නන්න පෝල්...

      Delete
  27. කරන්න පුලුවන්නම් එකම වැඩේ මිලිටරි පාලනයක් ගේනඑක විතරයි බං

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න