.

.

Nov 7, 2016

රනිල් ඉල්ලා අස්විය යුතුය ! - Ranil Go Home !




ඇයි අප්ෂට්ද... පොඩ්ඩක් වත් අප්ෂෙට් යන්න එපා.. රනිල් ලොක්කා ගෙදර යන්න ඕන.. ගෙදර යෑම කෙසේ වෙතත්, අඩුගානේ අගමැති කමෙන්වත් ඉල්ලා අස් වෙන්න ඕන. ඒ පාරිශුද්ද ගම්මන්පිල සහ රජගෙදර හිටපු රිලවා කියන නිසාවත්, වාසුලා ඩීව්ලා කියන නිසාවත් නෙමෙයි. එතන හොරකමක් වෙලාය කියලා අන්තීමට පුක් නෝට් ගහපු අලි පාටියේ උන් ටිකත් පිලිගත්තා නෙව.


අජිත් පෙරේරා කියන විදියට, විගනකාධිපති යෝජනා කරලා තියෙන දේවලුත් මදි නිසා, චුදිතයින්ට ගැලවෙන්න පුළුවන් නිසාත්ය කියනවනේ පුක් නෝට් දාන්න උනේ හිටන්. හරි හරි... ඉඳෙගනත් කියනවා. මල පැනලත් කියනවා. ඉතින් කේස් එක අයිති අමාත්තියන්සේ බාර ඇමති විදියට, රනිල් ලොක්කත් මේකට මාට්ටු.

එතකොට රනිල්ට අගමැති කම දුන්නේ කව්ද? ජනාධිපති. ඒ කියන්නේ එයත් මේකට වග කියන්න ඕන. 

එයාට තිබුනා මේ වගේ හොරෙක් නොදා, මහ ඡන්දෙන් පස්සෙ මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් පත් කර ගන්න. අඩු ගානේ ඇපත් නැති වෙච්චි වහ බීලා මැරෙන්න ගිය ඩිලාන් පෙරේරා වගේ උපාසක කෙනෙක් පත් කර ගන්න. එයා විදේශ සේවා එකේ ඉන්න කාළේ මක්කත්ම කරලා නැති කෙනෙක්. 


එතකොට මාධ්‍ය සාකච්ඡාවක් තියාපු සත් ගුණවත් මහින්දානන්ද උපාසක. එයාලැයි තාත්තා එනසාල් විකුණලා ගත්ත දේපල ඇර වෙන මක්කත්ම ඇත්තේ නැති අහිංසකයෙක්. 2500 කන්න දීපූ බන්ධුල, අද්දියාපන අමාත්තියන්සේ මක්කත්ම වෙලා නෑ ඒ කාළේ. ඔය නිළ ඇඳුම පවා නිකන්ම නේ දුන්නේ අප්පා. 

ඇයි එතකොට 2020 ජනාධිපති තුමා. ප්‍රසන්න රණතුංග. ඔහේලට කියන්න මක්කත්ම නොකරපු බබෙක් වගේ පොරක් නේ. අනික බලහල්ල බය නැතිව නිළධාරින්ට කියන්නෙ හොරකම් එහෙම කරන්න එපා අපි ආපු ගමන් තොපි ඔක්කොම අල්ලලා හිරේ දානවය කියලා. බයේ බෑ. ආන් එහමයි නියම නායකයෝ.

එහෙම නැත්නම් මෛත්‍රී ලොක්කා ගාවට සෙට් උන අය අතරෙත් මුකූත්ම නොකරපු වෙස්සන්තර අප්පුහාමිලාගෙන් අඩුවක් කියලය. 

ඕන් ඔයින් එකෙක්ට දෙන්න තිබ්බා අගමැති කම. ඉතින් එයත් වැරදියි. 

අනික සත් ගුණවත් ගොම්මනේ පිලට බහින මහත්තයා අණ කර සිටින්නේ, මේක උසාවී දාන්න එපාය කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේදි රනිල් හොරා කියලා ආයෙත් කෑ ගහන්න ඕන නිසා. මොකෝ නඩු දැම්මොත් ආයේ ඒ ගැන කතා කොරන්න බෑ නේ. දිනේෂ් නම් කියන්නේ ඒකට නඩු දාන්න සිරිසේන කියන්න ඕනද කියලා. ඒක මාර කෙලියක්නේ කියලා. 

සම හරක් විට එයා බලාපොරොත්තු වෙනවා ඇත්තේ අර එයාලා ශීරාණි බන්ඩාරනායකගේ නඩුව බැලෙව්වා වගේ එයාලා නඩු අහලා කින්ඩ්ල් එක දාලා පුකට පයින් ගහලා එලවන සීන් එකක් වගේ එකක් වෙන්නෑ.

හැබයි ඉතින් ලොක්කා කැමති නම් අපේ ගෙදර කක්කුසි වල කපන එකත් එයාට කියලා කොරනවා නම් හිටන්. එයා තමයි ඔක්කෝම කරන්න ඕන. මොකෝ එයා විධායකේ කුඩු කරන්න ආපු සරළ ජනාධිපති නේ.. සරළ කිව්වේ සරළ සමීකරණ වගේ එකක් වෙන්න ඕන. 

ඒත් ඉතින් මෙහෙම කේස් එකක් තියෙනවා. එහෙම රනිල්ට අස් වෙන්නෙමය කියලා කියනවා නම්, අපිට උනත් ඒකට එකඟ වෙන්න වෙනවනේ, මොකෝ ඉතින් හොරු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙමෙයිනේ.

එක්කෝ ගහක බැඳලා, එහෙම නැහ්නන් පොලිස් කූඩුවේ, එහෙම නැත්නම් වැලිකඩ, එහමත් නැත්නම් බන්ධනාගාර රෝහලේ, එහෙමත් නැත්නම් මහ ඉස්පිටිතාලේ බන්ඩාරනායක ගෙවන වාට්ටුවේ. 

ඉතින් මාතලනුත් කියන්නේ, රනිල් මිස්ටර් ක්ලීන් නිසා, ඩර්ටි බෝයි වෙන්නේ නතිව ඉල්ලා අස්වෙන්න ඕන. 

හැබයි මෙහෙම කේස් එකක් තියෙනවා. 

එයා ඉල්ලා අස්වෙනවා නම් අනිත් හොරකම් චෝදනා තියෙන, ජනපති කොමිසන්වලයි ඇෆ් සී අයි ඩීයෙයි ඩේලී විසිට් දාන උනුයි, ඇතුලට ගිහින් ඇප පිට සුද්දෝ වගේ එලියේ ඉන්න උනුයි, ඔක්කෝම ඉල්ලලා අස් වෙන්න ඕන. 

කස්ටියටම එක වෙලාවක ඉල්ලා අස්වීමේ ලිපි ප්‍රසිද්දියේ දෙන්න ඕන.

එහෙම දීලා මදි.. ඒ දීලා තියෙන්නෙත් හොර ලියුමක්ද කියලා ඩබල් චෙක් කරන්නත් ඕන...

දැන් එනවා ප්‍රශ්ණයක්..

එතකොට තොගෙ අහවලාද රට පාලනේ කරන්නෙ කියලා අහයි හැමෝම..

ඔය කියන්නෙ ජෙප්පන්ට දෙන්නෙයි කියලා නේ...

පිස්සුද උන් මහ බැංකුවට ගේම නුදුන්නට, ඒ කාළේ පොඩි පොඩි බැංකුවලට ගේම් දීපූ බඩු නේ... උන්ට දුන්නොත් හැමිනිලාම තියෙයි.. 

ඒ වගේම ඕන් මට බාරගන්නෙයි එහෙම කියලා කියන්නත් එපා හිටන්..

මොකෝ පොඩි කාළේ, මාත් හොර කුරුම්බා එහෙම කඩලා තියෙන නිසා..

44 comments:

  1. යහපාලනේ ගේන්න කඩේ ගිය වෙන්ඩ පොශ් ගොම්බිජ්ජලා ගේ බලාපොරොත්තු සුන් කොරමින් සොරිසේන නරියෙක් වීම ගැනද රනිල් ඩර්ටි හැරී වීම ගැනද ස ර ස තුමා බලවත් සන්තෝස වෙමි...

    ප්‍රීතියි මහරජ!

    ReplyDelete
    Replies
    1. අඩෝ සා රස තුමෝ..!! උබ මේ කොමෙන්ට් එකම මගේ කොමෙන්ට් එකට දාල තිබ්බ. කැතයි ඩෝ..!! වැදගත් මිනිස්සුන්ට (බ්ලොග් එකේ හොඳේ) ඔහොමද ඩෝ කතා කොරන්නෙ හිටං..?? බලාගනින් "තොරතුරු දැනගැනීමේ අයිතියද මොකක්ද ලබ්බක් සම්මත කොරගත්ත වෙලේ දානව උබේ අයි පී ඩිටේල්ස් හරිය. හැක හැක..

      නෑ එක්කො ඕන නෑ. උබට මහබැංකු අදිපති කම අරං දෙන්නං හිටං 😜😜😜😜😜😂😂😂

      Delete
    2. //බලාගනින් "තොරතුරු දැනගැනීමේ අයිතියද මොකක්ද ලබ්බක් සම්මත කොරගත්ත වෙලේ දානව උබේ අයි පී ඩිටේල්ස් හරිය. හැක හැක.. //

      අම්බටසිරි....

      ටිලාන් ආතල් අයියත් අර සිනුවර තට්ට ශර්ලොක් හෝම්ස් වගේ වෙන්නයි හදන්නේ....


      Delete
    3. අනේ අපොයි නැහැ සා රස තුමෝ. මම බ්ලොග් කියවන්නෙ මෙතනට එන්නෙ දෙයක් කියවල අප්ඩේට් වෙන්නයි දන්නැති දෙයක් මොලේට අප්ලෝඩ් කරගන්නටයි මිසක්ක මගෙ CV එක අප්ඩේට් කොරන්නයි අප්ලෝඩ් කොරන්නයි නෙමෙයි හිටං. 🙃

      Delete
    4. තට්ට කණ්නාඩි පොළගා තමයි සාරසතුමනි උගේ නියම නම.

      Delete
  2. සර ස කියනාකාරයට වෙන්ඩපොශ් ගොම්බිජ්ජෙක් විදියට රනිල් හාමු මොන වැරැද්දක් කරත් යහපාලනේ අපිට හොඳයි යන මතයේම ඉන්න උත්සාහ ගනිමි.. ;-)

    ReplyDelete
    Replies
    1. අපෝ සර ස මහතාගේ අයට වඩා මෙයාලා දාස් ගුණයක් හොඳයි...

      Delete
    2. "...අපෝ සර ස මහතාගේ අයට වඩා මෙයාලා දාස් ගුණයක් හොඳයි..."

      හොරකම් කරන්නද?

      Delete
  3. මාතෘකාවට සම්පූර්ණයෙන් එකඟයි...

    මට හිතා ගන්ට බෑ මොකාට එන්ට හදන කෙනෙක් ද කියලා...

    ReplyDelete
    Replies
    1. අඩේ යට ටික කියෙව්වේ පස්සේනේ...
      ඔව් ඔව්... ඒක පට්ටම ඇත්ත...
      අයින් වෙන්ට ඕනි ඔක්කොම පර හැත්ත...
      නැත්නම් ඉතින් අතට අර ගෙන කැත්ත...
      දෙන්ට හොඳ නෑ එන්ට පළාතේවත් පැත්ත...

      Delete
    2. මාර ප්‍රශ්ණය කියන්නේ රට පාලනය කරන්න එකෙක්වත් නැති වෙනවා... මී හරක් රැලකට තමයි දෙන්න වෙන්නේ...

      Delete
  4. කියන්ටනම් මොකුත් මුං ඉතුරුකරල නැහැ බං. "මාතලන් කවදාවත් බොරු කියන්නෙ නැහැනෙ" 💪🏽

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න අඩුයි... අනික දැන් ඉන්න පොඩි එකෙක්වත් බොරු කියලා රවට්ටන්න බෑ...

      Delete
  5. රනිල් මහින්ද එක්ක ඩිල් නොදා, තීරුව බේරා ගන්න ට්‍රයි නොකර හිටියනම්, මෛත්‍රී අනාචාරේ යන්නේ නැහැනේ. දෙපැත්තම කන්න ගියහම කොයි පැත්තත් නැති වෙනවා කියන්නේ ඕක තමයි. ගෝඨාභය යුගයක් බලාපොරොත්තු වෙන්න කියල තමයි කියන්න තියෙන්නේ. රනිල තව එක චාන්ස් එකක් විතර ඉතුරු වෙලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන පෝස්ට්ද ඉට්ටේටස්ද මක්ක්ද දෙකක්ම දැම්මා බුකියේ.. ලොක්කා දකින්න ඇති මයෙ හිතේ...

      Delete
  6. ඇයි අප්ෂට්ද..
    ආයමත් අහනවා ....හෙඩිම දැක්ක ගමන් මාව කොර වෙලා ගියා

    ReplyDelete
  7. රටකට ඕනෑ අපමණ අගයක්...
    ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්...

    ReplyDelete
    Replies
    1. තාමත්... විකල්පය.. මේ හොරු වෙනුවට නැව් හොරු ගේන එක නම් නෙමෙයි...

      Delete
  8. රනිල් හොරා කියලා කෑ ගහන උන් දැක්කාම මට මතක් වෙන්නම,

    ඔන්න හොරෙක්... ඔන්න හොරෙක්.... අල්ලපියව් ඕකා.... ගගා ඉස්සරහින්ම දුවන පිටකොටුවේ පොකට් කාරයෝ..

    ReplyDelete
  9. මාතලං ගුරුතුමා ඔන්න රට පාලනය කොරන්න කවුරුවත් නෑ කියලා මාව එහෙම ඔය වැඩවලට දාගන්න හදන්න එපා ඕන්. දැන්නම කිව්වා මට නම් බෑ ඕවට සම්මාදං වෙන්න. මොකද මමත් පොඩි කාලේ එහා වත්තේ කැන කපලා, කුරුම්බා කඩලා මංඥොක්කා හොරෙන් ගලවලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ දවස්වල මී හරක් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ... අඩු ගානේ උන්ටවත් බාර දෙන්න කියල...

      Delete
    2. // මම මේ දවස්වල මී හරක් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ... අඩු ගානේ උන්ටවත් බාර දෙන්න කියල... //

      ඉතින් අනුර කුමාරයි ටින් ටින් අන්කලුයි බාරගන්න කැමති වුනාද හිටන්?

      Delete
    3. ///ඉතින් අනුර කුමාරයි ටින් ටින් අන්කලුයි බාරගන්න කැමති වුනාද හිටන්?///

      නෑ නෑ ස ර ස තුමෝ... මාතලන් ඔය සාකච්ඡා කොරනව තියෙන්නෙ ජීඇම්ඕඒ එකේ කස්ටිය එක්කලු....

      Delete
    4. නෑ සරස...මේක එළු අභය යුව රජ තුමාට දෙන්න හදන්නේ...

      Delete
    5. ///නෑ සරස...මේක එළු අභය යුව රජ තුමාට දෙන්න හදන්නේ...///
      එයාට දෙනවට මාතලනුත් අකමැති නැති එකේ ඔන්න ඔහේ දීල දාමු අරූ...
      බොරු කියන්න ඕනේ නැහැනේ අපිත් ඉතිං කැමතියි හිටං...

      Delete
    6. නැහැ බං...මේක දෙන්න ඕන මහාචාර්ය ලොවෙත් නැති පොහොට්ටු පප්පට. පව් බං. දුන්නා නේද බෙල්ල..ඕවා පාජරක්ෂ වෙදමහත්තයගේ බොග හිරවෙන ගුලි. උඹත් එකක් කාපන් ලොකු පුතේ.

      Delete
    7. ඝෝඨා එනවා නම් මම රෙදි ගලවලා කඩේ යන්නේ... මෑතක මේ රටට දෙයක් කලේ ඔහු පමණයි... ජේ ආර් හා ප්‍රේමදාසගෙන් පසු... ඔහු දක්ෂ කළමණාකරුවෙක්..

      Delete
  10. ranil yanu asarthaka palakayeki.. e wagema asarthaka pudgalayeki

    ReplyDelete
    Replies
    1. රනිල් ගැන හොඳ විග්‍රහය දුන්නේ ගාමිණි වියන්ගොඩ...

      Delete
  11. "ඉල්ලා අස්වීම"??? ඒ මොකක්ද?
    ඔය මොකක් හරි බටහිර විජාතිකයන්ගේ හා කලු සුද්දන්ගේ සංකල්පයක් නේද?
    අපේ ජාතික දේසප්‍රේමී හෙල අනබිබවනීය දේසපාලනේ එහෙම එකක් නෑ කියලා දැන් අවු 15ක ඉදන් විතර අපි පෙන්නුවානෙ.

    ReplyDelete
    Replies
    1. ඉල්ලා අස්වීම් නම් නෑ.. එක්කෝ රජ කාලේ කලා වගේ අර නීලා වික්‍රමසිංහ කිව්වා වගේ මරලා හරි ගන්න ඕන... නත්නම් ඉතින් පුකට පයින් ගහලා එලවනකන් ඉන්නවා...

      Delete
  12. UNP එකේ නායකත්වයෙන් අච්චර කාලයක් කුජීත වෙලා අයින් නොවුණූ එකා දැන් අයින් වෙන්න???? හැබැයි කොහෙන් හරි මෙහෙම කතාවක් දැකල තියෙනවා

    "වැඩේ හරියට නොකරපු මහ රජ්ජුරුවන්වත් අපි එළියට දැම්මෙ කනින් ඇදළා
    එහෙව් එකේ හාමුලටත් බැරිනම් එළියට දාන්නෙ *කට පයින් ගහලා"

    ReplyDelete
    Replies
    1. ආයේ ඡන්දයක් තියෙනකන් විතරයි... මේ රටට කවදාවත් ගොඩ ඒමක් නම් නෑ...

      Delete
  13. රනිල්ලගේ හොරකම්වලට මහින්ද කෝචොක් දානවා
    මහින්දගේ හොරකම්වලට රනිල් කෝචොක් දානවා
    යහපත් පාලනයක් බලාපොරොත්තුවුන අපිට මුන් දෙතුන් ගොල්ලොම කෝචොක් දානවා.

    ReplyDelete
    Replies
    1. ඒකෙන් අපි ගන්න ඕන පාඩම තමයි මුන් මක්කා නැතත් හොරකම් නම් කරනවාය කියන එක..

      Delete
  14. This is what we did at every election. We replaced one rogue with another. Our beloved country has no honest leaders. That's the truth

    ReplyDelete
    Replies
    1. පේන තෙක් මානෙක් එකෙක් නැත.. එක පැත්තක පාතාලයෝය.. අනෙකේ ටයි කෝට් හොරුය...

      Delete
  15. අර පුක් නොට් ටික පුනිල්ගේ රකේ ගැහුවානම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. එයාලා මේකෙන් වැඩ්ඩෝ වෙන්න ගියේ... කොහේවත් යන හාල්පාරුවන්ට තනතුරු දුන්නම ඔහොම වෙනවා...

      Delete
  16. බැඳුම්කරේ ප්ලෑන සදා ගෙන ආවේ රනිල් තමයි
    බැඳුම්කරේ දස ගුණයෙන් වැඩිකෙරුවේ මාම තමයි
    බැඳුම්කරේ පිට විකුණා හම්බ කළේ බෑන තමයි
    බැඳුම්කරේ නුඹ අහසේ ඉයන්තුමා තාම හඬයි

    බැඳුම්කරේ නුඹ වෙනුවෙන් හඬ නැගුවේ අපේ ළමයි
    බැඳුම්කරේ නුඹ හන්දා මඩ නෑවේ අපේ ළමයි
    බැඳුම්කරේ කෝප් එකේ නෝට් දැමූ අපේ ළමයි
    බැඳුම්කරේ නෝට් නිසා පච වෙන්නේ අපේ ළමයි

    බැඳුම්කරේ නුඹ හන්දා කෙලවෙන්නේ රටට තමයි
    බැඳුම්කරේ නුඹ හන්දා රෙදි කැඩුනේ අපේ තමයි
    බැඳුම්කරේ නුඹ හන්දා යූඇම්පී ඉවර තමයි
    බැඳුම්කරේ එන චන්දේ පරදින්නේ උඩින් තමයි

    - මයුරවිල මි.

    පසු වදන : සගය මාතලන, සැපදුක් කෙසේද? "ප්‍රීතියෙන් වෙසෙනු" ඇතැයි සිතමි. නමුදු ඒ බව නොකිව මනාය මන්දයත් "ප්‍රීතියටද" බදු පැනවිය හැකි බැවිනි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ...

      ඔබ හැබෑ දස්සයෙක්.. ඔබ මිතුරු පැරා හා මා ඔබෙ පිලිබඳව පයුරු පාසානයේද යෙදුනෙම්..

      සබඳ ඔබ බ්ලොග් වලට ආලෝකය්ක්මය..

      Delete
  17. රනිල්ගේ හොරකම අතටම අහුවෙලා තියෙද්දිත් ඒ හොරට මිස්ටර් ක්ලින් කියන ගොබ්බයො දැක්කම මොකද හිතෙන්නේ?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න