.

.

Nov 21, 2016

කොස්තා අයියා, පොඩ්ඩෙ අයියා සහ තොරණ හංදිය - Tribute to Wimal Kumara De Costa



විමල් කුමාරද කොස්තා අයියත් යන්න ගියා, අපි එයාට කිව්වේ කොස්තා අයියා කියලා, කොස්තා අයියා කළාකාරයෝ වැහි වැහලා ඉන්න කැළණියේමයි. ගොඩක් කළාකාරයෝ ඉන්නේ වරාගොඩ පාරේ. ඒත් කොස්තා අයියා උන්නේ තොරණ හංදියේ. තොරණ හංදිය කියලා කිව්වට අපි පොඩි කාළේ නම් ඔතන තොරණක් තිබුනේ නෑ. ඒත් අතීතයේ නම්, වනවාසල ඉඳලා රජවාසලට යන මාර්ගයේ, රජවාසල පිහිටි පැත්තේ තොරණ තිබුනෙ මෙතන කියලා කට කතාවක් තියෙනවා.

අපි පොඩි කාලේ ඔතන තොරණක් නොතිබුනාට, මේ මැත කාළයේ කැළණියේ ජනතාවගේ පිනට පහළවු, දුටුගැමුණු පරපුරේ ශ්‍රේෂ්ඨ පාලකයෙක් උන ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාගේ කාලේ, උන්නැහේ ඔතන තොරණක් ඉඳිකලා. රජ පරපුරක එකෙක් සිල්වා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා කවුරු හරි හිතුවොත් කියන්න වෙන්නේ, එහෙනම් කොස්තා කෙනෙක් කොහොමද බං හින්ගල ෆිල්ම් වල ඉන්නේ කියලා. මේවා ඉතින් කාගෙවත් වැරදි නෙමෙයි, අපේ ආච්චිලගේ වැරදි. නැත්නම් රජෙක් කවද්ද අප්පා "හූ" තියන සිල්වා කෙනෙක් වෙන්නේ.

කොස්තා අයියා පදිංචි වෙලා උන්නේ, ඔය තොරණ හංදියේ වනවාසල පැත්තට තියෙන පාරේ දකුණු අත පැත්තේ, පළවෙනි ගෙදර. වලව් ඉට්ටැයිල් එකේ, පරණ තාලේ පොඩි ගෙයක්, පාර අයිනටමයි තිබුනේ. අපේ තාත්ත පිචැර් පිස්සෙක් නිසා එයා බලෙන්ම වගේ කොස්තා අයියත් එක්ක සෙට් වෙන්න යන්නේ. අනික ඔය ගේ අයිති වෙලා තිබුනේ තාත්තලගේ නෑ වෙන කෙනෙකුට. අපි එතකොට බොහොම පොඩි උන්. ඒත් කර දඬු උස් මහත් උන කාලේ, අපිත් එක්ක ඉස්සෙල්ලම සෙට් උනේ කොස්තා අයියගේ මල්ලි. 

මල්ලි වගේ නෙමෙයි කොස්තා අයියා. ගමේ ඔක්කෝම එක්ක හොඳයි. ඔය පැත්තෙම හිටියා තව දෙකයි පනහේ නළුවෙකුත්, අම්මද බොල, ඌ හිතාගෙන උන්නේ ඌ ගාමිණිලා විජේලා වගේ පොරක් කියලා. ගියේ ගව් ගානක් උඩින්. ඌව ඉතින් කවුරුත් පයිසෙකට මායිම් කලේ නෑ. ඒත් කොස්තා අයියා කාගෙහ් හිතවතා. ඕන එකෙක් එක්ක කතා බහ කරනවා. ඕන එකෙක් එක්ක සෙට් වෙනවා. පොර ඒ කාළේ ගාමිණිලා, විජේලා, ජෝලා වගේම ජනප්‍රියයි. 

මාතලනුත් තුන් හතර පාරක් කොස්තා අයියා එක්ක සෙට් වෙලා තියෙනවා. ඒ පොඩ්ඩෙ අයියට පින් සිද්ධ වෙන්න. පොඩ්ඩේ තමයි තොරණ හංදියේ චංඩියා. තව අයියලා සෙට් එකක් උන්නා වනවාසල පැත්තේ. උන් නම් පොඩ්ඩෙ අයියා ගනන් ගත්තේ නෑ. අපිට පොඩ්ඩෙ අයියා සෙට් වෙන්නේ, ක්‍රිකට් නිසා. එයාලා එල්ලේ ගහලා ඉවර වෙනකන් ඉඳලා තමයි අපි ක්‍රිකට් ගහන්නේ. අනිත් උන් අපිට චෑන්ස් එකක් නොදුන්නත් පොඩ්ඩෙ අයියා තමයි කියන්නේ, ඕක නවත්තලා ඔය පොඩි උන්ට ඉඩ දියහල්ලා කියලා. එහෙම නැත්නම් පිට්ටනියේ කෙලවර පැත්තට යනවා අයියලා සෙට් එක. අපි ක්‍රිකට් ගැහුවේ වෙදමුල්ල ඉස්කෝල ග්‍රවුන්ඩ් එකේ. 

මලකට, බෝතලේකට සෙට් වෙන කොට පොඩ්ඩේ අයියත් අපිත් එක්ක සෙට් උනා. ඒ චැන්ස් එකෙන් තමයි කොස්තා අයියා එක්ක සෙට් වෙන්න ලැබුනේ. මොනවද ඉතින් තනිකර බ්ලොටින්ග් පේපර් එකක්. මම හිතන්නේ කළාකාරයන්ට වගේම. කළාකාරයන්ගේ අක්මාවන් වලටත් සරස්වති දේවියගේ බැල්ම ආරස්සාව තියෙනවා. එකම රස සාගරයක්. කොච්චර ජනප්‍රිය පොරක් උනත්, අවුරුදු උත්සවයක එහෙම පොඩි අභීරූපන කෑල්ලක් කරන්න කිව්වම කවදාවත් බෑ කියලා නෑ. ඒත් අපි ඒවා දැක්කේ පොඩි කාළේ. අපිත් එක්ක සෙට් වෙන්න ගත්ත කාලේම වගේ කොස්තා අයියලා ඒ ගෙදරින් යන්න ගියා. 

කොස්තා අයියා සම්බන්ධ, මට හොඳට මතක සිද්දි දෙකක් තියෙනවා. එකක් තමයි අපි පොඩිම කාළේ අවුරුදු උත්සවේක කොස්තා අයියා කරපු අභීරූපන රංගණය. එකක් මෝටර් සයිකලේ යන එක. අනික තමයි කවදාවත් අමතක නොවෙන්නේ, ඒ ගෑණු කෙනෙක් බාත් රූම් එකේ නාන හැටි. එදා එතන උන්න ඔක්කොමගේ ඉළ ඇදුනා ඒකට. සමහර මහ උන්ට වගේම, පොඩි උනටත් කර කියා ගන්න බැරි උනේ, උන් පවුල් පිටින් ඇවිත් උන්න නිසා. ඒත් ඉතින් පොඩි කාළේ ඉඳන් මගේ ගමන් බිමන් තනියම. අපේ ගෙදරින් ඕවට ගියේ මම ඉතරයි. ඒ කාළේ මිනිස්සු එහෙම ඇඹරුනාට, දැන් කාළේ ටැලිවිසොන් එකේ පාර්ලිමෙන්තුවේ කියන කරන ඒවා බැලුවම්, කොස්තා අයියාලා ජෝකර්ලද කියලා හිතෙනවා. 

පස්සෙ කාළෙක "නන්දන වින්දන" එකෙත් කොස්තා අයියගේ අභිරූපණ රංගන පෙන්නුවා, ඔය සරුංගෝලයක් යවන එක එහෙම. එයාගේ ඒ හිනාව පට්ට අව්‍යාජ එකක්. ඒක එන්නේ බොක්කෙන්මයි. එයාගේ නළුකම ගැන නම් කතා කරන්න දෙයක් නෑ. මට නම් ඔහු ජෝ අබේවික්‍රම මට්ටමේම නළුවෙක්. බඹරු ඇවිත්, අහස් ගව්ව වගේ ඒවල චරිතත්, ඇර සොයිසා එකේ චරිතයත් ගත්තම ඒ බව මොනවට පැහැදිලි වෙනවා. ඒ වගේම රූපවාහිනියේ ටෙලියක කළ, ගොළු චරිතයත් උපරිමයෙන්ම තිබුනා. කොහොම හරි ඔහුට ඔහුගේ නියම ටැලන්ට් එක පෙන්වන්න චරිතයක් ලැබුනේ නෑ කියන එකයි මගේ මතය.

අනෙක් සිද්දිය කාළෙත් මම බොහෝම පොඩියි. ඒ කාළේ හාල් පොලු කාළේ. ඒ කියන්නේ මෑත කාළේ බෝම්බ අරගෙන ගියොත් ඇල්ලුවා වගේ, චෙක් පොයින්ට් තිබුනේ හාල් අරගෙන ගියොත් අල්ලන්න. මඟුල් ගෙවල් වලත් කන්න බොන්න දෙන්න බෑ ඒ කාළේ. එහම කාළයක් තමයි සම හරක් අදත් හොඳයි කියන්නේ.

ඔය කාළේ පොලෝසියේ උන් අඳින්නේ කොට කලසන්. දාන්නේ කයි බෝයි හැට් එක වගේ තොප්පියක්. ඔය කොට කලිසම වෙනුවට දිග කලිසම ඇන්දුවේ. හික්කඩුව පැත්තේ සුද්දෝ පොලිස් කාරයන්ට ගල කපන්න ගිය නිසාය කියලා සම හරක් කොල්ලෝ කියනවා. තොරණ හංදියෙත් වැඩි සෙනඟක් නෑ. ගමේ කඩ මංඩිය වගේ. කොහොම හරි, අම්මයි මමයි කොහේ හරි යන්න, බස් ඉස්ටෑන්ඩ් එකේ හිටගෙන උන්නා. ඒ කාළේ බස් ඉස්ටෑන්ඩ් එක තිබුනේ, අද ඔය මහජන පොත්හල තියෙන තැන. ඒ කාළේත් ඔය පොත් කඩේ තිබුනා. ඔය මහජන පොත් හල අයිති එකාගේ පුතා ගැන ෆිල්ම් එකකුත් හැදුනා. අර හමුදා සෙබලියක් මරලා, වත්තේ වලදාපු කේස් එක ගැන. සංගීතා තමයි සෙබලියට උන්නේ. කමල් තමයි කොල්ලට උන්නේ. සෝ එක සෙව්වන්දි.  ඒ වගේම, ප්‍රාක්‍රම රේඩියෝ කියලා ලවුස්කීපර් කඩේකුත තිබුනා. 

අපිත් එක්කම බස් ඉස්ටෑන්ඩ් එකේ පොලොස් මාමලා දෙන්නෙකුත් උන්නා. ඒ අතරේ කොකිස් වත්ත පැත්තේ ඉඳලා පොඩ්ඩෙ අයියා යකා වගේ දුවගෙන ආවා. පොඩ්ඩේ අයියා, සවුත් ඉන්ඩියන් නළුවා වගේ, සුදු සරම, සුදු ෂර්ට් අඳින, හයේ හතරේ පොර. පොලිස් කාර්යෝ දෙන්නම් දුවන්න පටන් ගත්තා. එකෙක් අල්ල ගත්තා, අනිකා දිගටම දිව්වා. අනේ අර අල්ල ගත්ත එකාට දැන් පොඩ්ඩේ අයියා එකසිය ගානට නෙලනවා. එකෙක් එන්නේ නෑ බේරන්න. අරු, ගහන්න එපා කියලා වඳිනවා. පොඩ්ඩේ අරූගේ කලිසම ගලවන්න ගේමක් දෙනවා. ඔය අස්සේ තමයි ෂර්ට් එකක්වත් නැතිව කොස්තා අයියා පාරත් පැනලා මේ පැත්තට ඇවිත් බේරුවේ. කොස්තා අයියා අරූගේ ඇඳුම් එහෙම හරි බරි ගස්සලා, තොප්පියත් දාල කොස්තාපල් උන්නැහේ බස් එකක නග්ගලා යැව්වා. අරූට නෙලලා තියෙන්නේ පරණ කෝන්තරයකට. මම හිතන්නේ එදා තමයි කොස්තා අයියා චන්ඩියගේ පාට් එකත් කරපු එකම දවස. 

අර කිව්වා වගේ, කොස්තා අයියා අපේ කර දඬු උස් මහත් වෙද්දිම එහෙන් යන්න ගියා. ඊට පස්සෙ කොස්තා අයියා දෙසරයක් ඉතර හම්බ උනා. පළමුවෙනි පාර හම්බ වෙන කොට නම් ආර්ථික අතින් නන්න පෝල් වෙලා උන්නේ. ඒත් කවදාවත් කා ළඟවත් අඬාගෙන වැටුන පොරක් නෙමෙයි. සුනිල් මාධවට වගේම, කොස්තා අයියටත් ඩ්‍රින්ක් එක දාන්න රටේ ඕනම තැනක යාලුවෝ උන්නා. ඒ, එයාල ඔළුව ඉඳිමුන නැති, මිනිස්සු එක්ක උන්න කළාකාරයෝ හේතුවෙන්. දෙවනි පාර හම්බ වෙන කොට නම්, කොස්තා අයියා බොහොම ලස්සනට උන්නා. මුණ පුරා රැවුලත් එක්ක මට මතක් උනේ අපේ ඉස්කෝලේ උන්න කඩලේ. ඒ මඟුල් ගෙදරකදි, එදත් පරණ සීන් කතා කර කර හොඳ ආතල් එකක් ගත්තා. ඒත් කෝටා අඩු බවකුත් තේරුනා. 

අවා වගේම කවදා හරි යන්න එපාය. ඉතින් කොස්තා අයියත් යන්න ගියා. පොඩ්ඩෙ අයියාත් 88-89 කාලේ ජෙප්පො විසින් නිවන් පුරේ යැව්වා. අපිත් තොරණ හංදිය දාලා යන්න ගියා. අද තොරණ හංදිය දිවිය ලෝකය වගේ තිබුනත්, හදිසියකට එතනට ගියත්, මට මහා පාලුවක් දැනෙන්නේ. ඒ නොස්ටැල්ජියාව නිසාම වෙන්න ඇති. 

සුබ ගමන් කොස්තා අයියා.. 

ආයෙත් කොහේ හරි ආතල් ප්ලේස් එකක මධු විතකුයි, ගෝලිප් එකකුයි එක්ක සෙට් වෙමු.. කන පැලෙන්න හිනා වෙමු.

56 comments:

  1. //මම හිතන්නේ කළාකාරයන්ට වගේම. කළාකාරයන්ගේ අක්මාවන් වලටත් සරස්වති දේවියගේ බැල්ම ආරස්සාව තියෙනවා. // සහතික ඇත්ත.


    කොස්තා තමන්ගෙ හැකියාව විවිධාආකාරයෙන් පෙන්නුවා. මාතා කියන එකට මං කැමති නෑ. නමුත් දුෂ්ඨ නළුවා කියන කැටගරිය කොස්තා නියමෙටම කලා මං හිතන්නේ..

    අපුරු මතකයක් සහ නියම මිනිහෙක්. ඒ කිව්වේ පොළවේ පය ගහල උන්න නිසා.. චියරස්. ආපු දෑසක සැට් වෙමු..

    ReplyDelete
    Replies
    1. පිම්බෙන්නැති අයට සලකන්නේ මෙහෙමයි..

      http://www.gossiplankanews.com/2016/11/wimal-kumara-de-costa-funeral-issue.html

      Delete
    2. අපි ඔය සක්කිලින්ට කෙලියාම, අපිට කෑ ගහන්න එන්නෙත් උඹලාම තමයි.

      Delete
    3. කෙලියට කමක් නෑ ඕන තරං... ඒත් එකිනෙකා මූන බලන්නැත් නං අවුලක් කියලයි මට හිතන්නේ ... dont reply for this..

      Delete
    4. Sorry, හැබයි, කෙලියයින් පස්සෙ, උන්ට අපේ මූණ බලන්න බෑ.. අපිට නම් ඕන රෙද්දක්. මොකෝ හැංගිලා ගැහිලි අපේ නෑ..

      Delete
    5. මාතලන් කියන්නේ හොරෙක්නේ.. ඹූ මිනිසුන්ගෙ හිත් හොරා ගන්න කෙලවෙන්න ලියන එකෙක්.. පටිට මචං

      Delete
  2. සුබ ගමන් හිතවත ! ඔබ පිළිබඳ 1972/73/74 කාලේ සුන්දර මතකයන් මා තුළත් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  3. මෙයා කලාවෙන් හරි හම්බකරගෙන ගොඩගිය බිස්නස්කාරයෙක් නෙමෙයි. අව්‍යාජව කලාවට ආදරය කරපු කලාකරුවන්ගෙන් කෙනෙක්. හැබැයි ඒවාගේ ගොඩාක් අයගේ අවසානය සිද්දවුනේ බොහෝම ආර්ථික අතින් පහලට වැටිලා. මේ කලාකරුවන් හම්බකලේ මනුස්සකම් විතරයි.
    ඔබට නිවන් සුව කොස්තා මහතානෙනි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු හම්බ කළා.. මිනිස්සුන්ගේ හදවත් වල සදාකල් ජීවත් වෙනවා...

      Delete
  4. දක්ශ නළුවෙක්.මටත් හිතෙනවා ෆිල්ම් වලින් මිනිහගෙන් හරි වැඩක් ගත්තේ නෑ වගේම.ඔහුත් ඔහුගෙන් හරියට වැඩ ගත්තේ නෑ කියලා. මට මතකයි පෞද්ගලික නාලිකාවකින් තමයි එක පාරක් ගෙයක් හදලා දුන්නේ...දක්ෂ චරිතාංග නළුවෙක්.....නිවන් සුව පතමි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් දන්නේ නෑ... ගිය ආන්ඩුවෙන් ෆ්ලැට් එකක ගෙයක් ලැබුනා කියලා නෝනා නම් කියන්නේ...

      Delete
    2. ස්වර්ණවාහීනියෙන් හෙන කාලෙකට ඉස්සෙල්ලා ලොකු සද්දයක් දාලා ගෙයක් හදලා දුන්නා. සෝමා ඇන්ටි එහෙම මුලිකත්වය අරන්.

      Delete
  5. ඔය පොලවෙ පය ගහල හිටිය හරි ගස් උඩ පය ගහල හිටිය හරි, තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ ඉන්න හිටින්න තැනක් නැතුව රටේ බදු සල්ලි වලින් ගෙයක් හිඟන එකනම් මම හිතන්නෙ මෝඩ කම. සහ එහෙම කරන එක අනෙක් මිනිස්සුන්ගෙ මූලික අයිතිවාසිකම් උල්ලන්ගනය කිරීමක්ස. මාවෙන්න මම කොස්තාට අවමන් කිරීමක් නෙවෙයි කරන්නෙ. ඒ උනත් තමන්ගෙ ආර්තිකය සහ අනාගතය ගැන තමන් බලාගන ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවෙන් ඉහගෙන කන උනුත් ඉල්ලන එකේ මෙයාට ගෙයක් දුන්නට අවුලක් වෙන්නේ නෑ. කොස්තා නම් කවදාවත් කාගෙවත් පස්සෙ ගියේ නෑ. මම හිතන්නේ මේක දරුවකුගේ ගෙයක් වෙන්න ඕන. නොදැන යමක් කියන්න බෑ.

      නමුත් ඔබගේ මතයේ තමයි මමත් ඉන්නේ...

      Delete
  6. ආයෙත් කොහේ හරි ආතල් ප්ලේස් එකක මධු විතකුයි, ගෝලිප් එකකුයි එක්ක සෙට් වෙමු.. කන පැලෙන්න හිනා වෙමු.
    උබ මරුන දවසක මම උබගේ බ්ලොග් එකේ ලියන්නෙත් මේක
    තරහා වෙන්න එපා උබට මම කැමති නිසා එහම කිව්වේ

    ReplyDelete
    Replies
    1. මක්කට තරහ වෙන්නද බං...

      හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා..

      Delete
    2. අඩේ, සෙට් වෙමු සෙට් වෙමු මාතයගෙ මරනෙට.
      නියම ආතල් එකක් ගමු.
      සතියක්වත් මිනිය තියාගමු.

      Delete
  7. කොස්ත බේබද්දෙක් කියලා එතුමගෙ ශ්‍රී නාමෙට අපහාස කරන්න එපා...
    ඒ මනුස්සයා මැරුණ වෙලාවේ

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන. වරදකද දන්නෙ නෑ කළේ හිටන්..

      එකෙක් මට බුකියෙදි කිව්වා. මධුවිත නිසා මෙයා මලේ කියලා..

      මම ඌට කිව්වේ බිව්වත් මැරෙනවා. නොබිව්වත් මැරෙණවා.

      මම නම් නොබීවොත් නොමැරි ඉන්න පුළුවන් කිව්වත්. මැරෙණකන් බොනවා.

      ඒක බොක්කට හොඳයි..

      Delete
  8. නලාකාරයෝ ගොඩක් ඉන්න රටක ඇත්ත කලාකාරයෙක්. . පොඩි කාලේ අප්පච්චිත් එක්ක පරණ ෆිල්ම් බලලා බඩ අල්ලන් හිනා උනේ මෙතුමා වාගේ කලා කාරයෝ නිසා. මාතේ කිව්වා වගේ ආවනම් යන්නම වෙනවා. ගිය තැනක හොදින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ජනතාවගේ කළාකරුවෙක්...

      Delete
  9. හොඳ මිනිස්සුමනේ බං මාතෙ ඉක්මනට යන්නෙ. කොස්ත මහත්මයට සුභ ගමන්..!!

    ReplyDelete
    Replies
    1. ඉක්මනකුත් නෑ මචෝ... ඩේට් එක්ස්පයර්ඩ්.. මට නම් පුදුම ඔච්චර කල් උන්න එක ගැන..

      Delete
  10. විමල් කුමාර ද කොස්තාගේ
    අවමංගල්‍යයට මේ වනතුරු කලාකරුවන් කිසිවෙකු නෑ

    පසුගිය කෙටි කාලය ඇතුළත විජය නන්දසිරි,ආචාර්ය අමරදේව මෙන්ම විමල් කුමාර ද කොස්තාද අප අතරින් සමුගෙන ගොස් තිබේ. රසිකයින්ගේ සිත් සසල කළ මෙම වියෝවීම් ඒ ඒ අය සිටි ක්ෂෙත්‍ර වලට දැනී ඇත්තේ වෙනස් ලෙසක වීම අදහන්නට අපහසු තත්වයකි.
    විමල් කුමාර ද කොස්තා කාටත් ‘මචං‘ කියාගෙන කතාකරන පොළවේ පයගසා සිටි කලාකරුවෙකි. ඔහුගේ ආර්ථික ගැටලු හමුවේ මාධ්‍ය ඉදිරියේ ඒ ගැන කතා කළ පසුව පසුගිය රජය සමයේ නිවසක්ද ලබාදී තිබිණි. කෙසේ වෙතත් ඔහුගේ මරණින් පසු ඔහු වෙනුවෙන් කලාකරුවන්ගේ යයි කියන කිසිදු සංගමයක් තබා එකදු කලාකරුවෙකු අවමංගල නිවසට නොපැමිණීම අභාග්‍යයකි. (http://www.gossiplankanews.com/2016/11/wimal-kumara-de-costa-funeral-issue.html)

    ReplyDelete
    Replies
    1. කළාකාරයෝ නති උනාට "මිනිස්සු" එනවා.. අමරදේවගේ මිනීය නිදහස් චතුරශ්‍රයට නොගෙනාවා නම්, ඔය සෙනඟවත් නෑ.

      Delete
    2. පොස්ට් එකේ හොඳම රිප්ලයි එක.. 👍🏽

      Delete
  11. නිසි ඇගයීමට ලක් නොවුණු, ශ්‍රේෂ්ඨ නළුවෙක්. රංගනය ගැන විශිෂ්ඨ හැකියාවක්, නිසග කුසලතාවක් ඔහුතුල තිබුනත්, ධර්මසේන පතිරාජ වැනි කීප දෙනෙක් පමණයි ඔහුට නිසිතැන දුන්නේ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.. කළාකරුවන්ට මේ රටේ කවදාවත් තැනක් නෑ.. වන්දිභඨ්ඨයන්ට තමයි රජ කාලේ වගේම මේ කාළෙත් තැන තියෙන්නේ.. රාජ්ජ ගෞරව ඕන නෑ.. අඩු ගානේ රාජ්ජ අනුග්‍රහයවත් ලැබෙනවද දන්නෙ නෑ. අඩු ගානේ කලාභවනවත්... අහලවත් නැති සිවුරු කාරයන්ට නම් රාජ්ජ අනුග්‍රහය පැලෙන්න දෙනවා.. රටම දන්න කලාකාරයෝ අනාතයි...

      Delete
  12. සුභ ගමන් කොස්තා අයියා.. උඹලා වගේ කලාකාරයෝ මැරෙන්නේ නෑ.. ආයි අලුත් චරිතයක් රඟ නොපානවා විතරයි..

    ReplyDelete
    Replies
    1. අද රෑ රූපවාහිනියේ 10:00 නිව්ස් වලින් පස්සෙ වැඩ සටහනක් යනවා. බලහන් පුළුවන්නම්.. ආයේ කවදා දකින්න වෙයිද දන්නෙ නෑ.

      Delete
    2. මාතා....මේක කොහොමද බලන්නේ කියපන් ප්ලීස්?

      Delete
  13. මට මතක් වෙන්නේ ඔහුගේ අර නිර්ව්‍යාජ සුන්දර සිනහව. ඒක කොස්තගේ 'ට්‍රේඩ් මාර්ක්' එක වගේ.

    කලෙක අප ගැවසුන කළා ලොවේ අපි ඉතාමත් ආදරය කළ, තවමත් අප ආදරයෙන් සිහිපත් කරන මෙවන් සුන්දර මිනිසුන්ගේ නික්ම යාම, හිතට ඇතිකරවන්නේ දුකට වඩා පාළුවක්.

    සුභ ගමන් මිතුර!

    ReplyDelete
    Replies
    1. සමහර අයට ඔවුන්ගේ වටිනාකම නොතේරෙන කේස් එකකුත් තියනවා..

      එහෙම මිනිස්සු අන්දගෙන වෙන උන් රජ වෙනවා...

      Delete
  14. ඔහු නොතිබ්බට දෙන්න අකමැති නැහැ.ඔහුගෙන් ගන්න අය හිටියෙ නැහැ.එහෙම අර ගත්තනම් ඔය ගෙවල් දොරවල් පිනට ගත්තා වගේ කතාවක් සැකේටවත් කියවෙන්නෙ නැහැ.ඒත් ඔහු ඔහුගෙන් ගන්න තියෙන දේවල් එක්කම ආණ්ඩුවෙ ගේකට දාලා අසරණ කරලා වලලලා දැම්මා...
    මාතා කියන ටෙලියෙ පිටපත වැඩි හරියක් අකුරු කළේ මම...උඹ මට වචනයක්වත් ලියල නැහැනෙ කියලා ඇක්ට් කරන අතරෙ හිනා වුණාට ඒ ඇක්ට් එකේ හැඟීමට අදාළව ඒ රිද්මයට හැඟීමට අනුව අව්‍යක්ත හඩවල් හරහා ඔහු පිට කළේ ඒ මොහොතට අදාළ වචනයි.ඒක ඔහු මට කිව්වා.
    රිද්මය සහ හැඟීම තියා ගන්න ඕනි ඒ වචනවල ටයිමින්,රිදම් ඔක්කොම අං තමයි මම ඒ හඬවල් පිට කරන්නෙ.ඒකයි හැඟීම තියෙන්නෙ..
    ඒවායින් අපි තවම වැඩ ගන්නවා..වචන විතරක් නොවන රැඟුමක් පොහොසත් කරන්න ඔහුගෙන් ගන්න තියෙන දේවල් දැන් ඉවරයි

    ReplyDelete
    Replies
    1. ඒ ටෙලිය නම් මරු... දැන් හොඳ ටෙලි දෙක තුනක් යනවා.. ඒත් කප්පරක් තියෙන නිසා එකක්කත් බැලෙන්නේ නෑ...

      Delete
  15. /ඔය කාළේ පොලෝසියේ උන් අඳින්නේ කොට කලසන්. දාන්නේ කයි බෝයි හැට් එක වගේ තොප්පියක්. ඔය කොට කලිසම වෙනුවට දිග කලිසම ඇන්දුවේ. හික්කඩුව පැත්තේ සුද්දෝ පොලිස් කාරයන්ට ගල කපන්න ගිය නිසාය කියලා සම හරක් කොල්ලෝ කියනවා./ ඒකත් එහෙමද, අපි නං දැන හිටියේ අර පෙරහැර වල හේම පාර ඉඩ ගන්න හරස් කරගෙන ඉන්න කොට පුංචි එවුන් මයිල් ගස් වලින් අදින නිසාය කියල

    ReplyDelete
    Replies
    1. අදියි දාලා... ඒ කාලෙත් බැටන් පොල්ල අතේමයි... මම කාළා තියෙනවා පෙරහැරවල් වලදීම...

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔහු දක්ෂ රංඟන ශිල්පියෙක්, ඒත් අවුල කියන්නේ ඒ කාලේ අධ්‍යක්ෂකයෝ / තාක්ෂණය අවුල්නේ, ෆයිට් එකක් ගත්තොත් බොරුවට වැටෙන හැටි අමුවටම පේනවා, ඒවා බලන්නත් ලැජ්ජයි.

      Delete
    2. අපේ ෆිල්ම් වල ඒවගේ කෑලී දානවට වඩා හොඳයි, ටිකට් එකත් එක්ක ප්‍රේක්ෂයකට වහ කුප්පියක් දෙන එක.. ඊට හපන් දැන් තියෙන ග්‍රැෆික්..

      Delete
  17. විමල් කුමාර ද කොස්තා කාටත් නොකියා හදිසියේම එලොව ගියේය. ඒ අහිංසක මනුස්සයා මියැදුන දා සිට විද්‍යුත් මාද්‍ය සැණකෙළි නැත. අමරදේවයන්ගේ දේහය උසුලාගෙන යන්නට කැමරා ඉදිරියේ පොර කෑ මහලු නළුවන්, ගායකයන්, මහැදුරන් නැත. කොස්තා මුලින්ම අභිරූපන රංගන දක්වමින් අපි මවිත කරද්දී ඒ රැගුම් කුමන ආකාරයේ ඒවායි දැන සිටියේ අතලොස්සකි. නමුත් එවකට රුපවාහිනිය භාරව සිටි වැදගත් මහත්වරුන්ට පින්සිදුවන්නට මේ නිරන්හාකාර කලාකරුවාගේ දස්කම් මුළු රටටම දැක ගන්නට හැකි විය. නමුත් අපේ මිනිසුන් නොදැන සිටි එක දෙයක් නම් මේ පුංචි මිනිසා Marcel Marceau​', ​චාලි චැප්ලින්, රොවාන් ඇට්කින්සන්, Michel Courtemanche, Jean-Gaspard Deburau​ ​වැනි ලෝකප්‍රකට අභිරූපන රන්ගධාරීන් හා සම තත්ත්වයේ තැබිය හැකි කුසලතා තිබු අයෙක් බවය. අන්තිමේදී ඔහුට සිදුවුයේ කසි කබල් චිත්‍රපටවල නොවටිනා චරිත රඟපාමින් ජීවත් වන්නටය. ඔහුගේ සැබෑ අගය වැටහෙන්නේ මාතලන් හා විචාරක වැනි පොළොවේ දෙපා තබාගෙන සැබෑ මිනිසුන් ලෙස, සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වන්නන්ට පමණි.

    ReplyDelete
    Replies
    1. ඇකිටින් ටැලන්ට් එක තිබුනට මදි, ජනතාව ඇන්දීමේ ටැලන්ට් එකත් තියෙන්න ඕන.. ඒක පුළුවන් උන් ගොඩ. හේතුව බහුතට ජනයා අම්බරුවන් වීම..

      Delete
  18. කොස්තා ගැන මට තියෙන්නේ විශාල ගෞරවයක්. රඟපෑම් පිලිබඳවත් එහෙමයි. නමුත් ඔහුගෙන් හරිහමන් වැඩක් ගත්තද කියලා අහන්නත් වෙනවා. ඒ මොනවා වුනත් සුන්දර මනුස්සයෙක්. සෝමසිරි දෙහිපිටිය ගැනත් මගේ අදහසත් ඒකමයි. කොස්තලාට මේ සමාජය රළු වැඩියි. බීම, සමාජ ආශ්‍රය වඩාත් විවෘතවුනාමත් මේ වගේ අවසානයන් තමයි මචං. ඕවා ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. බීම සහ සමාජ ආස්සරේ නෙමෙයි මචෝ.. තමන්ව මැනේජ් කරගන්න බැරි වීම.. මොකෝ ඔය දෙකමත් කරලා බඩුත් ගහලා බොහිමියානූ ජීවතය සමාජයේ ගත කරලා, පවුල් ජීවිතයත් අවුල් නතිව ගෙනියන උන් ඕන තරම් සමාජයේ ඉන්නවා.. එහෙනම් ඉතින් ෆයිව් ඉස්ටාර් හොටෙල්, කැසිනෝ කියන ඒවා නැති වෙන්න එපාය ඔය තර්කය අනුව.

      Delete
  19. මාතා....කොස්තාගේ මූණ විතරක් නෙමේ කඩලේ වගේ. කඩලෙගේ ජීවන රටාවයි, කොස්තාගේ ජීවන රටාවෙයි මහ ලොකු වෙනසක් නැහැ. කොස්තාට පවුලක් තිබුනා. ඌට ඒ ශක්තියවත් තිබුනා. කඩෙලෙට ඔය මුකුත්ම තිබුනේ නැහැ. තිබුනත් නොතිබුනත් කඩෙලෙත් ජීවිතය රසවින්දා. කොස්තත් හොඳටම රස දන්න එකෙක්. මේ ඇත්ත මිනිස්සු බං.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. ජීවත් වෙන කාලේ අනුන්ට ඇනයක් නොවි, කැරි වැඩ නොකර, ආතල් එක ජීවත් වෙනවා නම් එච්චරයි..

      Delete
  20. හොඳ ලිපියක් මාතලන්. කොස්තගේ ඔය කියන නන්දන වින්ද වැඩ සටහන් හෙම බලල තියනවා. උඹේ මතකයන් නුත් අපුරුයි.

    ReplyDelete
    Replies
    1. අර පහු වෙලා හම්බ උන කාළේ සිනමාව ගැනත් කතා කලා. ඒවා මෙතන දැම්මේ නෑ. පෞද්ගලික දේ නිසා. පොලු තියපුවා අනන්තයි කියලා කිව්වා. උන් සමාජයේ මාර පොරවල්..

      Delete
  21. ඔය වගේ හිත හොඳ කලාකාරයෝන්ට මේ පිස්සු ලෝකේ හරි යන්නේ නෑ බං අයියේ

    ReplyDelete
    Replies
    1. දෙපැත්තම වැරදියි මලේ....

      Delete
  22. නිහඬවම නොහිතාම පාඩමක් කියලදීලම ගිහින්...
    ඔබට සුභ ගමන්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මැරෙණ තුරා ඉගෙන ගනිමු....

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න