.

.

Jun 19, 2017

නානසාර බුදු වේවා...!!!



ජනාධිපති තුමා පත්තරේ අතට ගත්ත ගමන් උඩ ගිහිල්ලා ආයෙත් ජනපති පුටුවටම වැටුනාට, පුටුවේ ඉඳන් ජයන්ති නෝනාට කෑ ගැහුවේ, බලනව හාමිනේ මේ යක්කුත් එක්ක බෑ නේ කියාගෙනය. ජයන්ති නෝනා ගත්ත කටටම කිව්වේ මම කිව්වා නේ මහත්තයා, ජනතාවට එපා වෙච්චි උන් මොන කෙහෙල්මලකට අයේ ගෙට වැද්දගන්නවද, අර රනිල් මහත්තයත් එක්ක ෂේප් එකේ ඉඳලා හිටන් ආයේම පොදු අපේක්ෂකයා උනාම කිසිම කරදරයක් නැතිව ආයෙත් මම ජනපති නෝනා වෙනවාය හිටන් කියලාය..

කෝ ඉතින්, මහත්තයා මට වඩා ඔය යක්කු ලොකු කර ගත්තා නේ. නෝනා මඟුලක් කතා කරනවා කියා ජනාධිපති තුමා කියපු ගමන් ජයන්ති නෝනා කිව්වේ, දහම් පුතාගෙත් කළ වයස හරි, මම මේ මහත්තයට ඇත්තටම ඒ ගැන කියන්න උන්නේ, කොහේද මහත්තයා එක්ක මටවත් කතා කොරන්න වෙලාවක් නෑ නේ කියාය. ඒ මඟුලක් නෙමෙයි නෝනේ.., මේ බලන්නකෝ පත්තරේ තියෙනවා මට හූනියමක් කරලය කියලා හිටන් කියලාය. අපේ පවුලේ අය නම්, රටේ මිනිස්සු කියනවා කියලා මට කිව්වේ, අපේ මහත්තයා තරම් හූනියමක් ත්වත් නැතෙයි කියලා කිව්වාම, කවදත් මල පනින්නේ නැති ජනාධිපති තුමා කන පැලෙන්න කට ඇරලා කින්ඩි හිනාවක් දමා කිව්වේ, ඔය පට්ට පල් බොරු නේ හාමිනේ, මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදේ ඕනාවටත් වඩා වැඩියි කියලයි දැන් කෑ ගහන්නේ... බලන්නකෝ ඉතින් මට හූනියමක් කොරනකන් මේ රටේ බුද්ධි අන්සේ බම්බුවක් කොරනවද කියා කෙලින්ම කෝල් එක ගත්තේ පොලිස්පති තුමාටය.

එහා පැත්තේන් ආන්සර් කළ පොලිස්පති අති පූජීත සුපුරුදු ගායනේට යමින් කිව්වේ, යේස් සෑර් යේස් සෑර් ත්‍රී බැක් පුල්... සෑර් වන් පෝ මයි සාගල මාසටර්... ඇන්ඩ් වන් පෝ මයි ඩේම්... ඇන්ඩ් වන් ෆෝ ද නෝටී බෝයි... හූ ලිව්ස් ඉන් කේම්බ්‍රිජ් ලේන්... කිව්වාම මල පැන්න ජනාධිපති තුමා ඇහුවේ එතකොට එකක්කත් මට නැද්ද වාහේ හිටන් කියලාය...

අනේ නෑ සෑර් මේ පුරුද්දට කිව්වට මම ඉතින් ඕන කෙනෙක් කියන දේ කරන කෙනා නේ, අපරාදේ සෑර් කෝල් කලේ..., මට කිව්වා නම් මම සෑර්ලැයි ගෙදර ඇවිත්, සෙල්පියකුත් ගහලා පේස් බුක් එකෙත් දාන්න තිබුනා නේ කිව්වාම, ජනාධිපති තුමා කිව්වේ තමුසේ පේස් බුක් එකේ පෝටෝ දානවා..., අරෙහේ මට හූනියමක් කොරලා මුලු රටම දන්නවා... තමුසෙලා ඒ ගැන මොනවද දන්නේ කියලාය. අනේ සෑර් ඒ කරලා තියෙන්නේ සෑර්ට නෙමෙයි මෝද් සෑර්ට කියා කිව්වාම, ජනාධිපති තුමා ඇහුවේ ඉන්දියාවේ කොහෙද අයිසේ දුමින්ද දිසානායකලා කියලාය.

වාහාම මේ හූනියම කරපු එකා හොයන්න ඕන කියා කිව්වාම, පූජිත මෙන්ඩිස්, සමාවෙන්න, පූජිත කිව්වේ හරි සෑර් මම එක දවසෙන් හොයලා දෙන්නම්, ටීම් කීයක් ඉතර දාන්නද සෑර් කියා ඇහුවාම ජනාධිපති තුමා කිව්වේ, ක්‍රිකට් ටීම් එක ඇර ඕන ටීම් එකක් දාලා මේක කරපු එකා හොයන්නෙයි කියලාය. එතකොට පූජිත මෙන්ඩිස්, සමාවෙන්න, පූජිත කිව්වේ, එතකොට සෑර් නානසාර මහ රහතන් වහන්සේ හොයන වැඩේ නවත්තනද කියලා ඇහුවාම ජනාධිපති තුමා කිව්වේ, ඒ කොඩිවිනේ හොයන ගමන් මේ හූනියමාත් හොයනවා කියාය.

ජොබ් එකට කෙලවෙන්න යන කේස් එකක් නිසා පොලිස්පති තුමා කළේ, පොලිස් මූලස්ථානෙට තක්කඩි, සමාවෙන්න, කට්ටඩි කීප දෙනෙක්ට එන්න කියා පොලිස් මැසේජ් එකක් දමනා එකය. එහෙම ආපු එක කට්ටඩියෙක් කිව්වේ, ලොකුම හූනීයම නානේ නිසා ඔක්කෝටම කලියෙන් නානේ අල්ලලා ඉන්නෙයි කියලාය. 

ඉතින් ඩී අයි ජීලා කීප දෙනෙක් එක්ක ගේමට බැස්ස පොලිස්පති තුමා ඉස්සෙල්ලාම ගියේ පොලිස් ඔත්තුකරුවෙක් වන පිස්සු විතාරනගේ ඇන් ඇම් පෙරේරා සැන්ටර් එකටය. එතනින් පැමිනිල්ලා ලියා ගත් සෙට් එක කෙලින්ම ගියේ පාඨලි චම්පිකලාගෙ ගෙදරටය. 

එහිදි සිහළයට උරුම වූ බසෙකින් පොලොස්පතිතුමාගේ අම්මා පවා ඇමතු චම්පුක ඇමතිතුමා සරම උස්සා පෙන්නුවේ මේ ඉන්නේ නානසාර කියලාය. 

එතනින් සෙට් එක කෙලින්ම ගියේ විජේදාස රාජපක්ෂලාගේ ගෙදරටය. එතුමා මේ වේලාවේ තම සිරි යහන් ගබඩාවේ නිදා සිටිනා බැවින් පස්සෙ වෙලාවක එන්නෙයි කිව්වාම, එතනින් පොඩ්ඩක් එහාට ගිය පොලිස්පති තුමා හඬ වෙනස් කොරලා කෝල් එකක් අරගෙන කිව්වේ, අයිසේ මම මේ ඝෝඨාභය කතා කරන්නේ..., පොඩ්ඩක් පහළට එනවා කියලාය. දඩි බිඩි ගා පහළට ආ විජේදාස පොලීසියේ සෙට් එක දැක්ක ගමන් කිව්වේ, මේක බරපතල කේස් එකක් බවත්, විශේෂයෙන මෙවන් මහා ප්‍රාග්නයකු වන අධිකරණ ඇමතිවරකුගේ නින්ද කඩා කප්පල් කිරීම, සිරි ලංකා ආන්ඩු ක්‍රම වියවස්තාවේ පාන්දර පහේ නීතියේ අළුයම 6 වගන්තිය අනුව බරපතල වරදක් බැවින්, තුමුසෙලාට විරුද්ධව නඩු දානවා කියලාය.

එතනින් මාරු වූ සෙට් එක කෙලින්ම ගියේ රාජිතලාගේ ගෙදරය, අනෙ සෑර් නානසාර මෙහේ ඉන්නවාද කියා ඇහුවාම, රාජිත කිව්වේ, පිස්සුද අයිසේ ඕකා මෙහේ තියා ගත්තොත් හෙම අළුත්ගම බේරුවල තම්බි ටික ආයේ කවදාවත් මට ඡන්දේ දෙන්න නෑ..., පොඩ්ඩක් වෙන තැනක බලනවා කියලාය. 

බැරිම තැන කේම්බ්‍රිජ් ප්ලේස් එක්ට ගිය පොලිස්පති තුමා රනිල් ලොක්කාට කිව්වේ අනේ සෑර් අපිව අමාරුවේ දාන්නේ නැතිව නානේ දෙන්නෙයි කියලාය. තමුසෙලාට අමු කැවිලද අයිසේ... මම අඳුනන්නේ ගලබොඩ හාන්දුරුවෝ ඉතරයි... උන්නාන්සෙ ඉතරයි මට හාමු කියලා නම්බු දීලා කතා කරන්නේ... තමුසෙලා මේ බම්බුවක් කතා කොරනවා කියලාය. 

ඔය අතරේ පොලිස් මාද්දිය තුමා ප්‍රකාසොයක් කොරමින් කිව්වේ ඉතා බලවත් පුදගලයකු නිසා නානේ අත් අඩංගුවට ගන්න බැරියෙයි කියලාය. නාකොටික් එකේ ඉඳින්දි ඉන්ට් එකේ හින්ට් පාරවලුත් දන්න නිසා පොලිස්පති තුමා ලෙසටම සීන් එක දැන් ගත්තේය. 

හරි හරි ජනාධිපති තුමා තමයි එයාගේම ගෙදර තියාගෙන අපිට මේ යකා හොයන්න කියන්නේ... හූනීයම ගේ ඇතුලේ තියාගෙන මෙයා බබා පාට් දානවා කියලා සෙට් එකම සිකුරුටි එකේ උනටත් අහු නොවෙන්න යුනිපෝම් පිටින්ම ජනාධිපතු තුමාගේ ගෙදරට රිංගා, කාමරයක් කාමරයක් ගානේ යද්දි එක කාමරේක ජනාධිපති පති තුමා පුක උඩ දාගෙන, තෙල් මල් පහන් පළතුරු ගෙඩි පූජා සියල්ලම තබා රූපෙකට වඳිනවා දුටුවේය. 

දුම නිසා පීන්තූරේ පැහැදිලි නැති නිසා ෆ්ලෑස් ලයිට් එකක් ගහල බැලුවාම දුටු දර්සොනෙන් සෙට් එකම නන්න පෝක් උනේය. එකිනෙකාගේ මූණූ බලාගෙන සද්ද නැතිව ලොක්කා වැඳලා ඉවර වෙනකම්ම ඉඳලා ඉවර උන ගමන් පූජිතයා ඇහුවේ..., සෑරුත් මාර පොර තමයි..., අපිට අල්ලන්නෙයි කියලා ඔබ තුමා නානසාර හාන්දුර්වන්ගේ රූපෙට වඳිනවා නේද සෑර් කිව්වාම ජනාධිපතු තුමා කිව්වේ...,

ඇයි ඕයි රටේ ප්‍රශ්ණ ඔක්කෝම යට ගහලා තියෙන මුන්නාන්සෙට වැන්දාම මොකෑ වෙන්නේ හිටන් තමුසෙලත් වඳිනවා කියලාය. ඊට පස්සෙ පුක උඩ දාගෙන නානසාර රූපෙට වැන්දලා අහක්ක වෙලා පූජිතයා ජනාධිපති තුමාගෙන ඇහුවේ..., එහෙනම් මාද්දිය ප්‍රකාසොක කිව්ව දේ හරි..., ඔබ තුමා මෙහේමද උන්නාන්සේ හංගාගෙන ඉන්නේ කියලාය. 

මේ මොන මළහත්තිලව්වක්ද මේ කියන්නේ කියා ජනාධිපති තුමා ඇහුවාම පූජිත කිව්වේ, රටේ ප්‍රභලම පුද්ගලයෙක් නානසාර හංගාගෙන ඉන්න නිසා අල්ලන්න බෑ අනේ කියාලා තියෙනවා. ඉතින් ඔබ ගාව ඉන්න කෙනෙක් කොහොමෙයි අපි අල්ලන්නේ හිටන් කිව්වාම..., කට කනට යනකන් කන පැලෙන්න හිනාවක් දාපු ජනාධිපති තුමා කිව්වේ..., එහෙනම් ඕයි මෙහේ හොයලා වැඩක් වෙන්නෑ නෑ ගිහින් මහින්ද  මහත්තයලැයි දියා හොයනවා කියාය. 

53 comments:

  1. "එහෙනම් ඕයි මෙහේ හොයලා වැඩක් වෙන්නෑ නෑ ගිහින් මහින්ද මහත්තයලැයි දියා හොයනවා කියාය. " කථාව නම් සහතික ඇත්ත. අපේ හැබෑ ලොක්කගේ නෝන්ජල් කම හින්දා ගෙදර යවාපු ලොක්කා තාම හිතන් ඉන්නේ එයා තමයි රාජ්ජ නායකයා කියල නොවැ . දේශ සංචාරයේ යෙදෙනවා, හුළඟක් හයියෙන් ආවත් පොරකාස නිකුත් කොරනවා. මහා ලොකු ලෙටර්හෙඩ් එකකුත් ගහගෙන ඉන්නේ හිතුණා ගමන් දැඩි පොරකාස නිකුත් කොරන්ඩ. මේ යන විදියට ගියොත් පුලස්ති පුරේ ලොක්කට ආයෙම අප්පයක් දීලා සිංහාසනේ පවරා ගනීද දන්නෙත් නෑ බොලේ.

    ReplyDelete
    Replies
    1. උන් මෙයාට කියන්නේ ආප්පයා කියලා

      Delete
  2. මාතේ, මටනම් පෙන්නේ මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවලක් නෑ ගිය ආණ්ඩුව මර්වින් සිල්වාගෙන් ගත්ත වැඩේ මේ හාමුදුරුවන් ගෙන් ගන්න යනවා. මේ හාමුදුරුවෝ බුදුදහම විනාශ කරනගමන් ආණ්ඩුවට ජනතාව ගොනාට අන්දන්න උදව් කරනවා.

    ReplyDelete
    Replies
    1. කාළයක් ආන්ඩු ජීවත් උනේ ප්‍රභාගෙන්

      ඊට පස්සේ ඝෝඨාගෙන්

      දැන් නානසාරගෙන්

      Delete
    2. ලන්කා සිතිවිලි,

      නික්ම් මනස්ගාත නොපවසා සාධක සහිතව කතා කරමු. වර්තමාන ජනතාවාදී යහපාලන ආණ්ඩුව පිළිබඳ කවුරුත් එකඟ වන වඩාත් සාධනීය අංග වන්නේ, පසුගිය මිනීමරු ජනඝාතක මහින්ද රාජපක්ෂගේ ජඩ වනචර හොර පාලන කාලයත් සමග සසඳන විට බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක්, බලවත් මෙන්ම වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, නිදහස් හා සාධාරණ නීතිය සුරකින සාධාණ සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි. එහෙත් රටක් වශයෙන් පොදුවේ ලබා ගත් එම සමස්ත ජයග‍්‍රහණය තුළ මෝඩ මරාවාදී බයියන් අඳෝනා දී හඬා වැටෙන සැටි බලා සිටීමට අද සිදුව තිබීම උත්ප‍්‍රාසාත්මක ය.

      දැන් සුදු වෑන් ගැන අසන්නටවත් නැත. එසේම එදා එලියට බසින ඕනෑම අයෙකුට මරාගේ සල්ලාල මිනිමරු අලුගෝසුවන්ට හසුවී මහ මගදී ‘නන්නාඳුනන්නෙකු’ විසින් ඝාතනය වීමේ හෝ පැහැරගෙන යනු ලැබීම, කප්පම් ඉල්ලීම සහ සමූහ දූෂණයට ලක්වීම යන කිසිදු අවදානමක් නැති බවත් පැහැදිලියි. ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ. එදා පොලීසිය සහ අධිකරණය වැනි, නීතියට අදාළ අංශ අන්ත දූෂිත රාජපක්ෂ මිනීමරුවන්ගේ බලය ඉදිරියේ නිරුත්තර වූහ, අසරණ වූහ.

      මේ වන විටත් මහජනයාගේ පැසසුමට ලක් වන තීන්දු - තීරණ ගණනාවක් ආණ්ඩුව විසින් ගෙන තිබේ. ඒ අතර ඉහළින් ම සටහන් වන්නේ ඇමැතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීම ය. මේ අනුව 2017 වසරේ දී ඇමැතිවරුන් සඳහා අලුත් වාහන ගෙන්වීමක් සිදු නොවේ. අලුතින් වාහන ගෙන්වීම සඳහා පරිපූරක ඇස්තමේන්තු කිහිපයක් ඉදිරිපත් ව තිබූ බව ද දැනගන්නට ලැබේ. මේ වාහන සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. තීන්දුවෙන් පසු ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට කියා ඇත්තේ පරණ වාහන ම පාවිච්චි කරන ලෙස ය . මෙය මරාගේ බිලියන ගණන් නාස්තිය සමග බැලීමේදී සියයට ලක්ෂවාරයක් වටිනවා නේද?

      ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපාලන රජයේ නිසි සැලසුම් අනුව නියම පීල්ලට වැටෙන හැටියක් දකින්නට ලැබේ. වඩාත් නිවැරදිව කියන‍්නේ නම් අපනයන ආර්ථිකයට අවශ්‍ය මූලික පසුබිම සකස් වෙමින් පවතී. ලෝකයේ ධනවත්ම වෙළෙඳ පොළ ඇත්තේ යුරෝපයට ය. යුරෝපයේ රටවල් 27 ක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව නැවත ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එය යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි ය. මෙහි වාසිය ලබා ගැනීමට නම් විවිධ භාණ්ඩ හා සේවා යුරෝපයට සැපයිය යුතුය. මේ සඳහා උනන්දු විය යුත්තේ රටේ පෞද්ගලික අංශයයි. මෙරට පෞද්ගලික අංශය වෙනුවෙන් සම්පූර්ණ විශ්වාසය තබා ඇතැයි පෙන්වා දෙන අගමැතිවරයා නව කර්මාන්ත සඳහා පිටරටින් ගෙන්වන යන්ත්‍ර සූත්‍රවලට බදු සහන ලබා දෙයි.

      වත්මන් යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත් වූයේ රටේ ආර්ථිකය පිළිබඳ අලුත් බලාපොරොත්තු ඇති රැසක් කරමින් ය. රැකියා ‍දසලක්ෂයක් සපයා දීම නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම, ජීවන වියදම පහත හෙළීම, අපනයන ක්ෂෙත්‍රය වැඩිදියුණු කිරීම ඇතුළු තවත් ඉලක්ක ගණනාවක් ජනතාව හමුවේ තිබේ. ජීවන වියදම පහත හෙළීමට රජය සැලකිය යුතු පරිශ්‍රමයක් දරා තිබේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම රජය බලයට පත්වීමත් සමඟ සිදු විය. රැකියා සම්පාදනය හා අපනයන ක්ෂෙත්‍රය නැංවීම සම්බන්ධයෙන් තවදුරටත් සුළු ගැටලු ඇති බව පෙනී යයි. මරා විසින් නොමග යැවූ සුළුතර තරුණ පිරිසක් සිටිනුයේ කෝ රැකියා දස ලක්ෂය කියන තැන ය. මොවුන් දැනුවත් කිරීම අපේ වගකීමයි.

      මේ සියල්ල එකවර සාර්ථක කර ගැනීම පහසු කාර්යක් නොවේ. ඇතැම් ගැටලු විසඳා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් අවශ්‍ය වේ. බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සඳහා ශක්තිමත් ප්‍රතිසංස්කරණ තිබිය යුතුය. ඊට අදාළ යෝජනා සම්මත වූ විට ඒවා ක්‍රියාත්මක කිරීමට ද කාලයක් ගතවෙයි. ඒ හැරෙන්නට විශාල ණය කන්දකටද රජය යට වී සිටී. ඒවා ගෙවන අතර ආර්ථිකය ඉදිරියට තල්ලු කිරීම අභියෝගයකි. රජය එම අභියෝගය පියවරෙන් පියවර සාර්ථක කරගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. කුමක් වුව අදාල ආර්ථික පසුබිම සකස් වී ඇතැයි සිතන්නට පුළුවන.

      කොයි රටේ ජනතාවටත් බලා සිටින්නට සිදු වේ. වැඩ කරන්නටත් සිදුවේ. ඉවසන්නටත් සිදු වේ. දියුණුව යනු ඒ සියල්ලෙහි ප්‍රතිඵලයයි.

      Delete
    3. ලන්කා සිතිවිලි,

      මේ ආණ්ඩුවේ අසාර්ථකත්වය ගැන මනස්ගාත දොඩවන ඔබ 2004-14 අන්ත දූෂිත ජඩ මිනීමරු රාජපක්ෂ කාඩ රෙජීමයේ එකාධිපති වියරු පාලන සමයේ සිට සෘජු ස්ථානගත කිරීම් යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම යටතේ මහා පරිමාණයේ වංචා දූෂණ අක්‍රමිකතා සිදු වී තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් රජයට ඩොලර් ට්‍රිලියන හතරයි දශම හතක ණය මුදලක් උරුම වී තිබෙන බව දන්නවාද? මුදල් අමාත්‍යන්ෂය මේ බව ජාතික රූපවාහිනිය සහ ITN හරහා විස්තරාත්මකව පැහැදිලි කරනු නොඩුටුවේ ඔබ දූෂිත මරා කල්ලිය කෙරෙහි දීන ගැති භාවයෙන් අන්ධ වී සිටින නිසාද?

      සෘජු ස්ථානගත කිරීම් අනිවාර්යෙන් විගණනය කළ යුතු බවට වසර 2004 පෙබරවාරි 12දා නීතිපතිවරයා විසින් ලබාදී තිබෙන නියමය නොසලකා හරිමින් සෘජු ස්ථානගත කිරීම් විගණනයට ඉඩ ලබා දී නොමැති බවත් කබ්‍රාල්ලා විසින් මහබැංකුවත් භාන්ඩාගාරයත් සුද්ද කොට හිස් රටක් වත්මන් රජයට දී තිබේන බව වැඩිදුරටත් ඉතා පැහැදිලිව අනාවරණය විණි.

      අනෙක් අතින් රටක් හැටියට අප කනගාටුවට පත්විය යුතු වන ලංකාවේ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ගැන සලකනවිට ඊට සෘජුවම හේතුවී ඇත්තේ පසුගිය අන්ත දූෂිත රාජපක්ෂ මිනීමරු ඒකාධිපති කාලකන්නි රෙජීම ජුන්ටාවේ හොර හැත්ත බව ඉතා පැහදිලිය. මරා බලයට පත්වූ 2005 නොවැම්බර් සිට 2014 දෙසැම්බර් දක්වා රෝගය වසර කිහිපයකින් මුළු රටම අභියෝගයට ලක්කර ඇතැයි කියන්නට පුළුවන. පසුවිපරමක් සිදුකර බලනවිට පෙනීයන්නේ මේ පුංචි මදුරුවා අප භීතියට පත්කර ඇත්තේ පසුගිය දූෂිත රාජපක්ෂ කල්ලියේ නොසැලකිල්ල නිසා බවය. නමුත් පෙනෙනෙන හැටියට රාජපක්ෂ කල්ලිය සැලසුම් සහගතව ඩ්ංගු රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත කොට තිබෙන බව පැහැදිලිය. 2015 හා 2016 වත්මන් රජය ඉතා සාධනීය ලෙස මේ උවදුර පාලනය කලත් නැවත මෙවර ඩෙංගු බහුලවීමට හේතුව රාජපක්ෂ හෙංචයියන් විසින් මදුරුවන් බෝකර පරිසරයට මුදාහරින නිසා බව මේ වන විට අනාවරණය වී තිබේ.

      පළමුව අප අවදි විය යුතුය. දෙවනුව ඩෙංගු මදුරුවා හා මදුරුවාගේ ව්‍යාප්තිය අවසන් කළ යුතුය. එනම් මෙම භයානක උවදුර පැතිර වීම හා මෙහෙයවන රාජපක්ෂ හොර කල්ලියට නැවත බලයට ඒමට ඉඩ නොදීමට හැකි සෑම දෙයක්ම කළ යුතු අතර එම ජඩයින්ට දඬුවම් දී ඔවුන් විනාශ කොට දැමීමට වත්මන් රජයට පූර්ණ සහය දිය යුතුය. එනම් ඉදිරි මැතිවරණ වලදී කොන්දේසි විරහිතව එජාපයට ඡන්දය දීම වඩාත් සුදුසු වේ.

      Delete
    4. Lankika Sithuwili

      කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන රාජපක්ෂවාදී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

      කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පවසයි. මෙය හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමයේ බලය ගිලිහී වියරු වැටුන අමනයින්ගේ වැඩක් බව පෙනේ.

      කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැම් දූෂිත පුඟුලන්/ අමන අවලමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය. බයගෝතයා වැනි පඩ ශෝ කාරයින් එදා බිලියන් ගණන් මුදල් නාස්ති කරමින් කළේ මෙයයි.

      Delete
    5. හිතවත් ඇනෝ,

      //
      බියෙන් සැකෙන් තොරව, පාලකයන් ඇතුළු බලධාරීන්ව විවේචනය කිරීමට තරම් වන, නිදහස් සමාජයක්
      //

      මෙහෙම දෙයක් නම් බැලුබැල්මට තියනවා නමුත් ඊට හේතුව යහපාලනයේ ඇති හොදක් නෙමෙයි යම් විවේචනයක් එල්ලවෙනකොට කරන්නේ UNP පක්ෂය එම වරද්ද සිරිසේනගේ ඇගේ පටවන අතර සිරිසේනගේ කට්ටියේ රනිල්ගේ ඇගේ පටවමින් වගකීමෙන් නිදහස් වෙනවා

      //
      බලවත් මෙන්ම වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක්, නිදහස් හා සාධාරණ නීතිය සුරකින සාධාණ සමාජයක් යහපාලන ආණ්ඩුව යටතේ බිහි වී තිබීමයි.
      //
      දවල්ද ?

      // ඒ නිසා, ආණ්ඩුව කෙරෙහි වන ඕනෑම විවේචනයක් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීමේ නිදහසක් සහ හැකියාවක් අද ඕනෑම කෙනෙකුට තිබේ.//
      මෙය ඔබ හිතන තරම් නම් නෑ, ලගදි මුහුණු පොතේ කවියක් ලිව්ව ගුරුවරයකුටත් දඩුවම් ස්ථාන මාරුවක් දුන්න.

      //
      ඒ අතර ඉහළින් ම සටහන් වන්නේ ඇමැතිවරුන් සඳහා අලුතින් වාහන ගෙන්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීම ය.
      //
      මේ සියලු වාහන වලට නයවර ලිපි නිකුත් කර විදේශවලට මුදල් ගෙවා ඉවරයි, රජය මේ කලේ ඇස් බැන්දුමක් පමණයි


      //ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපාලන රජයේ නිසි සැලසුම් අනුව නියම පීල්ලට වැටෙන හැටියක් දකින්නට ලැබේ.//
      හරියට විදේශ ඇමතිට ලොතරැයි මණ්ඩලය බාරදීලා වගේ

      //අපනයන ක්ෂෙත්‍රය වැඩිදියුණු කිරීම ඇතුළු තවත් ඉලක්ක ගණනාවක් ජනතාව හමුවේ තිබේ.//
      මොනවා ජනතාව හමුවේ මම හිතුවේ රජය හමුවේ කියල, තවම PAYPAL මහින් විදෙෂමුදල් ලබාගැනීමත් රටතුල දියුණු තැපැල් සේවයක් ඇතිකිරීමත් වෙලා නෑ


      //වත්මන් රජයට ඩොලර් ට්‍රිලියන හතරයි දශම හතක ණය මුදලක් උරුම වී තිබෙන බව දන්නවාද?//
      මචෝ ඇනෝ බොරු කියනකොට අහුවෙන්නේ නැතුව බොරුවක් කියන්න බැරිද ? "ඩොලර් ට්‍රිලියන හතරයි" කියන්නේ ඇමරිකාවේ අයවැය පරතරයයි
      බලනකොට ලංකාවට ඇමරිකාවට වඩා ලොකු අර්තිකයක් තියනවනේ

      Delete
  3. පරණ මාතා ස්ටයිල් එක ඇවිත් තියෙන්නේ. නියමයි.

    ReplyDelete
    Replies
    1. මේක මගේ ඉට්ටැයිල් එකක් නෙමේ මචෝ..

      විමලනාත් වීරරත්නගේ එකක්...

      Delete
  4. තොපි හැමදාම කරන්නෙ සිංහලයට අපහාස කරන එක. තොපි කරන්නෙ බුද්ධ ශාසනේට අපහාස කරන එක. මේ රට මෙච්චර කාලයක් රැකුණෙ කහ සිවුර හින්ද. කහ සිවුර නැත්තන් අදටත් මේ රට විනාස වෙලා. සිංහල ජාතිය ගැන දන්නෙ නැති සුද්දගෙ පුක ලෙවකන සුද්දගෙ ඩොලර් වලට කහින මේ වගේ පර බල්ලන්ව මේ රටෙන් එලවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... ඒ නිසා වෙන්ටෑ සාසනේ ආන්ඩුවෙන් රකින්න ඕන කියලා පුක ඉරා ගන්න හඳන්නේ

      Delete
  5. මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    - අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    ඔය ඇටි කෙහෙල් කාපු රිලවෙක් තමා මාතලන් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇටි කෙහෙලුත් කනවද ? අනේ අප්පා !!!!

      Delete
    2. ධර්මපාල කියන්නේ සිංහල ජාතිය මෝඩයෝ කියපු ගොන් වස්සෙක්

      Delete
  6. අන්තිම ඡේදයේ හින්ට් එක +++

    ReplyDelete
  7. නානසාර නිවාඩුවක් ගත කරන්න උතුරු කොරියාවට යවන්න හොඳ වෙලාව.

    ReplyDelete
    Replies
    1. දඹදිව වැඩෙම්මුවොත් අවුල් වෙයිද

      Delete
  8. අන්න මාතලන් තුමෝ. එම නම් වූ නානසාර සාමනේර මෙහෙණින් ලක්දිව වාසය අකැප වූ සේක. උක්ත තෙරණුන් වහන්සේ පසුව ලන්ඩන් නුවර කින්ස්බරි නම් සල් වනයට වැඩම කරවූ සේක. පසුව එවක සමර් කාලයේ වනයේ සැරි සරණ සුදු ලඳුන් දැක පංචස්කන්දය සලිත වූ සේක. ඉක්බිති ඒ තෙමෝ තම ශිෂ්ණය පාලනය කරගත නොවූ තැන සසර කලකිරී බුද්ධත්වයට පත්වූ සේක. (බුදු රැස් ගැන නම් නෝ අයිඩියා ය.)

    ReplyDelete
    Replies
    1. නානේට බය ගූ ආන්ඩුවක් මේක... ඒකට මහින්දලා... මහින්දලා ළඟ නානෙලා නැට්ට පුකේ ගහ ගත්තු කුක්කෝ

      Delete
  9. ඔන්න ඔය අහිංසකයා ට ඔය ඉන්න විදිහටම ඉන්න දෙන්න

    ReplyDelete
    Replies
    1. අහිංසකයා කිව්වේ පොලිස්පති තුමාට වෙන්ටෑ

      Delete
    2. \\....අහිංසකයා කිව්වේ පොලිස්පති තුමාට වෙන්ටෑ....// mehema hinassla apiwa maranna epa yako 😂😂😂😂

      Delete
  10. ඥානසාර අර්බදය මංගල සමරවීරගේ මාධ්‍ය සංදර්ශණයකි.
    සිංහල බෙද්ධයන් වන අප මෙය අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමෙන් වැලකී,
    නිහඬව ජාතිවාදය පැතිරවිය යුතුය.

    ReplyDelete
  11. මහින්ද මහත්තයට ජයින් ජයිම වේවා හිටන්!

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයට කඩේ යන හබන් කුකුළෙක් ෆෝම් වෙලා..

      Delete
    2. එසේම වේවා පුතීලා

      Delete
  12. ඔපීසියේ දොයිමතේ ඉන්න වෙලාවක කියෙව්වේ...හිනා ගියපු පාරට නිදිමත අන්තරස්දහන් වුනා...නියමයි මාතලන් තුමෝ...

    අසංක

    ReplyDelete
    Replies
    1. පින් සිඳු වේවා

      අබ සරණයි පුතේ

      Delete
  13. හෙහ්.. හෙහ්.. හෙහ්.. අන්තිම වාක්කියට එනකං ම රසවත්.. :)))

    ReplyDelete
    Replies
    1. ඊළඟ කෑල්ල ඊටත් වඩා රසවත්... :)

      Delete
  14. මසුරං ලියවිල්ලක් මාතා....උඹ නැතිව පන්ච් එකක් නැහැ. සත්තයි!!

    ReplyDelete
    Replies
    1. ඒ අපි කලටි පොල් පිස්සෝ නිසා මචෝ

      Delete
  15. අද srilankamirror.com අඩවියේ "පොලිසිය චාජ් වෙයි. සැකකරුවන් 3214 ක් අල්ලයි" හෙඩිම යටතේ මෙහෙම නිවුස් එකක් තිබුන.
    .
    "දිවයිනේ පොලිස් බල ප්‍රදේශ හාරසිය අසු එකක් එක්ව ඉකුත්දා (17) සිඳු කරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 3214 දෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය වාර්තා කරයි.

    ......පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අදීක්ෂණයෙන් දිවයින පුරා පොලිසි හාරසිය අසු එකක නියෝජ්‍ය සහ සහකාර ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරින් එකසිය තිහක් මෙම මෙහෙයුමට දායකව ඇත.

    ......තවද පරීක්ෂකවරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් 1726 දෙනෙක්ද, පොලිස් සැරයන්වරුන් 2080 සහ පොලිස් කොස්තාපල්වරුන් 6465 දෙනෙක්ද ඇතුළු සෙසු නිලයන් දාහකගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිඳු කරනු ලැබූ බවද පොලිසිය ප්‍රකාශ කරයි."

    මේ නිවුස් එකේ හෙඩිම දැක්ක ගමන් මට හිතුන 'බොලේ මෙදාපොටේනම් නානසාරයට බඩුම තමයි' කියල.

    එත් මචං, මුළු රටේම පොලිසිය එකතු වෙලා අල්ලල තියෙන්නෙ "රාත්‍රී කාලයේ නිදැල්ලේ සැරිසැරූ පුද්ගලයන් 934" ඇතුළුව ගංජා කාරයොයි, අනං මනං නසරානි කාරයො රොත්තක් විතරයි.

    ඒ අතරෙ "මෝස්ට් වෝන්ටඩ්" නානසාරය කිසිම ආපදාවක් නැතිව, අර උඹ කියපු වාහෙලාගෙන් එකෙක්ගෙ ගෙදර, දෙකක් දාල, සුස්තියක් ඇදගෙන ෆුල් ආතල් එකේ ඇති.

    ReplyDelete
    Replies
    1. නානේ බුදු වෙලාද දන්නේ නෑ බං

      Delete
  16. ///////එහිදි සිහළයට උරුම වූ බසෙකින් පොලොස්පතිතුමාගේ අම්මා පවා ඇමතු චම්පුක ඇමතිතුමා සරම උස්සා පෙන්නුවේ මේ ඉන්නේ නානසාර කියලාය.////////////////

    අඩෝ මාතා....මෙතන තමයි පෝස්ට් එකේ ආතල්ම තැන. තව තැන් ගොඩක් තිබුනට මෙතන මරු ඕයි....නාන..සාරලා හිටියෙත් සරොං අස්සේ...ඉන්නෙත් සරොං අස්සේ. ඔන්න රහතුන්ලා....සමන්ත භුද්‍රලා මොක්කුද බං....

    ReplyDelete
    Replies
    1. ධාතු වඩ්ඩන තැන්වල තමයි සමහර භද්‍රලා සාරලා හැන්ගෙන්න කැමති. නොදකින් ශුක්‍රානුවෝ...පල්ලි ඇතුලෙත් මෙහෙම සෙට් ඉන්නවා. අන්තවාදි මුසොල්මානුවාගේ තත්වෙත් මේකමයි. ටොප් ක්ලාස් සෙට් එකක් බං. ධාතු පූජාවක් සෙට් කරපන් ඔය මුල්ලලා, බුල්ලලා, සාමිලා. භාමිලා අල්ලගෙන....ගෑනු සෙට් එකයි, උපාසක බක බකලයි ධාතු කටටත් ගනියි. චැනල් වලට වැඩේ බාර දීපන්.

      Delete
    2. මේක කියවලා මගේ ධාතු පහඋනා මචෝ

      Delete
  17. උඹේ ලිවිල්ල ගැන වෙනම ලියන්න හිතුන.

    // එහිදි සිහළයට උරුම වූ බසෙකින් පොලොස්පතිතුමාගේ අම්මා පවා ඇමතු චම්පුක ඇමතිතුමා සරම උස්සා පෙන්නුවේ මේ ඉන්නේ නානසාර කියලාය.//

    මේකනං නියම කෑල්ල මචං. මැවිලා පේනවා සීන් එක.
    ඒ සීන් එක මතක් කරලා ඕන වෙලාවක හිනාවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මම හරි ආසයි චම්පික මල පැන්නම කතා කරන විදියට

      Delete
  18. මාතලන්,

    නීච ගලගොඩඅත්තේ ඥානසාර වැනි මිනීමරු භික්ෂූන්, අන්ත දූෂිත මිනීමරු රාජපක්ෂ හොර රෙජීමය රට විනාශ කළ වනචර කාලයේ නොයෙක් අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන් සහ රාජපක්ෂලාගේ ගර්හිත රාජ්‍ය සේවයේ දූෂිත ඉහළ නිලධාරීන් යන මේ පාර්ශ්ව තුනම තවමත් එක දිගටම මෙහෙයවනු ලබන්නේ රාජපක්ෂවාදීන් විසින් බව ඉතා පැහැදිලිය. ඔවුන් සියල්ලන්ව මොන අවසරයක් යටතේ හෝ ආරක්ෂා වීමට යහපාලන නායකයන් ඉඩ දීම යනු, වියරු මිනීමරු කාලකණ්ණි රාජපක්ෂ පට්ට හොරුන්ගේ අනාගත දේශපාලනික ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අගනා තල්ලූවක් දීමට මෙහා දෙයක් නොවේ.

    කහකඩ ගණ ගෙඩි තට්ටයින් නොහොත් සිවුර දැරූ ජඩයින් වරෙක එල්ලූම් ගස් ගොස් තිබේ. ඒ, තල්දුවේ සෝමාරාම නැමැත්තාව, බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. තවත් වරෙක සිවුර ජීවිතාන්තය දක්වා හිරේට යවා තිබේ. ඒ, මාපිටිගම බුද්ධරක්ඛිත නැමැත්තා බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු කිරීමෙනි. මේ රටේ සංඝ සාසනය හෝ බෞද්ධයන් එවැනි අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම ගැන එදා පාරට බැස්සේ හෝ කැරලි ගැසුවේ හෝ නැත. හේතුව, යුක්තිය සහ අයුක්තිය අතර වෙනස, ධර්මය සහ අධර්මය අතර වෙනස හඳුනා ගැනීමට තරම් මුහුකුරා ගිය සමාජයක් 2015 ජනවාරි 08න් පසු සිට අද දක්වා මෙන්ම එදාත් ලංකාවේ පැවති බැවිනි.

    අද ඉතා ස්වාධීනව ආදර්ශමත්ව මනාව පාලනය වන ලංකාවේ පොලීසිය සහ අධිකරණයට පාලක බලධාරීන්ගෙන් සුළු හෝ බලපෑමක් වන බවට කිසිදු සාක්ෂියක් නැත. එහෙත් පසුගිය අන්ත දූෂිත පල්හොර රාජපක්ෂ මිලිටරි ජුන්ටා මිනීමරු ඒකාධිපති රජයේ ඇතැම් පුද්ගලයන් විවිධ අවස්ථාවල පොලීසියට ඇඟිලි ගසන බවට ආරංචි තිබේ. හිටපු රජයේ අකටයුතුකම් පිළිබඳව පොලිස් විමර්ශන අවසන් කොට ඇති සිදුවීම් දුසිම් ගණනාවක් වසරකටත් වැඩි කාලයක් තිස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබේ. ගලගොඩඅත්තේ ඥානසාර, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදී කළා සේම දැනුත් රාජපක්ෂ පල් හොරුන්ගේ සහයෙන් ප‍්‍රසිද්ධියේ නීතිය උල්ලංඝණය කරයි. පුලූවන් නම් තමන්ව අත්අඩංගුවට ගන්නැයි පොලීසියට ප‍්‍රසිද්ධියේ අභියෝග කරයි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත විභාග වන නඩුවකට පැමිණීම හිතාමතාම ඔහු මගහරිනවා පමණක් නොව, මුළු රටම හිනස්සවන තරමේ නිදහසට කරුණු අධිකරණයට නොපැමිණ සිටීම සඳහා ඉදිරිපත් කරයි. වෛරී භාෂණය සහ වර්ගවාදී උසිගැන්වීම් මත අත්අඩංගුවට පත්වීම මගහරිමින් හැංගී සිටින අතරේ, අසනීපයෙන් රෝහල්ගතව සිටිතැයි වරක් ඔහු අධිකරණයට දන්වා එව්වේය. අධිකරණයට පැමිණීමට නොහැකි තරමට එවන් කහකඩ හොර ගණයකු පෙලූණු රෝගය කුමක්ද? ඒ සඳහා පැය කීයක් රෝහල්ගතව සිටියේද, ප‍්‍රතිකාර ලබනවා යැයි කියන රෝහල කුමක්ද ආදී කිසි තොරතුරක් පිළිබඳ පෙරලා එහිදී ප‍්‍රශ්න නොකෙරුණි. මේ රාජපක්ෂ කල්ලියේ බලපෑමයි.

    ඊළඟට, ජීවිත තර්ජනයක් ඇති නිසා අධිකරණයට නොපැමිණෙමැයි ඔහු අධිකරණයට දන්වා සිටියේය. බන්ධනාගාරයේදී තමාව ඝාතනය කිරීමේ අවදානමක් ඇති බවට වන ප‍්‍රබන්ධය මාධ්‍යය හරහා විසිරුවා හැර, බන්ධනාගාරගත වීමෙන් වැළැකී සිටීමේ සෑම උපාමාරුවක්ම යොදා ගැනීම අනිත් පැත්තෙන් ඔහු යුක්ති සහගත කර ගනී.

    මේ කියන හේතු මත මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට කිසි දවසක අධිකරණය මගහැර සිටිය හැකි වේද? සාමාන්‍ය පුරවැසියෙකු සම්බන්ධයෙන් අධිකරණය එක දිගටම මෙවැනි හේතුවාචකයන්ට අවසර දේවිද? සාමාන්‍ය පුරවැසියෙකු අත්අඩංගුවට ගැනීම ලංකාවේ පොලීසියට මෙතරම් කල් යන තරමේ අසීරු කටයුත්තක් විය හැකි තත්වයක් ඇත්තෙන්ම තිබිය හැකිද? මේ ගැන මාතලන් සැබෑවටම නානසාර මෙහෙයවන රාජපක්ෂ හොර කල්ලියට එරෙහිව හඬ නගන්නැත්තේ ඇයි?

    ReplyDelete
  19. මාතලන්,

    කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන රාජපක්ෂවාදී කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    කොළඹ නගරය අපිරිසිදු කිරීම සදහා සංවිධානාත්මක කසල ගෙනැවිත් දැමීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වන බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර පවසයි. මෙය හිටපු දූෂිත රාජපක්ෂ රෙජීමයේ බලය ගිලිහී වියරු වැටුන අමනයින්ගේ වැඩක් බව පෙනේ.

    කොළඹ නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවකදී පසුගිය කාලයේ කොළඹ නගරය හරි ලස්සනට තිබුනේ යයි ඇතැම් දූෂිත පුඟුලන්/ අමන අවලමුන් කියූවත් ඇත්තටම සිදු වූයේ පස් දමා කුණු වැසීම බවද ඔහු එහිදී පැවසීය. බයගෝතයා වැනි පඩ ශෝ කාරයින් එදා බිලියන් ගණන් මුදල් නාස්ති කරමින් කළේ මෙයයි.

    ReplyDelete
  20. මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

    මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

    ReplyDelete
  21. එල ද බ්‍රා ...ඇත්තටම නියමයි...දේශපාලන අදහස මොක උනත් ලියවිල්ල මල් හතයි

    ReplyDelete
  22. මෙතන සමහර පරයො අනගාරික ධර්මපාලතුමා වගේ ජාතික වීරයින්ට අපහාස කරල තියන හැටි දැක්කම ඇත්තටම තරහ යනව. ධර්මපාලතුමා රටට කරපු සේවයෙන් දාහෙන් එකක්වත් මේ බ්ලොග් හදාගෙන නටන වීරයො කරල තියනවද? උඹල ඔක්කොම බුදු දහමට අපහාස කරන්නම බලාගෙන ඉන්න පර බල්ලො. මේ රටේ බුද්දාගමට මූලික තැන දෙන්න ඕන. ඒකට අනිත් ආගම්වල උන්ට රිදුනටකමක් නෑ. මේක සිංහල බෞද්ධ රටක්. මේ රටේ නම සිංහලේ නතුව ලංකාව නෙමේ. සැකනම් බලපිය සුද්දට ලියල දෙන්න කලින් මේ රටට කිව්වෙ සිංකලේ කියල. ලංකා කියල නමක් කිව්වෙවත් නෑ මේ රටට.

    ReplyDelete
    Replies
    1. ධර්මපාල උන්නැහේ කරපු ප්‍රධානම අසත් කාර්‍යය තමයි 'සිංහල බෞද්ධ' කියන පසුගාමී විෂබීජය මෝඩ සිංහලයන්ගේ ඔලු වලට රිංගවපු එක.

      සුද්ද ආවේ නැත්නම් උඹල තාමත් අමුඩේ ගහගෙන, විටක් හප හපා, එකගෙයි කාගෙන ඉඳීවි.

      Delete
  23. හුටා!!!.. ඔන්න හොර මහින්දයගේ 'අස්ගිරි පාර්ශවය' ත් නානසාරයගේ 'රෙස්කිව් මිෂන්' එකට එන්ටර් වෙලා.

    අස්ගිරියේ කාර් සභාව කියල තියෙනවා

    "ගලගොඩ අත්තේ නානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව සහ අදහස් ප්‍රකාශන ශෛය්ලිය කිසිසේත් අනුමත නොකරන නමුත් "උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව"

    බුදුන් වහන්සේගේ "විශ්ව සාමයේ මතවාදය" සමාජගත කිරීමට කැපවී සිටින සඟුන් පිරිසක්, රට අවුල් කරලා විනාශ කිරීමේ සාහසික ක්‍රියාවලියක යෙදීසිටින අන්තවාදියෙකුගේ "ත්‍රස්තවාදි මතවාදයක්" අනුමත කිරීම හිතාගන්නත් බැරිතරම්.

    මෙවැනි යහපාලන විරෝධී ප්‍රකාශ නිකුත් කිරීම්වල :

    විධායක නිෂ්පාදනය : චෝර මහින්ද
    අධ්‍යක්ෂණය : ඩීල්දාස

    ReplyDelete
  24. කාලෙකින් එල ලිපියක් කියෙව්වේ. නානසාර ගැන අපි මොනා කිව්වත් මෑන් කියන දේවලත් පොඩි ඇත්තක් තියෙනවා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න