.

.

Oct 6, 2023

තොටවත්තට නොපෙනුන NGO තාරුකා

 



තොටවත්තට නොපෙනුන 

NGO තාරුකා

➖➖➖➖➖➖➖😁➖


NGO කාරයෝ තොටවත්තයා දාලා ඉස්ලාම් ආගමට නෙළුවා...


(මොකක්... උන් ඉස්ලාම් ආගමට නෙලුවා... අනේ පලයන් මාතේ කෙප්ප කෙලින්නේ නැතිව... තෝම නේ කියන්නේ උන් 🐅 🐅 ය... අයිසිස්ලා කියලා.)


තොපි හිටහන්කෝ කියනකන්...

ඊට පස්සේ උන්ම... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දානවා... ආන් තොටවත්තයා ආගම් වලට ගහනවා කියලා... ඒවා තමා NGO ගේම්... 


(උන්ම ඌට ගෙවලා.. උන්ම ඌට පැමිණිලි දානවා... ඕවා කියහන් මාතේ තොගෙ බයියන්ට... අපි ඇන්දෙයි ඕවට...)


තොපි හිටහන්කෝ කියනකන්...

ඊට පස්සේ ඌ සීයයිඩීයේ ඇතුලට යන්න කලිනුත් චීවරධාරියත් සාක්කියට තියාගෙන.... ආයේ නෙලනවා අල්ලටයි ... අල්ලගෙ මැසෙන්ජර්ටයි....


(ඒ කියන්නෙ ඒකත් ඇන්ජිඕ ගේම්... ටෞකන්ඩ දාලා... ගිහින් පුප දියන් මාතේ රාජපක්ෂලාට ...)


හරි ඒක මම දීගන්නම් 

තොපි හිටහන්කෝ කියනකන්....

ඇන්ජියෝ කාරයොන්ට ඕන වුනේ...  

ඕන් බලහන් ICCPR එකෙන් ඇතුලට දාන්නේ බුද්ධාගමට කෙලින උන්ට විතරෙය... අනික් ඒවට නෙලුවට අවුලක් නැතෙයි කියලා... තොටවත්තයා එලියට දැම්මයින් පස්සේ... ඌටයි...  අර චීවරේ දාගෙන ආපූ කුර හා අං සහිත ජීවියාටයි... NGO පඩි ගන්න කුක්කෝ දම්මලා නෙලලා...

රනිල්ටයි ආන්ඩුවටයි ගෙම අදින්න...

චීවරධාරියෙකුත් යවන්නේ ඒකට...


(පලයන් බං බොරු නොකියා... ගිහින් රාජපක්ෂලාගේ ලැට් වල කඩාගෙන කාපන්...)


හරි හරි ලැට් වල කඩලා... තොපිට කතා කරන්නම්කෝ... මොකෝ තොපි කන ඒවා අපි කන්නේ නෑ නේ...

හැබයි ... මීට කලින් නානේ සාධුත් ඇතුලට දැම්මය කියන දේ... 

ඇන්ජියෝ කාරයන්ගේ ඇන්ජියෝස්කෝප් එකට අහු වුනේ නෑ....


ඒ අස්සේ ... නීතියේ පිහිටෙන් ඊයේ පෙරේදා එලියට ආපූ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදියෙක් තොටවත්තට ඉස්ලම් ගැන අවබෝධයක් නෑ... කියලා.. ඌ වෙනුවෙන් කඩේ ගිය ඇන්ජියෝ කාරයන්ගේ පුපේම ඇරලා  ... දැන් #ටට දීලා ඉන්නේ..


ඒ නිසා දැන් අර NGO පඩි කන පඟර නැට්ටන්ට  කට උත්තර නැතිව... 

ඉස්ලාම් ආගමට නෙලපු තොටවත්තටත් කඩේ යනවා....

අරූ පව්....


මාර වැඩේ NGO කාරයන්‍ට වුනේ...

අයියෝ සල්ලි....😜


💀 දැන් මූත් ඇප දීලා එලියට දායි...

හැබයි මේ රටේ ආගමික ගැටුම් ඇති වුනොත් ඒවට වග කියන්න මේ එකෙක්වත් නෙමෙයි...

ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන...

මේ නීතිය සහ...

නීතී සම්පාදනය කරණ තැන හිටපු හා ඉන්න...

මෙලෝ රහක් නැති මළමූසල හැත්ත...


💀මොකෝ උන්ගේ පැවැත්මට...

මේවා අත්‍යාවශ්‍යම කාරනා....

.


.

19 comments:

  1. මටත් තොටවත්ත කියන මෑන්ව පෙන්න බෑ නමුත් මිනිහට තියෙන්නේ තමුන් ගේ ප්‍රකාශ නිවැරදි බව ඔවුන්ගේම පොත පත වලින් පෙන්වා දෙන්න.ගල් යුගයේ මිනිස්සු කරපු වැඩ වලට මේ යුගයේ මිනිස්සු හිරේ දන්නේ අහවල් දෙකටද?මෙහෙම ගියොත් ඊළඟට මුන් කියාවි ගල් ගහලා මරන්නත් ඉඩ දෙන්න කියලා මුන්ට ගිය රට, ලංකාවේ එන්ජීඕ කාරයොත් බඩවියත රැකගන්න මොනවා මොනවා හරි කරන්නත් ඕනනේ.

    ඒක නෙවෙයි මාතේ, පසුගිය කාලය තුල එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතරේ ට්‍රම්ප් හදනවා කියලා කියපු තාප්පෙ ගැන මතකද? එකාලෙ වාමවාදි ලිබරල් මිඩියා ඔක්කොම ඒකට කචොක් කරා , ඒක ජාතිවාදි වෑඩක්ය කිව්වා ..

    බයිඩන් රිලවා 2020 දි කිව්වෙ ඒ තාප්පෙ එක අඩියක් හදන්නෙ නෑ කියලා . ඔන්න දැන් ඒ carry බේසික පුතාම ඒ ඔක්කොම රිවර්ස් කරලා දෑන් ආයෙ තාප්ප ගහන්න හදනවා.

    තාප්පෙ හදන්න ඔනෙ නිසා ඒ පරයෝ පරිසර නිති ඔක්කොම අකුලලා.මෙකට හෙතුවෙලා තියෙන්නෙ තමන්ගෙ පක්ශෙ බලය තියෙන ප්‍රාන්ත වල මුන්ගෙ open border පොලිසි එක නිසා එන මෑක්සිකන් කරයො ඔක්කොම ටෙක්සාස් ප්‍රාන්තෙ ආන්ඩුකරයා ග්‍රග් ඈබට් බස් වලින් ඈදලා ගෙනි හිල්ලා දාන එක . දෑන් ප්‍රාන්ත වල සරනාගතයො පිරිලා . එවායෙ ඉන්න එවුන්ට ඉන්න බෑරි සයිස් එකක් . එවට කිව්වෙ sanctuary cities කියලානෙ .

    මරිමොල් මන්දමානසික වමාන්ශික ලිබරල් (ගොන් දෙවසිරි-හරිනි අමරසුරිය පන්නෙ) අදහස් පිටින් ල්ස්සන වුනාට ප්‍රයොගිකව වෑඩ කරන්න නෑ . එකාලෙ de-fund the police කියලා එවා කරපු එවුන්ටත් දෑන් හොරකම් / මෑරකම් වලින් මිනිස්සු බෙරගන්න බෑරිව ඉන්නෙ . හොඳවැඩේ මුන්ට නම්...😊

    ReplyDelete
  2. මාතලන්ට මතකද චමීර ජීවන්ත දෙද්දුවගේ කියලා අවුරුදු හතළිහක විතර සෝෂල් මීඩියා වලින් ගේම ගහලා පස්සේ 2022 ගෝඨගෝ ව්‍යාන්ත්‍රණයට සම්බන්ධ වී සෑහෙන ලොකුවට සද්දේ දාපු අරගල නායකයෙක් හිටියා. මෑන් මෑතකදී ඉන්දියාවේ The Week නමැති පුවත්පතට මෙහෙම කියනවා:

    “අරගලයෙන් වුණ එකම වෙනස තමයි රටේ ජනාධිපති මාරු වීම. කොළඹ ඉහළ පන්තියේ උන් වික්‍රමසිංහට කැමතියි. ඒ ඇරෙන්න වෙන කිසිම වැදගත් වෙනසක් අරගලයෙන් වුණේ නැහැ.”

    එතකොට අර ඒ කාලේ නාකි මයිනා ඇහුවා වගේ "දැන් සැපද" කියලා තමයි අපිට උගෙන් අහන්න තියෙන්නේ…

    චමීර ජීවන්ත කියන්නේ අරගලය දවස්වල ෆැරන්හයිට් දාහක උණෙන් හිටිය බූරුවෙක්. ඒ හරකා හිතාගෙන හිටියේ ඌ මේ ලංකාවේදී කරන්නේ 1789 ප්‍රංශ විප්ලවය කියලයි. ඒ හිවලා ඒ දවස්වල අපිට කතා කළේ නාට්සි ජර්මානුවන් යුදෙව්වන්ට කතා කරනවා වගේ. කාලෙකට කලින් චමීර සිංහල බෞද්ධ ජාතිවාදියෙක්. ඒ කාලේ ලියූ මරු ලිපි එහෙම තියෙනවා. නමුත් මිනිහා කොළඹ ඇඩ්වර්ටයිසින් ඒජන්සියක රස්සාවක් කරන්න ගත්තට පස්සේ එකපාරටම ඒ සිංහල බෞද්ධ අදහස් අවුල් යනවා. ඒ සංසිද්ධිය මා දැක තිබෙනවා බොහෝ තරුණ තරුණියන්ට වෙනවා. ඇඩ්වර්ටයිසින් ඒජන්සි කියන්නේ කොළඹ සමාජයේ තියෙන පිස් පෝච්චි. ඒවායේ තියෙන්නේ ගංජා කල්චර් එක. චමීරම ඔය කියන කොළඹ කුලීන සමාජයේ සාමාජිකයෙකු වෙන්න නොතිත් ආසාවෙන් පෙළෙන මෝඩ කොල්ලො කෙල්ලො ඒවා ඇතුළේ දාන විජාතික සංස්කෘතික ගොන්පාර්ට් දැක්කම බඩ අල්ලන් හිනා යනවා. ඇපල් මැක් එකක් අතට දුන්නම උන් හිතනවා උන් උපතින් ප්‍රභූ ධනේශ්වර කියලා.

    ගමේ පන්සලේ දහම් පාසලට ගිය දුප්පත් කොල්ලෙකු ඒ කොළඹ කුලීන උප සංස්කෘතියට එක්වරම නිරාවරණය වුණාම ඒ කම්පනය දරාගන්න අමාරුයි. ලංකාවේ 2022 ගෝඨගෝ ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු අරගලය තුළ විශේෂයෙන්ම අවභාවිත වුණ කණ්ඩායමක් තමයි ඔය කොළඹ ඇඩ්වර්ටයිසින් සෙට් එක. සමහර ඒජන්සි අයිතිකරුවන් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා තම සේවකයන්ට අනිවාර්යයෙන්ම අරගලයට යන්න කියලා.

    හැබැයි සමහර ඒජන්සි අයිතිකරුවන් මට කියා තිබෙනවා ඔය චමීර වගේ තරුණයන් ගැන ඔවුන් ඇත්තටම හිතන විදිහ. ඒවා කතා වෙන්නේ ටොප් ක්ලියන්ට්ස්ලා සමග තියෙන ප්‍රයිවට් කොක්ටේල්ස්වලදී. ඇඩ්වර්ටයිසින් කියන්නේ කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයන්ව වශී කරගැනීම. මුලින්ම වශී කරගන්න පාරිභෝගිකයන් තමයි ඒවායේ වැඩ කරන කොල්ලො කෙල්ලො ටික. චමීරලා වගේ උන් හිතන්නේ උන් හෙන නිදහස් පොරවල් කියලයි. නමුත් උන්ගේ බුද්ධිමය නිර්මාණ සාරය තුට්ටු දෙකට උරා බොන වැම්පයර්ලා උන් පස්ස හැරුනම උන්ට විරිත්තනවා කියලා උන් දන්නේ නැහැ. ඔය රටකපටි දෙරණේ දිලිත් ජයවීරලා වගේ උන් එහෙම ඒකට හරිම දක්ෂයි.

    චමීරගේ මිත්‍රයා තමයි බුද්ධි ප්‍රබෝධ. එයත් හිටියේ ඔය නිල් පාට රෝස පාට ඇඩ්වර්ටයිසින් ලෝකයේ. The Week පුවත්පත කියන හැටියට අරගලය අසාර්ථක වීමෙන් හටගත් චිත්ත සන්තාපය නිසා බුද්ධි සියදිවි නසාගෙන. ඔහු කලක සිට මානසික රෝගයකින් පෙළෙමින් හිඳ තිබෙනවා. එවැනි තරුණයන්ව සිය දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් දේශපාලන අතකොළු හැටියට යොදාගැනීම අන්තිම කුරිරු වැඩක්. ඒ මරණයට චමීර වගේ අයත් වග කියන්න ඕනා. එකට අරගල කළා නම් ඒ ළමයට අමාරු වෙලාවේ එකටම ළඟින්ම ඉන්න ඕනා. නමුත් ඔය ඇඩ්වර්ටයිසින් ලෝකය කියන්නේ අන්තිම ආත්මාර්ථකාමී තුච්ච පෙරේත ලෝකයක්. ඒවායේ රස්සා කරන්නේ පූරුවේ පවට.

    අරගලයට කලින් චමීර ෆේස්බුක් එකේ වහසි බස් දොඩමින් හිටියේ “ලැබෙන පළමු අවස්ථාවේම මේ කාලකන්නි රටෙන් යනවා” කියලයි. තමන්ගේ මාතෘ භුමිය ගැන ඔහු බද්ධ වෛරයෙන් ඉන්නේ. බෞද්ධ සිංහල සංස්කෘතිය සහ විජාතික බම්බු සමග අභ්‍යන්තර අවුලෙන් ඉන්නේ. අර සංස්කෘතික කම්පනය සහ පුද්ගලික ජීවිතයේ අර්බුද නිසා වියවුල් මනසකින් හිටියේ. එවැනි කැළඹුණු අස්ථායි තරුණ තරුණියන් තමයි බිලී බෝයිස්ලා විදියට රට බේරාගන්න අරගලයට කියලා ඉස්සරහට යැව්වේ. ඒවා අරගල නොවෙයි. ඊනියා අරගලය අසාර්ථක නැහැ. අසාර්ථක වුණේ චමීර දෙද්දුවගේ වැනි නොදැනුවත් තරුණයන්. ඔහු ගැන මට කණගාටුයි.

    මේ ලෝක ස්වභාවය ගැන හරියට තේරුම් අරගෙන හිටියා නම් ජීවිතයේ අභියෝගවලට ඉවසීමෙන් මුහුණ දෙන්න ඔහුට තිබුණා. මම සෑහෙන්න උත්සාහ කළා ඔහුට යථාර්ථය පෙන්වන්න. එහෙත් ඔහු වැටිලා ඉන්න අන්ධකාරය ප්‍රබලයි. චමීරලා කරපු මෝඩ වැඩෙන් අන්තිමට වුණේ ලංකාවේ මිලියන පහකට ආසන්න තරුණ තරුණියන්ගේ සහ රැල්ලට අහුවුණ මැදිවියේ අයගේත් අනාගතය සම්පුර්ණයෙන්ම විනාශ වීමයි. ඇත්තටම සිස්ටම් චේන්ජ් කරන්න තිබුණු වටිනා අවස්ථාව විනාශ කර දැමීමයි. ඒ පාපයෙන් චමීරට ඔහොම ලෙහෙසියෙන් ගැලවෙන්න බැහැ. ඔහුම වරද නිවැරදි කළ යුතුයි. ඒකට කටයුතු කළ යුතුයි.

    ReplyDelete
  3. අඩෝ ගූතලන් උඹ ලා Anura Kumara Dissanayake ට පට්ට පරිණත විප්ලවිය කැරල්ල ස්මාර්ට් විදියට ගහන නායකත්වය කියලා HERO ලොරි ටොක් දුන්නා ට බං......

    ආර්මාර්ථකාමය පෙනවා......

    අනුර ට තනියම ජනපති වෙන්නවත් සජබ සජිත් තනියම ජනපති විමල් තනියම ජනපති චම්පික රණවක තනියම ජනපති උවිදු විජේවිරටවත් තනියම ජනපති සිහින සෑබෑ කරගන්න පුළුවන්ද කියල බලහල්ලා ඒක යතාර්ථය නොවෙයී......

    විපක්ෂය නිශ්පාදනය කරන්න ඹනෑ නායකත්වයක්..

    ඒ වගේම විපක්ෂය නිශ්පාදනය කරන්න ඔනෑ ව්ප්ලවීය බලවේගයක් විපක්ෂය නිශ්පාදනය කරන්න ඔනෑ VISION MISSION එක VALUE PROPOSITION එක GAME PLAN එක......

    අහිංසක මිනිසුන් කරන්න යන එක වැරදි ද......

    ගොං විපක්ෂය මුලින්ම ආර්මාර්ථකාමය පරදපං මාන්නය නඩත්තු කරක එක නවතපං උඹ ලා සමගිය නැතුව බයිලා කියන එක.නවතපං...

    Jayalath Attanayake

    Poddala Jayantha

    Sajith Premadasa

    උඹ ලා ගේ සමගිය නෑ කියන්නේ බැසිල් රාජපක්ෂ.තමයී ජනපති නාමල් තමයී අගමැති බං.....

    යතාර්ථය මුහණ දිපං

    ගොං විපක්ෂය වගකිම වගවිම ගන්න නායකත්වය ගනිං.....

    වගකිම පැහැර හැරලා බයිලා කියන එක.නවතපං........

    මාතළන් තෝත් මොඩ Anura Kumara Dissanayake ලොකු අයියට කියලා දිපං NO ACTION IS NOT THE OPTION කියලා.....

    ජොෂප් ස්ටාලිංලා ස්ට්‍රයික් කරනකොට ධම්මික.පෙරේරා ලා තමයී Dp education වලින් අධ්‍යාපන විසදුම් make it out කරල ගේම ගහන්නේ.....

    අර්බුදය විසදුම් make it out කරන්න ඔනෑ

    කයිවාරැ පලක් නෑ

    අර්බුදය හෙතුව මොකද්ද කියලා SORT IT OUT කරන්ක ඕනෑ උත්තර find it out කරන්න ඔනෑ ඒක කරපල්ල යකුනේ

    ReplyDelete
  4. මාතෝ මේක බලපන්,

    මම හිතන්නේ මේ අලුත් නාඩගම පසුපස ඉන්නේ ජාතික ජන බලවේගයේ මාලිමාව කියලා, මොකද දැන් නිහාල් අබේසිංහලා රට වටේට ආමි කාරයෝ එක්ක රැස්වීම් තියනවා, ඒ වගේ මේකත් මේ සිංහල බෞද්ධ අන්තවාදය අවුස්සා ඡන්ද සංඛ්‍යාව වැඩි කරගන්න ගහන ගේම් එකක් වගේ, තොටවත්ත කියන මෑන්ව පෙන්නලා සිංහල සහ මුසල්මානුවන් අතර අවුලක් හදලා ආගම්වාදය වර්ගවාදය අවුස්සා තොටවත්ත ලවා මාලිමාවට ඡන්දය දෙන්න කියලා කියවාගෙන ගොන් ආතල් එකක් දෙන්න කරන වැඩක් මේකත්, මේ වීඩියෝව කල්පනාකාරීව නරඹන්න

    https://www.facebook.com/100064368324173/posts/728836475938623/?mibextid=rS40aB7S9Ucbxw6v

    ReplyDelete
  5. බුදුන් වහන්සේට සහ බුදු දහමට දිගින් දිගටම අපහාස කරන කතෝලික නිරාගමිකයින්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද?

    ReplyDelete
  6. — ශ්‍රී ලංකා ගාර්ඩියන් වර්තාවක සිංහල පරිවර්තනය —

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මතභේදයට තුඩු දී ඇති මෙහෙයුමක් අරඹමින් ජිනීවා නුවරට ගොඩ බැස තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුදා බුද්ධි අංශ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර කුමන්ත්‍රණක ප්‍රතිඵලයක් ලෙස මොවුන් දෙදෙනා දිගින දිගටම චෝදනා කරන නමුත් එම චෝදනා වලට කිසිම සාක්ෂියක් නැත.

    මේ අතර විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සලයේ රාජ්‍යය නොවන සංවිධාන වලට හිමි වන අන්තර් ක්‍රියාකාරී සැසියකට සහභාගී වී කවුසලය ඇමතීමට මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කලින් සූදානම් වී සිටියද ඊට පෙරදා පැවති මදුවිත සාදයකදී පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම නිසා පසුදා පැවති සැසියේදී අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ගිය බවයි. ඔවුන් එහි පැමිණෙන විට අදාළ රාජ්‍යය නොවන සංවිධානයට හිමි වී තිබු කාලය අවසන් වී ඇත. ඒ නිසා තම සහභාගී වීම සංඛේතවත් කිරීම සඳහා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට මොවුන් අමතක නොකළහ.

    මෙම ජිනීවා නාටකයේ වැදගත් කාරණයක් වන්නේ, මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සංවිධානයක් පවතවාගෙන යන මුදලාලි කෙනෙකුගේ මූල්‍යය අනුග්‍රහයයි. මෙම රාජ්‍ය නොවන සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සම්බන්ධය ව්‍යාජ ලෙස ඇඟවුම් කිරීම සඳහා නිර්මාණය කර ඇති ලාංඡනයක් සහ නාමකරණයක් භාවිතා කරමින් රැවටිලිකාර උපක්‍රම භාවිතා කර ඇති බව පෙනේ.

    උත්ප්‍රාසය පවතින්නේ මෙම කුඩා පරිමාණ රාජ්‍ය නොවන සංවිධානය අටවා ගැනීමට පෙර මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හෝ ප්‍රවර්ධනය කිරීම ගැන කිසිඳු අත්දැකීමක් මෙම පුද්ගලයාට නැත.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රචාරය කරන තෝරාගත් පුද්ගලයන්ට මූල්‍යාධාර සපයනු ඇති බවට යෝජනා කරමින් විවිධ සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන වාර්තා ඊටත් වඩා මෙම කාරණයේ ඇති ගැඹුරු සත්‍යය හෙළිදරව් කරන්නේය.

    කුතුහලය දනවන කරුණක් වන්නේ සමාජ මාධ්‍ය ගිණුමේ ඔහුගේම විස්තරයයි, එහිදී ඔහු ‘මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු සහ විශ්ව මානව හිමිකම් කවුන්සිලයේ’ එක්සත් ජාතීන්ගේ ජිනීවා සහ නිව්යෝර්ක් මූලස්ථානයේ නිත්‍ය නියෝජිතයා” ලෙස ලෙස නිරූපණය කරඇත. “එක්සත් ජාතීන්ගේ ජිනීවා සහ නිව් යෝර්ක් මූලස්ථානයේ නිත්‍ය නියෝජිතයා” වැනි ඉහළ ගෞරවනීය තනතුරු නාම අමු අමුවේ අවභාවිත කිරීම තවදුරටත් අවධාරනය කරන්නේ මෙමෙ පුද්ගලයා රැවටිලිකාර උපක්‍රම යොදාගෙන ඇති ආකාරයයි.

    ජිනීවාහි දිග හැරෙන මෙම කතාව සම්බන්ධ පුද්ගලයින්ගේ සහ ඔවුන් නියෝජනය කරන සංවිධානවල විශ්වසනීයත්වය සහ අවංකභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි.කුමන්ත්‍රණ සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම පිටුපස සිටින මෙම සෙවනැලි ජාලයේ සැබෑ අභිප්‍රේරණයන් ගැන අවධානය යොමුකිරීම වැදගත් වේ.

    මූලාශ්‍රය යොමුව මෙතනින්…

    https://slguardian.org/breaking-news-sjb-mps-in-geneva-allegedly-funded-by-shadowy-ngo/

    ReplyDelete
    Replies
    1. @ Ano 3.10

      ඔවැනිම සිද්ධියක් සිදු උනා පසුගිය කාලේ .හරින් ප්‍රනාන්දුයි මනුෂයි දෙදෙනා රන්ජන් රාමනායක බේරගන්ඩ ජාත්‍යන්තර සහාය අරන් දෙනවා කියල මෝඩ සජිත්ට බෝලයක් බස්සලා සජිත්ව හාවා කරලා සජ පක්ශයෙ අරමුදලින් කෝටි දෙකකට වැඩි මුදලක් වියදම් කරලා ජිනීවා මානව හිමිකම් කොමිසමට ගිහින් එතනදී මුකුත්ම නොකර දෙන්න හොදට එහේදී හොඳට බඩු ගහලා ආතල් අරගෙන සද්ද නැතුව ලංකවට ආව .ඊට පස්සෙ ටික කාලයක් අරගලේට ඇවිත් ඒකෙනුත් හම්බකරගෙන රනිල් ජනාධිපති වෙනකොටම දෙන්න පැනල ඇවිත් රනිල්ට සෙට් වෙලා ඇමතිකම් අරගෙන සියලුම වාසි අරගෙන ආයේ ජනතාව අතර ජනප්‍රිය මෝඩ රන්ජන් රාමනායක පින්ගොනාව ගම්පහින් චන්දය ඉල්ලන එක වැලක්වීමට රන්ජන්ගෙ ප්‍රජා අයිතියත් නැති කලා . ඕන්න ඔහොමයි ඕකුන්ගෙ වැඩ... ඔය කසිප්පු නලීන් බූරුවයි ඇට්ටර අප්පුහාමි ලෝකයයි දෙන්නත් ඒ ජාතියේම ඩබලක් තමයි.

      Delete
  7. අයිසේ මාතා උඹ ඒ කාලේ අංක එකේ බුද්ධි අංශයක් කියන මොසාර්ඩ් තියෙනවය කියන, සුපිරි හමුදාවක් තියෙනවා ය කියන රටට මොකද මේ වුණේ බන්?.

    පලස්තීනේ උන් බෝඩර් කඩාගෙන ඇවිල්ලා, ගෑනු අරන් ආයෙම පලස්තීනෙට යනවා.

    යකෝ ලංකාවේ ත්‍රිවිධ හමුදාවට, බුද්ධි අංශ වලට මල් තියලා වැඳපල්ලා..

    කොටි කොච්චර බලවත් වුනත්, ලංකාවේ ආරක්ෂාව කවදාවත් ඔච්චරටම ෆේල් වෙලා නෑ.

    ගොබ්බ පාර්ලිමේන්තුවෙ උන්, සමහරක් පාලකයො දුර්වල කරලත් අපේ බුද්ධි අංශ කෙලින් කටින් හිටියා.

    ඕනම ක්‍රයිසිස් එකක් පැය ගානකින් හැන්ඩ්ල් කළා.

    එහෙව් බුද්ධි අංශේ, හමුදා වල රහස් පාර්ලිමේන්තුවේ කතා කරන, සභාගත කරන, විහිලුවට ලක් කරන අපතයො තාම පාර්ලිමේන්තුවේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. https://www.bbc.com/news/live/world-middle-east-67037895

      Delete
    2. ඕක අනිවාර්යයෙන්ම නන්දසේන ගෙදරට වෙලා නිකම් ඉන්න ගමන් ප්ලෑන් කරපු එකක්, අපි ඕක ගැන මාධ්‍යයට කියන්න ඉන්නේ ඉක්මනටම

      Delete
  8. මාතේ, ගංවතුරට නායයාම් වලට හසුවී අනාථ වී සිටින ලංකාවේ ජනතාව බේරාගැනීමට සිටින මානූෂීය හමුදාව, ලෝකයේම හොඳම හමුදාවලින් එකක් වෙන්න ඕන, ඒකාලේ රැල්ලට විරුවාට බැන්නට විරුවෝ කවදාවත් අනතුරකදි අහක බැළුවේ නෑ....
    උබලා අදින් පස්සෙ අට පාස් ආමී කාරයෝ විතරයි බං කියපු අරගල නරි ටික සීතලට පොරවං නිදි බං අදත් උබලාට ඇත්තටම කෙළවුණාම පිහිටට ඉන්නේ උඹලා කුලී හමුදාවක් කියලා බැනපු අට පාස් කියලා අපහාස කරපු උන් තමයි...

    ReplyDelete
  9. MCC ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු නියෝජිතයන් ආපසු හරවා නොහැර ගෝඨාභය MCC ගිවිසුම අත්සන් කළානම් අද මෙරට මතුව ඇති තත්ත්වය කිසිවිටෙකත් මතු නොවනු ඇත .. කවුරුන් මේ රට පාලනය කළත් ඔහු ඇමෙරිකාවේ උවමනා එපාකම් ඉටුකරන පුද්ගලයකු නොවේනම් ඔහුටත් රටටත් පැවැත්මක් නොමැත ...
    ඒ සඳහා ගතහැකි හොඳම උදාහරණ දෙකක් මෙරට තුළ ඇත ..
    1- සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පරාජය කොට ඇමරිකානු රූකඩයක් වන ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා බලයට පැමිණීමයි.
    ඔහුගේ පාලන කාලය තුළ තරම් මෙරට මානවහිමිකම් කඩකිරීම් වෙනත් කිසිම පාලන කාලයක් තුළ නොමැත .. එහෙත් බටහිර හා ඇමරිකන් ගැති මානවහිමිකම් සංවිධාන සහ තානාපති කාර්යාලයන් එක් වචනයකින් හෝ ඒවාට විරුද්ධව නැත... ගෝඨාභය MCC ගිවිසුම අත්සන් කර තිබුණේනම් කිසිම අරගල කරුවෙකුටවත් කටක් හොලවන්නට ඉඩක් නොලැබෙනු ඇත ..
    2- අරගලයේ ඇරඹුමයි..
    2022 මාර්තු 22 දින ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආසියානු කටයුතු භාර නියෝජිතවරිය වන Victoria nuland මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවීමෙන් පසුව ඇයගේ ප්‍රධාන න්‍යාය පත්‍රය වූයේ නීතිවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් සහ ව්‍යාපාරිකයන් හමුවීමයි..
    එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් 3 දින උද්ඝෝෂණ හෙවත් අරගලය ඇරඹිණි ... අරගලය තුළ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා නැවත්වීමට පොලීසියට හමුදාවට නොහැකි වූයේ අන්ත අසරණ දුප්පත් මිනිසෙකුගේ නඩුවක් වෙනුවෙන්වත් නොමිලයේ පෙනී නොසිටින නීතිවේදීන් රංචු ගැසී කඩාකප්පල්කාරීන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි..
    ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව Victoria nuland ගේ ගමනාන්තය වූයේ පකිස්ථානයයි..
    ඇමෙරිකාවට පකිස්ථානයේ වරායක් පවරා නොදීමේ වරදට ඉම්රාන් ඛාන්ව ගෙදර යවමින් Victoria ගේ පකිස්ථාන සංචාරයෙ සාර්ථකත්වය සතියක් යන්නට මත්තෙන් ඉටුවුව ද , ශ්‍රී ලංකාවේ අරගලය තවමත් දියත්වනුයේ විධායකයට හිමි ව්‍යවස්ථාවේ අණ පනත් ප්‍රභල බැවිණි..
    යම් හෙයකින් ගෝඨාභය ගෙදර ගියහොත් අනතුරුව ජනාධිපතිවරයා වනුයේ රනිල් වික්‍රමසිංහ මහතාය..
    වර්තමාන තරුණ පරපුර රනිල් වික්‍රමසිංහ මහතාව අරගල තුළින් ගෙදර යවන්නට උත්සාහ කළහොත් යළිත් මහමග ටයර් සෑයවල් දකින්නට තරම් ශ්‍රී ලාකිකයින් පව්කාරයින් වනුයේ
    නීතිවේදීන් මාධ්‍යවේදීන් සහ සියළුම මානවහිමිකම් සංවිධාන අන්ධවන සෙයිණි...
    ලිවීමට තවත් බොහෝ දේ ඇත . එහෙත් දැනට නවතනුයේ අවසානයේ මෙසේ සඳහන් කරමීනි..
    ශ්‍රී ලාංකිකයන් යනු
    හිවළුන්ගේ බස් හිස්මුඳුනින් පිළිගන්නා ,
    භූමියේ සැබෑ ස්වරූපය නොහඳුනනා අවාසනාවන්ත ජාතියකි..

    ReplyDelete
  10. හ' මා ස්ලා ශියා නෙමෙයි සුණ්ණී වුණත් මේ හැම තරගයකම වීරයා ඉරා'නය බව තේරුම්ගත හැකියි.

    ReplyDelete
  11. අයිසේ මාතලන් දැනට ලෝකයේ සිදුවෙමින් පවතින දේවල් දැක්කම, බුද්ධිමත් රටකට, ප්‍රජාවකට නම් කරන්න ඕන දේවල් පැහැදිලියි.

    ගන්න අවශ්‍ය තීරණ, සුදානම් විය යුතු අනතුර පැහැදිලියි.

    අමනෝඥ, නිවටයන් රැලකට නම් "පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් හෙළිකරනු" වගේ ගොබ්බ සටන්පාඨ කිය කිය අනතුරේ ගිනි පුපුරු අළු වලින් වහගෙන ඉන්න පුලුවන්.

    ReplyDelete
  12. ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

    'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
    Replies
    1. හහ් හා... අනිවා... අඩෝ ඕකට බොලාගේ හිටපු නිවුන් සෝයුරා වෙච්ච මේවන විට ලිබරල් වමුන් මිලට ගෙන ප්‍රතිව්යුහගත කරලා හදාපු ඡාතික ජන බලවේගය මාලිමාව උන්ගේ බූකීගත වහල් මීහරක් එක්ක එකතු කරගෙන සටන් පෙරමුණට යන්නේ නැද්ද බන්ස්? උන් ඉතින් ෆේක් අකවුන්ට් හදන් කීබෝඩ් වලින් දෙයි දොඹෙන් යන්න 😂

      Delete
  13. මේවන විට ආරම්භ වූ මැදපෙරදිග කලාපයේ නවතම යුද්ධයට සම්බන්ධ වන පළමු, තෙවන පාර්ශවයේ රට ලෙස ලෙබනනය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇති අතර හිස්බුල්ලාහ් සංවිධානයෙන් ඊශ්‍රායලයට මෝටාර් ප්‍රහාර නිකුත් වනවා.

    පලස්තීනයේ සහ ඊශ්‍රායලයේ මේ සිදුවෙමින් පවතින යුද්ධයේ බොහෝ විශේෂ තැන් තියෙනවා.

    🔺 ඊශ්‍රායල බුද්ධි සේවය - මොසාඩ් දරුණු විදියට අසමත්.

    ඊශ්‍රායල භූමියට රොකට් 7000ක් වැටුණා.

    දේශසීමා කඩාගෙන රට ඇතුලටම සතුරන් ආවා.

    මෙවැනි දරුණු ප්‍රහාරයකට ඊශ්‍රාලය කිසිසේත්ම සුදානම් වී නොසිටි බව පැහැදිලියි.

    එය මොසාඩ් බුද්ධි අංශය ලැබූ දරුණු පරාජයක්.

    හිටපු මොසාඩ් ප්‍රධානියාට අනුව මේ සම්පූර්ණ ප්‍රහාරයම ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ, කිසිඳු තොරතුරක් නොපැමිණි ප්‍රහාරයක්.

    ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායලය දැන සිටියත්, මෙය පලස්තීනයට දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට භාවිතා කළ අවස්තාවක් යැයි ඇතැමෙකු කියනවා.

    නමුත් කිසිදු රාජ්‍යයක් සිය ජාතික ආරක්ෂාව, පුරවැසි ජීවිත අනතුරේ හෙලන එවැනි තීරණ ගන්නෙ නැහැ.

    මේ ප්‍රහාරය සමස්ත ඊශ්‍රායලයටම අවමානයක්. මෙය මොසාඩ් බුද්ධි අංශයේ දරුණු අසමත්වීමක්.

    🔺 ඊශ්‍රායලය ලෝකයට නිරාවරනය වුණා.

    ඊශ්‍රායලය ගැන මෙතෙක් ලෝකයේ තිබුණේ ඉහළ යුද ශක්තියක් සහිත, සවිමත් රාජ්‍යයක ප්‍රතිරූපයක්.

    සමස්ත මැදපෙරදිග ම එක මිටට ගෙන දින හයකින් පරාජය කළ අතීත වීර ක්‍රියා එයට ප්‍රබල හේතුවක්.

    නමුත් වත්මන් ඊශ්‍රායලයේ භූමි යුද හැකියාව සහ සුදානම ඊයේ දරුණු විදියට නිරාවරනය වුණා.

    රොකට් ප්‍රහාර වලින් පසු, දේශසීමා කඩාගෙන සතුරන් රට තුලටම ආවා.

    අහිංසක ඊශ්‍රායල සිවිල් වැසියන් ඝාතනය කළා.

    කාන්‍තාවන් දූෂණය කළා.

    කාන්තාවන්, ළමුන් සහ සිවිල් වැසියන් ප්‍රාන ඇපකරුවන් ලෙස යළිත් පලස්තීනයට රැගෙන ගියා.

    ඒ සිරකරුවන් අතර ඊශ්‍රායල හමුදාවේ ජෙනරාල්වරයෙක් සහ රජයේ ප්‍රබල නිළධාරීන් පවා ඉන්නවා.

    එතෙක් ඊශ්‍රායල දේශසීමා ආරක්ෂකයන්ට කිසිඳු දෙයක් කළ නොහැකි වුණා.

    🔺 අයර්න් ඩෝම් හි ප්‍රබලත්වය

    පලස්තීන සටන්කාමීන් ගේ රොකට් ප්‍රහාර වලින් වැලකීමට ඊශ්‍රායලය පවත්වාගෙන යන මිසයිල ආරක්ෂණ පද්ධතිය අයර්න් ඩෝම්.

    පලස්තීන සටන්කාමීන් අතීතයේ කොතෙක් රොකට් ප්‍රහාර එල්ල කළත්, ඒවායෙන් අති බහුතරය ඊශ්‍රායල භූමියට පතිත වුණේ නැහැ.

    ඒ අයර්න් ඩෝම් මගින් ලැබෙන ආරක්ෂාව නිසා.

    පලස්තීන සටන්කාමීන් මෙවර ඉන් පාඩමක් ඉගෙන තිබුණා.

    සිය ප්‍රබලම සතුරා වන අයර්න් ඩෝම් මගහැරීමට ඔවුන් උපක්‍රම දෙකක් භාවිතා කළා.

    පළමුවැන්න, එයට වැලැක්විය හැකි සීමාවට වඩා රොකට් ප්‍රහාර එකවර එල්ල කිරීම.

    අතීතයේ එල්ල වන රොකට් ප්‍රහාර කිහිපයක් වගේ නෙවෙයි, මෙවර ගාසා තීරයෙන් එකවර රොකට් ප්‍රහාර දාහක් එල්ල වුණා.

    ඒවා රැළි අයුරින් අඛණ්ඩව ඊශ්‍රායලය දෙසට ආවා.

    අයර්න් ඩෝම් පද්ධතියට නිෂ්ක්‍රීය කළ හැකි නොම්මරය අභිබවමින් ඔවුන් ප්‍රහාර එල්ල කළා.

    ඇතැම් රොකට් ප්‍රහාර ඊශ්‍රායල භූමියට වැටුණා.

    දෙවැන්න,

    භූමි ප්‍රහාර.

    'අයර්න් ඩෝම්' පවතින තුරු රොකට් ප්‍රහාර වලින් ඊශ්‍රායලයට රිදවීමට නොහැකි බව ඔවුන් තේරුම් අරන්.

    මෙවර පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල භූමියටම පැමිණ ප්‍රහාර එල්ල කිරීමට එය ප්‍රබල හේතුවක් වුණා.

    ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධතියේ විශිෂ්ඨත්වය ඉන් තහවුරුයි.

    ReplyDelete
    Replies
    1. 🔺 වෙනස් වෙමින් පවතින ලෝක 'යුද තාක්ෂණය'.

      යුක්‍රේන - රුසියා යුද්ධය ලෝකයේ යුද්ධය පිළිබඳ තිබූ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

      පැරණි ලෝකයේ යුද උපක්‍රම, යුද තාක්ෂණය සහ ආයුධ නව ලෝකයට නොගැලපෙන බව මුලින්ම පෙන්නුවේ රුසියා - යුක්‍රේන යුද්ධයෙන්.

      අලුත් ලෝකයේ යුධ ටැංකි, පිරිස් බලය, නාවික බලය, රොකට් මේ සියල්ලටම වඩා "ඩ්‍රෝන යානා" (Drones) බලවත්.

      නව යුද්ධයක වඩාත්ම ප්‍රබල ඩ්‍රෝන හමුදාව පවතින පාර්ශවයට වැඩි වාසි හිමි වෙනවා.

      ඊයේ පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර වලට අමතරව ඩ්‍රෝන මගින් ඊශ්‍රායලයට බෝම්බ ප්‍රහාර එල්ල කළා.

      එමගින් යුද ටැංකි පවා විනාශ කළා.

      මේ ඩ්‍රෝන බොහෝ විට ඉරානයේ සෑදු ඩ්‍රෝන විය හැකියි.

      රුසියානු හමුදාව පවා භාවිතා කරන්නේ ඉරාන ඩෝන යානා.

      අප තවමත් ඇමෙරිකානු සහ චීන තාක්ෂණය සැබෑ යුද්ධයක දැක නැහැ.

      නමුත් අප දැනට දැක තිබෙන තාක්ෂණය අනුව, ලාබදායකම නමුත් ඉහළම ප්‍රතිඵල ගෙන එන ඩ්‍රෝන නිපදවන්නේ ඉරානයේ.

      අනාගත ලෝක බල තුලනයක ඉරානයටත්, පෙනෙනවාට වඩා බොහෝ බලයක් හිමියි.

      🔺 රටවල් දෙකක් අතර යුද්ධයකට වඩා විශාල ඊශ්‍රායල - පලස්තීන යුද්ධය

      රුසියානු - යුක්‍රේන යුද්ධය රටවල් දෙකකට වඩා කඳවුරු දෙකක් අතර යුද්ධයක්.

      කඳවුරු දෙකම සිය බල තුලනය යුද්ධයෙන් තහවුරු කරගැනීමට උත්සාහ කරනවා.

      ලේ පිපාසයක් හෝ පලිගැනීමක් ඒ යුද්ධය තුල නැහැ.

      එහි සාපේක්ෂ ඉහල ඉවසීමක් සහ විනයක් පවතිනවා.

      නමුත් ඊශ්‍රායල - පලස්තීන යුද්ධය එයටත් වඩා විශාලයි.

      එය ක්ෂනයෙන් ආගම් දෙකක් අතර යුද්ධයක් බවට පත් වුණා.

      එහි පලිගැනීම සහ ලේ පිපාසය ගැබ් වෙලා.

      මේ පාර්ශව දෙක අතර දරුණු ඓතිහාසික එදිරිවාදිකමක්, වෛරයක් පවතිනවා.

      ජේරුසලම උදෙසා පැවැති ඉපැරණි කුරුස යුද්ධ සංකල්පය ඔවුන් යළිත් භූමියේ නිර්මාණය කරගෙන.

      මේ වනවිට සමස්ත මැදපෙරදිගම පලස්තීනයට සහය දක්වනවා.

      ඇෆ්ගනිස්තානයේ සටන්කාමීන් පලස්තීනයට ඒමට, මාර්ගයක් සොයමින් ඉන්නවා.

      ඔවුන් ඉරාකයෙන්, ඉරානයෙන් සහ ජෝර්දානයෙන් මාර්ග අවසර ඉල්ලලා.

      සිරියානු, ඉරාන සහ ජෝර්දාන දේශසීමා ඔස්සේ පලස්තීනයට ඒ ඒ රටවල සටන්කාමීන් පැමිණෙමින් තිබෙනවා.

      ඉරාන පාර්ලිමේන්තුව තුල මන්ත්‍රීවරු ඊයේ පලස්තීනය වෙනුවෙන් ජය ඝෝෂා නැගුවා.

      ඔවුන් ඇමෙරිකා සහ ඊශ්‍රායල විරෝධී සටන් පාඨ කියමින් කෑ ගැසුවා.

      යුරෝපයේ සරණගාත කඳවුරු වල පවා ජීවත් වන මුස්ලිම් ජනතාව පලස්තීන ප්‍රහාර සමරනවා.

      ලංඩන්, ඔටාවා නගර වල ජීවත් වන මුස්ලිම් ජනතාව වීදි වලට රැස් වෙලා පලස්තීනයේ ප්‍රහාර සමරමින් ජයඝෝෂා නැගුවා.

      අනෙක් අතට බටහිර කඳවුර ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිනවා.

      ඔවුන් ක්ෂනයකින් ඊශ්‍රායලය වෙනුවෙන් නිවේදන නිකුත් කළා.

      ඉරානය මේ ප්‍රහාරයට මැදිහත් නොවීමට එකම හේතුව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පමණයි.

      ඔවුන් නොසිටියා නම් අද සමස්ත මැදපෙරදිගම ඊශ්‍රායලයට එරෙහිව අවි අමෝරලා.

      Delete
    2. 🔺 බයිඩන් පාලනයේ අසමත්බව

      කැමති වූවාත්, නැතත් ලෝක බලතුලනයේ තීරණාත්මක සාධකය ඇමෙරිකා එක්සත් ජනපදය.

      ලෝකයේ ඇතැම් බලවේග නීෂ්ක්‍රීය කිරීමටත්, ඇතැම් බලවේග ප්‍රබල කිරීමටත් හේතු වෙන්නේ ඇමෙරිකාවේ පැවැත්ම.

      ලෝකයේ සාමය සහ යුද්ධය ඇති කළ හැකි පාර්ශවය ඔවුන්.

      ජෝර්ජ් බුෂ් සහ ඔබාමා පාලනය යටතේ ලෝකය ගිනි ගත් තැනක් වුණා.

      ඇමෙරිකාව ඒ බොහෝ යුද්ධ පසුපස හිටියා.

      නමුත් ට්‍රම්ප් පාලනය වෙනස්.

      ට්‍රම්ප් පාලනය ලෝකයේ බොහෝ යුද්ධ අවසන් කළා.

      ලෝකයට සැබෑ සාමයක් ගෙනාවා.

      යුද්ධ ඇතිවීමට ගිය අවස්තා නවතා දමා, ඔහු සාමය මූලික ඇමෙරිකා ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ කළා.

      ඔහු පුටින් සහ කිම් ජොං උංග් සමග පවා හොඳ සබඳතාවයක් පවත්වාගෙන ගියා.

      ඔහු මැදපෙරදිග සාමය ස්ථාවර කරගනිමින් සවුදියෙන් ව්‍යාපාර අවස්තා ඇමෙරිකාවට ගෙන ආවා.

      ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකා ආර්ථිකය වර්ධනය වුණා.

      නව බයිඩන් පාලනය යටතේ ඒ සියල්ල කනපිට හැරවිලා.

      නව යුද්ධ ඇති වුණා. ඇමෙරිකාව ඇතැම් යුද්ධ වලට හේතු වුණා.

      බයිඩන් පාලනය විශ්වාස කරන්නේ යුද්ධ සහිත ලෝකයක, ඇමෙරිකාව අවි විකුණා ලබනා ලාභයක්.

      නමුත් මේ මොහොතේ ඇමෙරිකානු ආර්ථිකයත් කඩාවැටෙමින් පවතිනවා.

      දේශීය ණය අංශයෙන් ඇමෙරිකාව ඉන්නේ බංකොලොත්භාවයේ දොරකඩ.

      පසුගියදා ඔවුන් බංකොලොත්භාවයෙන් ගැලවුනේ ණය ගැනීමේ සීමා ඉහළ දාලා.

      නැති වූ සාමය පිළිබඳවත්, බිඳ වැටෙන ආර්ථිකයටත් චෝදනා එල්ල වෙන්නේ බයිඩන් පාලනයට.

      මේ මොහොතේ ඇමෙරිකානු ජනතාව තකතීරු ජෝ බයිඩන්ගේ විසුළු පාලනය දැඩිව විවේචනය කරමින් සිටිනවා.

      එලඹෙන ජනපතිවරණයක ඔහුට විරුද්ධව තරග කරන රිපබ්ලිකන් අපේක්ෂකයාට ඉතා විශාල ලෙස වාසි හිමිවන බව පැහැදිලිව පෙනෙන කරුණක්.

      🔺 අස්ථාවර ලෝකය

      මිනිසුන්ට විශ්වාසයක, ඇදහිල්ලක නාමයෙන් කොතරම් දරුණු වියහැකි දැයි මේ යුද්ධයේ ඇතැම් දර්ශන කියලා දෙනවා.

      අවි ගත්තු තරුණයො ඇදහිල්ලක් ජප කරමින්, තමන්ට කවදාවත් වරදක් කරලා නැති මිනිස්සු ඝාතනය කළා.

      එයටත් වඩා භයානක සිදුවීම නම් ලොව පුරා ඔවුන්ට සමපාත මිනිස්සු මේ ත්‍රස්ත ක්‍රියා අනුමත කළා.

      මැදපෙරදිග කලාපයේ යුද්ධයට සම්බන්ධ වන පළමු, තෙවන පාර්ශවයේ රට ලෙස ලෙබනනය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම අරඹයි.

      එරට හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට මෝටාර් ප්‍රහාර!ඔවුන් වෙනුවෙන් ජයඝෝෂා නැගුවා.

      සමාජ මාධ්‍ය ඔස්සේ ඒ ක්‍රියා වෙනුවෙන් පෙනී සිටියා.

      අධිකාරී බලයකින් පාලනය කිරීමත්, රාජ්‍යයේ මැදිහත් වීමත් නොවන්නට ඕනෑම මොහොතක ඕනෑම තැනකට මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බව ඒ දර්ශන ලෝකයට කියලා දෙනවා.

      ඇදහිල්ලකට, විශ්වාසයකට වඩා මිනිස්කම වටිනා බව ලෝකයම වටහාගත නොගතහොත්, ලෝක සාමය දැවි අලු වී යාමට ඉතා ආසන්න බවත් පැහැදිලියි.

      🔺 දෙබිඩි පිලිවෙත්

      යුද්ධයක දී, ප්‍රහාරයක දී ප්‍රතිප්‍රහාර එල්ල කර රාජ්‍යය ආරක්ෂා කර ගැනීම ඕනෑම රටක අයිතියක්.

      සිය රටට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයන්ට ඊශ්‍රායලය දැන් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

      ඔවුන් ගාසා තීරයේ විශාල ගොඩනැගිලි අළු කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරනවා.

      එම ප්‍රහාරයන්ගෙන් බොහෝ සිවිල් වැසියන් ද මිය යනවා.

      නමුත් කිසිඳු බටහිර මාධ්‍යයක මිය යන ගාසා තීරයේ සිවිල් වැසියන් ගැන හෝ ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් ගැන ඇහෙන්නෙ නැහැ.

      ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කළ යුද්ධයේ මානව හිමිකම් ගැන තවමත් කතා කරන බටහිර, ඊශ්‍රායල ප්‍රති ප්‍රහාරය අනුමත කරනවා.

      එයට සහය දෙනවා.

      🔺 මිල අධික සාමයේ වටිනාකම.

      දේශ සීමා බිඳ ගෙන ඊශ්‍රායලයට පැමිණි පලස්තීන සටන්කාමීන් ඝාතනය කළ සිවිල් වැසියන් අතරේ දරුවන් ඉන්නවා.

      කාන්තාවන් ඉන්නවා. පියවරුන් ඉන්නවා.

      සංගීත ප්‍රසංගයකට සහභාගී වූ මිනිසුන් ඉන්නවා.

      මේ ජීවිතයේ අවසන් දිනය බව ඔවුන් කිසිවිටෙක නොදැන ඉන්නට ඇති.

      අහසින් වැටුණු රොකට් ප්‍රහාර, බෝම්බ වලට බිලි වී දෙපාර්ශවයේම සිවිල් ජනතාව දහස් ගණනක් මිය ගියා.

      මේ මිනිස්සු යුද්ධයට සම්බන්ධ මිනිස්සු නෙවෙයි.

      තමන්ගේ හීන, බලාපොරොත්තු එක්ක ජීවත් වෙච්ච මිනිස්සු.

      ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය එක දිනකින් ඔවුන්ට අහිමි වුණා.

      එක් දිනයක යුද්ධයකින් දෙමව්පියන් අහිමි වූ දරුවන්, දරුවන් අහිමි වූ දෙමව්පියන් දහස් ගණනකගේ දුක් ගැනවිලි අපි දැක්කා.

      ඔවුන් ගේ කතා අපිට කියලා දෙන්නේ අපි අද භුක්ති විඳින සාමයේ වටිනාකම.

      මීට වසර විස්සකට පමන පෙර සීමා බිඳ ගෙන ඇවිත් බෝම්බ පුපුරවන, අහසින් බෝම්බ හෙලන ත්‍රස්තවාදයක් අපේ රටෙත් තිබුණා.

      නමුත් අපේ රටේ දේශපාලන, සමාජීය සහ ත්‍රිවිධ හමුදා පාර්ශවයන් එක් වී මිලක් ගෙවා ඒ ත්‍රස්තවාදය අවසන් කළා.

      කොතරම් ධනවත්, බලවත් රටක් වුනත් ඊශ්‍රායලයේ මිනිස්සු අද රෑ නින්දට යන්නේ අහසින් එන රොකට් ප්‍රහාරයක් ගැන බයෙන්.

      අහසින් වැටෙන බොම්බයක් ගැන බයෙන්.

      දරුවන් ඇද යට තියලා දෙමව්පියන් බයෙන් ගැහෙන දර්ශන ට්විටර් වෙබ් අඩවියේ තිබුණා.

      මේ සමස්ත යුද්ධය දිහා එළියෙන් ඉදන් බලද්දි අපි භුක්ති විඳින නිදහසේ වටිනාකම ගැන වැටහෙනවා.

      අප ඒ නිදහසට කොතරම් කෘතඥ විය යුතු දැයි වැටහෙනවා.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න