.

.

Oct 13, 2023

ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා මහින්ද රාජපක්ෂ වෛරය...




ගාසා තීරය, නන්දිකඩාල්, මායිම් ගම්මාන හා

මහින්ද රාජපක්ෂ වෛරය...

➖➖➖➖➖➖➖➖➖🔴


සෙට් එකක් ඉන්නවා නේ මයිනා මැරෙනකන් බලාගෙන ඉන්න... 

උන්ට කියන්න තියෙන්නේ එයා නැත්නම් උඹලා අද මැරිලා කියලා...


එහෙම බලාගෙන ඉන්න වැඩිහිටි පිරිස ඇවිල්ලා සිහළ ප්‍රෝ එල්ටීටීඊ ප්‍රජාව.. මුන් හොඳ ඇන්ජියෝ කාරයෝ... අදටත් ජීවත් වෙන්නේ දෙමළ ඩයස්පෝරා සල්ලි වලින්.. යුද්ධය තනියෙන් කරා කියලා හිතන පැඩි ෆීල්ඩ් මාෂලුත් අද උන්ගේ පැත්තේ...


උන්ට එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට කෙලිය රාජපක්ෂලා .... කොහොමත් අරහන්...


අනෙක් පිරිස... එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ගැන මෙළෝ අලබෝලයක් නොදන්න Z ජෙනරේෂන් එක කියන ඩිජිටල් යුගයේ චූටී බබාලා...

උන් ඉස්කෝලේ ගියේ ඉපදුනේ... අම්මලා තාත්තලා ඉස්කෝල ගාඩ් කරපු කාළේ... අම්මයි තාත්තයි වෙන වෙනම වැඩට ගිය කාළේ... හැම හන්දියක් ගානෙම චෙක්පොයින්ට් තිබ්බ කාළේ... අයිඩෙන්ටි කාඩ් එක නැතිව ළඟ කඩේටවත් යන්න බැරි කාළේ...


උන් ඒ කාළේ වෙච්චි දේ දන්නේ නැත්නම් දැන් ඊශ්‍රායලයේ සිද්ද වෙන දේ ගැන බලාගෙන උන්නාම හරි...


ගාසා තීරය වෙන් කරලා තියෙන ආරක්ෂිත වැටත් කඩාගෙන.... ඊශ්‍රායලය ඇතුලට ඇවිත්.... කුඩා හමුදා කඳවුරු, පොලීසී හා ගම්මාන වලට පහර දීලා.... පොඩි කෙල්ලො කොල්ලෝ රේප් කරලා.... පොඩි දරුවන්ගේ හිස ගසා දාලා.... ගෙයින් ගෙට ගිහින් කරපූ මිලේච්ඡ ඝාතනම තමයි... මෙහේ එල්ටීටීඊ ත්‍රස්තවාදීනුත් මායිම් ගම්මානවලට කඳවුරු වලට පැනලා කරේ... 


ඒ පාර තමා.... අද ඔය ගම්බට්ටෝ කියල ගරහන.... සිවිල් ආරක්ෂක හමුදාව හෙවත්, ග්‍රාමාරක්ෂක හමුදාවක් පටන් ගත්තේ ....


එහේ වගේම මෙහෙත්.... පොලිසියේ අය අත් අඩංගුවට අරගෙන 600 ක් කුරීරූ විදියට ඝාතනය කලා.. ඒ විදියෙම ගේමක් ගිනි දවාලේ කොළඹ රාජගිරියේ හන්දියෙත් කළා... මේවා අර ඩිජිටල් බේබී හීරෝස්ලා දන්නේ නෑ...


එදාම අර ඊශ්‍රායලයේ පැවති සංගීත ප්‍රසංගයකට උඩින් ඇවිත් ගැහුවා වගේම තමා.... අවසානයේදී කුරුම්බා ඇට්ටි මැෂින් වලින් ඇවිත් කොළඹට ගුවන් ප්‍රහාරත් එල්ල කළේ... ටාගට් එක වැරදිලා ගුවන් හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානේ බේරුනයින් යුද්ධය ඉවර උනාට... ඒකට වැදුනා නම් යුද්ධය තව කාලයක් ඇදෙනවා....

මේවත් අර Z ජෙනරේෂන් බේබිලා දන්නේ නෑ...


ඊට පස්සේ තමා ඔය අද ගාසා එකේ උන් කන පරිප්පුවම උතුරේ අහිංසක දෙමළ ජනතාවට කන්න වුනේ... එයාලට සරණාගතයෝ වගේ ගම් බිම් අත් හැරලා යන්න වුනා නන්දිකඩාල් බිම් තීරුවට... හමාස් කාරයෝ වගේම ප්‍රභාකරනුත්  අර මිනිස්සු අස්සට රිංගලා... ඒ අය මිනිස් පලිහක් විදියට පාවිච්චි කලා...


හැබයි අන්තීමේදි එයාට නිවන් යන්න වුනා...


අපේ රට දූපතක් නිසා වැඩේ තාවකාලිකව එතනින් ඉවර වුනා... හොරකම් මැරකම් චෝදනා සියල්ල පසෙක තිබියදී... ඒකේ ගෞරවය මහින්දටයි හමුදාවටයි දෙන්න ඕන... මොකෝ ලෝකේ කොහේවත් පරිපූර්ණ මිනිස්සු නෑ...


එහෙම වුනේ නැත්නම්.... අපිට වෙන්නේ ගෝල්ෆේස් එකෙන් මුහුදට පනින්න...


විශේෂ ▪️

අපේ රටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය එතනින් තාවකාලිකව නැවතුනාට...  ඊශ්‍රායලයේ යන වැඩේ ඉක්මනට ඉවර වෙයි කියලා මාතලන් හිතන්නේ නෑ... ඒවා පස්සෙ ලියන්නම්..


.

24 comments:

  1. මාතලන්ගේ කතාව ඇත්ත ඒත් නාකි මයිනාව අමතක කරල බලද්දී ඕනෑම අර්බුධයක දී, ගැටලුවක දී බැනුම් අහන චින්තනයක්, හර පද්ධතියක් තියෙනවා.

    ඒ වසර 2500 ක ශිෂ්ඨත්වයකින් ලංකාවේ සභ්‍යත්වය පෝෂණය කළ ප්‍රධාන සංස්කෘතිය.

    ලංකාවේ මහා සංස්කෘතියත්, පොදු ජන විඥානයේ අභ්‍යන්තරය වුනෙත් මේ වසර 2500 ක සංස්කෘතිය.

    ඒ නිසාමදෝ සමාජයේ ඕනෑම අකටයුත්තක්, අසාධාරණයක් සිදු වෙද්දි, ඒ පිළිබඳව ලියැවෙන සෑම සෝෂල්මීඩියා පෝස්ට් එකක්ම ආරම්භ වෙන්නේ දෙදහස් පන්සීයේ සංස්කෘතියෙන්.

    ඕනෑම හොරකමක්, අපචාරයක්, අපරාධයක් ගැන ලියද්දි දෙදහස් පන්සීයේ සංස්කෘතිය විවේචනය කරමින් පටන් ගත්තෙ නැත්නම් ඒක මදිකමක් වගේ වෙලා.

    නමුත් ගැටලුව නම් වසර දෙදහස් පන්සීයක මහා සංස්කෘතියේ සභ්‍යත්වය කිසිම විටෙකත් එවන් අපරාධ, අපයෝජන, හොරකම් පෝෂණය කර නැතිවීමයි.

    කොටින්ම මහා සංස්කෘතියේ සභ්‍යත්වය පෙනී සිටින්නේම ඒවාට හාත්පසින්ම විරුද්ධ තැනක.

    එමෙන්ම අද ලක් සමාජයේ මුල් බැසගෙන තිබෙන ඇතැම් සිතුවිලි, චින්තන රටා වසර 2500 ක මහා සංස්කෘතියෙන් විකාශය වූ ඒවාත් නෙවෙයි.

    පිටින් ලංකාවට ගෙනැවිත් පැල කළ, හදා වඩා පෝෂණය කළ සංකල්ප.

    ඒවා මහා සංස්කෘතියේ සංකල්ප, කොටස් ලෙස පෙන්වීමම වරදක්.

    මේ සංසිද්ධියට මෑත කාලයේ දුටු හොඳම උදාහරණය ජැක්සන් ඇන්තනීගේ වියෝව.

    ඔහු රෝගාතුර වී සිටි සමයේ සමාජයේ විශාල ආන්දෝලනයක් තිබුණා.

    ඔහු හුස්ම අදිමින් සිටි යන්ත්‍රයෙන් ඔහුව ඉවත් කිරීමට පිරිසක් සංවිධානාත්මකව, සැලසුම් සහගතවම වැඩ කළා.

    ඒ වෙනුවෙන් ලිව්වා. වීඩියෝ හැදුවා.

    අවසානයේ ජැක්සන් මිය ගියා.

    ඔහුගේ මලගම දිනයේ, ඔහුගේ පුත් සජිත ඇන්තනි රෝහල සහ ඔහුගේ ඇඳ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කළා.

    එහිදී ඔවුන් කිව්වේ ජැක්සන් ප්‍රතිකාර ලබා ගත්තේ, සිය පවුල විසින්ම ජාතික රෝහලට පරිත්‍යාග කළ වෙන්ටිලේටර් යන්ත්‍රයක ය කියලා.

    මෙහිදී සිදු නොවිය යුතු, ඉතාම අවලස්සන දෙයක් වුණා.

    ජැක්සන් යන්ත්‍රයක ආධාරයෙන් හුස්ම අල්ලා සිටි වේලාවේ ඔහුගේ හුස්ම නවතා දැමීමට අකුරු ලියූ, වීඩියො සෑදු පිරිස් යළිත් ක්‍රියාත්මක වුණා.

    හදිසි ප්‍රතිකාර ඒකකයක් යනු වෙන්ටිලේටරයක් පමණක් නොවන බව ඔවුන් රටට කියා දුන්නා.

    ඒ අරමුණින් ලියවුනු බොහෝ රචනා අවසන් වුණේ ජැක්සන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීම ජාතික අපරාධයක් යන අදහසෙන්.

    ඒ අනුව ඔහුට ප්‍රතිකාර සිදුකිරීම, ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සිදු කළ ජාතික ධනය අපතේ යැවීමක් වුණා.

    ඔවුන්ට අනුව ජැක්සන් ඇන්තනී ට, ඔහු ජැක්සන් ඇන්තනී වීම නිසාම වෙනත් සාමාන්‍ය පුරවැසියන්ටත් පොදුවේ හිමි නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ හිමි නැහැ.

    ජැක්සන් ඇන්තනී ලංකාවේ කලාවේ ඉදිරියෙන්ම සිටින විශිෂ්ඨ මිනිහෙක්.

    ඔහු ලංකාවේ ජනතාවගේ ආදරයට ලක් වූ මහා කලාකරුවෙක්, රංගන ශිල්පියෙක්.

    ඔහු වැනි මිනිසුන් ආදරය කරන චරිතයක් නොව, සාමාන්‍ය මිනිසෙකුගේ වුනත් හුස්ම නැවතීම ලංකාවේ මහා සංස්කෘතියේ එන හර පද්ධතියට විරුද්ධයි.

    අපි දන්නා අපේ සංස්කෘතියට, සභ්‍යත්වයට විරුද්ධයි.

    ජැක්සන් වැනි ප්‍රබුද්ධ මිනිහෙක් නෙවෙයි, සමාජ විරෝධි අපරාධකරුවෙක් පවා මිය ගිය පසු ලංකාවේ අපි ඔහුව විවේචනය කරන්නේ නැහැ.

    නොලැබෙන බව දැන දැනත්, අපි ඔහුටත් නිවන් සුව පතනවා.

    ඔහුගේ ජීවිතයේ තිබූ එක හොඳ ගුණයක් හෝ අසීරුවෙන් සොයා ගෙන එය කතා කරනවා.

    ඒ තමයි වසර 2500 ක මහා ශිෂ්ඨාචාරයේ හර පද්ධතිය.

    අපි මිය ගිය ආක්‍රමණික සතුරු රජෙක් වූ එළාර ට පවා ගරු කිරීමට සොහොන් සාදා, නීති පැනවූ ජාතියක්. එළාරගේ ගුණ ඉතිහාස පොත්වලත් ලියපු ජාතියක්, ඔහු හිට්ලර් වගේ අමන රාක්‍ෂයකු ලෙස හංවඩු ගසා ඔහුගේ තිබූ යහගුණත් යට ගැහුවේ නෑ ඊනියා බටහිර සර්වසාධාරණ සුදු මහත්වරු වගේ

    එසේ නම් මිය ගිය විශිෂ්ඨ කලාකරුවා ජැක්සන් ඇන්තනී ට එල්ල වූ වෛරී සහගත අදහස් මාලාවේ උපත කොතනදැයි සෙවීම වැදගත්.

    ජැක්සන් ඇන්තනී ට එරෙහිව මතවාදයක් ගොඩනැගෙන්නෙම ඔහු වරප්‍රසාද ලද්දෙක් යැයි මතයක් සමාජයේ ස්ථාපිත වීම නිසා.

    සාමාන්‍ය මිනිසුන්ට නොලැබෙන වරප්‍රසාදයක් ජැක්සන් ට ජාතික රෝහලේ දී ලැබෙනවා ය කියලා මතයක් සමාජගත වුණා.

    සාමාන්‍ය පුරවැසියෙකු නම් දින දෙක තුනකින් හුස්ම ගැනීමේ යන්ත්‍රය ගලවා දමන බවත්, ජැක්සන් කලාකරුවෙකු නිසාත්, ඔහුට තිබෙනා දේශපාලන සබඳතා නිසාත් ඔහුට විශේෂ වරප්‍රසාදයක් ලැබෙන බවටත් මතයක් සමාජගත වුණා.

    ජැක්සන් ගේ හුස්ම නවතා දමන තුරු නින්ද නොයන පිරිසක් බිහි වුණේ ඉන් පස්සේ.

    ඔවුන් ඉතාම සූක්ෂමව ජැක්සන් නිසා තවත් පිරිසකට ජීවිතය අහිමි වෙනවා ය, මේ හඬ ඒ ජීවිත අහිමි වෙන මිනිසුන් වෙනුවෙන් ය කියලා මානුෂික මතවාදී ආවරණයක් හදාගත්තා.

    නමුත් සැබැවින්ම ඔවුන්ගේ මතය ඇතුලේ තිබුනේ වරප්‍රසාදිත කණ්ඩායමට එරෙහි වෛරයක්.

    ජැක්සන් ඇනතනී ත් ඒ වරප්‍රසාදිත කණ්ඩායමේ සාමාජිකයෙකු යැයි ඔවුන් සිතුවා.

    මේ නිසාම ජැක්සන් ට වෛර කළ, ජැක්සන් ගේ හුස්ම නවතන තුරු බලා සිටි දහස් ගණනක් හිටියා.

    ඔවුන් මිය ගිය ජැක්සන් ගේ ආත්මයට පවා පහර දෙමින් සනසා ගත්තේ ඒ වෛරය.

    ReplyDelete
    Replies
    1. මිනිසෙකුගේ හුස්ම නැවතීමට අකුරක් ලියන්න, මිය ගිය මිනිහෙකුට අපහාස කරන්න, මිනිසෙකුගේ මරණය සමරන්න සාමාන්‍ය මනුස්සයෙකුට බැහැ.

      ඒ වෙනුවෙන් ආත්මය ඇතුලටම බද්ධ වෙලා පැහි පැහි තිබෙනා හිතයට කැකෑරෙන නොසංසිඳෙන කෲරත්වය බරපතල සමාජ වෛරයක් අවශ්‍යයයි.

      තමන්ට වඩා වරප්‍රසාද විඳින, ධනවත්, බලවත් මිනිසුන්ට දැඩිලෙස ක්‍රෝධයෙන් මත්ව අසීමාන්තිකව වෛර කරන, ඔවුන්ගේ පවුල්පිටින්ම සම්පූර්ණ විනාශය ප්‍රාර්ථනා කරන ඒ වෛරී චින්තනය ලංකාවට ආවේ කිසිසේත්ම ඒ දෙදහස් පන්සීයේ මහා සංස්කෘතියෙන් නම් නෙවෙයි.

      ඒ වෛරී චින්තනය, මනෝභාවය, වෛරය ලංකාවට ආවේ ධනපති විරෝධී සමාජවාදයට සම්බන්ධ දේශපාලනයෙන්.

      වසර පනහක්, හැටක් පැරණි ඒ චින්තනය කාලයක් තිස්සේ විවිධ පැති වලින් සමාජයට පොම්ප කෙරුණා.

      අද ලංකාවේ සැලකිය යුතු පිරිසක් මේ පිටින් ආපු වෛරී පාදඩ අමන චින්තනය වැළඳගෙන.

      රිය අනතුරක් සිදු වූ මොහොතක වරද කාගේ වුනත්, මිල වැඩිම මෝටර් රථයට පහර දෙන්නේ ඒකයි.

      මහා සංස්කෘතියේ වටිනාම ප්‍රාර්ථනයක් වන නිවන් සුව, වර්තමානයේ ජීවත්වන අයෙකුගේ මරණය ඉල්ලා සිටින අනියමාර්ථයක් වී ඇත්තේ ඒකයි.

      ජැක්සන් ඇන්තනී ලංකාවේ මහා සංස්කෘතියට අයිති මිනිහෙක්.

      ඔහුගේ කලාව, ඔහුගේ වචන, ඔහුගේ භාවිතාව ඇතුලේ ඒ සභ්‍යත්වය තිබුණා.

      ජැක්සන්ගේ අනතුරත්, ඔහුගේ වියෝවත් කියලා දෙන්නේ මෙතෙක් කාලයක් පුරාවටම මෙරට මහා සංස්කෘතිය වී තිබූ හර පද්ධතිය වේගයෙන් අවසන් ගමන් යමින් තියෙනවා කියලා.

      දැන් තියෙන්නේ වසර හැටක්, හැත්තෑවක් තිස්සේ සමාජයට පොම්ප කරපු සමාජවාදී දේශපාලනික චින්තනයක්.

      ඒ චින්තනයේ, මනෝභාවයේ ප්‍රතිඵල තවදුරටත් වසර දෙදහස් පන්සීයේ මහා සංස්කෘතියේ කොටස් ලෙස වරදවා වටහා ගත යුතු නැහැ.

      අවසන් ගමන් යන මොහොතේත් ජැක්සන් ඇන්තනී නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා ලංකාවටම කියා දී නික්මෙන්නේ ඒ පාඩම නෙවෙයිද මාතලන්?

      Delete
    2. ජැක්සන්ව ජාතික රෝහලේ නතර් කොට යනත්‍රයකින් හුස්ම දීම ජාතික අපරාධයක්. ඔහු ලැබිය යුතුව තිබුනේ ලෝකයේ තියන උසස්ම තාක්ශණය සහිත රෝහලක උසස්ම ප්‍රතිකාර. එසේ වූවානම් සමහර විටෙක ඔහු අද ජීවතුන් අතර. නමුත් මේ ගුණමකු රටේ එවන් දේ බලාපොරොතුවීම විහිලුවක්. අමන අපත දෙශපාලුවන් පොඩි සැත්කම් වලට පවා මවුන්ට් එලිසබෙත් එක් දිනකට කරණ වියදම ජැක්සන් උදෙසා දින 500ට කළ වියදමට අඩු විය හැකියි. මේ රටේ ගුණමකුවන්ට ඒව ගානක් නැත. රට වෙනුවෙන්, කලාව වෙනුවෙන් මහා සේවයක් කළ ජැක්සන්ටත් අනෙක් පොදු මිනිසුන් හැමෝටම ලැබෙන සැළකිලිමද ලැබිය යුත්තේ? ඔහුට විශේෂයක් කළයුතුම නැද්ද?

      Delete
  2. උඳු වපුරලා තල පැතුවට පලක් නැත
    හොඳ කළ ගමන් නොහොඳත් හොඳ වෙන්නෙ නැත
    නැත්ත ඇත්ත කෙරුමට සමතෙක් නොවෙත
    එය අමතක කළෝ, ගඟකට ඉණි කපත

    ReplyDelete
    Replies
    1. නිදි, ඒතකොට ජැක්සන් සියඹලා ගෙනාවේම නැතෙයි?
      මම විජේබාහු

      Delete
    2. විජේබාහු මැතිඳුනි කියවා කවිය
      තේරුම් ගෙන ඇතැයි මට නම් පැහැදිලිය
      ව්‍යන්ග්‍යය හොඳයි විටෙකදී හරි රසවත්ය
      ඒ වගෙමයි ආරක්ෂාකාරීය!

      Delete
    3. නීදී සහ විජේ

      ඇහිලා කතාවක් මළ ගෙදරක කරපු
      දුන්නලු බැටේ හතුරන් හැම ප්ලැට් වෙන්න
      ගොක් කොළ ගණන් කර කර ඉන්නා අතරේ
      මුත්තා අපේ කිව්වා යස කතාවක්

      කතිකයෙක්ලු අවමගුලක එක් කලෙක
      මළ ගෙදරට ආවලු ලොකු ලොකු ඇත්තෝ
      පුරාජේරු උන් ගැන කියනා කලට
      මිනියම නැගිටලා කිව්වලු "යකෝ මමයි මළේ!"

      Delete
    4. @ විජේබාහු

      මම අභියෝගයක් කරනවා, මේක විජයබාහුට අභියෝග කරන්න කරන දෙයක්ම නෙවෙයි ඇත්තටම ICU ඇඳන් පිලිබද ලෝඩ් පකීර්ලා ටිකක් බුකියෙ රඟනවා පේනවා මේ දවස්වල ජැකාගේ මිනිය විකුණගෙන කන උන් ටිකක්

      මේ තුට්ටු දෙකේ හිඟන බුකි පකීර්ලා හැත්ත ලංකාවෙ ICU ඇඳන් වල ඉතිහාස කතාව දන්නවාද...?

      ලංකාවේ මම අහලා තියෙන රෝහල් ඉතිහාසය දිවයන්නෙ බුද්ධදාස රජතුමාගේ කාලේට. ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 341-370 කාලේ. ( මගේ ලංකාවේ පෞරාණික ඉතිහාසය පිළිබඳව දැනුම මොට නිසා මේක ඊට එහාට උනත් යන්න පුළුවන්, නමුත් පොදුවේ මේක ඇත්තනේ)

      නාකි මෛනා කියන මහින්ද ජනාධිපති උනේ 2005 දි. ඒ කියන්නෙ ඊට කලින් වසර 1,635 කටම ලංකාව කියන මිලියන දෙකක ජනගහනයක් දක්වා හිටපු හිඟන රටේ තිබිලා තියෙන්නෙ ICU ඇඳන් 97 යි.

      මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඒ අවුරුදු 10 ට ICU ඇඳන් 401 ක් අලුතින් රෝහල් වලට එකතු වෙනවා..

      හොඳම කතන්දරේ අර ලක්ෂ 62 ක් උඩ දාගෙන චන්දෙ දීලා පත් කරපු ලෝකෙ හොඳම සෞඛ්‍ය ඇමති මේ රටේ ජනාධිපති වෙලා හිටිය කාලේ රෝහල් වලට එකතු වෙච්ච ICU ඇඳන් ගනන 00 යි. ( වරහන් ඇතුලේ හිනා 🤣🤣)

      ඒ වගේම නූතන සේනක බිබිලේ කියන ලෝටස්යාය බ්ලොග් ඔස්තාර්ලාගේ ගෝඩ් පාදරයා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමති විදියට එකතු කරපු අයිසීයු බෙඩ් ගාන = 00

      අර හොඳ නෑ කියලා රටෙනුත් එලවලා දාපු නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ වසර දෙකක පාලන කාලේ අලුතින් ඇඳන් 205 ක් රෝහල් පද්ධතියට එකතු වෙනවා. ඒකෙන් ඇඳන් 200 ක්ම දේශීයව නිපද වූ ඇඳන්. එය ප්‍රතිශතයක් ලෙස 42% ක වර්ධනයක්.

      මේ ප්‍රමාණය ඇති කියලා මම කියන්නෙ නෑ. ඒත් මේක තමයි ICU ඇඳන්වල ඉතිහාස කතාව.

      ( දැන් ඉතින් මෙතන ඇමිනෙන්න එපා අපි රජයක් පත් කරේ ඒකට තමයි. ඒවා රජයක යුතුකම් කියලා.

      ඔය තියෙන්නෙ ලංකාවේ අතීතෙ රජයවල් කරපු කෙරුවාවල් හා දීපු ඡන්දයට කරපු යුතුකම් තමයි )

      මේවා සත්‍ය සංඛ්‍යාලේඛන එක්ක කියන දේවල්, එතකොට විජේබාහු මොකද ඇත්තටම කියන්නේ ඔබේ අවංක අදහස් කියන්න බලන්න හිතට එකඟව...

      Delete
  3. මාතේ ඔය මහින්ද රාජපක්ෂ කියන හාදයා කලේ රටේ සේනාදිනායකයා වශයෙන් ත්‍රිව්ද හමුදාට නියෝගයක් දීම හා රජය පැත්තෙන් ව්යයුතු සියලු පහසුකම් ලබාදීම සහ ජාත්‍යන්තර රටවලින් ආපු බලපෑමට මුහුණ දී දිගටම යුද්ධය කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය ලබාදීම, රටපුරා යුධ මානසිකත්වය ඇතිකර හමුදාවට
    ගෞරවනීය විදිහට තත්ත්වයක් ඇතිකිරීම තරුණයන්ට හමුදාවට බැඳීමට හා යුද්ධ කිරීමට මොරාල් එක හැදීම හා චන්ද්‍රිකා බණ්ඩාරනායක හත්තලාමගේ කාලේ හමුදාවෙන් පැනලා ගියපු හැටදාහක් සෙබලු සමාව දී නැවත හමුදාවට බඳවාගෙන අලුත් අයත් බඳවාගෙන ඔවුන්ට චිත්ත ධෛර්යය ලබාදීම වගේ දේවල් ටිකක් ව්තරයි ජනාධිපති වශයෙන් එතනදී මහින්ද කරපු දේවල් හරි ඒත් යුද සැලසුම් හා යුද උපක්‍රම වලින් ජයග්‍රහණය කරන්න අත පය ඇස් සිරැරේ කොටස් හා ජීව්තයෙන් පවා පුදකර රට රැක්කේ බහුතර හමුදා නිලධාරීන් හා යුද සෙබලා තමා ඒක තමා ඇත්ත රාජ්‍ය සේවයේ වැඩ්ම සේවකයින් හා ව්නය ගරැකම ආයතනය හා වැටුප් දීමනා අයිතිවාසිකමට වඩා රටට සේවයක් කරපු හා රටේ ඕනෑම අපදාවකට ක්‍රියාත්මක වන ඒත් රට පාලනය කරන නායකයන්ගෙන් හා සමාජයෙන් ව්වේචනයට ලක් වෙන නිදහස් දිනයට පමනක් වර්නනා කරන සෙබලාගේ වට්නාකම දන්නේ රණවිරු ස්මාරකය අභීමන්සල වල ම්යගිය හා ආබාදිත සෙබලාගේ මවට බ්රිදට දරැවෙක්ට හැර සමස්ත සමාජයට නෙමේ ඒක තමා යතාර්තය . රට හදන්න කියලා අරගල කරාට රට බේරගත් යුද සෙබලට respect කිරීමයි වැදගත් 😊👍❤️

    ReplyDelete
  4. ශ්‍රේෂ්ට කළාකරු , ජැක්සන් ඇන්තනී මත්මයාගේ මරණය මතින් පටු දේශපාලන වාසි ලබා ගැනුමට උත්සහ කරන පරපටු
    රවී කුමුදෙශ් වගේ මළ පෙරේත සක්කිලි බලු හැත්තට මල මිනියත් අවස්ථාවකි.

    මුන්ට යන්නට දැනට තිබෙන අපායන් කොහෙත්ම මදිය. පුදුමාකාර බල තන්හාවකින් මුන් සියලුමදෙනා අඳ වී ඇත. තොපට හෙන හතක් වැදීයන් කියා බලා හිදීමට අපට සිදුවී ඇත. රවී කුමුදීශ වගේ සක්කිලි වේසාවන් හදන ලෝකය අපට දුරය. එය මුළු සමාජයටම දුරය . ඔවුනට හැර ….පනාපුත්‍ර තෙමෝ මේ වගක් දන්නේනම් , තොපි දිහා පිළිකුලෙන් යුතුව බලා , ” තොපට හොඳනම් මට මොකැයි ” කියනු ඇත .

    ReplyDelete
  5. ලංකාවේ සමාජ වෛරය වපුරන කුහක කණ්ඩායම එකතුවෙලා දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවාගෙන තියනවා මාලුමාමා කියලා. උන්ට රටේ බලය ගිය දවසට ලංකාවට බුදු සරණයි දෙවි පිහිටයි

    ReplyDelete
    Replies
    1. මාලුමාමා කියන්නේ මොකක්ද මචන්?

      Delete
  6. මේ කතාව ඇත්ත ද මාතේ? 🤔

    https://www.facebook.com/madusha.mihiri.7/videos/1047096906320666/?mibextid=eimWu5Utm3dJgHwj

    ReplyDelete
  7. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානය ඉදිකිරීමේදී ඒ සඳහා අවශ්‍ය ටයිල් ලබා දීම සිදුකරන ලද්දේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් බව සිවිල් ජනතා අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්තිරිගේ මහතා පවසයි.

    මේ හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කිසි අවස්ථාවක ධම්මික පෙරේරා මහතා විවේචනය නොකරන බවත් ඔහු පැවසීය.

    ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් විසින් ටිරාන් අලස් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ අකටයුතු කම් විවේචනය නොකරන්නේද එම පුද්ගලයින් අදාළ පක්ෂයේ අරමුදල් සම්පාදකයින් වීම නිසා බවත් ඔහු චෝදනා කරයි.

    මේක බලන්න;

    https://www.youtube.com/watch?si=m-OBBXIwurTD-P-j&embeds_referring_euri=https%3A%2F%2Flankacnews.com%2F&source_ve_path=MTY0OTksMjg2NjQsMTY0NTA2&feature=emb_share&v=hTzLeMHr2OA

    ReplyDelete
  8. ඔන්න ගාසා තීරයට උඩින් “වහාම ඉවත් වෙනු” කියලා ලියපු තුණ්ඩු කොළ ලක්ෂ ගණනින් ගුවනින් දානවා පලස්තීනයට. මුසල්මානුවන්ට ගාසා තීරයෙන් ඉවත් වෙන්න පැය 24 ක් දීලා ඊශ්‍රායල් යුදෙව්වන්. අතට අහුවෙන ඇඳුමක් කැඩුමක් අරගෙන දරුවන් බඩේ බැඳගෙන තමන්ගේ නිවාස අත්හැරලා මුසල්මානුවන් බයේ දුවනවා.

    ඔන්න ඔහොමම වැඩක් වුණා ලංකාවෙත් මාතලන්, ඒකත් ලංකාවේ චූටි උක්කුන් බබාලට කියල දීපන්

    ලංකාවේත් 2000 න් පස්සේ ඉපදුණු කොල්ලො කෙල්ලො නොදන්නවා වුණාට 1990 මේ වගේම ඔක්තෝබර් මාසයේ එල්ටීටීඊ ත්‍රස්තයන් නියෝගයක් දුන්නා උතුරු පළාතේ ඉන්න සියලුම මුසල්මානුවන්ට “වහාම ඉවත් වෙනු” කියලා. බෙදුම්වාදී ම්ලේච්ඡ කොටි ත්‍රස්ත නායකයා මුසල්මානුවන්ට දුන්නේ පැය දෙකයි!

    "පැය දෙකයි"!

    තමන්ගේ වස්තුව ගෙනියන්න ඔවුන්ට අවසර දුන්නේ නැහැ. අතේ ගෙනියන්න දුන්නේ රු.150 යි. තමන්ගේ නිවාස අත්හැරලා හඬ හඬ යමින් සිටි මුස්ලිම් කාන්තාවන් පැළඳගෙන හිටිය කරාබු, කණ ඉරලා කඩලා ගත්තා කොටි ත්‍රස්ත හමුදාවේ දෙමළ කොල්ලො. මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රාණ ඇපයට ගත්තා. කප්පම් නොගෙවූ අය අදටත් අතුරුදහන්. මුස්ලිම් පවුල් 15,000 ක්, මුසල්මානුවන් 70,000 ක් පැය ගාණක් ඇතුළත උතුරෙන් එළවා දැමුවා දෙමළ බෙදුම්වාදීන් විසින්. එහෙම විතැන් කළ බහුතරය තමයි අදටත් පුත්තලම ආශ්‍රිතව සහ දකුණේ තැන තැන ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ව්‍යාපාර හරකබාන ඔක්කොම අල්ල ගත්තා දෙමළ බෙදුම්වාදීන්.

    අද ඉන්න සිඟිති මුස්ලිම් කොල්ලො කෙල්ලන්ට ඒ ඉතිහාසය ගැන අවබෝධයක් නැහැ. නූගත් අහංකාර මෝඩයන් ඔවුන්. මොකද ඔවුන්ගේ කරදඬු උස්මහත් වෙන්න කලින්ම මේ රටේ තිබුණු බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කරලා දැම්මා රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු රණවිරුවන්.

    ගෝඨාභය එළවන්න ගෝල්ෆේස් එකට බුරියානි ගෙනාපු මුස්ලිම් කොල්ලො දන්නේ නැහැ ඔවුන්ව බේරගත්තේ ගෝඨාභය කියලා. මහින්දව ඝාතනය කරන්න අරලිය ගහ මන්දීරය වටකරපු මුස්ලිම් පාතාලය දන්නේ නැහැ උන්ගේ දෙමව්පියන්ව බේරගත්තේ මහින්ද කියලා.

    මුස්ලිම් ජාතිකයන්ට ලංකාවේ තරම් නිදහසක් වෙන කොහේවත් නැහැ. මුස්ලිම් රටක හිටියා නම් දැඩි නීති. නමුත් ලංකාවේ මුස්ලිම් තරුණ තරුණියන්ට උපරිම නිදහස තියෙනවා. නමුත් ඒ නිදහස දිනා දුන් මිනිස්සුන්ට ඔවුන්ගේ අංශුමාත්‍ර කෙළෙහිගුණයක් නැහැ. ඒ නිදහසේ වටිනාකමක් ඔවුන්ට නැහැ. ආගමික අනන්‍ය ප්‍රජාවක් හැටියට එවැනි ගුණාංග ඔවුන්ගේ නැහැ. තමන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත්ත බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ ඔවුන් ගිහිල්ලා සිංහලයට උරුම වෙලා තිබෙන බෞද්ධ සිද්ධස්ථාන බලහත්කාරයෙන් අත්පත් කරගන්න හදනවා. මොනතරම් ගුණමකුද!

    සිරියාවේ හරි ඇෆ්ඝනිස්ථානයේ හරි ඉන්න ඉස්ලාම්වාදී අන්තවාදියෙක් කියන සාහසික කතාවක් අහගෙන ලංකාවෙත් ඉස්ලාම් රාජ්‍යයක් හදන්න හදනවා සමහරු. පාස්කු ප්‍රහාරය කළේ එවැනි සාහසික මුස්ලිම් කොල්ලො කෙල්ලො ටිකක්. ඒ කරලා ඇති වුණ ලැජ්ජාව වහගන්න මුජිබර්ලා මරික්කාර්ලා වගේ සාහසිකයන් එහි වගකීම දාන්න හදනවා බෞද්ධ සිංහල නායකයන්ගේ පිටට. මොනතරම් අසාධාරණද? හරි නම් මුස්ලිම් මිනිස්සු බෞද්ධ සිංහල සමාජයට ස්තුතිවන්ත වෙන්න ඕනා ඊනියා ඊලාම් රටෙන් පිටුවහල් කළ ඔවුන්ගේ මුස්ලිම් සහෝදරයන්ව ප්‍රතික්ෂේප නොකර දකුණේ බෞද්ධ සිංහල මිනිස්සු කරුණාවෙන් ඔවුන්ව පිළිගෙන ඉන්න දුන්නු එකට.

    නමුත් එච්චර ශිෂ්ටත්වයක් බලාපොරොත්තු වෙන්න බැහැ ඔවුන්ගෙන්. මාතා මේ ගැන මොකද ඇත්තටම කියන්නේ?

    ReplyDelete
  9. ලංකාවේත් 2008 වගේ යුද්-ධ කාලෙ පේස් බුක් තිබුණ නං බුකියේ ඉන්න සිරි ලංකන් මීහරක් හැත්ත කොහොම කියල දෙයිද නිවැරදිව යු-ද්ධ කරන හැටි? කීබෝඩ් වලින් විතරයි හැබැයි, එහෙම නම් ඇඩ් එකක් දාන්න වෙනවා බුකියේ ටෝක්ස් දෙන හරක් හැමෝම සතියක පමණ යුධ පුහුණුවකට පසුව උතුරේ පෙරමුණුවල හමුදාවට යවනවා කියලා, එහෙම වුණාම මුන් බයවෙලා පැනඩෝල් අහුරක් බීලා මැරිල යන්නත් ඉඩ ඇත....

    ReplyDelete
  10. ලංකාවේ සමාජ මාධ්‍ය වල ඊශ්‍රායල-පලාස්තීන යුද්ධයේ ඇතිවන බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරිම ගැන, බුකියේ පැල්බැඳගෙන සිටින මානව හිමිකම් ගැන විලාප තියමින් කෑමොර දෙන බොහෝ දෙනෙක් අද නිහඩය. ලංකාවේ සුළු ප්‍රශ්ණයක් හෝ මූලික කරගෙන සෑහෙන ලොකු මැදිහත්වීමක් කරන අය අද ඒ ප්‍රශ්ණයේදි නිහඩය. ෆේස්බුක් පෝස්ට්, යුටියුබ් සාකච්චා, උද්ඝෝෂණ, අද නැත. නිදහස් අදහස් ප්‍රකාශණය ගැන එයින් බොහෝ දෙනා මැදිහත් වුනත්, ඔවුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරිම අදිසි හස්තයක් මගින් නැති කර ඇති බව පෙනේ. ඔවුන්ට එලෙස අත්බැදගෙන සිටින්නට වීම ගැන මට ඇත්තේ කණගාටුවකි! 🥹

    ReplyDelete
  11. අයිසේ ළමාතන් හෙට ඇමරිකා එක්සත් ජනපදය හා ඔවුන්ගේ ඩොමීනියන් බටහිර යුරෝපා නේටෝ රටවල් සහ මැදපෙරදිග ඇමරිකන් නියෝජිත ඊශ්‍රායලයට පුලුවන් ගාසා තීරයම තනිකරම සුන්බුන් ගොඩක් කරන්න.

    ඕන්නම් මිලියනයක් විතර නිරායුධ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිත හානි කරන්න. රසායනික අවි සුදු පොස්පරස් ඉඳන් ඕනිම කෙමිකල් එකක් පාවිච්චි කරන්න, ඕනනම් බයෝලොජිකල් ජෛව අවි උනත් යොදාගෙන පහර දෙන්න පුළුවන්

    හැබැයි ජාත්‍යන්තරව ඔවුන්ට අබමල් රේණුවක අවුලක් වෙන්නේ නෑ.

    ඊශ්‍රායලය යූරෝ සෙල්ලම් කරාවි. එක්සත් ජාතින්ගේ රැස්වීම්වලට එයි. සම්බාධක මුකුත්ම නෑ. අඩුගානේ කතාවක්වත් නෑ, ඕනනම් රුසියාව ටිකක් දොස් කියයි, ඒත් කවුරුත් ගණන් ගන්න එකක් නෑ, ඒත් ඇමරිකන් සමාගම් වලට මුළු මැදපෙරදිග තෙල් නිෂ්පාදනය කරන රටවල බොරතෙල් කැමැත්තෙන්ම තම තෙල් විකුණයි. උත්සව වලදී ඒ රටවල නායකයින් බයිඩන් කියන දෙකයි පණහේ මිනීමරු නාකි මලහෝන්තුව වැලඳ ගනිවි.

    සුපුරුදු පරිදි 2024 මාර්තුවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා හමුදාව අවුරුදු පහළොවකට පෙර 2009දි කිසිදු පැහැදිලි සාක්ෂියක් නැතිවත් යුධ අපරාධ යටතේ බරපතල ලෙස මානව හිමිකම් කඩකල බවට යෝජනාවක් සම්මත කර ගනිවි.

    ලෝකේ හැටි එහෙමයි..
    ඕවා වෙනස් කරන්න බෑ ලෝක කැලෑ නීතිය යටතේ Strongest will thrive

    ReplyDelete
  12. මෙන්න ඇත්ත. අහලම බලන්න. මේකෙ ඇඩ්මින්ල අර ත්‍රස්තවාදීන්ට කඩේ යන නිසා මේක තියන්න දෙයිද දන්නෑ, හැබැයි.

    https://web.facebook.com/100047901040790/videos/675393101211165

    ReplyDelete
  13. ලංකාවේ මේ දවස් වල බුකියේ රට එපාවෙලා ගරහන කාලකන්නි හැත්ත "අනේ දෙවියනේ ඊළඟ ආත්මේ නම් ලංකාවේ නැතුව පිටරටකම උපද්දන්න" කියලා පතලා ආයේ ඉපදිලා ඇස් ඇරලා බැලුවාම ඉපදිලා තියෙන්නේ පලස්තීනයේ ගාසා තීරයේ බව පෙනුනාම...

    අනේ දෙයියනේ

    පල් හිනාවක් දාපු දෙයියා:

    "ඇයි තොගේ ගතිගුණ කොලිපිකේසන් සහ ලංකාවේදී දීපු ගේම් වලට අනුව හොඳම තැනක් තමයි ඔය තෝට දීලා තියෙන්නේ සෝමාලි ජිබුටි බුරුණ්ඩි හයිටි කිරිබටි තමයි වෙන තියෙන්නේ"

    ReplyDelete
  14. මාතේ ICU ඇඳන් පිලිබද ලෝඩ් පකීර්ලා ටිකක් බුකියෙ රඟනවා පේනවා මේ දවස්වල ජැකාගේ මිනිය විකුණගෙන කන උන් ටිකක්

    මේ තුට්ටු දෙකේ හිඟන බුකි පකීර්ලා හැත්ත ලංකාවෙ ICU ඇඳන් වල ඉතිහාස කතාව දන්නවාද...?

    ලංකාවේ මම අහලා තියෙන රෝහල් ඉතිහාසය දිවයන්නෙ බුද්ධදාස රජතුමාගේ කාලේට. ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 341-370 කාලේ. ( මගේ ලංකාවේ පෞරාණික ඉතිහාසය පිළිබඳව දැනුම මොට නිසා මේක ඊට එහාට උනත් යන්න පුළුවන්, නමුත් පොදුවේ මේක ඇත්තනේ)

    නාකි මෛනා කියන මහින්ද ජනාධිපති උනේ 2005 දි. ඒ කියන්නෙ ඊට කලින් වසර 1,635 කටම ලංකාව කියන මිලියන දෙකක ජනගහනයක් දක්වා හිටපු හිඟන රටේ තිබිලා තියෙන්නෙ ICU ඇඳන් 97 යි.

    මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඒ අවුරුදු 10 ට ICU ඇඳන් 401 ක් අලුතින් රෝහල් වලට එකතු වෙනවා..

    හොඳම කතන්දරේ අර ලක්ෂ 62 ක් උඩ දාගෙන චන්දෙ දීලා පත් කරපු ලෝකෙ හොඳම සෞඛ්‍ය ඇමති මේ රටේ ජනාධිපති වෙලා හිටිය කාලේ රෝහල් වලට එකතු වෙච්ච ICU ඇඳන් ගනන 00 යි. ( වරහන් ඇතුලේ හිනා 🤣🤣)

    ඒ වගේම නූතන සේනක බිබිලේ කියන ලෝටස්යාය බ්ලොග් ඔස්තාර්ලාගේ ගෝඩ් පාදරයා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමති විදියට එකතු කරපු අයිසීයු බෙඩ් ගාන = 00

    අර හොඳ නෑ කියලා රටෙනුත් එලවලා දාපු නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ වසර දෙකක පාලන කාලේ අලුතින් ඇඳන් 205 ක් රෝහල් පද්ධතියට එකතු වෙනවා. ඒකෙන් ඇඳන් 200 ක්ම දේශීයව නිපද වූ ඇඳන්. එය ප්‍රතිශතයක් ලෙස 42% ක වර්ධනයක්.

    මේ ප්‍රමාණය ඇති කියලා මම කියන්නෙ නෑ. ඒත් මේක තමයි ICU ඇඳන්වල ඉතිහාස කතාව.

    ( දැන් ඉතින් මෙතන ඇමිනෙන්න එපා අපි රජයක් පත් කරේ ඒකට තමයි. ඒවා රජයක යුතුකම් කියලා.

    ඔය තියෙන්නෙ ලංකාවේ අතීතෙ රජයවල් කරපු කෙරුවාවල් හා දීපු ඡන්දයට කරපු යුතුකම් තමයි )

    ReplyDelete
  15. අඩෝ තලමා බොලාගේ රාජපක්ෂ හාම්පුතාලා මාරම මිනිස්සුනෙ යකෝ... උන්ට ලංකාවෙ බලේ ගන්න පලස්තීනයේ ඉන්න සැට් එකක් දම්මලා ඊශ්‍රායලයට ගස්සන්න තරම් ප්‍රභලයිනේ... ලංකාවෙ උන් ලව්වා බෝම්බ ගැස්සුවා... දැන් පලස්තීනයේ උන් ලව්වා ඊශ්‍රායලයට ගස්සනවා... සුපිරි ඈ... 🤣🤣🤣

    ReplyDelete
  16. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

    අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
    එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

    රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
    විනාශ කලේ රටේ මුදල්ය.

    මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

    ReplyDelete
  17. මහින්ද එන්න කලින් හිටපු උන් යුද්ද් වවාගෙන් හොඳට හම්බ කළා. උන් එකෙකුටවත් යුද්ඩෙ ඉවර කරන්න උවමනාවක්වත් කොන්දක්වත් තිබුනෙ නෑ. මහින්ද යුද්ඩෙ ඉවර කරලා පාරවල් හදන්න අරන් ඒවයෙන් ගසා කෑවා. ඔය දෙකෙන් කෝකද සාපේක්ෂව රටට හිතවත්? රටේ ජනතාවට සනීප? යුද්දෙ ඉවර උන් එකෙ දුක දන්නෙ ආයුද කාරයොයි උන්ගෙන් ගාන කපා ගත්ත ලෝකල් ඒජන්තලයි විතරයි. මහින්ද වෛරයේ මුල ඔතන තමා. ඒ වෛරය ජැක්සන්ව ඇඳෙන් පහලට තල්ලු කරන තැනට යනකම්ම ගියා.. තව ඉස්සරහට යයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න