.

.

Oct 10, 2023

කතා කරන පින්තූරූ..




 කතා කරන පින්තූරූ..

➖➖➖➖➖➖🟠➖


කතා කරන පින්තූරූ කියන්නේ බොරු කන්සෙප්ට් එකක්.. පින්තූරේ කතාකරනවා කියන්නේ.. පින්තුරේ තිබෙන දේවල් හෝ ඉන්න අය ගැන අපට අවබෝධයක් තියෙනවා නම්.... එහෙම නොදන්න උන්ට ඒ පින්තූරේ මෙළෝ රහක් නෑ...


ජැකා මහින්ද ප්‍රමෝට් කළේත් දරුවෝ වෙනුවෙන්... ජැකා කළේ ඇඩ්වටයිසින් කැම්පේන් එකක්.. ජැකා කෙලින්නේ අමු කෙප්ප කියලා මහින්දත් දැනගෙන උන්නා... හැබයි ඒක පොලිටික්ස් වලට ඕන... අර පෝට්සිටියට සීගිරිය ගෙනත් දැම්මා වගේ...


මේ ටිකේ ඕසෙට යන ජැකාගේ වීඩියෝ අතරේ.. ජැකා ඔය බුදුන්ගේ නෑ කතන්දරේ කියන කොට... මහින්ද නක්කලේට හිනා වෙනවා බොහොම පැහැදිලිව පේනවා...

අපි දන්න මහින්ද අන්දන්න නම් එකෙක්ටවත් බෑ.. 


හැබැයි මහින්දට ඇරිය උනුත් නැත්තෙමත් නෑ...


උවිඳු කුරුකුලසූරිය කියන විදියට ජැකාට මේ අයිඩියා එක දීලා තියෙන්නේ ඌ... ජැකා ඒකෙන් හොඳට හෙව්වා... ඔය සජිත්ගේ පෑඩ් මෑන් අයිඩියා එක දීලා තියෙන්නෙත් උවිඳු...


ඔය දෙකම නැඟලා ගියාට.. ජැකයි, සජිතුයි, දෙන්නම ඒකෙන් කිච වුනා... නාගත්තා...


මිනිස්සු ජැකත් එක්ක ඉරිසියා ඒ පවුලම බැබලෙන ටැලන්ටඩ් උන් නිසා... නැත්නම් ඉතින් රාජපක්ෂලා මාකට් කරපු අය ඕන තරම් ඉන්නේ... 


හැබයි රාජපක්ෂලා ඕන එකෙක්ට සලකන්නේ කොන්ඩම් තියරියෙන්... ඒක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පවුලට වගේම, ජැක්සන් පවුලටත් අත්වුනා... ප්‍රේමය හා වෛරය අතර දුර කෙස් ගහක්ය කියනවා නේ... ඉතින් ඊට පස්සෙ ඇති වෙන්නේ වෛරය... (මේකේ ඇතුලත කතාව දන්න අය දන්නවා... නොදන්න අය දන්න අයගෙන් අහගන්න)


මේකෙන් ගැලවෙන්න තමා ජැකාගේ දරුවෝ

ගෝල්ෆේස් අරගලයට ගියේ... ජැකා ආයේ පොලිටික්ස් කරන්නේ නෑ කිව්වේ... හැබයි ඒ වෛරය තාම නැතිවෙලා නෑ.. 


කෙසේ නමුත් ජැකා ගෙනාපූ බුදු නෑයෝ කැම්පේන් එකට අදටත් මාකට් එකක් තියෙනවා... සහේලිගෙ මහරජානෝ එකට වගේම...


ඉතින් මහරජ්ජුරුවොයි... යුව රජවරුනුයි... රජ පවුලේ උනුයි... මුලු ශාක්‍ය වංශයම ජැකාට කෘතුගුණ සලකන්න එන එක පුදුමයක් නෙමෙයි...


ඔය ජැකාගේ ඇඳ ඉල්ලපු උනුත් මරණෙට ඇවිත් ජැකාගෙන් මාකට් වෙන එකේ...

.

24 comments:

  1. කතාව ඇත්ත මාතලන්, ජැකාලා කියන්නේ ව්‍යාපාර කරන කට්ටිය, ඔය රාජපක්ෂ රෙජීමයේ පොහොට්ටු බයියන් නමැති මීගවයන් හා සම්බන්ධව ව්‍යාපාර කරන ඉරාජ්ලා වගේ අය වගේම සජබයියෝ කියන වහල් මීහරක් එක්ක ව්‍යාපාර කරන දමිතලා පේෂලලා සුදාලා රොඩ්නි ලා වගේම මාලිමාවට රෙදි නැතුව කඩේ යන මාලිමා වහල් පොල් බූරු මීහරකුන් රැල ෆෝම් කරන ජගත් මනුවර්ණලා දීපානිලා සමනලීලා කසුන්ලා අර කෙට්ටු උස ජෝකර් හිවලා (මහින්ද පතිරගේ වගේ නමක් මතක හැටියට) වගේ හොල්මන් කරන්නෙත් ඕකම තමයි, ඇයි රනිලාට කඩේ යන ටොයි කලාකාර ව්‍යාපාරිකයෝ?

    ReplyDelete
  2. well said Mathalan

    ReplyDelete
  3. ලංකාවේ නලාකාර කලාකාර හරක්රැලට තවත් කලාකාරයෙක්ගේ මරණයක් කියන්නේ මාකටින් ඔපොචුනිටි එකක්, ඕක කලාවට විතරක් නෙවෙයි ක්‍රීඩාවටත් අදාලයි, ඇත්තටම මේ වසරේ ODI ලෝක කුසලානය පිළිබඳව ජයග්‍රාහී බලාපොරොත්තුවක් මුල ඉදලම මට තිබුණේ නැහැ.

    ඒක ලංකා කණ්ඩායම පිළිබඳව සෘණාත්මක ආකල්පයක් ම නෙවෙයි.
    කිරලා මැනලා බැලුවම හැඟෙන, සාමාන්‍ය දෙයක්.

    ශ්‍රී ලංකා පිතිකරණයේ විශාල ගැටලුවක් නොමැති බව ලෝක කුසලානය ආරම්භ වෙන්න කළින් ඉඳලම මම කිව්වා.

    කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිතිකරුවා වෙනු ඇති බවත් කිව්වා.

    ඔහු ඒ බව ඔප්පු කරමින් සිටිනවා.

    මෙන්ඩිස් මේ මොහොතේ ක්‍රීඩා කරමින් සිටින්නේ අප ඔහුගෙන් මින් පෙර නොදුටු අලුත් තාක්ෂණයකින්.

    ඔහු සිය ඉරියව්ව තරමක් දුරට වෙනස් කරලා, පන්දුව යටට ගොස් ක්‍රීඩා කරනවා.

    මේ තනතීරු, කෙටි හතරේ සීමා සියල්ල ඒ සඳහා ඉතා හොඳින් ගැලපෙනවා.

    කොහොමත් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවයෙන් ඉහළම පිතිකරුවා ඔහු.

    සිය දක්ෂතාවය ට සරිලන කැපවීමක්, උනන්දුවක් ප්‍රදර්ශනය කළ හැකි නම් කුසල් මෙන්ඩිස් ලොව හොඳම පිතිකරුවන් පහ අතර සිටිනා ක්‍රීඩකයෙක්.

    ඔහු ගේ ක්‍රීඩාවේ ගැටලුව වුණේ ඒ අවශ්‍ය කැපවීම සහ උනන්දුව ඔහුගෙන් නොලැබීම පමණයි.

    එසේ නොමැතිව දක්ෂතාවයේ අඩුවක් මෙන්ඩිස් ට කිසිදිනෙක තිබුණේ නැහැ.

    ලෝක කුසලානයේ අපේ ගැටලුව තියෙන්නෙ පන්දු යැවීම ඇතුලේ.

    කඩුලු ලබා ගත හැකි පන්දු යවන්නෙක් අපිට නැහැ.

    අන්ත දෙකෙන්ම පීඩනය ස්ථාවරව පවත්වා ගෙන යා හැකි පන්දු යවන්නන් යුවළක් ශ්‍රී ලංකාවට නැහැ.

    මහීෂ් තීක්ෂණ කඩුලු නිර්මාණය කරනා පන්දු යවන්නෙක්.

    ඔහු නිර්මාණය කරනා කඩුලු දවා ගත යුත්තේ අනෙක් අන්තයෙන්.

    නමුත් ඩිල්ෂාන් මදුෂංක හැරුනුකොට සෙසු සෑම පන්දු යවන්නෙක් ම ඒ සඳහා අසමත්.

    මතීෂ පතිරණ පිළිබඳව මහේන්ද්‍ර සිං දෝනි කිව්වේ ඔහු එක්දින සහ ටෙස්ට් ආකෘති වලට නොගැලපෙන පන්දු යවන්නෙක් ය කියලා.

    ඔහු ගැලපෙන්නේත්, ඔහු දක්ෂත් පන්දු වාර හතරේ ක්‍රීඩාවට බව දෝනි කිව්වා.

    ඉදිරිය දැකිය හැකි, විශාල ක්‍රිකට් බුද්ධියකින් හෙඹි දෝනි ගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ඇතැමෙක් විවේචනය කළා.

    නමුත් කාලය විසින් දෝනි ගේ ප්‍රකාශය කොතරම් සත්‍යයක් දැයි ඔප්පු කරමින් සිටිනවා.

    මතීෂ පතිරණ එක්දින කණ්ඩායමට කැඳවීම වැරදි තීරණයක් වී තියෙනවා.

    එක්දින තරගයක පන්දුවාර දහයක් යොමු කිරීමට අවශ්‍ය පාලනයත් විනයත් ඔහු සතුව නොමැති බව දැන් පැහැදිලියි.

    ඔහු විසින් ලබා දෙන අතිරේක ලකුණු තරගයක ප්‍රතිඵලය පවා වෙනස් කළ හැකි තරමට විශාලයි.

    කලක පටන් ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රධාන වේග පන්දු යවන්නෙකුගේ ස්ථානය චාමික කරුණාරත්න ට වෙන් කර දී තිබුණා.

    ඔහු ඒ වගකීම බොහෝ දුරකට සාර්ථකව ඉටු කළා.

    පිතිකරුවෙක් ලෙසත් ඔහු ඇතැම් අවස්තා වල කණ්ඩායම බේරා ගත්තා.

    චාමික කරුණාරත්න ට අවසන් එකොලොස්දෙනා අතර ස්ථානය අහිමි වීම පාඩුවක් බව ඊයේ තරගයේ දී පැහැදිලි වුණා.

    පන්දු යවන්නෙක් ලෙසත් පිතිකරුවෙකු ලෙසත් ඊයේ වැනි තරගයක ඔහුට වෙනසක් කළ හැකිව තිබුණා.

    ඔහු එක්දින ආකෘතියේ අසාර්ථක වූ ක්‍රීඩකයෙක් නොවෙයි.

    නායකත්වය හැරුනුකොට දසුන් ශානක ට වඩා, ඒ ස්ථානයේ ක්‍රීඩා කිරීමට සෑම අතින්ම සුදුස්සා චාමික.

    කොහොමත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගේ තේරීම් කමිටුවට, ආකෘති වරද්දා ක්‍රීඩකයන් විනාශ කිරීමෙහි ඉතිහාසයක් ද තියෙනවා.

    නමුත් ගැටලුව නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අති විශාල නිල නොවන බලයක් හිමි, කණ්ඩායම තේරීමට පවා සෘජුව මැදිහත් වන මහේල ජයවර්ධන විසින් ද එම වැරදි සිදු කිරීමයි.

    ReplyDelete
    Replies
    1. නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා වූ කාලයේ පටන් මහේල ජයවර්ධන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල බලයක් හිමි පුද්ගලයෙක්.

      ඔහු තේරීම් කමිටුවටත්, ප්‍රධාන පුහුණුකරුවාටත් වඩා ඉහළ බලයක් සහිත පුද්ගලයෙක්.

      ක්‍රීඩා අමාත්‍යංශය විසින් ගෙන්වා ඉහළම වගකීමක් ලබා දී ඇති ඔහුගේ ආධිපත්‍යය, ක්‍රිකට් ආයතනයෙන් හෝ ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.

      ජාතික කණ්ඩායමේ තිරය පසුපස සැඟවුණු, නිල නොවන බලධරියා මහේල.

      කණ්ඩායමේ බොහෝ වෙනස්කම් වල අවසන් අනුමැතිය මහේල ට යටත්.

      මහේල විසින් ද මෙවැනි සරල අත්වැරදීම් සිදුවීම පුදුමසහගතයි.

      කණ්ඩායමේ සමබරතාවය ගිලිහෙන ඉතිරි ප්‍රධාන ගැටලුව දසුන් ශානක.

      පිත්තෙන් හෝ පන්දුවෙන් ඔහුගෙන් බලාපොරොත්තු වන කිසිඳු වගකීමක් මේ මොහොතේ හරිහැටි ඉටුවෙන්නේ නැහැ.

      ඊයේ තරගයේ අවසන් පන්දුවාර දහයට, ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 61ක් පමණයි.

      තවත් ලකුණු 30 ක් පහසුවෙන්ම ලබා ගත හැකිව තිබුණා.

      එසේ නම් තරගයේ ප්‍රතිඵලයත් වෙනස් වීමට තිබුණා.

      ඒ ලකුණු ලබා ගැනීම නොම්මර හය, හත පිතිකරුවන්ගේ වගකීම.

      නමුත් 'පවර් හිටර්' ස්ථානයක ක්‍රීඩා කරන දසුන් ශානක ඊට අසමත්.

      ලෝක කුසලානයෙන් පසුව ඔහුගේ නායකත්වය කෙසේ වෙතත් ඔහුගේ ස්ථානය පිළිබඳව සිතා බැලිය යුතුමයි.

      උපනායක ධනංජය ද සිල්වා ටත් ක්‍රීඩා කළ තරග දෙකෙහි ම සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වුණේ නැහැ.

      නමුත් මෑත කාලයේ කඩා වැටෙන බොහෝ ඉනිම් වල ඔහු එක් අන්තයක් අල්ලා ගෙන හිටියා.

      එවැනි තරග වල ඔහු ලකුණු පනහක් - හැටක් ලබා ගත්තා.

      ධනංජය ද සිල්වාගේ මා දකින විශේෂත්වය නම් ඔහු බොහෝ විට සාර්ථක වන්නේ පරදින තරග වලයි.

      මුල් පෙළ බිඳ වැටෙන, කඩුලු දැවී ගොස්, පීඩනයක් ඇති මොහොතක ඔහු අන්තය අල්ලා ගෙන හුදකලා ඉනිමක් ක්‍රීඩා කරනවා.

      සෙසු ක්‍රීඩකයන් ලකුණු ලබා ගත්, සාර්ථක, පීඩනය අඩු තරග වල ඔහු දැවී යනවා.

      ඇතැම් විටෙක ඔහුගේ පිතිකරණයේ උපරිමය ලැබෙන්නේ මුල් හෝ මැද ඕවර වල පමණක් විය හැකියි.

      මෙය පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය නීරික්ෂණය කර විසඳා ගත යුතු තැනක්.

      බොහෝ කාලයක පටන් වැරදි නිවැරදී වී කණ්ඩායම තරග ජය ගන්නා තුරු ප්‍රේක්ෂකයන් බලා සිටිනවා.

      ඒ සෑම මොහොතකම කලමනාකාරීත්වය ප්‍රේක්ෂකයන්ගෙන් කාලය ඉල්ලා සිටියා.

      දීප්තිමත් අනාගතයක් පිළිබඳව පොරොන්දු වුණා.

      මම හිතන්නේ දැන් රසිකයන් විසින්, කණ්ඩායමටත් කලමනාකාරීත්වයටත් ඕනෑවටත් වඩා කාලය ලබා දී තියෙනවා.

      වැරදි නිවැරදි කර ගැනීමටත්, අත්දැකීම් ලබා ගැනීමටත්, ඉගෙනීමටත් මේ ලබා දුන් වසර පහ හයක කාලය අතිශය ප්‍රමාණවත්.

      කලක පටන් පොරොන්දු වූ දීප්තිමත් අනාගතය ලබා දීමට දැන් හොඳම කාලය උදා වෙලා.

      කණ්ඩායමත්, ක්‍රිකට් බලධාරීනූත්, කලමනාකාරීත්වයත් ඒ සඳහා උපරිම අවංක උත්සාහයක් හෝ දැරීමට මේ හොඳම කාලයයි. මේ ගැන මාතලන්ට හිතෙන්නේ මොන විදියටද?

      Delete
  4. මාතේ ඊශ්‍රායල් කාන්තාරය මැද කෘෂි කර්මය ගොඩ නැගුවේ "Kibutz " හෙවත් සාමුහික ගොවි පොලවල් වලින්.අපි ඊශ්‍රායල් ,ජපානේ ගැන කතා කරනවා මිසක් ඔවුන්ගේ වටිනා දැනුම ප්‍රයෝගික ලෙස යොදා ගන්නේ නැහැ එකයි ලංකාවේ ලොකුම දුර්වල කම කයිය විතරයි ප්‍රයෝගිකව ක්‍රියත්මක වීමේදී සිංහල ජනයා අතිශය දුර්වලයි අනික් ජන්කොට්ටස එක්ක බැලුවම .විශේෂයෙන් ධනය ඉපයීම් අතින් අන්තිම දුර්වලයි .

    ReplyDelete
  5. අරගලේ උන්ම ජැකා icu ඇද ගලවන්න ඉල්ලපු එකත් ඇඳේ ඉන්නකන් සාපකරමින් ඉක්මනට මැරේවා කියකියා මැරෙනකන් බලන් හිටපු එකත් මළාට පස්සේ මළගෙදර ඇවිත් බොරුවට අඬලා මීඩියා ඉස්සරහට කඳුලු පිරි වොයිස්කට් දීගෙන ගූණගායනා කරලා ලකුණු දාගන්න එකත් හාස්කමක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. අරගල කුඩ්ඩො එහෙම තමා. ජැකා චොරගලේට ආවෙ නැ කියලා මරන් කැවෙ නැතිටික විතරයි. අන්තිමට ජැකාට ප්‍රකාශයක් නිකුත් කරන්න උනා මම දැන් ඔය කොයි දේශපාලනේටත් සම්බන්ධ නැ කියලා.. මහ අරගල කුඩ්ඩි මළගෙදර ගිහින් මීගමු ගැනිගෙ චරිතෙට පණ පොවලා තිබුනා..

      Delete
  6. ඉස්සර හිටිය දුගියෙක් මී කුණ විකුණා
    සිටුවර සැප ලබන ගමනක් ගොස් තිබුණා
    ඕනෙම ජරාවක් විකුණන හැටි දන්නා
    දක්ෂයො විටින්-විට ඉහලට මතු වෙන්නා!

    ReplyDelete
    Replies
    1. නිමල් පර බල්ලා
      ජැකාගේ පුක ඉම්බා
      අනුර ගූ කෑවා
      ගුතේ ගූ ඉම්බා

      Delete
    2. නිදී

      අද අපිටයි කරදර ඇතිවෙන්නේ
      හෙට අයටයි හොද ප්‍රතිපල දෙන්නේ
      ඒ ගැන අහිතක් නොසිතා ඉන්නේ
      ඩින්ගක් පරහිත කාමින් වෙන්නේ

      Delete
  7. තොප්පිගල් කාරයන්ගේ කෙල්ලෙක් මොට්ටෑකිලි දාගෙන බුදු ගුණ ගීතයක් කිව්වම අම්බානක ෆයර් වෙලා සුරතාන්තයට පත්වෙලා ධාතු පහකරගෙන දේශපාලකයොන්ටයි හාමුදුරුවරුන්ටයි කුණුහබ්බෙන් බැනලා

    "අපි අතර කිසිම බෙදීමක් නෑ, බෙදීම හැදුවේ දේශපාලකයො" කියන හද්ද ගොන් අම් බරු වන් එලිමහන් සංගීත සංදර්ශනයකට පහර දුන් හ.මමාස් ත්‍ර.ස්ත.වාදීන් සිය ගනනක් තරුණ තරුණියන් ම.රාදමා තවත් විශාල ප්‍රමාණයක් ප්‍රාණ ඇපයට ගත්බවට ප්‍රවෘත්ති පලවුණ වහාම එසේ පැහැරගනු ලැබූ තරුණියක් තමුන්ගේ ජීවිතය ඉල්ලා ආයාචනය කරන වීඩියෝ එකක් දැක්කම
    එය ඕනෑම සාමාන්‍ය මනුෂ්‍යයෙකු කම්පාවට පත්කරන දසුනක් වුවද එම පෝස්ටුව දස දහසකට අධික තොප්පිගල් අප්පුලා පිරිසකට සිනහවට කාරනයක් වී ඇති අතර ඔවුන් හ.මාස් ත්‍රස්.තවාදීන්ගේ විශිෂ්ටත්වය අගයමින් සතුට පලකර තිබෙනු දැකිය හැකිය..
    එසේ සතුටුවන ඔවුන් හැමදෙනාම එකම තොප්පිගල් ආ.ගමකට අයත් බවද පෙනෙන්නට තිබෙන බවද කිව යුතුය.

    අප්පිලගේ.. එක්ක.. තමයි සාමකාමීම ආ.ගම කියලත් කියන්නේ ඒ නිසා ද?

    ReplyDelete
  8. මාතලන් දැක්කාද ප්‍රංශයේ ජනප්‍රිය රූපවාහිනි සේවාවක ප්‍රවෘත්ති වැඩසටහන් කරන බෝම සීනියර් මාධ්‍යවේදියෙකුව හිටිහැටියේ තනතුරින් පහකරනවා. පරික්ශණ පැවැත්වෙන නිසා මුලදි හේතුව හෙළිදරව් වන්නෙ නෑ. ඒත් පසුව හෙළී වූ සිදුවීම කාටත් වැදගත් වේවි කියල හිතනවා.

    මේ මාධ්‍යවේදියා විවිධ මූලයන්ගෙන් සපයාගන්නා ගවේශණශීලි පුවත් ඉදිරිපත් කරන්නෙක්. ඔහුට එල්ල වෙන චෝදනාව එතරම් නොවැදගත් පුවත් වලට අනවශ්‍ය ප්‍රචාර ලබාදීම හා බොරු පුවත් නිර්මාණය කිරීම. දැනට ඔහු මේක පිළි අරන් නෑ ඒත් ඔහු තමන්ගෙ පුවත් ආයතනයේ නිරවද්‍යතා පිරික්සුම් වලට පිටින් පුවත් තනි මතේට තෝරාගත් බව පමණයි පිළී ගන්නෙ. මෙතැන් සිට මම ලියන්නෙ තවම ඔප්පු වී නැති ඔහු ට එල්ල වූ චෝදනාව.
    මේ මාධ්‍යවේදියාට ටෙල් අවිව් හි සමාගමකින් පුවත් සපයනවා. එහෙම පිට මූලයන්ගෙන් පුවත් ගන්න එක වරදක් නොවේ. ඒත් ප්‍රශ්නෙ ටෙල් අවිව් සමාගම සපයන්නෙ එක්කො සත්‍ය නොවෙන පුවත් හෝ සුලු සිද්දියක් අනවශ්‍ය ලෙස පුම්බපු හෝ විකෲති කල පුවත්. ටෙල් අවිව් සමාගමේ නම නිව්ස් ෆො හයර්. නම අනුවම ඔවුන් කරන්නෙ මුදලට බොරු නිව්ස් හදා වැපිර්‍රිම.

    මේක ලොකු ගැටලුවක් නොවේ කියල හිතෙන්න පුලුවන්. බොරුවක් නම් කවුරුත් ගණන් නොගෙන යාවි නේද? නෑ මේක ඊට සංකිර්ණයි. අදාල සමාගමේම සහයක සමාගමක් තියෙනව සයිබර බොට්ටන් හදා ව්‍යාප්ත කරන. ප්‍රධාන පුවත් සේවය මේ පුවත කී සැණින් ඒ බොට්ටො මේක සමාජ මාධ්‍යවල ශෙයා කරගෙන යනව. ප්‍රධාන පුවත් ආයතනයක් කීම නිසා එස්ටැබ්ලිශ් නිව්ස් එකක් බවට පත්වෙනව. නිකමම් නිකම් බොට්ටො සෙට් එකක් හෑල්ලක් දාගෙන යනවනම් කවුරුත් ගණන් ගන්නෙ නෑ. ඒ වගේම නිකම්ම ටිවී නිව්ස් එකක ගියානම් ඒත් ගණන් ගන්නෙ නෑ. ඒත් බොට්ටො ඒ ලින්ක් එක වයිරල් කර දානව. මේ දෙක එකතු වුණාම ඔතෙන්ටික් නිව්ස් සෝස් එකක් භාවිත කර බොරුවක් වයිරල් කරන්න පුලුවන්. ඊශ්‍රායල සමාගමට හා බොහොවිට මාධ්‍යවේදියට මේ වෙනුවෙන් ගෙවනව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු ප්‍රංස මාධ්‍යවේදියා ප්‍රසන්ට් කළ පුවත් අතර තියෙනව,

      1. රුසියාවට එරෙහි යුද්දය නිස මොනාකෝ හි යොට් නිශ්පාදනය ඇණහිටීමෙන් 10000 කට වැඩි පිරිසකට රැකියා අහිමිවන බවත් මේ ගැන ඒ පිරිස මොනකෝ හි ඇල්බට් කුමරු ට දැණුම් දුන් බවත්.

      2. කටාර් රජයෙ එක්තරා නිළධාරියෙක් දූශිත බවට කළ පුවත තව එකක්.

      3. සුඩානයේ හමුදා නායකයෙක් ජනාධිපති වෙන්න යනව කියන එකත්.

      මේ තුනම ගොතපු පට්ටපල් බොරු. මේ තුනෙන්ම අතුරු වාසියක් වෙන පාර්ශ්වයක් ඉන්නව. ඔවුන් තමා මේව ප්ලාන්ට් කරන්නෙ. බටහිර සහරා රාජ්‍යයෙ පවත්වන වෙළද ප්‍රදර්ශනයක් ගැන පුවතක් යනව ඒකෙ බටහිර සහරාව නම් කර්න්නෙ කලින් ඒ පෙදෙස ආලනය කළ මොරොක්කොව ඊට භාවිතා කළ නමින්.

      මේ සියල්ල සුළු වෙනස්කම් බව ඇත්ත. ඒත් මේවයින් ලෝකයෙ මිනිසුන්ගෙ මතයන් ඒ කාරණා සම්බන්දෙන් වෙනස් කරන්න පුලුවන්. වඩාත් වැදගත්ව මේ පුවත් සියල්ල මෙහෙම පළ කරල වයිරල් කරගන්න මුදල් විසික් කරන පාර්ශ්වයන් ඉන්නව. මේ පාර්ශ්වයන් සමහරවිට විවිධ කණ්ඩායම්, ප්‍රතිවාදින් හෝ රටවල ආණ්ඩු වෙනන් පුලුවන්.

      සයිබරයේ ආගමනයට ඉස්සර තිබ්බ ලෝකය ලොකු දර්ශන තිරේක පොදු පුවත් පළවූ තැනක්. හැමෝටම ආවෙ එකම නිව්ස්. ඒත් සයිබරය හා සමාජ මාධ්‍ය එක්ක මිනීස්සු ලෝකය පුංචි පුංචි කාමර ගොඩක් කරගෙන තියෙන්නෙ. ඒ ඒ නිව්ස් රූම් වල යන්නෙ එකිනෙකට වෙනස් කතන්දර. තමන්ගෙ නීව්ස් රූම් එක තමන්ට ඕනෙ තාලෙට වෙනස් කරගන්නත් පුලුවන්.

      මේ සන්දර්භය තුල තවදුරටත් සත්‍යය කියා දෙයක් පවතින්නෙ නෑ. පවතින්නෙ සත්‍යය රිසි සේ සකසා වැදගත් කතා යට ගසා නොවැදගත් කතා හෝ තනිකර බොරු ඉස්මතු කර කපා කොටා සකසන ලද පසුසත්‍යය හෙවත් පෝස්ට්-ටෲත් පමණයි.

      අපි අහන දකින සියල්ල පෝස්ට් ටෲත් පසුසත්‍යයක්. පසුසත්‍යය කියන්නෙ බොරුවට කියන තව නමක් නොවේ. එය සත්‍ය ම වෙනත් පුලුවන්, හැබැයි හොයාගන්න බෑ. මේ පසුසත්‍යය තුල තියෙන්නෙ කොපමණ සත්‍යයක් ද මොනවද හංගල තියෙන්නෙ, මොනවද උලුප්පල තියෙන්න ඇයි අපට මේක මෙහෙම කියන්නෙ කියල හොයාගන්න විදියක් නෑ.

      කෙනෙකුට කියන්න පුලුවන් ඉස්සරත් තිබ්බෙ පසුසත්‍යයක් නෙ මාධ්‍ය වලට ඔනෙ තාලෙට සකසන එකක් නෙ කියල. ඒක හරි. ඒත් ඒ කාලෙ අවශ්‍යනම් කෙනෙකුට සත්‍යය හොයල ඒක ප්‍රසිද්ද කරන්න පුලුවන්. ඒත් අද සත්‍යය හොයල ප්‍රසිද්ද කරන කෙනාට කෝ ඒක පතුරුවන්න බොට් ලා කෝ ඒක උලුප්පන්න සයිබර මාධ්‍ය. ඒව තියෙන්නෙ සත්‍යය කපා කොටන්න උවමනාවක් තියෙන අයට පමණයි. අනික සයිබරයේ සත්‍යය සුවිශේශිව හුවා දක්වන්න කොහෙත්ම බැරිනම් සත්‍යය හොයා ගත්ත කියන එකා කියන්නෙත් සත්‍ය්‍ය කියල කෝමද දන්නෙ?

      මේ පසුසත්‍යය සහ සත්‍යය කියල එකක් වෙන් කරගන්න බෑනෙ. ඕක ලෝක බොරුවක් කියන එකා කියන්නෙත් බොරුවක් ම වෙන්න පුලුවන්.

      තව දුරටත් සමහර දේවල් ගැන "ඕක බොරුවක් බන්. මේක තමා ඇත්ත" කියල කිව්වට කිසිම තේරුමක් නෑ. අපිට අතේ ශාක්ශි තිබ්බත් තේරුමක් නෑ. පසුසත්‍යය මිස අන් කිසිවක් පවතින්නෙ නෑ. අපි එහෙම කියන එකත් පසුසත්‍යයේම කොටසක්. අපි නගන ඒ කුඩා හඬ සංවිධානාත්මක පසුසත්‍ය මූලයන් එක්ක අලගු තියන්නත් මදි. අපි මොක කිව්වත් එස්ටැබ්ලිශ් වුණ පසුසත්‍ය පවතිනව.

      ඉතින් පවතින්නෙ පසුසත්‍යයක් පමණයි නම් පසුසත්‍යය කියන්නෙම මැනිපියුලේට් කල හැක්කක් නම්, පසුසත්‍යය මැනිපියුලේට් කිරීමට ව්‍යාපාර බිහිවීම වැලකිය නොහැකියි.

      සමහර දේවල් හරිම සියුම්. බටහිර සහරාවෙ වෙළද ප්‍රදර්ශනය ගැන කතාව ගත්තොත් එහි විකෲති කරන්නෙ රටේ නම පමණයි. එය වෙළඳ ප්රදර්ශනයට අදාල නෑ. ඒත් ඒක වයිරල් කලාම ලෝකෙ වැඩිමනක් මිනිස්සු ඒ රට මුලින්ම හදුනා ගන්නෙ අර නමෙන්. පසුසත්‍යය තනන්නාට ඕනෙ ඒක.

      Delete
    2. මේක ලංකාවෙත් සුලබ සිද්දියක්. ඉතාම ලේසියෙන් පෙන්වන්න පුලුවන් දේශපාලන අරමුණු මත තැනු පසුසත්‍ය ලොරි ගාණට තියෙනව. ඒත් වඩාත් බය හිතෙන්නෙ වෙනත් අරමුණු මත තැනුව කියල හිතෙන එව්ව ගැන.
      කවුරුත් දන්න ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් ගෙ ඝාතනය බලන්න. ඒ ඝාතනය ගැන මුලින් කිව්ව කතා අනුව ඔහුගෙ දෑතම ආසනේට ගැටගහල ඉන්න වෙලාවෙ ඔහු සියදිවි නසාගත්ත කියන එක හිතන්න හරිම අමාරුයි.

      ඒත් ඒක එහෙමද නොවේද කියල ජජ් කරනවටත් වඩා මං කැමති මේ නිවුස් එක ප්‍රසන්ට් වෙන ආකාරය පෙන්වන්න. මුලින්ම කියනව මිනිමරුව ගැන මේ මේ සාක්කි ලැබුනා, මෙන්න මේ මේ අයගෙන් ප්‍රශ්න කලා කියල. ඒත් එක පාරට එනව එකක් ශාෆ්ටර් සියදිවි නසාගත්ත කියල. ආයෙ ටික දවසකින් කියනව මිනි මරුව මෙන්න මෙතන හිටිය කියල සැක කරනව මෙන්න මේ මේ කාරනා හොයාගෙන, ආයෙ කියනව ශාෆ්ටර්ගෙ සියදිවි හානි කරගැනීමට මෙන්න මේ ශාක්ශිය හමුවුනා කියල. මේ කතාව දෙපැත්තට දෝලනය වන ආකාරයට එකම පිරිසක් මේ දෙකම කියනව කියල හිතන්න පවා අමාරුයි. එතකොට හිතෙනව මෙයින් එක නැරටිව් එකක් කවුරු හෝ මැනිපියුලේට් කරල සයිබරයේ ශක්තිය යොදාගෙන බෙදාහරිනවද කියල. අපි දන්නෙ නෑ. ඒත් පසුසත්‍යයයෙ ස්වරූපයත් ඒකම තමා. අපිට දැනගන්න වෙන්නෙම නෑ. අවසානෙ වෙන්නෙ හැමොම ඒ පසුසත්‍යය තමා වුනේ කියල හිතාගෙන ඉන්න එක.

      ප්‍රංශෙ පුවත් ආයතනයක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් රස්සාවෙන් දොට්ට දාපු එකට වඩා ලොකු කතාවක් මෙතන තියෙනව. ඒක සැහෙන්න වොරි වෙන්න ඕනෙ තත්වයක් නෙවේද?

      Delete
  9. කතා කරන පින්තූරේ
    සෑම දෙනා එකපාරේ
    දෙස්පාලන ගංතීරේ
    පවම විදියි සංසාරේ
    (දුමී)
    ජයවේවා !!!

    ReplyDelete
  10. ඇමෙරිකාව ජිවත් වෙන්නෙ යුද්ධය විකුනාගෙන කමින්, ආයුධ විකුණමින් සහ රටවල්වල වටිනා සම්පත් බලෙන් අල්ලගෙන උදාහරණ විදිහට ඉරාකයේ තෙල් ලිබියාවේ තෙල් කුවේට් තෙල් ආදී නිධි අල්ලගෙන

    ඒ වගේම ලංකාවේ නලාකාර කලාකාර ගෝතකරුම ජීවත්වෙන්නේත් බොරුව ප්‍රෝඩාව මානුෂික හැඟීම් සහ මලමිනී විකුණගෙන කාලා, පහුගිය දවස්වල අරගලය සහ මේ වගේ මරණ ගෙවල් ඒකට හොඳම උදාහරණ සපයනවා

    ReplyDelete
  11. ඊශ්‍රායලය - පලස්තීණය කියන දෙකෙන්ම සැබෑ අයිතිය තියෙන්නේ නැත්නං නීත්‍යානුකූල අයිතිය කාටද මාතෝ.?

    ඇත්තටම පලස්තීනයේ මුල් පදිංචිකරුවන් යුදෙව්වන් බව ඔබ දන්නවාද????

    ඉතිහාස කතාව කෙටියෙන්.....

    යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව.
    දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය මවනව.
    හඳ.. තරු.. අහස.. පොළව... ගහ කොල විතරක් නෙවෙයි.. ආදම් හා ඒව නමින් පලමු ගැහැණිය හා මිනිසාත් දෙවියන් විසින් මවනව.
    ඒ ලේඛන කියන ආකාරයට අපි මේ ඉන්නෙ 5782 කියන වර්ශයේ. ඒ කියන්නෙ ලෝකය මැවීමෙන් අවුරුදු 5782 ක් ගතවෙලා ඉවරයි.
    යුදෙව් වගේම පහුකාලීන්ව බිහිවෙන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකේත් මේ බව විශ්වාස කෙරෙනව.
    දැනට අවුරුදු 3834කට කලින් ආබ්‍රහම් කියල පුද්ගලයෙක් උපත ලබන බවට සඳහන් වෙන්නෙත් යුදෙව් ලේඛන තුලමයි.
    ( ලෝකය නිර්මාණයෙන් වසර 1948කට පසුව තමයි ආබ්‍රහම් උපත ලබන්නෙ)
    දෙවියන්ගේ මතයට විරුද්ධව විවිධ ජනකොටස් කටයුතු කරන හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ව තෝරා ගන්නව තමන්ගෙ පරපුර ඉදිරියට ගෙනි යන්න.
    මෙන්න මේ ආබ්‍රහම් තමන්ගෙ පුතාව දෙවියන්ට බිලි දෙන්න සූදානම් වීම මත දේව ආශිර්වාදයත් කැමැත්තත් දිනාගන්නව.
    එයාට ලැබෙන තෑග්ග තමයි කානාන් නම් දේශය.
    අද ලෝකයේ පිලිගැනෙන ආගම් අතරින් යුදෙව්... ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් හා ඇදහීම්වල පියා තමයි ආබ්‍රහම්.
    ආබ්‍රහම්ගේ පරපුර යුදෙව්වන් විදිහට කානාන් හෙවත් ඊශ්‍රායල් භූමි ප්‍රදේශයේ පදිංචි වෙලා තමන්ගෙ රාජධානිය ගොඩනගනව.
    මේ රාජධානියේ අගනුවර තමයි ජෙරුසෙලම.
    මේ යුදෙව් මිනිස්සු යුද්ධයේ වගේම වගා කිරීමේත් දක්ශයො. කානාන් දි‍යුණු රාජ්‍යයක් බවට පත්වෙද්දි බැබිලෝනියා හා පාරාවන්ගේ ඊජිප්තු පාලනයේ අවධානයත් ඊර්ශ්‍යාවත් මේ භූමිය දිහාවට යොමුවෙනව.

    ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කරනව. ( ශිෂාක්- Shishak, also spelled Shishaq or Susac)
    ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් කුදලගෙන අරගෙන එනව ඊජිප්තුවට.
    මේ අය වහළුන් විදිහට යොදාගන්නව ඊජිප්තුව ගොඩනගන්න.
    ඒ වෙද්දි ඊජිප්තුවේ විවිධ වර්ගයේ දෙවිවරුන් අදහනව.

    හදිස්සියේම යුදෙව්වන්ගේ දෙවියන්ට මතක් වෙනව තමන්ගෙ ජනතාව ඊජිප්තුවේ වහළුන් විදිහට වැඩ කරනව කියල.

    දෙවියන් විසින් මෝසෙස් කියන පුද්ගලයා හෙවත් ශාස්තෲවරයා තෝරාගෙන මේ යුදෙව් වහළුන් පිරිසට නිදහස ලබාගන්න මග පෙන්වනව.

    මෝසෙස් විසින් ඊජිප්තුවේ වහල්කම් කරපු ජනතාව නිදහස් කරගෙන ආයෙත් කානාන් හෙවත් ඊශ්‍රායලයට කැඳවාගෙන එනව. ( ඊශ්‍රායල් භූමියට ඇතුල් වෙන්න කලින් මෝසෙස් මිය යද්දි ජෝශුවා නම් නායකයා තමයි යුදෙව් ජනතාව තමන්ගෙ මව් බිමට කැඳවාගෙන එන්නෙ -
    මේ සියල්ල සටහන් වෙන්නෙ යුදෙව් ලේඛණ තුල වුනත් පසුකාලීන ක්‍රිස්තියානි හා ඉස්ලාම් ඇදහීම් තුල මේ ලේඛන විශ්වාස කරන්න පටන් ගන්නව)

    නැවත සැරයක් කානාන් දේශය බලවත් වෙනව. ඉන්පස්සෙ බැබිලෝනියාව විසින් කානාන් ආක්‍රමණය කරනව විතරක් නෙවෙයි යුදෙව්වන් බැබිලෝනියාවේ වහල් කමට ගන්නව.

    මෙන්න මේ කාලයේදී යුදෙව්වන් තමන්ගෙ ග්‍රන්ථවල ලියනව මෙසියා නම් රජෙකු පහලවෙලා නැවතත් ඊශ්‍රායලය බලවත් රාජ්‍යයක් කරන බවට.

    ReplyDelete
    Replies
    1. කාලය ගතවෙනව.. ටිකෙන් ටික නිදහස ලබාගන්නා යුදෙව්වන් නැවතත් යුදෙව් දේශය ගොඩනගනව.
      මේ වෙද්දි රෝම අධිරාජ්‍ය ඉතාම බලවත් වෙමින් යුරෝපයත් මධ්‍යධරණී කලාපයෙත් බලය පතුරවනව.
      යුදෙව් රාජ්‍යටත් සිදුවෙනව රෝමයේ පාලනයට යටත් වෙලා උප රාජ්‍යයක් බවට පත්වෙන්න.

      ක්‍රිස්තු වර්ශ එකේදී ජේසුස් නම් පුද්ගලයෙක් උපත ලබන්නෙ යුදෙව් පවුලකට අයත්ව මේ කියන යුදෙව් දේශයේදීයි.
      යුදෙව්වන්ගෙන් කොටසක් විශ්වාස කරනව මේ උපත ලබන්නෙ මෙසියා හෙවත් ඊශ්‍රායලයේ ගැලවුම් කරු බවට. තවත් කොටසක් මේ අදහස ප්‍රථික්ශේප කරනව. මේ තරුණයා බොහොම විප්ලවවාදී අදහස් ඇති දක්ශ කථිකයෙක්.
      කෝපයට පත්වෙන මූලධර්මවාදී යුදෙව්වන් යේසුස්ට මරණ දඬුවම දෙන්න කියල රෝම පාලනයෙන් ඉල්ලනව. මේකෙ ප්‍රථිඵලයක් විදිහට ෆොන්සියු පිලාත් නම් ප්‍රාදේශීය නායකයෙක් යටතේ නඩු අහල ජේසුස්ව කුරුසයේ ඇණ ගහල මරාදානව.

      මේ සිද්ධියත් එක්කම යුදෙව් දේශයේ ජනයා කොටස් දෙකකට බෙදෙනව යුදෙව් හා ක්‍රිස්තියානි විදිහට.
      යේසුස් දෙවියන්ගේ පුත්‍රයා හා ඊශ්‍රායලයේ ගැලවුම්කරු විදිහට පිලිගන්නා කොටස ක්‍රිස්තියානි වෙද්දි ඒ මතය පිලි නොගන්නා කොටස යුදෙව්වන් විදිහට ඉතිරි වෙනව.
      මේ දෙපිරිසම දැන් යුදෙව් දේශයේ ජීවත් වෙනව රෝම පාලනයට යටත්ව.

      රෝමයේ අධික බදුබර දරාගන්න ලේසි නෑ. යුදෙව් දේශයේ හෙවත් ඊශ්‍රායල් ජනතාව මහන්සි වෙලා වැඩකරනව.. වගා කරනව... අළුත් නිර්මාණ බිහිකරනව.
      යුදෙව් දේශය හෙවත් ජුදෙයා නැවත වරක් තමන්ගෙ අනන්‍යතාව ගොඩ නගා ගන්න උත්සාහ කරනව විවිධ බෙදීම් මැද.
      මේ අය කැරලි ගහනව අධික බදු පැනවීමට හා රෝම නීති රීති වලට එරෙහිව.

      ප්‍රථිඵලය වෙන්නෙ රෝමය විසින් යුදෙව් දේශය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරල ජෙරුසෙලමත් එහි පන්සල් හා ආරක්ශක පවුරුත් විනාශ කරන එක.
      මේ ආක්‍රමණය සිද්ධ වෙන්නෙ ක්‍රිස්තු වර්ශ 70 අප්‍රියෙල් හා අගෝස්තු මාස අතර කාලයේදීයි.
      රෝමන්වරු දන්නව යුදෙව්වන් නැවත වරක් සංවිධානය වෙන්න තරම් හැකියාවක් තියන.. ඒ වගේම නැවත යුදෙව් දේශය ගොඩනගන්න පුළුවන් පිරිසක් බව.
      මේ අය කරන්නෙ යුදෙව් දේශය හෙවත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් අතුගාල දාන්න පියවර ගන්න එක.
      ජුදෙයා දේශයේ නම මේ අය වෙනස් කරනව සිරියා ද පලස්තීනා විදිහට. ( Syria De Palaestina).
      රෝමන් ආක්‍රමණයෙන් විනාශ වුනු ජුදා හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ යුදෙව්වන්.. ක්‍රිස්තියානීන්.. පිලිස්ති හෙවත් යුරෝපා මුහුදු කොල්ලකරුවන්.. විවිධ ප්‍රාදේශීය ආගම් වලට අයත් අරාබි ජාතිකයන් ජීවත් වෙනව.

      Delete
    2. යුදෙව්වන් තවදුරත් තමන්ගේ ආගමේ අගනුවර ජෙරුසෙලම විදිහට සලකද්දි ජේසුස් හරහා බිහිවූ ක්‍රිස්තියානි ඛාන්ඩ ජෙරුසෙලම තමන්ටත් අයිති බව ප්‍රකාශ කරනව.
      මේ වෙද්දි රෝමන් පාලකයන් විසින් ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට අරගෙන ගිහින් රෝමානු කතෝලික ආගම බිහිකරනව.

      අරාබි ජාතිකයන් පසුවෙන්නෙ කනස්සල්ලෙන්. කාලෙකට කලින් තමන්ගෙ ප්‍රදේශයේ බිහිවූ ආබ්‍රහම් යුදෙවෙක් බවට පත්වෙන ආකාරයත් ... ඉන්පස්සෙ ජේසුස්ගේ ඉගැන්වීම් රෝමයට රැගෙන යන ආකාරයත් බලාගෙන ඉන්න අරාබි ජාතිකයන් තමන්ගේම නායකයෙක් ගැන හිතමින් ඉන්න කාලයකයි මොහොමඩ් උපත ලබන්නෙ.
      මේ කතා කරන්නෙ ක්‍රිස්තු වර්ශ 570 වගේ මෑත කාලයක් ගැන.
      ලංකාවේ නම් පලවෙනි අග්ගබෝධි රජතුමාගේ කාලය.
      මෙක්කා නගරයේ උපත ලබන මොහොමඩ් අරාබි ජාතිකයන්ට අහිමි වූ ආගම හා සංස්කෘතිය නැවත ලබාදෙන්න උත්සාහ කරනව.
      දෙවියන්ගේ පණිවිඩ කරුවෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා මොහොමඩ් ජෙරුසෙලමේ අයිතිය අරාබි ජාතිකයන් සතු බවත් දෙවියන් විසින් මේ රාජ්‍ය හා නගර යටත් කරගන්නා ලෙස තමන්ට පැවසූ බවත් තමන්ගෙ පාක්ශිකයන්ට කියනව.
      මොහොමඩ් විසින් දෙවියන් විදිහට හඳුන්වන්නෙ යුදෙව්වන්ගේ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ගෙත් එකම දෙවියන්. මේ හැමදෙනාම පැවතෙන්නෙ ආබ්‍රහම් නම් පුද්ගලයාගේ හෝ ශාස්තෲවරයාගේ පරපුරෙන්.
      නමුත් මේ අයගෙ භාශාව හා සංස්කෘතිය වෙනස්.
      මේ තමයි මුස්ලිම් හෙවත් ඉස්ලාම් ආගමේ ආරම්භය.
      යුදෙව් සංස්කෘතිය ඊශ්‍රායලයේ හෙවත් සිරියා ද පලස්තීනා දේශයේත්... ක්‍රිස්තියානි සංස්කෘතිය රෝමය මුල්කරගත් යුරෝපයේත් මුල් ඇදගන්නව.
      අවුරුදු දාස් ගාණක් තිස්සෙ විවිධ ආක්‍රමණ යුද්ධ වලට මුහුණ දෙන යුදෙව් දේශය මේ හැම දෙයක්ම මැද්දෙ තමන්ගෙ විශ්වාසයත් බැඳීමත් ජෙරුසෙලම වටා තියාගන් උත්සාහ කරන බව අපිට දකින්න පුළුවන්.

      ක්‍රිස්තු වර්ශ 636 වගේ වර්ශයක මොහොමඩ් විසින් ගොඩනගන ලද මුස්ලිම් හමුදාව ජෙරුසෙලම හා යුදෙව් දේශය ආක්‍රමණය කරනව. මේ වෙද්දි රෝමය බිඳ වැටීමත් බයිසෙන්ටීන් රාජ්‍ය තවදුරත් පැවතීමත් අපිට දකින්න පුළුවන්.
      මුස්ලිම් ආක්‍රමණයත් එක්ක යුදා දේශය හෙවත් සිරියා ද පලස්තීනා දේශයේ විශාල පිරිසකට ඉස්ලාම් ආගම වැලඳගන්න බල කෙරෙනව. නමුත් තමන්ගෙ ආගම වෙනස් කරන්න අකමැති යුදෙව්වන් හා ක්‍රිස්තියානීන් කොටසක් තව දුරටත් යුදා දේශයේ හා ජෙරුසෙලමේ ඉතිරි වෙනව.
      මේ කාලය තුල බයිසෙන්ටීන් වරුන්.. අරාබි මුස්ලිම් වරුන්... යුදෙව්වන්... ක්‍රිස්තියානි භක්තිකයන් අතර විවිධාකාර ගැටුම් යුද්ධ හටගන්නව ජෙරුසෙලම හෙවත් දෙවියන්ගේ නගරය වෙනුවෙන්.
      ක්‍රිස්තු වර්ශ 1075 දී යුරෝපීය ක්‍රිස්තියානි ජනතාව ජෙරුසෙලම මුස්ලිම් වරුන්ගෙන් බේරාගන්න ශුද්ධ වූ යුද්ධයක් දියත් කරනව. 1075 ඉඳල 1291 වර්ශය දක්වා දිවෙන මේ යුද්ධය අපි හඳුන්වන්නේ පලමු කුරුස යුද්ධය විදිහටයි. ( දෙවන කුරුස යුද්ධය 1291 - 1717 දක්වා දිවෙනව).

      බයිසෙන්ටීන් රාජ්‍යය ක්‍රිස්තියානි හා ඕතඩොක්ස් ඇදහීම් වලට මුල්තැන දුන් රාජ්‍යයක්.
      බයිසෙන්ටීන් රාජ්‍ය බිඳවැටීමත් එක්ක ඉස්ලාම් ආගම මූලික කරගත් ඕටමන් රාජ්‍ය බිහිවෙනව වර්ථමාන තුර්කිය මුල්කරගෙන. ඕටමන් රාජ්‍යයේ අගනුවර වන කොන්ස්තන්තිනෝපල් බිඳවැටීම ප්‍රභල මුස්ලිම් ජයග්‍රහණයක් විදිහට සටහන් වෙද්දි 1299 ඕටමන් රාජ්‍යය බිහිවෙන්නෙ තුර්කිය... සිරියාව... ඉරානය හා ඉරාකයේ කොටස්... යුදෙව් දේශය හෙවත් සිරියා පලස්තීන වගේ විශාල බිම් ප්‍රදේශයක් යටත්කර ගනිමිනුයි.
      1299 පටන් ගැනෙන ඕටමන් රාජ්‍යය 1921 පලවෙනි ලෝක යුද්ධය දක්වා කාලය තුල සාර්ථක පාලනයක් ගෙනියනව. අපි දන්නව ඕටමන් වරු ඉස්ලාම් වරුන් බව.
      මේ කාලයේදී යුදෙව් දේශයේ ජීවත් වූ යුදෙව්වන් ලෝකය පුරා විසිරිලා යන්නෙ තමන්ගෙ බිම් ප්‍රදේශ ඕටමන්වරු යටතේ පාලනය වීමත් ඒ යටතේ මුස්ලිම්වරුන්ට වැඩි සැලකිලි ලැබීමත් යන කාරණා මුල්කරගෙනයි.
      මුස්ලිම් පාලනයෙන් මිදිලා යුරෝපයේත් උතුරු ඇමරිකාවේත් ආසියාවේත් යුදෙව් ජනයා ජීවත් වෙන්නෙ තමන්ගේ විශ්වාස හා ඇදහිලි ඒ ආකාරයටම පවත්වාගෙන යන අතරෙයි.
      යුදෙව්වන් ඉතාම දක්ශ ව්‍යාපාරිකයන් හා වෙලෙන්දන්... මේ අය අතරෙ විවිධ බුද්ධිමතුන්... ව්‍යවසායකයින්.. කලාකරුවන්... ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේ විවිධ ක්ශේස්ත්‍රවල බලවත් පුද්ගලයන් දකින්න ලැබෙනව. නමුත් මේ අය කිසිම විටෙක අමතක කරන්නෙ නෑ තමන්ගෙ මුල්බිම හෙවත් යුදෙව් දේශය ගැන.

      Delete
    3. මෙන්න මේ කාලයේදී පලමු ලෝක යුද්ධය පටන් ගන්නව.
      ජර්මනිය හා ඕටමන් රාජ්‍යය එක් පසෙකත් යුරෝපය හා ඇමරිකානුවන් තවත් පසෙකත් හිඳිමින් පලමු ලෝක යුද්ධය ඇවිලෙනව.
      යුරෝපයේ ධනවත් යුදෙව්වන් යුරෝපීය මිත්‍ර හමුදාවට තමන්ගෙ ධනයෙන් උදව් කරනව.
      මේ කාලය වෙද්දි යුරෝපයේ ධනවත්ම ව්‍යාපාරිකයන් වෙන්නෙ යුදෙව්වන්.
      මේ අයගෙ කොන්දේසියක් තමයි යුද්ධය දිනුවොත් ඕටමන්වරුන් විසින් පාලනය කරන තමන්ගේ මව් බිම තමන්ට නැවත ලබාදිය යුතුයි යන්න.
      මේ එකඟතාව බැල්ෆෝ ඩෙක්ලරේශන් නමින් පසුකාලීනව ප්‍රසිද්ධ වෙනව. ( Balfour Declaration)
      අපි දන්නව මේ වෙද්දි... වසර සිය ගානක් පුරා යුදෙව් දේශයේ හෙවත් සිරියා පලස්තීනා බිමේ ජීවත් වෙන්නෙ මුහම්මඩ්ගේ ආක්‍රමණයත් එක්ක ව්‍යාප්ත වූ මුස්ලිම්වරුන් බව.
      ඒ එක්කම විවිධ බාධක කරදර මැද සුළු යුදෙව් ජනගහනයකුත් .. කුඩා ක්‍රිස්තියානි කන්ඩායම් කීපයකුත් ජෙරුසෙලම අවට ජීවත් වෙනව.
      මුස්ලිම්... ක්‍රිස්තියානි හා යුදෙව්වන් තුන්ගොල්ලම ජෙරුසෙලමට උරුමකම් කියනව.

      බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝ ( Arthur Ba flour) විසින් ලිඛිතව දැනුම් දෙනව ‍යුදෙව් රාජ්‍යයක් එය කලින් තිබූ භූමියේ ස්ථාපනය කරනව කියල.
      ඒ 1917 නොවැම්බර් දෙවනිදා බ්‍රිතාන්‍යයේ යුදෙව් සංවිධානයේ ලෝඩ් රොත්ශිල්ඩ්ට ලියන ලද ලියුමක් මගින්.

      පලවෙනි ලෝක යුද්ධය අවසන් වෙන්නෙ ජර්මනිය හා ඕටමන් රාජ්‍යයන් පරාජයට පත් කරමින්.
      පලස්තීනය හා ඊශ්‍රායලය තිබූ භූමිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වෙනව.
      මේ පාලනය යටතේ තමයි ජෝර්දානය.. පලස්තීනා ජෝර්දානා භූමිය හා ඊශ්‍රායල් භූමි ප්‍රදේශය බිහි වෙන්නෙ.

      1917/1948 කාලය පුරාම මේ දේශයන්ගෙ සීමා පිලිබඳ බොහෝ සාකච්චා මත ගැටුම් ඇතිවෙනව. නමුත් මේ ප්‍රදේශවල පදිංචියට යුදෙව්වන් නොකඩවා ඇදිල එන්නෙ ඒ තමන්ට පොරොන්දු වුනු රට නිසා.

      පලමු ලෝක යුද්ධයේ කොන්දේසි අනුව යුදෙව්වන්ට වෙනම රාජ්‍යයක් බිහි කරන්න බ්‍රිතාන්‍යයයන් ප්‍රමුඛ යුරෝපීයයන් කටයුතු කරන්නෙ නැහැ.
      යුදෙව්වන් බොහොම කලකිරීමට පත්වුනත් අඩුම වශයෙන් ඒ අයට තමන්ගෙ උපන්බිමට යන්න හැකියාව ලැබෙනව.

      මෙන්න මේ අතරෙදි දෙවන ලෝක යුද්ධය ඇරඹෙනව.
      බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදාවට යුදෙව්වන්ගේ සහාය නැවතත් අවශ්‍ය වෙනව.

      දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ යුරෝපයේ යුදෙව්වන් සමූල ඝාතනය කරමින්.
      යුරෝපයේ ධනවත්ම ජන කොට්ඨාශය වූ යුදෙව්වන් හිට්ලගේ ඊර්ශ්‍යාවට ලක්වෙද්දි
      මිලියන එක හමාරකට ආසන්න යුදෙව්වන් මරා දමනව කිසිම හේතුවක් නැතුව.

      ජර්මනියෙන් පලා ආ යුදෙව්වන් ප්‍රංශයේ..ස්විට්සර්ලන්තයේ හා මහා බ්‍රිතාන්‍යයේ රැකවරණය ලබනව.
      මෙන්න මෙතන්දි තමයි බැල්ෆෝ ලියවිල්ල ආයෙත් කරලියට එන්නෙ.
      පලමු වන ලෝක යුද්ධයේදී පොරොන්දු වුණු විදිහට සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් යුදෙව්වන්ට ලැබුනෙ නැහැ.
      ඒ නිසා නැවත වරක් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා යුදෙව්වන්ට පොරොන්දු වෙනව දෙවන ලෝක යුද්ධය අවසන් වුණු වහාම ස්වාධීන යුදෙව් රාජ්‍ය පිහිටුවනව කියල.

      දෙවන ලෝක යුද්ධය අවසන් වෙනව.

      1948 මැයි දාහතර වෙනිද අවසන් බ්‍රිතාන්‍ය භටයත් යුදෙව්වන්ට පොරොන්දු වුනු භූමියෙන් ඉවත් වෙලා ගියාට පස්සෙ ස්වාධීන ඊශ්‍රායල් රටේ බිහිවීම ප්‍රකාශයට පත් කරනව.

      පලස්තීනා ද සිරියා නමින් පැවතුනු භූමියේ ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් බිම් ප්‍රදේශ වෙන්කිරීම පහසු කාරියක් නෙවෙයි.
      හේතුව මේ බිමේ අවුරුදු සිය ගාණක ඉඳල යුදෙව්.. ක්‍රිස්තියානි හා ඉස්ලාම් ජාතිකයන් මිශ්‍රව ජීවත් වීම.
      යුදෙව් හා ඉස්ලාම් ජන කොටස් අතර භූමිය බෙදීම ඉතාම සංකීර්ණ කාර්‍යයක්.
      මේ ආකාරයට භූමිය බෙදීම යුදෙව්වන් හෙවත් ඊශ්‍ර්‍රායලය විසින් පිලි ගත්තත් මුස්ලිම් ජන කොටස් හෙවත් පලස්තීනය විසින් මේ ගිවිසුමට එකඟ වෙන්නෙ නෑ.
      මෙන්න මේ එකඟ නොවීම හෙවත් පිලි නොගැනීම නිසයි පලස්තීනය ස්වාධීන රාජයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුලත් නොවෙන්නෙ.

      Delete
    4. මේ ඊශ්‍රායලයේ බිහිවීමට අරාබි රටවල් කොහෙත්ම කැමැත්තක් දක්වන්නෙ නෑ.
      මේ ප්‍රශ්ණය ඉතාම සංකීර්ණයි. අරාබි මුස්ලිම රටවල් වුනත් ශීට් හා සුන්නි වශයෙන් දෙකට බෙදිලයි ඉන්නෙ. ඒ නිසා තමා සෞදි අරාබිය සහ ඉරානය කවදාවත් මිතුරන් නොවන්නෙ.
      ඒ අතරෙ ලෙබනනය මුල් කරගෙන තවත් ප්‍රශ්ණ දුරදිග යනව.

      යුදෙව් රටක් වූ ඊශ්‍රායලයත්, අර්ධ ක්‍රිස්තියානි රටක් වූ ලෙබනනයත් සංවර්ධනය වෙනවට ඒ අවට රටවල් කැමති වෙන්නෙ නෑ.

      ඒ අතරෙ ඇමරිකානු හා රුසියානු මැදිහත්වීම්ද කලාපයේ බල අරගලය තවත් උග්‍ර කරනව.

      මේ කාලය පුරාවටම ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ට්‍රාන්ස්ජෝර්දානය හා ඉරාකය වරින් වර ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න උත්සාහ කරනව.

      1956 සිනායි යුද්ධය.
      1967 සය දින යුද්ධය
      1973 යොම් කිපූර් යුද්ධය
      යුද්ධ ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නව.

      ඊශ්‍රායෙල් යුදෙව්වන් මහන්සි වෙලා වැඩ කරන ජාතියක් නිසා ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම වගේම දියුණුම රාජ්‍යයක් බවට පත්වෙනව.

      ඒ අතරෙ පලස්තීන රාජ්‍යයේ දේශපාලන බලය හමාස් වැනි සංවිධාන අතට පත් වෙනව. දේශපාලන අඩපණ කිරීම් වලට යුදෙව්වන්ගේ මැදිහත් වීම් ගැනත් චෝදනා තියනව.

      යුදෙව්වන්ට චෝදනා එල්ල වෙනව පලස්තීන භූමි ආක්‍රමණය කරනව කියල. ඒ වගේම පලස්තීනයට චෝදනා එල්ල වෙනව ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරනව කියල.
      නමුත් පැහැදිලිව පේන්න තියන දෙයක් තමයි 1948 ඉඳල මේ දක්වා ටිකෙන් ටික පලස්තීන භූමිය ආක්‍රමණය වෙලා තියෙන බව.

      සරලව පැහැදිලි කරන්න බැරිතරම් දෙපැත්තටම චෝදනා තියනව.

      මේ අතර තමා ජෙරුසෙලම ඊශ්‍රායල් අගනගරය බවට ප්‍රකාශ කරන්නෙ.
      ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රසිද්ධියේම පිලිගන්නව ඒ බව.

      පැත්තක ඉඳන් බලන අපිට කියන්න බැහැ පලස්තීනයට ජයවේවා කියල. මොකද ඉතිහාසය පුරාම මේ යුදෙව්වන්ගේ භූමිය.

      අනික් අතට ඊශ්‍රායලයට ජයවේවා කිව්වොත් අසාධාරණයට ලක්වුණු පලස්තීන ජාතිකයන්ට අසාධාරණයි.

      මේ දෙගොල්ලම දේශ සීමා සඳහා එකඟ වෙන බවක් පේන්න නෑ.
      ඒ අතරෙ පලස්තීන ජාතිකයන් මහන්සිවෙලා වැඩ කරන බවක් පේන්නෙත් නැහැ තමන්ගෙ රට දියුණු කරන්න.

      යසර් අර්පත් වැනි නායකයන් යුද්ධ හා ගැටළු වලට නායකත්වය දුන්නා මිස කිසිම විටෙක සංවර්ධන යෝජනා ක්‍රමයකට .. සාමයට මග පෙන්වපු බවක් පේන්න නැහැ.

      ඒ අයගෙ එකම චෝදනාව.. අපේ බිම ආක්‍රමණය කරා.. අපේ දෙවියන්ට අපහාස කලා.. අපේ මිනිසුන් මරා දැමුවා කියන එක විතරයි.
      ඊශ්‍රායල් භූමිය තුල තියන පලස්තීන වාසභූමිත් ... පලස්තීන ප්‍රදේශ තුල ගොඩනැගුනු යුදෙව් ජනාවාසත් ප්‍රශ්ණය තවත් අවුල් කරනව.
      ගාසා තීරයේ හා බටහිර ඉවුරේ ජීවත් වෙන පලස්තීන ජාතිකයන්ගෙන් සීයට හැත්තෑවක් පමණ රැකියා කරන්නෙ ඊශ්‍රායලයේ. මේ පිරිසට වඩා පලස්තීන ප්‍රශ්ණය ඇවිලවීමට උත්සාහ කරන්නෙ සිරියානු.. ඉරාක.. ජෝර්දාන්.. කටාර් ආදී රටවල සංවිධාන වෙන මූලධර්මවාදීන් බව පැහැදිලි කාරණ‍යක්.

      අවට අරාබි රටවල් වගේම ඇමරිකා එක්සත් ජනපදය වුනත් පවතින බල අරගලයෙන් වාසි ගන්න බව රහසක් නෙවේ.

      ලංකාවේ ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා කරනව. ඒ අතින් ඊශ්‍රායලය ලංකාවට ගොඩක් කිට්ටුයි. නමුත් බල අරගල නිසා දුක් විඳින අසරණ පලස්තීන ජාතිකයනුත් අපට අමතක කරන්න බැහැ.

      ලිපිය දිග වුනත් දැන් අපි දන්නව ඊශ්‍රායලය හා පලස්තීනය වශයෙන් රටවල් දෙකක් ඉතිහාසයේ නොතිබුනු බව. දැන් අපි දන්නව යුදෙව්වන් හා මුස්ලිම් වරුන් අදහන්නේ එකම දෙවියන් බව.
      මේ අයගෙ තියන සංස්කෘතික .. සමාජයීය... භාශාමය වෙනස්කම් නිසා බෙදීම් ඇතිවුනත් අරාබි වරුන් හා යුදෙව්වන් එක සමාන ජනකොටසක් බව අපිට පැහැදිලියි.
      ඒ අනුව බලද්දි මේ දෙපිරිස අතරෙන් එක් පිරිසක් තෝරාගන්න අපිට හැකියාවක් නෑ.

      මොනව වුනත් අවුරුදු දාස් ගාණක් පුරා තියෙන ප්‍රශ්ණය ඉවරවෙන පාටක් පේන්න නැහැ අවාසනාවට.

      Delete
  12. මේක බලපන් ජැක්සන්ට අනුර කුමාර දිසානායක බේසික පුතා බනින විදියක් ප්‍රසිද්ධ රැස්වීමක?

    https://www.facebook.com/100094054925336/videos/385406930481117/?sfnsn=wa&mibextid=97WSwf

    මුන් රෙදිත් ඇඳගෙන මළගෙදරත් ගියානේ මාතේ මේක ක්ලිප් එකක් කියලා කියන උන්, සම්පූර්ණ කතාවම අහල බලපිය ඔය ගොන් අනුරයා දැන් හන්දියක් ගානේ කිය කිය යනවා 2004 මහින්ද සුනාමි හොරා කියලා හැබැයි 2005 මහින්ද ජනාධිපති කැම්පේන් එක කරේ අනුයා ඇතුලු jvp කාලකන්නි ඉතින් කන්න ඕනේ උනාම කබරයා තලගොයා කරගන්න එකෙක් විස්වාස කරන්නේ මොන පදනමකින්ද 😁

    ReplyDelete
  13. යකෝ මාතේ අර දෙවියන් වහන්සේ කියන වල් පාහර කුණුම කුණු ගස් බල්ලා නොහිටියා නම් මේ ලෝකෙ සෑහෙන යුද්ධ අඩු වෙන නිසා මිලියන ගණනක මිනිස් ජීවිත ඉතුරුවෙලා ලෝකය මීට වඩා ලස්සන වෙන්න ඉඩ තිබුණා... එහෙම නේද?

    ReplyDelete
  14. ජැක්සන් ඇන්තනී කියන්නෙත් ලංකාවේ 2022 ගොල්ෆේස් ත්‍රස්තවාදයට ගොදුරු වූ වින්දිතයෙක්, ඇත්තටම මාතලන් ගෝල්ෆේස් අරගල භූමියට පැනලා එයට පහර දුන් පොහොට්ටු මැර පිරිසට ප්‍රතිප්‍රහාර දුන්න එක හරි. නමුත් ගෝල්ෆේස් එක පැත්ත පළාතේ නොගිය කිසිවෙකුට පහර නොදුන් අහිංසක කාන්තාවන් අල්ලගෙන ඔවුන්ට ලිංගික හිංසන කරලා කුණුහරුපෙන් බැනලා බේරේ වැවට තල්ලු කරලා ගිල්වා දමන්න හේතුව කුමක්ද?

    මැයි නව වැනිදා අමානුෂික ලෙස පහර කෑමට ලක් වූ අතිමහත් බහුතරය ගෝටාගෝගමට පහර දුන් අය නොවෙයි. ඒ පහර දුන් සීමිත මැර පිරිස බොහෝ දෙනා පැන ගත්තා.

    අගමැති නිල නිවසට එදා ඒ මිනිස්සු ආවේ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන්න. මොකක්ද එහි වරද? අප කැමති වුණත් නැතත් ඒක ඔවුන්ගේ නිදහස. එහෙම ආපු අයගෙන් බහුතරය ඒක ඉවර කරලා නැවත බස්වල නැගලා තමන්ගේ ගමට යන්න පිටත් වුණා. ඔවුන් කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ආසන්නයේ තිබෙන වැයික්කියක සාහසිකයන් පිරිසක් ඇවිල්ලා ඒ අහිංසක ගම්මුන්ට පහර දුන්නා.

    මහමග යමින් සිටි අහිංසක මිනිසුන් බස්වලින් එළියට ඇදලා අරගෙන පහර දුන්නා. ඇඳුම් ගලවලා නිරුවත් කරලා මහමග ඇදගෙන ආවා. ගෝල්ෆේස් එකක් පැත්ත පළාතේ නොගිය අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂකයාට වියරුවෙන් ගහලා ගහලා ම රා දැමුවා. ඒ වෙලාවෙම රට වටේ පොහොට්ටුවේ දේශපාලන නියෝජිතයන්ගේ ගෙවල්වලට පැනලා ඒ අහිංසක මිනිස්සුන්ට ගහලා දරුවන්ගේ පොත් පැන්සල් සහතික එක්කම ගිනි තිබ්බා. ඔවුන් ගෝල්ෆේස් ආවේ නැහැ. එහෙනම් ඇයි ඔවුන්ට එහෙම අපරාධයක් කළේ?

    ගෝල්ෆේස් එක අල්ලගෙන හිටියේ ත්‍රස්තයන්. ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් ආණ්ඩු බලය ගන්න හැදුව ත්‍රස්තයන් පිරිසක්. එයට විරුද්ධව පහර දෙන්න ආව පිරිසත් ප්‍රචණ්ඩත්වය භාවිතා කළා. හේතුව කුමක් වුණත් ඒකත් ත්‍රස්තවාදයක්. ඒ දෙගොල්ලෝ ඒක බේරගන්න ඕනා. ඒකට සම්බන්ධ නැති මිනිසුන්ව මර්දනය කළේ ඇයි?

    පොහොට්ටුව කියන දේශපාලන පක්ෂයට සහාය දැක්වූ නිසාද? ඒක හරියට අර හමාස් ත්‍රස්තයන් ගෙවල් ඇතුළට කඩා පැනලා අහිංසක කාන්තාවන් දූෂණය කරලා දරුවන්ට වෙඩි තියලා ඝාතනය කළේ ඔවුන් යුදෙව් වූ නිසා වගේ ම්ලේච්ඡ වැඩක්නේ.

    මෙතැනදී තමයි රටේ ආරක්ෂක අංශ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්නේ. අර ගොබ්බ ගුණරත්නයි අහංකාර සිල්වයි එකිනෙකා සමග රණ්ඩු කර කර හිටියා මිසක් ඒ වෙලාවේ රටේ සිදුවුණු බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය පාලනය කරන්න සමත් වුණේ නැහැ. ජනපති ගෝඨාභය රාජපක්ෂ කළ ලොකුම මෝඩකම තමයි ඔය මෝඩ කටුස්සන්ගේ කරේ රත්තරං බැඳීම. සලේටත් හරියට බුද්ධි තොරතුරු දෙන්න බැරි වුණා. සෙබළු වගේ සටන් කළාට හමුදාවලට නායකත්වය දෙන්න අවශ්‍ය කරන බුද්ධිය සහ පරිණතභාවය ඔවුන්ට නැහැ. ලංකාවේ ආරක්ෂක අංශවල නායකත්වය අද වැටිලා තියෙන තැන ගැන හිතෙන කොට බය හිතෙනවා. පලස්තීන ප්‍රහාරය වගේ එකක් රටට පිටින් කුඩා සංවිධානාත්මක කල්ලියක් ලංකාවට ආවොත් අපට කර කියා ගන්න දෙයක් නැති වෙනවා.

    පොහොට්ටුවේ මනුස්සයට ඒ කරපු මහා අසාධාරණය අයුක්තිය අපරාධය අමතක නොකළ යුතුයි. ඇමතිමැතිවරුන්ගේ දේපළ හානි පූරණය කරන්න ඇති. එයින් මේක වහන්න බැහැ. අහිංසක පාක්ෂිකයන් බොහෝ දෙනා අදටත් වේදනා විඳිනවා එදා ඒ කළ අපරාධය නිසා. පොහොට්ටුවේ මිනිස්සු එකා වගේ එකතු වෙන්න ඕනා. අරගලකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑ අපේ සහෝදර සහෝදරියන්ගේ නාමයෙන් අප එකතු විය යුතුයි.

    ඒ නින්දිත ප්‍රහාරය එල්ල කළේ අප හැමෝටමයි. ෆේස්බුක් එකේ ලයිව් දිදී මිනිසුන්ට ගහන හැටි පෙන්න පෙන්න හිනා වුණු වනචරයන්ට එරෙහිව අප එකතු විය යුතුයි. අපට සිදු කළ ඒ අපරාධයට යුක්තිය දිනාගත යුතුයි. එය කළ යුත්තේ ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකදී.

    පොහොට්ටුවේ ඊළඟ ඡන්ද පොරොන්දු අතරින් මුලින්ම තියෙන්න ඕනා මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතාන්ත්‍රික නිදහස සපුරා ආරක්ෂා කරන බවට වෙන පොරොන්දුවයි.

    ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් නිසා ඕනෑම මිනිහෙකුට ව්‍යවස්තානුකූලව තමන් කැමති නීත්‍යානුකූල දේශපාලන මතයක් දරන්න අයිතිය සහ නිදහස තිබෙනවා. ඒ අයිතිය සාහසික ලෙස උල්ලංඝනය කරනවා නම් ඒ කරන ත්‍රස්තයන් වහාම සහ දැඩිව පාලනය කරන බවත් එයට පිළිගත හැකි ක්‍රමවේදයකුත් ඉදිරිපත් කළ යුතුයි.

    ඒ නිසා පොහොට්ටුවේ පාක්ශිකයන් අන්න ඒ මූලික වගන්තිය වෙනුවෙන් පෙළගැසිය යුතුයි. අප දේශපාලන වශයෙන් පොහොට්ටුවට විරුද්ධව කටයුතු කළත් මේ කරූණේදී අපත් පොහොට්ටුවේ පාක්ශිකයන්ට සහාය ලබාදෙන බව කිව යුතුයි.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න