.

.

Oct 7, 2023

ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

 



ඊශ්‍රායල් ප්‍රහාරය, 9/11, 4/21(පාස්කූ ප්‍රහාරය), 

හමාස්, මොසාඩ් හා ඔත්තු සේවා.

➖➖➖➖➖➖➖➖➖💀➖➖


පලස්තීන හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කරපු අනපේක්ෂිත ප්‍රහාරයෙන් මුළු ලෝකයම හොල්මන් වෙලා ඉන්නේ..


ලංකාවේ උන් වගේම ලෝකේ සියළුම මාධ්‍යයත් අහන්නේ මොකෑ මොසාඩ් එකට මේක මීටර් වුනේ නැත්තේ කියලා...


ඉතින් ගොඩක් උන් අර හේමසිරි ප්‍රනාන්දු කියන අමු ගොබ්බයා කියපු කතාව ආයේ දාලා තිබ්බා... ගහයි කියලා කිව්වට... මෙහෙම ගහයි කියලා හිතුවේ නැතෙයි කියලා..


ඊශ්‍රායලට තියෙන එකම ගැම්ම... දැන් පක්ෂ විපක්ෂ මීඩියා හැම එකාම ඊශ්‍රායලය පැත්ත අරගෙන නෙතන්‍යාහූට සප් එක දෙන එක විතරයි....එයාලා කියන්නේ යුද්ධය දිනලා ඉවරවෙලා ඒ වෙච්ච වැරදි පස්සෙ කතා කරමු කියලා...


දැන් අපේ උන් හිතන්නේ මේක මොසාඩ් එකත් එක්ක එකතුවෙලා නෙතන්‍යාහුම දුන්න ගේමක් කියලා 😜


ඔය ලංකාවේ මොළ හදලා තියෙන හැටි....

9/11 එකත් එහෙම කියලා නේ අපේ උන් කියන්නේ...

පාස්කු ප්‍රහාරයත් එහෙමයි...

එහෙම වෙන්නේ ..... ඔහොම කියන අය හිතාගෙන ඉන්නවා FBI එකට මොසාඩ් එකට රෝ එකට ඔක්කොම අහු වෙනවා... එයාලා මාරයි කියලා....

එහෙම එකක් නෑ....


ප්‍රජාතන්ත්‍රවාදය හෝල් සේල් දෙන්න ගියාම ඔහොම පරිප්පු කන්න වෙනවා...


ලෝකය ... මේ ත්‍රස්තවාදීන් අලුතෙන් නිර්වචනය කර ගන්න ඕන...


මානව හිමිකම්, අදහස් ප්‍රකාෂ කිරීමේ නිදහස, මාධ්‍ය නිදහස කියන දේට මුවාවෙලා ටෙරාලා ගේම් දෙන්නේ...


ඉතින් ඕවා මහා ඉහලින්ම තියෙනවයි කියන රටවලට ගිහින් උන්ගේ මූලස්ථාන ඒ රටවල දාලා... උන්ට එරෙහිව ක්‍රියා කරන රටවල හමුදාවලට, දේශපාලන නායකයන්ට ජිනීවා ඇවිත් ගේමත් ඉල්ලනවා. හමාස් එකට උදව් කරන්නෙත් උන්මයි...


ජිනීවා සහ දියුණුයි කියන රටවල කියවීම අනුව ... ඇටෑක් එකක් කරන... මරාගෙන මැරෙන එකා විතරයි ටෙරා වෙන්නේ...


ඔක්කෝම එකතු වෙලා... ත්‍රස්තවාදීයා කියන්නේ මොකාද කියලා අලුතෙන් නිර්වචනය කරලා.... අලුතෙන් නීතී රීතී ගේන්න ඕන...


නැත්නම් ඉතින් ත්‍රස්තවාදීන්ම සෙට් එකක් එනවා ටයි කෝට් දාගෙන ජීනීවා වලට උන්ගේ රටවල හමුදාවන්ටයි පාලකයන්ටයි කෙලින්න. 


මෑතකදී පෝලන්ත නායකයා යුරෝපා සංගමෙදී මේ බව ප්‍රසිද්ධියේ කිව්වා.


මෙහෙත් ඉන්නවා... රටට අම්මට හැමිනිලාම ගියත්.. ඕවා මහා ඉහලින්ම වන්දනා කරන... ත්‍රස්තවාදීන්ගෙන් කන බොන ... මූසල හැත්තක්...


උන් තමා ICCPR එකට විරුද්ධව...

ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව...

සමාජ මාධ්‍ය නියාමනයට විරුද්ධව ...

පෙලපාලී යන්නේ, උද්ඝෝෂණ කරන්නේ, සමුළු තියන්නේ... ෆෝරම් තියන්නේ....


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතුලට ගත්ත උනුත්... නීතියේ තියෙන ඔය හිල් වලින් රිංගලා එලියට එන්නේ උන්ගේ පිහිට ආධාරයෙන්....


හොඳම උදාහරණය ඊබ්‍රහිම් ගම්මිරිස් නානා...

මරාගෙන මැරෙන උන් තුන් දෙනෙක් එක්ක එක ගෙදර උන්න ඌ... 

බබා...

දැන් එලියේ...


ගෞරවයෙන් බුදු සරණයි..!


හදවතින්ම ශ්‍රී ලාංකිකයි ❤️

.

43 comments:

  1. අයිසේ මාතලන් ඉ ස්ස්ලා ම් අන්ත වාදය කියල එකක් නෑ මචං ඒව මේ රාජපක්ෂලා බලය ගන්න කරන වැඩ. මේකත් බොහෝ දුරට ප්ලස් තීන් වල ඉන්න බයියො ටිකකට සල්ලි දීල රාජපක්ෂලා කරපු වැඩක් වෙන්න පුළුවන් නේද මචං ? උඹේ highly intelligent perfecty high IQ extremely well educated wrong generation මොලයට මොකද්ද හිතෙන්නෙ ඒක ගැන? 🤔

    ReplyDelete
  2. ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව පරදවමු. සන්නද්ධ අරගලයකින් තොර ජයග්‍රහණයක් නොමැති බව තහවුරුය.

    පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින් ලෙයින් යකඩින් මර්ධනය කිරීම ආරම්භ කර ඇත.

    පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය සමග ඊශ්‍රායිල ව්‍යප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින පලස්තීන හමාස් විමුක්ති සටන්කාමින්ගේ රහසිගත හමුවක් පැවැත්වුණි. ඒ අනුව පක්ෂ සන්නද්ධ කාඩර්වරුන් ගාසා තීරය වෙත නික්ම යෑම ආරම්භ කොට ඇත. හමාස් විමුක්ති සටන්කාමින් සමග එක්කාසුව සටන් වදිනු ඇත. අප හිතවත් හිස්බුල්ලා සංවිධානයද සිය සන්නද්ධ කාඩර්වරුන් ඊශ්‍රායිලයට එරෙහිව සටන් කිරීමට ඒවා ඇත.

    'ඉන්දීයානු ව්‍යාප්තවාදයට එරෙහිව අභිතව සටන් වදින කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්' ගේ රහසිගත හමුවක්ද ඒ සමග පැවැත්වුණි. ඔවුන්ද සිය කාඩර්වරුන් ගාසා තීරයට එවමින් පවතී. එසේම චෙච්නියානු ගරිල්ලන්ගේ සහයද, අයර්ලන්ත ගරිල්ලා සංවිධානයේ සහයද හමාස් විමුක්ති සංවිධානයට ලැබීමට නියමිතය.

    විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් මුල සිටම අප පක්ෂ සන්නද්ධ අංශය සමග වැඩ කරයි. එම කාඩර්වරුන්ද ඔවුන් සමග හිතවත් හිස්බුල්ලා සංවිධානයේ සහයද ලබා ගැනීමට නියමිතයි.

    ඒ අනුව හමාස් සංවිධානය සමග පෙරටුගාමී පක්ෂ සන්නද්ධ අංශය, හිස්බුල්ලා සංවිධානය, කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්, චෙච්නියානු ගරිල්ලා සංවිධානය, අයර්ලන්ත ගරිල්ලා සංවිධානය, විමුක්ති කොටි සංවිධානයේ යුධ පුහුණව සහිත කාඩර්වරුන් එකතුව ඊශ්‍රායිල කුලී හමුදාවට පහර දී ගාසා තීරයේ සියලු මරමස්ථාන නැවත අල්වා ගැනීමට නියමිතය.

    සියලුම ඊශ්‍රායිල ද්‍රෝහීන්ට ඔවුන්ට ලැබිය යුතු දඩුවම අනුකම්පා විරහිතව ලබා දෙනු ලැබේ.

    ඒකාධිපති ඊශ්‍රායිල-ඇමරිකන් හමුදා ජුන්ටාව සන්නද්ධ අරගලයකින් පරදවමු. හිරු නැගෙනා විට බලය අල්වා ගමු.

    සටනේදී අරමුණ වෙනුවෙන් දිවි දෙන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    ReplyDelete
  3. මාතලන් හඬ නිහඬ කරන්නට තරම් සාහසික රටක් වන ලංකාවටත් ඔය වගේ අන්තවාදී ත්‍රස්තවාදය ඒතරමටම දුර නෑ නේද?

    මාතලන් කලින් පෝස්ටුව තුල කතා කරපු ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත ලංකාවේ ඇස් පේන බොහෝ දෙනෙක්ට වඩා විෂය දැනුමක් තිබුණ කෙනෙක්. මම ඉන්දිකව දන්නෙ නෑ , දැකල නෑ. හැබැයි ඉන්දික මගේ කේන්රේ බලලා තියෙනව කිහිප සරයක්. ඒක මට ඉන්දික හරී කියන්න හේතුවක් නෙවෙයි.

    ජ්‍යොතිෂය , තර්ක ශාස්ත්‍රය, මහායාන සහ ථෙරවාදය , සමයාධ්‍යයනය වගේ විෂයන් ගැන ඉන්දිකට ඉතා ඉහළ කියවීමක් තිබුණා. කියවීම කියන වචනය සාධාරණ නොවුණත් ඉන්දික අයත් වන differently abled කායික නොහැකියා කුලකයට ඒක ගලපගන්න. බයිබලය ගැන, ථෙරවාද ත්‍රිපිඨකය ගැන, කුරානය ගැන ඉන්දිකගේ විවේචන ඒවා ඉන්දිකගේම වුණත් නොවුණත් ආගමික සමාජය අවදි කරන්න තරම් වුණා. අන්ධයෙක් වුණත් අසා ඉගෙනගන්නෙක් වුණත් ඉන්දික, බලා ඉගෙනගන්නා බොහෝ දෙනෙක්ට වඩා කුශාග්‍ර බුද්ධියක් සහිත වුණා.
    ඉන්දික ඉතාම දක්ෂ ජ්‍යොතිෂය වේදියෙක්.

    පහුගිය කාලෙ අන්ධ නමුත් ඉහළ දැනුමක් ඇති ඉන්දිකව සාහසික ෆේස්බුක් සමාජය මීම් එකක් කළා. ඉන්දික මීම් එකක් වෙන්න මූලිකම හේතුව වුණේ අන්ධ වීම. නැත්නම් ඉන්දික ඇරෙන්න ඕනෙ තරම් ජ්‍යොතිෂයකාරයො ලංකාවේ හිටියා.

    ඇස් අන්ධ මිනිහෙක්ගෙන් ඇස් පේන මිනිස්සු අනාගතය අහනව කියල විහිලු කළා.

    ලංකාවේ මෝඩ මිනිස්සු තරම් බටහිර විද්‍යාත්මක නැහැ බටහිරවත්. ලංකාවේ මිනිස්සු එච්චර ඕලෙවෙල් මට්ටමේ විද්‍යාව අනුව බටහිර තර්කයෙන් දේවල් ගැන බලන විජ්ජාන්නයො. ලංකාවේ මිනිස්සු හිටි හැටියේ බුදු හාමුදුරුවන්ගෙ බුද්ධත්වය ආකිමිඩිස් නියමෙන් හරි නිව්ටන්ගේ යල්පැනගිය ඕලෙවෙල් මට්ටමේ පෞරාණික භෞතිකයේ ගුරුත්වාකර්ෂණ වාදෙන් ඇත්ත කරන්න යනව, නැත්නම් බොරු යි කියනව. මේ ගොබ්බ විජ්ජාඥ සමාජයේ බොහෝ අය ඒ නිසා අන්ධ ඉන්දික ගාව තිබ්බ පෙරදිග දැනුම ජෝක් එකක් කළා. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ ලංකාවේ මාර පොරවල් උනේ ජෝකර්ලා, මීම් රිවීව් කරන හාදයො. ඉන්දිකලා ජෝකර්ලා වුණා.

    ඉන්දික බයිබලය ගැන කරපු විවේචන වලට කතෝලික සහ ක්‍රිස්තියානි සමාජයේ උගත්තු ප්‍රති තර්ක ගෙනාව. ඉන්දික ථෙරවාද ත්‍රිපිඨකය ගැන හොඳ විවේචන මතු කළා. ඒ ගැන බෞද්ධ උගතුන් ප්‍රති උත්තර දුන්නා.

    ඒ වගේම ඉන්දික කුරානය ගැනත් සංවාදශීලීව විවේචනයක් කළා. ඔන්න එතකොට නම ඉන්දිකව රක්ෂිත බන්ධනාගාරෙට දැම්මා. ඉන්දික අන්ධයෙක්.ඉන්දිකගේ සන්නිවේදන ක්‍රමය වුණේ හඬ. ඉන්දික ගෙ එකම සන්නිවේදන ක්‍රමය වුණේ හඬ. ICCPR පනත හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 15 හරි කියන්නෙ මිනිස්සුන්ට කතා කරන්න බැරි වෙන්න කටට ඉබ්බො දාන්න ගෙනාව නීති නෙවෙයි . මිනිස්සුන්ට කතා කරන්න අයිතිය තියෙනවා. නිදහස තියෙනව. ICCPR කියන්නේ ඒ නිදහස අයුතු විදිහට තේරුම් අරන් සමාජය අවුල් කරනවනම් කෙනෙක් , ඒ කෙනාට දෙන බෙහෙතක්. නමුත් කාලයක් තිස්සෙ අපේ රටේ ICCPR කියන්නෙ මානව හිමිකම් මුවාවෙන් නීතිය අවභාවිතා කිරීමක්. ICCPR පෙත්ත ලංකාවෙ ඕවඩෝස්.

    යම් ආගමක් ගැන සංවාදයක් තියෙනවනම් ඒ ගැන විසංවාදයක් ගේන එකයි ශිෂ්ඨකම. සංවාදයකට යම් ආගමක් විවෘත නැත්නම්, ප්‍රශ්න කරන්නේ නැත්නම්, සිතීමේ නිදහස අහුරනවනම්, ඒ ආගම ආගමක් නෙවෙයි. බොරුවක්, අපරාධයක්, මිත්‍යාවක්. නරුම කමක්. සාහසික කමක්. තිරිසන් කමක්. ඒක ඉස්ලාම් ආගමට විතරක් ලඝු කරන්නෙ නැහැ. ඕනෑම ආගමක් ගැන ඒ ආගමේම කෙනෙක්ට උණත් අනාගමිකයෙක්ට වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕනෙ ඒ ආගමේ තියෙන කරුණු.

    බුද්ධාගමේ විශ්වයේ සැකැස්ම ගැන , ඒ බුද්ධ වචනය ගැන ලෝකයේ පිහිටීම ගැන කිව්ව බුද්ධ භාෂිතය ගැන, අපාය ගැන, දිව්‍යලෝක ගැන මිනිස්සු ප්‍රශ්න අහන්න ඕනෙ. ප්‍රශ්න වලට හොඳ සහ හරි උත්තර නොලැබුණොත් ඒ ආගම බුදුන් වහන්සේ දේශනා කළ එක ද, ජේසුස්වහන්සේ දේශනා කළ එක ද, මුහම්මද්ගෙ එකද, වෙන කාගෙ හරි එකක් ද නැහැ එතනින් ගැලවෙන්න නිදහසක් තියෙන්න ඕනෙ . මුස්ලිම් ආගමේ නබිතුමා එයාගෙ යාලුවා අබු බකර්ගෙ වයස අවුරුදු 6 පොඩි දුවව මුහම්මද්ට වයස අවුරුදු 53 දි කසාද බැන්ද එක ගැන , කසාද 12ක් කරගත්‍ත එක ගැන , වහබ්වාදයට පාර කපන කුරාණ පාඨ ගැන ප්‍රශ්න අහන්න ඕනෙ (මේවා ගැන සමහර උගත් මුස්ලිම් අය උත්තර දීලා තියෙනවා) . බයිබලයට අනුව ලෝකෙ රොටියක් වගේ තැටියක් ද? නෝවගෙ බෝට්ටුවෙ Dreadnoughtus වර්ගයේ ඩයිනසෝර්ලා දෙන්නෙක් හිටියද ? මැමත්ලා හිටිය ද ? සර්ව බලධාරී දෙවියන්වහන්සේ ලෝකෙ මැව්වනම් දෙවියන්වහන්සේ ව මැව්වෙ කවුද ? මිනිස්සු ප්‍රශ්න කරන්න ඕනෙ. ආගමික සමාජය උත්තර දෙන්න ඕනෙ. දෙන්න බැරිනම් අකුලගන්න ඕනෙ.නැත්නම් උත්තර නැහැ කියල පිළිගන්න ඕනෙ. ඒත් නැත්නම් උත්තර දෙන එකෙන් වැළකිලා නිහඬ වෙන්න ඕනෙ.

    තමන් පිළිපදින, සරණ ගිය, අදහන ආගම ගැන තාර්කික ප්‍රශ්නයක් අහද්දි ඒකට "අම්මෝ මෙන්න ICCPR කඩනෝ" ගාගෙන ප්‍රශ්න අහන කෙනාගෙ කට වහන එකනම් එකම ගැලවීමේ ක්‍රමය මොකක් ද එහෙම සමාජෙකින් ඇති තේරුම ? උපතින් අරන් ආව ආගම ම ඇත්තයි කියල පිළි අරන් ඒක මත්තෙම ජීවත් වෙලා එකාට එකා නැතුව ගහගෙන මරා ගෙන?

    ReplyDelete
    Replies
    1. නතාෂා එදිරිසූරිය ගැන වුණ ප්‍රශ්නෙ වෙලාවෙ "මචං මොකක් ද අර නතාශා ගැන අදහස" කියල කෙනෙක් අහුවනම් මගේ උත්තරය වුණේ " සිද්ධාර්ථ කියන්නෙ සුද්ධෝදනගෙ කොල්ලා තමයි" බන් කියන එක. බෞද්ධයෙක් වෙන මම සිද්ධාර්ථ කුමාරයා, මහබෝසතානන් වහන්සේ කිව්ව පළියට, සුද්ධොදන රජ්ජුරුවෝ කිව්ව පළියට අනිත් හැම මනුස්සයෙක් ම එහෙම කතා කරන්න ඕනෙ නෑ. බෞද්ධයෙක් විදිහට ඒ මිනිස්සු කර්ම රැස් කරනව කියල අයින් උනා නම් කොහෙවත් ඉන්න ගෑනියෙක් බුදු හාමුදුරුවෝ නිසා හිරේ විලංගුවෙ වැටෙන්නෙ නෑනෙ. පව්!

      මේ ලෝකෙ ශුද්ධ ග්‍රන්ථ කියලා ජාතියක් නෑ. තිබුණෙත් නැහැ. එහෙම තියෙනවනම් ශුද්ධ ග්‍රන්ථ කියල නම දාලා පොතක් ලියන්නයි තියෙන්නෙ. පොතක් ශුද්ධද නැද්ද කියන එක අදහන්නාට සාපේක්ෂයි. මම බෞද්ධයෙක් නම් මම කවදාවත් කියන්නෙ නෑ පරම සත්‍ය තියෙන්නෙ බයිබලේ කියලා. මම කතෝලික නම් කවදාවත් කියන්නෑ පරම සත්‍ය තියෙන්නේ කුරාණෙ හරි වේදයේ හරි කියල. මට මගේ ඇදහීම ඇත්ත. මම අනාගමික නම් මට ඒ මතය ඇත්ත. බෞද්ධයො හිතනවා බෞද්ධ ඇත්ත කතෝලිකයොත් පිළිගන්න ඕනෙ කියල. ඉස්ලාම් අය හිතනවා ඉස්ලාම් ඇත්ත හින්දු අයත් පිළිගන්න ඕනෙ කියලා. එක එකා එක එකාගෙ ආගම ගැන මෙහෙම හිතලා හිතලා කෙළවර වෙලා යුද්ධ කරන්න ගන්නව.

      බෞද්ධ ඇත්ත ඇත්තයි කියල බෞද්ධයා පිළිගත්තම ඇති. වෙන ආගමක කෙනෙක් බෞද්ධ ඇත්ත තමයි ඇත්ත , මෙච්චර කල් ඇත්ත කිව්වෙ වැරදි එකකට කියල හිතල ඇත්ත මාරු කරනවනම් ඒක ඒ මනුස්සයගෙ අයිතිය. ඇත්ත කියල එකක් නෑ කියල කෙනෙක් කිව්වොත් ඒක ඒ මනුස්සයාගෙ මතය. ආගම්, දේශපාලනය, දැනුම, මතවාද ප්‍රශ්න කරන්නෙ නැතුව හරි මධ්‍යස්ථ විවේචනයක් නොකර හරි ඒවා පිළිගන්න යන්න එපා. ආගම්, දේශපාලනය , දැනුම ඕනෙම වෙලාවක නොබියව , ප්‍රචණ්ඩ නොවී ප්‍රශ්න කරන්න. ඒක ඔබට තියෙන අයිතියක්. ඔයාට තියෙන අයිතියක් ගැන නීතියට බය වෙන්න එපා. උසාවියට බය වෙන්නත් එපා. නීතිය හරි උසාවිය හරි නෙවෙයි ඔයාට අයිතීන් දුන්නේ. නීතිය සහ උසාවිය තියෙන්නෙ ඔයාගෙ අයිතිවාසිකම් රකින්න.

      පොතක නමක් ඉස්සරහින් ශුද්ධ වූ කියල හරි, නම පිටි පස්සෙන් වහන්සේ කියල හරි තිබ්බ පළියට ඒකෙන් කියවෙනව නම් ඒකෙ තියෙන කරුණක් ප්‍රශ්න කළොත් ICCPR එකෙන් 10 කට අච්චු කරනව කියල, මම පෞද්ගලිකව හිතන්නෙ නැහැ එහෙම ගෝත්‍රික සමාජයක මානව හිමිකම් කියන වචනෙවත් කතා කරන්න සුදුසුයි කියල. ඔය ශුද්ධයි කියන පොත් ඇතුළෙ තියෙන දැනුම් දේහය එක තැනකට ගෙනල්ලා කෑල්ලෙන් කෑල්ල ගලවලා බලන්න ඕනෙ කියලා කෙනෙක්ට හිතෙනවනම් ඒ කෙනා අන්ධ උනත්, ගොළු උණත්, බීරි උනත් , කොර උණත්, බකල් වුණත්, වපර උණත් ගොත උණත් ඒ මිනිහා බුද්ධිමත් නිවහල් මනුස්සයෙක්.

      ලෝකෙ මෙච්චර දවසක් කලුවට දැක්ක මනුස්සයෙක් ට කලුවර කාමරයක් කියන්නෙ විහිලුවක්. ඒත් එක මිනිහෙක්ගේ නිදහසට අයිතිවාසිකම් වලට තර්ජනයක් වෙනවනම් ඒක මානව වර්ගයාටම ප්‍රශ්නයක් .

      ඒ නිසා නතාෂා වෙනුවෙන් වුණා වගේම ඉන්දික වෙනුවෙනුත් යුක්තිය අවශ්‍යයි නේද?

      Delete
  4. මාතා ඊශ්‍රායලය ඇතුළට පැනලා ඔවුන්ගේ ගැහැණුන්ට ගහලා අත් බැඳලා “අල්ලාහු අක්බර්” කිය කිය වහලුන් වගේ කුදලාගෙන යනවා ඔබ දැක්කද?

    ඒ වගේම ඊශ්‍රායලය ඇතුළට විනාඩි 20 ක් ඇතුළත රොකට් ප්‍රහාර 5,000 ක් ගැහුවා. දේශසීමා මායිම් තාප්ප කඩාගෙන ඊශ්‍රායලය ඇතුළට ආවා. හමාස් ත්‍රස්තයන් පැරෂූට් ග්ලයිඩර්වලින් අහසට නැගලා ඊශ්‍රායලයට ගොඩ බැස්සා. මුහුදෙන් ආවා බෝට්ටුවලින්. ඊශ්‍රායල් හමුදා කඳවුරු අල්ලගත්තා. පොලීසි අල්ලගත්තා. දකින දකින යුදෙව්වට වෙඩි තිය තිය යනවා. දොරවල් කඩාගෙන පුද්ගලික නිවාස ඇතුළට ඇවිල්ලා දරුවන් මහල්ලන් කියලා නොබලා ඝාතනය කරනවා.

    දෙදහෙන් පස්සේ ඉපදුණු ලංකාවේ මටසිළුටු කොල්ලන්ට කෙල්ලන්ට කියන්න ඕනේ, ඔහොම තමයි කිරි පුතේ ලංකාවත් 2009 ට කලින්. දෙමළ කොටි ත්‍රස්තයන් හදිස්සියේම කඩා පැනලා දළදා මාළිගාවට බෝම්බ ගැහුවා. මහබැංකුවට බෝම්බ ගැහුවා. ශ්‍රී මහා බෝධිය ළඟ වැඳ වැඳ හිටිය බෞද්ධයන් දහස් ගණනකට වෙඩි තිබ්බා. ඉන් 185ක් එතනම මළා, කටුනායක ගුවන්තොටුපළට රිංගලා ප්ලේන් දෙකඩ කැඩෙන්න බෝම්බ ගැහුවා. ඩිංකි ප්ලේන්වලින් මහ රෑ ඇවිල්ලා කොළඹ බිල්ඩින්වලට ගැහුවා. දරුවන්ගේ අම්මලා තාත්තලා, දෙමව්පියන්ගේ දුවලා පුතාලා කීතු කීතු වෙන්න බස්වල, දුම්රිය ස්ථානවල බෝම්බ ගැහුවා. පැය කිහිපයක් විදුලිය නැතිව ඉන්න බැරි, පෙට්‍රල් ඩීසල් ෆුල් ටැංක් ගහගන්න පෝලිමේ ඉන්න බැරි ගෝල්ෆේස් අරගලය කරපු කුක්කු පැටව් ඒ අතීතය දන්නේ නැහැ. ඒ නිසා ඊශ්‍රායල-පලස්තීන යුද්ධය දිහා හරි ටිකක් බලන්න. දෙවෙනි ඉනිමම බල බල ඉන්නේ නැතුව

    ඊටත් කලින් හිටියා කිරි පුතේ ජේවීපී කියලා ත්‍රස්ත කල්ලියක්. 1971 උන් ඔය වගේම පොලීසිවලට පැනලා තුවක්කු අරගෙන අහිංසක මිනිස්සුන්ට වෙඩි තියලා බැංකු මංකොල්ල කාලා ජවුසමක් නැටුවා. ඊට පස්සේ ඒ ජේවීපී ත්‍රස්තයන් 88-89 මහ රෑ ගෙවල්වලට පැනලා අහිංසක මිනිස්සු අල්ලගෙන ගිහිල්ලා අතපය ගැටගහලා වෙඩි තියලා ඝාතනය කළා. මිනී පෙට්ටිය දණහිසෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ. කඩවල් ඇරගෙන හිටපු මිනිස්සු ඝාතනය කරලා පාර මැද්දේ ප්‍රදර්ශනය කළා. උඹලගේ ආච්චිලගේ සීයලාගේ අයිඩෙන්ටිටි කාර්ඩ් බලෙන් ගත්තා. බස් ගිනි තිබ්බා. ඩිපෝ ගිනි තිබ්බා. දේශීය කර්මාන්තශාලා ගිනි තිබ්බා. හරියටම මැයි 9 වැනිදා කළා වගේ. ට්‍රාන්ස්ෆොර්මර් පිපිරෙව්වා. අපි දවස් ගණන් විදුලිය නැතුව හිටියා කිරි පුතේ, මැටි දුවේ. ඒ සාහසිකයන් දැන් මේ රට සංවර්ධනය කරන හැටි ගැන අපිට බන කියනවා.

    ලංකාවේ යුද්ධය අවසන් කළේ මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ කියන අසහාය දේශපාලන හා පරිපාලන නායකයන් සහ ඔවුන්ගේ නායකත්වයෙන් දිවි පරදුවට තබා ක්‍රියාත්මක වුණු රණවිරුවන්. 2009 න් පස්සේ මරබිය නැතුව හුස්ම ගන්න පුළුවන් නිදහස දිනා දුන්නේ ඔවුන්. වසර තිහකට පසුව මුළු ජනරජයටම ප්‍රජාතාන්ත්‍රික නිදහස ලැබුණේ ඔවුන් නිසයි.

    කිරි පුතාලට මැටි දුවලට පැය 24 ම ටික්ටොක් කර කර යූටියුබ් බල බල ඉන්න පුළුවන් වුණේ එදා ඒ මිනිස්සු කළ කැපකිරීම නිසයි. “අට පාස් ආමිකාරයා” කියලා අරගල කුඩ්ඩො කුඩ්ඩියො බැනපු රණවිරුවා තමයි උඹලගේ අම්මලාගේ තාත්තලාගේ ජීවිත ආරක්ෂා කළේ. ගෝල්ෆේස් එකේ ජවුසන් නටන්න උඹලා කරුමෙට හරි ඉපදුනේ ඔවුන් නිසයි.

    ජීවිතේ අභියෝග ගැන උඹලා මොනවද දන්නේ! දුක් විඳීම ගැන උඹලා මොනවද දන්නේ! සිහින බොඳවීම ගැන උඹලා මොනවද දන්නේ! නිදහස, ප්‍රජාතන්ත්‍රය, අයිතිවාසිකම් ගැන උඹලා මොනවද දන්නේ! උඹලා මහා දුර්වල ගුණමකු නිවටයන් පමණයි. අපි අපේ ජීවිතවල සැබෑ යුද්ධයක් අත්විඳලා තිබෙනවා. පබ්ජී ගහන්න කරන්ට් නැති වුණා කියලා අරගල කරපු නෝන්ඩි පරම්පරාවක් උඹලා. එහි විපාක දැන් මුළු රටම අත් විඳිනවා. ඊළඟ පරම්පරාව උඹලට සාප කරනවා. ඒක හොඳයි.

    දුර්වල මිනිසුන් විසින් අමාරු කාල හදනවා. අමාරු කාල නිසා ශක්තිමත් මිනිස්සු හැදෙනවා. ඒ ශක්තිමත් මිනිස්සු නැවත හොඳ කාලයක් හදාවී.

    ReplyDelete
  5. මාතමචෝ ඊජිප්තු හමුදා සොල්දාදුවෙක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊශ්‍රායල සංචාරකයන් හත් දෙනෙක් ඊජිප්තුවේදි මරුට කියලා නිව්ෂ් එකක් දැකල මේ කියන්නේ.

    මොහොමඩ් ඉෆ්තිකාර් නැමැති වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකාර සෙබලා පලා ගොස් සැඟව තිබෙන බව වාර්තා වේ.

    ReplyDelete
  6. මාතේ ලංකාවේ ලිබරල් වාමාංශික කොටස් ඇතුලු ලංකාවේ සම්ප්‍රදායික වමේ උන් පලස්තීනෙට සපෝට් කරන්නෙ LGTV අයිතිවාසිකන්, ෆෙමිනිස්ම් වලට සපෝට් කරන ගමන්. ඒ උනාට පලස්තීන් උන් කවදාවත් ඕවට එකඟ වෙන්නෙ නෑ. පලස්තීනේ උන්ට කවදාහරි නිදහස හම්බෙලා උන්ට ඕන විදියට රට රන් කරන්න පටන් ගත්තම ඔය වමේ ඔක්කොම උන් අනිවාර්යෙන් අනිත් පැත්ත ගහනව. පලස්තීනෙට සපෝට් කරන වමේ උන්ගෙයි මගෙයි වෙනස ඒකයි.

    ReplyDelete
  7. Npp අපි අපේ ප්‍රධාන අනුග්‍රහය සලසන (ළඟදී නිදහස් වූ) ඊබ්රාහීම් හජ්ජියාර් ගම්මිරිස් නානා සමග අපේ පලස්තීන සඕදරයන් සමගයි, ජය වේවා, අපේ විප්ලවීය ආචාරය!

    ReplyDelete
  8. මාතා ඊශ්‍රායල - පලස්තීන ප්‍රශ්නයේදී මු'ස්ලිම් අය පලස්තීන පාර්ශ්වය ගන්නේ, තමන් මුස්ලිම් හින්දා. ඔය ඊශ්‍රායලය මුස්ලිම් වෙලා, පලස්තීනුවන් යුදෙව් වුණා නම්, උන්දැලා ගන්නේ ඊශ්‍රායලයේ පැත්ත. ඒකෙ කිසිම සැකයක් නැහැ. මුසල්මානුවන් තරම් තමන්ගේ ආගමට/ අනන්‍යතාවට අතිශය අගතිගාමී ලෙස පක්ෂපාතීව ඕනම අපාරාධයක් සාධාරණීකරණය කරන ජනකොටසක් මුළු ලෝකයේම තවත් නැහැ.

    බහුතරයක් ජාතිවාදී සිංහලයන් ඊශ්‍රායලයේ පැත්ත ගන්නේ මුස්ලිම් උන් එක්ක තියෙන ඇරියස් එකට. එතකොට කපටි මහින්ද රාජපක්ෂ - සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක වගේ තක්කඩි දේශපාලනඥයන් පලස්තීන පැත්ත ගන්නේ මුස්ලිම් ඡන්ද ගැන තියෙන කෑදරකමට. ලංකාවේ යුදෙව් ඡන්ද නැහැනෙ.

    ඔය වගේ අගතීන් (prejudices) පැත්තකට දාලා හිතුවොත් ඊශ්‍රායල - පලස්තීන ප්‍රශ්නයේදී කාගෙ පැත්ත ගන්නද කියන එක හෙන සංකීර්ණ ප්‍රශ්නයක්.

    යුදෙව්වන්ගේ ඓතිහාසික මාතෘ භූමියක් ඔය පොළොවේ තිබුණ බව ඇත්ත. ඒක පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් සනාථ වෙලා තියෙනවා. ඒ හේතුව නිසා තමයි, ලෝකය පුරා විසිර සිටි යුදෙව්වන් 1881 සිට ඕක අස්සටම ආපහු ආවේ. නැතිනම් ලෙහෙසියෙන්ම ඇමරිකාවේ කොටසක යුදෙව් රට හදාගන්න තිබ්බා. එහෙනම් ඔහොම ගහ මරාගන්න වෙන්නෙ නැහැ.

    යුදෙව්වන් පලස්තීනුවන් සිටි භූමිය කෙමෙන් කෙමෙන් ඩැහැගත්තාය කියන එක ඇත්තක්. ලෝකයේ බොහෝ රටවල් එහෙම අනුන්ගෙන් ඩැහැගත්ත රටවල් තමයි. ඇමරිකාව ඩැහැගත්තේ රතු ඉන්දියානුවන්ගෙන්. ඕස්ට්‍රේලියාව ඩැහැගත්තේ ඇබොරිජියන් ගෝත්‍රිකයන්ගෙන්. නවසීලන්තය ඩැහැගත්තේ මයෝරි ගෝත්‍රිකයන්ගෙන්.

    මුස්ලිම් කියාගන්නා රටවල් පවා එහෙමයි. උදාහරණ කිහිපයක් කිව්වොත් ජෙරුසෙලම ඇතුළු පලස්තීන භූමිය ආක්‍රමණය කරලා මුසල්මානුවන් එය බයිසැන්ටියන් රෝම රාජ්‍යයෙන් ඩැහැගන්නේ 636-638 වසර වලදී. පර්සියාව (වර්තමාන ඉරානය) විනාශ කරලා මුස්ලිම් වෙන්න අකැමැති වූ සරතුස්ත්‍රා ආගම අදහපු පර්සිවරු මරා පලවා හැරලා ඒ රට ඩැහැගැන්ම කරන්නේ 633- 654 වසර වලදී. අද පර්සිවරු ජීවත්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සහ අවට. බංග්ලාදේශය ආක්‍රමණය කරලා එහි පාරම්පරික බෞද්ධයන් මරා චිතගොං දක්වා පලවා හැරලා තියෙන්නේ. මාලදිවයිනේ බෞද්ධාගම සම්පූර්ණයෙන් විනාශ කරලා ඩැහැගත්තා. මැලේසියාවෙත් එහෙමයි. පකිස්තානයෙත් (පුරාණ ගන්ධාර බෞද්ධ රාජ්‍යය) එහෙමයි.

    ඩැහැගත්ත රටවල් ආපහු දෙන්න ඕනෙ කියනවා නම් මුසල්මානුවන් ඉරානය භාරදෙන්න ඕන පර්සිවරුන්ට. බංග්ලාදේශය භාරදෙන්න ඕන චක්මා බෞද්ධයන්ට. ජෙරුසෙලම ඇතුළු පලස්තීනය අවට ශුද්ධ භූමිය භාරදෙන්න ඕන කිතුනුවන්ට. ඒවා එහෙම වෙන්නෙ නැහැනෙ.

    ඒක නිසා ඊශ්‍රායලය ආපහු අපිට දීලා පලයව් කියලා ඒ මත්තෙම නැහිලා සත පහක වැඩක් නැහැ. ඊශ්‍රායලය යථාර්ථයක් වෙලා ඉවරයි. සටන් කරලා ඒක නවත්තන්න තිබ්බේ දශක ගණනකට කලින්. පරක්කු වෙලා කරපු "සය දින යුද්ධය" වගේ සටන් වලින් මුසල්මානුවන් පැරදුණා. දැන් කෝච්චිය ගිහිල්ලා ඉවරයි. අද ඊශ්‍රායලය කියන්නේ ඉතාම නවීන, ප්‍රජාතන්ත්‍රවාදී, දැනුම සහ නවෝත්පාදනය මත පදනම් වූ, දියුණු බලවත් රටක්. න්‍යෂ්ටික ආයුද පවා ඔවුන්ට තියෙනවා.

    හැබැයි කෲර නිර්දය යුදෙව්වන් තමන්ගේ සුපුරුදු කෲරත්වය ප්‍රදර්ශනය කරමින් සීමාව ඉක්මවා ඉදිරියට ආවොත්, ඔවුන් මතක තියාගන්න ඕන හවාරා ගිවිසුම උල්ලංඝනය කරමින් කටයුතු කිරීම නිසා දෙවෙනි ලෝක යුද්ධයේදී ඔවුන්ට සිද්ධ වෙච්චි දේ.

    දෙවෙනි පාරටත් දෙවියන්වහන්සේගෙන් කන්න ලෑස්ති වෙන්න එපා කියලා තමයි ඉතින් ස්වාධීන නිරීක්ෂකයෙක් ලෙස කියන්න තියෙන්නේ.

    මම කියන දේ උන් අහන්න මම දෙවියන්වහන්සේ නෙවෙයි.

    ඒක මම දන්නවා.

    බෞද්ධයනි, දෙවියන්වහන්සේ කියලා කිව්වේ මහා විෂ්ණුට. උපුල්වන් දෙවියන්ට. නැත්නම් මහා බ්‍රහ්මයාට. නැතිනම් ධර්ම දෙවි නොහොත් යම රජ්ජුරුවන්ට. නැතිනම් ශිවට. නැතිනම් මාරයාට. නැතිනම් මල්හී විදින කාම දෙවියන්ට. නැතිනම් ස්වභාව ධර්මයට.

    කැමති නමක් දාගන්න.

    ReplyDelete
  9. හ්ම්, මට කියන්න තියෙන දේ "පක්ෂපාතීත්වය දුර්ලභයි, එහෙම කෙනෙක් හම්බ උනොත් තියාගන්න.."

    - Voltaire -
    (French writer)

    ReplyDelete
  10. කොමන්ට් දැක්කම පේනව අගම් අදහන මිනිස්සු හරිම බයානයි ,මැරයො වගෙ ,කිසිදු දරාගෑනීමක් නෑ ,කෙනෙක් විවිචනය කරනවා නම් එම විවෙචනය වැරැද්දක් ඇත්නම් එක තර්කයෙන් ඔප්පු කරල පෙන්නන්න , එහෙම නැත්නම් අපිටත් හිතෙන්නෙ ඉන්දික කියන කතාව ඇත්ත එ නිසා ආගමෙ නාමෙන් ඔනෙ මොඩ වැඩක් කරන මොඩයො පිරිසක් කුලප්පු වෙලා කියල හා දෙවියන්න කිසිදු දෙයක් කරගන්න බැරි නිසා දෙවියන් වෙනුවෙන් මිනිස්සු මරාගන්නව හැබැයි දෙය්යො නිකක් බලන් ඉන්නව

    ReplyDelete
  11. අද ඊශ්‍රායලය... හෙට? මම ආසාවෙන් බලාගෙන ඉන්නේ ප්‍රංශයේ ජර්මනියේ ඉන්න සහජිවන හුකාරිස්ලා තව ටික දවසකින් කන කැම බලන්න 😂

    ReplyDelete
  12. ⁣ලෝක වටෙ ඉන්න ඔක්කොම තො ප්පි මල්ලි ලාට වීසා දිලා ඊලඟට ඉල්ලගෙන කන්නෙ ඔස්ට්‍රේලියාව තමයි🙏

    මේ බලපන් මේක මාතලං

    https://fb.watch/nyG8JEymD-/?mibextid=eimWu5Utm3dJgHwj

    මේකත් බලපිය

    https://fb.watch/nyGaNK5nfF/?mibextid=eimWu5Utm3dJgHwj

    ඇයි,මේක:

    https://www.facebook.com/owais.razvi.9/videos/1020321365878743/?app=fbl

    ReplyDelete
  13. ඊශ්රායෙල් ප්‍රහාරයට පෙර ලංකාවේ සාලෙ නන්දසේනයගේ උපදෙස් මත ඊශ්රායෙලේ සුර්ය කාන්ත වත්තකදි හමාස් ප්‍රහාරකයින් සමග සකච්ජාවක් පවත්වා ඈති බව චෑනල් ෆො අනාවරණයක.

    ReplyDelete
  14. දැක්ක නේද එක වීඩියෝ එකක තිබුනා අම්මගේ ඇඟේ රෙද්දකින් බැඳලා චූටිම චූටි පොඩිඋන් දෙන්නෙක් වාහනේට විසිකලේ අම්මාත් එක්කම.

    මහලොකු විමුක්තිකාමින්.

    ගේදොර මංකොල්ලකාලා පැදුරැ කොට්ටපවා උස්සං ගියා.

    ReplyDelete
  15. "පලස්තීනයේ ත්‍රස්තවාදීන් නෑ. ඒවා සංහිදියාව කඩලා යුදෙව් ජාතිවාදය ගේන්න කියන බොරු කතා. මේ ප්‍රහාරය පසුපස ඉන්නේ විපක්ෂයේ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නටවන මෝසාද් රාජ්‍ය බුද්ධි අංශය මිසක් පලස්තීන සටන්කාමීන් නෙවෙයි."

    - ඊශ්‍රායල ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් -

    ReplyDelete
  16. ඔය කේස් එක පිටිපස්සේ ඉන්නේ ඉරානය සහ සමහරවිට රුසියානු චීන හවුලත් ඒක පසුපස ඇති, මෝඩ තකතිරු ජෝ බයිඩන් මුත්තාගේ ගොබ්බ පාලනය විසින් නිකම්ම ඉල්ලගෙන කන්න පටලවාගෙන යන අර අනවශ්‍ය යුක්රේන යුද්ධය නිසා දැනටමත් හොඳම එකෙන් හෙම්බත් වෙලා ඉන්න බටහිර යුරෝපීය නේටෝ රටවලට සහ එක්සත් ජනපදයට තව ඩොලර් බිලියන ගණනක අතිවිශාල වියදමක් සෙට් වෙයි මේකෙන්, දැනටමත් ඊශ්‍රායල අගමැති අයන් ඩෝම් පද්ධතියට මිසයිල ගොඩක් මිල අධික නිසාත් අධික ප්‍රමාණයක මිසයිල ඕන නිසාත් විශාල ලෙස වියදමක් යන නිසා තවත් ඩොලර් බිලියන දෙකක පමණ ආධාරයක් එක්සත් ජනපදයෙන් ඉල්ලලා කරදර කරන බව කියනවා, ඔය අස්සේ ෂේප් එකේ රුසියාව සහ චීනය ඉරාන ලෙබනන සිරියා ඉරාක පලස්තීන හවුලට ආධාර කරාවී, ඒකෙන් ඊශ්‍රායල භූමියට විශාල ලෙස හානි වේවි, අනික දිගටම යුද්ධ වලට පැටලෙන එක බටහිර නේටෝ කණ්ඩායමටත් අතිවිශාල පිරිවැයක් සහ අභියෝගයක් වේවි

    ආරංචි හැටියට සිරියන් ආමි එකේ ඩිවිශන් දෙකක් ගෝලාන් කදුකරය පැත්තට මොබිලයිස් කරලා.

    තාමත් දකුණු ඊශ්‍රායල්වල බරපතල විදියට සටන් ඇවිලෙනවා. ඔහොම යනකොට එකපාරටම ෆුල් ස්කේල් ඇටෑක් එකක් එයිද දන්නෑ තුන් පැත්තෙන්ම... එහෙම නේද පේන්නේ? මේ ගැන මාතලන් ඇත්තටම හිතන්නේ මොකක් වේවි කියල ද?

    ReplyDelete
  17. ඔහොම තමයි බන් ටයිටැනික් නැව ගිලෙන බවත් කෙනෙක් දැන හිටියා කියලා කතාවක් තියෙනවා නේ, කතාව මෙහෙමයි එක්තරා වයසක පුද්ගලයෙක් ටයිටැනික් නැව ගිලෙන බව කලින්ම දැනගත්තා..

    ඉතින් එහෙම දෙයක් දැනගත්තාම ඒක අනිවාර්යයෙන්ම අනිත් අයට කියන එක හොඳයිනේ.

    මේ මනුස්සයාත් ඉතින් ඉක්මණට ඉක්මණට හැම කෙනෙක් ළඟටම ගිහින් කිව්වා “මේ නැව ගිලෙන්න යන්නේ” කියලා. ඒත් කවුරුවත් ගණන් ගත්තේ නැහැ.

    සමහරු ඔහුට හිනාවුණා. අහක බලා ගත්තා. ඒත් ඔහු තමන්ගේ ව්‍යර්ථය අතහැරියේ නැහැ. දිගින් දිගටම කෑ ගසමින් අනිත් අය දැනුවත් කළා.

    මේක කරදරයක් ලෙස සලකපු මිනිස්සු මේ ගැන පොලීසියට දැනුම් දුන්නා. ඊට පස්සේ පොලීසියෙන් ඇවිත් මේ මනුස්සයාව ෆිල්ම් හෝල් එකෙන් එළියට ඇදලා දැම්මා කියලයි කතාවේ තියෙන්නේ, ඒකයි ලෞකික ස්වභාවය

    ReplyDelete
  18. 'ලොව කොයිබටද යන්නේ?' යනු විමසන්නේ
    රුදුරු සැහැසිකම් නොපනත් බව දන්නේ
    අපි අපි ගැනම අපි නැත තවමත් දන්නේ
    මිනිහත් තිරිසනෙකි, මිහිපිට වැජඹෙන්නේ

    ReplyDelete
  19. ඊශ්‍රා යේල් දියුණු වගේම ජීවිත වලට වටිනාකමකුත් තියෙන බව හම්මාස් දන්නව. හම්මාස් කඳයි බඩයි විතරයි, නැති වෙන්න දේකුත් නෑ. යුද්දේ තමා එහෙම අයගේ එකම විසඳුම.

    ReplyDelete
  20. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

    අනුරාධපුරයේ දී රිය අනතුරකට ලක්වු ඔහු කොළඹ ජාතික රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ මාස 14ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියේය.

    ReplyDelete
    Replies
    1. ජැක්සන් ඇන්තනී ජේ්‍යෂ්ඨ රංගවේදියාණෙනි...,,,🙏🌷❤😥

      මම දන්න විදිහට අද්විතීය කළාකරුවා.
      හොද පියෙක්,
      හොද ගුරුවරයෙක් ,
      ජැක්සන් ඇන්තනී කලාකරුවන්ට මඩ ප්‍රචාර එල්ල උනත් නොසැලි ඉදිරියට ගිය මිනිසා,
      "ඇදක් ඔහු වෙනුවෙන් වෙන් කරලා ජිවිතය කවදා හරි බේරෙයි කියලා මේ වෙනකල් හිටියේ කවුරුත් නොදන්නවා උනාට ඔහු ලංකාවට වැදගත් පුද්ගලයෙක්", අපේ රටේ ගවසම්පතට ඒක තේරුම් ගන්න බැරි එක ගැන කනගාටුයි...😥😥😥
      මොන දේශපාලන තරාතිරමක හිටියත් මට ඔහු පට්ට නලුවෙක්,
      එච්චරයි...!!!🙏🌷❤😥

      ඔබේ දහම අනුව සාමයේ සැතපේවා ජැක්සන් ඇන්තනි කළාකරුවාණනී 🙏

      මේ රටේ නැවත ඉපදෙන්න එපා. කිසිම කෙලෙහි ගුණයක් නැති රටක ඔබ නැති අගය කවදා තේරුම් ගනීද...😥😥😥

      මගේ දහම අනුව ඔබට නිවන් සුවය අත්වේවා...!!!🙏🌷😥

      Delete
  21. සිත කැලඹුනේ, ඇයි නොම දැනේ. කළ දෙයක් ද, අරුමයක්ද, මට සිතාගන්න නොහේ.

    අපේ කලාවේ Legend, අපි එනකල් බලං හිටියට ඔබ අද නික්ම ගිහින්. ශ්‍රීලංකා ඉතිහාසයේ නොමැකෙන නාමයන් අතර ඔබ සදා ඉදීවි.

    ඔබට සුබ ගමන් ජැක්සන්, ප්‍රතාපවත් පනාපුත්‍ර කුහුඹුපැණියා කලාකරුවානෙනි 🙏😞

    ReplyDelete
    Replies
    1. @ anno

      ජැක්සන් රාජපක්ෂලට කඩේ ගියා තමයි.
      ________👇👇_________
      අනුර ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ ම කඩේ ගියෙත් ඒ රාජපක්ෂටම තමයි. .

      Delete
  22. මේකට එකඟයි

    ///මෙහෙත් ඉන්නවා... රටට අම්මට හැමිනිලාම ගියත්.. ඕවා මහා ඉහලින්ම වන්දනා කරන... ත්‍රස්තවාදීන්ගෙන් කන බොන ... මූසල හැත්තක්...

    උන් තමා ICCPR එකට විරුද්ධව...

    ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව...

    සමාජ මාධ්‍ය නියාමනයට විරුද්ධව ...

    පෙලපාලී යන්නේ, උද්ඝෝෂණ කරන්නේ, සමුළු තියන්නේ... ෆෝරම් තියන්නේ....

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතුලට ගත්ත උනුත්... නීතියේ තියෙන ඔය හිල් වලින් රිංගලා එලියට එන්නේ උන්ගේ පිහිට ආධාරයෙන්....



    හොඳම උදාහරණය ඊබ්‍රහිම් ගම්මිරිස් නානා...

    මරාගෙන මැරෙන උන් තුන් දෙනෙක් එක්ක එක ගෙදර උන්න ඌ...

    බබා...

    දැන් එලියේ...///


    ඕක තමයි ත්‍රස්තයන්ගේ හැකියාව. තව දෙයක් ළමයි සහ ගැහැණුන් යොදාගැනීම ගැනත් කියන්න ඕන
    හේතුව LTTE එක ළමයි තමයි ඉස්සරහට දැම්මේ , කාන්තාවෝ තමයි මරාගෙන මැරෙන්න එව්වේ බෝම්බ බැඳලා , ගිය 2019 ලංකා අයිඑස් අන්තවාදීනුත් ළමයි සහ බඩදරු මවුවරු යොදාගෙන මරාගෙන මැරුණා, ඊටත් පස්සේ ලංකාවේ ගිය වසරේ පැවති ගෝල්ෆේස් ත්‍රස්ත අරගලෙත් ළමයි වඩා ගත්තු ගෑනු සෑහෙන්න රැඟුවා , ඒ වගේම NPP - JVP පෙළපාලි වල ඉන්නෙම ළමයි සහ ගෑනු . ත්‍රස්ත ස්වභාවය ඒකයි

    ReplyDelete
  23. ඔය කතාවේ අවසානෙට කියන්නට ඕනේ අයින්ස්ටයින් කියනවා 4 වන ලෝක යුද්ධය ගල් හා මුගුරු වලින් කියන්නේ,, 3 වන ලොක යුද්ධයක් ඇති උනොත් මුලු ලෝකෙම විනාස වෙනවා කියන එක,, මේ වෙන්නේත් ඒක වගේ නේද?

    ReplyDelete
  24. ඊශ්‍රායෙලය වටේට ම තියෙන්නෙ හතුරු රටවල්. උන් ඔක්කොම එකතු වුනොත් ඊශ්‍රායෙලය එක දවසකින් ඉවර වෙනවා. නමුත් ඇමරිකාවට තියෙන බය නිසා එහෙම වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් , ඇමෙරිකා එක්සත් ජනපදය සහ western media වලින් තමයි ඊශ්‍රායල් ඔය තරම් ප්‍රභල කරලා තියෙන්නේ. 70ගණන් වලින් පස්සේ මෙහෙයුම් ගොඩක් fail වුනා. ප්‍රසිද්ධ උනු කරපු ඒවගෙත් අවුල් film වලින් පෙන්වන්නේ නැහැ.

      කෙසේ වෙතත් අන්තවාදයට, මූළදර්මවාදයට පහසුවෙන් convert වෙන්න පුළුවන් ආගමක් තියෙන රටවල් අතර ඔය වගේ න්‍යෂ්ටික බලය රටක් තියෙන එක ලෝකයට හොඳයි. ඊශ්‍රායලයට මැද පෙරදිග වඩා ත් ම පුළුල් සහ වැඩිම අරමුදල් සැපයන ඔත්තු සේවා තියෙන්නේ. ඒ නිසා ඊශ්‍රායලයේ අභ්‍යන්තර ඔත්තු සේවය වන ෂින් බෙට්, බාහිර ඔත්තු ඒජන්සිය වන මොසාඩ් සහ ඊශ්‍රායල් ආරක්ෂක අංශ සතු සියලු සම්පත් ඒකාබද්ධ කර ගනිමින් දැරූ ප්‍රයත්නයන් තිබියදීත් එම ප්‍රහාරය එල්ල වන බවට කිසිවෙකුත් නොදැන සිටීම පුදුමසහගත නොවෙන්නේත් නැහැ.

      Delete
  25. ලංකාවේ පාස්කු ප්‍රහාරයේ සිට කුරුන්දි සහ උතුරු ,නැගනහිර බෞද්ධ උරුමය විනාශ වෙද්දී .ලංකාවේ ලිබරල් හිකනල්ලු සහ වම්මු ගන්නේ අන්තවාදීන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ පැත්ත .එවගෙම් ලංකාවේ කළු කෝට් සංගමයත් ඉන්නේ ත්‍රස්තයන් සහ අන්තවාදීන් වෙනුවෙන් .

    අප මෙය බරපතල ලෙස සංවාදයට ලක් කල යුතු දෙයක් .

    ReplyDelete
  26. @ Jackson fans

    ජැක්සන් ගැන බොරු වර්ණනා ලියන්න ඕන නෑ. ඔහු තවත් එක් ඕවර් ඇක්ට් කරන දක්ෂ නළුවෙක්. හැම චරිතයක්ම එක වගේ. මුල්ම කාලයේ වේදිකා සහ ටෙලි නාට්‍යවල නම් ඔහුගේ කිසියම් නිහතමානීකමක් තිබිණි. නමුත් පසුව ඔහු කැමරාව ඉදිරියේ හැසිරුණේ සියල්ල දත් පණ්ඩිතයෙකු විලසිනි. ඔහු බොහෝ පොතපත කියෙව්වා වන්නට පුළුවන. නමුත් දැනුමෙන් මුහුකුරා යන්නන් ඒ යත්ම වී ගස් මෙන් නිරහංකාර විය යුතුය.

    අරගලයට සමගාමීව ජැක්සන්ට එරෙහිව විරෝධයක් පැන නැගිණි. ඒ ඔහු රාජපක්ෂ හිතවාදියෙකු ලෙස සමාජයේ තිබුණු පිළිගැනීම නිසාය. රණවිරු රියල් ස්ටාර් ඒකේ ජාතික රූපවාහිනිය තුල මහින්ද රාජපක්ෂ දුටුගැමුණු රජුගේ ලේ ඥාතියෙකු යැයි බොරු කතාවක් කීවේ ඔහුය. එවැනි මෝඩ කතාවලින් වැඩිපුරම හානිය වුණේ මහින්දටමය. ඒවා චාටු කතාය. ඒවා මුරුංගා අත්තේ නග්ගන කතාය. රාජපක්ෂලා නිසා ජැක්සන්ට විශේෂ වරප්‍රසාද හිමි වුණාද කියා මා දන්නේ නැත. නමුත් ඒ පිටට පෙන්නුව සම්බන්ධය නිසා ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී කඳවුරේ විශේෂ ආදරයක් ජැක්සන්ට හිමි වූ බවත් සත්‍යයකි.

    එහෙව් ජැක්සන් අවසානයේ බෞද්ධ සිංහල නායක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දියත් කළ සාහසික පරජාතික අරගලයට සහාය දක්වා ඇඟ බේරාගන්නට හැදුවේය. මට නම් ජැක්සන් මැරුණේ එදාය. කැමරාව ඉදිරියේ වීර චරිත රඟපෑවාට සැබෑ ලෝකයේ එන පීඩනය දරාගත නොහැකි බියගුල්ලෙකු වූ ජැක්සන් මුදලට විකිණුනු අනෙකුත් තුට්ටු දෙකේ නළු නිළියන්ගෙන් වෙනස් නොවන බව ඉන් ඔප්පු කළේය. මිනිසෙකු මැනිය යුත්තේ සියල්ල හොඳින් සිදුවෙන විට ඔහු හැසිරෙන ආකාරයෙන් නොව, සියල්ල නරකට සිදුවෙන විට ඔහු හැසිරෙන ආකාරයෙනි.

    ජැක්සන්ගේ දරුවන් කරළියට එන්නේ ජැක්සන්ට පින් සිද්ධ වෙන්නටය. කුඩා කල සිටම රූපවාහිනියට ඔවුන් එන්නේ එම වරප්‍රසාදය අතැතිවය. මෙරට සුවහසක් දක්ෂ දරුවන්ට එවැනි වරප්‍රසාදයක් නැත. හරි නම් ඔවුන් ඒ නිසා වඩාත් නිහතමානී විය යුතුය. නමුත් ජැක්සන්ගේ දරුවන් ජැක්සන්ටත් වඩා අති පණ්ඩිත අහංකාර සෙවලයන්ය. ඔවුන් ජැක්සන්ව අනුකරණය කරන ඕවර් ඇක්ටින් දඟලානාලාය. එවැනි වරප්‍රසාදිත ඔවුන් ගෝල්ෆේස් අරගලයට ගොස් දැමූ විකට ජවනිකාවට දෙරණ දිලිත්ගේ සම්මාන උළෙලේ හොඳම හාස්‍ය රංගනයට දෙන සම්මානය දිය යුතුය.

    අරගලයට ගිය නළු නිළියන් එහෙම ගියේ සැබැවින්ම දුක් විඳින ජනතාව වෙනුවෙන් නම් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුය. සමහරු ගියේ ප්‍රේක්ෂකයන්ගෙන් කොන් වේවී කියන බයටය. සමහරු ගියේ මුදලටය. සමහරු ගියේ ජොලියටය. ඒවා තනිකර බොරු රඟපෑම් බව ඔප්පු වෙන්නේ අරගලයෙන් පසුව ඔවුන් හැසිරෙන ආකාරය දකින විටය. දුක් විඳින ජනතාව තවමත් කොතෙකුත් සිටී. නමුත් අර නළු නිළියන් පාටි දමමින්, මෝස්‌තර කරමින්, කෑම මේසවල පින්තූර දමමින්, දකින්නට අප්පිරිය ඇඟවල් එළියේ දාගෙන බෝට්ටුවල එල්ලෙමින් ඒ දුක් විඳින ජනතාවට කොකා පෙන්වයි. නළු නිළියන් විශ්වාස කරගෙන අරගල කළ මෝඩ ජනයා ඒවා බලමින් සතුටු වෙයි.

    ජැක්සන් අනතුරට ලක්වූ මුල් දවස්වල ජැක්සන්ගේ දරුවන් දැමූ රංගනය ඊටත් වඩා විශිෂ්ටය. ජැක්සන් වෙනුවෙන් ශ්‍රී මහබෝධියට පූජාවක් කිරීමත් ඔහුගේ දරුවන්ට තවත් ෆොටෝ ෂූට් එකක් විය. “ඇක්ෂන්” කියා ඩිරෙක්ටරයා බෙරිහන් දුන් විට වහාම දාන පොඩි ඇක්ටින් පාරක් විය. එතැන් පටන් අද දක්වා ජැක්සන්ගේ දරුවන් ඉදිරිපත් කළ විශිෂ්ට රංගනයට සම්මාන පිට සම්මාන දිය යුතුය. මන්ද විටෙක කඳුළු පිරි දෙනෙතින් ජැක්සන් ගැන කතා කරන පුත්‍රයා පහුවදා සිය ප්‍රියම්බිකාව සමග පිටරට සවාරි යන ගමන් සතුටින් ඉන්නා සෙල්ෆි ගසා දමයි. එවැනි පුතීලා දුවීලා ලද ජැක්සන් මහා පුණ්‍යවන්තයෙකි... තමන්ට සියල්ල ලබාදුන් තාත්තා සිහිසුන්ව රෝහලේ වැතිර සිටිද්දී එවැනි ගොන් පාර්ට් දැමීමට සාමාන්‍ය දරුවන්ට නම් නොහැකි බව කිව යුතුයි.

    ReplyDelete
  27. මාතලන් දන්නවද හනන්‍යා නැෆ්තාලි ..ඊශ්‍රායල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් සහ ස්පෝක්ස්මන් කෙනෙක්.පහුගිය දවස් දෙකේම යුද්ධයේ රියල් ටයිම් අප්ඩේට් ගොඩක් මෙයාගේ ට්විටර් එකේ ගියා.

    ඊශ්‍රායලයේ හැම පුරවැසියෙකුම වගේ හනන්‍යාටත් දැන් අනිවාර්යයෙන්ම හැම පුරවැසියන්ටම කරන්න වෙන යුද සේවයට යන්න වෙලා.

    මම මේ කල්පන කළේ ලංකාවේ මෙහෙම වෙලා "ලකේ පංකාවේ රැඩිකල්, නිරාගමික මීහරක් සෙට් එකටත් යුද්ධයට යන්න වුනා නම් කියලා 🤣

    ලංකාවේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වැඩියි මුන්ට 🤌

    ReplyDelete
  28. හනේ හපොයි ,ලෝක බලවතුන්ගෙ බල අරගල නිසා පොඩි රටවල් කවදත් තැලෙනවා. රුසියාව , අමෙරිකාව , චීනය ඉන්දියාව කියල වෙනසක් නෑ.🙂 අමෙරිකාවේ ගොන් තකතිරු වැඩ නිසා තැලෙන තැලුන රටවල් සෑහෙන්න ලෝකෙ තියෙනව. රුසියාව නිසත් සමහර වෙලාවට එහෙමයි. අපි වගේ පොඩි පොඩි සිප්පි රට වල ගොඩක් උන්ට ඒක තේරෙන්නෙ නෑ ලංකාවේ උන් කරන්නෙ එක එක ලොකු රටවලට වහල්කම් කරන්න පටංගෙන උන්ගෙ සපෝට් ලෝක බලවත් රටට කඩේ ගිහින් උන්ගෙ හතුරො ටිකට බනින්වා😂. ලංකාවේ ගොනුන්ගේ විභවය නම් අන්තිමයි බුද්දිමත් ඕනෙ එකෙක්ට තේරෙන්වා දැනට ඇමෙරිකාව ,රුසියාව,චීනය ඔන්න ඔය මූල 3 නේ තියෙන එකිනෙක පරයා තමන්ගෙ බලය පෙන්නන්න භූ දේශපාලන යුද්දෙන් බැට කන්නෙ ආගම , ජාතිය , තත්ත්වෙ , මාන්නෙ ඔලුව උඩ 1. ට තියන් ඉන්න පොඩි පොඩි රටවල් ටික , ඒවගෙනුත් ටිකක් විභවයක් තියෙන මිනිස්සු ඉන්න රටවල් ශේප් එකේ ඉන්නවා. ලංකාවේ උන් එක්කො රුසියාවට බනිනවා නැත්තම් ඇමෙරිකාවට බනිනවා නැත්තම් චීනෙට බනිනවා . බනිනව නම් බැනපන් ඔය ලෝක බලවත් කියන ඔක්කොටම 🙂 මොකද උන්ගෙ බල අරගල නිසා තමා ඔය ලංකාව වගේ පොඩි රට වල පවා දේශපාලන වෙනස් වීමක් උනත් වෙන්නෙ .මොලෙන් ගන්න පුළුවන් දේවල් වල පරාසය ගැන ලංකාව වගෙ රටවල ඉන්න උන් දන්නෙ නෑ. උන්ව රවට්ටන්න හරි ලේසි.👍බලහන් ඔය අරාබිකරේ ඉන්න පොඩි දුප්පත් රටවල් ආගම විකුනල ඕනෙ දෙයක් කරගන්න පුළුවන් , ආසියවෙ ජාතිය විකුනල ඕනෙ දෙයක් කරන්න පුළුවන් , ඒ පොයින්ට් ඔක්කොම අල්ලන් ඉන්නෙ කපටි බුද්දිමත් මිනිස්සු උන්න ලෝක බලවත් රටවල් ඒවගෙනුයි සල්ලි වලිනුයි ලෝකෙපුරා ඕනෙ දෙයක් කරන්න පුළුවන් නිසායි ඔහොම උන් රඟන්නේ.

    ReplyDelete
  29. මාතලන් හමාස් සටන්කාමීන් යනු කාටද? ඔවුනට සහාය දෙන්නේ කවුද? මේ දේවල් ගැන ලියන්න ඕන නේද?

    මම දන්න විදියට 2007 වසරේදී ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ තිබෙන ගාසා තීරයේ බලයට පත්වෙන හමාස් සංවිධානය යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලින් බහුතරයක් ත්‍රස්ත සංවිධානයක් ලෙස වර්ගීකරණය කර තිබේ. නොර්වේ සහ ස්විස්ලන්තය මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හෝ දේශපාලනික සංවිධානයක් ලෙස පිළිගෙන නොමැති අතර ඔවුන් පමණක් මධ්‍යස්ථ මතයක සිටියි.

    බොහෝ පිරිසක් මෙම සංවිධානය රැඩිකල් ඉස්ලාමීය සංවිධානයක් ලෙස හඳුන්වනු ලබන අතර මම අවධානය යොමු කරන්නේ එම සංවිධානයේ ආරම්භය සහ එය නිර්මාණය වූ ආකාය පිළිබඳවයි.

    හමාස් සංවිධානයේ බිහි වීම

    ඊශ්‍රායලය සමඟ පලස්තීනය සාමය ඇති කරගත් අවස්ථාව (1993) වමේ සිට පිළිවළින් ඊශ්‍රායල අගැමති යිට්ෂක් රාබින්, ඇමෙරිකානු ජනපති බිල් ක්ලින්ටන් සහ පලස්තීන අග්‍රාමාත්‍ය යසර් අරෆතත්

    හමාස් සංවිධානය බිහි වන්නේ 1980 වසරේ දීය. පලස්තීනයේ සිටි විශිෂ්ට පාලකයෙකු වන දිවංගත යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) මෙම හමාස් සටන්කාමීන්ගේ නිර්මාණයට මුල සිටම විරුද්ධව සිට තිබේ.

    බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ අරෆත්ගේ පී.එල්.ඕ සංවිධානයට ප්‍රතිවිරුද්ධව නැගී සිටිය හැකි ලෙස හමාස් සංවිධානය නිර්මාණය කිරීම පිටුපස ඊශ්‍රායලය සිටි බවයි. එමෙන්ම මෙම හමාස් සටන්කාමීන් නිර්මාණය කිරීමේදී ඊශ්‍රායලය සැලැකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ බවටද සඳහන් වුණත් ඊශ්‍රායලය එම චෝදනාවන් සහ මතයන් ප්‍රතික්ෂේප කර තිබේ.

    පී.එල්.ඕ මෙන් නොව හමාස් සංවිධානය ඊශ්‍රායලයට පැවැත්මක් ඇති බවට පිළිනොගන්නා කණ්ඩායමකි. හමාස් සංවිධානයේ ලාංඡනයෙන් පවා ඇත්තේ ජෙරුසලමේ ඇති පූජනීයම ස්ථානයක් වන කන්ද මත ඇති ගෝලාර්ධයාකාර දේවස්ථානය වන අතර ඊශ්‍රායලයට නැගෙනහිර ඉවුරේ ඇති ගාසා තීරය සහ බටහිර ඉවුරේ ඇති පලස්තීනය එකම රටක් ලෙස ඔවුන් දැඩිව විශ්වාස කරති.

    1987 වසරේ දී පලස්තීනය විසින් ඊශ්‍රායලයට එරෙහිව ආරම්භ කළ පළමු ඉන්ටිෆාඩාව (කැරැල්ල) අවසන් කරමින් 1993 වසරේ දී ඔස්ලෝ ගිවිසුම මඟින් යසර් අරෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල්ඕ) ඊශ්‍රායලය සමඟ සාමය ඇති කරගත්තේ ය. නමුත් හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සිය සටන දිගටම කරගෙන යන ලදී.

    ReplyDelete
    Replies
    1. ඉන් අනතුරුව 2006 වසරේ ගාසාවේ පැවැති මහා මැතිවරණයෙන් හමාස් සංවිධානය බහුතර බලයක් සහිතව ජයග්‍රහණය කරනු ලබන අතර ගාසා තීරයේ බලය හමාස් සංවිධානයට හිමි විය. බටහිර ඉවුරේ බලය මහමුද් අබ්බාස් යටතේ ෆටා පක්ෂය විසින් පාලනය කරගෙන යනු ලබයි.

      හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යමින් කියා සිටියේ එය “ආත්මාරක්ෂාව” වෙනුවෙන් ක්‍රියා කරන බවයි. මෙම සංවිධානය 2008/09, 2012 සහ 2014 දී ඊශ්‍රායලයේ ත්‍රිවිධ හමුදාවට එරෙහිව දැඩි සටනක නිරත විය.

      ගාසා තීරයේ තත්ත්වය මොන වගේද?

      ගාසා තීරය ඉතාමත් කුඩා භූමියක් වන අතර එම හේතුවෙන් එය ලෝකයේ ජනාකීර්ණම ප්‍රදේශයක් ලෙසද සලකනු ලබයි. ඊශ්‍රායලයට සහ ඊජිත්තුවට මැදිව තිබෙන මෙම ප්‍රදේශය එක් පසකින් සාගරයට කොටුවී තිබේ. මෙම ප්‍රදේශයට විශාල ආර්ථික ශක්තියක් නොමැති බවට වාර්තා වන අතර එම ප්‍රදේශයේ රඳා පැවැත්ම බොහෝ විට විදේශයන්ගෙන් ලැබෙන මානුෂීය සහයෝගය මත රඳා පවතී.

      හමාස් බොහෝ විට සිය ප්‍රහාරාත්මක මෙහෙයුම් ජනාකීර්ණ ප්‍රදේශවල ක්‍රියාත්මක කරමින් සිටින අතර ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කරන්නේ ද එම ප්‍රදේශයන්වල සිටය. එමෙන්ම මහල් නිවාසවල අණ දෙන ස්ථාන ක්‍රියාත්මක කරගන යනු ලබයි. මේ නිසා සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස හමාස් සංවිධානයට භාවිත කිරීමට හැකියාව ලැබී තිබේ.

      හමාස් සංවිධානයට සහයෝගය දෙන්නේ කවුද?

      හමාස් සංවිධානයට සිටින ප්‍රධානතම මූල්‍ය සහායකයා සහ විදේශීය සගයා වන්නේ කටාර් රාජ්‍යයයි. කටාරි එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි 2012 දී හමාස් රජයට ගිය පළමු රාජ්‍ය නායකයා ද වෙයි. ගාසා තීරය වෙත කටාර් වෙතින් ඩොලර් බිලියන 1.8ක ආධාර පවා ලබා දී ඇති බව සඳහන් වෙයි. එමෙන්ම ඊශ්‍රායලයද ඇමෙරිකාවේ මැදිහත් වීම මත ඒබ්‍රහම් ගිවිසුම හරහා කටාර් රාජ්‍ය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන්.

      කටාර් රාජ්‍ය අමතරව තුර්කිය ද හමාස් සංවිධානයට සහාය ලබාදෙන රටක් වන අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කිරීමට මොහොතකට පෙර පැවති සාකච්ඡාවලදී තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් විසින් හමාස් සංවිධානයට දේශපාලනික සහාය ලබාදෙන බවට පවසා තිබුණි.

      මෙන්ම ජර්මනිය මූලික කරගත් සංවිධානයන්වලින් ද හමාස් සංවිධානයට මූල්‍ය සහාය ලබාදෙන අතර හමාස් හී බොහෝ මූල්‍ය කොටස් ජර්මනිය තුළ පවතින බවටද මතයක් පවතී.

      හමාස් සංවිධානයට රොකට් ප්‍රහාරක බලයක් ලැබුණේ කොහොමද?

      හමාස් සංවිධානය මේ වන විටත් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර 2000කට වඩා එල්ල කර තිබේ. හමාස් සංවිධානයට බොහෝ අවස්ථාවල මෙම රොකට් සැපයීම ඉරානය විසින් සිදුකරන බව සඳහන් වෙයි. එමෙන්ම ජර්මානු මිසයිල තාක්ෂණය පිළිබඳව විශේෂඥයෙකු වන ෆේබියන් හින්ස් පවසා සිටියේ හමාස් සංවිධානය සිය ප්‍රහාරක ගබඩා පහසුකම් පුළුල් කරගෙන ඇති බවයි.

      හමාස් සටන්කාමීන් සතුව රොකට් 5000ක් හෝ 6000ක් අතර ප්‍රමාණයක් ඇති බව සඳහන් වෙන අතර හමාස් සටන්කාමීන්ට සහාය ලබාදෙන ජීහාඩ් සටන්කාමීන්ට තවත් රොකට් 8000ක ප්‍රමාණයක් ඇති බවත් වාර්තා වෙයි.

      ඉරානය විසින් සපයන රොකට් බොහෝ විට සුඩානය හරහා හෝ ඊජිත්තුව හරහා ගාසා තීරයට ගෙන එන බවට වාර්තා වන අතර 2019 වසරේ දී සුඩාන ආඥාදායක පාලකයෙකු වූ ඕමාර් අල් බෂීර් නෙරපා හැරීමෙන් පසුව මෙම කටයුත්ත අපහසු වී ඇති බවත් සඳහන් වෙයි.

      කෙසේ වෙතත් ජර්මානු මිසයිල විශේෂඥයා සැක පළ කරමින් පවසා සිටින්නේ බොහෝ විට හමාස් සටන්කාමීන් විසින් ගාසා වෙරළට ආසන්න ප්‍රදේශයක රහසිගතව බාහිර සහායක් ඇතිව මෙම රොකට් නිෂ්පාදනයේ නිරත වන බවයි.

      Delete
  30. USA Financially, politically and militarily weak at this moment.

    USA has never been this weak on any day throughout last century.

    ReplyDelete
  31. මාතේ කට්ටියක් ආතල් කතාවක් කියෝනවා හමාස් එක ගහන බව මොසාඩ් එක දැනන් උන්නය​... ඒත් ගහන්න දුන්නය​... ඊට පස්සෙ ගාසා තීරය අතුගාලා දානවය​... ඊට පස්සෙ හමාස් පිටිපස්සෙ හිටියෙ ඉරානෙ කියල උන්ට ගහන්න පොටක් පාදගන්නවය​... ඊට පස්සෙ ඇමරිකාව ආදී රටවල් එකතුවෙලා ඉරානෙට ගහලා එහෙ ඉස්ලාමීය ආණ්ඩුව පන්නනවාය ආදී වශයෙන්. 😂

    මරු කතාව​...

    ඒ සේරම හරි කියමුකො. මට තියෙන ප්‍රශ්නෙ, ස්ටේජ් එකකට නැග්ගාම බහින පැත්තවත් මතක නැති අවුරුදු අසූව පැනපු සිහිකල්පනාවත් නැති සුප්‍රීම් කමාන්ඩර් කෙනෙක් එක්ක ඉරානෙට ගහන්නෙ කොහොමද ආයිබෝං? හරිම ලොල් සහගතයි නේද?

    ReplyDelete
  32. "ඊස්රාඒල හමුදා විසින් අල්ලා ගත් පලස්තීන් විමුක්ති සටන්කරුවන් නිදහස් කරන්න. ඔවුන් අහිංසකයි. ඔවුන් නොදැන පාවිච්චි වෙලා. මේ ප්‍රහාරයේ මහමොලකරුවන් හොයන්න."

    - ඊශ්‍රායේල් කාදිනල් -

    ReplyDelete
  33. ඊශ්‍රායල - හමාස් යුද ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ගොස් තිබේ.

    මේ අතර හමාස් සංවිධානය අවධාරණය කර ඇත්තේ, අනතුරු ඇඟවීමෙන් තොරව ගාසා තීරයට එල්ල කරන සෑම ගුවන් ප්‍රහාරයකටම එක් ප්‍රාණ ඇපකරුවෙකු බැගින් මරා දමන බවටය.

    හමාස් සටන්කරුවන් ඊශ්‍රායල භූමියට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරම්භ වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම අද වනවිට සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

    හමාස් ප්‍රහාරවලින් ඊශ්‍රායලය තුළ පමණක් පුද්ගලයින් 900කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    ඒ අතරට ඊශ්‍රායල වැසියන් මෙන්ම එහි රැඳී සිටි විදේශිකයින් ද අයත්ය.

    මෙම පිරිසට අමතරව තවත් සියය ඉක්මවූ පිරිසක් තවදුරටත් හමාස් ප්‍රාණ ඇපයේ පසුවන අතර ඔවුන් පිළිබඳ නිශ්චිත කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නැත.

    හමාස් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ගාසා තීරය වෙත අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් පවතී.

    එරට ගුවන් හමුදාව නිකුත් කළ එම ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය නිකුත් කර තිබේ.

    ගාසා තීරය ඉලක්ක කළ ප්‍රහාර මාලාව හේතුවෙන් එහි ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව තිබේ.

    ගාසා හි පිහිටි සරණාගත කඳවුරක් වෙතත් ගුවන් ප්‍රහාර එල්ල වූ බව ඊයේ වාර්තා වුණි.

    එමෙන්ම එහිදී මියගිය පලස්තීන වැසියන් ගණන 700ට ආසන්න ය.

    නොනැවතී එල්ල වන ප්‍රහාරවලින් සිවිල් වැසියන් වැඩි වශයෙන් මියයමින් පවතින බව ගාසා තීරයෙන් වාර්තා වේ.

    එහිදී අවතැන් වූ පිරිස එක්ලක්ෂ අනූ දහසට ආසන්න ය.

    එමෙන්ම මෙලෙස අඛණ්ඩව ප්‍රහාර එල්ල වුවහොත් එහි රෝහල් පද්ධතියට දරාගැනීමට නොහැකි වනු ඇති බව එහි වෛද්‍යවරුන් පවසයි.

    මෙවන් පසුබිමක ගාසා තීරය වෙත ජලය, ආහාර, විදුලිය සහ ඉන්ධන සැපයීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට ඊශ්‍රායල කටයුතු කළේය.

    ඊශ්‍රායල ආරක්ෂක ඇමති, යෝඇව් ගැලන්ට් ප්‍රකාශ කළේ,

    "ගාසා තීරය සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. විදුලිය නැහැ. ආහාර නැහැ. ඉන්ධන නැහැ. ජලය නැහැ. හැමදේම අවහිර කරනවා. අපි සටන් කරන්නේ මිනිස් වෙසින් ඉන්න සත්තු එක්ක."

    මේ අතර ඊශ්‍රායල භූමිය ඉලක්ක කරගත් හමාස් ප්‍රහාරයට දරුණු ප්‍රතිචාර දක්වන බව නැවතත් අවධාරණය කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූවා පමණක් බවය.

    කෙසේ නමුත්, ගාසා සිවිල් ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර නැවැත්වීමට කටයුතු නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට හමාස් සංවිධානය අනතුරු අඟවා තිබේ.

    අනතුරු ඇඟවීමකින් තොරව එල්ල කරන එක් ඊශ්‍රායල ප්‍රහාරයකට එක් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස මරා දමන බවද මෙහිදී ඔවුන් පවසා තිබුණි.

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හමාස් ප්‍රහාරය තරයේ හෙළා දැක තිබේ.

    කෙසේ නමුත් ගාසා තීරයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීම අවහිර කිරීමට ඊශ්‍රායලය ගත් තීන්දුව පිළිබඳ ඔහු සිය කනස්සල්ල පළ කළේය.

    මේ හේතුවෙන් එහි පවතින මානුෂීය අර්බුදය තීව්‍ර වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

    ReplyDelete
  34. Copied from තනි තරුව blog

    http://tharuwehi.blogspot.com/2023/10/blog-post.html?m=1

    //ඊශ්‍රායලය සහ හමාස් අතර බුර බුරා නැගෙන ගිනිදැල් අස්සෙ නිදාහිටි හිස්බුල්ලා නයිත් ඇහැරවාගන්නා මොහොතක මේ හිච්චි දූපතේද ත්‍රස්තවාදීන් (සමහරුන්ට දරුවන්ය, බබාලාය!) ගිනි තැබූ හැටිය මතක් කරදීමට හිතෙනවාය!

    යුරෝපා කොණක අවුරුද්දකට වඩා ඇවිලෙන යුද්ධයක් මදිවාට තවත් එකක් මෙහා ආසන්න කොණකින් ඇවිලෙනවිට ජාත්‍යන්තරයද ඇවිලීමට පටන්ගැනීම පුදුමයක් නොවේ. මන්ද යත්, යුධයට සම්බන්ධ වෙන දෙපාර්ශ්වය සමග කාගේ වත්තෙ මල් කඩන්නේ කීමට අහළ පහළ ඈයෝද බෙදීගොස් ද්විපාර්ශවික යුද්ධයක් කලාපීය ගෝලීය යුද්ධයක් බවට පත්වීමට ඇති හැකියාව නිසාය, අද ඊශ්‍රායලය වෙනුවෙන් සිටගන්නා ජාත්‍යන්තර ඇත්තෝද ත්‍රස්තවාදීන් වෙනුවෙන් සිටගන්නා ජාත්‍යන්තර ඇත්තෝද ශ්‍රී ලංකාව යන හිච්චි පිච්චි වැලි ඇටේ ත්‍රස්තවාදයකට එරෙහි යුද්ධයක් ඇතිවෙද්දි කොහේවත් ඇවිලිලි හදාගත් අවස්ථා ඇති නමුත් ඒ ශ්‍රී ලංකා රජය පැත්තේ සිටගෙන නොවේය!

    නෙතන්යාහු සමග මරාගත් මහජනයාද හමාස් ඉවර කළයුතුයැයි කියන්නේ ඊශ්‍රායලයේය, සිරි ලංකාවේ විපක්ෂය නං මෙලහකටත් කොටි බබ්බුන්ට කළා වාගේ හමාස් පැටියන්ට කිරි පොවා නලවනවාය, ජිනීවා යනවාය, මානව හිමිකම් යනවාය, උසාවි යනවාය, වේදිකා දෙවනත් කරනවාය, අරගල කරනවාය, පාර්ලිමේන්තුවෙ හූ කියනවාය!
    අනෙක නෙතන්යාහුගෙ "හැට නම ලක්ෂය" විතරක් හොය හොයා නොවේය හමාස් පහරදෙන්නේ! ලංකාවේ නං වෙන්නට තිබුණේ එහෙමය! එහෙම බැලුවාම පණ්ඩිත ඊශ්‍රායලයට ද හමාස්ලාට ද ශ්‍රී ලංකාවෙන් ඉගෙනගන්නට තිබූ දේවල් බොහොමය! සෙනසුරාදාට කලින් කීවා නං අපේ ඈයෝ ඕවා උගන්නා හදාගන්නවාය!

    ලංකාවේ මායිම් ගම්මාන, ප්‍රධාන නගර, කොළඹ එක හා සමානව භීෂණයට ලක් කළ ත්‍රස්තවාදීන්, ඊළමක් ඉල්ලන එල්ටීටීඊය පමණක් නොවේය! න්‍යායාත්මක හීන රාජ්‍ය පෙන්වා නොමග යැවූ තරුණ පරම්පරාවන් අතකොලු කරගත් ජනතා "විමුක්ති" පෙරමුණ හෙවත් ජවිපෙ හෙවත් වෙස් පෙරලූ ජාතික ජන (ජඩ?) බලවේගය හෙවත් ජාජබ (ජයනු සංඛ්‍යාව ජල්බරි සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකය!) ද ඒ ලැයිස්තුවේ සිටී! කොටි පැටව් දරුවන්ද හමාස් බබාලා ලෙසද මේ ඇත්තන්ට පෙනුණොත් පුදුම විය යුතු නැත.

    මෙහෙ භීෂණය ඇවිලෙන කාලයේ තාක්ෂණය නොදියුණු නිසා කොටින්ගෙත් ජවිපාවුන්ගෙත් ම්ලේච්ඡත්වය හරිහැටි දැක බලාගන්නට ඊළග පරම්පරාවලට පමණක් නොව ජාත්‍යන්තරයටද අවස්ථාවක් නොලැබීම අවාසනාවක්ය. ඒත් තියෙන වාර්තා ටිකවත් නොබැලූ වහුපැටියන්ය විටින්විට අර ත්‍රස්තවාදීන්ද මනුෂ්‍යයෝය කියා පහන් පත්තු කරන්නට යන්නේ!
    යුද්ධ කතා එහෙමය! දැන් අපේ විශාරදයෝ හමාස්ලාද මනුෂ්‍යයෝය කියා කොළඹ වටරවුං ගානේ පහන් පත්තු කරනු බලන්නට මට පුදුමාකාර ආසාවක් ඇතිවේගෙන එනවාය!
    කරයිනේ? 😉

    - Aash Weerasinghe

    //

    ReplyDelete
  35. අමනාප වූ පෙම්වතිය ගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ගේට්ටුවෙ ඇල වූ බව කියන තරුණයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

    සැකකරු සන්තකයේ තිබී එම තරුණියගේ තවත් නිරුවත් ඡායාරූප 4 ක් විශාල කර සකස් කර තිබියදී සොයා ගත් පොලිසිය නිරුවත් ඡායාරූප ඇතුළත් කර තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    23 හැවිරිදි පසුවන පැමිණිලිකාරිය හා සැකකරු මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කර ඇති අතර පාසල් මිතුරෙකු වූ සැකකරු සමඟ මීට වසර එකහමාරකට පමණ ඉහතදී පෙම් සබඳතාවයක් හටගෙන තිබූ බව පොලිසිය කියයි.

    කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

    ReplyDelete
  36. බ්‍රිතාන්‍ය ලංකාව බලහත්කාරයෙන් අල්වාගෙන පාලනය කරන ගමන් ලංකාවට ඉන්දියාවෙන් දෙමල අය මිලියන ගණනක් ගෙනාවා. ඒයාලා ඉන්දියානු අනුග්‍රහය ඇතිව මුලු උතුරු නැගෙනහිර පළාත් දෙකම සහිතව රටෙන් තුනෙන් දෙකකට වඩා විශාල භූමියක් අල්ලගෙන සියයට දහයකටත් අඩු උතුරේ දමිළ ජනතාවට වෙනම රටක් හදන්න රටෙන් ගේම ඉල්ලලා යුද්ධ කරමින් ඉන්නකොට, රටේ අනෙකුත් පුරවැසියන් එකතුවෙලා ඒ ආක්‍රමනිකයන්ගෙන් තමන්ගෙ රට මුදාගන්න සටන්කරනකොට බටහිර එක්සත් ජනපදය බටහිර යුරෝපය ඇතුලු නේටෝ හවුලේ බටහිර ලෝකයම ආක්‍රමනිකයන්ගෙ පැත්ත අරන් හිටියා, තාමත් එහෙමම ඉන්නවා.

    ඔය මැදපෙලදිග පලස්තීන කේස් එකෙත් ආරම්භය කෙසේ වුනත් අද දෙරටේ ඉන්න මිනිස්සු ඒවට පලි නෑ.

    ඒ වගේම අහිංසක මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කිරීම ත්‍රස්ත පිළිකුල් ක්‍රියාවක් බවත් කිව යුතුයි.

    ReplyDelete
  37. කොයිතරම් අකමැති වුනත් යුද්ධය හා ගැටුම් ගැන කතා කරන්න සිදුවෙනව මාතලන්.

    යුද්ධයෙන් ජයග්‍රහන ලබන ඛාන්ඩ තුනයි මේ ලෝකෙ ඉන්නෙ.
    පලවැන්නා අවි ආයුධ වෙලෙන්දා.
    දෙවැන්නා ආගමික නායකයන්.
    තුන්වැන්නා දේශපාලන නායකයන්.
    මේ තුන්වැනි කාන්ඩෙ ඉහත කාන්ඩ දෙකටම අයිති වෙන්න පුළුවන්.

    සිරියා පලස්තීනා හෙවත් ඊශ්‍රායල භූමි ප්‍රදේශයේ ගැටුම්වල ඉතිහාසය ගැන අපි විස්තර කෙටියෙන් කතා කලා. ඒ නිසා සාමාන්‍ය අදහසක් ඒ ගැන තියනව.
    1948 ට කලින් ඊශ්‍රායල පලස්තීන භූමි ප්‍රදේශය හඳුන්වපු නම සිරියා ද පලස්තීනා හෙවත් පලස්තීනය.
    මේ ප්‍රදේශයේ ජීවත් වූ මුස්ලිම් අරාබි, ක්‍රිස්තියානි අරාබි හා යුදෙව් කියන ජන කොටස් තුනේම විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් වුනේ පලස්තීනය කියන නම.
    ඒ අනුව පලස්තීනය කියන්නෙ මුස්ලිම් අරාබි වරුන්ගේ රටක් පමණක් නෙවෙයි.

    ඉහත සිතියමේ පේන ආකාරයට වම් පැත්තෙ තියෙන්නෙ මධ්‍යධරනී මුහුද.
    ඊට අමතරව "ඊශ්‍රායල් පලස්තීන බිම් තීරුව" වටවෙලා තියෙන්නෙ ලෙබනනය.. සිරියාව.. ජෝර්දානය.. හා ඊජිප්තුව කියන රටවලින්. මේ රටවල් සියල්ලම මුස්ලිම් හෙවත් ඉස්ලාම් රටවල්. මේ අතරින් ලෙබනනයේ සැලකිය යුතු ප්‍රමානයක ක්‍රිස්තියානි ආගම අදහන ජන කොටස් ජීවත් වෙනව.

    ඉහල සිතියමේ අංක එක විදිහට සටහන් වෙන්නෙ ගැලීලි මුහුද. අංක දෙකේ තියෙන්නෙ මල මුහුද. ගැලීලි මුහුදේ සිට මල මුහුද දක්වා දිවෙන්නෙ ජෝර්දාන් ගඟ. මේ ජෝර්දාන් ගඟ තමයි මේ ප්‍රදේශයේ තියන ප්‍රධානම ජල සැපයුම විදිහට සැලකෙන්නෙ.

    මධ්‍යධරනී මුහුදට මුහුන ලා තියන ගාසා තීරයත්... ජෝර්දාන ගංගාවෙන් බටහිරට වෙන්නට තියන බටහිර ඉවුරත් පලස්තීනය විදිහට සලකද්දි ඉතිරි බිම් ප්‍රදේශය අද පාලනය කරන්නෙ ඊශ්‍රායලය විසින්.
    බටහිර ඉවුර හඳුන්වන තවත් නමක් තමයි සිස් ජෝර්දානී කියන්නෙ.
    ඊට අමතරව බටහිර ඉවුරේ.. ඒ කියන්නෙ පලස්තීන බිම ඇතුලෙත් ඊශ්‍රායල ගම්මාන විශාල සංඛ්‍යාවක් ඒ අය ඉදිකරල තියෙන්නෙ සම්මුතීන්ට පිටින් යමින්.

    ඊලඟ අපි අහන ප්‍රශ්ණය තමයි ගාසා තීරය හා බටහිර ඉවුර පාලනය කරන්නෙ පලස්තීන ආණ්ඩුවෙන්ද.?
    නැහැ. ගාසා තීරය පාලනය කරන්නෙ හමාස් සංවිධානය විසින්. හමාස් කියන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස විවිධ රටවලින් වගේම ඊශ්‍රායලය විසිනුත් හඳුන්වනව.

    හමාස් සංවිධානයට මුදල් ආධාර හා සහය ලබා දෙන්නෙ ඉරානය සහ කටාර් රාජ්‍යය විසින්.

    2006 වසරෙදි පැවැත්වුනු පලස්තීන ඡන්දයට හමාස් සංවිධානය ඉදිරිපත් වෙන්නෙ නීති රීති පසෙකින් තියමින්. ඒ අයගෙ ප්‍රථිවාදියා වෙන්නෙ මෙතෙක් කල් පලස්තීනයේ පාලක පක්ශය හෝ රජය විදිහට හැඳින්වෙන ෆාටා පක්ශය හෝ සංවිධානය.
    මේ ඡන්දයේදී ගාසා තීරයේ ඡන්ද වලින් 70% ක් ලබාගන්නෙ හමාස් සංවිධානය.
    බටහිර ඉවුරේ තත්වය මීට වෙනස්. බටහිර ඉවුරේ බලය ලබාගන්නෙ ෆාටා සංවිධානය.

    ගාසා ඉවුරේ ෆාටා හා හමාස් සංවිධාන දෙක නිතරම ගැටෙනව අවි ආයුධ වලින් වගේම මතවාද අතිනුත්.

    ගාසා ඉවුර වර්ග කිලෝකීටර් 360 ක ප්‍රදේශයක් වුනත් මිලියන දෙකකට අධික ජන සංඛ්‍යාවක් ජීවත් වෙනව. හමාස් සංවිධානය බලය ලබා ගන්නවත් එක්කම යුදෙව් ජනතාව ගාසා තීරයෙන් ඉවත් වෙන නමුත් හමාස් නොවන මුස්ලිම් ජනයාත්.. සුළුතර ක්‍රිස්තියානි ජන කොටසකුත් ගාසා තීරයේ තවදුරටත් ඉතිරි වෙනව.
    හමාස් විතරක් නෙවේ ඉස්ලාමික් ජිහාඩ් සංවිධානයත් ගාසා තීරයේ පදිංචි වෙන්නෙ ප්‍රසිද්ධියේමයි.
    ලෙබනනය... ඉරානය... සිරියාව... කටාර් වගේ රටවල සංවිධානය වෙන හා ආධාර ලබන සංවිධාන හා ත්‍රස්තවාදී සංවිධාන ගාසා තීරයේ සථානගත වෙනව.
    මේ සංවිධාන ප්‍රථිපත්ති වශයෙන් එකිනෙකට ගැටුනත් යුදෙව් විරෝධී කියන අදහස හරහා එකිනෙකට එකතු වෙනව.
    ගාසා තීරයට විදුලි බලය... ජලය හා ගෑස් සැපයෙන්නෙත් අත්‍යාවශ්‍ය සේවා සැපයෙන්නෙත් ඊශ්‍රායලයෙන්.
    මධ්‍යධරණී මුහුදේ සිට වගේම ගොඩබිම ප්‍රදේශයෙනුත් ගාසා තීරය පිලිබඳ විශාල අවධානයක් ඊශ්‍රායල ආරක්ශක සේවා යොමුකරන බව සත්‍යයක්.

    අනෙත් අතින් බටහිර ඉවුරේ ෆාටා සංවිධානය ඊශ්‍රායල් රජය සමග එක්තරා ආකාරයක සමගියකින් වැඩ කරනව.
    රමල්ලාහ් නගරය හෙවත් පලස්තීන අග නගරය පිහිටන මේ ප්‍රදේශය හා අවට ඊශ්‍රායල් රජය විසින් අනවසර පදිංචි කිරීම් 500,000 පමන සිදු කරන්නෙ අන්තර් ජාතික සම්මුතීන් වලට පටහැනිවයි.
    මේ බිම් ප්‍රදේශ වල අයිතිය පලස්තීන මුස්ලිම් ජාතිකයන්ගේ වුනත් ඒ අයිතියට හා එකඟවීමට ඊශ්‍රායල් රජය ගරු කරන්නෙ නැහැ.

    ඊශ්‍රායලයේ උතුරු කෙලවරේ තියන ලෙබනනය කාලයක ඉඳල අන්තවාදී ඉස්ලාම් සංවිධානවල ගොදුරක් කියල අපි දන්නව. ලෙබනනයේ සංවිධානය වෙන හිස්බුල්ලා හා ජිහාඩිස්ට් සංවිධාන ගෝලාන් කඳුකරයේ ඉඳල ඊශ්‍රායල් හමුදා එක්ක ගැටෙනව.

    ReplyDelete
    Replies
    1. පහුගිය සෙනසුරාදා උදේ සිදුවුනේ ගාසා තීරයේ ඉඳල හමාස් සංවිධානය ඊශ්‍රායල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරමින් ස්දෙරොට් කියන කුඩා නගරයට කඩා වැදීම. ඒ එක්කම නොකඩවා රොකට් හා බර අවි වලින් ඊශ්‍රායල් ප්‍රධාන නගර වලට පහර දීම.
      අනෙත් අතින් කාන්තාරයේ රෙයිම් ප්‍රදේශයේ සුපර්නෝවා සංගීත සැනකෙලි පැවැත්වෙමින් තිබුනෙ සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා උදෑසන දක්වා.
      මේ සැනකෙලියට කඩා වැදුනු හමාස් සංවිධානය සිය ගානක් තරුණ තරුණියන්ව ප්‍රාණ ඇපයට ගන්නව… තවත් සිය ගාණක් ඝාතනය කරනව.
      එතනින් පස්සෙ සිද්ධ වෙන්නෙ අශ්ලීල ම්ලේච්ඡ යුද්ධයක් විතරයි. ගාසා තීරයේ ඉඳලත් බටහිර ඉවුරේ ඉඳලත් දිනකට 200,000 ත් 220,000 ත් අතර පලස්‍තීන ජාතිකයන් ඊශ්‍රායලයට එනව රැකියා කරන්න. මේ අය උදේ හවස දේශ සීමාව හරහා යනව.
      තවත් ලක්ශයක පමණ පලස්තීන ජාතිකයන් ඊශ්‍රයලයේ ප්‍රධාන නගරවල ජීවත් වෙමින් රස්සාව කරනව.
      මේ අයට පලස්තීන ප්‍රදේශවල වැටුප මෙන් තුන් ගුණයක පමණ වැටුපක් ලබා ගන්න පුළුවන්.
      ඒත් එක්කම වාසභූමි අහිමිවුනු ලක්ශ දෙකකට ආසන්න පලස්තීන ජාතිකයන් සංඛ්‍යාවක් අනාථ කඳවුරු ඇතුලෙ ජීවත් වෙනව.

      අවුරුදු ගානක ඉඳන් මේ දෙපිරිස ඇතිකරගන්නා ගැටුම් හා අහිමිවෙන ජීවිත අති විශාලයි.

      ඊ ලඟට අහන ප්‍රශ්ණයක් තමයි ඇයි ඇමරිකානුවන් හා සමහර යුරෝපීය රටවල් ඊශ්‍රායලයට උදව් කරන්නෙ.
      ඒ අය දෙන සරල උත්තරය පලස්තීනය පාලනය කරන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් මගින් වීම යන්නයි.
      නමුත් මේ ගැටළුව දිහා හොඳින් බැලුවොත් අපිට පේනව යුදෙව්වන් ලෙස ඊශ්‍රායලයේ පදිංචිව ඉන්න පිරිස අතර ඇමරිකානුවන් හා යුරෝපා ජාතිකයන් විශාල සංඛ්‍යාවක් ඉන්න බව.
      ඒ එක්කම ධනවත් හා බලවත් ඇමරිකානු ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වන්.

      ඉරානය.. ඉරාකය... සිරියාව.. ලෙබනනය හා ඊජිප්තුව සහය දෙන්නෙ අරාබි මුස්ලිම් පලස්තීන ජාතිකයන්ට.
      මේ අය කොයිම විටකවත් යුදෙව් ජාතිකයන් පිලිගන්නෙ නැහැ.

      ඒ අනුව මේ දෙපිරිස අතර තියෙන්නෙ නීතිය හා නීත්‍යානුකූල නොවන..
      සාධාරණ හා සාධාරණ නොවන..
      ජාත්‍යන්තරය හා එකඟ වෙන හා එකඟ නොවෙන තත්වයන්ට අමතරව ඉතා ගැඹුරට මුල් බැහැගත් ආගමික හා සංස්කෘතික ගැටුමක් වෙන්න පුළුවන්.

      ආගම පසෙකින් තිබ්බත් යුරෝපීය හා අරාබි සංස්කෘතික ඝට්ඨනය මේ තුල තිබෙන බවට අපිට අනුමාන කරන්න පුළුවන්.
      සුදු ජාතික ඉස්ලාම් භක්තිකයන් මේ අතරෙ වැඩි ඝෝශාවක් කරන්නෙ නැහැ.
      නමුත් සරණාගතයන් විදිහට යුරෝපයට ඇතුල් වෙලා ඉන්න අරාබි ජාතිකයන් පලස්තීනය වෙනුවෙන් හඬ නගනව.
      මේක හරි සංකීර්න තත්වයක්. ලෝකය එක යායක් වෙනව කීවත් ආගම් හා විශ්වාස මගින් බෙදිල ඉන්න මිනිස්සු විශ්වාස කිරීම ඉතාම අමාරු කාර්‍යයක්.

      අද ඊශ්‍රායලයේ තියෙන්නෙ ජාතිකවාදී ආණ්ඩුවක්. මේ අය ගන්න තීරණ ඉතාම දරුණුයි.
      හිංසනයට හිංසනයෙන් උත්තර දෙන්න මේ අය පෙලඹීම මත තවදුරත් අසරණ වෙන්නෙ හමාස් නොවන.. අන්තවාදී නොවන... ආගමෙන් අන්ධවී නොසිටින පලස්තීන ජනතාව.
      ඒ අතරෙ යුද්ධයට විරුද්ධ යුදෙව් ජනයා ගැනත් අපිට අමතක කරන්න බෑ.

      මේ තරම් සූක්ශම... ආරක්ශක උපක්‍රම අතින් සන්නද්ධ ඊශ්‍රායල් ඔත්තුසේවා දැනගෙන හිටියෙ නැද්ද සෙනසුරාදා ප්‍රහාරය ගැන.
      අපේ මිත්‍රයෙක් අහනව... ඒ ගැන කියන්න දන්නෙ නෑ. සැක සහිතයි.
      ඒ සඳහා යමක් තේරුම් ගන්න තව සති කීපයක් හෝ මාස කීපයක් බලාගෙන ඉන්න අපිට සිද්ධ වෙනව අකමැත්තෙන් වුනත්.
      යුද්ධයේ පැත්තක් ගන්න.. යුද්ධයට ආවඩන යමෙක් වේද ඒ හිංසාකාරී මනසක් හිමි අන්ධ පුද්ගලයෙකු මිස වෙනකෙක් නොවේ.
      වසර ගණනාවක් තිස්සෙ මේ ප්‍රදේශයේ සංචාරය කරපු බැක්පැකර් කෙනෙක් විදිහටත්.. ශිෂශ්‍යයෙක් හා සංචාරකයෙක් විදිහටත් දැනෙන්නෙ දුකක් හා කළකිරීමක් විතරයි.

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න