.

.

May 23, 2024

අපේ බුද්ධි අංශ හා නීතිපති දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුය


අපේ බුද්ධි අංශ හා

නීතිපති දෙපාර්තමේන්තුව 

ලැජ්ජා විය යුතුය

➖➖➖➖➖💀➖💀➖💀➖


🔴 ගුජරාටයේ බෝම්බ පිපිරවීමකට හෝ වෙඩි තැබීමකට හෝ විශේෂයෙන් ක්‍රිස්තියානී බැතිමතුන් ඝාතනයකට... අත් අඩංගුවට පත් වූ ත්‍රස්තවාදීන් හතර දෙනාම... කොළඹ නඟරයේ හා මීගමුවේ පදිංචි කරුවන් බවත්,


🔴 ඔවුන් ISKP (Islamic State Khoras lana Province) නම් ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රභල සාමාජිකයින් බවත්,


🔴 ඔවුන්ගේ පදිංචි ලිපිනයන්, රැකියාවන් හා ඔවුන්ගේ විදෙස් ගමන් මෙන්ම, ඔවුන් හතර දෙනාම කටුනායක සිට චෙන්නායි හරහා ගුජරාටයට පැමිණෙන දිනය, වේලාව හා  ගුවන් යානා පිළිබඳ සියළු තොරතුරුත්,


🔴 ගුජරාටයේදී ඔවුන්ට ලබා දීමට තිබූ අවි ආයුධ, එම ස්ථානය හා ඒ පිළිබඳ ඔවුනතරේ හුවමාරු වූ අන්තර්ජාල ලියකියවිලි පිළිබඳ සියළු තොරතුරුද, ගුජරාට ප්‍රාන්තයේ බුද්ධි අංශ දැනගෙන සිටී මුත්...


🔴 ලංකාවේ බුද්ධි අංශ, පොලිස් බුද්ධි අංශ, ත්‍රස්තවාදය මැඩලීමේ අංශ තබා ප්‍රජා පොලිස් සේවයේ උන්වත් දැන නොසිටියා පමණක් නොව....


🔴 ගුජරාට ප්‍රාන්තයේ බුද්ධි අංශ විසින් ඒ කිසිඳු තොරතුරක්... අපේ උන්ට ලබා දී නැත්තේ... පාස්කු ප්‍රහාරය පිළිබඳ චෙන්නායි බුද්ධි අංශ විසින් 19 වතාවක් සියළු තොරතුරු ලබා දී තිබුනද 


🔴 ශානී අබේසේකර, රවී සෙනෙවිරත්න වැනි, පොලීසියේ වගකිව යුතු නිළධාරීන්... දේශපාලුවන්ගේ බලපෑම් මත... අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් පවා නිදොස් කොට නිදහස් කිරීම හා පාස්කු ප්‍රහාරය සිඳුවීමට ඉඩ තැබූ නිසාය.


🔴 ISKP ත්‍රස්තවාදී සංවිධානය ඇෆගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර... දැනටමත් ඇෆ්ගනිස්තානය, පකිස්තානය, තුර්කිය, ඉරානය හා රුසියාවේ මොස්කව්හි දරුණු ඝණයේ ත්‍රස්තවාදී ප්‍රහාරයන් සිඳුකොට අවසානය.


🔴 පාස්කු ප්‍රහාරයෙන් පසු විදෙස් සංවිධාන මූලිකත්වයෙන් ලංකාවේ ආරම්බ කර තිබූ ඉස්ලම් මූලධර්මවාදී සංවිධාන 11 ක් පමණ සම්පූර්ණයෙන්ම තහනම් කළ නමුදු, කාදිනල්, ක්‍රිස්තියානී පල්ලිය හා නීතීඥ සංගමයේ දැඩි බලපෑම් මත සංවිධාන 5 ක් එම තහනමෙන් ඉවත් කරන ලදි.


🔴 එපමණක් නොව... දැනට අධිකරණයේ විභාග වන නඩුවලට අදාල සැකකරුවන්ද ඔවුන්ගේ බලපෑම් මත ඇප ලබා දී එලියට දැම්මේය.


🔴 ගෝටාභයද මොවුන්ට එදිරිව නීතිය ක්‍රියාත්මක කිරීමට බිය වූ අතර, අවසානයේ ඔහු එලවා දැම්මේද මේ බලවේගයන් විසිනි. (සැලසුම් කොට තිබුනේ රාජපක්ෂලා සියල්ලන්ම ඝාතනය කිරීමය.. ඊට සහාය පලකළ සිංහළ බෞද්ධයින් ලැජ්ජාවට පත්විය යුතු අතර... දැන් එම වගකීම තමුන් වෙත පවරාගෙන... එය ඔසවාගෙන යන්නේ මොරි මාඩ ජෙප්පන්ය)


🔴 එපමණක් නොව, මිරිහානේදී ඝෝඨා මරා දැමීමට රැස් වූයේද මේ පිරිස බවත්... මැයි 9 වනදා කොළඹට පැමිණි පෝට්ටුවේ මැරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළේත් මොවුන්ගේ මෙහෙයවීමෙන් බවත්... බුද්ධි අංශ මේ වන විට තහවුරු කරගෙන අවසානය. (මේ නායකයින් සියල්ලෝම.. දැන් සිටින්නේ සජිත් ජලනි බලවේගය සමඟය...)


🔴 තත්වය මෙසේ තිබියදී.... බයියන් පිට පොට පටලවා ගත් මව්වරුන් වඳ කිරීමේ දොස්තර සාෆී සිද්දියට ප්‍රසිද්ධියක් ලබා දෙමින්... දොස්තර සාෆිට එදිරිව ආ මූලික චෝදනා අමතක කරමින්... දේශන පවත්වන වළං ශානිලා හා පැරීසියේ සිට පාස්කු ප්‍රහාරය ගැන නැවුම් ප්‍රොපගැන්ඩාවක් ගෙන ඒමට දත කන කාදිනල්ලා මෙන්ම


🔴 උන්ට උඩගෙඩි දෙමින් මේවා සංවිධානය කරනා උන් නටන්නට සැරසෙන විගඩම පසු පස සිටින්නේ මක්කුන්ද යන්න සොයා බැලීම...


🔴 රට කරවන උන් හා රාජ්‍ය බුද්ධි අංශ මෙන්ම... සාමයට හා සහජීවනයට ලැදි සාමකාමී ඉස්ලාම් බැතිමතුන්ද මේ ත්‍රස්තවාදීන් හා ත්‍රස්තවාදය පිළිබඳව මීට වඩා බොහෝ සෙයින් අවධානය යොමු කළ යුතුවාක් මෙන්ම.... ප්‍රජා පොලිස් සේවය හා සිවිල් බුද්ධි අංශ මීට වඩා ශක්තිමත් කළ යුතුමය. 


.

 

7 comments:

  1. ආයෙ පාරක් ඩෝං පටෝං ගානකං කඩු තියෙන්නෙ තණකොළ කපන්න කියලා හිතාගෙන, ස්වයං මෝහනයට ලක්වෙලා, ස්වයං වින්දනය ලබමින් ඉන්න අතරේ නිසල දිය යටින් සසළ රැළි යනවා. කෙටියෙන්ම ඔච්චරයි...

    ReplyDelete
    Replies
    1. @ ano 3.20 AM

      True mate, these idiots never learn lessons, whatever happens, no mindfulnes.
      Repeatedly falling into the Same Pit (a useful reminder for the common people).

      Delete
  2. මාතලන් මේ කියන කතාව ඇත්ත ඒත් ඇත්තටම බුද්ධි අංශ නිලධාරීන් කියන්නෙත් පවුල් ජීවිත ගතකරන සාමාන්‍ය මිනිසුන්ට, ඒනිසා උන්ට පිස්සු නෑනේ, පළපුරුදු ජ්‍යෙෂ්ඨ ඉහළ කළමනාකාරීත්වය බුද්ධි අංශ වල ඉන්න ඕව හොයන්න ඇම්ම තියෙන තරුණ නිලධාරීන්ට කියන්නේ අනේ මේ මේ ඕවට අත දාන්න යන්න එපා. පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් ගහලා බාගෙට මරලා පඩිපෙලක් දිගේ ඇදගෙනත් ගිහින්, දාහක් බලන් ඉද්දී මරලා දැම්මා. ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීයටත් ඒ ඉරනමමයි. යකෝ අපේ පොලෝසියේ ගොන්හැත්තවත් තමන්ගේ එකෙක් කියලා නිල ඇඳුමින් හිටි පොලෝසියේ උන්වත් ඇගිලිගහන්න බේරාගැනීමට ගියේ නෑ. ඒක කර්මය කියලා පොලෝසිය අයින් වුනා. ඉතින් කවර කතාද බන් මාතේ?

    ReplyDelete
  3. මක් කිව්වා මුට්ටි අංශ?
    කණා මුට්ටි නම නං මෙහෙ
    වෙනස් කළා නෙව ළඟකදි
    මාරු කරමු මේකෙ නමත්
    දෝසේ යයි බංග වෙලා!

    ReplyDelete
  4. ජේ වී පී තියරිය

    උන්ගෙ වැඩ ගැන විවේචන බෑ

    හැබැයි උන්ට පුලුවන් අනුන්ගේ හැමරෙද්දක්ම පලු යන්නම විවේචනය කර කර කයිය ගගහා ඉන්න 🤣🤣🤣🤣🤣

    මාලුමාමට ජය!!

    ReplyDelete
  5. මාතා // බුරන මාධ්‍යවේදියා// හරියටම හරි චිත්ත රූපයක් මවන වචනයක්.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ දී (අෂ්රොෆ්ලා හිටපු) සුමන්තිරන් ඉංග්‍රීසියෙන් බුරන කොට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සන්සුන්ව ඔලුව කෙළින් තියාගෙන සිංහලෙන් උත්තර දුන්න හැටිත් මතක් වෙනවා. (සුමන්තිරන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇහුවට කමක් නෑ, බුරන්නේ නැතුව. හැබැයි සිංහලයොයි දෙමළුයි අතර සම්බන්ධීකරණ භාෂාව ඉංග්‍රීසි කියලා හිතන්න අපිව පුරුදු කරලා තියෙන්නේ, ඒ වරද හදන්න ඕන සේරටට කලින්)

    ReplyDelete
  6. ඔලුව හතර අතේනෙ මේ රෑට නිව්ස් බලන හින්ද

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න