.

.

May 25, 2024

කොසොල් රජතුමා දුටු දහ හත් වන සිහනය...


කොසොල් රජතුමා දුටු 

දහ හත් වන සිහනය...

➖➖➖➖➖➖➖➖⭕


කොසොල් රජතුමා : 


"ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස.... මේ සිහිනය අමුතුම ආකාරයේ එකකි. සුවඳ හමන සඳුන් කොටයක්.... කුණු ගඳ ගහන මොරු කළයකට හුවමාරු කරනවා මම දුටිමි. ස්වමීනී භාග්‍යවතුන් වහන්ස කිමද මෙවන් සිහිනයක් මා දුටුවේ..?


බුදුරජාණන්වහන්සේ : 


මේ සිහිනය ඔබට මින් පෙරද පෙනී මා එයට පිලිවදන් දුන්නේ නොවේද මහරජ...


කොසොල් රජතුම :

එසේය... එසේය භාග්‍යවතුන් වහන්ස ... එසේ නම් මෙය රිපීට් ටෙලිකාස්ට් එකක් විය හැකි නොවේද ස්වාමීනී..?


බුදුරජාණන්වහන්සේ


නැත නැත මහරජ අනාගතයේදී දේශය පාලනය බලෙන් ඩැහැ ගැන්මට කීප වරක් උත්සාහ කොට නොහැකිවන පිරිසක්


සිද්ධාර්ථට වඩා යසෝධරා උතුම් යැයිද... බුදුන් රස්තියාදුවේ යැවිය යුතු යැයිද... රාහුලගේ පියා ගැන පර්‍යේෂන කල යුතු යැයිද .. මාගේ පියානන් ගැනද ආඩපාලි කියන්නා වූද පිරිසක්.... ජවිපේ නමින් බිහි වනේනේය....


ඔවුන්ගේ අනුගාමිකයින්...  අධ්‍යාත්මික නායකයාගේ උපදෙස් පරිදි... ලැට් වලවල් කඩාගෙන කෑමට... අශූචී හා ගූ අනුභවයට මෙන්ම.... මුසාවාදයට හා පරුෂා වාචා බිනීමට ප්‍රිය වන්නේය... ජාතකයෙහි ගැටලු ඇති බැවින් අන්‍යයන්ගේ ජාතකය පිළිබඳ පරිබව කරන්නේය... දේශය පාලනයට වඩා නරා වලේ බැස කෙලීමට ප්‍රිය වන්නේය.... යන්න මේ සිහිනයේ අර්ථය වන්නේය....


සාධූ.... සාධූ.... සාධූ....!!!!


.

 

8 comments:

  1. හා..ඒකට කමක් නෑ..අපි ජවිපෙට.

    ReplyDelete
  2. අපි නම් මාළිමාවට.

    ReplyDelete
  3. මේ පාර අපිත් මාලිමාමට

    ReplyDelete
  4. තක්කඩි කතා
    ========

    🔺තක්කඩි කතාව :

    " ඇල්බට් අයින්ස්ටයින් ගේ පින්තූරක් ගෙදර එල්ලගෙන උදේ හවස මල්,පහන්, හඳුන්කූරු තියලා වන්දනාමාන කරාට භෞතික විද්‍යාව අවබෝධ වෙන්නේ නෑ. "

    ▪️තක්කඩි කතාවේ ව්‍යංගාර්ථය :

    " බුදු පිළිමවලට උදේ හවා මල්,පහන්, හඳුන්කූරු තියලා වැන්දට තොපිට ධර්මාවබෝධය වෙන්නෙ නෑ "

    🔹 තක්කඩි කතාවට පිළිතුර :

    ධර්මය අවබෝධ කරගන්නා ක්‍රමවේදය අනුව පුද්ගලයෝ කොටස් හතරකට බෙදෙනවා. (නෙය්‍ය පුග්ගල සූත්‍රය)

    1) උග්ඝටිතඤ්ඤු: මේ පුද්ගල පිරිස ධර්මය අසන අවස්ථාවෙම අවබෝධයට පත්වෙනවා.

    2) විපචිතඤ්ඤු : මේ පුද්ගල පිරිස ධර්මය විස්තර විභාග වශයෙන් බෙදා දක්වද්දි අවබෝධයට පත්වෙනවා.

    3) නෙය්‍ය : මේ පුද්ගල පිරිස කලණ මිතුරන් අසුරෙන් ධර්මය අසා සාකච්ඡා කිරීමේදී, නැවත නැවත මෙනෙහි කිරීමේදි අනුක්‍රමයෙන් අවබෝධයට පත්වෙනවා.

    4) පදපරම : මේ පුද්ගල පිරිස කොච්චර ධර්මය ඇහුවත්, කොච්චර බණ විමසුවත් එම භවයෙදිම අවබෝධයට පත්වෙන්නෙ නෑ.

    මෙන්න මේ ධර්මය අවබෝධ වෙන්නේ නැති පදපරම කියන කොට්ඨාසය බිහිවෙන්නෙ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නැති නිසා. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය කියෙන්නෙ නැවත බවය සකස් වෙන ප්‍රතිසන්ධි විඥානයට අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල මූලයෝ එක් වීම. එහෙම වෙන පිරිස මේ බවයේම ධර්මාවබෝධයට පත්විය හැකි පිරිසක් බවට පත්වෙනවා. එහෙම වෙන්නේ නැති පිරිස පදපරමයෝ වෙනවා.

    මෙලොව ඉන්න පුද්ගලයන්ට ඇතිවෙන ත්‍රිහේතුක ප්‍රතිසන්ධි සිත්වලට අයිති වෙන්නේ, සහේතුක කාමාවචර විපාක සිත් අටේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික / සසංකාරික යන සිත් දෙකත්, උපේක්ෂා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික / සසංකාරික යන සිත් දෙකත්, යන විපාක සිත් සතර විතරයි.

    එතකොට තිහේතුක ප්‍රතිසන්ධියෙදි අලෝභ, අදෝෂ, අමෝහ කියන කුසල මූලයෝ වෙනුවට ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයෝ එක්වෙන්නෙ කොහොමද ?

    එහෙම වෙන්නෙ සතුටු, ශ්‍රද්ධා, නුවණ පෙරදැරිව මල් පහන් පිදීම, දන්දීම, සිල් රැකීම, භාවනා කිරීම ආදී පින්කම්වලට අනුරූප විපාක/ කර්මඵල නෑ කියලා හිතන් ඉන්න සහ අනික් මිනිස්සුත් ඒවට පොළඹවන සමහර තක්කඩි භික්ෂුන් නිසා. ඒ වගේ තක්කඩි භික්ෂුන් ධර්මය අවබෝධ කරගන්නෙත් නෑ. කරගන්න පුළුවන් අහිංසක මිනිස්සුන්ට ඉඩ දෙන්නෙත් නෑ.

    මේ වගේ තක්කඩි භික්ෂුන්ව උත්කෘෂ්ටයට ලක්කරලා සාදුකාර දෙන මෝඩ බෞද්ධයෝ පිරිසක් බිහිවීම තමයි දුක.

    🔺" රට,ජාතිය, ආගම බේරගන්න අන්තිම අවස්ථාව ඇවිල්ලා වගෙ ගොන් කමෙන්ට් දාන්න එපා. තොපි වගේ මෝඝ පුරුෂයෝ ඉන්නකං මොකා ආවත් මේක බේරගන්න බෑ."

    ReplyDelete
  5. එව බලව කිව්වලු
    ඒකට මමත් ආවලු
    සේරම කියෙව්වලු
    'සාදු' කියලා මෙන්න යනවලු

    ReplyDelete
  6. 1935 ඉඳලම ඔය හීනෙ පෙනිච්ච මාතලන් ලා හිටියා. ඒ හීනවලින් ගොඩත් ගියා.

    ReplyDelete
  7. මාතේ, හැලපකඩේ බ්ලොග් අඩවියේ හැලපයා හදිසි හෘද අබාධයක් සෑදී මිය ගිය බවට සදහන් වන පුවත සත්‍යයක්ද?

    ReplyDelete
    Replies
    1. හැලපයා මැරිලා ගොඩක් කල්...

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න