.

.

May 29, 2024

ජූලී චන්ග් සුදු නෝනා වෙත,


ජූලී චන්ග් සුදු නෝනා වෙත,

➖➖➖➖➖➖➖➖➖⭕➖


සෙත් වේවා..!


මා ආදරණීය සුදු නංගී වෙත ලියමි,


ඔබේ සැප දුක් කෙසේද කියා අසන්නේ... ඒ අපේ 2500 ක සඟිස්කෘතිය නිසා මිස, ඔයා දුකෙන් ඉන්නේ නැති බව දන්නා නිසාය. ඒ උනාට ඔයා ගිහින් වෙන ජූලියෙක් එනවැයි නිව්ස්සෙකක් ඇවිත්... මට බෙල්ලේ වැල දාගන්න හිතුන බව කිව්වාම... අපේ හාමිනේ ඇහුවේ කොහේවත් ඉන්න ගෑණූ නිසා මැරෙන්න යන්නේ තමුසෙට මොළේ බරවාද වාහේ කියලාය.


මම එයාට කිව්වේ... සුදු නංගි ආපු දවසේ ඉඳලා මම ඉන්නේ ඔයාට පිස්සු වැටිලාය කියලාය. ඇත්තටම ඔයා ඇවිත් ටික දවසකින් මම හිතුවේ ඔයා ජැකී චෑන්ගේ නෑයෙක් කියලාය. ඔයා කෙරේ බැඳි මගේ ප්‍රේමය මෝරා දළු දාන්න එයත් හේතුවක් වුනේය.


මෙහේ ඉන්න ගොබ්බ හැත්ත දමිතලාට, හිරුණිකාලාට, දුලීකලාට, විහාර මහා දේවී කිව්වාට, කැළණියේ ඉඳන් රුහුණට ආ විහාර මහා දේවිය වාගේ... අපේ රට බේරාගන්නට ඇමරිකාවේ සිට ආ ඔයා මගේ විහාර මහා දේවියය.


ඊයේ ඔයා මැතිවරණ කොමිසමේ උන් හම්බ වෙන්න ගිය එකට ගොඩක් උන් පඩත්තල කතා කිව්වාට... ඔයා එතෙනට ගියේ ප්‍රජාතන්තරවාදේ රකින්නෙයි කියා මම අපේ හාමිනේට කිව්වාම... මහින්දවාදියෙක් වෙන එයැයි කිව්වේ... එහෙම යන්න ඔහේට අයිතියක් නැතෙයිය, මහින්ද හරි, මහ ප්‍රේමේ හරි උන්නා නම්, ඕකී එලවන්නේ පුපට පයින් ගහලාය කියලාය.


එයැයි තා දුරටත් කිව්වේ... අපේ මහින්ද මහත්තයා... ඩේවිඩ් මිලිබෑන්ඩ් කාරයයි බර්නාඩ් කුච්නර් කාරයයි ඇඹිලිපිටියට ගෙනත් කිචිම කරලා... ආප්ප එක්ක ලුණු මිරිස් කවලා එලවලා දාපු එකයි... ප්‍රේමදාස මහත්තයා ඩේවිඩ් ග්ලැඩ්සන් එංගලන්තේ ඩැට්සන් එලවන්න යැව්ව එකයි... තමුසෙට මතක නැද්දෝයි කියලාය.


ඒ උනාට මම එයැයිට කිව්වේ... උන්ට මහත්තුරු කිව්වාට... උන් කරන තරමක් කළේ ඩිප්ලොමැටික් වැඩ නෙමේය... ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩය... ආන් ඊයේ... අගවිනිසුරුයි නීතීපතියි ඔක්කොම කොමිසමේ උන්ගේ කලිසම ගලවලා තියෙන්නේ පලාත් පාලන චන්දේ තිබ්බේ නැතෙයි කියලා.. සමහර විට සුදු නංගී අරුන්ට කලිසම් අරගෙන යන්න ඇතෙයි කියලාය.


ඇත්තටම සුදූ.... අපේ රටට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදේ ආවේ ඔයා මෙහේට ආවට පස්සෙය කියනෙක දැන් හැම පඩත්තල ඩේසිගෙ පුතාලටම අමතක වෙලාය.... දළදා මල්වතු අස්ගිරි නොව ගංඟාරාමෙත් නමදින තෙරුවන් සරණ ගිය ඔයා ඕවායෙන් සැලෙන්නේ නැතෙයි කියා මම දන්නවාය.


එක එකාට ඕන ඕන විදියට නටන්නට රට බංකොලොත් කරපු ප්‍රජාතන්ත්‍ර විරෝධී ගෝටා නම් ගෝතකරුමේ... බව්වෙක් වගේ එලවලා දැම්මේ ඔයාය කියලා දැන් උන්ට අමතක වෙලාය... බුවා අරගලේට ආමි එක දම්මලා ගේමක් දෙන්න යද්දී.... සවේන්ද්‍රට කියලා උන්ව ආයේ බැරැක්ක වලට යැව්වා දැන් මුන්ට මතක නැතිය.. දැන් තෝත් පල කිව්වාම... ප්‍රජාතන්ත්‍ර විරෝධි අගමැති රනිල්.. එහෙම යන්න බැරියෙයි කිව්වාම... උගේ ගේ ගිනි තිබ්බ ඒවා දැන් උන්ට මතක නැතිය.


රනිල් එලවලා... කතානායක ජනාධිපති කරලා... සුමන්තිරන් අගමැති කරලා... මේක ඒකිය රාජ්‍යයක් කොරන්නට ගිය ඒවා උන්ට දැන් මතක නැතිය.. ඒවාට තැන්කිව් කියන්න ඔය පැලවත්තට ගිය එව්වා දැන් මුන්ට මතක නැතිය.


ඇත්තටම සුදු මට දුක... අපිට ඉන්න තානපතිලාට ඔයාගේ රෝල් එක කරන්නට බැරි හාල්පාරුවෝ වීමය... ඔයගේ රටේ ඉන්න මහින්ද සමරසිංහයාට මම ලියා යැව්වේ... අඩු ගානේ අර රොබට් ඩි නීරෝ වගේ... ට්‍රම්ප්ගේ මානුෂික අයිතිවාසිකම් කඩවීම් වෙනුවෙන්... වයිට් හව්ස්‍ එකට ගිහින් බයිඩන් කාරයා හම්බවෙලා... දෙකක් කතා කරලා එනවා ඕයි... එහෙම බැරිනන් ඕක ඇනරිකාවේ පොඩි එකෙක්ට දීලා... මෙන්න මෙහේ එනවා ඕයි කියලාය.


මම නම් කියන්නේ සුදූ... ඔයා අපිව දාලා යන්න එපාමය කියලාය. තා ටික දවසක් උන්නොත් රනිල් කාරයා ජනාධිපතිවරණය තිබ්බාම... ඔයත් ඒකට ඉල්ලන්නෙයි කියලාය. 


මගේ හිතේ පොඩි සැකයක් තියෙන්නේ ඔයා එහෙම දෙයක් සොයා බලන්නවත් කොමිසම් කාක්කෝ හම්බ වෙන්න ගියාදෝ කියලාය.


එහෙම චෑන්සෙකක් තියේ නම්.... ඇමරිකානු පුරවැසිබාවේ බව්වට දමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නෙයි කියා මම ඔයාගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවාය. 


සමහර විට සිරිසේන කාරයා විජේදාස කාරයාට සිරි ලංකා නිදහස් පක්ෂේ ලියලාම දුන්නා වගේ... අනික් ඕනම පක්ෂයක්.. ඩයනා ගමගේ වගේ ඔයාට නොමිළේම  ලියලා දෙන බවත් ඉර හඳ වගේ විශ්වාසය ... අනික ඉතින්... ඉතාලියේ සෝනියාට ඉන්දියාවේ එහෙම වෙන්න හැකි වුනා නම්... ඔයාට එහෙම වෙන්න බැරි ඇයි කියා පොඩ්ඩක් හිතලා බලන්නය.


ඔයාට ත්‍රිවිධ රත්නයේ සරණයි

ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාවයි සුදූ...


මීට,


ඔයාගේ සදා අදරණීය

මාතලන්


.

 

14 comments:

  1. මාතා මම හිතන්නේ ඇත්තටම වෙන්නේත් මැතිවරණ වලට බඩු බනිස් වීම, මොකද රනිල් වික්‍රණසිංහ ව මෙහෙයවන ආකාරයට වගේම විපක්ෂ දේශපාලනය කල්ලි වන සජබ සහ මාලිමාව කියන පක්‍ෂ දෙකත් යටින් මෙහෙයවන්නේ එක්සත් ජනපදය සහ යුරෝපීය ඉන්දීය ගෝලීය බලවතුන් විසින් වීම සහ ඊට එදිරිව සිටින පොහොට්ටුවට සහ උත්තර ලංකා ආදී දේශපාලන ව්‍යාපාරික කල්ලි වලට ආධාර උපකාර කිරීම චීනය විසින්ම වසර කීපයකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන මොහොතක ඡන්ද පවත්වා වැඩ අවුල් කීරීමට වඩා රනිල් යටතේ පවතින ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට ඔවුන් තීරණය කර තිබෙන බව පේනවා නේද?

    මේකට තවත් උදාහරණයක් විදියට
    රට ආර්ථික අර්බුදයකට පත්ව තිබෙන අවස්ථාවේ දී ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වා රටේ පාලනය වෙනස් වුවහොත් ආර්ථිකය ගොඩනැගීමට මෙතෙක් සිදුකළ වැඩපිළිවෙල වෙනස් වියහැකි බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේෂ්වරන් මාධ්‍ය ප්‍රකාශයක් කරන්නේත් මේකයි

    එසේ වුවහොත් නැවතත් ලංකාවේ ස්ථාවර භාවයට ගැටලු ඇතිවෙන බවද එවිට ලංකා ආර්ථිකය යළි කඩා වැටෙනු ඇති බවත් එනිසා වසර දෙකකින් මැතිවරණ කල් දැමීම සුදුසු බවට ජන මතයක් ඉදිරියේදී කෙමෙන් වර්ධනයකර ජනතාව ඒ මතයට කැම්පේන් කරලා ෂේප් එකේ ගෙනේවි

    එවිට රටේ ස්ථාවර භාවයට ගැටලුවක් ඇති නොවනු ඇති බවද මාධ්‍ය ජනගත කරාවි

    UNP නායකත්වයට යටත් රංගේ බන්ඩාර සහ
    NPP නායකත්වයට යටත් ලාල් කාන්ත

    යන දෙදෙනාම පක්ෂයට යටත්ව ප්‍රකාශ නිකුත් කරනවා කියා අප හිතන්නේය.🔺

    අද විජිත හේරත් සහෝදරයා කියනවා මාධ්‍ය සාකජ්චාවක් තියලා

    පාලිත රංගේ බන්ඩාර ජනාධිපතිවරණය කල් දමමු,කියන කථාව කියන්නේ තනියම හිතලා නෙවෙයි අනිවාර්යයෙන් නායකයා දැනුවත්ව කියන එක. (සිරස 7.00 ප්‍රධාන පුවත් ) ‼️

    ඔහුට අනුව පක්ෂයක මහලේකම්ට පෞද්ගලික මතයක් තියෙන්න බෑ.

    හරි ඒක 10000 % හරි,කියලා ගම්මු.

    පාලිත රංගේ බන්ඩාර ජනාධිපතිවරණය වසර දෙකකට කල් දාන්න කථා කරන්ටන් රනිල්ගේ,අනුදැණුම මත කියලා ගම්මු.

    එහෙමනම්,විජිත හේරත් සහ අනුර දිසානායකත්පිළිගන්න ඕන තර්කයක් තියනවා.

    අදත් ජවිපයේ දේශපාලන මංඩල සභික K.D ලාල් කාන්ත තව පාරක් කියනවා ප්‍රවෘත්ති වල පෙන්නුවා. (දෙරණ 6.55 ප්‍රධාන පුවත් )

    ව්‍යවස්ථාව ජනතාව හදලා
    අධිකරණ බලය ජනතාවට දීලා
    ජනතාව තම තමන්ගේ ප්‍රශ්ණ වලට අධිකරණ බළය පහළ ක්‍රියාත්මක කරගන්න ඕන කියලා.‼️

    එහෙමනම්
    අනුරගේ අනු දැනුමක් නැතුව ජවිපයේ දේශපාලන මංඩල සභිකයෙකුට පෞද්ගලික අදහසක් එහෙම දරන්නත් බෑ කියලා

    විජිත හේරත් රංගේ,බන්ඩාරට කරන චොිදනාව එහෙමනම් ලාල්,කාන්තටත් අදාලයි 😀😀

    මාළිමාව පිළිගන්න ඕන.

    ඒ,කියන්නේ බැරි වෙලාවත් මාළිමාවට බළය ලැබුනොත් ජනතාව කියලා ජවිප හිතවතුන් දාලා හදන ගමේ කංඩායම් හරහා ග්‍රාමීය පක්ෂ අධිකරණය ජවිප ආන්ඩුවක් ආවොත් ක්‍රියාත්මක කරනවා කියන එක

    මොකද රනිල්ගේ,අනුදැණුමක් නැතුව රංගේ බන්ඩාරට යමක් කියන්න බැරිනම් ජවිපයේ දේශපලෙන මංඩල සභිකයෙකුට අනුරලා නොදැනුවත්ව ලාල් කාන්තට එහෙම යමක්,කියන්න බෑ 😀😀

    එතකොට මාඵිමාවේ නොවන ප්‍රති අදහස් මර්ධනය කරන්න 📍

    නොයෙක්,චෝදනා උපයාගත්ත විදිහ පරම්පරා උරුමය ඔප්පු කරන්න බෑ කියලා පෞද්ගලිකදේපලපවරා ගන්න මාළිමා රජයක

    ග්‍රාමීය අධිකරණ කමිටු ක්‍රියාත්මක වෙනවා කියන එකත් ඇත්ත.‼️

    මොකද රනිල් වික්‍රමසිංහගේ අනුදැනුමෙන් ජනාධිපතිවරණය කල් දමන්න ඕන කියන යෝ ජනාව පාලිත රංගේ බන්ඩාර කරනවා කියලා

    විජිත හේරත්,කියනවනම්

    අදත්ලාල් කාන්ත ගමට අධිකරණ බළය බෙදනවා කියන්නේත් අනුර දිසානායක අනු දැනුමින් ඔහුගේ යෝජනාවකට කියලත් ගන්න පුළුවන්. ‼️

    මොකද පාලිත රංගේ බන්ඩාර ඉන්න UNP යට වඩා නායකත්නය පක්ෂ සාමුහික විනය මාළිමා පක්ෂයේ තියෙනවා කියලා මාළාමාව සහ ජවිපය කියන හංදා ලාල් කාන්තට පෞද්ගලික අදහස් දරන්න ඔය වගේ බැරෑරැම් කරුණකට බෑ.

    ReplyDelete
  2. ඔවු ඉතින් මාතේ අලුත් තානාපතිනිය විකී හෝර්ස්ට් ආවම ඕන නම් ජූලී ගැහැණියට ලංකාවේ දේශපාලනය, සිනමාව සිවිල් සේවය වගේ දේවලට ඇවිත් ලේසියෙන්ම ලංකාව තුල ලොකු පොරක් වෙන්න පුළුවන්, පුරවැසිභාවය පවා ප්‍රශ්නයක් වෙන එකක් නෑ ගීතාලාට ඩයනාලාට වුණා වගේ

    තව දෙයක් ලංකාවේ ඉතිහාසය තුල චිත්‍රපට සමාගම් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය පාලනය කරපු කාලේ විශාල වශයෙන් නවක නළු නිළියන් හඳුන්වා දුන්නා ගාමිණී, ටෝනි, ජෝ, ඔස්වල්ඩ්, විජය, තිස්ස, සේනාධීර රූපසිංහ, මාලිනී, ක්ලැරිස්, සන්ධ්‍යා, ජීවරාණි, විජිත මල්ලිකා, ඇතුළු නළු නිළියන් විශාල ප්‍රමානයක්.

    නමුත් 1970 දී සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායකගේ ශ්‍රීලනිප සමගි පෙරමුණූ රජය විසින් චිත්‍රපට සංස්ථාව ඇති කලාට පස්සේ මුළු සිනමාවම නළු නිළියන් විසින් පාලනය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ චිත්‍රපට හැදුනේ, චිත්‍රපට වල රඟපෑවේ එකම කට්ටිය. මේ නිසා ඔවුන්ට හැකි වුණා අලුතින් සිනමාවට කාටවත් එන්න නොදි දිගටම රඟපාන්න. මේ නිසා තමයි අවුරුදු 50 ආසන්න වයොවෘද්ධ නළු නිළියන් ගස් වටේ දුවමින් සිංදු කියමින් පෙම් කෙලින, ලමා සාරි ඇඳගෙන පොත් මිටිය වැහැරුණු පපුවට තුරුලු කරන් පාසල් යන නිළියන්, කකුල් දෙකේ නහර ගැට ගැසී කකුල් වල මයිල් සුදු වුන වයසක නළුවන් සුදු කොට කලිසම් ඇඳ ගෙන පාසල් යන දර්ශනය බලන්න වයස අවුරුදු 18 - 30 රසිකයන්ට සිද්ධ වුනේ.

    ඒ නිසා ඒ කාලේ චිත්‍රපට වල පෙම්වතුන්ට හිටියේ එකම කණ්ඩායම. මාලිනී, විජය, රවින්ද්‍ර, අනෝජා පමණයි.

    ඊට අමතරව ආපු නදීකා, ශ්‍යාමා ආනන්ද, සබීතාට, ජීවන්ට එන්න පුලුවන් වුනේ ඔවුන්ගේ ඥාතින් දෙමව්පියන්, සිනමාවට සම්බන්ධ නිසා.

    එහෙම නොවුන සනත්ට සිනමාවේ රැඳි සිටින්න තමුන් වඩා වැඩිමහළු නිළියන් සහ වෙනත් නිළියන් සමග ප්‍රේම සම්බන්ධතා පවා ඇති කර ගන්න වුනා. ලකීට සිනමාවට එන්න විවාහ සිදු කර ගන්න වුනා.

    1970 - 2000 කාලයේ බහුතරයක් සිනමාවට සම්බන්ධ වුනේ රැකියාවක් කරන්න බැරි කමට, දේශපාලනයට එන්න කෙටි මාර්ගයක් ලෙසට සහ රජයේ ඉහළ තනතුරු, විවිධ වරදාන වරප්‍රසාද ලබා ගන්න.

    70 වසරක සිංහල සිනමාවේ මාලිනී තරම් ලස්සන සහ දක්ෂ, විශාල පරාසයක චරිත රඟපාන්න පුළුවන් කිසිම නිළියක් නැහැ. මගේ ප්‍රියතම සිංහල සිනමාවේ නිළිය මාලිනී ෆොන්සේකා. නමුත් ඇය පෙම්වතියට රඟපාපු කාලය වැඩියි. 80 දශකයේ මුල් කාලයේ "ආරාධනා" චිත්‍රපටයෙන් පසුව ඇයට "පෙම්වතිය" චරිතයට සමු දෙන්න තිබුනා.

    ඔය එක්තරා ජේෂ්ඨ නළුවෙක් සිනමා නළු නිළි සංගම් වල ප්‍රධාන තනතුරු දරනකම් සියලු නළු නිළියන්ව පාලනය කලේ තමුන්ගේ අන්තේවාසික වහළුන් හැටියට. තමුන්ගේ මතය අනිවාර්යයෙන්ම සියලු දෙනා පිලිගත යුතුව තිබුනා. තමුන් සහයෝගය දෙන දේශපාලන පක්ෂයට සියලු නළු නිළියන් සහයෝගය දිය යුතු වුනා සිනමාවේ රැඳි සිටින්න. තමුන්ට විරුද්ධව විවේචන ආටිකල් ලියපු "තිරතරු" වැනි පත්තර වලට කාටවත්ම සම්මුඛ සාකච්ඡා දීම තහනම් කලා. සිනමා නළු නිළියන්ට අණ දුන්නා ටෙලි නාට්‍යය වල රඟපාන්න තහනම් කරලා. ඊට පස්සේ මුලින්ම ඔහු ටෙලි නාට්‍යය වල රඟපෑවා. මේ ගැන බැප්ටිස් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ සිනමා පත්‍ර මගින් දොස් කියලා තිබුනා. ඔහු වයස අවුරුදු 50 ආසන්න වනතුරුත් පෙම්වතාට රඟපානකම් නවක නළුවන්ට සිනමාවට එන්න ඉඩ දුන්නේ නැහැ. ඊට පස්සේ ඔහුගේ පුතාව සිනමාවට හඳුන්වා දුන්නත් ඒක සාර්ථක වුනේ නැහැ.

    එහෙම සාර්ථක වුනා නම් අද තොග පිටින් ඉන්න රොෂාන් රණවන, සාරංග දිසාසේකර, පුබුදු, ඇතුළු තරුණ නළුවන් එක්කෙනෙක් වත් සිනමාවේ නැහැ.

    ලොකුම විහිළුව තමයි සිංහල සිනමාවට එවැනි දැවැන්ත විනාශයක් කරපු පුද්ගලයෙකු වීරත්වයෙන් සලකා ඔහුට උපහාර උත්සව පවා සංවිධානය කිරිම.

    දැන් ලංකාවේ දේශපාලනයට වෙලා තියෙන්නෙත් ඉස්සර සිනමාවට වෙච්ච දේ ටිකක් විතර වෙනස් විදිහකට...

    ReplyDelete
  3. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාවක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ සහ නීති විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ව්‍යවස්ථා නීති විශාරද ජ්‍යේෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.

    ඊට අදාළ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

    පාර්ලිමේන්තුවේදී එය තුනෙන් දෙකකින් සම්මත විය යුතු බවත් ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බවත් එහිදී පැවසීය.

    මීට පෙර එවන් අවස්ථාවක් 1982 වර්ෂයේදී සිදු කර ඇති බව වැඩිදුරටත් පැවසීය.

    – නාගොඩ සුමන උදයන්ත
    - ඉරිදා ලංකාදීප

    ReplyDelete
  4. ලංකාවේ මෝඩ මධ්‍යම පාන්තික මිනිස්සු හිතාගෙන ඉන්නේ ඡන්දෙ තියලා තමන්ට දැනට තියෙන බදු සම්පූර්ණයෙන්ම නැති කරලා ඒ වෙනුවට ධනපතියන් ගෙන් විතරක් කණ පැලෙන්න බදු අරගෙන ඒක කවර් කරනවා කියලා කියන කයිය ගහණ සරල ගණිතයවත් බැරි මාලිමාවේ කයිනායක ගෙ පක්ෂය ගෙනල්ලා බදු නෑති කරගෙන ජොලියේ සැපට ඉන්න නමුත් ඒ මිනිසුන්ට සත්‍ය තේරුම් ගන්න මොලයක් නෑ ඒවා කරන්න ගිහිල්ලා රට ආයෙත් හිටියට වඩා අමාරුවක වැටෙන්න පුළුවන් බව. වඩාම හොඳ දේ ඡන්දය වසර 2k කල් දැමීම තමයී.

    ReplyDelete
  5. ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවී ලංකාවේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කළ බව වාර්තා වන අතර මෙහිදි ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය සහ බොහෝ රටවල් මේ වසරේ මැතිවරණයකට මුහුණ දෙන බැවින්, ලංකාවේ පාලනය දිගටම එක්සත් ජනපදයට හිතවාදී එරටට අවශ්‍ය කරන ලෙස ආරක්‍ෂක ආර්ථික දේශපාලන තීන්දු ගන්නා රජයක් ලංකාවේ පවතින ලෙසත් පිටින් බලනවිට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ කුළුණක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ජූලී චංග් වැඩිදුරටත් පවසා සිටියා

    සාකච්ඡාවෙන් පසුව, තානාපතිනිය මේ පිළිබද යම් X සටහනක් ද තබා තිබෙනවා. නමුත් මේක බොහෝ දෙනා සිනාවට ලක්කර තිබෙන බවත් සැලකිය යුතුයි.

    මේ අතර ලංකාවේ රජයට අනුබද්ධ පෞද්ගලික අධ්‍යාපනය ලබාදෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යාත්‍යන්තර නීතිය පිළිබද කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ හිරු ප්‍රවෘත්ති සේවය සමග කරපු සම්මුඛ සාකච්ඡාවකදි ඊයෙ පෙරේදා ඉන්දියාවෙ අත්අඩංගුවට පත්වූ ISIS සාමාජිකයන් ලෙස හැදින්වූ ලංකාවෙ පුරවැසියන් සම්බන්ධයෙන් පළ කරපු අදහස් කීපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ බවට හිරු නිව්ස් විසින් වාර්තා කර තිබුනා. පසුව ඔහු අද ඇප මත මුදා හැරපු බවත් වාර්තා කරල තිබ්බ ඔහු ඒ ප්‍රකාශ 'අත්වැරදීමකින්' ප්‍රකාශ කරපු බවට පිළිගැනීමෙන් පසුව.

    ඔහුව අත්අඩංගුවට ගන්න භාවිත කරපු නීතිමය පසුබිම නිව්ස් එකේ කියවුනේ නැහැ. සමහර විට ත්‍රස්තවාදය වැළැක්වීමෙ පනත විය හැකියි මං හිතන්නෙ.

    ඔහු විසින් කළාය කියල හිරු නිව්ස්වලින් වාර්තා කරේ පහත කාරණා.

    - අත්අඩංගුවට ගත්ත සිව් දෙනා පුනරුප්ථාපනය කළ යුතු අය විදියට 2019 පාස්කු විමර්ශන කොමිසමේ සදහන් වූ බව

    -- ඉස්ලාමිය මද්‍රසා පාසල්වල සමහර පෙළ පොත් 2020 වසරේදි තහනම් කරත්, ඒ තහනම ඉවත් කරන ලෙසට ඇතැම් පිරිස් 2023දි බලපෑම් කරල තිබු බව සහ මේ අය පහුගිය කාලයේ නැවත සක්‍රීය වී ඇති මූලධර්ම වාදීන් බවත් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් නැවතත් වර්ධනය වන බව

    -- ආදිල් X නම් පුද්ලයෙක් 2019දි අත්අඩංගුවට ගෙන තිබූ නමුත් පසුව 2022 අගභාගයේ ඔහුව නිදහස් කරපු බව

    මං හිතන්නෙ ආචාර්ය පුන්සර අමරසිංහ මේ කතා 'වැරදිමකින්' කිවූ බවට පසුව ප්‍රකාශ කරත් මේ චෝදනා දැන් සමාජගත වෙලා ඉවර නිසා මේව ගැන යම් නිශ්චිත ප්‍රකාශයක් අභ්‍යන්තර ආරක්ෂාව බාර ඇමතිවරයා විසින් කරන්න ඕන බවයි. විශේෂයෙන්ම මේ චෝදනා වැරදිනම් ඒව ඉතාම පහසුවෙන් තහවුරු කරන්නට පුළුවන්. විශේෂයෙන්ම මේකෙ පළවෙනි චෝදනාව. කරන්න තියෙන්නෙ කොමිසම් වාර්තාවෙ මෙවැන්නක් නැති බවට ප්‍රකාශ කිරීම පමණයි. එතුමා නිතර 'යුක්තිය' මෙහෙයුම ආදිය ගැන ප්‍රකාශ කරන නිසා මාධ්‍ය හමුවක් කැදවලා මේක කියන එක පහසු වැඩක්.

    එසේ කිරීමෙන් මේ වගේ සෝ කෝල්ඩ් 'මිත්‍යා මත' සමාජගත වීම වැළැක්විය හැකියි.

    ------

    මේකට අදාළ ප්‍රවෘත්තිය 30 වන විනාඩියෙ සිට පහත ලින්ක් එකෙන් බලන්නට පුළුවන්.

    [https://www.youtube.com/watch?v=NO0mKhxu7Hc](https://www.youtube.com/watch?v=NO0mKhxu7Hc)

    මේක ගැන මාතලන් මොකද කියන්නේ?

    ReplyDelete
  6. මාතා ජූලි චංග් මැතිවරණ කොමිසම හමුවෙලා කියලා සෝෂල් මීඩියා වල දාපු පෝස්ට් වල ඊළගට පවත්වන්නේ මහ මැතිවරණයක් ද , ජනාධිපතිවරණයක් ද එහෙමත් නැත්නම් ඡන්දයක් පවත්වනවද නැත්ද කියන දේ තීරණය කරන්නෙත් චූලි චංග් බව ඒ පෝස්ට් යටින් කමෙන්ට්ස් වැටිලා තිබුණා.

    ලංකාවේ බහුතර ජනතාවට බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබෙන ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අද ලංකාවේ බොහොමයක් දේවල් සම්බන්ධ තීරණ ගන්නේ චූලි චංග්. තව ටික දවසකින් එලිසබෙත් හෝර්ස්ට්...

    මීඩියා සහ බොරු කටකතා කැම්පේන් හරහා ඇමරිකන් ප්රොපගැන්ඩා කාරයෝ චීන ණය ගැන බිල්ලො මැව්වට, රුසියාව ගැන බිල්ලො මැව්වට කවදාවත් චීනය හෝ රුසියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර මගුල් වලට පොඩ්ඩක්වත් ඇගිලි ගහලා නැහැ.

    හැබැයි ජූලි චංග් හෝ ඇය නියෝජනය කරන ඇමෙරිකා එක්සත් ජනපදය එහෙම නෑ.ඔවුන් එලිපිටම බලය, හයිය සහ බලහත්කාරය පෙන්නනවා.සාමාන්‍යයෙන් තානාපති කෙනෙකුට රටක අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වෙන්න බැහැ.

    එය වියානා සම්මුතියේ මූලික කොන්දේසියක්.

    නමුත් ජූලි චං එලිපිටම ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම හමුවෙනවා.
    ඔවුන්ට උපදෙස් දෙනවා.
    ජූලි චං ගේ තානාපති කාර්යාලය විසින් ලංකාවේ විනිසුරුවන්ට, නීතිඥයන්ට වැඩමුලු සංවිධානය කරනවා.ඒ බව එළිපිටම ෆේස්බුක් දානවා.

    රටම නිහඬයි.

    ජූලි චං ගේ මේ වැඩ දැක්කම මතක් වුණේ සබ්‍රිනා හර්මන්. සබ්‍රිනා ඇමෙරිකානු හමුදාවේ නිළධාරිනියක්.
    ඇමෙරිකාවට ඉරාකයේ තෙල් හොරකම් කරන්න අවශ්‍ය වුනාම, ඉරාකයට බොරු ආයුධ චෝදනාවක් දාලා ඉරාකය ආක්‍රමණය කළා.
    ඉරාකයේ පාලකයා ඝාතනය කළා.
    ඉරාකයේ 'රෙජීම් චේන්ජ්' එකක් කළා.
    දැන් ඉරාකයේ තෙල් ළිං වලින් 78%ක හිමිකාරීත්වය ඇත්තේ ඇමෙරිකානු සමාගම් වලට.ඉතිරියෙන් බහුතරය යුරෝපයට. අද ඉරාකය දුප්පත් රටක්.

    සබ්‍රිනා ඒ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකානු හමුදා නිළධාරිනියක්.
    පසුකාලයක මේ මෙහෙයුමේ දී අත්අඩංගුවට පත් වූ ඉරාක සොල්දාදුවන් සහ සිරකරුවන්, සබ්‍රිනා ප්‍රමුඛ ඇමෙරිකානු හමුදා සොල්දාදුවන් විසින් දරුණු වද බන්ධනයට ලක් කරන දර්ශන අන්තර්ජාලයට නිකුත් වුණා.

    ඇමෙරිකානු හමුදාව විසින් ඉරාක සිරකරුවන්ට දරුණු වද හිංසා පමුනවන අයුරු ඒ ඡායාරූප වල තිබුණා.

    ඒවා අතිශය අමානුෂිකයි.

    සබ්‍රිනා ඒ වද බන්ධනයන් සිදු කිරීමට සෘජුවම හවුල් වූ එක් නිළධාරිනියක්.

    එම සිදුවීම ලෝකයට නිරාවරනය වූවත්, ඇමෙරිකාව ඔවුන්ගේ සොල්දාදුවන් ආරක්ෂා කළා.

    පසුව ලෝකයට පෙනෙන්නට ඇමෙරිකාව සබ්‍රිනාට සහ සෙසු පිරිසට සුලු දඬුවමක් ලබා දී ඔවුන් හමුදාවෙන් ඉවත් කළ බවට බොරු නාටකයක් පෙන්වුවා.

    මෙහිදී එක් විශේෂයක් තිබුණා.
    සබ්‍රිනා ප්‍රමුඛ ඇමෙරිකානු සොල්දාදුවන් ඉරාක සිරකරුවන්ට වද හිංසා පැමිණවීමේ දී සෑම විටකම සබ්‍රිනාගේ මුහුණේ දීප්තිමත් සිනහවක් ඇදී තිබුණා.

    ඇය ඒ වද බන්ධන එන්ජෝයි කරන අයුරු පෙනුණා.සිරකරුවන්ට අමානුෂීය දඩුවම් ලබා දිමේ දී සබ්‍රිනාගේ මුහුණේ ඇඳී තිබූ ඒ කුරිරු සිනහව අද අපි ජූලි චංග් ගෙන්ද දකිනවා.

    ඒක ශ්‍රී ලාංකේය අපිට හිමි නැති හිනාවක්.

    අපි ක්ෂනයෙන් රැවටෙන, සංවේදි, හිත් උණුවෙන බොළඳ ප්‍රජාවක්.
    අපි හතුරෙකුගේ හෝ දුකේ දී කම්පා වෙනවා.

    ඒ අපේ සංස්කෘතිය.

    නමුත් ඇමෙරිකානුවන් දැඩි, අනුකම්පා විරහිත ප්‍රජාවක්.
    ඔවුන් පාලනය කිරීමටත්, යටත් කරගැනීමටත් ප්‍රිය කරන ප්‍රජාවක්.

    ඒ ඔවුන්ගේ සංස්කෘතිය.

    අද ජූලි චංග් අපිට නොපෙනෙන, නොදැනෙන සේ කරමින් සිටින්නේත් සබ්‍රිනා ප්‍රමුඛ ඇමෙරිකානු සොල්දාදුවන් ඉරාක සිරකරුවන්ට කළ දේමයි.

    ශ්‍රී ලාංකික අපිත් ජූලි චංග් ප්‍රමුඛ ඇමෙරිකානුවන්ගේ සිරකරුවන්.

    'රෙජීම් චේන්ජ්' යුද්ධයෙන් ඇමෙරිකාවට ඉරාකයේ සිරකරුවන් හැදුණා.

    ශ්‍රී ලංකාවේ නම් 'රෙජීම් චේන්ජ්' අරගලයෙන් ඇමෙරිකාවට සිරකරුවන් හැදුණා.

    වෙනස ලංකාවේ පොදු ජනතාවට තමන් එක්සත් ජනපදයට අයත් විවෘත එළිමහන් සිරකඳවුරක සිරකරුවන් වී සිටින බව තවමත් හරිහැටි නොදැනීම පමණයි

    ReplyDelete
  7. අපි තනි වෙලා නැහැ දැන් ඉස්සර වාගේ
    ඕනෑ වුණත් තනි වෙන්නට බැහැ වාගේ
    දන්නෙම නැතිව රූකඩ වීලා වාගේ
    නැටවෙමු පදේ අනුවම ලොව ලොක්කන්ගේ

    ReplyDelete
  8. ඉතිහාසය පුරාම විදේශිකයින්ට ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමට හැකිවූයේ රටෙහි ප්‍රශ්න කියාපාමින් විදේශිකයන්ගේ පිහිට පැතීම හේතුවෙන්. ඇතුළත ගිනි පිටතට නොදෙන ලෙස විශාඛාවට ඇයගේ පියා දුන් ඔවදන රටක් ලෙස අනුගමනය කිරීමට දැන්වත් හුරු වෙන්න ඕනේ. ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ මේ මගේ 22වන අවුරැද්ද.සිග්නේචර් වගේ බ්‍රෑන්ඩ් එකකය වස්ති වගේ කුජීත ලාබ මෝඩ ජෝකර්ලා දාගෙන කැම්පේන් කරන එකක් ගැලපෙන්නේ නෑ කියල සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට උනත් තේරෙනව.සිග්නේචර්, හමීඩියා, රේමන්ඩ්, වෝග් ජුවලර්ස්, බෑංක්, ෆයිනෑන්ෂල් කම්පෙනි, BMW, Audi, Mercedes Benz, ටොයෝටා, හොන්ඩා වගේ ආයතන වල බ්‍රෑන්ඩ් නේම් එක ක්ලාසි විදියට තමා හදන්න ඕන.එයාලගේ ගනුදෙනුකරුවන් වෙන්නේ ඉහල පැලැන්තියක අය.එතකොට ඉහල පැලැන්තියේ කෙනෙක් වෙන්නනම් මේ වගේ බ්‍රෑන්ඩ් එකක් අදින්න වගේ කන්සෙප්ට් එකක් තමා හරියන්නේ.මානසිකව මිනිස්සු කැමති ඇදුමින් හරි ටොප්ක්ලාස් වෙන්න.
    වස්තිලාගේ ප්‍රඩක්ෂන් එක ලස්සනයි.වීව්ස් ආව.හැමදේම හොදයි.ඒත් කන්සෙප්ට් එක ප්‍රඩක්ට් එකට ගැලපෙන්නේ නෑ. කොච්චර කොලිටි උනත්, බ්‍රෑන්ඩඩ් උනත්, ගනන් උනත් ෂෝටයි ටී ෂර්ට් එකකුයි ස්ලිපර්සුයි දාන් වෙඩිමකට ගියාම එතනට ගැලපෙන්නේ නෑනේ.. අන්න ඒ වගේ..!

    ReplyDelete
  9. මාතා ඔයාලගේ ප්ලෑන් ඒ එක වන රනිල්ව ගොඩදාන්න ප්ලෑන් බී එක වන NPP එකෙන් දැන් සමාජය බෙදන්නේ ඉංජිනේරුවෝ, දොස්තරලා, උපාධිධාරීන් වගේ කුල හදල. ලංකාවේ ඉන්න ඔය NPP සමුළුවලට එන බහුතරක් අර අනිල් ජයන්ත වගේ පොතේ ගුරාල. මෙලෝ රහක් නැති ගොබ්බ සෙට් එකක්. ඒ තැටියම තමා
    හෙට අනිද්දට ගෙන්නයි ජෝතිර්වේදී, යකැදුරු හා ගුප්ත විද්‍යාව කරන අයවත් 😁🙈

    ReplyDelete
  10. ජූලී ගැන කියන විටදී අපට නැවතත් අතීත මතක ආවර්ජනය කරන්නට පුළුවනි, මතකද 1994න් පසු ලාංකිය දේශපාලනය ගිනියම් කල එවකට ඉතාම ජවාධික තුරුණු වියේ සිටි තරුණ නම් ත්‍රිත්වය අනුර ,විමල් සහ කුමාර් ලෙස හදුන්වා දිය හැකි ජ.වි.පෙ ඉහළ නිළ වගකීම් දැරු මේ ත්‍රිත්වය විසින් ලංකීය භූමිය වෙලා තිබු රුදුරු ත්‍රස්ථවාදයට එරෙහි සටනෙ මුල් නිවැරදි තීන්දු තීරණ ගැනීම නිසා වසර 30ක් කුරිරු යුද්ධයකට මුහුණ දී තිබු රට එක විය්‍යසනයෙන් ගලවා ගැනීමට හැකි විය.

    මේ සියල්ලු පිටු පස සිටි දැවන්ත හස්තය කුමාර් ගුණරත්නම් හැර අන් කිසිවෙකු නොවේ.ඔහුගෙ උපාය උපක්‍රම සමාජගත කරන ලද්දෙ විමල් වීරවංශගෙ දක්ෂ කථිකත්වය හරහා බව ජ.වි.පෙ එවකට සිටි අප සියල්ලම හොදින් දැනගෙන සිටියෙමු.එහිදි අනුර කුමාර ඇතුළු අන් නායකයන් කල මෙහෙයද අවතක්සේරුවට ලක් කල නොහැක.

    එවකට දේශිහිතේෂි විය්‍යපාරය යනු ජ.වි.පෙ විසින් මෙහෙයවන ලද ජාතිකවාදි කන්ඩායකි. එම සංවිධානය හා ජ.වි.පෙ විසින් මුද්‍රණය කරන ලද සයිප්‍රසය හා සුඩානයෙ බෙදීම ගැන සාකච්චා කල කුඩා පොත විසින් ශ්‍රි ලංකාවේ විදෙශ ඔත්තු සේවා සදහා ලබා දෙන ලද්දෙ මහත් උත්තේජනයකි.

    ශ්‍රි ලංකාව තුල දුර්වල වෙනම රාජ්‍යයන් දෙකක් බිහි කිරීමට ඇති බාධාව යනු වමේ ජ.වි.පෙ හා දේශප්‍රෙමි බල කදවුරු අතර ඇති මේ බැදීම බව වටහා ගත් විදේශ ඒජන්තයන් විසින් වහා වහා මේ කදවුරු දෙක වෙන්කර දුර්වල කිරීමට අවශ්‍ය උපාය උපක්‍රම තෝරන ලදි. ඒ සදහා විදේශ ඔත්තු සේවා විසින් සෘජුව ඉලක්ක කර ගත්තේ ජ.වි.පෙ නන්දන ගුණතිලක සහ අනුර කුමාර දිසානායක යුගලයි. පලමුව ඔහුන් නන්දනගෙ දුර්වලකම් එලි කොට පක්ශය ඔහු කෙරෙන් බිදවා ඔහු ඉවත් කර ගන්නා ලදි.

    ඉන්පසු නන්දන හරහා සියළු පක්ශ රහස් එලි කර ගන්නා මේ රහස් ඒජන්තයින්ගෙ ඊලග මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සදහා යොදා ගන්නා ලද්දෙ විමල් වීරවංශව නෙරපීමයි.විමල් වීරවංශ සමග පක්ශය වටා සිටි ජාතික බලවේග ඉවත් කරනා මේ විදේශ එජන්තවරු ඉන්පසු දුර්වල සෝමවංශ අමරසිංහ යෝදාගෙන පක්ශය මෙහෙයවීමට සමත් විය. නමුත් සෝමවංශ අමරසිංහ අනුර කුමාරගෙ පදයට නැටවිය හැකි චරිතයක් නිසා ඔහු ලවාම ඊලග ඛන්ඩනය හරහා කුමාර් ගුණරත්නම් ඇතුළු පක්ශයෙ කොදු නාරටිය කඩා දැමීම ඊලග අරමුණ විය. ඒ සදහා ඔහුන්ට අවස්ථාව උදාවුයේ සරත් ෆොන්සේකා ඉදිරිපත් වූ ජනාධිපතිවරණ අවස්ථාවයි

    Cont'd

    ReplyDelete
    Replies
    1. ජ.වි.පෙ බහුතරය ෆොන්සේකාට සහය වීමෙට එරෙහිව තිරණයක් ගන්නා ලද අතර එ වෙනකොටත් එ.ජ.පක්ශය හරහා ඇමරිකානු විදේශ ඒජන්තයන් මෙහෙයවන පක්ශයෙ දේශීය ඒජන්තවරයා වන වන අනුර කුමාර් යොදාගෙන ජ.වි.පෙ මධ්‍යම කාරක සභාවට තමන් දේශපාලනයෙන් සමුගෙන රවි කරුණානායක අයත් නැව් සමාගම රැකියාවට යනවා කියා තර්ජනය කර මධ්‍යම කාරක සභාවේ තීරණය වෙනස් කිරීමට අනුර කුමාර සමත් විය. විමල් අහිමි වී දේශපාලන අනාථයන් වී සිටි ජ.වි.පෙ අනුර අහිමි කර ගැනීමේ අවදානම වෙනුවට ෆොන්සේකාට සහය දීමට තිරණය කරන ලදි. ඒ වෙනුවෙන් ජ.වි.පෙට ඇමරිකානු තානාපති කාර්‍යලයෙන් ලැබුන අති විශාල මුදල ගැන විකි ලික්ස් වෙබ් අඩවියේ කේබල් හරහා ප්‍රසිද්ධ වු හෙලි කිරීම් වලින් කියවා ගත හැක.

      කෙසෙ වෙත්ත ගිනි යට අගුරු මෙන් යට ගැසී තිබු කුමාර් අනුර මතවාදය අවසානයෙ පුපුරා ගොස් කුමාර් ගුණරත්නම් පක්ශයෙන් දොට්ට දැමීමට විදේශ ඔත්තු සේවා අනුර කුමාර ඉතා දක්ෂ ලෙස යොදා ගන්නා ලදි. කුමාර් ජ.වි.පෙ හැර යාමෙන් පසු සෝමවංශ අමරසිංහ පක්ශයෙන් නෙරපා තම එකාධිකාරිය තහවුරු කර ගත් අනුර කුමාර ජ.වි.පෙ ඉතිහාසයෙ කීර්තිනාමය පැය 24ක් තුල විනාශ කරමින් රනිල් වික්‍රමසිංහට අගමැතිවීම සදහා අවශ්‍ය මතවාද සහ චන්ද පදනම සදා දෙන ලදි. අවසානයෙ ජ.වි.පෙ විසින් මෛත්‍රීපාල සිරිසේනට චන්දය භාවිතා කර රාජපක්ශ පරදවා ඇමරිකානු එම්බසිය සහා ඉන්දියානු කලාපීය අවශ්‍යතාවය ඉටු කිරීමේ වගකීම ඉතා ඉහළින් ඉෂ්ඨ කරන ලදි.

      නමුදු යහපාලන ආන්ඩුව පිහිටුවා වසර දෙකක් හිය තැනද තවමත් ගමේ බලය ඇත්තේ ශ්‍රි ල.නී.පය තුල බව වටහා ගන්නා ජ.වි.පෙ තම ඊලග පාර්ලිමේන්තු ආසන දෙක තුන සදහා නැවත ශ්‍රි ලංකාකාරයා දිනා ගන්න දේශපාලනය තේරුවද කුමාර්ගෙ පෙරටුගාමින් විසින් ජ.වි.පෙ සංවිධාන සහ මතවාද ශක්තිය තමන් සතු කරගෙන ඇති නිසාත් විමල් වඩා ඉහළින් දෙශප්‍රෙමි ධජය ඔසවා ඇති නිසාත් අනුර කුමාරගෙ දේශපාලනය යන එන මං නැති අහිකුන්ටික යාචකයෙකුගෙ තත්වයට පත් කර තිබුණා.

      ජාතික ප්‍රශ්නය සහා ආර්ථික වශයෙන් රට යන දිශාව හරහා හෙට දින ලාංකීය පොලොවේ පැන නගින යහපාලන ආන්ඩු විරෝධය පෙරටුගාමින් හා ජ.නි.පෙ ඇතුළු අනිත් බලවේග සමග නොනිල සංධානගත වීමකට බල කෙරෙනු ඇත. එම නිමේශයේදි අපට ලාංකීය දේශපාලන භුමිය තුල සොයා ගත නොහැකි ලෙස අතුරුදහන් වන චරිතය අනුර කුමාර විම වැලක්වීමට ඔහුට මුළ්‍ය අධාර දෙන විදේශ ඒජන්තයින්ට පවා නොහැකි වනු ඇත. රංජන්ලාට දහස් ගණනක් මරා විනාශ කල නොහැකි වු ජ.වි.පෙ මිනි පෙට්ටිය අවසන් ඇණයට අත නොගසා පක්ශයෙන් කන්ඩායම් වශයෙන් ඉවත්විම් අද ජ.වි.පෙ බුද්ධිමත් සාමාජිකයා සතු වගකීම සහ යුතුකම වේ. විමල්ගෙ සමුළුව දින සාමාජිකයන් කැදවා දිරිය සමිති මාධ්‍යය සංදර්ශනයක් කිරීමට ගත් තිරණය මෙන්ම පෙ.ස.පෙ සමුළුව දින මහජන අවධානය වෙනස් කරවන උද්ඝොෂණ සංවිධාන කිරීමට මේ වන විට අනුර කුමාර වීසින් පක්ශයට සෘජුවම උපදෙස් දී ඇත. ඔහුගෙ දියාරු දේශපාලන දැක්මට මේවැනි දේ කදිම උදාහරණ බව නොකිවමනාය.

      Delete
  11. Sorry to say that NPP +JVP which leadership Sunil Handunnethie of that Members of Executive of JVP has no knowledge that USA Economy and its Global order of International economic as well. Elon Musky is giant of that USA , Industrial complexes in world. Eventually that Musky’s chain of Companies are in dominated by Global Value Chain (GVC) & Supply Chain (GSC) these are simple lesson to be learn of that Present Economy of Globe.
    Well, Sunil H……not that real an Economist to which he needed wider new innovation Capital Market, Industrial development & Technology innovation of that Industrial Capital in by USA Monopoly Economy and its Rule of Financial system world as US war tone business oriented by largest weapons Exporters to WORLD by that “USA –Democracy”, is that fact Not known by JVP +NPP line of political-Economy guide lines. Here we our elites of NPP are that far behind currently world system in operation ?
    Sunil…H seek pardon from against Elon Musky is NOTHING surprise to majority citizens of Islanders Republic.

    ReplyDelete
  12. අයියෝ මාතලන් ඔය නායකයන් අතර විවාදය දිනන එක අපේ සජිත් ප්‍රේමදාස අතිගරු නායකතුමාට හරිම සිම්පල්..

    සජිත් මැතිඳාට තියෙන්නේ IMF කොන්දේසි වල එක පාඨයක් ඉංග්‍රීසියෙන් කියවලා ඒකට එකඟද නැද්ද කියලා අනුර ගෙන් අහන්න..
    එතකොට ඒක ගැන මෙලෝ අලබෝලයක් නොතේරෙන සරල ඉංග්‍රීසිය වත් තේරෙන්නේ නැති නිසා හද්ද ගොන් අනුරයා බග් බග් ගගා ඉදීවි හරි උත්තරයක් නොදී..අන්න එතකොට පොඩ්ඩක් වාත වෙන්න ඇරලා හරි මං සිංහලෙන් කියවන්නන් එහෙනම් කියලා සිංහලට පරිවර්තනය කරන්න.. ඒකටත් උත්තරයක් දෙන්න අනුරයාට ආර්ථිකය ගැන මූලික දේවල් වත් නොතේරෙන නිසා එතනින්ම අනුර ලෙෆ්ට්.

    අන්තිම ප්‍රශ්නයේදී අහන්න ඕනේ 88-89 දි ජවිපෙ දළදා මාලිගාවට සන්නද්ධ ප්‍රහාර එල්ල කිරීම ගැන අද ඔබ කියන්නේ කුමක්ද කියා..

    ReplyDelete
  13. Try the following at least once please, batting
    K.mendis (play attacking cricket)
    Nissanka (ask him to play run a ball at least 10 overs)
    Kamindu
    DDS/ Banuka/Janith liyanage
    Charith
    Wanindu Hasaranga De Silva
    Mathews
    Dasun
    Theeksana/Wellalage
    Thusara
    Pathirana

    Bowling
    Mathews 1,3
    Thusara 2, 4, 10, 20
    Theeksana 5,7,13,15
    Dasun 6,8
    Wanindu 9, 11,16,18
    Pathirana 12, 14, 17, 19

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න